Main Logo

Friday 31 July 2015

රනිල්ගේ පොරොන්දු

රනිල්ගේ පොරොන්දු

1980 දී රනිල්ගේ වයස අවුරුදු තිහක් පමණ වී යැයි සිතමි. එකල තිබුණේ ඔහුගේ මාමා වූ ජේ ආර් ජයවර්ධනගේ ආණ්ඩුවකි. 1977 දී බලයට පත්වූ ජේ ආර් ධර්මිෂ්ඨ සමාජයක් ඇති කිරීමට පොනේදු විය. මාමා පොරෙන්දු ඉටු කිරීමේ දක්‍ෂයෙක් විය. ඔහු අධර්මිෂ්ඨ භීෂණ රජයක් පිහිටුවී ය. අද යහපාලනය ගැන මැත දොඩන කුලියට කහින ධර්මසිරි බණ්ඩාරනායක එදා ජේ ආර්ට විරුද්ධව නාට්‍යයක් නිෂ්පාදනය කර ගැනීමට තරම් කොන්දක් නොමැතිව පරිවර්තන කෘතියක් ලෙස මකරාක්‍ෂයා නිෂ්පාදනය කෙළේ හොරණ විද්‍යාරත්නයෙන් ලැබුණු තුට්ටු දෙකේ මාක්ස්වාදී ආභාසයෙන් විය යුතු ය. පොතේගුරු කසිකබල් මාක්ස්වාදීන් වූ ඔවුහු කිසි දිනෙක ජාතිකත්වයක් සහිතව යටත්විජිත විරෝධී කලාකරුවෝ නොවූහ. ඔවුහු ද අවසාන විග්‍රහයේ දී බටහිර ගැත්තෝ වූහ. අද ඔවුන් රනිල් වැනි බටහිර ගැත්තකු සමග යම් ජාතිකත්වයක් ඇති මහින්ද රාජපක්‍ෂට විරුද්ධව දීිග කන්නේ ඔවුන්ගේ ජාතිකත්වයක් නැති කසිකබල් මාක්ස්වාදයේ හෙළුව ද ප්‍රදර්ශනය කරමිනි.

මැ කො දේශපාලනයට

මැ කො දේශපාලනයට

මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලනයට අවතීර්ණ වී ඇත. ඔහු එසේ කර ඇත්තේ අද ඊයේ නො වේ. පෞද්ගලික ව ජනමාධ්‍යවෙිදීන් සමග කරන සාකඡාවල දී ඔහු ඇතැම් ජනමාධ්‍යවෙිදීන්ට ජාතික මතවාදවලින් බැහැරවීමට උපදෙස් දී ඇත. ජාතික මතවාදවල ඇත්තේ ජනමාධ්‍යවේදීන්ගෙන් කිහිප දෙනකු පමණ ය. මැතිවරණ කොමසාරිස් තම බලය අයුතු ලෙස යොදා ජනමධ්‍යවේදීන්ට බලපෑම් කරන්නේ ඇයි? 

Thursday 30 July 2015

මෛත්‍රිපාලගේ සැලසුම් ජන බලයට යටයි

මෛත්‍රිපාලගේ සැලසුම් ජන බලයට යටයි

මෛත්‍රිපාල හැකි කමක් ඇත්නම් ජනවාරි 9 වැනි දා කළ දේ අගොස්තු 18/19 වැනි දා ද කරනු ඇත. ඔහු හැකිනම් රනිල් පික්පොකට් අගමැති කරනු ඇත. එසේ නොහැකි නම් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද නොවන අයකු අගමැති කරනු ඇත. එහි දී මුදල් ලබාදීම්  ශ්‍රී ල නි පක්‍ෂයෙන්් මන්ත්‍රීන් බා ගැනීම්, ආදිය සැලසුම් කෙරෙන බව රහසක් විය නො හැකි ය. 

Wednesday 29 July 2015

ටී එන් ඒ සන්නිය

ටී එන් ඒ සන්නිය

ටී එන් ඒ හෙවත් දෙමළ ජාතික සංධානය මූලික වශයෙන් මෙහෙයවනු ලබන්නේ එංගලන්තය හා ඉන්දියාව විසිනි. මුළු මහත් රට ම වෙළා ගන්නා සන්නියක් අද දෙමළ ජාතික සංධානයටත්, එදා එහි පූර්වගාමින් වූ පොන්නම්බලම් අරුණාශලම්ගේ හින්දු මහා සභාවේ සිට කොටි සංවිධානයටත් පැතිරවීමටත් හැකි වූයේ ඉංගිරිසින්ගේ දේශපාලන උපක්‍රම හා සිංහලයන්ට ප්‍රශ්නයක් තේරුම් ගැනීමට නොහැකි නිසාත් ය.  ටී එන් ඒ සන්නිය ඒ ඒ කළ විවිධ පුද්ගලයන් හරහා පැමිණ ඇති අතර අද වන විට අවුරුදු එකසිය අසූවකට වඩා පැරණි ය. අවුරුදු එකසිය අසූවකට පසුවත් සිංහලයන්ට සන්නිය තේරුම් ගැනීමට නොහැකි වී ඇත. 

