Main Logo

Saturday 30 March 2013

සිංහල බෞද්ධයාට ඉදිරි මගක්

"සිංහල බෞද්ධයාට ඉදිරි මගක්" යන මැයෙන් අනුරාධපුර වජිරාරාමයෙදි 2013 මාර්තු 23 වැනි දින රජරට බොදු හඩ සංවිධානයේ ඇරයුමෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් පැවැත් වූ දේශනය.

පළමු කොටස

දෙවැනි කොටස

තෙවැනි කොටස

සිව්වැනි කොටස




Friday 29 March 2013

සංවර්ධනයේ මුලාව

මත්තල ගුවන් තොටුපල ගැන වර්ණනා කරමින් අදාල ඇමතිතුමා පුවත්පතකට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාව කියවනවිට ඒ ව්‍යාපෘතිය පිළිබඳවත් ආණ්ඩුව පිළිබඳවත් ඇති වන්නේ කළකිරීමකි. එපමණක් නොවේ පසුගිය කාලයේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කල මහා පාරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති තොගයක් ගැනම සාමාන්‍ය මිනිිසුන්ගේ පැහැදීමක් නැත. ඔවුන් අසන්නේ මේ ව්‍යාපෘති වලින් ලාභ තිබේද හෝ ඒ සඳහා ගත් ණය ගෙවන්නේ කෙසේද හෝ ඉන් සිදුවේ යැයි කියනු ලබන ආර්ථික සංවර්ධනය ඇති වේද වැනි ඊනියා ආර්ථික විශේෂඥයින් අසන ප්‍රශ්ණ නොවේ. සාමාන්‍ය මිනිසුන්ට දැනගන්නට අවශ්‍ය මෙවැනි මහා ඉදිකිරීම් කුමටද යන්නය. අද වැඩි ප්‍රසිද්ධියක් ලැබෙන්නේ උගතුන් අසන ප්‍රශ්ණවලටය. නමුත් ආණ්ඩුව නූගතුන් අසන ප්‍රශ්ණයද අවබෝධ කර ගත යුතුය.

මේ ව්‍යාපෘතිවලට පිඹුරුපත් සකස් කරන ආණ්ඩුවේ දේශපාලකයිනුත් ආණ්ඩුව විවේචනය කරන ඊනියා ආර්ථික විශේෂඥයිනුත් රටේ ඉදිරි දැක්ම ගැන දරන්නේ එකම ආකාල්ප බව පෙනේ. නමුත් රටේ සාමාන්‍ය මිනිසුන්ගේ දැක්ම ඊට වෙනස්ය. අධික වියදම් දරමින් කඩිනමින් ඉදි කෙරෙන මේ ගුවන් තොටුපලවල් වරායවල් ක්‍රීඩාගාර පමණක් නොවේ රාත්‍රී රේස් ධාවන හා ජාත්‍යාන්තර උත්සවද ඔවුන් දකින්නේ පමණ ඉක්මවා යෑම් ලෙසය. නැත්නම් කම් සැපෙහි ගැලීම් ලෙසය. කොටින්ම අපට අනවශ්‍ය දෑ ලෙසය. බහුතරයක්වූ සාමාන්‍ය මිනිසුන්ට ආණ්ඩුවේ මහා ව්‍යාපෘති පිළිබද ඇති කණස්සල්ල මෙයයි. ඔවුන්ගේ ප්‍රශ්ණය අර උගතුන්ගේ ප්‍රශ්ණයට වඩා මුලින් ඇති එකකි.

අපි විවෘත වෙළඳ ආර්ථිකයකට යොමුවුනේ දැනට වසර හතලිහකට පමණ ඉහතදීය. එකල ඉන්දියාවත් චීනයත් මධ්‍යස්ත ආර්ථික ප්‍රතිපත්ති අනුගමණය කරමින් සිටියහ. නමුත් ඔවුන් විසින් මෑතකදී අත් කරගෙන ඇති බටහිර ආරේ ආර්ථික සංවර්ධනයට සමාන්තර සංවර්ධනයක් අපට වසර හතලිහක් ගෙවාගෙනවත් ලඟාවීමට හැකි වී නැත. එපමණක් නොවේ ආසියාවේ අනිත් රටවල් හා සසඳන විට අප ඊනියා නිදහස ලැබෙනවිට ඔවුන් හා කරට කර සිට අද පසුබා සිටින බව බොහෝ විශේෂඥයින්ගේ මතයය. මේ කාලය තුල විටින් විට රටේ දේශපාලන ස්ථාවරත්වයක් නොතිබුන බව ඇත්ත නමුත් අපේ අසල්වැසි සමහර රටවල් තරමට බටහිර ආරේ ආර්ථික සංවර්ධණයක් අපට ඇති කර ගත හැකි නොවුනේ ඒ නිසාම නොවේ. අපේ නොහැකියාවක් ඇත. විශේෂයෙන්ම එය රටේ බහුතරයක් වන සිංහල බෞද්ධයින්ගේ නොහැකියාවකි. ඒ නොහැකියාව මූලික වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයකි.

අධි පාරිභෝගිකත්වය, පුද්ගල නිදහස වැනි ලක්‍ෂණ සහිත ධනවාදී ආර්ථික ක්‍රමයකින් ලඟා කරගන්නා සංවර්ධනය බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ලෙස හැඳින්විය හැකිය. අද බටහිර ආධිපත්‍ය හමුවේ ලොවපුරා බොහෝ රටවල් උත්සාහ කරන්නේ එවැනි සංවර්ධනයක් අත් කර ගැනීමටය. රජය මඟින් ඉඩ පහසුකම් සලසා දුන්නත් බටහිර ආර්ථිකය දුවවන්නේ පෞද්ගලික අංශය මිස රජය නොවේ. පෞද්ගලික අංශයද අවසානයේ ගත්කල තනි පුද්ගලයින්ගේ ක්‍රියා කාරකම්ය. නව පාරිභෝගික භාන්ඩ හෝ සේවා නිර්මාණය කර ඒ තුලින් එතෙක් කල් නොතිබුනු පාරිභෝගික අවශ්‍යතාවක් නිර්මාණය කර ඒ මත පදනම්ව ව්‍යාපාර ඇරඹෙන්නේත් ඒවා මහා වෙලඳ ව්‍යාපාර බවට දියුනු වන්නේත් බොහෝවිට එම විශයෙහි දක්‍ෂ තනි පුද්ගලයින් අතින්ය. එවැනි හැකියාවක් ඇති පුද්ගලයින් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් අතර දුලබය. ඔවුන්හට පොදුවේ බටහිර චින්තනය තුල නව දැනුම නිර්මාණය කිරීමේ ඇති නොහැකියාව මීට හේතුව විය හැකිය. බටහිර ආර්ථිකය දිව වීමට පාරිභෝගිකයින්ගේ දායකත්වයද අවශ්‍යය. නමුත් සිංහල බෞද්ධ සමාජය අධි පරිභෝජනය හෙලා දකියි. මේ කරුණු නිසා අප රටේ බටහිර ආරේ ආර්ථික සංවර්ධණයක් ඇති කර ගැනීමට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පිටුවහලක් ලැබෙන්නේ නැත. අප රට දියුණු නොවන්නේ බුද්ධාගම නිසා යැයි හිටපු පාප්තුමෙකු පැවසූ බව සඳහන්වේ. එතුමා මොන අරමුණින් ඒ අදහස් දැක්වූවත් බටහිර ආරේ ආර්ථික සංවර්ධනයකට අවශ්‍ය නිර්මාණ කරුවනුත් පාරිභෝගිකයිනුත් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බිහි කරන්නේ නැති බව පැහැදිලිය.
නමුත් බටහිර ආර්ථික සංවර්ධණය පසුපස අප නොයායුත්තේ ඒ නිසා පමණක් නොවේ. බටහිර ආර්ථික විද්‍යාවටද බටහිරුන් අපේක්‍ෂාකරන සංවර්ධනය අත් කර දීමට නොහැකිය. අද දියුණු යැයි සලකන බටහිර රටවල පවා දුප්පත් පොහොසත් පරතරය වැඩිවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති. ඒ පරතරය අඩු කිරීම ආර්ථික සංවර්ධනයේ එක් මූලික අපේක්‍ෂාවකි. නමුත් ධනවාදී සංවර්ධනයට විභවයක් වන්නේද ඒ පරතරයමය. එනම් ආර්ථිකය සංවර්ධනය වන්නේ තමන් දුප්පතුන් යැයි සිතන පිරිසක් පරිභෝජනය හරහා සමාජයේ ඉහලට යන්නට තැත් කරන බැවිනි. දුප්පත් පොහොසත් පරතරය එම පරතරය නිසාම දිවෙන ආර්ථික ක්‍රමයකින් පියවිය හැකිනොවේ. එහි පරස්පර විරෝධීතාවක් ඇත. අද බටහිර ආරේ ආර්ථික ක්‍රමයක් අනුගමනය කරමින් සංවර්ධනය වන බොහෝ රටවල සාපේක්‍ෂ දුප්පත්කම වැඩිවෙමින් පවතින්නේ ඒ නිසා නොවේද?
බටහිර ආරේ ආර්ථික සංවර්ධනය මුලාවක් පමණි. අපි ඒ පසු පස බඩගාමින් යා යුතු නොවේ. අපි අපට අවේනිකවූ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගත යුතුය. ඊට අවශ්‍ය උපාංග දැනටමත් අපේ ආර්ථිකයේ ගිලී සැඟවී පවතී. එහි පදනම විය යුත්තේ ගොවිතැන මිස වෙලඳාම නොවේ. එහි හදවත විය යුත්තේ ලක්‍ෂ සංඛ්‍යාත ගොවියන් සහ සුළු හෝ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් මිස අතලොස්සක්වූ මහා පරිමාණ සමාගම් නොවේ. එහි ආර්ථික මධ්‍යස්ථාන විය යුත්තේ ලක්‍ෂ සංඛ්‍යාතවූ ගම් මිස අතලොස්සක්වූ නගර නොවේ. සංවර්ධනයේ අරමුණ විය යුත්තේ සමාජ විශමතා අවම කරගනිමින් ස්වයංපෝෂණය වීම මිස ඊනියා උසස් ජීවන තත්වයක් ඇති කර ගැනීම නොවේ. බටහිරුන් ආර්ථික සංවර්ධනය හරහා අපේක්‍ෂා කරන ඊනියා උසස් ජීවන තත්වය ඔවුනට කෙදිනකවත් අත්පත් කරගත නොහැකිය.
අපට උරුම ආර්ථික ක්‍රමයකට ඇවැසි හැකියාවන් ආකල්ප හා සංකල්ප අදටත් අප ආර්ථිකයේ මුල් බැස තිබේ යැයි මම සිතමි. අපිට බටහිර ආරේ ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට නොහැකි මේ නිසාය. එසේ නමුත් අපි ආර්ථිකව නොවැටෙන්නේද ඒ නිසාය. සිදුවිය යුත්තේ බටහිර සංකල්ප යටපත් කර අපේ ආර්ථික ලක්‍ෂණ ඉස්මතු කර ගැනීමය. අවාසනාවකට මෙරට සාමාන්‍ය ජනයාට රට නොයායුතු ගමන් මඟ පිළිබඳ යම් වැටහීමක් තිබුනත් ඔවුන් බටහිර සංවර්ධන මායාවෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී නැත. ආණ්ඩුවද ජනතාවත් ජාතික ව්‍යාපාරයත් හැර ගොස් මං මුලාවී සිටින බව පෙනේ. මත්තල ගුවන් තොටුපොලෙන් පිළිබිඹු වෙන්නේ එයයි.

පන්සල ආණ්ඩුව සහ ජනතාව

ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වන, පුද්ගලික නිදහස ඉහලින්ම අගයන, ධනවාදී රටක ආණ්ඩුව හා ජනතාව අතර සම්බන්ධය කෙබඳු විය හැකිද? මෙවැනි රටක ජනතාවක් රජයෙන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ පුද්ගලික නිදහස රැක දීමටය. ඊට අමතරව ධනවාදී ජීවන රටාවට ඉඩ ප්‍රස්ථාව ලබා දීමටය. ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වුනොත් පත්වෙන ආණ්ඩුව ක්‍රියා කල යුත්තේ ජනතාවගේ නියෝජිතයා මෙන්ම සේවකයාද ලෙසය. මෙවැනි රටක ජනතාව බදු ගෙවන්නේ තමන්ට ඒ ආණ්ඩුවේ සේවය ලබා ගැනීමට පමණි. ආණ්ඩුව ඒ මුදල් හොඳින් කළමණාකරනය කරගනිමින් ඔවුන් බලාපොරොත්තුවන සේවය (උදාඃ නීතිය හා සාමය රුකීම) ජනතාවට ලබා දිය යුතුය. ඒ හැරෙන්නට ආණ්ඩුවට පුද්ගලික ජන ජීවිතයට බලපෑම් කිරීමට ඉඩක් නැත. මේ දේවල් මේ ආකාරයටම ක්‍රියාත්මක වන රටක් මේ ලෝකයේම නැති නමුත් ඇමරිකාව මීට ආසන්නතම රට ලෙස හැඳින්විය හැකිය.
ඇමරිකාවේ ආණ්ඩු ක්‍රමය තුල සිදුවන්නේ ජනතාව විසින් ආණ්ඩුව මෙහෙයවීමය. වෙන ආකාරයකට කිවහොත් ආණ්ඩුව හා ජනතාව අතර ඇත්තේ ජනයා සිට ආණ්ඩුව කරා ගලා එන රේඛීය සම්බන්ධයකි. මේ ක්‍රමය තුල ජනමාධ්‍ය අධ්‍යාපනය ආදියෙන් ජනතාව එක දේශපාලන චින්තනයක ගොනුකර තබා ගන්නා බව සත්‍යය නමුත් ආණ්ඩුවෙන් ජනතාව මෙහෙයවීමක් සිදුනොවේ. ආණ්ඩුවේ කාර්යය එය නොවේ. එනම්් ආණ්ඩුවේ සිට ජනතාව කරා ගලා එන රේඛීය සම්බන්ධයක් නැත. අද බිඳ වැටෙමින් පවතින ඇමෙරිකානු ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිට බහුතර ජනතාවකගේ කැමැත්ත මෙහෙයවා ගැනීමට නොහැකිවී ඇත්තේ මේ සම්බන්ධකම නැති නිසාය. සමාජ ආර්ථික විශමතා සහිත මේ ලොකයේ ඕනෑම රටක රජයකට සිය පැවැත්ම උදෙසා එහි ජනතාව මෙහෙයවීමේ හැකියාවක් තිබිය යුතුය. එනම් බහුතර ජනතාවකගේ කැමත්ත වෙනස් කර ගැනීමට රජයට දේශපාලන බලයක් තිබිය යුතුය. දේශපාලන නායකත්වය යනු එයයි. නමුත් මේ වනවිට පොදුවේ බටහිර රටවල් තම රට තුල ප්‍රජාතන්ත්‍රවාදයට සහ පුද්ගලික නිදහසට ඉහල තැනක් දීම තුලින් රජයට ජනතාව මෙහෙයවීමට ඇති හැකියාව මොට කරගෙන සිටිති. බටහිර රජයන්ගෙන් වැඩිපුර සිදුවන්නේ කලමණාකරණයකි. (බටහිර රටවල් අන් රටවල ප්‍රජාතාන්ත්‍රික අයිතීන් නොරැක අධිපතිවාදීව ක්‍රියා කිරීම වෙනම ක්‍රියාවලියකි).

පරමාදර්ශීව ගත්කල රජ්‍ය බලය හා ජනතාව අතර තිබිය යුත්තේ චක්‍රීය සම්බන්ධයකි. නැත්නම් ගනුදෙනුවකි. ජනතාවට රජය මෙහෙයවීමට හැකියාවක් තිබිය යුතු අතර රජයට අවශ්‍ය විටදී ජනතාව මෙහෙයවීමට හැකියාවක් තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මක වන පුද්ගලික නිදහස ඉහලින්ම අගයන ධනවාදී රටක මෙවැනි සම්බන්ධයක් ඇති කර ගැනීමට නොහැකි වුනත් සිංහල බෞද්ධ සංස්කෘතියක එය කල හැකි විය යුතුය. ආචාර්ය නලින් ද සිල්වා මහතා පෙන්වා දෙන පරිදි අතීතයේ අප රටේ දේශපාලන ප්‍රභවයන් ත්‍රිත්වයක් තිබිනි. එනම් ජනතාව රජය සහ භික්‍ෂූන් වහන්සේය. මේ ත්‍රිත්වය අතර තිබුනේ චක්‍රීය දේශපාලන සම්බන්ධතාවක් යැයි අනුමාන කල හැකිය. එය බටහිර පවතින රේඛීය සම්බන්ධයෙන් වෙනස්වේ. චක්‍රීය සම්බන්ධයට අනුව අවශ්‍ය නම් ඕනෑම එක ප්‍රභවයක් මඟින් අනිත් ප්‍රබවයන් දෙකටම දේශපාලනික බලපෑම් කිරීමට හැකිය. උදාහරණයක් වශයෙන් ජනතාව හා භික්‍ෂූන් වහන්සේ මඟින් රජයට බලපෑම් කල හැකිවූ අතර අනිත් අතට රජයට ඒ දෙපලටම බලපෑම් කිරීමේ හැකියාව තිබිනි. මේ ත්‍රිත්වය අතර වූ විවිධ දේශපාලන බල එක සමාන නොවූ අතර කාලයෙන් කාලයට වෙනස් වන්නටද ඇත. නමුත් වඩා වැදගත්වූයේ එවැනි චක්‍රීය සම්බන්ධකමක් පැවැතීමය.

අද මේ ත්‍රිත්වය අතර චක්‍රීය දේශපාලන සම්බන්ධතාවක් නැත. එපමණක් නොවේ භික්‍ෂූන් වහන්සේට එදා සමාජයේ තිබූ සැලකිල්ලද අද නැත. යටත් විජිත වාදීහු මේ බවට වග බලාගත්හ. ඔවුන් මෙරට ස්ථාපිත කල පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය තුල මෙවැනි චක්‍රීය සම්බන්ධතාවන් පවත්වාගෙන යන්නට ඉඩක් නැත. එහි ඇත්තේ රේඛීය සම්බන්ධකම් පමණි. අපි නැවතත් භික්‍ෂූන් වහන්සේත් රජයත් ජනතාවත් අතර චක්‍රීය සම්බන්ධයක් ගොඩනඟාගත යුතුය. නමුත් එයට බාධක රැසකි. බටහිර සංස්කෘතියෙන් පුද්ගලයා සමාජයෙන් වෙන් කර තැබීම එක බාධාවකි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තරම් හොඳ ක්‍රමයක් නැතැයි බලකර සිටීම තව එකකි. ධනවාදී ආර්ථික ක්‍රමය තවත් එකකි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට, පුද්ගලික නිදහසට ඉහල තැනක් තිබීමට හා ධනවාදී ආර්ථික ක්‍රමයට එකිනෙක නැතිව පැවැත්මක් නැත. ඒ සියලු දේ ඇති තැන ඇත්තේ බටහිර ආණ්ඩු ක්‍රමයය. නමුත් පංසලත් ජනතාවත් රජයත් අතර චක්‍රීය සම්බන්ධයක් පදනම් කරගෙන ගොඩනැඟුනු ආණ්ඩු ක්‍රමයක මේ කිසිවක් තිබිය නොහැකිය. එතැන තිබිය හැක්කේ මහා සම්මත වාදයකි. පුද්ගල හා සමාජ අයිතීන් එක ලෙස වැදගත් වීමකි. අවශ්‍ය තරමට පමණක් පරිභෝජනය කෙරෙන ආර්ථිකයකි. නමුත් මේ සියලු අවශ්‍යතා එකවර සපුරා ගත හැකි නොවේ. වාහන රෝදයක ඇණ අතින් තද කරන විට එක ඇණයක් සම්පූර්ණයෙන්ම තද කර ඊලඟ ඇණයට නොයයි. කෙරන්නේ සියලු ඇණ චක්‍රාකාරව ක්‍රමයෙන් තද කිරීමය. අපිද වෙනස් කම් කල යුත්තේ මේ ආකාරයටය. ඊට කල් ගත වනු ඇත. නමුත් ඒ සඳහා අද කල යුතු දෑ ඇත.

