Main Logo

Saturday 28 April 2012

දේදුනු පායා පාට වැටී

අයින්ස්ටයිනීය සංකල්ප අනුව අංශුවක් විසින් අවකාශ – කාලය නිර්මාණය කරන ලද ද එසේත් නැතහොත් වෙනස් කරන ලද ද, නිව්ටෝනීය සංකල්ප අනුව එය අවකාශයෙහි පැවතුණ ද, අවකාශයේ එහි පැවැත්ම යන්න පැහැදිලි ය. අපට අවකාශය පිළිබඳ යම් හැඟීමක් ඇති අතර එය ඊනියා ද්‍රව්‍යමය පසුබිමක් සහිතව අපි අත්දකින්නෙමු. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවකට පිහිටුම් කිහිපයක් දැරීමට හැකිය යන අදහස ද ඇතැමුනට තමන්ගේ නිව්ටෝනීය සංකල්පවල ඇති ආධිපත්‍යය හේතුකොටගෙන තේරුම් ගැනීමට නොහැකි වුව ද ඇරිස්ටෝටලීය න්‍යායෙන් හා නිව්ටෝනීය සංකල්පවලින් මිදුණු වහාම ඒ අවබෝධ කරගැනීම අපහසු නො වේ. විශේෂයෙන් ම ඊනියා බුද්ධිවාදයෙන් ඔළුව අවුල් කර නොගත් සිංහල බෞද්ධයනට ඒ තේරුම් ගැනීම අපහසු නො වේ.
එහෙත් අංශුවක් එකවිට විවිධ කාලවල ඇත යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? අංශුවක් එකවිට විවිධ පිහිටුම්වල තිබීම හා එකවිට විවිධ කාලවල ඇත යන්න එකම මට්ටමක වූ සංකල්ප නො වේ. කලින් කියා ඇති පරිදි එකවිට විවිධ කාලවල තිබීම යන්න ම පරස්පරයක් ලෙස පෙනෙනු නො අනුමාන ය. මෙහි දී ද කියැවෙන්නේ අංශුවේ විවිධ අවස්ථා බව අමතක නොකළ යුතු ය. එවිට අංශුවේ විවිධ අවස්ථා විවිධ කාලවල ඇත යනුවෙන් ඉහත සඳහන් ප්‍රකාශය තේරුම් ගත හැකි ය. අයින්ස්ටයිනීය සංකල්ප අනුව අවකාශය හා කාලය එකිනෙකින් වෙන් කළ හැකි නො වේ. එබැවින් අංශුවේ විවිධ අවස්ථා විවිධ පිහිටුම්වල පැවතීම යන්න එහි විවිධ අවස්ථා විවිධ කාලවල ඇත යන්න සමග බැඳී ඇත.
එසේ වුවත් අයින්ටයින් විද්වතා කෙසේ කියා තිබුණ ද, කාලය අවකාශයෙන් වෙනස් වෙයි. අයින්ස්ටයිනීය සංකල්පවලට අනුව අංශු, වස්තු හා විකිරණ හේතුවෙන් අවකාශ - කාලය නිර්ණය වෙයි. මෙය බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවික අදහසකි. නිරීක්‍ෂකයා ඇතත් නැතත් අංශු ආදිය ඇත්නම් අවකාශ –- කාලය ඇතැයි ඉන් කියැවෙයි. එහෙත් අවකාශය මෙන් ම කාලය යන සංකල්පය ද නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ ය. අපට අවකාශය යන්න මනස හා පංචේන්ද්‍රිය ඇසුරෙන් සෘජුව ම නිර්මාණය කරගත හැකි ය. අවකාශය ස්පර්ශ කළ නො හැකි ය. එහි ගඳක් සුවඳක් රසයක් ශබිදයක් නැත. එය දැකගත හැකි ද නො වේ. එසේ වුවත් අපට වස්තු දෙකක් අතර අවකාශයක් ඇති බව හැඟෙයි. ඒ වස්තු ඉවත් කළ ද අවකාශය ඉවත් නො වේ යැයි අපට දැනෙයි. එමෙන් ම වස්තු වෙනස් වුවත් නැතත් ඒ අතර වූ අවකාශය පැවතීම පිළිබඳ අපට ප්‍රශ්නයක් ඇති නො වෙයි.
එහෙත් කාලය එසේ නො වේ. සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් කරුණු සකස් කර ගතහොත් කාලය යන සංකල්පය මිනිසුන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ තමන් හා තමන් අවට ලෝකය වෙනස්වන බැවින් හා ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් තමන් සතු බැවින් යැයි කිව හැකි ය. වස්තු ආදිය තිබූ පමණින් මිනිසුන්ට කාලය පිළිබඳ සංකල්පයක් ඇති නො වේ. යම් ආකාරයකින් කිසිවක් වෙනස් නොවිණි නම් සියල්ල එකසේ පැවතිණි නම් කාලය යන සංකල්පය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී. එසේ ම ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් නොතිබිණි නම් එවිට ද වස්තු ආදිය වෙනස්වුවත් කාලය යනුවෙන් සංකල්පයක් අවශ්‍ය නො වේ.
තමන් හා තමන් අවට ලෝකය තමන්ට පෙනෙන ආකාරයට වෙනස්වීමත්, ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් ඇති වීමත් හේතුකොටගෙන සිද්ධි දෙකක් අතර කාලය යන සංකල්පය තනාගැනී ඇත. බුද්ධඝෝෂ හිමියන් අත්ථසාලිනියට සපයන ලද අටුවාවෙහි සඳහන් ආකාරයට කාලය යනු පඤ්ඤත්තියක් හෙවත් පැනවීමකි. කාලය යනුවෙන් ඊනියා වාස්තවික වූ යථාර්ථයක් නැත. එය පංචේන්ද්‍රියට සෘජුව ග්‍රහණය නොවන සංකල්පයකි. අනෙක් සංකල්ප මෙන් ම එය ද මනස විසින් ම නිර්මාණය කෙරේ. අනෙක් බොහෝ සංකල්ප මනස විසින් නිර්මාණය කෙරෙන්නේ පංචේන්ද්‍රිය ද සෘජුව ආධාර කරගනිමිනි. එහෙත් කාලය එසේ නො වේ. පුටුව ආදී සංකල්ප මෙන් පංචේන්ද්‍රියට දැනෙන කාලය නම් සංකල්යක් නැත. එය මිනිසුන් විසින් ද්විතීය ව ඇති කරගනු ලබන සංකල්පයකි. එය මනසේ පැනවීමකි.
දැන් අංශුවක විවිධ අවස්ථා විවිධ කාලවල පැවතීම යන්න අවබෝධ කරගැනීම අපහසු නො වේ. අංශුවලට විවිධ අවස්ථා ඇති බව තේරුම්ගත් විගස ඒ අවස්ථා එකම ආකාරයකට වෙනස් විය යුතු ය යන අදහස නැතිවෙයි. එවිට අවශ්‍ය නම් අයින්ස්ටයිනීය සංකල්පයක් යොදාගතහොත් ඒ ඒ අවස්ථාවෙහි නියම කාලය (Proper time) අනෙක් අවස්ථාවන්හි නියම කාලවලින් වෙනස්විය හැකිය යන්න පැහැදිලි වෙයි. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක් එකවිට විවිධ කාලවල ඇත්තේ ඒ අර්ථයෙන් යැයි කිව හැකි ය. අංශුවෙහි විවිධ අවස්ථා විවිධ කාලවල පවතින බව ඉන් ගම්‍ය වෙයි.
එහෙත් මෙයින් සියළු ප්‍රශ්නවලට පිළිතුරු නො ලැබෙයි. අංශුවක් අවකාශය හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල පවතින්නේ අනිශ්චයතා මූල ධර්මය අනුව එහි ගම්‍යතාව හා ශක්තිය ඉතා සන්නිකර්ෂණ ව නිශ්චිත ව මැනගෙන ඇති බැවිනි. කලින් සඳහන් කර ඇති අන්දමට මේ නිශ්චිත ම අගය නො වේ. ගම්‍යතාව හා ශක්තිය සම්බන්ධයෙන් ද විවිධ අවස්ථා ඇති නමුත් අපට ඒ නොසළකා සිටිය හැකි ය. මෙයින් කියැවෙන්නේ එසේ අංශුවෙහි ගම්‍යතාව හා ශක්තිය නිශ්චිතව පවතින අතර එහි පිහිටුම හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථා ඇති බව ය. ඇතැම් විට ඒ ඒ විවිධ අවස්ථා විවිධ වේගවලින් චලනය වනවා විය හැකි ය. ඒ ඒ අවස්ථාවෙහි පිහිටුම හා කාලය අනුව ඒ වේග නිර්ණය වනවා විය හැකි ය.
එහෙත් ඒ අවස්ථා තිබෙන බව අප දන්නා නමුත්, එනම් ඒ පිළිබඳ අපට ප්‍රවාද හා සංකල්ප තිබෙන නමුත් (අපේ දැනුම යනු සංකල්පීය දැනුමකි. සංකල්පීය දැනුම ශූන්‍ය බව ද අමතක නොකළ යුතු ය) අපට ඒ අවස්ථා නිරීක්‍ෂණය කළ නො හැකි ය. එබැවින් ඒ අවස්ථාවලට එවැනි වේග ඇති බවක් මැනගැනීමට ද නො හැකි ය. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවලට හෝ වස්තුවලට හෝ නිව්ටෝනීය භෞතිකයෙහි මෙන් ගමන් මාර්ග හෙවත් පෙත් නැත්තේ එබැවිනි.
ක්වොන්ටම් අංශුවක ගම්‍යතාව හා ශක්තිය සඳහා එක් අවස්ථාවක් (සන්නිකර්ෂණ ව) පමණක් පවතින විට පිහිටුම හා කාලය සඳහා විවිධ අවස්ථා ඇති අතර ඒවා නිරීක්‍ෂණය කළ නො හැකි ය. එබැවින් ක්වොන්ටම් අංශුවෙහි පෙතක් නිරීක්‍ෂණය කළ නො හැකි ය. එහෙත් ඒ විවිධ අවස්ථා අපට නීිරීක්‍ෂණය කළ නොහැකි නමුත් ඇතැම් විට විවිධ වේගවලින් පෙත්වල ගමන්කරනවා විය හැකි ය. මේ සියළු පෙත්වල යම් එකතුවක්, අනුකලයක් මගින් ක්වොන්ටම් අංශුවක් එක් තැනක සිට වෙනත් තැනකට සම්ප්‍රාප්තවීම ප්‍රදර්ශනය කරන්නේ යැයි සිතිය හැකි ය.
නොබෙල් ත්‍යාගලාභී බටහිර භෞතික විද්‍යාඥයකු වූ ෙෆෙන්මාන් විද්වතා (ක්වෙන්ටම් භෞතිකය කිසිවකුට නොතේරෙන බව කීවේ ඔහු ය) පෙත් අනුකල (Path integrals) නමැති සංකල්පය ඉදිරිපත් කළේ ය. ඔහු එමගින් අදහස් කළේ ක්වොන්ටම් අංශුවක් එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රාප්තවිම ඒ ඒ පෙත්වල අනුකල මගින් ගණනය කිරීම ය. එය ඉතාමත් විශිෂ්ට ගණයේ අදහසක් වූවා පමණක් නොව ෙෆෙන්මාන් විද්වතාට නොබෙල් ත්‍යාගය ලබාදීමටත් ඒ සමත් විය. මේ සංකල්පය සහ අප විසින් ඉහත සඳහන් කෙරී ඇති අදහස් අතර යම් සාම්‍යයක් තිබෙන බව පෙනී යයි. දක්‍ෂ ශිෂ්‍යයකු වේ නම් ඒ පිළිබඳ අධ්‍යයනයක් කළ හැකි ය.
මේ සියල්ල සමගින් අපට නැවතත් නාභිගත වීම කරා ගිය හැකි ය. යම් ප්‍රභවයකින් නිශ්චිත (නිශ්චිත යන්නෙන් අදහස් කරන්නේ සන්නිකර්ෂණ ව නිශ්චිත වීමක් බව අවධාරණය කළ යුතු ය) ගම්‍යතාවක් හා ශක්තියක් සහිත ව නිකුත් කෙරෙන ෆෝටෝනයක් කාච පද්ධතියක් තුළින් යෑමට සැලැස්වුවහොත් සිදුවන්නේ කුමක් ද? එවැනි ෆෝටෝනයක් ප්‍රිස්මයක් තුළින් යෑමට සැලැස්වුවහොත් කුමක් සිදුවේ ද? ආලෝකය වර්තනය වීමෙන් විවිධ වර්ණවලට කැඩෙන්නේ, දේදුණු නිර්මාණය වී පාට වැටෙන්නේ කෙසේ ද? ආදී වශයෙන් ප්‍රශ්න රාශියකට පිළිතුරු දීමට අපට උත්සාහ කළ හැකි ය. නිව්ටන් විද්වතා ප්‍රිස්ම පිළිබඳ තම පර්යේෂණ කළේ ආලෝකය පිළිබඳ ඔහුගේ ලවක (අංශු- corpuscular) ප්‍රවාදය ඇසුරෙන් බව ද අමතක නොකළ යුතු ය.
ෆෝටෝනයක් කාචයක් හෝ ප්‍රිස්මයක් හෝ සමග ගැටුණු විට එහි ශක්තිය වෙනස්විය යුතු ය. එහෙත් ඒ ශක්තිය වෙනස්වීමේ දී ෆෝටෝනය තනි ක්වොන්ටම් අංශුවක් ලෙස ක්‍රියා කරන්නේ ද, එසේත් නැත්නම් ෆෝටෝනයේ විවිධ අවස්ථා විවිධ ආකාරයෙන් ක්‍රියා කරන්නේ ද? තරංගවාදය අනුව ගැටීමෙන් පසු කලින් තිබූ මුල් තරංගය විවිධ තරංගවලට කැඩී වෙන් වී වෙනස් වූ ශක්ති (සංඛ්‍යාතිය හා ආයාම දිග) සහිත තරංග බවට පත්වන්නේ ද? එසේ නම් මුල් තරංගයේ ඒ විවිධ තරංග අඩංගු වේ ද? මුල් තරංගයේ විවිධ තරංග අඩංගුවේ ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
ෆෝටෝන රාශියක් ප්‍රිස්මයක් තුළින් නොයවා එක් ෆෝටෝනයක් නැත්නම් ෆෝටෝන කිහිපයක් පමණක් යවා මේ පර්යේෂණය කිරීමේ හැකියාවක් තිබේ ද? එසේත් නැතිනම් ෆෝටෝනයක් හෝ ෆෝටෝන කිහිපයක් පමණක් කාචයක් හෝ කාච පද්ධතියක් හෝ තුළින් යවා ප්‍රතිබිම්බ සෑදීම පිළිබඳ පරීක්‍ෂණයක් කළ හැකි වේ ද? අද ඇති බටහිර තාක්‍ෂණය යොදා ගැනීමෙන් එදා නිව්ටන් විද්වතා කළ පරීක්‍ෂණ ෆෝටෝන කිහිපයක් පමණක් යොදා ගැනීමෙන් කළ හැකි දැයි සොයා බැලීමට අවස්ථාව උදා වී ඇත.
ෆෝටෝනය ද ක්වොන්ටම් අංශුවක් ලෙස ක්‍රියාකරන බැවින් ඉහත සඳහන් කෙරුණු අදහස් ෆෝටෝන සම්බන්ධයෙන් ද යොදාගත හැකි ය. යම් ප්‍රභවයකින් නිශ්චිත (සන්නිකර්ෂණ වශයෙන්) ගම්‍යතාවක් හා ශක්තියක් සහිත ව නිකුත් කෙරෙන ෆෝටෝනයක් ගම්‍යතාව හා ශක්තිය සම්බන්ධයෙන් (නැවතත් සන්නිකර්ෂණ වශයෙන්) එක් අවස්ථාවක ඇති නමුත් පිහිටුම හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල ඇත. මේ විවිධ අවස්ථාවල ශක්තිය එකම විය යුත්තේ ෆෝටෝනයේ ශක්තිය එකක් ම වන බැවිනි.
එසේ වුවත් ඒ ඒ අවස්ථා ප්‍රිස්මය හෝ කාචය සමග ගැටීම නිසා ඒ ඒ අවස්ථාවෙහි ශක්තිය එකම අයුරෙන් නොව විවිධාකාරයෙන් වෙනස් වන්නේ යැයි අපට සිතිය හැකි ය. එසේ වෙනස්වීමෙන් පසු ඒ ෆෝටෝනය තවදුරටත් එකම ශක්තියක් සහිත එක් ෆෝටෝනයක් ලෙස ක්‍රියා නොකරන බව උපකල්පනය කළ හැකි ය. දැන් ප්‍රශ්නය වන්නේ ඒ තනි ෆෝටෝනය කැඩීමට ඉඩක් ඇත් ද යන්න ය. මෙය තරමක ගැටළු සහගත ප්‍රශ්නයක් වෙයි. ප්‍රිස්මයක් හෝ කාචයක් හෝ වෙනත් යමක් හෝ සමග ගැටීමක් නොවනතාක් මුල් ෆෝටෝනය නොකැඩෙන බව පැහැදිලි ය. එහෙත් ගැටීමෙන් පසු සිදුවන්නේ කුමක් ද?
මෙහි දී අපය කොම්ප්ටන් ආචරණයෙන් (Compton Effect) පාඩමක් ඉගෙන ගත හැකි ය. මෙය තරමක් දීර්ඝව, අවස්ථාවක් ලදහොත් ලබන සතියේ දී සාකච්ඡා කළ යුතු ය. ඉතා කෙටියෙන්, දළ වශයෙන් කියන්නේ නම් එහි දී සිදුවන්නේ ෆෝටෝන නිව්ටෝනීය අංශුවක් සමග ගැටීමෙන් පසු නිව්ටෝනීය අංශුවේ ගම්‍යතාව හා ශක්තිය (නිව්ටෝනීය අංශුවක් බැවින් ගම්‍යතාව, පිහිටුම, ශක්තිය, කාලය සියල්ල එකට මැණගත හැකි ය) වෙනස්වීමත් ෆෝටෝනවල ද ශක්තිය වෙනස්වීමත් ය. ෆෝටෝන තරංගයක් ලෙස සෑලකුවහොත් ගැටීමෙන් පසු තරංගයේ ආයාම දිග හා සංඛ්‍යාතිය වෙනස් වෙයි.

දෙමළ ජාතිවාදී කෙකරගාමීහු

ඊනියා පෙරටුගාමී හෙවත් කෙකරගාමී සමාජවාදී පක්‍ෂය ගැන කතාකිරීමට සිදු වී ඇත්තේ ඒ පක්‍ෂයෙහි ඇති වැදගත්කමකට නො වේ. මාක්ස්වාදීන්ගෙන් හා පශ්චාත් මාක්ස්වාදීන්ගෙන් යුත් එම පක්‍ෂයට දීර්ඝ කාලීන වශයෙන් කළහැකි කිසිවක් නො වේ. තමන් ඉංගිරිසියෙන් කියවන දේ තමන්වත් හරිහැටි තේරුම් නොගෙන සිංහලෙන් ලිවීම එහි සිටින පඬියන්ගේ සිරිත වෙයි. ඔවුන්ට තමන් ලියන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් නැත. මේ පක්‍ෂය වැඩිකල් නොගොස් එහි කසිකබල් මාක්ස්වාදී ස්වභාවය නිසා ම තවත් මාක්ස්වාදී ත්‍රිරෝද පක්‍ෂයක් බවට පත්වනු ඇත. යථා කාලයේ දී යමකුට මුළු පක්‍ෂ සාමාජිකත්වය ම පැහැර ගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ත්‍රිරෝද රථ තුනක් ප්‍රමාණවත් වනු ඇත. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයෙහි අඩුම තරමෙන් කොටස් දෙකක් වෙයි. එක් කොටසක් ජ වි පෙරමුණෙන් කැඩී ආ දෙමළ ජාතිවාදී පිරිස් ය. (මාක්ස්වාදීහු සියළු දෙනා ම පාහේ අද සිංහල විරෝධී දෙමළ ජාතිවාදීහු වෙති. ඔවුහු බටහිර ධනවාදී පාලකයන් සමග එකතු වී සිංහලයන්ට පහර දෙති.) අනෙක් කොටස පිටුපසින් සිට උපදෙස් දෙන්නේ යැයි සිතිය හැකි එක්ස් කණ්ඩායමෙන් කැඩුණු පශ්චත් මාක්ස්වාදීන් යැයි කිව හැකි දෙමළ ජාතිවාදීන් කිහිප දෙනෙකි. ඔවුන් අතර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉහළ ම නායකත්වයේ අයකු ද වන බව දන්නෝ දනිති. සුද්දන්ගෙන් ඉගෙන ගත් ඉතිහාසය හැරෙන්නට වෙනත් ඉතිහාසයක් නොදන්නා මොහු සතිපතා ඒ පක්‍ෂයේ ජනරළ පුවත්පතට අනුරාධපුරයේ තිබී යැයි කියන රජවරුන්ගේ හා භික්‍ෂූන්වහන්සේලාගේ සුද්දන්ගේ ඉතිහාසයට හසුවන ඊනියා වැඩවසම් සමාජයක් ගැන ලියයි. පක්‍ෂයේ නමේ පෙරටුගාමී කොටස පශ්චාත්තාපවාදීන්ගේ් යෝජනාවක් අනුව එකතු වී ඇති බව පැහැදිලි ය. එක්ස් කණ්ඩායමේ තවත්් කොටසක් පෙරටුගාමී පක්‍ෂය නමින් දැන් හැඳින්වෙයි. ඔවුහු දැනට රනිල්ගේ එ ජා පක්‍ෂය වටා භ්‍රමණය වෙති. තුන්වැනි කොටස සජිත් ප්‍රේමදාස - රෝසි සේනානායක වටා කරකැවෙති. පශ්චාත්නූතනවාදීන් ලෙස එකල පෙනී සිටි එක්ස් කණ්ඩායමට සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අවලම් තවලමේ සුදු නෙළුම් රැගෙන ගිය අද වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම රනිල්ගේ පක්‍ෂයේ කටයුතු කරන මෙරට දේශපාලන අනාථයා මාතොට (මාතර) මගින් ආධාර කළ බව ද රහසක් නො වේ. කෙකරගාමී සමාජවාදී පක්‍ෂය පිටුපස ඕස්ට්‍රේලියානුවන් හා ඔවුන් ද පිටුපස එංගලන්තය හා ඇමරිකාව ඇති බැවින් මේ දෙමළ ජාතිවාදී පක්‍ෂය හා කුමාර් මහත්තයා ගැන ලිවීමට සිදු වී ඇත. 

