Main Logo

Thursday 30 April 2015

මහින්ද වහා තීරණයක් ගත යුතුයි

මහින්ද වහා තීරණයක් ගත යුතුයි

මෙරට ඊනියා කම්කරු පංතිය හෙට රනිල් වික්‍රමසිංහගේ ද නායකත්වයෙන් මැයි දින රැළියක් පවත්වනු ඇත. ඒ අතර මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂය ද වෙන ම මැයි රැළියක් පැවැත්වීමට නියමිත ය. එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ වෘත්තීය සමිතිවල මැයි රැළියක් ද එයට අමතර ව  පැවැත්වෙයි. ජ වි පෙරමුණ සුපුරුදු පරිදි තම ස්මාජිකයන් කොළඹට ගෙනෙනු ඇත. තවත් කුඩා පක්‍ෂ හා සංවිධාන රැසක් මැයි රැළි පෙළපාලි ආදිය පැවත්වීමට නියමිත ය. 

සඵල ස්කන්ධ ආතානකය (විදුසර ලිපියකි)



සඵල ස්කන්ධ ආතානකය 

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා හා ඔහුට සහායට පැමිණ ඇති කැනඩාවේ පාසල් ගුරුවරයකු වූ බෝධී ධනපාල මහතාට අවශ්‍ය බටහිර විද්‍යාව ආරක්‍ෂා කිරීමට ය. ඔවුන් කිසිවකුවත් මා බටහිර විද්‍යාව ගැන කරන හැඳින්වීම අභියෝගයට ලක්කර නැත.

Wednesday 29 April 2015

පාර්ලිමේන්තුවට වගකීම

පාර්ලිමේන්තුවට වගකීම

ශ්‍රී ල නි පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය වහාම තමන් රවටා ගැනීමේ ව්‍යාපෘතියෙන් බැහැර නොවුවහොත් එ ජා පක්‍ෂය ඉදිරි මහා මැතිවරණයකින් ජයග්‍රහණය කරනු ඇත. දහනවවැනි සංශෝධනය විමල් වීරවංශගේවත් ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමේවත් ජයග්‍රහණයක් නොවන බව පැහැදිලි ය. අප අකමැති වුවත් එය අගමැතිකමට කෑදරවී පක්‍ෂය අතහැර ගිය මෛත්‍රිපාලගේ ජයග්‍රහණයකි. ජනමාධ්‍ය ඔස්සේ අද ඔහු සියල්ල අත්හැරි බෝසතාණන් කෙනකු බවට පත්කිරීමේ වෑයමක් ඇත. සංධානය පළමුව කළ යුත්තේ මෛත්‍රිපාල පක්‍ෂයට ද්‍රෝහි වූ බලලෝභී පුද්ගලයකු බව ජනතාවට හෙළිදරවු කිරීම ය.

මහින්දගේ පරාජය

මහින්දගේ පරාජය

මහින්ද රාජපක්‍ෂ පරාජය වූයේ පසුගිය ජනවාරි 8 වැනි දා නො වේ. රටේ ජනාධිපතිකම නැතිවීම පරාජයක් නො වේ. ගැමුණු රජුට කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු රජකම හිමි නො විය. එහෙත් ගැමුණු කුමරුට නිවැරදි තීරණ ගැනීමෙන් සද්ධාතිස්ස යැයි නම් කෙරුණු තිස්ස පමණක් නොව ධර්මිෂ්ට එළාර යැයි හැඳින්වුණු එළාර ද පරාජය කිරීමට හැකි විය. වළගම්බා, ධාතුසේන, විජයබාහු ආදී රජවරුන්ට විවිධ අවස්ථාවල රජකම අහිමි වූ නමුත් ජනතාවගේ ද භික්‍ෂූන් වහන්සේගේ ද සහායෙන් නැවත රජකමට පත්වීමට හැකි විය. එයින් කියැවෙන්නේ ජනතාව හා භික්‍ෂූන් වහන්සේ සියලු දෙන ම ඒ ඒ රජවරුන්ට ආධාර කළ බව නො වේ. ගැමුණු රජු ඇතුලු ඒ ඒ රජවරුන්ට විරුද්ධ වූවෝ එකල ද සිටියහ. 

Tuesday 28 April 2015

මහින්ද රාජපක්‍ෂ වහාම ප්‍රකාශයක් කළ යුතු ය

මහින්ද රාජපක්‍ෂ වහාම ප්‍රකාශයක් කළ යුතු ය

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද (අප්‍රේල්  28) අවසන් වි සවස හයට පමණ ඒ පිළිබඳ ඡන්දය විමසීමට නියමිත ය. මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව අප බොහෝ දේ ලියා ඇත. සම්මන්ත්‍රණ හා පුවත්පත් සාකච්ඡා පවත්වා ඇත. එහෙත් දෙරණ ද ඇතුලු කිසිම විද්‍යුත් මාධ්‍යයක ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා නො දිණි.

යමපාලනයට තිත තබමු (ඉරිදා දිවයින ලිපියකි)

යමපාලනයට තිත තබමු 

අද රට ඇත්තේ අස්ථාවර තත්ත්වයක ය. මේ ලිපිය ලියන්නෙ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයට පෙර ය. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුව අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. ඒ නීති විරෝාධී අණ්ඩුවට එදිනට දින සියය පිරෙන නිසා නො වේ. ආණ්ඩුවට දින සියය පිරුණේ අප්‍රේල් 19 වැනි දා ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 23 වැනි දා වන තුරු කල් දැමුණේ නවක මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමි කර දීමට ය. එහි වරදක් නැත.  එහෙත් ඇතැම් පඬි ජනමාධ්‍ය නිවේදකයන් අපට කියා දෙන්නේ අප්‍රේල් 23 වැනි දාට ආණ්ඩුවට දින සියය පිරෙන බව ය. 

Monday 27 April 2015

ශ්‍රී ල නි ප දිනවීමට මෛත්‍රිපාලට බැහැ

ශ්‍රී ල නි ප දිනවීමට මෛත්‍රිපාලට බැහැ

මෛත්‍රිපාල සිරිසේන රසිකයෙකි. ඔහුට කවි හා විරිදු කීමට හැකි ය. ඔහු ඉඳහිට විහිළු ද කරයි. ජනතාව ඔහුගේ විහිළුවලින් රසයක් විඳිති. එහි වරදක් නැත. ජනාධිපති ජනතාව සතුටු කළ යුතු ය. ඔහු බොරු කියන්නේ යැයි මම නො කියමි. රහතන් වහන්සේට අනුව නම් අප වැනි පෘථග්ජනයන්ගේ සියළු දැනුම් මුසා ය. එහෙත් මා මෙහි දී බොරු යන වචනය යොදන්නේ ඒ අරුතෙන් නො වේ.

