Main Logo

Sunday 31 May 2015

රනිල්ගේ තර්ක

රනිල්ගේ තර්ක

රනිල් වික්‍රමසිංහ මා දන්නා තරමින් නීතිඥයකු වුව ද උසාවියට ගොස් නඩුවලට පෙනී සිටීමේ පළපුරුද්දක් ඇති අයකු ලෙස ප්‍රසිද්ධ නැත. ඔහුගේ දේශපාලන ජීවිතයත් සමග නීතිඥ වෘත්තිය කරගෙන යෑම අපහසු නිසා එසේ වූවා දැයි නො දනිමි. එහෙත් දේශපාලනයෙහි යෙදී සිටිය දී ම සාර්ථක ව නීතිඥ වෘත්තියෝ යෙදුණු අය වෙති. රනිල් නීතිඥ වෘත්තියෙන් බැහැර වී සිටින්නේ ඔහුගේ හැකියාවන් ගැන ඔහුට අවබෝධයක් තිබෙන නිසා විය හැකි ය. 

රනිල් මෛත්‍රිපාල ගැටුම

රනිල් මෛත්‍රිපාල ගැටුම

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර ගැටුමක් පැන නැගී ඇත. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙනි. එය අද ඊයේ පැන නැගුණක් ද නො වේ. එහෙත් එක්තරා අයුරකින් ගත්කල එය සාකච්ඡා කළ යුත්තක් ද නො වේ. ඒ අවසානයේ දී රනිල් ජයග්‍රහණය කරන බැවිනි. එහෙත් සංධානයේ කිසිවකු මෙවැනි ගැටුම් පිළිබඳ සුළුවෙන් වුවත් අවධානය යොමු නො කිරීම ප්‍රශ්නයකි. 

Saturday 30 May 2015

අභ්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැහැ

අභ්‍යන්තර පරීක්‍ෂණ අවශ්‍ය නැහැ

මෛත්‍රිපාල වැඩ කරන්නේ ගනුදෙනුව අනුව ය. එය සියවසේ ප්‍රධානම ගනුදෙනුව වෙයි. එ ගනුදෙනුව අනුව මෛත්‍රිපාල රනිල්ට අවශ්‍යතාක් මේ පික්පොකට් ආණ්ඩුව පවත්වාගෙන යා යුතු ය. ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සැපයිය යුතු ය. අවශ්‍ය පරිදි ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට ගර්ජන තර්ජන කළ යුතු ය. ඔවුන්ට දේශපාලන අල්ලස් දිය යුතු ය. විශ්වාසභංග යෝජනා තම විපක්‍ෂ නායකයා ලවා කඩාකප්පල් කළ යුතු ය. 

බටහිරයන් මෛත්‍රිපාලට එරවීම

බටහිරයන් මෛත්‍රිපාලට එරවීම

එ ජා ප සුළුතර ආණ්ඩුව පවත්වාගෙන යෑම පිළිබඳ ව මෛත්‍රිපාල සිරිසේන කාර්යක්‍ෂම ව කටයුතු කරන නමුත් බටහිරයෝ ඔහුගේ ක්‍රියාකලාපය ගැන සෑහීමකට පත් ව නො සිටිති. ආණ්ඩුවට විරුද්ධ ව ගෙනා විශ්වාසභංග යෝජනා අකර්මණ්‍ය කිරීම, දහනවය සම්මත කරගැනීම ආදියට මෛත්‍රිපාලගෙන් සේවයක් වී ඇති බව ඔහුගේ විරුද්ධවාදීනට වුවත් පිළිගැනීමට සිදුවෙයි. ඒ ක්‍රියාවලින් රටට අයහපතක් වී තිබීම වෙන ම කරුණකි. 

Friday 29 May 2015

විස්සත් නැහැ විස්සාසබංගෙත් නැහැ

විස්සත් නැහැ විස්සාසබංගෙත් නැහැ

අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් ජනතාවට තබා බොහෝ දේශපාලනඥයන්ටවත් නැත. විශේෂයෙන් ම සංධානයේ දේශපාලනඥයන්ට නැති බව ඔවුන් කරන කියන දෙයින් පැහැදිලි වෙයි. අප මේ ලිපි ලියන්නේ අපට තේරෙන අයුරෙන් ඒ පිළිබඳ නිසි පුද්ගලයන්ට දැනුම් දීමට ය. සමහරවිට අප කියන දෙය ද වැරදි විය හැකි ය. එසේ නම් ඒ ගැන සාකච්ඡාවක් තිබිය යුතු ය. අද දේශපාලනයේ මෛත්‍රිපාල සිරිසේනගේ කාර්යභාරය කුමක් ද යන්න ගැන යම් ආකාරයක කතන්දරයක් ගොතා ගැනීමෙන් තොරව, එනම් අවබෝධයක් ලබා ගැනීමෙන් තොරව, කරන කියන සෑම දෙයක් ම පුස්ස බින්දා වැන්නක් වනු ඇත. අපේ කතන්දරය වැරදි නම් ඒ වෙනස්කර ගත යුතු ය. 

මෙරට සිංහල බෞද්ධ නො වේ

මෙරට සිංහල බෞද්ධ නො වේ

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවීමට යන ව්‍යවස්ථාදායක සභාව සිංහල බෞද්ධ නොවන බව අපි කල් ඇතිව ම ප්‍රකාශ කෙළෙමු. එහෙත් කිසිවකු එයට සවන්දුන් බවක් නැත. ජූනි 3 වැනි දා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ දී තහවුරු වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එහි සංයුතිය පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී වන බව නිසැක ය. එහෙත් සංධානය කළ යුත්තේ කුමක් දැයි නො දනියි.

Thursday 28 May 2015

කාලෝ ෆොන්සේකාට පිළිතුරක්

කාලෝ ෆොන්සේකාට පිළිතුරක් 

කාලෝ ෆොන්සේකා මැයි 28 වැනි දා දිවයින පුවත්පතේ වටමඬලට මාර්ටින් වික්‍රමසිංහ ගැන ලිපියක් ලියමින් මෙසේ කියයි. “ඛෙදජනක දේ වන්නේ 1914 වර්ෂයේ දී මාර්ටින් වික්රාමසිංහ සූරීන් වයස 24 දී අවබෝධ කරගත් දේ අවබෝධ කරගත නොහැකි වත්මන් ජාතික චින්තන ප්රාඥයන් විසින් 21 වැනි සියවසේ දී රජරට වකුගඩු රෝග විනිශ්චය, ආවේශ වූ කාන්තාවකගේ සහ නාථ දෙවියන්ගේ අනුභාවයෙන් කිසි දු බුද්ධිමය ලඡ්ජාවකින් තොර ව සිදු කිරීම යි. ”

ශක්තිය හා මනස (විදුසර ලිපියකි)



ශක්තිය හා මනස

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බෞද්ධයකු නොවන බව පැහැදිලි ය. ඔහු විඤ්ඤාණය තේරුම් කරන්නේ පටිච්චසමුප්පදාය ඇසුරෙන් නොව බටහිර විද්‍යාව ඇසරෙනි. ඔහුගේ ඌනිතවාදී විද්‍යාව ගැන බොහෝ දේ කීමට ඇති මුත් බෝධි ධනපාල හා කීර්ති තෙන්නකෝන් මහතුන්ට පිළිතුරු දීමට ඇති බැවින් ඒ පමා කිරීමට සිදුවෙයි. එහෙත් පාඨකයාට අමරතුංග මහතාගේ ලිපිය විචාරාත්මක කියවීම සඳහා දැනට ඔහුගේ මැයි මස 20 වැනි දා ලිපියෙන් උපුටා ගැනීමි කිහිපයක් පළ කර විවේචනයක් කිරීමට සිදුවෙයි. 