කෙකරගාමී සමාජවාදී පක්‍ෂයෙන් ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිරයන් අපේක්‍ෂා කරන්නේ ඉතා ඉක්මණින් කැරළි ඇති කිරීම ය. ඕස්ට්‍රේලියාව ඒ සඳහා කුමාර් මහත්තයා යොදා ගනියි. එහි පෙරහුරු කටුනායක දී හා හලාවත දී සිදු කෙරී ඇත. තරුණයන් ප්‍රකෝප කර ආරක්‍ෂක හමුදා සමග ගැටෙන්නට සැලැස්වීමත් ඉන්පසු ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකරමින් ජෙනීවා යෝජනාව ද ඔස්සේ ආර්ථික සම්බාධක පණවා යථා කාලයේ දී ඒ සියල්ලෙන් ම බැරි නම් අවසානයේ දී ආක්‍රමණයකින් ආණ්ඩුව පළවා හැර සරත් ෆොන්සේකා යටතේ බටහිර ගැති රූකඩ ආණ්ඩුවක් පිහිටුවා තම අවශ්‍යතා ඉටුකර ගැනීම බටහිරයන්ගේ අරමුණ වෙයි. (අප මේ බව කියා තරමක කාලයක් ගත වී ඇත. ඊයේ පෙරේ්දා ඇමරිකාවේ රැප් වාර්තාවෙහි මේ ඇතැම් කරුණු තිබී සමහර දේභහිතෛශීහු කලබල වී සිටිති) ඒ සියල්ල පිටුපස ඇත්තේ එංගලන්තය ය. ඇමරිකාව, කැනඩාව හා ඕස්ට්‍රේලියාව ලේ නැකමට හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නෑකමට ඒ සඳහා එංගලන්තයට ආධාර කරයි. කෙකරගාමී සමාජවාදී පක්‍ෂයේ අතකොළුවක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නමැති නීති විරෝධී සංවිධානය මගින් ශිෂ්‍යයන් අතර කලබල ඇතිකිරීමට ගෝලයන් කටයුතු කරන අතර ගුරා ජ වි පෙ හා එ ජා ප ආචාර්යවරුන්ගේ සහාය ඇතිව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මගින් ආචාර්යවරුන්ගේ වැඩ වර්ජන සංවිධානය කිරීමට උත්සාහ ගනියි. බොහෝ ආචාර්යවරුන් ද නොදනිතත් අද විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරුන් ද මෙහෙයවනු ලබන්නේ එකම මධ්‍යස්ථානයකිනි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයේ සිංහල බෞද්ධ ජාතිකත්ව මතවාදයක් දරන්නෝ කොපමණ වෙත් ද? එහි තීරණ ගැනීමේ දී බලපාන අයගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ විරෝධීහු වෙති. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් අතර සිංහල ගොවිකමට (අකාර්යක්‍ෂම බටහිර කාබනික ගොවිකම නො වේ) වෙදකමට වැව් තාක්‍ෂණයට සංගීතයට දර්ශනයට ඉතිහාසයට හා වෙනත් විෂයයන්ට අදාළ පර්යේෂණ කරන අය කොපමණ වෙත් ද? සිංහල සංගීීතය හා රාගධාරී සංගීතය අතර ප්‍රධාන වෙනස දන්නෝ කී දෙනෙක් වෙත් ද? රාගයක් නැති සිංහල සංගීතයෙහි ස්වර එකසිය ගණනක් ඇති බව කීදෙනෙක් දනිත් ද? 

සමස්තයක් ලෙස ගත්කල සීමිත දැනුමක් ඇති විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ගෙන් රටට සිදු වී ඇති සේවය කුමක් දැයි ප්‍රශ්න කළහොත් දිය හැකි පිළිතුර කුමක් ද? ඔවුන් මැකෝලේගේ දරුවන් බිහිකිරීම හැර වෙනත් යමක් කර නැත. මෙරටට අදාළ ගොවිකම හා වෙදකම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යලයේ කෙරී ගෙන ගිය පර්යේෂණ නැවැත්වීමට අද සිංහල බෞද්ධ විරෝධී මැකෝලේගේ දරුවෝ ක්‍රියා කරති. එයට සම්බන්ධවූවන්ගෙන් ඔවුහු පලිගනිති. පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ද අනුමත වී ඇති ප්‍රතිපාදන දීම වැළැක්වීමට ඔවුහු කටයුතු කරති. ඔවුන්ට විශ්වවිිද්‍යාලයේ පුස්තකාල වසා දැමීම ප්‍රශ්නයක් නො වේ. සිංහල බෞද්ධ විරෝධී ඩයස් පොරලාට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතික මතවාදයකට පක්‍ෂ අසරණ පුස්තකාල සේවකයන් වුව ද අස්කර පලිගැනීම ය. මේ පලිගැනීම්වලින් සිංහල බෞද්ධ චින්තනයට තිත තැබීමට මැකෝලේගේ දරුවන් සිතන්නේ නම් එය අවසානයේ දී ඉච්ඡා භංගත්වයකට තුඩු දෙනු ඇත. 

ආණ්ඩුව කාලයක් තිස්සේ ප්‍රේම්කුමාර් ගුණරත්නම් සෙවූ බව රහසක් නො වේ. ඒ කෙකරගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවීමේ තීරණය ප්‍රකාශ කිරීමට බොහෝ කලකට පෙර ය. ගුණරත්නම් 1987 –- 90 කාලයේ අපරාධ ගණනකට සම්බන්ධ යැයි පැවසෙයි. ඒ කෙසේ වෙතත් දැන් වාර්තාවන ආකාරයට ඔහු පසුගිය වසරවල කිහිප වතාවක් ම ලංකාවට පෑමිණ ආපසු ගොස් ඇත. සති දෙකකට පෙර ඔහු ලංකාවේ දී අතුරුදහන් විය. එය කවුරුන් විසින් කරන ලද්දක් දැයි පැහැදිලි නැත. එය කළේ ජ වි පෙරමුණ ද, ප්‍රචාරයක් ලබාගැනීම සඳහා කෙකරගාමී සමාජවාදී පක්‍ෂය ද, ලංකාණ්ඩුව අමාරුවේ දැමීම සඳහා ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් ඊනියා සිවිල් සමාජය ආධාර කරගනිමින් ද වෙනත් කවුරුන්වත් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. එහෙත් ඕස්ට්‍රේලියාව ක්‍රියාකර ඇත්තේ සැක කටයුතු ආකාරයකට ය. ආණ්ඩුව මේ අවස්ථාවේ පැහැර ගැනීමක්් කරාවියැයි සිතිය නො හැකි ය. කුමාර් ගුණරත්නම් සිඩ්නි නුවර දී තමා පැහැර ගනු ලැබුයේ ආරක්‍ෂක අංශ විසින් යැයි පවසා ඇත. තමාට ලිංගික අතවර ද සිදුවිණි යැයි ඔහු කියා ඇත. ඕස්ට්‍රේලියානු රජය මැදිහත් නොවන්නට තමන් ජීවතුන් අතර නොසිටින්නට තිබිණි යැයි ද ඔහුගේ ප්‍රකාශයෙහි වෙයි. පඬියෝ කිසිම සාධකයක් නැතිව ඔහු හා දිමුතු ආටිගල පැහැර ගත්තේ ආණ්ඩුව යැයි කියති. එහෙත් සාධක ඇතිව පෙන්වා දීය හැකි ඕස්ට්‍රේලියාවේ සැක කටයුතු ක්‍රියා මාර්ගය ගැන නිහඬ වෙති. 

කුමාර් මහත්තයා අතුරුදහන් වීමෙන් පසු ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරිය වහාම එයට මැදිහත් වූවා ය. ඇය කුමාර් මහත්තයා ගැන ආණ්ඩුවෙන් තොරතුරු ඉල්ලා සිටියා ය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කුමාර් ගුණරත්නම් කෙනකු ඕස්ටේ්‍රලියාවෙන් ලංකාවට පැමිණ නැති බව ය. කලබලයට පත් වූ ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස්වරිය එවිට ඉතා කඩිනමින් කියා සිටියේ ඔහු පැමිණ ඇත්තේ මුදලිගේ නොයෙල් නමින් බවත් ඔහුගේ ගමන්බලපත්‍රය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නිකුත් කෙරී ඇති බවත් එහි අංකය එන් 1016123 බවත් ය. ඔහු සැප්තැම්බරයේ ලංකාවට පැමිණ ඇති බවත් තම විසා බලපත්‍ර කාලය ඉක්මවා මෙරට රැඳී සිටි බවත් හෙළිදරවු විය. පැහැදිලිව ම ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය කුමාර් ගුණරත්නම් නම් තැනැත්තා මුදලිගේ නොයෙල් නමින් මෙරට සිටි බව සපේතැම්බරයේ සිට ම දැනගෙන සිටියේ ය. එහෙත් ලංකාණ්ඩුව ඔහු ගැන සොයන විට ඊනියා මිත්‍ර රටකට අවශ්‍ය තොරතුරු ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස් කාර්යාලය ඉදිරිපත් නො විණි. අඩු තරමින් කුමාර් ගුණරත්නම් ආපසු ඕස්ට්‍රේලියාවට යැවීමටවත් කටයුතු කර ඇති බවක් නො පෙනෙයි. අද කුමාර් ගුණරත්නම්ගේ “බිරිය” සිඩ්නි නුවර සිට ප්‍රකාශ කරන්නේ ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීමේ දී නම මාරු කළ බව ය. එහෙත් ටික කලකට උඩ දී ඇය කියා සිටියේ කුමාර් මහත්තයා ඇගේ කුමාරයා හෝ මහත්තයා හෝ නොවන බව ය. ඇයට තමා කියන්න සනාථ කිරීමට බටහිර් ක්‍රමයටවත් පිළිගත හැකි සාක්‍ෂි ඉදිරිපත්කළ නොහැකිි ය. 

කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් සහ මුදලිගේ නොයෙල් එකම තැනැත්තකු බව ඕස්ට්‍රේලියානු රජයත් මෙරට ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස් කාර්යාලයත් දැන සිටි බවත් කුමාර් මහත්තයා ලංකාවේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියානු රජයේ අනුදුනුම හා අනුග්‍රහය මත බවත් පැහැදිලි ය. කුමාර් මහත්තයා කොහේදෝ සිට අපරාධ පරීක්‍ෂණ අංශයේ කාර්යාලයකට පැමිණ ඇත්තේ ගමන් බල පත්‍රය නැතිව ය. එහෙත් පසුදින උදෑසන ම ඕස්ටේලියානු මහා කොමසාර්ස්වරිය අදාළ ගමන් බලපත්‍රය ලබා දී ඇත. කුමාර්ගේ හෙවත් මුදලිගේගේ බලපත්‍රයෙහි භාරකාරිය මහා කොමසාරිස්වරිය ද? අද එ ජා පක්‍ෂයේ මන්ත්‍රීවරු සුපුරුදු අයුරෙන් මේ සිද්ධියෙන් ලංකාණ්ඩුව අපකිර්තියට පත් වී ඇති බවක් කියති. එහෙත් මෙහි දී් ඕස්ට්‍රේලියාව ක්‍රියා කර ඇත්තේ සටකපට ආකාරයකිනි. කුමාර් ගුණරත්නම්ට නම් කීයක් තිබේ ද ඒ ගමන් බලපත්‍රය හැර ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ලබාගත් තවත් බලපත්‍ර තිබේ ද ආදිය ගැන පසු දිනෙක ඔහුගේ “බිරිය” හෝ මහා කොමසාර්ස්වරිය හෝ කියන තෙක් අපට බලා සිටීමට සිදු වී ඇත. කෙකරගාමී පක්‍ෂවලට දීර්ඝකාලීනව මෙරට කළහැකි දෙයක් නැත. ඒ පක්‍ෂ ඇතුළට වැටෙන තුරු ඉතිහාසයේ කුණු කූඩය ඉතා ඉවසිල්ලෙන් බලා සිටියි. එ ජා පක්‍ෂයට ද ඒ ඉරණම අත් නොවීමට නම් ඔවුන් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන බටහිරයන් විවේචනය කළ යුතු ය. එහෙත් මැකෝලේගේ දරුවන් සුද්දන් විවේචනය කරන්නේ කෙසේ ද? ජෙනීවා සිද්ධියෙන්, සුදු කොඩියෙන්, සරත් ෆොන්සේකාගෙන්, මතුවට ඇතිවිය හැකි කැරළිවලින්, ආර්ථික සම්බාධකවලින් හා ආක්‍රමණවලින් මුදලිගේ වෙන්කළ හැකි නො වේ. අප ඒ සියල්ලට මුහුණ දීමට සූදානම් විය යුතු ය. ඒ අතර ලංකාවෙන් ගොස් සිටින ඕස්ට්‍රේලියානු මාක්ස්වාදීන්ට ඕස්ට්‍රේලියාවේ ඇංග්ලො සැක්සන් නොවන සංස්කෘතීන්ට හා ඉංගිරිසි නොවන භාෂාවන්ට හිමි විය යුතු තැන ලබාදීමටත්, කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමටත් කටයුතු කළ හැකි ය.

Saturday 21 April 2012

The failed Kangaroo plot


Though this article may not be directly connected with “The mythical ethnic problem” it has some relevance as many people are of the opinion that it is the Sri Lankan government, meaning the SLFP led coalitions that internationalized the so called ethnic problem. This idea on the internationalization is one of the biggest myths claiming that the dispersed Tamils living in the western countries have been influential in convincing those countries that the Sri Lankan governments have been discriminating against the Tamils in Sri Lanka. It is sometimes said that the Tamils living abroad unlike our diplomatic missions have presented their case very well and have won over the western countries that are very humane and concerned with human rights. There is also a “school of thought” that does not think and goes on repeating ad nauseam that the Tamil voters in the western countries have tilted the balance in the favour of the Tamils. Then there are others who propagate the myth that the Tamils have contributed to the election fund of the Democratic Party in USA, and as a result Hillary Clinton who is considerate with the culture of Sri Lanka to send messages wishing at least a section of the population a happy new year just a few days ago, is supporting the dispersed Tamils against the Sri Lankan government! I do not know how much the Tamils in USA have contributed to the election funds but it cannot be a substantial amount compared to the total budget of the presidential election campaign.

The west is against the SLFP led governments in general as they are nationalistic and do not obey the west as the latter wish. The only SLFP led government that the west supported was the Chandrika Kumaratunga government that was anti Sinhala Buddhist and followed the line of Mahajana Pakshaya of Kumartungas rather than that of the SLFP of Bandaranaikes. The SLFP led governments have been in general supporting the Muslim countries, a fact that was reflected in the voting in respect of the Geneva resolution with seven Muslim countries voting against the USA resolution. The west is in general against the Muslim countries and their culture, with countries such as UK, France and Australia openly asking the Muslims living in those countries to follow the Christian way of life without any consideration of the human rights of the Muslims. In Sri Lanka though Muslims have lived for more than a few centuries, in fact they have been here as permanent settlers before the Tamils were brought to Sri Lanka by the western countries, but no Buddhist has tried to convert them to Buddhism as Buddhists do not believe in conversions. It has to be remembered that in the Eastern province Muslims were settled by the Sinhala kings when the latter had to face the brutalities of the Portuguese, before the Tamils were brought to that part of the island by the English. However, it is the west that accuses the Sinhala Buddhists of being Chauvinists at various international fora.

Now the so called Peratugamee Samajavadee Pakshaya (PSP) that was launched officially on the ninth of April had the support of the western countries. Now why should the western countries give their blessings to a breakaway group of the JVP? It is very clear the western countries are working according to a plan. They want to topple the Mahinda Rajapakse government and install if possible Sarath Fonseka as the president. We have been telling this for sometime but only now, with the Rapp report coming into the picture, even the Deshahithaisheens have woken up. The plan is simple. The west have got Fonseka to come out with a bogus white flag story, for them to accuse the President, the Defence Secretary and some officers of war crimes, then either try them at so called international war crime tribunals, or topple the government through other means. As one of the steps they got the TNA to support Sarath Fonseka at the last Presidential elections despite the fact the latter calling this a Sinhala Buddhist country. The west now knows that they can control Sarath Fonseka unlike the President Rajapakse even if the TNA is not aware of it. The breakaway JVP group publishes a weekend newspaper by the name Janarala, nothing to do with the General, and they are associated with some members of the former X group. This X group was supported by Mangala Samarweera through his friend Ferdinands to publish a magazine called Mathota meaning Mathara propagating so called post modernists views which only reflect the bankruptcy of western knowledge. Anyhow the X group was split and one of the sections now work with Ranil group of the UNP, having formed a party called the Peratugaamee Pakshaya. Another section is with the Sajith – Rosy group of the UNP while the third with a high official of the Federation of University Teachers’ Associations (FUTA) supporting the Janarala group. It is clear that the Peratugamee part of the name of the PSP has been given by the influx from the X group and as the PSP managed to rally almost all the ex Inter University Student Force leaders the west may be thinking of controlling not only the students but the teachers of the Universities in the forthcoming “struggles”. The “struggles” are there only to provoke the youth against the police and the armed forces and to create the background for “human rights cases”. The west can then interfere to protect “human rights” and set the stage for an attack as they did in the case of some Muslim countries. The Peratugamee parties are only Kekaragamee parties without external support and it is clear that Australia has had a hand in forming the PSP through one of its citizens, as the Kumar Mahaththaya saga reveals. The west supports the PSP thinking that they could stage a few more Katunayake incidents.

