Main Logo

Tuesday 30 June 2015

මෛත්‍රීට නො රුවටෙනු

මෛත්‍රීට නො රුවටෙනු

මහින්ද රාජපක්‍ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත.  ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වෙයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්දට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය. 

මහින්ද විරෝධී කණ්ඩායම

මහින්ද විරෝධී කණ්ඩායම

අද හෙට වන විට මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම කාහටත් පෙනෙන පරිදි වෙන් වනු ඇත. ජනවාරි 8 වැනි දා මහින්දට විරුද්ධව ශ්‍රී ල නි පක්‍ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද වෙල් විදානේගේ පක්‍ෂයේ ද සැලකිය යුතු කොටසක් විය. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට නායකත්වය දුන්නේ ය. ජනවාරි 8 වැනි දාට පසු පිහිටුවන ලද පික්පොකට් ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබාගත්තෝ ඔවුන් අතර වූහ. ඉන්පසුව ද සමහරු සිංගප්පූරු ගොස් මහින්ද විරෝධී කණ්ඩායමට එකතු වූහ. මහින්ද විරෝධී කණ්ඩායම මුළුමනින් ම මෙහෙයවන ලද්දේ බටහිරයන් හා ඉන්දීයයන් විසිනි. මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුවේ පමණක් නො වේ. ඉන් පිටත ද විශේෂයෙන් ම ඉන්දීය ඒජන්තයෝ වූහ.

Monday 29 June 2015

ජනතාව කෝප් වාර්තාව දැන ගත යුතුයි

ජනතාව කෝප් වාර්තාව දැන ගත යුතුයි

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය අනුකමිටුවක වාරාතාවක් ය, අනුකමිටුවකට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි ය ආදී වශයෙන් විවිධ කතා පැතිරී යමින් පවතියි. එහෙත් ඒ සියළු කතා බයිලා පමණ ය. එ ජා ප භාරකාර ඇමතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ බයිලා වලින් අපට වැඩක් නැත. පාර්ලිමේන්තුව අදාළ වාර්තාව සලකා බැලීම සඳහා පිළිගෙන ඇත. ජූලි 07 වැනි දා හෝ ඒ ආසන්නයේ හෝ වාර්තාව ගැන යම් සකච්ඡාවක් කිරීමට ද පාර්ලිමේන්තුවේ එකඟතාවක් තිබී ඇත. එසේ තිබිය දී වාරාතාවේ නිල තත්ත්වය පිළිබඳ ඇතැම් භාරකාර නියෝජ්‍ය ඇමතිවරුන් බයිලා කීම කණගාටුදායක ය. 

සියලු විජාතික ගැත්තන් පරාජය කරමු (ඉරිදා රිවිර ලිපියක සුළු සංස්කරණයකි)

සියලු විජාතික ගැත්තන් පරාජය කරමු

මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී කුස්සි කැබිනට්ටුවක් ගැන සඳහන් කර ඇත. ඒ මහතාට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කිරීමට ගොස් තමන් මහත් අවුලකට පත් වී ඇත. ඒ මහතාගේ කතාවේ හරය අනාගතයේ දී ජනාධිපති වීමට දඟලන පුද්ගලයකු විසින් වත්මන් ජනාධිපති මෙහෙයවෙන බව ය. මේ පුද්ගලයා කවුදැයි අමුතුවෙන් කිවයුතු නො වේ. ඔහු දේශපාලනඥයන් අතර ද සිටින අවස්ථාවාදියා වෙයි. භික්‍ෂූන් වහන්සේ හිසින් පාර්ලිමේන්තුවට ගිය ඔහු අද නැවතත් හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා කරා ඒමට උත්සාහ කරයි. මහින්දට දේශපාලනය අහිමි කරන බවට වහසි බස් දෙඩූ මොහු සංධානයක හතර මායිමට වද්දා නොගත යුතු පුද්ගලයෙකි. රට අවුල් කරන මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කර ගැනීමට ඔහු උනන්දුවක් දැක්වූයේ ම තම ජනාධිපති ඉලක්කය කරා යෑමට ය. 

Sunday 28 June 2015

කෝප් වාර්තාව යටගැහීම

කෝප් වාර්තාව යටගැහීම

අර්ජුන් මහේන්ද්‍රන් ආපසු සිංගප්පූරුවට ගොස් ඇතැයි වාර්තා වෙයි. එය සත්‍යයක් දැයි නිසැකව ම කිව නො හැකි ය. ඒ එසේ වුවත් නැතත් ඔහු කෝප් විමර්ෂණයෙහි දී කීවේ කුමක් දැයි දැනගැනීමේ අයිතිය ජනතාව වන අපට තිිබිය යුතු ය. ඊනියා තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පාර්ලිමේන්තුවේ සම්මත නොවූ බව වෙනත් කරුණකි. කෝප් වාර්තාව දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්  ජනතාවට නැති කිරීමට ඉඩ දිය යුතු ද? 

රනිල් තිස්වැනි වතාවටත් සැරසෙයි

රනිල් තිස්වැනි වතාවටත් සැරසෙයි

රනිල් වීක්‍රමසිංහ මහින්ද රාජපක්‍ෂට අභියෝගයක් කර ඇත. හැකි නම් අගමැති ධුරයට ඉදිරිපත් වී ජයගන්නා ලෙස ඔහු මහින්දට කියයි. ඔහු නැවතත් රාජපක්‍ෂ රෙජිමය පිළිබඳ කතාව ඇද ගනියි. රාජපක්‍ෂලා ගෙදර යවන බවට ඔහු බෙරිහන් දෙයි. ඔහුට රාජපක්‍ෂලා ගැන ඇත්තේ වෛරයකි. එය පෞද්ගලික වෛරයක් නො වේ. ඔහුට එවැනි වෛරයක් චන්ද්‍රිකා සමග නැත. ඔහු මහින්ද ගෙදර යැවීමට චන්ද්‍රිකා සමග ද එකතු වෙයි. ඔහු ඇගේ වෛරය ගැන නොදන්නවා නො වේ. අද දවසේ ඇගේ වෛරය මෙන් ම ඔහුගේ වෛරය ද මහින්ද රාජපක්‍ෂ කෙරෙහි යොමු වෙයි.

Saturday 27 June 2015

මහින්ද ශ්‍රී ල නි ප නායකත්වයට

මහින්ද ශ්‍රී ල නි ප නායකත්වයට 

ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි ප සභාපතිත්වය අත්හැරියේ ය. එයට හේතු ගණනාවක් තිබිණි. ශ්‍රී ල නි ප උඩින් දෙකඩ වී තිබිණි. පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් එ ජා ප සමග සන්ධානයකට සූදානම් වූහ. මෛත්‍රිපාල සිරිසේන පක්‍ෂ ලේකම් ධුරය අත්හැර වෙනත් පක්‍ෂයකින් තරග කර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානයේ අපේක්‍ෂකයා පරදවා තිබිණි. ශ්‍රී ල න ි ප පාර්ලිමේන්තු කණ්ඩායමේ මහින්දට වඩා මෛත්‍රිපාලට කැමැත්තක් විය. වෙනත් වචනවලින් කිවහොත් පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායම මහින්ද කණ්ඩායමට වඩා බලවත් විය.

විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ වාර්තාවත් නැහැ

විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ වාර්තාවත් නැහැ

මාසයකට පමණ පෙර විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ යනුවෙන් ලිපියක් කාලය වෙබ් අඩවියේ පළ කෙළෙමි. අවාසනාවකට ඒ අනාවැකිය ඵලදරා ඇත. එ ජා පක්‍ෂයට මන්ත්‍රින් සිටියේ  සුළුතරයක් වුව ද වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කිරීමට රනිල් සමත් විය. මෛත්‍රිපාල ජනාධිපති බවට පත්කර ගත්තේ ම රනිල්ලාට අවශ්‍ය අන්දමට කටයුතු කිරීමට මිස චම්පකලාට ප්රාජිතලාට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට නො වේ.

Friday 26 June 2015

යමපාලනය අවසන් කරමු

යමපාලනය අවසන් කරමු

අවසානයේ දී අද මධ්‍යම රාත්‍රියෙහි දී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. එක් එක් අයට එක් එක් න්‍යාය පත්‍ර තිබුූ නමුත් ඒ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි විණි. පික්පොකට් ආණ්ඩුවේ කඹ ඇදීම්, හැළ හැප්පිලි ආදිය හේතුකොට ගෙන තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ දුෂ්කරතා තිබිණි. මෛත්‍රිපාලට, ප්රාජිතට හා චම්පකට ලබන අප්‍රේල් වන තුරු ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් තිබූ නමුත් ඒ කරගත නො හැකි විය. 

රනිල් මෛත්‍රිපාල හවුල් අවුල්

රනිල් මෛත්‍රිපාල හවුල් අවුල්

රනිල් මෛත්‍රිපාල දේශපාලන හවුල ද කඩා වැටී ඇත. මෙය අනිත්‍ය සඳහා තවත් උදාහරණයක් නො වේ. අනිත්‍ය යනු මෙවැනි වෙනස්වීම් හෝ කඩා වැටීම් හෝ නො වේ. දැන් මෛත්‍රිපාලට මහින්ද සමග එකතු වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. එකතු නොවීම යනු දේශපාලන වශයෙන් මීය යෑම ය. මෛත්‍රිපාලට පමණක් නොව සමස්ත මෛත්‍රිපාල කණ්ඩායමටත් ජාතික හෙළ උරුමයටත් ඒ වලංගු වෙයි.

Thursday 25 June 2015

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද නො වේ හෙට යන පාඨයෙන් හැඟෙන බාලගිරි දෝෂයට හසු වී ඇත. පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනා වයසින් කෙසේ වෙතත් බාලයන් වන බැවින් බාලගිරි දෝෂයට ලක් වී ඇතැයි කීම පුදුමයක් නො වේ පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ මහින්ද නිසා බව පැහැදිලි ය. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමෙන් සිදුවන්නේ මහින්ද තවත් බලවත් වීම ය.

ධනපාල මහතාගේ බුද්ධිමය වංචනිකබව හා අමරතුංග මහතාගේ ආත්මවාදය (විදුසර ලිපියක සංස්කරණයකි)

ධනපාල මහතාගේ බුද්ධිමය වංචනිකබව
හා අමරතුංග මහතාගේ ආත්මවාදය


ධනපාල මහතා ගැන වැඩිදුරටත් කතා කිරීම අවශ්‍ය නැත. ඔහු නුදුරු කාලයක ලංකාවට පැමිණ මේ ප්‍රශ්න ගැන මා සමග වාදයකට එළඹීමට කැමතේත පළ කර ඇත. ඒ සම්බන්ධයෙන් ඔහුට ස්තුති කරන අතර අමරතුංග මහතාට ද ධනපාල මහතා අනුව යමින් මා සමග විවාදයකට එළඹෙන මෙන් ආරාධනය කරමි. 

Wednesday 24 June 2015

පික්පොකට් ආණ්ඩුවට පිළිතුරු නොදීම

පික්පොකට් ආණ්ඩුවට පිළිතුරු නොදීම

පික්පොකට් ආණ්ඩුව තම බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය ගැන පුරසාරම් දොඩවයි.  මංගල සමරවීර ද, අජිත් පෙරේරා ද, පික්පොකට් අගමැති ද, ඕනෑම ගොනකු ගැන දන්නා කිරිඇල්ල ද, කබීර් හෂිම් ද පුරසරම් කප්පිත්තෝ වෙති. ඔවුන් කියන්නේ පික්පොකට් ආණ්ඩුවේ ඊනියා නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් දැන් ලංකාව ලෝකයේ ගෞරවයට පාත්‍ර වී ඇති බවත් බටහිර රටවල් දැන් ලංකාව සමග මිත්‍රත්වයෙන් කටයුතු කරන බවත් ය. 

භික්‍ෂූන් වහන්සේ හා පාලකයෝ

භික්‍ෂූන් වහන්සේ හා පාලකයෝ

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන කාලයේදීත් මෙරට බුදුදහම ප්‍රචලිත වී තිබිණි. එකල මෙහි හෙළ බෞද්ධ සංස්කෘතියක් විය. ඒ බව වරිගපූර්ණිකාවෙන් ද මෑත දී ලැබුණු පුරා විද්‍යාත්මක සාධකවලින් ද හෙළි වෙයි. එසේ නම් මිහිඳු මහ රහතන් වහන්සේ කෙළේ කුමක් ද? උන්වහන්සේ මෙරටට බෞද්ධ දේශපාලනයක් හඳුන්වා දුන්හ. ඉන්පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතිවීම ආරම්භ විණි. එය අශෝක බුද්ධාගම විය. එහි පදනම වූයේ තුන්වැනි සංගායනාව ය. මිහිඳු හිමියන් විසින් කරන ලද ප්‍රධාන කාර්යය වූයේ මෙරට තිබූ හෙළ බෞද්ධ සංස්කෘතිය වෙනුවට අශෝක රාජ්‍ය තන්ත්‍ර සහිත ව ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් බිහි කිරීමට පළමු පියවර ගැනීම ය. 

Tuesday 23 June 2015

ඩයස්පෝරණුව (ඉරිදා දිවයින ලිපියකි)

ඩයස්පෝරණුව

එකල ලංකාවේ ඇතැම් නගරවල ඩයස් බේකරි තිබිණි. එහි පෝරණු ද තිබෙන්නට ඇත. එහෙත් අප සඳහන් කරන්නේ ඒ පෝරණු ගැන නො වේ. මේ ඩයස්පෝරණුව ඇත්තේ ලංඩනයේ ය. එහි බක්කරෙ කැමරන් ය.

Monday 22 June 2015

ශ්‍රී ල නි ප සමගිය හා විස්ස (ඉරිදා රිවිර ලිපියක සුලු සංස්කරණයකි)

ශ්‍රී ල නි ප සමගිය හා විස්ස

ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පිළ හා මෛත්‍රිපාල පිළ එකතු කිරීම ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් හයදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරී ඇත. කුමක් ප්‍රසිද්ධියේ කීව ද කමිටුවෙන් බලාපොරොත්තු වනුයේ දෙපිළ එකතු කිරීම ය. අප සති කිහිපයකට පෙර කී පරිදි බල තුලනයේ වෙනසක් සිදු වී ඇත. සති කිහිපයකට පෙර ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පිළ බලවත් විය. මාතර දී ඒ තහවුරු විය. අද ඒ රැල්ල නැවැත්වීමට කිසිම ජගතකුට විජාතික ඔත්තු සේවයකට නො හැකි ය. ඔත්තු සේවාවන්ට ද තම ක්‍රමෝපායන් වෙනස් කිරීමට සිදු වී ඇත. අප ඒ පිළිබඳ ව සිහි කල්පනාවෙන් සිටිය යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂයේ බලය මහින්ද කණ්ඩායම අතට පත්වීමත් සමග පාර්ලිමේන්තුවේ ද රටේ ද එ ජා පක්‍ෂය දුර්වල වී ඇත. 