අද දවසේ සිංහලුන්ගේ සැක සහ බියට මූලික හේතුවක් වී ඇත්තේ ඔවුන්ගේ උවමණා එපාකම් වලට අනුව ජීවත්වීමට ඇති හැකියාව ඔවුනතින් ගිලිහී තිබීමය. එය රැක ගැනීමට ඔවුන්ට අයිතියක් තිබිය යුතුය. ඒ අයිතිය තහවුරු කල යුත්තේ රජයය. අපට උරුම දේශපාලන චින්තනයක් අර්ථදක්වා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඊට අනුගත කිරීම තුලින් එය කර ගැනීමට හැකිය. එවිට යම් ආණ්ඩුවක් රටේ දේශපාලන චින්තනයට විරුද්ධව ක්‍රියා කරයිද රජයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ජනතාවට අවස්ථාවක් සැලසෙනු ඇත. එමෙන්ම යම් බාහිර බලවේගයක් රටේ දේශපාලන චින්තනය වෙනස් කිරීමට උත්සාහ කරයිද ඊට විරුද්ධව නීතිමය පියවර ගැනීමටද ආණ්ඩුවට හැකිවනු ඇත. ඒ අනුව ජනතාව රජය අනුමත කරනතාක් කල් සහ රජය බාහිර බලවලට සාර්ථකව මුහුණ දෙනතාක් කල් ජනතාවට ඔවුන්ගේ උවමණා එපාකම් වලට අනුව ජීවත්වීමට හැකියාව ලැබෙනු ඇත. ව්‍යවස්ථාව සවිමත් කිරීමෙන් සිදුවෙන්නේ එයයි.
ඒ කාර්යයේ මූලිකත්වය ගත යුත්තේ භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ පනස් හයේ දරුවන්ය. හැකිනම් එම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ වගකීම පැවරිය යුත්තේද උන්වහන්සේටය. ඒ තුලින් භික්‍ෂූන් වහන්සේත් රජයත් අතර චක්‍රීය සම්බන්ධයක් යලි ගොඩනඟා ගැනීමටද මඟ පෑදෙනු ඇත.

හලාල් නොවන රජරට වකුගඩු ප්‍රශ්ණය

හලාල් කෑම කෑවයි කියා හෝ නොකෑවයි කියා කෙනෙකු මිය ඇදෙන්නේ නැත. නමුත් රජරට වකුගඩු රෝගයෙන් දිනපතා මිනිස්සු මිය යති. එහෙත් රටේ අභාග්‍යයට හලාල් සම්බන්ධයෙන් සිංහල බෞද්ධයින්ට තිබූ දේශපාලන ජවය වකුගඩු රෝගය සම්බන්ධයෙන් පෙනෙන්නට නැත. මට හිතෙන අයූරින් ඊට ප්‍රධාන හේතුව බටහිර කෘෂිකර්මය ජාතියේ ස්වාධිපත්‍යයට අභියෝග කරන බව බහුතරයක් සිංහල බෞද්ධයින් අවබෝධ කර නොගැනීමය. නමුත් හලාල්, ජාතියේ ස්වාධිපත්‍යයට අභියෝග කරන බව ඔවුහු තේරුම් ගනිති.
ගැඹුරේ මට්ටමින් සැලකූවිට සිංහලුන්ගේ නිදහස් සටන් දෙආකාරයකින් සිදුවේ. එක් ආකාරයක සටන් බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කරයි. අනිත් ආකාරයේ සටන් බටහිර ආධිපත්‍යය පිළිගෙන ඒ තුල තම අයිතිවාසිකම් රැක ගැනීම සඳහා සිදු කෙරෙයි. සිංහල බෞද්ධයින්ගේ ජනප්‍රිය දේශපාලන අරගල බොහොමයක් මේ දෙවෙනි ඝනයට වැටේ. හලාල් ප්‍රශ්ණය පටු මුස්ලිම් විරෝධයක් වන්නට ගියේ එය අයිතිවාසිකම් සටනක් බවට සුලු කරගත් නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවි පිල්ලේට විරෝධය පෑමද බටහිර ආධිපත්‍යය පිළිගෙන ඒ තුල තම අයිතිවාසිකම් රැක ගැනීමට කෙරෙන සටනකි. අපි අපේ අයිතිවාසිකම් සඳහා සටන් කල යුතුවෙමු. නමුත් අපට නිදහසේ උසස් ඵල නෙලා ගත හැකි වනුයේ බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කරන සටන් වලින් පමණි. රජරට වකුගඩු රෝගයෙන් සුවපත්වී ඉන් මතුද නිරෝගී ජාතියක්ව සිටින්නට නම් බටහිර කෘෂිකර්මය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවද ප්‍රතික්‍ෂේප කල යුතුව තිබේ (මින් කියැවෙන්නේ ඉස්පිරිතාල වසා වෛද්‍යවරුන් ගෙදර යැවීමක් ගැන නොවේ). නමුත් අවාසනාවකට අද ජනප්‍රිය දේශපාලනයේ නියුතුවන බෞද්ධ සංවිධාන, එහි නායකයින් සහ ඒ පසු පස සිටින මධ්‍යම පංතික සිංහල බෞද්ධයින්ට බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කිරීමට තරම් සංස්කෘතික හා ආධ්‍යාත්මික ශක්තියක් නැත. 

නගර අවට වාසය කරන මධ්‍යම පංතියේ උගත් සිංහල බෞද්ධයින්ට සාමාන්‍ය නූගත් බෞද්ධයින්ට නැති සමාජයේ ඉහලට යාම සඳහා කෙරෙන තරඟයක් ඇත. තරඟය ඇතිවී තිබෙන්නේ ඔවුන් බටහිර ජීවන ක්‍රමයක් අනුගමනය කරන නිසාය. නමුත් ඔවුන්ට ප්‍රශ්ණයක් වී ඇත්තේ ඒ තරඟයෙන් ජය ගෙන සමාජයේ ඉහලට යන්නට සිංහල බෞද්ධකමින් ඈත් වන්නට සිදුවීමය. එසේ කිරීමට බහුතරයක් මධ්‍යම පංතික සිංහල බෞද්ධයින් තවම සූදානම් නැත. ඒ නිසා ඔවුහු දෙලොවක් අතර ජීවත් වෙමින් අසහනයට පත්ව සිටිති. ඔවුහු ජාතිකවාදීන්ද වෙති. නමුත් ඔවුන් ජාතියේ ස්වාධිපත්‍ය යනු කුමක්දැයි තේරුම් ගන්නේ තමන්ට කරන්නට සිදුවී තිබෙන පෞද්ගලික සටන හරහාය. එහි වරදක් කිව නොහැකිය. නමුත් ඔවුන්ගේ දේශපාලන චින්තනය බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප නොකරයි. මේ අඩුව මාතලේ කැරැල්ලෙන් පසු සිංහලුන් දියත් කල සියලු නිදහස් සටන් වල පෙනෙන්නට ඇත. එදා සිට අද දක්වා ඔවුන් කල සටන් තුල ඒ අඩුව නොතිබුනේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කල සටනෙහි පමණි.

උදාහරණයක් වශයෙන් මීට වසර එකසිය හතලිහකට පෙර පානදුරාවාදයත් සමඟ ඇරඹි බෞද්ධ පුනර්ජීවනය ගත හැකිය. එහි පෙරමුන ගත්තේත් අද මෙන්ම කොළඹ නගරය අවට වාසය කල උගත් සිංහල බෞද්ධයින් පිරිසකි. ව්‍යාපාරිකයින් හා දේපළ හිමියන්වූ ඔවුන්ගේ සාමාජයික පසුබිම අද ජීවත්වන මධ්‍යම පංතික සිංහල බෞද්ධයින්ගේ සාමාජයික පසුබිමට සමාන්තර වන්නට ඇත. එකල නගරබද සිංහල බෞද්ධ දෙමව්පියන්ට තිබි ප්‍රශ්ණයක් නම් තම දරුවන්ගේ උත්පත්ති ලියාපදිංචි කිරීම සඳහා ක්‍රිස්තියානි හෝ කතෝලික පල්ලියට යාමට හැර වෙන ක්‍රමයක් නොතිබීමය. නම් ලියා පදිංචි කිරීමේදී පූජකවරු සිංහල බෞද්ධ දරුවන්ට බයිබල් නාම බලෙන් ආදේශ කරන ලදහ. සිංහල බෞද්ධයෝ මේ නීතිය වෙනස් කරන ලෙස ඉංග්‍රීසීන්ට බල කර සිටියහ. ඊට අමතරව වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් කරන ලෙසද ඉල්ලා සිටියහ. මේ වනවිට මාතලේ කැරැල්ල නිමවී වසර දසක දෙක තුනකට වඩා නැති බැවින් මොවුන්ට ඉංග්‍රීසින්ගේ දැඩි මර්්ධනයක් එල්ල වෙන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් අද මෙන් එදාත් උගත් මධ්‍යම පංතික සිංහල බෞද්ධයින් බටහිර ආධිපත්‍යය හඳුනා ගත්තේ තමන් පෞද්ගලිකව විඳි ගැහැට තුලිනි. නගරයෙන් පිට ජීවත්වූ අති මහත් සිංහල බහුතරයකට බයිබල් නම් දීම ප්‍රශ්ණයක්වී යැයි සිතිය නොහැකිය. ඉංග්‍රීසි අධ්‍යාපනය නොලද ආණ්ඩුවේ රැකියා බලාපොරොත්තු නොවූ ඔවුන්හට තම දරුවන්ගේ උත්පත්ති ඉංග්‍රීසි රජයේ ලියා පදිංචි කිරීමට අවශ්‍යතාවක් තිබෙන්නට නැත. ධර්මපාලතුමා සාන්ත තෝමස් විදුහලේ සිසුවෙකුව සිටි අවධියේ වෙසක් පොහෝ දින සැමරීම සඳහා නේවාසිකාගාර පාලකයාගේ අණ නොතකා ගෙදර පැන ගිය බව කියවේ. නමුත් ගොවිතැනින් ජීවත්වූ පන්සලේ උගෙනගත් බහුතරයක් සිංහල බෞද්ධයින්ට වෙසක් පොහෝ දින සැමරීමට බාධාවක් තිබුනා යැයි සිතිය නොහැකිය. ඉංග්‍රීසීහු එදා ගම්මුන්ගේ ඉඩම් කොල්ල කමින් ඒ ඉඩම් වල විදේශිකයින් පදිංචි කරමින් ඔවුන්ට නුහුරු භෝග වගා කරමින් ඔවුන්ගේ ජන ජීවිතය උඩු යටිකුරු කරමින් සිටියහ. නූගත් ගැමි සිංහලුන්ට ප්‍රශ්ණයක් වන්නට ඇත්තේ ඉංග්‍රීසීන් මේ රටේ සිටීමමය. නමුත් එකල උගත් සිංහල බෞද්ධයිනුත් අද මෙන්ම ඉංග්‍රීසින්ගේ ආධිපත්‍යය පිළිගෙන ඒ තුල සිංහල බෞද්ධයින්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා පමණක් සටන් කලහ. එපමණකින්ම බටහිර ආධිපත්‍යය පරාජය නොවිනි. 

රාජ්‍ය බලය අන්තිමටම පිරිහී තිබුන අවදියේ පවා බටහිර සංස්කෘතිකමය බලපෑම් වලට නිහඬව නමුත් ආත්ම විශ්වාසයකින් යුක්තව ප්‍රතිරෝධයක් දැක්වීමට සිංහලුන්ට ශක්තියක් තිබුනු නමුත් අද ජාතියක් වශයෙන් අපේ සංස්කෘතික ශක්තිය හොඳටම පිරිහී ගොස්ය. අද අපි ඉංග්‍රීසින්ගෙන් තාන්න මාන්න ගැනීම සඳහා එරටටම ගොස් ඔවුන්ගේ බස එලෙසම උච්චාරනය කර ඔවුන්ගේ ප්‍රභූවරුන් අමතමින් රට හෑල්ලු කර කථා කිරීමට පවා කිසිම පැකිලීමක් නොදක්වමු. එහි ප්‍රතිපලයක් වශයෙන් විශේෂයෙන් උගත් මධ්‍යම පංතික සිංහල බෞද්ධයෝ බටහිර ආධිපත්‍යය පිළිගෙන ඒ තුල තම අයිතිවාසිකම් රැක ගැනීම සඳහා පමණක් සටන් කිරීමට සැදී පැහැදී සිටිති. නමුත් අද අප සමාජයේ දැවෙන සමාජයික හා ආර්ථික ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබෙනුයේ බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කිරීමෙන් පමණි. ඊට හොඳම උදාහරණය කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමය. මෙහිදී සිංහලයිනුත් රජයත් මතවාදීව බටහිර ආධිපත්‍යයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තැනකට ගෙන ඒමට ජාතික ව්‍යාපාරයට හැකිවිය. විශේෂයෙන් උගත් මධ්‍යම පංතික සිංහල බෞද්ධයින්ගේ පරාජිත මානසිකත්වය වෙනස් කරලීමට එයට හැකිවිනි. එසේ නොවුනේනම් සමහර විට අපි තවමත් කොටින් සමඟ සාකාච්ඡා කරමින් සිටින්නට බොහෝ ඉඩ තිබිනි. ඉදිරියේද අපිට නිදහසේ උසස් ඵල නෙලා ගන්නට ලැබෙන්නේ බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කර අපේ නිදහස ආරක්‍ෂා කර ගතහොත් පමණි. ඒ සඳහා ජාතියේ නිදහස සහ එහි ආරක්‍ෂාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ජනතාව හා රජය තුල තිබිය යුතුය.
රට ජාතියේ නිදහස ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ රජයටය. අද ඇමරිකානු රජය එරට වැසියන් විසින් අරථ දක්වන නිදහස ආරක්‍ෂා කිරීම සඳහා කැපවී සිටී. ඇමරිකානු රජය ඉරාකය හා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කලේත් අද සිරියානු කැරලි කරුවන්ට ආධාර කරන්නේත් සෘජුව හෝ වක්‍රව ඇමරිකානු වැසියන්ගේ නිදහස ආරක්‍ෂා කිරීමටය. එරට කුමන පක්‍ෂයක් බලයේ සිටියද ජාතියේ නිදහස සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය එතරම් වෙනස් නොවේ. ඒ පිළිබඳ විවාදයක් එරට දේශපාලන ක්‍ෂේත්‍රයේ ඇති නොවන තරම්ය. ඇමරිකාවේ රජයත් එහි වැසියනුත් අතර ජාතියේ නිදහස සහ එහි ආරක්‍ෂාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහ විශ්වාසයක් ඇත. අද රාජපක්‍ෂ ආණ්ඩුව ජාතියේ නිදහස සම්බන්ධයෙන් කැපවෙනු ඇතැයි විශ්වාසයක් සිංහලුන්ට තිබුනද ඉදිරියේ පත්විය හැකි ඕනෑම ආණ්ඩුවක් ගැන එවැනි විශ්වාසයක් ඇති කර ගත නොහැකිය. ජනතාව තම නිදහස පිළිබඳ අවබෝධය සහ විශ්වාසය ගොඩනඟා ගත යුත්තේ එක් එක් ආණ්ඩු හෝ දේශපාලන පක්‍ෂ හෝ පුද්ගලයින් සමඟ නොව රාජ්‍ය බලය සමඟය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධයින්ගේ නිදහස පිලිඹිබුවෙන ආකාරයට වෙනස් කර ගැනීම රජයත් ජනතාවත් අතර ඒ අවබෝධය සහ විශ්වාසය ගොඩනඟා ගතහැකි එක් මඟකි.

ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදය, නිවටයෝ හා පුස්සෝ - 1

ජෙනීවා නුවර පැවැත්තෙන වාර්ෂික නාඩගම ගැන එදිනෙදා කෙරෙන කතාවල එතරම් වැදගත්කමක් ඇතැයි නො සිතමි. කොටස් වශයෙන් ප්‍රචාරය වන මෙගා ටෙලිනාඩගමක් එංගලන්තයේ හා ඇමරිකාවේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වෙයි. එහි නිෂ්පාදනය බීබීසියේ චැනල් ෆෝ මගින් වන අතර අධ්‍යක්‍ෂණය නවි පිල්ලෙයිගෙනි. අවශ්‍ය ප්‍රතිපාදන එංගලන්ත හා ඇමරිකානු ආණ්ඩුවලිනි. එදිනෙදා කටයුතුවලට වඩා අප සමස්තය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. මෙහි සඳහන් ඇතැම් කරුණු විටින් විට මේ තීරුවේ පළ වී ඇත. නැවතත් ඒ කරුණු සඳහන් කරන්නේ සිංහලයන්ට යමක් තේරුම් ගැනීමට එය කිහිප වරක් කිවයුතු බව මා අත්දැකීමෙන් දන්නා බැවිනි. අද ලෝකයේ ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ය. එහි සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි වන අතර චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි වෙයි. මේ යටත්විජිතවාදයෙහි එකිනෙකින් ස්වායත්ත නොවූ සංරචක තුනක් වෙයි. ඒ සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික යනුවෙනි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මේ අවධියෙහි ප්‍රධාන වන්නේ සංස්කෘතික සංරචකය ය. එය පාසල්, විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය, ක්‍රිස්තියානි හා කතෝලික පල්ලි, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ආදිය ඔස්සේ ක්‍රියාත්මක වෙයි. කතෝලික චින්තනය පසුගිය සියවස් පහක පමණ කාලයෙහි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය විසින් පරාජය කෙරී ඇත. අද පාප්වහන්සේ ද කතෝලික චින්තනයට නොව මූලික වශයෙන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට සේවය කරයි. රාජ්‍ය නොවන සංවිධාන යනු තම අධිපතිවාදී මතවාදය විවිධ රටවල ගම් නියම්ගම්වලට ගෙන යෑමට බටහිර රාජ්‍ය විසින් හැටේ දශකයේ දී ආරම්භ කෙරුණු ආයතන වෙයි. ගමක නළ ලිඳක් කැපීම, වැසිකිළි තැනීම ආදී සුභසාධන කටයුතු ද මේ රාජ්‍ය නොවන යැයි කියාගන්නා එහෙත් බටහිර රාජ්‍ය විසින් නඩත්තු කෙරෙන සංවිධාන මගින් සිදුවුව ද ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වනුයේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මතවාද ලෝ පුරා ප්‍රචාරය කිරීමත් ඒ තහවුරු කිරීමත් ය. එක් අතකින් ගත්කල ඔවුන් අතින් කෙරෙන්නේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මුල් යුගයෙහි මීසමෙහි කාර්යය ම ය. රාජ්‍ය නොවන සංවිධාන යනු බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි මේ අවධියෙහි මිෂනාරීන් ය. එදා මිෂනාරි ව්‍යාපාරයෙහි සිටියෝ ක්‍රිස්තියානිහු නැතහොත් කතෝලිකයෝ ය. අද යටත්විජිතවාදීන්ට ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල බෞද්ධයන් හා හින්දූන් ද සේවයෙහි යොදා ගැනීමට හැකි වී තිබේ. එසේ වුවත් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන්නන්ගෙන් ක්‍රිස්තියානි හා කතෝලික ප්‍රතිශතය ඔවුන්ගේ ජන ප්‍රතිශතයට වැඩි ය. මේ සංවිධානවලට අමතර ව පල්ලි ද තවමත් ක්‍රියාත්මක වෙයි. එමෙන් ම පාසල් හා විශ්වවිද්‍යාල ඔස්සේ ද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නිර්මාණය කෙරුණු දැනුම තවදුරටත් ප්‍රචාරය වෙයි. ජනමාධ්‍ය බොහෝ විට වෙන් වී ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රචලිත කිරීමට ය. අද මුළු මහත් ලෝකයට ම විනාශය ගෙන දෙන ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය පරාජය කිරීම අපේ ප්‍රධාන කාර්යය බවට පත් වී ඇත. එහෙත් එය පහසු කාර්යයක් යැයි නොසිතිය යුතු ය. බටහිර අධ්‍යාපනය විසින් බිහිකෙරෙන පුස්සෝ හා නිවටයෝ තමන්ට සමාජයෙන් ලැබෙන ඊනියා වැදගත්කම (පොරත්වය) හා බටහිරයන්ට වැඳ වැටීමෙන් ලබාගන්නා බලය යොදා ගනිමින් බටහිර ආධිපත්‍යය සමග අපට විරුද්ධව ක්‍රියාත්මක වෙති. පුස්සන්ට හා නිවටයන්ට මෙරට තැනක් ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ආධිපත්‍යය හේතුකොටගෙන මිස ඔවුන්ගේ දක්‍ෂතාවක් නිසා නො වේ. පුස්සන්ට හා නිවටයන්ට මොන දක්‍ෂකමක් ද? ඔවුන්ට කළ හැක්කේ බැළ මෙහෙවරකම් පමණ ය.