19 ට පෙර 20 ගත යුතු ය (ඉරිදා රිවිර ලිපියකි)

19 ට පෙර 20 ගත යුතු ය

මාතෘකාව දුටු විගස ම මගේ අංකගණිත දැනුම ගැන ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වන්නෙක් සිටියි. වාසනාවකට ඔහු සිටින්නේ කැනඩාවේ ය. එහෙත් එයින් කියැවෙන්නේ එවැන්නන් ලංකාවේ නැති බව නො වේ. සිංහල බෞද්ධයන්ට නිරවුල් ව පැහැදිලි ව කල්පනා කිරීමට නොහැකි බව මා තේරුම් ගෙන බොහෝ කල් ය. අප රටේ ව්‍යාකූලත්වයට එක් හේතුවක් වන්නේ ද එය ය. ඇතැම් සිංහල බෞද්ධයෝ අභිධර්මය දනිති. ඇතැම්හු විසුද්ධි මාර්ගය ද තේරුම් කර දෙති. එහෙත් ඔවුහු මා යන්න බොරුවක් බව  නො දනිති. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට ඔවුහු අහස්යානය, දුරථනය, පරිගණකය බොරු දැයි අසති.

Sunday 26 April 2015

දහනවවැනි සංශෝධනය කා සඳහා ද?

දහනවවැනි සංශෝධනය කා සඳහා ද?

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති. එම සංශෝධනය සම්මත වන තුරු උපවාසයක යෙදීමට ද උන්වහන්සේ බලාපොරෙත්තු වෙති. සෝභිත හිමියන් ප්‍රසිද්ධියට අකමැති නොවන බව අපි දනිමු. උන්වහන්සේගේ යෝජිත උපවාසය ගැන අපි පුදුම නො වෙමු. උන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදයට පක්‍ෂ බැවින් විධායක ජනාධිපති  ධුරයේ බලතල කපා දැමීමට පක්‍ෂව උපවාස කරති. එහෙත් උන්වහන්සේ දෙමළ ජාතිවාදයට කප්පන් දෙන දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත්සභා පනත මගින් දෙමළ ජාතිවාදයට දී ඇති බලතල කප්පාදු කිරීමට පක්‍ෂව උපවාස නො කරති. 

19 හා රනිල්

19 හා රනිල්

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඊනියා සාධාරණ සමාජයවත් අතුරලියේ රතන හිමියන්ගේ ඊනියා පිවිතුරු හෙටක්වත්් ඇතිකිරීමට නොවන බව අපි දිගිට ම කීවෙමු. සංශෝධනයේ අරමුණ දෙමළ ජාතිවාදීන්ට කප්පන් දීමත් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිතැන තවදුටත් අඩු කිරීමටත් රනිල් වික්‍රමසිංහට විධායක බලතල හැකිතාක් හිමිකර දීමටත් ය. රනිල්ට ජනාධිපතිවරණයකින් ජයගෙන සම්මම ජාතියේ ජනාධිපති විය නො හැකි ය. ඔහුට අද පවත්නා තත්ත්වය යටතේ මැතිවරණයකින් ජයගෙන අගමැති වීමටවත් නො හැකි ය. ඔහු අගමැති වී ඇත්තේ පික්පොකට් ගැසීමෙනි. 

Saturday 25 April 2015

අර්ජුන් වැඩ අල්ලයි

අර්ජුන් වැඩ අල්ලයි

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු වැසියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ අධිපති ය. ඔහු සිංහල අවුරුද්ද පැවැත්වී දැයි නො දනිමු. එහෙත් ඔහු අවුරුද්දෙන් පසු නැවතත් බැංකුවේ වැඩ අල්ලා ඇත. මහා බැංකු බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනාවක් විය. ඔහු ඒ චෝදනාවෙන් නිදහස් වී ඇත. ඉතින් ඔහු වැඩ ඇල්ලීමේ වරදක් ඇතැයි කියන්නේ කෙසේ ද? මුදල් ඇමති රවි කරුණානායක අසන්නේ ද ඒ ප්‍රශ්නයම ය.

උගත් කුහකයෝ

උගත් කුහකයෝ 

බුදුන් වහන්සේගේ විනය පිටකය නීතියක් ලෙස ගතහොත් ඒ හැරෙන්නට නීතිය ලෝකයේ කිසි දිනෙක කිසි තැනක  සියළු දෙනාට එක ම ආකාරයෙන් ක්‍රියාත්මක වී ඇතැයි මම නො සිතමි. එයට ප්‍රධාන හේතුව නීතිය ද පෘථග්ජනයන්ගේ දැනුම් පද්ධතියක් වීම හා දැනුම් පද්ධතියක් ලෙස එය සාපේක්‍ෂ වීමත් නීතිය පෘථග්ජනයන අතින් ක්‍රියාත්මක වීමත් ය. සාපේක්‍ෂ දැනුම් ඒ ඒ අයට අවශ්‍ය අයුරින් අර්ථකථනය කෙරෙයි. එහි කුහක කමක් ද වෙයි. බටහිර පන්නයේ උගත්තු බොහෝ විට කුහකයෝ වෙති. 

Friday 24 April 2015

ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය 19 ට පක්‍ෂව ඡන්දය නොදිය යුත්තේ ඇයි?

ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය 19 ට පක්‍ෂව ඡන්දය නොදිය යුත්තේ ඇයි?

ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. සෝලංගආරච්චි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආදීන්ගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක් මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය තීරණ ගැනීම ගැන අපි පුදුම නො වෙමු. එහෙත් ඒ තීරණය වෙනස් කිරීමේ හැකියාව ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට වෙයි. එසේ වෙනස් නොකළහොත් ශ්‍රී ල නි පක්‍ෂයට තව අවුරුදු පහළොවකට බලයට පැමිණීමට නොහැකි වනු ඇත.

මෛත්‍රිපාල නොකී දේ

මෛත්‍රිපාල නොකී දේ

මෛත්‍රිපාල සිරිසේන අප්‍රේල් 23 වැනි දා ජාතිය ඇමතී ය. ඔහු ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති වූවෙකි. ඒ අතින් ඔහු අගමැතිකම පික්පොකට් ගැසූ රනිල් වික්‍රමසිංහට වඩා වෙනස් ය. මහා බැංකු කොල්ලයේ මුල සිටින රනිල් සංධානයේ මැති ඇමතිවරුන් ගැන කතාකරන්නේ ඔවුන් හොරුන් ලෙස හඳුන්වමිනි. රාජිත ද ඒ හොරුන් අතර වේ දැයි අපි නො දනිමු.