The Sri Lankan government was looking for Kumar Mahaththaya for some time but the “friendly” Australian government did not divulge any information, though he had visited this country number of times during the last two or three years. When his wife came to Sri Lanka early this year, most probably to meet her husband, the government officials interrogated her at the Airport. The human rights vendors made a hue and cry over the incident and the “wife” denied that Kumar Mahaththaya was either her kumaraya or mahaththaya (husband). However having gone back to Sydney she made a statement to the effect that Kumar Mahaththaya was her mahaththaya and that he had changed his name to Noel Mudalige when he obtained the Australian citizenship. Obviously this “lady” who was trained to become a doctor at the University of Peradeniya on public funds has lied to the Sri Lankan government and this is the type of people who want to serve the country from abroad. Kumar Mahaththaya who had been abducted by some group or the PSP itself surfaced at a government institute connected with controlling crimes without a passport. The Australian High Commission lost no time in requesting the government to release Kumar Mahaththaya but the secretary of Defence responded by saying that no Kumar Mahaththaya had come to Sri Lanka during this period. In fact the only Kumaraya to visit the country was Avurudu Kumaraya and certainly Kumar Mahaththaya though he may be a Kangaroo Kummaraya had not come to Sri Lanka. Then all hell broke loose and the Australian High Commissioner divulged that Kumar Mahaththaya had come to Sri Lanka as Noel Mudalige holding an Australian passport. She was kind enough to give the passport number as well. It was most interesting to see the High Commission producing the passport of Muadalige on the morning following the appearance of him so that Mudalige alias Kumar Mahaththaya could travel back to Sydney without any problem. We have to thank the Australian High Commission and the officials of the High Commission for facilitating the departure of Mudalige by not only producing the passport but also being present at the airport! Certainly Kumar Mahaththaya had been treated as a Prince by the Australian High Commission. It is very clear that the High Commission had known the whereabouts of this Kumaraya from September but did not feel fit to divulge the information to the Sri Lankan government though the latter was looking for this Kangaroo Prince. It is the western dominance that gives Australia to interfere with the affairs of our country and they boast of protecting human rights, though Kumar Mahaththaya had not lost any, at the same time violating the national rights of Sri Lanka if we are to use an idea formulated by Ven. Bengamuwe Nalaka Thero. In any event the PSP that supports Tamil racism, will have no future it will be reduced to a Kekaragamee Pakshaya with or without Kumar Mahaththaya, and the Kangaroo plot of forming a Tamil racist Party with some Sinhalese to stage “struggles” has failed. However Kumar Mahaththaya should not lose all hopes as he can agitate with his “wife” and others from Sri Lanka who have become Australian citizens to give non English languages equal status as English, and non Anglo Saxon cultures equal status as the Anglo Saxon Christian culture in Australia. They can also work to protect the human rights of Sinhala Buddhists, Muslims and other such groups living in Australia. I am sure that it will make Kangaroo Kumaraya busy.(12/04/18)

Copyright Prof. Nalin De Silva

Friday 20 April 2012

Wise Men of Friday Forum

"A group of wise men (and women), calling themselves the Friday Forum, advise us not to be obsessed with victory as the defeated will have to live in pain (Island, April 15, 2012). However, these wise men and women, of some who travelled to Geneva to support a resolution against Sri Lanka that the west was so obsessed of winning, did not care that we Sri Lankans will have to live in pain if they had achieved their victory. Neither did they think of advising the west to give up their obsession over defeating Sri Lanka at the UN in view of the pain it might cause its people. Perhaps they think Dhammapada only applies to the poor Buddhists in this country...."


Monday 16 April 2012

ඕස්ට්‍රේලියාවේ නොයෙල් මුදලිගේ

ඊනියා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ගැන කතාකිරීමට සිදු වී ඇත්තේ ඒ පක්‍ෂයෙහි ඇති වැදගත්කමකට නො වේ. මාක්ස්වාදීන්ගෙන් හා පශ්චාත්මාක්ස්වාදීන්ගෙන් යුත් එම පක්‍ෂයට දීර්ඝ කාලීන වශයෙන් කළහැකි කිසිවක් නො වේ. තමන් ඉංගිරිසියෙන් කියවන දේ තමන්වත් හරිහැටි තේරුම් නොගෙන සිංහලෙන් ලිවීම එහි සිටින පඬියන්ගේ සිරිත වෙයි. එහෙත් ඔවුන්ට තමන් ලියන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් නැත. මේ පක්‍ෂය වැඩිකල් නොගොස් එහි කසිකබල් මාක්ස්වාදී ස්වභාවය නිසා ම තවත් මාක්ස්වාදී ත්‍රිරෝද පක්‍ෂයක් බවට පත්වනු ඇත. යථා කාලයේ දී යමකුට මුළු පක්‍ෂ සාමාජිකත්වය ම පැහැර ගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ත්‍රිරෝද රථයක් ප්‍රමාණවත් වනු ඇත. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයෙහි අඩුම තරමෙන් කොටස් දෙකක් වෙයි. එක් කොටසක් ජ වි පෙරමුණෙන් කැඩී ආ දෙමළ ජාතිවාදී පිරිස් ය. (මාක්ස්වාදීහු සියළු දෙනා ම පාහේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදීහු වෙති. ඔවුහු අද බටහිර ධනවාදී පාලකයන් සමග එකතු වී සිංහලයන්ට පහර දෙති.) අනෙක් කොටස පිටුපසින් සිට උපදෙස් දෙන්නේ යැයි සිතිය හැකි එක්ස් කණ්ඩායමෙන් කැඩුණු පශ්චත් මාක්ස්වාදීන් යැයි කිව හැකි දෙමළ ජාතිවාදීන් කිහිප දෙනෙකි. ඔවුන් අතර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉහළ ම නායකත්වයේ අයකු ද වන බව දන්නෝ දනිති. සුද්දන්ගෙන් ඉගෙන ගත් ඉතිහාසය හැරෙන්නට වෙනත් ඉතිහාසයක් නොදන්නා මොහු සතිපතා ඒ පක්‍ෂයේ පුවත්පත වූ ජනරළ පඩංගුවට අනුරාධපුරයේ තිබී යැයි කියන රජවරුන්ගේ හා භික්‍ෂූන්වහන්සේලාගේ සුද්දන්ගේ ඉතිහාසයට හසුවන ඊනියා වැඩවසම් සමාජයක් ගැන ලියයි. පක්‍ෂයේ නමේ පෙරටුගාමී කොටස පශ්චාත්තාපවාදීන්ගේ් යෝජනාවක් අනුව එකතු වී ඇති බව පැහැදිලි ය. එක්ස් කණ්ඩායමේ තවත්් කොටසක් පෙරටුගාමී පක්‍ෂය නමින් දැන් හැඳින්වෙයි. ඔවුහු දැනට රනිල්ගේ එ ජා පක්‍ෂය වටා භ්‍රමණය වෙති. තුන්වැනි කොටස සජිත් ප්‍රේමදාස - රෝසි සේනානායක වටා කරකැවෙයි. පශ්චාත්නූතනවාදීන් ලෙස එකල පෙනී සිටි එක්ස් කණ්ඩායමට සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අවලම් තවලමේ සුදු නෙළුම් රැගෙන ගිය අද වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම රනිල්ගේ පක්‍ෂයේ කටයුතු කරන මෙරට දේශපාලන අනාථයා මාතොටින් ආධාර කළ බව ද රහසක් නො වේ. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිටුපස ඕස්ට්‍රේලියානුවන් හා ඔවුන් ද පිටුපස එංගලන්තය හා ඇමරිකාව ඇති බැවින් මේ පක්‍ෂය හා කුමාර් මහත්තයා ගැන ලිවීමට සිදු වී ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයෙන් බටහිරයන් අපේක්‍ෂා කරන්නේ ඉතා ඉක්මණින් කැරළි ඇති කිරීම ය. ඒ සඳහා පෙරහුරු කටුනායක දී හා හලාවත දී දැනටමත් සිදු කෙරී ඇත. තරුණයන් ප්‍රකෝප කර ආරක්‍ෂක හමුදා සමග ගැටෙන්නට සැලැස්වීමත් ඉන්පසු ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකරමින් ජෙනීවා යෝජනාව ද ඔස්සේ ආර්ථික සම්බාධක පණවා යථා කාලයේ දී ඒ සියල්ලෙන් ම බැරි නම් අවසානයේ දී ආක්‍රමණයකින් ආණ්ඩුව පළවා හැර දේශපාලනය ගැන නොදන්නා සරත් ෆොන්සේකා යටතේ බටහිර ගැති රූකඩ ආණ්ඩුවක් පිහිටුවා තම අවශ්‍යතා ඉටුකර ගැනීම බටහිරයන්ගේ අරමුණ වෙයි. ඒ සියල්ලෙහි ප්‍රධානියා එංගලන්තය ය. ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව ලේ නැකමට හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නෑකමට ඒ සඳහා එංගලන්තයට ආධාර කරයි. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අතකොළුවක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නමැති නීති විරෝධී සංවිධානය මගින් ශිෂ්‍යයන් අතර කලබල ඇතිකිරීමට ගෝලයන් කටයුතු කරන අතර ගුරා ජ වි පෙ හා එ ජා ප ආචාර්යවරුන්ගේ සහාය ඇතිව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මගින් ආචාර්යවරුන්ගේ වැඩ වර්ජන සංවිධානය කිරීමට උත්සාහ ගනියි. බොහෝ ආචාර්යවරුන් ද නොදනිතත් අද විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරුන් ද මෙහෙයවනු ලබන්නේ එකම මධ්‍යස්ථානයකිනි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයේ සිංහල බෞද්ධ ජාතිකත්ව මතවාදයක් දරන්නෝ කොපමණ වෙත් ද? එහි තීරණ ගැනීමේ දී බලපාන අයගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ විරෝධීහු වෙති. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් සිංහල ගොවිකමට (කොම්පෝස් පොහොර යොදා කරන අකාර්යක්‍ෂම බටහිර කාබනික ගොවිකම නො වේ) වෙදකමට වැව් තාක්‍ෂණයට සංගීතයට දර්ශනයට ඉතිහාසයට හා වෙනත් විෂයයන්ට අදාළ පර්යේෂණ කරන්නවුන් කොපමණ වෙත් ද? සිංහල සංගීීතය හා රාගධාරී සංගීතය අතර ප්‍රධාන වෙනස දන්නෝ කී දෙනෙක් වෙත් ද? රාගයක් නැති සිංහල සංගීතයෙහි ස්වර එකසිය ගණනක් ඇති බව කීදෙනෙක් දනිත් ද? සමස්තයක් ලෙස ගත්කල සීමිත දැනුමක් ඇති විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ගෙන් රටට සිදු වී ඇති සේවය කුමක් දැයි ප්‍රශ්න කළහොත් දිය හැකි පිළිතුර කුමක් ද? ඔවුන් මැකෝලේගේ දරුවන් බිහිකිරීම හැර වෙනත් යමක් කර නැත. මෙරටට අදාළ ගොවිකම හා වෙදකම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යලයේ කෙරී ගෙන ගිය පර්යේෂණ නැවැත්වීමට අද සිංහල බෞද්ධ විරෝධී මැකෝලේගේ දරුවෝ ක්‍රියා කරති. එයට සම්බන්ධවූවන්ගෙන් ඔවුහු පලිගනිති. ඔවුන්ට විශ්වවිිද්‍යාලයේ පුස්තකාල වසා දැමීම ප්‍රශ්නයක් නො වේ. සිංහල බෞද්ධ විරෝධී නියම ඩයස්ලාට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතික මතවාදයකට පක්‍ෂ පුස්තකාල සේවකයන්ගෙන් වුව ද පලිගැනීම ය. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දඩබ්බර හා පතෝල නිලධාරීන්ගෙන් මේ ප්‍රශ්නවලට පිලිතුරු බලාපොරොත්තුවන අය මුග්ධයෝ වෙති. මේ පලිගැනීම්වලින් සිංහල බෞද්ධ චින්තනයට තිත තැබීමට මැකෝලේගේ දරුවන් සිතන්නේ නම් එය අවසානයේ දී ඉච්ඡා භංගත්වයකට තුඩු දෙනු ඇත.

ආණ්ඩුව කාලයක් තිස්සේ ප්‍රේම්කුමාර් ගුණරත්නම් සෙවූ බව රහසක් නො වේ. ඒ කසිකබල් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවීමේ තීරණය ප්‍රකාශ කිරීමට බොහෝ කලකට පෙර ය. ගුණරත්නම් 1987 –- 90 කාලයේ අපරාධ ගණනකට සම්බන්ධ යැයි පැවසෙයි. ඒ කෙසේ වෙතත් දැන් වාර්තාවන ආකාරයට ඔහු පසුගිය වසරවල කිහිප වතාවක් ම ලංකාවට පෑමිණ ගොස් ඇත. පසුගිය සතියේ ඔහු අතුරුදහන් විය. එය කවුරුන් විසින් කරන ලද්දක් දැයි පැහැදිලි නැත. එය කළේ ජ වි පෙරමුණ ද, ප්‍රචාරයක් ලබාගැනීම සඳහා කෙකරගාමී (පෙරටුගාමී) සමාජවාදී පක්‍ෂය ද, ලංකාණ්ඩුව අමාරුවේ දැමීම සඳහා ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් ඊනියා සිවිල් සමාජය ආධාර කරගනිමින් ද වෙනත් කවුරුන්වත් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. එහෙත් ඕස්ට්‍රේලියාව ක්‍රියාකර ඇත්තේ සැක කටයුතු ආකාරයකට ය. ආණ්ඩුව මේ අවස්ථාවේ පැහැර ගැනීමක්් කරාවියැයි සිතිය නො හැකි ය. කුමාර් ගුණරත්නම් සිඩ්නි නුවර දී තමා පැහැර ගනු ලැබුයේ ආරක්‍ෂක අංශ විසින් යැයි පවසා ඇත. ඔහුට ලිංගික අතවර ද සිදුවිණි යැයි ඔහු කියා ඇත. ඕස්ට්‍රේලියානු රජය මැදිහත් නොවන්නට ඔහු ජීවතුන් අතර නොසිටින්නට තිබිණි යැයි ද ඔහුගේ ප්‍රකාශයෙහි වෙයි. මේ ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යතාව දැන ගැනීමට අදාළ සිද්ධි මාලාව විග්‍රහ කරමු.

පසුගිය සතියේ කුමාර් මහත්තයා අතුරුදහන් වීමෙන් පසු ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරිය වහාම එයට මැදිහත් වූවා ය. ඇය කුමාර් මහත්තයා ගැන ආණ්ඩුවෙන් තොරතුරු ඉල්ලා සිටියා ය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කුමාර් ගුණරත්නම් කෙනකු ඕස්ටේ්‍රලියාවෙන් ලංකාවට පැමිණ නැති බව ය. කලබලයට පත් වූ ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස්වරිය එවිට ඉතා කඩිනමින් කියා සිටියේ ඔහු පැමිණ ඇත්තේ මුදලිගේ නොයෙල් නමින් බවත් ඔහුගේ ගමන්බලපත්‍රය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නිකුත් කෙරී ඇති බවත් එහි අංකය එන් 1016123 බවත් ය. ඔහු සැප්තැම්බරයේ ලංකාවට පැමිණ ඇති බවත් තම විසා බලපත්‍ර කාලය ඉක්මවා මෙරට රැඳී සිටි බවත් හෙළිදරවු විය. පැහැදිලිව ම ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය කුමාර් ගුණරත්නම් නම් තැනැත්තා මුදලිගේ නොයෙල් නමින් මෙරට සිටි බව සපේතැම්බරයේ සිට ම දැනගෙන සිටියේ ය. එහෙත් ලංකාණ්ඩුව ඔහු ගැන සොයන විට ඊනියා මිත්‍ර රටකට අවශ්‍ය තොරතුරු ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස් කාර්යාලය ඉදිරිපත් නො විණි. අඩු තරමින් කුමාර් ගුණරත්නම් ආපසු ඕස්ට්‍රේලියාවට යැවීමටවත් කටයුතු කර ඇති බවක් නො පෙනෙයි. අද කුමාර් ගුණරත්නම්ගේ “බිරිය” සිඩ්නි නුවර සිට ප්‍රකාශ කරන්නේ ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීමේ දී නම මාරු කළ බව ය. එහෙත් ටික කලකට උඩ දී ඇය කියා සිටියේ කුමාර් මහත්තයා ඇගේ විවාහක පුරුෂයා නොවන බව ය. ඇයට තමා කියන්න සනාථ කිරීමට බටහිර් ක්‍රමයටවත් පිළිගත හැකි සාක්‍ෂි ඉදිරිපත්කිරීමට නොහැකි බව පැහැදිලි ය. කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් සහ මුදලිගේ නොයෙල් එකම තැනැත්තකු බව ඕස්ටේ‍රිලියානු රජයත් මෙරට ඕස්ටේ‍රිලියානු මහා කොමසාර්ස් කාර්යාලයත් දැන සිටි බවත් කුමාර් මහත්තයා ලංකාවේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියානු රජයේ අනුදුනුම හා අනුග්‍රහය මත බවත් පැහැදිලි ය. කුමාර් මහත්තයා කොහේදෝ සිට අපරාධ පරීක්‍ෂණ අංශයේ කාර්යාලයකට පැමිණ ඇත්තේ ගමන් බල පත්‍රය නැතිව ය. එහෙත් පසුදින උදෑසන ම ඕස්ටේලියානු මහා කොමසාර්ස්වරිය අදාළ ගමන් බලපත්‍රය ලබා දී ඇත. අද එ ජා පක්‍ෂයේ මන්ත්‍රීවරු සුපුරුදු අයුරෙන් මේ සිද්ධියෙන් ලංකාණ්ඩුව අපකිර්තියට පත් වී ඇති බවක් කියති. එහෙත් මෙහි දී් ඕස්ට්‍රේලියාව ක්‍රියා කර ඇත්තේ සටකපට ආකාරයකිනි. කුමාර් ගුණරත්නම් මහතාට නම් කීයක් තිබේ ද ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ලබාගත් ගමන් බලපත්‍ර කීයක් තිබේ ද ආදිය ගැන පසු දිනෙක ඔහුගේ (විවාහක නොවන?) බිරිය හෝ මහා කොමසාර්ස්වරිය හෝ කියන තෙක් අද අපට කළ හැක්කේ උපකල්පන කිරීම පමණකි.

කෙකරගාමී පක්‍ෂවලට දීර්ඝකාලීනව මෙරට කළහැකි දෙයක් නැත. ඒ පක්‍ෂ ඇතුළට වැටෙන තුරු ඉතිහාසයේ කුණු කූඩය ඉතා ඉවසිල්ලෙන් බලා සිටියි. එ ජා පක්‍ෂයට ද ඒ ඉරණම අත් නොවීමට නම් ඔවුන් කුමාර් ගුණරත්නම් ගැන ක්‍රියා කළ අන්දම පිළිබඳ ව ඕස්ට්‍රේලියාව විවේචනය කළ යුතු ය. එහෙත් මැකෝලේගේ දරුවන් සුදු හම ඇත්තන් හා ඇත්තියන් විවේචනය කරන්නේ කෙසේ ද? ජෙනීවා සිද්ධියෙන්, සුදු කොඩියෙන්, සරත් ෆොන්සේකාගෙන්, මතුවට ඇතිවිය හැකි කැරළිවලින්, ආර්ථික සම්බාධකවලින් හා ආක්‍රමණවලින් කුමාර් මහත්තයා වෙන්කළ හැකි නො වේ. අප ඒ සියල්ලට මුහුණ දීමට හිස ගිණි ගත්තවුන් මෙන් සූදානම් විය යුතු ය. ඒ අතර නොයෙල් මුදලිගේලා වැනි ලංකාවෙන් ගොස් සිටින ඕස්ට්‍රේලියානු පුරවැසි මාක්ස්වාදී සමාජවාදීවාදීන්ට කළහැකි දෙයක් වෙයි. ඒ ඕස්ට්‍රේලියාවේ ඇංග්ලො සැක්සන් නොවන සංස්කෘතීන්ට හා ඉංගිරිසි නොවන භාෂාවන්ට හිමි විය යුතු තැන ලබාදීමටත්, එහි කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමටත් උර දී කටයුතු කිරීම ය.


කපිල පීරිස් මහතාගේ මනස

කපිල පීරිස් මහතා නැවතත් හොරගල් ඇහිලීම පටන්ගෙන ඇත. පසුගිය අප්‍රියෙල් මස 4 වැනි දා කෙම් පහන්වල ඇත්ත නැත්ත ගැන ලිවීමේ දී ඔහු ඉතා පැහැදිලිව මා විසින් අවුරුදු විසිපහක් පමණ කාලයක් තිස්සේ කරන ලද දේ අභියෝගයට ලක්කරයි. මහු නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය හෙළා දකියි. විඤ්ඤාණය ද ඇතුළු සියළු සංකල්ප ශූන්‍ය බව මා කියන විට ඔහු එය හෙළා දකියි. කළ යුත්තේ තර්ක කීිරීම නොව භාවනා කිරීම මගින් ඊනියා පරමාර්ථ ධර්ම ඔස්සේ දුකින් නිදහස් වීමට උත්සාහ කිරීම බව පවසයි. කපිල පීරිස් මහතා අවසානයේ දී කරන්නේ අපේ ප්‍රවාද තැනීමට ඇති සීමිත ඉඩ වුව ද නැති කිරීම ය. ඔහුගේ ප්‍රකාශවලට පිළිතුරු දීමට යෑමේ දී අපේ ප්‍රවාද ලිපිවල රිද්මය කැඩී යයි. ඇතැම් විට ඒ මහතාට අවශ්‍ය ඒ ඉඩ ඇහිරීම විය හැකි ය. එබැවින් විදුසර අපට ලබාදෙන ඉඩ ඇහිරීමට ක්‍රියා නොකර අපේ මත පිළිබඳ ව ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස ඒ මහතාට අභියෝග කරමි.

