Main Logo

Monday 29 February 2016

ප්‍රවාද නැතිව බැටකන සිංහලයෝ (2016 පෙබරවාරි 28 රිවිර ලිපියේ සංස්කරණයකි)

ප්‍රවාද නැතිව බැටකන සිංහලයෝ 

ඊනියා නිජබිම් සංකල්පය ගැන අප සාකච්ඡා කෙළේ අවුරුදු විසිපහකට පමණ පෙර ය. දෙමළ ජනයාගේ ව්‍යාජ ඉතිහාසය, බුදුදහම පාවාදීම, ජාතික කොඩිය, ජාතික ගීය සහ තවත් නොයෙකුත් දේ අපේ සාකච්ඡාවට භාජනය විය. දෙමළ ජාතිවාදය පිළිබඳ අපේ ප්‍රවාදයක් විය. ඒ අනුව එහි ආරම්භය ලන්දේසි කාලය දක්වා දික් විය. 1650න් පසු දුම්කොළ වගාවට ලන්දේසීන් අද දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව නමින් හැඳින්වෙන වෙල්ලාලයන් ගෙන ඒම මෙහි ආරම්භය වෙයි. ලන්දේසිහු ඔවුන් දකුණු අප්‍රිකාවට ද ගෙන ගියහ. ලන්දේසීන්ගෙන් ලංකාවට හා දකුණු අප්‍රිකාවට වෙල්ලාලයන් ද රෝම ලන්දේසි නීතිය ද ලැබිණි. සිංහලයෝ ඒ දෙකෙන් ම පීඩාවට පත්වූහ, පත්වෙති. උගත්තු අපේ ප්‍රවාදය තුට්ටුවකටවත් මායිම් නො කළහ. අද නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව ද සිංහලයන්ට නැවතත් දෙමළ නිජබිම් ගැන කතාකිරීමට සිදු වී ඇත. එපමණක් නොව බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ද ඉන්දිය හින්දු (වෛදික) චින්තනයේ ද ආධිපත්‍යයට අප යට වී ඇත. කොළඹින් නුවරට ගොස් දළදා මාළිගාව ඉදිරිපිට පාර විවෘත කරන ලෙස උද්ඝෝෂණය කරන්නේත්, කිෂානි ජයසිංහගේ ඔපෙරා ගායනය අප මත පටවන්නේත්, භික්‍ෂූන්වහන්සේට අඩත්තේට්ටම් කරන්නේත් මේ ආධිපත්‍යය හේතුකොටගෙන ය. වාසනාවකට සිංහල සංස්කෘතියේ මහා පොදු සාධකයෙන් ඒ සියල්ලට ප්‍රතිරෝධයක් එල්ල කෙරෙයි. එහෙත් ඒ ඒ අවස්ථාව අනුව ඕල්කට් බෞද්ධයෝ ඒවාට විරුද්ධ වෙති. ඕල්කට් බෞද්ධයන් නොවුණ ද ඇතැම්හු තම්බයියා බෞද්ධයෝ වෙති. ඔවුහු බැළලියකට ගැසීමට ගල්කැටයක් ගැනීමට ද විරුද්ධ වෙති. මොවුන් තම්බයියා අනුව ආයුධ අතට ගැනීම ගැන හමුදාවට ද විරුද්ධ වන්නට ඇත.

Saturday 27 February 2016

මෙන්න මෝදි

මෙන්න මෝදි

නවසීලන්්ත අගමැති ජෝන් කී ලංකාවට පැමිණ ආපසු ගියේ ය. ඔහු ලංකාවේ සිටි කාලයේ දී දළදා මාළිගාවට ද ගියේ ය. දැන් දැන් ලංකාවට පැමිණෙන සිංහල බෞද්ධ විරෝධීන් දළදා මාළිගාවට යෑම සිරිතක් කරගෙන ඇත. ජෝන් කී පමණක් නොව මානව අයිතිවාසිකම් කුමරු හුසේන් ද දළදා මාළිගාව නැරඹීමට ගියේ ය. මෙය හුදෙක් සිංහල බෞද්ධ සංස්කෘතිය ඇගයීමක් යැයි අපි නො සිතමු. මොවුන් එසේ යන්නේ එක්කෝ සිංහල බෞද්ධයන් රැවටීමට ය. එසේත් නැත්නම් දළදා මාළිගාව වෙනත් සංස්කෘතියකට ගැනීමට ය. අපි විමසිල්ලෙන් සිටිමු. 