Wednesday 27 May 2015

ග්ලයිෆොසේට් තහනම

ග්ලයිෆොසේට් තහනම

ග්ලයිෆොසේට් තහනම පිළිබඳ ව බොහෝ දෙනා දැනටමත් කුලප්පු වී ඇත. එය ජාතික හෙළ උරුමයේ ආධාරය ඇතිව ඊනියා කැලණිය කණ්ඩායමේ  මැදිහත් වීමකින් කෙරුණක් බව කැනඩාවේ වෙසෙන බටහිර විද්‍යාඥයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන අද දින අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියමින් පවසයි.  මෙහි දී කිවයුතු ප්‍රධානම කරුණ නම් කැලණිය කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් අද ක්‍රියාත්මක නොවන බව ය. එබැවින් ඊනියා කැලණිය කණ්ඩායමකට ජනාධිපති කෘමිනාශක කමිටුවක බලය අත්කර ගෑැනීමට හෝ වෙනත් දෙයකට හෝ අවස්ථාවක් නැත. ග්ලයිෆොසේට් තහනම ගැන මා ස්තුතිවන්ත වන නමුත් ඒ ක්‍රියාත්මක වන්නේ ද යන්න පිලිබඳ ව ප්‍රශ්නයක් ඇති බව මා සඳහන් කර ඇත. ග්ලයිෆොසේට් අඩංගු බහාලුම් පහළොවක් පමණ වරායෙන් නිදහස් කෙරී ඇති බව ද සඳහන් කෙළෙමි. එමෙන් ම ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් ඊනියා කැලණිය කණ්ඩායම හා ජාතික හෙළ උරුමය අතර සාකච්ඡා තබා හඳුනාගැනීමක්වත් සිදු වී නැත.

විද්‍යා සම්බන්ධ විශේෂ අධිකරණයක්

විද්‍යා සම්බන්ධ විශේෂ අධිකරණයක්

සමූහ දූෂණයකට ලක්ව ඝාතනය කරනු ලැබූ කයිට්ස්හි විද්‍යා දැරිය සම්බන්ධයෙන් නඩුව විශේෂ අධිකරණයකට යොමු කරන  බව මෛත්‍රිපාල සිරිසේන යාපනයේ දී පවසා ඇත. බැලූ බැල්මට එය යහපත් ක්‍රියාවකි. මහත් ආන්දෝලනයකට ලක් වී ඇති මේ නඩුව විශේෂ අධිකරණයකට යොමු කිරීම වැදගත් යැයි බොහෝ දෙනා සිතනු නො අනුමාන ය. එහෙත් මේ යොමු කිරීම සිදුවන්නේ ඊනියා යහපාලන ආණ්ඩුවකින් බැවින් කුකුසක් පැන නගිනු නොවැළැක්විය හැකි ය. 

Tuesday 26 May 2015

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි (ඉරිදා දිවයින ලිපියකි)

පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි

අද පවත්වාගෙන යන පික්පොකට් ආණ්ඩුව ඉන්දියාවේ අධාරය මත බටහිර රටවල්, විශේෂයෙන් එංගලන්තය හා ඇමෙරිකාව යන ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ යුදෙවු ක්‍රිස්තියානි රටවල් විසින් සැලසුම් කර ඇතිකරන ලද්දකි. මෛත්‍රිපාල සිරිසේන මහතා ඊනියා පොදු අපේක්‍ෂකයා වීමට පෙර සිට අද දක්වා ම රනිල් වික්‍රමසිංහලා ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නියෝජිතයන් ලෙස ය. රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විරසකයක් ඇත. බටහිරයන් තමන් නොව රනිල් විශ්වාස කරන බව මෛත්‍රිපාල සංධානයේ නායකයන්ට පවසා ඇත. කෙසේ වෙතත් අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතා බටහිරයන්ගේ ද උපකාරයෙන් ජයග්‍රහණය කරයි.

උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි

උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි

නැවතත් උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇත. 2009 කොටි (දෙමළ) ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සේ උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි ක්‍රියාත්මක නො වී ය. එයින් කියැවෙන්නේ එකල උතුරේ දෙමළ ජාතිවාදයක් නොතිබූ බව නො වේ. දෙමළ ජාතිවාදය මතු නොව දෙමළ බෙදුම්වාදය ද උතුරේ තිබිණි. ඒ මතවාද එහි නැති නොවිණි. ඒ මතවාද විශේෂයෙන් ම ඊනියා උගත් දෙමළ ජනයා අතර විය. ඔවුන්ට බටහිරයන්ගේ ද ඉන්දීයයන්ගේ ද විසිරුණු දෙමළ ජනයාගේ ද අනුගයහය හා ආධාරය ලැබිණි. එහෙත් ඒ දෙමළ ත්‍රස්තවාදයක් කරා නැවත වර්ධනය නො විණි. එයට ප්‍රධාන හේතුව හමුදාව එහි පවත්වා ගෙන යෑම ය.

Monday 25 May 2015

මහා බැංකු කොල්ලය වසං කිරීම

මහා බැංකු කොල්ලය වසං කිරීම 

රනිල් වික්‍රමසිංහ ලෝකයට පෙන්නුම් කරන්නේ තමන් හොරමැරකම්  දූෂණ ආදියෙන් තොර පුද්ගලයකු ලෙස ය. එහෙත් ඔහු ජනවාරි 9 වැනි දා සිට ම ක්‍රියාකර ඇත්තේ වෙනත් ආකාරයකට ය. ජනවාරි 8 වැනි දා පවත්වන ලද ජනාධිපතිවරණය කිසිසේත් ම පාර්ලිමේන්තු මැතිවරණයක් නො වී ය. එහෙත් ජනාධිපතිවරණයට පෙර සිට ම මෛත්‍රිපාල හා රනිල් අතර එකඟතාවක් විය. ඒ රනිල් අගමැති කිරීමට ය. ඒ පිටුපස බටහිරයන් හා ඉන්දියයන් සිටි බව රහසක් විය නො හැකි ය.