Thursday 23 April 2015

අපි නැවතත් වහල්ලු වෙමු

අපි නැවතත් වහල්ලු වෙමු

මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා කරන ලද කතාවෙන් ඉතා වැදගත් දෙයක් කීවේ ය. ඔහු කියා සිටියේ ඒබ්‍රහම් ලින්කන් වහලුන් නිදහස් කිරීමෙන් පසුව ද ඇතැම් වහලුන්ට වහල්කම අවශ්‍ය වූ බව ය. අද ලංකාවේ සිදු වී තිබෙන්නේ එයට කිට්ටු දෙයකි. මහින්ද යටතේ වහල්කමින් මිදුණු අපි නැවතත් වහල්බව වුවමනාවෙන් වැළඳ ගත්තෙමු. ජනවාරි 8 වැනි දා සිදු වූයේ එයයි. ජනවාරි 9 වැනි දා පටන් ම බටහිරයන් අපට සලකන්නේ අප ඔවුන්ගේ වහලුන් බවට නැවතත් පත්වීම පිළිබඳ හටගත් සොම්නසින් ය. 

ස්කන්ධය යනු කුමක් ද? (විදුසර ලිපියක සංස්කරණයකි )

ස්කන්ධය යනු කුමක් ද?

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය අප්‍රේල් 15 වැනි දා ලිපියෙන් මා තමා කිසිවක් නොදන්නා පුද්ගලයකු බව ඔප්පු කිරීමට හා තමාට අපහාස කිරීමට විදුසර සඟරාවේ කොටසක් වෙන්කර ගෙන ඇති බව පවසයි. ඒ බව බෝධි ධනපාල මහතා ද පෙන්වා දී ඇතැයි අමරතුංග මහතා කියයි. එමෙන් ම ධනපාල මහතාට අනුව මා E=mc*2 සමීකරයණවත් හරිහැටි වටහාගෙන නොමැත. ඒ බව ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා ද කියන්නේ යැයි අමරතුංග මහතා තවදුරටත් සඳහන් කරයි. අපි ඒ ගැන පසුව කතාකරමු. එහෙත් ඉතා කෙටියෙන් යමක් කිව යුතුව ඇත. 

Wednesday 22 April 2015

අජිත් පෙරේරාගේ තර්ජනය

අජිත් පෙරේරාගේ තර්ජනය

අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා ජනමාධ්‍ය සාකච්ඡාවක දී තර්ජනයක් කර ඇත. ඔහු කියනු ඇත්තේ ඒ තර්ජනයක් නොවන බව ය. ඔහු කියා ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 28වැනි දාට සම්මත කරගැනීමට නොහැකි වුවහොත් එදින ම ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. ඔහුගේ තර්ජනය ඇතිව හෝ නැතිව හෝ ශ්‍රී ල නි පක්‍ෂය පාර්ලිමේන්තුවේ දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පැරද විය යුතු ය. 

දහනවයට පළමු රනිල් ඉවත් කළ යුතුයි

දහනවයට පළමු රනිල් ඉවත් කළ යුතුයි

මෙරට බිහි වූ කපටි ම දේශපාලනඥයකු වූ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂය ගොනාට ඇන්දවීමට සැරසෙයි. එහෙත් ඔහු පරාජය කිරීම අපහසු කාර්යයක් නො වේ. ජනාධිපති ලෙස පත් වී ඇති මෛත්‍රිපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අද හෙට ගෙදර යැවිය හැකි නො වේ. එහෙත් පාර්ලිමේන්තුවට ඕනෑම අවස්ථාවක රනිල් ගෙදර යැවිය හැකි ය. විජාතික බලවේගවල සහය ලබන රනිල් මෛත්‍රිපාලට වඩා බලවත් නමුත් පාර්ලිමේන්තුවේ නිරූපණය වන ජනබලය අනුව මහින්ද රනිල්ට ද මෛත්‍රිපාලට ද වඩා බලවත් ය. 

Tuesday 21 April 2015

කිරිඇල්ලගේ තවත් හෙළිදරවුවක්

කිරිඇල්ලගේ තවත් හෙළිදරවුවක්

මෛත්‍රිපාලට කෙසේ වෙතත් රනිල්ට ගෙදර යෑමට කාලය පැමිණ ඇත. ඔහු යන දිනය නිශ්චිත ව කීමට නොහැකි වුවත් බරක් ඔබාමාට, ජෝන් කෙරීට, නරේන්ද්‍රසිං මෝදිට, සෝනියා ගාන්ධිට, ඩේවිඩ් කැමරන්ට, එඩ් මිලිබෑන්ඩ්ට, විදේශීය ඔත්තු සේවාවලට හා දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය අන්දමට මෙරට පාලනය කිරීමට නොහැකි බව රනිල් මෙන් ම මෛත්‍රිපාල ද තේරුම් ගත යුතු ය.

සිංහලයන්ට සුද්දන්ගේ ඒරාෂ්ටකය ලබයි (ඉරිදා දිවයින ලිපියකි)

සිංහලයන්ට සුද්දන්ගේ ඒරාෂ්ටකය ලබයි

මේ  ලැබූ අවුරුද්ද බතින් බුලතින් කෙසේ වෙතත් බුලටින් (වෙඩි උණ්ඩ මෙන් ම නිවේදන ද යන ද්විත්ව අරුතින්) සපිරි අවුරුද්දක් වීමට ඉඩ ඇත. මෙය ජ්‍යොතිෂය අනුව කරන අනාවැකියක් නොව දේශපාලන ලෝකයෙහි සිදුවීමට ද එහෙත් වළක්වා ගැනීමට ද හැකියාව (සම්භාවිතාවක්) ඇති කරුණකි. සුද්දන්ගේ ඒරාෂ්ටකයක් සිංහලයන්ට ලබා ඇත. සිංහලයන්ගේ ලග්නාධිපති නීච ය. අඟහරු ද නීච ය. රාජ්‍ය ආරක්‍ෂාවක් නැත. පික්පොකට් රාහු ස්වක්‍ෂෙත්‍ර වී ඇත. සුද්දන්ගේ දැනුමෙන් පීඩා විඳින අපට (ගුරු මෙන් ම බුධ ද වසර දෙසියයක් පමණ නීච වී ඇත) මේ ඒරාෂ්ටකය තරමක ප්‍රශ්නයක් වනු ඇත. 

