Main Logo

Saturday 27 August 2011

TNA Nadagama

Nadagama in Sinhala does not mean quality drama in spite of so called adaptations from Nadagam to the Sinhala Theatre. Prof. Gamini Dela Bandara of the University of Kelaniya has brought my attention to the terms “Gee Naluwa” and “Kavi Naluwa” that had been in usage even during Dambadeniya period. However, in this article I am not interested in Sinhala Natya but the behaviour of Sambandan and the other leaders of the TNA which amounts a deadly nadagama at best in common Sinhala parlance. The TNA leadership consisting mainly of Tamil Vellalas who speak English in addition to Tamil, or of so called bilinguals, is attempting very hard to put the clock back by fifty to sixty years.

I have argued in few articles after the humanitarian operations and also in many articles and in a book before and during the operations that Prabhakaran only continued the politics of Ramanathan, Arunachalam, G G Ponnambalam, Chelvanayakam, Amirthalingam and Ananda Sangaree by other means. If the latter campaigned for devolution of power and for Eelam through the legislature at various stages the former adopted what may be called the military method. Of course from the time of Ramanathan, the politics of Tamil leaders have evolved around the much quoted phrase little now and more later of Chelvanayakam, and one could say that the Tamil racist movement that has attracted many a Marxists not to speak of liberals, university lecturers and NGO pundits, also wanted little now and much later. Little now and more later though formulated by Chelvanayakam, if we believe in the implication by his son in law A J Wilson in his biography of the former, has been the main strategy of politics of Tamil Vellalas from the very beginning.

The evolution of Tamil politics has been described by me in many articles and in the book, “An analysis of Tamil racism in Sri Lanka”, and it is clear that it was a movement by the English educated Tamil Vellalas in the Legislative Assembly against the Sinhala Buddhists and their culture in general. The Tamil Vellala leaders who were instigated by the English governors fought against the Sinhala Buddhist culture and the Sinhala people and their leaders again appointed by the English in the nineteenth century. The English were not interested in teaching English to the locals, especially to the Sinhalas, but were interested in breaking the leadership given by the Bhikkus to the Sinhala people imposing various conditions on the Bhikkus. The intrinsic leadership of the Sinhala provided by Anagarika Dharmapalathuma was defeated by the English, the leaders of the Sinhalas appointed by the colonialists and also by the nobodies described by Kumari Jayawardhene, who were trying to become somebodies using Sinhala nationalism also to a certain extent. The UNP that was established in the early part of forties was nothing but a grouping of the somebodies who were mainly Christians and nobodies who were mainly Buddhists, and of course, some so called minority leaders. The leadership struggle in the UNP even at present basically reflects the fight between these two groups, now consisting of somebodies such as Ranil Wickremesinghe and Ravi Karunanayake and nobodies who have become somebodies such as Karu Jayasuriya and Sajith Premadasa, though nobodies like Tissa Attanayake could be found with somebodies such as Ranil Wickremesinghe and Ravi Karunanayake.

The Tamil Vellala leaders were interested in denying the Sinhalas and their history and culture the rightful place that should have been bestowed and in this regard they were used by the English rulers. However, both the English and the Tamil leaders with their propaganda machinery were able to propagate various myths from time to time to tell the world that the Tamils were being discriminated against by the Sinhalas. A so called ethnic problem was created and solutions were offered by parties with vested interests. The English who wanted the Tamil Vellalas to be the leaders of the entire country and the aborted Ceylonese nation tried various tactics in their book until 1931 to achieve their objective. However, the English did a blunder from their point of view giving universal franchise against the protests of not only the Tamil leaders but also of the somebodies among the Sinhala “leaders”. That prevented a Tamil becoming the leader of the country and the aborted Ceylonese nation without the English realizing it.

Since then G G Ponnambalam cried for fifty – fifty, but Chelvanayakam took the most racist decision of establishing the Ilankai Thamil Arasu Kadchi at least six years before the Sinhala Only Act. The so called solutions offered from Bandaranaike Chelvanayakm agreement, the Dudley Senanayake Chelvanayakam agreement to the thirteenth amendment are all geared to solve a non existing problem of the Tamils, but of a problem of Tamil English educated Vellalas. The problem was to deny the Sinhala people and their culture and history their due place and what Chelvanayakam did was to make the ordinary Tamils feel that they share the problem of the Tamil English educated Vellalas. Prabhakaran was the result of a process initiated by Chelvanayakam, and the Vellalas who called the terrorists their boys (our boys concept) thought that the non Vellalas would carry on the “fight” of the Vellalas. However, Prabahakaran had a different agenda and he had to fight against the real oppressors of the Tamils, especially of the Tamil Hindus, namely the Tamil Vellalas. At the same time Prabhakaran who was assisted by the westerners and the Indians fought against not only the Sri Lankan government but also the Sinhala people, especially the Sinhala Buddhists, indicating clearly what the Vellalas instigated by the English and then by the westerners led by USA wanted. The NGO pundits in Sri Lanka whether they were on the pay roll of the west or not justified LTTE killings arguing that the “innocent” Tamils had no other option but to take up arms when they were discriminated against and when the Sinhala government was not interested in so called peace talks.

We all know that discussions had been held with the Tamil leaders such as Chelvanayakam, Amirthalingam, Ananda Sangaree, Sambandhan, but failed due the fact they wanted to solve the problem of Tamil Vellalas under the pretext of solving a non existing problem of the ordinary Tamils. Prabhakaran continued with the same politics with the addition of a fight against the Tamil Vellalas. The Sinhalas will not agree to any devolution for historical, cultural and demographical reasons, and the discussions failed as the Tamil leaders wanted devolution of power to establish an Eelam having failed to become the leaders of the entire country. The discussions, so called solutions including the thirteenth amendment, the terrorist activities are all connected and form a continuous political process. This process has been defeated and any attempt to restart the process with the help of the westerners is a nadagama and nothing else. If the TNA did not have the support of the west and India they would never have attempted to resurrect a dead political process and in that sense the TNA nadagama has grave consequences as it amounts to a breach of sovereignty. Thus it is not only a nadagama but a deadly nadagama which does not have even a scant respect for the Sinhala people. If the TNA and the pundits think that with the help of India and the west they can suppress the Sinhala people then they are sadly mistaken. The thirteenth amendment is not valid in post conflict Sri Lanka in the words of the pundits and it is time that the TNA stopped this nadagama and opted for a paradigm shift and took into consideration the problems of the Tamils, which are not different from those of the Sinhalas, and not the ambitions of the English educated Tamil Vellalas.

Copyright Prof. Nalin De Silva

චැනල් ෆෝ හා ග්‍රීස් යකා

චැනල් ෆෝ හෙවත් බීබීසියේ හතරවැනි නාළිකාව පිටුපස වෙනත් කණ්ඩායමක් නැතැයි නො සිතිය යුතු ය. මේ කණ්ඩායම චැනල් ෆෝ යොදා ගන්නේ එයට එංගලන්තයේ ඊනියා බුද්ධියට කතාකරන අපක්‍ෂපාත නාළිකාවක් ලෙස සළුපිළි පොරවා ඊනියා බිරිතානි ජනතාව ගොනාට අන්දවා ඇති බැවිනි. එංගලන්තයේ හා ඔවුන්ගේ ස්කොට්ලන්තය ආදී අනෙක් යටත්විජිත රටවල ඉතා විශිෂ්ට ගණයේ බුද්ධිමතුන් සිටිය ද, සාමාන්‍ය ජනතාවට එතරම් බුද්ධියක් ඇතැයි කිවනොහැකි ය. ඔවුන් ඇන්දවීම අර බුද්ධිමතුන්ට අමාරු ප්‍රශ්නයක් නො වේ. චැනල් ෆෝ පිටුපස ඇති බලවේග ගැන එතරම් කතානොකළ නමුත් ඒ ගැන කෙටි සටහනක් ලිවීමට කාලය පැමිණ ඇත. අද දිවයිනේ තැන් තැන්වල ග්‍රීස් යක්කු කලබල කරති. මේ ග්‍රීස් යකුන් පිටුපස ද විවිධ බලවේග හා පුද්ගලයෝ වෙති. චැනල් ෆෝ යනු ද ඒ අතින් ගත්කල තවත් ග්‍රීස් යකෙකි.

අද ඇතැම් පොලිස් නිලධාරීන් අකර්මණ්‍ය වී තිබීම ග්‍රීස් යකුන්ගේ පහළවීමට එක් හේතුවකක් වුවත් එය ප්‍රධාන හේතුව නො වේ. ඇතැම් ග්‍රීස් යකකු පෞද්ගලික ආරවුලක් නිසා ඇති වුවත් ග්‍රීක් යකුන්ගේ ආගමනය ආණ්ඩුව අස්ථායී කිරීම සඳහා වෙයි. සංවිධානාත්මක ව දිවයිනේ විවිධ ප්‍රදේශවල ග්‍රීස් යකුන් පහළවන්නේ හුදු පෞද්ගලික කටයුතු සඳහා ම නො වේ. සබරගමුවේ ග්‍රීස් යකුන් හා නැගෙනහිර පළාතේ ග්‍රීස් යකුන් අතර වෙනසක් වෙයි. සබරගමුවට වඩා නැගෙනහිර ග්‍රීස් යක්කු කෙලින් ම හමුදා කඳවුරු අස්කිරීම සඳහා වසවර්ති මාරයාගෙන් වරම් ලැබී මෙන් කටයුතු කරති. එහෙත් සියළු ග්‍රීස් යක්කු ආරක්‍ෂක හමුදාවන් කෙරෙහි ජනතාව කළකිරවීම සඳහා ක්‍රියා කරති. ආරක්‍ෂක හමුදා ඉතා සුපරික්‍ෂාකාරීව ග්‍රීස් යකුන් මෙල්ල කිරීමට කටයුතු කළ යුතු වෙයි. විවිධ පුද්ගලයන් ග්‍රීස් යකුන්ගේ සම්ප්‍රාප්තිය උපයෝගී කරගනිමින් නීතිය අතට ගැනීමට පෙළඹී ඇත්තේ බොහෝ තැන්වල පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන බවට මතයක් සමාජයේ ඇති වී තිබෙන බැවිනි. පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන බවට රටේ සාමාන්‍යයෙන් තිබෙන මතය උපයෝගී කරගන්නා ග්‍රීස් යකුන් පිටුපස සිටින්නෝ ජනතාව නීතිය අතට ගැනීමට පොළඹවති. ඒ ඔස්සේ පොලීසිය කෙරෙහි තව තවත් මහජනයා කළකිරවීමටත් පොලිසිය හා ආරක්‍ෂක හමුදා අකර්මණ්‍ය කරවීමටත් පිරිසක් කටයුතු කරමින් සිටිති. මේ සියල්ල පිටුපස නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමේ ප්‍රයත්නයක් ඇති බව පෙනී යයි.

අද චැනල් ෆෝ ක්‍රියාත්මක වන්නේ මුළුමනින් ම ඊනියා ජාත්‍යන්තර අධිකරණයකට ජනාධිපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා ඉදිරිපත්කිරීමටත් එතුමන් හා හමුදාව අපකීර්තියට ලක්කිරීමටත් එමගින් නන්දිකඩාල් ජයග්‍රහණයේ වලංගුබව නැතිකිරීමටත් ය. ඒ අතර සම්බන්ධන් නම් භයානක දෙමළ ජාතිවාදියා හා ඔහුගේ පක්‍ෂයේ අනෙක් නායකයෝ අවුරුදු පනහක් හැටක් දේශපාලන වශයෙන් ආපස්සට යෑමට සූදානම් වෙති. ඔවුන්ට ද අවශ්‍ය වී ඇත්තේ නන්දිකඩාල් ජයග්‍රහණයේ වලංගුබව නැතිකිරීමට ය. නන්දිකඩාල් යනු හුදු හමුදා ජයග්‍රහණයක් පමණක් නො වේ. එය හමුදා ජයග්‍රහණයක් නිසා ම දේශපාලන ජයග්‍රහණයක් ද වෙයි. හමුදා ක්‍රියාමාර්ග යනු දේශපාලන ක්‍රියාමාර්ග මිස අනෙකක් නො වේ. දේශපාලනය ඡන්දය, සාකච්ඡාව ආදී සිවිල් කටයුතුවලට පමණක් සීමාවන්නේ යැයි යමකු විශ්වාස කරන්නේ නම් ඒ අඳබාලයෙකි. හමුදා ක්‍රියාමාර්ග ද දේශපාලන ක්‍රියාමාර්ග වෙයි. දේශපාලනය මතවාදය සමග ද බැඳී ඇත. මතවාදයක් නැතිව දේශපාලනයක් ක්‍රියාත්මක නො වේ. තමන් දේශපාලනය නොකරන්නේ යැයි කියන ඊනියා බුද්ධිමතුන් තරම් දේශපාලනයෙහි යෙදෙන්නෝ තවත් නො වෙති. අද මෙරට පවතින බටහිර යටත්විජිතවාදී අධ්‍යාපනය, බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම, එහි ඇතැයි කියන විධික්‍රම ආදිය වෙනුවෙන් පෙනී සිටින්නෝ දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ බටහිර ගැති දේශපාලනයක යෙදී සිටිති.

නන්දිකඩාල් ජයග්‍රහණය පසුපස සිංහල ජාතිකවාදී මතවාද ද වෙයි. මේ මතවාද අප විසින් නොව දහනවවැනි සියවසේ ද එයට පෙර ද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධව සටන්කළ ජාතික වීරයන් විසින් අරඹන ලද්දේ වෙයි. ඒ මතවාද අද වඩාත්ම දැනෙන බටහිර අධ්‍යාපනික ආයතනය කැලණිය විශ්වවිද්‍යාලය වෙයි. මේ දිනවල ඊනියා විද්‍යාවක් පදනම් කරගනිමින් හා අසත්‍ය චෝදනා නගමින් මට විරුද්ධව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ හා වෙනත් ආයතනවල ද ඊනියා විද්‍යාඥයන් (හුදු තාක්‍ෂණ ශිල්පීන් වූ මොවුන් අතින් සංස්කරණය වී ඇති එක සංකල්පයක්, ප්‍රවාදයක් කියන්න) ප්‍රචාරයක් ගෙනගියේ ද කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් කථිකාචාර්යවරුන් මට විරුද්ධව උපකුලපතිතුමාට චෝදනා පත්‍ර යවන්නේ ද කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් පරාජයට පත්වී ඇති ජ වි පෙ මතවාද රැගත් කණ්ඩායමකට උඩගෙඩි දෙන්නේ ද ජාතික වූ මතවාද පරාජය කිරීමේ අභිලාෂයෙන් බව පැහැදිලි ය. අද කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතිකත්වයට එරෙහිවූවන් එකතු වී සිටින්නේ මා ගෙදර යැවීමට බව පැහැදිලි ය. විශ්වවිද්‍යාල ගුරුවරුන් ගැන බොහෝ දේ කීමට තිබුණ ද මේ ඒ සඳහා අවස්ථාව නො වේ.

චැනල් ෆෝ නාලිකාව ඉමහත් කැපවීමකින් ලංකාවේ සිද්ධි ගැන වාර්තාකරන්නේ එංගලන්තයේ සිදුවන කැරලිවලට ඇතැම්විට දෙවැනි තැන දෙමිනි. එංගලන්තයේ ජනමාධ්‍යවලට ඇතැම් දිනෙක ලන්ඩනයේ ටොට්න්හම් ප්‍රදේශයෙන් ඇරඹි කැරලිවලට වඩා ග්‍රීස් යකා සම්බන්ධ සිද්ධි වැදගත් වෙයි. බීබීසිය අපක්‍ෂපාත ජනමාධ්‍යයක් යැයි අපට කියා දී අප ලවා එසේ සිතීමට පුරුදු කර ඇත්තේ ද බීබීසිය හා ඉංගිරිසින් මිස වෙනත් අයකු නො වේ. බීබීසියේ අගුපිලේ සිටින සංදේශයට ඉඳහිට සවන් දෙන්නකු වුව ද දන්නා කරුණ නම් සංදේශයේ දෙමළ ජාතිවාදී පක්‍ෂග්‍රාහීත්වය ය. බීබීසිය ඊනියා ස්වාධීන ආයතනයක් ලෙස පෙනී සිටිය ද, ඔවුහු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට, ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට හා ඉන් ජනිතවූ ධනවාදයට, යටත්විජිතවාදයට මෙන් ම ධනවාදයට හා බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට කිසිම තර්ජනයක් නැති මාක්ස්වාදයට ද පක්‍ෂපාති වෙති. ඔවුන් විරුද්ධවන්නේ ඔවුන්ට යුදමය වශයෙන් හෝ මතවාදී වශයෙන් හෝ තර්ජනයක් වන්නා වූ සංස්කෘතීන්ට හා චින්තනයන්ට ය.

නන්දිකඩාල් යනු දහනවවැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අවශ්‍යතාව මත පොන්නම්බලම් රාමනාදන් හා පෙන්නම්බලම් අරුනාශලම් දෙබෑයන් ප්‍රධාන ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයන් ඊනියා ලාංකික ජාතියේ ප්‍රධානීන් බවට පත්කිරීම සඳහා සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන අහිමි කිරීම සඳහා ගෙන යන ලද දේශපාලන ප්‍රවාහයක අවසන් පරාජය ය. එහි විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් ඉංගිරිසි ආණ්ඩුකාරයන්ගේ අනුග්‍රහයෙන් දෙමළ ජාතිවාදී නායකයන් ක්‍රියාකර ඇත. සමස්තයක් ලෙස ද දෙමළ ජාතිවාදීහු චෙල්වනායකම්ගේ දැන් ටිකක් පසුව හුඟක් යන සූත්‍රයට අනුව ක්‍රියාකළහ. ව්‍යවස්ථාදායකයේ බහුතරයක් බවට පත්වීම දෙමළ ජාතිවාදීන්ගේ පළමු අභිප්‍රාය විය. ඉංගිරිසින් විසින් ඔවුන්ගේ පැත්තෙන් බැලූ කල ලොකුම මෝඩකම සිදුකළේ ලංකාවට සර්වජන ඡන්දය ලබාදීමෙනි. ඉන්පසු දෙමළ වෙල්ලාල නායකයකුට ඊනියා ලාංකික ජාතියේ ප්‍රධානියා වීම සිහිනයක් පමණක් විය. එයට ඉඩක් නැතිවා නො වේ. එහෙත් ඒ සඳහා පළමුව දෙමළ නායකයන් සිංහල බෞද්ධ සංස්කෘතියේ මෙරට වූ වෙසෙසියාව (විශේෂත්වය) පිළිගත යුතු ය. චෙල්වනායකම්ගේ අඩිපාරේ යන සම්බන්ධන්ලා එවැන්නෝ නො වෙති. චෙල්වනායගම් අනුව යමින් ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ දෙමළ ඊළමක නායකයන් වීම ය. 1949න් පසු රටේ ම නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම්ගත් දෙමළ ජාතිවාදී නායකයන් ක්‍රියාකර ඇත්තේ සිහින ඊළමක නායකයන් වීමට ය. මේ දේශපාලනයෙහිදී විවිධ සාකචිඡා ගිවිසුම් පනත් ඊනියා විසඳුම් ලෙස ඉදිරිපත් කෙරී ඇත. බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුම ඉන්දියාවේ බලපෑම් මත ඇතිකළ දහතුන්වැනි සංශෝධනය ඒ ඊනියා විසඳුම්වලට අයත් වෙයි. එහෙත් ඒ විසඳුම් දෙමළ ජනතාවට ඇතැයි කී ප්‍රශ්නයක් මුවාවෙන් ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාල ජාතිවාදී නායකයන්ගේ අභිමතාර්ථ සාක්‍ෂාත් කරගැනීම සඳහා ගෙන එන ලද විසඳුම් ය. ප්‍රභාකරන් ද මේ දෙමළ ජාතිවාදී ව්‍යාපාරයෙහි කොටසක් විය. ඔහු වෙල්ලාලයන්ගේ සටන වෙල්ලාලයන් වෙනුවෙන් කළමුත් ඇතැම් වෙල්ලාලයෝ ද ඔහු අතින් මැරුම් කෑහ. දෙමළ ජනයාට ඇත්ත ප්‍රශ්නය තිබුනේ සිංහලයන්ගෙන් නොව වෙල්ලාල කුලවාදීන්ගෙනි. ඒ කෙසේ වෙතත් මේ දෙමළ ජාතිවාදී දේශපාලනය දේශපාලන වශයෙන් (හමුදා මෙහෙයුම් යොදාගනිමින්) නන්දිකඩාල් කලපුවේදී පරාජය කෙරිණි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම හෝ දහතුන්වැනි සංශෝධනය හෝ වෙනත් එවැන්නක් හෝ අද වලංගු නැත. අද දහනවවැනි සියවසේ ඇරඹුණු දෙමළ ජාතිවාදී දේශපාලනයට වලංගුබවක් නැත. ඒ සියල්ල හමුදාමය වශයෙන්,එනම් දේශපාලන වශයෙන් පරාජය කෙරී ඇත. චැනල් ෆෝ හා එය පසුපස සිටින බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් ක්‍රියාකරන්නේ එම ජයග්‍රහණයට මඩගසා එහි වලංගුබව නැතිකර නැවතත් දෙමළ ජාතිවාදී දේශපාලනයට තැනක් ලබා දී සම්බන්ධන්ලා ලවා සිංහල සංස්කෘතියට හා ඉතිහාසයට පහර දීමට ය. ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු රණවිරුවන් කිහිප දෙනකු දංගෙඩියට දක්කවන අතර නන්දිකඩාල් ජයග්‍රහණය බාල්දුකර අවලංගුකර හමුදාව අකර්මණ්‍ය කර දෙමළ ජාතිවාදී දේශපාලනය ඉදිරියට ගැනීම චැනල් ෆෝ ග්‍රීස් යකාගේ අවශ්‍යතාව වෙයි. සියළු ග්‍රීස් යක්කු පොලීසිය හා හමුදා අපකීර්තියට පත්කිරීමටත් ඒවා අකර්මණ්‍ය කිරීමටත් කටයුතු කරති. අප එයට ඉඩදිය නො යුතු ය. යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් ද පැවත එන සිංහලයන්ට ග්‍රීස් යකුන් පරාජය කිරීම නොකළ හැක්කක් නො වේ.

