Main Logo

Saturday 30 April 2016

ශ්‍රී ල නි ප මැරුවේ මෛත්‍රීපාලයි

ශ්‍රී ල නි ප මැරුවේ මෛත්‍රීපාලයි

ශ්‍රී ල නි ප මිය ගියේ කවදා ද? ශ්‍රී ල නි ප මිය ගියේ නම් එය නැවත නැගිටවිය හැකි ද? එය මිය ගොස් නැත්නම් එහි බලය ඇත්තේ කාට ද? එසේත් නැත්නම් ශ්‍රී ල නි ප කිහිප වතාවක් මියගොස් නැගිටි පක්‍ෂයක් ද? මා මේ ප්‍රශ්න නගන්නේ හෙටින් පසු (2016 මැයි 01) මෙරට දේශපාලනය තීරණාත්මක මගකට එළඹෙන බැවිනි. 2016 මැයි දිනය ලංකාවේ පැවැත්වෙන තීරණාත්මක ම මැයි දිනය වනු ඇත. මැයි දිනය ඊනියා කම්කරු පංතියක චිකාගෝ සැමරුමක් නො වේ. ලංකාවේ එය දේශපාලන පක්‍ෂ හා සංවිධාන තම ශක්තිය ප්‍රදර්ශනය කරන සංදර්ශනයකි. 

Friday 29 April 2016

ජනමාධ්‍ය ලේකම්ගේ තර්ජනය

ජනමාධ්‍ය ලේකම්ගේ තර්ජනය

අවුරුදු පනහකට පමණ පෙර එවකට තිබූ පරිපාලන සේවා පරීක්‍ෂණයට පෙනී සිටින ලෙස පියා කළ ඉල්ලීම මා සෙනෙහසින්  ප්‍රතික්‍ෂෙප කෙළේ එයටත් කලකට පෙර (සාමාන්‍ය පෙළ පරී’ක්‍ෂණයට පෙනී සිටීමට ද පෙර) මා බටහිර විද්‍යාඥයකු සහ සරසවි ඇදුරකු වීමට තීරණය කරගෙන සිටි බැවිනි. අවසානයේ දී මට බටහිර විද්‍යාඥයකු වීමට බැරි බව අවබෝධ වූ අතර සරසවියෙන් ද නෙරපා දමනු ලැබුයෙමි. තම ආධිපත්‍යය මිස සාධාරණයක් ගැන නොසිතන අංශ ප්‍රධානීන්, පීඨාධිපතීන්, උපකුලපතීන් සිටින විශ්වවිද්‍යාලවල ද සිතට එකඟ ව කටයුතු කිරීමට නිදහසක් නැත. පරිපාලන සේවයේ එතරම්වත් නිදහසක් නොමැති බව ඉතා පැහැදිලි ය. එහි දේශපාලන ඇඟිලි ගැසීම්, බලපෑම්  අධික ය.  

Thursday 28 April 2016

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 4

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 4

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 


x          අනෙක් දෙමළ පක්ෂ කොටි සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කෙරීමට අකැමැති නම් යුද්ධය පූර්ණ ජයග‍්‍රහණයකින් නිම කෙරීම දක්වා ඔවුන් ආණ්ඩුවට සහාය දේවි ද ?

Wednesday 27 April 2016

සම්බන්ධන්ට වෙඩි නොතැබුයේ ඇයි?

සම්බන්ධන්ට වෙඩි නොතැබුයේ ඇයි?