Monday 20 April 2015

අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය ඉවත් කළ යුතුයි

අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය ඉවත් කළ යුතුයි

යමපාලනයට දින සියය පිරී ඇත. මේ දින සියය ඇතුළත කෙරී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් වැඩ අරඹන ලද ගොඩනැගිලි පාරවල් ආදිය විවෘත කිරීමත් සුදු කොඩි කතාව කියමින් ඊනියා යුද්ධාපරාධ චෝදනා ඇරඹූ සරත් ෆොන්සේකාට දිය නොහැකි ෆීල්ඩ් මාෂල් ධුරයක් ලබාදීමත්, නොයෙකුත් දුෂණවල නිරත වීමත්, දේශපාලනය වෙනුවට මෛත්‍රිය පාලනය කර ද්වේෂය වර්ධනය කිරීමත් ය. අද මෛත්‍රිපාල බොරු අඳෝනා නගමින් ඉන්දියාවේ හා බටහිර න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරයි. රනිල් කෙරි වෙනුවෙන් ඒ සියල්ල අධික්‍ෂණය කරයි. 

සූර්යයා මේෂ රාශියට ඇවිත් (ඉරිදා රිවිර ලිපියකි)

සූර්යයා මේෂ රාශියට ඇවිත්

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ඇවිත් අදට දින පහකි. එහෙත් සිංහල බෞද්ධ පඬියෝ ඒ බව විශ්වාස නො කරති. අනෙක් සිංහලයන් කෙසේවත් ඒ විශ්වාස නොකරන්නේ යැයි සිතමි. සූර්යයාට මොන චලිතයක් දැයි සිංහල බෞද්ධ පඬියෝ අසති. ඔවුහු බටහිර විද්‍යාඥයෝ ය, බුද්ධිමත්තු ය. ඔවුහු කාළාම සූත්‍රයෙහි විද්‍යාත්මක ක්‍රමය ඇතැයි සිතති. ඔවුන්ගේ බුධ, ගුරු නීච දැයි මම නො දනිමි. ඔවුන් කිසිවකුටවත් නොබෙල් තෑග්ග තබා ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් ලැබී නැත.

Sunday 19 April 2015

මහා බැංකු කොල්ලය

මහා බැංකු කොල්ලය

කිනම් අතකින් බැලූව ද සිදු වී ඇත්තේ මහා බැංකු කොල්ලයකි. එය මහා බැංකුවේ සිදු වූවක් නිසා මහා බැංකු කොල්ලයක් ලෙස හැඳින්විය හැකි ය. අනෙක් අතට බැංකු කොල්ලය ඉහළ පරිමාණයේ එකක් වීම නිසා ද මහා බැංකු කොල්ලයක් වෙයි. එය හෙට අනිද්දා රටේ බොහෝ තැන්වල පැවැත්වෙන මහා බත් දන්සල්වලින් වෙනස් වෙයි. මහා බත් දන්සල් එසේ වන්නේ බත් මහා වීම නිසා නොව දන්සල මහා වීම නිසා ය.

19 පැරදවිය යුත්තේ ඇයි?

19 පැරදවිය යුත්තේ ඇයි?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු තවත් ව්‍යවස්ථා සංශෝධනයක් නො වේ. එය සිංහලයන්ගේ මිනී වළ කපන සංශෝධනයකි. බැලූ බැල්මට එහි ඇත්තේ ජනාධිපතිගෙන් විධායක බලතල අගමැතිට පැවරීම ය. ඒ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කඩිමුඩියේ ය. ඊනියා දින සියයේ වැඩසටහනෙන් රනිල් වික්‍රමසිංහ උනන්දුවක් දැක්වූයේ ද 19 වැනි සංශෝධනයට හා අමතර ව උතුරු සහ නැගෙනහිර පළාත්වල අධිආරක්‍ෂිත කලාප දෙමළ ජනයාට පවරා දීමට ය.

Saturday 18 April 2015

මෛත්‍රිපාලට බටහිර හා ඉන්දීය බලපෑම්

මෛත්‍රිපාලට බටහිර හා ඉන්දීය බලපෑම්

පසුගිය දිනෙක එක්සත් සංධානයේ නායකයන් මෛත්‍රිපාල සිරිසේන මුණගැසුනු අවස්ථාවක ඔහු පවසා ඇත්තේ එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් හා ඉන්දියාව තමන්ට මහත් බලපෑම් කරන බව ය. ඒ රටවල් වඩා විශ්වාසය තබන්නේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි බවත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨභය රාජපක්‍ෂ ඇතුළු හතළිස් එක් දෙනකුට යුද්ධාපරාධ පිළිබඳ නඩු විභාග කළ යුතු යැයි ඒ රටවල් කියන බවත් මෛත්‍රිපාල සංධාන නායකයන්ට පවසා ඇත. එමෙන් ම මීළඟ ඡන්දයෙන් පසුව ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑම් ඇති බවත් මෛත්‍රිපාල පිළිගෙන ඇත. එයින් වක්‍රව කියැවෙන්නේ ලබන මැතිවරණයෙන් පසුව ද රනිල් අගමැති කළ යුතු බවට බලපෑම් ඇති බව ය. මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස නම් නොකරන්නේ ඇයි ද යන්න දැන් පැහැදිලි ය.

සෝමවංශ හා ජ වි පෙ වෙස්මුහුණ

සෝමවංශ හා ජ වි පෙ වෙස්මුහුණ

සෝමවංශ ජ වි පෙරමුණෙන් ඉවත්වීම මෙරට දේශපාලනයට බලපාන කරුණක් නොවන නමුත් ඒ හේතුවෙන් ජ වි පෙ තවදුරටත් හෙළිදරවු වීම අප නොසලකා හැරිය යුතු නො වේ. ඒ සම්බන්ධයෙන් ජ වි පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමීන් කියන්නේ ජ වි පෙරමුණේ අද ඇත්තේ දකුණ හා දකුන අතර අරගලයක් බව ය. ඔවුන්ගේ තඹ දොයිතුවකටවත් වැඩක් නැති මාක්ස්වාදය අනුව ජ වි පෙරමුණේ ජාතිවාදී දකුණ හා ලිබරල්වාදී දකුණ අතර අරගලයක් ඇති වී තිබේ. ඔවුන්ට අමතක වන කරුණ නම් වමක් යනුවෙන් අද ඉතිරි වී ඇත්තේ ඇමරිකාවේ ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්‍ෂය හා එංගලන්තයේ එඩ් මිලිබෑන්ඩ්ගේ කම්කරු පක්‍ෂයත් බටහිර රටවල එවැනි රෝස සමාජවාදීනුත් පමණක් බව ය. එහෙත් ඒ පක්‍ෂ සියල්ල ධනවාදී මිස සමාජවාදී පක්‍ෂ නො වේ.  

