Main Logo

Thursday 31 March 2016

මිනිසුන්ගේ සමානකම ඇත්තේ කොහේ ද?

මිනිසුන්ගේ සමානකම ඇත්තේ කොහේ ද?

මිනිස්කම යන්න අගය කළ යුත්තකි. ඒ පිළිබඳ වාදයක් තිබිය නො හැකි ය. නීතිය ඉදිරියේ මිනිසුන් සමාන වේ යැයි කියැවෙයි. එය ද වටිනා අදහසකි. එහෙත් අවාසනාවකට මිනිස්සු සමාන නො වෙති. එක් එක් අයගේ දක්‍ෂතා විවිධ ය. ඇතැමුනට දක්‍ෂතා ඇති බවක්වත් අපි නො දනිමු. ඒ එවැනි දක්‍ෂතා සමාජය විසින් පිළිගෙන නොතිබීම නිසා ය. සමාජය විසින් පිළිගැනෙන්නේ සමාජයට අවශ්‍ය දක්‍ෂතා පමණකි. ඒ දක්‍ෂතා තීරණය කෙරෙන්නේ කවුරුන් විසින් ද? අපට ලංකාවට වුවමනා අන්දමට දක්‍ෂතා තීරණය කිරීමට හැකි ද? ලංකාවට වුවමනා යන්නෙහි ම තේරුම කුමක් ද? එමෙන් ම වටිනා අදහසක් යන්නෙහි වටිනාකම යනු කුමක් ද?

Wednesday 30 March 2016

ප්රභාකරන්ගේ බාප්පලා 4


ප්රභාකරන්ගේ බාප්පලා 4

මෙය 1995 දී පළ වූ ප්රයභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්ර හණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්රි,යා නොකෙරුණේ ප්රාභාකරන් ත්රනස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්රාභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්රීහණයෙන් පසුව නැවතත් ප්රකභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්රනශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්රවාද නැති වීම එහි දී බලපාන ප්ර්ධාන කරුණකි.

Tuesday 29 March 2016

අද කළ යුත්ත

අද කළ යුත්ත

අප රටේ දෙමළ දේශපාලන බලය දෙමළ ජනතාවගේ ප්‍රතිශතයට හෝ දෙමළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිශතයට හෝ වඩා බෙහෙවින් වැඩි බව දැනගැනීමට දේශපාලනඥයකු වීමට අවශ්‍ය නො වේ. අෂ්රොෆ්ගෙන් පසුව මුස්ලිම් දේශපාලන බලය ද වර්ධනය වෙමින් පවතියි. පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මුස්ලිම් ජනයා ද මුළුමනින් ම මෙන් මුස්ලිම් පක්‍ෂවලට ඡන්දය දුන්හ. දෙමළ හා මුස්ලිම් ජනයා සුළු ප්‍රමාණයක් එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දුන් නමුත් සංධානයට ඡන්දය දුන් ප්‍රමාණය නොසළකා හැරිය යුතු ගණයේ එකක් විය. දෙමළ හා මුස්ලිම් දේශපාලනය ගැන සාකච්ඡා කිරීම අපි පසුවට කල් තබමු. මෙහි දී අපේ අවධානය යොමු වන්නේ සිංහල දේශපාලනයට ය. 

