Main Logo

Wednesday 25 May 2011

චින්තන පර්ෂදය සංවිධානය කරන දේශනයක්



ඇළවෙන කුළුණ පාමුල

අද මුළු ලෝකය පුරා ම පතුරුවා හැර තිබෙන්නේත් මුළු ලෝකය මත ම බලහත්කාරයෙන් පටවා තිබෙන්නේත් යුරෝපයේ, විශේ’ෂයෙන් ම දකුණු යුරෝපයේ පහළොස්වැනි දහසය වැනි සහ දහහත්වැනි සියවස්වල ඇති වූ චින්තන පෙරළියෙන් කරළියට පැමිණි දැනුම ය. මේ දැනුම එක් පැත්තකින් සමස්තය අභිබවා පෞද්ගලිකත්වය පෙරට පැමිණීමේත්, පෙරදිගින් යුරෝපයට ගිය දැනුම අවශෝෂණය කරගැනීමේත්, පාප් වහන්සේගේ ආධිපත්‍යයට එරෙහිව ජර්මනිය ආදී රටවල ව්‍යාපාර මතුවීමේත් ප්‍රතිඵල විය.

මාටින් ලූතර් 1483 සිට 1546 දක්වා ජර්මනියේ විසී ය. ඔහු තම සුප්‍රසිද්ධ ප්‍රවාදය පාප්වහන්සේට ඉදිරිපත් කළේ 1517 දී ය. කලින් කියා ඇති පරිදි ඔහු දෙවියන් වහන්සේ පෞද්ගලිකකරණයට ලක් කළේ ය. සාමූහික ව දෙවියන් වහන්සේ ඇදහීම වෙනුවට ඔහු පෞද්ගලික ව දෙවියන් වහන්සේ ඇදහිය හැකි බව පෙන්වීය. එමගින් ද ඔහු පාප්වහන්සේට අභියෝග කළේ ය. බයිබලය පළමුවෙන් ම ජර්මන් භා’ෂාවට පරිවර්තනය කළේ ඔහු ය. ලතින් හා ග්‍රීක භාෂාවන්ට තිබූ ආධිපත්‍යය නැතිකිරීමටත් ජර්මන් භාෂාව වර්ධනය වීමටත් ඒ හේතුවක් විය. පසු කලෙක යුරෝපයේ ඊනියා ජාතික රාජ්‍ය බිහිවීමට මේ කරුණු ද බලපෑවේ ය.  

මාටින් ලූතර්ගේ සමය වන විට කතෝලික සභාව පිරිහී තිබිණි. එබැවින් යම්කිසි ආකාරයක ප්‍රතිසංස්කරණයක් කතෝලික සභාවට අවශ්‍ය විය. එහෙත් ලූතර් ඒ ප්‍රතිසංස්කරණය කළේ කතෝලික සභාවට එහා යමිනි. ඔහු නව ක්‍රිස්තියානියක් බිහි කිරීමේහි ලා මූලික විය. එහෙත් ඒ සඳහා පදනම වැටී තිබුණේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ආරමිභ වූ පහළොස්වැනි සියවසේ අගභාගයේ ඉතාලියෙහි ම ය. මා පෞද්ගලිකත්වයේ සංකේතය ලෙස සලකන ඩේවිඩ් ප්‍රතිමාව, 1505 දී මිචලාංජිලෝ අතින් ඉතාලියේ පිරෙන්ට්සි නගරයේ නිමවන විට ලුතර් පශ්චාත් උපාධිධාරී තරුණයෙක් විය. ජනප්‍රවාදය අනුව ඔහු පූජකවරයකු වීමට තීරණය කළේ ද1505 දී ය.

ලූතර්ට ක්‍රිස්තුස් වහන්සේ යනු එකම දෙවියන් වහන්සේ විය. ඔහුට වෙනත් දෙවියන් හෝ භූතයන් හෝ අවශ්‍ය නො වී ය. ක්‍රිස්තුස් වහන්සේ යුදෙව්වන් විසින් දෙවියන් වහන්සේ ලෙස නො සැලකිණි. මාටින් ලූතර් යුදෙව්වන්ට ඒ සම්බන්ධයෙන් කෙසේවත් සමාවක් නො දුන්නේ ය. ඔහු පළමුවෙන් යුදෙව්වන් ක්‍රිස්තියානීන් බවට පත්කිරීමට උත්සාහ කළේ ය. එය අසාර්ථක වීමෙන් පසුව මාටින් ලූතර් යුදෙව්වන්ට එරෙහිව දරුණු ප්‍රචාරයක් ගෙන ගියේ ය. ඔහුගේ ප්‍රශ්නය වූයේ යුදෙව්වන් ක්‍රිස්තුස්වහන්සේ තවත් අනාගත වක්තෘ කෙනකු ලෙස පමණක් සැලකීම ය.

ලූතර් ජර්මනිය පුරා යුදෙව්වන් කෙරෙහි වෛරය පැතිරවීමට මුල පිරුවේ ය. මේ අතර එංගලන්තයේ හා වෙනත් යුරෝපීය රටවල ද යුදෙව්වන්ගේ වෙලෙඳ ව්‍යාපාර හා පොලී ගැනීම් පිළිබඳ ව විරෝධයක් විය. පසුගිය සියවසේ යුරෝපයේ, විශේෂයෙන් ම ජර්මනියේ, පැතිරී ගිය යුදෙව් විරෝධයේ මුල එයට  අවුරුදු හාරසීයකට තරම් ඔබ්බට ලූතර්ගේ කාලයට දිව යයි. යුදෙව්වන් කෙරෙහි විරෝධයක් දැක්වුව ද මාටින් ලූතර් ඇතුළු අනෙක් නව ක්‍රිස්තියානිහු යුදෙව්වන්ගෙන් වියුක්ත දෙවියන් වහන්සේ පිළිබඳ අදහස ලබාගත්හ.  ලූතර් මිය යාමෙන් සියවසක් ගතවීමට පෙර දහහත්වන සියවසේ දී ගැලීලියෝ ගැලීලිට වියුක්ත අදහස්් ද ඇතුළත් කර බටහිර විද්‍යාව නිර්මාණය කිරීමට පසුබිම සැකසුනේ එසේ ය. ලූතර් 1546 දී මියගිය අතර ගැලීලියෝ 1642 දී මිය ගියේ ය.  

බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි බටහිර විද්‍යාව බිහිව ඇත්තේ තරමක පරස්පර ආකාරයකට යැයි යමකුට සිතෙන්නේ නම් පුදුමවීමට හේතුවක් නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ම පරස්පරික යැයි කිසිවකුට කිවහැකි ය. එක් පැත්තකින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි පෞද්ගලිකත්වය ඉස්මතු කෙරෙයි. අනෙක් පැත්තෙන් වියුක්ත චින්තනය එහි වැදගත්කමක් අත්කර ගනියි. සාධාරණීකරණය (පොදුකරණය – generalization) පදනම් වන්නේ වියුක්ත චින්තනයෙහි ය. වියුක්ත චින්තනය නොමැතිව බටහිර විද්‍යාවක් නැත. එමෙන් ම පෞද්ගලිකත්වය, පංචෙන්ද්‍රිය පිනවීම (පංචෙන්ද්‍රිය පිනවීම යනු පංචෙන්ද්‍රිය සමග එකතු වූ මනස පිනවීම මිස අනෙකක් නො වේ) නොමැතිව බටහිර ක්‍රිස්තියානි නූතනත්වයවත් නව ක්‍රිස්තියානියවත් නැත.

කතෝලික ආගමේ යම් පමණක වුව ද ඉන්ද්‍රිය දමනයක් විය. සරල ජීවිතය, අල්පෙච්ඡතාව ආදිය ද එහි ලක්‍ෂණ විය. පසුකාලීනව ඇතැම් පාප්වහන්සේලා ඇතුළු පූජකවරුන් ඒ මග නොගිය නමුත් සභාවේ අවධාරණය කෙරුණේ ඉන්ද්‍රිය දමනය හා සැහැල්ලු ජීවිතය ය. පූජකවරුන්ට විවාහය තහනම් විය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි දැනුවත් ව එයට වඩා වෙනස් මගක් අනුගමනය කෙරිණි. මාටින් ලූතර් පූජකවරයා විවාහ වී මුළු මහත් කතෝලික සභාවට ම අභියෝගයක් එල්ල කළේ ය. ඔහු බියර් පානයට ඇලුම් කළේ ය. පෞද්ගලිකත්වය ඉස්මතු කළේ ය. එහෙත් ඒ අතර ක්‍රිස්තුස් වහන්සේ නැවතත් වියුක්ත දෙවි කෙනකුන් බවට පත්කිරීමට කටයුතු කළේ ය.

හුදෙක් පෞද්ගලිකත්වය හා ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් පමණක් ඉස්මතු වූ ලෝකයක ගැලීලියෝ කෙනකු පහළ වීමේ හැකියාවක් නැත. ගැලීලියෝ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් අත් නොහළේ ය. ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් යනු පංචේන්ද්‍රියවලට ගෝචර අත්දැකීම් බව පුන පුනා කිවයුතු වෙයි. අද ද මෙරට සිටින බටහිර විද්‍යාවේ කසිකබල් පඬියෝ ඊනියා අනුභූතිවාදයක් (empiricism) ගැන කතාකරති. ඔවුන් මේ පංචේන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන සිතන්නේ, කියන්නේ ඒවා මනසින් තොර ලෙස ගැනීමනි. පංචේන්ද්‍රිය ඔස්සේ ලැබෙන අත්දැකීම් මනසෙන් ස්වායත්ත වේ ය යන උපකල්පනයක් ඔවුන් සතු වෙයි. එහෙත් අප මේ ලිපි පෙළෙහි සඳහන් කර ඇති ආකාරයට මනසෙන් තොර, එනම් සංකල්පවලින් තොර කිසිදු සංජානනයක් නො වේ. හැකිනම් සංකල්පයකින් තොර සංජානනයක් සඳහා උදාහරණයක් රසල්ගේ හෝ වෙනත් බටහිර පඬියකුගේ හෝ පොතකින් ලිපියකින් කරුණු දක්වමින් (අපේ පඬියන්ට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පඬියකුගෙන් උපුටා ගැනීමක් නොකර කිසිවක් ප්‍රකාශකළ නො හැකි ය) ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරමි. ඒ සමග අර ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන දුසිම ද එවීමට කටයුතු කරන්නේ නම් මැනවි. එහි දී බරපැන ප්‍රශ්නයක් වී ඇත්නම් මම එය දැරීමට පොරොන්දු වෙමි.

ගැලීලියෝ හෝ ඔහුගේ මිතුරා හෝ ඉතාලියේ පීසා නුවර ඇළවෙන කුළුණින් වස්තු අත්හැරියේ පෞද්ගලිකව එතැන රැස්ව සිටි සියළු දෙනාට බලාගැනීමට ය. ඒ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමකි. බටහිර විද්‍යාවේ ඊනියා අනුභූතිවාදයේ උපත ද ඇළවෙන කුළුණ පාමුල එසේ සිදුවිය. එසේ නම් වියුක්තිය එකතු කරනු ලැබුයේ කොතැනක දි ද? එය ද පීසා නුවර ඇළවෙන කුළුණ පාමුල ම සිදු විය. එහි දී වියුක්තිය කිහිප ආකාරයකින් එකතු කරනු ලැබිණි.

ගැලීලියෝගේ පරීක්‍ෂණය කළ යුතුව තිබුණේ රික්තයක ය. අසමාන ස්කන්ධ, අසමාන හැඩවලින් යුත් වස්තු එක ම උසකින් නිශ්චලතාවේ සිට එකවිට අතහරිනු ලැබූ විට එකවිට පොළොවට වැටෙන්නේ රික්තයක ය. එසේ නැතහොත් වායු ප්‍රතිරෝධය හේතුවෙන් වස්තු එක් එක් අවස්ථාවල දී පොළොවට වැටෙනු ඇත. පිහාටුවක් හා පොල් ගෙඩියක් එසේ අත්හරිනු ලැබුවහොත් පොල් ගෙඩිය ඉක්මණින් වැටෙන බව අපි දනිමු. පරීක්‍ෂණය රික්තයක කළ යුතු වුවත් ගැලීලියෝ හෝ මිතුරා හෝ කුළුණ වටා රික්තයක් නිර්මාණය කළේ නැත. අපට එහි දී සිදුවන්නේ රික්තයක් ඇතැයි උපකල්පනය කිරීමට ය. වෙනත් වචනවලින් කිවහොත් අපට රික්තයක් මනසෙහි මවාගැනීමට සිදු වෙයි.

රික්තයක් නැති තැන රික්තයක් මවා ගැනීමට සිදුවන්නේ වියුක්ත ව ය. එතැන රික්තයක් දැකීම කිසිසේත් ම ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාවක් නො වේ. දෙවනුව ගැලීලියෝ වස්තු වැටීමේ අත්දැකීම සියල්ලන්ගේ, එනම් ඕනෑම අයකුගේ අත්දැකීමක් බවට පත් කළේ ය. කවුරු බලා සිටියත්, කවුරු නිරීක්‍ෂණය කළත් අදාළ වස්තු එක්විට පොළොවට වැටෙන බව ගැලීලියෝ ඒත්තු ගැන්වී ය. වෙනත් වචනවලින් කිවහොත් එය නිරපේක්‍ෂ සාධාරණ අත්දැකීමක් විය. තුන්වෙනුව වස්තුවල ස්කන්ධය පමණක් නොව පාට, හැඩය, සුවඳ ආදිය ද මෙහි දී කිසිදු බලපෑමක් නොකරන බව ගැලීලියෝ හෙළි කළේ ය. 

වස්තු පොළොවට වැටීම ඒ ඒ නිරීක්‍ෂකයාට හෝ ඒ ඒ වස්තුවේ ගුණවලට හෝ සාපේක්‍ෂ නො වීය. කිනම් නිරීක්‍ෂකයාට ද කිනම් වස්තුවලට ද පොදු ගුණයක් විය. එනම් එකවිට එක උසකින් නිශ්චලත්වයෙන් අත්හරිනු ලැබූ වස්තු එකවිට පොළොවට වැටීම ය. මෙහි දී තවත් වැදගත් දෙයක් සිදුවිය. ඕනෑම නිරීක්‍ෂකයකු එකම අයුරකින් නිරීක්‍ෂණය කරන්නේ ය යන්නෙන් එයටත් වඩා වියුක්තයක් ගොඩනගා ගැණිනි. එනම් නිරීක්‍ෂකයකු සිටියත් නැතත් එක උසකින් එකවිට නිසලතාවේ තිබී වැටෙන වස්තු එකවිට පොළොවට ළඟාවන බව ය. ඊනියා වාස්තවිකත්වය (objectivity) බටහිර විද්‍යාවට එක්වූයේ එලෙස ය.  

නිරීක්‍ෂකයන් සිටියත් නැතත් වාස්තවික ලෝකයක් ඇත යන්නත් ඒ වාස්තවික ලෝකයේ ඊනියා නියමවලට අනුව වස්තු ඔබමොබ යනඑන බවත් බටහිර විද්‍යාවට ඇතුල් විණි. පෞද්ගලිකත්වය මත පදනම් වූ නිරීක්‍ෂණ ඔස්සේ පෞද්ගලිකත්වය ඉක්මවූ නිරපේක්‍ෂ වාස්තවිකත්වයකට වියුක්තය ඔස්සේ බටහිර විද්‍යාව මාරු වූයේ එලෙස ය. එය සාමුහිකත්වයක් නො වී ය. සාමුහිකත්වයක් නැති නිරපේක්‍ෂතවක් හා වාස්තවිකත්වයක් විය. මෙය හුදු පෞද්ගලික අනුභූතියක් නො වී ය. එය කිසිවකුගේ අනුභූතියක් නො වෙයි. අවශ්‍ය නම් එය වියුක්ත දෙවියන් වහන්සේගේ අත්දැකීම වෙයි. යුදෙව්වන්ගෙන් ගත් වියුක්ත දෙවියන් හා චින්තනය නැවතත් කරළියට ගෙන ආවේ යුදෙව්වන්ට වෛර කළ මාටින් ලූතර් නම් නව ක්‍රිස්තියානියේ පූජකවරයා ය.  

පෞද්ගලිකත්වය ඉස්මතු කර වසර එකසිය පණහක් ගතවීමට පෙර පෞද්ගලික අත්දැකීම් ඉක්මවූ නිරපේක්‍ෂ වාස්තවිකත්වයක් ගොඩනගා ගැනීම පරස්පරයකි. බටහිර විද්‍යාව හා බටහිර ක්‍රිස්තියානී නූතනත්වයට ගැලීලියෝගේ කාලයේ සිට ම මේ පරස්පරය විය. මේ නිරපේක්‍ෂ වාස්තවික කතා බටහිර දැනුමේ දී හැඳින්වෙන්නේ පාරආඛ්‍යාන (meta narratives) නමින් ය. බටහිර විද්‍යාව හැකි සෑම විටෙක ම පාරආඛ්‍යාන පිටුපස දිවී ය. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය විශ්වයේ සියළු වස්තු හා අංශුවලට බලපාන පාරආඛ්‍යානයකි. මාක්ස්ගේ ඊනියා සමාජ විකාශන ප්‍රවාදය ද පාරආඛ්‍යානයකි. එහෙත් මේ පාරආඛ්‍යාන අද කඩා වැටෙමින් පවතියි. එයට හේතුව බටහිරයන්ට පාරආඛ්‍යාන පිළිබඳව ආඛ්‍යානයක් ගොඩ නගාගැනීමට නොහැකි වීම ය.

ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීම

අවුරුදු දෙකකට ඉහත දී බොහෝ පඬියන් කළ නොහැකි යැයි කී දෙයක් අපට කළ හැකි විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීම, රණවිරුවන්ගේ කැපවීම හා සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ ආධාරය හේතුකොටගෙන අවුරුදු තිහක් පමණ කාලයක් තිස්සේ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ආශිර්වාදයෙන් ආධාරයෙන් ක්‍රියාත්මක වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපට හැකි විණි. එහෙත් දෙමළ ජාතිවාදය තවමත් බටහිර හා ඉන්දියාවේ අනුග්‍රහය යටතේ නොනැසී පවතියි. දෙමළ ජාතිවාදය අද පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන් හා ඉන්දියානුවන් විසිනි. ඔවුන් නොවන්නට මේ වන විටත් දෙමළ ජාතිවාදය ද තුරන් වී අවසන් ය.

දෙමළ ත්‍රස්තවාදය දෙමළ ජාතිවාදය විසින් බිහිකෙරුණු අතර එහි මතවාද ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අනුග්‍රහයෙන් දහනවවැනි සියවසේ සිට ම නිර්මාණය කෙරිණි. මෙි සියල්ල විටින් විට පසුගිය අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ විස්තර කෙරී ඇති බැවින් මෙහි දී නැවතත් සඳහන්කිරීම අනවශ්‍ය යැයි සිතමි. අප අද වඩාත් අවධානයෙන් සිටිය යුත්තේ නුදුරු අනාගතයේ දී සිදුවිය හැකි දේ පිළිබඳ ව ය. එයට පළමුව කොටි ත්‍රස්තවාදය පැරදවීමෙි දෙවැනි සංවත්සරය ගැන ද සුළුවෙන් වුව ද සඳහන් කළ යුතු ය.