ජයග්‍රහණයේ අදිටන (ඉරිදා රිවිර ලිපියකි)

ජයග්‍රහණයේ අදිටන

මම සංකල්ප ගැන දැඩි සැලකිල්ලක් දක්වමි. සියළු දැනුම් බොරු (මායා) වුවත් අපට දැනුම නැතිව ජීවත්විය නො හැකි ය. රටකට ද ජාතියකට ද පැවැත්ම සඳහා දැනුම අවශ්‍ය වෙයි. අද අප පාලනය කෙරෙන්නේ බටහිරයන්ගේ දැනුමෙනි. බටහිර දැනුම ද අනෙක් දැනුම් මෙන් ම බොරු ය. බටහිර විද්‍යාව වැනි දැනුම් පට්ටපල් බොරු ය. එසේ කී විට මෙරට ඊනියා විද්‍යාඥයන් (ඔවුන් නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ගොඩ නගා නැත) කුපිත වන බව ද මම දනිමි. 

Sunday 24 May 2015

මෛත්‍රිපාලගේ සාමය

මෛත්‍රිපාලගේ සාමය

මේ දිනවල ද සුපුරුදු පරිද බටහිර හා ඊනියා රාජ්‍ය නොවන පඬියන් ප්‍රචාරය කරන පාඨ වෙයි. සමහර පාඨ සමාජයට ගෙන යනු ලබන්නේ එතරම් අත්දැකීම් නැති එහෙත් ඊනියා අලුත් කතා කීමට කැමති අලුත් පරපුරක යැයි කියන තරුණයන් විසිනි. තවත් පාඨ ජනාධිපතිවරුන් අගමැතිවරුන්, ඇමතිවරුන් මගින් සමාජයට ගෙන යනු ලැබෙයි.

මෛත්‍රිපාල, රාජිත හා චම්පක

මෛත්‍රිපාල, රාජිත හා චම්පක

මෛත්‍රිපාල සිරිසේන කෝප වී ඇත. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රාදේශීය සම්මන්ත්‍රණයක දී කෝපයෙන් කතාකර අභියෝග කර තිබුණේ තමාට වඩා පක්‍ෂය හා රට වෙනුවෙන් කැප වී වැඩ කර ඇති අයකු පෙන්වන ලෙස ය. මම ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක් නො වෙමි. මෛත්‍රිපාලගේ අභියෝගය පාක්‍ෂිකයන්ට පමණක් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. ඒ කුමක් වුවත් මෛත්‍රිපාලට වඩා කැප වී පක්‍ෂයට හා රටට වැඩ කළ දෙදෙනකු  ගැන මට කිව හැකි ය. ඒ චන්ද්‍රිකා කුමාරතුංග හා රාජිත සේනාරත්න ය. ශ්‍රී ල නි පක්‍ෂයේ නොවූවත් චම්පක හා රතන හිමි ද පක්‍ෂයට හා රටට කැප වී වැඩ කළ නායකයෝ වෙති. 

Saturday 23 May 2015

ජාතිවාදය

ජාතිවාදය

මෙරට දැන් කලක සිට ජාතිවාදය යන චචනය නිතර භාවිතා කෙරෙයි. බොහෝ පඬියො ද ඊනියා රාජ්‍ය නොවන ගැත්තෝ ද බටහිරයෝ ද සිංහල ජාතිවාදයක්, සිංහල අධිපතිවාදයක්, සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ආදී වශයෙන් වචන හරඹයක යෙදෙති. ඔවුහු එමගින් සිංහල බෞද්ධයනට චෝදනා කරති. ඔවුන්ට අනුව සියල්ලට මුල සිංහල ජාතිවාදය ය. සිංහල බෞද්ධ අධිපතිවාදය ය. 

සරණක් නැති මෛත්‍රිපාල

සරණක් නැති මෛත්‍රිපාල

අද මෛත්‍රිපාලගේ සරණට ඇත්තේ චම්පක හා වෙල් විදානේ පමණ ය. ඔවුන්ගේ අවස්ථාවාදී දේශපාලනය හේතුවෙන් ඔවුන් ද කොයි මොහොතේ මෛත්‍රිපාල හැර යාවි දැයි දැනට කිව නො හැකි ය. රටක ජනාධිපතිවරයකු මෙසේ අසරණ වීම ගැන අපට කණගාටුවක් නැත්තේ ඔහු අගමැතිකම නොලැබීම නිසා රටත් ශ්‍රී ල නි පක්‍ෂයත් පාවාදීමට කටයුතු කළ බැවිනි. මහින්ද රාජපක්‍ෂට එරෙහිව ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරාගත් බටහිර රටවල් හා ඉන්දියාව ඕනෑම මොහොතක ඔහු අතහැරීමට සූදානම් ය. ඔවුන් කියන ආකාරයට ඔහු ක්‍රියා නොකළහොත් රනිල් ජනාධිපති කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. ඒ බව මෛත්‍රිපාල ද දනියි. ඔහු සංධානයේ නායකයන්ට කියා තිබුණේ බටහිරයන් තමන්ට වඩා රනිල් විශ්වාස කරන බව ය.

Friday 22 May 2015

යාපනයේ සිදුවන්නේ කුමක් ද?

යාපනයේ සිදුවන්නේ කුමක් ද?

අද ජනරජ දිනය බව බොහෝ දෙනකුට අමතක ය. කෙසේ වුවත් අද පවතින්නේ කැමරන්ලාගේ ආණ්ඩුවකි. පසුගිය අවුරුදු හයක පමන කාලයක නොසිදුවූ දේ ඒ ආණ්ඩුව යටතේ  යාපනයේ අද  සිදුවන බව පැහැදිලි ය. අජිත් පෙරේරා, විජයදාස රාජපක්‍ෂ යන මැති ඇමතිවරුන්ට පමණක් නොව එස් බී දිසානායක ඇමතිවරයාටත් අනුව සිද්ධියකට මුවා වී ජාතිවාදය ඇවිස්සිය යුතු නො වේ. ඔවුන් ජාතිවාදය කියන්නේ කුමට දැයි අපි නො දනිමු.

නිමල් බොරු එපා රනිල් ඉවත් කරනු

නිමල් බොරු එපා රනිල් ඉවත් කරනු

රනිල් වික්‍රමසිංහ යනු ඒකාධිපතියෙකි, ෆැසිස්ට්වාදියෙකි, පොලිස් රාජ්‍යයක ප්‍රධානියෙකි, ආදී වශයෙන් විවිධ මත අද සමාජයේ පැතිරෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ ඔහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු නොවන බව ය. ඔහු පාර්ලිමේන්තුවේ මෙන් ම පිටත ද රැස්වීම්වල හැසිරෙන්නේ ඔහු ලෝකයේ මැවුම්කරු යැයි සිතා ගනිමිනි. ඔහු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට ගරු නො කරයි. තමන්ට අවශ්‍ය පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ව්‍යාජ නීතියක පිහිට පතයි. බටහිරයන්ගේ නීතිය මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය ද කොහොමටත් පොන්තනෝනාගේ මොකක් ද එක මෙනි. ඒ පොන්තනෝනාට අවශ්‍ය අන්දමට ය. අප රටේ ද අද එහි වෙනසක් නැත. රනිල්ට කිව යුත්තේ පොන්තමහත්තයා කියා ද?