අද ලෝකයේ ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හා වෙනත් චින්තන අතර අරගලයකි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය අනෙක් චින්තන, සංස්කෘතීන් දුර්වල කිරීමට හැකිනම් විනාශ කිරීමට කටයුතු කරයි. ඒ අනෙක් චින්තන අතර මුස්ලිම් චින්තනය, රුසියාවේ ග්‍රීක ඕතොඩොක්ස් චින්තනය හා ථෙරවාද චින්තනය වෙයි. ඉන් වඩාත් යුදමය හා දේශපාලන ශක්තියක් ඇත්තේ මුස්ලිම් චින්තනයට ය. බටහිරයෝ මුස්ලිම් චින්තනය මෙන් ම අනෙක් චින්තන ද හැකිනම් විනාශ කිරීමට කටයුතු කරති. මෙරට සිංහල බෞද්ධ චින්තනය විනාශ කිරීමට ඉංගිරිසින් ක්‍රියා කරන්නේ 1798 සිට ම ය. දහනවවැනි සියවසේ දෙවැනි දශකයෙන් පසුව ඉංගිරිසිහු ඒ සඳහා දෙමළ ජාතිවාදය යොදාගනිති. මේ විස්තර යම් ප්‍රමාණයක් ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි. දෙමළ ජාතිවාදය යථා කාලයේ දී දෙමළ ත්‍රස්තවාදයක් කරා විකාශය විය. එහෙත් බටහිරයන් නොසිතූ ආකාරයකට බටහිරයන්ගේ අනුග්‍රහය, ආයුධ හා මූල්‍ය ආධාර ද ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපේ රණවිරුවන්ට හැකිවිය. එහි දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංවිධාන හැකියාවත්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයක් විශාල මෙහෙයක් ඉටු කළේ ය. එකල අප දේශපාලන නායකත්වයක් හා දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමක් ගැන කියන විට පුස්සෝ හා නිවටයෝ තමන් බටහිරයන්ගෙන් ඉගෙනගත් කසිකබල් දැනුම යොදාගනිමින් අපට සිනහසුණහ. මේ පුස්සෝ හා නිවටයෝ අප නාථ දෙවියන් හා ආසනික් ගැන කියද්දීත් අපට සිනහසුණහ. ඔවුහු බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ නියෝජිතයෝ ම පමණක් වෙති. ඔවුන්ගේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර දැනුමට අප දැනුම හසු නො වේ.

බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි විවිධ ප්‍රභේද වෙයි. දැන් සියවස් කිහිපයක සිට ප්‍රධාන ප්‍රභේදය ඇංග්ලො සැක්සන් සංස්කෘතිය වන අතර එහි වත්මන් ප්‍රධානියා ඇමරිකාව ය. කලින් එහි නායකත්වය දැරුවේ එංගලන්තය ය. අද ඇත්තේ ඔවුන්ගේ ත්‍රස්තවාදයකි. ඔවුහු තමන් විසින් හා අනෙක් බටහිරයන් විසින් නිර්මාණය කෙරී ඇති සංකල්ප, ප්‍රවාද ඇතුලත් දැනුුම ඊනියා විද්‍යාවක හා විද්‍යාත්මක විධික්‍රමයක නාමයෙන් අපට එරෙහිව යොදාගනිති. ඒ දැනුම ඔවුන් සෑමදාමත් යොදාගත්තේ අධිපතිවාදී ව ය. පාසල්වල, විශ්වවිද්‍යාලවල ඔවුහු ඔවුන්ගේ දැනුම අනෙක් දැනුම් මිථ්‍යාවන් බව කියමින් අපට ඉගැන්වූහ. අද ඔවුහු ත්‍රස්තවාදී ව ඒ කටයුත්තේ යෙදෙති. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය තම ආධිපත්‍යය පැතිරවීමේ දී යොදාගන්නා ත්‍රස්තවාදී ආයතන වනුයේ බටහිර ජනමාධ්‍ය ය. ලංකාව සම්බන්ධයෙන් ගත්කල බීබීසියේ චැනල් ෆෝ, ඉන්ඩිපෙන්ඩන්ට්, ගාඩියන් ආදී පුවත්පත් එහි දී ප්‍රධාන වෙයි. බීබීසියේ අගුපිලේ ඇති සංදේශය නිවටයන්ට හා පුස්සන්ට රැකියා ලබාදෙන ආයතනයක් පමණකි. ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදීන් මානවඅයිතිවාසිකම් යන්න යොදා ගන්නේ තම සංස්කෘතිය රැකගන්නා අයුරින් ය. එංගලන්තයේ හා ඇමරිකාවේ ජනතාවට ඇති මානවඅයිතියක් නැත. ඒ ජනතාව හිත් පිත් නැති රෑකඩ ලෙස නිවස, රැකියා ආයතනය හා සාප්පු සංකීර්ණවලට සීමා වෙති. මේ රටවල් පවත්වාගෙන යන වධකාගාර ගැන තොරතුරු ඉඳහිට ලෝකයට කාන්දු වෙයි. බටහිරයෝ තම මිත්‍ර රටවල ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා නොකරති. ඒ රටවල ජනතාවට තම ආණ්ඩු හා රාජ්‍ය වෙනස්කිරීමට අයිතියක් නැත. ඔවුන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් අහෝසි කෙරී ඇත. එහෙත් බටහිරයෝ තමන්ට විරුද්ධ රටවල ආණ්ඩු හා රාජ්‍ය වෙනස්කිරීමට නිවටයන් හා පුස්සන් මෙන් ම කුලීකරුවන් ද යොදා ගනිති. නිවටයන්ට. පුස්සන්ට හා කුලීකරුවන්ට බටහිරයන්ගේ මානව අයිතිවාසිකම් ඇත. එසේ ඇත්තේ ඒ රටවල ආණ්ඩුවලට එරෙහිව විවිධ ක්‍රියාවල යෙදීමට ය. ඒ අතර ත්‍රස්තවාදීව ආයුධ පාවිච්චිකිරීම ද වෙයි. බටහිර ආධිපත්‍යයෙහි කුලීකරුවන් වූ දෙමළ ත්‍රස්තාවාදීන්ට ලංකාණ්ඩුවට පමණක් නොව ජනතාවට, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව ඝාතන දියත්කිරීමට අයිතියක් විය. ලංකාණ්ඩුව ඒ අයිතිය ඔවුන්ට නොදීම බටහිර බුද්ධිමතුන්ට අනුව මානව අයිතිවාසිකම් කැඩීමකි.

විශේෂයෙන් ම බර්ලින් තාප්පය කඩාදැමීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයත් බොහෝ විට එහි පරිවාර සංවිධානත් ඇංග්ලො සැක්සන් අධිපති සංස්කෘතිය විසින් ඔවුන්ට විරුද්ධ රටවලට එරෙහිව ත්‍රස්තවාදීව යොදාගනු ලැබෙයි. ජෙනීවාහි රැස්වන ඊනියා මානව අයිතිවාසිකම් සමුළුව එවැනි ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත් වී ඇත. අවුරුදු පතා සෑම රටක් සම්බන්ධයෙන් ම එහි දී වාර්තා හා යෝජනා ඉදිරිපත්වෙයි. එහෙත් ලංකාවේ පුස්සන් හා නිවටයන් මෙන් අනෙක් රටවල තමන්ට අදාළ වාර්තා යෝජනා ගැන කතාකිරීමට පිරිසක් නැත. ලෝකයේ ඉහළම අනුකාරකයන් (පුස්සන් හා නිවටයන්) ඇති රට ලෙස සැලකිය හැකි ලංකාවේ මේ ජෙනීවා ත්‍රස්තවාදයට විශාල ප්‍රසිද්ධියක් දෙනු ලැබෙයි. මේ සමුළුවේ අපට විරුද්ධව ඉදිරිපත්වෙන යෝජනාවලට පිළිතුරු දීම ආණ්ඩුවේ යුතුකමකි. එහෙත් එයට ඇමතිවරුන් සහභාගි කරවීම අවශ්‍ය නො වේ. ඉතා කණිෂ්ඨ නිලධාරීන් පිරිසකට ඒ කටයුත්ත පැවරිය හැකි ය. මේ සමුළුව අප සතපහකටවත් ගණන්ගත නො යුතු ය. මෙරට පුස්සන්ට හා නිවටයන්ට මෙහි දී කළහැකි දෙයක් නැත. මොන යෝජනාව සම්මත කරගත්තත් බටහිරයන්ට ද ඒ සංවිධානය මගින් කළහැකි දෙයක් නැත. එහෙත් මෙයින් කියැවෙන්නේ අප බටහිරයන්ගේ අරමුණ නොසලකා සිටිය යුතු ය යන්න නො වේ. බටහිරයන් මේ එන්නේ මොකාට ද යන්න අප දැනගෙන එයට සූදානම් විය යුතු ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව ජාතිකත්වයට යොමු වී ඇත්තේ සීමිතව ය. එහි ආර්ථික ප්‍රතිපත්ති ජාතිකත්වයට එරෙහි වෙයි. එහෙත් මේ ආණ්ඩුව බටහිරයන්ට නොනැමී දෙමළ ත්‍රස්තවාදය පරාජය කළේ ය. අද රට බෙදී ඇත්තේ මේ සීමිත ජාතිකත්වය හා විජාතිකත්වය අතර ය. සියළු ලිබරල්බාදීහු, මාක්ස්වාදීහු විජාතික දැනුමේ දාසයෝ වෙති. අද ඒ සියල්ලෝ දෙමළ ජාතිවාදීන් සමග ආණ්ඩුවට විරුද්ධව එකතු වෙති. විජාතික බලවේගවල නායකයා වූ රනිල් වික්‍රමසිංහගේ සගයන් අතර මාක්ස්වාදීහු ද රාජ්‍ය නොවන බැළයෝ ද වෙති. ඔවුන්ගෙන් සමහරුන් රනිල් වෙනුවෙන් ආණ්ඩුවට හා ජනතාවට එරෙහිව ජෙනීවා ගොස් ඇත. බටහිර ඇංග්ලො සැක්සන් ත්‍රස්තවාදීහු තමන්ට විරුද්ධව ගොස් දෙමළ ත්‍රස්තවාදය පැරදවූ මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීමට උත්සාහ කරති. ඒ සඳහා ඔවුන්ට පළමුවෙන් ම මේ ආණ්ඩුව අස්ථාවර කර කඩාදැමීම අවශ්‍ය වෙයි. ඊනියා යුද්ධාපරාධ චෝදනා ඒ සඳහා වෙයි. ප්‍රභාකරන්ගේ පුතාට වෙඩි තැබීමට ත්‍රස්තවාදීහු ඔහු හමුදාවට භාරදුන්නෝ ද? අප මේ ව්‍යාජ චිත්‍රපටි වීඩියෝ ඒවාට හිමි කුණුකූඩයට දමමු. එහෙත් බටහිරයන්ට මුහුණ දීමට සූදානම් වෙමු. ඊනියා මානව අයිතිවාසිකම් ඔස්සේ ආණ්ඩුව වැට්ටවීමට කටයුතු කරන අතර බටහිරයෝ විවිධ වසන්ත අත්හදා බලති. ඒ පූස්සන්ගේ හා නිවටයන්ගේ මගිනි. ඇතැම් භික්‍ෂූන් වහන්සේට නොතේරුණත් අවාසනාවකට නිදහස් අධ්‍යාපනයෙන් වැඩි වශයෙන් බිහි කෙරී ඇත්තේ නිවටයන් හා පුස්සන් ය. වසන්ත හේමන්ත බවට පත්වීම නිසා ඔවුන් ඉදිරියේ දී ආර්ථික සම්බාධක පමූණුවනු ඇත.
(13/03/10)

Independence is a process –V

As we have said already the Human Rights Commission of the United Nations is just another weapon in the armoury of western Christian colonialism used against the countries and governments that do not follow the dictates of the western countries. If Sri Lanka had not defeated the LTTE terrorists against the wish of the western countries nothing would have happened in Geneva as far as Sri Lanka is concerned. Further had the west being successful in establishing an Eelam with Ranil Wickremesinghe in Colombo and Prabhakaran in Kilinochchi, and had the Sinhala people rose against the Wickremesinghe government in Colombo only to be murdered by the government forces then again Navi Pillai would have been lost in the suburbia of Geneva. In fact the west would have supported the Wickremesinghe government to massacre the Sinhala people. It is a case of maintaining puppet governments by western Christian colonialism and destabilizing those not liked by the west. Navi Pillai is after all a paid servant of the west and she has to do a job to earn her bread.

Recently I was asked by the presenter at a talk show as to how various different forces such as the dispersed Tamils, Channel four, the human rights people, the NGOs, western countries have got together against the Sri Lankan government. The answer is very simple as all these organizations have the same origin in western Christian colonialism which sponsors and finances all of them. Even the Marxist parties owe their survival to western Christian colonialism in the present epoch and one is not surprised to find the three wheeler Marxist parties in Sri Lanka forming a so called united opposition with the conservatives and liberals against the government which was able to stand up to the threats of the west. Most of these organizations belong to the cultural component of western Christian colonialism and as the cultural component is more significant in the present epoch of colonialism these organizations are given prominence. There are many gullible middle class educated people who are fooled easily by the western countries, after all the educated people have an education given by the west, who think that the innocent western governments are misled by the dispersed Tamils, and that these Tamils are in a position to influence the elections in some of the western countries. It is nothing but the truth and is a myth spread by the western countries themselves. The western intellectuals are very good at creating such stories, which sometime go by the name theories, and the gullible educated people in Sri Lanka waste no time in believing these stories. The Muslims in France and England are more influential than the dispersed Tamils as far as elections are concerned, but the governments of these countries do not go out of way to please the Muslims. On the contrary these governments would impose restrictions on the dress and cultural habits of the Muslims indicating clearly that they are not after the votes of the Muslim people. The government in England sponsors dispersed Tamils and have no objections when Tamil organizations headed by Catholic priests and others who are antagonistic to Buddhists meet in the Westminster Parliamentary buildings.

The UNP claims that the US resolution at the human rights commission is against the government but not against the people of the country. It is not clear as to what is meant by people by the UNP, but the west is certainly against the majority of the Sinhala Buddhists and the Muslims of the country. The west considers the Sinhala Buddhist culture and the Muslim culture as threats to the Judaic Christian culture and the western countries did not care for the human rights of the Bhikkus and Sinhala Buddhists who were massacred by the Tamil terrorists sponsored by the west. We do not know where Navi Pillai was when the Sinhala Buddhists were being killed by the LTTE terrorists and the channel four probably did not have cameras at that time. The west may not be against the Olcott Buddhists but they would do anything possible to destroy the Sinhala Buddhist culture.

The installments of the mega teledrama produced by Channel Four and directed by Navi Pillai and Company will not end with the video on Prabhakaran’s son. There will be others to follow in the installments to be released and we should not take these seriously. They are frauds, fakes and the Channel four has done a favour to the Sinhala Buddhists by producing the teledrama teaching them the tactics of western Christian colonialism. We should not attach any importance to bogus human rights commission in Geneva, and treat it with contempt it deserves. We should not send ministers as members of our delegation to Geneva and let the diplomats handle Navi Pillai and company. The UNP that thought of Medawachchi when the armed forces were in Kiliknochchi and proclaimed that any fool can get involved in a “war” has no right to talk of human rights of the Tamils who were used as a human shield by the LTTE. The Sri Lankan armed forces did their best to protect these innocent people and if anybody is responsible for the violation of their human rights it is the LTTE and those clergy, the politicians, and the western countries who were behind the LTTE and tried to protect the LTTE leaders. As a corollary the UNP and Ranil Wickremesinghe who signed that infamous ceasefire agreement in Vavunia with Prabhakaran while the latter was in Medawachchi, sorry Killinochchi, are also responsible for the violation of the human rights of the innocent Tamils in Pudukuduirrippu. The western Christian colonialism and its various instruments such as the NGOs which are responsible for the violation of the human rights of the human shield ironically accuse the government and the Sinhala Buddhists who did their best to protect the lives of these people.

This is the face of the present phase of western Christian colonialism and the government should not give in to western colonialism in Geneva. There should be no compromise with US and England which is spearheading the attack against Sri Lankan government and the Sinhala Buddhists, and the government should be prepared to be defeated in Geneva even with a bigger vote in favour of the US resolution than in last year. Any compromise with the US on the resolution would amount to a betrayal of the armed forces, and would make sure that the Sinhala Buddhists would alienate from the government. Geneva is neither the end nor the beginning of western Christian colonialism and there would be other “springs” such as the cricket spring and the clergy spring waiting in the wings. The Katunayake, Fisheries, Academic and Hulftsdorp springs turned out to be winters for the sponsors of the springs and a cricket spring with Compton Lecturers would turn out to be a snow storm if the government does not compromise on the US resolution. The government does not have to be ashamed of its record during the humanitarian operations, and it is the UNP and the western Christian colonialism that have to answer the Sinhala Buddhists and the Tamil human shield for the violation of their human rights. It has to be remembered that the government is not answerable to the so called international community which is only another name for the western Christian colonialism. The government is responsible only to the people in this country and as long as there is no symmetry in relationship with the other countries the government should consider these countries with nothing but contempt.

The west would think not only of other springs but also of economic sanctions against Sri Lanka which would work against the people of the country, except those who are probably fed by the western embassies. The UN charter may not permit economic sanctions but one should not expect the western Christian colonialists to honour the charter when it comes to weakening other cultures in the world. The President reminded this horrible feature of western Christian colonialism in his address to the nation on the independence day and we should be prepared for economic sanctions in the near future. We have to have our own way of life instead of following the western way blindly and we should establish trade links with non western countries. The independence is a process as western Christian colonialism is a process changing its ugly white face continuously and full independence would be won only after we become independent of the knowledge created in the Judaic Christian culture. (concluded)

(13/03/06)

ආසනික් කතාව - 2

නාථ දෙවියන් හා විපස්සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණීන්ගෙන් අපට දැනගැනීමට ලැබුණේ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ය. එයට තවත් හේතු දෙකක් සම්පූර්ණ විය යුතු බවත් කියැවිණි. එනම් කුඹුරු පස යනුවෙන් හැඳින්වෙන පස හා කිවුල් ජලය ය. ආසනික් පොළොවට ලැබෙන්නේ කෘෂිරසායන ද්‍රව්‍යයන්ගෙන් බව ද කියැවිණි. මේ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගිනි. ඇය බටහිර, ආයුර්වේද, සිංහල පාරම්පරික ආදී කිසිම වෛද්‍ය ක්‍රමයක් පිළිබඳ දැනුමක් ලබා නො තිබුණා ය. එබැවින් අපට ප්‍රියන්තා සේනානායක මහත්මියගෙන් ලැබුණේ ඇය දෙවියන්ගෙන් හෝ වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් හෝ ලත් දැනුමකි. රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ව අපට දැනුම් දුන් වෛද්‍ය චන්න ජයසුමන මහතා මා විසින් ඇය වෙත යොමු නොකෙරෙන්නට මේ දැනුම අපට නො ලැබෙන්නට තිබිණි.

දෙවියන්ගෙන් භූතයන්ගෙන් දැනුම ලබාගැනීම අපේ සංස්කෘතියට ආගන්තුක දෙයක් නො වේ. එය පැරණි සංස්කෘතීන් බොහොමයක් ම දැනුම ලබාගත් ක්‍රමයක් විය. පැරණි ග්‍රීකයෝ ද, වෛදිකයෝ ද, යුදෙවුවෝ ද එලෙස දැනුම ලබාගත්හ. එහෙත් ඒ ඒ අයට ලැබුණේ ඒ ඒ අයගේ දෙවිවරුන්ගේ දැනුම ය. ඒ දැනුම ද සාපේක්‍ෂ විය. ඒ ඒ දෙවියන්ගේ ආකල්ප හා වෙනත් ලක්‍ෂණ ඒ ඒ දැනුම්වල දැකිය හැකි ය. යුදෙවු දෙවියෝ ලෝකය මැවූ දෙවියකු ගැන විශ්වාස කළහ. ඔවුන්ට සදාකාලික නිරයක් හා සදාකාලික ස්වර්ගයක් විය. ඔවුන් ලබාදුන්නේ වියුක්ත දැනුමක් යැයි විශ්වාස කළ හැකි ය. අපේ සම්‍යග්දෘෂ්ටික දෙවියන්ගේ දැනුම නිවණට සාපේක්‍ෂ විය. අපට ඔවුන් ලබාදුන් දැනුම නිවන් අවබෝධ කරගැනීමට රුකුල් දෙන්නක් විය. අපට ලබාදෙන දැනුම බොහෝ විට සංයුක්ත දැනුමක් වෙයි. කිනම් සංස්කෘතියක වුව ද දෙවියන්ගෙන් ලත් දැනුමෙහි ද අඩුපාඩුකම් තිබූ බව හා තිබෙන බව අමතක නොකළ යුතු ය.

ඉතා මැතක ජීවත් වූ සුප්‍රසිද්ධ ඉන්දියානු ජාතික ගණිතඥයා වූ රාමනුජන් විද්වතා ද හින්දු දේවතාවියකගෙන් දැනුම ලබාගත්තේ ය. ඔහු බටහිර ගණිතයෙහි දක්නට ලැබෙන ප්‍රමේය සාධනය පිළිබඳ නොදැන සිටියේ ය. එහෙත් ඔහුට අනන්තය පිලිබඳ ඉතා විශිෂ්ට වූ දැනුමක් තිබුණේ ය. එය විශ්ලේෂණයෙන් ලබාගත් දැනුමක් නොව දෙවියන් සමග ආධ්‍යාත්මික ව (අන්තර්ඥානයෙන්) කරන ලද සන්නිවේදනය ඔස්සේ ලබාගත් දැනුමක් විය. අද පවා ලෝකයේ විවිධ රටවල විවිධ පුද්ගලයන් දෙවියන්ගෙන් හා භූතයන්ගෙන් දැනුම ලබාගන්නා බවට සැකයක් නැත.

අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ය. මේ සංස්කෘතියෙහි ඇතැමුනට, විශේෂයෙන් ම යුදෙවුවනට දැනුම ලබාදෙන යුදෙවු දෙවියන් තවමත් සිටින්නට ඉඩ ඇත. බටහිර විද්‍යාව ඉහත සඳහන් චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වන්නකි. නොබෙල් ත්‍යාග දිනාගන්නා අයගෙන් විශාල ප්‍රමාණයක් යුදෙවුවෝ වෙති. ඔවුන් වියුක්ත චින්තනයෙන් දක්‍ෂයන් වන්නා සේ ම ඔවුන් සමහරකුට යුදෙවු දෙවියන්ගෙන් දැනුම ලැබෙන්නේ ය යන්න බැහැර කළ හැකි නො වේ. යුදෙවු විද්‍යාඥයන් ඇසුරු කරන පිටරට වසන සිංහලයන්ට මේ සම්බන්ධයෙන් විස්තර දැනගත හැකි නම් එය අප සියළු දෙනාට ම වැඩදායක වනු ඇත.

එසේ වුවත් ඒ සංස්කෘතියෙහි යුදෙවු නොවන්නන්ට එවැනි දැනුමක් නොලැබෙන්නේ යැයි සිතිය හැකි ය. ගැලීලියෝ නිවුටන් ආදීන් විසින් බටහිර විද්‍යාව නිර්මාණය කරනු ලැබීමට ප්‍රධාන හේතුව ද ඔවුන්ට ආධ්‍යාත්මික ව දැනුමක් ලබාගැනීමට නොහැකිවීම යනු මගේ පිළිගැනීම ය. කෙසේ වෙතත් අපට ආධ්‍යාත්මික ව වුව ද ලැබෙන්නේ සංයුක්ත දැනුමකි. වකුගඩු රෝගය හා ආසනික් සම්බන්ධ දැනුම ද සංයුක්ත දැනුමකි.

අපට එම දැනුම ලැබුණු විට අපි එය එක්විට ම ප්‍රසිද්ධ නො කළෙමු. මෙරට සිටින පුහු විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් එය නොපිළිගන්නා බව අපි දැන සිටියෙමු. එබැවින් අපි ඒ සම්බන්ධයෙන් බටහිර විද්‍යාවට අනුකූල පර්යේෂණ කැලණිය විශ්වවිද්‍යාලයෙහි දී ආරම්භ කළෙමු. එහි දී මහාචාර්ය මාලා අමරසිංහ හා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මීහු විශාල මෙහෙයක් ඉටුකළහ. විශේෂයෙන් ම මහාචාර්ය පරණගම මහත්මිය මහත් කැපවීමකින් තම සෞඛ්‍ය තත්ත්වය පවා නොසළකමින් බොහෝ දිනවල අලුයම තුන හතර පමණ වන තෙක් පර්යේෂණවල නියැලුණා ය. එහෙත් මෙරට කුහක විද්‍යාඥයෝ ඇයට ජාතික සම්මානයක් දීම වෙනුවට කුඩුකේඩුකම් කළහ. අපේ උපකරණ කිියා විරහිත බව එක් මහාචාර්යවරියක් කියන විට ඇගේ මහාචාර්ය සැමියා අපට පිස්සු යැයි කීවේ ය. තවත් අයකුට තම ෆ්ලුවොරයිඩ් සිහිනයෙන් අවදි වීමට නො හැකි විය. ඔහුට ඇතැම් කරුණුවල දී උසස් පෙළ දැනුම ද නැති බව පෙනී ගියේ ය. එක් ආහාර තාක්‍ෂණවේදියෙක් අපේ පරීක්‍ෂණාගර ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන නැතැයි කීවේ ඔහුගේ පර්යේෂණාගාර ද එලෙස පිළිගැනීමකට ලක් වී නොමැති බව අමතක කරමිනි.

කෙසේ නමුත් ඒ සියළු දෙනා පාහේ කියා සිටියේ ආසනික් රජරට හා අදාළ වෙනත් පෙදෙස්වල නොමැති බවත් වකුගඩු රෝගයට හේතුව ආසනික් නොවන බවත් ය. ආසනික් ඇතැයි කී අය ද එය නෛසර්ගිකව පොළොවේ ඇති බව කීහ. ආසනික් එකතු වී ඇත්තේ ක්‍යෂිරසායනික ද්‍රව්‍යවලින් බව ඔවුහු නො පිළිගත්හ. ඇතැමුනට අනුව අපි පර්යේෂණ නොකර හුදෙක් දෙවියන් කී දෙයක් යැයි කියමින් ආසනික් ගැන කතාකළ කට්ටිඩියෝ වූයෙමු. එසේ කී අය අතර බටහිර විිද්‍යාඥයෝ ද බටහිර වෛද්‍යවරු ද වූහ. මෙරට කට්ටඩියන්ට හෙවත් ගුරුන්නාන්සේලාට බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෛද්‍යවරුන්ට මෙන් සමාජ තත්ත්වයක් නොලැබී ඇත්තේ සමාජ ආධිපත්‍යය බටහිර විද්‍යාවට ඇති බැවිනි. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සමාජ විද්‍යාවට මෙන් ම ඉංජිනේරු විද්‍යාවට ද තුන්වැනි පංතියේ උපාධි ලබාගත් අයකුගේ මැදිහත්වීමෙන් මගේ අවිද්‍යාව හා මිථ්‍යාව පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කළේ ය. එතැනින් නොනැවතුනු ඔවුහු මහාචාර්ය පරණගම හා මහාචාර්ය අමරසිංහ මහත්මීන් මා සමග එක්ව කටයුූතු කිරීම නතර නොකළහොත් ඔවුන් විද්‍යාඥවරියන් ලෙස සෑලකීම ප්‍රශ්නයක් වන බවට තර්ජනය කළහ. ජීවිතයේ කිසි දිනෙක නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ නිර්මාණය කර නොමැති වුවත් ශ්‍රී ලංකා විද්‍යා ඇකඩමිය නම් ව්‍යාජ ගාම්භීර සංවිධානයක අධිසාමාජික පදවි ලද්දෝ ද ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන තමන් නොදන්නා බහුබූත දෙඩවූහ.

අප මේ පර්යේෂණ බොහෝමයක් කර සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමෙන් පසු ඒ බව පුවත්පතින් මගින් ජනතාවට කීවෙමු. මට කසිකබල් පත්‍රියා සතපහක්වත් නො වටියි. මට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් අපේ ප්‍රතිඵල ජනතාවට දැන්වීමට ය. අපේ දැනුම අප ජනතාවට ප්‍රකාශ කළේ 2011 ජනවාරියේ පමණ ය. එහෙත් පුහු විද්‍යාඥයෝ අපේ පර්යේෂණාගාරවල අඩුපාඩුකම් ඇතැයි ද ඒවා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනී නැතැයි ද කීහ. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනී ඇතැයි කියන පරමාණු බලශක්ති අධිකාරයේ පර්යේෂණාගාරයට ද මහාචාර්ය විජය කුමාර් මහතාගේ සභාපතිත්වය යටතේ වූ තාක්‍ෂිණක පර්යේෂණ ආයතනයට ද ආසනික් හසු නො වී ය. පරමාණු බලශක්ති අධිකාරිය චම්පික රණවක මහතා යටතේ වූ ආයතනයකි. ඒ මහතා විද්‍යාඥයන්ට පූර්ණ නිදහස දී ඇතැයි සිතිය හැකි ය. කෙසේ වෙතත් ඒ මහතාගේ ම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මේ කටයුතුවලට මැදිහත් වූයේ 2011 මාර්තු මාසයෙන් පමණ පසුව ය. ඒ වන විට බටහිර රසායන විද්‍යාව අනුව අප කළ පර්යේෂණ බොහෝමයක් අවසන් වී තිබිණි. උන්වහන්සේ ඇතැම් නියැදි මලයාසියාවේ පර්යේෂණාගාරයක පරී්ක්‍ෂා කරවීමට නම් කටයුතු කළහ. එහෙත් පර්යේෂණ ආරම්භ කළේ උන්වහන්සේගේ මැදිහත්වීමෙන් නො වේ. ආසනික් නැති බව කී තවත් ආයතනයක් වූයේ දිනේෂ් ගුණවර්ධන මහතා යටතේ ඇති අමාත්‍යාංශය ය. ඒ අමාත්‍යාංශය ඉන්දියාවෙන් තරුණ විද්‍යාඥවරියන් දෙදෙනකු ගෙන්වා ඔවුන් මගින් ආසනික් නැතැයි කීවේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ද ඇස කණ පියාගෙන සිටීමට නොහැකි විය. ඔවුහු ද පර්යේෂණ ආරම්භ කළහ. ඔවුන්ගේ අවසාන වාර්තාව සති කිහිපයකට පෙර නිකුත් විණි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ තවත් උපකරණයක් පමණක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයට අප අපේ දෙවියන්ගෙන් ලත් දැනුම අනුමත කිරීමට නො හැකි ය. එහෙත් ඔවුන්ට ද නිදන්ගත වකුගඩු රෝගය හා ආසනික් අතර සම්බන්ධයක් ඇති බව ද කෘෂිරසායනික ද්‍රව්‍යවලින් ආසනික් එකතුවන බව ද පිළිගැනීමට සිදු වී ඇත. ඔවුන් දැන් සූදානම් වන්නේ ආඳා මාළු ඉරටෙන් කෑමට ය. ඔවුන් තම වාර්තාවෙන් ඉඟිකරන්නේ වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් බවත් ආසනික් එහි දී උතප්‍රේරකයක් විය හැකි බවත් ය. අපි එය එසේ නොවේ යැයි කියමු. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් ය. එහි දී කිවුල් ජලය යම් කාර්යයක් ඉටුකරයි. ආසනික් කිවුල් ජලයේ වූ කැල්සියම් හා මැග්නීසියම් ලවණවල අණු අතර “සැඟ වී” ඇත. අදාළ පෙදෙස්වල කිවුල් ජලයෙහි ආසනික් ඇති බව කසිකබල් විද්‍යාඥයන්ට තවමත් පරීක්‍ෂණවලින් දැනගැනීමට නොහැකි වී ඇත්තේ ආසනික් එසේ “සැඟ වී” ඇති බැවිනි. ඇතැම් අවස්ථාවල කැඩ්මියම් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. තමන්ගේ පරීක්‍ෂණවලට ආසනික් හසුනොවන බැවින් ආසනික් නැතැයි කීම කසිකබල් විද්‍යාත්මක ක්‍රමය විය හැකි ය. මේ විද්‍යාඥයන් දෙවියන් නැතැයි කියන්නේ ද ඔවුන්ගේ උපකරණවලට දෙවියන් හසු නොවන බැවිනි. මේ උද්ධච්ඡයන්ට අනුව යමක් ඔවුන්ගේ ඉන්ද්‍රියවලට හෝ උපකරණවලට හෝ ගෝචර නොවන්නේ නම් ඒ නො පවති. එවිට ඔවුන්ගේ ප්‍රවාදවල හෙවත් කතන්දරවල කියැවෙන ගුරුත්වාකර්ෂණය වැනි ඉන්ද්‍රියගෝචර නොවන සංකල්ප ගැන කුමක් කියමු ද? ඉලෙක්ට්‍රෝනයක් දැක ඇති අයකු ඉදිරිපත් වන්නේ ද?

නොයෙකුත් වර්ගවල වකුගඩු රෝග ඇත. ඇතැම් වකුගඩු රෝගවලට හේතුව කැඩ්මියම් වෙයි. එසේ වුවත් රජරට වැව්වල මාළුන්ගේ හා නෙලුම් අලවල කැඩ්මියම් තිබූ පමණින් රජරට නිදන්ගත වකුගඩු රෝගයට ද හේතුව කැඩ්මියම් යැයි නිගමනය කළ නො හැකි ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව රජරට වකුගඩු රෝගයට හේතුව කිව නොහැකි ය. එයට හේතුව කැඩ්මියම් නම් කැඩ්මියම් නිසා ඇතිවන වකුගඩු රෝග ගැන දන්නා බටහිර වෛද්‍යවිදාවට ඒ හඳුනාගැනීමට හැකිවිය යුතුව තිබිණි. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට එසේ කළ නොහැකි විය. එයින් කියැවෙන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් නො වීම ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට එය වසංකළ නො හැකි ය. බටහිර වෛද්‍ය විද්‍යාව තවමත් රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි නො දනියි. එයට ප්‍රධාන හේතුව ආසනික් යැයි අපි නිර්භයව කියමු. එපමණක් නොව ආසනික් පසට, ජලයට හා වාතයට එකතුවන්නේ කෘෂිරසායනික ද්‍රව්‍ය නිසා බව ද අපි කියමු.

දැන් කළ යුත්තේ හැකි ඉක්මණින් කෘෂිරසායනික කෘෂිකර්මයෙන් ඉවත් වී දේශීය පොහොර (කොම්පොස් නො වේ) යොදා සිංහල ගොවිතැන් ක්‍රම භාවිතාකිරීමත් වකුගඩු රෝගීන්ට දෙවියන්ගෙන් ලබාගත් ප්‍රතිකාර හෝ සිංහල පාරම්පරික ප්‍රතිකාර හෝ ලබාදීමට කටයුතු කිරීමත් ය. මෙරටට ගැලපෙන්නේ සිංහල වෙදකම හා සිංහල ගොවිකම මිස වියදම් අධික විදේශීය විනිමය නාස්ති කරන බටහිර වෙදකම හා බටහිර කෘෂිකර්මය නො වේ. බටහිර වෙදකමට ප්‍රතිකාර නැත. එහි කෙරෙන්නේ රෝග කළමනාකරණය මිස රෝග සුවකිරීම නො වේ. අද රජරට ගොවීන් මියයන්නේ බටහිර විද්‍යාවේ හා දැනුමේ ආධිපත්‍යය, කෘෂිරසායන ආනයනයකරන්නන් හා ඔවුන්ට අත හිත දෙන කසිකබල් නිලධාරීන් හා දේශපාලනඥයන් නිසා ය. බටහිර විද්‍යාවට හා දැනුමට බිය නොවී සිංහල දැනුමට වහාම යමු. ආසනික් පිළිබඳ දැනුම ලැබුණේ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙනි. අද ආසනික් හා වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බව බටහිර විද්‍යාවට ද පිළිගැනීමට ද සිදු වී ඇත. බටහිර විද්‍යාවට තවමත් දෙවියන් සිටින බව පිළිගැනීමට නො හැකි ද? 

(13/03/06)

Thursday 28 March 2013

ජෙනීවා නොගිය ආසනික් හා හලාල්

මෙරට ජනමාධ්‍යයෙහි කතාකරන ප්‍රශ්න මෙන් ම නොකරන ප්‍රශ්න ද වෙයි. කිසිම තේරුමක් නොමැතිව ඉදිරි දර්ශනයක් නොමැතිව ජෙනීවා ගැන බොහෝ දෙනෙක් කතාකරති. හලාල් ගැන කතා කෙරෙන්නේ ද බොහෝ විට තේරුමකින් නො වේ. සිංහල බෞද්ධයන්ගේ මානව අයිතිවාසිකම් නොතකමින් ඔවුන්ට හලාල් භාණ්ඩ පරිභෝජනය අනිවාර්ය කිරීම ජෙනීවා නොගියේ ය. මුස්ලිමුන්ට අවශ්‍ය නම් හැකියාවක් ඇත්නම් හලාල් භාණ්ඩ පරිභෝජනය කිරීම ගැන සිංහල බෞද්ධයෝ විරුද්ධ නො වෙති. සිංහල බෞද්ධයන් කියන්නේ තමන්ට බලහත්කාරයෙන් හලාල් භාණ්ඩ නොදෙන ලෙස ය. අනෙක් අතට හලාල් සහතික නිකුත්කිරීම රජයේ කාර්යයක් නො වේ. තම ආගමිකයන් ආගමෙන් අනුමත භාණ්ඩ පරිභෝජනය කරන්නේ ද යන්න සොයා බැලීම ඒ ඒ ආගමේ කටයුත්තකි. මෙරට රජය මැදිහත් විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතික පරිභෝජන රටාවක් ඇතිකිරීමට ය. මේ අතර ජනමාධ්‍යයෙන් එතරම් කතානොකරන ප්‍රශ්නයක් ද වෙයි. ඒ රජරට හා වෙනත් පෙදෙස්වල පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය ය. අද සෑම ප්‍රශ්නයක් ම දේශපාලනීකරණය වී ඇත. හලාල්, ආසනික්, ජෙනීවා පමණක් නොව මැරතන් දුවද්දී මියයන සිසුවියන්ගේ ප්‍රශ්නය ද අද වන විට දේශපාලන ප්‍රශ්නයක් වී ඇත. අන් රටවල ද එය යම් තරමකින් සිදු වේ. එයට ප්‍රධාන හේතුව දේශපාලනය ආර්ථිකය හා සංස්කෘතිය අතර ඇති සම්බන්ධය ය. මෙරට සෑම ප්‍රශ්නයක් දෙස ම අද බැලෙන්නේ ඉන් තම පෞද්ගලික දේශපාලනයට, තම පක්‍ෂයේ දේශපාලනයට වාසියක් ලබාගැනීම හා ප්‍රතිවාදියාට, ප්‍රතිවාදී පක්‍ෂවල පහරගැසීම යන කරුණු පෙරදැරි කරගනිමිනි. මෙයට තවත් හේතුවක් නම් මෙරට ජාතික ව්‍යාපාරය අද වන විට නැවතත් දුර්වල වීම ය. අනුවේ දශකයේ ශක්තිමත් ව තිබූ ජාතික ව්‍යාපාරය විවිධ භික්‍ෂූන්ද ගිහියන් ද විසින් වල්මත් කෙරී අද වන විට දේශපාලන පක්‍ෂ දෙකක් විසින් තම බල ව්‍යාපෘති ඔස්සේ දුර්වල කෙරී ඇත. මෙය ජාතික ව්‍යාපාරය පිළිබඳ ප්‍රශ්නයක් නොව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලෝක ආධිපත්‍යය හේතුවෙන් සිදුවන්නකි. ජාතික ව්‍යාපාරයට ඉදිරියට යෑමට සිදු වී ඇත්තේ මේ කඳු පල්ලම් දිගේ ය. සිංහල බෞද්ධයනට ශක්තිමත් ඉදිරි දර්ශනයක් ලබාදීම මගින් මේ බාධක යම් ප්‍රමාණයකට ජයගත හැකි ය. ජෙනීවා යනු නවි පිල්ලෙයි වැන්නන් තම වැටුප සඳහා බටහිර යටත්විජිතවාදයට කරන මෙහෙයකි. සෑම රටක් පිළිබඳ ව ම මානව අයිතිවාසිකම් සමුළුවට වාර්තා ඉදිරිපත් වෙයි. තම සංස්කෘතියෙහි නැති, ආධිපත්‍යයට යටත් නොවන රටවල් මෙල්ල කිරීමට යොදා ගැනෙන මේ සමුළුවට ලංකාවේ ජනමාධ්‍ය මෙතරම් තැනක් දෙන්නේ මාධ්‍යවේදීන්ගේ ද නිවටකම නිසා ය. ඊශ්‍රායලය මේ සමුළුවට නියෝජිතයන් නොයවයි. ඇමරිකාව තරම් ජනතාවට මානව අයිතිවාසිකම් අහිමිකරන රටක් ලෝකයේ තවත් නැත. ඒ රටේ ජනමාධ්‍ය එකී සමුළුවට ප්‍රචාරයක් නො දෙයි. අප කළ යුතුව තිබුණේ පිල්ලේ වැන්නන් හමුවීමට නිලධාරීන් පිරිසක් යවා සමු්‍ර්‍රළුව සතපහකටවත් ගණන් නොගෙන ඔවුන්ගේ සම්භාධක පැණවීම වැනි ඉදිරි සැලසුම් සඳහා සූදානම් වීම ය.