කොටි පැරදවීමේ දෙවැනි සංවත්සරය යෙදී තිබුණේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උත්සව දිනවල ම ය. මෙරට සිංහල බෞද්ධ ජනතාව ද ඇතැමි අන්‍යයෝ ද කළයුතු පරිදි ම සම්බුද්ධත්ව ජයන්තියට මුල් තැන දුන්හ. ජනාධිපතිතුමා හැරෙන්නට සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ ව යමක් සඳහන් කරන්නට ඇමතිවරුන් අතර සිටියේ  අතළොස්සක් පමණ ය. අනෙක් බොහෝ ඇමතිවරුන්ට සම්බුද්ධත්ව ජයන්තියක් නොතිබුණා සේ ය. එහෙත් ජනතාවට ඒ කිසිසේත් අමතක වී තිබුණේ නැත. ඇමතිවරුන්ගේ හා වෙනත් දේශපාලනඥයන්ගේ මගපෙන්වීමක් ඊනියා උපදේශයක් (මෙරට සෑම දෙයක් ම කෙරෙන්නේ දේශපාලනඥයන්ගේ උපදෙස් මත බව දේශපාලනඥයෝ දනිති) නොමැතිව ජනතාව ඉතා මැනවින් සංවිධානය වී සම්බුද්ධත්ව ජයන්තිය සෑමරූහ.

එය ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයකි. රජයේ මැදිහත්වීමක් නොමැතිව ද ඔවුන්ට තම කටයුතු සාමූහික ව සංවිධානය කළ හැකි ය. පසුගිය සුනාමි අවස්ථාවේ දී ඒ බව කාහටත් ඉතා මැනවින් දැකගත හැකි විය. සිංහල බෞද්ධ ජනතාවගේ සාමූහික කටයුතු අදත් මෙහෙයවෙන්නේ සිංහල බෞද්ධ සම්ප්‍රදායෙහි ය. එය ඔවුන්ට අමුතුවෙන් ඉගැන්විය යුත්තක් නො වේ. පන්සලේ පින්කම් කටයුතුවල දී ශාන්තිකර්ම හා වෙනත් සාමූහික ක්‍රියාකාරකම්වල දී අවශ්‍ය පුහුණුව ඔවුන්ට ලැබේ. ඊනියා සංවිධානවීම පිළිබඳ විවිධ වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය පවත්වාත් සිංහලයන්ට බටහිර සංවිධාන ක්‍රමය ඉගැන්වීමට නොහැකි වී ඇත. එය අප ලත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය.

සම්බුද්ධත්ව ජයන්තියත් සමග කොටි පැරදවීම යටගියේ ය. කොටි පැරදවීම දැන් ජනතාවට අමතක වී ඇතැයි පෙන්වා දීමට කසිකබල් පඬියන් ඇතැම් විට ඉදිරිපත්වනු ඇත. එහෙත් ඔවුන් ඒ සමග ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඉතා සාර්ථක ව පැවැත්වූ බව නො කියනු ඇත. සිංහලයන් කොටි පැරදවූයේ ප්‍රධාන වශයෙන් ම බුද්ධ ශාසනයේ චිරස්තිථිය සඳහා ය. ඒ ගැමුණු රජු දවස සිට එන සම්ප්‍රදායකි. කොටි සංවිධානයත් එයට පදනම් වූ දෙමළ ජාතිවාදයත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අවශ්‍යතා පරිදි බිහිවූ දෑ ය. සිංහල බෞද්ධයන් ක්‍රියාකරන්නේ කෙසේ දැයි පඬියන්ට තබා ඔවුන්ගේ ස්වාමිවරුන්ටවත් නො තේරෙයි. ඒ තේරුම් කර දීමට ද අප අද සූදානම් නැත. කොටි පැරදවීම කිසිසේත් ම සිංහල බෞද්ධයනට අමතක නැත. එහෙත් ඔවුහු ඒ ඒ අවස්ථාවෙහි දී ප්‍රධාන තැන දිය යුත්තේ කුමකට දැයි දනිති.

දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන බටහිරයන් හා ඉන්දියානුවන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් බලතල හා ඉඩම් බලතලත් දහතුන ද ඉක්මවා යන තවත් බලතලත් පළාත් සභාවලට දිය යුතු යැයි කියා සිටිති. ඉන්දියානුවන්ට එහා යන බටහිරයෝ එමගින් ඊනියා යුද්ධාපරාධිකරණ චෝදනා නගමින් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දරුණු යුධ අපරාධකරුවන් ලෙස හඳුන්වා මරණ දඩුවම දීමට කැූස කවති. ලංකාවේ පළාත් සභාවලට දිය යුතු බලතල තීරණය කිරීමට බටහිරට හා ඉන්දියාවට ඇති අයිතිය කුමක් ද? උතුරු අයර්ලන්තයට, ස්කොට්ලන්තයට දිය යුතු බලතල කවරේ දැයි ලංකාණ්ඩුව කිසි දවසක කියා තිබේ ද?  ඉන්දියාවේ  බෞද්ධයන්ට හිමිවිය යුතු බලතල කවරේ දැ්‍රයි ලංකාණ්ඩුඬ ඉන්දියාවට සැළකර ඇත් ද?

ඉන්දියාවේ දෙමළ ජනයා සිටි පමණින් ලංකාවේ දෙමළ ජනයා ගැන කතාකිරීමට පෙළපාලි යෑමට උද්ඝෝෂණය කිරීමට තමිල්නාඩුවේ දෙමළ ජනයාට ඇති අයිතිය කුමක් ද? ඒ අයිතිය ගලා එන්නේ යාපනයේ දෙමළ ජනයාගේ ආධිපත්‍යය උසුලන වෙල්ලාලයන් මැතක දී 1650න් පසුව ලංකාවට ගෙනෙු ලැබූ නිසා ද? ඒ එසේ නම් ඉන්දියාවේ අනුග්‍රහය ලබන ඊනියා නිජභූමි හෙවත් සාම්ප්‍රදායික වාසභූමි කතාව යුක්තියුක්ත කරන්නේ කෙසේ ද? ඉන්දියාවෙි සිටින බෞද්ධයන් ගැන සිංහල බෞද්ධයන් පෙළපාලි පැවැත්වීමට උද්ඝෝෂණය කිරීමට ගියහොත් ලංකාණ්ඩුව ගතයුතු පියවර කුමක් ද? ඉන්දියාවට ලංකාවේ දෙමළ ජනයා ගැන උද්ඝෝෂණය කිරීමටවත් ඉන්දීය ආණ්ඩුවට ලංකාවට ඒ පිළිබඳව කොන්දේසි පැනවීමටවත් ඇති අයිතිය ගලා එන්නේ කිනම් සම්ප්‍රදායකින් ද? තමිල්නාඩුවේ අවස්ථාවාදී දේශපාලනය පරාජය කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ඇති නොහැකියාවට ලංකාව වගකිව යුූතු නැත. තිස්ස විතාරණ මහතා පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට පැවරිය යුතු යැයි කියන්නේ නම් එය ඒ මහතාගේ හා ල ස ස පයේ අදහස මිස රජයේ අදහස නො වේ.  එය අඩු තරමින් සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවට සහභාගි වූ සියළු පක්‍ෂවලවත් අදහස නො වේ. 

බටහිරයන්ගේ ව්‍යාජ ඊනියා ජාත්‍යන්තර නීති රීති පදනම් කරගනිමින් බටහිරයන් සූදානම් වන්නේ මානුෂික මෙහෙයුම්වල අවසාන කාලයේ ඊනියා මානව අයිතිවාසිකම් කඩ වූ බව පෙන්වා විවිධ කොමිසම් හා උප්පරවැට්ටි මගින් ලංකාව ආක්‍රමණය කිරීමට ය. එහි දී අප ඔවුන් පරාජය කරන්නේ කෙසේ ද? එයට ද ඇත්තේ ගැමුණු කුමරු එළාරට විරුද්ධව සටනේ දී අනුගමනය කළ ප්‍රතිපත්තිම ය. බටහිරයන් ඊනියා ආර්ථික සම්බාධක ද  පැනවිය හැකි බැවින් අප ඒ සියල්ලට සූදානම් විය යුතු ය. අද කෙරීගෙන යන ගෙවතු වගාව එහි දී ඉතා වැඩදායක බව අමුතුවෙන් කිවයුතු නො වෙි. අප ආහාරයෙන් ස්වයංපොෂිත වීම ප්‍රධාන කටයුත්තක් වෙයි. කෙතරම් සම්බාධක පැනෙව්ව ද මියන්මාරය වැට්ටවීමට බටහිරයන්ට නොහැකි වී ඇත.  

දෙවනුව අපේ හමුදා ශක්තිය මෙන් ම ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය කරගත යුතු ය. ගැමුණු කුමරු යුද්ධය ජයගත්තේ රටේ ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය කිරීමෙන් පසුව ය. හමුදා ශක්තිය වර්ධනය කිරීම ගැන ආරක්‍ෂක ලේකම්තුමාට අමුතුවෙන් කිවයුතු නො වේ. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමෙහිලා ජනාධිපතිතුමා දැනටමත් කටයුතුකර තිබීම සතුටට කරුණකි. පන්සිල් රකින සමාජයක් අපට වහා අවභ්‍ය වෙයි. පසුගිය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් පොහෝ දා එතුමා ද ඇතුළුව දස ලක්‍ෂ ගණනින් ජනතාව පෙහෙවස් සමාදන් වූහ. ඇතැමිවිට අනුරාධපුර යුගයෙන් පසු වැඩිම ප්‍රතිශතයක් පෙහෙවස් සමාදන් වූයේ පසුගිය වෙසක් පොහොදා විය හැකි ය. අපි එතැනින් ඉදිරියට යා යුතු වෙමු. නිර්මාංශ ආහාරයෙන් සෑහීමට පත්වීමට අප ඉටාගත යුතු ය. අසූවෙි දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මැටිමෝල් ශිෂ්‍ය සංවිධානයක් අපට විරුද්ධව පොස්ටර අලවා තිබුණේ අප බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමට උත්සාහ ගන්නේ යැයි කියමිනි. ඔවුන්ගෙන් ඇතමකු අද අනුරාධපුරය ගැන උද්‍යෝගයෙන් කතාකරනු දැකීම සතුටට කරුණකි. අප අනුරාධපුරයේ ආකල්පවලට ආපසු යා යුතු ය. එකල මෙන් මෙකල ද ජනතාව භාවනා මාර්ගයට හැකි පමණින් යොමු වන්නේ නම් ඉන් රටේ ආධ්‍යාත්මක ශක්තිය වැඩිවනු ඇත.  

අප දෙමළ ජාතිවාදයට හා දෙමළ කොටි ත්‍රස්තවාදයට විරුද්ධ වුවත් දෙමළ ජනයාට විරුද්ධ නැත. අපි ඔවුන්ට ද මෛත්‍රී කරමු. එපමණක් නොව මහත් වූ පව් කන්දරාවක් එකතුකරගත් ප්‍රභාකරන්ට වුව ද මෛත්‍රී කිරීමට අපට බාධකයක් නැත. ඔහු ඒ මෛත්‍රිය ලබාගැනීමට හැකි තැනක ඉප දී ඇත්දැයි අපි නො දනිමු. අපි ඔහුට දඬුවම් දුන්නෙමු. එහෙත් මෛත්‍රී කිරීමට එය බාධාවක් නො වේ. ඉන් රටේ ආධ්‍යාත්මික ශක්තිය ද වර්ධනය වෙයි. ජනාධිපතිතුමාට ද එතුමා දැනටමත් රටේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට ගන්නා උත්සාහයට අමතර ව  බෞද්ධ ලෝකය එකතුකිරීමෙන් රටේ ද බෞද්ධ ලෝකයේ ද ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමේ අවස්ථාවක් උදා වී ඇත. ඒ කාම්බෝජ තායිලන්ත අර්බුදය විසඳීමට මැදිහත් වීමෙනි.(දිවයින - 2011/05/22.)


Interpreting Buddha Dhamma to the masters

It is generally believed that the nineteenth century saw a revival of Buddhist studies in Sri Lanka, and perhaps also in the rest of Buddhist countries. Buddha Dhamma was studied by various European scholars and naturally they had their own interpretations of Dhamma as they often read Dhamma within a European or western cultural background. It was their own creation of Dhamma relative to their culture and chinthanaya. I am not subscribing to the so called Orientalism of Edward Said, which created an Orient according to the attitudes of the westerners towards the east. When the westerners came to the Orient they formed their attitudes of course on the assumption that the westerners are superior to the easterners. In the eyes of the westerners they were civilized unlike the easterners and the orient the westerners created was influenced by this. The west has also tried to romanticize the East and in general what the westerners have done is to create an Orient that could be ruled according to the political theories developed in the west.

The so called postmodernists are not happy with general terms such as Orient, the Occident, the East, the West claiming that there are differences within the countries in Asia or even within a single country. However, this is an extreme position that the western intellectuals have taken over after realizing that general abstract concepts sometimes do not enable to create a consistent world. However, the generalizations are useful and with all the differences among the Asian cultures there is still something that could be identified as Asian though not what is described by the westerners by that particular word. The Asiannes so to speak of is the highest common denominator of Asian cultures as seen by the Asians themselves. If there is no highest common denominator then obviously there cannot be an Asiannes.

In this article I am concentrating on some other aspect. It is absorption of ideas of other cultures into one’s own culture. I will quote an example from History. The Portuguese historians who did not know anything about the Eksesath Rajya saw four or five independent states in Sri Lanka with an emperor in Kotte. Now we did not have emperors in this country and it so happened that the king of Kotte was the King of the Sinhale Eksesath Rajya. The other so called kings were either mapas and epas or those who used the title of king after obtaining permission from the Sinhale King, as in the case of the Arya Chakravartins of Jaffna. The Portuguese historians or simply those who had an interest in describing events had no choice but to create a Sri Lankan state relative to their culture and they described (created a picture of) Sri Lanka using concepts found in Europe. There is nothing wrong in that except that our own historians who like most of the other educated people in Sri Lanka are notorious imitators following the Portuguese and shouting about an independent state in Jaffna, instead of trying to reinterpret the so called Portuguese historians relative to our culture.

In Buddha Dhamma the response of our scholars take two forms. They either oppose completely as in the case of sociology as expressed by Max Weber himself or attempt to reinterpret Dhamma to suit the western scholars who have studied Buddha Dhamma. Very often our scholars do not come with their own interpretations and sub interpretations (or atuvas and teekas and tippanis) as probably their spines have been broken by the hegemony of the western Christian modernity.

How many Buddhist scholars have tried to claim that Buddha Dhamma is empiricist when western empiricism attempts to think of an objective world existing independent of the observer grasped through a series of observations involving the five sense organs? The world of western empiricism is sensory perceptible and it is very clear that one cannot say the same thing with Buddha Dhamma with Abhinna and Bhavana. If acquiring knowledge begins with sensory perceptions in empiricism, then Buddha Dhamma has no place in such a scheme. In Buddha Dhamma perceptions are not independent of conceptions and there is no so called Bluishness independent of the mind.

The prathyaksha is another experience that is often misinterpreted with an eye on the western scholars. The Chullahaththipadopama Sutta speaks only against deductions and inferences however much analytical they may be. One has to see the elephant in order to convince oneself that it was an elephant that had passed through a certain area in the jungle without jumping into conclusions. What the scholars do not understand is that most of the Suttas themselves are only relative and it is in order to speak against deductions and inferences that Buddha has come out with this story of an elephant. However, it does not mean that an elephant exits as such as an object that can be observed objectively by all the observers in a particular area at a particular instant. When people see an elephant it is something that they have created on their own, of course with instructions from the grandparents, parents and others living with them. The rupaskandas are interpreted as an elephant, however it does not imply that the skandas are an objective reality. Do the western empiricists, scientists experimentalists have any ideas resembling Dhamma on this aspect? The prathyaksha in Buddha Dhamma cannot be compared with sensory perceptions or any ism in western knowledge system but our scholars are too enthusiastic to explain to their masters in the west that Buddha Dhamma is empiricist.

Then there are scholars who want to show to the west that there is nothing mystic about Dhamma. They claim that Nibbana can be expressed in words in order to satisfy their masters in the west. If Nibbana is expressible in words why did not Buddha who attained Buddhathva two thousand six hundred years ago say that in words? Is there any place in the Suttas where the Dhamma indicates at least indirectly that Nibbana can be expressed in words? Buddha Dhamma is clear to anybody who is prepared to examine it according to the way the Buddha has shown and not in the tradition of western empiricism, logical positivism, or any other western ism. Ehi passiko does not mean that one has to carry a microscope or atomic absorption spectrometer or even Aristotelian logic to “test” Buddha Dhamma and if Dhamma remains mystic to the westerners let it be so if they want to stick to their so called scientific and other methods if there are any. We do not have to prove that Buddha Dhamma is not mystic to those who think that they are enlightened after the so called European enlightenment.

Then there are those who want to compare deconstruction (visanyojana) of Derrida with Visankara. What these people do not understand is that any deconstruction is another sankara. One may following Derrida deconstruct a concept going to the roots and fundamentals. However, the roots and so called fundamentals are also sankaras arising out of avijja, and deconstruction does not lead to Nibbana. Sankara paccaya Vinnana and Vinna paccaya Nama Rupa and then Nama rupa (Please refer Katukurunde Nnanananda Thero) and Salayatane etc., does not mean that deconstruction paccaya no Vinnana no Nama Rupa no Salayatane etc., and finally Nibbana. If people want to please their masters in the west they should resort to some other method rather than interpreting Buddha Dhamma the way want.

As an example of the reverse process I would just cite Webber and others who claim that Buddha Dhamma stands in way of development. The development meant here is western Christian development based on satisfying the sense organs and surely that type of development is not in accordance with Buddha Dhamma. However, our scholars again in order to please the westerners in general are prepared to contradict Weber and claim that Dhamma is not an obstacle to development according to western Christian modernity.

Let us at least in this 2600 Sambuddhathva Jayanthi year stop all these attempts to satisfy the masters in the west (in spite of Foucault and others there is a west, though not in an absolute sense) and be followers of Buddha Dhamma. (The Island - 2011/05/18)

Copyright Prof. Nalin De Silva

Wednesday 18 May 2011

යුරෝපය බහුවිධ දෙවියන් ප්‍රතික්‍ෂෙප කිරීම

පැරණි ග්‍රීකයන් ද යුදෙව්වන් ද දෙවියන් සමග සන්නිවේදනය කර තිබිය දී දෙවියන්ගෙන් යම් යම් දේ දැනගෙන තිබිය දී වත්මන් බටහිරයන් එසේ නොකරන්නේ ඇයි ද යන ප්‍රශ්නය අප හමුවේ වෙයි. වත්මන් යුරෝපීය සංස්කෘතියෙහි ප්‍රධාන කණු දෙකක් වී ඇත්තේ ග්‍රීක සංස්කෘතිය හා චින්තනයත් යුදෙව් සංස්කෘතිය හා චින්තනයත් ය. එසේ තිබිය දී වත්මන් බටහිරයන් ඒ දෙවියන් අත්හැර දමා ඇත්තේ ඇයි? අද බටහිර ජීවත්වන ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් දෙවියන්ගෙන් යම් යම් දේ අසා දැනගත් බවක් අපි නො දනිමු.