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා (ප්‍ර ථම මුද්‍රණයේ පෙරවදන)

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා


ප්‍රථම මුද්‍රණයේ පෙරවදන


දෙමළ ජාතිවාදය ඇතිවූයේ 1956 න් පසු ව ය යන්න අද සමාජයේ තහවුරු කර ඇති මතයකි. එය අද දැනුමක් බවට පත් වී ඇත. දැනුම බලය වේ ය යන්න බේකන් ගේ කාලයේ සිට ම සවිඥානික ව බටහිර බලපවත්නා මතයකි. එය ද දැනුමකි. දහසය වැනි සියවසේ සිට ලෝකය යටත් කර ගැනීමේ දී බටහිරට මේ දැනුම ද බලයක් විය. 

Friday 26 February 2016

බහුවචනයෙන් ඒකවචනයට (2016 පෙබරවාරි 24 විදුසර ලිපිය)

බහුවචනයෙන් ඒකවචනයට

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා එක් පැත්තකින් තමා කලින් කියා ඇති කරුණු නිසා අමාරුවේ වැටී ඇත. අනෙක් පැත්තෙන් විසංවාද නොමැතිව, නිරවුල් ව කල්පනා කිරීමට නොහැකිව පරස්පර කතා කීමට ඒ මහතාට සිදු වී ඇත. අපි සුපුරුදු පරිදි ඒ මහතා ලියූ ලිපියක කොටසක් පසුව විචාරයට ලක්කරමු. එහෙත් පළමුව මෙරට උගතුන්ගේ බුද්ධිමය දරිද්‍රතාව පිළිබඳ කෙටියෙන් වුවත් සඳහන් කළ යුතු ය.

Thursday 25 February 2016

ප‍්‍රභාකරන් ඔහු ගේ සීයලා,බාප්පලා හා මස්සිනාලා (දෙවැනි මුද්‍රණයේ පෙරවදන)

ප‍්‍රභාකරන් ඔහු ගේ සීයලා,බාප්පලා හා මස්සිනාලා



දෙවන මුද්‍රණයේ පෙරවදන




ඉතා කොටි කාලයක් තුළ මෙම කෘතියෙහි දෙවන මුද්‍රණයක් නිකුත් කිරීමට සිදුවීමෙන් ම ජනතාවට ප‍්‍රභාකරන්, ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා ගැන දැන ගැනීමට ඇති අවශ්‍යතාව පැහැදිලි වෙයි. වර්තමානයෙහි ඇත්තේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් යැයි කියමින් විසඳුම් ඉදිරිපත් කිරීමට කැසකවන්නෝ හා ඔවුන් ගේ දේශීය හා විදේශීය පුරෝහිතයෝ ජනතාව මුළා කිරීමට උත්සාහ දරති. එම උත්සාහය රටේත් ජාතීයේත් නාමයෙන් පරාජය කළ යුතු ය.

Wednesday 24 February 2016

කතානායකගේ හිසරදය

කතානායකගේ හිසරදය

විපක්‍ෂ මන්ත්‍රීවරුන් වර්ගකිරීම කතානායකට හිසරදයක් වී ඇති බව පෙනෙයි. එයට හේතුව ඔහු මැතිවරණ කොමසාරිස්ගේ කාර්යය අතට ගැනීම ය. අපි මෙය කතානායකගේ පාපය යන ලිපිය යටතේ ද සාකච්ඡා කෙළෙමු. මෙහි දී කෙරෙන්නේ එය තවදුරටත් වර්ධනය කිරීමකි. ස්ථාවර නියෝහ අංක 23 (2) යටතේ ඇතැම් අවස්ථාවක පිළිගත් පක්‍ෂයක නායකයකුට පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න ඇසිය හැකි ය. කතානායකවරයා ලංකාවේ නීතිය අනුව පිළිගත් පක්‍ෂ යනු මොනවාදැයි නොදන්නා බව පැහැදිලි ය.