මෙරට වකුගඩු රෝගයෙන් මියයන්නන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය ජෙනීවා නුවර සාකච්ඡා වන්නක් නො වේ. අද මෙරට වකුගඩු රෝගීන් මිය යන්නේ බටහිර කෘෂිරසායන සමාගම්වලට ලාභ ලබාදීමට ය. මේ රෝගීන් මරා දැමෙන්නේ බටහිර කෘෂිරසායන සමාගම්, කෘෂිරසායන ආනයනය කරන්නන්, ඔවුන්ට අනුබල දෙන දේශපාලනඥයන් හා බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් ආධිපත්‍යය විසින් ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙස වකුගඩු රෝගීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් මතු නොව ජීවන අයිතිය ද නැති වී ඇත. මෙයට විරුද්ධව වකුගඩු රෝගීන් සුවපත් කිරීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් තිබිය යුතු ය. එහෙත් අවාසනාවකට ජාතික ව්‍යාපාරය ගසාකන දේශපාලන පක්‍ෂ දෙකක් මෙය තම දේශපාලන වාසිය සඳහා යොදාගනු දක්නට හැකි ය. ඒ දේශපාලන පක්‍ෂ දෙක නිල වශයෙන් ප්‍රශ්නයට සෘජුව මැදිහත්වන්නේ ද නැත. ඒ වෙනුවට එහි ක්‍රියාකාරීන් ලවා යම් යම් දේ සිදු කිරීමට ඔවුහු උත්සාහ කරති. වකුගඩු රෝගීන් පිළිබඳ ප්‍රශ්නය දැනට අවුරුදු විස්සක පමණ කාලයක සිට ඇත. එහි දී විවිධ අය ඒ සඳහා විවිධ හේතු දක්වා ඇත. අප මේ ප්‍රශ්නයට යොමු වූයේ 2010 වසරේ දී ය. ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් එයට ප්‍රධාන හේතුව ආසනික් බව අපි දෙවියන්ගෙන් දැනගතිමු. ඉන්පසු අප කළේ එය බටහිර විද්‍යාවට ද අනුව තහවුරු කිරීම ය. ඒ සඳහා අපේ කණ්ඩායම පර්යේෂණ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ නියැදිවල විවිධ ප්‍රමාණයන්ගෙන් ආසනික් ඇති බව තහවුරු විය. එමෙන් ම රෝගීන්ගේ මූත්‍රාවල, නියපොතුවල, කෙස්වල ආදී වශයෙන් විවිධ අවයවවල ආසනික් ඇති බව ද හෙළිවිය. මේ ආසනික් නිසගයෙන් ම පොළොවේ ඇති ආසනික් නොව පළිබෝධනාශක හා වෙනත් කෘ’ෂිරසායන නිසා එකතුවන බව ද කෘෂිරසායනවල ආසනික් අඩංගු බව ද අපි පෙන්වා දුනිමු. පළිබෝධනාශකවල ආසනික් ඇති බව කෘෂිරසායන ආනයන කරන සමාගම්වල නියෝජිතයන් ඉදිරියේ කරන ලද පරීක්‍ෂණවලින් අපි කැලණියේ දී තහවුරු කළෙමු. එහෙත් අපට ලැබුණේ ගල්මුල් ය. අපේ රසායනාගාර පිළිගත් ආයතන නොවන බව ඊනියා විද්‍යාඥයෝ කියා සිටියහ. චම්පික රණවක මහතා යටතේ තිබූ පරමාණු අධිකාරියේ පර්යේෂණවලට ද මහාචාර්ය විජය කුමාර් මහතා යටතේ තිබූ තාක්‍ෂණික පර්යේෂණ ආයතනයට ද ආසනික් හසු නො වී ය. දිනේෂ් ගුණවර්ධන මහතාගේ අමාත්‍යාංශය ඉන්දියාවෙන් තරුණ විද්‍යාඥවරියන් දෙදෙනකු ගෙන්වා ආසනික් නැති බව කීවේ ය. මේ සියල්ල කැලණිය කණ්ඩායමේ (ඊිනියා රජරට කැලණිය කණ්ඩායමක නොව) පර්යේෂණවලට විවිධ අවස්ථාවල දැක්වූ ප්‍රතිචාර විය. ඇතැමුන්ට අනුව වකුගඩු රෝගයට හේතුව ආසනික් නොව කැඩ්මියම් විය. එහෙත් රජරට පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගය බටහිර විද්‍යාවට අනුව හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයක් විය. කැඩ්මියම් නිසා ද වකුගඩු රෝග ඇති වෙයි. එහෙත් රජරට රෝගීන්ට වැළඳී තිබුණේ එවැනි වකුගඩු රෝගයක් නො වේ. රජරට වැව්වල මාළුන්ගේ හා නෙලුම් අලවල කැඩ්මියම් තිබීම නිසාත් ඇතැම් වකුගඩු රෝග කැඩ්මියම් හේතුවෙන් වැළඳෙන නිසාත් රජරට වකුගඩු රෝගය ද කැඩ්මියම් නිසා වැළඳෙන්නේ යැයි නිගමනය කළ හැකි නො වේ. හේතුව කැඩ්මියම් වූ වකුගඩු රෝග පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාව දැන සිටි හෙයින් මෙය ද කැඩ්මියම් නිසා වැළඳුනි නම් එය හඳුනාගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාාවට හැකියාව තිබිණි. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවේ රෝගය හැඳින්වූයේ හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය ලෙස ය. එයින් ම පැහැදිලි වූයේ මේ වකුගඩු රෝගයට හේතුව වෙනත් යමක් බවත් බටහිර වෛද්‍ය විද්‍යාවට එය එතෙක් හසු නොවුණු බවත් ය. අපේ කණ්ඩායම එයට ප්‍රධාන හේතුව ආසනික් යැයි කියන තෙක් මා දන්නා තරමින් ලෝකයේ කිසිවකු වකුගඩු රෝගයකට හේතුව ආසනික් යැයි කියා නො තිබිණි.

මෙරට සිටින කසිකබල් විද්‍යාඥයෝ බටහිර වෛද්‍යවරු හා වෙනත් පඬියෝ පරළය වී අප පර්යේෂණ නොකළ බවත් අපේ උපකරණ කැඩී ඇති බවත් අප හුදෙක් දෙවියන් කී දෙයක් යැයි කියමින් ආසනික් ගැන කියවන පිස්සන් කට්ටඩීන් බවත් කීහ. අප 2011 වන විට අපේ පර්යේෂණ බොහොමයක් කර තිබූ බව අවධාරණය කළ යුතුව ඇත. එමෙන් ම 2011 ජනවාරි වන විට අපේ ප්‍රතිඵල ගැන අපි පුවත්පත්වලට දන්වා තිබුණෙමු. අපට අවශ්‍ය වූයේ ඊනියා පත්‍රිකා මගින් ඒ බව කීමට නොව හැකි ඉක්මණින් ජනතාවට හා ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කිරීම ය. එක් දේශපාලන භික්‍ෂුවක් කතාවට එක්වූයේ 2011 මාර්තු මස පමණ ය. එහෙත් උන්වහන්සේ තමන්වහන්සේගේ මැදිහත්වීමෙන් පසු පර්යේෂණ සිදුකළ බවක් ජනතාවට කියයි. උන්වහන්සේ පිටරට පරීක්‍ෂණාගාරයක ඇතැම් පර්යේෂණ කරවීමට පියවර ගත් බව සැබෑ ය. එහෙත් ඒ වන විට අපි අපේ රසායනාගාරවල කරන ලද පර්යේෂණ මගින් ද ආසනික් තහවුරු කරගෙන සිටියෙමු. මෙය කඳුලු කතාවක් බව සැබෑ ය. එහෙත් එය කඳුලු කතාවක් යැයි කියමින් ඡන්ද කතාවක් බවට පත්කළ යුතු නො වේ. මා දන්නා තරමින් අප කණ්ඩායමේ පර්යේෂණ කළ කිසිවකුට මරණීය තර්ජන එල්ල වී නැත. එහෙත් දේශපාලන භික්‍ෂුව ඔවුන්ට එල්ල වූ මරණීය තර්ජන ගැන කියා ඇතැයි වාර්තාවේ.

වකුගඩු රෝගීන්ගේ මානව අයිතිවාසිකම් ජෙනීවා නොගිය මුත් රෝගය බෙල්ජියමට ගියේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය එරට පිළිගත් පර්යේෂණාගාරයක කරන ලද පර්යේෂණවලින් පසු රජරට වකුගඩු රෝගය හා ආසනික් අතර සම්බන්ධයක් ඇති බව පිළිගනියි. පලිබෝධනාශක හේතුවෙන් ආසනික් පසට හා ජලයට එකතුවන බව ද පිළිගනියි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවසාන විග්‍රහයේ දී බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ හා යටත්විජිතවාදයේ තවත් ආයුධයක් පමණකි. ඔවුන්ට රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් යැයි එක්වර කිව නො හැකි ය. ඔවුන් අද කීමට තැත්කරන්නේ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් බවත් ආසනික් උත්ප්‍රේරකයක් බවත් ය. එසේ නම් කැඩ්මියම් නිසා ඇතිවන වකුගඩු රෝගීන් හා රජරට වකුගඩු රෝගීන් අතර සමානකම් රාශියක් තිබිය යුතු ය. එහෙත් බටහිර වෛද්‍යවිද්‍යාවට රජරට වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් බව දැනගත නො හැකි විය. අද ද දැනගත නො හැකි ය. අප කියන්නේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවත් කැඩ්මියම් ඇතැම් අවස්ථාවල උත්ප්‍රේරකයක් වන බවත් ය. කෙසේ වෙතත් අද අවශ්‍ය වන්නේ රෝගය වැළැක්වීම හා එයට ප්‍රතිකාර කිරීම ය. බටහිර වෛද්‍යවිද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නැත. වකුගඩු බද්ධය ප්‍රතිකාරයක් නොව නිව්ටෝනීය අමතර කොටස් එකතුකිරීමකි. බටහිර වෛද්‍යවිද්‍යාවට කළහැක්කේ රෝග කළමනාකරණය මිස රෝග සුවකිරීම නො වේ. ප්‍රියන්තා සේනානායක මහත්මිය දැනටමත් දෙවියන්ගෙන් ලබාගත් දිව්‍ය ඖෂධ රෝගීන්ට ලබාදෙයි. අපේ පාරම්පරික වෙදමහතුන් ළඟ නොයෙකුත් ප්‍රතිකාර ඇත. ඔවුන්ගේ උපාධි සහතිකය ගැන නොසොයා රෝගීන්ට වෙදකම් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතු ය. මෙයට අවහිර කරන්නේ සෞඛ්‍ය ඇමතිතුමා නො වේ. ගැමියකු වූ ද ගොවියකු වූ ද ඒ මහතා රජරට ජනතාවගේ ප්‍රශ්න හා දුක දනියි. මඩ සෝදාගත්කල ගොවියන් රජකමට ද සුදුසු බවත් ඒ මහතා දනියි. අද ප්‍රශ්නය වී ඇත්තේ අපේ දැනුම් මිථ්‍යා යැයි කියන ඇතැම් නිලධාරීන් හා බටහිර වෛද්‍යවරුන් ය. අනෙක් පැත්තෙන් ඇත්තේ කෘෂිරසායනික කෘෂිකර්මය, කෘෂිරසායන ආනයනය කරන්නන් හා ඔවුන්ට අනුබල දෙන්නන් ය. කෘෂිරසායන නොමැතිව, බටහිර ම නිෂ්පාදනයක් වූ කොම්පොස් පොහොර නොමැතිව, දේශීය පොහොර යොදා සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි ය. අපි සිංහල ගොවිතැනට හා සිංහල ගොවිකමට යා යුතු වෙමු. එය පියවරෙන් පියවර සැලසුම් කළ යුතු ය. ප්‍රියන්තා සේනානායක මහත්මියත් ගෙවිමහතුනුත් සතුව මේ පොහොර වට්ටෝරු ඇති බව කෘෂිකර්ම ඇමතිවරයාගේ දැනගැනීම සඳහා සටහන් කරමි.

ආසනික් කතාව

මේ සතියේ ද ලබන සතියේ ද අපේ ප්‍රවාද වෙන්වන්නේ ප්‍රවාද නිර්මාණයට හෙවත් කතන්දර ගෙතීමට නො වේ. අප රටට ඉතා වැදගත් වූ රජරට හා තවත් ප්‍රදේශ කිහිපයක පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය ගැන සාකච්ඡා කිරීම අද දවසේ අපේ ප්‍රධාන කටයුත්තක් බවට පත් වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැමුන් මහත් බලාපොරොත්තුවෙන් සිටි වාර්තාවක් පසුගිය සතියේ පිටවීම ය. ඒ නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසාන වාර්තාව ය.

අප ඒ වාර්තාව ගැන සුළුවෙන් නමුත් මෙහි දී කතාකරන්නේ බටහිර විද්‍යාවේ විධික්‍රමය, දර්ශනය, චින්තනය ආදිය නොසලකමින් නො වේ. මෙහි දී විධික්‍රමය යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර විද්‍යාවේ දර්ශනයේ සඳහන් වන විධික්‍රමයක් නො වේ. බටහිර විද්‍යාවට විශේෂිත වූ පර්යේෂණය ඇතුළත් ඊනියා විධික්‍රමයක් ඒ අරුතින් නැත. අප විධික්‍රමය යන්න යොදාගන්නේ ප්‍රත්‍යක්‍ෂය, අනුමානය, උද්ගමනය ආදිය ගැන කතාකිරීමේ දී ය. එමෙන් ම අදාළ දැනුමේ වියුක්තබව, සාධාරණීකරණය ආදිය ද අපි එහි දී සාකච්ඡා කරමු. එවැනි කරුණු සම්බන්ධයෙන් විවිධ දැනුම් පද්ධති අතර වෙනස්කම් වෙයි. එහෙත් බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි අපි නො පිළිගනිමු.

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු අපට වැදගත් වූ සංවිධානයක් නො වේ. එය අවසාන වශයෙන් ගත්කල බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තම ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා යොදාගැනෙන තවත් ව්‍යාජ ගාම්භීරත්වයක් සහිත සංවිධානයක් පමණකි. මේ සංවිධානයෙන් මූලික වශයෙන් කෙරෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව අනෙක් වෛද්‍ය විද්‍යාවන්ගෙන් උසස් කර ඊනියා ජාත්‍යන්තරභාවයක් එයට ලබා දී අනෙක් වෛද්‍ය විද්‍යාවන් ප්‍රාදේශීය භාවයකට හා සීමිත කාල වකවානුවකට යටකිරීම ය. අනෙක් වෛද්‍ය විද්‍යාවන් ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට එකඟ නොවන විද්‍යාත්මක විධික්‍රමයක් නැති දැනුම් පද්ධතීන් ය යන හැඟීම ලොව පුරා තහවුරු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වගබලාගනියි. අනෙක් ඊනියා ජාත්‍යන්තර සංවිධාන මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් ලෝකයෙහි තම ආධිත්‍යය පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනෙන තවත් එක් සංවිධානයක් පමණකි.

එවැනි සංවිධානයකට මගේ කිසිදු පිළිගැනීමක් හෝ ගෞරවයක් හෝ නැත. එසේ වුවත් කිසියම් ක්‍ෂෙත්‍රයකින් වුවත් බටහිර දැනුමක් කටගාගත් බොහෝ දෙනාට ලෝක සෞඛ්‍ය සංවිධානය යනු වැදගත් සංවිධානයකි. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් මෙරට බටහිර උගතුන්ගේ පිළිගැනීමට ලක්වෙයි. එසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ගැන ජනතාවට වාර්තා කිරීමට ඉදිරිපත් වූයේ එකම එක රූපවාහිනි නාළිකාවකි. අනෙක් විද්‍යුත් ජනමාධ්‍ය මෙන් ම මුද්‍රිත මාධ්‍ය ද ඒ වාර්තාව පිළිබඳ නොඇසූ කන් හා නොදුටු ඇස් අතිව සිටියේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාව එවා ඇති නමුත් අමාත්‍යාංශය ඒ පිලිබඳ කිසිවක් ස්වේච්ඡාවෙන් කීමට ඉදිරිපත් නො විණි.

රජරට හා අනෙක් පෙදෙස්වල ද පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ කණ්ඩායම් කිහිපයක් ම බටහිර විද්‍යාවට අනුව පර්යේෂණ කර තිබිණි. එයට හේතුව කුමක් දැයි ඒ කිසිවකුටවත් කීමට හැකියාවක් නො තිබිණි. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි මේ රෝගය නම්කර තිබුණේ හේතුව නොදත් වකුගඩු රෝගය ලෙස ය. එහෙත් විවිධ කණ්ඩායම් රෝගයට හේතුව ලෙස විවිධ රසායන ද්‍රව්‍ය අනුමාන කර තිබිණි.

කැලණි කණ්ඩායම මේ රෝගය පිළිබඳ කරුණු සෙවීමට පෙළඹුණේ මෙවන් පසුබිමක ය. මේ කණ්ඩයමේ විවිධ පුද්ගලයෝ සිටියෝ ය. කිහිප දෙනෙක් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට සෘජුව ම සම්බන්ධ වූහ. දෙවියන් (හෝ භූතයන් හෝ) සමග සන්නිවේදනය කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ය. ඇය කවුරුන් සමග සන්නිවේදනය කළ ද ඔවුන් මනුෂ්‍යයන් නොවූ බව නම් පැහැදිලි ය. සේනානායක මහත්මිය ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයකට සෘජුව ම සම්බන්ධ නො වී ය. කණ්ඩායමේ සාමාජිකයන් අතර විශ්වවිද්‍යාලයකට සම්බන්ධ නොවූ බටහිර වෛද්‍යවරු සිටිය හ.

එක් බටහිර වෛද්‍යවරයෙක් පමණක් රජරට විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය. මේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ මා ය. මා කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි පීඨාධිපති වීම පර්යේෂණවලට විශේෂ අනුග්‍රහයක් විය. එසේ නොවන්නට පර්යේෂණ ආරම්භ කිරීමටවත් නොහැකි වීමට තිබිණි. වෙනත් විශ්වවිද්‍යාලයක අපේ කණ්ඩායමට කිසිම ඉඩක් නො විණි. කණ්ඩායමේ එක් අයකු පමණක් රජරට විශ්වවිද්‍යාලයේ පරිවාස කථිකාචාර්යවරයකු වීම නිසා අපේ කණ්ඩායම රජරට කැලණි කණ්ඩායම ලෙස හැඳින්වීම නිවැරදි නො වේ. අදාළ රජරට කථිකාචාර්යවරයා ද අවසානයේ දී පර්යේෂණයට එකතු වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙස අදාළ සියළු මණ්ඩලවල අනුමැතියෙන් ලියාපදිංචි වීමෙන් පසුව ය.

කරුණු එසේ තිබිය දී අප කණ්ඩායම රජරට කැලණිය කණ්ඩායම ලෙස හැඳින්වීම කැලණියට ලැබිය යුතු ගෞරවය එයට අහිමි කිරීමකි . පර්යේයෂණය ආරම්භයේ දී ඇතැමුන් රජරට කැලණිය කණ්ඩායම ලෙස අප කණ්ඩායම හැඳින්වීමට උත්සාහ ගත්ත ද පසුව අප කණ්ඩායමට විවිධ පැතිවලින් බැට වදින විට රජරට හැලී ගොස් කැලණිය කණ්ඩායම ලෙස පමණක් අප හැඳින්විණි.

එසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව පිටවීමත් සමග නැවතත් රජරට කැලණි කණ්ඩායම යන නමින් අප හැඳින්වීමට ඇතැමුන් කටයුතු කරනු පෙනෙයි. එ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ ආසනික් හා රජරට නිදන්ගත වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව ය. අප කණ්ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන් වරියන්ගෙනගෙන් ලැබුණේ ද ගල්මුල් ය. එහෙත් ඒ සියළු අපහාස, දුක්ඛ දෝමනස්සයන් විඳ දරාගනිමින් මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, ආචාර්ය උදයකාන්ති වර්ණවීර, ආචාර්ය කිත්සිරි සේනානායක යන මහත්ම මහාත්මීහු පර්යේෂණවල නිරත වූහ. ඒ කිහිප දෙනා හේතුවෙන් හා මේ පර්යේෂණ කෙරුණේ කැලණි විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවල බැවින් අප කණ්ඩායම කැලණි කණ්ඩායම යනුවෙන් හැඳින්වීම නිවැරදි වෙයි.

එසේ වුවත් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන්ගෙන් කුහක බහුතරය තවමත් තමන්ට හැකි ආකාරයෙන් කැලණි කණ්ඩායමට අවහිර කරති. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකට ලියා පදිංචි වී අදාළ පර්යේෂණ කළ චන්න ජයසුමන මහතාට උපාධිය දීම වැළැක්වීමට මේ කුහකයෝ දැනට කටයුතු කරති. අවශ්‍ය වුවහොත් එා සියල්ල නමෝ විත්තියෙන් ම කීමට මම සූදානම් ව සිටින්නෙමි. මෙරට විද්‍යාඥයන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගැන සමස්තයක් ලෙස ගත්කල මට ඇත්තේ පිළිකුළකි. කිසි දිනෙක නව සංකල්පයක් හෝ නව ප්‍රවාදයක් හෝ ඉදිරිපත්කර නොමැති මේ පිරිස බොහෝමයක් අන්‍යයනට අකුල් හෙළන කුහකයෝ වෙති.