මෙයට ප්‍රධාන හේතුව දේශපාලනය යැයි සිතිය හැකි ය. කතෝලික සභාව දෙවියන් හා යක්‍ෂයන් මුළුමනින් ම අත්හැරියේ නැත. එහි ලෝකය මැවූ යෙහෝවා දෙවියන්ට අමතර ව තවත් දෙවියෝ සිටිය හ. ඒ දෙවියෝ් පන්සල්වල දක්නට ඇති රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන්ට වඩා වෙනස් වූහ. කතෝලික ආගමේ අනෙක් දෙවියන් නිරූපණය වන්නේ තටු (පියාපත්) සහිත අය ලෙස ය. මේ දෙවියෝ ඇතැම් විට ඒන්ජල්ස් (දේවදුතයෝ) නමින් හැඳින්වෙති. මෙි දේවදුතයන් ද යමිකිසි දේව මණ්ඩලයකට හෝ දේව මණ්ඩලවලට අයත් වෙති යි සිතිය හැකි ය. ඒ දේව මණ්ඩලවල දෙවියන් පියාපත් වැනි දෙයකින් ද සෑරසී සිටින බවත්, ඉන් එකක නායකයා යෙහෝවා දෙවියන් යැයි ද සිතිය හැකි ය.

දෙවියන් සමග සන්නිවේදනයෙහි යෙදෙන අය එවැනි දෙවියන් ද දැක ඇත. එපමණක් නොව පසුගිය දා ශල්‍ය කර්මයක දී එළොව ගොස් මෙළොව ආ බටහිර එක්තරා කුඩා ක්‍රිස්තියානි/කතෝලික කුඩා ළමයකු මෙලොවින් ඈතට ගොස් සිටි සුළු කාලයෙහි දී එවැනි දෙවියන් මුණ ගැසී ඇතැයි කියැවෙයි. අපේ භාෂාවේ ඇති එළොව ගොස් මෙළොව ආවා යන්න එසේ මරණ මංචකයට පිවිස මනස සිරුරෙන් නික්ම ගොස් යම් අත්දැකීම් ලැබ ටික වේලාවකින් ආපසු පැමිණි අය නිසා නිර්මාණය වූ පිරුළක් විය හැකි ය. ඒ කුමක් වුවත් කතෝලික පල්ලියේ දිගින් දිගට ම එවැනි දේව සම්බන්ධකම් ගැනත් යක්‍ෂයන් එළවීම ගැනත් සඳහන් වී ඇත.

කතෝලික පල්ලිය මධ්‍ය කාලය යැයි බටහිරයන් විසින් හැඳින්වෙන යුගයෙහි දී තම ආධිපත්‍යය සාමාන්‍ය ජනයා අතර පැතිරවීමෙහි දී මේ දේව යක්‍ෂ සම්බන්ධකම් ද යොදාගෙන ඇත. පාප් වහන්සේට විරුද්ධව කතෝලික පල්ලියේ ම මාටින් ලූතර් වැනි පූජකවරුන් ගෙන යන ලද සටනේ දී ඔවුන්ට මේ දේව සම්බන්ධකම් ද ප්‍රශ්නයක් වන්නට ඇත. එහෙත් එයට පෙර ද කතෝලිකයන්ට පෙරදිගින් පැමිණි දේව සම්බන්ධකම් ඔස්සේ මෙන් ම භාවනාවෙන් හා යෝග අභ්‍යාසයෙන් ද ලබාගත් දැනුම ප්‍රශ්නයක් වූ බව ද පැහැදිලි ය.

අද බටහිරයන් කූමන බයිලා කීව ද, ගැලීලියෝගේ කාලයෙහි දී යුරෝපයට පෙරදිගින් පැමිණි දැනුම අවශෝෂණය කිරීමේ ගැටළුවක් විය. භාරතීයයන් මෙන් භාවනාවෙහි යෝග අභ්‍යසයෙහි දක්‍ෂයන් නොවුණු බටහිරයන්ට එලෙස පෙරදිගින් පැමිණි දැනුම තමන්ගේ සංස්කෘතියට ලබාගැනීමට තරම් ආධ්‍යාත්මික වර්ධනයක් නො තිබිණි. ඔවුන් සමහර දෙනකු දෙවියන් සමග සන්නිවේදනයක් කළ ද, ඔවුන්ට පෙරදිග දැනුම ප්‍රත්‍යක්‍ෂ කිරීමේ දී බාධා ඇති විය. ගැලීලියෝ ඒ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූයේ වියුක්ත චින්තනය මත පදනම් වෙමිනි.

අප බොහෝ විට කියා ඇති පරිදි පෘථිවිය සූර්යයා වටේ යන බවට ඇති දැනුම යුරෝපයට ගෙන ගියේ භාරතයෙනි. භාරතීයයන් ඒ බව දැනගත්තේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් උපයෝගී කරගෙන නොව එක්කෝ පංචෙන්ද්‍රිය වසා දැමීමෙනි. නැත්නම් දෙවියන්ගෙනි. භාවනාවෙන්, යෝගී අභ්‍යාසවලින් මනස පංචෙන්ද්‍රියන්ගෙන් නිදහස් වූ විට මනසට විවිධ වෙනත් අත්දැකීම් ගෝචර වීමට පටන්ගනියි. මනසට පමණක් ගෝචරවන මේ දැනුම සත්‍යය යැයි අපි නො කියමු. ඒ දැනුම ද අනෙක් දැනුම් මෙන් ම මනසේ නිර්මාණ වෙයි. සියළු දැනුම් මනසේ නිර්මාණ වෙයි. මනස ඇතැම් දැනුම් පංචෙන්ද්‍රිය ද ඇසුරු කරමින් නිර්මාණය කරන අතර තවත් දැනුම් පංචෙන්ද්‍රියයන්ගෙන් ස්වායත්ත ව නිර්මාණය කරයි.

භාරතයේ ද බොහෝ විට ලංකාවේ ද තිබූ සූර්ය කේන්ද්‍රවාදය, එනම් සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තු චලනය වන බව හුදු සාපේක්‍ෂ දැනුමක් විය. පෘථිවියට සාපේක්‍ෂව සූූර්යයා චලනය වන බවට අපේ රටවල තිබූ දැනුම එලෙස ම යොදාගන්නා ලදී. ඒ කිසිවිටෙකත් මිථ්‍යාවක් ලෙස ප්‍රතික්‍ෂෙප නො කෙරිණි. එය තවත් සාපේක්‍ෂ දැනුමක් විය. ජ්‍යොතිෂයෙහි දී යොදාගනු ලැබුයේ පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ද ග්‍රහයන් ද පෘථිවිය වටා චලනය වන බව ය.

එහෙත් ප්‍රශ්නය වූයේ මනසට පමණක් සීමා වූ දැනුම් යුරෝපයට ගිය විට යුරෝපීයයන් ඒ ග්‍රහණය කරගත්තේ කෙසේ ද යන්න ය. යුරෝපීයයන් දෙවියන් සමග සම්බන්ධකම් පවත්වා ඇති නමුත් ඔවුන්ට භාවනාව, යෝගී අභ්‍යාස ආදිය ගැන දැනුමක් නො වී ය. පංචෙන්ද්‍රිය නොමැතිව මනසින් පමණක් දැනුම ලබාගැනීමේ ක්‍රමවේදයක් ඔවුන් සතු නො වී ය. ග්‍රීකයන් ද යුදෙව්වන් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පසුව ඔවුන් ද ඒ ඒ දෙවිවරුන් සමග සම්බන්ධ වී දැනුම ලබාගත්ත ද දෙවියන්ගෙන් තොරව පංචෙන්ද්‍රියන් වසා දමා මනසින් පමණක් දැනුම ලබාගැනීම යුරෝපීයයන්ගේ අත්දැකීමක් නො වී ය.

එවැනි තත්වයක් යටතේ යුරෝපීයයන්ට වියුක්ත චින්තනයකට යෑමට සිදුවිය. ඒ සඳහා ද ඔවුන්ට ග්‍රීකයන්ගෙන් හා යුදෙව්වන්ගෙන් ලැබුණු අත්දැකීම් හා නිිදර්ශන විය. කතෝලික චින්තනයට පෙර ග්‍රීක හා යුදෙව් චින්තනවල වියුක්ත චින්තනය විය. ග්‍රීකයෝ වියුක්ත ගණිතයක් බිහිකළහ. යුදෙව්වෝ වියුක්ත දෙවියන් වහන්සේ කෙනකු බිහිකළහ. එහෙත් සෙසු යුරෝපයට මේ දෙක ම දිරවාගත නො හැකි විය. කතෝලික චින්තනයෙහි වියුක්ත දෙවියන් සිටිය ද ඔවුහු මරියතුමිය ඔස්සේ පංචෙන්ද්‍රියවලට ගෝචර වූ සංයුක්ත දෙවි කෙනකුන් ඇතිකරගත්හ.

ක්‍රිස්තුස් වහන්සේ ම වියුක්ත දෙවියන් නැතිකර තිබිණි. උන්වහන්සේ මරියතුමියගේ කුසින් ඉප දී තමන් වහන්සේ දෙවියන් වහන්සේ බවත් එමෙන් ම දෙවියන් වහන්සේගේ පුතා බවත් පැවසූහ. අප කලින් කියා ඇති පරිදි යෙහෝවා දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ආධිපත්‍යය යුදෙව්වන් නොවන ජනතාවටත් පැතිරවීම සඳහා මනුෂ්‍යාත්මයක් ලබාගෙන මරියතුමියගේ කුසින් බිහිවන්නට ඇත. තමන් දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේගේ පුතා බවත් කීමට ක්‍රිස්තුස් වහන්සේට හැකියාව ලැබුණේ එසේ යැයි සිතමි. ක්‍රිස්තුස් වහන්සේ තමන් දෙවියන් වහන්සේ යැයි කියන විට ම දෙවියන් වහන්සේ වියුක්ත භාවයෙන් මිදී පංචෙන්ද්‍රිය ගෝචර තත්වයකට පත්වෙයි.

එහෙත් ක්‍රිස්තුස් වහන්සේට තමන් ජීවත් ව සිටි කාලයෙහි යුදෙව්වන් නොවන ජනතාවට යෙහෝවා දෙවියන් පිළිගැන්වීමට නොහැකි වූවා පමණක් නොව යුදෙව්වෝ ද එතුමන්ට විරුද්ධ වූහ. තම වියුක්ත දෙවියන්ගේ පිළිමයක්වත් ඇඹීමට විරුද්ධ වූ යුදෙවිවෝ් තම දෙවියන් පණ පිටින් දැකීමට හැකි යැයි සිතත් ද? යුදෙව්වෝ රෝමයන් සමහ එකතු වී ක්‍රිස්තුස් වහන්සේ මරා දැමූහ. යෙහෝවා දෙවියන් වහන්සේ යුදෙව් නොවන ජනතාව අතරට ගෙන ගියේ පාවුළු තුමන් ය. ඉන්පසු තෙවැනි සියවසේ රෝම කොන්සතන්තයින් රජුගේ කාලයෙහි ක්‍රිස්තියානි ආගම රෝමයේ රාජ්‍යාගම බවට පත් කෙරිණි. රෝමානු කතෝලික සභාවේ උත්පත්තිය ඉන් පසුව තහවුරු විණි. කතෝලික සභාවේ චින්තනය,( අපි එයට කතෝලික චින්තනය යැයි කියමු) මධ්‍යකාලීන යුරෝපයෙහි චින්තනය විය.

කතෝලික චින්තනය වියුක්ත චින්තනයක් නොවූ අතර එහි න්‍යාය වූයේ ග්‍රීක ඇරිස්ටෝටලීය න්‍යාය (ලඔගඉච) නොව ත්‍රිකෝටික චින්තනය ය. පියා හා පුතා එකම තැනැත්තා විය හැක්කේ එවැනි න්‍යායක ය. සංයුක්ත කතෝලික චින්තනයට පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ප්‍රධාන විය. පාප් වහන්සේට ඉර පොළොව වටා යනු මිස පොළොව ඉර වටා යෑමක් දර්ශනය නො වී ය. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයෙන් පසු ස්වර්ගයට යෑමෙන් නැවතත් නොපෙනෙන දෙවියන් වහ්සේ කෙනකු කතෝලිකයනට සිටි නමුත් මෙලොව කටයුතුවල දී කතෝලික සභාවේ චින්තනය මුළුමනින් ම සංයුක්ත විය.

භාරතයෙන් පොළොව ඉර වටා යන බවට වූ දැනුම කොපර්නිකස් මගින් ඉතාලියට ගියේ එවැනි පසුබිමක ය. පොළොව ඉර වටේ යන්නේ යැයි කීම භාරතීයයනට මනසින් දැකිය හැකි වුවත් යුරෝපයට එය පංචෙන්ද්‍රිය ඇසරෙන් දැනගැනීමට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ පාප් වහන්සේ ගෑලීලියෝට පොළොව ඉර වටා යන බව ඔප්පු කිරීමට අභියෝග කළ විට ඔහට ඒ කළ නොහැකි වීම ය. පාප් වහන්සේ උරණ වූයේ ගැලීලියෝ තමන්ට ඔප්පු කිරීමට නොකළ හැකිවූවක් ඉගැන් වූ බැවිනි. පාප් වහන්සේගේ පැත්තෙන් ගත්කල ගැලීලියෝට දඬුවම් පැමිණ වීම වරදක් නො වේ.

භාවනාව හෝ යෝග අභ්‍යාස හෝ නොදත් ගැලීලියෝ ට සිදුවයේ පොළොව ඉර වටෙි යන බව පෙන්වීමට සාපේක්‍ෂ චලිතය උපයෝගී කරගනිමින් වියුක්ත චින්තනයේ පිහිට පැතීමට ය. ඔහුට වෙන විකල්පයක් නො වී ය. බටහිර විද්‍යාවටත් පසුව පොදුවේ බටහිර දැනුමටත් ප්‍රවාද ගෙතීම සඳහා වියුක්ත චින්තනය ඇතුල් වූයේ එලෙස ය. වියුක්තය අත්දැකීම් සාධාරණය කිරීමෙහි ලා ද වැදගත් වෙයි.

දහහත්වැනි සියවසෙහි මාටින් ලූතර් ක්‍රියාත්මක වූයේ එවැනි පසුබිමක ය. එතුමාට පාප් වහන්සේගේ හා පල්ලියේ ආධිපත්‍යය ප්‍රශ්නයක් විය. එතුමා කතෝලික පල්ලියෙහි දේශපාලන ආධිපත්‍යයට අභියෝග කළේ ය. ඒ අභියෝගයේ දී (බහුවිධ) දෙවියන් හා යක්‍ෂයන් මගින් කතෝලික පල්ලිය යම් යම් දේ කරගත්තේ නම් එය මුළුමනින් ම මිථ්‍යාවක් යැයි කීමට කතෝලික ආධිපත්‍යයට අභියෝග කළ නව ක්‍රිස්තියානීන්ට සිදු විය. යුරෝපයේ (බහුවිධ) දෙවියන් සමග තිබූ සම්බන්ධකම් එලෙස නැති වී යැයි සිතිය හැකි ය. එහෙත් නව ක්‍රිස්තියානීහු මැවුම්කාර දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂෙප නො කළහ. කතෝලික පල්ලියේ ජෙසුයිට් වැනි නිකායවල තිබූ කැපකිරීමෙන් වැඩකිරීම ද නව ක්‍රිස්තියානිහු ලබාගත්හ.

බටහිර ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනයෙහි වර්ධනයක් එමගින් පිළිබිඹු විය. පහළොස්වැනි සියවසේ අගභාගයෙහි ආරම්භ වූ බටහිර නුතනත්වය ඒ සමග බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ලෙස නම් කළ හැකි විය. පහළොස්වැනි සියවසේ ඇරඹි පුද්ගලිකත්වය ඉස්මතු වීම මාටින් ලූතර් තව දුරටත් වර්ධනය කළේ දෙවියන් වහන්සේ ද පෞද්ගලිකකරණයට ලක්කිරීමෙනි. සියළු දෙනාම එකතු වී පල්ලියේ යාඥා පැවැත්වීමේ අනවශ්‍ය බව ලූතර් අවධාරණය කෙළේ ය. දෙවියන් වහන්සේ සෑම තෑනක ම සෑම විටක ම සිටින්නේ නම් දෙවියන් වහන්සේට යාඥා කිරීමට පල්ලියට නොගොස් තනිව ම කළ හැකි යැයි ඔහු කියා සිටියේ ය. එමගින් ඔහු පාප් වහන්සේගේ හා පල්ලියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල කළේ ය.

රසායනික ආසනික් හා වෙනත් ආසනික්

රජරට වකුගඩු රෝගය පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂණ කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව මේ වන විට බොහෝ දෙනා දන්නා කරුණකි. මේ කණ්ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්යවරු, ආචාර්යවරු මෙන් ම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරු ද වෙනත් බටහිර වෛද්‍යවරු ද අයත් වෙති. විශේෂයෙන් ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් හා ලිං ආශ්‍රිත ව කරන ලද පරීක්‍ෂණවල දී ජලයෙහි ආසනික් සාන්ද්‍රතාව සම්මතයෙන් තිබිය හැකි යැයි කියන සාන්ද්‍රතාවට වඩා ඉතා අධික බව පැහැදිලි විය. රජරට ජලයේ කිවුල හේතුකොටගෙන අදාල ලවණ හා ආසනික් සංයෝගයෙන් ඇතිවන ආසනේට් වකුගඩුවල ඉතිරිවීම රෝගයට හේතුව බව අනාවරණය වී ඇත. කිවුල සහිත ජලයේ ආසනික් ඇති බව රසායනික ක්‍රම මගින් දැනගැනීම අසීරු කටයුත්තකි. වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පවත්වන වෙනත් කණ්ඩායම්වලට රජරට ජලයේ ආසනික් ඇති බව දැනගැනීමට නොහැකි වී ඇත්තේ එබැවින් හෝ වෙනත් කරුණක් නිසා හෝ විය හැකි ය. බටහිර විද්‍යාවෙි ඊනියා වාස්තවික විද්‍යාත්මක ක්‍රමයේ ව්‍යාජය මම හොඳාකාරව දනිමි. අපේ විද්‍යාවේ නමි අපට සම්‍යක්දෘෂ්ටික දෙවිවරු ආධාර කරති. ජලයේ ආසනික් ඇති බව අවසානයේ දී පඬියන්ට අනාවරණය කෙරුණේ් නාථ දෙවියන් ප්‍රමුඛ දේව කණ්ඩායමේ මග පෙන්වීම යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ඇති පරමාණුක අවශෝෂණ ප්‍රේක්‍ෂාවලිමාපකය යොදා ගැනීමෙනි. ඉන්පසු තවත් පරීක්‍ෂණාගාරයක දී ද ඒ බව හෙළි වී ඇති නමුත් තවමත් අපේ කණ්ඩයමට විරුද්ධ වූවන් තැන තැන කියන්නේ තමන් වැනි මහාචාර්යවරුන්ට හා මහාචාර්යවරියන්ට (උපකරණ මගින්) නොපෙනෙන ආසනික් අදෘශ්‍යමාන දෙවියන්ට පෙනෙන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් අසන්නේ අප වැන්නන්ට පෙනෙන මහාචාර්යවරුන්ට නොපෙනෙන දේ, අප වැන්නන්ට නොපෙනෙන දෙවියන්ට පෙනෙන්නේ කෙසේ ද යන්න ය. එය සරලව මෙසේ ය. අපට මහාචාර්යවරියන් පෙනේ. මහාචාර්යවරියන්ට ආසනික් නොපෙනේ. අපට දෙවියන් නොපෙනේ. දෙවියන්ට ආසනික් පෙනේ. එහි එක්තරා ආකාරයක සමමිතියක් ඇති බැවින් මම එයට ඇලුමි කරමි. එහෙත් මතු බුදුවන නාථ දෙවියන් අපට කියන්නේ කිසිවක නොඇලෙන ලෙසත් සියල්ල උපේක්‍ෂාවෙන් අත්හරින ලෙසත් ය. නාථ දෙවියන් කෙසේ කීවත් උගත් මහාචාර්යවරියන් සම්බන්ධ සමමිතික කියුම් මම කෙසේ අත්හරිම් ද?