කලකට පෙර කපිල පීරිස් මහතා බටහිර විද්‍යාවට වැදගත් කමක් ලබා දෙමින් අපේ පැරණි දැනුම් බටහිර විද්‍යාවෙන් පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ ය. ඔහු රේ විජේවර්ධන මහතා වැන්නන් රටට වැඩදායක යමක් කළ කරන විද්‍යාඥයන් ලෙස හැඳින් වීය. ඒ අය බටහිර විද්‍යාව මෙරට යොදා ගත්තා මිස වෙනත් දෙයක් නො කළහ. ඒ අය එසේ කිරීම පිළිබඳ මට පුදුමයක් නැත. එහෙත් කපිල පීරිස් මහතා ඔවුන්ට සහතික ලබා දුන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. එදා එසේ කළ ඒ මහතා අද බටහිර විද්‍යාවේ සීමාකම් ගැන කතා කරන්නේ ඒ පිළිබඳ ව අදහස් දක්වන පළමු තැනැත්තා ඒ මහතා ය යන හැඟීම පාඨකයන්ට ඇති කිරීමට උත්සාහ දරමිනි. බටහිර විද්‍යාව මනීන්ද්‍රිය ඉන්ද්‍රියක් ලෙස යොදා නොගැනීම එහි මූලික ම අර්බුදය බව තමා පෙර සඳහන් කර ඇතැයි කපිල පීරිස් මහතා අප්‍රියෙල් 4 වැනි දින ලිපියෙහි සඳහන් කරන්නේ කිනම් අරමුණකින් ද යන්න පැහැදිලි ය. ඒ මහතාට අවශ්‍ය බටහිර විද්‍යාවේ අර්බුදය ගැන වැදගත් ම අදහස් ඒ මහතා අතින් දැක්වී ඇති බව පාඨකයාට ඒත්තු ගැන්වීම ය.

කපිල පීරිස් මහතා සැදැහැත් බෞද්ධයකු විය හැකි ය. එහෙත් ඒ මහතා වුව ද භාවනා කරන බවක් මම නො දනිමි. ඒ කෙසේ වෙතත් මනස විඤ්ඤාණය ආදිය ගැන භාවනා කිරීමකින් තොරව මා පවසන දෑ ප්‍රතික්‍ෂෙප කිරීමේ පරම අභිලාෂය ඒ මහතාට වෙයි. භාවනා කළත් නොකළත් සංකල්ප යොදා ගැනීමෙන් අප කරන්නේ මගඩියකි. සංකල්පීය ලෝකය ශූන්‍ය බව වටහා ගැනීම නිවන් අවබෝධ කරගැනීම යැයි මම සිතමි. එහෙත් එය වටහා ගන්නේ තර්කයෙන්වත් මනසෙන්වත් විඤ්ඤාණයෙන්වත් වෙනත් එවැන්කින්වත් නොවන බව මගේ වැටහීම ය. පටිච්ච සමුප්පදායෙන් අපට කියන්නේ අවිද්‍යාව නැති විට නාම රූප විඤ්ඤාණ ආදිය නැති බව ය. විඤ්ඤාණයක් ඇත්නම් එතැන අවිද්‍යාව වෙයි. එහෙත් පිරිනිවන් පානා තෙක් රහතන් වහන්සේලා විඤ්ඤාණය යොදා ගනිති. එසේ වුවත් එලෙස යොදා ගන්නේ එය මායාවක් බව අවබෝධ කරගනිමිනි. නැති විඤ්ඤාණය ඇති ලෙස ගැනීම මායාවක් බව උන්වහන්සේලා අවබෝධ කරගෙන ඇත. ගිණි හුළක් කැරකැවීමේ දී අපට පෙනෙන ගිනි වළළ්ල මායාවක් බව අපි දනිමු. රහතන් වහන්සේ විඤ්ඤාණය මායාවක් බව දනිති. එහෙත් එය අප ගිනි වළල්ල ගැන දැනගැනීම මෙන් නොවන බව අවධාරණය කළ යුතු ය.

බුදුන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ විඤ්ඤාණයට සාපේක්‍ෂ දැයි කපිල පීරිස් මහතා අසයි. ඒ මහතා එසේ අසන්නේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට ගැරහීමටත් මා බෞද්ධයකු නොවන බව කීමටත් ය. කලකට පෙර කපිල පීරිස් මහතා උදයසිරි වික්‍රමරත්න මහතා කී දෙයක් අනුමත කරමින් පැවසුවේ මා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු මිස බෞද්ධයකු නොවන බව ය. භාවනා නොකිරීමෙන් නිසි අවබෝධයක් ලැබිය නොහැකි යැයි පවසන කපිල පීරිස් මහතා අනෙක් අය පවසා ඇති අදහස් වැරදි යැයි කියන්නේ භාවනාවෙන් ලත් දැනුමක් උපයෝගී කරගනිමින් දැයි ප්‍රශ්න කරමි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය යනු පෘථග්ජන මිනිසුන්ගේ ද අනෙක් සතුන්ගේ ද දැනුම පිළිබඳ ප්‍රවාදයකි. අවශ්‍ය නම් එය ඥානවිභාගයක් ලෙස හඳුනාගත හැකි ය.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය පිළිබඳ කපිල පීරිස් මහතා ප්‍රසිද්ධ විවාදයකට එනු ඇතැයි අපේක්‍ෂා කරමි. හොරගල් අහුලන්නේ නැතිව කෙලින් ම වාද කිරීම උචිත යැයි සිතමි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙන්නේ නිවන් දැකීමක් ගැන නො වේ. සත්ත්වයන් දැනුම නිර්මාණය කරන බවත් (සොයා ගැනීමක් නොව) එය තම ඉන්ද්‍රිය පද්ධතියට, සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂව කෙරෙන බවත් ඉන් කියැවෙයි. ඊනියා විද්‍යාව පමණක් නොව සාහිත්‍යය නාට්‍ය ආදිය ද එවැනි සාපේක්‍ෂතාවක් දරන්නේ යැයි අපි කියමු. දැනුම යම් චින්තනයක් මත පදනම් වන්නේ යැයි ද නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙයි. උදයසිරි වික්‍රමරත්න මහතාගේ සුද්දෙක් ඔබ අමතයි නම් නාට්‍යය නිර්මාණය කෙරී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවදී අදහස් උපයෝගී කරගනිමිනි. උදයසිරි වික්‍රමරත්න මහතා ඒ බව නොදන්නවා නො වේ. එහෙත් ඉතා අකෘතඥව ඒ මහතා මා බෞද්ධයකු නොවන බවත් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු බවත් පවසයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ද සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ ඥානවිභාග ප්‍රවාදයක් බව කපිල පීරිස් මහතාටත් උදයසිරි වික්‍රමරත්න මහතාටත් අමතක වී ඇති බව පෙනෙයි.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අනුව අප නිර්මාණය කරන දැනුම විඤ්ඤාණයට සාපේක්‍ෂ ය. විඤ්ඤාණය හට ගැනෙන්නේ අවිද්‍යාව හේතුකොට ගෙන ය. විඤ්ඤාණය යනු මායාවකි. නිවන් අවබෝධය යනු ඒ මායාව මායාවක් බව අවබෝධ කරගැනීම ය. නැතහොත් නිවන ද විඤ්ඤාණයට සාපේක්‍ෂ වන්නේ නම් හා නිවන් දැකීමෙන් පසුව ද විඤ්ඤාණය පවතින දෙයක් ලෙස සැලකෙන්නේ නම් නිවන් අවබෝධයෙන් පසුව ද අවිද්‍යාව වෙයි. ඒ පටිච්චසමුප්පදායට අනුව විඤ්ඤාණය හටගන්නේ ද අවිද්‍යාව හේතුකොටගෙන බැවිනි. බුදුන් වහන්සේ බුද්ධත්වයේ දී ලැබූ අවබෝධය කිසිම විඤ්ඤාණයකට සාපේක්‍ෂව ලත් එකක් නොව විඤ්ඤාණය මායාවක් බව අවබෝධ කරගැනීමෙන් ලද්දකි. කපිල පීරිස් මහතා අන්‍යාලාපයෙන් අසන්නේ භාවනා නොකර මා එවැනි නිගමනවලට පැමිණෙන්නේ කෙසේ ද යන්න ය. සමහර විට එය පසුගිය භවයන් හි දී භාවනා කිරීමෙන් මා ලත් දැනුමක් විය හැකි ය. ඒ එසේ නොවුවත් භාවනානුයෝගී පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමිපාණන් වහන්සේ ගේ නිවනේ නිවීම පෙත් පෙළෙහි ද එවැනි අදහස් දැකගත හැකි ය. නැති විඤ්ඤාණය නැති විඤ්ඤාණයක් බව අවබෝධ කරගන්නේ විඤාණයකින් නොවන බව නම් මට පැහැදිලි ය. එහෙත් එතැනින් එහාට යෑමට නම් භාවනාව අත්‍යවශ්‍ය වෙයි.

සංගත ආකෘති තැනීම පිලිබඳ ව ද කපිල පීරිස් මහතා ගරහයි. ඒ මහතාට ඇත්තේ නිවන් අවබෝධ කිරීමේ අවශ්‍යතාව පමණක් විය හැකි ය. එහෙත් මට නම් එයට අමතරව දේශපාලන අවශ්‍යතා ද වෙයි. ඒ දේශපාලන අවශ්‍යතා සඳහා නිවන කල්දැමීම ද මට ප්‍රශ්නයක් නො වේ. අද මුළු මහත් ලෝකය ම බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වී ඇත. අපේ නිදහස සම්පුර්ණ වන්නේ අප බටහිර දැනුමෙන් ද නිිදහස් වූ විට ය. එහි දී අපි බටහිර දැනුම විවේචනය කිරීමටත් අපේ දැනුමක් නිර්මාණය කිරීමටත් මැදිහත් වෙමු. පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ අප කළේ එයයි. අපි එහි සාර්ථකත්වය විශේෂයෙන් ම දේශපාලනයෙහි දී අත්දුටුවෙමු. එහෙත් තවදුරටත් කළ යුතු දෑ කිහිපයක් ඉතිරි වී ඇත. ඒ සම්පුර්ණ වන තුරු අපි අපේ ව්‍යායාමය අත් නො හරිමු. බටහිර විද්‍යාවේ අර්බුදය ගැන කපිල පීරිස් මහතා කතා කිරීමට පළමුව අප ඒ පිළිබඳ ව අපේ විවේචනය ඉදිරිපත් කර ඇති අතර රේ විජේවර්ධන මහතාගේ ගණයේ බටහිර විද්‍යාව පිළිගත් අය සමග ඒ පිළිබඳ නොයෙකුත් වර වාද කර ඇත්තෙමු. කපිල පීරිස් මහතා බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය සමග බටහිර විද්‍යාව විවේචනය කරමින් විවාදවලට එළඹි අවස්ථා ගැන අපි නො දනිමු. එහෙත් බටහිර විද්‍යාවේ අර්බුදය ගැන කතාකළ පළමු තැනැත්තා වීමට ඒ මහතාට අවශ්‍ය නම් එය ලබාගැනීම අපට ප්‍රශ්නයක් නො වේ.

එහෙත් කිවයුතු දෑ වෙයි. අප සංගත ව කරුණු ඉදිරිපත් කළ යුතු යැයි ද වියුක්ත ප්‍රවාද නිර්මාණය කළ යුතු යැයි කියන්නේ ද ඒ ඔස්සේ ඊනියා පරමාර්ථ සත්‍යයක් දැන ගැනීමට නොව එසේ නොමැතිව අද දවසේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම පරාජය කළ නොහැකි බැවිනි. එහෙත් අපේ වෑයම එයට පමණක් සීමා නො වේ. ඈත අතීතයේ සිට මිනිසුන් දෙවියන් සමග සම්බන්ධ වී දැනුම ලබාගත් බව අපි දනිමු. පැරණි සිංහලයෝ ද එසේ කළහ. ගැමුණු රජතුමා රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේ දී දෙවියන්ගෙන් දැනුම ලබා ඇත. අවුරුදු තුන හතරක කාලයක සිට අපි දෙවියන්ගෙන් ද දැනුම ලබාගනිමු. අප බොහෝ විට කියා ඇති පරිදි රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් අපට දැනුම ලැබී ඇත්තේ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙනි. එමෙන් ම ගොවිතැනෙහි දී ද වෙදකමෙහි දී ද අපි දෙවිවරුන්ගෙන් දැනුම ලබමු. ඉදිරියෙහි දී වෙනත් කරුණුවල දී ද එසේ දැනුම ලබාගැනීමට අපේක්‍ෂා කරමු. ඒ ආධ්‍යාත්මික ව ලබාගන්නා දැනුමකි. භාවනානුයොාගීව ඒ දැනුම ලබාගැනීමට හැකි කිහිප දෙනෙකු ම පසුගිය අවුරුදු තුන ඇතුළත බිහි වී ඇත. එහෙත් ඒ දැනුම ද සංකල්පීය දැනුමක් බවත් එහි ඊනියා සාර්ථකත්වය ද සංගත වීම මත පදනම් වන බවත් අපි කියමු. ඇතැම් විට ආධ්‍යාත්මික ව ලබාගන්නා ලෞකික දැනුම සාර්ථකත්වයකට පත්වීමෙන් පසු අපේ දැනුම තාර්කිකව හා ඉන්ද්‍රියානුභූතව නිර්මාණය කිරීම අපට අත්හැරීමට හැකිවනු ඇත.

එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්තේ බටහිර විද්‍යාවේ මූලික ම අර්බුදය මනේන්ද්‍රිය මගහැරීම නොවන බව ය. එය ද එක් හේතුවක් වෙයි. එහෙත් ඒ අතර තවත් කරුණු බොහෝමයක් වෙයි. කපිල පීරිස් මහතා නොදනිතත් මේ කරුණු රාශියක් අපි සාකච්ඡා කර ඇත්තෙමු. මනස යොදා ගත්ත ද එයින් ඊනියා සත්‍යවූ දැනුමක් ලැබේ යැයි විශ්වාස නොකළ යුතු ය. අපට ලැබෙන්නේ අපේ කටයුතු සඳහා විශ්වාස කළ හැකි දැනුමක් පමණකි. මනස ඇතැයි සැලකුව ද නැත් ද ලෞකික වශයෙන් අපට ලැබෙන දැනුම හුදු සම්මුති දැනුමක් පමණකි. ඒ දැනුම ද මනසට සාපේක්‍ෂ වෙයි. එක් එක් අයගේ භාවනා ක්‍රම මත, විශ්වාස මත ඒ ඒ අයට සාපේක්‍ෂ දැනුම් ලැබෙයි. ඒ දැනුම් නිවන් අවබෝධය සමග පටලවා ගත යුතු නො වේ. නිවන සාපේක්‍ෂ වන්නේ කුමකට දැයි ඇසීම ම වැරදි ප්‍රශ්නයකි. නිවන යනු දැනුමක් නො වේ. නිවන් අවබෝධය යනු ගුරුත්වාකර්ෂණය අවබෝධ කර ගැනීම වැන්නක් නො වේ. නැති ගුරුත්වාකර්ෂණයක් ඇතැයි අප අවබෝධ කරගන්නේ අපේ මනස්වල ම ප්‍රශ්නයක් නිසා ය.

නිවන යනු දැනුමක් නොව සියළු ලෞකික දැනුම් නැති දැනුම් බව අවබෝධ කර ගැනීම ය. එය ඊනියා විඤ්ඤාණයක් මත පදනම් ව, ඊනියා විඤ්ඤාණයකට සාපේක්‍ෂව, දැන ගන්නක්වත් දැක ගන්නක්වත් නො වේ. එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කර ගැනීමකි. ඒ එකක්වත් සංකල්ප නො වේ. සංකල්පීය ලෝකය ශූන්‍ය වෙයි. මා සඳහන් කරන කරුණු කපිල පීරිස් මහතා විශ්වාස කරන බුදුදහමට පටහැණි වනවා විය හැකි ය. එහෙත් එපමණකින් මා බෞද්ධයකු නොවේයැයි කීමට ඒ මහතාට නො හැකි ය. ඒ මහතා නිවැරදි බුදුදහම දන්නේ යැයි ඒ මහතාට කිව හැකි ද? ඒ සඳහා ඇති මිනුම් දණ්ඩ කුමක් ද?

අද සිංහල බෞද්ධයනට විරුද්ධව බටහිර මතිමතාන්තර පුනරුච්චානය කරන පඬියන්ට මා ප්‍රශ්නයක් වී ඇත. කපිල පීරිස් මහතා දැනුවත් ව හෝ නො දැනුවත් ව හෝ ඔවුන්ට ආයුධ සපයයි. මා කපිල පීරීස් මහතා කියන පිරිසිදු බුද්ධාගමෙහි නොවන බව කීමෙන් ඉන් වාසි ගනු ඇත්තේ පඬියන් ය. ඔවුන් සිංහල බෞද්ධයනට කියනු ඇත්තේ මා අඩු තරමෙන් බෞද්ධයකුවත් නොවන කුහකයකු බව ය. එවිට සිංහල බෞද්ධ ජනතාව අතර මා නොපිළිගන්නා තත්වයකට පත්කර පාළුගෙයි වළං බිඳීමට ඔවුන්ට හැකිවනු ඇත්තේ තම කාර්යය ඉටු කිරීමෙන් පසු, එනම් මා බෞද්ධයකු නොවේ යැයි පඬියන් ද සමග එකතු වී මතයක් ඇති කිරීමෙන් පසු තවමත් කකුලක් මාක්ස්වාදයේ ගසාගෙන සිටින ව්‍යාජ ජාතිකවාදී පක්‍ෂයකට උඩගෙඩි දී කපිල පීරිස් මහතා ඔවුන් සමග හෝ පඬියන් සමග හෝ වාදවලට නොඑළඹෙන නිසා ය. කපිල පීරිස් මහතාගේ බුදුදහම සමග එකඟ නොවන්නන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇතත් කපිල පීරිස් මහතා ඔවුන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ කිසිවක් නො කියයි. ඔහුට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු ඇතැයි සිතන මනස මා නැතැයි කීම පමණක් ද?

The mythical ethnic problem – I

According to the “accepted” version of the ethnic problem the Tamils are being discriminated by the Sinhalas or the Sinhala extremists, and injustices have been caused to the Tamils after the independence was declared in 1948. This version states the following among others. The Tamil leaders had been very patient with the Sinhala governments and after discussions had failed, as a last resort had wanted in the seventies to establish an Eelam in the Northern and the Eastern provinces, which are the homeland of the Tamils who constitute a separate nation. (This homeland is referred to as the traditional habitats in the infamous J. R. Jayawardene – Rajiv Gandhi pact signed in 1987.) The Tamils had lived in this country as permanent settlers from a very distant past going back to the time Vijaya is supposed to have come to this country. Mahavamsa is a myth that has gone to establish the Sinhala Buddhist supremacy in the country. It is considered on the same level as the Thripitaka (the three baskets of Dhamma) by the Sinhala Buddhists. The Official Language act marked the beginning of the problem while standardization scheme adopted at the admission to the Universities worsened it, after the 1972 Constitution justified the discrimination of the Tamils. Prabhakaran had no option but to engage in an armed struggle and the Tamils had been able to convince the western countries that there is a Sinhala Buddhist supremacy that discriminates against the Tamils. The human rights of the Tamils have been violated over the years culminating with the military operations that saw the defeat of the LTTE, which was a national liberation movement. The diaspora living in the western countries have been successful in convincing those countries of discriminations against the Tamils and violation of human rights, and the west has taken the issue at international fora due to humanitarian considerations. In order to solve the ethnic problem power has to be devolved to the Northern and Eastern provinces so that the Tamils could “govern” those areas looking after themselves.

What many people forget is that S J V Chelvanayakam established the Ilankai Thamil Arasu Kadchi in 1949 long before the Official Language Act and that there has been communal politics before 1948 as has been described by Jane Russell and many other authours. Even these authors only describe and do not analyse the problem, and tend to forget that as far as English colonialists were concerned it all began with the appointment of one Sinhala and one Tamil to represent the two communities Sinhalas and Tamil speaking people that included the Muslims in the Legislative Assembly ignoring the percentages of Sinhalas and Tamils of the population, history and culture of the country. At the beginning there was no Muslim representation, and when the Muslim leaders raised this matter Ponnambalam Ramanathan said he represented the Muslims as well, as they were Tamil speaking. Later English appointed a Muslim member to represent the Muslim community. The Tamil politicians and their theorists also forget that had the Dutch not imported labour for their tobacco cultivation there would not have been a so called ethnic problem. Various people claim that the problem has been internationalized recently but the problem had been internationalized from the very beginning. In fact the problem is not an internal problem as such but a problem created by the western colonialists, especially the English.