අප කිසිවකුටවත් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුල් විය හැකි ද? සම්බන්ධන් විරුද්ධ පක්‍ෂ නායකයා බව සැබෑ ය. ඔහු විරුද්ධ පක්‍ෂ නායකයා වූයේ අද ඒකාබද්ධ විපක්‍ෂය එදා මැතිවරණයේ දී පඬියන්ගේ බහට කන් දීම හේතුවෙන් වෙන ම කණ්ඩායමක් ලෙස තරග නොකළ බැවිනි. ඒ කෙසේ වෙතත් විපක්‍ෂය නායකට තබා අගමැතිටවත් හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුල් විය නො හැකි ය. ලංකාවේ දෙමළ ජනයාට ස්වයංනීර්ණය ලැබෙන තුරු යුද්ධය අවසන් නැතැයි කියන එංගලන්තයේ විපක්‍ෂ නායක හා කම්කරු පක්‍ෂයේ නායක කෝබින්ට එංගලන්තයේ හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුල් විය හැකි ද? යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදයේ මෙරට නියෝජිතයා වූ රනිල්ගේ පාලනය යටතේ ඔහුට ලංකාවේ හමුදා කඳවුරකට නම් බලහත්කාරයෙන් ඇතුල් වීමට හැකි වුවහොත් මම පුදුම නො වෙමි. දෙමළ ජාතිවාදීන් උතුරේ හමුදා කඳවුරු ඉදිරියට පැමිණ සරම උස්සා පශ්චාත්භාගය ප්‍රදර්ශනය කරන දිනය වැඩි ඈතක නො වේ.

Tuesday 26 April 2016

ෆෙඩරල් මගඩිය

ෆෙඩරල් මගඩිය

වාර්තා වන අන්දමට උතුරු පළාත් සභාව උතුරු හා නැගෙනහිර පළාත්වලට බලය බෙදීම පිළිබඳ යෝජනාවක් සම්මත කරගෙන ඇත. මේ දෙමළ ජනයාගේ ඉඩම් යැයි කියමින් සම්බන්ධන් හමුදා කඳවුරකට කඩා පැන ඇත. එංගලන්තයේ විරුද්ධ පක්‍ෂයේ නායකයා දෙමළ ජනයාට සාධාරණය ඉටු වී ස්වයං පාලනය ලැබෙන තෙක් යුද්ධය අවසන් නොවන බව ප්‍රකාශ කර ඇත. මෛත්‍රිපාල මේ කිසිවකට ප්‍රතිචාර නො දක්වයි. දැක්වුව ද වැඩක් නැත. ඔහු කියන කිසි දෙයක් කිසිවකු බැරෑරුම් ව නොසිතන බව පැහැදිලි ය. ඔහුට කළ හැක්කේ ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන මැති ඇමතිවරුන්ට එ ජා ප වෙනුවෙන් තර්ජනය කිරීම පමණ ය. එය ද වැඩි කලකට නො වේ.

Monday 25 April 2016

ඕල්කට් බෞද්ධයෝ

ඕල්කට් බෞද්ධයෝ

පාණදුරා වාදයෙන් බෞද්ධයන් ජයගත්තත් සිංහල බෞද්ධ සංස්කෘතිය පරාජය විය. ඒ සමග සිංහල බෞද්ධයෝ ද පරාජය වූහ. එසේ නම් බෞද්ධයන් ජයගත්තේය යන්නෙහි තේරුම කුමක් ද? සිංහල බෞද්ධයන් ඉංගිරිසි (ඇංග්ලිකන්) ක්‍රිස්තියානි  යටත්විජිතවාදයට විරුද්ධ වුව ද ඔවුන්ට ඉන් මිදෙන්නට අවශ්‍ය වුව ද ඔවුන්ට ගිහි නායකයෝ නො සිටියහ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ සිංහල බෞද්ධ සංස්කෘතිය නියෝජනය කළහ. එහෙත් උන්වහන්සේ ගිහි නායකයෙක් නො වූහ. උන්වහන්සේට සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව පාලන ගිහි දේශපාලනය අකැප විය. 1865 දී  බද්දේගම ඇරඹුණු පංච මහා වාද මෙරට යටත්විජිත විරෝධී අරගලයේ කොටසක් විය. කොටහේනේ  දීපදුත්තාරාමයේ පෙරහැරට බාධා කළ විට ගුණානන්ද හිමියෝ පොලුවල දැවටු බෞද්ධ කොඩි ගෙන යන පිරිස් පෙරහැරට ඇතුල් කළහ. ඒ පොලු හුදෙක් කොඩි රඳවා ගැනීමට පමණක් නො වී ය. උන්වහන්සේ ඇතැම් අවස්ථාවක කොළඹට පැමිණ ඇත්තේ රාත්‍රි කාලයේ බයිසිකලයක් පැදගෙන ය. අද ජීවත්වන ඕල්කට් බෞද්ධයන්ට අනුව මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් භික්‍ෂූන් වහන්සේ නමකට ඔබින ලෙස ක්‍රියාකර නැත.  උන්වහන්සේ කිසිම විදේශීය බලවතකුගේ අතකොළුවක් නොවූ බව ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. එහෙත් උන්වහන්සේගේ වාදවලින් අවසානයේ දී ජයගත්තේ ඕල්කට් බෞද්ධයන් ය. ඒ නිසා ම එය ඉතා සීමිත ජයක් විය.