රජරට ජලයේ පමණක් නොව වකුගඩු රෝගීන්ගේ හිස කෙස් නියපොතු ආදී ජෛවීය කොටස්වල ද සහල්වල ද ආසනික් අඩංගු බව අප කණ්ඩායමට අනාවරණය වී ඇත. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි බටහිර වෛද්‍ය විද්‍යාව නොදැන සිටි කරුණකි. දෙවියන්ගේ මාර්ගයෙන් ලබාගත් දැනුමෙන් අපි ඒ කුමක් දැයි දැන් දනිමු. බටහිර උගත්කමෙන් මත් වී ඇති අය (මත්පැන් පානය කරන්නන්ගෙන් ඇතැම්හු මඳ පමණින් ගත්කල ද මත්වෙති. බටහිර උගත්කමෙන් මත්වීමෙහි දී ඇතැමුන්ට ද එවැන්නක් සිදුවේ) නොදනිතත් අතීතයෙහි ද අපේ විද්‍යාවෙහි දැනුම ලබාගැනීමේ දී අප දෙවියන්ගෙන් ද ආධාර ගෙන ඇත. ඊශ්‍රායලයන් පිරිසක් අපේ වැව් තාක්‍ෂණය ඉගෙන ගැනීමට ලංකාවට පැමිණ ඇතැයි පසුගිය දා වාර්තා විය. ඔවුන්ට එය කළ හැකි දැයි මම නො දනිමි. යුදෙව්වන් ද අතීතයේ දෙවියන්ගෙන් යම් යම් දේ දැනගත් ජනවර්ගයකි. ඒ කෙසේ වෙතත් අප වැව් තාක්‍ෂණය දැනගෙන ඇත්තේ දෙවියන්ගෙන් බව පමණක් දැනට කිව යුතු ය. විිදුසර පුවත්පතට ලියන අපේ ප්‍රවාද ලිපි පෙළෙහි මම සති කිහිපයක සිට දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම පිළිබඳ ව සාකච්ඡා කරන්නෙමි. අප දෙවියන්ගේ මාර්ගයෙන් දැනගත්තේ වකුගඩු රෝගයට හේතුව පමණක් නො වේ. එයට ප්‍රතිකාර ද අපි දැනගත්තෙමු. ඒ ප්‍රතිකාර බටහිර රෝහල්වල අත්හදා බැලීමට ද අපට බලධාරීන්ගෙන් අවසර ලැබී ඇත. 

දැන් ප්‍රශ්නය ජලයට ආසනික් එකතුවන්නේ කෙසේ ද යන්න ය. එයට ඇත්තේ එකම එක පිළිතුරකි. ඒ කෘෂි රසායන ද්‍රව්‍ය මාර්ගයෙනි. කෘෂි රසායන ද්‍රව්‍යවල, විශේෂයෙන් ම කෘමි නාශකවල, ආසනික් විශාල සාන්ද්‍රණයක් ඇති බව ද දැන් අපි දනිමු. ඒ එවැනි ද්‍රව්‍යවල ආසනික් නොතිබිය යුතු බවට බටහිරයන්ගේ ඊනියා ජාත්‍යන්තර සංවිධාන මගින් ද ප්‍රකාශ කෙරී තිබිය දී ය. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අපට ලැබෙන්නේ බටහිර රටවලිනි. ඒ රටවලින් භාණ්ඩ පිට රටට යැවීමේ දී ඊනියා ජාත්‍යන්තර නීති බල නොපාන්නේ ද? වස විස පිටරට යවන රටවල් ගැන සොයා බැලීමට බෑන් කි මූන්ට අවසර නැත් ද? අවසර තිබුණත් බටහිර වරද නොපෙනෙන බෑන් කි මූන්ට (බින් ලාඩන් මරා දැමීම ගැන මොහු කුමක් කරන්නේ දැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු) ඇතැම් විට අර මහාචාර්යවරියන්ට මෙන් ම ආසනික් නොපෙනෙනවා විය හැකි ය. අනෙක් අතට අප රටට බටහිරෙන් හෝ තූත්තුකුඩියෙන් හෝ භාණ්ඩ ආනයනය කිරීමේ දී එහි වස විස තිබේ දැයි සොයා නො බලන්නේ ද? කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා ගැනෙන්නේ රජරට පමණක් නො වේ. එසේ නම් අනෙක් පළාත්වල වකුගඩු රෝගීන් හමුනොවන්නේ ඇයි දැයි පඬියකු අසනු ඇත. ජලයෙහි කිවුල නොමැති පළාත්වල ආසනික් ජලයට මිශ්‍ර වුවත් රජරට වකුගඩු රෝගය නමින් හැඳින්වෙන රෝගය නො වැළඳෙන බවත්, එහෙත් ආසනික් ජලයට මිශ්‍ර වීමෙන් දියවැඩියාව වැනි වෙනත් රෝග වැළඳෙන බවත් අපේ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි. කිනම් රෝගයක් වැළඳුනත් කෘෂි රසායනික ද්‍රව්‍යවලට ආසනික් එකතුකිරීම මානව විරෝධී කටයුත්තකි. අප වැනි රටවල ජනතාවට වස විස කැවීම බටහිර ප්‍රතිපත්තිය විය හැකි ය. අපට වස දීම බටහිරයන්ට ලාභ කටයුත්තක් ද විය හැකි ය. එහෙත් අප ඒ ද්‍රව්‍ය ආනයනය කරන්නේ ඇයි? ජලයේ ආසනික් නැතැයි කියන පර්යේෂණ කණ්ඩායම්වලට බටහිර විවිධ සංවිධානවලින් ආධාර ලැබෙන්නේ ඇයි? මේ සියල්ලක් පිළිබඳ ව ආණ්ඩුව වහාම සොයා බලා අවශ්‍ය නිසි පියවර ගත යුතු යැයි යෝජනා කරමි.   

අපට ආසනික් ලැබෙන්නේ රසායනික ද්‍රව්‍යයක් ලෙස පමණක් නො වේ. බටහිරෙන් ලැබෙන සිංහල විරෝධී දැනුම ද සමස්තයක් ලෙස ගත්කල අප සංස්කෘතික වශයෙන් මරාදැමීමට දෙන ශාස්ත්‍රීය ආසනික් අඩංගු පොදියකි (පැකේජයකි). මේ පොදිය රට පුරා බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල වෙයි. බෑන් කි මූන්ට භාරදෙන ලද ඊනියා විද්වත් හෙවත් බ්ලේක් වාර්තාව ද ආසනික් පොදියකි. එයින් බලාපොරොත්තුවන්නේ ද අප මරා දැමීම ය. එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම ය. අද බොහෝ විද්‍යුත් මාධ්‍ය නාලිකා ඔස්සේ රටට බෙදා දෙන්නේ ද සිංහල බෞද්ධ සංස්කෘතිය නසන ආසනික් ය. මේ ආණ්ඩුව සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීමට නිසි පියවර ගෙන ඇතැයි අපි කිසිසේත් නො කියමු. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් යොදා ගැණුනු ප්‍රධාන අවියක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් ආණ්ඩුව කරන ලද සේවය (බලය තිබුණත්) එ ජා පයෙන් හෝ ජ වි පෙන්් හෝ කිසි දිනෙක කෙරෙන්නක් නො වේ. එබැවින් මේ ආණ්ඩුව විජාතික බලවේගවලින් ආරක්‍ෂා කිරීමටත් එවැනි බලවේග ක්‍රියාත්මක වන ආකාරය හෙළි කිරීමටත් මම බැඳී සිටිමි.

මේ දිනවල විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් දියත් කෙරී ඇති ආසනික් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පිළිබඳ ව ද මා කියන්නේ ඒ පසුබිමෙහි ය. අද ඇතැමුන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වී ඇත්තේ ඔවුන් අනෙක් අයගෙන් කොන්වීමට ඇති අකමැත්ත නිසා මිස ඒ ක්‍රියා මාර්ගය අනුමත කරන නිසා නො වේ. ඒ ක්‍රියා මාර්ගයට එක් නොවුවන්ට ඇතැම් ආචාර්යවරුන් කරන කෙණෙහිළිකම් ද මම දනිමි. මම මේ ක්‍රියා මාර්ගයට මුළුමනින් ම විරුද්ධ වෙමි. ඒ බව මා වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් ඉදිරියේ කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සාමාජිකත්වයට පවසා ඇත. පසුව මේ පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරෙත්තු වෙමි. දැනට මෙරට ජනතාවගේ දැනගැනීම සඳහා ඉතා කෙටියෙන් මෙසේ සඳහන් කරමි. වැටුප් සම්බන්ධයෙන් ආචාර්ය සමිති සම්මේලනය ගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පසුගිය වසරේ අග අත්හිටුවා තිබිණි. පසුගිය අයවැයෙන් පසුව 2010 නොවැම්බර් 24 වැනි දා පැවති සම්මේලන රැස්වීමට අදහස් දෙකක් ඉදිරිපත් වී තිබිණි. එකකින් කියැවුණේ 2010 දෙසැම්බර් 01 දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නැවත ඇරඹීමට හා ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට ය. දෙවැන්නෙන්් ජනාධිපතිතුමාට ආචාර්යවරුන්ගේ ප්‍රශ්න ගැන දන්වා යැවීමටත් ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට එතුමාගෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරු බලා සිටීමටත් කියැවිණි. රැස්වීමේ තීරණය වූයේ දෙවැන්න ක්‍රියාත්මක කිරීම ය. 25% පර්යේෂණ දීමනාව ගැන සම්මේලනය සතුට පළකළ ද, එහි කොන්දේසිවලට විරුද්ධතාව දක්වා ඇතැම් කොන්දේසි පිළිබඳව බලධාරීන් සමග සාකචිඡා කිරීමට තීරණය කළේ ය.  2011 ජනවාරි 07 වැනි දා සම්මේලනයේ වාර්ෂික සභා රැස්වීමේ දී නව නිලධාරි මණ්ඩලයක් පත්විණි. එහි දී පත් වූ නිලධාරි මණ්ඩලයේ වැඩි බලය, එ ජා ප, ජ වි පෙ හිතවතුන්ට හා සිංහල විරෝධී ෆෙඩරල්වාදී ඊනියා වමට හිමිවිය. 2011 පෙබරවාරි 21 පැවති සම්මේලනයේ විධායක සභා රැස්වීමක දී ජනාධිපතිතුමාට කරුණු නොදක්වා, පර්යේෂණ දීමනාවේ කොන්දේසි පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා නොපවත්වා වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට නැවත එළඹීමට ද පසු රැස්වීමක දී ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට ද තීරණය විය. මෙය වෘත්තීය සමිති සදාචාරයට ද සම්මේලන ව්‍යවස්ථාවට ද පටහැණි බවත් ආණ්ඩුවට ආසනික් දීමට ගන්නා තැතක් බවත් පමණක් දැනට ප්‍රකාශ කරමි. සම්මේලනය සාකච්ඡා නොකළ ද කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ හිටපු නිලධාරීන් ප්‍රමුඛ පිරිසක් ජනාධිපතිතුමා හා අදාළ නිලධාරීන් හමු වී පර්යේෂණ දීමනාවේ කොන්දේසි ලිහිල් කරගෙන ඇත.

Get ready for a humanitarian attack

The western Christian modernity (WCM) is in the last phase of its hegemony and is acting like an insane person. It has no respect for the sovereignty of the other countries as has been exemplified from invasions, killings and supporting so called rebel groups in the countries in Asia and Africa. The USA that became the leader of WCM after the so called second world war is trying desperately to hold to the hegemony of WCM. After more than five hundred years of world domination WCM will have to leave the planet without making the people suffer more and more. The so called postmodernism is nothing but an admission of the fact that modernism has failed with its abstract so called objective generalizations. When the postmodernists state that there is no room for meta narratives they simply state that it is not possible to generalize. In the language of computer scientists, if the western scientists admit the former to be scientists, they have to customize meaning that it is not possible to have general solutions to the problems. The social scientists who have followed the physical scientists blindly have finally realized that the general theories are not for them. Poor Marx who attempted to generalize history has failed miserably and the corridors of the academic world are now somewhat overcrowded with so called Post Marxists though this species cannot be found in the mundane political field. There is no wonder that all these poststructuralists, postmodernists Post Marxists are found in the academia, in the fields of literary criticism, feminism etc., but not in any practical political movement. Even the very few who attempted to follow praxis in politics in the pre Post Marxists era very soon found that they have no practice in politics.

What the western social scientists do not understand is that their various “postisms” such as postmodernism are not “post” but in essence pre modernism with customized theories instead of grand generalized theories. The only section among the western academics who still believe (it is nothing more than a belief) in grand theories are a species called Theoretical Physicists who still look for a grand unified theory a la Einstein. Theoretical Physicists led the way in western science from the time of Newton to that of Einstein but very soon they will become the laughing stock who will have to be hung with the strings in their superstring theories. The western knowledge has no solutions to the problems and hence the westerners try to manage problems whether in Medicine or Politics. The west has now given up meta narratives and are limited to what I would call petite narratives. The postmodernists and others with similar views could be thinking that politics is determined by ordinary family feuds and other such petite affairs but unfortunately for them there is a meta narrative that governs world politics, namely the end of WCM.

The trouble with epistemology in WCM is that they grabbed generalized abstract theories as a means of explaining the world, which is nothing but creating the world, instead of taking a middle path where relativism and meta narratives could stand side by side. The world created by us is relative to our sense organs (panchendriya) culture and the mind. Thus knowledge is relative but at the same time there are meta narratives. The meta narratives should not be considered as absolute truths as they are also created by us, the above meta narrative on creation of knowledge being also a creation, in this case in the Sinhala Buddhist Chinthanaya. The west having grabbed the meta narrative and absolute generalized theories now finds itself in the position of the proverbial cat that excreted on the stone. The western knowledge system has failed miserably and it is revealed in Gödel’s incomplete theorems in Mathematics that show that Western Mathematics does not have a solid foundation in a formal sense.

The above brief summary on the status of western knowledge is given in order to expose the belief of some pundits in our country that the west will not attack Sri Lanka in the near future. Most of these people are reductionists and they cannot find a reason as to why the west would attack Sri Lanka. We do not have oil or any other so called resources and the pundits who go by the western knowledge that has been imparted to them come to the conclusion that there is no possibility of the west attacking us. They think of colonialism as arising doing to economic factors and of politics that depend on economics. Though they do not say so, they do not envisage an attack by the west claiming responsibility to protect the interests of Tamils in the country.

If people always express what they have in mind there is no need for “speculation” in politics or day to day life in general. When Robert Blake wants Sri Lanka to investigate so called war crimes or words to that effect he has not said the whole truth as they say. What he wants in effect is for Sri Lanka to admit that there have been war crimes especially during the last stages of the operations in May 2009, and also to identify Messrs. Mahinda Rajapakse and Gotabahaya Rajapakse as war criminals. Until Sri Lanka does that USA and the rest of the west will apply pressure on us by way of various commissions, committees, resolutions, economic blockades etc. They together with India will demand a solution to the so called ethnic problem going beyond the thirteenth amendment that was forced on us by India. India may be our relative but sometimes one finds the worst adversaries among the relatives. Why is India interested in giving the Tamils in Sri Lanka a prominence that is not given to the Buddhists in India? No Buddhist has become the President, more importantly the Prime Minister of India. How many Buddhists have been appointed over the last sixty four years since India was given independence? On the other hand Tamils in Sri Lanka are much more privileged than the Tamils in India. Sri Lanka is the only country in the world where one can obtain a degree in the Tamil medium. In fact in Sri Lankan universities, not only in the Universities in the northern and eastern provinces, it is possible to write a thesis in Tamil medium for a higher degree. Tamil is an official language in Sri Lanka while it is not so in India. Hindi is the only official language in India and outside Tamil Nadu Tamil is not even recognized. In India Buddhists are a neglected lot, and the Brahmins who rule India despise the Sinhalas mainly because the latter have managed to protect Buddhism for more than two thousand three hundred years at all odds.

The westerners pretend to support the Tamils based on the propagated myth that the Tamils are discriminated by the Sinhalas without any substantial proofs. We are made to understand that the Tamils who are discriminated have campaigned in the west very efficiently and effectively to such an extent that the western governments have been convinced of the allegations by the Tamils. The world opinion is made by the western media and they propagate only what they want. Their main interest is the hegemony of WCM and it is the western media, western intellectuals and western politicians who act in unison to decide on what to propagate and what not to propagate. Occasionally there would be a Watergate when somebody has to be replaced for the sake of maintaining the hegemony of WCM. The current interest of the Channel Four and some media over the killing of unarmed Osama bin Laden should not be taken seriously as it will die a natural death unlike the interest of western media in the so called war crimes in Sri Lanka. The west needs this type of criticism of their own actions in order to convince themselves and the rest of the world that there is so called democracy and freedom of the press in the west, and also to replace someone who has become an obstacle to the maintenance of the hegemony of WCM. The media know their limits and they would never try to overstep in their criticisms against the governments. The west also maintains people such as Chomsky who is not known to the average American in order to show to the world that there is freedom for the intellectuals to champion their views heard more by the rest of the world than by the Americans themselves. Hilary Clinton the state department boss would not have been brought to limelight if not for the Monica - Bill activities in the oval room, and the Clinton family would have been poorer if not for Monica Lewinsky.

It was the western media that created and inflated the so called plight of the Tamils and not the other way around. The Tamils on their own could not have penetrated the western media if not for the latter picking them as an instrument to attack the Sinhala Buddhists. We must remember that it was first the Dutch and then the English who created a Tamil ethnic group and then Tamil racism in Sri Lanka. They did that in order to weaken if not destroy the Sinhala Buddhist culture just as much the west established a Jewish state in Palestine to weaken if not destroy the Palestinian nationalism. Sri Lanka may not have oil but has a rich culture and a Chinthanaya that is a challenge to WCM and Greek Judaic Chinthanaya. It is this culture and the chinthanaya that the west wants to destroy if possible, and Tamil racism and terrorism are only tools that were created nurtured and sponsored by the Dutch, the English and now by the Americans who are the present leaders of WCM. I have described this in detail elsewhere and some of these can be found in the website www.kalaya.org. For more than five hundred years the western forces have been plotting against the Sinhala Buddhist culture in addition to exploiting us economically.The colonialism of WCM has three interdependent components economical, political and cultural. The western pundits and their henchmen and henchwomen here who are nothing but infertile imitators forget the cultural component. Only a few writers such as Huntington in the west have recognized the threat from challenges to cultural colonialism. Of course they do not mention cultural colonialism but talk of clash of civilizations, as if civilizations are going to clash on their own without any reason. The bankrupt western reductionist theories that try to reduce politics to economics for the benefit of the westerners and to deceive their imitators in the rest of the world have to be exposed going back to the epistemology of western knowledge.