Monday 28 March 2016

ජාතික ගීය ගැන තවදුරටත් 2

ජාතික ගීය ගැන තවදුරටත් 2

කාලෝ ෆොන්සේකා වැනි සිංහල බෞද්ධ විරෝධී උගතුනට ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම ඒ දෙමළ ජනයාගේ උගුරෙන් පහළට තල්ලු කිරීමකි. කාලෝ සිංහල බුද්ධාගමට විරුද්ධ වෙයි. ඔහු ඊනියා විද්‍යාත්මක බුද්ධාගමක් ගැන කතාකරයි. ඔහු තමා අනුගමනය කරන්නේ යැයි කියන ඊනියා විද්‍යාත්මක විධික්‍රමයට ද පටහැණීව ගොස් ගිනිපෑගීම ගැන පර්යේෂණ කර තමාට අවශ්‍ය නිගමනවලට එළඹිණි. ඔහු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇතැයි කියන මිථ්‍යා මතවලට එරෙහිව කරන ලද ඊනියා විද්‍යාත්මක පර්යේෂණයක් ගැන අප අසා නැත. කෙසේ වෙතත් ඔහු ජාතිය යනු කුමක් දැයි නො දනියි. ඔහු කලකට පෙර  ජාතිය යන්න ලේ මගින් නිර්ණය වන්නේ දැයි ඊනියා විද්‍යාත්මක ප්‍රශ්නයක් නැගී ය. ජාතිය යන්න ජීව විද්‍යාවට අනුව හඳුනාගැනීමට නොහැකි බව මෙරට ඇතැම් පඬියෝ නො දනිති. ජාතිය ගැන ද පසුව විස්තර කරන බව කලින් පවසා ඇත. බටහිර කිසිම විද්‍යාවක ජාතිය යන්න අර්ථ නො දැක්වෙයි. ඔවුන්ගේ දේශපාලන විද්‍යාවේ ඇත්තේ ජාතික රාජ්‍යය යන බංකොළොත් සංකල්පය පමණකි. ව්‍යාජ මානවහිතවාදීන්වූ මෙරට වඳ වී යන මාක්ස්වාදීනට ජාතිය යන්න සිංහල ජාතිවාදයකට එරෙහිව යොදා ගැනෙන අර්ථ නොදක්වන ලද සංකල්පයක් පමණකි. සිංහල බෞද්ධයනට මිනිස්කම ද ඉක්මවූ සත්ත්වයා යන සංකල්පය ඇත. එහෙත් ඔවුහු මිනිස්කමවත්, සිංහලකමවත් අමතක නො කරති. ඒ සියල්ල මිනිසුන්ගේ නිර්මාණ බවත් ඔවුන් නොදන්නවා නො වේ.

Sunday 27 March 2016

ජනතාව, නායකත්වය හා සිංහල සංස්කෘතිය (2016 මාර්තු 27 ඉරිදා රිවිර ලිපිය)

ජනතාව, නායකත්වය හා සිංහල සංස්කෘතිය


පසුගිය දහහත්වැනිදා කොළඹ පිලිප් ගුණවර්ධන පිටියට එක්වූ ජනතාවගෙන් සිංහල සංස්කෘතියේ එක් ලක්‍ෂණයක්  විදහා දැක්වෙයි. එහෙත් ඒ ගැන කතාකිරීමට පෙර සිංහල උගතුන්ගේ සංස්කෘතියේ ලක්‍ෂණයක් ගැන යමක් කිව යුතු ය. මේ පිටිය හයිඩ් පිටිය ලෙස නම්කරනු ලැබුයේ සුද්දන් විසිනි. ඒ ලන්ඩන් නුවර ඇති හයිඩ් පිටිය අනුගමනය කරමිනි. එහෙත් පසුව මෙරට කම්කරුවන් නමින් ඇතිකළ පක්‍ෂ (කම්කරු පංතිය නො වේ. එවැනි පංතියක් ලෝකයේ කිසිම තැනක කිසිදා තිබී නැත) විසින් තම රැස්වීම් සඳහා මේ පිටිය යොදා ගැණිනි. ලංකා සමසමාජ පක්‍ෂයේ කථිකයෝ එකල මේ පිටිය දෙවනත් කළහ. පක්‍ෂයේ නායකයා වූ ද න්‍යායාචාර්යවරයා වූ ද පිලිප් ගුණවර්ධන මහතාට පිටිය තවත් පක්‍ෂ මධ්‍යස්ථානයක් විය. පිලිප් ගුණවර්ධන මහතා පක්‍ෂයේ න්‍යායාචාර්යවරයා ද වූ බව මා දැනගත්තේ ඩොරික් සූසා මහතාගේ ලිපියක් කියවීමෙනි. පිලිප් න්‍යායාත්මක කරුණක් ප්‍රකාශ කළ විට එයට ඇන් ඇම්, කොල්වින්, ලෙස්ලි ආදීන් සාවධානව ඇහුම්කන් දුන් බව ද ඒ ලිපියෙහි සඳහන් විය.

ප්‍රභාකරන්ගේ බාප්පලා 3

ප්‍රභාකරන්ගේ බාප්පලා 3

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x              මහනුවර රජවරුන් වඩුග වීමෙන් පෙන්නුම් කරන්නේ ඒ රාජ්‍යය දෙමළ බව නොවේ ද?