දහනවය හා විස්ස

දහනවය හා විස්ස

ඊනියා සාධාරණ සමාජ උද්ඝෝෂකයෝ ද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට දැක්වූ උනන්දුච විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට නො දක්වති. දහනවය හා විස්ස අතර ඇති ප්‍රධාන වෙනස දහනවයෙන් විධායක ජනාධිපති බලතල කපා දැමීමට උත්සාහ කිරීමත් විස්සෙන් මනාප ක්‍රමය නැති කිරීමට කටයුතු කිරීමත් ය. විධායක ජනාධිපති බලතල කපා දැමීම සිංහල ජනතාවගේ ඉල්ලීමක් නො වී ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ විධායක බලතල සහිත ජනාධිපති කෙනකු සිටි බැවිනි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි ද තවමත් දෙමළ ජාතිවාදය පවතියි. එය ජනවාරි 8 වැනි දා තෙක් පැවතුණේ බටහිර රටවල හා ඉන්දියාවේ ය. එහෙත් ජනවාරි 8 වැනි දාට පසුව දෙමළ ජාතිවාදය නැවතත් ලංකාවේ ද ක්‍රියාත්මක වෙයි.

Sunday 21 June 2015

ශ්‍රී ල නි ප කැඩීම

ශ්‍රී ල නි ප කැඩීම

දවල්ට මෛත්‍රිපාල රෑට සිරිසේන මේ දිනවල සිටින්නේ දිවා රාත්‍රී මාරු කරගෙන දැයි සමහර විට කෙනකුට සිතෙනු ඇත. ඔහුට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත. අලි මදිවට හරක් කීවාක් මෙන් එ ජා පක්‍ෂයේ රනිල්ලා මදිවාට ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන ප්රාජිතලා ද සිටිති. දැන් ශ්‍රී ල නි පක්‍ෂයෙන් පත් කෙරුණු හය පුද්ගල කමිටුවක් සමග මහින්ද ගැන සාකච්ඡා කිරීමට සිදු වී ඇත. එබැවින් ඔහු උදේ කී දේ දවල්ට නැහැ යි කියයි. සවසට වෙනත් කතාවක් කියයි. රෑට ඔහු කියන්නේ ඒ එකක්වත් නොකී බව ය. 

විවිධ අත්දැකීම් හා දැනුම් (විදුසර ලිපියක සංස්කරණයකි)

විවිධ අත්දැකීම් හා දැනුම් 

ඩී එස් සි උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට පිළිතුරු දීමට අද එතරම් ඉඩක් වැය නො කරමි. ඔහු ශක්තිය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි තවමත් පැහැදිලි ව කියා නැත. බටහිර විද්‍යාවේ ශක්තිය හා බුදුදහමෙහි ශක්තිය යනු එකක් ම ද දෙකක් ද යන්න අමරතුංග මහතා පහසු විටෙක තේරුම් කරන්නේ නම් මැනවි.  අපි අද ඒ් මහතා මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන කියන එක් කරුණක් පමණක් සලකා බලමු.  

Saturday 20 June 2015

ග්ලයිෆොසේට් තහනම -– 3

ග්ලයිෆොසේට් තහනම -– 3

ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණේ 2015 ජූනි මස 11 වැනි දා ය. එහෙත් එයට පෙර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස ග්ලයිෆොසේට් ගෙන්වීම තහනම් බව ප්‍රකාශ කර තිබිණි. නීත්‍යානුකූලව ඒ ප්‍රකාශයෙහි වලංගු භාවයක් නැති වුවත් ඒ රජයේ ප්‍රතිපත්තියට අනුකූල ව බව පෙනී ගියේ ය. 

කුඩා පක්‍ෂ හා මතවාද

කුඩා පක්‍ෂ හා මතවාද

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මුවාවෙන් පාර්ලිමේන්තුවේ කාලය දිර්ඝ කර ගැනීමට මෛත්‍රිපාල කණ්ඩායම මෙන් ම ජාතික හෙළ උරුමය ද කුඩා පක්‍ෂ ද පමණක් නොව එ ජා පක්‍ෂය ද උත්සාහ කරයි. එ ජා පක්‍ෂය කුමක් ප්‍රසිද්ධියේ කීව ද ඔවුන්ට ද අවශ්‍ය පාර්ලිමේන්තුව දිගට පවත්වාගෙන යෑම ය. විස්ස සම්මත කර ගැනීමට බාධා පමුණුවන වගන්ති එ ජා පක්‍ෂයෙන් ද අනෙක් පක්‍ෂවලින් ද ඉදිරිපත් වෙයි. මනාප ක්‍රමය ජනතාවට අවශ්‍ය නැති වුව ද දේශපාලනඥයන්ට අවශ්‍ය වෙයි. තම මැතිවරණ කොට්ඨාශයෙන් පරාජය වූ කි දෙනෙක් අද මනාප ක්‍රමය නිස්ා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත් ද? 

Friday 19 June 2015

ජ වි පෙරමුණට පැන යන්න බැහැ

ජ වි පෙරමුණට පැන යන්න බැහැ

පසුගිය ජනාධිපතිවරණයේ දී ජ වි පෙ ආධාර කෙළේ මෛත්‍රිපාල සිරිසේනට ය. ඔවුන් ජාතික හෙළ උරුමය මෙන් සෘජුව වැඩ නොකළ බව ඇත්තකි. එහෙත් ජ වි පෙ වක්‍රව මෛත්‍රිපාලට ආධාර කෙළේ ය. ඒ එ ජා පක්‍ෂයට අනුර දිසානායකගේ හා තවත් අයගේ වූ හිතවත් කම නිසා ය. ජ වි පෙරමුණට අවශ්‍ය වූයේ ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීම ය. සෝමවංශ අමරසිංහ මෙන් අපි ජ වි පෙ එ ජා පක්‍ෂයෙන් මුදල් ගත්තේ යැයි නො කියමු. එසේ කීමට සෝමවංශට සාක්‍ෂි ඇතැයි සිතමු. ඒ කෙසේ වෙතත් ජ වි පෙ මෛත්‍රිපාලගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කෙළේ ය.

චමල් අගමැති කමට

චමල් අගමැති කමට

පසුගිය දා පැවති ජනමාධ්‍ය සංදර්ශනයක දී (ජනමාධ්‍ය සාකච්ඡාවක දී) මෙරට පැරණි ම දේශපාලන පක්‍ෂය වූ ලංකා සමසමාජ පක්‍ෂයේ නායක තිස්ස විතාරණ අපූරු කතා දෙකක් කියා ඇත. තිස්ස විතාරණ මහාචාර්යවරයකු වූයේ වයස කීයේ ද යන්නවත් ඔහු දැනටත් මහාචාර්යවරයකු (ඊනියා සේවාර්ජිත) ද යන්නවත් එතරම් වැදගත් මාතෘකා නොවන්නේ මෙරට බොහෝ මහාචාර්යවරුන්ගේ කතා පිළිබඳ අපට අවබෝධයක් ඇති බැවිනි. එහෙත් ජනමාධ්‍යවේදීන්ට තිස්ස වැන්නන්ගේ කියුම් කෙරුම් වැදගත් ය. මෙරට ජනමාධවෛ්දීන් බොහෝ දෙනෙක් දේශපාලනඥයන්ට ම ගැලපෙන්නෝ වෙති. අපට ගැලපෙන්නෝ නො වෙති. ඔවුන්ට අප ගැලපෙන්නේ ද නැත. 