How much the west is interfering with Sri Lanka is illustrated by the report of the missing of Premkumar Gunaratnam alias Kumar Mahaththaya alias Mudalige Noel before the official inauguration of the Peratugamee Samajavadee Pakshaya formed by Janarala, a dissident group of the JVP with support from some ex members of the Trotskyite X group. The X group itself was split sometime ago, a section of members calling themselves belonging to an organisation called Peratugamee Pakshaya. It is the other section of the X group which has now decided to work with the Janarala or the dissident group of the JVP either as members or advisors and it is clear that at least the Peratugamee part of the name Peratugamee Samajavadee Pakshaya (PSP) has been given by this section of the X group. The PSP talks of Sinhala Buddhist supremacy, injustices to the Tamils caused by the Sinhala governments, advocates maximum devolution to the Northern and the Eastern Provinces, with a leading official of the Federation of University Teachers’ Associations (FUTA) being one of the ex X group members working with the PSP. It is the PSP that the west plans to use to create unrest, to say the least, among University Students and other youth, and with a leading official of FUTA agitating for increase of salaries of university teachers and for so called democratic rights, supported by UNP and JVP, it is not difficult to predict what these anti Sinhala organisations and individuals are up to. The PSP is doomed to oblivion in time to come the way the other Marxist Parties have gone in Sri Lanka but in the short term they would be able to create havoc in the country.

Whether Kumar Mahaththaya was abducted by the government or not what is interesting is that he has come to Sri Lanka with the “blessings” of the Australian government under the pseudonym Mudalige Noel. It is clear that the Australian government has issued the passport number N 1016123 to this Mudalige Noel knowing very well that he is Premkumar Gunaratnam. It is none other than the Australian High Commissioner in Sri Lanka who has given the details of the passport of Mudalige Noel who is supposed to be an Australian citizen. Apparently the High Commissioner has been there at the airport when Kumar Mahaththaya left for Australia in the wee hours of Tuesday. Mudalige Noel has overstayed his visa and Sri Lanka has the right to send him off without even informing the Australian High Commission in Colombo. However the million (Australian) Dollar question is what made the Australian government to issue an official passport to Kumar Mahaththaya under the name Mudalige Noel. Has he changed his name officially in Australia and if so when did the change take place? In any event Australian Federal government would have known that Kumar Mahaththaya and Mudalige Noel are the same person, and what were the reasons for the Australian High Commission not to divulge these facts to the Sri Lankan government when the latter was searching for Kumar Mahaththaya. This is only one incident regarding the behaviour of the west that has come to light in the recent past but the involvement of the west against the Sinhalas is clear from the very beginning of the colonial rule in this country.

Going back to the mythical ethnic problem what would have happened if the English governor had appointed say five Sinhala members, one Tamil member and one Muslim member as unofficial members to the Legislative Assembly in the first half of the nineteenth century. There would not have been a so called ethnic problem as the Tamil leaders would have known their position and the strength in the country. Instead what happened was that they were accustomed to the idea that the Tamils were equal in strength to the Sinhalas, if not more, and that the Muslims did not have a separate identity but were Tamil speaking people who could be represented by the Tamil leaders. From the time of the Dutch it is clear that the westerners have used the Tamil leaders against the Sinhala people, commissioning a Tamil Vellala Mudaliyar to write a so called history book by the name Yalpanam Vaipava Malai denying the Sinhala kings the right of the Eastern coast of the country, which the Dutch wanted to control. The process still continues and in between we know that the English transplanted Tamil labourers in the plantations as a buffer against any possible uprising by the Sinhala upcountry people whom they were scared of even after massacring the Sinhala leaders in the 1817 – 18 independence struggle by the Sinhalas against the English colonialists. (To be continued)- 12/04/11


Copyright Prof. Nalin De Silva

Wednesday 11 April 2012

පිහිටුම් අවස්ථා

අංශුවක් එකවිට විවිධ පිහිටුම්වල ඇත යන්න තේරුම් ගැන සිංහල බෞද්ධයනට එතරම් අපහසු කරුණක් විය නො හැකි ය. චුල්ලඵන්ථක රහතන් වහන්සේගේ කතාව අසා ඇති සිංහල බෞද්ධයෝ උන්වහන්සේ එක්විට පන්සියයක් රූප මවාගෙන සිටි බව දනිති. ඇතැම් ඕල්කට් බෞද්ධයන් බටහිර දැනුමේ ව්‍යාජ හේතුවාදය හා ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වී ඒ කතාව විශ්වාස නොකරනවා විය හැකි ය. එහෙත් චතුස්කෝටික න්‍යාය ප්‍රායෝගිකව දන්නා සිංහල බෞද්ධයනට එය තේරුම් ගැනීම කිසිසේත් ම ගැටළුවක් නො වේ.

පසුගිය දිනෙක කැනඩාවේ වාසය කරන එක්තරා ඕල්කට් බෞද්යෙකු කියා සිටියේ සිංහලයන්ගේ දෙවි කෙනකුට එක්විට සිටිය හැක්කේ එක්තැනක පමණක් බවත් ක්‍රිස්තියානි දෙවියන්වහන්සේ නම් එක්විට සෑම තැනක ම සිටින බවත් එබැවින් අංශුවක් එක්විට කිහිප තැනක සිටින්නේ ය යන්න ක්‍රිස්තියානි සංකල්පයක් මිස සිංහල බෞද්ධ සංකල්පයක් නොවන බවත් ය. ඔහු විිද්‍යොදය විශ්වවිද්‍යාලයේ උගත්තකු වුවත් ඒ විශ්වවිද්‍යාලයේ ඉගැන් වූ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් බටහිර විද්‍යාව මිස සිංහල සංස්කෘතිය ඉගෙනගත් බවක් නො පෙනෙයි. එය ඉතා කණගාටුදායක තත්වයකි.

1959 දී විද්‍යොදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පිහිටුවනු ලැබුයේ ම සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ආභාසය ලැබූ උපාධිධාරීන් බිහිකිරීමට ය. එහෙත් අවාසනාවකට ඒ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨ මහාචාර්යවරුන් හා කථිකාචාර්යවරුන් ලෙස එකල පත්වීම් ලැබුයේ බොහෝ විට පේරාදෙණියේ හෝ කොළඹ හෝ එකල පිළිවෙළින් මහාචාර්ය පදවියකට හෝ කථිකාචාර්ය පදවියකට හෝ පත්වීමක් ලැබීමට නොහැකි වූවන් ය. ඔවුන් ඒ විශ්වවිද්‍යාල ගොඩ නැගුයේ කොළඹ හා පේරාදෙණිය මත පදනම් වෙමින් මිස සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් ව නො වේ.

එය එක්තරා ආකාරයකින් මධ්‍ය මහා විද්‍යාල පිහිටුවීමට සමාන්තර ක්‍රියාවලියක් විය. කන්නන්ගර මහතා පළමු මධ්‍යම මහා විද්‍යාල පිහිටුවීමෙි දී තෝරාගත් විදුහල්පතිවරුන් පනස්දෙනකු අමතා කියා ඇත්තේ තමන් ඉගෙනගත් විද්‍යාලවලට සමානවන විද්‍යාල ඇතිකරන ලෙස ය. මේ විදුහල්පතිවරුන් ප්‍රභූ විද්‍යාලවල ඉගෙනගත් පුද්ගලයන් බැවින් ඔවුන් මධ්‍යම මහා විද්‍යාල ගොඩනගා ඇත්තේ ද ඒ ප්‍රභූ විද්‍යාලවල ආකෘතිය අනුගමනය කරමිනි. අපේ අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීමේ දෙවැනි අවස්ථාව ද එසේ මගහැරී ගියේ ය. පළමු අවස්ථාව උදාවූයේ බෞද්ධ පාසල් ඇතිකිරීමට යෝජනා වූ විට ය.

කෙසේ වෙතත් අද වන විට කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල බටහිර විශ්වවිද්‍යාලවල තුන්වැනි පංතියේ අනුකාරක ආයතන බවට පත් වී ඇත. එය වෙනස් කිරීමට උත්සාහ ගැනීම පවා ඉතා අසීරු කාර්යයක් වන බව අත්දැකීමෙන් දනිමි. එබැවින් කලින් සඳහන් කළ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දෙවියන් ගැන එසේ සඳහන් කිරීම පුදුමයක් නො වේ. වඩා පින් සහිත දෙවියන්ට එක්විට අවස්ථා කිහිපයක පැවතිය හැකි බව මේ බුද්ධිවාදීන්, හේතුවාදීන් (rationalists) ලෙස තමන් හඳුන්වාගන්නෝ නො දනිති. එපමණක් නොව බුද්ධිවාදියා හෝ හේතුවාදියා හෝ යන්නෙන් කුමක් අදහස් වන්නේ දැයි ඔවුන්ගෙන් විමසුවොත් එයට ද නිසි පිළිතුරක් දීමට ඔවුහු අපොහොසත් වෙති. බටහිර දර්ශනයේ බුද්ධිවාදය (rationalism) යන්න අර්ථදැක්වෙන්නේ අනුභූතිවාදයට (empiricism) විරුද්ධව ය. එහෙත් මෙරට ඊනියා බුද්ධිවාදීන් මේ දර්ශන දෙකෙහි ම සංකලනයක් අනුභූතිවාදයට වඩාත් බරව අනුගමනය කරන බව පෙනී යයි.

ආධ්‍යාත්මික ශක්තිය වැඩිවත් ම අවස්ථා කිහිපයක ම පෙනී සිටීමේ හැකියාව ශරීර සහිත සත්වයන්ට අත්වන බව කිව හැකි ය. රහතන් වහන්සේගේ සෘද්ධි ශක්තිය වැඩිවත් ම එසේ අවස්ථා රාශියක පෙනී සිටීමේ හැකියාව වර්ධනය වන බව පෙනී යයි. බුදුන් වහන්සේ ද මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මය දෙසීමට දෙව්ලොව වැඩම කළ අවස්ථාවේ දී මිනිස් ලොවට වැඩම කිරීමේ දී දෙව්ලොව තමන්වහන්සේ ධර්ම දේශනාව නොකඩවා කරගෙන යන අයුරින් තවත් අවස්ථාවක පිහිටුවා එසේ මිනිස් ලොවට වැඩම කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි.

මේ අවස්ථා කිහිපයක පෙනී සිටීමේ හැකියාව සෑම තැනම ඇත්තේ යැයි කියන දෙවියන් වහන්සේ කෙනකුගේ පැවැත්ම සමග සන්සන්දනය කළ නො හැකි ය. දෙවියන් වහන්සේට එක් තැනක පමණක් කිසි විටෙක පැවතිය නො හැකි ය. දෙවියන් වහන්සේ සෑම විට ම සෑම තැන ම ඇත. ඉන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ සෑම විටම අපායේ ද සිටින්නේ ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් අවශ්‍ය පරිදි අවස්ථා කිහිපයක පෙනී සිටීම හා සෑම විට ම සෑම තැනක ම පෙනී සිටීම යනු එකම සංකල්පයක් යැයි කිවහැක්කේ ඊනියා බුද්ධිවාදීන්ට ය.

අවකාශයේ අවස්ථා කිහිපයක පෙනී සිටීම තේරුම් ගැනීමට සිංහල බෞද්ධයනට අපහසුවක් ඇතිවන්නට හේතුවක් නැත. එහෙත් ඉහත සඳහන් විස්තරය කියවන පඬියකු ක්වොන්ටම් අංශුවක් රහතන් වහන්සේ නමක සමග සන්සන්දනය කර තම පඬි බව විදහා දැක්වීමට අවස්ථාව කරගනු ඇත. පඬියා බක පණ්ඩිතයකු නම් ඇතැම් විට ඉතා නිර්දය ලෙස ක්වොන්ටම් අංශුවේ ආධ්‍යාත්මික ශක්තිය ඉතා වැඩි ද කියාත් ප්‍රශ්න කරනු ඇත. එසේත් නැත්නම් ක්වොන්ටම් අංශුව රහත් වී ඇත් ද කියා ප්‍රශ්න කරනු ඇත. අප කියා සිටින්නේ ක්වොන්ටම් අංශුවකට එක්විට අවස්ථා කිහිපයක පෙනී සිටීමට හැකි බව ය. එහෙත් නිව්ටෝනීය අංශුවකට හෝ වස්තුවකට හෝ එසේ පැවතීමේ හැකියාවක් නැත. නිව්ටෝනීය අංශුවක් හෝ වස්තුවක් හෝ එක්විට එක්තැනක පමණක් පවතියි. රහතන් වහන්සේගේ ශරීරය වෙනත් සත්වයකුගේ ශරීරය මෙන් ම නිව්ටෝනීය වස්තුවක් වෙයි. එහෙත් උන්වහන්සේට ඒ නිව්ටෝනීය ශරීරයත් සමග එක්විට අවස්ථා කිහිපයක පෙනී සිටීමේ හැකියාව ඇත. ක්වොන්ටම් අංශු කිහිපයක් එකතු වී නිව්ටෝනීය අංශුවක් බවට පත් වූ විගස එයට එකවිට කිහිප තැනක පෙනී සිටීමේ හැකියාව නැති වී යයි.

අපි දැන් ක්වොන්ටම් අංශුවක් විවිධ කාලවල පවතින්නේ කෙසේ ද යන ප්‍රශ්නය සාකච්ඡා කරමු. ක්වොන්ටම් අංශුවට එක්විට විවිධ කාලවල පැවතිය හැකි ද යන්න ම ඇරිස්ටෝටලීය න්‍යාය අනුව පරස්පර විරෝධී ප්‍රශ්නයකි. එක්විට යනු කාලය සම්බන්ධයෙන් ගත්කල යම්කිසි සමුද්දේශ රාමුවක නිශ්චිත අගයකි. එසේ කාලය නිශ්චිත අගයක් ගන්නා විට විවිධ කාලවල පැවතීම යනු කාලය ගන්නා වෙනත් අගයන්හි ද අංශුව පැවතීමකි. එවිට කාලයට නිශ්චිත අගයක් ඇති අතර වෙනත් අගයන් ද ඇත. එහෙත් චතුස්කෝටිකයෙහි එය ගැටළුවක් නො වේ. අංශුව එක් තැනක පිහිටීම මෙන් ම වෙනත් තැනක ද පිහිටීම චතුස්කෝටික න්‍යායෙහි ප්‍රශ්නයක් නොවන්නා සේ ම අංශුව කාලයෙහි එක් අගයක දී මෙන් ම වෙනත් අගයන්හි දී ද පැවතීම ගැටළුවක් නො වේ. එහෙත් මේ ප්‍රශ්නය එතැනින් කෙළවර වන්නේ ද නැත.

අපට මෙහි දී තවත් ප්‍රශ්න ඇසිය හැකි ය. ක්වොන්ටම් අංශුවකට නිශ්චිත පිහිටුමක් තිබෙන අවස්ථාවක දී එයට කාලය සම්බන්ධයෙන් විවිධ අගය ගත හැකි ද? එසේත් නැතහොත් ක්වොන්ටම් අංශුවට කාලය සම්බන්ධයෙන් එක් අගයක් ඇති විට, එනම් එක්විට, අංශුවට පිහිටුම සම්බන්ධයෙන් විවිධ අවස්ථා තිබිය හැකි ද? එසේත් නැත්නම් අංශුව විවිධ කාලවල පිහිටුම සම්බන්ධයෙන් විවිධ අවස්ථා ගන්නේ ද? මෙවැනි ප්‍රශ්න බටහිර භෞතික විද්‍යාඥයන් අසා ඇති බවක් මම නො දනිමි. මේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙර අපට කාලය සම්බන්ධයෙන් වඩා මූලික ප්‍රශ්නයකට පිළිතුරු දීමට සිදුවෙයි.

අයින්ස්ටයින් විද්වතා කාලය හා අවකාශය එකම මට්ටමක ලා සැලකී ය. එහෙත් සිිංහල බෞද්ධයන් කාලය හා අවකාශය යන සංකල්ප නිර්මාණය කරගන්නේ එකම මට්ටමක පිහිටා නො වේ. අවකාශය යන්න වඩාත් සරල සංකල්පය වෙයි. ඒ සම්බන්ධයෙන් බටහිර ලෝකයට දළ වශයෙන් ගත්කල සංකල්ප දෙකක් වෙයි. එකක් නිව්ටෝනීය සංකල්පය ලෙස හැඳින්විය හැකි ය. නිව්ටෝනීය සංකල්පයෙහි අංශු වස්තු විකිරණ ආදිය නැතත් පවතින අවකාශයක් වෙයි. අංශු වස්තු විකිරණ ආදිය පවතින්නේ මේ අවකාශයෙහි ය. අංශු ආදිය නැති අවකාශය ඇතැම් විට නිරපේක්‍ෂ අවකාශය නමින් ද හැඳින්වෙයි. නිව්ටෝනීය දැනුමට අනුව මේ අවකාශය ද වාස්තවික ව පවතියි. ඒ දැනුමෙහි ද්‍රව්‍ය පවතින්නාක් සේ ම අවකාශය ද නිරීක්‍ෂකයාගෙන් ස්වායත්ත ව පවතියි. එබැවින් අවකාශයට ද ද්‍රව්‍යවාදී පැවැත්මක් වෙයි.

බටහිර ලෝකයෙහි අවකාශය පිලිබඳ ඇති දෙවැනි සංකල්පය අයින්ස්ටයිනීය අවකාශය ලෙස හැඳින්විය හැකි ය. එය සාධාරණ සාපේක්‍ෂතාවාදය පදනම් කර ගෙන ඇත. අයින්ස්ටයිනීය සංකල්පයට අනුව අවකාශය නිර්ණය වන්නේ අංශු ද්‍රව්‍ය විකිරණ ආදිය හේතුකොට ගෙන ය. අංශු ද්‍රව්‍ය විකිරණ ආදියෙන් තොරව අයින්ස්ටයිනීය අවකාශය නො පවතියි. අංශුවක් නිර්මාණය වූ වහා ම එයට අදාළ ව අවකාශය ද (සාපේක්‍ෂතාවාදී අදහස් අනුව අවකාශ - කාලය ද) නිර්ණය වෙයි. අංශුවකින් වස්තුවකින් විකිරණයෙන් තොරව අවකාශය නොපවතියි. ඒ අතර ම කිවයුත්තේ අවකාශයක් නොමැතිව අංශුවක් ද නොපවතින බව ය. අංශුවක් නිර්මාණය වන්නේ ම අවකාශය (අවකාශ –- කාලය) නිර්මාණය කරමිනි. ඉන්පසු වෙනත් අංශු නිර්මාණය වුවහොත් අවකාශ –- කාලය ද වෙනස් වෙයි.

එපමණක් නො වේ. අයින්ස්ටයිනීය සංකල්පයට අනුව අංශුවක් හෝ වස්තුවක් හෝ චලනය වීමේ දී ද අවකාශ –- කාලය වෙනස් වෙයි. මෙය නිව්ටෝනීය අවකාශය සමග සසඳා බැලිය යුතු ය. අංශු චලනය වූ පමණින් නිව්ටෝනීය අවකාශය වෙනස් නො වෙයි. අංශු නිර්මාණය වූ පමණින් ද නිව්ටෝනීය අවකාශය වෙනස් නො වෙයි. අංශු හා වස්තු දෙන ලද නිව්ටෝනීය අවකාශයක, අවකාශය වෙනස් නොකරමින් චලනය වෙයි. එහෙත් අයින්ස්ටයිනීය අවකාශයෙහි අංශු හා වස්තු චලනය වනවා පමණක් නො වේ. අංශු හා වස්තු හේතුවෙන් ද එහි චලනය හේතුවෙන් ද අවකාශය (අවකාශ - කාලය) වෙනස් වෙයි.

අයින්ස්ටයිනීය සංකල්ප යොදා ගැනීමේ දී අවකාශය යන්න තනිව යොදා නො ගැනෙයි. ඒ අවකාශ - කාලය යනුවෙන් කාලයත් සමග යොදා ගැනෙයි. එසේ වුවත් අයින්ස්ටයිනීය සංකල්පවල ද අවකාශයට ඇත්තේ නිව්ටෝනීය අවකාශයේ දී මෙන් ම ද්‍රව්‍යමය පැවැත්මකි. එක්කෝ අවකාශය අංශුවක් හෝ වස්තුවක් හෝ වටා පවතින්නක් ලෙස ගත හැකි ය. නැතහොත් අවකාශය අංශු දෙකක් හෝ වස්තු දෙකක් අතර පවතියි. එසේත් නොමැති නම් විකිරණයක් හේතුවෙන් අවකාශය පවතියි. නැතහොත් විකිරණයක් හා වස්තුවක් අතර හෝ විකිරණ දෙකක් අතර හෝ අවකාශයක් පවතියි. මෙහි දී පැවතීම යන්න යොදා ගැනෙන්නේ බටහිර අර්ථයකිනි. එනම් අවකාශයට ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වුව පැවැත්මක් ඇත. සාපේක්‍ෂ වුවත් නිරීක්‍ෂකයා සිටියත් නැතත් එක් අංශුවක් පමණක් තිබුණ ද ඒ අංශුවට සාපේක්‍ෂව අවකාශයක් පවතියි. එය බටහිරයන්ට යථාර්ථයක්, වාස්තවිකත්වයක් හා අවශ්‍ය නම් පරමාර්ථයක් ලෙස පවතියි.