අප කණ්ඩායම සාම්ප්‍රදායික බටහිර විද්‍යාඥයන්ගේ කණ්ඩායම්වලින් වෙනස් විය. රජරට නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව අප දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණීන්ගෙනි. ඔවුන්ට අනුව රෝගය පැතිරීම සඳහා කිවුල් ජලය ද, අවශ්‍ය වෙයි. එසේ මනුෂ්‍ය නොවන්නන්ගෙන් දැනුම ලබාගත් අපට අවශ්‍ය වූයේ ඒ දැනුම බටහිර විද්‍යාව අනුව ද සනාථකිරීම ය. එසේ කළේ බටහිර විද්‍යාවේ ඇති ආධිපත්‍යය නිසා හෝ වෙනත් ආනුභාවයක් නිසා හෝ නො වේ. බටහිර විද්‍යාව අනුව ම වක්‍ර ව වුවත් දෙවියන් (හෝ භූතයන්හෝ) සිටින බව පෙන්වීමත් බටහිර විද්‍යාවේ ව්‍යාජ විධික්‍රමය හාස්‍යයට ලක්කිරීමත් කණ්ඩායමේ අන් අයගේ කෙසේ වෙතත් මගේ අරමුණක් විය.

එමෙන් ම මෙරට ආණ්ඩුව ද තීරණ ගැනීමේ දී බලපාන ඉහළ නිලධාරීන් ද ඇතුළු පිරිස බටහිර විද්‍යාවට දණ්ඩ නමස්කාර කරති. ඔවුන්ගෙන් ඇතැමෙක් බටහිර විද්‍යාව හා එහි දර්ශනය හා ඇතැයි කියන විධික්‍රමය පිළිබඳ මළපතේ අකුරක්වත් නොදන්නා නමුත් බටහිර විද්‍යාව සත්‍ය වූ එකම දැනුම ලෙස සලකති. මොවුන්ගෙන් ඇතැමකු බුදුදහම විශ්වාස කරන්නේ ද එය බටහිර විද්‍යාව සමග එකඟවනනේ ය යන පදනමිනි.

එවැනි ප්‍රාථමික දැනුමක් සහිත වුවත් තීරණ ගැනීමේ දී ඔවුන් බලපාන බැවි්න් ඔවුන් ඉදිරියේ ආසනික් පිළිබඳ දැනුම බහිර විද්‍යාව මගින් ද සනාථ කිරීමේ අවශ්‍යතාව අපට විය. එබැවින් ආසනික් පිලිබඳ පර්යේෂණ කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවල දී එහි උපකරණ යොදා ගනිමින් පර්යේෂණ සහායකයන්ගේ ආධාරය ද ලබාගනිමින් ආරම්භ කළෙමු. ඉතා වෙහෙස මහන්සියෙන් කරන ලද පරයේෂණවල ප්‍රතිඵලයක් ලෙස අදාළ ප්‍රදේශවලින් ලබාගත් විවිධ නියැදිවල ආසනික් ඇති බව අපට පැහැදිලි විය.

මෙහි දී කිවයුතු ප්‍රධාන කරුණක් වෙයි. අපට ආසනික් පිළිබඳ දැනුම ලැබුණේ මේ පර්යේඃණවලින් නො වේ. ඒ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් දෙවියන්ගෙන් ය. එහෙත් ඒ ප්‍රාණීන් දෙවියන් ද භූතයන් ද යන්න පිළිබඳ ව ප්‍රශ්න ඇත. අපි ඔවුන් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ලෙස හඳුන්වමු. එහෙත් මේ නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ යැයි මම විශ්වාස නොකරමි. එතුමා යම් දිනෙක බුදුබව ප්‍රාර්ථනා කරන්නකු විය හැකි ය.

කෙසේ වෙතත් ප්‍රියන්තා සේනානායක මහත්මියට බටහිර හෝ සිංහල හෝ වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දැනුමක් නො තිබිණි. ඇය බටහිර සත්ත්ව විද්‍යාව හදාරා ඇති නමුත් බටහිර රසායනික විද්‍යාව පිළිබඳ විශේෂිත දැනුමක් ඇති තැනැත්තියක් නො වූවා ය. එබැවින් කිවුල් ජලයේ ලවණ තුළ ආසනික් සැඟවී සිටින ආකාරය ගැන කීමට හෝ නිදන්ගත වකුගඩු රෝගයට හේතු ආසනික්, කිවුල් ජලය හා කුඹුරු පස යැයි කීමට තරම් දැනුමක් ඇය තම ආකෘතික හෝ අනාකෘතික හෝ අධ්‍යාපනයෙන් ලබා නො තිබිණි.

එබැවින් ඒ කරුණු සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කළේ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ඇය ලත් දැනුමකි. මේ අපේ සංස්කෘතියේ මෙන් ම වෙනත් පැරණි සංස්කෘතීන්හි ද දැනුම ලබාගත් ක්‍රමයක් විය. සිංහල බෞද්ධ සංස්කෘතිය තමන්ගේ හෝ තමන්ගේ ගෞරවයට විශ්වාසයට පාත්‍රවන අයගේ ප්‍රත්‍යක්‍ෂ දැනුම මත පදනම් වෙයි. නාථ හා විපස්සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද ඔවුන්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුම පිලිබඳ මට අවිශ්වාසයක් නැත. ඔවුන්ගේ දැනුම මත පදනම් වී මා සුවපත් වූ අවස්ථා කිහිපයක් වෙයි.

අපි සාම්ප්‍රාදියක ව්‍යාජ විද්‍යාඥයන්ගෙන් අපේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ දී ද වෙනස් වූයෙමු. සාම්ප්‍රාදායික ක්‍රමය අනුව ප්‍රතිඵල ප්‍රකාශ කළ යුත්තේ ඊනියා පර්යේෂණ පත්‍රිකා මගිනි. එහෙත් අපි එසේ නො කළෙමු. අපි කෙලින් ම ප්‍රතිඵල ජනතාවට හා ආණ්ඩුවට දැනගැනීමට සැලැස්වූයෙමු. එයට ප්‍රධාන හේතුව වූයේ වකුගඩු රෝගය හේතුවෙන් විශාල පිරිසක් මිය යෑම ය. ඔවුන්ට ඉක්මන් සුවයක් ලබාදිය යුතුව තිබිණි. ඊනියා පත්‍රිකා ඔස්සේ දැනුම ලබාදීමට කාලයක් ගත වෙයි. අනෙක් අතට ඒ පත්‍රිකා මගින් දැනුම ලබාදුන්න ද එහි සත්‍යාසත්‍යභාවය ඉන් තහචුරු නොවෙයි. නේචර් සයන්ස් ආදී ප්‍රධාන සඟරාවල ද පළවන පත්‍රිකාවල අන්තර්ගත දැනුමෙන් ද ඉතා විශාල ප්‍රමාණයක් වැරදි බව පසුව හෙළි වෙයි. ඒ වෙනත් විද්‍යාඥයන් ද ඒ පත්‍රිකා සමාලෝචනය කිරීමෙන් පසුව ය. (මතු සම්බන්ධයි)

Independence is a process –IV

Western Christian colonialism has not ended. It has changed its face but after more than five hundred years it has been able to oppress the non Christians including the Catholics through various means including giving limited political independence to the colonial countries. The Catholic Chinthanaya has been defeated politically, economically and culturally. The Theravada Chinthanaya that can offer a different way of life resists the Greek Judaic Christian Chinthanaya culturally and politically to some extent is under attack by the western Christian colonialism especially in the cultural component. India and China though called economic giants of the twenty first century are only following the western Christian colonialism economically and cannot offer a different scheme to the world.

The instruments used by western Christian colonialism have changed over the years. The western military forces are now not used except against Muslim Chinthanaya and in few African countries which are still finding their way out. Even in these countries one finds western Christian colonialism using military forces against Muslim Chinthanaya. Until recently western Christian colonialism used military forces against the Sinhala Buddhist Chinthanaya in Sri Lanka indirectly through Tamil terrorism. However, the Sinhala Buddhist Chinthanaya was able to defeat Tamil terrorism and hence the military forces of western Christian Chinthanaya indirectly against all the expectations of the western Christian colonialism. The Government of Sri Lanka instead of answering bogus reports by Channel Four, Navi Pillai and her band of human rights vendors, the united nations and its subsidiaries should appoint a commission to inquire into the funds, support, sponsorship etc., given to Tamil terrorists by the western countries directly and indirectly through the NGOs, the Church and UN and its subsidiaries. It is necessary that the committee represents the Sanga, Veda, Guru, Govi, Ranawiru balawegya and not the elite schools nor the central schools that were mere imitators of the elite schools. The members of the committee should be as far as possible from outside the professions of lawyers, western doctors, university lecturers, civil administrators specially in the private sector, as they are invariably products of the alien education system forced on us by the English and other western Christian colonialists.

Education, media and so called information technology are the main instruments used by western Christian colonialism to suppress the others in the twenty first century. In the western countries there is no freedom of knowledge or of media as there is no second opinion given at any time. It is always what the western Christian colonialism decides that is given to the public. The so called alternative view is only another version of the view of the western Christian Colonialism and people have no choice in this matter. In the USA creationism is allowed to be taught in schools in certain states but Darwinian evolution and creationism are nothing but twin systems that try to give an answer to the question how the world (universe) was created and then evolved. With all the recognition given to Dalai Lama by the western Christian colonialism would USA allow an evolution of the universe according to Agganna Sutta to be taught as an official version in their schools?

What is the culture spread through the facebook and other such modalities using information technology? Most of the people who use information technology are trained by the western Christian colonialism and the few “bloggers” who present an alternative culture are only an insignificant minority with no impact on the outcome. As we have already said the NGOs are the missionaries of the second half of the twentieth century and the first half of the twenty first century and in Sri Lanka one should not be surprised to find in the NGOs, Christian (they may call themselves atheists now but were born into Christian families and are not familiar with the Sinhala Buddhist culture though they pretend to have some knowledge citing Kalama Sutta etc., out of context) representation much more than their demographic representation. In Sri Lanka, the NGO s are funded by western states and private organizations for the purpose of propagating western Christian ideology against Sinhala Buddhist culture.

Their favorite hobby is Sinhala Buddhist bashing and promoting Christian culture. The recent Halal controversy is a case in point. The Halal controversy is around making even non Muslims to consume Halal products compulsorily. If all the products by a producer is Halal certified then the non Muslims are also forced to buy them whether they like it or not. I am surprised to find that the Christians, Catholics and Hindus are prepared to buy Halal products probably in the interests of national harmony. It is only the Buddhists who have come out against forcing them to consume Halal products and the usual NGO bandwagon dominated by Christian “intellectuals” are already at war with the Sinhala Buddhist “Chauvinists”. Why can’t these people consider the “human rights” of the Sinhala Buddhists, unless they do not have human rights as defined by the western intellectuals and their imitators here, and support them in their agitation against making them to consume Halal products compulsorily? The Sinhala Buddhists have no objection to the Muslims consuming Halal products or the Christians, Catholics and Hindus consuming Halal products in the name of national harmony. However, the Sinhala Buddhists would like to see the French, Australians and others in the western world allowing the Muslim ladies to wear what they want and respect their “human rights” in their countries. With funds supplied it is easy to bash the Sinhala Buddhists without realizing that the Buddhists are not interfering with the right of the Muslims to consume Halal products. It is up to the Ulamas’ organization to discuss with the producers and have about 10% of the products prepared according to Halal methodology so that the rest of the products would be marketed without the Halal certificate. The government should not get involved in issuing Halal certificates as it is not a governmental food policy. However, the government should make sure that the Buddhists are given the freedom to consume non Halal products as they wish.

The human rights are another weapon used by the western Christian colonialism to suppress the non Christians. It is only a weapon in the hands of the western Christian modernity as they have no regard for human rights of anybody. The way the blacks are treated in the prisons and the camps in USA and other western countries is well known and it is only typical western hypocrisy to talk of human rights. As we said in the previous installment, the Geneva conference on human rights is nothing but a get together of western Christian colonialists to bash the others and in this epoch of western Christian colonialism which is dominated by the cultural component, the media such as Channel four and human rights vendors who are lavishly remunerated for the services rendered to western Christian colonialism have a field day. It is unfortunate our media give wide and wild publicity to these Pillais and others when the other countries do not consider this get together as a worthy event to report on. Israel does not even attend these get togethers and we should have sent only a delegation of officials to meet Pillai and company who are after all glorified labourers of the UN who work for a salary. In essence they are coolies and why should we send a high powered delegation to meet these paid labourers? The Sri Lankan media should ignore these coolies and let them produce mega teledrama on violation of human rights of the innocent Tamils in installments for the get togethers of these paid labourers of western Christian colonialism. A prize of thousand rupees is offered by the Chinthana Parshadaya for the person who correctly forecast the theme of the next installment by channel four on human rights violation by the Sinhala Buddhists. As Chinthana Parshadaya is not financed by any outside organization it is regretted that we find it difficult to increase the prize money.

(13/02/27)

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සවිමත් කල යුතුය

යටත්විජිත වාදීන් විසින් ස්වදේශිකයින් තම ආගමට හරවා ගන්නට උත්සාහ කලේ ඔවුන් ඊනියා ශිෂ්ඨ සම්පන්න ජාතියක් කිරීමේ අදහසින් හෝ පවින් මුදවාගැනීමේ අරමුණින්යැයි කියනු ලැබේ. යටත්විජිත වාදීන් සමඟ ආ මිශනාරීන්ට මෙවැනි ආකල්ප තිබෙන්නට ඇතැයි සිතිය හැකි නමුත් ස්වදේශිකයින් තම ආගමට හරවා ගැනීම තුලින් යටත්විජිත පාලකයෝ ඊට වඩා දෙයක් බලාපොරොත්තුවූවා යැයි මම සිතමි. එය නම් යටත්විජිත වැසියන් ස්වේච්ඡාවෙන්ම තමන්ට අවනත කර ගැනීමය. එකල යටත්විජිත හමුදා ප්‍රමාණයෙන් ඉතා කුඩාවිය. ඔවුන්ට විශාල භූමි ප්‍රමාණයක විසිරී සිටින විශාල ස්වදේශීය ජනගහණයක් බලය යොදා පාලනය කර ගැනීම පහසු වූයේ නැත. ඒ නිසා මිශනාරීන් යොදවා ස්වදේශිකයින් තම ආගමට හරවාගත්තේ ඒ හරහා ඔවුන් ස්වේච්ඡාවෙන්ම තමන්ට අවනත කරගන්නට යැයි සිතිය හැකිය. ඔවුන් බලාපොරොත්තු වූ පරිදි ක්‍රිස්තියානි ආගම වැලඳගත් එදා සිටි ස්වදේශිකයෝ බොහෝ විට යටත්විජිත පාලකයින්ට එරෙහි නොවූහ. යටත්විජිත සමයේ ක්‍රිස්තියානි ආගම ප්‍රවර්ධණය කිරීම පිටු පස තිබූ දේශපාලණය එයයි. පරංගිත් ලන්දේසීනුත් මේ ක්‍රියාමාරගය අනුගමණය කල අතර ඉංග්‍රීසීන් සිංහලුන් අවනත කර ගත්තේ බුද්ධාගම ආරක්‍ෂා කරතැයි බොරු පොරොන්දුවක් දෙමිනි. බුද්ධාගමත් දන්ත ධාතූන් වහන්සේත් ආරක්‍ෂා කරන පාලකයාට සිංහලුන් අවනත වන බව දැනගත් ඉංග්‍රීසීහු ඒ මත ක්‍රියා කරමින් තම මිශනාරී කටයුතු සඟවාගත්හ. සිංහලුන් ස්වේච්ඡාවෙන්ම තමන් කෙරෙහි නම්මාවා ගන්නේ කෙසේද යන්න ඔවුන් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට වඩා ඉංග්‍රීසීන්ට වැදගත්වුන බව ඉන් පෙනේ. බටහිරුන් ආගම් හරහා කරන දේශපාලනයේ ස්වභාවය එයයි. පසුගිය යුද සමයේ ඉවැන්ජලික ක්‍රිස්තියානි කල්ලි අප රටේ අස්සක් මුල්ලක් නෑර ගොස් බෞද්ධයින් ඒ ආගමට හරවාගන්ට තැත් කලේත් මෙවැනි දේශපාලන අරමුනකින් යැයි මම සිතමි. ඔවුහු තම ආගම ප්‍රවර්ධනය කරන අතර බුද්ධාගමටද පහර ගැසූහ නමුත් ඔවුන්ගේ මූලික අරමුණ වූයේ සිංහලුන් තමන්වෙත නම්මවාගෙන ඔවුන් ලවා දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව රජය ගෙන ගිය සටන අඩපණ කෙරවීම යැයි සිතිය හැකිය. මේ බව තහවුරු වන්නේ ත්‍රස්තවාදීන්ගේ පරාජයත් සමඟ මේ කල්ලිද පසුබැස ඇති බැවිනි. මොවුන්ගේ මූලික අරමූණ කිතුදහම පැතිරවීම නම් ඔවුන් අදද අප අතර සිටිය යුතු නොවේද? සමහර විට ඒ ආගමික දේශපාලනය හරහා ගැමි තරුණයින් හමුදාවට බැඳීම වලක්වන්නට හෝ හමුදාවේ මානුෂික මෙහයවීමට බලපෑම් කරවීමට ඔවුන්ට හැකිවූයේ නම් අද තත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිනි.

පැහැදිලිවම ආගමික දේශපාලනයෙන් කෙරෙන්නේ ජනතාවගේ සිතුම් පැතුම් සූක්‍ෂම ලෙස රටේ අපේක්‍ෂාවන් වලට එරෙහිව වෙනස් කිරීමට උත්සාහ කිරීමය. රටේ ස්වාධිපත්‍යයට එරෙහිව වැඩ කරන දේශපාලන බලවේග වලට ජනතාව නම්මවා ගැනීමට ඉඩ නොදිය යුතුය. නමුත් අද මේ තර්ජනය පරාජය කිරීම එදා තරම් සරල නොවේ. එදා පරංගි සතුරන් ලෙස හඳුනාගෙන ඒ අනුව ක්‍රියා කිරීම අපට ගැටළුවක් නොවිනි. නමුත් අද අන්‍ය ආගමක් පදනම් කරගෙන රටේ ස්වාධිපත්‍යයට එල්ල කරන දේශපාලන තර්ජනවලට කෙලින්ම පහර දිය නොහැක්කේ ශ්‍රී ලාංකිකයින් අතරද ඒ ආගම් භක්තිකයින් සිටින නිසාය. රටේ ස්වාධිපත්‍යයට තර්ජනය කරන දේශපාලන බලවේග වලට ප්‍රජාතාන්ත්‍රී අයිතියක් නොතිබිය යුතු මුත් රටේ විවිධ ආගම් අදහන පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රී අයිතීන් සුරැකිය යුතුය. මෙය තෝරා බේරා ගන්නේ කෙලෙසද?

අද වනවිට බටහිර රාජ්‍ය තම රටවල දේශපාලන ආධිපත්‍ය තහවුරු කරගෙන සිටිති. ඔවුන්ගේ දේශපාලන චින්තනයට බාහිරින් බලපෑම් කල නොහැකිය. ඒ රාජ්‍ය කඩාවැටෙනවා නම් එසේ වන්නේ අභ්‍යන්තර බලපෑම් මඟින් පමණි. නමුත් ඒ රටවල එම තත්වය හැමදාමත් එසේ නොතිබිනි. පනස් ගණන් වල සමාජවාදී සංකල්ප හරහා ඇමෙරිකාවේ දේශපාලන චින්තනයට යම් තර්ජනයක් තිබිනි. එය මැඩලීම සඳහා එවකට බලයේ සිටි ඇමරිකානු රජය නව නීති පැනවීය. ජෝසප් මැකාති නම් සෙනෙට් සභිකයාගේ ප්‍රධානත්වයෙන් කෙරුන මේ මර්ධන වැඩපිළිවෙල යටතේ සමාජවාදීන් යැයි සැක කෙරුනු ඇමෙරිකානු පුරවැසියන් සිය ගණනක් සිර කරනු ලැබූ අතර තව දහස් ගණනකගේ රැකියා අහිමි කරන ලදී. අද සමාජවාදී සංකල්ප තුලින් ඇමෙරිකාවේ දේශපාලන චින්තනයට බලපෑමක් නැත. ඒ නිසා අවශ්‍යය නම් හා හැකිනම් ඕනෑම සමාජවාදියෙකුට ඇමරිකාව තුල සමාජවාදී දේශපාලනයක් කිරීමට අද ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ඇත. වඩාත් නිවැරදිව කියනවා නම් ඕනෑම සමාජවාදියෙකුට ඇමරිකාව තුල සමාජවාදී දේශපාලනයක් කිරීමට ඉඩක් ඇත්තේ ඉන් ඇමරිකානු දේශපාලන චින්තනයට බලපෑමක් කල නොහැකි බැවිනි. ඇමරිකානු දේශපාලන චින්තනය පුද්ගලික නිදහස හා ධනවාදය මත පදනම්වේ. එරට ස්වාධිපත්‍ය රැකෙන්නේ ජනතාව ඒ දේශපාලන චින්තනයට අනුගතව සිටින තාක් කල්ය. පනස් ගණන් වලදී එරට ජනතාව වෙනතකට නම්මවා ගන්නට පිටින් පැමිණි බලපෑම් වලට ඒ රජය ඉඩ නොදිනි. ඉදිරියේද එසේ වනු ඇත. රජයට අමතරව ඇමරිකානුවන් එරට දේශපාලන චින්තනයට අනුගත කර තබා ගැනීම සඳහා එරට විශ්ව විද්‍යාලත් ක්‍රිස්තියානි පල්ලියත් ජන මාධ්‍යත් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. මේ ආයතන එරට සමාජය වටා පවුරක්සේ සිටිමින් පිටින් එන දේශපාලන බලවේග වලට තම ජනතාව නම්මවා ගන්නට ඉඩ නොදෙයි. අද ඇමරිකාවේ පිහිටුවා ගන්නා බෞද්ධ පන්සල් වලින් එරට ජනතාවගේ දේශපාලන චින්තනයට බලපෑමක් නැත. එසේ පන්සල් පිහිටුවාගන්නා අපේ හාමුදුරුවරුන්ටද ඇමරිකානු දේශපාලන චින්තනයට අනුගතවීම හැර කරන්නට වෙන දෙයක් නැත. අපි ඒ ගැන කම්පා නොවෙමු. නමුත් අපේ රටේ ස්වාධිපත්‍යයට තර්ජනය කරන ආගමික දේශපාලන බලවේග පරාජය කිරීමට අපට නිසි ක්‍රම වේදයක් නැතිවීම ප්‍රශ්ණයකි.