Thursday 18 June 2015

මෛත්‍රිපාල පක්‍ෂයෙන් ඉවත් කළ යුතුය

මෛත්‍රිපාල පක්‍ෂයෙන් ඉවත් කළ යුතුය

පසුගිය 16 වැනි දා පදනම් ආයතනයේ දී පැවති ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ගේ රැස්වීමෙන් පසු පිටතට පැමිණි ප්රාජිත ජනමාධ්‍යවේදීන්ට ද බැණ වැදී ඇත. එයට හේතුව රැස්වීමේ සිටි අති විශාල බහුතරය මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරාපේක්‍ෂක ලෙස නම් කළ යුතු යැයි ඉල්ලා සිටීම බව පැහැදිලි ය. එහි දී මහින්ද මැතිවරණයට ගෙන එන්නේ කෙසේ දැයි වාර්තා කිරීමට සය පුද්ගල කමිටුවක් ද පත් කෙරී ඇත. එහෙත් පසු දිනම කමිටුවේ වැඩ කටයුතු අවසන් වී ඇත.

විසිවැනි සංශෝධනය

විසිවැනි සංශෝධනය

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් නිවේදනයක් ලෙස නිකුත් කෙරී ඇත. දහනවවැනි සංශෝධනයට කලින් විසිවැනි සංශෝධනය ගත යුතු යැයි අපි එකල ම කීවෙමු. එහෙත් එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය වී නො තිබිණි. ඔවුන් ප්‍රමුඛතාව දුන්නේ ජනාධිපති සතු විධායක බලතලවලින් යම් කොටසක් අගමැතිට ලබා ගැනීමට ය. එහෙත් ඒ සාර්ථක නො විණි. සෝභිත හිමියන්ගේ රොටිය කොත්තු රොටියක් පමණක් විය. එහි තිබුණේ ඝෝෂාව පමණ ය. උන්වහන්සේ විස්ස ගැන ද දෙසූහ. විස්සට සම්මත කරගත් දහනවයට තරම්වත් වැදගත්කමක්  නො ලැබෙනු ඇත. ඒ සම්මත වීමට ඇති ඉඩකඩ ද අඩු ය. එයට කොත්තු රොටියේ ඝෝෂාවවත් නැත. නැටූ තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුවත් නැත. 

Wednesday 17 June 2015

මහින්ද මෛත්‍රිපාල එකතුව

මහින්ද මෛත්‍රිපාල එකතුව

අපි පසුගිය අප්‍රේල් 12 වැනි දා කාලය වෙබ් අඩවියෙහි මෙසේ පැවසීමු. “ ද මෛත්‍රිපාල  සිරිසේන ද සිංහල ජාතිකත්වයට විරුද්ධ ය. ඔහුට පසුගිය දා ඉන්දියාවේ දී හා එංගලන්තයේ දීත් ඊට පෙර අමෙරිකාවේ දීත්  උගන්වා ඇත්තේ සිංහල විරෝධී වීමට ය. ඔහු ඉඳහිට කියන්නේ කල්පනාකාරීව වැඩ නොකළහොත් අපට භයානක අනතුරකට ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන බව ය. ඔහු මේ නොකියා කියන්නේ අප දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම් ඉටු නොකළහොත් රට භයානක අනතුරකට මුහුණ දෙනු ඇති බව ය. ඔහු අද සිංහල ජාතිකත්වයට කන්දීමට සූදානම් නැත. ඔහු අද  මතවාදී වශයෙන් ද  යැපෙන්නේ බටහිරයන්ගෙන් හා ඉන්දියානුවන්ගෙනි. ඔහු අද චන්ද්‍රිකා මෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ මූලික ජාතිකවාදී ප්‍රතිපත්තිවලට  විරුද්ධ ය.

Tuesday 16 June 2015

ශ්‍රී ල නි ප සමගිය

ශ්‍රී ල නි ප සමගිය

ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පිළ හා මෛත්‍රිපාල පිළ එකතු කිරීම ගැන සාකච්ඡා කිරීමට අද  (ජූනි 16) ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් හයදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරී ඇත. කුමක් ප්‍රසිද්ධියේ කීව ද කමිටුවේ ප්‍රධාන කාර්යය වනු ඇත්තේ දෙපිළ එකතු කිරීම ය. මහින්ද රාජපක්‍ෂට අවශ්‍ය නම් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රධාන සංධානයකින් තරග කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීමට හැකි ද යන්න පසුව තීරණය කෙරෙනු ඇත. සමහර විට ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කෙරීමට ද ඉඩ ඇත.

අපට වෙච්ච දේ - 2 (ඉතිරි කොටස) (ඉරිදා දිවයින ලිපියක සුළු `සංස්කරණයකි)

අපට වෙච්ච දේ - 2 (ඉතිරි කොටස)

මාර්ටින් වික්‍රමසිංහ මහතාට තම මත (ඔහුගේ මත නොව, බටහිරයන්ගේ මත) ප්‍රචාරය කිරීමට අරගලයක් කිරීමට සිදු නො වී ය. පියදාස සිරිසේන මහතා බටහිර ආකෘතියේ උගතුන්ට ආකර්ෂණයක් නො වී ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා බටහිර ආකෘතියේ සිංහල උගතුන් අතර ප්‍රසාදයට පත්විය. ඒ සමාජය බලා සිටියේ වික්‍රමසිංහ කෙනකු එන තුරු ය. ඔහුගේ නවකතාවලට විශ්වවිද්‍යාලයේ අනුග්‍රහය ලැබිණි. ගම්පෙරළිය නිකුත් වූයේ ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කර අවුරුදු දෙකකින් ය. ව්‍යාජ සමාජ විකාශයක් තේමාව කරමින් ලියූ ඒ නවකතාව බටහිර ආකෘතියේ උගතුන්ගේ සම්භාවනාවට පාත්‍ර විය. වික්‍රමසිංහ මහතා මිථ්‍යා යනුවෙන් ගෙන පහර දුන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට ය. දෙවියන් භූතයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන වස්තූන් නැති සිංහල බුද්ධාගමක් නැත.  අපට වෙච්ච දේට ඒ පහර දීම ද යම් ආකාරයකට බලපා ඇත.

Monday 15 June 2015

විස්සට යෝජනා වැස්සක්

විස්සට යෝජනා වැස්සක් 

විස්ස ගැන එකඟතාවක් නැත. ඊනියා කුඩා පක්‍ෂ එකතු වී යෝජනා තුනක් ඉදිරිපත් කර ඇත. මේ දිනවල බේතකටවත මනාප ක්‍රමයට පක්‍ෂ අයකු සොයා ගැනීමට නැත. කුඩා පක්‍ෂ ද මනාප ක්‍රමයට එකඟ නැත. එහෙත් ඔවුන් හෙඳින් ම දන්නා කරුණක් නම් හුදු කේවල ක්‍රමය යටතේ මුස්ලිම් ජාතිවාදී පක්‍ෂයකට හැරෙන්නට අනෙක් කුඩා පක්‍ෂවලට එක් ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි බව ය. බොරුවට කෑ ගැහුවත් යම් ආකාරයක මනාප ක්‍රමයක් ඔවුන්ට අවශ්‍ය වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු (ඉරිදා රිවිර ලිපියක සුලු සංස්කරණයකි )

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මූලික වශයෙන් බොරුව වටා කරකැවෙයි. එහි දී කෙරෙන්නේ හැකිතාක් දෙනා හැකිතාක් දුරට රැවටීම ය. එහෙත් ලංකාවේ අද කෙරෙන ආකාරයේ බොරුවක් ලොවේ කිසි තැනෙක මින් පෙර ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන පාර්ලිමේන්තු දේශපාලනයෙහි සිදු වී ඇතැයි කිව නො හැකි ය. අද රනිල් වික්‍රමසිංහ මහතා කියන ලොකු ම බොරුව ජනතාව විසින් ඔහු අගමැති තනතුරට පත් කෙරුණු බව ය. ජනතාව ජනවාරි 8 වැනි දා කෙළේ ජනාධිපති මාරු කිරීම මිස පාර්ලිමේන්තුව හා අගමැති වෙනස් කිරීම නො වේ. එහෙත් සංධානයේ මන්ත්‍රීන් මේ කතාව ජනතාවට අවධාරණය කරන්නේ යැයි කිව නො හැකි ය.