Thursday 24 March 2016

ජාතික ගීය ගැන තවදුරටත් 1

ජාතික ගීය ගැන තවදුරටත් 1

ජාතික ගීය දෙමළෙන් ගැයීමට කිසිම ඓතිහාසික, සංස්කෘතික හෝ දේශපාලන හෝ හේතුවක් නැති බව අපි පසුගිය ලිපියෙන් පෙන්වා දුන්නෙමු. මෙරට ස්වාධීන දෙමළ රාජ්‍යයක් කිසිදා කිසිතැනක තිබී නැත. එපමණක් නොව ක්‍රිස්තුවර්ෂයෙන් දොළොස්වැනි සියවසට පෙර මෙරට දෙමළ රාජ්‍යයක් නොව ස්ථිර දෙමළ වාසස්ථාන පවා නොතිබූ බව යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රථම ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත්කළ තම ආචාර්ය උපාධි නිබන්ධනයෙන් පෙන්වා දී ඇත (මේ නිබන්ධයේ පිටපතක් මා සතුව ඇත). පෘතුගීසීන් පැමිණීමට පෙර අවුරුදු දෙසියයක් පමණ යාපනයේ පැවතියේ සිංහල රජු යටතේ තම ආධිපත්‍යය පවත්වාගෙන ගිය ආර්ය චක්‍රවර්ති නමින් හැඳින්වෙන මුහුදු කොල්ලකරුවන් පිරිසකගේ පාලනයකි (ඉංගිරිසින්ගේ වීරයකු වන ෆ්රැන්සිස් ඩ්‍රේක් ද මුහුදු කොල්කරුවෙක් විය). එකල එහි වැසි ජනයා සිංහල වූහ. යාපනයේ පාලකයා ගම්පොළ හෝ වෙනත් තැනක හෝ  වාසය කළ සිංහල රජුගෙන් තමන්ට රජ යන නාමය ව්‍යවහාර කිරීම සඳහා තෑගි බෝග ගෙන රජු හමුවට ගොස් අවසර ගත්තේ ය. වරක් එලෙස අවසර ගැනීමට ගොස් සිටි ආර්ය චක්‍රවර්ති පාලකයා බලයෙන් පහකර බලය පැහැර ගැනීමට සංකිලි නමැත්තා සමත් විය. සංකිලිට පෘතුගීසීන් සමග යුද්ධ කිරීමට සිංහල රජු ආධාර ලබා දුන්නේ ය. යුද්ධයෙන් පසු පෘතුගීසීන් හා සංකිලි අතර ගිවිසුම කෙටු්පත් කෙරී ඇත්තේ දෙමළෙන් නොව සිංහලෙන් හා පෘතුගීසි භාෂාවෙන් බව ගාමිණී ඊරියගොල්ල මහතා පෙන්වා දී ඇත.

Wednesday 23 March 2016

ජාතික ගීයේ පදනම

ජාතික ගීයේ පදනම

ජාතික ගීය ගැන මෙරට අනුකාරක උගතුන් බොහෝ දේ කියා ඇත. සිංහල බුද්ධාගමට විරුද්ධව ගිනි පෑගු කාලෝ ෆොන්සේකාට අනුව ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම ඒ දෙමළ ජනයාගේ උගුරෙන් පහළට තල්ලු කිරීමකි. (මේ ලිපිය කාලෝ ෆොන්සේකාට ද යැවෙයි) . ඊනියා විද්‍යාත්මක  යථාර්ථවාදී බුද්ධිමතකු ලෙස රටේ පිළිගැනීමක් ඇතත් කාලෝට අනෙක් බොහෝ දේ ගැන මෙන් ම ජාතික ගීය ගැන ද විචාර්ත්මක ව සිතිය නො හැකි ය.