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා (තුන්වැනි මුද්‍රණයේ පෙරවදන)

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා

තුන්වැනි මුද්‍රණයේ පෙරවදන
  

ප්‍රභාකරන් ඔහු ගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා කෘතියෙහි තුන්වන මුද්‍රණයත් නිකුත් කෙරෙන්නේ ආණ්ඩුව කොටි සංවිධානය පරාජය කළ යුතු බවට තීරණයක් ගෙන ඇති අවස්ථාවක ය. දේශපේ‍්‍රමි භික්ෂූ පෙරමුණ, චින්තන පර්ෂදය වැනි සංවිධාන මේ බව පවසන්නේ දැනට වසර දහයකටත් අධික කාලයක සිට ය. ඒ සඳහා රටේ ,යුද්ධ තත්ත්වයක්, ප‍්‍රකාශ කරන ලෙස ඒ සංවිධාන එකල සිට ම ඉල්ලා ඇත. එදා ,යුද්ධය, ගැන ලියූ ලිපිවලට, කතුවැකිවලට විරුද්ධ වූ ඇතැම් පුවත්පත් හිමියන් ද, ,යුද්ධය, ධනපති යුද්ධයක් යැයි හඳුන්වමින් එයට විරුද්ධව පෝස්ටර ගැසූ අය ද අද අවස්ථාවාදී ව හෝ යුද්ධයට පක්ෂ වීම දෛවයේ සරදමකි.

Monday 22 February 2016

ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා (හතරවැනි මුද්‍රණයේ පෙරවදන)


ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා 


හතරවැනි මුද්‍රණයේ පෙරවදන


මේ ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි 2013 ජූලි මස පළ වූ හතරවැනි මුද්‍රණයට ලියූ පෙරවදන ය. එය තරමක් දීර්ඝ නමුත් ඉවසිල්ලෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි. අපට කිරීමට බැරි වූ දේ මෙහි සඳහන් වෙයි. 

රාජ්‍ය භාෂාව, ජාතික කොඩිය, ජාතික ගීය, දෙමළ ජනයාගේ ඉතිහාසය ආදිය පිළිබඳ ප්‍රවාද, පොතෙහි පළමු දෙවැනි හා තුන්වැනි මුද්‍රණවල පෙරවදන්වල ද පොතෙහි අන්තර්ගතයේ ද ඇත. ඒ කියවීමට අවශ්‍ය නම් පහත සඳහන් සබැඳියෙන් ඒ සියල්ල බාගැනීමට හැකි ය. 

http://www.kalaya.org/nds_books.html

නලින් ද සිල්වා

Sunday 21 February 2016

සිංහල සංස්කෘතිය හා යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය (2016 පෙබරවාරි 21 රිවිර ලිපිය)

සිංහල සංස්කෘතිය හා යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය

සිංහල සංස්කෘතිය යනු කුමක් ද? මා ලියන්නේ හා කියන්නේ ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු තැන දිනාගැනීම සඳහා ය. එහෙත් අභාග්‍යයකට මා සිංහල සංස්කෘතිය විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබ ඇත. ඒ ප්‍රවාද ගෙතීම සම්බන්ධයෙනි. මා සංස්කෘතිය ගැන කතාකරන විට ව්‍යාජ ධාර්මිකයන් අසන්නේ මා එකී සංස්කෘතියෙහි අයිතිකරු ද කියා ය. ඔවුන් එසේ අසන්නේ, ඒ මා එසේ නොවන බව, එවැන්නන් එවැනි ප්‍රශ්න අසන බව දන්නා හෙයින් ම, ලිවීමෙන් පසුව ය. අපට නොතේරුනත් අප ජීවත්වන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක ය. ඒ ආධිපත්‍යය අප මත කලාව, විද්‍යාව ආදිය පමණක් නොව ආගම ඔස්සේ පැටවෙයි. නිර්මල සංස්කෘතියක් ලොවේ කොතැනකවත් නැත. සංස්කෘතිය ද වෙනස් වෙයි. ඒ ක්‍රම කිහිපයකින් සිදුවෙයි. සංස්කෘතියක වෙසෙන්නන් තම නිර්මාණ මගින් අලුත් දේ එකතු කර සංස්කෘතිය වෙනස් කරනු දැකිය හැකි ය. ඇතැම් අවස්ථාවල සංස්කෘතියක වෙසෙන්නන් විසින් වෙනත් සංස්කෘතියක ඇති යමක් අවශෝෂණය කෙරෙයි. තවත් අවස්ථාවල වෙනත් සංස්කෘතියක ආධිපත්‍යය යටතේ සංස්කෘතියක් වෙනස් කෙරෙයි. පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය යටතේ සිංහල සංස්කෘතිය වෙනස් කෙරී ඇත. 

