Main Logo

Sunday 31 January 2016

සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය (2016 ජනවාරි 31`රිවිර ලිපිය)

සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය

මෙහි සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය යන්න සන්දර්භ දෙකකින් විස්තර වෙයි. එකක් ලෝක මට්ටමෙන් ය. අනෙක ලංකාව වශයෙනි. අපට වඩා දැනෙන්නේ ලංකාව සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය ය. එහෙත් ලෝක මට්ටමෙන් ද එහි ඇති සුවිශේෂත්වය නොදැන රටේ වත්මන් දේශපාලනය අවබෝධ කරගත නො හැකි ය. සිංහල බෞද්ධයනට ලෝක මට්ටමෙන් එහි ඇති සුවිශේෂත්වය අවබෝධ නො වේ. එසේ වුවත් මැවුම්කරුවකු ගැන විශ්වාස කරන බටහිර හා ඉන්දියානු සංස්කෘතිවලට ඒ සුවිශේෂත්වය හොඳින් ම දැනෙයි. ගුණදාස අමරසේකර මහතා වරක් කියා තිබුණේ එක්තරා තායිලන්ත උගතකුට අනුව නැවත බෞද්ධ සංස්කෘතියක රටක් කරවීමට හැකි රටවල් තුනක් තිබූ බව ය. අමරසේකර මහතාට අනුව ඒ උගතා කියා තිබුණේ ඒ  රටවල් තුන ලංකාව, මියන්මාරය හා කාම්බෝජය යන ථෙරවාදී රටවල් බව ය.

Wednesday 27 January 2016

රාමු දෙකක කතාව (2016 ජනවාරි 27 විදුසර ලිපිය)

                              රාමු දෙකක කතාව

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ජීවිතයේ අරුත කෙසේ වෙතත් තම ලිපිවල අරුතවත් පැහැදිලි කර දෙන බවක් පෙනෙන්නට  නැත. කෙසේ වෙතත් පසුගිය ජනවාරි 20 වැනි දින ඒ මහතාගේ ලිපිය වෙනුවට කැනඩාවේ ක්විබෙක් ප්‍රදේශයේ තාක්‍ෂණික පාසලක උගන්වන බෝධි ධනපාල මහතා මා සමච්චලයට පත්කරමින් ලියූ ලිපියක් පළවිණි. මම ධනපාල මහතාට හෝ ඔහුගේ ගුරු චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාට හෝ ලිපි මගින් පිළිතුරු නො දෙමි. ඔවුන් දෙදෙනාට මා සමග ලංකාවේ දී ප්‍රසිද්ධ විවාදයකට සහභාගි වන ලෙස ආරාධනය කර ඇති නමුත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුවත් එයට සූදානම් නැති බව පෙනෙයි. අප සැමදාමත් කියන්නේ වාචික විවාදයක දී ප්‍රශ්නයක් අසා එහි දී ම පිළිතුරක් ලබාගත හැකි බැවින් ධනපාල, ධර්මවර්ධන මහතුන්ගේ නොදැනුම ඔවුන්ට ම ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට එවැනි විවාදයක දී හැකි බව ය. අමරතුංග මහතාට ද ඒ කරුණ එලෙස ම අදාළ ය. ධනපාල මහතා මා සමග විවාදයකට ලංකාවට ඒමට ලිඛිත ව පොරොන්දු වී පසුව ඒ මගහැරියේ ය. ඒ පිළිබඳ විස්තර කලින් පළකර ඇති බැවින් නැවත සඳහන් කිරීම අනවශ්‍ය ය. 

Sunday 24 January 2016

නව පක්‍ෂයක් කුමකට ද? (2016 ජනවාරි 24 ඉරිදා රිවිර ලිපියේ මුල් පිටපත)

නව පක්‍ෂයක්  කුමකට ද?

අද මෛත්‍රිපාල සිරිසේන ක්‍රියා කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නො වේ. ඔහුට ලබන මැතිවරණයෙන් පසු විධායක අගමැතිකම (මෙවැනි පදවියක් නැතැයි ඊනියා උගතකු පැවසීමට ඉඩ ඇත. එහෙත් අගමැතිවරුන් ක්‍රියා කරන්නේ විධායකයන් ලෙස ය.) නොලැබෙන බවට රනිල් වික්‍රමසිංහ ක්‍රියාවෙන් සහතික වී ඇත. අවුල් ආණ්ඩු දීගය ලබන මැතිවරණය තෙක් කෙසේවත් නොපවතිනු ඇත. සිරිසේනට අද අවශ්‍ය විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් (එනම් මීළඟ මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් පසුව ද) තබා ගැනීම ය. ඔහු ඒ සඳහා නොයෙක් උපාය යොදයි. 