නාථ දෙවියන් නිසා මතුවන දේශපාලනය

බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ ඇත. තාරකා විද්‍යාවේ දී කෙරෙන්නේ නිරීක්‍ෂණ ය. ඒ නිරීක්‍ෂණ කිරීමටත් යම් ආකාරයක සූදානමක් අවශ්‍ය බව පැහැදිලි ය. මන්දාකිණියක රක්ත වික්ෂිප්තය මැනීමට ග්‍රහලෝකාගාරයක හෝ වෙනත් නිරීක්‍ෂණාගාරයක හෝ අවශ්‍ය උපකරණ සූදානම් කර ගත යුතු ය. එහෙත් මන්දාකිණියත් සමග බටහිර තාරකා විද්‍යාඥයන්ට සෘජුව ම සම්බන්ධවිය හැකි නො වේ. ඔවුන්ට කළ හැක්කේ මන්දාකිණියෙන් අපට ලැබෙන දත්ත එකතු කර ගැනීම පමණ ය. ඒ දත්ත ලැබෙන්නේ විවිධ දුරේක්‍ෂ මස්සේ ය.

එහෙත් බටහිර භෞතික විද්‍යාවේ වෙනත් අංශවල හා බටහිර රසායන විද්‍යාවේ බටහිර විද්‍යාඥයෝ බොහෝ විට පරීක්‍ෂණ කරති. එහි දී ඔවුහු තමන් පර්යේෂණයට භාජනය කරන වස්තුවලට විවිධ දේ එකතු කරති. එහි විවිධ වෙනස්කම් කරති. එසේ කර ඇතිවන ප්‍රතිඵල නිරීක්‍ෂණය කරති. බටහිර භෞතික විද්‍යාඥයාට වායුවක පරිමාව වෙනස්කර එහි පීඩනයට සිදුවන්නේ කුමක් දැයි මැනගත හැකි ය. ඒ විචල්‍ය දෙක අතර යම් සබන්ධයක් ඇත්දැයි දැනගත හැකි ය. යම් පරාසයක වායුවක පරිමාව පීඩනයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික බව බටහිර විද්‍යාඥයන් නිරීක්‍ෂණය කර ඇත.

එහෙත් එසේ නිගමනවලට පැමිණීමේ දී බටහිර භෞතික විද්‍යාඥයන් එක් දත්ත කට්ටලයකට වඩා ගත යුතු බව පැහැදිලි ය. එය පරීක්‍ෂණවලට මෙන් ම නිරීක්‍ෂණවලට ද පොදු ය. වායු ආදිය සම්බන්ධයෙන් නම් විවිධ වායු වර්ග ද සැලකිය යුතු ය. එසේ කිරීමෙන් බටහිර විද්‍යාඥයෝ ඕනෑම වායුවකට සරිලන්නේ යැයි කියන ඊනියා ආනුභවික සම්බන්ධතා ගොඩනගති. එහෙත් ඒවා ද හුදු ආනුභාවික නොවන්නේ කිසිදා සියළු වායු නිරීක්‍ෂණය කළ නොහැකි බැවිනි. අනෙක් අතට ඒ සම්බන්ධතා ප්‍රවාද නො වේ. පරිමාව හා පීඩනය අතර සම්බන්ධයක් ඇත්තේ ඇයි දැයි “තේරුම් ගන්නේ” ඊනියා ප්‍රවාදයක් ඇසුරෙනි. තේරුම් ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න වෙනම ම තේරුම් ගත යුතු ය! ඒ වාක්‍යය වුවත් ඇරිස්ටෝටලීය න්‍යායෙන් තේරුම් ගත නො හැකි ය!

උදාහරණයක් වශයෙන් ගැලීලියෝ විසින් පීසා නුවර ඇළවෙන කුළුණෙහි දී සිදු කරන ලද පරීක්‍ෂණයෙන් නිගමනය කෙරුණේ පොළොව ආසන්නයේ දී නිදැල්ලේ වැටෙන්නේ යැයි කියන වස්තු එකම ත්වරණයකින් බව ය. එහෙත් එසේ වන්නේ ඇයි ද යන්නට ප්‍රවාදයක්, නැත්නම් කතාවක් ගෙතුවේ නිව්ටන් ය. ඒ අතින් ගතහොත් ගැලීලියෝ පරීක්‍ෂණාත්මක විද්‍යාඥයකු විණි නම් නිව්ටන් ෙසෙද්ධාන්තික විද්‍යාඥයෙක් විය. නිව්ටන්ගේ කතාවෙන්, එසේත් නැත්නම් ඊනියා ප්‍රවාදයෙන්, අඩුම තරමෙන් පොළොව ආසන්නයේ දී වස්තු එකම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගත හැකි යැයි කියැවෙයි. එහෙත් අවාසනාවක මහත, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය බොරු යැයි අයින්ස්ටයින් කීවේ ය. එසේ නම් බටහිර විිද්‍යාඥයන් එපමණ කල් තේරුම් ගෙන සිටියේ අහවල් කෙංගෙඩියක් ද? අයින්ස්ටයින් ද කියන්නේ බොරුවක් බැවින් බටහිර විද්‍යාඥයන් පොල් වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගන්නේ කවදා ද?

ජෛවීය විද්‍යාවන්හි බටහිර විද්‍යාඥයෝ බොහෝ විට සම්පරීක්‍ෂණ (controlled experiments) කරති. බටහිර විද්‍යාඥයෝ එහි දී යම්කිසි සංසිි්ද්ධියකට හේතුව අහවල් සාධකය දැයි දැනගැනීමට අවශ්‍ය වූ විට එක් නියැදි කුලකයක ඒ සාධකය නැතුවත් තවත් නියැදි කුලකයක ඒ සාධකයත් මුල් නියැදි කුලකයට අදාළ අනෙක් සියළු සාධකත් සහිතව සංසිිද්ධිය නිරීක්‍ෂණය කරති. නියැදි කුලක දෙක අදාළ සාධකය සම්බන්ධයෙන් හැර අනෙක් සියළු සාධක සම්බන්ධයෙන් සමාන වෙයි. වෛද්‍ය විද්‍යාව යනු බටහිර විද්‍යාවන් මත යැපෙන තාක්‍ෂණික දැනුමක් පමණකි. එහි බොහෝ විට බටහිර ජෛවීය විද්‍යාවට අදාළ දැනුම යොදා ගැනෙන බැවින් එහි ද සම්පරීක්‍ෂණවලට වැදගත් කමක් ලැබෙයි.

එහෙත් ගැලීලියෝගේ පටන් බටහිර විද්‍යාවන්හි නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ කෙරෙන්නේ අදාළ කොන්දේසි සියල්ල සපුරාලමින් නො වේ. ගැලීලියෝ කිසි දිනෙක ඇළවෙන කුළුණ අසළ රික්තයක් නිර්මාණය නො කෙළේ ය. එහෙත් ඔහුගේ ඊනියා පරීක්‍ෂණය වලංගුවන්නේ රික්තයක ය. එහෙත් ගැලීලියෝ රික්තය නොමැතිව පරීක්‍ෂණය කළා පමණක් නොව අනෙක් අයට ද එහි ප්‍රතිඵල ඒත්තු ගැන්වීමට සමත්විය. ඔහු පොළොව චලිතයක යෙදෙන බව පෙන්වූයේ, නැත ඒත්තු ගැන්වූයේ කිසිම පරීක්‍ෂණයක් නො කර ය. ඔහු අඩුම තරමෙන්් චිත්ත පරීක්‍ෂණයක්වත් (thought experiment) නො කෙළ් ය.

නිරීක්‍ෂණ පරීක්‍ෂණ සම්පරීක්‍ෂණ ආදියෙන් කරන්නේ කුමක් ද? ඒ හුදෙක් නිරපේක්‍ෂ දත්ත එකතු කිරීමක් පමණක් නො වේ. යම්කිසි රාමුවක දත්ත එකතු කිරීමකි. බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනයෙහි බටහිර විද්‍යාව යනු ආනුභවික (empirical) විද්‍යාවක් යැයි පම්පෝරි ගැසෙයි. එනම් බටහිර විද්‍යාව ඉන්ද්‍රිය ගෝචර දත්ත මත රඳා පවතින්නේ යැයි බටහිර විද්‍යාඥයෝ කියති. එහෙත් හුදු ආනුභවයෙන් පමණක් යම් සංසිද්ධියකට හේතුව මේ යැයි කිව හැකි නො වේ. ගල් දෙකක් ඇතිල්ලීම හා ගිනි පත්තුවීම එකක් පසුපස සිදුවන සිද්ධි දෙකක් වෙයි. මෙයින් අදහස් වන්නේ ගල් දෙකක් ඇතුල්ලූ සෑම විට ම ගිනි පත්තු වන බව නො වේ. එහෙත් බොහෝ විට එසේ වන්නේ යැයි සිතමු. මෙයින් කියැවෙන්නේ ගල් දෙකක් ඇතිල්ලීමෙන් ගිනි පත්තුවේය යන නිගමනයට අපට පැමිණිය හැකි බව ද? බටහිර දාර්ශනිකයකු වූ හියුම් ඉතා පැහැදිලි ව පවසා ඇත්තේ එවැනි නිගමනයකට පැමිණීමට කිසිවකුට නො හැකි බව ය.

ගල් දෙකක් ඇතිල්ලීම ආනුභවික ය. එමෙන් ම ගිනි පත්තුවීම ද ආනුභවික ය. එනම් ඒ සංසිද්ධි ඉන්ද්‍රිය ගෝචර වෙයි. මේ ඊනියා ආනුභවිකත්වය ද හුදු ආනුභවිකත්වයක් නො වේ. ගල් ඇතිල්ලීම යන්න සමග සංකල්ප කිහිපයක් බැඳී ඇත. ගල, ඇතිල්ලීම, ගල් ආදී සංකල්ප නොමැතිව ගල් ඇතිල්ලීම යන්න අපට ගෝචර නො වේ . බටහිර දාර්ශනිකයෝ හුදු අනාුභාවිකත්ව ගැන කියති. එහෙත් ඒ එසේ නොවන බව අපි ඉහත දී පෙන්වා දී ඇත්තෙමු. සංජානනයක් කිසිවිටෙකත් සංකල්පයකින් තොරව ඇති නො වේ. අඩුම තරමෙන් සිතෙන්වත් මවාගත නොහැකි වියුක්ත සංකල්ප තිබුණ ද, සංකල්පයක් නොමැතිව සංජානනයක් හට නො ගනියි.

එමෙන් ම හුදු දත්ත සාධක කරුණු (facts) යනුවෙන් කිසිවක් නො පවතියි. සෑම දත්තයක්, කරුණක් පිටුපස ම යම්කිසි ප්‍රවාදයක්, මතවාදයක්, සංකල්පයක් ඇත. මගේ බැංකු ගිණුමෙහි අද දවස ගතවන විට මෙතරම් මුදලක් තිබුණි යන්න සංකල්ප, මතවාදවලින් විනිර්මුක්ත වූ දත්තයක් නො වේ. මුදල්, බැංකු ගිණුම ආදිය නොදත් අයකුට එහි කිසිම තේරුමක් නැත. එය දත්තයක් වන්නේ ඒ සංකල්ප දන්නා අයට පමණකි. එයටත් වඩා ප්‍රවාද මත රඳා පවතින දත්ත වෙයි. පොල් ගෙඩියක් පොළොවට වැටීම යන සංසිද්ධිය ගනිමු. පොල් ගෙඩි දහයක් ගස මුල ඇත යන්න හුදු දත්තයක් ද? එය ගස මුල, පොල් ගෙඩිය ආදී සංකල්ප මත පදනම් වෙයි.

ඒ අතර ඇතැමුන් පොල්ගස මුල පොල් දකින්නේ ගුරුත්වාකර්ෂණය ද සමගිනි. නිව්ටන්ට පෙර සිටියවුන් එසේ නොදැක්ක ද ගුරුත්වාකර්ෂණය ඉගෙනීමෙන් පසු ඇතැමුන්ට ගසමුල ඇති පොල් ගුරුත්වාකර්ෂණයෙන් තොරව නිරීක්‍ෂණය කළ නො හැකි ය. බටහිරයන් කොපර්නිකස්ගෙන් පසුව දකින්නේ සූර්යයා වටා යන පොළොවකි. එහෙත් එයට පෙර ඔවුන් දුටුවේ පොළොව වටා යන ඉරකි. ගුරුත්වාකර්ෂණය අද කෙතරම් ඊනියා යථාර්ථයක් වී ඇත් ද යතහොත් මෙරට ඇතැම් බටහිර විද්‍යා කථිකාචාර්යවරුනට ගුරුත්වාකර්ෂණය ද දැනෙන්නට පටන්ගෙන ඇත. ඒ කිනම් ඉන්ද්‍රියකට දැයි පැහැදිලි නැති වුවත් නැති ගුරුත්වාකර්ෂණය දැනෙන්නට පත්කිරීමට තරම් සංකල්පයක් කෙතරම් බලවත් විය යුතු ද?

හියුම් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත්තේ හේතුඵල ධර්මය ආනුභාවික නොවන බව ය. අපට සංකල්ප ආධාරයෙන් වුව ද දැකිය හැක්කේ ගල් දෙකක් ඇතිල්ලීම හා ගිනි පත්තුවීම යන සංසිද්ධි දෙක ය. මෙයින් ගල් දෙකක් ඇතිල්ලීම හේතුව ලෙසත් ගිනි පත්තුවීම ඵලය ලෙසත් අපි කියමු. එහෙත් එලෙස ඒ සංසිද්ධි දෙක හේතුව හා ඵලය ලෙස ගැනීම ආනුභවික නො වේ. එය හේතුව හා ඵලය ලෙස දැනෙන ඉන්ද්‍රියක් වේ ද? එය හේතුව හා ඵලය ලෙස ගෙන ඇත්තේ මනස විසිනි. හේතුව හා ඵලය යන්න මනස විසින් සකස් කර ගෙන ඇති සංකල්පයක් පමණකි.

අප හියුම්ට ද ඔබිබට යන්නේ අප බෞද්ධයන් නිසා ය. අපට හුදු සංජානන, ආනුභාවික ධර්ම නැත. ඒ සියල්ල සංකල්ප සමග බැඳී ඇත. අප කලින් පැහැදිලි් කර දී ඇති පරිදි නිල්බව (bluishness) යන්න හුදු ආනුභාවික සංජානනයක් නො වේ. නිල්බව යන සංකල්පය නොමැතිව අපට නිල්බවක් නො පෙනෙයි. හියුම් බටහිර පුරෝගාමී ආනුභවිකවාදියෙක් විය. එහෙත් ඔහු නොදැන සිටි දෙය නම් මනසක් හා මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්ප නොමැතිව ආනුභාවිකත්වයක් නැති බව ය.

අද ඇතැමුන් ආනුභවික යැයි කියන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ ගැන කතාකරන්නේ ඒවා මනසෙන් ස්වායත්ත යැයි සලකමිනි. අනෙක් අතට අද අපෙන් රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් යැයි අප කියන්නේ අසවල් අසවල් සම්පරීක්‍ෂණවලින් පසුව දැයි අසන්නන් මෙයට පෙර වකුගඩු රෝගයට හේතුව මේ යැයි විවිධ හේතු පෙන්වූ අයගෙන් ඒ කිසිවක් නොඅසන්නේ ඇයි? ඔවුන් කර ඇති සම්පරීක්‍ෂණ කවරේ ද? ඔවුන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගේ ගිනි පෑගීම පිළිබඳ ඊනියා පර්යේෂණය සම්බන්ධයෙන් සම්පරීක්‍ෂණ නියැදි නොඉල්ලන්නේ ඇයි? ආචාර්ය ජානක වංශපුර මහතා අසන ආකාරයට ගිනි පෑගීම පිළිබඳ පරීක්‍ෂණය එක් පුද්ගලයකු මත පමණක් රැඳී ඇති එකක් ද? ඒ මහතාගේ පත්‍රිකාව ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමයේ සැසිවාරයකට ඉදිරිපත් කෙරුණේ ඊනියා සාම්‍ය සමාලෝචනයකට පසුව විය යුතු ය. එහෙත් එසේ සමාලෝචනය කළවුන් ඊනියා පරීක්‍ෂණයේ අඩුපාඩුකම් කිසිවක් දැක නැත. සාම්‍ය සමාලෝචන පිළිබඳ ව මේ එකම කරුණෙන් මම නිගමනයකට බැස නො ගනිමි. එහෙත් සාම්‍ය සමාලෝචනවලින් පිළිගැනෙන පත්‍රිකාවල ඇති අඩුපාඩුකම් පිළිබඳ ව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද දනියි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා තම ඊනියා පරීක්‍ෂණයෙන් බැසගත් නිගමනය කුමක් ද? ගිනි පෑගීමට කිසිවකුටවත් දෙවියන්ගේ බලය (බැල්ම, අනුහස) අනවශ්‍ය බව ද? එසේත් නැත්නම් දෙවියන්ගේ බලය නැතිවත් ගිනි පෑගිය හැකි බව ද? දෙවියන්ගේ බලය ඇතිව ගිනි පෑගීම බොරුවක් බව ද? මත්පැන් බී ගිනිපාගන අයට දෙවියන්ගේ බලය නොලැබෙන බව මහාචාර්යතුමාගේ ඊනියා පරීක්‍ෂණයෙන් සනාථ වේ ද? පඬියන් එවැනි ප්‍රශ්න මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම, මහාචාර්ය ජනිතා ලියනගේ, මහාචාර්ය ධමිමිකා මැණිකේ අදීන්ගෙන් නොඅසන්නේ ඇයි? ඔවුන් ඒ කිසිදු සම්පරීක්‍ෂණයක් කර නැති බව පැහැදිලි වුවත් අපේ ඊනියා විධික්‍රමය පිළිබඳ පමණක් ප්‍රශ්න කරන්නේ ඇයි? එය නාථ දෙවියන් නිසා මතුවන දේශපාලන ප්‍රශ්නයක් බව අපි දනිමු.