Does observation of gravitational waves make Einstein’s space-time a patta aththa? The article that "The Island" did not carry


The following article by Dr. Janaka Wansapura, senior lecturer in Physics at the university of Colombo is a reply to an article by  Mr. Bodhi Dhanapala published in "The Island" . I have been informed that The Island did not carry the reply.-- Nalin de Silva





Does observation of gravitational waves make Einstein’s space-time a patta aththa?


Janaka Wansapura


Gravitational waves were first predicted by Albert Einsteina century ago. A group of physicists (LIGO) based in the USA built a fine instrument to detect them and they recently found what they had believed to exist. A Canadian technical college teacher, Bodhi Dhanapala, enrolling the dead scientist’s involuntary aid, implies (Island 13/2/16) that this discovery falsifies Nalin de Silva’s claim that the theory of gravitation is a blatant lie (patta pal boru). Clearly there is a mismatch in what we and Bodhi Dhanapala understand as patta pal boru.

Friday 19 February 2016

ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග (2016 පෙබරවාරි 17 විදුසර ලිපිය)

ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානීිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය පෙබරවාරි 10 වැනි දා ලිපියෙන් ද තම මතය බටහිරෙන් හෝ නැගෙනහිරෙන් ගත් එකක් නොවන බව කීමට දැඩි උත්සාහයක් ගනියි. ඒ මහතා එහි මෙසේ කියයි. “ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය සමඟ එකඟ වන හෝ නො වන කරුණු විද්යානවේ හෝ දර්ශනයේ ඇත්නම් ඒවා සාකච්ඡා කිරීම අප ගේ අදහස වී ඇත. අප ගේ මතවාදය දීර්ඝ ලෙස පහදා දී ඇත. කෙටියෙන් කියනවා නම් ජීවිතයේ අරුත විශ්වයට සේවයක්‌ කිරීම ය. එම සේවය වනාහි DNA, RNA, ප්රො ටීන නිෂ්පාදනය කිරීම ය. ඒ සඳහා අප ගේ ජීවිතය නිර්මාණය වී ඇත. මේ මතවාදය මා ගේ අදහසක්‌ මිස බටහිරෙන් හෝ නැෙගනහිරෙන් හෝ කොපි කරගත් එකක්‌ නො වේ. එය බුදුදහමට පටහැනි නො වන්නේ ය. බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වී ඇත. ඔවුන් ගේ දර්ශනය වන්නේ විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්ර්යෝජනය පිණිස ය යන්න ය. ලෝකය, ඉර, හඳ, සතා සිව්පාවා ගහ කොළ මවා ඇත්තේ මිනිසාට සේවය කිරීමට ය.

Wednesday 17 February 2016

සිංහල සංස්කෘතියේ් සොප්‍රානෝ තලයේ සංඛට නැති කිෂානිට ඇති වැදගත්කම

සිංහල සංස්කෘතියේ් සොප්‍රානෝ තලයේ සංඛට නැති කිෂානිට ඇති වැදගත්කම

සංඛ අමර්ජිත්ගේ වැඩ තහනම් කිරීමට දෙරණ ආයතනය තීරණය කර ඇත්තේ කිෂානි ජයසිංහගේ දන්නෝ බුදුන් ගීතය ගැයීම ගැන කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙනි. එය බලපෑමක් යටතේ සිදුවිණි ද නැද්ද යන්න ගැන මම නො දනිමි. එහෙත් එය රනිල් වික්‍රමසිංහ බදුල්ලේ දී කරන ලද තවත් විශේෂ ප්‍රකාශයකට පසුව සිදු වී ඇත. දෙරණ මාධ්‍යවේදීන්ගෙන් මා තරමක් දන්නේ චතුර අල්විස් පමණ ය. සංඛ ඇතුලු අනෙක් ඇතැමුන් සමග මා වචන කිහිපයක් හුවමාරු කරගෙන ඇති මුත් දැන ඇඳුනුම් කමක් නැත. මේ වචන හුවමාරු ඇතැම් විට බහින් බස් වීම් බවට ද පත් වී ඇත. දෙරණ ආයතනය මට වඩා වැදගත්කමක් ජාතික ව්‍යාපාරයේ අනෙක් අයට ලබා දෙයි. මා සහ දෙරණ අතර විශේෂ සම්බන්ධයක් නැත. දෙරණ ද මා ප්‍රතික්‍ෂෙප කරයි!