Friday 17 April 2015

අවුරුද්ද දෙමළ වූයේ කෙසේ ද

අවුරුද්ද දෙමළ වූයේ කෙසේ ද

එංගලන්තයේ කම්කරු පක්‍ෂයේ නායක වූ ද එලිසබෙත් වින්ඩිසර්ගේ විරුද්ධ පක්‍ෂයේ නායකයා වූ ද එඩ් මිලිබෑන්ඩ් දෙමළ ජනයාට පමණක් අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කිරීම බොහෝ සිංහල ජාතිකවාදීන්ට ප්‍රශ්නයක් වී ඇත. එහෙත් ඒ බොහෝ දෙනා සිංහල හා දෙමළ අවුරුද්දක් ගැන කතාකරති. අවුරුද්ද සිංහල හා දෙමළ වූයේ කෙසේ ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් නො වේ. ඔවුහු උජාරුවෙන් සිංහල හා දෙමළ (සහ ඇතැම් විට සිංහල හා දමිළ) අවුරුද්දක් ගැන කතා කරති. 

Thursday 16 April 2015

සෝමවංශ ඉවත්වෙයි

සෝමවංශ ඉවත්වෙයි

තමා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බව සෝමවංශ අමරසිංහ කියා ඇත. එහෙත් ජ වි පෙ ඒ ඉල්ලා අස්වීම භාරගෙන ඇති බවක් නො පෙනෙයි. විජිත හේරත්ට අනුව ජ වි පෙ පක්‍ෂයෙන් ඉල්ලා අස්නොවන ලෙසට සෝමවංශගෙන් ඉල්ලා ඇත. සෝමවංශ ඒ ඉල්ලීම පිළිගෙන ඇති බවක් ද වාර්තා නො වෙයි. සෝමවංශ කියා ඇත්තේ තමා ජ වි පෙරමුණෙන් අස් වූ අය ද වෙනත් අය ද එක්කරගෙන අලුත් පක්‍ෂයක් සංවිධානය කරන බව ය.

ෆෝටෝනයේ ශක්තිය හා ස්කන්ධය (විදුසර ලිපයක සුළු සංස්කරණයකි )

ෆෝටෝනයේ ශක්තිය හා ස්කන්ධය

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ සහයට පැමිණි බෝධි ධනපාල මහතා බොහෝ විට කරන්නේ අමරතුංග මහතා මෙන් ම තමන් අවබෝධයකින් තොරව කිසිවකුගෙන් හෝ පොතපතින් හෝ අහුලාගත් අදහසක් අනෙක් අයට පැවසීම ය. ධනපාල මහතා තම ගුරුවරයකු වූ ද කැනඩාවේ භෞතික විද්‍යාඥයකු ලෙස සේවය කරන්නා වූ ද ආචාර්ය චන්ද්‍රසිරි  ධර්මවර්ධන මහතා ගේ අදහස් වැඩි වශයෙන් ප්‍රකාශ කරන බව පෙනෙයි.

Wednesday 15 April 2015

බහුමැතිවරණ බල ප්‍රදේශ එපා

බහුමැතිවරණ බල ප්‍රදේශ එපා

මැතිවරණ කොමසාර්ස් හෙවත් මැකො විසින් ඉදිරිපත් කරන ලද අදහසක් ක්‍රියාවට නංවමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 දෙනකුගේ සිට 250 දක්වා වැඩි කිරීමට ශ්‍රී ල නි පක්‍ෂය යෝජනා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මේ වාර්තා අනුව ම කටයුතු සිදු නොවන බව අපි දනිමු. එහෙත් ඒ අදහස පිටුපස ඇත්තේ කුමක් දැයි අප විශ්ලේෂණය කළ යුතු ය. බොහෝ විට සාකච්ඡාවකින් තොරව ම ඇතැම් යෝජනා සම්මත වීමට ඉඩ ඇත. 

නොනගතය

නොනගතය

අවුරුදු දවස්වල රූපවාහිනී නාලිකා මගින් විවිධ පඬියෝ විවිධ කතා කියති. බොහෝ පඬියන්ට ද පඬි නිවේදකයන්ට ද අනුව මේ ගෙවී යන්නේ සිංහල දෙමළ අලුත් අවුරුද්දකි. ඇතැම්හු තම පඬි බව තවත් ප්‍රදර්ශනය කරමින් සිංහල දමිළ අවුරුද්දක් ගැන කියවති. මෙරට උගත් යැයි සම්මත සිංහල බෞද්ධයනට සිංහල බෞද්ධ චින්තනය ගෑවීවත් නැත. ඔවුහු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පවත්වති. නොනගතයට පන්සල් යති. එහෙත් ඔවුන් බොහෝ දෙනකුට තවමත් නොනගතය යනු නැකැත් නැති වෙලාවකි.

Tuesday 14 April 2015

සිංහලයන්ට භයානක අවුරුද්දක්

සිංහලයන්ට භයානක අවුරුද්දක්

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අලුත් අවුරුද්දට සුබ පැතුම් නිකුත් කර ඉංගිරිසි පැය විසිහතරක් ගතවීමට පෙර එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් හා විපක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් ද  සුබ පැතුම් එකතු කර ඇත. ඇංග්ලො සැක්සන්වරුන් අපේ අවුරුද්ද ගැන මෙතරම් උන්දුවක් දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ කල්පනාවෙන් වැඩ නොකළහෙත් සිංහලයන්ට  භයානක අවුරුද්දක් උදා වන බව ය. අපේ රටට හා ජාතියට සුද්දාගේ ඒරාෂ්ටකය ලබා ඇත. එය සෙනසුරු ඒරාෂ්ටකයට ද වඩා භයානක වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වීම නිසා ය. රනිල් අගමැතිකම පික්පොකට් ගසා ඇති නිසා ය.

සංස්කෘතික ආවර්ජනා (ඉරිදා දිවයින ලිපියක සංස්කරණයකි )`


සංස්කෘතික ආවර්ජනා

සිංහල සංස්කෘතියට තර්ජන දෙකක් වෙයි. අවුරුදු කටේ දී ඒ පිළිබඳ කෙටියෙන් කෙරෙන හැඳින්වීමකි. පළමු තර්ජනය සිංහල සංස්කෘතියෙහි විරුද්ධවාදීන්ගෙනි. ඔවුහු සිංහල සංස්කෘතිය දඬු කඳේ ගසති. සිංහල සංස්කෘතිය ගැන කතාකරන්නන් ළිං මැඩියන්, පසුගාමීන්, ආදීන් ලෙස හඳුන්වමින් ඔවුහු බටහිර මතවාද පට්ටා ගසති. ඔවුන්ගෙන් සමහරෙක් පඬියෝ වෙති, එසේත් නැත්නම් ප්‍රබුද්ධයෝ වෙති. ඒ අතර පිචං නමින් හැඳින්වෙන්නෝ ද ජාතිවාදීන් ගැන මැත දොඩවති. පිචං ප්‍රබුද්ධයෝ ද අප ළිංමැඩියන් ලෙස හඳුන්වති. 