Sunday 14 June 2015

ග්ලයිෆොසේට් තහනම - 2

ග්ලයිෆොසේට් තහනම - 2

මේ පික්පොකට් ආණ්ඩුව රට ගැන කල්පනා කර ගෙන ඇති එකම යහපත් තීරණය ග්ලයිෆොසේට් තහනම විය යුතු ය. පසුගිය ජූනි 11 වැනි දා ඒ පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරී ඇත. ඒ පිළිබඳ අපේ ප්‍රසාදය කැබිනට්ටුවට හිමි වෙයි. ඒ තහනම දිගට ම පවත්වාහෙන යෑමට මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය ශක්තිය සංධානය ලබා දිය යුතු ය. මෙරට සිටින බොහෝ ඊනියා විදා්‍යඥයන්, ඔවුන්ගේ සමිති සමාගම්, රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන්නවුන් සහ තවත් අය මේ තීරණය වෙනස් කරවීමට කටයුතු කරනු ඇත.  ඔවුන්ට ඊනියා විද්‍යාඥයන් නොවන එහෙත් පඬියන් වූ ඇතැමුන්ගෙන් ද සහාය ලැබෙනු ඇත. එයට අමතරව ඔවුන්ගේ පිටරට සිටින ලාංකික සගයන්ගේ සහාය ද විද්‍යුත් ලිපි මගින් ද පෙත්සම් මගින් ද ලැබෙනු ඇත.

සිංහලය හා දෙමළ ජනයා


සිංහලය හා දෙමළ ජනයා

මෙරට අයිති සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩ නැගූ අයට ය යන්න අනේ නෝනේ ලිපියෙහි මම සඳහන් කෙළෙමි. අප රටට පමණක් නොව මෙය ඕනෑම රටකට වලංගු වූවකි. ඒ ඒ රටවල සංස්කෘතිය ගොඩ නැගුවෝ ඒ ඒ රටවල් අයිතිකරගෙන සිටිති. ඒ අදාළ සංස්කෘතිය ගොඩනැගීමේ දී ඔවුන් වෙනත් සංස්කෘතීන්ගෙන් අවශෝෂණය කරන්නට ඇත. ඊනියා නිර්මල සංස්කෘතීන් ලෝකයේ  කොහේවත් නැත. එහෙත් අනන්‍ය වූ සංස්කෘතින් ලෝකයේ ඇත. 

Saturday 13 June 2015

අනේ නෝනේ

අනේ නෝනේ

චන්ද්‍රිකා නොමැතිව මොන දේශපාලනයක් ද? ඇය පසුගිය දා කියා තිබුණේ මේ රට අයිති කාහට දැයි තමන් නොදන්නා බව ය. හොරගොල්ල අයිති කාහට දැයි ඇය නිසැකයෙන් ම දන්නවා විය යුතු ය. එබැවින් ම අනුර සමග එහි අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ද වූ බව මගේ මතකය වෙයි. මා වැරදි විය හැකි ය. කෙසේ වෙතත් හොරගොල්ල විමුක්තිට හා යශෝදරාට මිස පාක්කියසෝති සරවනමුත්තුට නො වේ. අවශ්‍යතාවක් වුවහොත් චන්ද්‍රිකා හොරගොල්ල වෙනුවෙන් සටන් වදින බව අපි දනිමු.

විස්ස මේ මැතිවරණයට ම

විස්ස මේ මැතිවරණයට ම

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය කැබිනට්ටුව විසින් අනුමත කෙරී ඇත. එහෙත් එහි කේවල ක්‍රමයට පත්කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව දැනට ඇති ඡන්ද කොට්ඨාශ (බල ප්‍රදේශ) සංඛ්‍යාවෙන් වෙනස් වෙයි. එසේ වෙනස් කිරීමට ඇති වුවමනාව කුමක් ද? ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව නිත්‍ය ව පැවතිය යුතු නො වේ. සියල්ල වෙනස්වන ලෝකයක (මේ අනිත්‍යය නොවන බව අවධාරණය කළ යුතු ය) ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව වෙනස් නොවී පැවතිය යුතු නො වේ. එහෙත් මේ මොහොතේ ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව වෙනස් කළ යුත්තේ ඇයි? 

Friday 12 June 2015

හේතුව හා ඵලය (විදුසර ලිපියක සංස්කරණයකි)



හේතුව හා ඵලය

අපි පළමුවෙන් ධනපාල මහතා වෙත යොමු වෙමු. බෝධි ධනපාල මහතාගේ ප්‍රශ්නය ඔහුට තමා කියවා ඇති දේ දිරවා ගැනීමට නොහැකි වීම බව අපි කිහිප අවස්ථාවක ම කියා ඇත්තෙමු. ඒ හේතුවෙන්  ඔහු බොහෝ විට වැරදි අර්ථකථන දෙයි. ඇතැම් අර්ථකථන ඔහු වුවමනාවෙන් ම විකෘති කරයි. එමෙන් ම ඔහුට දෙන පිළිතුරු ගැන ඔහු සැලකිලිමත් නොවී ඔහු එක ම වරද නැවත නැවත කරයි. අපි උදාහරණ කිහිපයක් ගනිමු. 

තැටිය හා රොටිය

තැටිය හා රොටිය

මේ දිනවල බොහෝ දේශහිතෛශීන් කලබලයට පත් වී ඇත. විග්නේස්වරන් උතුරේ කඳවුරු ඉවත්කර ගැනීම පිළිබඳ ව උද්ඝෝෂණ කරයි. එක්සත් ජාතින්ගේ සංවිධානය උතුරු පළාත් සභාව උතුරු පළාත් ආණ්ඩුව ලෙස හඳුන්වයි. මංගල සමරවිර  ලංඩනයේ දී ලෝක දෙමළ සංසදයේ එම්මානුවෙල් පූජක ඇතුළු දෙමළ විසුරුණු ජනයාගේ සංවිධානවල නියෝජිතයන් හමුවෙයි. මංගල ඒ සාකච්ඡාවලට සහභාගි වන්නේ කුරුඳු පොළු හමුදාවේ නියෝජිතයකු ලෙස නොව ලංකාවේ විදේශ ඇමති ලෙස ය. ඒ සාකච්ඡාවලට සම්බන්ධන් හා සුමන්තිරන් ද සහභාගි වෙති. එපමණක් නොව සොල්හයිම් ද එහි වෙයි. ලංකාවේ දී විසිරුණු දෙමළ ජනයාගේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කෙරෙයි. ඒ අතර කාදිනල්වරයා පාසල් රජයට පවරා ගැනීමේ වැරද්ද කියයි. ඔහුට අනුව රජයට පවරාගැනීමෙන් පසුව පාසල්වලට දේශපාලනය රිංගා ඇත. ඒ අතර විග්නේස්වරන්ට අනුව 2009න් පසු උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය පැතිර යයි. ඔහු ව්‍යංගයෙන් කියන්නේ හමුදාව මත්ද්‍රව්‍ය බෙදාහරින බව ය. 