Monday 15 February 2016

සිංහල බෞද්ධ චින්තනය හා ජාතික ගීය (2016 පෙබරවාරි 14 රිවිර ලිපියෙහි මුල් පිටපත )

සිංහල බෞද්ධ චින්තනය හා ජාතික ගීය

මට පුවත්පත්වලට ලිපි සැපයීම ගැන නැවත සිතීමට සිදු වී ඇත. අවුරුදු තිහක පමණ කාලයක් මා ලියූ ලිපිවලින් ප්‍රතිඵලයක් ලැබී නැති බව පැහැදිලි ය. ඒ ගඟට ඉණි කැපීමක් විය.  මේ ලිපි කියවන්නන් පිරිස ඉතා අල්ප ය. ලිපි නොකියවීමට හේතුව මා කිසිම දෙයක් අළුතෙන් නොකීම යැයි පැවසෙයි. ඔවුන්ට අනුව මා සැමදාමත් කියන්නේ එකම කරුණ ය! ඇතැමුනට අනුව එක්තරා ඉරිදා පුවත්පතක අලෙවිය පහත වැටණේ ප්‍රධාන වශයෙන් ම මගේ ලිපි පළකිරීම නිසා ය. ඉරිදා රිවිර පුවත්පතට එවැනි ඉරණමක් අත් නො වේවා යැයි පතමි. 

Sunday 14 February 2016

රනිල්, කිෂානි, සංඛ හා දන්නෝ බුදුන්ගේ

රනිල්, කිෂානි, සංඛ හා දන්නෝ බුදුන්ගේ

දෙරණ නාලිකාවේ සංඛ අමරජිත් සේවයෙන් අස්කර ඇතැයි කියැවෙයි. කෙසේ වුවත් අඩුම තරමෙන් ඔහුගේ වැඩ තහනම කෙරී ඇත. අද (පෙබරවාරි 14 බටහිර සංස්කෘතියේ ආදරවන්තයන්ගේ දිනයෙහි) දෙරණ අරුණ වැඩ සටහන ඉදිරිපත් කළ යුතුව තිබුණේ ඔහු වුව ද ඒ වෙනත් අයකු විසින් (කාන්තාවක විසින්) කෙරිණි. දෙරණ ආයතනය බටහිර ආදරවන්තයන්ගේ දිනයෙහි සංඛ අස්කර හෝ ඔහුගේ වැඩ තහනම් කර හෝ කාන්තාවකට ඒ තැන ලබාදුන්නේ ඇයි ද යන ප්‍රශ්නය පැන නගී. මා පළමුවෙන් ම කිවයුත්තේ  සංඛ හෝ ඒ කාන්තාව හෝ මගේ මිතුරකු මිතුරියක හෝ විරුද්ධවාදියකු හෝ නොවන බව ය. 