Thursday 18 August 2011

මඩු පල්ලියේ පුරාණය

මඩු පල්ලිය කතෝලිකයන්ට මෙන් ම බෞද්ධයනට හා හින්දූනට ද වැදගත් වූ ස්ථානයකි. එහි ඉතිහාසය අවුරුදු දහස් ගණනක් ඈතට යයි. එහෙත් ඒ කතෝලික පූජනීය ස්ථානයක්, පල්ලියක් ලෙස නොව පත්තිනි දේවාලයක් පිහිටි ස්ථානයක් ලෙස ය. අපේ ඉතිහාසයේ කියැවෙන ආකාරයට පත්තිනි අම්මා සංකල්පය ගජබා රජු දවස ලංකාවට හඳුන්වා දී ඇත. එකල, එනම් කිතුවසින් දෙවැනි සියවසේ භාරතයේ ද හින්දු ආගමක් නො වීය. හින්දු ආගම යනු කිතුවසින් හයවැනි සියවසින් පසු ශංකරාචාර්යයන් විසින් බුදුදහම හා වෛදික ආගම් එකතුකිරීමෙන් නිර්මාණය කරන ලද්දකි. ගණනාථ ඔබේසේකරලාගේ ඊනියා පත්තිනි කල්ලි ගැන කතාකිරීම් හැර තවමත් පත්තිනි දෙවියන් ගැන විධිමත් අධ්‍යයනයක් කෙරී නැති බව පැහැදිලි ය. දෙවැනි සියවසේ හින්දු ආගමක් ලෝකයේ කොහේවත් නොතිබූ බැවින් පත්තිනි දෙවියන් හින්දු වීමට නො හැකි ය. සර්වපල්කලි රාධාක්‍රිෂ්ණවුන් වැන්නන් සිදුහත් කුමරු හින්දුවරයකු ලෙස ඉපිද හින්දුවරයකු ලෙස ජීවත් වී හින්දුවරයකු ලෙස මියගිය බව පවසන්නේ උගත්කමක් තිබුණ ද නිරවුල් ව කල්පනාකිරීමට නොහැකි බව හෙළි කරමිනි.

ලංකාවේ කතෝලික ඉතිහාසය කිතුවසින් 1506 න් ඈතට නොයයි. යුරෝපීයයන් ආසියාවේ හා අප්‍රිකාවේ සාමාන්‍යයෙන් ක්‍රියා කළ අන්දමට පෘතුගීසීහු ලංකාවේ දී ක්‍රියාත්මක වූහ. ඔවුන්ගේ නැව්වල යුද්ධ භටයෝ ද කතෝලික පූජකවරු ද වූහ. දෙපාර්ශ්වය ම එකම අරමුණක් ඇතිව වැඩකළහ. ඒ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය මෙරට ප්‍රචලිත කිරීම ය. කතෝලික මිෂනාරිවරුනට පැවරුණු කාර්යයක් විය. එය කැත්තෙන් හෝ පොල්ලෙන් හෝ කිරීම ඔවුන්ගේ රාජකාරිය විය. එහි දී මිනිසුන් මැරීමට සිදුවිණි නම් මිෂනාරිවරුන් එය ද කළ බවට සාක්‍ෂි වෙයි. මිෂනාරි යන්න බිඳෙන්නේ ඉංගිරිසි මිෂන් යන්නෙනි. මිෂන් යනු එක් අතකින් ගත්කල කෙසේ නමුත් ඉටුකළ කළයුතු දේව කැමැත්තකි. ඇතැම්හු මිහිඳු මහරහතන් වහන්සේ ද මිෂනාරිවරයකු ලෙස හැඳින්වීමට උත්සාහ කරති. මිහිඳු මහරහතන් වහන්සේ ද මෙරටට නව දහමක් නිල වශයෙන් හඳුන්වා දී ඇති බව සැබෑ ය. එහෙත් උන්වහන්සේ බුදුදහම පැතිරවීමට මිනිසුන්ට හිංසා නොකළහ. උන්වහන්සේ මෙරට එකල තිබූ සංස්කෘතියට අනුගත ව ක්‍රියාකළහ. එකල මෙරට තිබූ දේවාගම්වලට පහර ගැසීමක් උන්වහන්සේගෙන් සිදු නො වී ය. අද ද ඊනියා බුද්ධිවාදී බෞද්ධයන් කෙතරම් උත්සාහ කළ ද පැරණි දෙවි දේවාතාවුන් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් (සිංහල බුද්ධාගමෙන්) පිටමං කෙරී නැත. මේ ඇතැම් දෙවි දේවතාවුන් සිංහල බුද්ධාගමෙහි බෞද්ධ වී තිබීම හැරෙන්නට වෙනත් වෙනසක් වී ඇති බවක් නො පෙනෙයි.

සිංහල බුද්ධාගම යනු මෙරට තිබූ සිංහල සංස්කෘතියට බුදුසසුන අවශෝෂණය කරගැනීමෙන් නිර්මාණය වූවකි. මා සිංහල බුද්ධාගම යන්න යොදාගන්නේ බටහිර ගැති සමාජයීය මානවවිද්‍යාඥයන් ඒ නම යොදාගන්නා අරුතින් නො වේ. සිංහල බුද්ධාගමෙහි ඇතැම් දෙවියෝ බුදුසසුනට ද වඩා පැරණි වෙති. එහෙත් බොහෝ බුද්ධිවාදී උගතුන් තැත්කරන්නේ සිංහලයන්ගේ බුදුදහමට දෙවියන් පසුව ඇතුල්වූ බව කියාපෑමට ය. නායක්කාර් රජවරුන්ගේ හින්දු බිරියන් හේතුවෙන් දෙවියන් බුදුදහමට එකතු වී ඇතැයි පෙන්වීමට ද බොළඳ උත්සාහයක් ගනු පෙනෙයි. එවැනි දෙවියන් එක් කෙනකු දෙදෙනකු නැතැයි අපි නො කියමු. එහෙත් සිංහල බුද්ධාගමෙහි අතිමහත් දේව බහුතරය මෙරටට ම ආවේණික වූ දෙවිවරු වෙති.

මිහිදු මහරහතන් වහන්සේ හෝ වෙනත් රහතන් වහන්සේ නමක හෝ කිසි දිනෙක කිසිවකු හිංසාවෙන් නොව බලයෙන්වත් බෞද්ධයකු නොකළහ. බුදුන්වහන්සේ තමන්වහන්සේ කෙරෙහි පැහැදුණු උපාලි ගෘහපතියාට නිඝන්ඨනාථගෙන් වෙන්වීමට උපදෙස් නුදුන්හ. බුදුන්වහන්සේගේ හා රහතන්වහන්සේලාගේ අවවාදය වූයේ එව බලව යන්න මිස පිළිපදිවු නැත්නම් මරණය යන්න නො වේ. අද අප අපේ විද්‍යාවක් ගොඩනැගීමේ දී එව බලව යන්න අනුගමනය කිරීමට සූදානම් වුවත් නිල විද්‍යාවෙන් කියැවෙන්නේ පිළිගනිවු නැත්නම් (විද්‍යාවෙන්) පිටවෙවු යන්න ය. විද්‍යාවෙන් පිටවෙවු යන්න බොහෝ විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට විද්‍යා ක්‍ෂෙත්‍රයෙහි මරණය ගෙන දෙන්නකි. එය සිහිගන්වන්නේ එකල කතෝලික වෙවු නැතහොත් ජීවිතයෙන් පිටවෙවු යන පෘතුගීසි ආඥාව ය.

බුදුදහම මෙරටට හඳුන්වාදීමෙන් පසුව ඇතැම් බෞද්ධ සිද්ධස්ථානයක් එකල පැවති වෙනත් ආගමික ස්ථානයක ඉදි නොවිණි යැයි අපි නො කියමු. උදාහරණයක් ලෙස ජනප්‍රවාදය අනුව ස්වර්ණමාලී චෛත්‍යය ගොඩනගා ඇත්තේ එනමින් වූ දෙවඟනකගේ සිද්ධස්ථානයක ය. එහෙත් එය බලහත්කාරයෙන් කරන ලද්දක් නොවන බව පෙනී යයි. චෛත්‍යය ඉදිකිරීමේ දී ඒ දෙවඟනගෙන් අවසර ලබාගෙන ඇති බවත් අවසර දීම සම්බන්ධයෙන් කළගුණ සැලකීමක් ලෙස චෛත්‍යය දෙවඟන නමින් නම් කෙරී ඇති බවත් පැහැදිලි ය. මහාවංසයේ සඳහන් කරුණු විශ්ලේෂණය කළහොත් එම ස්ථානයේ කාශ්‍යප බුදුරජුන්ගේ සසුනෙහි බෞද්ධ සිද්ධස්ධානයක් තිබූ බවත් පසුව එතැන දෙවඟනකගේ නමින් සිද්ධස්ථානයක් තිබී ඇති බවත් උපකල්පනය කළ හැකි ය.

ඉතිහාසයේ එක් ආගමක සිද්ධස්ථානයක් තිබූ තැනක වෙනත් ආගමක සිද්ධස්ථානයක් පසුව ඉදිකිරීම සිදු නොවී නොමැත්තක් නො වේ. එබැවින් පත්තිනි දේවාලයක් තිබූ තැනක කතෝලික පල්ලියක් ඉදිවීම පුදුමයක් ද නො වේ. මන්නාරම අවට ප්‍රදේශයේ බෞද්ධ බලය ආයුධ බලයෙන් පාගා දමා පල්ලි ඉදි කෙළේ නම් අප එයින් පුදුමයට පත්විය යුතු නො වේ. එය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට පටහැණි නො වේ. ලංකාවේ ඇතැම් පෙදෙස්වල සිංහල බුද්ධාගමේ පත්තිනි දේවාල තිබූ තැන්වල ම කතෝලික පල්ලි ඉදිකිරීමට තවත් හේතුවක් ඇතැයි අපි සිතමු.

කතෝලික ආගම යුදා ආගමෙන් ප්‍රධාන වශයෙන් ම වෙන්කරන චරිත මරිය තුමිය හා ක්‍රිස්තුස් වහන්සේ වෙති. කතෝලික ආගමේ පිළිම නිර්මාණය කිරීමේ දී ක්‍රිස්තුස් වහන්සේගේ හා මරියතුමියගේ පිළිමවලට මුල්තැන හිමිවෙයි. යුදා ආගමේ දෙවියන් වහන්සේගේ පිළිම ඇඹීම තහනම් වෙයි. කතෝලික ආගමේ ප්‍රධානම සාන්තුවරිය වූ මරියතුමිය හා සම්බන්ධ පල්ලි පත්තිනි දේවාල තිබූ තැන්වල ඉදිකිරීමෙන් කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් කරුණු දෙකක් බලාපොරොත්තුවන්නට ඇත. එය බටහිර ප්‍රස්තා පිරුළකට අනුව එක් ගලකින් කුරුල්ලන් දෙදෙනකු මැරීමකි. එක් පැත්කින් පත්තිනි දේවාලය කඩා බිඳදැමීමෙන් සිංහල බෞද්ධයන්ට සිද්ධස්ථානයක් අහිමි කෙරෙයි. අනෙක් පැත්තෙන් පත්තිනි දේවාලයට ආ ගිය අය ඉන් පසු පල්ලියට යෑමට පටන් ගනියි. දෙවැන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ පත්තිනි දේවාල හා සම්බන්ධ හාස්කම් ය. දේවාලය පල්ලියක් වූ පමණින් හාස්කම් නැතිවේ යැයි ජනතාව නොසිතන බව කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් දැන සිටින්නට ඇත.

අද ද ලංකාවේ ඇතැම් පළාත්වල කතෝලික පල්ලිවලට යන සිංහල බෞද්ධයෝ භාරහාර වෙති. එහි යන සිංහල කතෝලිකයන්ගේ මුතුන් මිත්තන් ද සිංහල බෞද්ධයන් ලෙස පෙර දා එතැන තිබූ පත්තිනි දේවාලවලට යන්නට ඇති බව පැහැදිලි ය. මඩු පල්ලිය සම්බන්ධයෙන් ද එහි වෙනසක් නැත. ඒ ඉතිහාසය හා වර්තමානය අමතක කර මඩු පල්ලිය සම්බන්ධයෙන් ඇතැම් කතෝලික පූජකවරුන් හා ප්‍රභූන් අසත්‍ය ප්‍රකාශකිරීම කණගාටුදායක ය. ඇතැමුන් මඩු පල්ලියට කතෝලික පල්ලියක් ලෙස අවුරුදු හයසියක ඉතිහාසයක් තිබිණි යැයි කීම දේශපාලන ආධිපත්‍යයක් සඳහා සූදානම් වීමක් මිස අනෙකක් නො වේ. එවැනි ප්‍රකාශවලින් අපට සිහිවන්නේ අඟේ ඉඳන් කණ කෑමේ කතාව ය.

මඩු පල්ලියේ ඉතිහාසය සම්බන්ධ වැදගත් තොරතුරු අමරසේන ගමගේ නම් මහතකු විසින් ලියන ලද ලිපියක අඩංගු වෙයි. අදාළ ලිපිය අන්තර්ජාලයේ ඇත. පහත සඳහන් වන්නේ ඒ ලිපියෙහි ඇතුළත් කරුණු කිහිපයකි. 1911 සංගණන වාර්තාව සංස්කරණය කළ ඩෙන්හම් මහතා යාපනයේ කතෝලික බිෂොප්වරයාගෙන් ලබාගත් තොරතුරු මත ඒ මහතා ලියා ඇති කරුණු හා ඉංගිරිසි සිවිල් සේවකයකු වූ ලීවර්ස් මහතා උතුරු මැද පළාත පිළිබඳ අත්පොතක ලියා ඇති කරුණු මත ගමගේ මහතාගේ ලිපිය ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත. යාපනයේ බිෂොප්වරයා මඩු පල්ලිය පිහිටි තැන පත්තිනි දේවාලයක් තිබූ බව වසන්කිරීමට සූදානම් වී ඇති නමුත් ඩෙන්හම් මහතා ඉන් මුළා වී නැත.

මඩු මංගල්‍යය ආරම්භ කෙරී ඇත්තේ 1870 ජූලි මාසයේ යාපනයේ එවකට සිටි කතෝලික බිෂොප්වරයා විසිනි. එහෙත් එකල මඩු පල්ලියක් තිබී නැත. පල්ලියට මුල්ගල තබා ඇත්තේ 1876 දී ය. 1870 මඩු මංගල්‍යය කිනම් පදනමක් මත පටන්ගැණි දැයි අපි නො දනිමු. ඇතැම් විට ඒ වන විට ඒ ප්‍රදේශයේ කතෝලිකයන් කිහිප දෙනකු සිටින්නට ඇත. එසේත් නැත්නම් ඒ ප්‍රදේශය කතෝලික කිරීම සඳහා මංගල්‍යය අරඹන්නට ඇත. අද ද එක දු ක්‍රිස්තියානි පවුලක් නැති ප්‍රදේශවල ද පල්ලි ඉදිකරන බව අපි දනිමු. ඒ කෙසේ වෙතත් 1911 සංගණන වාර්තාවට අනුව වුව ද මඩු පල්ලිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් ඉඳ නැත. එහි ඉඳ ඇත්තේ වන්දනාකරුවන් 320 දෙනකු පමණකි. ඉන් 230 දෙනකු කොළඹින් හා හලාවතින් එහි ගිය සිංහල වන්දනාකරුවන් බව සංගණන වාර්තාවෙන් හෙළි වෙයි. ඔවුන් අතර බෞද්ධයන් කී දෙනකු වී දැයි අපි නො දනිමු.

මඩු පල්ලියක් අඩු තරමෙන් 1835 ට පෙර නොතිබූ බවට පහත සඳහන් සාක්‍ෂි ද වැදගත් වෙයි. 1804 දී මන්නාරම ප්‍රදේශයේ සංචාරය කර වැදගත් විස්තරයක් ලියා තැබු කෝඩිනර් නමැති අය මඩු පල්ලිය පිහිටා ඇති ප්‍රදේශය ආසන්නයේ පිහිටි අරිප්පු හා කොන්ඩාචි ප්‍රදේශ ගැන සඳහන් කළ ද මඩු පල්ලියක් ගැන කිසිවක් නො කියයි. සිලෝන් ගැසටියර් නම් පත්‍රය සැකසූ සයිමන් කාසිචෙට්ටි මුදලිතුමා විශාල කැලෑවක් මැද මරදොද්ද නම් ප්‍රදේශයක තිබූ තානායමක් (රෙස්ට් හවුස්) ගැන සඳහන් කළ ද මඩු පල්ලියක් ගැන සඳහනක් නො කරයි. මරදොද්ද යන්නෙන් ඔහු අදහස් කළේ මරදමඩු යන්න විය හැකි ය. එසේ නම් තත්වය වඩා බරපතළ වන්නේ මඩු පල්ලිය ගැන එහි ද සඳහන් නොවීම නිසා ය.

මේ සියල්ලෙන් කියැවෙන්නේ කතෝලික පල්ලියක් ලෙස මඩු පල්ලියේ ඉතිහාසය එතරම් ඈතට නොයන බව හා එතැන කලින් තිබූ පත්තිනි දේවාලයක් කඩා දමා යාපනය කතෝලික බිෂොපතුමාගේ මැදිහත්වීමෙන් 1870න් පමණ පසුව පල්ලියක් ගොඩනගා ඇති බව ය. අද ද මඩු පල්ලියට සිංහල බෞද්ධයන් ද යන්නේ පැරණි සංස්කෘතික සම්බන්ධතා හේතුවෙනි. මඩුපල්ලිය අද වන විට මෙරට කතෝලිකයන්ගේ වැදගත් සිද්ධස්ථානයක් බවට පත් වී ඇත. කවදත් අන්‍යාගම්වලට ගරු කළ සිංහල බෞද්ධයන් එහි ඉතිහාසය කුමක් වුවත් මඩු පල්ලියට ද ගරු කරනු ඇත. එපමණක් නොව එය ආරක්‍ෂා කරනු ඇත. මඩු පල්ලිය දැනට අයත්වන මන්නාරම බිෂොප් පදවියේ රායප්පු ජොසෆ් බිෂොප්වරයාගේ කොටි හිතවාදී ක්‍රියා තිබියදීත් අපේ හමුදා මඩු පල්ලිය කොටින්ගෙන් බේරාගෙන කතෝලික බැතිමතුන්ට ද අනෙක් අයට ද එහි යෑමට හැකිවන පරිදි ඒ ආරක්‍ෂා කළහ. අපි ඉදිරියේදීත් එසේ කරමු. එහෙත් සිංහල බෞද්ධයන්ගේ අන්‍යාගම් ඉවසීම නිවටකමක් ලෙස සිතා මඩු පල්ලියට බොරු ඉතිහාස ගෙතීමෙන් කතෝලික උගතුන් වැළකිය යුතු ය.

 
නලින් ද සිල්වා

(11/08/14 දිවයින අතිරේකය සඳහා සැපයූ ලිපියකි)

බටහිර විද්‍යාවේ චණ්ඩි

කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා බටහිර වෛද්‍යවරයකු බව ඒ මහතා අගෝස්තු මස තුන්වැනි බදාදා විදුසරට ලියා ඇති ලිපියෙන් පැහැදිලි ය. එහෙත් ඒ මහතා තමා බටහිර වෛද්‍යවරයකු බව නො කියයි. බටහිර වෛද්‍යවරුන් තමන් බටහිර වෛද්‍යවරුන් බව නොකියා වෛද්‍යවරුන් යැයි පවසන්නේ ඇයි? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri Lanka Medical council) තමන් ශ්‍රී ලංකා බටහිර වෛද්‍ය සභාව ලෙස හඳුන්වා නොගන්නේ ඇයි? ආයුර්වේද වෛද්‍ය සභාව හෝ වෙනත් එවැන්නක් හෝ ආයුර්වේද දේශීය ආදී නම්වලින් හැඳින්වෙද්දී බටහිර වෛද්‍ය සභාවට බටහිර යන්න ඉවත්කර වෛද්‍ය සභාව නමින් පෙනී සිටීමට ඉඩ ලැබී ඇත්තේ කෙසේ ද? බටහිර වෛද්‍යවරුන්ට බටහිර යන්න අත්හැරීමට හැකි වී ඇත්තේ ඇයි?