The west has failed even after employing terrorism through Prabhakaran, whom they could not rescue even after applying pressure on the Sri Lankan government to go beyond the thirteenth amendment. The west then attempted to use the so called diaspora or the exodus Tamils in their countries, however they could not foresee that the exodus had no existence independent of Prabhakaran. This is the main difference between LTTE and Al Qaeda that has an existence independent of Osama bin Laden. The west realized only towards the end of the operations that they were losing together with Prabhakaran and the LTTE, and they soon brought the white flag story and Sarath Fonseka to the forefront. Now having failed that too the west has no alternative but to get involved directly and Ban Ki-moon, Robert Blake and the state Department under Hilary Clinton are working overtime on this last project. There may be another so called international commission to prepare the ground for a humanitarian attack in the name of responsibility to protect the Tamils claiming massacres, depriving human rights etc., of Tamils and we will have to suffer as Libya does when it happens. The west could even prop up a tiny group of Tamil Christians in Sri Lanka to agitate against the Sri Lankan government so that they could invade Sri Lanka under the guise of protecting various rights of the group, with or without taking economic measures. Whatever the mechanism may be the invasion will not be due to the love of Tamils but in order to destroy the Sinhala Buddhist culture which is a threat to WCM. We have to prepare for this so called humanitarian attack from this moment and the government should be ready with a plan to face any eventuality. I would not say that culture is over determined following bankrupt Althusar terminology, but at present the cultural component is more important than the economical component of western Christian colonialism.

Copyright Prof. Nalin De Silva

Saturday 14 May 2011

බ්ලේක්ට නො රැවටෙමු යුද්ධයට සූදානම් වෙමු

පසුගිය දා ලංකාවට පැමිණි ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමෙින්තුවේ දකුණු අසියාව භාර සහකාර ලේකම් රොබටි බ්ලේක් ප්‍රසිද්ධියේ ලංකාව වර්ණනා කර ඇත. ඔහුට අනුව ලංකාව වැදගත් රටකි. සන්හිඳියාව ඇතිකිරීම සඳහා ලංකාව හොඳින් ක්‍රියාකරයි. එසේ කියන අතර ඔහු යුද්ධාපරාධ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට ලංකාව පියවර ගත යුතු යැයි ද පවසයි. ලංකාව ගැන ඇමරිකාව විශ්වාසයක් තබන බවක් මේ කිසිවකින් නො කියැවෙයි.   අපට අවශ්‍ය වන්නේ ඔහු අප්‍රසිි්ධියේ ජී එල් පීරිස් ඇමතිවරයාට කුමක් කීවේ ද යන්න ය. බ්ලේක් ලංකාවට පැමිණ කිලිනොච්චි යෑමෙන් පසුව තම මතය වෙනස්කර ලංකාව ගැන යහපත් සිතුවිලි ඇතිකර ගත්තේ යැයි සිතන්නේ ඔහුට රැවටුණු අයකු පමණ ය. ඔහු කිලිනොච්චියට ගොස් කවුරුන් හමුවූවේ දැයි අපි නො දනිමු. එහෙත් ඔහු ලංකාවට පැමිණියේ ලංකාවට එරෙහිව කරන ඊනියා ජාත්‍යන්තර යුද මෙහෙයුමකට පසුබිම සකස් කිරීමට ය. නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව අප සිටින්නේ ඊනියා පශ්චාත් යුද අවධියක යැයි පඬියෝ කියති. පඬියන්ට කළ හැක්කේ බටහිර උගතුන් කියන යමක් ඔවුන්ගේ ඊනියා කතිකාවතක පුනරුච්චාරණය කිරීම පමණකි. ප්‍රභාකරන් සමග අපේ යුද්ධයක් නො තිබිණි. බටහිරයන්ගේ ආධාරයෙන් හා අනුග්‍රහයෙන් ඔහු සිංහල බෞද්ධ සංස්කෘතියට මෙන් ම හින්දු සංස්කෘතියට ද එරෙහිව කැරැල්ලක් ගසා උතුරු හා නැගෙනහිර පළාත්වල බටහිර ක්‍රිස්තියානි නූතනත්වය යටතේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේ ය. ඔහු ඉංගිරිසින් දහනවවැනි සියවසේ මුල්භාගයේ සිංහලයන්ට විරුද්ධව ආරම්භ කළ දෙමළ ජාතිවාදයේ විකාශයෙන් බිහි වූ ත්‍රස්තවාදී නායකයා විය. ඔහුගේ කැරැල්ල මැඩ පැවැත්වීම ලංකාණ්ඩුවෙි යුතුකමක් හා වගකීමක් විය. එය යුද්ධයක් ලෙස අර්ථදක්වන්නේ නම් ජ වි පෙ භීෂණ සමයෙහි ද මෙරට පැවතියේ යුද්ධයක් බව පිළිගතයුතු වෙයි. එහෙත් එය යුද්ධයක් ලෙස හඳුන්වන බටහිර උගතකු හෝ මෙරට පඬියකු හෝ නැත. ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසුව උදාවූ පශ්චාත් යුද සමයක් ගැන පමණක් ඔවුහු කියති. මෙය සිදුවන්නේ බටහිර බංකොළොත් ඊනියා පශ්චාත්නූතනවාදී දුනුම අනුව නම් කතිකාවතක ය. මෙරට පඬියන්ට අමතක වන දෙය නම් ඊනියා කතිකාවත් ද (ඩිස්කෝස් නමින් ඉංගිරිසියෙන් හැඳින්වෙන මේවාට අප බෞද්ධ සංස්කෘතික නම් යොදා නොගනිමින් යාතිකාවත යැයි කියමු.) සාපේක්‍ෂ බව ය. මේ තකතීරු පශ්චාත් යුද්ධ යාතිකාවතේ නිර්මාතෘවරු බටහිරයෝ ය. මෙය පශ්චාත් යුද සමයක් වනුයේ බටහිරයන්ගේ යාතිකාවතෙහි ය. එය ලෝකයේ අධිපතිවාදී යාතිකාවත වෙයි. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි (ආගමින් බෞද්ධ නොවන එහෙත් සංස්කෘතියෙන් සිංහලයන් වන්නෝ ද වෙති) අප දැන් පිවිස ඇත්තේ පූර්ව යුද්ධ සමයකට ය.

යුද්ධයට තව වැඩි කලක් නැත. අපට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනු ඇත්තේ ත්‍රස්තවාදී ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් ය. ඇමරිකාව තරමි ත්‍රස්තවාදී රටක් අද ලෝකයේ නැත. ඔසාමා බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය අපි අනුමත නො කරමු. එහෙත් බින් ලාඩන් ඝාතනය කිරීම සඳහා ඇමරිකාව වෙනත් ස්වෛරී රටක් වූ පකිස්තානයට බලයෙන් ඇතුල් විය. එය අමු අමුවේ ඊනියා ජාත්‍යන්තර නීතිය කඩා බිඳ දැමීමකි. බින් ලාඩන් මරාදමා ඇත්තේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව ය. බින් ලාඩන් ඇමරිකන් සෙබළුන්ට ප්‍රතිවිරෝධයක් දක්වා නැති බව පැහැදිලි ය. බිරිතානි බීබීසියේ හතරවැනි නාලිකාව අද බින් ලාඩන් ඝාතනය ගැන උනන්දුවක් දක්වන බව පෙන්වීමට උත්සාහ ගනියි. අප මේ බොරුවට ද නො රැවටිය යුතු ය. බටහිරයන් මානව අයිතිවාසිකම්වලට ගරු කරන බව පෙන්වීම මේ උත්සාහයේ අරමුණ වෙයි. එහෙත් සියල්ල අවසානයේ දී කියනුු ඇත්තේ ඇමරිකාව දැන් සිට ම කියන ආකාරයෙන් බින් ලාඩන් අත් අඩංගුවට ගැනීමට විරුද්ධවීම නිසා ඔහු භාතනය කිරීමට සිදු වූ බව ය. බින් ලාඩන් අවසාන මොහොතෙහි නිරායුධ ව සිට ඇත. එවැන්නකුගේ විරුද්ධතාවක් ආයුධ යොදා නොගනිමින් යටපත් කිරීමට ඇමරිකන් සුපිරි භටයන්ට නොහැකි වී යැයි අපි නො සිතමු. බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය අනුමත නොකළ ද නිරායුධ මිනිසකු අත් අඩංගුවට ගෙන මරාදැමීම පිළිබඳ ව බටහිරයන් හා මානව හිතවාදී පඬියන් කුමක් කියන්නේ දැයි දැනගැනීමට අපි පුළ පුළා බලා සිටින්නෙමු. එදා ප්‍රභාකරන් මියගියේ අත්අඩංගුවේ සිටිය දී බවට බොරු ප්‍රචාරයක් ගෙන යෑමට සිංහල විරෝධී ජනමාධ්‍ය උත්සාහ කළ බව අපි දනිමු. කෙසේ වෙතත් බින් ලාඩන් ඝාතනය ගැනත් ඉන් පෙර අවුරුදු දහයක පමණ කාලයක් තිස්සේ බින් ලාඩන් සෙවීමට ගිය ඇමරිකානුන් අතින් ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ මියගිය දසදහස් ගණනක් වූ අහිංසක නිරායුධ සිවිල් වැසියන්ගේ ඝාතන ගැනත් සොයා බැලීමටත් කොමිසම් පත්කිරීමට ලංකාව පියවර ගතයුතු යැයි සිතමි. ඔසාමාගේ ත්‍රස්තවාදයට විරෝධය දක්වන අතර ම  ඔබාමාගේ ත්‍රස්තවාදයට ද අප විරුද්ධ විය යුතු ය.

බින් ලාඩන් ත්‍රස්තවාදියකු කළේ ඇමරිකාව ය. ඔවුහු රුසියාවට විරුද්ධව ඔහුට ත්‍රස්තවාදී පුහුණුවක් ලබා දුන්නෝ ය. එහෙත් පසුව ඊශ්‍රායලයෙහි ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව ඔහු එයට සහාය දුන් ඇමරිකාවට ද විරුද්ධ විය. ඇමරිකාව හා බටහිර රටවල් පලස්තීනයේ මුස්ලිම් ජනයාට විරුද්ධව හැකිනම් ඔවුන් නැතිකිරීමට බටහිර ආසියාවෙි ඊශ්‍රායලය ඇටවී ය. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය තහවුරු කරගැනීමට ය. බටහිරයෝ (පළමුව ලන්දේසිහු දෙවනුව ඉංගිරිසිහු) සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජනයා ආනයනය කර දෙමළ ජාතිවාදය ඇතිකළහ. දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදී නායකයා වූයේ ප්‍රභාකරන් ය. ඔහුගේ ආධ්‍යාත්මික නායකයෝ හින්දු පූජකවරුන් නොව ක්‍රිස්තියානි/කතෝලික පූජකවරු වූහ. ප්‍රභාකරන් යොදාගනු ලැබුයේ ද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කර හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට ය. බටහිරයන් ප්‍රභාකරන්ට මුදල් හා ආයුධ සැපයූ නමුදු පසු කලෙක ප්‍රභාකරන් බටහිරයන්ට ද කරදරයක් විය. ඔහු තම සීමා නොදැන ක්‍රියා කළ උන්මන්තකයකු ලෙස බටහිරට පෙනී ගියේ යැයි සිතිය හැකි ය. බටහිරයන්ට ඔහු ලවා දෙමළ ජාතිවාදය ජයග්‍රහණය කරවීමට නොහැකි බව පෙනී යන්නට ඇත. එහි ප්‍රතිඵලය ලෙස නමිබියාර් හා පිල්ලෙයි වැන්නන් කෙතෙක් උත්සාහ කළ ද බටහිරින් ප්‍රභාකරන්ට ලැබුණු සහාය අඩුවන්නට ඇත. එහෙත් බටහිරයෝ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි තම අධිපතිවාදී ක්‍රියා අත් නොහළහ. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතාට නොයෙකුත් බලපෑමි කළහ. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන යෝජනා ඔවුහු ජනාධිපති තුමාට ඉදිරිපත් කළහ. මෙහි දී ඉන්දියාව ද බටහිරයන් සමග එකට කටයුතු කර ඇති බව පෙනී යයි. එහෙත් ජනාධිපතිතුමා බටහිරයන් ඉදිරිපත්කළ යෝජනාවලට එකඟ නො වී ය. අවසානයේ දී පරාජය වූයේ ප්‍රභාකරන් හා ත්‍රස්තවාදය පමණක් නොව බටහිරයන්ගේ හා ඉන්දියාවේ ද අවශ්‍යතාවන් ය. බටහිරයන් තමන් පරාජය වී ඇති බවත් මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට වඩා දක්‍ෂ’යකු බවත් තේරුමි ගත්තේ ප්‍රභාකරන් මිය යෑමට ආසන්න මොහොතේ ය. එදා සිට ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතාත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් දංගෙඩියට යැවීමට හා ආණ්ඩුව වෙනස්කිරීමට උත්සාහ කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සරත් ෆොන්සේකා මහතා ලවා ඒ කරවීමට ය. සුදු කොඩි කතාව ඇරඹුණේ එලෙස ය. අපේ සංස්කෘතියට සාපේක්‍ෂව අදක්‍ෂයකු වූ රනිල් වික්‍රමසිංහ (ඔහු එංගලන්තයේ ඉපදිණි නමි අගමැති වන්නට තිබිණි) වෙනුවට සරත් ෆොන්සේකා ඉදිරියට පැමිණියේ එලෙස ය.

බටහිරයන් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට, එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට, ප්‍රභාකරන්ගෙන් පසුව යොදා ගැනීමට බලාපෙරොත්තු වූයේ විසිරුණු දෙමළ ජනයා ය. එහෙත් ඔවුන්ට ප්‍රභාකරන් නැතිව පැවැත්මක් නො වී ය. අද ඇමරිකානුවන් හා ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයෝ තුමූ ම ඒ සඳහා ඉදිරිපත් වී සිටිති. බ්ලේක් ප්‍රසිද්ධියේ කුමක් කීව ද, ඔහු පැමිණ ඇත්තේ යුද්ධයේ පිඹුරුපත් ද සමගින් ය. ඇතැමිවිට බටහිරයන් කිනමි ක්‍රමයකින් වුවත් තවත් ඊනියා ජාත්‍යන්තර කොමිසමක් පත්කිරීමට ඉඩ ඇත. ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දහතුනට එහා යන සංශෝධන ඉදිරිපත් කරනු ඇත්තේ ආක්‍රමණයක තර්ජන ද ඉදිරිපත් කරමිනි. ලංකාවෙි තෙල් හෝ වෙනත් එවැනි සම්පත් හෝ නැතිව අප ආක්‍රමණය කිරීමට ඇමරිකාවට හා යූරෝපයට ඇති අවශ්‍යතාව කුමක් දැයි පඬියන් ප්‍රශ්න කරනු ඇත. ඔවුන් ලෝකය දකින්නේ බටහිරයන් ඔවුන්ට දී ඇති දේශපාලන ආර්ථික ඇහෙනි. එහෙත් බටහිරයෝ තම සංස්කෘතික හා දේශපාලන (ආර්ථික නොවන) වුවමනාවන් පඬියන්ට නො කියති.   බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට සංස්කෘතික (ආධ්‍යාත්මික) වශයෙන් ඇති ප්‍රධාන අභියෝගය ථෙරවාද බෞද්ධ සංස්කෘතිය ය. බටහිරයන්ගේ ආක්‍රමණයකට අප අද සිට ම සූදානම් විය යුතු ය. ජනාධිපතිතුමා ආරක්‍ෂා කරගන්නා අතර රට ජාතිය ආගම (සසුන) ආරක්‍ෂා කරගැනීම අපේ කාර්යභාරය වෙයි. අපේ හමුදා ශක්තිය වර්ධනය කරගැනීමට ක්‍රියා කරන අතර අපි ආධ්‍යාත්මික වශයෙන් ද සන්නද්ධ විය යුත්තෙමු. එහි දී අපේ ගුරුවරයා අන් කිසිවකු නොව ගැමුණු කුමරු ය. එළාරට විරුද්ධව කළ සටන ආයුධවලින් පමණක් කළ සටනක් නො වී ය. එහි දී ආධ්‍යාත්මික ශක්තිය ද එතුමා යොදා ගත්තේ ය. ජාතියක් ලෙස ආධ්‍යාත්මික ශක්තිය වැඩිකර ගැනීමට අප කළ හැකි සෑම දෙයක් ම කළ යුතු ය. අඩුම තරමින් ජාතියේ විශාල පිරිසක් පන්සිල් රකින්නන් බවට පත්විය යුතු ය. අනුරාධපුර යුගය අපේ ස්වර්ණමය යුගය වූයේ අපේ ආධ්‍යාත්මික ශක්තිය ද ඒ යුගයේ ඉහළ මට්ටමක තිබූ බැවිණි. එකල රජ කුමරුවෝ ද භාවනා කළහ. රජවරු බෝසත්වරු වූහ. එළඹෙන සම්බුද්ධත්ව ජයන්තියට අපි අලුත් පැතිකඩක් එකතු කරමු. ජාතියේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීමට අපි අධිෂ්ඨාන කර ගනිමු.

දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම

දැනුම පිළිබඳ අපේ ප්‍රධාන ප්‍රවාදය වන්නේ එය අපේ නිර්මාණයක් (සංස්කරණයක්) බවත් අප ඒ නිර්මාණය කරන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතියට (එනම් පංචෙන්ද්‍රියයන්ට), සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂ බවත් ය. ඒ සෑම දැනුමක් ම අවසානයේ දී නිර්මාණය වන්නේ මනසෙහි බව ද අමතක නොකළ යුතු ය. මෙහි දී මනස යනුවෙන් ගනු ලැබෙන්නේ ද මනසට ම සාපේක්‍ෂ වූ මනසක් බව ද අවධාරණය කළ යුතු ය.

එහෙත් මෙයින් කියැවෙන්නේ යම්කිසි පුද්ගලයකුගේ සියළු දැනුම් ඒ පුද්ගලයා ස්වාධීන ව වෙනත් කිසිවකුගේ සහායක් නොමැති ව නිර්මාණය කළ බව නො වෙි. අප කිසිවකු එසේ කිසිම කෙනකුගේ සහායක් නොලැබ දැනුම් ලබාගෙන නැත. අපේ බොහෝ දැනුම් අපි දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, මිතුරන්ගෙන් ඇතැමි විට සතුරන්ගෙන් ආදී වශයෙන් ලබාගෙන ඇත්තෙමු. එහෙත් ඒ සෑම දැනුමක් ම අවසානයේ දී අවබෝධ කරගනු ලබන්නේ අප විසින් ය. අප අවබෝධ කරගන්නේ අපට වැඩිහිටියන් කියා දුන් දෙය ම යැයි අපට කිවහැකි නො වෙි. අප නොදැනුවත් ම අපෙන් ද යම්කිසිවක් එහි දී එකතු වෙයි. එසේත් නැතහොත් අඩුවෙයි.

අපේ ගුරුවරුන් අපට උගන්වන සියල්ල ඒ අයුරින් ම අවබෝධ කරගැනීමට බොහෝ දෙනා අසමත් වෙති. ගණිත සංකල්ප පිළිබඳ අපට ඇති අවබෝධය අඩුපාඩුකම් සහිත ය. එසේත් නැතහොත් රසායන විද්‍යාවෙහි නොයෙකුත් පරීක්‍ෂණවල දී අපි අපේ යමක් ද එයට එකතු කර ගන්නෙමු. අප අණ්වීක්‍ෂයෙන් බලන්නේ ගුරුතුමා හෝ ගුරුතුමිය හෝ අපට කියා දී ඇති ආකාරයෙන් ම නො වේ. ආසියාතිකයෝ විශේෂයෙන් ම සිංහල බෞද්ධයෝ සංගීතයෙහි ද තම තමන්ගේ යමක් එකතු කිරීමට කැමැත්තක් දක්වති.