Saturday 13 February 2016

කතානායකගේ පාපය

කතානායකගේ පාපය

කතානායක යනු ඉංගිරිසි ආකෘතියේ පාර්ලිමේන්තුවක වැදගත් ධුරයකි. ඒ තනතුර දරන්නාගේ මූලික වගකීම පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ ගෞරවය රැකීම ය. එහෙත් කරු ජයසූරිය කතාකරන්නේ ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ කිරීම ගැන ය. ඔහුට අනුව ශ්‍රී ල නි ප දෙකඩ කිරීමට හවුල්වීම පාපකර්මයකි. ඔහු එයින් කියන්නේ ඔහු ශ්‍රි ල නි පක්‍ෂය රැකීමට ක්‍රියාකරන බව ය. කතානායක පාප කර්මය ගැන කියන කතාවට දීකිිරට බළල්ලුත් සාක්කි කීවාක් මෙන් නියෝජ්‍ය ඇමති මුස්තාෆා ද සාක්‍ෂි ය. පොඩි අඩුපාඩුවකට තිබුණේ මුස්තාෆාගේ පාප අර්ථදැක්වීම් ඉස්ලාම් ආගමට එකඟවීමත් කරු ජයසූරියගේ පාපකර්ම බෞද්ධ සංස්කෘතියෙන් නිර්ණය වීමත් ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ශ්‍රී ල නි ප කැඩීම පාපකර්මයක් ලෙස ලියැවුණේ කවදා දැයි නො දනිමි. ඇතැම් විට අර ථෙරවාදී කතිකාවක් පනත් කෙටුම්පතෙහි එසේ තිබෙනවා විය හැකි ය.  මේ අතර මෛත්‍රිපාල සිරිසේන ශී්‍ර ල නි ප ගැන මෛත්‍රියෙන් කියන්නේ තමා ශ්‍රී ල නි ප නොකඩන බව ය. එහෙත් මේ දෙදෙනාම අමතක කරන කරුණක් නම් එදා ආප්ප රාත්‍රියෙහි දී ආප්ප කුමරු ශ්‍රී ල නි පක්‍ෂය මරාදැමූ බව ය. ඒ අර හුසේන් කුමරු ලංකාවට පැමිණ ආණ්ඩුවට ජෙනීවා යෝජනාව ගැන මතක්කිරීමට කලකට පෙර ය. හුසේන් කුමරු ආප්ප කෑ බවක් පුවත්පතක සඳහන් නො විණි. ආප්ප කුමරුට වඩා හුසේන් කුමරු බටහිර රාජ්‍යතාන්ත්‍රික ක්‍රමෝපායන් දනියි. අගමැති ද දනියි. අධිකරණයෙහි විදේශීය සහභාගීත්වය යන්න නිර්වචන කෙරෙනුයේ හුසේන් කුමරු හා අගමැති විසිනි.

Friday 12 February 2016

ඊතලයෙන් බුදුදහම විකෘත කිරීම (2016 පෙබරවාරි 10 විදුසර ලිපිය)

ඊතලයෙන් බුදුදහම විකෘත කිරීම

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය පෙබරවාරි 03 වැනි දා ලිපියෙන් ද දැනුම සංස්කෘතියට සාපේක්‍ෂය යන අදහස ඉදිරිපත් කර ඇත. කවදත් කොතැනත් ඇත්තේ එකම විද්‍යාව යැයි කී අමරතුංග මහතා දැන් අඩුම තරමෙන් 2016 දී විද්‍යා දෙකක් ඇති බව පිළිගනියි. ඒ මහතාගේ පෙබරවාරි 03 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. දීර්ඝ උපුටාදැක්වීම්වලින් තොරව අමරතුංග මහතා කියන දෙය පාඨකයාට ඒත්තු නො යයි. “ ජීවිතයේ අරුත පිළිබඳව අප මතවාදයක්‌ ඉදිරිපත් කොට ඇත. එය බුදු දහමට පටහැනි නො වන, බටහිර දර්ශනයට සම්පූර්ණයෙන් විරුද්ධ, මා ඉදිරිපත් කළ මතවාදයකි. බටහිර දර්ශනය පදනම් වී ඇත්තේ යුදෙව් ක්රිපස්‌තියානි දර්ශනය මත ය. එම දර්ශනයට අනුව විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්රරයෝජනය පිණිස ය. මා ගේ මතවාදයට අනුව මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවය කිරීම සඳහා ය. මේ දෙක අතර ඇති පරස්‌පර විරුද්ධත්වය මනාව පැහැදිලි ය.”

Thursday 11 February 2016

සිංහල බෞද්ධ සංස්කෘතිය සුරකිමු. මහින්ද අගමැති කරමු. සම්මන්ත්‍රණය

මෙහි මුල එතරම් පැහැදිලි නැත. ඒ ගැන සමාව භජනය කර එයට සවන් දෙන මෙන් ඉල්ලමි. දෙරණ හැරෙන්නට වෙනත් කිසිම ජනමාධ්‍යයක එයට ප්‍රචාරයක් ලබා නො දිණි. මහින්ද අගමැති කරන්නේ කෙසේ ද යන්නත් ජාතික ගීය දෙමළෙන් කීම ගැනත් මෙහි විස්තර අඩංගු වෙයි