Thursday 11 June 2015

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉන් පිටතට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉන් පිටතට

අද ලංකාවේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු ක්‍රමයේ අර්බුදයට හොඳ ම උදාහරණයකි. අඩු තරමෙන් අපට ඒ ගැන ආඩම්බර විය හැකි ය. අප පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ ව ලෝකයට ම යමක් එකතු කර ඇත. අපට එවැනි අර්බුදයක නිර්මාතෘවරුන් වීමට හැකි යැයි ජේ ආර් ජයවර්ධනවත් කල්පනා නොකරන්නට ඇත.  අද පාර්ලිමේන්තුව එක තැන පල්වෙයි. පාර්ලිමේන්තුවට වැදගත් තීරණයක් ගැනීමට නො හැකි ය.

රනිල්ගේ බොරු තර්ක

රනිල්ගේ බොරු තර්ක

රනිල් කියන ආකාරයට 2010 දී ජනතාව වර්තමාන පාර්ලිමේන්තුව පත් කෙළේ මහින්ද රාජපක්‍ෂ  ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් පසු ඔහුට සහාය දීමට ය. එහෙත් පසුගිය ජනවාරි 8 වැනි දා ජනතාව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට දුන් ඒ වරම අහෝසි විය. එබැවින් මේ පාර්ලිමේන්තුවට තවදුරටත් පැවතීමට අයිතියක් නැත. රනිල් වික්‍රමසිංහ කියන ආකාරයට මේ පාර්ලිමේන්තුව මෛත්‍රිපාල සිරිසේනට සහාය දී යුතු ය. එසේ නැත්නම් වෙනත් පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු ය. 

Wednesday 10 June 2015

බොරු එපා විසුරුවා හරිනු

බොරු එපා විසුරුවා හරිනු

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මූලික වශයෙන් බොරුව වටා කරකැවෙයි. එහි දී කෙරෙන්නේ හැකිතාක් දෙනා හැකිතාක් දුරට රැවටීම ය. එහෙත් ලංකාවේ අද කෙරෙන ආකාරයේ බොරුවක් ලොවේ කිසි තැනෙක මින් පෙර ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන පාර්ලිමේන්තු දේශපාලනයෙහි සිදු වී ඇතැයි කිව නො හැකි ය. අද රනිල් කියන ලොකු ම බොරුව ජනතාව විසින් ඔහු අගමැති තනතුරට පත් කෙරුණු බව ය. ජනතාව ජනවාරි 8 වැනි දා කෙළේ ජනාධිපති මාරු කිරීම මිස පාර්ලිමේන්තුව හා අගමැති වෙනස් කිරීම නො වේ. එහෙත් සංධානයේ මන්ත්‍රීන් මේ කතාව ජනතාවට අවධාරණය කරන්නේ යැයි කිව නො හැකි ය.

මෛත්‍රිපාලගේ අසික්කිත දේශපාලනය

මෛත්‍රිපාලගේ අසික්කිත දේශපාලනය

මේ ලියන ලිපිවලින් සතපහක වැඩක් නොවන බව මම දනිමි. මේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණ ය. මා දන්නා කිසිම දේශපාලනඥයෙක් මා පුවත්පතකට ලියන ලිපියක්වත් නො කියවයි. ජාතික ව්‍යාපාරයේ ඇත්තෝ ද මේ ලිපිවත් ඒ පුවත්පත්වල ලිපිවත් නො කියවති.  ඡන්දදායකයන්ගෙන් පනස්දාහකට එක් අයකුවත් මේ ලිපි කියවන්නේ නැති බව පැහැදිලි ය. එපමණක් නොව ඒ කියවන අයගෙන් ද බොහෝ දෙනකු සිතන්නේ මා සංගත ව නොලියන බවත් ලිපිවල පරස්පර ඇති බවත් මට එල්ලයක් නොමැති බවත් ය. ඔවුන්ට අනුව ලිපිවල ඇත්තේ විසුරුණු ස්වභාවයකි, මගේ ලිපිවල අන්තර්ගතය මාතෘකාව සමග බැඳී නැත. 

Tuesday 9 June 2015

විස්ස හා පාර්ලිමේන්තුව

විස්ස හා පාර්ලිමේන්තුව

මෛත්‍රිපාල තම කාර්යය ඉටුකර ඇත. විස්ස කැබීනට්ටුව විසින් සම්මත කෙරී ඇත. මෛත්‍රිපාල ජූනි 8 වැනි දා විහාර මහා දේවී උද්‍යානයේ දී පැවසුවේ තම කාර්යය විස්ස කැබිනෙට්ටුවේ සම්මත කර දීම බවත් පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීම මන්ත්‍රීවරුන්ගේ කාර්යය බවත් ය. දැන් ඉතිරි වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ කාර්ය ය. එය අමාරු කාර්යයක් බවට පත්වන ලකුණු පහළ වී ඇත.

අපට වෙච්ච දේ - 2 (ඉරිදා දිවයින ලිපියකි)

අපට වෙච්ච දේ - 2


ආකල්ප වශයෙන් බමුණු කුලය බිඳ වැටෙනු වෙනුවට පසුගිය අවුරුදු තිහ හතළිහක පමණ කාලයෙහි ප්‍රසාරණය වී ඇත. අද මෙරට මධ්‍යම පංතිය ප්‍රමාණාත්මක ව වැඩි වී ඇත. අප මුහුණ පා ඇති ප්‍රශ්න රාශියකට ම හේතුව මධ්‍යම පංතියෙහි ප්‍රසාරණය ය. 

Monday 8 June 2015

මෙහෙමත් දේශපාලනයක්

මෙහෙමත් දේශපාලනයක්

තමා අගමැති වූයේ පස්සා දොරෙන් නොවන බවත් තමාට අගමැති වීම සඳහා ජනවරමක් ඇති බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. ජනවාරි 9 වැනි දා ඔහු දිවුරුම් දුන් විගස ඔහුට එවැනි ජනවරමක් නැති බවත් ඔහු පික්පොකට් අගමැති බවත් අපි සඳහන් කෙළෙමු. ඒ සම්බන්ධ ලිපි ගණනාවක් ම ලිවුවෙමු. සම්මන්ත්‍රණ පැවැත්වීමු. පුවත්පත් සාකච්ඡා පැවැත්වීමු. අවාසනාවකට විද්‍යුත් මාධ්‍යයෙන් ඒ කිසිවකටත් නිසි ප්‍රචාරයක් නො ලැබිණි.

පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ ඇයි? (රිවිර මේ ලිපිය පළකෙළේ සංස්කරණයකට ලක්කිරීමෙනි )

පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ ඇයි?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණේ අප්‍රේල් 23 වැනි දින ය. ඒ ජනාධිපතිවරණයේ දී දුන් ඡන්ද පොරොන්දුවකට අනුව ය. මෛත්‍රිපාල සිරිසේන මහතා යනු වෙස්සන්තර කෙනකු හෝ සිරිසඟබෝ කෙනකු හෝ නො වේ. ඔහු අගමැති කම නො ලැබුණු බැවින් රාජපක්‍ෂලාගෙන් පමණක් නොව පක්‍ෂයෙන් ද, රටෙන් ද, ජාතියෙන් ද පළිගැනීමට සූදානම් ය.