Thursday 21 January 2016

දෙවියන් හා ගුරුත්වාකර්ෂණය (2016 ජනවාරි 20 විදුසර ලිපිය)

දෙවියන් හා ගුරුත්වාකර්ෂණය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය ජනවාරි 13 වැනි දින විදුසර ලිපියෙන් ජීවිතය පිළිබඳ ඊනියා අරුත ගැන තම අදහස් සම්පිණ්ඩනය කර දක්වා ඇත. එසේ කිරීම පිළිබඳ ඒ මහතාට අපේ ස්තුතිය හිමිවන අතර ඒ කරුණු අප මෙහි උපුටා දක්වන්නේ ඒ ලිපිය නොකියවූ අයට ඒ ගැන දැනුමක් ලැබීමටත් ඒ මහතා සිංහල බෞද්ධ චින්තනයෙන් කෙතරම් ඈත් වී තිබේ ද යන්න පාඨකයනට දැනගැනීමත් සඳහාත් ය. ඒ මහතා සිංහල බෞද්ධයකු බව පිළිගන්නේ යැයි මම උපකල්පනය කරමි. අද මෙරට බොහෝ දේශපාලනඥයන් තමන් සිංහල යැයි ද  බෞද්ධ යැයි ද කියමින් සිංහල බෞද්ධ විරෝධී ක්‍රියාවල නිරත වන ආකාරයට අමරතුංග මහතා ද ක්‍රියාකරන්නේ යැයි සිතිය හැකි ය. ඒ මහතා ඉහත සඳහන් ලිපියෙහි මෙසේ කියයි. 

Sunday 17 January 2016

ඉන්දියාවට හා එංගලන්තයට එරෙහිව නව පක්‍ෂයක් හා නායකත්වයක්

ඉන්දියාවට හා එංගලන්තයට එරෙහිව නව පක්‍ෂයක් හා නායකත්වයක්

ජනවාරි 17 වැනි දා ඉරිදා රිවිර පුවත්පතට නොලියූ එහෙත් පළ කිරීමට ලබන ඉරිදා වන තුරු බලා සිටීමට නොහැකි කරුණු කිහිපයක් ඉතා කෙටියෙන් පහත දැක්වෙයි.

ආණ්ඩුවේ විජාතික සිංහල බෞද්ධ විරෝධය (2016 ජනවාරි 17 ඉරිදා රිවිර ලිපියේ මුල් පිටපත )

ආණ්ඩුවේ විජාතික සිංහල බෞද්ධ විරෝධය

පසුගිය නවවැනිදා සම්මත කරගැනීමට බලාපොරොත්තු වූ ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත් පණත 12 වැනි දා දක්වා ද ඉන්පසු 26 වැනි දා දක්වා ද කල්තැබීමට ආණ්ඩුවට සිදු වී ඇත. ආණ්ඩුව එක් පියවරක් පස්සට ගෙන ඇත්තේ පසුව පියවර දෙකක් ඉදිරියට තැබීමට ද යන ප්‍රශ්නය අපට ඇත.  ඒකාබද්ධ විපක්‍ෂය කළ යුත්තේ මේ කෙටුම් පත අස්කරගැනීමට ආණ්ඩුවට බල කර සිටීම ය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර අනුමත කර නැති බව ආණ්ඩුවේ ම ඇතැම් ඇමතිවරු කියති. ඉතා පැහැදිලිව ම කෙටුම්පත් පනත අගමැතිගේ අවශ්‍යතාවට ඉදිරිපත් කරන ලද්දකි. ඔහුට මේ මොහාතේ අවශ්‍ය විධායක ජනාධිපති බලතල අහෝසිකර ඒ අගමැතිට පවරා ගැනීමත් දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන ව්‍යවස්ථාවක් එංගලන්තයේ අවශ්‍යතාව පරිදි සම්මතකර ගැනීමත් ය. ඉන්දියාවට ද දෙමළ ජාතිවාදය සනසන ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙයි. එය එංගලන්තයට අවශ්‍ය සංශෝධනය ම වීම අනිවාර්ය නො වේ. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව අපි 2015 දෙසැම්බර් 30, 2016 ජනවාරි 03 හා 10 දිනවල රිවිර පුවත්පත මගින් සාකච්ඡා කෙළෙමු. 