වරුණ ගුණතිලක නම් බටහිර වෛද්‍යවරයා ආසනික් මීඩියා පර්යේෂණ පත්‍රිකාවක් ගැන සඳහන් කරයි. ඔහු එය කොටස් වශයෙන් පළවන අවසානයක් පෙනෙන තෙක් මානයක නොමැති මෙගා ටෙලි නාට්‍යයකට සමාන කරයි. මෙහි දී හමුවන චරිත අතර පඬියන් මැට්ටන් හා පුස්සන්ට අමතරව අවස්ථාවාදී දේශපාලකයන් මෙන් ම චණ්ඩින් ද දැකගත හැකි යැයි උගත් දොස්තර මහතා පවසයි. සත්තකින් ම මෙහි මැට්ටෝ ද පුස්සෝ ද වෙති. දොස්තර මහතා නොදනිතත් චණ්ඩිහු ද ඔවුහු ම වෙති.

අප රටේ විශ්වවිද්‍යාලවල ද තත්වය එසේ ම ය. චණ්ඩීහු නිවට බටහිර ගැති දේශපාලකයන් ද සමග එක් වී බටහිර වෛද්‍ය පීඨ, බටහිර ඉංජිනේරු පීඨ, හා වෙනත් බටහිර විද්‍යා පදනමක් සහිත පීඨ බටහිර යන්න ඉවත්කර වෛද්‍ය පීඨ ආදී වශයෙන් හඳුන්වති. මේ චණ්ඩිකම මිස අනෙකක් නො වෙි. ලෝකයේ වෛද්‍ය ක්‍රම රාශියක් තිබිය දී බටහිර වෛද්‍ය ක්‍රමය පමණක් වෛද්‍ය නමින් හඳුන්වන්නේ කෙසේ ද? සත්තකින් ම මෙය අවස්ථාවාදී කෙසේ වෙතත් දේශපාලන ප්‍රශ්නයකි. ලංකාවේ විශ්වවිිද්‍යාලයකට අයත් පීඨයක නම අවසාන වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසසම් සභාවෙන් අනුමත වී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්විය යුතු ය. එහි දී දේශපාලනඥයන් වන්නේ මෙරට උසස් අධ්‍යාපන ඇමතිවරයා පමණක් නො වේ. බටහිර රටවල දේශපාලනඥයෝ ද මෙරට බටහිර වෛද්‍යවරු ද බටහිර වි්‍යාඥයෝ ද එහි දී දේශපාලනඥයෝ හා චණ්ඩි වෙති.

බටහිර වෛද්‍ය පීඨ එසේ නොහැඳින්වෙන්නේ දේශපාලන බලයෙන් හා චණ්ඩිකමිනි. ඒ පීඨ බටහිර වෛද්‍ය පීඨ ලෙසත් ඊනියා විද්‍යා පීඨ බටහිර විද්‍යා පීඨ ලෙසත් හඳුන්වන ලෙස අපි යෝජනා කරමු. කැලණිය විශ්වවිද්‍යාලය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස යළි නම්කරන ලෙස අපි යෝජනා කරමු. එහෙත් අපට ඒ යෝජනා නීතිගත කරවීමට තරම් දේශපාලන බලයක් නැත. නීතිය යනු දේශපාලන ආධිපත්‍යය රැක ගැනීම සඳහා යොදා ගැනෙන දේශපාලනය පිටුපස යන මෙවළම් පොදියකි. බටහිර දේශපාලන ආධිපත්‍යය හා චණ්ඩිකම එබඳු ය. අපේ උත්සාහය මේ දේශපාලනඥයන් හා චණ්ඩින් ඉවත්කිරීම ය. එහෙත් වරුණ කරුණාතිලක දොස්තර මහතාට අවශ්‍ය වෙනත් දෙයක් බව පැහැදිලි ය. ඔහුට අවශ්‍ය බටහිර දැනුමට ගැතිකම් කරන බටහිර උගතුන්ගේ පෙළැන්තියේ දේශපාලන ආධිපත්‍යය හා චණ්ඩිකම රැකගැනීම ය.

අද මෙරට පුවත්පත්වලට ලියන බටහිර ගැති උගතුන් අපෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ඊනියා විධික්‍රමයක් පිළිපදින ලෙස ය. එහෙත් මෙකියන විධික්‍රමයක් මෙලොව නැත. මේ මායාකාරී මිථ්‍යාවකට අනුව අපේ ප්‍රතිඵල ඉදිරිපත් කරන්නැයි ඔවුහු කියති. එසේ ඉදිරිපත් නොකරන්නේ නම් අපේ ප්‍රතිඵල පිළිගැනීමට තමන් බැඳී නැති බවක් ඔවුහු කියති. එහෙත් මේ ඊනියා මායාව අනුව ක්‍රියාත්මක වන ලෙස බටහිර ගැති චණ්ඩි කියන්නේ අපට පමණ ය. ඊනියා සාම්‍ය සමාලෝචන, පර්යේෂණ නැවත කිරීමට හැකියාවක් තිබීම ආදිය රජරට වකුගඩු රෝගයට හේතුව ඇල්ගී යැයි කියන කණ්ඩායමට ඉදිරිපත් කර ඇත් ද? ඒ කණ්ඩායම තම ප්‍රතිඵල මාධ්‍යවලට ප්‍රකාශ කළේ ඊනියා විද්වත් සඟරාවල පළකිරීමෙන් පසුව ද? මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා ම පවසා ඇති අයුරු ඔහු තම ප්‍රතිඵල ඊනියා විද්වත් සඟරාවක පළකර ඇත්තේ ඒ ප්‍රකාශකර අවුරුදු පහකට පසු ය.

බටහිර විද්‍යාවට අවශ්‍ය ආකෘතියෙහි අපේ ප්‍රතිඵල ඉදිරිපත්කරන ලෙස බලකිරීම ම දේශපාලන ආධිපත්‍යය යොදාගෙන කෙරෙන චණ්ඩිකමකි. එය හුදු ශාස්ත්‍රීය කටයුත්තක් බවට පෙන්වන්නේ එය දේශපාලන බලය යොදා ශාස්ත්‍රීය කටයුත්තක් බවට පත්කර ඇති බැවිනි. එක් පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ ඊනියා ශාස්ත්‍රීය මතයක් පිළිගත හැක්කේ එය බටහිර ආකෘතියකට අනුකූලව ඉදිරිපත් කළහොත් පමණ ද? බටහිර ගැති උගතුන් අද අපෙන් ඉල්ලන්නේ පලිබෝධනාශකවල ආසනික්, රසදිය සයනයිඩ් ආදිය සම්බන්ධයෙන් ඊනියා සහතික ලත් රසායනාගාරයක කෙරෙන පරීක්‍ෂාවල වාර්තාවකි. අපේ කණ්ඩායමේ ඇතැම් අය එවැනි සහතික ගෙනැවිත් දීමට කටයුතු කරති. එයට මගේ තදබල විරුද්ධත්වයක් නැත. දේශපාලන ආධිපත්‍යය තිබෙන චණ්ඩින්ට අවශ්‍ය සහතික පත් ගෙනැවිත් නොදී ඔවුන් අප විශ්වාස නොකරන බැවින් එසේ කිරීමට සිදු වී ඇත. එහෙත් දිගින් දිගට ම අප මේ සෙල්ලමට ඉඩදිය යුතු නො වේ. ඔවුන් ඊනියා විධික්‍රමයක නාමයෙන් ඉල්ලන ඉල්ලන දේ ගෙනැවිත් දීමට අප බැඳී නැත.

අප ඔවුන්ට කියා සිටින්නේ අපේ රසායානාගාරවලට පැමිණ එව බලව ක්‍රමයට අපේ පර්යේෂණ ගැන දැනගන්නා ලෙස ය. එහි ඇති වරද කුමක් ද? එසේ පැමිණ ඔවුන්ට අපෙන් කෙලින් ම ප්‍රශ්න කළ හැකි ය. ඊනියා සාම්‍ය සමාලෝචන සහිත පත්‍රිකාවලට වඩා එහි පිළිගත හැකි බවක් නැද් ද? එමගින් පර්යේෂණ නැවත නැවතත් කිරීමක් නො වන්නේ ද? අනෙක් අතට මේ සහතික ලත් ආයතනවලට රිංගා ගෙන සිටින නිලධාරීන්ට, ඊනියා පර්යේෂකයන්ට තමන්ගේ මතිමතාන්තර යුක්තියුක්ත කිරීම සඳහා පර්යේෂණ කළ නො හැකි ද? මා දන්නා සහතික ලත් ආයතනයක රසායන විද්‍යාවට අදාළව පර්යේෂණ කරන ප්‍රධානියාගේ සිංහල බෞද්ධ විරෝධී හැඟීම් මත ආසනික් හා රසදිය සඳහා පරීක්‍ෂා කරන බව සාක්‍ෂි සහිත ව පෙන්වා දිය හැකි ය.

බටහිර විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන ගැලීලියෝ පීසා නුවර ඇළවෙන කුළුණින් වස්තු හෙළීමේ දී වස්තු තෝරා ගත්තේ ඔහුට අවශ්‍ය කරුණ පෙන්වාදීම සඳහා ය. ඔහු යකඩ බෝලයක් හා පිහාටුවක් අතහැරියේ නම් ඔහුගේ අරමුණ ඉටු නොවීමට තිබිණි. ඔහු තමන්ට අවශ්‍ය දේ පෙන්වීම සඳහා පර්යේෂණ කළේ ය. අද මෙරට ඊනියා සහතික ලත් පර්යේෂාණාගාරයක පරීක්‍ෂා කෙරෙන්නේ ද එහි පර්යේෂක ප්‍රධානියාට අවශ්‍ය දේ පෙන්වීම සඳහා ය. ඔහු ආසනික් තිබෙන නියැදිවල ආසනික් නැතැයි පෙන්වීමේ විශේෂඥයෙකි. ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට කාලය එළඹ ඇතැයි සිතමි. ගැලීලියෝගේ ගෝලයෝ ගුරුවරයා හිටගෙන කළ දේ දුව දුව කරති.

බටහිර විද්‍යාවේ චණ්ඩි තමන් මහ ඉහළින් සළකන නේචර් සයන්ස් සඟරාවලට ද බලපෑම් කරති. මේ සඟරා ඇත්තේ බටහිර විද්‍යාවට අවශ්‍ය දේ කීමට වුවත් ඉඳහිට ඔවුන් අතින් බටහිර චින්තනයට පටහැණි එහෙත් බටහිර ඊනියා පර්යේෂණ ක්‍රමයට අනුකුල ප්‍රතිඵල පළවෙයි. 1988 දී පමණ නේචර් සඟරාවේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ මූල ධර්මය සනාථකරන පත්‍රිකාවක් පළවිණි. ඉන් කියැවුණේ ඇතැම්් ද්‍රවය්‍යයක් ඇතැම් ද්‍රවයක දියකර එහි තනුකත්වය බෙහෙවින් අඩුකළ ද අදාළ ද්‍රව්‍යයේ ගුණ ද්‍රාවණයේ දැකිය හැකි බව ය. පත්‍රිකාව පළවීමෙන් පසු බටහිර ඇලොපති වෛද්‍යවරු, එනම් දොස්තරලා, නැගී සිටියහ. ඔවුහු ඊනියා විධික්‍රමයේ “අඩුපාඩු” පෙන්වමින් සඟරාවට බලපෑම් කළහ. එහි ප්‍රතිඵලය වූයේ පත්‍රිකාවේ ප්‍රංශ ජාතික කතුවරයා පත්‍රිකාව ඉල්ලා අස්කර ගැනීම ය. මේ පිළිබඳ ව මා එකල විිදුසූරට කෙටි සටහනක් යැවූ බව මතක ය.

අද සයන්ස් සඟරාවේ ද එවැන්නක් සිදුවෙයි. පසුගිය දා මනෝජ් රත්නායක මහතා විදුසරට ලියු ලිපියක ආසනික් මත ජීවත්වන බැක්ටීරියා පිළිබඳ කියැවෙන පත්‍රිකාවක් ගැන සඳහන්කර තිබිණි. මෙය සම්මත බටහිර චින්තනයට එකඟ නො වේ. ඒ පත්‍රිකාවට ත්‍යාගයක් ද ලැබුණු නමුත් එහි භයානකකම වටහාගත් බටහිර විද්‍යාවේ චණ්ඩි ඒ පත්‍රිකාව ප්‍රතික්‍ෂෙප කරවීමට කටයුතු කළහ. එහෙත් අපට ඒ පත්‍රිකාව කිසිසේත් ම ප්‍රශ්නයක් නො වේ. ආසනික් උරාගැනීමෙන්, වෙනත් වස වර්ග උරාගැනීමෙන්, ජීවත්විය හැකි ජෛව වර්ග ලොව තිබිය යුතු ය. එසේ නැතහොත් ආසනික් විස වීමෙන් රෝගාතුර වන අයට බටහිර ඇලොපති ක්‍රමයේ ම පිහිට ය. එහෙත් ප්‍රතිකර්ම සඳහා විරුද්ධ ගුණ ඇති රසායනික ද්‍රව්‍ය ගැන සිතන බටහිර ඇලොපති ක්‍රමයට රජරට වකුගඩු රෝගයට ප්‍රතිකර්ම නැත. එසේ වුවත් අපට ආසනික් විස නැතිකිරීමට ආසනික් උරාගත හැකි ශාඛ වර්ග යොදා ගැනීමට හැකි ය.

කොහොඹ ගස මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණයකි. අපේ පර්යේෂණවල දී අප දුටු කරුණක් වූයේ කොහොඹ ගසෙහි පොත්තෙහි ආසනික් තැන්පත්වීම වැඩි බව ය. කොහොඹ ලෙඩ රෝගවල දී මිනිසුන්ට පිහිටවන්නේ මිනිසාට අහිතකර ඇතැම් බැක්ටිරියා හා වයිරස සමග ජීවත්වීමට කොහොඹ ගසට හැකිවීම නිසා යැයි සිතිය හැකි ය. අඩුම තරමින් කොහොඹ ගසට ආසනික් වසක් නො වේ. එමෙන් ම ඇතැම් බැක්ටිරියාවලට ආසනික් සමග ජීවත්විය හැකි වීම පුදුමයක් නොවිය යුතු ය. අපේ විද්‍යාවක නම් ඒ එසේම විය යුතු ය. වසවිස යනු නිරපේක්‍ෂ දෑ නොව ඒ ඒ ජීවියාට සාපේක්‍ෂ දෑ වෙයි. මිනිසාට වස ද්‍රව්‍ය සෑම ජීවියකුට ම වස වීම අවශ්‍ය නො වේ. මෙන්ඩලීෆ්ගේ වගුවෙහි ආසනික් ඇත්තේ ජීවයට උපකාරී වන ෆොස්ෆරස් කාණ්ඩයේම ම ෆොස්ෆරස් මූල ද්‍රව්‍යයට පහළින් බව ද අමතක නොකළ යුතු ය. අප අපේ චක්‍රීය චින්තනයේ චතුස්කෝටික න්‍යායක අපේ විද්‍යාවක් ගොඩනගාගත් දිනයක මෙය වඩාත් හොඳින් තේරුම් ගතහැකි වනු ඇත. එහෙත් පරණ තෙස්තමේන්තුවට අනුකූල ඩාවීනිය රේඛීය පර්ණාමය හා ඇරිස්ටෝටලීය න්‍යාය පමණක් පිළිගන්නා බටහිර විද්‍යාවට අනුව ආසනික් මත ජීවත්වන ජීවියා පරස්පර ය. අද චණ්ඩීන් වූ බටහිර සම්මත විද්‍යාඥයන්ගෙන් අදාළ පර්යේෂණයේ ඊනියා අඩුපාඩුකම් පෙන්වමින් ඒ පත්‍රිකාවට එදිරිවාදුකම් කෙරෙන්නේ එබැවිනි. නිසැකයෙන් ම මේ චණ්ඩි පළවා හැරිය යුතු ය. අද නම් අපට සියල්ල කිරීමට සිදුව ඇත්තේ මේ චණ්ඩින්ට අවශ්‍ය ආකාරයට ය.

අවසාන වශයෙන් වරුණ ගුණතිලක දොස්තර මහතාට කිවයුත්තේ සහල්වල ද ආසනික් අඩංගු බව අප තවමත් කියන බව ය. අප ඒ ගැන අද අවධානයක් නොකරන්නේ රජරට වකුගඩු රෝගය වැළදීමට එය අදාළ නොවන බැවින් එහි දී එය ද්වීතියික කරුණක් වන බැවින් මිස එසේ ද්වීතියික කරුණක් යැයි කියා පෑළ දොරෙන් පැන යෑමට නො වේ. අනෙක් අතට සහල්වල ආසනික් අඩංගු බව පළමුවෙන් ම සඳහන් කළේ ලොව පතළ කීර්තියක් ඇතැයි කියන කැලණිය විශ්වවිිද්‍යාලයේ ලෝක පූජිතයකු ලෙස සැලකෙන මහාචාර්ය රංජිත් ජයසේකර මහතා ය. ඒ මහතා දැන් ඒ ගැන කිසිවක් සඳහන් නොකර සිටීම නම් අපට පුදුමයක් වෙයි. ඉදිරි කාලයේ දී අපට තව තවත් වස විස ගැනත් වසවිසට ඔරොත්තු දෙන ශාඛ ගැනත් කතාකිරීමට සිදුවනු ඇත. එය මෙගා ටෙලිනාට්‍යයකට අලුත් චරිත එකතුකිරීමක් නොව අවස්ථානුකූලව ජනතාව දැනුවත් කිරීම ය. කෙසේ වුවත් තෙරක් නොපෙනෙන සංසාරයක් ගැන කතාකරන බෞද්ධයනට ඊනියා මෙගා ටෙලි නාට්‍ය අමුතු අත්දැකීමක් ද නො වේ.