සාපේක්‍ෂතාවක් ගැන කතා කළ ද මෙහි පැවැත්ම සම්බන්ධයෙන් ඇත්තේ නිරපේක්‍ෂතාවකි. අංශුවක් වස්තුවක් විකිරණයක් ඇත්නම් අවකාශයක් (අවකාශ - කාලයක්) වෙයි. එහෙත් සිංහල බෞද්ධයනට මේ පැවැත්ම සම්මුති පැවැත්මක් වෙයි. එය හුදෙක් තවත් සංකල්පයක් පමණකි. සංකල්පයක් ලෙස ගත්කල එය ශූන්‍ය වෙයි. සංකල්පය හා ඉන් කියැවෙන්න නිරීක්‍ෂකයාගේ නිර්මාණයකි. එය විඤ්ඤාණයේ මායාවක් පමණකි.

ඉතිහාසය හා අවුරුද්ද

අවුරුදු සමය ඉතිහාසය ගැන කතාකිරීමට සුදුසු කාලයක් යැයි සිතමි. අපේ, එනම් සිංහලයන්ගේ, අවුරුද්ද දෙමළ ජනයා ද පැවැත්වීම පිළිබඳ මගේ කිසිම විරුද්ධතාවක් නැත. දෙමළ ජනයා පමණක් නොව මුස්ලිම් ජනයා ද අවුරුදු චාරිත්‍ර නැකැත් බැලීම්වලින් තොරව වුව ද පවත්වන තරමට ඒ සියල්ලන්ට ම සිංහල ජනයා සමග එක්විය හැකි ය. එහෙත් අවුරුදු උත්සවයේ සම්භවය දෙමළ ජනයාට දීමට කිසිම සාධකයක් නැත. සිංහලයන් අවුරුදු උත්සවය පවත්වන ආකාරයට දකුණු ඉන්දියාවේ අප්‍රියෙල් මස උත්සව නො පැවැත්වේ. අද ලංකාවේ දෙමළ ජනයා අප්‍රියෙල් මස යම් ආකාරයක උත්සවයක් පවත්වන්නේ නම් ඒ සිංහලයන්ගේ ආභාසයෙනි. හින්දු බැතිමතුන්ගේ සූර්ය උත්සවය ජනවාරි මස යෙදී ඇත. තෛපොංගල් නමින් හැඳින්වෙන ඒ උත්සවය සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීම සමගත් සූූර්යයා අපට සාපේක්‍ෂව පොළොව වටා යන ගමනේ දී උත්තරාර්ධ ගෝලයට හැරීම සමගත් සම්බන්ධ වෙයි. අපේ අවුරුද්ද බක් මාසය සමගත් සූූර්යයා උතුරට යන ගමනේ දී සමකය පසුකිරීමත් සමගත් සම්බන්ධ ය. ඊනියා ප්‍රතිසංධානය කෙරෙනු ඇත්තේ දෙමළ ජනයා හා මුස්ලිම් ජනයා සිංහල සංස්කෘතියේ ඇතැම් අංග තමන්ගේ ද අංග බවට පත්කර ගැනීමෙන්් මිස මැකෝලේගේ දරුවන්ගේ කොමිසම්වල නිර්දේශවලින් නො වේ. නැකැත් උත්සවයක් හා සූර්යයා ප්‍රධාන කරගත් උත්සවයක් ලෙස ගත්කල අවුරුද්ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විශේෂයෙන් ම රවි ශෛලාෂ වාංශිකයන්ගේ උත්සවයක් ලෙස සෑලකීය හැකිය යැයි සිතමි. එම වාංශිකයන්ගෙන් ඒ උත්සවය පසු කලෙක සිංහලයන්ට ලැබී ඇති බව පෙනී යයි. අද එය දෙමළ හා මුස්ලිම් ජනයාට ද ලැබෙන්්නේ නම් ඉතා අගනේ ය.

රවි ශෛලාෂ වාංශිකයෝ කවරහු ද? රවි ශෛලාෂ යන්නෙහි තේරුම ඉරුගල් යන්න ය. පසුගිය කාලයෙහි මෙරට ඉතිහාසය ගැන නැවත සොයා බැලීමට කිහිප දෙනකු ම කටයුතු කර ඇත. ඒ අතර සාම්ප්‍රදායික නොවන ඉතිහාසයක් සාම්ප්‍රදායික ආකාරයකට අධ්‍යයනය කරන්නෝ වෙති. ඔවුහු ලිඛිත ඉතිහාස ග්‍රන්ථ, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සාධක ආදිය ප්‍රධාන වශයෙන් ම සලකා බලති. ශිරාන් දැරණියගල මහතාගේ මෙන් ම රාජ් සෝමදේව මහතාගේ ද ගවේෂණ මේ සම්බන්ධයෙන් වැදගත් වෙයි. එහෙත් ඔවුහු තවමත් ශිලා යුගයෙහි හා එහි අවධි තුනෙහි හිරවී සිටිති. ලංකාවේ පැරුන්නන් එකම කාලයෙහි මැටි භාණ්ඩ මෙන් ම වානේ (යකඩ ආශ්‍රිත) භාණ්ඩ ද යොදා ගෙන ඇත. බටහිරයන්ගේ වර්ගීකරණය ඔස්සේ ගොස් භාණ්ඩ තනා ඇත්තේ කිනම් ද්‍රව්‍යයක් යොදා ගනිමින් ද යන්න මත පදනම් වෙමින් මෙරට ඉතිහාසය සකස්කර ගත හැකි නො වේ. ඒ අතර ඒ එම් කරුණාරත්න මහතා වැනි ඉතිහාසඥයෝ ජනප්‍රවාද ගැන ද තම අවධානය යොමු කරති. ඒ මහතා ලියා පළ කර ඇති විදේශ ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් කෘතිය ඒ සඳහා උදාහරණයකි. අප ජනප්‍රවාදවලට ගැරහිය යුතු නො වේ. දීපවංසයේ මෙන් ම මහා වංසයේ ද බොහෝ විට ඇත්තේ ජනප්‍රවාද ය. ජනප්‍රවාද ලියූ පමණින් ඒ පිළිගැනීමට බටහිර ඉතිහාසඥයන්ගේ කැමැත්තක් ඇත. ලිවීම ඈරඹීමෙන් පසු ලියන්නේ කියන දේ ය. කියන්නේ ලියන දේ ය. එහෙත් බටහිර බයිබල් (බයිබලය යනු පොත ය) සම්ප්‍රදාය අනුව ගොස් ලිඛිත දෙයට අප අනවශ්‍ය අවධාරණයක් යෙදිය යුතු නො වේ. මෙරට පඬියන් අපෙන් ඊනියා පර්යේෂණ පත්‍රිකා හා ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි ඉල්ලන්නේ මේ සම්ප්‍රදායෙහි පිහිටා ය. අප බටහිරයන්ගේ වාංමාලාව අනුකරණය කළ යුතු නො වේ. උදාහරණයක් ලෙස යක්‍ෂ ගෝත්‍රිකයන් කී පමණින් මෙරට අනුකාරක පඬියන් සිතන්නේ අප ඔවුන්ගේ කසිකබල් සංකල්පය අනුකරණය කරන බව ය. ඔවුන්ගේ ගෝත්‍රය යනු ඔවුන් නොදියුණු යැයි පවසන ජන කොටසකි. ඔවුන්ගේ පොත් කියවූ පසු අපට ගෝත්‍රිකයන් ලෙස සිහියට නැගෙන්නේ නොදියුණු යැයි බටහිරයන් විසින් හංවඩු ගසනු ලැබ ඇති, එනම් ඔවුන්ගේ කසිකබල් නූතනත්වයට නොපැමිණි, අප්‍රිකානු ජනයා ය. කසිකබල් නූතනත්වයේ කසිකබල් දියුණුව පසෙක තබන්න. ගොයුම් ගොත් යන්නෙහි ගොත් යනුවෙන් කියැවෙන්නේ වෛදික සංස්කෘතියට පෙර අද සාර්ක් යැයි දළ වශයෙන් හැඳින්වෙන, ධර්ම කලාපය යැයි කිවහැකි, ප්‍රදේශයේ තිබූ ජන බෙදීමකි. සිදුහත් කුමරු ගෞතම ගෝත්‍රයට අයත් වූ අතර එහි උප බෙදීිමක් වූ ශාක්‍ය වංශයට අයත් විය. කෝලිය වංශය ද ගෞතම ගෝත්‍රයේ උප කොටසක් විය. සිදුහත් කුමරු, යශෝධරා දේවිය, රහල් කුමරු, ශුද්ධෝදන රජු, ප්‍රජාපතී ගෝතමි දේවිය, සුප්‍රබුද්ධ රජු, දේවදත්ත, කිශා ගෝතමී ආදීහු ගෞතම ගෝත්‍රයේ විවිධ වංශවලට අයත්වූහ. ඔවුහු නොදියුණු ගෞතම ට්‍රයිබයකට අයත් වූවෝ නොවුහ. අප ගෝත්‍රය යන්න යොදන්නේ ට්‍රයිබ් යන වචනයෙහි පරිවර්තනයක් ලෙස නො වේ. පඬියන්ට අවශ්‍ය නම් ට්‍රයිබ් යන්නට වෙනත් වචනයක් යොදාගත හැකි ය. එහෙත් නිර්මාණශීලීත්වයක් නැති ඔවුන්ට ඒ කළ හැකි යැයි සිතීමට අසීරු ය. මෙරට තිබූ යක්‍ෂ ආදී ගෝත්‍ර ගැන අප කතාකරන්නේ ට්‍රයිබ් යන්න ඔළුවේ හිරකරගෙන නො වේ. එක්තරා භික්‍ෂුන් වහන්සේ නමක පවසන පරිදි පඬියන්ගේ ඔළුවල ඉසෙඩ් අකුරු පටළැවී ඇත. ඉරුගල් වංශය යනු යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වංශයකි. අවුරුද්ද ඔවුන්ගේ යැයි සිතමි.

ඉහත සඳහන් ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අනුව නොගොස් වෙනත් අයුරෙන් දැනුම ලබන්නෝ වෙති. ඔවුන්ට බොහෝ විට ආධ්‍යාත්මික ශක්තිය හේතුකොටගෙන විවිධ දේවාතවන්ගෙන්. භූතයන්ගෙන් ආදීන්ගෙන් ද දැනුම ලැබේ. එහෙත් මේ සෑම අවස්ථාවක දී ම තවත් සාධක සමග සංගතව කරුණු ඉදිරිපත්කිරීමට උත්සාහ ගත යුතු ය. පසුගිය කාලයේ ගැමුණු රජු ගැන අප කිහිප දෙනකු දැනුම ලබාගත්තේ සෘජුව හෝ වක්‍රව හෝ ආධ්‍යාත්මිකව ය. මහරජ ගැමුණු කෘතියෙන් ද ඒ බව හෙළිවෙයි. ඒ සියළු දැනුම් දැන් සංගත ආකාරයකින් ඉදිරිපත් කෙරී ඇත. ගැමුණු රජු අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල්දමාගත් බෝසතාණන් වහන්සේ කෙනකු බව අපි දැන් දනිමු. එතුමා යුද්ධයට විරුද්ධ වුවත් කළහැකි අන් විකල්පයක් නැති නිසා යුද්ධ කළ බවත් ඒ සඳහා ද ආධ්‍යාත්මික ශක්තිය ලබාගත් බවත් අපි දනිමු. බෞද්ධයන්ට යුද්ධ කරන ආකාරය ඉගැන්වූයේ එතුමා ය. අපට ස්ටැන්ලි තම්බයියලාට පමණක් නොව අනෙක් අනුකාරකයන්ට ද කිසිම පැකිළීමකින් තොරව මුහුණ දිය හැක්කේ එතුමා නිසා ය. පැරණි පොතපත හා සෙල්ලිපි සොයාගෙන ඒ ආධ්‍යාත්මිකව තේරුම් ගනිමින් දැනුම ලබාගන්නෝ ද අප අතර වෙති. අපි ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමේ ක්‍රියාවලියට මුල් තැන දෙමු. කැලණිය විශ්වවිද්‍යාලයේ පසුගිය දා ආසනික් පර්යේෂණ කෙරුණේ ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට මුල්තැන දෙමිනි. මගේ විද්‍යා පීඨාධිපති ධුූර කාලය අවසන් වීමෙන් පසු එහි සිටින ඇතැම් නපුංසක උගත්තු ව්‍යාජ පරිපාලන හා රෙගුලාසි මතුකරමින් ඒ පර්යේෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ දරති.

ඒ කෙසේ වෙතත් ඉරුගල් වංශය ගැන මා දැනගත්තේ විශ්වවිද්‍යාල පඬියන්ගෙන් නොව පූජ්‍ය පණ්ඩිත මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ විසින් ලියන ලද යක්‍ෂගෝත්‍රික භාෂාව සහ රවි ශෛලාශ වංශ කථාව හා යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු නම් ග්‍රන්ථ කියවීමෙන් පසුව ය. එහි අඩංගු තොරතුරු සම්බන්ධයෙන් සංක්‍ෂිප්ත විස්තරයක් කිරීමටවත් මේ අවස්ථාව නො වේ. එහෙත් එක් කරුණක් නොකියා ම බැරි ය. කලක් මගේ සිතට වධයක් වූ ප්‍රශ්නයක් වූයේ යක්‍ෂ ගෝත්‍රිකයන් ආරම්භයේ දී බෞද්ධයන් නොවූ බව ගම්‍යවන තොරතුරු ය. බටහිරින් පුරාවිද්‍යාව ඉගෙනගත් පුරාවිද්‍යාඥයන්ට ඊනියා සාධක නැතත් බුදුන් වහන්සේ මෙරටට වැඩි බව මම පිළිගනිමි. ඇතැම්විට පූජ්‍ය මූකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ ද ප්‍රකාශ කරන ආකාරයට බුදුන් වහන්සේ මෙරට වැඩ සිටින්නට ඇත. ඒ කුමක් වුවත් පූජ්‍ය මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිහි පරම්පරාවෙන් ලැබුණු වර්ග පූර්ණිකාව නම් ග්‍රන්ථයක් ඇසුරෙන් සඳහන් කරන්නේ බුදුන් වහන්සේගෙන් බණ අසා මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන් ආරම්භයේ දී ම බෞද්ධයන් වූ බවත් කාන්තාවන් ද ඇතුළුව ඇතැමුන් රහත් ඵලයට ද පැමිණි බවත් දේවානම් පියතිස්ස සමය වන විටත් මෙරට ලාංකේය භික්‍ෂු පරම්පරාවක් තිබූ බවත් ය. පුදුමය එසේ නොවුනා නම් ය. අපේ අවුරුද්දට බෞද්ධ සිරිත් විරිත් එකතුවන්නට ඇත්තේ ඇතැම් විට අප සිංහලයන් වීමට ද පෙර ය. මේ බෞද්ධයන් බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසුව ථෙරවාදී නොවුවා විය හැකි ය. නාග ගෝත්‍රික බෞද්ධයන් ථෙරවාදී වූවා විය හැකි ය. මහාවිහාරය ථෙරවාදයේ මධ්‍යස්ථානය වූ අතර අභයගිරිය පිහිටුවන තෙක් අනෙක් භික්‍ෂූන් වහන්සේට නිල මධ්‍යස්ථානයක් නොතිබෙන්නට ඇත. අභයගිරියට හා ජෙතවනයට ආධාර කර ඇති රජවරුන්ට යම් යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධතාවක් තිබී ඇති බව ද සැලකිය යුතු ය. මේ පිළිබඳ තවත් අංශවලින් කරුණු සොයා බැලිය යුතු ය. නාගයන් හා යක්‍ෂයන් අතර වූ වෙනස බෞද්ධයන් හා අබෞද්ධයන් අතර වූ වෙනසකට වඩා ථෙරවාදය පමණක් පිළිගත් අය හා ඒ සමග අනෙක් බෞද්ධ මතවාද ද පිළිගත් අය අතර වූ වෙනසක් බව ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි චෙමින් පවතියි.

මා කිහිප වතාවක් ම පුවත්පත් මගින් හා සිංහල අවුරුද්ද යන පොතෙන් පෙන්වා දී ඇත්තේ අපේ අවුරුද්දකට දින 365.256363ක් වන බවත් බටහිර ක්‍රිස්තියානි අවුරුද්දකට දින 365.242190ක් වන බවත් ය. මේ වෙනසට හේතුව අයනය ය. අපේ අවුරුදු දිනය අවුරුදු පතා බටහිර අවුරුද්දට සාපේක්‍ෂව ඉදිරියට ඇදෙන්නේ අයනය හේතුවෙනි. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව සඳහන් තොරතුරු අනුව අවුරුද්ද උදාවූයේ මාර්තු 27, 28, 29 දිනවල ය. ඒ ජූලියන් දින දර්ශනයට අනුව ය. ග්‍රෙගරියානි දින දර්ශනය අනුව එය අප්‍රියෙල් 7, 8. 9 විය යුතු ය. මෙවර අවුරුද්ද උදාවන්නේ 13 වැනි දා රාත්‍රී කාලයෙහි ය. 2012 අධික අවුරුද්දක් නොවී නම් මෙවර අවුරුද්ද උදාවීමට තිබුණේ අප්‍රියෙල් 14 වැනි දා රාත්‍රියෙහි ය. වැඩිකල් නොගොස් අප්‍රියෙල් 15 වැනි දා අපට අවුරුද්ද උදාවනු ඇත. අපේ අවුරුද්ද ගණන් බැලීමට ඉරුගල් වංශයට ගණිත ක්‍රම තිබූ බව පැහැදිලි ය. ඔවුන්ට අභ්‍යවකාශ වස්තු පිළිබඳ ගණනය කිරීම් සඳහා මාමීනීල නම් ගණිත ක්‍රමයක් තිබූ බව වර්ගපූර්ණිකාවෙන් පැහැදිලි වෙයි. කවිලාශපාලි හෙවත් රත්නාවලී රහත් මෙහෙණින් වහන්සේ තාරකා විද්‍යාව ද මැනවින් ප්‍රගුණ කර ඇත. ඒ රහත් මෙහෙණින් වහන්සේ ද වෙනත් යක්‍ෂ ගෝත්‍රික තාරකා විද්‍යාඥයන්ට ද අවුරුද්ද උදාවන දිනය ගණනය කිරීම පහසු කාර්යයක් වන්නට ඇත. ගැමුණු රජු රුවන්වැලිසෑය කරවා ඇත්තේ රත්නාවලී මෙහෙණනින් වහන්සේ වැඩ විසූ ස්ථානයෙහි ය. කලක් මා ද විශ්වාස කළේ එතැන විසූ ස්වර්ණමාලී නම් වෘක්‍ෂ දේවතාවියක් නිසා රුවන්වැලියට ඒ නම ලැබුණු බව ය. එහෙත් වර්ගපුර්ණිකාව කියන්නේ වෙනත් කතාවකි. අපට අවුරුද්ද උදාවන දිනය මන්නාරමට හිරු උදාවන දිනය හා සම්බන්ධකරන්නෝ යක්‍ෂ ගෝත්‍රිකයන්ට නිගා කරති. මන්නාරමට හිරු උදාවන්නේ බටහිර දින දර්ශනයට අනුව නිශ්චිත දිනයක ය. එහෙත් අපේ අවුරුද්ද උදාවන දිනය බටහිර දින දර්ශනය අනුව වෙනස් වෙයි.

On the implementation of the LLRC report

The UNHRC wants Sri Lanka to implement the LLRC report and to monitor the implementation. The UNP shouts from roof tops that if the government had implemented the LLRC report then nothing would have happened in Geneva as far as Sri Lanka is concerned. It is true that the LLRC was appointed by the government without a mandate to go into the so called ethnic problem but one could argue that no recommendation on the failure of the Ranil Prabhakaran Pact aka Ceasefire Agreement, could have been made without reference to the Tamil problem. However the so called ethnic problem is presented with myths that we have analyzed from time to time but it is worth repeating some of them not in the distant future at least for the benefit of those who have become interested in the problem recently.

However, before we go into an analysis of the myths pertaining to Tamil racism we have to comment again on the latest threat in the form of the resolution of the UNHRC at Geneva. There are many pundits who claim that if the government does not implement the LLRC report we will have to face harsh consequences. These are the very same people who argued that the LTTE led by one of the “best military strategists” born into this world could not be defeated. The UNP never thought of defeating the LTTE even in their dreams but were busy with signing pacts with Prabhakaran under the patronage of the Norwegians who were only a cat’s paw of the English and the Americans. Thus if the UNP was in power certainly nothing would have happened in Geneva as they would have given the LTTE an Eelam on a platter. Even at the height of the humanitarian operations we knew that the LTTE was supplied with arms and other equipment by the western countries led by England and America and they were contemplating to stop the operations by applying pressure on President Mahinda Rajapakse. At the very last moment the Americans and the English were all out to send a ship to Sri Lanka to rescue Prabhakaran and the other terrorists, paying lip service to anti terrorism. We remember Nambiar trying to contact perhaps the rescue crew from the wash rooms (they were called toilets then) of the Katunayake airport. We have to be grateful to the President Rajapakse for standing up to all these pressures and to the Defence secretary and the armed forces for finally defeating the LTTE at Nandikadal. From that moment the west has been applying pressure on the government from number of points starting with white flags to implement a so called solution to the “ethnic problem”. However, it does not mean that the west became interested in the so called ethnic problem at that point. They were the creators of the problem who finally aided and abetted LTTE terrorism. The internationalization of the problem took place way back in the seventeenth century when the Dutch wanted labour for their tobacco cultivation.