Monday 27 July 2015

මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාවට තර්ජන (ඉරිදා රිවිර ලිපියකි)

මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාවට තර්ජන 

සුදු වෑන් කතා අතනින් මෙතනින් ඇසෙයි. මහින්ද රාජපක්‍ෂ මහතා යෑමට නියමිත මාර්ගවල බෝම්බ තිබී හමුවේ. අකුරැස්සේ දී බීමත් ව සිටි යා යැයි කියන අයකු මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත මිරීකු බවට ප්‍රවෘත්ති හා ඡායාරූප පළවෙයි. එහි දී මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ පුද්ගලයාට පහර දුන් බව දේශදේශාන්තරවල පැතිර ගොස් ඇතැයි ආණ්ඩුවේ ජනමාධ්‍ය හෙළිදරවු කරයි. එය තවත් සිරිකොත හෙළිදරවුවක් බව පැහැදිලි ය. එහෙත් මේ හෙළිදරවුව සඳහා භික්‍ෂූන් වහන්සේ ද සහභාගි වෙති. මේ රටේ ඇතැම් භික්‍ෂූන්  වහන්සේ ගැමුණු රජුට ද විරුද්ධව ක්‍රියා  කර ඇති බැවින් මෙහි පුදුම වීමට දෙයක් නැත. මෙවැනි භික්‍ෂූන් වහන්සේගෙන් පන්සිල් සමාදන්වන ගිහියන්ට දෙවියන්ගේ ම පිහිට ය. 

Sunday 26 July 2015

මෛත්‍රිගේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදය

මෛත්‍රිගේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදය

චම්පක රණවකට හා රනිල් වික්‍රමසිංහට අනුව මෛත්‍රි සියල්ල විසඳා ඇත. මැතිවරණයෙන් පසුව මහින්ද අගමැති නොවනු ඇත. ඒ බව කියා ඇත්තේ අන් කිසිවකු නොව මෛත්‍රිපාල ය. රනිල්ට හා ඔහුගේ ගෝලයා වූ චම්පකට අනුව දහනවවැනි සංශෝධනයෙන් පසුව ද අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් තම මතය පරිදි ය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගත හැකි අයකු අගමැති ලෙස පත්කරයි. ජනාධිපති ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කිරීමට බැඳී නැත. මෛත්‍රිපාල සිරිසේනගේ වචනවලින් ම කියන්නේ නම් මේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදයකි.

Saturday 25 July 2015

ලිච්ඡවිලාගේ රනිල්

ලිච්ඡවිලාගේ රනිල්

ධර්මිෂ්ඨලාගේ ජේ ආර්ට පසුව අපට ලිච්ඡවිලාගේ රනිල් පහළ වී ඇත. පහළ වී ඇතැයි කිව ද ඔහු ද අනෙක් මිනිසුන් මෙන් ම උත්පත්තිය ලත් තැනැත්තෙකි. ජේ ආර්ට උපදෙස් දුන්නේ කවුදැයි නො දනිමි. රනිල්ට රතන හිමියන් උපදෙස් දුන්නත් ඔහු එ භාරගනී යැයි සිතිය නො හැකි ය. ලිච්ඡවිලාගේ රනිල්ට උපදෙස් දෙන්නේ ලිච්ඡවිලාගේ උදවියවත් කෞටිල්‍යලාගේ උදවියවත් නොව ඔබාමාලාගේ හා කැමරන්ලාගේ උදවිය ය. කෞටිල්‍යලාගේ උදවිය රතන හිමියන්ට නම්,උපදෙස් දෙනවා විය හැකි ය. ඒ උපදෙස් ද කැමරන්ලාගේ උපදෙස් අතර එතරම් වෙනසක් ඇතැයි නො සිතමි. ඒ සියල්ලන්ට අවශ්‍ය මැදමුළණ මහින්ද අතුගා දැමීමට ය, වළලා දැමීමට ය. 

සිතට කෙළෙස් ගලා ඒම (විදුසර ලිපියකි)


සිතට කෙළෙස් ගලා ඒම

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජීිත (සම්මානීත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විද්‍යාව යනු කුමක් දැයි තවමත් පැහැදිලි කර නැත. ඔහු ආනුභවිකය ගැන කතා කරයි. එහෙත් මේ ආනුභවිකය පංචෙන්ද්‍රියන් ඉක්මවා යන ආනුභවිකයක් ද යන්නට ඔහුගෙන් පිළිතුරක් නැත. බටහිර විද්‍යාවේ ආනුභවිකය පංචෙන්ද්‍රිය ඉක්මවා නො යයි. බටහිර විද්‍යාවේ මනස යනු මොළය ආශ්‍රීත ව පවත්නා දෙයකි. ඔවුන්ගේ මනස පිළිබඳ ඊනියා පර්යේෂණ පංචෙන්ද්‍රිය අත්දැකීම් ආශ්‍රිත ය. එහෙත් බුදුන් වහන්සේගේ ආරිය පර්යේෂණය මනස හා සම්බන්ධ විය. 

Friday 24 July 2015

රනිල් ද මහින්ද ද

රනිල් ද මහින්ද ද

මේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව කරගන්න එපා. අවුරුදු දෙදහස් පන්සීයක් පැවතුණු සිංහල රට හා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි කාලයක් පැවතුණු සිංහල බුද්ධාගම ඔබ අගෝස්තු 17 වැනි දා ගන්නා තීරණය මත සඳහට ම නැතිවන්න පුළුවන්. ඔබ එදාට රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නොත් ඔබේ දරුවන්ට හා මුණුබුරන්ට ජීවත්වන්න සිද්දවෙන්නෙ ඔබ ජීවත් වුණු රටේ නෙ වෙයි. 