Thursday 21 May 2015

විද්‍යා නම් දැරිය

විද්‍යා නම් දැරිය

යාපනයේ කයිට්ස් දූපතෙහි විද්‍යා නම් පාසල් දැරිය පිළිබඳ සිද්ධිය ගැන යාපනය පමණක් නොව රට ම කම්පාවට පත්විය. සිද්ධියට හේතුව පැහැදිලි නැති නමුත් ඒ පවුල් පිලිබඳ ප්‍රශ්නයක් යැයි කියැවෙයි. පොලීසිය මැදිහත් වී සැකකරුවන් කිහිප දෙනකු ම අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇත. එක් සැක කරුවකු අත් අඩංගුවට ගැනුණේ වැල්ලවත්තේ දී යැයි කියැවෙයි. එයින් රටේ එකම පොලීසියක් පමණක් තිබීමේ වැදගත්කම ද කියැවෙයි. පළාත් පොලිස් කොමිසම් ක්‍රියාත්මක විණි නම් සැක කරුවන් අත් අඩංගුවට ගැනීමේ දී විවිධ ප්‍රශ්න පැන නගින්නට තිබිණි. 

භෞතික විද්‍යාව නොදන්නා ස්කන්ධය (විදුසර ලිපියක සංස්කරණයකි)

භෞතික විද්‍යාව නොදන්නා ස්කන්ධය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාට සහායට පැමිණි බෝධි ධනපාල මහතාට මහාචාර්ය පදවියක් දී තිබෙනු අන්තර්ජාල සංසදයක දුටුවෙමි. මා දන්නා තරමින් නම් ධනපාල මහතා ජයවරධනපුර (එකල විද්‍යොදය) විශ්වවිද්‍යාලයේ විෂය කිහිපයක් හදාරා ඇති විද්‍යා උපාධිධාරියෙකි. ඔහු බටහිර විද්‍යාවෙන් පශ්චාත් උපාධියක් ලද්දකු නො වේ. ඔහු අද කැනඩාවේ පාසලක විද්‍යා ගුරුවරයෙකි. ඔහුට අධ්‍යාපන ඩිප්ලෝමා තිබෙනවා විය හැකි ය. එහෙත් ඔහුට ලංකාවේ හෝ කැනඩාවේ හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදවලට අනුව මහාචාර්යවරයකු තබා සාමාන්‍ය ආචාර්යවරයකු (සහකාර මහාචාර්යවරයකු) වීමටවත් නො හැකි ය. 

Wednesday 20 May 2015

මෛත්‍රිපාලට විකල්පයක් නැහැ

මෛත්‍රිපාලට විකල්පයක් නැහැ

මෙයට කලින් ලිපියෙන් අපි මෛත්‍රිපාල සිරිසේනට විකල්පයක් යෝජනා කෙළෙමු. ඒ ඔහුගේ අවශ්‍යතාව පරිදි පාර්ලිමේන්තුව ලබන වසරේ අප්‍රේල් වන තුරු පවත්වාගෙන යෑමට ය. එහෙත් එය කොන්දේසි විරහිත එකක් නො වී ය. ඒ කොන්දේසි අනුව රනිල් පික්පොකට් අගමැති ධුරයෙන් ඉවත්කර සංධාන ආණ්ඩුවක් පිහිටුවිය යුතු ව තිබිණි. මෛත්‍රිපාල ඒ කරාවි දැයි අපට ප්‍රශ්නයක් විය. අප ලිපිය අවසන් කෙළේ මෙසේ ය. “එහෙත් ප්‍රශ්නයක් වේ. මෛත්‍රිපාලට බටහිර බලපෑම හමුවේ එවැන්නක් කළ හැකි ද? අඩු තරමෙන් පලිබෝධනාශක රසායන ද්‍රව්‍ය රැගත් කන්ටේනර් නිදහස් නොකිරීමට ඔහුට ශක්තියක් වේ ද?” 

මෛත්‍රිපාලට විකල්පයක්

මෛත්‍රිපාලට විකල්පයක්

අද පවත්වාගෙන යන පික්පොකට් ආණ්ඩුව ඉන්දියාවේ අධාරය මත බටහිර රටවල්, විශේෂයෙන් එංගලන්තය හා ඇමෙරිකාව යන ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ යුදෙවු ක්‍රිස්තියානි රටවල් විසින් සැලසුම් කර ඇතිකරන ලද්දකි. මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්‍ෂකයා වීමට පෙර සිට අද දක්වා ම රනිල්ලා ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නියෝජිතයන් ලෙස ය. අද රනිල් හා මෛත්‍රිපාල අතර විරසකයක් ඇති වී තිබේ. බටහිරයන් තමන් නොව රනිල් විශ්වාස කරන බව මෛත්‍රිපාල සංධානයේ නායකයන්ට පවසා ඇත. මේ විරසකය අද මතු වී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස රනිල් හා එ ජා ප කරන බලපෑම මත ය.

Tuesday 19 May 2015

අපට වෙච්ච දේ (ඉරිදා දිවයින ලිපියකි)



අපට වෙච්ච දේ

අපට වෙච්ච දේ යන්න පියදාස සිරිසේන මහතාගේ කෘතියකි. කිසිවකු පියදාස සිරිසේන මහතාට වෙච්ච දේ යනුවෙන් ලිපියක්වත් ලියා ඇතැයි නො සිතමි. පියදාස සිරිසේන මහතා ගැන අද ඉඳහිට කතා කෙරෙයි. එහෙත් ඔහු තවමත් මෙරට උසස් ගණයේ සාහිත්‍යකරුවකු ලෙස නො පිළිගැනෙයි. බමුණු කුලය බිඳ වැටීම ගැන ලියුවෝ පියදාස සිරිසේන මහතා ද බිඳ වැට්ටවූහ. පියදාස සිරිසේන මහතා බමුණු කුලයට අයත් වී ද? මාර්ටින් වික්‍රමසිංහ  අයත් වූයේ බමුණු කුලයට නො වේ ද? අප ඒ ගැන කතා නොකළ ද සාහිත්‍ය බමුණු කුලයට අයත් වූයේ මාර්ටින් වික්‍රමසිංහ මිස පියදාස සිරිසේන මහතා නො වේ.

ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බාධාව මෛත්‍රිපාල ය - 2

ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බාධාව මෛත්‍රිපාල ය  - 2

මෛත්‍රිපාල රනිල් ආණ්ඩුවට අද ඉතිරි වී ඇත්තේ පළිගැනීම් පමණ ය. ඔවුන්ට ජනතාව ඉදිරියට ගොස් කීමට ඇත්තේ අප අහවල් අහවල් අය අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හෝ අලුතෙන් පිහිටුවන ලද ඊනියා මූල්‍ය අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශයේ හෝ විමර්ශන හෝ පරික්‍ෂණ හෝ කරන බව පමණ ය. එමෙන් ම ආණ්ඩුව කියනු ඇත්තේ ඒ අත්අඩංගුවට ගැනීම් ආණ්ඩුවේ මැදිහත්වීම්වලින් තොරව කෙරෙන බවත් ය. ඒ කතාව කි දෙනකු පිළිගන්නේ ද යන්න වෙනම ම කතාවකි. එහෙත් ගෝඨාභය හා දියවඩන නිළමේ පරීක්‍ෂණවල දී ඔය මොකක්දෝ කොට්ඨාශය හොට පටළවා ගත් බව නම් පැහැදිලි ය. 

Monday 18 May 2015

හිටපු විනිසුරු විග්නේස්වරන්ට වෙන නීතියක් ද?

හිටපු විනිසුරු විග්නේස්වරන්ට වෙන නීතියක් ද?

හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්වයකාරයකු වූ ද වත්මන් උතුරු පළාත් මහා ඇමති වූ ද සී විග්නේස්වරන් මුලතිවූ ප්‍රදේශයේ දී සුමන්තිරන් ද සමගින් දෙමළ ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ හමුදා මෙහෙයුම්වල දී මියගිය අය සිහි කිරීම සඳහා රැස්වීමක් පවත්වා ඇත. එසේ කර ඇත්තේ අධිකරණය මුලතිවු ප්‍රදේශයේ කොටි සංවිධානය සිහි කරන රැස්වීම් පැවැත්වීම් තහනම් කරමින් තහනම් නියෝගයක් පනවා තිබිය දී ය.

දිනය අදයි

දිනය අදයි

නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරදවා අදට අවුරුදු හයක් ගතවෙයි. එය අපේ හමුදාවේ (ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්‍ෂක බලකාය) ජයග්‍රහණයක් නොවේ නම් වෙන කුමක් ද? අප ඒ ජයග්‍රහණය සමරන්නේ නැත්නම් සැමරිය යුත්තේ කුමක් ද? එම ජයග්‍රහණය සැමරීමෙන් හිත රිදෙන්නේ කාගේ දැයි මංගල සමරවීර හා රාජිත සේනාරත්න අපට පළමුව කියා දිය යුතු ය.

Sunday 17 May 2015

මෛත්‍රිපාලට ප්‍රශ්න දෙකක්

මෛත්‍රිපාලට ප්‍රශ්න දෙකක්

අද (2015 මැයි 17) පොළොන්නරුවේ පැවති රැස්වීමක දී මෛත්‍රිපාල සිරිසේන වැදගත් ප්‍රකාශ දෙකක් කර ඇත. ඉන් එකකින් කියැවෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ශ්‍රී ල නි පක්‍ෂය අවුරුදු ගණනාවක් දෙන ලද පොරොන්දුවක් තමා විසින් ඉටු කරන ලද බව ය. එය සත්‍ය නම් මේ වන විට විධායක ජනාධිපතිවරයකු සිටිය නො හැකි ය. දැනට තිබෙන තතත්වය අනුව මීළඟ මැතිවරණයෙන් පසුව ද, මීළඟ ජනාධිපතිවරණයෙන් පසුව ද මෙරට විධායක ජනාධිපති කෙනකු සිටිනු ඇත. මෛත්‍රිපාල මීළඟ ජනාධිපති වුවත් නැතත් මීළඟ ජනාධිපතිට ද විධායක බලතල තිබෙනු ඇත. මෛත්‍රිපාල රවටන්නට සූදානම් වන්නේ කාව ද?   

Saturday 16 May 2015

ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බාධාව මෛත්‍රිපාල ය

ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බාධාව මෛත්‍රිපාල ය

ආණ්ඩුව ඇත්ත නොකියන බව පැහැදිලි ය. පළාත් පාලන ආයතන විසුරුවා නොහැරිය බව සැබෑ ය. ඒ ආයතනවල කාලය අවසන් වී ඇති බව ද සැබෑ ය. ඒ පිළිබඳ අපේ වාදයක් නැත. එහෙත් ආණ්ඩුවට කළ හැකි එකම දෙය ඒ ආයතන කොමසාරිස්වරුන් හෝ නිලධාරීන් හෝ යටතට පත්කිරීම නො වේ. එය එක් විකල්පයක් පමණකි, එය සිදු නොකළ යුතුව තිබූ විකල්පය ය. එහෙත් ආණ්ඩුව ඒ විකල්පය ක්‍රියත්මක කළා පමණක් නොව අනෙක් විකල්ප ගැන සඳහනක්වත් නො කරයි. 

Friday 15 May 2015

රනිල්ගේ කොමන්වෙල්ත් මනස

රනිල්ගේ කොමන්වෙල්ත් මනස

රනිල්ගේ ලෝකය කුමක් ද යන්න අමුතුවෙන් කිවයුතු නැති වුවත් ඉඳහිට ඔහු සිතන පතන ආකාරය ගැන සටහන් කිරීමට සිදුවෙයි. අතුරලියේ රතන හිමියන් වරක් දේශනා කර තිබුණේ රනිල් ප්‍රබුද්ධයකු කියා ය. රනිල් බෞද්ධ පොතපත කියවනවා විය හැකි ය. එහෙත් ඔහුට  සිංහල බෞද්ධ මනසක් සකස් කර ගත නො හැකි ය. පොත් කියවූ පමණින් පුද්ගලයකුගේ මනස වෙනස් නො වේ.

ආණ්ඩුව පවත්වාගෙන යන්නේ සිංහල බෞද්ධයනට එරෙහිව ය

ආණ්ඩුව පවත්වාගෙන යන්නේ සිංහල බෞද්ධයනට එරෙහිව ය

දින සියයකට වැඩි ගණනක් ආණ්ඩුව කර තිබෙන එකම දෙය විරුද්ධ පාක්‍ෂිකයන් අත් අඩංගුවට ගැනීම ය. එසේ අත් අඩංගුවට ගත් අය අතර ද අති මහත් බහුතරය සිංහල බෞද්ධ වේ. සිංහල බෞද්ධයකු තබා ලාංකිකයකුවත් නොවන මහා බැංකු අධිපති නිවැරදි කරුවකු බව අපි දැන් දනිමු. ඒ ත්‍රිපුද්ගල නීතිඥ මණ්ඩලයකට පින් සිදුවන්නට ය. රාජිත සේනාරත්න වැන්නන් ජීවිතයේ කිසි දිනෙක කුරා කූඹියකුටවත් වරදක් කර නැත. එතුමාගේ භාර්යාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැදගත් තනතුරක් නො ලැබුණේ ද ඔවුන්ට වැරදි කිරීමට ඉඩ නොතැබීමට විය යුතු ය. 