අප අසන කතන්දර ද වෙනත් පුද්ගලයකුට කියන්නේ අපට කතාව කියාදුන් ආකාරයෙන් ම නො වේ. ඉතිහාස කතන්දර ද සන්නිවේදනය වනුයේ යම් යම් එකතුකිරීම් අඩුකිරීම් සහිතව ය. එපමණක් නොව වත්මන් දේශපාලන කතා වුව ද එක ම ස්වරූපයක් නොගනියි. අපේ දැනුම වෙනත් අයගෙන් ලබාගත්ත ද එහි යම්කිසි නිර්මාණයක් වෙයි. මේ නිර්මාණය (සංස්කරණය) ඉතාමත් සුළු එකක් විය හැකි ය. ඒ නිර්මාණය කෙරෙන්නේ ඒ ගැන සතියෙන් (සිහියකින්) නොවිය හැකි ය. එහෙත් අපි සතියෙන්් තොරව වුව ද නිර්මාණය කරන්නෙමු.  

මේ අතර යම් යම් දේ දහසක් නයින් දැනගන්නෝ ද වෙති. නයින් යන්නෙන් මෙහි දී කියැවෙන්නේ න්‍යායන්ගෙන් යන්න ය. අපට කියා දෙන යමක් දහසක් ආකාරයෙන් දැනගැනීමට එවැනි පුද්ගලයෝ සමත් වෙති. තමන්ට දැනුම ලබාදුන් තැනැත්තා වුව ද නොසිතූ ආකාරයකින් ඒ විවරණය කිරීමට ඔවුන්ට හැකි වෙයි. එසේත් නැතහොත් ඒ කියා දුන් දෙය වෙනස්කර වෙනත් ම දෙයක් කීමට ද ඇතැමුන්ට හැකි වෙයි. ඒ කුමක් වුවත් ඔවුහු ද නිර්මාණ කරති.

සතිය ඇතිව හෝ නැතිව හෝ කරන මේ නිර්මාණ කලින් කී පරිද්දෙන් අවසාන විග්‍රහයෙහි දී මනසින් සිදු කෙරෙන්නේ මනසට හා සංස්කෘතියට ද සාපේක්‍ෂව ය. අපට මෙහි දී වැදගත්වන්නේ මනසට සාපේක්‍ෂව හා සංස්කෘතියට සාපේක්‍ෂව කෙරෙන නිර්මාණ ය. මනස අපේ සංස්කාරික කුසල් අකුසල් ශක්තිවලින් යුක්ත වෙයි. අප මනසින් කරන නිර්මාණවල දී මේ කුසල් අකුසල් ශක්තීන් බලපාන්නේ යැයි සිතිය හැකි ය. සංස්කෘතියට සාපේක්‍ෂව දැනුම් නිර්මාණය කිරීම වඩා පැහැදිලි යැයි සිතමි.

අපේ සංස්කෘතියෙහි අනාදිමත් කාලයක සිට දෙවියන්ගෙන් ද දැනුම ලබාගෙන ඇති බව පැහැදිලි ය. අපේ පමණක් නොවෙ ලොවේ වෙනත් සංස්කෘතීන්වල ද එසේ ලබාගත් දැනුම ගැන සඳහන් වෙයි. එහෙත් අද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි එසේ දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම ප්‍රසිද්ධියේ ප්‍රතික්‍ෂෙප කෙරෙයි. එබැවින් ඒ සංස්කෘතික ආධිපත්‍යය පිළිගන්නා ඇතැම් සිංහල බෞද්ධයෝ ද දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම ප්‍රතික්‍ෂෙප කරති. බටහිර යුදෙවි ක්‍රිස්තියානි සංස්කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අපට කියන්නේ පංචෙන්ද්‍රිය මත පමණක් පදනම් වූ දැනුමක් ගැන විශ්වාස කිරීමට ය.

දෙවියන්ගෙන් ලැබෙන දැනුම අපි පිළිගනිමු ද? එසේත් නැත්නම් ප්‍රතික්‍ෂෙප කරමු ද? අපේ ජනතාව පේන අසති. අංජනම් එළි බලති. ආරූඪයෙන් හෝ නැතිව හෝ දෙවියන් සම්බන්ධවන තැන්වලට ගොස් විවිධ තොරතුරු ලබාගනිති. ලෙඩට බෙහෙත් කරවා ගනිති. යන්ත්‍ර මන්ත්‍ර ආදිය ගැන විශ්වාස කරති. මෙරට දේවාල ඉදිවී තිබෙන්නේ බුදුදහම නිල වශයෙන් හඳුන්වා දීමට ද පෙර ය. බුදුදහම හඳුන්වා දෙනු ලැබීමෙන් තත්වය වෙනස් නො වීය . දේවාල කඩා බිඳ දැමීමට ඉදිරිපත් වූවකු නැත. දෙවියන්ට විරුද්ධව ඇතැමි අය ඇතැම් කාලවල නොයෙකුත් දේ කියා තිබුණ ද ජනතාව දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම හා එයටත් වඩා ආරක්‍ෂාව පැතීම අත්නොහැරිය හ.

එහෙත් ඇතැම් අවස්ථාවක දෙවියන් විසින් මිනිසන් රවටනු ලැබූ අවස්ථා ද නැත්තේ නො වේ. ඒ ඒ දේව මණ්ඩලවල නායක පදවියට විවිධ දෙවිවරු කලින් කල පත්විය හැකි නමුදු ඒ සියළු නායක දෙවියන් පදවියෙන් ම හඳුන්වනු ලැබීම සම්ප්‍රදාය වී ඇත. අප ඉහත සඳහන් කර ඇත්තේ නාථ දෙවියන් ලෙස හැඳින්වෙන නාථ දේව මණ්ඩලයෙහි නායක පදවියට මෑතක දී මෛත්‍රී බෝසතාණන් වහන්සේ පත් වී ඇතැයි කියැවෙයි. එයට කලින් නාථ දෙවියන් ලෙස කටයුතු කර ඇත්තේ වෙනත් දෙවි කෙනෙකි.

එමෙන් ම අද විෂ්ණු දේව මණ්ඩලයෙහි අධිපති ලෙස කටයුතු කරන විෂ්ණු දෙවියන් බුදුන් වහන්සේ වැඩ සිටි සමයෙහි සිටි විෂ්ණු දෙවියන් නොව වෙනත් දෙවි කෙනකු යැයි කියැවෙයි. එකල විෂ්ණු දෙවියන් ලෙස කටයුතු කළ දෙවියන් යම් සුළු වරදක් කිරීමේ හේතුවෙන් තනතුරින් ඉවත් කෙරී ඇත. එසේ වුවත් එකල සිටි විෂ්ණු දෙවියන් අද නැවතත් තම බලය ගැනීම සඳහා කටයුතු කරන බවට විශ්වාසයක් වෙයි. එය එසේ වීමට එතරම් කාලයක් ගත නොවනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. අද විෂ්ණු දෙවියන් ලෙස පෙනී සිටිමින් අප රවටන්නේ ලංකාව රැකීම තම කාර්යයක් කරගත් දෙවි කෙනකුන් නොවන බැවින් එකල විෂ්ණු දෙවියන් ලෙස කටයුතු කළ දෙවියන් නැවතත් විෂ්ණු දෙවියන් බවට පත්කරගැනීම උදෙසා අපට ද භාවනාවෙන් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත හැකි ය. මේ කටයුත්ත ඉක්මනින් කරගැනීම බුදු සසුනේ යහපත සඳහා ම වෙයි. 

අප මේ දෑ මෙලෙස කියන්නේ කෙසේ දැයි කිසිවකුට ප්‍රශ්නයක් විය හැකි ය. මා කලින් කියා ඇති ආකාරයට මට දෙවිවරුන් සමග සෘජු සම්බන්ධයක් නැත. මට මේ කරුණු ලැබෙන්නේ වක්‍රව ය. ඒ කරුණු එක් කතාවකට ගොනු කර ගැනීමට මම උනන්දු වෙමි. මෙහි වෙනත් කිසිවක් නැත. මා වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් කරුණු දැන ගන්නා ආකාරයට මෙන් සෘජුව නොවුණ ද, වක්‍රව දෙවියන්ගෙන් කරුණු දැනගන්නා ක්‍රමයක් වෙයි. අප බොහෝ දෙනකුට අයින්ස්ටයින්, බෝර්, ෂ්වාර්ස්චයිල්ඩි, වොට්සන්, ක්‍රික් ආදී විද්වතුන්ගෙන් සෘජුව දැනුම ලබාගැනීමෙි අවස්ථාවක් නො තිබිණි. අප ඒ දැනුම් ලබාගත්තේ පොත්වලින්, වෙනත් ගුරුවරුන්ගෙන් ආදී වශයෙන් වක්‍රව ය. දෙවියන්ගෙන් දැනුම ලබාගැනීමේ දී ද එවැනි ක්‍රියාවලියක් සිදුවෙයි. ඇතැමුන්ට දෙවිවරුන්ගෙන් සෘජුව දැනුම ලබාගැනීමට හැකි අතර බොහෝ දෙනකුට ඒ ලබාගත  හැක්කේ වක්‍රව ය. ඉතා වැඩි පිරිසකට දෙවිවරුන්ගෙන් මෙන් ම ඉහත සඳහන් ගණයේ විද්වතුන්ගෙන් ද සෘජුව හෝ වක්‍රව හෝ දැනුම ලබාගැනීමේ ක්‍රමයක් නැත.

අපේ සංස්කෘතියෙහි දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම පිළිබඳ පුර්වාදර්ශ මෙන් ම අත්දැකීම් ද වෙයි. අපේ සංස්කෘතියෙහි ඇති ඒ දැනුම අපට අද ද දෙවියන්ගෙන් දැනුම ලබාගැනීමේ දී ද උපකාර වෙයි. අද ඇතැම් උගතුන් යැයි කියා ගන්නා අයට දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන් ඇතැමි කරුණුවලින් අපේ සංස්කෘතියෙහි සිටියත් දැනුම සම්බන්ධ කරුණෙහි දී අපේ සංස්කෘතියෙහි නො වීම ය. ඔවුන් එහි දී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය අපට ප්‍රසිද්ධියේ උගන්වන ස්ථාවරයෙහි ය.

අදාෘෂ්‍යමාන දෙවියන් නැතැයි සලකන, අඩුම තරමින් අපට කියන, යුදෙවි ක්‍රිස්තියානි සංස්කෘතිය කිසි දිනෙක අපට අපේ දෙවිවරුන්ගෙන්. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙන් දැනුම ලබාගැනීමට අනුබල දේවි යැයි සිතිය නො හැකි ය. එසේ ඉඩ දීම මගින් සිදුවන්නේ බටහිරයන්ගේ ලෝක ආධිපත්‍යය බිඳීමට කටයුතු සම්පාදනය වීම ය. අප සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙන් ලබාගන්නා දැනුම (දෙවියන් ගැන දැනුම ද ඇතුළු විවිධ දැනුම), අවසානයේ දී යොදාගැනෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට, එහි ආධිපත්‍යයට අභියෝග කර එකී ආධිපත්‍යයෙන් මිදීමට ය. ඒ බව බටහිරයන් දන්නේ දැයි නො දනිමි. කෙසේ වෙතත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුමෙහි දෙවිවරුන්ගෙන් ලබාගන්නා දැනුම මිථ්‍යාවක් යැයි ප්‍රකාශ කිරීමට පෙළඹී ඇත්තේ ඇයි ද යන ප්‍රශ්නය වෙයි. අප මේ ප්‍රශ්නය නගන්නේ බටහිර විද්‍යාවෙහි හා බටහිර අනෙක් දැනුම්වල ආධිපත්‍යය ඒ සමග බැඳී ඇති බැවිනි.

බටහිරයන්ට කිසි දිනෙක දෙවියන්ගෙන් ලැබුණු දැනුමක් වී දැයි කීමට නො හැකි ය. එහෙත් යුදෙව්වන් නම් ඔවුන්ගේ ඉතිහාසයේ මුල සිට ම (පරණ තෙස්තමේන්තුව යනු එක් අතෙකින් ඔවුන්ගේ ඉතිහාසය ලෙස සැලකිය හැකිය), දෙවියන්ගෙන් දැනුම ලබාගෙන ඇත. යුදෙව් ජනවර්ගය ආසියාතික ජනවර්ගයක් බවත් ඔවුන්ගේ ඉතිහාසය බටහිර ආසියාවේ පලස්තීනය වටා බැඳී ඇති බවත් අමතක නොකළ යුතු ය. ඔවුන්ගේ ඉතිහාසය ඇරඹෙන්නේ ඔවුන් පලස්තීනයෙන් පිටමං කෙරී ඊජිප්තුවේ වහල් සේවයේ යෙදී සිටි කාලයේ සිට ය.

පසු කලෙක යුදෙව් ජනවර්ගය යුරෝපයට සංක්‍රමණය වී ඇත. බටහිරට සංක්‍රමණය වූ යුදෙව්වන් එහි ජනජීවිතය සමග බැඳුණු ආකාරය කෙසේ ද යන්න යුරෝපයේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය නිර්මාණය වීමේ දී බලපා ඇති බවට සැකයක් තිබිය නො හැකි ය. බටහිර චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී ඇතැයි අපි කියමු. ඉතා පැහැදිලිව වත්මන් බටහිරයන්ට ග්‍රීකයන්ගේ ද යුදෙව්වන්ගේ ද ක්‍රිස්තුස් වහන්සේගෙන් පසුව ඇති වූ යුදෙවි දහම පුළුල් කිරීමෙි ව්‍යාපාරයේ ද බලපෑම ඇත. එහෙත් අපට ප්‍රශ්නයක් වන්නේ පැරණි ග්‍රීකයන් ද යුදෙව්වන් ද දෙවියන් සමග සම්බන්ධකම් පවත්වා තිබිය දී වත්මන් බටහිරයන් එය ප්‍රතික්‍ෂෙප කරන්නේ ඇයි ද යන්න ය.

How about a commission of inquiry against Obama

Osama bin Laden has been killed by the Americans in a foreign country, namely Pakistan, unlike Prabhakaran who was killed in Nandikadal by the Sri Lankan forces. Nandikadal is not in a foreign country and Sri Lankan forces were not engaged in any type of terrorist activities when they killed Prabhakaran. However can the Americans say the same with regard to bin Laden? I am not defending bin Laden but I am interested in finding out the role of Pakistan in this final episode in his life. Apparently the Pakistani government was not aware of the six Americans coming to Pakistan, without visas I suppose, and killing bin Laden and few others, all in the name of human rights democracy and other so called virtues.

However, there is the question of innocent people who died in both Pakistan and Afghanistan, as a result of the operations that were launched to capture bin Laden dead or alive during the last ten years after the so called September eleven terrorist attack. The problem about media and power play is that though we in Sri Lanka are aware of September eleven the Americans, I suppose including Chomsky the great fighter, are not aware of central bank, Arantalawa, Kebithigollawa etc. We have had so many September elevens though the “international media” have not given much publicity to those terrorist activities. It happened so due to two reasons. One is that Sri Lanka is an insignificant small country in the eyes of the Americans and the west. Two the atrocities by the LTTE had to be covered up as the west was behind them. Americans are enjoying and celebrating the killing of their most wanted man, though he was first trained by the same Americans against Russia. I am not sure of any American speaking against the killing of bin Laden, or of making statements on the thousands and thousands of innocent men, women and children killed by the Americans in the process. I am in particular interested in learning what Chomsky has to say on the killing of innocent people.

Would Ban Ki – moon appoint a committee to advise him on USA following the killing of Osama bin Laden? Will there be accusations of war crimes against Obama and the American armed forces? I do not think that innocent men and women were killed by the Sri Lankan armed forces during the final stages of the humanitarian operations. There are many Tamil politicians and civilians who have stated that during the last few days of the operations it was the LTTE who killed innocent people who wanted to leave the terrorists and proceed towards the Sri Lankan armed forces. However, it has been established beyond any doubt that innocent civilians in thousands have been killed by the Americans. Would any humanitarian organization, civil rights movement, human rights champions agitate for the appointment of a so called independent commission to look into the human rights violations by the American armed forces.

Obama claims justice has been done. It is not only the death of a single man called bin Laden that comes to our minds when Obama says justice has been done. What does he say on the death of innocent people some of whom probably did not know the difference between Obama and Osama? A cynic would even say that there was no difference between the two men and both commanded terrorist groups. The difference between Obama and Osama was mainly that the former supported Israel while the latter was fighting a war to liberate Palestine. Though very few people would condone the terrorist activities of bin Laden, I suppose many people would claim that in opposing Israel and fighting to liberate Palestine he had not committed a crime.

Compare bin Laden and Prabhakaran on one side and Obama and Mahinda Rajapakse on the other side. Both bin Laden and Prabhakaran have made innocent people die, but the innocent people killed by the LTTE are very much more than those killed by Al Qaeda. On the other hand Obama and Rajapakse have both defeated terrorist groups that were against their respective countries. However, the comparison ends there as political and other interests of western Christian colonialism take over. The western forces were behind the LTTE but I do not think any country supplied arms to Al Qaeda. There were no Solheims in the case of Al Qaeda who wanted peace talks with bin Laden. Incidentally Solheim who was a peace dove has apparently become a war monger wanting some action against Sri Lankan government. In any event no peace talks were held between the American government and Al Qaeda anywhere in the world. There were no Jehan Pereras, Saravanamuttus, Rayappu Josephs, Chikeras nor Sunanda Deshapriyas, so called journalists san borders or nationalities to agitate for peace talks between Obama and Osama.

The westerners are adamant that Mr. Mahinda Rajapakse and Sri Lankan armed forces should be punished for so called war crimes, and Robert Blake is coming to Sri Lanka with the intention of appointing a war crime tribunal against the President, the Defense Secretary and the armed forces in general. The background to all these war crimes was the so called white flag incident which we knew even then was the beginning of a process that would lead to a so called international war crime tribunal. Whatever may be the response of Mr. Mahinda Rajapakse to the visit of Blake, a war crime tribunal and/or worst an attack on Sri Lanka by the NATO is on the cards. Americans may even bombard Sri Lanka with missiles as in Libya targeting the Rajapakses and we have to be prepared for any eventuality. We will have to fight unconditionally against western Christian colonialism to safeguard “Budunge Deshaya” in this year of Sambuddhathva Jayanthi”.

However there would be no tribunals against Obama or the American armed forces and Obama has all of a sudden become a hero in the brand of Washington, Lincoln to the Americans. We may compare Mahinda Rajapakse with Parakrambahu the sixth and others, but then who in the west have heard of these kings to the east of Suez. This blatant asymmetry with respect to information is due to the education system propagated by western Christian modernity. The Sinhala people, like the Palestinians who defend their motherland against an artificial Israel, are about to be punished for defending their territory successfully against western inspired and aided LTTE. If by any means the Palestinians are able to defend their land and defeat Israel there would be charges of war crimes and USA and NATO would have a field day in western Asia.