Thursday 23 July 2015

මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව

මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව 

සුදු වෑන් කතා අතනින් මෙතනින් ඇසෙයි. මහින්ද රාජපක්‍ෂ යෑමට නියමිත මාර්ගවල බෝම්බ තිබී හමුවේ. අකුරැස්සේ දී බීමත් ව සිටි යා යැයි කියන අයකු මහින්ද රාජපක්‍ෂගේ අත මිරීකු බවට ප්‍රවෘත්ති හා ඡායාරූප පළවෙයි. එහි දී මහින්ද රාජපක්‍ෂ අදාළ පුද්ගලයාට පහර දුන් බව දේශදේශාන්තරවල පැතිර ගොස් ඇතැයි ආණ්ඩුවේ ජනමාධ්‍ය හෙළිදරවු කරයි. එය තවත් සිරිකොත හෙළිදරවුවක් බව පැහැදිලි ය. එහෙත් මේ හෙළිදරවුව සඳහා භික්‍ෂූන් වහන්සේ ද සහභාගි වෙති. මේ රටේ ඇතැම් භික්‍ෂූන්  වහන්සේ ගැමුණු රජුට ද විරුද්ධව ක්‍රියා  කර ඇති බැවින් මෙහි පුදුම වීමට දෙයක් නැත. මෙවැනි භික්‍ෂූන් වහන්සේගෙන් පන්සිල් සමාදන්වන ගිහියන්ට දෙවියන්ගේ ම පිහිට ය. 

Wednesday 22 July 2015

අනුර කුමාර හා රනිල්

අනුර කුමාර හා රනිල්

ජ වි පෙ වත්මන් නායක අනුර කුමාරට එ ජා පක්‍ෂයෙන් විශාල මුදලක් ලැබුණු බව කියන්නේ ජ වි පෙ හිටපු නායක සෝමවංස අමරසිංහ ය. එය සත්‍ය ද නැද්ද යන්න ගැන මට කිසිවක් කිව නොහැකි ය. එහෙත් අනුර කුමාර හැසිරෙන ආකරයෙන් නම් හැඟී යන්නේ ඒ ප්‍රකාශය සත්‍යයක් බව ය. අනුර ජ වි පෙ නායකයා වීමට පෙර ද රවි කරුණානායක සමග සම්බන්ධකම් පවත්වන බවට කතා පැතිර ගියේ ය. ජ වි පෙ ඒ දිනවල සිට ම ක්‍රියා කළේ එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය ලෙස ය. එහෙත් ජ වි පෙරමුණේ නායකයන් අතර තරුණයන් සොයා ගැනීම නම් තරමක් අපහසු කටයුත්තකි. 

මෛත්‍රිපාල බටහිරයන් වෙනුවෙන් රනිල් රකියි (ඉරිදා රිවිර ලිපියකි)

මෛත්‍රිපාල බටහිරයන් වෙනුවෙන් රනිල් රකියි

මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ ව පෙළ ගැසී ඇත. බටහිර හා ඉන්දීය ඔත්තුසේවා නිලධාරීහු සිය අමන කාර්යයන්හි යෙදී සිටිති. චම්පක රණවක වැන්නන්ගේ රෙදි පිළි ගැළවී අහසේ පාවී යයි. රතන හිමියන්ගේ හා ඕමල්පේ හිමියන්ගේ බොරු කතාවලින් උන්වහන්සේලාගේ පාවාදීම වසාගත නො හැකි ය. එක්සත් ජනතා සංධානයේ ලැයිස්තුවල දේශප්‍රේමීන්ට අමතරව ද්‍රෝහියෝ ද සිටිති. එක්සත් ජනතා සංධානයේ ජාතික ලැයිස්තුව අච්චාරුවකි. එහි සිංහලයන් වූ  ඉන්දීය ඔත්තු සේවාවේ අය ද චන්ද්‍රිකාගේ නියෝජිතයෝ ද මෛත්‍රිපාලගේ නියෝජිතයෝ ද මහින්දගේ නියෝජිතයෝ ද වෙති. 

Tuesday 21 July 2015

රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල් (ඉරිදා දිවයින පළ නොකළ ලිපියකි)

රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්

සියළු විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ පැරදවීම ය.  මහින්ද නැති ශ්‍රි ල නි පක්‍ෂයක් නැති බව දහස් වරක් පෙනී ගොස් ඇත. අද ඇත්තේ ශ්‍රී ල නි ප හෝ එ ජ නි ස හෝ මැතිවරණ ව්‍යාපාරයක් නොව මහින්ද මැතිවරණ ව්‍යාපාරයකි. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මහින්ද රෙජිමය පැරදවීම ය. ඒ ඔවුන්ගේ ලංකා වසන්තය ය. ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීමට අවශ්‍ය වී ඇත්තේ තම අභිමතය පරිදි ක්‍රියා නොකර ඔහු විසින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබීම නිසා ය. බටහිරයන්ගේ සුවච කීකරු ගැත්තා වූ ද බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දී සිංහල ජාතිකත්වය හා රටේ ස්වෛරීභාවය නැති කිරීමට සැදී පැහැදී සිටින්නාවූ ද රනිල් කියන්නේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මහින්දගේ අනාගතය නැති කළ යුතු ය. එහෙත් ඔහු සැබවින් ම කියන්නේ බටහිරයන් වෙනුවෙන් මහින්ද නැති කළ යුතු බව ය.  චම්පක වැන්නෝ මහින්ද ගෙදර යැවීමෙන් සෑහීමකට පත් නොවෙති. 