Sunday 24 April 2016

විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 2

විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 2

දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ජනතාව අතරට කාන්දු නොවීමට ඇති තවත් හේතුවක් නම් බටහිර ඉංගිරිසි අධ්‍යාපනයෙන් හා මෙරට ඉතිහාසය පිළිබඳ ආචීර්ණ කල්පිත මතවලින් සකස් වී ඇති සිංහල උගතුන්ගේ මනස ය. ඒ සිංහල උගතුන් දක්නට ඇත්තේ ඊනියා රාජ්‍ය නොවන පුහු උගතුන් අතර පමණක් නො වේ. ජාතික මත දරන්නේ යැයි කියන්නන් අතර ද ඔවුන් දැකිය හැකි ය. ඊනියා රාජ්‍ය නොවන උගතුන් එතරම් ප්‍රශ්නයක් නො වේ. සිකුරාදාට නිකුත්වන සිංහල විරෝධී සතිඅන්ත පුවත්පතකට හා වෙබ් අඩවි කිහිපයකට පමණක් සීමා වී ඇති ඔවුන්ට ජනමතය හැසිරවීමේ කිසිම හැකියාවක් නැත. රාජපක්‍ෂ ආණ්ඩුව (රනිල්ගේ ඊනියා රෙජිමය) බලයෙන් පහකර සිංහල විරෝධී යමපාලන ආණ්ඩුව බලයට පත්කළේ තමන් යැයි ඔවුහු උදම් අනතිි. එහෙත් ඔවුන් කෙළේ බටහිරයන්ගේ ඉත්තන් වී ලිපි කිහියක් ලිවීමත් සම්මන්ත්‍රණ කිහිපයක් පැවැත්වීමත් පමණකි. මේ ආණ්ඩුව මෙසේ ක්‍රියාකරන බව ඔවුන් නොදැන සිටියේ නම් එයින් කියැවෙන්නේ ඔවුන්ට දැක්මක් නොතිබූ බව පමණ ය.  ඔවුහු තමන්ට ද නොතේරෙන සංකල්ප යොදා ගනිමින් එකිනෙකා සමග පඬිකතා කිියති. 

Saturday 23 April 2016

පාණදුරා වාදය

පාණදුරා වාදය

මට දිනය මතක නැත. කුඩා පාසල් සිසුවකු වූ මම එදින පියාත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුත් සමග පාණදුරේ ගාලු පාර අසල මොහොට්ටිවත්තේ ගුණානන්ද ප්‍රතිමාව විවෘත කරනු බැලීමට ගියෙමි. මා ගියා නොව පියා මා කැටුව ගියේ ය. එදින සවස පියාගේ වැඩිමහල් සොහොයුරාගේ නිවසේ දී ඔහුත් පියාත් ඔවුන්ගේ මිතුරන් කිහිප දෙනකුත් සහභාගි වූ සාකච්ඡාවක් විය. මම එයට ද සවන් දුන්නෙමි. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, සුමංගල හිමි, පාණදුරා වාදය වැනි වදන් රැසක් කුඩා මගේ මනසට පිවිසියේ ය. මට ජාතිකත්වයේ අත්පොත් තැබුණේ එදා යැයි සිතමි. පසුව හයවැනි (පනස්හයේ දී) හෝ හත්වැනි (පනස්හතේ දී) හෝ පන්තියේ සිටින විට පාසල් පුස්තකාලයෙන් පංච මහා වාද කියවීමි. ඒ සියල්ල මට තේරුණා නො වේ. එහෙත් මට යමක් වැටහිණි. 