I am not blaming the Americans and the rest of the west of hypocrisy or double standards. As I have maintained throughout they have only one standard. It is we who interpret it as double standards. The west may be accused of many things, but not of double standards. The west is only safeguarding their interests and their hegemony in world politics. It is the western Christian modernity, the Judaic Christian culture and the Greek Judaic Chinthanaya that they want to protect. The so called R2Ps stemmed from the desire to protect and maintain the western hegemony and all the rest can be deduced from these simple observations. Israel was established in west Asia to weaken if not destroy the Muslim culture and protect the west from any challenges from the Muslims. Though on a smaller scale Tamil racism acts in the interests of western hegemony against Sinhala Buddhist culture. The human rights, fundamental rights, democratic forces, war crimes are not so called objective entities but sentiments decided relative to the interests of western hegemony. Would Chomsky ask for war a commission of inquiry not to mention a war crime tribunal against Obama and the American armed forces?

Copyright Prof. Nalin De Silva

Sunday 8 May 2011

අල්මාරියේ දැමිය නොහැකි මනස

අප දෙවියන් භූතයන් ආදීන් ආරූඪවීමි ආවෙිශවීමි ගැන කතා කළේ හුදෙක් ඒ ගැන කතාකිරීමට තිබූ අවශ්‍යතාවක් නිසා නො වෙි. අපට අවශ්‍ය වූයේ අපේ මනස සක්‍රීය නොවන අවස්ථා ද ඇති බව සඳහන් කිරීමටත් ඒ අවස්ථාවල දී අපේ මනස් ක්‍රියා කරන්නේ අපේ නොවන ආකාරයටත් භූතයන්ට හා වෙනත් ප්‍රාණීන්ට අවශ්‍ය ආකාරයටත් බව පෙන්වීමට ය. එහෙත් සම්‍යක්දෘෂ්ටික දෙවිවරු එසේ නො වෙති. එතුමෝ මිනිසකුට ආවෙිශ නො වෙති. එසේත් නැතහොත් ආරූඪ නො වෙති. එතුමෝ මනුෂ්‍ය ප්‍රාණියකු සමග  එවැනි අදවස්ථාවල දී සංවාදයෙහි නිරත වෙති. එය වක්‍රව මෙන් ම සෘජුව ද සිදුවිය  හැකි ය.

සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ට ඕනෑම මිනිසකු සමග සෘජුව සම්බන්ධ විය නො හැකි ය. ඒ සඳහා අදාළ පුද්ගලයා පාරමී දම් පුරා සිටිය යුතු අතර සසර යම් සමිබන්ධකමක් ද තිබිය යුතු ය. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ට අනෙක් මිනිසුන් සමග වක්‍රව සමිබන්ධවීමට, එනමි සෘජුව සම්බන්ධවන්නකු මගින් සම්බන්ධවීමට හැකියාවක් වෙයි. සම්‍යක්දෘෂ්ටික දෙවියන් සමග සෘජුව හෝ වක්‍රව සමිබන්ධවන්නෝ සවිඥානික ව එසේ කරති. භූතයකු යමි පුද්ගලයකුට ආරූඪ වූ විට ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය භූතයා විසින් පාලනය කෙරෙයි. අදාළ පුද්ගලයාට සවිඥානික ව තමා යන හැඟීම නැති වෙයි. එසේ භූතයකු ආවෙිශ වූ විට ක්‍රියා කරන්නේ භූතයා මිස තමා නො වෙි.

ඇතැමි මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට ද මිනිසුන් සමග සෘජුව සමිබන්ධවීමෙි හැකියාවක් ඇති බව පෙනෙයි. එහි දී කිනම් අවශ්‍යතා සම්පුර්ණ විය යුතුව ඇත්දැයි කීමට නො හැකි ය. යෙහෝවා දෙවියන් ඇතැමි යුදෙවිවන් සමග ද ග්‍රීක දෙවියන් ඇතැම් ග්‍රීකයන් සමග ද වෛදික දෙවියන් ඇතැමි වෛදිකයන් සමග ද සෘජුව සම්බන්ධ වී ඇති බව පෙනී යයි. අප්‍රිකානු සංස්කෘතීන්ගේ ද දෙවියන් සමග පැවැත් වූ සෘජු සමිබන්ධකම් ගැන කියැවෙන්නේ යැයි සිතිය හැකි ය. 

මෙයට අමතර ව ඇතැම් මනුෂ්‍යයන්ට භූතයන්ගෙන් හා යමි යමි දෙවිවරුන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව ද වෙයි. එහි දී එක්තරා ආකාරයකින් අදාළ මනුෂ්‍යයාගේ අණට භූතයා හෝ දෙවියන් හෝ යට වෙයි. යකුන් බැඳ ගෙන වැඩගත් අය ගැන අපේ සංස්කෘතියෙහි සඳහන් වෙයි. ඒ සඳහා අදාළ පුද්ගලයන්ට යමිකිසි බලයක් තිබිය යුතු බව පැහැදිලි ය. එයට ආධ්‍යාත්මික බලය මෙන් ම යන්ත්‍ර මන්ත්‍ර ඔස්සේ ලබාගන්නා බලය ද ඇතුළත් වෙයි. එහෙත් මෙහි අනතුරක් ද වෙයි. මිනිසුන් තමන්ගෙන් වැඩ ගැනීම පිළිබඳ ව යක්‍ෂයන් හා භූතයන් පසුවන්නේ යහපත් සිතින් නො වෙි. අවස්ථාව ලද කල්හි, අදාළ පුද්ගලයා යමි හේතුවක් නිසා දුර්වල වූ කල්හි, ඒ පුද්ගලයාට විණ කිරීමට භූතයෝ ඉදිරිපත් වෙති. අපේ සංස්කෘතියේ කොටසක් වූ සිංහල භාෂාව මේ සියල්ල ඉස්මතු කර දක්වයි. ආවේෂය, ආරූඪය, අණ විණ ආදී යෙදුම් ගැන සිතා බලන්න.

එසේ භූතයන්, මිථ්‍යාදෘෂ්ටික දෙවියන් ආදීන් ආවෙිෂ නොවූ අවස්ථාවල අපට අපේ මනස යනුවෙන් යමක් ඇති බව දැනෙයි. කලින් කියා ඇති ආකාරයට මගේ මනස මගේ සරමෙන් වෙනස් වෙයි. මා නොමැතිව මගේ සරම ගැන සිතන්නට හැකි වුවත්, මගේ සිරුර ගැන සිතන්නට හැකි වුවත්, මා නොමැතිව මගේ මනස ගැන සිතීමට නො හැකි ය. මගේ සරම මෙන් මගේ මනස පැත්තකින් තබා මට ඉවත්ව ගිය නො හැකි ය. මා යනු මගේ මනස මිස වෙනත් කිසිවක් නො වේ. මගේ මනස පුටුව උඩ හෝ අල්මාරියෙහි හෝ ඇත යනුවෙන් අපට කිව නො හැකි ය.

මා මිය යෑමෙන් පසු, එනමි වත්මන් භවය හැර යෑමෙන් පසු, සිරුර දිගින් දිගට ම දිරාපත් වී අවසානයේ දී නැතිවන නමුත් මගේ මනස ගැන එසේ කිව නො හැකි ය. මා මිය යෑමෙන් පසු අනෙක් භවයෙහි ලැගුම් ගන්නේ මනස ය. මා ඇති බව මා දැන ගන්නේ සිරුර නිසා නොව මනස නිසා ය. එහෙත් මනසක් යනුවෙන් කිසිවක් පවතින්නේ ද? මගේ මනස මගේ මනසෙන් තොර ව පවතින්නේ ද? මගේ මනස මගේ මනසෙන් තොරව මොහොතකටවත්, ක්‍ෂණයකටවත් පවතින්නේ ද?

මා ඇති බව මා දැනගන්නේ, අහංකාරය ආදී සියල්ල ඇතිවන්නේ මනස නිසා ය. අප ආත්මය යැයි කියන්නේ ද අපේ මනසෙහි සාරයට ම මිස වෙනත් දෙයකට නො වෙි. භවයෙන් භවයට සැරිසරන ආත්මයක් ගැන බමුණෝ විශ්වාස කළහ. එහෙත් බෞද්ධයෝ අනාත්මයක් ගැන කියති. මනස වුව ද වෙනස් වන බව තරමක් කල්පනා කළ විට ප්‍රත්‍යක්‍ෂ වෙයි. අපේ සිතුවිලි නිරන්තරයෙන් වෙනස් වෙයි. ඒ ඒ සිත ගන්නා අරමුණ වෙනස් වන බව දැන ගැනීමට බෞද්ධයකු වීමට අවශ්‍ය නැත. අපට දැන් මලක් ගැන සිතා ඊළඟ මොහොතෙහි, තරුවක් ගැන සිතිය හැකි ය.

ඒ ඒ චිත්තයෙහි අරමුණ වෙනස් වුවත් මනස යනු මේ චිත්ත පරම්පරාව, පිළිවෙළ යැයි ගත්තත් ඒ සියල්ල ඇතුළෙහි එහි සාරය නොවෙනස් ව පවතින බවත් ආත්මය යනු ඒ සාරය බවත් බමුණෝ විශ්වාස කළ හ. භවයෙන් භවයට සැරිසරන්නේ මේ සාරය වූ ආත්මය බව බමුණන්ගේ විශ්වාසය විය. අවසානයේ දී ආත්මය බ්‍රහ්මන් සමග එකතුවීමෙන් විමුක්තිය ලබාගත හැකි යැයි බමුණෝ විශ්වාස කළහ.

අද්වෛත වේදාන්තය අනුව ආත්මය බ්‍රහ්මන් සමග එකතුවීම යන්න වැරදි බව මෙහි දී සඳහන් කළ යුතු ය. එයට හේතුව අද්වෛත වේදාන්තයෙහි බ්‍රහ්මන් හැරෙන්නට වෙනත් කිසිවක් නොමැති වීම ය. බ්‍රහ්මන්ගෙන් වෙන් වූ ආත්මය යනුවෙන් යමක් ඇතැයි පැවසීම එවිට නිවැරදි නො වෙි. අද්වෛත වේදාන්තවාදීන් කියන ආකාරයට අප බ්‍රහ්මන්ගෙන් වෙන් වූ ආත්මයක් ගැන සිතන්නේ මායාව හේතුකොටගෙන ය. මායාව නැති කළ විට ඒකත්වය, එනමි බ්‍රහ්මන් වෙයි.

වෛදිකයන්ගේ, අද්වෛත වේදාන්තවාදීන්ගේ ඇතැමි දැනුමි පංචෙන්ද්‍රිය  ගෝචර නො වේ  බෞද්ධයන්ගේ ද ඇතැමි දැනුමි පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ඒ දැනුමි පංචෙන්ද්‍රිය ගෝචර නොවූවත් ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා දේ ය. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය මනසෙන් පමණක් කෙරෙන්නෙකි. පංචෙන්ද්‍රිය ගෝචර දැනුමි ද ප්‍රත්‍යක්‍ෂයෙන් දැනෙයි. මේසයක් ඇති බව අපි ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමු. එහි දී පංචෙන්ද්‍රිය ද අනෙක් ඉන්ද්‍රිය වූ මනස ද එක්ව ක්‍රියා කරයි. අපි ප්‍රත්‍යක්‍ෂයෙන් මේසයක් ඇති බව දන්නේ මේ ඉන්ද්‍රිය හයේ ක්‍රියාකාරීත්වය නිසා ය.

එහෙත් එයින් කියැවෙන්නේ මේසයක් යනුවෙන් වස්තුවක් ඇති බව නො වේ. මේසය යන්න මනස ද ඇතුළු අපේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂ වූ දැනුමක් පමණ ය. එය මනසේ නිර්මාණයකි. මේසයක් යනුවෙන් දෙයක් නොමැති විට අපි පංචෙන්ද්‍රිය හා මනස ආධාරයෙන් මනසට හා පංචෙන්ද්‍රියට සාපේක්‍ෂ ව මේසය යනුවෙන් ඊනියා වස්තුවක් නිර්මාණය කරමු.

අපේ ඊනියා ප්‍රත්‍යක්‍ෂ දැනුම එබඳු ය. මේ ප්‍රත්‍යක්‍ෂය හුදෙක් මනසෙන් පමණක් ද කළ හැකි ය. පංචෙන්ද්‍රිය නොමැති ව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ කිරීම බොහෝ සංස්කෘතීන්හි තිබේ. සෘජුව දෙවියන් සමග කෙරෙන සම්බන්ධකම්වල දී පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ලබාගන්නේ යැයි සිතිය හැකි ය. පංචෙන්ද්‍රිය සමග සම්බන්ධ වී ලබාගත්ත ද නැත ද මනසෙන් ලැබෙන ප්‍රත්‍යක්‍ෂ දැනුම වාස්තවික වූවක්, එසේත් නැත්නමි යථාර්ථයක් යැයි නොසිතිය යුතු ය. ඒ සියල්ල මනසෙහි නිර්මාණ වෙයි. මනසට සාපේක්‍ෂ වෙයි.

ඇතැම් බෞද්ධයෝ තමන් පිළිගන්නේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක් යැයි කියති. ඒ අය නොදැන සිටිය ද හුදෙක් පංචෙන්ද්‍රිය මත පමණක් ව ලැබෙන දැනුමක් නැත. පංචෙන්ද්‍රිය නැතිව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ කළ හැකි දැනුමි තිබිණි ද, මනස නොමැතිව කිසිම දැනුමක් නො මැත. ඒ කෙසේ වෙතත් මේ බෞද්ධයන් පුනබිභවය පිළිගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අපට වෙයි. පුනබිභවය පංචෙන්ද්‍රිය ගෝචර නො වෙි. අප බොහෝ දෙනකුට පුනබිභවය පිළිබඳ දැනුම මනසෙන් ලබාගත හැක්කක් ද නො වේ.

අපේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නෝ කී දෙනෙක් වෙත් ද? ඒ දැනුම එක්කෝ සම්‍යක්දෘෂ්ටික දෙවි කෙනකුගෙන් ලබාගත යුතු ය. එසේත් නැතහොත් භාවනාවෙන් සිත එක් අරමුණක පිහිටුවා ඒ දැනුම ලබාගත යුතු ය. අදෘෂ්‍යමාන බලවෙිග නැතැයි කියන පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක් විශ්වාස කරන බෞද්ධයන්ට පුනබිභවයක් නැත. ඔවුහු භාවනාවෙන් එවැනි දැනුම් ලබාගැනීමට උත්සාහ කරන්නෝ නො වෙති. එසේ භාවනාවෙන් යම් දැනුමක් ලැබුණ ද පංචෙන්ද්‍රිය නොමැතිව එසේ ලබන දැනුම් ඔවුහු විශ්වාස කරත් ද?

අදෘශ්‍යමාන දෙවියන් නැතැයි කියන පංචෙන්ද්‍රිය  මත පමණක් වූ දැනුමක් ගැන විශ්වාස කරන බෞද්ධයන්ට පුනබිභවය ගැන දැන ගැනීමට ක්‍රමයක් නැත. ඔවුන් ඒ පිළිගන්නේ විශ්වාසය මත පදනම් ව විය යුතු ය. පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක් පමණක් ම ඉල්ලන මේ බෞද්ධයන්ගේ විශ්වාසය පදනම් වන්නේ කිනම් පංචෙන්ද්‍රිය මත ද? කිසිම සංගත බවක් නොමැති මේ බෞද්ධයෝ බටහිර විද්‍යාවට බිය වී එයට දණ්ඩ නමස්කාර කරමින් පංචෙන්ද්‍රිය නොඉක්ම වූ දැනුමක් ඉල්ලති.

ඔවුන්ට පුනබිභවය නැත. එසේ නම් අපි ඔවුන්ට බෞද්ධයන් යැයි කියමු ද? බෞද්ධයන්ගේ වෑයම නිවන් අවබෝධය ය. එනම් සසරින් ගැලවීම යෂ එතෙර වීම ය. එහෙත් මේ පංචෙන්ද්‍රිය  මත පමණක් පදනම් වන ඊනියා බෞද්ධයන්ට සසරක් නොමැති බැවින් ඔවුන්ට එතෙර වීමට දෙයක් නැත. එබැවින් ඔවුන්ට නිවන් අවබෝධය අවශ්‍ය නැත. එහෙත් මොවුන් තමන් බෞද්ධයන් ලෙස හඳුන්වා ගන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි.

මොවුන් පංචෙන්ද්‍රිය ගෝචර වීම ගැන පඬි කතා කියන්නේ බටහිර විද්‍යාව පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පමණක් පදනම් වන්නේ ය යන බොරුව හේතුකොට ගෙන ය. එහෙත් ඔවුහු බොහෝ දේ නෙ දනිති. ඉලෙක්ට්‍රෝන පමණක් නොව ගුරුත්වාකර්ෂණය ද පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව ඔවුහු නො දනිති. බටහිර විද්‍යාවෙි ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප පිළිගන්නා ඔවුහු සම්‍යක්දෘෂිටික හා වෙනත් දෙවියන් පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කරති!

අන්තිම සටනට සැරසෙමු

අවුරුදු පන්සියයකට අධික අඳුරු යුගයක අවසාන වසර කිහිපයට අපි ළඟා වී සිටින්නෙමු. මුළු ලෝකයට ම සමස්තයක් ලෙස ගත්කල 1492 දී ද  ලංකාවට 1506 දී ද ඇරඹි මෙම අඳුරු යුගයෙහි අපේ ස්වාධීනත්වය යටගියේ ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මුළු ලෝකයෙහි ම ආධිපත්‍යයට පැමිණියේ ය. එහෙත් අද බටහිරයන්ගේ ආධිපත්‍යය ගිළිහී යන අයුරු බටහිරයන්ට ම දැනෙන තත්වයකට පත් වී ඇත. එබැවින් ඔවුහු අද වියරුවෙන් හැසිරෙති. ඇමරිකාව එංගලන්තයේ ද සහාය ඇතිව ලිබියාවට පහර දෙන්නේ ද බෑන් කි මූන් බටහිරයන්ගේ වුවමනාවට ඊනියා විද්වත් කමිටු වාර්තාවක් හරහා මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් ද රණවිරුවන් ද ඊනියා යුද්ධාපරාධි චෝදනා ඔස්සේ දංගෙඩියට දැක්කීමට උත්සහ ගන්නේ ද හැකිනම් ගිලිහෙමින් පවතින බලය රැකගැනීමට ය. එහෙත් ඔවුන්ට කළහැකි දේ අල්ප ය. 1492 සිට බටහිර නායකත්වය දැරූ ස්පාඤ්ඤය, පෘතුගාලය, එංගලන්තය ආදී රටවල් සමග සංසන්දනය කරන විට අද එහි නායකත්වය දරණ ඇමරිකාව නාගරික ධනවත් මැරයකු පමණකි. ඇමරිකාවට රාජ්‍ය තන්ත්‍රික කුසලතා නොමැත. ඔවුන් දන්නේ නග්න ආක්‍රමණය පමණ ය. ඇමරිකාවට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වය ලැබුණේ ඒ සඳහා පුහුණු වීමෙන් හා පරිවාස කාල පරිච්ඡෙදයක් ගෙවීමෙන් නො වේ. ඊනියා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ආර්ථික හා ආයුධ ශක්තියෙන් ඉදිරියට පැමිණ සිටි ඇමරිකාව දේශපාලන වශයෙන් පරිණත බවකට පත් නොවී සිටිය ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වයට පත්විණි. ඒ සමග දේශපාලන වශයෙන් ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන්නට පටන් ගත්තේ ය. එහි දැනුමි පද්ධතියේ පදනමෙි බොල් බව හෙළි වී දැනට අවුරුදු අසූවකට වඩා කල් ගත වී ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමග අන්තිම සටන සඳහා සැරසීමට කාලය පැමිණ ඇත. අපි ඒ සටනින් ජය ලබන්නෙමු.