Monday 20 July 2015

මහින්දට අගමැති වීමට නො හැකි ද?

මහින්දට අගමැති වීමට නො හැකි ද?

ඇතැමුනට අනුව මහින්ද රාජපක්‍ෂට අගමැති වීමට බාධාවක් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මහින්ද රාජපක්‍ෂට තුන්වැනි වරට ජනාධිපති විය නො හැකි ය. අනෙක් අතට යම්කිසි ආකාරයකින් මෛත්‍රිපාල සිරිසේනගේ සේවා කාලය අවසන් වීමට පෙර ජනාධිපති තනතුරේ පුරප්පාඩුවක් ඇති වුවහොත් මසක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයකු ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුතු ය. එසේ තෝරා පත් කර ගන්නා තෙක් අගමැති ජනාධිපති තනතුරෙහි වැඩ බැලිය යුතු ය. මේ ප්‍රතිපාදන නිසා ඇතැමුන් මහින්දට අගමැති විය නොහැකිය යන තර්කයක් මතුකර ඇත.

Sunday 19 July 2015

ශ්‍රී ල නි ප යළි ඉපදෙයි

ශ්‍රී ල නි ප යළි ඉපදෙයි

විජාතික බලවේගවල මෙහෙයවීමෙන් පසුගිය ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ල නි ප ඝාතනය කෙරිණි. ජූලි 17 වැනි දා ශ්‍රී ල නි ප අනුරාධපුරයේ දී යළි උපත ලබා ඇත. අගෝස්තු 17 වැනි දා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධාන ආණ්ඩුවක් මෛත්‍රිපාල පල පල කියමින් ඔහු ඉදිරියේ දී ම දිවුරුම් දෙනු ඇත. ඇතැමුනට අනුව සංධානය මෑතිවරණයෙන් පරාජය වනු ඇත. ඒ ගොන් කතා ගැන ප්‍රසිද්ධ කිරිඇල්ල න්‍යායට අනුව ය. 

Saturday 18 July 2015

අශීලාචාරයෝ කවරහු ද?

අශීලාචාරයෝ කවරහු ද? 

අද දෙරණ වෙබ් අඩවියට අනුව මෛත්‍රිපාල සිරිසේන ලබන අගෝස්තු 17 වැනි දිනට පසු ගෙදර හරින බවට මා කළ ප්‍රකාශය අශිලාචාර එකක් යැයි කබීර් හෂීම් පවසා ඇත. මා කිසි දිනෙක ගේට්ටු කඩාගෙන විත් මෛත්‍රිපාල ගෙදර හරින බවක් කියා නැත. මා පැහැදිලිව කියා ඇත්තේ ව්‍යවස්ථානුකූලව දෝෂාභියෝගයක් මගින් මෛත්‍රිපාල ගෙදර හරින බව ය. ඒ අශීලාචාර නම් මෙරට ව්‍යවස්ථාව අශීලාචාර විය යුතු ය. එය ජේ ආර් ජයවර්ධනගේ අශිලාචාර කමක් යැයි කබීර් හෂීම් පවසන්නේ ද? 

Friday 17 July 2015

මෛත්‍රිපාල සමග ඇයි හොඳයියක් අවශ්‍ය නැහැ (ඉරිදා දිවයින ලිපියකි)

මෙය මෛත්‍රිපාල  සිරිසේනගේ ජඩ ප්‍රකාශයට පෙර ලියන ලද්දකි

මෛත්‍රිපාල සමග ඇයි හොඳයියක් අවශ්‍ය නැහැ 

මම කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක් නො වෙමි. එහෙත් මට රනිල් මෛත්‍රිපාල පික්පොකට් ආණ්ඩුව මැතිවරණයේ දී පරාජය කිරීම අවශ්‍ය වෙයි. එයට හේතුව ඒ ආණඩුව බටහිර යටත්විජිත ගැති ඉන්දීිය පක්‍ෂපාති සිංහල විරෝධී එකක් වීම ය.  මේ දුස්සංධානය හා දෙමළ ජාතික සංධානය අද මෙරට බටහිර හා ඉන්දිය ගැති පක්‍ෂ අතර ප්‍රධාන වෙයි. ජ වි පෙ, ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය ආදී පක්‍ෂ ද එවැනි ම වූ පක්‍ෂ වෙයි. ශ්‍රී ල නි ප මෛත්‍රිපාල කණ්ඩායම ද එසේ ම ය. එබැවින් මහින්ද මෛත්‍රිපාල එකතුවක් නොතිබිය යුතු ය. එය අවසානයේ දී රටට විරුද්ධ වනු ඇත. 