Thursday 14 May 2015

බමුණු කුලය

බමුණු කුලය

මාර්ටින් වික්‍රමසිංහ මහතා බමුණු කුලය ලෙස හැඳින ගත් කුලය බිඳී නැති බව පැහැදිලි ය. ඒ මහතා ද අධ්‍යාපනය අතින් ගත්කල අයත් වූයේ බමුණු කුලයට ය. ඒ මහතා අගය කළ බටහිර විද්‍යාව අයත්වන්නේ ද බමුණු කුලයට ය. පියදාස සිරිසේන මහතා බමුණු කුලයට අයත් වී ද? මාර්ටින් වික්‍රමසිංහ මහතා අයත් වූයේ බමුණු කුලයට නො වේ ද? අප ඒ ගැන කතා නොකළ ද සාහිත්‍ය බමුණු කුලයට අයත් වූයේ මාර්ටින් වික්‍රමසිංහ මහතා මිස පියදාස සිරිසේන මහතා නො වේ. මම අවුරුදු එකොළහේ දී පමණ මාර්ටින් වික්‍රමසිංහ හා පියදාස සිරිසේන මහතුන් දෙදෙනාගේ ම පොත් කියවීමි. අද ඉන් අවුරුදු හැටකට පමණ පසුව රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතා හදාරමි. වික්‍රමසිංහලා දෙදෙනා ම බමුණු කුලයේ සාමාජිකයෝ ය. මෛත්‍රිපාල සිරිසේන මහතා බමුණු කුලයට ඇතුල් වූයේ කෙසේ ද? අඩු තරමෙන් සේවය කරන්නේ කෙසේ ද?

කොටින් සැමරීම හා ජ වි පෙ සැමරීම

කොටින් සැමරීම හා ජ වි පෙ සැමරීම

උතුරු පළාත් සභාවේ මන්ත්‍රතවරයකු වන සිවාජිලිංගම් සතියක් පුරා කොටින් සමරන බව පවසා ඇත. ඔහු කියා ඇත්තේ ජ වි පෙරමුණට 1971 දී 1988-90 කාලයේ දී මියගිය අය සැමරීමට හැකි නම් දෙමළ ජාතික සංධානයට හා හිතවතුනට ද මියගිය අය සැමරිය හැකි බව ය. එය මතුපිටින් ගත්කල හොඳ තර්කයකි. අවුරුදු තිහක් පමණ දෙමළ ජාතිවාදය පිළිබඳ ලිපි ලියා ඇති අප මේ කතාවට ද  විටින් විට පිළිතුරු දී ඇත. එහෙත් ඇතැම් වෙබ් අඩවිවල අපේ ලිපිවලට ප්‍රතිචාර දක්වන ඇතැමුන් සිතන්නේ අප මේ ප්‍රශ්න ගැන ඔවුන්ගෙන් දැනගත යුතු බව ය.

Wednesday 13 May 2015

බුදුදහමට පටහැණි ශක්ති සංස්ථිති නියමය (විදුසර ලිපියකි)

බුදුදහමට පටහැණි ශක්ති සංස්ථිති නියමය

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බුදුදහම හා බටහිර විද්‍යාව සැසඳීමට ගොස් එන්න එන්න ම පැටළෙයි. පසුගිය මැයි 06 වැනි දා විදුසරෙහි පළ වූ ලිපිය එයට කදිම නිදසුනකි. ඔහුට බුදුදහම විකෘති කිරීම ප්‍රශ්නයක් නොවන්නේ ඔහු බුදුදහම බටහිර විද්‍යාවෙන් තේරුම් කිරීමට උත්සාහ කරන බැවිනි.

එංගලන්තයේ දෙමළ මන්ත්‍රීන් නැහැ

එංගලන්තයේ දෙමළ මන්ත්‍රීන් නැහැ

පසුගියදා පවත්වන ලද එංගලන්ත (අවශ්‍ය නම් බිරිතානි) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිංහල සම්භවයක් ඇති තැනැත්තකු මන්ත්‍රීවරයකු ලෙස පත්විණි. ඔහුට වැඩි ඡන්ද තිස්පන්දාහක් පමණ ලැබුණු බවත් ඔහු ඩේවිඩ් කැමරන්ගේ කොන්සර්වෙටිව් පක්‍ෂයෙන් තරග කර ජයග්‍රහණය කළ බවත් වාර්තා විය. මා ඒ බව සඳහන් කරන්නේ පම්පෝරියකට නො වේ. සිංහල සම්භවයක් ඇති අයකු එංගලන්තයේ අගමැති වුවත් මට එය තුට්ටුවක් නො වටියි. මට අවශ්‍ය වන්නේ වෙනත් කරුණක් ඉස්මතු කිරීමට ය. 

Tuesday 12 May 2015

වහා මහා මැතිවරණයක්

වහා මහා මැතිවරණයක්

මෛත්‍රිපාල රනිල් යමපාලනය පළාත් පාලන ආයතන විසුරුවා හැර කොමසාරිස්වරුන් යටතට පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එය මුළුමනින් ම ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකෑමකි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතාවට ලැබෙන එකම  අයිතිය අවුරුදු කිහිපයකට වරක් තම නියෝජිතයන් විවිධ ආයතනවලට තෝරා පත්කර යැවීම ය. යමපාලනය ඒ අයිතිය ද කොල්ල කා ඇත. එසේ කොල්ල කෑමට ප්‍රධාන හේතුව වූයේ පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම සතු වීම ය. 

රනිල් පහකරමු

රනිල් පහකරමු

රනිල් වික්‍රමසිංහ අගමැති වී ඇත්තේ නීති විරෝධීව ය. ඔහු අගමැති ලෙස දිවුරුම් දුන් දිනයේ ම අපි ඒ බව පැවසුවෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයකින් පසුව ආණ්ඩුව වෙනස් නො වේ. හිටපු ජනාධිපති පරාජය වීම නිසා හෝ තරග නොකිරීම නිසා හෝ වෙනත් අයකු ජනාධිපති වුවහොත් සිදුවන එක ම දෙය නව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සභාපති වීම ය. කැබිනට් මණ්ඩලයේ වෙනත් වෙනසක් නො සිදු වෙයි. අගමැති හා ඇමතිවරු වෙනස් නො වෙති. 

Monday 11 May 2015

දේශපාලන විසඳුම

දේශපාලන විසඳුම

රනිල් වික්‍රමසිංහ පසුගිය දා ඊනියා දේශපාලන විසඳුමක් ගැන කතා කර තිබිණි. ඔහු කියා තිබුණේ දැන් යුද්ධය අවසන් බවත් දේශපාලන විසඳුමක් දිය යුතු බවත් ය. රනිල් එන්නේ මොකාට ද යන්න ඉතා පැහැදිලි ය. ඔහු නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ තබා සිංහල මතයවත් නො වේ. ඔහුට අද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ අත් අඩංගුවට ගැනීමට ය. එහෙත් ව්‍යවස්ථාවෙන් එයට බාධා පැමිණ වෙයි. රාජපක්‍ෂ රෙජිමය යන්න ඇමරිකානුවන්ගේ රෙජිමය යන්න ගෙඩිය පිටින් ගෙන යොදා ගත්තක් මිස නිර්මාණයක් නො වේ. මෙරට පඬියන් සංකල්පයක් නිර්මාණය කෙළේ කවදා ද?