අපි අලුතෙන් හිතමු

අපි අලුතෙන් හිතමු

අප නොදැනුවත් ව නමුත් හිතන්නේ සුද්දන්ට (බටහිරයන්ට) වුවමනා අන්දමට ය. අපේ පාසල්, විශ්වවිද්‍යාල හා වෙනත් එවැනි ආයතනවලින් අප පුරුදු කෙරෙන්නේ සුද්දන් අනුව සිතීමට ය. අද පිරිවෙණෙන් හා දහම් පාසලෙන් ද කෙරෙන්නේ ඒ කාර්යය ම ය.අප බොහෝ දෙනාට ඒ බව නොවැටහෙයි. ඒ අපට ලබාදෙන දැනුම සුද්දන්ගේ දැනුම නිසා ය. 

Monday 21 March 2016

ප්‍රභාකරන්ගේ බාප්පලා 2

ප්‍රභාකරන්ගේ බාප්පලා 2

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x 1949 න් පසු ප‍්‍රශ්නය තවත් උග‍්‍ර වූවා නොවේ ද ? දෙමළ ජනයාට ඉන් පසු නොයෙකුත් අසාධාරණකම් සිදු වූවා නොවේ ද ? ජාතික කොඩිය, රාජ්‍ය භාෂාව, ජනපදකරණය, ප‍්‍රමිතිකරණය ආදිය හරහා දෙමළ ජනයා දෙවැනි පන්තියේ පුරවැසියන් බවට පත් වූයේ නැද්ද ?

Facebook

Facebook

Nalin de Silva has opened a facebook account. Please log into 

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

Kalaya

Sunday 20 March 2016

මොකක් ද මේ සිංහල ජාතිවාදය (2016 මාර්තු 20 රිවිර ලිපිය)

මොකක් ද මේ සිංහල ජාතිවාදය

දෙමළ ජාතිවාදීන්ගේ පමණක් නොව ඊනියා රාජ්‍ය නොවන පඬියන්ගේත්, සිවිල් සාමාජිකයන්ගේත්, විශ්වවිද්‍යාලවල හා වෙනත් ඊනියා පර්යේෂණ ආයතනවල සේවක බැළයන්ගේත් පමණක් නොව ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියාගන්නා ඇතැම් ඇමතිවරුන්ගේත් ශ්‍රී මුඛවලින් නිතර පිටවන වචන වී ඇත්තේ සිංහල ජාතිවාදය ය. මහින්ද කණ්ඩායම නමින් හැඳින්වෙන කණ්ඩායමේ ද ඇතැමුනට අනුව සිංහල ජාතීවාදයක් ඇත. ඒකාබද්ධ විපක්‍ෂයේ මාක්ස්වාදීන් යැයි කියාගන්නන් ඉප දී ඇත්තේ ම සිංහල ජාතිවාදය කියමින් හඬමින් ය. ඔවුහු සියල්ලෝම එංගලන්තය හා ඉන්දියාව අනුව යමින් සිංහල ජාතිවාදයට විරුද්ධ වෙති.

Saturday 19 March 2016

යකුන් කොළඹ ඇවිත්

යකුන් කොළඹ ඇවිත්

පසුගිය 17 වැනි දා කොළඹ පිලිප් ගුණවර්ධන (හයිඩ්) පිටියට පැමිණි පිරිස මහින්ද රාජපක්‍ෂගේ බැතිමතුන් යැයි වමේ යැයි කියන එක් පඬියකු කියා තිබිණි. එහි ඇත්තක් නැතිවා ම නො වේ. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධාන සංරචකය යැයි කිවහැකි යක්‍ෂ සංස්කෘතියෙහි නායකයන් දේවත්වයෙන් පිදීම ද වෙයි. මහසෙන් දෙවියන් නමින් හැඳින්වෙන්නේ එවැනි රජෙකි. එයට බොහෝ කලකට පෙර කතරගම මහාසේන නමින් දෙවියකු වූ නායකයකු ගැන සඳහන් වෙයි.  අද සිංහල බෞද්ධයන් දැනුවත් ව හෝ නොදැනුවත්ව හෝ කතරගම යන්නේ කිරිවෙහෙරට ද ගොස් මේ දෙවියන්ට ද පුද පූජා පැවැත්වීමට ය. දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් කිසිවකු නිවන් දැකීමට බලාපොරොත්තු වන්නේ යැයි පඬියකු හැරෙන්නට වෙනත් අයකු නොකියනු ඇත. ලෞකික ලාභාපේක්‍ෂාවන් සඳහා දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිංහල බුද්ධාගමෙහි අංගයකි. 