Thursday 16 July 2015

චීන විද්‍යාවේ වෙනස (විදුසර ලිපියකි)


චීන විද්‍යාවේ වෙනස

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ඉතාමත් පහත් මට්ටමකට වැටී ඇත. දැන් මා එසේ කත පමණින් ඒ පිළිගැනීමට පාඨකයන් බැඳී නැත. එබැවින් මට ඔහුගේ ලිපිවලින් ඇතැම් විට දිර්ඝ වශයෙන් උපුටා දැක්වීමට සිදුවෙයි. සාමාන්‍ය පාඨකයා විදුසර පෙර කලාප නැවතත් කියවීමට නො පෙළඹෙයි. එබැවින් පාඨකයාගේ පහසුව හා යහපත සඳහා ම මට අමරතුංග මහතාගේ ලිපිවලින්  පාඨ උපුටා දැක්වීමට සිදු වෙයි. එයට අමරතුංග මහතා අකමැති වීම පුදුමයක් නො වේ. ඒ මා ඔහුගේ වැරදි ඔහුගේ කටින් ම කීමට සලස්වන බැවිනි. 

Wednesday 15 July 2015

මෛත්‍රිපාලගේ විශේෂ ප්‍රකාශය

මෛත්‍රිපාලගේ විශේෂ ප්‍රකාශය

මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද විශේෂ ප්‍රකාශයෙහි කරුණු කිහිපයක් අඩංගු විණි. ඔහු මහින්ද රාජපක්‍ෂට අගමැති කම නොදෙන බව කීවේ ය. තමා මහින්ද රාජපක්‍ෂට ජනවාරි 8 වැනි දාට පෙර තිබූ විරුද්ධත්වය එසේ ම පවතින බව ප්‍රකාශ කෙළේ ය. ශ්‍රී ල නි ප (සංධානය) ජයග්‍රහණය කළහොත් අගමැතිකම දීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ටයන් සිටින බව කීවේ ය. තමා මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්‍ෂකත්වයවත් කණ්ඩායමේ නායකත්වයවත් දී නැති බව එකහෙළා කියා සිටියේ ය. තමා ජනවාරි 8 වැනි දා ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමට බැඳී සිටින බව කීවේ ය. මහින්ද රාජපක්‍ෂට සංධානයෙන් තරග කිරීමට ඉඩ දුන්නේ සංධාන නායකයන් සියයට සියයක් ම එසේ කරන ලෙස ඉල්ලා සිටි නිසාත්, ශ්‍රී ල නි පක්‍ෂයේ සියයට අනුනවයක් ම ඉල්ලා සිටි නිසාත් යැයි කීවේ ය. එහෙත් තමා මහින්දට විරුද්ධ බවත් ජනවාරි 8 වැනි දා මෙන් ම මැතිවරණයේ දී ද මහින්ද රාජපක්‍ෂ පරදින බවත් කීවේ ය. 

Tuesday 14 July 2015

රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්

රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්

මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්දට විරුද්ධ ව පෙළ ගැසී ඇත. රාජ්‍ය නොවන ගැත්තෝ මහින්දට විරුද්ධ ව කුරුණෑගල ගෙන් ගෙට යති. බටහිර හා ඉන්දීය ඔත්තුසේවා නිලධාරීහු සිය අමන කාර්යයන්හි යෙදී සිටිති. චම්පක වැන්නන්ගේ රෙදි පිළි ගැළවී අහසේ පාවී යයි. රතන හිමියන්ගේ හා ඕමල්පේ හිමියන්ගේ බොරු කතාවලින් උන්වහන්සේලාගේ පාවාදීම වසාගත නො හැකි ය. එක්සත් ජනතා සංධානයේ ලැයිස්තුවල දේශප්‍රේමීන්ට අමතරව ද්‍රෝහියෝ ද සිටිති. එක්සත් ජනතා සංධානයේ ජාතික ලැයිස්තුව අච්චාරුවකි. එහි ඉන්දීය ඔත්තු සේවාවේ අය ද චන්ද්‍රිකාගේ නියෝජිතයෝ ද මෛත්‍රිපාලගේ නියෝජිතයෝ ද මහින්දගේ නියෝතජියෝ ද වෙති. ඝාතනය කෙරුණු ශ්‍රී ල නි පක්‍ෂයට පැහැදිලි නායකත්වයක් නැත. 

Monday 13 July 2015

ශ්‍රී ල නි ප ඝාතනය (ඉරිදා රිවිර ලිපියකි)

ශ්‍රී ල නි ප ඝාතනය

2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරුණු ශ්‍රී ල නි ප ජූලි 8 වැනි දා ආදාහනය කෙරිණි. මෙහි පහත පළවන්නේ ඒ ඝාතනය 1959 දී සිදු වූ බණ්ඩාරනායක ඝාතනය සමග සංසන්දනය කෙරෙමින් ලියූ ලිපියකි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප ඝාතනය නො කෙරිණි. ඉන්පසුව ද ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධාන බලයට පත්විණි. 1977 දී ජේ ආර් ජයවර්ධන බලයට පත් වී බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම්  නැති කිරීමෙන් පසුව ද ශ්‍රී ල නි ප ඝාතනය ඝාතනය කිරීමට නො හැකි විණි. 

Sunday 12 July 2015

මෛත්‍රිගේ හා චන්ද්‍රිකාගේ බලපෑම් පරාජය කරමු

මෛත්‍රිගේ හා චන්ද්‍රිකාගේ බලපෑම් පරාජය කරමු

එක්සත්  ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තු තවමත් සම්පූර්ණ නැත. මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් මුල සිට ම කටයුතු කළ කිහිප දෙනකුට ම නාමයෝජනා අහිමි වන ලකුණු පහළ වී ඇත. එයට ප්‍රධාන හේතු වන්නේ චන්ද්‍රිකාගේ හා මෛත්‍රිපාලගේ බලපෑම් යැයි වාර්තා වෙයි.