Friday 15 January 2016

පොල් ගෙඩිය සමග වැටීම (2016 ජනවාරි 13 විදුසර ලිපිය)

පොල් ගෙඩිය සමග වැටීම

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා යුදෙවු ක්‍රිස්තියානි සංකල්පයක් වූ ජීවිතයේ අරමුණ ඇතැම් බටහිර විද්‍යාඥයන් කියා ඇති ආකාරයට විශ්වයේ යහපත සඳහා ජාන ප්‍රවර්ධනය බව කීමට විදුසර පුවත්පතෙහි පිටු නාස්ති කරයි. ඔහු දැන් ප්‍රෝටින නැමුම ගැන කතාකිරීමට තව තවත් අනවශ්‍ය තොරතුරු පාඨකයාට පටවයි. ඔහුට දැනට ඒ කරගෙන යෑමට ඉඩ දී අපි ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවකි යන්න තවදුරටත් ඉදිරියට ගෙන යමු. එහෙත් එයට කලින් දුහුනන් දැනුම් උදෙසා කිවයුතු කරුණු කිහිපයක් වෙයි. ගුරුත්වාකර්ෂණය පමණක් නොව අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාද (විශේෂ හා සාධාරණ) ද බටහිර විද්‍යාවේ පට්ටපල් බොරු ය. බටහිර විද්‍යාව යන්න ඇතැම් බටහිර විද්‍යාඥයන් ද යොදාගන්නා බව පොතපත කියවූවෝ දනිති. උදාහරණයක් ලෙස රූපට් ෂෙල්ඩ්‍රේක්ගේ පොත් කියවන්න. ෂෙල්ඩ්‍රේක් බටහිර විද්‍යාවේ විරුද්ධවාදියකු නොව එහි ආධිපත්‍යය දරන ඇතැම් මතවාදවල විචේචකයෙකි. 

Thursday 14 January 2016

පුවත්පත් සාකච්චාව



2016 ජනවාරි 12 වැනි දින චින්තන පර්ෂදය විසින් ව්‍යවස්ථාව හා ඊනියා ථෙරවාද කතිකාවත ගැන පවත්වන ලද පුවත්පත් සාකච්චාව 


පහත සඳහන් සබැඳියෙන් ඇසිය හැකිය.




Sunday 10 January 2016

නව ව්‍යවස්ථාව කුමක් සඳහා ද? (2016 ජනවාරි 10 ඉරිදා රිවිර ලිපියේ මුල් පිටපත)

නව ව්‍යවස්ථාව කුමක් සඳහා ද?

තවමත් නව ව්‍යවස්ථාව ජනතාවට තබා පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කර නැත. ඒ වෙනුවට ආණ්ඩුවේ ඇමැත්තෝ විවිධ කතා මාධ්‍ය මගින් රටට කියති. අද ඇත්තේ මාධ්‍ය දේශපාලනයකි. ඇතැම් දේශපාලනඥයන් තම තමන්ගේ ජනමාධ්‍යවේදීන් නඩත්තු කරන බව ද රහසක් නො වේ. දේශපාලනය පමණක් නොව කලාව ද, සාහිත්‍යය ද, ආගම ද, ඉතිහාසය ද, මාධ්‍ය විසින් පාලනය කෙරෙය්. ජාතික ව්‍යාපාරය ද මාධ්‍ය විසින් මෙහෙයවනු ලැබෙයි. දර්ශනය ජනමාධ්‍යවේදීන්ට බොහෝ විට විෂය නොවුණත් එය ද ජනමාධ්‍ය විසින් පාලනය කෙරෙයි.  ඒ අතින් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඉතාමත් පක්‍ෂග්‍රාහී ය. අපක්‍ෂපාති මිනිසුන් සිටිය හැක්කේ සුසාන භූමිවල පමණක් වුවත් ජනමාධ්‍යවේදීන් ජඩමාධ්‍යවේදීන් වීම කණගාටුදායක ය. ඉලෙක්ට්‍රොනික මාධ්‍යවලින් හා බොහෝ මුද්‍රිත මාධ්‍යවලින් පිටමං කෙරුණු අප මේ ලිපිය හා තවත් ලිපියක් නොවන්නට ජීවත් ව සිටින බවවත් ජනතාවගෙන් සුළු පිරිසක් වුවත් නො දනිති. ජනතාවට ඒ දැනගැනීමට අවශ්‍ය ද යන්න ද ප්‍රශ්නයකි. සිංහලයෝ වත්මනෙහි ජීවත් වෙති.