Friday 22 April 2016

පනස්හයට හැටයි - –ඉතිහාසයෙන් බිඳක්

පනස්හයට හැටයි - –ඉතිහාසයෙන් බිඳක්

පනස්හයේ ආණ්ඩුව පිහිටුවා මේ මාසයට අවුරුදු හැටක් පිරෙයි. මේ මාසය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ද ජන්ම ශත සංවත්සර මාසයයි. පනස්හයෙන් බිහි වූ විශිෂ්ටතම අගමැතිනිය බණ්ඩාරනායක මැතිණිය විය. ඇය ලෝකයේ ප්‍රථම අගමැතිනිය විය. පනස්හය නොමැති ව අපට අගමැතිණියක් බිහිකර ගැනීමට ඉඩක් තිබිණි යැයි මම නො සිතමි. පනස්හය යනු කුමක් ද? 

Thursday 21 April 2016

නීතිපති හා පොලිස්පති

නීතිපති හා පොලිස්පති

පොලිස්පති පත්කිරීම පිළිබඳ ව විවිධ පුද්ගලයන් විවිධ මත පළ කර ඇත. එහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වත්මන් සංයුතිය පිළිබඳ ව ඇතැමුන්ගේ අවධානය යොමු වී ඇත. චම්පක රණවක එකී සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා ලෙස අසුන් ගැනීම ඔහු සිල් බිඳ ගත්තේ යැයි කියන සිද්ධියේ පරීක්‍ෂණ කටයුතුවලට සදාචාරාත්මක නොවන ආකාරයකින් බලපාන්නේ ය යන්න එහි දී ඉදිරිපත් වී ඇති මතයකි. එය ගැටළුවක් විය හැකි වුවත් මා මෙහි දී මතුකරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික ප්‍රශ්නයකි.  මම නීතිඥයෙක් නො වෙමි. එහෙත් නීතිය අනුව අප සියළු දෙනා ම නීතිය දැනගෙන සිටි යුතු ය. අධිකරණයට ගොස් තමන් නීතිය දන්නේ නැති බැවින් චෝදනාවකින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය නො හැකි ය. මට තේරෙන නීතිය අනුව පොලිස්පති තේරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතියට අනුව ක්‍රියා කර නැත.

Wednesday 20 April 2016

මහින්දට අන් මගක් නැත

මහින්දට අන් මගක් නැත

කිරුළපන  රැළිය හුදෙක් කම්කරුවන්ගේ මැයි දින රැළියක් නො වේ. මැයි දිනය ඇරඹී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. එය කම්කරුවන්ගේ දිනයක් මිස ඊනියා කම්කරු පංතියේ දිනයක් ලෙස ඇමරිකාවේ ඇරඹීී නැත. මැයි දිනය ඊනියා කම්කරු පංතියක දිනයක් ලෙස සමරනු ලැබුයේ මාක්ස්වාදී පක්‍ෂ විසිනි. බටහිර ඇතැම් රටවල කම්කරුවන් මැයි දින රැළි පවත්වන අතර කම්කරු පංති පක්‍ෂ කුඩා ශාලාවක කම්කරු පංති මැයි දින සමරනු දැකිය හැකි ය. කම්කරුවන් සිටි පමණින් කම්කරු පංතියක් තිබිය නොහැකි බව කාල් මාක්ස් තේරුම් ගත්තේ නම් ඊනියා පංති සටන් නමින් බොහෝ දෙනා නොමියනු ඇත. ලංකාවේ ද 1971 හා 1989 –- 1992 අතර ජීවිත ගණනාවක් විනාශ නොවීමට තිබිණි. 