නලින් ද සිල්වා
පළමු ‍‍‍‍‍ක‍ොටස

දෙවන කොටස
0.42 GB (2%) of 15 GB used

Sunday 7 February 2016

පක්‍ෂය ගොඩගැනීම හා ජාතිය ගොඩනැගීම (2016 පෙබරවාරි 07 රිවිර ලිපියේ මුල් පිටපත)

පක්‍ෂය ගොඩගැනීම හා ජාතිය ගොඩනැගීම

අද ගොඩනැගීමක් හා ගොඩගැනීමක්් ගැන දේශපාලනයෙහි කතාවෙයි. එකක් ශ්‍රී ල නි පක්‍ෂය ගොඩගැනීම ය. අනෙක ඊනියා ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම ය. ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ වීමක් නිසා දුර්වල වන බව  ශ්‍රී ල නි පක්‍ෂයෙහි සිට මෛත්‍රිපාල සිරිසේන සමග ගොස් ආණ්ඩුවේ ඇමතිකම් ලබාගත්තෝ කියති. ඔවුන්ට අනුව මහින්ද රාජපක්‍ෂට හිතවත් අය ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමට සැරසෙති. ඔවුන් පිටුපස වෙනත් දේශපාලන පක්‍ෂවල නායකයන් ඇති බව ද කියැවෙයි.  ශී්‍ර ල නි පක්‍ෂයේ කැඩීමට දෙයක් ඉතිරි වී නැත. ඒ මරා දමනු ලැබ ඇත. පක්‍ෂය මරාදමනු ලැබුයේ මෛත්‍රිපාල සිරිසේන විසිනි. ඔහු පක්‍ෂය මරා දැම්මේ පක්‍ෂ නායකයාට එරෙහිව ජනාධිපතිවරණයට තරග කිරීමට නිල වශයෙන් ඉදිරිපත් වූ දිනයෙහි ය.

Friday 5 February 2016

අමරතුංග මහතාගේ විශ්වය (2016 පෙබරවාරි 03 විදුසර ලිපිය)

අමරතුංග මහතාගේ විශ්වය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා දැනුම සංස්කෘතියට සාපේක්‍ෂ බව පිළිගනියි. ඒ මහතා පසුගිය ජනවාරි 20 වැනි දා විදුසර පුවත්පතෙහි පළකළ  ලිපියෙන් ඒ බව සඳහන් කර ඇත. එහෙත් තමා එසේ කළ බව අමරතුංග මහතා නොදන්නේ යැයි සිතමි. 

Thursday 4 February 2016

සිංහල බෞද්ධ සංස්කෘතිය සුරකිමු! මහින්ද අගමැති කරමු! සම්මන්ත්‍රණය

Add caption

උදුරාගත් නිදහස නැවත දිනාගනිමු


උදුරාගත් නිදහස නැවත දිනාගනිමු

අපට 1948 පෙබරවාරි 4 වැනි දා ලැබුණු නාමික නිදහස අර්ථවත් වූයේ 1972 මැයි 22 වැනි දා ජනරජයක් වීමෙන් පසුව ය. 2009 මැයි 18 වැනි දා අපි දෙමළ ත්‍රස්තවාදය පැරදවීමු. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ඒ පිළිබඳ ව, එකම හේතුව නිසා නොවූව ද, විරුද්ධ වූහ. ඔවුන්ට සැමදාමත් අවශ්‍ය වූයේ සිංහල බෞද්ධ සංස්කෘතිය දියකර සිංහලත්වය නැති කිරීම ය. එංගලන්තය ප්‍රමුඛ බටහිරයෝ සිංහලත්වය නැතිකිරීම සඳහා දිගින් දිගට ම දෙමළ ජාතිවාදය යොදාගත්හ. ඉන්දියාව 2005 පමණ සිට ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කර අවුල් ආණ්ඩුවක් පිහිටුවා තමන්ට අවශ්‍ය ආකාරයට මෙරට දෙමළ ජාතිවාදය හසුරවමින් සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කිරීමට වැඩි වැඩියෙන් කටයුතු කෙළේ ය. 2014 සැප්තැම්බරයේ ඔවුන්ගේ වැඩ පිළිවෙළ සාර්ථක වූයේ ඉතා පෞද්ගලික හේතු මත ශ්‍රී ල නි පක්‍ෂය ද රට ද පාවාදීමට මෛත්‍රිපාල සිරිසේන කෙනකු සූදානම් වූ බැවිනි.