සම්බන්ධන්ලාගේ ජාතිවාදී දේශපාලනය

සම්බන්ධන් යනු අද මෙරට සිටින භයානක ම දෙමළ ජාතිවාදී දේශපාලනඥයා වෙයි. අවුරුදු දෙකකට පෙර ඔහුගේ ජාතිවාදී දේශපාලනය කොටි සංවිධානයට බියෙන් සිදුකළ එකකැයි කිසිවකු තර්ක කළ ද අද කොටි සංවිධානයක් නොමැති බැවින් කිසිවකුට එවැන්නක් කිව නො හැකි ය. කොටි සංවිධානය බිහිකරනු ලැබුයේ ඊනියා සිංහල ජාතිවාදියක් නිසා යැයි ඇතැම් පඬියන් තර්ක කළ ද ඒ සියලු තර්ක අවසාන වශයෙන් ගත්කල 1956ට පසුව සිදු වී යැයි කියන ඊනියා සිංහල ජාතිවාදයක් මත පදනම් වෙයි. ඉංගිරිසි වෙනුවට සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කිරීමෙන් ඉංගිරිසි නොදැන සිටි සාමාන්‍ය දෙමළ ජනතාවට කිසිම වරදක් නොවූ බව අපි නැවත නැවතත් අවධාරණය කරමු. කොටි සංවිධානය බිහිකරනු ලැබුයේ ඊනියා සිංහල ජාතිවාදයක් විසින් නොව දහනවවැනි සියවසේ සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් මෙරට ක්‍රියාත්මක වන රාමනාදන්, අරුනාශලම්, ජී ජී පොන්නම්බලම්, චෙල්වනායගම් ආදී වෙල්ලාල නායකයන්ගේ දෙමළ ජාතිවාදී දේශපාලනය විසිනි. අද ඒ පරපුරේ ම ඒ පෙලැන්තියේ ම තවත් ඉංගිරිසි කතාකරන වෙල්ලාල දෙමළ ජාතිවාදියකු වූ සම්බන්ධන් සැරසෙන්නේ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් අනාගතයේ දී තවත් කොටි සංවිධානයක් බිහිකිරීමට ය. කොටි සංවිධානය බිහිකළ සම්බන්ධන්ලාගේ ගණයේ දේශපාලනඥයන් අදහස් කළේ කොටි සංවිධානය ලවා කොස් ඇට බාවාගැනීමට ය. ඔවුහු ආයුධ ගෙන කොටි සංවිධානයට එකතු නොවූහ. තමන්ගේ සුපුරුදු ජීවන රටාවෙන් ඈත් නොවුණු ඔවුහු කොටින්ට උල්පන්දන් දෙමින් තමන් වෙනුවෙන් ප්‍රභාකරන් හා ත්‍රස්තවාදීන් කඩේ යැවීමට උත්සාහ කළහ. එහෙත් ප්‍රභාකරන් මොවුන් වෙනුවෙන් කඩේ යෑමට සූදානම් නො වී ය. ඔහුගේ සටන වෙල්ලාල නායකයන්ට ද එරෙහි ව කරන ලද සටනක් විය. සාමාන්‍ය දෙමළ ජනතාව පීඩනයට ලක්කෙරුණේ ඊනියා සිංහල ජාතිවාදයකින් නොව වෙල්ලාලයන්ගේ කුලවාදයෙන් හා ප්‍රභූවාදයෙනි. කොටින් අතින් වෙල්ලාල නායකයන් යම් පිරිසක් ඝාතනය කෙරුණේ එබැවිනි. සම්බන්ධන් වැන්නෝ කොටි සංවිධානය ද සුරතල් කළහ. ඔවුන් කියන දෙය කළහ. සම්බන්ධන් කොටින්ගේ පාර්ලිමේන්තු නියෝජිතයා විය. ඔහු ඝාතනය නො කෙරිණි. කොටි සංවිධානයට එකතු නොවුණු සම්බන්ධන් තවත් කොටි සංවිධානයක් බිහිකිරීමට බටහිරයන්ගේ ආධාරයෙන් කටයුතු කරද්දී කොටි සංවිධානය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ කේ පී, දයා මාස්ටර්, කරුණා අම්මාන් ආදීහු අද ආණ්ඩුව සමග එකතු වී දෙමළ ජනයාගේ සුබ සිද්ධිය සඳහා ක්‍රියා කරති. එපමණක් නොව සුසෙයි, තමිල්සෙල්වම් ආදීන්ගේ භාර්යාවෝ ද අද ආණ්ඩුවේ ගුණ වණති.

සම්බන්ධන් අද තම දෙමළ ජාතිවාදී දේශපාලනය ඔස්සේ ආණ්ඩුවට යම් තර්ජනයක් කරයි. දෙමළ ජාතික සංධානය යනුවෙන් හැඳින්වෙන ඔහුගේ දේශපාලන සංවිධානය කොටින්ගේ පාර්ලිමේන්තු පක්‍ෂය විය. ඉන් අදහස් කරන්නේ එහි සියලු සාමාජිකයන් කොටින් වෙනුවෙන් කඩේ ගිය බව නො වේ. ඇතැම් මන්ත්‍රීවරු පසුව වුව ද කරුණු අවබෝධ කරගත්හ. එහෙත් සම්බන්ධන් ආදීහු එසේ නොවෙති. ඔවුන් අවදි කිරීමට නොහැක්කේ ඔවුන් බොරුවට නිදාගෙන ඇති බැවිනි. ඔහු අද ආණ්ඩුවට තර්ජනය කරයි. තම දේශපාලන පක්‍ෂයේ බෙදුම්වාදී ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුවට දින නියම කරයි. යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩුකිරීමට මැතිවරණ කොමසාරිස්වරයා ගත් නීත්‍යානුකූල තීරණය වෙනස්කරවීමට ඔහු උත්සාහ ගනියි. ඔහු ඒ සියල්ල යුක්තියුක්ත කිරීම සඳහා පසුගිය දිනවල පවත්වන ලද පළාත්පාලන මැතිවරණවලින් දෙමළ ජාතික සංධානය ලත් ජයග්‍රහණ යොදා ගනියි. ඒ අතර බීබීසියේ හතරවැනි නාලිකාව වූ චැනල් ෆෝ නම් ජඩමාධ්‍ය ගණිකාව ලංකාවට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයට සහාය දෙයි. ඒ ඔහු මෙන් නොව මානුෂික මෙහෙයුම්වල අවසාන කාලයේ දී කොටින් සමග සිට කොටි ඉතා කෲර ලෙස දෙමළ ජනයා මරා දැමූ ආකාරය සියැසින් දැක චැනල් ෆෝ නාලිකාවේ බොරුව හෙළිකරන ඔහුගේ ම පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරයකු කියන කරුණු තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. ඉතා පැහැදිලිව සම්බන්ධන් වැන්නන් හා කොටින් සමහ ජීවත් වූ දෙමළ දේශපාලනඥයන් අතර වෙනසක් වෙයි. කොටින් සමග එක්වී ඔවුන් සමග ජීවත් වී ඔවුන් සමග සටන්කළ දේශපාලනඥයෝ (කරුණා අම්මාන් වැන්නෝ) ඔවුන්ට සම්බන්ධන්ලා උගන්වා තිබූ ආකාරයට දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇතැයි පිළිගනිමින් ඒ ඊනියා අසාධාරණයට එරෙහිව වැරදියට එහෙත් අව්‍යාජව කටයුතු කළ අය වූහ. ඔවුහු තම වරද දුටු විට ඒ පිළිගෙන අද ආණ්ඩු සමග එකතු වී කටයුතු කරති. එයට හේතුව ඔවුන් අව්‍ර්‍යාජව දෙමළ ජනයා වෙනුවෙන් කටයුතු කිරීම ය. වැරදියට වුව ද ඔවුන් ආයුධ ගත්තේ ඔවුන්ට උගන්වා තිබූ ආකාරයට දෙමළ ජනයාට වී ඇතැයි කී අසාධාරණ නැතිකිරීමට ය. අද ඔවුන් දන්නා කරුණ නම් පොලිස් බලතල හෝ ඉඩම් පැවරීමේ බලතල ඉන්දීය ආකෘතිය අනුව පිහිටුවන ලද පළාත්සභාවලට අනවශ්‍ය බව ය. එමෙන් ම ඒ බලතලවලින් කිසි දිනෙක දෙමළ ජනයාට ප්‍රයෝජනයක් නොමැති බවත් ඔවුන් දන්නේ යැයි සිතමි.

එහෙත් සම්බන්ධන්ලා පොලිස් බලතල වෙනුවෙන් උගුර ලේරහ වන තුරු කෑ ගසති. ඔවුන් එසේ කරන්නේ සාමාන්‍ය දෙමළ ජනයා වෙනුවෙන් නොව තමන් වැනි ම වූ දෙමළ ජාතිවාදී ව්‍යාජ දේශපාලනඥයන් වෙනුවෙනි. පොලිස් බලතල අවශ්‍ය වනුයේ අවසාන වශයෙන් ගත්කල මහ ඇමතිවරුන්ට සුළු ඒකාධිපතිවරුන් වීමටත් අවසානයේ දී දෙමළ ඊළමකට පාර කැපීමටත් ය. සම්බන්ධන්ලා කිසි දිනෙක සිංහලයන්ගේ අවශ්‍යතාවලට කන් නොදුන්හ. ඔවුහු අඩුම තරමෙන් සිංහලයන්ට අවශ්‍යතා තිබෙන බවවත් සැලකිල්ලට නොගත්හ. ඔවුන් ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය වීිසඳීම යන්නෙන් අදහස් කරන්නේ සිංහලයන්ට ඓතිහාසිකව, සංස්කෘතිකව හා ජනඅනුපාතිකව මෙරට හිමි තැන අහිමි කිරීමට ය. එහි දී ඔවුන්ට මෙරට සිටින වැලේ වැල් නැති කසිකබල් මාක්ස්වාදී ලිබරල්වාදී පශ්චාත්තපවාදී ආදී විවිධ වර්ගවල පඬියන්ගේ ද රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය ලැබෙයි. ආණ්ඩුව සිංහල ජනමතයට හා දෙමළ සාමාන්‍ය ජනමතය නියෝජනය කරන කොටින් සමග සිටි දේශපාලනඥයන්ගේ මතයට ගරුකරමින් පොලිස් බලතල ඉඩම් පැවරීමේ බලතල පළාත්සභාවලට නොපැවරිය යුතු ය. අප රට ආණ්ඩු කළ යුත්තේ රාජ්‍ය නොවන සංවිධානවලටවත්, වැලේ වැල් නැති කසිකබල් දේශපාලන පක්‍ෂවලවටවත්, පඬියන්ටවත්, චැනල් ෆෝ නාලිකාවටවත්, බටහිරයන්ටවත්, ඉන්දියාවටවත්, සම්බන්ධන් වැනි දෙමළ ජාතිවාදීන්ටවත් අවශ්‍ය ආකාරයට නොවන බව අපි අවධාරණය කරමු. සම්බන්ධන්ලාට කුදගසා ගැනීමට කීම හැර වෙනත් විකල්පයක් ආණ්ඩුවට නැත.

මෙහි දී පඬියන් ද සම්බන්ධන්ලා ද කියනු ඇත්තේ දෙමළ ජනයාගේ වරම පසුගිය පළාත් පාලන ආයතනවල මැතිවරණවලට අනුව දෙමළ ජනතා සංධානයට හිමි වී ඇති බව ය. දෙමළ ජනයාගේ දේශපාලනය දන්නා කිසිවකු ඒ නිගමනයට නොපැමිණෙනු ඇත. දෙමළ ජනයාගේ දේශපාලනය හා ජාතිකත්වය ක්‍රියාත්මක වන්නේ උඩ සිට පහතට ය. ඔවුහු නායකයන් අනුව කටයුතු කරති. ඔවුන්ට නායකයන් වෙනස්කිරීමට නො හැකි ය. නායකයන් වෙනස් කෙරෙනුයේ තවත් නායකයන් විසින් මිස ජනතාව විසින් නො වේ. යම්කිසි අයූරකින් ප්‍රභාකරන් ජීවත්ව සිටිය දී මැතිවරණයක් තිබිණි නම් ඔවුන් ඡන්දය දෙන්නේ කොටින්ට ය. වෙල්ලාලයන්ගේ පීඩාවට ලක්වුණ ද ඔවුහු වෙල්ලාලයන්ට ම ඡන්දය දෙති. එසේ නොවීමට නම් ඩග්ලස් දේවානන්ද වැනි බලවත් නායකයන් සිටිය යුතු ය. ඩග්ලස් දේවානන්දට කයිට්ස් හා දුපත්වල බලයක් ඇත. එහි නායකයා ඔහු ය. කිලිනොච්චියේ නායකයා තවත් දෙමළ ජාතිවාදී නායකයකු වූ ආනන්ද සංගරී ය. ඔහු හා සම්බන්ධන් අතර ඇති ප්‍රධාන වෙනස සංගරී වඩා සියුම් හා උපක්‍රමශීලී වීම ය. දෙමළ ජනයාගේ ඡන්දය විකල්ප නායකත්වයක් නැතිකමෙන් දෙමළ ජාතිවාදීන්ට දුන් ඡන්දයක් මිස ඊළමක් හෝ බලය බෙදීමක් හෝ සඳහා දුන් ඡන්දයක් නො වේ. අද ආණ්ඩුව කළ යුත්තේ සම්බන්ධන්ලාට විකල්ප නායකත්වයක් උතුරු පළාතේ ඇති කිරීමට කටයුතු කිරීම ය. එය නොකළ හැක්කක් නො වේ. අවශ්‍ය වන්නේ දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගත හැකි ඒ වෙනුවෙන් ඉදිරිපත්විය හැකි පිරිසක් නායකත්වයට පුහුණු කිරීම ය. එවිට දෙමළ ජනතාවට නැති ව්‍යාජ ප්‍රශ්නයක් ගැන කතාකරමින් සිංහලයන්ට හිමිතැන අහිමි කිරීමට උත්සාහ කරන සම්බන්ධන්ලාට චැනල් ෆෝ හැරෙන්නට වෙනත් සරණක් නැතිවනු ඇත. සම්බන්ධන් අද මැතිවරණ කොමසාරිස්වරයා යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී සංඛ්‍යාව අඩුකිරීමට ගත් ව්‍යවස්ථානුකූල තීන්දුවට විරුද්ධව ඊනියා ප්‍රජාතන්ත්‍රීය විරෝධයක් මතුකිරීමට උත්සාහ ගනියි. ඔහු කියන ආකාරයට තවමත් ජනතාව යාපනයට පැමිණෙමින් පවතියි. එබැවින් මේ අවස්ථාවේ දී තීරණ ගැනීම නුසුදුසු යැයි ඔහු කියයි. එහෙත් මේ සුදුසු අවස්ථාවක් ගැන ව්‍යවස්ථාවෙහි සඳහන් නො වේ. එසේ සඳහන් ව තිබුණත් ඒ පිළිබඳ තීරණය ගත යුත්තේ සම්බන්ධන් හෝ සංගරී හෝ නො වේ. මොවුන්ගේ වෑයම ඔවුන්ට නැති බලයක් පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීම ය. සම්බන්ධන්ලා රාමනාදන්ලාගේ කාලයේ සිට ම ඉංගිරිසින්ගේ උපකාරයෙන් කළේත් දැන් කිරීමට තැත්කරන්නේත් ඔවුන්ට නැති බලයක් සංඛ්‍යාත්මක ප්‍රයෝග (ජිල්මාට්) ඔස්සේ ව්‍යවස්ථාදායකයේ අත්පත් කරගැනීම ය. සම්බන්ධන් උත්සාහ කරන්නේ ආපසු චෙල්වනායගම් යුගයට ගොස් ප්‍රභාකරන් කෙනකු බිහිකර බෙදුම්වාදී දේශපාලනය නැවත ඇතිකිරීමට ය. එහෙත් ඔහු දැනගත යුතු කරුණ නම් නන්දිකඩාල් කලපුවේ ඒ දේශපාලනය ගිල්වා ඇති බව ය. හමුදා මෙහෙයුම් යනු ද දේශපාලනය මිස අනෙකක් නො වේ. හමුදා මෙහෙයුම්වලින් පරාජය වූ දේශපාලනයටවත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ඒ දේශපාලනයෙහි ඊනියා විසඳුම්වලටවත් ආපසු යා නො හැකි ය. පඬියන්ගේ බසින් කියන්නේ නම් පශ්චාත් යුද සමයෙහි දෙමළ ජාතිවාදී දේශපාලනය වලංගු නැත. ඒ පරාජය වී අවසන් ය.

On the elections in the northern province


The so called scientific method, which is long term politics, can take a back seat as we are already lagging behind issues raised by elections to the local government bodies in the northern province. In both case the hand of western Christian colonialism is clear but we will first concentrate on elections in the northern province. The TNA, the TULF and the UPFA won in the respective areas of the leaders conforming to the voting patterns of the Tamil population in Sri Lanka in general. Tamil politics as we have often said is top down and the Tamil people usually do not go looking for leaders. They in general follow the leaders depending on a number of factors the caste being one of the prominent. Except for in the islands around Kayts the Tamil people have followed their traditional Vellala leaders in spite of the fact that the other casts are suppressed by the Vellalas. In the islands around Kayts people voted for the minister Douglas Devananda who has stood up to the terror of the LTTE and also the repression of the Vellala leadership and established a formidable leadership. This does not mean that the development programmes of the government have had no effect on the elections but the leadership factor had been the most important. If the minister Douglas Devananda had been able to establish leadership in the other areas as well the results would have been very much different. However, it is evident that the UPFA has eaten into the vote bank of the Tamil racist parties to a certain extent through the development programmes, but it is also clear that the government has to adopt a different strategy to win elections in the northern province. The politics among the Tamils is very much different from that among the Sinhalas and UPFA has to learn as fast as possible if it were to be successful in the future.

The elections results do not give the message that the Tamil people are for devolution of power or for an Eelam. It just shows that outside Kayts they have only the TNA and TULF leaderships. The fact that that the leaders of these two parties still adhere to the infamous Vadukoddai resolution does not mean anything to the Tamil people. The Tamils in the northern province in general supported the Ponnambalams in the pre state council days and then GG Ponnambalam. Then SJV Chelvanayakam gave the leadership to the Tamils in the eastern province as well from about 1970 until Prabhakaran a non Vellala was able to provide leadership using terrorist methods. He first used terror against Vellalas including Maheswaran, a Vellala terrorist. It was so with Douglas Devananda at the beginning who is now firmly established in the islands around Kayts. The Tamils having lost Prabhakaran have gone back to the TNA and TULF leadership and there is nothing much to read into the election results. The government, rather the SLFP, has to understand the mentality of the Tamil people and cultivate a leadership for the areas other than Kayts as well. The Tamils will not find their leadership and the leadership has to be provided from the top.

It is unfortunate that both Mr. Sambandhan and Mr. Ananda Sangaree try to interpret the results as a verdict given for Federalism. If Prabhakaran allowed elections while he was alive the Tamils would have voted for LTTE and the pundits would have argued it as a vote given for Eelam. In fact not only the ordinary Tamil people even the present TNA leadership without shame accepted the leadership of Prabhakaran and claimed that the LTTE was the sole leadership of the Tamils. If the TNA leadership were to renounce the Vadukkodai resolution, which they should if they are to be considered a serious political party and not one interested in engaging in racist politics claiming that they represent the Tamil people, still the Tamil people would vote for them until a more convincing leadership appears on the horizon. The LTTE claimed to be the sole representative of the Tamils but what happened eventually. The Tamil politics is such that at no stage the will of the public is expressed. What is expressed “officially” is the will of the leaders whether in the northern province or in the Thottam.

Based on the election results and interpreting it as a verdict for devolution of power the TNA leaders gave an ultimatum to the government to come out with a response to their proposals in respect of the so called ethnic problem. The ethnic problem is a creation of the English rulers, just as much the “scientific method” is a creation of the western intellectuals, and with the support of the Tamil racist leaders, the western anti Sinhala Buddhist intellectuals and more recently with the help of the most incorrigible western imitators who are found in the NGOs and the Universities the west was able to propagate in the western world that the Sinhalas were discriminating the Tamils. The solution to the politics of the so called ethnic problem was the over representation of the Tamils in the Legislative Assembly, the fifty – fifty of G G Ponnambalam, Federal solution of Chelvanayakam, which invariably led to the Eelam of Prabhakaran with India trying to force its devolution of power according to the Indian model through the thirteenth amendment, without considering the different histories and cultures of India and Sri Lanka. The politics of over representation, fifty – fifty, Federalism, Eelam and devolution of power continued in the battle fields and as everybody seems to know “war” is continuation of politics by other means. Thus when the LTTE was finally defeated in Nandikadal the whole political process that commenced under the English in the Legislative Assembly lost and there is no going back to any intermediate stage between the Legislative Assembly that did not recognize the due place that should have been given to the Sinhala Buddhists in the country and the Eelam of Chelvanayakam and Prabhakaran. The TNA should realize that the “post war” or “post conflict” situation in Sri Lanka in the words of pundits does not recognize an “ethnic problem” or any new political solution to the problem. The political solution has been given in Nandikadal and the “ethnic problem” had been the non recognition of the due place of the Sinhala Buddhist in the country. All the “solutions” proposed and/or implemented from the time of the Legislative Assembly to the Eelam were geared in the direction of depriving the Sinhala Buddhists their due place in the country. The wish of the Sinhala people was not considered at all, and after Nandikadal the TNA cannot continue to ignore the Sinhala people, a lesson they have not learnt.