Tuesday 19 April 2016

කුමට මේ ජනාධිපතිකම

කුමට මේ ජනාධිපතිකම 

සාමාන්‍ය ක්‍රමය යටතේ නම් පොළොන්නරුවෙන් බිහි ව පරාක්‍රම සමුද්‍රය දෙසින් එන සුළඟේ පහස  විඳිමින් ගල් විහාරය දැක ගනිමින් පාසල් ගිය අයකු මෙරට ජනාධිපති වී නම් එය රටට සම්පතක් වීමට ඉඩ තිබිණි. 1796 සිට පළමුව බස්නාහිර මුහුදු තීරයේ හා යාපන අර්ධද්වීපයේත් පසුව මුළු රටේමත් ආධිපත්‍යය දැරුවේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අද වන විට අධිපතිවාදී සංස්කෘතික ප්‍රභේදය බවට පත් වී ඇති ඇංග්ලො සැක්සන් සංස්කෘතිය ය. අපට මෙය ඇංග්ලිකන් සංස්කෘතිය ලෙස ද හැඳින්විය හැකි ය. මේ ඇංග්ලිකන් සංස්කෘතියේ ආධිපත්‍යයට රිදෙන්නට පහරක් පළමුව වැදුණේ 1956 දී ය. ඇංග්ලිකන් සංස්කෘතියේ මෙරට ප්‍රධාන ම අරටුව වූ මහමුදලි සොලමන් බණ්ඩාරනායකගේ පුතා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා තමා ලත් සංස්කෘතික උරුමයන්ගෙන් මිදෙමින් සිංහල බෞද්ධ සංස්කෘතිය උකහා ගැනීමට උත්සාහ කළේ ය. එයට පෙර අනගාරික ධර්මපාලතුමා ඇග්ලිකන් ආධිපත්‍යයට විරුද්ධව ප්‍රධාන වශයෙන් ම සංස්කෘතික වූ අරගලයක් දියත් කර තිබිණි. එයටත් පෙර වීර කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා ආදීහු අංග්ලිකන් දේශපාලන ආධිපත්‍යයට එරෙහිව සටන් කළහ. බණ්ඩාරනායක මහතාගේ ව්‍යාපාරය දේශපාලනික මෙන් ම සංස්කෘතික සටනක් විය. අද පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනාට මන්ත්‍රීවරුන් වීමට හැකි වී තිබෙන්නේ පනස්හයට පින්සිදුවන්නට ය. 

Monday 18 April 2016

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 3



ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 3

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x        ඔබ කලින් කිව්වේ සිංහල ක‍්‍රිස්තියානි හා කතෝලික බැතිමතුන් බෞද්ධයන් බහුතරය බව පිළිගනිමින් සිංහල ජාතිකත්වය තුළ තම ක‍්‍රිස්තියානි හා කතෝලික අනන්‍යතාවන් රැුකගනිමින් ජීවත් වීමට පුරුදු වී ඇති බවයි. දැන් ඔබ කියන්නේ ක‍්‍රිස්තියානි හා කතෝලික පූජකවරුන් සිංහල - බෞද්ධ ජාතිකත්වය විනාශ කෙරීමට කටයුතු කළ බවයි. මෙහි පරස්පරයක් නැද්ද ?

Sunday 17 April 2016

චීනයෙන් චී ණය ලබාගත් රනිල්

 චීනයෙන්  චී ණය ලබාගත් රනිල්

රනිල් වික්‍රමසිංහ තරම් සිංහල බෞද්ධ විරෝධියකු මෙරට අගමැති තනතුරට හෝ ජනාධිපති තනතුරට හෝ පත්කෙරී නැත. බටහිර හා ඉන්දීය ගැත්තකු වූ ඔහු අගමැති තනතුරට පත්කරනු ලැබුයේ එංගලන්තය හා ඉන්දියාව විසිනි. රනිල්ට මහජන ඡන්දයෙන් ජනාධිපතිකම තබා බියගම ආසනයවත් දිනාගැනීමට නො හැකි ය. ඔහු බටහිර කොළඹට පැනගත්තේ එබැවිනි. බටහිරයන්ගේ හා ඉන්දියාවේ උපක්‍රමය වූයේ මෛත්‍රිපාල (හෝ නිමල් සිරිපාල හෝ) ලවා ශ්‍රී ල නි පක්‍ෂය මරවා ඔහු නාමික ජනාධිපතිකර බලය රනිල්ට ලබා දීම ය. 2005 දී පෘතුගීසි ආක්‍රමණයේ පන්සියවැනි සංවත්සරය සැමරීමට රනිල් බලා සිටියේ ය. එහෙත් රටේත් ජාතියේත් වාසනාවට එයට පෙර ඔහුට අගමැතිකම නැතිවිණි. රාජපක්‍ෂ රෙජිමය පැරදවීම යන්න රනිල්ට බටහිරයන් උගන්වා තිබූ සටන් පාඨය විය. 