Monday 13 April 2015

ජෝන් කෙරී අවුරුද්දට සුබ පතයි

ජෝන් කෙරී අවුරුද්දට සුබ පතයි

ඇමරිකන් රාජ්‍ය ලේකම් (විදේශ ඇමති) අපට හෙට ලබන අලුත් අවුරුද්්දට සුබ පතා ඇති බව ජාතික රුපවාහිනිය වාර්තා කළේ ය. ඇතැමුන් අසන ආකාරයට කාට ද ආඩම්බරේ යනුවෙන් අප ඇසිය යුතු ද? එසේත් නැත්නම් අප හැඬිය යුතු ද? මේ සුළුවෙන් තැකිය යුතු සුබ පැතුමක් නො වේ. අප හඳුනන අයකු අපට අවුරුද්දට සුබ පැතූ විට අපි ඔබටත් එසේ ම වේවා යැයි කියමු. අප ජාතියක් ලෙස කෙරීටත් එසේ ම වේවා යැයි කියමු ද? එහෙත් ප්‍රශ්නයක් වේ. ජෝන් කෙරීටවත් ඇමරිකාවටවත් හෙට ලබන අවුරුද්දක් නැත. කෙසේ වෙතත් කෙරී ගෞරව කරන්නේ මෛත්‍රිපාලට ය. 

විපක්‍ෂ නායකත්වය (ඉරිදා රිවිර ලිපියකි)

විපක්‍ෂ නායකත්වය

එක්තරා ආකාරයකින් ගතහොත් දුෂ්ටගාමිණී සද්ධාතිස්ස ගැටුමේ නව පිටපතක් දැන් ක්‍රියාත්මක වෙයි. දුෂ්ටගාමිණී යනු ගාමිණි අභය රජුට එතුමාගේ විරුද්ධවාදීන් දුන් නමකි. ඒ අතර තිස්සට සද්ධාතිස්ස යන නම පටබැඳිණි. අභය ගාමිණී කුමරුට විරුද්ධ වූයේ එළාර හා ඔහුගේ පුරෝහිතයා හා ආධාරකරුවන් පමණක් නො වේ. තිස්ස නමින් වූ සහෝදරයා ද විරුද්ධ විය. එමෙන් ම අශෝක රජුගෙන් පසු මෙරට ඇති වූ භික්‍ෂු පරපුරේ ඇතැම් භි්ක්‍ෂූන් වහන්සේ ද විරුද්ධ වූහ. කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු ගාමිණී අභය කුමරුට රජකම නො පැවරිණි. රජකමට පත්කරනු ලැබුයේ සද්ධාතිස්ස නමින් ප්‍රසිද්ධ වූ ති්ස්ස ය. 

Sunday 12 April 2015

මෛත්‍රිපාලට බලයක් නැහැ

මෛත්‍රිපාලට බලයක් නැහැ

මෛත්‍රිපාල සිරිසේනගේ අත්සනින් නිකුත්කර ඇති ලිපි මගින් ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභිකයන් හතරදෙනකුගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය තහනම් කෙරී ඇතැයි වාර්තා වෙයි. මා ඒ ලිපි එකක්වත් දැක නැත. එමෙන් ම ඒ හතර දෙනාගෙන් එක් අයකුටවත් කතාකිරීමට මට අවස්ථාවක් ලැබී නැත. එබැවින් මේ ලිපිය මුළුමනින් ම ජනමාධ්‍ය වාර්තා මත පදනම් වෙයි. 

මහින්ද මෛත්‍රීපාල සමගියක් අවශ්‍ය නැහැ

මහින්ද මෛත්‍රීපාල සමගියක් අවශ්‍ය නැහැ

අද ඇතැමුන් ශ්‍රී ල නි පක්‍ෂයේ ඊනියා සමගියක් සඳහා මහින්ද රාජපක්‍ෂ හා මෛත්‍රීපාල සිරිසේන එකතු කිරීමක් ගැන කතාකරනු දැකිය හැකි ය. සමහර දෙනකු කියන්නේ එකතුවට බාධාවක් වී ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග බව ය. චන්ද්‍රිකාට අද දේශපාලනයේ කළ හැකි දෙයක් නැත. ඇය බණ්ඩාරනායක පවුලේ දියණීයක වුව ද විජය කුමාරතුංගගේ භාර්යාව වෙයි. විජය යනු ඊනියා මානව හිතවාදියකු ආදී වශයෙන් මතයක් තහවුරු කිරීමේ වැයමක් මෙරට දෙමළ ජාතිවාදීන්, ඊනියා රාජ්‍ය නොවන පඬියන්, ආදීන් අතර දැකිය හැකි වුව ද ඔහු මෙරට බිහි වූ අංක එකේ සිංහල බෞද්ධ විරෝධියෙකි. 

Saturday 11 April 2015

19 පැරදවීම අවුරුදු තෑග්ගකි

19 පැරදවීම අවුරුදු තෑග්ගකි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ඡන්ද විමසීම අවුරුද්දට සතියකට පමණ පසුව කෙරෙනු ඇති බව වාර්තා වෙයි. එහෙත් එය එසේ ම වේදැයි අපි නො දනිමු. රටට දේශපාලන නොනගතයක් හෙවත් සාංක්‍රමණික කාලයක් උදා කර ඇති මේ වකවානුවේ කිසිම දෙයක් නිශ්චිත ව සිදුවේ යැයි කීමට නො හැකි ය. ඉතා පැහැදිලි ව ම මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රී ල නි පක්‍ෂ මෙහෙයවිය නො හැකි ය. පක්‍ෂයේ වැඩ කටයුතු සිදුවන්නේ ඔහුට අවශ්‍ය අන්දමට නො වේ. ඔහුට සැපයිය හැකි නායකත්වයක් නැත. නිමල් සිරිපාල නම් ඊනියා විපක්‍ෂ නායකයා ගැන කියනුම කවරේ ද? 

Friday 10 April 2015

මොකක් ද මේ විදේශ ප්‍රතිපත්තිය

මොකක් ද මේ විදේශ ප්‍රතිපත්තිය

යමපාලනයේ නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා ඇතුළු යමපාලකයන් පවසන කරුණක් නම් තම විදේශ ප්‍රතිපත්තිය විශිෂ්ට බව ය. යේමනයේ සිර වී සිටි ලාංකිකයන් ලංකාවට ගෙන ඒමට සමත්වීම පිළිබඳවත් යමපාලකයෝ උදම් අනති. එය ද තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ යහපත්බව නිසා සිදු වුවක් බවට ඔවුහු  පුරසාරම් දොඩවති. අපට අසන්නට ප්‍රශ්නයක් ඇත. අජිත් පෙරේරාට අනුව ඊනියා මහින්ද රෙජිමය බලයේ සිටියේ නම් ලාංකිකයන් යේමනයේ අතරමං වීමට තිබිණි ද?