බන්දුල ජෙනීවා යන්නේ අහවල් දේකට ද?

බන්දුල ජෙනීවා යන්නේ අහවල් දේකට ද?

බන්දුල ගුණවර්ධන ජෙනීවා යන බව පවසා ඇත. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් රාජ්‍යය යටතේ සිදුවන හිරිහැර ගැහැට පිළිබඳ ව අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිළි කිරීමට තමන් ජෙනීවා යන බව ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි. බැලූ බැල්මට මෙය යහපත් වැඩකි. මහින්ද කණ්ඩායමේ බොහෝ මන්ත්‍රීන් ද ඔවුන්ට සහාය දක්වන ඇතැමුන් ද ඒ අනුමත කිරීමට ඉඩ ඇත. එහෙත් ජෙනීවා යෑමෙන් මහින්ද කණ්ඩායමට ලැබෙන ආරක්‍ෂාව කුමක් ද?

Sunday 10 May 2015

පළාත් පාලන ආයතන විසුරුවා හැරීම

පළාත් පාලන ආයතන විසුරුවා හැරීම 

හෙට අනිද්දා පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට සූදානමක් වෙයි. බොහෝ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී ඇති අතර තවත් කිහිපයක නිල කාලය මාස කිහිපයකින් නිම වෙයි. මේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියා මාර්ග තුනක් වෙයි. පළමුවෙන් ම පළාත් පාලන ආයතන විසූරුවා හැර ඒ වෙනුවෙන් මැතිවරණ වහාම පැවැත්වීම ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව කළ යුතු යහපත් ම කාර්යය එය ය. එමගින් පළාත් පාලන ආයතනවලට තම නියෝජිතයන් පත්කර ගැනීමේ අයිතිය ජනතාවට හිමිවෙයි. 

මහින්ද කණ්ඩායමට බහුතරය


මහින්ද කණ්ඩායමට බහුතරය

කුරුණෑගල දී පවත්වන ලද රැස්වීමෙන් පසු මෙරට පාර්ලිමේන්තු දේශපාලන බල තුලනයේ වෙනසක් සිදු වී ඇත. ඒ රැස්වීමට ශ්‍රි ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 57 දෙනකු සහභාගි වූ බව ප්‍රකාශ විය. පසුව ඒ මන්ත්‍රීවරුන්ගේ නම් ද ප්‍රසිද්ධියට පත් කෙරිණි. එයට අමතරව රක්‍ෂිත බන්ධනාගාරගත ව සිටින මන්තීවරුන් ද අසනීප ව සිටි මන්ත්‍රිවරුන් ද ගත්කල ශ්‍රී ල නි ප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය බවට මහින්ද කණ්ඩායම පත් වී ඇත. සංධානය ලෙස ගතහොත් නම් පැහැදිලි ව ම මහින්ද කණ්ඩායම බහුතරය වී අවසන් ය. 

Saturday 9 May 2015

මහින්ද මෛත්‍රිපාල සාකච්ඡා සාර්ථකයි

මහින්ද මෛත්‍රිපාල සාකච්ඡා සාර්ථකයි

මා ප්‍රශ්නයක් දෙස බලන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුව හෝ පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවට, දේශපාලන විද්‍යාවට, දර්ශනයට හෝ වෙනත් බටහිර දැනුමකට අනුව නො වේ. මා ප්‍රශ්න දෙස බලන්නේ සිංහල බෞද්ධ (වඩාත් සියුම් ව ගතහොත් හෙළ බෞද්ධ) සංස්කෘතියට සාපේක්‍ෂව ය. එයින් අදහස් කෙරෙන්නේ සිංහල ක්‍රිස්තියානින් දෙමළ හින්දූන් ආදීන් නොසලකා හරින බව නො වේ. මගේ දෘෂ්ටි කෝණය සිංහල බෞද්ධ ය. ඒ දෘෂ්ටි කෝණයෙන් බැලූ කල මහින්ද මෛත්‍රිපාල සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රටට හානියක් නො සිදුවෙයි. එබැවින් සාකච්ඡා සාර්ථක ය. 

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

ඇස් මහින්ද හිමි හා ජාතික ව්‍යාපාරය

අප ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි සීකිමය වෙන ම රටක් විය. එහෙත් දැන් එය ඉන්දියාවේ වෙන ම ප්‍රාන්තයකි. ලංකාව නාමිකව නිදහස් රටකි. එහෙත් අපේ බොහෝ කටයුතු මෙහෙයවනු ලබන්නේ ඉන්දියාව, එංගලන්තය හා ඇමරිකාව විසිනි. මහින්ද හිමියෝ මෙරට නිදහස වෙනුවෙන් කටයුතු කළහ. එහෙත් අපට තවමත් පූර්ණ නිදහස දිනාගැනීමට නොහැකි වී ඇත. 

Thursday 7 May 2015

අහසින් පොළොවට (විදුසර ලිපියක සංස්කරණයකි )

අහසින් පොළොවට

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා අග්ගඤ්ඤ සූත්‍රය බටහිර විද්‍යාව සමග සංසන්දනය කිරීමට ගොස් මුසාවාදා වේරමණි අර්ථයෙන් ද පට්ටපල් බොරු කී හැටි අපි 2015 අප්‍රේල් 15 වැනි දා ලිපියෙන් හෙළිදරවු කෙළෙමු. ඔහු ජීවයේ හටගැනීම බුදුදහමෙහි සඳහන්වන බව කීමට ගොස් අමාරුවේ වැටුණේ ය. අපි තවදුරටත් ඔහුගේ බොරුව විමසමු. ඔහු තම අප්‍රේල් 8 වැනි දා ලිපියෙහි සඳහන් කළ කොටසක් මා නැවත උපුටා දක්වන්නේ බොහෝ පාඨකයන් ඒ ලිපිය සොයා ගෙන නොකියවන බව දන්නා බැවිනි. 

සාකච්ඡා පිටුපස සිටියේ කවු ද?

සාකච්ඡා පිටුපස සිටියේ කවු ද?

සිංහලයන්ට හුස්ම ගැනීමට තවත් කාලයක් ඉතිරි වී ඇත. මෛත්‍රිපාල මහින්ද හමුව සිංහල විරෝධීන්ට සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට සමත් වී නැත. මීළඟ සාකච්ඡාවක් ගැන තීරණයක් ද නැත. යම් හෙයකින් සාකච්ඡා “සාර්ථක” වී නම් එය සිංහලයන්ගේ යුගයක අවසානය වීමට ඉඩ තිබිණි. එහෙත් ඒ එසේ නො වී ය. මහින්දට සුළු දෙයක්වත් දීමට මෛත්‍රිපාල සිරිසේනට නො හැකි ය. අඩුම තරමෙන් පළාත් පාලන ආයතන විසුරුවා හැරීම කල්දැමීමටවත් මෛත්‍රිපාලට නො හැකි ය. මහින්ද සංධානයේ අගමැති අපේක්‍ෂකයා බවට මෛත්‍රිපාල විසින් පත්කරනු ලැබීම කාගේ දෝ දවල් හීනයක් පමණකි.