I find that there are two aspects to the propaganda by Channel Four of the BBC which is shamefully supported by the TNA against the government and the armed forces or the “Ranaviruvan”. The first is the more obvious of attempting to frame charges of war crimes against the President, the Defense Secretary, and the commanders of various divisions of the Army, excluding the then Army commander Sarath Fonseka. The westerners wanted to use Sarath Fonseka as a “crown witness” but it has failed with the government acting fast. The second objective of the westerners is not to recognize or legitimize Nandikadal as a victory for the Sri Lankan Armed Forces. If Nandikadal is not recognized as a defeat for the racist politics of Tamil leaders (not of Tamil people) then the latter are in a position to claim that the process that commenced in the Legislative Assembly still continues. The west has to be reminded that military victories are victories irrespective of the methods adopted and that even if “war crimes” have taken place there is no going back to previous political positions unless it is reversed by further military actions. We reiterate that politics by any other means including military processes is politics, and the processes cannot be reversed claiming that they were not clean. If it is not the case then white Americans, Australians and other such people should give back the respective land and political power to the so called aborigines as the victories by the whites had been associated with war crimes. I am not saying for a moment that Nandikadal is associated with war crimes, and any attempt by the westerners to frame war crimes is bound to fail. The Channel Four of the BBC is gradually realizing it and this could make the westerners to resort to more drastic attempts to reverse Nandikadal, as the aim of the westerners to destroy the Sinhala Buddhist culture without giving the due place to the Sinhala Buddhists finally is pivoted to Nandikadal. The process that began with the Legislative Assembly and ended with Nandikadal has to be reversed at any cost in the eyes of the western Christian colonialists presently led by the Americans and the jets intruded into Sri Lankan air space do not augur well for the people in Sri Lanka except for the TNA leaders and human rights propagandists who may or may not be in the payroll of western Christian colonialism.

Finally the decision by the commissioner of elections to reduce the number of representatives to six has been opposed by the Tamil racist leaders and so called open minded liberal, Marxist, neo Marxist, post Marxists etc., in the NGOs and the Universities. The decision by the Commissioner is constitutional and hence legal and it is not difficult to understand the reason as to why these racist leaders and others are concentrating only on Jaffna. Why doesn’t anybody objecting to the reduction of the number of representatives in some other districts? The argument that the conditions have not been settled does not hold water as this lame excuse could be brought even after many years claiming that the so called refugees in other countries would come back. In any event the commissioner of elections has not been endowed with the liberty to take a decision on this matter depending on the so called conditions and allocate representatives to the districts, and it is a pity to see that the TNA and TULF leaders have not given up their racist politics. It is also sad to see that no proper preparation is done for the forthcoming census and the grapevine is busy with stories including one based on the argument of unsettled conditions, which claims that a proper head count would not be taken with the usual three stages of counting. This again could be another ploy adopted by the Tamil racist elements to inflate not only the number of Tamil representatives to the Parliament but even the numbers admitted to the Universities from certain districts.

Copyright Prof. Nalin De Silva

Friday 12 August 2011

ආසනික් ගැන අපේ කතාව

ආසනික් ප්‍රශ්නය පිළිබඳ ව තවමත් විවිධ අංශවලින් විවිධ කතා ගෙතෙනු දක්නට හැකි ය. කතන්දර ගෙතීමට සිංහලයන් දක්වන්නේ අති මහත් දක්‍ෂතාවකි. එහෙත් ඒ කතා සංගතව ගෙතීමට ඔවුන්ට එතරම් දක්‍ෂතාවක් නැත. රජරට ජලයේ ආසනික් නැතැයි කියන්නන් ගෙතා ඇති ප්‍රධාන ම කතාව නම් අප මේ ප්‍රශ්නයේ දී අපේ කතාව වෙනස්කර ඇති බව ය. ඔවුන්ට අනුව අපි රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් යැයි කී නමුදු දැන් තවත් අවශ්‍යතා දෙකක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. එනම් කිවුල් ජලය හා රජරට ප්‍රදේශවල ඇති කුඹුරු පස ය. අප එදා වතුර හා සහල් ගැන කතා කළමුත් අද කතාකරන්නේ කෘමිනාශක සම්බන්ධයෙන් ය. අප අතින් සහල් හා ජලය ගිලිහී ගොස් ඇති සෙයක් යැයි අපේ විරුද්ධකරුවෝ පවසති.

මේ ඉතාමත් වැරදි කතාවකි. අපේ විරුද්ධවාදීන් පැවසීමට තැත් කරන්නේ අප ඔවුන්ගේ විවේචන හමුවේ සහල් හා වතුර අස්කරගෙන ඇති බවත් දැන් අප ඒ වෙනුවට පලිබෝධනාශක කෙරෙහි සිත් යොමුකර ඇති බවත් ය. අප කළේ කුමක් ද? මෙහි ප්‍රවෙිශය කුමක් ද? අපි විමසා බලමු. අපේ මූලික අරමුණ වූයේ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගැනීම ය. ඉන්පසු ඒ සඳහා ප්‍රතිකාර කිරීම ය. අපට කලින් ද විවිධ කණ්ඩායම් රජරට වකුගඩු රෝගය ගැන පරීක්‍ෂාකර විවිධ වාර්තා ඉදිරිපත් කෙරී තිබිණි. ඔවුන්ට අනුව කැඩ්මියම්, ඇලුමීනියම් භාජනවල ආසනික් සහිත ජලය තැන්පතුව, ඇල්ගී වර්ග ආදිය රජරට වකුගඩු රෝගයට හේතු විය. එහෙත් මේ එකක්වත් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ පිළි ගැනීමට ලක් නොවීය. ඒ සියල්ලෙහිම විවිධ ගැටලු තිබිණි. අදත් ඒ නො පිළිගැනෙයි.

එපමණක් නොවේ. මේ ඇතැම් හේතු කිසිම වූ ආකාරයේ ඊනියා විද්වත් සඟරාවක පළකර නොතිබිණි. එහෙත් කිසිම විද්‍යඥයෙක් අද අපෙන් ප්‍රශ්න කරන ආකාරයට ඒ ප්‍රතිඵල ඊනියා විද්වත් සඟරාවක පළ නොකර මහජනතාවට ඉදිරිපත් කළේ ඇයිදැයි ප්‍රශ්න නො කළේ ය. ඇතැමුනට තේරුම් ගැනීමට නොහැකි මේ දෙබිඩි පිළිවෙත ය. එහෙත් තවදුරටත් කරුණු විමසීමේ දී පෙනී යන කරුණ නම් ප්‍රශ්නයට නාථ දෙවියන්ගේ මැදිහත්වීම නිසා වෙනත් අයගෙන් නොඅසන ප්‍රශ්න අපෙන් අසන බව ය. කාගෙ කාගෙත් විරුද්ධතාව නාථ දෙවියන්ට බව පැහැදිලි ය.

නාථ දෙවියෝ යනු කවරහු ද? අපේ සාහිත්‍යයට අනුව නාථ දෙවියෝ මෛත්‍රී නමින් මීළඟට මේ මහාභද්‍ර කල්පයෙහි ම බුද්ධත්වය ලබති. නාථ දෙවියන් හැරෙන්නට වෙනත් දෙවිවරුන්ගෙන් ද අපේ කණ්ඩායමට උපදෙස් හා හෝඩුවා ලැබෙයි. ඒ දෙවිවරුන් අතර විපස්සක දෙවියෝ ප්‍රධාන වෙති. ඒ අතර දෙවොල් දෙවියෝ ද, දැඩිමුණ්ඩ දෙවියෝ ද වෙති. මේ දෙවිවරුන්ගෙන් අපට ලැබෙන හෝඩුවා මත අපි බටහිර රසායන විද්‍යාවට අනුව පරීක්‍ෂණ පවත්වමු.

මේ දෙවිවරු අපට කිසි විටෙක සියල්ල නො කියති. එසේ කළහොත් දිව්‍ය බලය පිරිහී යන බව පැවසෙයි. එය සුරංගනා කතාවක් නො වේ. දෙවිවරු අපට උපදෙස් හා හෝඩුවා ලබාදෙන්නේ මූලික වශයෙන් ජනයා ධාර්මික කිරීමට හා නිවන් මගට පත්කිරීමට මිස මැජික් පෙන්වීමට නො වේ. අපට ඒ පිළිබඳ කිසිම ගැටළුවක් නැත. ඇතැම් දේව අනුහස් ඇති ස්ථාන ටික කලකින් වැසී යන්නේ අදාළ දෙවියන් අනවශ්‍ය ප්‍රමාණයකට තොරතුරු දී දිව්‍ය බලය නැතිකර ගැනීම නිසා යැයි අපට විශ්වාස කළ හැකි ය.

රජරට වකුගඩු රෝගය පිළිබඳ සාකච්ඡා කිහිපයකින් පසුව වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ දෙවිවරුන් කරා යොමු කරන ලද්දේ මා විසිනි. බොහෝ කලක සිට භාවනාවෙන් දැනුම ලබාගැනීම පිළිබඳ මගේ සිත යොමු වී තිබිණි. එමෙන් ම අපේ විද්‍යාවක් ගොඩනගා ගැනීමට මේ ක්‍රමය ද, එනම් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් සම්බන්ධ කර ගැනීම ද යොදාගත හැකි බව මට පෙනී ගොස් තිබිණි.

වෛද්‍ය චන්න ජයසුමන මහතාට රජරට ප්‍රදේශවලින් ජලය හා පස් නියැදි ගෙන ඒමට දෙවියන්ගෙන් උපදෙස් ලැබිණි. ඒ අනුව ගෙනෙන ලද නියැදිවල ආසනික් ඇති බව දෙවිවරු පැවසුහ. ඉන්පසු අපි ජල නියැදි ආසනික් සඳහා පරීක්‍ෂා කළෙමු. එහි දී ද බටහිර රසායන වි්‍යාඥයන්ට ක්‍රමයක් නොතිබුණු බැවින් දෙවිවරු යම් හෝඩුවාවන් සැපයුහ. ඒ අනුව පරීක්‍ෂා කිරීමේ දී අදාළ නියැදිවල ආසනික් ඇති බව හෙළිදරවු විණි.

ජලය සමග අපි විවිධ ශාඛ වර්ගවල ද පළතුරු හා ගෙඩිවල ද ආසනික් ඇත්දැයි පරීක්‍ෂා කළෙමු. එහි දී සහල්වල ආසනික් ඇති බව අපට පෙනී ගියේ ය. සහල්වල ආසනික් ඇති බව දැනට අවුරුදු කිහිපයක් තිස්සේ ම මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය දනිති. එබැවින් අපේ හෙළිදරවුව අළුත් දෙයක් නො වී ය. එහෙත් රජරට වකුගඩු රෝගයට හේතුව බත්කෑම යැයි අපි නො කීවෙමු. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ද එහෙත් එයට අමතරව ඒ රෝගය පැතිරයෑම සඳහා කිවුල සහිත ජලය ද කුඹුරු පස නමින් හැඳින්වෙන පස ද අවශ්‍ය බව කීවෙමු. මේ හේතු විවිධ අවස්ථාවල අනෙක් අයගේ විවේචන හමුවේ අපේ කණ්ඩායම විසින් එකතු කළ දේ නොව අප ආරම්භයේ සිට ම ප්‍රකාශ කරන ලද කරුණු විය.

රජරට ප්‍රදේශවලින් හමු වූ රෝගීන් ගැන අධ්‍යයනයක් කළ අපේ කණ්ඩායමේ වෛද්‍යවරුන් ඒ රෝගයට හේතුව ආසනික් (ආසනේට්) විෂවීම බව දැනගත්හ. ඔවුන්ට ලබාගත හැකි වූයේ රෝගයෙන් මියගිය අයගේ මෘත ශරීර දෙකක් පමණක් වීම මෙහි දී අපට ඇති ප්‍රධාන ම අඩුපාඩුව වෙයි. එහෙත් ඒ මෘතදේහ දෙක ව්‍යචිඡෙදය කිරීමෙන් පසු පෙනී ගිය කරුණ වූයේ රෝගයට හේතුව ආසනික් බවත් මෙය සාමාන්‍ය ආසනික් විෂවීමකට වඩා වෙනස් බවත් මේ රෝගය පිළිකා විශේෂයක් බවත් ය. මෙහි දී ද අපට දෙවිවරුන්ගෙන් හෝඩුවාවන් ලැබුණු බව සඳහන් කළ යුතු ය.

රෝගයට හේතුකාරකය ආසනික් බවත්, රජරට ප්‍රදේශවලින් ලබාගත් ජල, පස්, ශාඛ නියැදිවල ආසනික් ඇති බවත් දැනගැනීමෙන් පසු අපට අවශ්‍ය වූයේ ඒ ප්‍රදේශවලට ආසනික් ලැබෙන්නේ කෙසේ දැයි සොයා බැලීම ය. අපේ පොළොවේ ආසනික් ස්වභාවයෙන් ආසනික් නැත. ඒ බව ඕනෑම භූවිද්‍යාඥයකුට රසායන විද්‍යාඥයකුට භූරසායන විද්‍යාඥයකුට (විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පියකුට) අඩි දහයක් පමණ යටට පොළොව හාරා ඒ ඒ මට්ටමේ දී ආසනික් ඇති නැති බව පරීක්‍ෂාකිරීමෙන් දැනගත හැකි ය.

ලංකාවේ පොළොවේ සමස්තයක් ලෙස ගත්කල ආසනික් ඇත්තේ අඩි දහයක් පමණ යටට යන තෙක් පමණ යැයි අපි කියමු. අප එසේ කියන්නේත් දෙවිවරුන්ගෙන් ලැබුණු හෝඩුවාවක් අනුව ය. එසේ නම් එයින් කියැවෙන්නේ මෙරට පොළොවට බාහිර ව ආසනික් එකතු කෙරී ඇති බව ය. ඒ ආසනික්වලට තවමත් පොළොවෙන් අඩි දහයකට වඩා යටට යෑමට කාලයක් ලැබී නැත. එසේ නම් බාහිර ව පොළොවට ආසනික් එකතු කරන්නේ කවු ද යන ප්‍රශ්නයට අපි මුහුණ දුූන්නෙමු.

ඒ ප්‍රශ්නයට ඉතා පැහැදිලි පිළිතුරක් විය. ඒ කවුරුන්වත් නොව මෙරටට පලිබෝධ නාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කරන්නන් බව ය. ඔවුහු අසරණ ගොවි මහතුන් ලවා දැන් අවුරුදු හතළිහක් පමණ කාලයක් තිස්සේ කෘෂි රසායන මගින් පොළොවට ආසනික් එකතු කරති. අපේ පිළිතුර අපි පලිබෝධනාශක නියැදි රාශියක් පරීක්‍ෂාකිරීමෙන් පසුව තහවුරු කරගත්තෙමු. අපි ඉන්පසු ඒ බව ක්‍ෂණිකව ම ප්‍රකාශ කළේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ය. අපට ඊනියා විද්වත් සඟරාවල සාම්‍ය සමාලෝචනවලින් පසුව පත්‍රිකා පළකරගැනීමෙන් ඒ කිරීමට අවශ්‍ය නො වීය. එසේ කළේ නම් අපේ පත්‍රිකා මේ වනතුරුත් පළ නොවී තිබෙනු අතර අඩුම තරමෙන් කෘමිනාශක නවයක් අලෙවිකිරීම තහනම් නො කෙරෙනු ද ඇත. එමෙන් ම කෘමිනාශක අඩංගු බහාලුම් දොළහක් පමණ වරායේ රඳවා ගැනීමට ද රේගුවට අවස්ථාවක් නොලැබෙනු ඇත.

ඇතැමුන් කියන්නාක් මෙන් නොව අපි කිසිම විටෙක ජලයේ හා සහල්වල ආසනික් ඇති බව සඳහන්කිරීම අත්නොහැරියෙමු. අප දැන් වැඩි වශයෙන් පලිබෝධනාශක ගැන කතාකරන බව සත්‍යයකි. රජරට වකුගඩු රෝගයට හේතුව බත් හෝ වෙනත් ආහාරයක් හෝ නොවන බවත් එය වැළඳෙන්නේ බොන වතුර නිසා බවත් වතුරට ආසනික් එකතුවන්නේ ආසනික් රඳවාගත හැකි පසක් රජරට ප්‍රදේශවල ඇති නිසා බවත් ඒ පසට ආසනික් ලැබෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බවත් දැනගැනීමෙන් පසු අපට හාල්වල ඇති ආසනික් ගැන කතාකිරීමේ අවශ්‍යතාවක් නො වීය. එයට හේතුව අපේ අධ්‍යයනය රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් වීම ය. එහෙත් අප ජලයේ ආසනික් (කැලිසියම් ආසනේට්) ඇති බව දිගින් දිගට ම ප්‍රකාශ කරන්නේ ඒ බව අපේ අධ්‍යයනයට අදාළ බැවිනි. අප දැන් කෘමිනාශක ගැන වැඩි අවධාරණයක් කරන්නේ ඒ ඔස්සේ රජරටට පමණක් නොව අනෙක් ප්‍රදේශවල පසට ද ආසනික් එකතුවීම නතර කිරීමෙන් ලෙඩ රෝග බොහොමයක් පැතිර යෑම නවතාගත හැකි නිසා පමණක් නොව මෙරට ගොවි ජනතාව බෞද්ධ විරෝධී සත්ව ඝාතනයෙන් ඈත්කිරීමට ද හැකි නිසාත් ය. මෙරට ගොවි මහතුන් කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඈත්කර සිංහල බෞද්ධ ගොවිතැනකට යොමු කිරීම අපේ එක් අරමුණක් වෙයි.

මෙහි දී තවත් කරුණක් නොකියා ම බැරි ය. මෙරට බොහෝ දෙනා අවුරුදු ගණනක් තිස්සේ කෘමිනාශකවල වසවිස ඇති බව දැනගෙන සිටිය හ. ඒ ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂාවලින් නොව අත්දැකීමෙන් දැනගත් කරුණකි. එහෙත් ඒ වසවිස කවරේදැයි ඔවුහු නොදැන සිටියහ. කෘමිනාශකවල ආසනික් පමණක් නොව රසදිය ද ඇති බව අපේ කණ්ඩායම බටහිර රසායන විද්‍යාවට අනුව කරන ලද පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. එය ද දෙවිවරුන්ගෙන් ලැබුණු හෝඩුවාවක් අනුව කෙරුණකි. එපමණක් නොව එහි සයනයිඩ් ද අඩංගු වන බවට හෝඩුවාවක් වෙයි. බොහෝ දෙනා කෘමිනාශකවල වස විස අඩංගු බව දැනගෙන සිටිය ද ගොවීන් මුළුමනින් ම ඊනියා හරිත විප්ලවයේ කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඉවත්කිරීමට නොහැකි විය.

නාථ දෙවියන් ප්‍රශ්නයට අවතීර්ණවීමෙන් පසු ඊනියා හරිත විප්ලවයේ ව්‍යසනයට ඇති අවධානය අන් අතකට යොමු වී ඇත් ද? එසේ ප්‍රශ්න කරන්නෝ අවසාන විග්‍රහයේ දී බටහිර විද්‍යාවට ම සේවය කරති. ඊනියා හරිත කෘෂිකර්මය ද බටහිරයන්ගේ හඳුන්වා දීමකි. එයින් කෙරෙන්නේ එම කෘෂිකර්මයෙන් මුළු මහත් ජනතාවට ම අවශ්‍ය ආහාර නිපදවීමට නොහැකි බව පෙන්වා ගොවි ජනතාව කෘෂිරසායන කෘෂිකර්මයේ ම රඳවා තැබීම ය. අපට දෙවිවරුන්ගෙන් ලැබෙන හෝඩුවාවලින් කියැවෙන්නේ සිංහල බෞද්ධ ගොවිතැන ඔස්සේ අවශ්‍ය ආහාර සියල්ල නිෂ්පාදනය කරගත හැකි බව ය. අද බොහෝ දෙනාට නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ප්‍රශ්නයක් වී ඇති බව සැබෑ ය. එහෙත් ඒ දෙවිවරුන් ද අපේ විද්‍යාවක කොටස්කරුවන් බව අමතක නොකළ යුතු ය. අපේ විද්‍යාවක් ගොඩනැගීමේ දී අපට ඒ දෙවිවරුන් අවශ්‍ය වෙයි. ඒ දෙවිවරුන් ප්‍රශ්නයෙන් ඈත්කර තැබිය යුතු යැයි පවසන්නෝ අවසානයේ දී බටහිර ක්‍රිස්තියානි විද්‍යාවට ම සේවය කරති. මේ අතර ඇතැම්හු අපේ විද්‍යාව යනු විද්‍යාවක් නොවේ යැයි කියති. බටහිර ක්‍රිස්තියානි විද්‍යාවේ දාසයන් වූ ඔවුන්ගේ විවේචන නොතකා අපේ විද්‍යාවක් ගොඩනැගීමට අතදෙන විදුසරට අපේ ස්තුතිය හිමිවෙයි.