Sunday 7 June 2015

සංධානය විස්සට විරුද්ධ ද

සංධානය විස්සට විරුද්ධ ද

සංධානය විස්සට විරුද්ධය යන මතය ඇති කිරීමට රනිල් ප්‍රමුඛ එ ජා පක්‍ෂයත් මෛත්‍රිපාල චම්පක කණ්ඩායමත් කටයුතු කරනු පෙනෙයි. හෙට (8 වැනි සඳුදා) මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් විස්සට පක්‍ෂව රැස්වීමක් විහාර මහා දේවී උද්‍යානයේ දී සංවිධානය කෙරී ඇත. ඒ කුමක් සඳහා වුවත්, අවාසනාවකට සංධානයේ ඇතැමුන් කරන ප්‍රකාශවලින් ඔවුන් විස්සට විරුද්ධය යන්න තහවුරු විය හැකි ය. අද ජනතාවගෙන් අති විශාල බහුතරයකට විස්ස අවශ්‍ය ය. ඔවුන්ට මනාප ක්‍රමය එපා වී බොහෝ කල් ය. සංධානය අද අනුගමනය කරන ප්‍රතිපත්තිය නිසා ජනතාවට ඔවුන් පිළිබඳ වැරදි මතයක් ඇති කිරීමට රනිල්ට, මෛත්‍රිපාලට හා ඔවුන්ගේ හෙංචයියන්ට හැකි වුවහොත් මම පුදුම නො වෙමි. 

සංධානයේ සිහිනය


සංධානයේ සිහිනය

පසුගිය දා සංධානයේ නායකයන් කිහිප දෙනකු පුවත්පත් සාකච්ඡාක් හෙවත් මාධ්‍ය සංදර්ෂනයක් පවත්වා කියා ඇත්තේ රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සංධානයේ ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ය. ජීවිතයේ කිසි දිනෙක නඩුවකට කතාකර නැති නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වූ ජී එල් පීරිස් සුපුරුදු පරිදි හිස් වාග් චාතුර්යයක් ප්‍රදර්ශනය කරමින් කියා ඇත්තේ විසුරුවා හැරීම ප්‍රථම නොව අවසාන විකල්පය බව ය. 

Saturday 6 June 2015

ගොවිකම හා වෙදකම

ගොවිකම හා වෙදකම

විස්ස හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද අපේ අවධානයට යොමු වී ඇතත් අපේ ප්‍රශ්නවලට විසඳුම් ඇත්තේ ඒ බටහිර සංකල්ප හා ආයතන ඔස්සේ නොව ගොවිකම හා වෙදකම මගිනි. ඒ පිළිබඳ දිර්ඝ විස්තරයක් කළ යුතු නමුත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. මෙහි දී ගොවිකම හා වෙදකම යනුවෙන් හැඳින්වෙන්නේ විශ්වවිද්‍යාලවල බටහිර වෛද්‍ය හා බටහිර කෘෂිකර්ම පීඨවල ඉගැන්වෙන බටහිර ඇලොපති වෙදකම හා බටහිර ග්ලයිෆොසේට් කෘෂිකර්මය නො වේ. 

විස්සට කොන්දේසියක්

විස්සට කොන්දේසියක්

විස්ස සම්මත කරගෙන විශ්වාසභංගය ඉවත දමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. සෝභිත හිමියන් විස්ස සම්මත කර ගැනීමට ජනමතය සකස් කර දීමට පොරොන්දු වී ඇත. සෝභිත හාමුදුරුවන් මෙරට සකස් කරන ජනමතයක් නැති බවත් උන්වහන්සේට ජනමතයක් සකස් කිරීමට නොහැකි බවත් අපි දනිමු. ජනමතය සකස් කරන්නේ යැයි කියන බොහෝ දෙනාට කළ හැක්කේ් කොහොමටත් ඇති ජනමතය ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම පමණකි. සෝභිත හිමියන්ට අමද්‍යප ව්‍යාපාරය මගින් මතට විරුද්ධව ජනමතයක් සකස් කළ හැකි ද? 

Friday 5 June 2015

විශ්වාසභංගයට කුමක් සිදුවේ ද?

විශ්වාසභංගයට කුමක් සිදුවේ ද?

විර්ැද්ධ පක්‍ෂය රනිල් වික්‍රමසිංහට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු ලේකම්වරයාට භර දී ඇත. එසේ භාරදීමට කලින් විපක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මැදමූලනට ගොස් කතානායක හමුවී ඇති බව ද වාර්තා වෙයි. විරුද්ධ පක්‍ෂය කියන ආකාරයට මන්ත්‍රීන් 112 දෙනකු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත. ස්වාධීන රූපවාහිනියට අනුව මන්ත්‍රීවරුන් 112 දෙනකු අත්සන් තබා නැත. ඒ 108 වුවත් 20ට වැඩි බව රූපවාහිනියේ සභාපති මහාචාරායවරයා වුව ද පිළිගනු ඇතැයි සිතමි. ස්වාධීන රූපවාහිනිය අද වැටී තිබෙන තත්ත්වය එයින් පැහැදිලි වෙයි. ඔවුන් අදහස් කෙළේ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූල නොවන බවට ජනතාව තුළ සැකයක්් ඇති කිරීමට ද?

කර හැර යෑම

කර හැර යෑම

අද රට අවුලක වෙයි. කවුදෝ කීවාක් මෙන් ආණ්ඩුවක් ඇත්තේ සියඹලාණ්ඩුවේ පමණකි. මෛත්‍රිපාල සිරිසේන අද රතන හිමියන්, චම්පක, ප්රාජිත, නිමල් සිරිපාල, එස් බී දිසානායක වටකර ගෙන රනිල්ට හා මහින්දට බියෙන් ජීවත් වෙයි. එහෙත් ඔහු සියල්ලන්ට වඩා බටහිරට බය වෙයි. ඔහු බටහිරයන් ක්‍රියා කරන ආකාරය, ඔවුන් තමන්ට අවශ්‍ය රාජ්‍ය නායකයන් පත්කරන ආකාරය, තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන විට ඒ රාජ්‍ය නායකයන් ම හොඳින් හෝ නරකින් හෝ ඉවත්කරන ආකාරය දනියි. 

Thursday 4 June 2015

ජීවිතයේ අරුත හා පට්ටපල් බොරු (විදුසර ලිපියක සංස්කරණයකි)

ජීවිතයේ අරුත හා පට්ටපල් බොරු


මා විදුසර හා දිවයින පුවත්පත් සමග සම්බන්ධ වූයේ එහි ආරම්භයේ සිට ම ය. ඒ පුවත්පත් යම් ජාතික මතවාදයක පිහිටා කටයුතු කෙළේ ය. ජාතික මතවාදයක් රටේ ප්‍රචලිත කිරීමට ඒ පුවත්පත්වලින් සිදු වී ඇති සේවය අති මහත් ය. මේ පුවත්පත්වලට මුල සිට ම එල්ලවූ තර්ජන බොහෝ ය. එහෙත් පුවත්පත් ඉදිරියට ම ගියේ ය. දෙමළ ජාතිවාදයට, බෙදුම්වාදයට හා ත්‍රස්තවාදයට එරෙහිව කරගෙන ගිය අරගලය නන්දිකඩාල් කලපුවේ දී යම් ප්‍රමාණයකට ජයග්‍රහණය කෙළේ ය. එහෙත් සටන කෙළවර වී නැත. දෙමළ ජාතිවාදය පරාජය කළ යුතුව ඇත.