Friday 18 March 2016

ප්‍රභාකරන්ගේ බාප්පලා 1

ප්‍රභාකරන්ගේ බාප්පලා 1

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 


x 1931 න් පසු ව දෙමළ ජනයාට විරුද්ධ ව සිංහල බහුතරය විසින් අසාධාරණකම් සිදු කෙළේ ද ?

Thursday 17 March 2016

Order reserved on Fundamental Rights case on Bond issue


Order was reserved in the Fundamental Rights application citing the Right to Information with regard to the COPE report of the previous Parliament, regarding the bond issue of the Central Bank. The Petition filed in August of 2015, states that all citizens including the Petitioner are entitled to every right to all information with regard to the Central Bank bond issue that took place early in 2015, which by some accounts had led to a colossal fraud, amounting to rupees14 billion. The Petition filed by Dr. Nalin de Silva, stated that all information should be available to the citizens of Sri Lanka on this issue, as that was a constitutional position, and stated that there is a newly promulgated Right to Information law, which guarantees citizens' rights on obtaining such information.

Tuesday 15 March 2016

ප්‍රභාකරන්ගේ සීයලා 4

ප්‍රභාකරන්ගේ සීයලා 4


මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි. 

x එක්දහස් නවසිය තිස් ගණන්වල දෙමළ නායකයන්ට බහුතරය සිංහලයන් වූ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවක් ඇති වීම වැළැක්වීමට නොහැකි වීම නිසා ද ඔවුන් පෙඩරල් ඉල්ලීමක් කරා ගියේ ? 

Monday 14 March 2016

කුමට අයවැය හා මුදල් ඇමති (2016 මාර්තු 13 රිවිර ලිපිය)

කුමට අයවැය හා මුදල් ඇමති 

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය කුජ දා තවත් විශේෂ ප්‍රකාශයක් කෙළේ ය. ඔහු යම් දිනෙක සාමාන්‍ය ප්‍රකාශයක් කිරීම විශේෂයක් වනු ඇත. කෙසේ වෙතත් කුජ දා කුජ හෙවත් අඟහරු ග්‍රහයාගේ (පඬියන්ගේ දැනගැනීම සඳහා ග්‍රහ වස්තුවේ නොව) දිනය වෙයි. අඟහරු යුද්ධයට අධිපති ග්‍රහයා වෙයි. රනිල්ලා දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදයට එරෙහිව කළ මෙහෙයුම් (පඬියන්ට අනුව යුද්ධය, එහෙත්– ඒ සිවිල් යුද්ධයක් හෝ රටවල් දෙකක් අතර යුද්ධයක් හෝ නො වී ය) සමච්චලයට ලක් කෙළේ තොප්පිගල කැලෑවක් යැයි කියමිනි. රනිල්ලාට කිසි දිනෙක කුජ ග්‍රහයා ආධාර නොකරනු ඇත. කුජ දා කළ ඊනියා විශේෂ ප්‍රකාශයට අඟහරු ග්‍රහයා තදබල විරුද්ධතාව දක්වන්නේ යැයි සිතිය හැකි ය. මා එය කියන්නේ පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවේ කෙරෙන තර්ක විරෝධී ඊනියා නිගමනයක් ලෙස නො වේ.

Sunday 13 March 2016

ගුරුත්වාකර්ෂණය හා ඊනියා විද්‍යාත්මක ක්‍රමය හා විදුසර කතෘගේ ආධාරයෙන් අමරතුංග පළා යෑම

ගුරුත්වාකර්ෂණය හා ඊනියා විද්‍යාත්මක ක්‍රමය

හා

විදුසර කතෘගේ ආධාරයෙන් අමරතුංග පළා යෑම 

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය මාර්තු 03 වැනි දා ලිපියෙන් කාල නීර්ණය ගැන කතාවකට ද මග පාදා ගෙන ඇත. අප ඒ මහතාගේ සුදුසුකම් සෑම ලිපියක ම මුල සඳහන් කරන්නේ ඒ මහතා ඇගයීම සඳහා ය. ඒ මහතා තම ලිපි අවසානයේ දී තම සුදුසුකම් අපට නිතර නිතර මතක්කර දෙන්නේ ඒ මහතා තම සුදුසුකම් පිළිබඳ ඇගයීමක් කරන බැවින් යැයි සිතමි. අමරතුංග මහතා තමා ගැන ඇගයීමක් කරන්නේ නම් අප ද ඒ මහතාට ඒ ඇගයීම ලබාදීම නුසුදුසු යැයි මම නො සිතමි.