ඊනියා විද්‍යාඥයන්ගේ දැනුම


අද දිවයිනේ ප්‍රධානතම විද්‍යාඥයකු ලෙසත් කීර්තිමත් විද්‍යාඥයකු ලෙසත් හැඳින්වෙන මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා පසුගිය ජූලි 31 වැනි දින දිවයින ඉරිිදා සංග්‍රහයට ලියූ ලිපියෙන් මා නැවතත් ජනතාවට ආසනික් භීතියක් ඇතිකරන බව පවසා ඇත. මට හෝ අප කණ්ඩායමේ වෙනත් අයකුට හෝ ඊනියා ආසනික භීතියක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් නැත. ආසනික් භීතියක් මේ රටේ ජනතාවට ඇතිකිරීමට අවශ්‍යතාවක් තිබෙන අයකුට වුව ද එසේ කිරීමේ හැකියාවක් නැත. එයට හේතුව කෘෂිරසායනික ද්‍රව්‍යවල වස විස ඇති බව ජනතාව දැන සිටීම ය. ඇතැමකු ඒ හේතුවෙන් කාබනික ගොවිතැන වැනි විකල්ප ගොවිතැන් කරා ද යොමු වී ඇත. එය අද ඊයේ දැනගත් දෙයක් නොවන මෙරට ජනතාව සමග කටයුතු කරන අය දනිති. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද වස විස නැති ගොවිතැනක් ගැන කතා කරයි. අප කර ඇත්තේ මේ වස විස කිහිපයක් රසායනික නම්වලින් හඳුනාගැනීම පමණ ය. ඒ දැනුම අපට මුලින් ම ලබාදුන්නේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ප්‍රධාන දෙවිවරුන් බව අවධාරණය කළ යුතු ය. දෙවිවරුන් ඒ ඒ අවස්ථාවල කෘෂි රසායනික ද්‍රව්‍යවල ඇති ආසනික්, රසදිය හා සයනයිඩ් ගැන කී බව මෙහිලා සඳහන් කළ යුත්තේ අප කැලණියේ මෙන් ම වෙනත්් රසායනාගාරවල ද පිරික්සුම් කළේ දෙවියන් විසින් දෙන ලද ඒ දැනුම මත පදනම් වී නිසා ය. මෙවැනි පරීක්‍ෂණවල දී කෙරෙන්නේ බටහිර විද්‍යාවේ රසායනාගාරවල ක්‍රියාකරන පටිපාටියට අනුව කෘෂිරසායන ද්‍රව්‍යවල ඒ ඒ ද්‍රව්‍ය අඩංගු දැයි සොයා බැලීම ය. එසේ සොයාබැලීම සඳහා අඩුම තරමෙන් ඒ ද්‍රව්‍ය පිළිබඳ උපකල්පනයක් අවශ්‍ය වෙයි. අපේ රසායනාගාරවල අපි ආසනික් හා රසදිය සඳහා පරීක්‍ෂා කළෙමු. එසේ ම අද වන විට තත්ව පාලකයන් විසින් පිළිගැනී ඇතැයි කියන රසායනාගාරවල ද ඇතැම් කෘමිනාශක නියැදිවල ආසනික්, රසදිය හා සයනයිඩ් ඇති බව සහතික කර ඇත. ඔවුන් ද පරීක්‍ෂා කළේ ඔවුන් ලබාගත් තොරතුරු මත පදනම් වී ය. මේ තොරතුරු අනුව ඔවුහු ඒ ඒ කෘමිනාශකවල ඒ ඒ රසායනික ද්‍රව්‍ය සඳහා පරීක්‍ෂා කළහ. උදාහරණයක් ලෙස මලයාසියාවේ රසායනාගාරයක දී කර ඇත්තේ ඔවුන්ට ලබාදුන් උපදෙස් අනුව ආසනික්, රසදිය හා සයනයිඩ් සඳහා පරීක්‍ෂාකිරීම ය. මලයාසියාවේ විද්‍යාඥයන් හෝ තාක්‍ෂණ ශිල්පීන් හෝ ඔවුන් ම පරීක්‍ෂණ මගින් කෘෂි රසායන ද්‍රව්‍යවල සයනයිඩ් තිබෙන බවක් දැනගෙන නැති බව මෙහි දී අවධාරණය කළ යුතු ය. මෙයින් අදහස් කරන්නේ යම් ද්‍රව්‍යයක ඇති රසායන සංයුතිය දැනගැනීමට හැකි යන්ත්‍ර සූත්‍ර නැති බව නො වේ. එහෙත් එහි ද පරාස සීමාවන් වන බව අවධාරණය කළ යුතු ය. දැන් මෙරට සිටින ඊනියා විද්‍යාඥයන්ට අවශ්‍ය නම් සයනයිඩ් භීතිකාවක් ගැන කතාකළ හැකි ය. එහෙත් මේ රටේ ඇත්තේ ආසනික් හෝ රසදිය හෝ සයනයිඩ් හෝ භීතිකාවක් නොව ආසනික් ආදී ත්‍රස්තවාදයකි. කෘෂිරසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන්නෝ ඒ ද්‍රව්‍යවල ආසනික් හෝ වෙනත් වසක් විසක් හෝ නැතැයි ත්‍රස්තවාදී ව, බටහිර විද්‍යාවේ පරීක්‍ෂා මත පදනම් වන්නේ යැයි කියමින් පවසති.

අප මෙන් නොව කීර්තිමත් විද්‍යාඥයකු වූ මහාචාර්ය ඉලේපෙරුම මහතාගේ ඉහත සඳහන් ලිපියේ ම ඇති පහත සඳහන් වාක්‍ය අපි නැවතත් කියවමු. (මේ පශ්චාත්නූතනවාදීන්ගේ ඊනියා කියවීමක් නො වේ.) “කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන ලවණයක් බව මම කලින් ලිපියක සඳහන් කළෙමි. ඕනෑම අද්‍රාව්‍ය ලවණයක් ඉතා සුළු ප්‍රමාණයකට ජලයේ දිය වේ. මෙය කැල්සියම් ආසනේට්වලට ද වලංගු සත්‍යයක් වන අතර එහි ද්‍රාව්‍යතාව ජලය මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 13ක් පමණි.”…….. …….. .. .. උෂ්ණත්වය සහ ජලයේ ආම්ලිකතාව මත කැල්සියම් ආසනේට් දියවන ප්‍රමාණය වෙනස්වන බව ද මහාචාර්ය නලින් ද සිල්වා කියයි. මෙය සත්‍යයක් වන අතර උසස් පෙළ රසායන විද්‍යාව හදාරණ ඕනෑම සිසුවකු පවා එම කරුණ හොදාකාරව ම දනී. රජරට වකුගඩු රෝග කලාපයේ ජල සාම්පල විශ්ලේෂණය කළ මා නිරීක්‍ෂණය කළේ මේවා බොහෝමයක් භාස්මික වන බවත් පී එච් අගය 7ට වඩා වැඩි බවත් ය. එම තත්ත්ව යටතේ කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව පිරිසිදු ජලයේ ද්‍රාව්‍යතාවයටත් වඩා අඩු විය යුතු ය.” මේ වාක්‍ය කිහිපයෙන් මහාචාර්ය ඉලේපෙරුම මහතා වැටී ඇති ආසනික් පඹගාල නිරූපණය වෙයි.

ජූලි 31 වැනි දින ලිපිය ලියන තෙක් ඔහු දිගින් දිගට ම කියා සිටියේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බව ය. ඔහු කිසි විටෙක උසස් පෙළ සිසුන් ද දන්නා බව කියන අහවල් උෂ්ණත්ව පරාසයේ් දී අහවල් ආම්ලිකත්ව පරාසයේ දී කැල්සියම් ආසනේට් ජලයේ දියවන බවක් හෝ නොවන බවක් හෝ කියා නො සිටියේ ය. පසුගිය දිනෙක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මන්ත්‍රණයක දී ද ඔහු පරාස ගැන සඳහන් නො කෙළේ ය. ඔහු කියා සිටියේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බව ය. එනම් ඔහු නිරපේක්‍ෂ දිය නොවීමක් ගැන කතා කළේ ය. ඉහත කී සම්මන්ත්‍රණයේ දී මහාචාර්ය පරණගම මහත්මිය යම් ආමිලිකත්ව පරාසයක යම් උෂ්ණත්ව පරාසයක කැල්සියම් ආසනේට් දියවන බව කියා සිටියා ය. ඔහු ඒ අවස්ථාවේදීවත් මහාචාර්ය පරණගම මහත්මිය සමග එකඟ නො වී ය. පැහැදිලිව ම මහාචාර්ය ඉලේපෙරුම මහතා උසස් පෙළ සිසුන් ද දන්නේ යැයි කියන කරුණක් දැනගෙන ඇත්තේ මේ නොබෝදා ය. දැනුම කවදා ලබාගත්තත් ප්‍රශ්නයක් නැත. මෙවර උසස් පෙළ පරීක්‍ෂණයට පෙර ඒ කරුණ දැනගැනීම ගැන ඒ මහතාට ද සතුටු විය හැකි යැයි සිතමි. කෙසේ වෙතත් ඒ මහතාගේ වත්මන් දැනුම පිලිබඳ ව අපට ඇත්තේ බලවත් සතුටකි.

දැන් තමා වැටී ඇති වළෙන් ගොඩ ඒමට ඔහු උපාය දෙකක් යොදාගැනීමට සැරසෙයි. එක් උපායක්් නම් කැල්සියම් ආසනේට් පමණක් නොව ඕනෑම ඊනියා අද්‍රාව්‍ය ලවණයක් ඉතා සුළු ප්‍රමාණයකින් වුව ද ජලයේ ද්‍රාවණය වන බව කීම ය. ඔහු එයින් කීමට සූදානම් වන්නේ තමා අද්‍රාව්‍ය යැයි කී කැල්සියම් ආසනේට් ද සුළු ප්‍රමාණයකින් වුව දියවන බව කීමය. දැන් ඔහුට අනුව කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව ජලය මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 13ක් පමණි. මෙය ආසනික් සම්බන්ධයෙන් සුළු ප්‍රමාණයක් නොවන බව කිව යුතු ය. අනෙක් අතට මේ ද්‍රාව්‍යතාව ද ආම්ලිකතාව උෂ්ණත්වය ආදිය මත වෙනස් වෙයි. මහාචාර්ය ඉලේපෙරුම මහතා වලෙන් ගොඩ ඒමට යොදා ගැනීමට උත්සාහ කරන දෙවැනි උපාය ද්‍රාව්‍යතාවේ මේ විචලනය මත පදනම් වෙයි. ඔහු කියන්නේ ඔහු පරීක්‍ෂා කළ නියැදි බොහෝමයක පී එච් අගය හතට වැඩි වූ බවත් එබැවින් එම තත්ත්ව යටතේ කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව පිරිසිදු ජලයේ ද්‍රාව්‍යතාවයටත් වඩා අඩු විය යුතු බවත් ය. පී එච් අගය වැඩිවන විට කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව අඩුවන බැවින් ඔහු පරීක්‍ෂා කළ බොහොමයක් නියැදිවල ආසනික් දිය වී නොතිබුණු බව ඇඟවීම මේ කතාවේ අරමුණ වන බව පෙනේ. එමගින් ආසනික් ජලයේ දිය නොවන්නේ යැයි ඔහු කලින් කී කතාව යම් පමණකින් යුක්තියුක්ත කිරීමට කීර්තිමත් මහාචාර්යවරයා උත්සාහ ගන්නා බව ද පැහැදිලි වෙයි. එහෙත් ඒ මහතාට ම අනුව නියැදි යම් ප්‍රමාණයක පී එච් අගය හතට අඩු ය. ඒ නියැදිවල කැල්සියම් ආසනේට් ද්‍රාවණය වී නොතිබිණි ද? ඔහු තවදුරටත් පවසන්නේ කැල්සියම් ආසනේට් ජලයේ දියවීමේ දී අයනවලට වෙන් වී ජලයට එකතුවන්නේ කැල්සියම් හා ආසනේට් යන අයන ප්‍රභේද දෙක බව ය. ඔහුගේ තර්කය ආසනේට් විසවීමක් ගැන මිස කැල්සියම් ආසනේට් සංයෝගය විසවීමක් ගැන කතාකිරීම වැරදි බව ය. අපි ඔහු නිවැරදි යැයි සිතමු. එසේ වුවත් අපේ කතාවෙහි (බටහිර විද්‍යාවෙහි ද ඇත්තේ කතා පමණකි) අදාළ කරුණෙහි දී ආසනේට් විසවීමට කැල්සියම් ආසනේට් තිබිය යුතු ය. අප කියා සිටින්නේ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ය. ආසනික් නොතිබෙන්නට කැල්සියම් ආසනේට් නැත. කැල්සියම් ආසනේට් නොමැතිව ආසනේට් අයන නැත. එබැවින් අපේ මූලික ප්‍රස්තුතයට ඉන් හානියක් නො වේ. කෙසේ වෙතත් කැල්සියම් ආසනේට් කිනම් අවශ්‍යතා යටතේ වුවත් ඕනෑම ජලයක දියවීමේ දී අයනවලට වෙන්වන්නේ ද, මේ තොරතුරු අඩංගු වන්නේ කොහේ ද ආදිය බටහිර රසායන විද්‍යාව ගැන එතරම් දැනුමක් නැති අපට උගත් මහාචාර්යවරයා පවසන්නේ නම් කෘතඥ වෙමි. ඔහු පස ගැන කියන කතා අපි කිසිසේත් විශ්වාස නො කරමු. ලංකාවේ සෑම තැනකම ඇත්තේ එකම පසක් යැයි කියන පාංශු විද්‍යාඥයෝ වෙත් ද? රජරට වුව ද සමස්තයක් ලෙස ගත්කල කුඹුරු පස තිබුණ ද සෑමතැනක ම ඇත්තේ එකම පසක් නො වේ. රජරට ද රෝගය සමව පැතිරීමක් දක්නට නොලැබීමට එය එක් හේතුවකි. මහාචාර්යතුමා තවත් කතාවක් කියයි. ඔහුගේ ෆ්ලුවොරයිඩ් කතාව ප්‍රකාශ කළේ 2004 බව ද එය ජාත්‍යන්තර සඟරාවක පළ කළේ 2009 බව ද කියයි. ඉන් අදහස් කරන්නේ ඔහු ඊනියා විද්වත් සඟරාවක ප්‍රතිඵල පළ කළේ ඒ රටට ප්‍රකාශ කර අවුරුදු පහකට පසුව බව ද? කෙසේ වෙතත් ඔහුගේ මතය වෙනත් බොහෝ දෙනා නොපිළිගන්නා බව පැහැදිලි ය. අනෙක් අතට ඊනියා විද්වත් සඟරාවක පළ වූ පමණින් මතයක් නිවැරදි නො වේ. නේචර් හා සයන්ස් සඟරාවල ද පළවන ලිපිවලින් 30%ක් පමණ අවුරුදු කිහිපයක දී ප්‍රතික්‍ෂෙප වෙයි. අවසාන වශයෙන් ඔහු වෛද්‍යවරුන් පවසන්නේ යැයි කියමින් රජරට වකුගඩු රෝගියකු එක්සීමා රෝගියකු බවට පත්කිරීමේ නින්දිත උත්සාහයක යෙදෙයි. ඒ බව පවසන වෛද්‍යවරුන් කවරේදැයි ඔහුට නම්කළ හැකි ද? ඔහුට අනුව වෛද්‍ය තිලක් අබේසේකර මහතා කියන්නේ වකුගඩු රෝගීන් කිසිවකුවත් ආසනික් විෂවීමේ ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව ය. අබේසේකර මහතා එසේ කියන්නේ දැයි මම නො දනිමි. අඩුම තරමින් සාධාරණ වශයෙන්(පොදු යන අරුතින්) වකුගඩු රෝගීන් ගැන එසේ කීවේ නම් ඒ ගැන තවත් පරී’ක්‍ෂාකිරීමට සිත යොමුවීමට තිබිණි. එහෙත් රජරට වකුගඩු රෝගීන් කිසිවකු ආසනික් විෂවීමේ ලක්‍ෂණ පෙන්නුම් නොකරන්නේ යැයි අබේසේකර මහතා පවසා ඇත්නම් ඔහුට ද දිවැස් තිබිය යුතු ය.

Devivaru Arsenic and Science V

Dr. Upali Samarajeewa in his article on 27th July expresses the view that the Kelaniya group that is on a “great mission to prove” that the Rajarata Kidney Disease is “due to exposure of humans to Arsenic” “start by attacking views of all other scientists examining the possible origins of the disease”. He claims that then we “create fear among the public with a story of high concentrations of arsenic in rice and water”. He admits that we presented our case at a seminar of the Ministry of Irrigation and Water Management in March 2011, which according to him was “later released to a local science tabloid.” Then according to his script “the story expands next to pesticides (conveniently forgetting their (Kelaniya group’s) earlier claims of high concentrations of arsenic in rice and water) and later takes a different turn that arsenic is added to pesticides at various points in the distribution chain, when they find that their arguments do not hold any more in the light of test reports coming out from an internationally accredited laboratory.” He further states that “manipulating their own data to suit the occasions has become a feature of these scientists”.

I must inform Dr. Samarajeewa that we are certainly not on a mission great or otherwise as we are not missionaries of any faith or belief, unlike the great scientists in Sri Lanka who are no more than glorified technicians not having introduced any concept theory or idea, who follow some procedures (some of which are called process by Prof. Carlo Fonseka), and who are on a mission on behalf of the western Christian science. Dr. Samarajeewa like all missionaries wants to attack the others while blaming the others for attacking him and the other missionaries. If he is not attacking our views what is he doing writing all these articles to the newspapers? I have no objections when he attacks us as we not being missionaries who follow Budun Vahanse would tolerate any opposing views.

We have reasons to believe (all the so called theories including Newton’s gravitational theory are nothing but beliefs or stories at best) that Rajarata Kidney Disease is caused by Arsenic through Calcium Arsenate that dissolves in water at certain temperatures at certain acidic levels indicated by the pH values. We have not deviated from this story and we have not dropped our claim that Arsenic is present in rice and water. In fact if Arsenic is not present in water in some form there is no possibility of Arsenic causing the Rajarata Kidney disease according to our script? (Please remember that Newton wrote his script on gravitation in the seventeenth century). In our script Arsenic goes into the system through drinking water that has a content of Calcium Arsenate.

We have not attempted to create fear among the public by claiming a high concentration of Arsenic in rice and water but only attempted to make them aware of the conditions. As I have repeatedly said the presence of Arsenic in rice had been known to great scientists such as Prof. Ranjith Jayasekera the cadre Senior Professor of Botany at the University of Kelaniya since 2004 or so and we were the fourth group to find Arsenic in rice. However, as we have said rice was not our main concern as we were interested in Rajarata Kidney Disease that was not caused by rice. People have been aware of the presence of “vasa visa” (poison) in pesticides and also in what we eat because of the use of pesticides in agriculture for sometime and our disclosure was not a surprise to most of them. In fact some have been engaged in other forms of agriculture such as organic farming in order to avoid poisonous substances for more than at least two decades. Al that we did was to identify Arsenic as one of the poisonous substances in the pesticides.

It was not only Arsenic that we had identified in pesticides but Mercury as well. We have announced this at various seminars and at least one other laboratory has reported on the presence of Mercury in pesticides. In fact the Devivaru had indicated the presence of other toxic matter in the pesticides, which will be disclosed in the near future. Dr. Samarajeewa makes a lame effort to accuse us of changing our claims when according to him our data are shown to be invalid by an internationally accredited laboratory. We have never done so and we must say that internationally accredited laboratories are in now confirming our results though the scientists of the caliber of Dr. Samarajeewa may not be aware of the latest developments.