රට අවුල් කරන මෛත්‍රිපාල

රට අවුල් කරන මෛත්‍රිපාල

අද මෙරට අරාජික ය. පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම තවත් පමා කිරීමට නො හැකි ය. ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් පසු එසේ කළ යුතුව තිබිණි යැයි මම නො කියමි. එදිනට පසුදින කළ යුතුව තිබුණේ දි මු ජයරත්න අගමැති ලෙසත් අනෙක් ඇමතිවරුන් ඒ ඒ තනතුරුවලත් කටයුතු කරද්දී මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යෑම ය. අවශ්‍ය නම් ඇමති මණ්ඩලය වෙනස් කර සංධානයේ තවත් මන්ත්‍රීන් එකතුකර හෝ අඩුකර හෝ ආණ්ඩුව පවත්වාගෙන යා යුතුව තිබිණි.

Wednesday 3 June 2015

පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ ඇයි?

පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ ඇයි?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණේ අප්‍රේල් 23 වැනි දින ය. ඒ ජනාධිපතිවරණයේ දී දුන් ඡන්ද පොරොන්දුවකට අනුව ය. මෛත්‍රිපාල සිරිසේන යනු වෙසස්සන්තර කෙනකු හෝ සිරිසඟබෝ කෙනකු හෝ නො වේ. ඔහු අගමැති කම නො ලැබුණු බැවින් රාජපක්‍ෂලාගෙන් පමණක් නොව රටෙන් ද පළිගැනීමට සූදානම් ය. ඔහු රනිල් සමග එකතු වී දෙමළ ජාතිවාදයේ ඉල්ලීම් එක එක දෙයි. ඔහුට ඊනියා දේශපාලන යථාර්ථය තේරී ඇත්තේ බටහිරයන්ගේ හා යම් දුරකට ඉන්දීයයන්ගේ බලපෑම්වලට හිස නැමීමට සිදුවීමෙන් පසුව ය. එහෙත් ඔහුට දැන් තම ස්වාමීන් සතුටු කිරීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.

රධිකා හා ආරියරත්න එපා

රධිකා හා ආරියරත්න එපා

අද පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට නම් කර ඇති ඊනියා සිවිල් සමාජ පුරවැසියන් තිදෙනාගේ නම් අනුමත කිරීම සඳහා ය. එහි දී රවි කරුණානායකට විරුද්ධ විශ්වසභංග යෝජනාව විවාදයට ගන්නේ නම් ඒ වෙනත් කරුණකි. ඒ එසේ නොවේ නම් රධිකා හා ආරියරත්න ව්‍යවස්ථාදායක මණ්ඩලයට පත්කිරීමට අපි විරුද්ධ වෙමු. ජනාධිපති විසින් මෙතෙක් පත්කෙරුණු කොමිෂන් සභා කිහිපයක සාමාජිකයන් ද ඉහළ උසාවිවල විනිසුරුවන් ද  මෙයින් මතු පත්කෙරෙණුයේ ව්‍යවස්ථාදායක මණ්ඩලය විසිනි. ඒ පත්වීම් දේශපාලනයෙන් මුදා ගැනීම මෙහි එක් අරමුණක් යැයි කියැවෙයි.

Tuesday 2 June 2015

විස්සට විරුද්ධ කවු ද?

විස්සට විරුද්ධ කවු ද?

දහනවවැනි සංශෝධනය ඉදිරිපත් කළ විට අපි එයට පෙර විස්ස ගත යුතු යැයි කීවෙමු. අප කියා සිටියේ ජනතාවට දහනවයට වඩා විස්ස අවශ්‍ය බව ය. එහෙත් රනිල්. මෛත්‍රිපාල පමණක් නොව සංධානය ද අපේ යෝජනාව නොසලකා හැරියහ. එහෙත් අද ඩිලාන් පෙරේරා වැන්නෝ දහනවයට වඩා විස්ස අවශ්‍ය බව කියති. ඔහු අද කියන දේ පිටුපස වෙනත් දේශපාලන අවශ්‍යතාවක් ඇති බව පැහැදිලි ය.

සිංහල බෞද්ධ සංස්කෘතිය

සිංහල බෞද්ධ සංස්කෘතිය

සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ගොඩනැගීම ඇරඹුණේ අද වැනි පොසොන් පොහෝ දිනක ය. එහෙත් එය යම්කිසි ආකාරයක පරිපූර්ණත්වයකට පැමිණියේ පස්වැනි සියවසේ දී ය. මහාවංසය ලියැවුණේ එසේ යම් පරිපූර්ණත්වයකට පැමිණි සිංහල බෞද්ධ සංස්කෘතිය තහවුරු කිරීමට ය. ඉන්පසු මෙරට බොහෝ දේ සිදු වී ඇත.

Monday 1 June 2015

බටහිර විද්‍යාවේ දාසයන්ට දේශප්‍රේමීන් විය හැකි ද?

බටහිර විද්‍යාවේ දාසයන්ට දේශප්‍රේමීන් විය හැකි ද? 

බටහිර විද්‍යාවේ දාසයෝ වියරු වැටී සිටිති. ආණ්ඩුව ග්ලයිෆොසේට් වාචික ව තහනම් කෙළේ අප කී නිසා නො වේ. අප යනුවෙන් මෙහි දී කියැවෙන්නේ කැනඩාවේ සිටින ඊනියා බටහිර විද්‍යාඥයකු යැයි කියන චන්ද්‍රසිරි ධර්මවර්ධන විසින් හැඳින්වෙන ඊනියා කැලණිය කණ්ඩායමක් නො වේ. එවැනි කණ්ඩායමක් දැන් ක්‍රියාත්මක නො වේ. ග්ලයිෆොසේට් බහාලූම් පහළොවක් වරායෙන් පැන්නීමෙන් පසුව නව තත්ත්වය ඇති වී තිබෙන බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහගේ මාෆියා කොට්ඨාශය මේ පැන්නීම ගැන සොයා බලන්නේ නැද්ද?

ග්ලයිෆොසේට්, බටහිර විද්‍යාව හා දෙවියෝ (15 06 01 රිවිර ලිපියකි)

ග්ලයිෆොසේට්, බටහිර විද්‍යාව හා දෙවියෝ

ග්ලයිෆොසේට් තහනම පිළිබඳ ව බොහෝ දෙනා දැනටමත් කුලප්පු වී ඇත. එය ජාතික හෙළ උරුමයේ ආධාරය ඇතිව ඊනියා කැලණිය කණ්ඩායමේ  මැදිහත් වීමකින් කෙරුණක් බව කැනඩාවේ වෙසෙන බටහිර විද්‍යාඥයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා 2015 මැයි 27 වැනි දින අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියමින් පවසයි.  මෙහි දී කිවයුතු ප්‍රධානම කරුණ නම් කැලණිය කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් අද ක්‍රියාත්මක නොවන බව ය. එබැවින් ඊනියා කැලණිය කණ්ඩායමකට ජනාධිපති කෘමිනාශක කමිටුවක බලය අත්කර ගෑැනීමට හෝ වෙනත් දෙයකට හෝ අවස්ථාවක් නැත. ධර්මවර්ධන මහතාට අනුව ඊනියා කැලණිය කණ්ඩායමේ පුද්ගලයන් මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී ඇත.