Wednesday 9 March 2016

ප්‍රභාකරන්ගේ සීයලා 3



ප්‍රභාකරන්ගේ සීයලා 3

x ඊළඟ ප‍්‍රතිසංස්කරණ වලින් තත්ත්වය වෙනසක් වුණා ද ?

නැවත ප‍්‍රතිසංස්කරණයක් වූයේ 1924 වසරේ දීයි. එහි දී නිල ලත් මන්ත‍්‍රී සංඛ්‍යාව 12 දක්වා අඩු වුණු අතර නිල නොලත් මන්ත‍්‍රී සංඛ්‍යාව 37 දක්වා වැඩි වුණා. එම 37 දෙනා ගෙන් 34 දෙනකු ම ඡුන්දයෙන් තෝරා පත් කර ගත යුතු ව තිබුණා. ආණ්ඩුකාරයා පත් කළ යුතු ව තිබුණේ 3 දෙනකු පමණයි. එහෙත් ඡුන්දයෙන් තෝරාගැනීමට සිටි 34 දෙනා ගෙන් ඡුන්දයෙන් තෝරා පත් කරගැනුණේ 29 දෙනෙකු පමණයි. ඉතිරි පස් දෙනා ඡුන්දයෙන් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන තාක් ආණ්ඩුකාරයා පත් කළා. ඉන් තුන් දෙනකු මුස්ලිම් ජනයා වෙනුවෙන් හා දෙදෙනකු ඉන්දීය දෙමළ ජනයා වෙනුවෙන් පත් කෙරුණා. මෙවර උඩරට සිංහලයන් වෙනුවෙන් කිසිවකු පත් කෙරුණෙත් නැහැ. ඔවුන් තව දුරටත් මෑතක දී වතුවල වැඩට ගෙනා ඉන්දීය දෙමළ ජනයා සමග සන්සන්දනය කෙරුණේ නැහැ. 

Sunday 6 March 2016

ජ වි පෙ, විශ්වවිද්‍යාල හා නව සංධානය (2016 මාර්තු 06 ඉරිදා රිවිර ලිපිය)

ජ වි පෙ, විශ්වවිද්‍යාල හා නව සංධානය

ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි යැයි කී ලක්‍ෂමන් කිරිඇල්ල ඕනෑම ගොනකුට විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ ඇමතිවරයා විය හැකි යැයි කී බවක් දැනගන්නට නැත. කෙසේ වෙතත් ඔහු නීතිඥයකු බව පැවසෙයි. එබැවින් ඔහු අ පො ස (සාමාන්‍ය පෙළ) පරීක්‍ෂණය සාමාන්‍ය අන්දමටවත් සමත් යැයි අපි විශ්වාස කරමු.  එහෙත් ඔහු විශ්වවිද්‍යාලයක ඉගෙනගත් බවක් දැනගන්නට නැත. විශ්වවිද්‍යාලයක ඉගෙන ගත් පමණින් යමකු බුද්ධිමතකු වන්නේ නො වේ. එබැවින් විශ්වවිද්‍යාලයක ඉගෙනීම ලබා නැත්නම් ඒ කිරිඇල්ලගේ නුසුදුසු කමක්  නො වෙයි. මෙරට අනුකාරක විශ්වවිද්‍යාලයක ඉගෙනීම ලැබීම නම් බොහෝ විට නුසුදුසු කමක් විය හැකි ය. 

Friday 4 March 2016

ප්‍රභාකරන්ගේ සීයලා 2



ප්‍රභාකරන්ගේ සීයලා 2


x දෙමළ නායකයන් සිංහලයන් බහුතරය බව නොපිළිගැනීම පිළිබඳ ව ඇති සාක්ෂි මොනවාද ?