The LLRC was appointed by the government to report on the failure of the Ranil Prabhakaran Pact and on lessons learnt and reconciliation after the acts of terrorism. The LLRC has come out with a report with recommendations on solving the so called ethnic problem as well. However there is a problem with their understanding of the Tamil problem and any “solution” suggested by an individual or a committee depends on the way the individual or the committee understands the problem. Now England and America have grabbed the report and demand that the government implement the recommendations made by the LLRC. However, what has to be emphasised is that the LLRC, however it may be important to the west, is just another commission appointed by the government and nobody can force the latter to implement the recommendations of the former. If the government wishes it can completely ignore the report or implement a few recommendations which in its opinion are good for the country. The governance of the country whether good or bad is by the government and not by UNHRC or by the UN. It is certainly not good governance for an external body to dictate how the government should govern. The implementation or not of the LLRC report is the prerogative of the government and not of the UNHRC, America or England.

In this regard it has to be reminded that some time ago a commission was appointed by President Premadasa to look into the youth unrest after the second JVP insurgency in 1987 – 1990. Ironically Prof. G. L. Peiris himself was an eminent member of the commission, but after the report was submitted no human rights organisation whether local or “international” demanded that its recommendations should be implemented. To date nobody knows what happened to the report and Prof. G. L. Peiris could enlighten the UNHRC on the recommendations of the commission and how much of them have been implemented. It was up to the Premadasa government to decide on the implementation of the recommendations of the commission and nobody rightfully questioned the intentions of the then government. It is clear that the so called international community comprising mainly of the western Christian white countries were not interested in the welfare of the Sinhala youth then. However, it does not mean that those countries are interested in the welfare of the Tamil youth or the elders but are using the Tamil people against the Sinhala people in this country. Forty years ago after the first JVP insurgency a committee was appointed under the chairmanship of late Prof. Osmond Jayaratne to make recommendations on University reorganization and the University Act of 1972 that amalgamated all the then existing universities into one single university was a result of the wisdom of the eminent academics who comprised the committee. The University Act No. 16 of 1978 repealed the 1972 Act, and the single university died a natural death. However, as a result of the 1972 Act, the Vidyodaya and Vidyalankara Universities which were established in 1959 to promote Sinhala and Buddhistic studies had to give into campuses in the tradition of the Universities of Peradeniya and Colombo and the 1978 Act only made them fully fledged Universities in the same tradition giving step motherly treatment to Sinhala and Buddhistic studies, and the Faculties other than the Faculty of Humanities a high status in the University hierarchy. Today even the names Vidyodaya and Vidyalankara have been dispensed with to the satisfaction of some old academics as well youth who are Macaulay’s children burdened with a superiority complex. Thus the eminent people such as Osmond Jayaratne, V. K. Samaranayke could not come out with a long lasting solution even on University reorganization and the government has to be very careful in implementing recommendations of these committees which may be detrimental to the national interest in the final analysis. The LLRC may have comprised many eminent personals but however eminent they may be their word is not the final, and it is the government which is responsible to the general public unlike the commissions that has to take a decision on the implementation of the report.

It is said by equally eminent people that if the government does not implement the LLRC recommendations Sri Lanka would be isolated and that we have to follow the example of Myanmar and comply with the “international” opinion. Myanmar government is not an elected government and it cannot be compared with the government of President Rajapakse, and what has to be remembered is that even the military government of Myanmar was able to resist the so called international opinion for number of decades. In Sri Lanka the west has no option against the President and that is why they are desperate on the release of Sarath Fonseka in spite of his pronouncement of Sri Lanka as a Sinhala Buddhist country. The west at the last Presidential elections was successful in getting the TNA to support Sarath Fonseka, and we all know that before the elections the retired General came out with his white flag story. America is not an emerging “imperial power” but a decaying colonial power that is waiting for its final battle with Iran. One may remind us that Russia who voted against the American resolution has also called for the implementation of the LLRC report and thus the world opinion will finally turn against Sri Lanka as has happened in Syria. The problem with the government is that it rhetorically mentions that it would implement the LLRC report without being specific as to the recommendations it could implement. The government does not have to implement all the recommendations, especially those connected with the so called ethnic problem, and should convene a meeting of the Diplomats of the countries that opposed the American resolution and those that abstained at Geneva to explain to them the so called ethnic problem and the LLRC recommendations. In this connection it would be appropriate to quote from SAIR. “If such an outcome (victory over a terrorist outfit - NdeS) were to be secured in Iraq or Afghanistan or, now, even in Pakistan, it would be embraced by the West as an unadulterated and righteous triumph. In Sri Lanka, however, it appears to have provoked, across much of Europe and among the most prominent international agencies – including the United Nations (UN) – a seething and barely concealed outrage... There is a sense, not of a dreaded terrorist organisation having been defeated and destroyed, but of collaborators, comrades, fellows at arms, lost to the enemy. (SAIR, Volume 7, No. 46, May 25, 2009)

(12/04/04)

Copyright Prof. Nalin De Silva

නාභිගත වීම හා නොවීම

කාච සම්බන්ධ පරීක්‍ෂණ රාශියක් තවත් කරන්නට ඇතැයි සිතමි. එමෙන් ම ඒ පරීක්‍ෂණවල ප්‍රතිඵල යම් ප්‍රවාදයක් හෝ ප්‍රවාද හෝ ඇසුරෙන් තේරුම් ගැනීම ද කළ යුතු ව ඇත. යම් ප්‍රභවයක සිට කාචයක් දක්වා නිශ්චිත ගම්‍යතාවක් හා ශක්තියක් ඇති ෆෝටෝන ගමන් කරන්නේ කෙසේ ද ආදිය පිළිබඳ ව මෙන් ම නාභිගත වීම ආදිය සම්බන්ධයෙන් ද තේරුම් ගැනීමට බොහෝ දේ දැත. ආලෝක ධාරාවක් රේඛාවක ගමන් කරන්නේ කෙසේ ද, ජ්‍යාමිතික ප්‍රකාශවිද්‍යාව මගින් යම් යම් කරුණු තේරුම් ගන්නේ කෙසේ ද ආදිය ද පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇතැයි කීමට නො හැකි ය.

තිරයක් මත අපට දැකිය හැක්කේ තාත්වික ප්‍රතිබිම්බයක් යැයි අපි කියමු. එහි දී කාචය තුලින් ගමන් කරන ෆෝටෝන තිරය මත පතිත වන්නේ යැයි කියැවෙයි. මෙහි දී ද අප තේරුම් ගත යුත්තක් නම් යම්කිසි අයුරකින් ඒ අදාළ ස්ථානයෙහි තිරයක් නොතිබිණි නම් අපට එතැන ප්‍රතිබිම්බයක් නොව කිසිවක් දැක ගත නොහැකි බව ය. ආලෝකය, ෆෝටෝන අපට දැකගත නො හැකි ය. අපට දැකගත හැක්කේ ආලෝකය පරාවර්තනය කෙරෙන පෘෂ්ඨ ආදිය පමණකි. එසේත් නැතහොත් ආලෝකය යම් කිසි ආකාරයක තිරයක් මත පතිත වී ලකුණු කරන ප්‍රතිබිම්බ වෙයි.

අප යම්කිසි ප්‍රභවයකින් ආලෝක ධාරාවක් නිකුත් කර එය කාචයක් හෝ කාච කිහිපයක් හෝ තුළින් යවා පසුව තිරයක් මත පතිත වන්නට සැලැස්වීමෙන් ප්‍රතිබිම්බයක් ලබාගත හැකි ය. ඒ ප්‍රතිබිම්බය නිසි ලෙස නාභිගත වී (focused) ඇත්නම් අපට පැහැදිලි චිත්‍රයක් ලබාගත හැකි ය. එහි දී සිදුවන්නේ කුමක් ද? ප්‍රභවයේ ලක්‍ෂයකින් නිකුත් කෙරෙන ෆෝටෝන (අංශු) විවිධ අවස්ථාවල පිහිටා විවිධ මාර්ගවල ගොස් තිරයේ එක් ලක්‍ෂයක දී පතිත වීම ද? එසේ නම් නිසි ලෙස නාභිගත නොවීම යනු කුමක් ද? ප්‍රභවයෙහි යම් ලක්‍ෂයකින් නිකුත් කෙරෙන ෆෝටෝන විවිධ අවස්ථාවල පිහිටා අවසානයේ දී තිරයේ එක් එක් ලක්‍ෂවල දී පතිත වීම ද? කෙසේ වුවත්් නාභිගත නොවීමේ දී අපට පැහැදිලි රූපයක් දැකගත නොහැක්කේ ඇයි?

එයට හේතුව ප්‍රභවයෙහි එක් ලක්‍ෂ්‍යයකින්් නිකුත් කෙරෙන ෆෝටෝන විවිධ අවස්ථාවල පිහිටා අවසානයෙහි දී තිරයෙහි එක් ලක්‍ෂ්‍යයක් මත පතිත වුවත් ප්‍රභවයෙහි අනෙක් ලක්‍ෂ්‍යවලින් නිකුත් කෙරෙන හෝටෝන තිරයෙම් යම් ලක්‍ෂ්‍ය මත පතිත වී යම් නිශ්චිත ප්‍රතිබිම්බ තිරයෙහි නිර්මාණය කරන නමුත් ඒ සියළු ප්‍රතිබිම්බ අනුරූප ලක්‍ෂ්‍යවල නොපිහිටීම හේතුවෙන් පැහැදිලි රූපයක් නොලැබීම ද? එසේත් නොමැතිව යම් ලක්‍ෂ්‍යයකින් නිකුත් කෙරෙන ෆෝටෝනයක් විවිධ අවස්ථාවල පිහිටා තිරයෙහි ද විවිධ ප්‍රතිබිම්බ ඇතිකිරීම හේතුවෙන් අපට පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබාගැනීමට නො හැකි වීම ද?

බොහෝවිට හේතුව දෙවැනි කාරණය වීමට හැකි ය. එකම අංශුවක අවස්ථා සඳහා ප්‍රතිබිම්බ කිහිපයක් ඇති විට අපට ප්‍රතිබිම්බය කුමක් ද යන ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවෙයි. මෙය මොන්රෝ විසින් කරන ලද පරීක්‍ෂණවලට තරමක් වෙනස් වෙයි. මොන්රෝගේ පරීක්‍ෂණවලින් බෙරිලියම් කැටයනයකට අවස්ථා කිහිපයක පිහිටීමට හැකි බව දැනගැනීමට හැකි වුවත් ඒ දැක ගැනීමට නො හැකි විය. එහෙත් ඉහත සඳහන් අවස්ථාවෙහි දී නිසි ලෙස නාභිගත නොවීම හේතුවෙන් අපට ප්‍රතිබිම්බ කිහිපයක් දැකගත හැකි වුවත් නිශ්චිත ව එක් ප්‍රතිබිම්බයක් දැකගත නො හැකි ය.

ඇතැම් විට මොන්රෝගේ පරීක්‍ෂණ තවමත් ඇත්තේ ඉතා ප්‍රාථමික අවධියක විය හැකි ය. මේ පරීක්‍ෂණ වර්ධනය කළහොත් බෙරිලියම් කැටයනයේ විවිධ අවස්ථා නිරීක්‍ෂණය කිරීමට හැකිවීමට ඉඩ ඇත. එහෙත් එක් අවස්ථාවක් පමණක් නිරීක්‍ෂනය කළ නොහැකි බැවින් එය නිසි ලෙස නාභිගත නොවූ තත්වයකට සමාන වනවා විය හැකි ය. නිසි ලෙස නාභිගත නොවීම නිසා බෙරිලියම් කැටයනය නිසි ලෙස නිරීක්‍ෂණය කිරීමට නොහැකි වීමක් ලෙස එවිට මොන්රෝගේ පරීක්‍ෂණ අර්ථකථනය කිරීමට හැකිවනු ඇත.

එහෙත් මෙහි දී අනිශ්චයතා මූල ධර්මය දැන් බොහෝ දෙනා යොදාගන්නා අර්ථයට සුළු වශයෙන් වුවත් වෙනස්ව යොදාගැනීමට සිදුවනු ඇත. අද බොහෝ දෙනාට අනුව ක්වොන්ටම් අංශුවක ගම්‍යතාව හා ශක්තිය දන්නේ නම් එහි පිහිටුම හා කාලය දැනගත නොහැකි ය. එහෙත් එය නාභිගත වීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි ය. ක්වොන්ටම් භෞතිකයෙහි අනිශ්චයතා මූලධර්මය ගණිත ප්‍රකාශයක් ලෙස ලියැවෙනුයේ අසමානතාවක් ලෙස ය. ඒ අසමානතව මෙසේ ය. ∆x∆p ≥ h/2; මෙහි ∆x යනු පිහිටුමෙහි මැනීමෙහි අගය අදාළ මධ්‍යන්‍ය අගයෙන් වෙනස්වීම නිරූපණ කෙරෙන අතර ∆p යනනෙන් ගම්‍යතාවයෙහි මැනීමෙන් ලැබෙන අගය අදාළ මධ්‍යන්‍ය අගයෙන් වෙනස්වීම නිරූපණය කෙරෙයි. මෙහි දී ∆x හෝ ∆p හෝ ශූන්‍ය විය නොහැකි බව පැහැදිලි ය. එසේ ශූන්‍ය වුවහොත් ඉහත සඳහන් අසමානතාව බිඳ වැටෙයි.

මෙයින් ගම්‍යවන්නේ කිසි විටෙකත් පිහිටුම හෝ ගම්‍යතාව හෝ නිශ්චිත ව මැනිය නොහැකි බව ය. ඒ මැනීම්වලට එහි අදාළ මධ්‍යන්‍ය අගයන් ගතහැකි නො වේ. අංශුවෙහි ගම්‍යතාවෙහි අදාළ මධ්‍යන්‍ය අගයට මනින ලද අගය ඉතා සමීප වන විට ඉහත සඳහන් අසමානතාවට අනුව අංශුවෙහි පිහිටුමෙහි මනින ලද අගය එහි අදාළ මධ්‍යන්‍ය අගයෙන් ඉතා ඈතට යයි. එහි දී එහි පිහිටුම මැනිය නොහැකි යැයි සාමාන්‍යයෙන් විවරණය වෙයි.

අප විසින් ඉහත සළකා බැළුණු ෆෝටෝනවල ගම්‍යතාව හා ශක්තිය දන්නේ යැයි අපි කීවෙමු. එහෙත් එහි දී කියැවෙන්නේ ෆෝටෝනයක ගම්‍යතා අදාළ මධ්‍යන්‍ය අගයට ඉතා සමීප බව ය. ගම්‍යතාව සම්බන්ධයෙන් වුවත් ෆෝටෝනයට එක් අවස්ථාවක් නොව අවස්ථා කිහිපයක් ඇත. එහෙත් ඒ ඒ අවස්ථා එකිනෙකෙන් වෙනස් වන්නේ ඉතාමත් සුළු වශයෙන් බැවින් ඒ අවස්ථා අතර ඇත්තේ නොගිණිය හැකි තරමේ වෙනසක් බැවින් අප එහි අවස්ථා කිහිපයක් ලෙස නො පෙනෙයි. අප දකින්නේ එක් අවස්ථාවක් ලෙස ය.

මෙහි දී තේරුම් ගත යුතු කරුණ නම් එලෙස එකිනෙකෙන් ඉතා සුළු වශයෙන් වෙනස් වන අවස්ථා නීිරීක්‍ෂණය කිරීමට අපට නොහැකි බව ය. අප එක් අවස්ථාවක් පමණක් දකින්නේ එබැවින් ය. එසේත් නැත්නම් අවස්ථා කිහිපයක් එකක් ලෙස දැකගැනීම විඤ්ඤාණයේ මායාවක් ලෙස සැලකිය හැකි ය. එහෙත් මෙහි දී අවධාරණය කළ යුතු කරුණ නම් අවස්ථා කිහිපයක් ඇතැයි ගැනීම ද ෙසෙද්ධාන්තික ව විඤ්ඤාණයේ කෙරෙන නිර්මාණයක් පමණක් බව ය. එසේ අවස්ථා කිහිපයක් ඇත්තේ අප විසින් නිර්මාණය කෙරී ඇති ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවෙහි ආකෘතියක බව සිහි තබා ගැනීම වැදගත් වෙයි.

ෆෝටෝනයෙහි ගම්‍යතාව සම්බන්ධයෙන් එවැනි ඉතා සුළු වෙනස්වීම් සහිත අවස්ථා ඇතිවිට පිහිටුම සම්බන්ධයෙන් වඩා විශාල වෙනස්කම් සහිත අවස්ථා ඇතිවෙයි. නැවත නැවතත් සිහිපත් කළ යුත්තේ මේ අප විසින් නිර්මාණය කෙරෙන ෙසෙද්ධාන්තික ආකෘතියක් පමණක් බව ය. ඒ විශාල වෙනස්කම් සහිත අවස්ථා ඇති විට මොන්රෝගේ පරීක්‍ෂණයෙහි දී මෙන් අපට එක්කෝ ඒ නිරීක්‍ෂණය කළ නොහැකි වෙයි. එසේත් නැතහොත් ප්‍රභවයකින් නිකුත් කෙරෙන ෆෝටෝන කාචයක් හෝ කාච පද්ධතියක් හෝ තුළින් ගොස් තිරයක පිහිටුම් කිහිපයක දී පතිත වෙයි.

තිරය මත පතිත වීමේ දී ඒ ඒ අවස්ථාව මගින් නිර්මාණය කෙරෙන ප්‍රතිබිම්බ ඉතා කිට්ටුවෙන් නොපිහිටන බැවින් ඒ නාභිගත නොවේ යැයි අපි කියමු. යම් අයුරකින් ඒ එක් ස්ථානයකට ඉතා ආසන්නව වෙනස නොගිණිය හැකි ප්‍රමාණයෙන් වේ නම් ප්‍රතිබිම්බය නාභිගත වී යැයි අපි කියමු. අපට නාභිගත වීම හා නාභිගත නොවීම ඒ අයුරෙන් තේරුම් ගත හැකි යැයි සිතමි. එහෙත් මෙහි දී අප විසින් අනිශ්චයතා මූල ධර්මය හා යම් ගුණයක් සම්බන්ධයෙන් ක්වොන්ටම් අංශුවක විවිධ අවස්ථා තිබීම තරමක වෙනස් ආකාරයකින් ඉදිරිපත් කෙරී ඇති බව සැලකිය යුතු ය.

ඉතා කෙටියෙන් ඉහත සඳහන් කරුණු මෙසේ සාරාංශ කරගත හැකි ය. ක්වොන්ටම් අංශුවකට යම් ගුණයක් සම්බන්ධයෙන් මෙන් ම ඒ ගුණයෙහි ප්‍රතිබද්ධ ගුණය (conjugate property) සම්බන්ධයෙන් ද විවිධ අවස්ථා තිබේ. එහි එක් ගුණයක් සම්බන්ධයෙන් වූ විවිධ අවස්ථා අතර වෙනස ඉතා සුළු වන විට ඒ අවස්ථා එකක් ලෙස සැලකීමට අපට හැකි ය. එහෙත් ඒ ගුණයෙහි ප්‍රතිබද්ධ ගුණයට අදාළ අවස්ථා අතර තරමක් විශාල වෙනස්කම් ඇති අතර ඒ අවස්ථා අපට ඇතැම් විට නිරී’ක්‍ෂණය කළ හැකි ය. එහෙත් ඒ අවස්ථා එකක් ලෙස නිරීක්‍ෂණය නොකෙරෙන බැවින් ඒ පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අපට ලබාගත නොහැකි ය. පිහිටුම සම්බන්ධයෙන් ගත්කල එසේ එකක් ලෙස නිරීක්‍ෂණය නොකිරීම නාභිගත නොවීමක් ලෙස අපි හඳුන්වමු.