මෛත්‍රිට රටේ බලයක් නැහැ

මෛත්‍රිට රටේ බලයක් නැහැ

රනිල් පසුගිය දා පවත්වන ලද එ ජා ප සම්මේලනයේ දී විජිතපුර සටන ගැන සඳහන් කර ඇත. එය තවත් පස්දුන් කතාවකි. පස්දුන් කෝරළයෙන් පස්දීම ගැන රනිල් කළ කතාව බොහෝ දෙනාට මතක ඇතැයි සිතමි. රනිල්ට අනුව මෛත්‍රිපාල එ ජා පක්‍ෂයට විජිතපුර සටන දිනා දී ඇත. ඔහු මෙතෙක් ඒ බවක් කීවේ නැත. රනිල් කීවේ ඊනියා ජාතික ආණ්ඩු කතාවකි. එහෙත් දැන් ඔහු ප්‍රසිද්ධියේ කියන්නේ මෛත්‍රිපාල තමන්ට පික්පොකට් ආණ්ඩුවක් ලබාදීමට කටයුතු කළ බව ය. 

Saturday 11 July 2015

චම්පක හා වෙල් විදානෙ නියම තැන

චම්පක හා වෙල් විදානෙ නියම තැන

ජනවාරි 8 වැනි දා සිදු වූයේ විප්ලවයක් යැයි රනිල් බෙරිහන් දෙයි. රාජ්‍ය නොවන පඬියෝ ද එයම කියති. මේ පඬියන්ගෙන් ඇතැමෙක් මාක්ස්වාදීහු වෙති. මාක්ස්වාදයෙහි ද සමාජ විප්ලව ගැන කියැවෙයි. රනිල් කියන්නේ මොන විප්ලවයක් ගැන දැයි පඬියෝ අපට කියා දෙත් ද? ඒ කුමක් වුවත් ජනවාරි 8 වැනි දා සිදු වී ඇත්තේ ප්‍රතිවිප්ලවයකි. අගොස්තු 17 වැනි දා ජනතාව මේ ප්‍රතිවිප්ලවය පරදවනු ඇත. ජනවාරි 8 වැනි දා සිදුවූයේ ප්‍රතිවිප්ලවයක් යැයි අප කියන්නේ එදින මෙරට සමාජ ප්‍රගතිය තාවකාලික ව වුවත් ආපසු හැරවුනු නිසා ය.

මෛත්‍රිපාලගේ ගැටළුව

මෛත්‍රිපාලගේ ගැටළුව

මෛත්‍රිපාල සිරිසේන යනු බටහිරයන් හා ඉන්දියයන් අතෙහි මෙහෙයවෙන රෑකඩයක් පමණි. තමාට ලැබී තිබෙන කොන්ත්‍රාත්තුවෙන් විශාල කොටසක් ඔහු ඉටු කර ඇත. ඔහුට තවත් ඉතිරිව ඇත්තේ අගොස්තු 19 වැනි දාට පසුව, මනාප ගණන් කර අවසන් වී තවදුරටත් රනිල් පික්පොකට් අගමැති ලෙස රඳවා ගැනීම පමණ ය. ඉන්පසු රට පාලනය කරනු ඇත්තේ බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි රනිල් ය. අද ඉන්දීය නියෝජිතයන් ලෙස කටයුතු කරන මලිත් ජයතිලක වැන්නන්ට ද සුළු කාර්යභාරයක් හිමි වනු ඇත.

Friday 10 July 2015

දහනායක කවු ද?

දහනායක කවු ද?

කීමට බොහෝ දේ ඇත. එහෙත් මැතිවරණයක් අභිමුඛයේ ඇතැම් දේ කීමට නො හැකි ය. අපි අගෝස්තු 19 වැනි දාට පසුව, මනාප ගණන් කර අවසානයේ, අලුත් ගමනක් යෑමට බලාපොරොත්තු වෙමු. මට ජීවත් වීමට එතරම් වයසක් ඉතිරි වී නැතත් වෙනත් කවුරුන් වුවත් ඒ ගමන යා යුතු ය. ශ්‍රී ල නි ප ඝාතනය කෙරී ඇත. 

අමරතුංග මහතාට අනුව ද චීන දර්ශනය වෙනස් ය (විදුසර ලිපියකි)

අමරතුංග මහතාට අනුව ද චීන දර්ශනය වෙනස් ය

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජීිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බොහෝ විට විශේෂයෙන් ම වෙනත් වෙබ් අඩවිවල සහ විද්‍යුත් ලිපි සංසදවල ප්‍රකාශ කරන කරුණක් නම් මා ඔහුට අපහාස කරන බව ය. ඔහු ඉන් අදහස් කරන්නේ තමා එලෙස අපහාස නොකරන බව ය. එහෙත් මගේ සේවය දිගු කිරීම පිළිබඳ සඳහන් කරමින් ඔහු කීවේ මා සියල්ල කරන්නේ මගේ පෞද්ගලික යහපත වෙනුවෙන් බව ය. ඒ ෞද්ගලික දිගුවක් නොව ආසනික් පර්යේෂණ කරගෙන යෑම සඳහා නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණියා මැදිහත් වීමෙන් කරන ලද දිගුවකි. ඒ පිළිබඳ මම වැඩිදුර කතා නො කරමි.