කලින් සඳහන් කළ ආකාරයට දෙමළ නායකයන්ට සිංහලයන් බහුතරය බව නොපිළිගැනීමට ප‍්‍රධාන ම හේතුව වූයේ ඔවුන්ගේ වරප‍්‍රසාද රැුක ගැනීමයි. සිංහලයන් බහුතරය බව පිළිගතහොත් ජන අනුපාතයට වඩා රැුකියා හා වෘත්තීන්හි තමන් යෙදී සිටීම ගැටලූවක් වන බව ඔවුන් දුටුවා. ඒ වගේ ම ඔවුන් ගේ වෙනත් බලතලත් නැති වන බව ඔවුන්ට පෙනී ගියා. 1885 දී එවකට තිබූ ව්‍යවස්ථාදායක සභාවට මුස්ලිම් නියෝජිතයකු පත් කෙරීම පිළිබඳ ප‍්‍රශ්නය පැන නැගුණා. එහි දී පොන්නම්බලම් රාමනාදන් මහතා කියා සිටියේ මුස්ලිම්වරුන් ජන වර්ගයක් ලෙස ගත් කල දෙමළ බවත්, දෙමළ ජනයා නියෝජනය කෙරීම සඳහා තමන් සිටින බවත් එබැවින් මුස්ලිම් නියෝජිතයකු අනවශ්‍ය බවත් ය. ඔහු ගේ තර්කය වූයේ දෙමළ ජනවර්ගය ආගම ලෙස ගත් කල දෙමළ හින්දු, දෙමළ ක‍්‍රිස්තියානි, දෙමළ මුස්ලිම් වශයෙන් බෙදී සිටියත් ඒ සියල්ල ම ජනවාර්ගික ව දෙමළ බවයි. රාජකීය ආසියාතික සංගමයේ සඟරාවකට රාමනාදන් මහතා ලියූ ලිපියකත් ඔහු ඒ තර්කය මතු කළා. එහෙත් එකලත් මුස්ලිම් නායකයන් රාමනාදන් මහතා ගේ ඒ තර්කයට විරුද්ධ වුණා. සිද්ධි ලෙබ්බේ මහතාත් Ethnography of the Muslims of Ceylon මැයෙන් ලිපියක් පළ කළ එම්. අයි. අබ්දුල් අසීස් මහතාත් එහි දී
 විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. ඔවුන් කියා සිටියේ ලංකාවෙ 

මුස්ලිම්වරුන්ට වෙන ම අනන්‍යතාවක් ඇති බවයි. අවුරුදු 100කට පසු 

වත් මේ ප‍්‍රශ්නය පවා හරිහැටි නිරාකරණය වී නැහැ. අද නැගෙනහිර 

පළාතේ මුස්ලිම්වරුන් ගේ ප‍්‍රශ්නය මෙම අනන්‍යතාව පිළිබඳ 

ප‍්‍රශ්නයක්. 

Thursday 3 March 2016

දර්ශනය හා මතවාදය (2016 මාර්තු 02 විදුසර ලිපිය)

දර්ශනය හා මතවාදය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පඹගාලක පැටලී සිටියි. එහෙත් ඒ මහතාට තමා එසේ පැටලී සිටින බවවත් අවබෝධ කරගැනීමේ හැකියාවක් නැත. ගුණදාස අමරසේකර මහතාගේ ඉතා ලිහිල් අදහසක් වූ ජාතික චින්තනය යන්නෙන් ඔබ්බට ගොස් නැති අමරතුංග මහතාට චින්තනය යන සංකල්පය ගැන තබා තෝමස් කූන්ගේ සුසමාදර්ශය (paradigm) ගැනවත් කිසිදු අවබෝධයක් නැත. එවැනි අවබා්ධයක් තිබිණි නම් ඒ මහතා විදුසර සංග්‍රහයෙහි පිටු නාස්ති නොකරනු ඇත.

Tuesday 1 March 2016

ප‍්‍රභාකරන් ගේ සීයලා - 1

ප‍්‍රභාකරන් ගේ සීයලා  - 1

x ඇතැමුන් කියන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල ඇති ප‍්‍රශ්නයට හේතුව දෙමළ ජනයාට සිදු වී තිබෙන අසාධාරණය බවයි. එය සැබෑවක් නොවේද ?

මේ අසාධාරණකම් මොනවා දැ යි ඔබට කිව හැකි ද ?

x සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ප‍්‍රමිතිකරණය, ජනපදකරණය ආදිය.