මෙහි දී පැහැදිලි විය යුත්තක් නම් නාභිගත වී ඇතැයි කියන විටක පවා මුළුමනින් ම නාභිගත වීමක් සිදු වී ඇතැයි කිව නොහැකි බව ය. එහි දී සිදු වී ඇත්තේ නාභිගත නොවුණ ද ඒ ඒ පිහිටුම් අතර නොගිණිය හැකි ප්‍රමාණයේ වෙනස්කම් ඇති වී තිබෙන බව ය. ඒ වෙනස්කම් නොසළකා ප්‍රතිබිම්බය නාභිගත වී ඇතැයි අපි කියමු. ප්‍රතිබිම්බය නිශ්චිතව ම නාභිගත වී ඇත්නම් එයින් කියැවෙන්නේ එහි මිනුම් අගය අදාළ මධ්‍යන්‍ය ගුණයෙන් කිසිසේත් ම වෙනස් නොවන බව ය. එවිට අනිශ්චයතා මූල ධර්මයෙහි අසමානතාව බිඳ වැටෙයි.

එසේත් නැතහොත් ක්වොන්ටම් අංශුවක් තිරයක් සමග ගැටී යම් රසායනික ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිබිම්බයක් නිර්මාණය කරන විට ඒ අංශුවෙහි ගම්‍යතාවක් අර්ථ නො දැක්වෙන්නේ යැයි කිව හැකි ය. අපට ඇත්තේ අංශුවක් නොව අංශුවක් සේයා පටයක් සමග ගැටී රසායනික ප්‍රතික්‍රියාවකින් පසුව ඇති වූ තත්වයක් පමණක් යැයි අපට අර්ථකථනයක් කිරීමට සිදුවෙයි. ඇතැම් විට එය වඩා සාර්ථක අර්ථකථනයක් විය හැක්කේ අපට ඇත්තේ ප්‍රතිබිම්බයක් මිස ක්වොන්ටම් අංශුවක් නොවන නිසා ය. ක්වෙන්ටම් අංශුව පවතින්නේ එය තිරය (සේයා පටය) සමග ගැටෙන තෙක් පමණ ය. ඉන්පසු ඇත්තේ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයකි.

මේ කරුණු මෙලෙස සඳහන් කරන්නේ අපේ දැනුම කෙතරම් අසම්පුර්ණ ද යන්න ඉතා කෙටියෙන් වුවත් පැහැදිලි කිරීමට ය. මෙයටත් වඩා බරපතළ කරුණු අපි කිසිම පැහැදිලි කීිරීමකින් තොරව ම ප්‍රකාශ කරමු. ක්වොන්ටම් අංශුවක ගම්‍යතාව හා ශක්තිය දන්නේ නම් එහි පිහිටුම හා කාලය නොදන්නේ යැයි අපි කියමු. ඉහත සඳහන් කරුණු අනුව මෙයින් කියැවෙන්නේ අංශුවක ගම්‍යතාව හා ශක්තිය පිළිබඳ අවස්ථා අතර ඉතා සුළු වෙනස්කම් තිබෙන විට අංශුවෙහි පිහිටුම හා කාලය සම්බන්ධයෙන් එකිනෙකෙන් තරමක් වෙනස් වූ අවස්ථා ඇති බව ය.

පිහිටුම සම්බන්ධයෙන් විවිධ අවස්ථා ගැන අපට යම් අවබෝධයක් ඇතිකර ගත හැකි වුවත් කාලය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද? අංශුවකට කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථා ඇතැයි යනුවෙන් කීමෙන් අදහස් කරන්නේ කුමක් ද? අංශුවක් එකවිට විවිධ කාලවල පවතින බව ද? අංශුවක් එකවිට විවිධ කාලවල පැවතීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?


පනස්හයේ දරුවෝ හා මැකෝලේගේ දරුවෝ

පසුව සාමිවරයකු ලෙස පත්කරනු ලැබූ මැකෝලේ 1835 දී ඉන්දීය අධ්‍යාපනය පිළිබඳ තම කුප්‍රසිිද්ධ වාර්තාව ලිවි ය. මේ වාර්තාවෙන් එකල ඉංගිරිසින් සමස්තයක් ලෙස ගත්කල ඉන්දියාවට දිය යුතු යැයි සිතූ අධ්‍යාපනය පිළිබඳ සඳහන් වෙයි. එපමණක් නොව ඉංගිරිසින් ලංකාව ඇතුළු තම අනෙක් යටත්විජිතවල ද ලබාදිය යුතු යැයි සිතූ අධ්‍යාපනය ගැන ද එයින් කියැවෙයි. මැකෝලේට අනුව බටහිර වැදගත් පුස්තකාලයක එක් පොත් රාක්කයක ඇති පොත්වල වටිනාකම සංස්කෘතෙන් හෝ අරාබි භාෂාවෙන් හෝ ඉන්දියාවේ හා අරාබියේ ඉතිහාසයෙහි ම ලියැවී ඇති පොත්වල වටිනාකමට වැඩිි ය. එමෙන් ම ඔහුට අනුව සියළුම ඉන්දීයයන්ට බටහිර අධ්‍යාපනයක් ලබාදිය නොහැකි බැවින් තෝරාගත් පිරිසක් හමේ පාටෙන් හා ලේවලින්් ඉන්දීය (ලේවලින් ඉන්දීයයන් වන්නේ කෙසේ දැයි ඇසීමට එකල පඬියන් නොසිටි බව පෙනී යයි) එහෙත් බුද්ධියෙන්්, රුචිකත්වයෙන්, ආකල්පවලින්, සදාචාරයෙන් යුරෝපීයයන් කරන අධ්‍යාපනයක් ලබා දීය යුතු විය. මේ පංතියට විද්‍යාවෙන් ලබාගත් බටහිර වචනවලින් තම භාෂාවන් ඔපවත් කර අති විශාල ජනකායට (බටහිර) දැනුම ලබාදීමේ කාර්යය භාර දිය යුතු විය. මැකෝලේ ඇතුළු අනෙක් ඉංගිරිසින්ට එකල අවශ්‍ය වූයේ කුමක් ද යන්න ඉතා පැහැදිලි ය. මැකෝලේ විසින් ඇතිකරන ලද මේ පංතියට මැකෝලේගේ දරුවන් යන නම ද භාව්ිතා කෙරෙයි.අද ඉන්දියාවේ අති විශාල ජනකායක් වාසය කළ ද ඔවුන් පාලනය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ම බ්‍රාහ්මණ වංශයට අයත් වූ ද මැකෝලේගේ දරුවන් වූ ද දේශපාලනඥයන්, සිවිල් සේවකයන්, විදේශ සේවයේ නිලධාරීන්, ජනමාධ්‍ය අයිතිකරුවන් හා ජනමාධ්‍යවේදීන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් විසින් බව පැහැදිලි ය. මොවුන්ට බටහිර විශේෂයෙන් එංගලන්තය සමග සුළු සුළු මතභේද ඇත. එහෙත් ඔවුහු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම බටහිරයන්ගේ පෙරදිග ඉන්දීය සමාගම වෙයි. එපමණක් නොව ඔවුන්ට ඓතිහාසික වශයෙන් ප්‍රාග් වෛදික සංස්කෘතීන් සමග වෛරයක් වෙයි. බෞද්ධ සංස්කෘතිය ඉන්දීය බ්‍රාහ්මණයන්ගේත් මැකෝලේගේ දරුවන්ගේත් ගෞරවයට පාත්‍රවූවක් නො වේ. අම්බෙඩිකාර්ගේ දරුවන්ට ඉන්දියාවේ කිසිම තැනක් නැත. අදත් ඔවුහු සමාජ ප්‍රතිසංධානයකට ලක් නොවී සමාජ පරිධියෙහි ජීවත්වන ශූද්‍රයෝ පමණක් වෙති. බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක දුටුවිට කෙළ ගසන ඉන්දීයයන් තවමත් ඇත්තේ කෙසේ දැයි අපට ජයලලිතා හෝ කරුණානිධි හෝ ගාන්ධිවාදියකු හෝ තේරුම් කර දෙන්නේ ද? 1835 දී රාජකීය විද්‍යාලය ඇරඹීමෙන් පසුව මෙරට ද මැකෝලේගේ දරුවෝ බිහිවෙති. ඔවුන් බිහිවන්නේ රාජකීය ශාන්ත තෝමස් ත්‍රිත්ව ශාන්ත ජෝසප් ශාන්ත පීතර රිච්මන්ඩ් ආදී විදුහල්වලින් පමණක් නො වේ. ආනන්ද නාලන්ද ධර්මරාජ මහින්ද මලියදේව ආදී විදුහල්වලින් ද මධ්‍ය මහා විදුහල්වලින් ද ඔවුහු බිහිවෙති. අද මෙරට සිටින උගතුන් යැයි කියන්නන්ගෙන් හා කසිකබල් පශ්චාත්නූතනවාදීන්ගෙන් ඉතා වැඩි පිරිස අධ්‍යාපනය ලබා (හදාරා නොව) ඇත්තේ කිනම් පාසල්වල ද? අධ්‍යාපනය “හදාරන්නන්” වැඩි වශයෙන් බිහි වී ඇත්තේ කිනම් පාසල්වලින් ද? අද වන විට ඊනියා ජාත්‍යන්තර පාසල් ඔස්සේ ද ජඩමාධ්‍ය හරහා ද මැකෝලේගේ දරුවෝ බිහිවෙති. බාලිකා පාසල් හා එහි ශිෂ්‍යාවන් ගැන කියා වැඩක් නැත. මැකෝලේලාගේ පුරුෂාධිපත්‍යය හේතුවෙන් ශිෂ්‍යාවන්ට හිමි කාර්යය වී ඇත්තේ මැකෝලේගේ දරුවන්ගේ බිරියන් වීමත් තම පුතුන් මැකෝලේගේ දරුවන් බවට පත්කිරීමත් ය.

ජෙනීවාහි දී ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දය දීම පුදුමයක් නො වේ. එංගලන්තය හා ඇමරිකාව පසුගිය වකවානුවේ ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළේ ඉන්දියාව සමග එකඟත්වයෙනි. බටහිරයන්ගේ නියෝජිතයා ලෙස සොල්හයිම් නිතර ම සාකච්ඡා සඳහා දිල්ලියට ගියේ ය. ඉන්දියාව අපට නොයෙක් වර බලපෑම් දැමී ය. නේරු ආදීහු අපේ මිතුරෝ නොවුහ. ඉන්දිරා ගාන්ධි කොටින්ට පුහුණුව ලබා දුන්නේ ය. රජිව් ගාන්ධි පරිප්පු බෝම්බ දමා ඉන්දු ලංකා ගිවිසුමත් දහතුන්වැනි ව්‍යවස්ථාවත් පළාත් සභාත් අප මත බලෙන් පැටවී ය. අද ඉන්දීය ආණ්ඩුව මෙහෙයවන්නේ මනමෝහන් සිං නොව සෝනියා ගාන්ධි ය. ඇයගේ ආණ්ඩුව අපට විරුද්ධව ජෙනීවාහි දී ඡන්දය දුන්නේ ය. ඒ හුදෙක් තමිල්නාඩුවේ බලපෑමට නො වේ. රජීව් ගාන්ධි මරා දැමූ කොටින්ට පක්‍ෂපාති වන අයුරින් සෝනියා ගාන්ධි ඡන්දය දෙන්නේ තමිල් නාඩුවේ ඡන්ද ටිකක් ලබාගැනීමට යැයි මෙරට සිටින මැකෝලේගේ දරුවන් කීව ද අපී ඒ නො පිළිගනිමු. ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරයට එරට දෙමළ ජනතාව මුදල් ටිකක් දුන් පමණින් හිලරි ක්ලින්ටන්ලා අපට විරුද්ධ වන්නේ යැයි සිතීමට මෙරට මැකෝලේගේ දරුවන්ට උගන්වා ඇත්තේ ද බටහිර අධ්‍යාපනය විසිනි. ඇමරිකාවේ ජනාධිපතිවරණයේ දී වියදම් වන මුදල ගැන හරි වැටහීමක් මැකෝලේගේ දරුවන්ට ඇත් ද? රුපියල් අස්සේ අලුක්කාල් ගැසීමක් ගැන මොවුන් අසා තිබුණ ද ඔවුන්ට ඒ කතා ඔවුන්ගේ පසුබිමත් සමග ම අමතක වී ඇත. ඉන්දියාව මානුෂික මෙහෙයුම්වලට උදවු දුන්නා නො වේ. මහින්ද රාජපක්‍ෂ මහතාගේ වෙනත් දුර්වලකම් තිබුණ ද දේශපාලනිකව පනස්හයේ දරුවකු ලෙස ඉන්දියාවේ බලපෑම් ඉදිරියේ ජේ ආර් ජයවර්ධනලා මෙන් නොව කෙලින් සිට ගැනීමට කොන්දක් විය. රනිල් වික්‍රමසිංහ ලක්‍ෂමන් කිරිඇල්ල මෙන් ම තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස හා දයාසිරි ජයසේකර ද ආණ්ඩුවේ පශ්චාත් යුද කළමනාකරණය අසාර්ථක යැයි කියති. මේ පශ්චාත් යන්න මැකෝලේගේ දරුවන් වූ පඬියන්ගේ ප්‍රියමනාප වචනයක් බවට අද පත් වී ඇත. අපි මේ පශ්චාත්තාපවාදීන්ගෙන් ප්‍රශ්න දෙකක් අසමු. ආණ්ඩුවේ මෙහෙයුම් කළමනාකරණය සාර්ථක ද? එ ජා පක්‍ෂයේ පුර්ව යුද කළමනාකරණය සාර්ථක ද? ජෙනීවාහි දී බටහිර ක්‍රිස්තියානි රටවල් රංචු ගැසී ලංකාවට විරුද්ධව ඡන්දය දුන්නේ ඊනියා පශ්චාත් යුද කළමනාකරණය අසාර්ථක වීම නිසා නොව ආණ්ඩුවේ මෙහෙයුම් කලමණාකරණය ඉතා සාර්ථක වූ බැවිනි. ලංකාවේ අවාසනාවකාට බැරි වෙලාවත් එ ජා පක්‍ෂය බලයේ සිටියේ නම් ජෙනීවාහි දී එංගලන්තය මැදිහත් වී ඇමරිකාව ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් නොකරනු ඇත. එංගලන්තය කියන පදයට නටන එ ජා පක්‍ෂය බලයේ සිටින විට ලංකාවට විරුද්ධව යෝජනා ගෙනෙන්නේ අහවල් දෙයකට ද? අද මහින්ද රාජපක්‍ෂ මහතා පනස්හයේ දරුවකු ලෙස කළ යුත්තේ මානුෂික මෙහෙයුම්වල දී මෙන් ම බටහිරයන් හා ඉන්දීයයන් හමුවේ නොසැලී සිටීම ය. ඒ සඳහා එදා මෙන් ම අද ද ඒ මහතාට මෙරට තවමත් බහුතරය වූ පනස්හයේ දරුවන්ගේ සහාය ලැබෙනු ඇත.

ඉන්දියාව ජෙනීවාහි දී සංශෝධනයක් ඉදිරිපත් කළේ අප කෙරෙහි කරුණාවෙන් යැයි මැකෝලේගේ දරුවෝ අපට කියති. එය පයිසයක්වත් නොවටිනා එකකි. ඒ සංශෝධනයෙන්් කියැවෙන්නේ ඊනියා මානව හිමිකම් සමුළුව ලංකාවෙන් නොවිමසා ලංකාව සමග එකඟත්වයකින් තොරව අප ක්‍රියාකරන අන්දම ගැන සෙවීමට සමුළුවේ නියෝජිතයන් නොඑවිය යුතු බව ය. ඒ සංශෝධනය ඇතත් නැතත් ලංකාවේ අකමැත්තෙන් සමුළුවට කළහැකි කෙංගෙඩියක් නැත. අද ඊශ්‍රායලය පලස්තීන ජනාවාස ගැන සෙවීමට සමුළුවට ඒමට ඉඩ නොදෙන බව ප්‍රසිද්ධියේ කියයි. ඊශ්‍රායලයට එරෙහිව සමුළුවට කළ හැක්කේ කුමක් ද? මැකෝලේගේ දරුවන් කියන්නේ අප බටහිරයන්ට කන් නොදුනහොත් අපට විනාශයක් අත්වන බව ය. පනස්හයේ දරුවන් කළ යුත්තේ මේ තර්ජනවලට නොබියව සමුළු නියෝජිතයන්ට ඊනියා සමීක්‍ෂණ හා අධීක්‍ෂණ සඳහා ලංකාවට ඒමට ඉඩ නොතැබීම ය. මැකෝලේගේ දරුවන් දැන් තවත් බයිලාවක් කීමට පටන් ගෙන ඇත. ඔවුන්ට අනුව ජෙනීවා යෝජනාවේ ආර්ථික සම්බාධක, යුද්ධාපරාධිකරණ, ආක්‍රමණ ගැන කිසිවක් සඳහන් නො වේ. මැකෝලේගේ දරුවන්ට විභාගවලින් සමත්වීමට හැකි ය. ඔවුහු සුද්දාගේ පොතේ ඇත්තේ කුමක් දැයි දනිති. එහෙත් ඔවුන්ට දැක්මක් නැත. අනාගතයේ දී කුමක් සිදුවන්නේ ද යන්න ගැන මැකෝලේගේ දරුවන්ට හාංකවිසියක්වත් නැත. ඔවුන් සිතන්නේ බටහිර රටවල සිටින විසුරුණු දෙමළ ජනයා බටහිර රටවල් නොමග යවා ඇති බව ය. මැකෝලේගේ දරුවන්ට එංගලන්තය ගැන අහිතක් ඇතිවේද? මේ යෝජනා, සුදු කොඩි, සරත් ෆොන්සේකා, ඊනියා යුද්ධාපරාධ චෝදනා, ආර්ථික සම්බාධක, විදුලි පුටු, ආක්‍රමණ ආදී සියල්ල එක දාමයක පුරුක් පමණකි. ජෙනීවා යෝජනාවෙහි සම්බාධක ගැන කීමට තරම් එංගලන්තය හා ඇමරිකාව මෝඩ නො වේ. එහෙත් අප ඒ කතා එහි නැති නිසා ම මෝඩ විය යුතු නැත. මැකෝලේගේ දරුවන්ගෙන් සමන්විත උගත් පාඩම් කොමිසම පත් කළේ සටන් විරාම ගිවිසුම අසාර්ථක වූයේත්් කළ යුත්තේ කුමක් ද යන්නත් පිළිබඳ වාර්තාවක් සැපයීමට ය. වරම අසම්පුර්ණ වුවත් එහි වරදක් නැත. වරද ඇත්තේ කොමිසමට පනස්හයේ දරුවන් පත් නොකිරීම ය. කොමිසම දෙමළ ජනයාට සිදු වූ අසාධාරණකම් ගැන කියයි. ජෙනීවාහි දී ලංකාවට විරුද්ධව යෝජනාව සම්මත කර ගත්තේ මෙයෙුම්වල අවසාන සතියේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන සොයා බැලීමට පමණක් නො වේ. ඔවුන්ට උගත් පාඩම් කොමිසම දෙමළ ප්‍රශ්නයට දුන් විසඳුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ය. කොටි ත්‍රස්තවාදය අවුරුදු තිහකට වැඩි කලක් පැවතිණි. ඒ අවුරුදු තිහක් ලෙස ගත්ත ද සති 1565 ක් පමණ වෙයි. ඒ සති 1565 ගැන ම සෙවීමට කොමිසමක් පත්කරමු. එහි දී පනස්හයේ දරුවන්ගෙන් සමන්විත කොමිසමක් දෙමළ ජාතිවාදය ඇති වූ ආකාරය, එය ත්‍රස්තවාදයක් කරා විකාශය වීම ඔවුන්ට ආධාර කළ රටවල් සංවිධාන ආදිය ගැන සොයා බැලිය යුතු ය. ඉන් පසුව කළ යුත්තේ කුමක් ද යන්න ආණ්ඩුවට තීරණය කළ හැකි ය. ආණ්ඩුව තමන් පත්කළ කොමිසමක වුව ද යෝජනා ක්‍රියාත්මක කිරීමට බැඳී නැති බව අවධාරණය කළ යුතු ය. බටහිරයන් අපට සම්බාධක පමුණුවන්නේ ඔවුන්ගේ නියෝජිතයන්ට ලංකාවට ඒමට ඉඩ නොදුන් විට ය. ඉන්පසු සුදු කොඩි යුද්ධාපරාධ චෝදනා සරත් ෆොන්සේකා හා අවසානයේ දී ඒ සියල්ල වැරදුනහොත් ආක්‍රමණය ද එනු ඇත. මැකෝලේගේ දරුවන්ට මෙන් නොව පනස්හයේ දරුවන්ට ඒ සියල්ල පරාජය කිරීමට ශක්තිය ඇත. බෞද්ධයෝ වියට්නාමයේ දී මහා බලවතා පරාජය කළහ. අපි ලංකාවේ දී බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයම පරාජය කරමු. ඒ සඳහා ආධ්‍යාත්මික හා යුද ශක්තිය ගොඩ නගමු.