Wednesday 6 May 2015

සිංහලයන්ට නායකයකු නැද්ද?

සිංහලයන්ට නායකයකු නැද්ද?

අද පැවැත්තෙන මහින්ද මෛත්‍රිපාල හමුවත් සමග සිංහලයන්ගේ දේශපාලනයෙහි තවත් යුගයක් අවසන් වනු ඇත. ඇතැම් විට ඒ සිංහලයන්ගේ ඉතිහාසයෙහි යුගයක අවසානය ද විය හැකි ය. සිංහලයන්ට අද නායකයකු නැති තත්ත්වයකට පත් වී ඇත. මහින්ද රාජපක්‍ෂ ඵලදායී (සඵල) දේශපාලනයෙන් ඉවත් වීමට ද ඉඩ ඇත. මෛත්‍රිපාල සිරිසේන බටහිරයන් සමග යම් සම්මුතියකට එළඹී ඇත. එය රනිල් ඇතිව හෝ නැතිව හෝ ක්‍රියාත්මක වනු ඇත. කොටින් පරාජය කළ යුතුව තිබූ බව ජෝන් කෙරී පවසා ඇත්තේ නිකමට විය නො හැකි ය. 

Tuesday 5 May 2015

බුදුදහම යනු දැනුම් පද්ධතියක් නො වේ

මෙය පාණදුරේ වැකඩ බෞද්ධ සහෝදර සමිතිය විසින් පළ කෙරෙන වෙසක් හඬ සඟරාවට ලියූ  ලිපියක සංස්කරණයකි

බුදුදහම යනු දැනුම් පද්ධතියක් නො වේ

පාසලේදීත් දහම් පාසලේදීත් ගෙදරදීත් පමණක් නොව පන්සලේදීත් අපට බුදුදහම කියා දෙනු ලැබේ. ඒ සෑම අවස්ථාවක දී ම අපට හැඟෙන්නේ බුදුදහම යනු ඉගෙන ගැනීමට ඇති තවත් දැනුම් පද්ධතියක් බව ය. විශේෂයෙන් ම පාසලේ දී දහම් පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී බුදුදහම ඉගෙන ගන්නේත් බුදුදහම පිළිබඳ ඊනියා පර්යෙෂණ කෙරෙන්නේත් ඒ විෂයයක් ලෙස ගනිමිනි.

ඩිලාන්ලා රෙජිනෝල්ඩ්ලා දහතුනට විරුද්ධ ද?

ඩිලාන්ලා රෙජිනෝල්ඩ්ලා දහතුනට විරුද්ධ ද?

මහින්ද ප්‍රකාශ දෙකක් ම කරයි යනුවෙන් මා කාලය වෙබ් අඩවියෙහි පළ කළ ලිපිය ශ්‍රි ල නි පක්‍ෂයට හෝ මහින්ද රාජපක්‍ෂට හෝ හිතවත් බොහෝ දෙනකුගේ විරෝධය දිනා ගැනීමට සමත් වී ඇත. මා එ බලාපොරොත්තු නොවූවක්  නො වී ය. ඇතැමුනට අනුව දහතුනට පක්‍ෂපාති මා ඔවුන් රැවටීමට සැරසෙයි. දහතුනට එරෙහිව මා කර ඇති දෙය ඉතා සුළු විය හැකි ය. එහෙත් මට විරුද්ධව අවලාද නැගීමට ඒ හේතුවක් නොවිය යුතු ය. වැඩි ඈතක නොවන දිනක මා ජාතිද්‍රෝහියකු ලෙස නම් කෙරෙන බව ද, මට මිය යෑමට සිදුවනු ඇත්තේ ද ජාතිද්‍රොහියකු වංචනිකයකු මුග්ධයකු ලෙස හංවඩු ගැසීමෙන් පසුව බව ද මම දනිමි.

දහනවය ගැන නොකී දේ (ඉරිදා රිවිර ලිපියකි)

දහනවය ගැන නොකී දේ

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ වන විට බොහෝ අය බොහෝ දේ කියා ඇත. අප කාලය වෙබ් අඩවිය මගින් ද පුවත්පත් සාකච්ඡා මගින් ද ඇතැම් දේ කියා ඇති නමුත් ඒ කිසිවක් ජනතාවට දැන ගැන්වීමට සැලැස්වීමට නොහැකි විය. එයට මූලික හේතුව බොහෝ ජනමාධ්‍යවේදීන් අපට වඩා බුද්ධිමත් වීමත් අප කියන දේ වල්පල් ලෙස එතුමන් විසින් නිගමනය කෙරුණු ලැබීමත් ය.

Monday 4 May 2015

දහනවය සම්මත වූයේ ඇයි? (මේ ලිපිය 2015 මැයි 10 වැනිදා ඉරිදා දිවයිනෙහි පළ කෙරිණි )

දහනවය සම්මත වූයේ ඇයි?

පසුගිය විසිඅටවැනි දා සිංහල ජාතියට කණකොකා හැඬූ දිනයක් විය. ඉන් දින දෙකකට පසු සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි.

Saturday 2 May 2015

මහින්ද ප්‍රකාශ දෙකක් ම කරයි

මහින්ද ප්‍රකාශ දෙකක් ම කරයි

අපට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්‍ෂ ලවා ප්‍රකාශයක් කරවීමට ය. ඔහු එක් ප්‍රකාශයක් නොව ප්‍රකාශ දෙකක් ම කළේ ය. ඒ ශ්‍රී ල නි පක්‍ෂය පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටියේ) පැවැත්වූ රැස්වීමට හා එක්සත් ජනතා නිදහස් සංධානය ලලිත් ඇතුළත්මුදලි පිටියේ පැවැත්වූ මැයි දින රැළිවලට ය. එහි ඔහුට අවශ්‍ය කුමක් ද යන්න ගැන ඉඟියක් වෙයි. එහෙත් ඒ දැනට ලැබී ඇති දත්ත අනුව ය. 

Friday 1 May 2015

සීගිරිය කුරුටු ගෑම


සීගිරිය කුරුටු ගෑම

සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි. එසේ නිදහස් කිරීම වරදක් දැයි ඇතැමුන් මගෙන් ප්‍රශ්න කරනු ඇත. මා අන්ත ජාතිවාදියකු බව තවත් අය කියනු ඇත. මෛත්‍රිපාල සිරිසේන ඇයට සමාව දුන්නේ අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂගේ නිදර්දේශයක් මත ය. විජයදාසට ඒ පිළිබඳ ව කරන ලද ආයාචනා ආදිය ගැන අපට දැනුමක් නැත.