Friday 8 January 2016

අප නැවතත් යටත්විජිතයක් වූ දා

අප නැවතත් යටත්විජිතයක් වූ දා


අප රට නැවතත් යටත්විජිතයක් බවට පත්වූයේ අදින් අවුරුද්දකට පෙර 2015 ජනවාරි 8 වැනි දා ය. එයට සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය අකමැති වුවත් මෛත්‍රිපාල සිරිසේන දෙමළ හා මුස්ලිම් ජනයාගේ අති විශාල බහුතර ඡන්දයකින් ජනාධිපති ලෙස තේරී පත්විය. ඔහු සැබවින් ම ඉන්දියාවේ අපේක්‍ෂකයා විය. ඔහුට එංගලන්තයේත් ඇමරිකාවේත් සහාය ලැබිණි. අද මෙරට පාලනය කෙරෙන්නේ මේ රටවල් තුන මගිනි. ඉන්දියාවට අවශ්‍ය දෙමළ ජාතිවාදය ඔවුන්ට අවශ්‍ය ආකාරයට සිංහල බෞද්ධයනට විරුද්ධව මෙහෙයවීමට ය. ඔවුහු දහතුනට එහා යන සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කරති. දෙමළ ජාතිවාදය දේශපාලනයෙහි දී ආරම්භ කළ එංගලන්තය විසුරණු දෙමළ ජනතාව මගින් විග්නේෂ්වරන් උපයෝගී කරගනිමින් ඊළාම් දේශපාලනයක යෙදෙයි. ඇමරිකාව දෙමළ ජාතිවාදයට ආධාර කරන අතර රට ආර්ථික හා දේශපාලන වශයෙන් මෙහෙයවයි.

Thursday 7 January 2016

අමරතුංග මහතාගේ ගණිතය හා යථාර්ථය (2016 ජනවාරි 06 විදුසර ලිපිය)

අමරතුංග මහතාගේ ගණිතය හා යථාර්ථය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට තමා කලින් කියා ඇති දේ අමතක ය. ඔහු අසංගතව ඇතැම් කරුණු සඳහන් කරයි. ඔහු දැන් කතා කරන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංකල්පයක් වූ ජීවිතයේ ඊනියා අරුත ගැන ය. එය සිංහල බෞද්ධ චින්තනයට පටහැණි ය. කෙසේ වෙතත් ඔහු ප්‍රෝටීන නෑමුම ගැන කතාකිරීමට ජනප්‍රිය ඉංගිරිසි පොතපතින් සිංහලට පරිවර්තනය කර විදුසර පුවත්පතෙහි පළ කරයි. ඔහු එහි දී ගණිතය ගැන ද සඳහන් කරයි. පසුගිය දෙසැම්බර් 30 වැනි දින ලිපියෙන් ඔහු මෙසේ කියයි.

Monday 4 January 2016

ඉන්දියාවට හා එංගලන්තයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය (2016 ජනවාරි 03 ඉරිදා රිවිර ලිපියෙහි මුල් පිටපත)

ඉන්දියාවට හා එංගලන්තයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය

ආණ්ඩුව කලින කියා සිටියේ නව ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම සඳහා සමස්ත පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරන බව ය. ඒ ව්‍යවස්ථා විරෝධී බව අපි පසුගිය 30 වැනි දා රිවිර පත්‍රයෙන් පෙන්වා දුන්නෙමු. ඒ අතර ආණ්ඩුවේ පිරිසක් තම මතය වෙනස්කරගෙන ඇති බව පෙනෙයි. ජනවාරි 9 වැනි දා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට බලාපොරොත්තු වන බව කියන යෝජනාවෙන් කියැවෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විසිඑක්නෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන බව ය. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයකු බව කියන රාජ්‍ය ඇමතිවරයකු ද නොවූ මන්ත්‍රිවරයකු කියන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කරනු විනා නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකරන බව ය. ඒ අතර ඔහු මුළු පාර්ලිමේන්තුව ම කාරක සභාවක් කිරීමක් ගැන ද කතාකරයි. එයට අමතරව ආණ්ඩුව මහජන මතය විමසීම සඳහා යැයි කියමින් තවත් කමිටුවක් ද පත්කර ඇත. මේ දෙක ම ඇස්බැන්දුන් ය. එය කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නො වේ. 75 වැනි වගන්තියේ එලෙස කමිටු පිහිටුවීමක් ගැන සඳහන් නො වේ. ආණ්ඩුව ඊනියා ජනමතය විමසීමට තම හෙංචයියලාගෙන් සමන්විත කමිටුවක් පත්කරන්නේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තියක් යටතේ ද?