මෛත්‍රිපාල මහින්දට ඇති බය

මෛත්‍රිපාල මහින්දට ඇති බය

මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ල නි ප නිවට නායකත්වයට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැකි නම් ලබන අවුරුද්ද තෙක් කල් දැමීම ය. ඒ ඔවුන් මහින්දට ඇති බිය නිසා ය. ඔවුන් සිතුවේ කල්ගත වීමෙන් ඔවුන්ට ශ්‍රී ල නි පක්‍ෂය තම ආධිපත්‍යය යටතට ගත හැකි වේය යන්න ය. එවිට මැතිවරණයකට ඔවුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානයකින් ඉදිරිපත්වීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය.

Thursday 9 April 2015

ෆෝටෝනයේ ස්කන්ධය තවදුරටත් (විදුසර ලිපියකි)

ෆෝටෝනයේ ස්කන්ධය තවදුරටත්

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට සහාය පැමිණි බෝධි ධනපාල මහතා පසුගිය අප්‍රේල් 01 වැනි දා තවත් ලිපියක් ලියමින් අවුල ධනපාලගේ දැයි අසයි. එයට ඇත්තේ එකම එක පිළිතුරකි. පිළිතුර ප්‍රශ්නයක ස්වරූපය ගනියි. අපට අසන්නට ඇත්තේ වෙන කාගෙ ද යන්න ය. ඒ මහතා කෙතරම් අවුලකට වැටී ඇත් දැයි කිවහොත් ඔහු සහාය දීමට පැමිණි අශෝක අමරතුංග මහතාට ද එරෙහිව යයි. ඔහු මා ප්‍රත්‍යක්‍ෂය යන්නට දෙන තේරුමට විරුද්ධ වන්නේ අමරතුංග මහතා ද එවැනි ම අර්ථකථනයක් කර ඇති බව එක්කෝ නො දැන ය, නැත්නම් අමතක කරමිනි. ඇතැම් විට ධනපාල මහතා මේ ලිපි පෙළ සම්පුර්ණයෙන් ම කියවා නොමැති වීම එයට හේතුව විය හැකි ය.  ධනපාල මහතා සමහර විට කියනු ඇත්තේ අමරතුංග මහතා වුවත් වැරදි ප්‍රකාශයක් කර ඇත්නම් තමා ඒ සමග එකඟ නොවන බව ය. එහෙත් අමරතුංග මහතා තම ආධාරකරුවා ගැන කියන්නේ කුමක් ද? ඒ කුමක් වුවත් එය එතරම් ප්‍රශ්නයක් නොවන්නේ අමරතුංග මහතා ද බොහෝ දේ ප්‍රකාශ කරන්නේ අවබෝධයකින් තොරව වීම නිසා ය. 

සුසිල් සංධාන මන්ත්‍රීන් වහා කැඳවිය යුතුයි

සුසිල් සංධාන මන්ත්‍රීන් වහා කැඳවිය යුතුයි

එක්තරා ආකාරයකින් ගතහොත් දුෂ්ටගාමිණී සද්ධාතිස්ස ගැටුමේ නව පිටපතක් දැන් ක්‍රියාත්මක වෙයි. දුෂ්ටගාමිණී යනු ගාමිණි අභය රජුට එතුමාගේ විරුද්ධවාදීන් දුන් නමකි. ඒ අතර තිස්සට සද්ධාතිස්ස යන නම පටබැඳිණි. අභය ගාමිණී කුමරුට විරුද්ධ වූයේ එළාර හා ඔහුගේ පුරෝහිතයා හා ආධාරකරුවන් පමණක් නො වේ. තිස්ස නමින් වූ සහෝදරයා ද විරුද්ධ විය. එමෙන් ම අශෝක රජුගෙන් පසු මෙරට ඇති වූ භික්‍ෂු පරපුරේ ඇතැම් භි්ක්‍ෂූන් වහන්සේ ද විරුද්ධ වූහ. කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු ගාමිණී අභය කුමරුට රජකම නො පැවරිණි. රජකමට පත්කරනු ලැබුයේ සද්ධාතිස්ස නමින් ප්‍රසිද්ධ වූ ති්ස්ස ය. 

Wednesday 8 April 2015

කිරිඇල්ලගේ ගොන් කතා

කිරිඇල්ලගේ ගොන් කතා

ඇමති කිරිඇල්ල වඩාත් ම ප්‍රසිද්ධ යුද්ධය සම්බන්ධ ඔහුගේ ගොන් කතාවට ය. ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ මෙහෙයුම් ගැන කතා කරමින් කීවේ ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බව ය. සංකල්පීය වශයෙන් ගත්කල උතුරු හා නැගෙනහිර පළාත්වල යුද්ධයක් නො තිබිණි. එහි වූයේ දෙමළ ත්‍රස්තවාදී කොටින්ට එරෙහි හමුදා මෙහෙයුම් ය. ඒ පළාත්වල යුද්ධයක් තිබිණි නම් 1971 හා 1987 –- 90 අවධිවල ජ වි පෙරමුණට එරෙහිව ද යුද්ධයක් පැවතිණි යැයි නිගමනය කිරීමට සිදුවෙයි. එහෙත් කිසිවකු, කිරිඇල්ලවත් ඒ යුද්ධ යැයි නො කියයි.  

Tuesday 7 April 2015

ශ්‍රී ල නි පක්‍ෂය බිඳ වැටෙන්නේ නැහැ (ඉරිදා දිවයින ලිපියකි )

ශ්‍රී ල නි පක්‍ෂය බිඳ වැටෙන්නේ නැහැ

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිය දා රණවිරුවන්ගේ මැණිවරුන් හා භාර්යාවන් පිරිසකට මහින්ද රාජපක්‍ෂ මහතා බැලීමට එන අය ගැන තමා නිශ්චිතව ම දන්නා බව කියා ඇත.  ඇයට අනුව ඒ සියල්ලන්ම බත් පැකට්ටුවට හා වෙනත් දේට පැමිණෙන අය ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන් ගෙන්වා අඬවා ගන්නා බව ද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කර ඇත.මිය . ඇය මේ සියල්ල දැනගත්තේ දෙව්දත් පුතුන්ගෙන් දැයි අපි නො දනිමු. අද දෙව්දත් පුත්තු පීචං ප්‍රබුද්ධයෝ වෙති. ඔවුහු ඊනියා පීචංලා ලෙස ප්‍රබුද්ධයන්ට අභියෝග කරති. සිංහල බෞද්ධ සංස්කෘතියට ගරහති. එමගින් ප්‍රබුද්ධයෝ වෙති. පීචං ප්‍රබුද්ධයෝ මෙරට සමාජයේ ගෞරවයට පාත්‍ර වෙති.

