Main Logo

Friday 11 September 2015

පෘථග්ජනයන්ගේ යථාර්ථයක් ඇතැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ කෙහේ ද? (විදුසර ලිපියකි)




පෘථග්ජනයන්ගේ යථාර්ථයක් ඇතැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ කෙහේ ද? 

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම අගොස්තු 12 වැනි දා ලිපියෙහි මෙසේ කියයි.  “පැවැත්ම (existence ) ගැන බුදුන් දැක්‌වූ අදහස්‌ කච්චායන-ගොත්ත සුත්රතයෙහි පහදා දී ඇත. එහි පැවසෙන්නේ සැම දෙයක්‌ ම පවතී යන්න එක්‌ අන්තවාදයක්‌ බව ය. එය අන්තවාදයක්‌ වන්නේ කෙසේ ද? සැම දෙයක්‌ ම නියත ව වෙනස්‌ නො වී සැම දා පවතී යන්න ඉන් අදහස්‌ වන්නේ නම් එය අන්තවාදයක්‌ වන්නේ ය. සැම දෙයක්‌ ම නො පවතී යන්න අනෙක්‌ අන්තවාදය බව පැවසීමෙන් බුදුහු තම අදහස පැහැදිලි කරති. මේ අන්තවාද දෙක එකල දාර්ශනිකයන් අතර පැවැති බව පෙන්වා දිය හැකි ය. උපනිෂද් පැවසුවේ නිත්යද වූ ආත්මයක්‌ පවතින බව ය. එය ශාශ්වතවාදය විය. කාර්වක (එකල පැවැති ධර්මයක්‌) මතය වූයේ කිසිවක්‌ නො පවතින බව ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ. මේ නයින් බලන කල යථාර්ථයක්‌ බුදුන් නො පිළිගත් බව කිව නොහැකි ය. මක්‌ නිසා ද සැම දෙයක්‌ ම නො පවතී යන්න අන්තවාදයක්‌ බව උන්වහන්සේ පැවසූ හෙයිනි. තව ද ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි බුදුන් පවසා නැත.”

Monday 7 September 2015

ඉන්දියාව අපට සම්මුතිවාදයක් පටවයි (ඉරිදා රිවිර ලිපියක සංස්කරණයකි )

ඉන්දියාව අපට සම්මුතිවාදයක් පටවයි

මේ ලිච්ඡවි රජදරුවන්ගේ යුගය නො වේ. මේ මෝදි යුගය යි. මෝදි යුගය ලිච්ඡවින්ට අවුරුදු දෙදහස් හයසියයකට පමණ පසුව ඉංගිරිසි යුගයක් නේරු යුගයක් හා ගාන්ධි යුගයක් පසුකර පැමිණ ඇත්තකි. ඉංගිරිසින්ට පෙර තවත් යුග ගණනාවක් චෝල, චේර පාණ්ඩ්‍ය, මූගල් ආදී වශයෙන් ද අපි පසුකර ඇත්තෙමු. එයට අමතර ව ධර්මාශෝක යුගයක් ද අපි පසු කෙළෙමු. මෝදිට නැති සම්මුතිවාදයක් මෝදි අපට ලබාදෙන්නේ කෙසේ ද? ධර්මාශෝක රජු අපට ඊනියා යථාර්ථවාදී ථෙරවාදී සංස්කෘතියක් ලබා දුන්නේ ය. ඒ ඔහුට තිබිණු සංස්කෘතියකි. යථාර්ථයක සම්මුතිවාදයක් තිබිය හැකි යැයි නො සිතමි. එය අවසානයේ දී අවුරුදු දහස් ගණනක් අපේ වාසියට හේතු විය!

Thursday 3 September 2015

මගේ අසනීප හා අයින්ස්ටයින්ගේ අසනීපය (විදුසර ලිපියකි)

මගේ අසනීප හා අයින්ස්ටයින්ගේ අසනීපය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා අසනීප ව සිටි කාලයෙහි වැදගත් ලිපියක් දෙකක් ලියා ඇත. ඒ ඊනියා යථාර්ථය සම්බන්ධයෙනි. මේ සාකච්ඡාවේ තේමාව වනුයේ ම ඊනියා යථාර්ථයක් නැතැයි යන්න ය. එබැවින් අමරතුංග මහතා යථාර්ථයක් ඇතැයි පෙන්වීම සඳහා ඉදිරිපත්වීම වැඩදායක ය. එහෙත් ඒ මහතා තවමත් සිටින්නේ ථෙරවාදයෙන් සකස්කරන ලද ඊනියා විද්‍යාත්මක මතවාදයක බැවින් මේ සාකච්ඡාවෙන් එතරම් වැඩක් අත්වේ දැයි කිව නො හැකි ය.