Thursday 9 July 2015

ශ්‍රී ල නි ප ඝාතනය

ශ්‍රී ල නි ප ඝාතනය

2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරුණු ශ්‍රී ල නි ප ජූලි 8 වැනි දා ආදාහනය කෙරිණි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප ඝාතනය නො කෙරිණි. ඉන්පසුව ද ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධාන බලයට පත්විණි. 1977 දී ජේ ආර් ජයවර්ධන බලයට පත් වී බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම්  නැති කිරීමෙන් පසුව ද ශ්‍රී ල නි ප ඝාතනය ඝාතනය කිරීමට නො හැකි විණි. 

Wednesday 8 July 2015

ගමනක අවසානය

ගමනක අවසානය

1959 සැප්තැම්බර් 26 වැනි දා බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු ගමනක අවසානය නමින් කෙටි වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කෙරිණි. මට ඒ චිත්‍රපටියේ නම මතක් වූයේ එතුමා ආරම්භ කළ ශ්‍රී ල නි ප 2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරී ඉන් හයමසකට පසු අද දින (2015 ජූලි 08) ආදාහනය කෙරෙන බැවිනි. ජනවාරි 8 වැනි දා බණ්ඩාරනායක මහතාගේ උපන් දිනය වීමෙන් කණගාටුව තවත් තීව්‍ර වෙයි. බණ්ඩාරනායක ඝාතනයට කැලණිය පන්සල සම්බන්ධ විය. බුද්ධරක්ඛිත හා විමලා විජේවර්ධන කැලණිය පන්සලේ කෙළිකරුවෝ වූහ.  ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙරුණේ කැලණිය පන්සලේ ප්‍රධාන දායකයකු වූ රනිල් වික්‍රමසිංහ අතිනි. මේ සිද්ධිවලින් පන්සලට අගෞරවයක් අත් නොවනු ඇත. එහෙත් දෛවයේ සරදම එබඳු ය. 

Tuesday 7 July 2015

මෛත්‍රිපාල අත්හරිමු

මෛත්‍රිපාල අත්හරිමු 
    
අගමැති ධුරයට කෑදරකමින් ශ්‍රී ල නි පක්‍ෂය ද එ ජ නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු මොකක්දෝ පක්‍ෂයකින් හංසයා ලකුණෙන් විජාතික බලවේගවල ආධාරයෙන් ගියවර ජනාධිපතිවරණය සුළු ප්‍රතිශතයකින් ය ගත්තේ ය. ඒ දෙමළ හා මුස්ලිම් ඡන්ද ද ජ වි පෙරමුණේ ඡන්ද ද ඔහුට තොගපිටින් වැටෙද්දී ය. ජ වි පෙරමුණට ඇති ඡන්ද තුන්ලක්‍ෂයක ප්‍රමාණය අවසානයේ දී තීරණාත්මක විය. මෛත්‍රිපාල බලයට පත් කිරීමේ පාප කර්මයෙන් එ ජා පක්‍ෂයට, දෙමළ ජාතික සංධානයට විවිධ මුස්ලිම් පක්‍ෂවලට මෙන් ම ජ වි පෙරමුණට හා ජාතික හෙළ උරුමයට ද මිදිය නො හැකි ය. 

මහින්දගේ පුනරාගමනය හා රටේ වටිනාකම (ඉරිදා දිවයින ලිපියකි)

මහින්දගේ පුනරාගමනය හා රටේ වටිනාකම

පසුගිය ජූලි පළමුවෙනිදා අධි ඇසළ පොහොය විය. බෞද්ධ සාහිත්‍යයේ අධි පොහොයවල සිදු වූ විශේෂ සිද්ධි නොමැත. මම ද එදින මැදමූලන ගියෙමි. පොළොන්නරුවේ සිට වැඩම කර එදින මැදමූලන ධර්මදේශනය පැවැත්වූ භික්‍ෂූන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි මෙවර අධි ඇසළ පොහොය මහින්ද රාජපක්‍ෂට ජනතාව අණකළ පොහොය විය. මැදමූලනට දිවයිනේ දසතින් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ හා ගිහි ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතාට අණ කළේ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ අණ පිළිගත්තේ ය. එපමණක් නොව ආණ්ඩුවක් පිහිටුවන බව ද ප්‍රකාශ කෙළේ ය. 

Monday 6 July 2015

මෛත්‍රීපාල ගිවිසුම (ඉරිදා රිවිර ලිපියකි)

මෛත්‍රීපාල ගිවිසුම

මේ ලිපිය දින කිහිපයකට පෙර ලියැවිණි. 

මහින්ද රාජපක්‍ෂ මහතා රැ වැටුණු වළේ දවල් වැටෙන්නට ගොස් බේරී ඇත. වාර්තාවන අන්දමට මහින්ද රාජපක්‍ෂ මහතාට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත.  ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා විය. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් විය. ඔවුන් කියා සිටියේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය. 