බටහිර ක්‍රිස්තියානි පල්ලියටත් මැද පෙරදිග මුස්ලිම් පල්ලියටත් ඔවුන්ගේ සැදැහවතුන් තමන් කෙරෙහි නම්මවා ගැනීමට ඇති හැකියාව අති මහත්ය. සංස්කෘතියෙන් මේ රටවල ජනතාව කේන්ද්‍රීය බල මූලස්ථාන වලට කැමත්තක් දක්වති. ඒ කැමැත්ත ඒ ආගම්වල ඒක දේව විශ්වාසයට අනුකූල විය හැකිය. කෙසේ වෙතත් මේ පල්ලි සංවිධානය වී ඇත්තේද කේන්ද්‍රගතවය. ඒ නිසා මේ පල්ලි හරහා ලොව පුරා විසිර සිටින ඔවුන්ගේ සැදැහැවතුන්ට අති විශාල දේශපාලන බලපෑමක් කිරීමට ඔවුන්ට හැකියාවක් තිබේ. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව මෑතක සිට පෙළ ගැසෙන්නේ මේ ගෝලීය බලපෑම් උඩය. මෙවැනි ආගමික දේශපාලන බලවේග හරහා අප රටේ ජනතාව සිංහල බෞද්ධ දේශපාලන චින්තනයට විරුද්ධව මෙහෙයවීම වැලැක්විය හැක්කේ රජයට පමණි. නමුත් පනස් ගණන් වලදී ඇමරිකානු රජය සමාජවාද බලවේග වලට එරෙහිව ක්‍රියාකළ ආකාරයට අපට විරුද්ධව ක්‍රියා කරන දේශපාලන බලවේග වලට එරෙහිව ක්‍රියාත්මක වීමට විශේෂයෙන් බටහිර රටවල් අපට ඉඩ නොදෙනු ඇත. එය ජය ගැනීමට නම් රජය ශක්තිමත් විය යුතුය. අද එය කළ හැක්කේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සවිමත් කිරීම තුලිනි.
සමඟි පෙරමුණ ආණ්ඩුව විසින් හැත්තා දෙකේ නිර්මාණය කල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දීමටත් බුදු සසුන රැක ගැනීමටත් රජය බැඳී සිටින බව කියැවිනි. මේ ව්‍යවස්ථාව නිර්මාණය කෙරුනේ කොල්වින් ආර් ඩි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙබි පාර්ලිමේන්තු කමිටුවක් මඟිනි. වත්මන් ජනාධිපතිතුමාද එකල එම කමිටුවේ සාමාජිකයෙකු විය. බුද්ධාගම පිළිබඳ වගන්තිය එම ව්‍යවස්ථාවට එකතු වී ඇත්තේ සියවස් ගණනාවක නිදහස් සටන් වල ප්‍රතිඵලයක් ලෙසිනි. නමුත් එම වගන්තිය ව්‍යවස්ථාවට එකතු වී තිබීම අපේ භාග්‍යයක් කොට සැලකිය යුත්තේ අද එවැනි දෙයක් කරන්නට ගියා නම් බටහිරුන්ගෙන් ප්‍රබල විරෝධයක් එල්ලවන බැවිනි. රනිල් හෝ චන්ද්‍රිකා ආණ්ඩු සමයේ ව්‍යවස්ථාව නිර්මාණය වූයේ නම් එම වගන්තිය ව්‍යවස්ථාවට එකතු නොවීමට බොහෝ ඉඩ තිබුනි.

නමුත් සිංහල බෞද්ධයින්ට වැදගත්වන සියලු දේශපාලන සංකල්ප එම වගන්තියේ ගැබ්වී තිබේද? බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම හා බුදු සසුන රැක ගැනීමට පටු අර්ථකණයක් දීම ඉන් වැලැක්විය හැකිද? අනාගතයේ එල්ලවිය හැකි ආගමික දේශපාලන බලවේගවලට මුහුණ දීමට මේ වගන්තිය පමණක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබීම ප්‍රමාණවත්ද? මගේ අදහස නැත යන්නය.

වංශපුර දේවගේ ජානක

Sunday 24 March 2013

බටහිර විද්‍යාව, ආසනික් සහ දෙවියෝ - හඬ ගොණු













සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ - II

සිංහල බෞද්ධයනට ඉදිරි දර්ශනයක් නොමැතිවීම පිළිබඳ වගකිවයුත්තෝ මෙරට උගත්තු වෙති. සිංහල බෞද්ධයන් සිතන පතන ආකාරය ගැන අධ්‍යයනයක් කර බටහිර දැනුමට අභියෝගයක් වනසේ දැනුම් පද්ධතියක් නිර්මාණය නොකර ඔවුහු විවිධ බටහිර දැනුම් අනුකරණය කළහ. මෙය නවකතාව හා කෙටිකතාව ඇතුළු සිංහල සාහිත්‍යයෙහි ද බෞද්ධ දර්ශනයෙහි ද බටහිර මානව ශාස්ත්‍රවල ද සමාජ විද්‍යාවන්හි ද ස්වාභාවික විද්‍යාවන්හි දී ද ඉංජිනේරු ශිල්පයෙහි හා වෛද්‍යවිද්‍යාවෙහි ද ආදී වශයෙන් දැකගත හැකි ය. බටහිර දැනුම හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරනු වෙනුවට සිංහල උගත්තු ඒ දැනුම ගෙඩිය පිටින් අනුකරණය කළහ. එහි තවත් පැත්තක් ද විය. බුදුදහම බටහිරයන්ට අවශ්‍ය කරන අන්දමෙන් විවරණය කිරීමේ ප්‍රයත්නයක් ද විය…. බෞද්ධ උගතුන් පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා බොහෝ විට ගියේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවලට ය. එහි දී ඔවුන්ට ඉංගිරිසි ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලවල සම්ප්‍රදාය අනුගමනය කිරීමට සිදු විය. බුදුදහම ඊනියා ගුඩු දහමක් නො වේ යැයි බටහිර උගතුන්ට පෙන්වා තමන් ද ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක චින්තනයක් ඇති පිරිසක් ය යන්න බටහිරට හඬනගා කීම ඔවුන්ගේ අරමුණක් විය. බුදුදහම විද්‍යාත්මක යැයි කීමට පෙරට පැමිණියෝ ද ඔවුහු සහ බෞද්ධ විද්‍යාඥයෝ වූහ. කාලාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක චින්තනය ගැබ් වී ඇතැයි කීවෝ ද ඔවුහු ම ය. ජාතක කතාව බටහිර කෙටිකතාවේ යථාර්ථවාදී රීතියෙන් ලියැවී ඇති බවට බොරු බේගල් පතුරවනු ලැබුවේ ද ඔවුන් විසින් ම ය. ඈරිස්ටෝටලීය න්‍යාය හා යථාර්ථවාදය නිරපේක්‍ෂකත්වය හා බටහිර විද්‍යාව ඇසින් බැලූකල නිවන ගුඩු දහමකි. අප එය එසේ නො වේ යැයි කීමට බියවිය යුතු නො වේ. නිවන වචනයෙන් පැවසිය හැකි නො වේ. කිසියම් අයකු අපට ද නිවන් අවබෝධ කරගැනීමට හැකිවන අයුරින් නිවන අර්ථදක්වන්නේ නම් ඒ පිනම නිවන් දැකීමට ප්‍රමාණවත් වන්නේ යැයි සිතමි. බුදුන් වහන්සේ නිවන යනු මේ යැයි පවසා ඇත්තේ කිනම් සූත්‍රයක ද? බුදුදහම යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට එකඟ යැයි පැවසීම නිවට කමකි.

අද ලෝකයේ ඇත්තේ චින්තන තුනක් අතර සටනකි. ඒ බටහිරයන්ගේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයත්, මුස්ලිම් චින්තනයත්, ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයත් ය. ඉන්දියාව හා චීනය බටහිර චින්තනය අනුගමනය කරයි. අද රුසියාවේ ඇත්තේ තුන්වැනි චින්තනය ය. මේ චින්තනය ගසා කෑ කතෝලික චින්තනයේ මාක්ස්වාදය (නිරවුල් ව කිවහොත් ලෙනින් සැටැලින් වාදය) රුසියාවේත් පසුව නැගෙනහිර යුරෝපයේ ග්‍රීක ඕතොඩොක්ස් සංස්කෘතියේ රටවලත් ස්ටැලින්වාදී සමාජවාදයක් ගොඩනැගීමට උත්සාහ කළේ ය. කතෝලික චින්තනය මත පදනම් ව ෆැසිස්ට් රාජ්‍යයක් බිහිකළ හිට්ලර්ගේ පරාජයෙන් පසු පාප්තුමා ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සිරකරුවෙක් විය. ඔහු අද මු්‍රළුමනින් ම සේවය කරන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ය. පෝලන්ත ජාතිකයකු පාප් පදවියට පත්කරගත් බටහිරයෝ වැවෙන්සා මගින් පාප්තුමාගේ පිහිටෙන් පෝලන්තයේ ලෙනින් ස්ටැලින් වාදය පරාජය කළහ. ඒ ක්‍රියාදාමය අවසන් වූයේ බර්ලින් තාප්පය කඩාවැටීමෙනි. අද රුසියාවේ ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට විරුද්ධ එහෙත් එතරම් ශක්තියක් නැති ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයේ රාජ්‍යයකි. බටහිරයන්ට එරෙහිව ප්‍රබල සටනක් කිරීමට හැකියාව ඇත්තේ මුස්ලිම් චින්තනයට ය. එහෙත් මේ අතර ථෙරවාදී බෞද්ධ චින්තනය ද වෙයි. එවැනි රටවල්වලින් බටහිරයන්ට ඇත්තේ යුදමය තර්ජනයක් නොව ආධ්‍යාත්මික විකල්පයකි. පසුගිය අවුරුදු පන්සියයක කාලයක් තිස්සේ මේ රටවල් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් බැට කා ඇත. පොල්පොට් සහ මියන්මාර හමුදා නිලධාරීන් පිළිවෙළින් කම්පූචියාවේ හා මියන්මාරයේ බෞද්ධ රාජ්‍ය පිහිටුවීමට වෑයම් කළ මුත් ඔවුන්ට පැහැදිලි දර්ශනයක් හා දැනුමක් නොමැතිවීම හේතුකොටගෙන බටහිරයන්ට ඔවුන් පරාජය කිරීමට හැකි විය. අද යමක් කළ හැකි ථෙරවාද බෞද්ධ රටවල්වලින් ඉතිරි වී ඇත්තේ ලංකාව පමණ ය. එහෙත් මෙරට අනුකාරක බෞද්ධ උගතුන් සමගින් බටහිරයන් පරාජය කිරීමට නො හැකි ය.

ලංකාව සිංහල බෞද්ධ රටක් වන්නේ නාමිකව ය. මෙරට සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි ය. දහසය වැනි බෙනඩික්ට් පාප්තුමා මේ මස අවසානයේ දී පාප් පදවියෙන් ඉල්ලා අස්වෙයි. එසේ පාප්තුමකු පදවියෙන් ඉල්ලා අස්වන්නේ අවුරුදු හයසියයකට පමණ පසුව යැයි කියැවෙයි. මේ හුදෙක් සෞඛ්‍ය හේතු නිසා කරන ඉල්ලා අස්වීමක් යැයි සිතීමට අපි මැළිවෙමු. මෙය පිටුපස සංස්කෘතික සටන වේ යැයි අපි සිතමු. ග්‍රීක් ඕතොඩොක්ස් චින්තනය, මුස්ලිම් චින්තනය හා ආයුධ ශක්තියක් නැති බෞද්ධ චින්තනය පරාජය කිරීමට නව පාප්තුමා යෙදා ගැනීමට බටහිරයෝ බලාපොරොත්තු වෙති. වර්තමානයෙහි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි වඩාත් ම ප්‍රබල ව ක්‍රියාත්මක වන්නේ සංස්කෘතික සංරචකය ය. ආර්ථික හා දේශපාලනික සංරචක අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර (ස්වායත්ත) නොවූව ද සංස්කෘතික සංරචකය අද ශක්තිමත් ය. අද බටහිරයන්ට තර්ජනයක් එල්ලවිය හැකි එකම ථෙරවාද බෞද්ධ රට බවට පත් වී සිටින ලංකාවේ සිංහල බෞද්ධ විරෝධී අරගල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. චැනල් ෆෝ, මානව හිමිකම් කොමිසම ආදිය සංස්කෘතික සංරචකයේ උපකරණ වෙයි. අප ඔවුන් නොසලකා හැරිය යුතු ය. මාර්තු මාසයේ දී ඇමතිවරුන් ජෙනීවා නොගොස් නිලධාරීන් පමණක් යවන්නේ නම් එය අගය කළ යුතු ය. රනිල් වික්‍රමසිංහ කිසි දිනෙක මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ හිතවතකු නො වී ය. ඔහු හලාල් ප්‍රශ්නයෙහි දී සිිංහල බෞද්ධ ස්ථාවරයක් ගැනීමට වෑයම් කළේ පිරිසිදු චේතනාවකින් නම් විය නො හැකි ය. ඔහු අගමැතිව සිටිය දී පෘතුගීසීන් පැමිණීමේ පන්සියවැනි සංවත්සරය උත්සව ශ්‍රීයෙන් සැමරීමට යෝජනා කළේ ය. එයට පළමු ඔහු අගමැති ධුරයෙන් ඉවත්කිරීමට සිංහල බෞද්ධයෝ සමත්වූහ. පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ යෝජනාවක් අනුව ලංකාවේ පාර්ලිමේන්තුව අස්ව යන පාප්තුමාගේ ගුණ සැමරී ය. මෙරටට මහඟු සේවාවන් කර අපවත්වූ භික්‍ෂූන් වහන්සේලා කී නමකගේ ගුණ සිංහල බෞද්ධ යැයි කියන රටේ පාර්ලිමේන්තුවේ සමරා ඇත් ද? එහෙත් මට එයටත් වඩා ප්‍රශ්නයක් ඇත. නව පාප්තුමාට සුබ පැතීමට පාර්ලිමේන්තුව රැස්වේවි ද? සිංහල බෞද්ධයන් මේ කරන්නේ තම වළ තමන් ම කපා ගැනීම ද? පෝලන්තයේ සිදු වූ දේ මෙරට ද සිදු වීමට ඉඩක් ඇද්ද?

හලාල් ප්‍රශ්නය ඇතිවූයේ බටහිර ක්‍රිස්තියානි –- මුස්ලිම් සංස්කෘතියේ ගැටුම නිසා ය. අප ගිය සතියේ ද කී පරිදි මෙරට ආහාර ප්‍රතිපත්තිය යුදෙව් ක්‍රිස්තියානි ය. බටහිර ආධිපත්‍යයෙන් අපි ජීවන රටාව ද වෙනස් කර ගත්තෙමු. අද මුස්ලිම් සංස්කෘතිය මුළු ලෝකයේ ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කරයි. හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්ලිමුන් පෙළඹෙන්නේ එබැවිනි. ඒ ගැන අපට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් නැත. අපට ප්‍රශ්නය වනුයේ හලාල් භාණ්ඩ මුස්ලිම් නොවන්නන්ට ද පරිභෝජනය කිරීමට බල කිරීම ය. මේ ප්‍රශ්නය හින්දු, කතෝලික, ක්‍රිස්තියානි භක්තියනට ද බලපාන නමුත් බෞද්ධයන් පමණක් ඉදිරිපත් වූයේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය බළලුන් ලවා කොස් ඇට බා ගැනීමේ ක්‍රියාවක් අනුගමනය කළේ ද? ඒ කුමක් වුවත් ප්‍රශ්නයට පිළිතුර පෙබරවාරි 10 වැනි දා ඉරිදා දිවයිනෙන් ද පෙබරවාරි 20 වැනි දා අයිලන්ඩ් පූවත්පතෙන් ද ඉදිරිපත් කළෙමු. හලාල් භාණ්ඩ පරිභෝජනය කිරීමට මුස්ලිමුන්ට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ අදාළ නිෂ්පාදකයන් සමග සාකච්ඡා කර භාණ්ඩවලින් යම් ප්‍රතිශතයක් (මුස්ලිම් ජන අනුපාතය හා පරිභෝජනය සලකමින්) පමණක් හලාල් ක්‍රමයට නිෂ්පාදනය කර හලාල් සහතිකය සමගින් නිකුත්කිරීමට වගබලාගැනීම ය. එහි දී ආණ්ඩුව සහතික නිකුත් කිරීමට මැදිහත් නොවිය යුතු ය. ආණ්ඩුව මැදිහත් විය යුත්තේ බෞද්ධ ආහාර ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට ය. අප පෙබරවාරි 10වැනි දා කී පරිදි “එසේ වුවත් හලාල් නොවන භාණ්ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්තියානින්ට ද ඉඩ තිබිය යුතු ය.” මෙය හුදෙක් උලමාවරුන්ගේ කරුණාව නිසා සිදුවිය යුත්තක් නොවේ.

සංස්කෘතික වශයෙන් ද තවත් වැදගත් කරුණක්් වන්නේ ආසනික් ය. ආසනික් සම්බන්ධයෙන් කැලණි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම දිගින් දිගට ම කී දේ දැන් තහවුරු වෙමින් පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට එවන ලද තම අවසන් වාර්තාවෙන් රජරට හා අනෙක් පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගය හා ආසනික් අතර ඇති සම්බන්ධය හෙළිදරවු කරයි. මෙහි දී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වාසි සඳහා ආසනික් සම්බන්ධයෙන් රජයට එරෙහිව කරන කතා අපි ප්‍රතික්‍ෂේප කරමු. රෝසි සජිත් දයාසිරි කණ්ඩායම අපට දැනුම ලැබුණු ආකාරය පිළිගන්නේ ද? ආසනික් හෙළිදරවුවේ දී වැදගත් ම කාර්යයන් කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය හා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය ය. සේනානායක මහත්මිය නොවන්නට අපට ආසනික් පිළිබඳ දැනුම නාථ හා විපස්සක දෙවිවරුන්ගෙන් (ඔවුන් කවුරුන් වුවත්) නොලැබෙනු ඇත. එයටත් වඩා පරණගම මහත්මිය අපහාස බාධක හමුවේ කරන ලද පර්යේෂණ නොවන්නට බටහිර විද්‍යාවට අනුව ආසනික් ඇති බව පෙන්වීමට නොහැකි වනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන මගේ ගෞරවයක් නැතිවුවත් දෙවිවරුන්ගෙන් ලත් දැනුම ඔවුන් ලවා ද සනාථ කරවීමට ලැබීම ගැන මම සතුටු වෙමි. පරණගම මහත්මිය කවදා නමුත් ජාතික සම්මානයක් ලැබිය යුතු ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවෙන් පසු දෙවියන් භූතයන් ඇති බව කසිකබල් ද්‍රව්‍යවාදීන්ට ද පිළිගැනීමට සිදුවෙයි. එහෙත් එක් රූපවාහිනී නාළිකාවක් හැර අනෙක් මාධ්‍ය වාර්තාවක් නැති අයුරෙන් කටයුතු කළේ ය. වාර්තාවට ප්‍රසිද්ධියක් දුන් නාළිකාව අතුරලියේ රතන හාමුදුරුවන්ට ප්‍රසිද්ධිය දෙමින් උන්වහන්සේ ලවා තමන්ට සහතිකයක් නිකුත්කර ගැනීමට කටයුතු කළේ ය. සියල්ලන්ට කැලණිය අමතක විය. එක් දේශපාලන පක්‍ෂයක වෙබ් අඩවිය ජයසුමන මහතාගේ ප්‍රකාශයක් මත පදනම් වන්නේ යැයි කිියමින් සේනානායක මහත්මියගේ ද පරණගම මහත්මියගේ ද සේවය නොතකා හැරියේ ය. ඔවුහු කැලණි රජරට කණ්ඩායමක් ගැන කතා කළෝ ය. රජරට ජයසුමන මහතා පරීක්‍ෂණයට සම්බන්ධවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙස ය. ඔහුට අකුල් හෙළන කුහක ඇදුරන්ට මුහුණ දීමට සිදු වී ඇත්තේ ද පරණගම මහත්මියට ය. ඒ කුමක් වුවත් අපට වැදගත් කමක් නැති වුවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවෙන් ආණ්ඩුවට කෘෂිරසායන සම්බන්ධයෙන් කෙටිකාලීන පියවර ගැනීමටත් දිරඝකාලීනව කෘෂිරසායන තහනම් කිරීමටත් බලකෙරෙයි. වකුගඩු රෝගයෙන් මිනිසුන් මියයද්දී ආණ්ඩුවට කෘෂිරසායන සමාගම්වලට යටවීමට ඉඩ දිය නො හැකි ය.