අන්තිම සටනට සැරසියවි යනු සමසමාජ ගීතයෙහි පද කිහිපයකි. සමසමාජ පක්‍ෂයට අවශ්‍ය වූයේ ලෝක ධනේශ්වරයට එරෙහිව සියළු ජාතින් එක් වී අන්තිම සටනට සැරසීමට ය. ඔවුන්ට අන්තිම සටනින් පසුව ඊනියා කමිකරු පංති රාජ්‍ය පිහිටුවීමෙි සිහිනයක් විය. එහෙත් එය සදාකාලික සිහිනයක් පමණක් බවට පත්වූයේ මාක්ස්වාදයේ හා එහි කියැවෙන පංති සටනේ බංකොළොත් බව හෙළිදරවු කරමිනි. අදට යෙදෙන මැයි දිනයෙහි ද ඇතැමුන් සිහිනයෙන් අවදි නොවී අන්තිම සටනට සැරසීම සඳහා පෙළපාළි යනු ඇත. එහෙත් මෙවර මැයි දිනය ලංකාවේ පැවැත්වෙන්නේ ඊනියා පංති සටනක් පෙරදැරි කරගෙන නොව ජාතිකත්වය මුල් කරගෙන රොබට් බ්ලේක් හිලරි ක්ලින්ටන් ආදීන්ගේ යුද්ධාපරාධ චෝදනාවලට අභියෝග කරමිනි. මින් මතු අප මැයි දිනය පැවැත්විය යුත්තේ බෙහෙතකටවත් සොයාගත නොහැකි කම්කරු පංතියක් මුල්කරගෙන නොව ජාතිකත්වය පදනම් කරගනිමිනි. බෑන් කි මූන් ට ඊනියා විද්වතුන් ලියා දුන් වාර්තාව පිටුපස ඉන්නේ බ්ලේක් හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඔහුගේ සගයන් කිහිප දෙනකු බව අපි දනිමු. එය දරුස්මාන් වාර්තාවක් නොව බ්ලේක් වාර්තාවකි. එහූ බ්ලේක් හෙට අනිද්දා ලංකාවට එන්නේ ජනාධිපතිතුමාට ඇති ආදරයකින් නම් නො වේ. ඔහු නොතැකීමට ජනාධිපතිතුමා ක්‍රියාකරන්නේ නම් මැනවි. සතුරන් සමග අතට අත දී ආචාර සමාචර පැවැත්වීම මෙරට දේශපාලනයට හිතකර නො වෙි යැයි අපි කියමු. බ්ලේක් පමණක් නොව ඔහුගේ කසිකබල් වාර්තාව ද නොසළකා හැරීමටත් එයට ප්‍රතිචාර නොදැක්වීමටත් අප වග බලාගත යුතු ය. අපට තිබෙන එක ප්‍රශ්නයක් නමි වාර්තාව දැමීමට තරම් සුදුසු කුණු කූඩයක් නොමැති වීම ය. ඕනෑම කුණු කූඩයක් වාර්තාවට වඩා වටී. බටහිරයන් පෙන්වන තරම් ඔවුන් ශක්තිමත් නොමැති බැව් අපි දනිමු. බටහිරයන්ගේ අනුග්‍රහයෙන්, ආධාරයෙන් හා ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කොටි සංවිධානයට කෙතරමි ශක්තියක් ඇත් දැයි බටහිරයෝ සහ ඔවුන්ගේ ගැත්තෝ කීවෝ ද? බටහිරයෝ සිංහල බෞද්ධයන්ට එරෙහි ව කොටි පෝෂණය කර රැකීමට  ඕනෑම දෙයක් කිරීමට සිතා සිටියහ. එහෙත් අඩු තරමෙන් නන්දිකඩාල් කලපුවටවත් ආධාර එවීමට ඒ වෙනුවෙන් ම ඒ දිනවල ලංකාවට එවනු ලැබූ මූන්ගේ ගෝලයා වූ නම්බියාර් හරහාවත් බටහිරයන්ට නොහැකි විය. ඔවුන් අද වුවත් හැකි නම් ලිබියාවට මෙන් ලංකාවට පහර දෙනු ඇත. එහෙත් මේ වන විට තුන් ලෝකයෙහි කෙසේ වෙතත් අඩුම තරමෙන් අපේ ලෝකයෙහි ආධ්‍යාත්මික ශක්තියෙහි වෙනසක් සිදු වී ඇත. බටහිරයන්ගේ යුද්ධ ශක්තිය හමුවෙි අප භාවනාවෙන් අපේ ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය කරගත යුතු ය. අපට බටහිරයන් පැරදවිය හැකි ය. මෙහි දී ඉන්දියාව ගැන ද වචනයක් කිව යුතු ය. ඔවුහු බොර දියේ මාළු බාති. වාර්තාව මුවාවෙන් ඔවුන් තැත් කරන්නේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඉක්මවා යන බලතල බෙදීමකට ය. බටහිර අනුග්‍රහයෙන් දෙමළ සංධානය ද වාර්තාවෙි එල්ලී තවත් බලය ලබාගැනීමට වෙහෙසෙයි. ඒ කිසිවකට කිසිසේත් ම ඉඩ දිය යුතු නො වෙි.  

අප බටහිරයන් පරාජය කළ යුතු යැයි කීම මෙරට උගතුන් යැයිි සම්මත ඇතැමුන් අනුමත නොකරන බව අපි දනිමු. ඔවුන්ට අනුව ඒ කළ නො හැකි ය. බටහිරයන්ගෙන් උගත් ඔවුන්ට ගැති මොවුන් ආවේගයන්ට යට නො වී බුද්ධිමත්ව තීරණ ගැනීමට අපට කියනු ඇත. එහෙත් අප ඉහතින් සඳහන් කර ඇත්තේ ආවේගයෙන් පැමිණි නිගමන නො වේ. අප ද නිගමනවලට පැමිණෙන්නේ කල්පනා කිරීමෙන් පසුව ය. වෙනස ඇත්තේ අප කල්පනා කරන ක්‍රමයෙහි හා බටහිර අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත්් ඊනියා උගතුන් කල්පනා කරන ආකාරයෙහි ය. ඊනියා උගත්තු බටහිරයන්ගේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙති. අපි අපේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙන්නෙමු. ඇතැම් උගතුන් මෙන් බටහිරයන්ගේ ප්‍රවාදවලට සරිලන ආකාරයෙන් අපේ සංස්කෘතිය හා දහම විවරණය කිරීමෙි අවශ්‍යතාව ද අපට නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් පසුගිය අවුරුදු පන්සියයක අඳුරු කාලයෙහි කරනු ලැබ ඇති අපරාධ විස්තර කිරීමට ජීවිත කාලය ද ප්‍රමාණවත් නො වේ. ඔවුන් කර ඇති ප්‍රධාන ම අපරාධයක් නම් ඊනියා උගතුන් බිහි කිරීම ය. එහෙත් ඒ අපේ පැත්තෙන් බැලූ කල ය. බටහිරයන් ද ඔවුන් අනුකරණය කරන ඊනියා උගතුන් ද කියනු ඇත්තේ එහි අනෙක් පැත්ත ය. මේ ඊනියා උගතුන්ගෙන් මෙරටට සිදු වී ඇති සේවය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. දහනවවැනි සියවසේ දී මෙරට දෙමළ ජාතිවාදය බිහි කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නමි නැතිකර බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කිරීමට බව මේ උගත්තු කිසි දිනෙක තේරුම් ගනිත් ද?

බටහිරයන්ගේ අපරාධවල එක් ප්‍රතිඵලයක් ලෙස රජරට ගොවීහු වකුගඩු රෝගයෙන් පෙළෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් මිය යති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නො මැත. එපමණක් නො වෙි. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් ද කියාවත් ඔවුහු නො දනිති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ තවත් ආයුධයක් පමණක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා වෙනත් එවැනි ලෝකයන්ගේ සංවිධානවලින් ලැබෙන ණය යොදා ගනිමින් මෙරට ජනයා රෝගීන් බවට පත්කිරීමට අමතර ව ණයකාරයන් ද බවට පත්කරවමින් ඇතැමි ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා අය කර ඇති පර්යේෂණවලින් පසුගිය අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ අප දැනගෙන ඇත්තේ කුමක් ද? අවුරුදු විස්සක් මේ උගතුන්ට දැනගැනීමට නොහැකි වූ දෙය අපි කැලණිය විශ්වවිද්‍යාලයේ දී අවුරුද්දකට අඩු කාලයක දී දැන ගත්තෙමු. එපමණක් නොව රෝගයට ප්‍රතිකාර ද අපි දනිමු. අප ඒ දැනගත්තේ අපේ විද්‍යාවෙනි. අපට එහි හැංගීමට කිසිවක් නැත. අපේ කණ්ඩායම අපේ විද්‍යාවෙන් දැනගත් දෙය අපට බටහිරයන්ගේ මහන්තත්ත ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර විද්‍යාවේ බසට ද පරිවර්තනය කළ හැකි ය. මේ උද්ධචිචයන්ට එය විඳ දරාගැනීමට නො හැකි ය. එබැවින් ඔවුහු අපට අවළාද නගති. ඔවුන්ට කළ හැක්කේ ද එපමණ ය. තකතීරුවන් වූ මොවුහු අහුමුළුවල අපේ විද්‍යාවට ගරහමින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට සේවය කරති. මා කලකට පෙර බටහිර විද්‍යාව කටගාගත් මේ උද්ධචිචයන්ගෙන් පංචෙන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන ඉල්ලූ නමුත් ඔවුන් මේ වන තුරු ඒ සපයා නැත. 

රජරට වකුගඩු රෝගයට හේතුව පානීය ජලය යන බටහිර මහප්‍රාණයෙන් හැඳින්වෙන බොන වතුරෙහි (බටහිරයන්ගේ තකතීරුකම කෙසේ ද යත් අද බොන වතුර මෙන් ම වාතය ද වස වී ඇත) ආසනික් වස තිබීම ය. විශේෂයෙන් ම ලිංවල ආසනික් ප්‍රමාණය අධික ය. ලිංවලට මෙන් ම වැව්වලට ද ආසනික් එකතුවන්නේ බටහිරින් ආනයනය කරන කෘ’ෂිරසායනික ද්‍රව්‍ය හේතුවෙනි. ඉනුදු කෘමිනාශකවලින් ඉහළ ආසනික් ප්‍රමාණයක් ලැබේ. ආසනික් එකතුවීම නිසා මිය යන්නේ කෘමීන් පමණක් නො වෙි. මිනිස්සු ද මිය යති. රජරට මෙන් ම දිවයිනේ අනෙක් පළාත්වල ද ජලයට ආසනික් එකතු වී ඇත. රජරට ලිංවල කිවුල හේතුවෙන් ඒ වතුර බොන ජනතාවගේ වකුගඩුවල ආසනේටි තැන්පත් වෙයි. එමගින් පිළිකා විශේෂයක් නිසා වකුගඩු නරක් වෙයි. අනෙක් පළාත්වල ද ආසනික් විෂ ශරීරගත වීමක් වෙයි. ඒ පළාත්වල දියවැඩියාව ආදී රෝග ඒ හේතුවෙන් ද වැළඳෙයි. අද, විශේෂයෙන් ම 1977 -80න් පසුව ජනතාවට විවිධ රෝග වැළඳීමට ඉන්පසු වැඩි වැඩියෙන් භාවිතා වූ කෘෂි රසායනික ද්‍රව්‍ය ද හේතු වී ඇත. මේ වස විස නැතිව අපට හෙළ ගොවිකමෙන් ආහාර සපයා ගත හැකි ය. අපි කැලණියේ දී ඒ අත්හදා බැලුවෙමු. පෘථිවිය ජීවත්වීමට නුසුදුසු තැනක් බවට පත්කළෝ ඉන්ද්‍රිය පිනවීමෙි නොසංසිඳෙන ආශාවෙන් පෙළෙන බටහිරයෝ ය. ඔවුන්ට පරිසරය රැකිය නො හැකි ය. ඔවුන් අපට තව තවත් වස විස දෙනු ඇත. අපේ විනාශය අපේක්‍ෂා කරන්නෝ බ්ලේක් හා පිරිස පමණක් ම නො වෙති. බටහිර උගත්තු ද එහි දී එක්වෙති. අපි මෙි අඳුරු යුගය නිමා කරමු. අප එය කරන්නේ ප්‍රධාන වශයෙන් ම ආධ්‍යාත්මික ශක්තිය යොදා ගනිමිනි. අපේ අන්තිම සටන ලේ සොළවන විප්ලවයක් නො වේ.(2011/05/01)

Saturday 7 May 2011

Anthima satanata sarasiyav

As I analyze the current political situation I am reminded of the Samasamaja anthem “Sadukin pelenavun den ithin negitiyaw” that includes the stanza ending with “anthima satanata sarasiyav”. Yes, we have entered the final phase of the struggle, though not in a Marxian sense, a struggle that has lasted for more than five hundred years in the entire world since 1492 and in Sri Lanka since 1506. Unfortunately as far as Sri Lanka is concerned the persons who will lead the oppressors in this final phase are not capable of even entering a schoolboy type fight on their own, and are the most incompetent of all such leaders beginning with Lorenzo de Almeida. However, the fate is such that Blake and Clinton come alphabetically after Almeida. It has been a long route from Portugal to Netherlands to Holland to England and then finally to USA nearly missing France.

Western Christian modernity is in its dying stages not according to the Marxist scheme but due to the inability of the system to sustain itself. It cannot achieve its objectives and even to maintain the status quo it has keep on massacring the nature at an exponential rate, and the world as a whole is in debt to nature that should have belonged to the future generations. The technology has not been able to come up with solutions to the tremendous needs that have been artificially instilled into minds of the human beings and the west has pawned the future generations. The collapse of the present world order is imminent and on the knowledge plane it has already happened. It is known that western Mathematics and western Physics probably the most advanced western systems do not have a firm foundation. The talks on knowledge economy, knowledge society are nothing but humbug to mislead the people who are not being trained to think. The worst of those who cannot think are the so called educated people who can only echo whatever slogans that have been created in the west, at seminars workshops etc., organized in three to five star hotels with money loaned to the country by the westerners themselves. In the last analysis we have been forced to pay the west to keep their system going. The slogans pass for knowledge and in more than one sense we live in a slogan society, which itself is a slogan. The internal contradictions are there and even the knowledge system cannot proceed beyond what has been so far created. The writing is on the wall and France most probably will be the first European country to lose prominence. Italy and other western countries would follow with USA finding it very difficult to survive. However, there would be no proletarian revolution, and no working class state would be established in any one of the countries, after the collapse of the respective western Christian modernity states.

In this final phase the western countries led by USA, the most incompetent western leader of the last five hundred years, is fighting hard to maintain its dominant status, and the naked aggression against Libya is only part of it. The panel appointed by Ban Ki – moon on the pretext of getting advice has come out with a report paving way to frame war crime charges against the President, the Defense Secretary and the armed forces. The aim of USA, England and other western countries was to replace the Rajapakses with their puppets that unfortunately includes Sarath Fonseka, by brute force and produce them before a so called international jury and send them to the electric chair. However, it did not materialize and they have taken one or two steps backward as they are incapable of marshalling the forces against Sri Lanka. According to western democracy the legislative, executive and judicial powers should be separated in each country. However, in the present world order it does not work according to that principle as described in the text books and so called peer reviewed journals that publish so called research papers approved by likeminded peers. The more we dissociate from the knowledge of western Christian modernity it would be better for the country. The USA with England playing the role of the lapdog enacts so called international laws, interpret and execute them as the state department pleases. Where is transparency as far as international politics is concerned? Where is that guy Bobby (Blake)? He is hiding behind Ban Ki –moon and is supposed to come to Sri Lanka early next month. The President should not meet him and as far as Sri Lanka is concerned there should be no negotiations with these international cowards who talk like thugs on the panel report submitted to Ban Ki – moon.

I can hear the so called educated people in the country who have been brainwashed with western education clamouring for moderation and balance. Some of these educated are the NGO peace vendors of yesteryear who pontificated that the LTTE cannot be defeated in their weekly sermons through the newspapers. They should advise their mentors masters and mistresses to be moderate and to be balanced, and accept the fact that Sri Lanka has been able to defeat the most cruel terrorist outfit in the world that was sponsored and supported by the USA and England especially through Solheim’s Norway and other Scandinavian countries, not to mention the English speaking countries Canada and Australia, and of course France. The western education has instilled into the minds of the so called educated the values of moderation, having a balanced opinion without them adhering to any of these “august principles”. There is no balanced opinion as such and only dead people can have such opinions. The western education has killed the so called educated people who cannot think and the west uses these spiritually dead bodies to preach moderation towards Bobby and his pals. The west killed our middle path in all walks of life and introduced their dichotomies. We are now gradually going back to middle path and non two valued logics and the west and their henchmen and henchwomen are advised to refrain from preaching balancing acts. The balancing act of the report of the notorious panel is obvious. They blame the LTTE twice or thrice before open their barrage of war crime charges against the Sri Lankan government and the armed forces. Only the educated fools can be deceived by these balancing acts.

As far as the west is considered it is nothing but world domination and the realization by them that their grip on world order is gradually slipping though they have not reached the grease pole levels up to now. They are more aggressive than ever though they are incapable of implementing their own plans for the rest of the world. Very soon the west will come down the pole without any prize for what they have been doing during the last five hundred years. Forget Myanmar, Libya and other Muslim countries, and concentrate on Sri Lanka. The country came under the yoke of western Christian modernity for the first time in 1506 when the majority of people from Dambakola Patuna to Devundara Thuduwa were Sinhala in each of the districts. It is clear that the Portuguese did not understand the Eksesath Rajya we had then, which was not a nation state as such, though resembled such state, referring to the king of Kotte as the emperor, and Seethavaka, Jaffna, Raigama as states, obviously trying to grasp the Sri Lankan society in their eyes. The Portuguese did not attempt to change the demographic pattern of the country. It was the Sinhala king Senerath who settled the Muslims in the Eastern Province and thus changed the demographic patterns of the country during that period. The western Christian modernity from the very beginning has been colonialist. It was the Pope who first divided the world among the Portuguese and the Spaniards. From that day they have had only one ambition. That is to rule the world and establish the “supremacy” of their culture and chinthanaya. In Sri Lanka the Portuguese were responsible for destroying many of the Buddhist shrines and founding churches in the respective premises.

The western Christian colonialism has three components, namely the political, economical and cultural. The Portuguese were more involved in political and cultural colonialism. The Dutch were economical colonialists as well, and introduced tobacco cultivation in the Jaffna Peninsula. They had imported Vellalas from the eastern coast of present South India and that was the beginning of the Tamil racist problem. The Dutch commissioned a Tamil mudliyar to write a history book (Yalpanam Vaipava Malai) on the history of Sri Lanka that is only a book of poems. The Dutch were the first to use the Tamils against the Sinhala Buddhists in order to maintain their dominance in the country. (To be continued) 

-written for  The Island on 2011/04/27

Copyright Prof. Nalin De Silva