Saturday 4 July 2015

මෛත්‍රිපාලට බලපෑම්

මෛත්‍රිපාලට බලපෑම්

මෛත්‍රිපාල සිරිසේනට විජාතික බලවේගවලින් බලපෑම් එල්ල වන බව රහසක් නො වේ. චන්ද්‍රිකාගේ සිට එංගලන්ත මහා කොමසාරිස් දක්වා මහින්දට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කිරීමට ඉඩ දීම පිළිබඳ ව මෛත්‍රිපාලට දොස් කියා ඒ ඉල්ලා අස්කර ගැනීමට බලකරනු නිසැක ය. පික්පොකට් අගමැති ද තම තනතුර බේරා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගනු ඇත. අජිත් පෙරේරා පමණක් නොව අර්ජුන රණතුංග ද තම නියෝජ්‍ය ඇමතිකම්, ඇමතිකම් බේරා ගැනීමට කටයුතු කරති.

මහින්ද රෑ වැටුණු වළේ දවල් වැටීම

මහින්ද රෑ වැටුණු වළේ දවල් වැටීම

මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්‍ෂට එක්සත් ජනතා සංධානයෙන් තරග කිරීමට ඉඩ දී ඇත. මහින්ද පිළේ බොහෝ අය එය ජයග්‍රහණයක් ලෙස සලකනු ඇත. එහෙත් එය මහින්දගේ අයිතියකි.

Friday 3 July 2015

අමරතුංග මහතාගේ බොරු කතා (විදුසර පුවත්පතෙහි පළවූ ලිපියකි)


අමරතුංග මහතාගේ බොරු කතා

මේ ලිපිය ධනපාල මහතා තමා විවාදයට සහභාගි නොවන බව සඳහන් කිරීමට පෙර ලියැවිණි.

ඩී එස් සී උපාධිධාරී සේවාරජිිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට තම සහායට පැමිණි බෝධි ධනපාල මහතාගෙන් අලුත් පණක් ලැබී ඇත. බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන විවාදය විදුසරට අමතර විද්‍යුත් ලිපි සංසදයක ද  කෙරෙයි. ඒ විවාදය විද්‍යුත් ලිපි මගින් නොව ලංකාවේ දී ප්‍රසිද්ධ විවාදයක් ලෙස පැවැත්විය යුතු ය යනුවෙන් මා කරන ලද යෝජනාව බෝධි ධනපාල මහතා පිළිගෙන ඇත. ඒ අනුව මගේ ආරාධනය පරිදි ලංකාවට පැමිණීමට ධනපාල මහතා එකඟ වී ඇත. ඒ ප්‍රසිද්ධ විවාදයට සහභාගි වන ලෙස  මා අශෝක අමරතුංග මහතාට ද ආරාධනය කළ මුත් ඒ මහතා සුපුරුදු පරිදි විවාදයෙන් පැන යයි.

Thursday 2 July 2015

මහින්දට සංධානයෙන් බැහැ

මහින්දට සංධානයෙන් බැහැ

අද (2015 ජූලි 02) සවස මෛත්‍රිපාල සිරිසේන හමු වූ සංධාන නායකයනට ඔහු පවසා ඇත්තේ මහින්ද රාජපක්‍ෂට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මැතිවරණ අපේක්‍ෂකත්වය ද නොලැබෙන බව ය. ඊයේ සවස මෛත්‍රිපාල හමු වූ එංගලන්ත හා ඉන්දීය මහකොමසාරිස්වරුන් ද ඇමරිකන් තානාතිවරයා ද මහින්ද රාජපක්‍ෂට සංධානයෙන් මැතිවරණය තරග කිරීමට ඉඩ දීම පිළිබඳ තම විරුද්ධත්වය පළ කර ඇත. ඔවුන්ට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග ද ප්රාජිත ද චම්පක ද තම විරුද්ධත්වය පළ කර ඇත.

මිහිඳු හිමි හා මහින්ද (ඉරිදා දිවයින ලිපියකි)

මිහිඳු හිමි හා මහින්ද

මහින්ද රාජපක්‍ෂ මහතා පන්සල් යෑම බොහෝ දෙනකුගේ කතාබහට ලක් වී ඇත. අතුරලියේ රතන හිමියන්ට ද එය ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙයි. එහෙත් එය මෙරට ඉතිහාසයට හා සංස්කෘතියට එකඟ ය. රනිල් වික්‍රමසිංහ මහතා නම් එය ප්‍රශ්නයක් විය හැකි වුවත් අද ඔහු වඩාත් කල්පනා කරනු ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිලිබඳ ව ය.  තමන් විසින් බලයට පත් කෙරුණු මෛත්‍රිපාල සිරිසේන මහතා මේ කරන්නේ කුමක් දැයි ඔහු කල්පනා කරනු නිසැක ය.

Wednesday 1 July 2015

මහින්දගේ පුනරාගමනය

මහින්දගේ පුනරාගමනය

අද ජූලි පළමුවෙනිදා අධි ඇසළ පොහොය විය. බෞද්ධ සාහිත්‍යයේ අධි පොහොයවල සිදු වූ විශේෂ සිද්ධි නොමැත. මැදමූලන අද ධර්මදේශනය පැවැත්වූ භික්‍ෂූන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි මෙවර අධි ඇසළ පොහොය මහින්ද රාජපක්‍ෂට ජනතාව අණකළ පොහොය විය. මැදමූලනට දිවයිනේ දසතින් වැඩම ළ භික්‍ෂූන් වහන්සේ හා ගිහි ජනතාව මහින්දට අණ කළේ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ය. මහින්ද ඒ අණ පිළිගත්තේ ය. එපමණක් නොව ආණ්ඩුවක් පිහිටුවන බව ද ප්‍රකාශ කෙළේ ය.