(2013/02/24)

හිපොක්‍රටෙස් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා නො වේ

මෙවර අපේ ප්‍රවාද වෙන්වන්නේ වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් පසුගිය සතියේ විදුසර පුවත්පතෙහි පළකරන ලද හිපොක්‍රටීස් හා ග්‍රීක දෙවියෝ යන ලිපියට ප්‍රතිචාරයක් දැක්වීමට ය. ලිපිය ලිවීම පිළිබඳ ව අප බටහිර වෛද්‍යවරයකු ලෙස පුහුණුවක් ලබා ඇති චන්න ජයසුමන මහතාට ස්තුතිවන්ත විය යුතු ය. ඒ මහතා ලොව පිළිගත් ඉහළ ම පෙළේ ඊශ්‍රායල් ජාතික වෛද්‍යවරයකු යැයි කියන්නකු මුණගැසී සාකච්ඡා කර ඇතැයි කියයි. ඒ වෛද්‍යවරයාගේ නම සඳහන් කිරීමෙහි යම් බාධාවක් ඇත් දැයි අපි නො දනිමු. ඊශ්‍රායල් ජාතික වෛද්‍යවරයා කියා ඇතැයි සඳහන් වන බොහෝ දේ අසංගත ය. ඒ ගැන කීමට පෙර අපට මූලික හැඳින්වීමක් කිරීමට සිදුවී ඇත්තේ සිංහල වෛද්‍යවරයාගේ ලිපියට කරන ඌණපූරණයක් ලෙස ය.

අප විසින් විශේෂයෙන් ම පසුගිය අවුරුදු පහක පමණ කාලයක් තිස්සේ ලියන ලද ලිපිවල අඩංගු ප්‍රධාන කරුණක් වූයේ දෙවියන්ගෙන් (භූතයන්ගෙන්) දැනුම ලබාගැනීම පිළිබඳ ව ය. වෙන කාහටත් වඩා හොඳින් චන්න ජයසුමන මහතා ඒ බව දනියි. රජරට හා ලංකාවේ වෙනත් පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් (එයට කුඹුරු පස හා කිවුල් ජලය ද හේතු වෙයි) බව අප දැනගත්තේ මානුෂික නොවන ප්‍රාණීන්ගෙනි. ඒ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගිනි. සේනානායක මහත්මිය වෙත ජයසුමන මහතා යොමු කරන ලද්දේ ද මා විසිනි.

එතෙක් මනුෂ්‍ය ලෝකයෙහි කිසිවෙක් නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි දැන නො සිටියෝ ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඒ රෝගය හඳුන්වනු ලැබුයේ ද හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය ලෙස ය. ඒ රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව අපට කියා දුන්නේ නාථ දෙවියන් ලෙස හැඳින්වෙන ප්‍රාණියකු ය. එතුමා මතු බුදුවන මෛත්‍රී බුදුන්වහන්සේ නොවේය යනු මගේ හැඟීම ය. ඒ කෙසේ වෙතත් නාථ දෙවියන් යනු මනුෂ්‍යයකු නො වේ. දෙවියන් හෝ වෙනත් අයකු හෝ සමග සන්නිවේදනයේ දී ප්‍රියන්තා සේනානායක මහත්මිය අතින් සිදු වූ සේවය විශාල ය. ඇය නොවන්නට අපට එ දැනුම ලබාගැනීමට නොහැකි වීමට තිබිණි. එහෙත් ඒ දැනුම බටහිර විද්‍යාවට අවශ්‍ය කෙරෙන අයුරින් පෙන්නුම් කරන ලද්දේ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය විසිනි. ඒ සඳහා ඇය විසින් කරන ලද කැපකිරීම තවමත් නිසියාකාර පිළිගැනීමකට ලක් වී නැත.

අප දැනුම ලබාගන්නේ කෙසේ ද දැනුම යනු කුමක් ද ආදී මාතෘකා පිළිබඳ සාකච්ඡා කරන්නේ අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ ය. දැනුම යනු නිර්මාණයක් බව ද ඒ නිර්මාණය කෙරෙන්නේ සත්ත්වයන් විසින් බව ද එයට හේතුව අවිද්‍යාව බව ද මිනිසුන් දැනුම නිර්මාණය කරන්නේ ඒ ඒ අයගේ චින්තනය මත පදනම් ව ඒ ඒ සංස්කෘතියට, මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂව මනස විසින් බව ද, සිංහල බෞද්ධයන්ගේ දැනුම් නිර්මාණය නිවණට සාපේක්‍ෂ බව ද (එනම් දැනුම නිර්මාණය අවසන් විග්‍රහයෙහි දී නිවන් අවබෝධය අරමුණු කරගෙන බව) අපි පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් පුරා විටින් විට කියා ඇත්තෙමු. මගේ ලෝකය කෘතියෙහි සිට බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ කෘතිය දක්වා ලියැවුණු පොත්වලත් දහස් සංඛ්‍යාත ලිපිවලත් මේ කරුණු අඩංගු වෙයි. ඇතැමුන් මේ අදහස් ඉන්පසුව තමන්ගේ අදහස් මෙන් ප්‍රකාශ කරන බවත් ඒ පිළිබඳ ව මට එතරම් කම්පනයක් නැති බවත් සඳහන් කරනු කැමැත්තෙමි. එහෙත් ඒ සමග පෘථග්ජනයකුට ඇතිවන ඇතැම් හැඟීමක් ඇති නොවන්නේ යැයි ද මම නො කියමි.

සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම පිළිබඳ ඥානවිභාගයක් අවශ්‍ය නම් එය ඇරඹිය යුත්තේ පටිච්චසමුප්පාදයෙනි. අවිජ්ජා පච්චයා සංඛාරා යන්නෙන් අවසාන විග්‍රහයෙහි දී අවිද්‍යාව හේතුවෙන් දැනුම හටගන්නා බව කියැවෙයි. ඉතා මෑතක දී මෙය තවදුරටත් පැහැදිලි කළෙමි. මා කියා සිටින්නේ පටිච්චසමුප්පාදයෙහි පළමුවැනි කොටස ඵස්ස යන්නෙන් අවසාන වන බව ය. පටිච්චසමුප්පාදය එසේ කොටස්වලට කැඩිය හැකි දැයි ථෙරවාද බුදුදහමෙහි ඊනියා ආරක්‍ෂකයකු අසනු ඇත. එහෙත් අවිජ්ජා සිට ඵස්ස දක්වා විස්තර කෙරෙනුයේ සම්මුති දැනුම අනිච්ච දුක්ඛ අනාත්ම නොදැනීම හේතුවෙන් ගොඩනැගෙන ආකාරයයි. මේ දැනුම සම්මුති ලෙස සත්‍ය යැයි පිළිගැණුන ද බොරුවකි. මම යන දැනුම ම බොරුවක් වූ කල අනෙක් දැනුම් ගැන කියනුම කවරේ ද?

ඵස්ස පච්චයා වේදනා යන්නෙන් පටන්ගැනෙන්නේ පටිච්චසමුප්පදායෙහි දෙවැනි කොටස ය. වේදනාව හේතුවෙන් තණ්හා උපාදන භව ජාති ජරා මරණ ආදිය ඇතිවෙයි. අපට ඵස්ස යන්නෙන් පසු කොටස ඇතිවන්නේ අප පෘථග්ජනයන් නිසා ය. අපට අවිද්‍යාව නොවන්නේ නම් ඵස්ස දක්වා කොටසෙන් පසුව වේදනාවක් ඇති නො වේ. තණ්හා උපාදන භව ජාති ජරා මරණ ආදිය එවිට හට නො ගනියි. දැනුම පිළිබඳ ඥානවිභාගයක් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ගොඩනැගෙන්නේ ඒ අයුරෙනි. එය ඊනියා සිංහල බෞද්ධ ඥානවිභාගයක් නොවන බව ද කිව යුතු ය. මෙහි දී කිවයුතු වැදගත් කරුණක් වනුයේ මා අසා ඇති අන්දමට රහතන් වහන්සේට ඵස්ස යන්නෙන් පසු කොටස හට නොගන්නා බව ය. උන්වහන්සේට සංඛාර ඇතිවන්නේ අවිද්‍යාව නිසා බවට අවබෝධයක් වෙයි. අපට ඒ පිළිබඳ තේරුමක් ඇතත් අවබෝධයක් නැත.

සිංහල බෞද්ධ චින්තනයෙහි මේ සම්මුති දැනුම ලබාගැනීමේ ක්‍රමය වනුයේ ප්‍රත්‍යක්‍ෂය ය. නිවණ වුව ද ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ය. එහෙත් ඒ පිළිබඳව ද අපට ඇත්තේ තේරුමක් මිස අවබෝධයක් නො වේ. ඒ අවබෝධය සළායතන සම්බන්ධ වූ විඤ්ඤාණයකින් ලබාගත නොහැකි බව පැහැදිලි ය. එය අපේ පෘථග්ජන මනසින් ලබාගත නො හැකි ය. ඒ විඤ්ඤාණ මායා වෙයි. සළායතනවලින් එකක් වූ මනස ද මායාවකි.

අපේ ප්‍රත්‍යක්‍ෂය ආධ්‍යාත්මික ව ද ලබාගත හැකි ය. එනම් අපට දැනුම ආධ්‍යාත්මිකව ලබාගත හැකි ය. එය සෘජුව හෝ වෙනත් ප්‍රාණියකුගෙන් වක්‍රව කළ හැකි ය. ආධ්‍යාත්මික ව, පසිඳුරන් මැදිහත් නොවී දැනුම ලබාගැනීම සිංහල බෞද්ධයනට සීමා නො වෙයි. ඉතිහාසයෙහි (සාහිත්‍යයෙහි) සඳහන් අන්දමට යුදෙවුවන්, ග්‍රීකයන්, වෛදිකයන් මෙසේ දැනුම ලබාගෙන ඇති බව පැහැදිලි ය. සිංහල බෞද්ධයන් ද වෙනත් බෞද්ධයන් ද එසේ දැනුම ලබාගෙන ඇත. ගුත්තිල පඬිතුමා සක් දෙවියන්ගෙන් ලබාගෙන ඇත්තේ එවැනි දැනුමකි. මේ කරුණු පසුගිය අවුරුදු පහේ දී පමණ සාකච්ඡා වී ඇත්තේ දෙවියන් හා අමුෂ්‍යයන් ආදී වෙනත් ප්‍රාණීන් පිළිබඳ එතෙක් පැවති දැනුම වෙනුවට වෙනත් දැනුමක් නිර්මාණය කරගැනීමෙන් පසුව ය. ඒ පිළිබඳ ව සඳහනක් බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ කෘතියෙහි වෙයි.

ග්‍රීකයන්ට මෙන් ම වෛදිකයන්ට ද සිංහලයන්ට ද බොහෝ දෙවියෝ වෙති. මේ දෙවියෝ ඒ ඒ ජනයා සමග සම්බන්ධ වෙති. ඒ කරුණු ග්‍රීකයන්ගේ ඔඩිසි හා ඉලියඩ් ආදී කෘතිවල ද වෛදිකයන්ගේ මහාභාරතය හා රාමායණය ආදී කෘතිවල ද සඳහන් වෙයි. ග්‍රීකයන්ට, වෛදිකයන්ට සිංහලයන්ට හා වෙනත් අයට මෙන් නොව යුදෙවුවනට හා මුස්ලිමුන්ට ඇත්තේ එක් දෙවි කෙනෙකු බැවිනි. යුදෙවුවන්ගේ දෙවියෝ යෙහෝවා නමින් ද ඉස්ලාම් භක්තිකයන්ගේ දෙවියෝ අල්ලා නමින් ද හැඳින්වෙති. බොහෝ විට මේ දෙදෙනාම එක් අයකු විය හැකි ය.

ඒ කෙසේ වෙතත් පරණ තෙස්තමේන්තුවේ සඳහන් ආකාරයට යෙහෝවා දෙවියන් බොහෝ අවස්ථාවල යුදෙවුවන්ට දැනුම ලබා දී ඇත. යුදෙවුවනට අනුව ඔවුහු ලෝකය මැවූ යෙහෝවා දෙවියන්ගේ තෝරාගත් ජනයා වෙති. ඒ දෙවියෝ බොහෝ අවස්ථාවල යුදෙවුවන් ආරක්‍ෂා කර ඇතැයි බයිබලයේ සඳහන් වෙයි. නොආ ගේ කතාව මෙන් ම මෝසෙස්ගේ කතාව ද ඒ සඳහා උදාහරණ වෙයි. අප තවදුරටත් සඳහන් කර ඇත්තේ පරණ තෙස්තමේන්තුවේ සඳහන් අනාගත වක්තෘන්වරුන් එසේ දෙවියන්ගෙන් දැනුම ලබාගත් අය බව ය. අඩුම තරමෙන් බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ කෘතිය කියවූවන්ට මේ කිසිවක් අලුත් දැනුම නො වේ. චන්න ජයසුමන මහතා ඒ පොතට අමතර ව මගේ වෙනත් පොතපත ද කියවා ඇතැයි සිතමි.

ජයසුමන මහතාට අනුව යුදෙවු ජාතික වෛද්‍යවරයා කියා ඇත්තේ යුදෙවුවනට පමණක් දෙවියන්ගෙන් (ඔවුන්ගේ යෙහෝවා දෙවියන් වහන්සේගෙන්) දනුම ලබාගත හැකි බවත් ඔවුන් අදත් එසේ දැනුම ලබාගන්නා බවත් ය. එහෙත් ඒ සමග ඔහු ජයසුමන මහතාට හිපොක්‍රටෙස් ගැන ද කියා ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි පියා ලෙස සැලකෙන හිපොක්‍රටෙස් දැනුම ලබාගෙන ඇත්තේ ඇස්ක්ලෙපියස් නම් දෙවි කෙනකුගෙන් බව ද ඇස්ක්ලෙපියස් ඉහත ආත්මයෙහි (මෙය පුනරුත්පත්තිය නොවේ නම් කුමක් ද?) ඒ නමින් ම මිනිස් වෛද්‍යවරයකු ලෙස ජීවත්වී ඇති බව ද ඔහුට ග්‍රීක ඇපලෝ දෙවියන් වෙද දැනුම ලබා දී ඇති බව ද, ඇස්ක්ලෙපියස්ට හයිජියා නම් වෛද්‍යවරියක වූ දියණියක සිටි බව ද හයිජීන් යන ඉංගිරිසි වචනයෙහි නිරුක්තිය ඇය කරා විහිදෙන බව ද ජයසුමන මහතා අන්තර්ජාලයෙන් කරුණු ලබාගෙන කියයි. එපමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාවේ සංකේතය ලෙස සැලකෙන ඇසෙක්ලෙපියස්ගේ දණ්ඩ සර්පවිෂ විශේෂඥයකු වූ ඇසෙක්ලෙපියස්ගෙන් ලැබුණු බවට ද ඔහු අන්තර්ජාලයෙන් ම කරුණු දක්වයි. එමෙන් ම සිසේරියන් සැත්කමේ මුල ද ඇසෙක්ලෙපියස්ගේ උත්පත්තිය සමග සම්බන්ධ බව ද කියැවෙයි. බටහිර වෙදකමේ හිපොක්‍රටෙස් දිවුරුම ඇපලෝ, ඇසෙක්ලෙපියස්, හයිජීන් ආදී දෙවිවරුන් නාමයෙන් කෙරෙන්නක් බව ද ජයසුමන මහතාට දැන් මතක් වී ඇත.

යුදෙවු වෛද්‍යවරයා එක් පැත්තකින් දෙවියන් දැනුම ලබාදෙන්නේ තෝරාගත් ජනයා වූ යුදෙවුවනට පමණක් බව කියන අතර අනෙක් පැත්තෙන් ඇපලෝ දෙවියන්ගෙන් ලත් දැනුම ගැන ද කියා ඇත. ඒ එසේ නම් එහි පරස්පරයක් වෙයි. අනෙක් අතට පසුගිය සියවසේ ජීවත් වූ ඉන්දීය ගණිතඥයා රාමනුජන් ද හින්දු දේවාතාවියකගෙන් දැනුම ලබාගෙන ඇති බව ඒ මහතා නොදැන සිටින්නට ඇත. එබැවින් අද ද යුදෙවුවන් හැර වෙනත් අය ද දෙවියන්ගෙන් දැනුම ලබාගන්නා බව පැහැදිලි ය. එසේ ම බිම්බිසාර රජුගේ උත්පත්තිය හා සම්බන්ධ කතාවෙහි චානක්‍ය බමුණා සිදුකල “සිසේරියන්” සැත්කමක් ගැන පමණක් නොව වෙනත් මව්කුසක (එලිච්චියකගේ) ගැබෙහි දරුවා වර්ධනය කිරීමක් ගැන ද සඳහන් වෙයි. එමෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාවට ග්‍රීකයන්ගෙන් දැනුම ලැබී ඇති ආකාරයට කොපර්නිකස්ට ආර්යභට්ට භාෂ්කර ආදී වෛදික ගණිතඥයනගෙන් හා තාරකා විද්‍යාඥයන්ගෙන් සූර්ය කේන්ද්‍රවාදය ලැබුණු බව ද යුදෙවූ වෛද්‍යවරයා නොදැන සිටිය ද මගේ ලිපි කියවන ජයසුමන මහතා දැන සිටි්නට ඇත. ජයසුමන මහතාගේ ලිපිය දෙවියන්ගෙන් දැනුම ලැබීමට සමච්චල් කරන මෙරට බටහිර වෛද්‍යවරුන්ගේ ඇස් ඇරීමට සමත් වේ දැයි නො දනිමි. එහෙත් ජයසුමන මහතා බොහෝ කරුණු මගහැර ඇති බව පැහැදිලි ය.

අවසාන වශයෙන් කිවයුත්තේ හිපොක්‍රටෙස් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා නොවන බව ය. ආර්යභට්ට හෝ භාෂ්කර හෝ බටහිර තාරකා විද්‍යාවෙහි පියා ලෙස බටහිරයෝ නො සලකති. බටහිර විද්‍යාවේ විධික්‍රමය ග්‍රීක විද්‍යාවේ මෙන් ම වෛදික විද්‍යාවේ ද විධික්‍රමයෙන් වෙනස් වෙයි. ග්‍රීකයන්ට හා වෛදිකයන්ට සිංහලයන්ට මෙන් ම දෙවියන්ගෙන් දැනුම ලබාගැනීමට හැකි විය. එහෙත් වත්මන් බටහිරයන්ට බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීමට සිදු වී තිබෙන්නේ ම ඔවුන්ට අද දෙවියන්ගෙන් දැනුම ලබාගත නොහැකි බැවිනි. බටහිරයෝ හිපොක්‍රටෙස්ගෙන් මෙන් ම භාෂ්කරගෙන් ද දැනුම තම සංස්කෘතියට අවශෝෂණය කරගනිති. එය අවශෝෂණයක් මිස විධි ක්‍රමයක් ඉදිරියට ගෙන යෑමක් නො වේ. හිපොක්‍රටෙස් බටහිර වෛද්‍ය විද්‍යාවෙහි පියාවීමට නම් බටහිර වෛද්‍ය විද්‍යාවේ විධික්‍රමය හා වෙනත් අංග ග්‍රීක වෛද්‍ය විද්‍යාවේ අංගවලට සමාන විය යුතු ය. 

(2013/02/20)