We have not claimed that Arsenic or any toxic matter is added to pesticides at one or many points in the distribution chain but if the manufacturers of the pesticides claim that what they had exported are free of toxic matter and if we believe them, then Arsenic and other toxic matter have to be added somewhere along the line from the point of export to the point of distribution to the retail traders. It is also possible that the exporters are not telling the truth and that they export pesticides with one or many toxic substances. In this regard I wish to quote the following from the 3rd June 2009 issue of “Daily Nation” published in Kenya.

‘The Kenya Bureau of standards (Kebs) said the entire 20,000 tonnes of DAP fertilizer from the United States contained “very high” levels of poisonous elements – arsenic and cadmium. The agency said these would manifest themselves in crops if the fertilizer was used. On Wednesday, a Kenya Navy ship was said to be patrolling the area, with officers under strict instructions to keep vigilance and ensure the vessel carrying the fertilizer sails back.’

Of course this has happened two years ago in Kenya soon after the LTTE was defeated in Sri Lanka. It may be that we did not have time to look into the problems created by the importers of agrochemicals during the time LTTE was in action with the aid of self same westerners who export these chemicals to the Asian and African countries. Unfortunately the Afro Asian countries are not only in disarray but are dominated by western thinking and knowledge including western science and they can hardly do anything about dumping of toxic matter in the form of agrochemicals by the westerners. We are in a tricky situation as the westerners who export agrochemical with poisonous matter could ban our agricultural exports to them claiming that they contain toxic matter. The only way forward is to develop our own methods without depending on the so called scientific agriculture using agrochemicals produced in the west and the “Arsenic studies” group at Kelaniya is concerned with developing “Sinhala govikama” and of course our own science.

It is in this regard we have deliberately deviated from so called scientific process and obtained help from Devivaru who have instructed on “govikama” as well. It is not organic farming that we practice and the Science Faculty at the University of Kelaniya has already finished with four “kannas” on an experimental level in a paddy field near Kadawatha.

We have already divulged our methods to ITI and we are now testing in collaboration with them for Arsenic in pesticides.

Copyright Prof. Nalin De Silva

Sunday 7 August 2011

දේශන - සිංහල බෞද්ධ දර්ශනය මත පදනම් වූ විද්‍යාවක්

මහාචාර්ය නලින් ද සිල්වා විසින් "සිංහල බෞද්ධ දර්ශනය මත පදනම් වූ විද්‍යාවක්" යන මැයෙන් දේශනයක් මොරටුව විශ්වවිද්‍යාලයීය සිංහල සංස්කෘතික සංගමයේ ආරාධනයෙන් 2011 අගෝස්තු මස 10 වන බදාදා සවස 5.00ට විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

Monday 1 August 2011

විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයට පිළිතුරු - II

අප සාකච්ඡා කරමින් සිටියේ ඊනියා පර්යේෂණවල ප්‍රතිඵල සාම්‍ය සමාලෝචනවලට භාජනය කෙරෙන සඟරාවල පළකිරීම අපේක්‍ෂා කරනු ලැබේ යැයි විද්‍යාභිවර්ධන සංගමයේ නිවේදනයෙහි දැක්වෙන අදහස ය. මේ බැරූරුම් විද්‍යාඥයන් (serious scientists) අපෙන් ඉල්ලා සිටින්නේ අපේ ඊනියා විධික්‍රමය, නියැදි එකතුකරගත් ආකාරය ආදී වශයෙන් සඳහන් ලිපියක් හැකි ඉක්මනින් සාම්‍ය සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලෙස ය. අප අපේ ඊනියා පර්යේෂණ ප්‍රතිඵල ප්‍රකාශ කළ යුත්තේ කුමක් සඳහා ද? පළමුවෙන් ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අය අතුරෙන් ඉතා වැඩි ප්‍රමාණයකට ඒ බව දැන්වීමට ය. දෙවනුව ඒ පිළිබඳ අනෙක් අයට තම තමන්ගේ මත ඉදිරිපත්කිරීමට අවස්ථාව ලබාදීමට ය. සාම්‍ය සමාලෝචනය (peer review) එහි අනිවාර්ය අංගයක් නො වේ. නේචර් සහ සයන්ස් යන ජාත්‍යන්තර වශයෙන් ඉහළින් ම සැලකෙන සඟරාවල පළවූ සාම්‍ය සමාලෝචනයට භාජනය කෙරුණු පත්‍රිකාවලින් සියයට තිහක පමණ අඩංගු කරුණු ද වැරදි බවට අවුරුදු කිහිපයකින් හෙළිදරවු වන බව අමතක නොකළ යුතු ය.

අප කියා සිටින්නේ ඊනියා පර්යේෂණවල ප්‍රතිඵල අඩංගු ලිපි (පත්‍රිකා) පුවත්පත්වල, වෙබ් අඩවිවල හා පුළුල් වශයෙන් මහජනතාවට කියවිය හැකි තැන්වල පළවිය යුතු බව ය. එවැනි ලිපිවලින් සියයට කීයක් වැරදි ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ. ඒ තීරණය කරනු ඇත්තේ බොහෝ දෙනාගේ මැදිහත්වීමෙනි. සාම්‍ය සමාලෝචනයේ අරමුණ ඊනියා පර්යේෂණය නිසි පරිදි කෙරී ඇත්දැයි සොයා බැලීමත් ප්‍රතිඵල පිළිබඳ සෑහීමකට පත්වීමට හැකි දැයි තීරණය කිරීම ය. එබැවින් සාම්‍ය සමාලෝචනවලට භාජනය කෙරෙන පත්‍රිකාවලින් නම් කිනම් ප්‍රතිශතයක් වැරදි ද යන්න දැනගැනීම වැදගත් වෙයි.

රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් යැයි අප පවසන අදහස ඊනියා සාම්‍ය සමාලෝචනයට භාජනය කෙරිණි නම් තවමත් ඒ පත්‍රිකා සමාලෝචකවරුන්ගේ මේසය මත තිබෙනු නිසැක ය. අපට අවශ්‍ය වූයේ ඊනියා ‘ක්‍ෂණික ප්‍රසිද්ධියක් නො චේ. අපට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් මෙරට ගොවි ජනතාව කෘෂි රසායනික ගොවිතැනෙන් මුදා ගැනීමත්, අඩුම තරමෙන් බෞද්ධ විරෝධී කෘමිනාශක මෙරටට ගෙන්වීම ඉක්මණින් නතර කිරීමත් ය. වස විස වෙළඳාම බහුජාතික හා වෙනත් ධනකුවේර සමාගම්වලට ධනය ගෙන දෙන්නක් වන නමුදු බෞද්ධ සම්මා ආජීවයට විරුද්ධ ය. ඒ බව ජනාධිපතිතුමා ද දන්නා බව අපට විශ්වාස ය.

අපේ ප්‍රතිඵල ජනතාව අතරට යෑම හේතුවෙන් මේ වන විටත් පලිබෝධ නාශක වර්ග නවයක් තහනම් කිරීමට පියවර ගැනීමට පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට සිදු වී ඇත. එමෙන් ම කෘමිනාශක අඩංගු බහලුම් දහසයක් පමණ වරායේ ර’ඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර ඇත. එදා නැතැයි කී ආසනික් සති කිහිපයක් ඇවෑමෙන් යම් ප්‍රමාණයකට වුව ද තිබෙන බව පිළිගැනීමට අද බොහෝ විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට සිදු වී ඇත. එමෙන් ම ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමය මහා ඉහළින් වරණනා කරන කාර්මික තාක්‍ෂණ ආයතනයට අද රේගුවේ ඉල්ලීම මත කැලණිය විශ්වවිිද්‍යාලයීය කණ්ඩායම සමග සම්බන්ධ වී තම පර්යේෂණ කටයුතුවල නිරතවීමට සිදු වී ඇත. මෙය ද අපේ ජයග්‍රහණ්‍රයක් නො වේ ද? කාර්මික තාක්‍ෂණ ආයතනය වරක් අපේ නියැදි පර්යේෂණවලට භාජනය කිරීම ද ප්‍රතික්‍ෂෙප කළ බව මෙහි දී අවධාරණය කළ යුතු ය.

අවශ්‍ය නම් කෘෂි රසායනවලින් වස විස අඩංගු කෘමිනාශක ගෙන්වීම පමණක් තහනම් කෙරීමට අංඩුවට පියවර ගත හැකි ය. ආංඩුව තීරණය ගත යුත්තේ ජනතාවට සහනයක් ගෙන දෙන අයුරින් ය. ආණ්ඩුව යනු මහජනයා විසින් පත්කරනු ලැබූ දේශපාලනඥයන්ගෙන් හා උපකරණවලින් සමන්විත වුවකි. ආණ්ඩුව ගන්නා තීරණය කුමක් වුවත් එය මහජනතාව විසින් සාකචඡා කිරීම වැදගත් ය. මහජනතාව බටහිර රසායන විද්‍යාව දන්නේ ද නැද්ද යන්න මෙහි දී වැදගත් නො වේ. යම්කිසි අයුරකින් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් පැවරුවහොත් එය විභාග කරන විනිසූරුතුමා රසායන විද්‍යාව දැන සිටිය යුතු බවට නියමයක් නැත. බටහිර රසායන විද්‍යාවෙන් පටන් ගත්ත ද මෙවැනි ප්‍රශ්න කෙළවර වන්නේ නීතියේ දී නැත්නම් දේශපාලනයෙහි දී ය. එබැවින් මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත්වන ලිපි හැකි ඉක්මණින් මහජනතාවගේ සාකච්ඡාවට බඳුන්වීම සුදුසු ය. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්ඩලයේ සාමාජිකයන් සිංහලෙන් ලියැවෙන වෙබ් අඩවිවලට ඇතුල්වන්නේ නම් අද ප්‍රශ්නය සාකච්ඡා කෙරෙන අන්දම අත්දැකගත හැකි ය.

අනෙක් අතට ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණ පර්යේෂණ සඟරාවල පළවිය යුතු යැයි නීතියක් නැත. කෙසේ වෙතත් අපේ ප්‍රතිඵල හා ක්‍රම ඊනියා විද්වතුන්ට ඉදිරිපත් කෙරී නොමැතිය යන්න අසත්‍යයකි. ඊනියා විද්වත් සම්මේලන පහක දී ඒ ප්‍රතිඵල හා ක්‍රම ඉදිරිපත් කෙරී ඇත. ඉන් එකක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් පවත්වන ලද සම්මන්ත්‍රනයකි. තවත් එකක් කෘෂිකර්ම ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රජරට විශ්වවිද්‍යාලයේ එක් සම්මන්ත්‍රණයක් පැවැත්වුණු අතර එක් සම්මන්ත්‍රණයක් පැවැත්වුණේ කාර්මික හා තාක්‍ෂණ අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙනි. අවසාන සම්මන්ත්‍රණය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. මේ සම්මන්ත්‍රණවලදී අපේ ප්‍රතිඵල හා ක්‍රම ඉදිරිපත් කෙරුණු අතර ඒවාට විවිධ පර්යේෂණ ආයතනවල ඊනියා විද්‍යාඥයෝ සහභාගිවූහ. එහි දී මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුමගෙන් හා මහාචාර්ය උපාලි සමරජීවගෙන් හැරුණු විට විරුද්ධ යැයි කිවහැකි අදහසක් ඉදිරිපත් නො කෙරිණි.

ඉලේපෙරුම මහතා සැමදාමත් කියන ෆ්ලුවොරයිඩ් හා ඇලුමීනියම් කතාව හැරන්නට කීවේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බවත් හම්බන්තොට ආදී වෙනත් කිවුල් ජලය ඇති පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගය දක්නට නොලැබෙන බවත් ය. (කිවුල හා කැල්සියම් ආසනේට් ද්‍රාවණය පිළිබඳ ව පසුගිය විසිවැනි දා විිදුසර පත්‍රයෙහි ආචාර්ය මෙත්තිකා විතානගේ නම් මහත්මියක් ද සඳහන් කර ඇත) ෆ්ලුවොරයිඩ් කතාවට බොහෝ කලකට පෙර ඉන්දීය කණ්ඩායමක් පිළිතුරු දී තිබුනේ ඉන්දියාවේ ෆ්ලුවොරයිඩ් ව්‍යාප්තිය හා ඇලුමීනියම් භාජන පාවිච්චිය අනුව එහි රජරට දක්නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගය බෙහෙවින් පැතිරී තිබිය යුතු ය යනුවෙන් බව ඒ මහතාට සම්මන්ත්‍රණයෙහි දී මතක් කර දෙන ලදී. ඒ පිළිතුර ලංකාවේ ෆ්ලුවොරයිඩ් ව්‍යාප්තිය සැලකීමේ දී මෙරටට ද අදාළ වෙයි.

කැල්සියම් ආසනේට් ජලයේ ද්‍රාවණය වන්නේ ආම්ලිකතාව හා උෂ්ණත්වය අනුව ය. ඒ බව සඳහන් පර්යේෂණ පත්‍රිකා වෙයි. අපට අදාළ ජලයේ කැල්සියම් ආසනේට් ද්‍රාවණය වෙයි. හම්බන්තොට ආදී ප්‍රදේශවල රෝගය දක්නට නොමැත්තේ කිවුල හා ආසනික් තිබුණ ද ආසනික් රඳවාගත හැකි පසක් එහි නොතිබීම ය. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් (ආසනේට්) වුව ද අදාළ පස හා කිවුල නොමැතිව රෝගය නො වැළදෙයි. ඒ බව අප කියා ඇත්තේ වරක් දෙවරක් නො වේ. මහාචාර්ය සමරජීව මහතා නම් තම නොදැනීම ප්‍රකාශකිරීම හැරෙන්නට වෙනත් දෙයක් නො කළේ ය. ඔහු ආහාර හා පෝෂණය පිළිබඳ මහාචාර්යවරයකු ව සිටියේ කෙසේ ද යන ප්‍රශ්නය නම් පැනනගී. මෙහි දී විතානගේ මහත්මියගේ දැනගැනීමට තවත් කරුණක් කිව යුතු ය. රජරට වකුගඩු රෝගය ද පිළිකා රෝග විශේෂයෙක් බව අපේ කණ්ඩායමේ වෛද්‍යවරුන් කිහිප වරක් ම ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අවසාන වශයෙන් කරන්නේ තර්ජනයකි. අපේ කණ්ඩායමේ නායකයා වන මා බටහිර විද්‍යාවට විවෘතව ම ගර්හාකරන්නකු බව ද මා “තොරතුරු සැපයීමේ පමණක් නොව ක්‍රමවේද ද සැපයීමේ මූලාශ්‍රය සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් බව” ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව ද පවසා අද්භූත ඇදහිලිවලට විද්‍යාව තුළ ඉඩක් නොමැති බව සංගමය තරයේ කියයි. අපේ කණ්ඩායමේ අනෙක් අය සැබෑ (ඉංගිරිසි ප්‍රකාශනයෙහි සීරියස්) විද්‍යාඥයන් ලෙස පීිළිගැනීමට ලක්වීමට නම් මගේ අසම්මත ප්‍රකාශවලින් බැහැරවීමට වගබලාගත යුතු යැයි ද අදාළ නිවේදනයෙහි සඳහන් වෙයි. විද්‍යා පීඨයක පීඨාධිපතිවරයාගේ අරමුණ විද්‍යාව පහළට ඇද හෙළීම සහ එයට නිහ්‍රහ කිරීම වීම අතිශයින් ම අවාසනාවන්ත තත්වයක් ලෙස විද්‍යාභිවර්ධන සංගමය සලකන බව ද නිවේදනයෙහි සඳහන් වෙයි.

තොරතුර හා ක්‍රමවේද කාගෙන් ලැබුණ ද අපේ කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් අවශ්‍ය පරිදි බටහිර විද්‍යාවේ සම්මත ක්‍රම අනුව පරික්‍ෂණ පවත්වා කෘමිනාශකවල හා අදාළ ප්‍රදේශවල ජලයේ (විශේෂයෙන් ලිංවල) ආසනික් ඇති බව පෙන්වා දී ඇත. ඉදිරි කාලයෙහි දී අවස්ථාව ලැබුණහොත් අනෙක් කණ්ඩායම් ඉදිරියෙහි දී ද ඒ බව පෙන්වනු ඇත. රාමනුජන් නම් සුප්‍රසිද්ධ ඉන්දීය ගණිතඥයා තම අනන්ත ශ්‍රේණි පිළිබඳ සූත්‍ර ලීවේ කාලි අම්මාට පූජා පැවැත්වීමෙන් පසුව ය. ඒවා සාධනය කරන්නේ කෙසේ දැයි එතුමා නොදැන සිටියේ ය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලෝක ප්‍රසිද්ධ හාඩි නම් විශිෂ්ටතම ගණිතඥයා ඇතුළු ගණිතඥයෝ ඒවා සාධනය කළහ. ඔවුන් රාමනුජන් මහතාට අදහස් ලැබුණේ කාගෙන් දැයි නොවිමසුවා පමණක් නොව ඒ මහතාට ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් (FRS) ද පිරිනැමූහ. සුද්දන්ටත් වඩා පර (විජාතික - අප නොවන අරුතින්) සුද්දන් වූ, හුදු තාෂණික ශිල්පීන් පමණක් වූ මෙරට පුහු විද්‍යාඥයෝ අපට තොරතුරු ලැබුණේ කෙසේ දැයි ප්‍රශ්න කරති. මොවුහු කෙතරම් දීනයෝ වෙත් ද?

බටහිර විද්‍යාවට නොව ගර්හා කළයුතු ඕනෑම දෙයකට ගර්හාකිරීමට මම බිය නො වෙමි. මම තවමත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යාවජීව සාමාජිකයෙක්මි. මා ඒ බව පවසන්නේ උදම් ඇනීමට නොව හැකිනම් මගේ සාමාජිකත්වය අහෝසි කරන ලෙසට සංගමයට අභියෝග කිරීමට ය. බටහිර විද්‍යාවට මෙරට හිමි වී ඇති තැනින් එය ඇද හෙළිය යුතු අන්කිසිවක් නිසා නොව අද බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් අප පාලනය කිරීමේ දී යොදාගන්නා ප්‍රධාන මෙවළම වීම නිසා ය. මා ජීවතුන් අතර සිටින තාක් මම ඒ කිරීමට උත්සාහ ගනිමි.

ශ්‍රි ලංකා විද්‍යභිවර්ධන සංගමය අපේ කණ්ඩායමේ අනෙක් අයට තර්ජනය කරන්නේ ඔවුන් මගේ ඊනියා අසම්මත අදහස්වලින් වෙන් නොවුනහොත් ඔවුන් සැබෑ විද්‍යාඥයන් ලෙස නොසලකන බවට ව්‍යංගයෙන් නමුත් තර්ජනය කමිනි. ඔවුන් මගේ අදහස් සමග එකඟ ද නැද්ද යන වග විද්‍යාභිවර්ධන සංගමය නොදැන, මේ කරන්නේ ඔවුන් ලවා මගේ අදහස් සමග එකඟ නොවන බවට ප්‍රකාශයක් කරවා ගැනීමට ය. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට එවැනි දෙයක් තම සාමාජිකයන් ලවා අනියමින්වත් කරවාගැනීමට එහි ව්‍යවස්ථාවෙන් හෝ රටේ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතිය කුමක් ද? අනෙක් අය තමන් දරණ අදහස් කුමක් විය යුතු දැයි තීරණය කිරීමට විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට ඇති අයිතිය කුමක් ද? මෙරට සිටින අඟුටුමිටි විද්‍යාඥයන්ට පල්ලියේ විවිධ වර්ණවල ලෝගු පොරවාගෙන යාර පනහට අඩු පෙරහැරවල කවටයන් මෙන් ගමන්කර සාමාන්‍ය මිනිසුන් ඉදිරියේ මහේශාඛ්‍යයන් ලෙස පෙනී සිටීමේ වරම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් ලබාදී ඇත්තේ බෞද්ධ සම්මා ආජීවයට විරුද්ධවීමට හා මතු බුදුවන නාථ දෙවියන් ඇතුළු සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් අපේ විද්‍යාවෙන් ඉවත්කිරීමට ද?