Monday 6 April 2015

සිංහලයන් බිය ගැන්වීම (ඉරිදා රිවිර ලිපියකි)

සිංහලයන් බිය ගැන්වීම

මේ ආණ්ඩුව නීත්‍යානුකූල නැති බව අපි මුල සිට ම කීවෙමු. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස මහා මැතිවරණයක් නො වේ. ජනාධිපතිවරණයකින් ජනාධිපති වෙනස් වූ විට කැබිනට් මණ්ඩලය වෙනස් විය යුතු නො වේ. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එසේ වෙනස් විය යුතු බවක් සඳහන් නො වේ. එබැවින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ දී ව්‍යවස්ථානුකූල ව අගමැති වූයේ දි මු ජයරත්න මහතා ය. ඔහු ඉල්ලා අස්වූයේ වත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසුව ඔහු අස්කළේවත් නැත. නව ජනාධිපතිවරයකු පත්වීමත් සමග අගමැති ස්වයංක්‍රීය ව තනතුර අත්හරින බවක් ව්‍යවස්ථාවෙහි සඳහන් නො වේ. 

Sunday 5 April 2015

විජයදාස රාජපක්‍ෂගේ නීතිය

විජයදාස රාජපක්‍ෂගේ නීතිය

විජයදාස රාජපක්‍ෂ යනු මෙරට අධිකරණ ඇමති ය. ඔහු නීතිඥයෙකි. සාමාන්‍ය නීතිඥයකු නොව ජනාධිපති නීතිඥයෙකි. එයින් කියැවෙන්නේ ඔහු දක්‍ෂ නීතිඥයකු ද යන්න නිශ්චිත ව කිවහැකි නො වේ. ජනාධිපති නීතිඥකම ද බොහෝ විට ලැබෙන්නේ දේශපාලන හේතු මත ය. ඇතැම්හු එක් ආණ්ඩුවකින් ජනාධිපති නීතිඥකම ලබාගෙන ඉන්පසු වෙනත් දෙශපාලන පක්‍ෂයකට මාරුවෙති. නීතිඥයන් හා දේශපාලනඥයන් අතර එතරම් වෙනසක් නැත. මෙරට දේශපානඥයන්ගෙන් විශාල ප්‍රතිශතියක් දේශපාලනඥයන් වන්නේ මේ සමානත්වය නිසා විය හැකි ය. 

Saturday 4 April 2015

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරමූ

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරමූ

රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විධායක බලතල හැකිතාක් තමා අතට ගැනීමට මිස විධායක බලතල අහෝසි කිරීම නො වේ. විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම යනු ජනතාව නොමග යැවීමට යොදාගන්නා සටන් පාඨයක් පමණ ය. වර්තමානයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු පිටුපස සිංහල විරෝධී සිංහල බෞද්ධ විරෝධී විජාතික බලවේග ක්‍රියාත්මක වෙයි. විදේශ ඔත්තු සේවාවන් ද එම බලවේගවල කොටසක් වෙයි.

Friday 3 April 2015

කරලියැද්ද ඇමතිකම අත්හරියි

කරලියැද්ද ඇමතිකම අත්හරියි

කරලියැද්ද නීත්‍යානුකූල නොවන ආණ්ඩුවේ ඇමතිකම අත්හැර ඇත.  ඔහු තම ඇමති ධුරයෙන් ඉවත් වීමෙන් පෙන්නුම් කරන්නේ කුමක් ද? ඔහු කියා තිබුණේ ඇමතිකම දරමින් තමන්ට ගමට යෑමට නොහැකි බව ය. මෙය අප සුළුවෙන් තැකිය යුතු කියමනක් නො වේ. ඔහුට ගමේ, එනම් ශී්‍ර ල නි පක්‍ෂයේ සාමාජිකයන්ගේ හා අනුගාමිකයන් ආදීන්ගේ පක්‍ෂපාතීත්වය නැතිවෙයි. ඔහුට ක්‍රියාත්මක වීමට සිදුවන්නේ ශ්‍රී ල නි පක්‍ෂයේ ඊනියා නායකයන්ගේ තීරණ මත නොව ගමේ ආධාරකරුවන්ගේ අපේක්‍ෂාවන් පරිදි ය. 

Thursday 2 April 2015

ද බෘලිගේ ප්‍රතිභාව (විදුසර ලිපියක සංස්කරණයකි )

ද බෘලිගේ ප්‍රතිභාව 

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට සහායට පැමිණි කැනඩාවේ ජ්‍යෙෂ්ඨ ද්විතීයික (උතුරු ඇමරිකානු වර්ගීකරණයට අනුව උසස්) පාසලක රසායන විද්‍යාව උගන්වන බවට වාර්තා වී ඇති බෝධි ධනපාල මහතාට අවභ්‍ය වූයේ මගේ ඊනියා නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීම ය. ඔහු ඒ සඳහා යොදාගත් එක් උදාහරණයක් වූයේ මා ෆෝටෝනයකට ස්කන්ධයක් පැණවීම ය. මා මුල සිට ම කියා සිටියේ ෆෝටෝනයක නිශ්චලතා ස්කන්ධය ශූන්‍ය බව ය. එහෙත් වෙනත් අවස්ථිති සමුද්දේශ රාමුවක ෆෝටෝනයකට ස්කන්ධයක් නියම කරන බව ද මම පැවසුවෙමි.

Wednesday 1 April 2015

අපට නොපෙනෙන රනිල් මෛත්‍රිපාල

අපට නොපෙනෙන රනිල් මෛත්‍රිපාල 

සාමාන්‍යයෙන් රටක නායකයෝ ප්‍රසිද්ධියේ තවත් රටක් විවේචනය නො කරති. බොහෝ විට රාජ්‍ය නායක ප්‍රකාශ අවමගුල්වල දී කරන කතා මෙනි. කියැවෙන්නේ හොඳ ය. නරකක් නො කියැවෙයි. එහෙත් අප්‍රසිද්ධියේ, එසේත් නැත්නම් ජනමාධ්‍යවේදීන් නැතිව පැවැත්වෙන සාකච්ඡාවල දී වෙනත් දෑ ද කියැවෙයි.

ඇගේ වෛරය

ඇගේ වෛරය

පසුගිය දා රණවිරුවන්ගේ මෑණිවරුන්ගේ හා භාර්යාවන්ගේ රැස්විමක දී චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ වෛරය දෝරේ යෑමට සලස්වා ඇත. අද අම්මලා ගැන කතාකිරීම ජනප්‍රිය වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අම්මලා ගෙදර බුදුහු වෙති. එහෙත් ඉඳහිට දේවදත්ත පුතුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැකිය හැකි ය. මේ දේවදත්ත පුත්තු ඇතැම් අවස්ථාවල බෝධිසත්ව චරිත රඟ දක්වති.