Saturday 16 April 2016

බහුසංස්කෘතික බහුබූතය 8

බහුසංස්කෘතික බහුබූතය 8

මා කලක් සිතා සිටියේ සෑම රටක ම පාහේ සංස්කෘති රාශියක් ඇති බව ය. මගේ නිගමනය වූයේ බටහිර රටවල් ඇතුළු බොහෝ රටවල ඒ සංස්කෘති සමාන නොවන බවත් එහි විශේෂිත සංස්කෘතීන් හෝ බොහෝ විට අධිපති සංස්කෘතීන් තිබෙන බවත් ය. මම එය ලිහිල් (දුර්වල) අර්ථයෙන් ඇති බහුසංස්කෘතියක් ලෙස හෑඳින්වීමි. ඒ අතර බටහිරයන් අපට මෙරට තිබෙන සංස්කෘතීන් සමාන ලෙස සැලකීමට විධාන (එය දැනුම් ආධිපත්‍යය යොදා ගෙන කෙරෙණ විධානයකි) කරන බව මම නිරීක්‍ෂණය කෙළෙමි. එවැන්නක්් දැඩි (ශක්තිමත්) අර්ථයකින් කෙරෙන බහු සංස්කෘතියක් ලෙස හැඳින්වීමි.

Friday 15 April 2016

නැකැත් හා මිථ්‍යාව


නැකැත් හා මිථ්‍යාව

ඊනියා විද්‍යාත්මක සිංහලයන් අලුත් අවුරුද්දට නැකැත් අනුගමනය කළේ දැයි නො දනිමි. ඔවුන් ඇතැම් විට මවගේ හෝ බිරිඳගේ හෝ කැමැත්ත යැයි කියමින් නැකැත් අනුගමනය කරන්නට ඇත. ඒ ඇත්තක් වුවත් බොරුවක් වුවත් ඒ සංස්කෘතියෙහි බලපෑම ය. මව හෝ බිරිඳ හෝ මගින් සංස්කෘතික අවශ්‍යතා ඇතැම් විට ක්‍රියාත්මක වෙයි. නැකැත් මිථ්‍යා යැයි කියමින් ඒවාට සිනහසෙන ඇතැම් තරුණයෝ මවගේ හෝ මනාළියගේ හෝ කැමැත්ත යයි කියමින් සුබ මොහොතින් පෝරුවට නගිති. සමස්තයක් ලෙස ගතහොත් පිරිමින්ට වඩා ගැහැණු සංස්කෘතියට අනුගත වෙති. මා මෙයින් කියන්නේ පිරිමින් සංස්කෘතියට අනුගත නොවන බව නො වේ. එහෙත් ගැහැණුන් අතර සංස්කෘතියට අනුගත වන්නන්ගේ ප්‍රතිශතය පිරිමින් අතර අදාළ ප්‍රතිශතයට වඩා මඳ වශයෙන් වුවත් වැඩි ය. එබැවින් ම දෝ අද බටහිර විලාසිතා විසින් ගැහැණුන් සිංහල සංස්කෘතියෙන් ඈත්කිරීමට විශාල උත්සාහයක් ගනු ලැබෙනු දැකිය හැකි ය. සංස්කෘතිය යනු වෙනස් නොවන දෙයක් නොවන බව අපි දනිමු. එහෙත් වෛදික වේවා, බටහිර වේවා ආධිපත්‍ය සංස්කෘතික ආක්‍රමණවලට යටත් වී අප සංස්කෘතිය වෙනස් කළ යුතු නො වේ. 

Wednesday 13 April 2016

අපේ අවුරුද්ද

අපේ අවුරුද්ද

පසුගිය අවුරුද්දේ නම් ඇමරිකන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද, එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් ද  සිංහල හා දෙමළ අවුරුද්දකට සුබ පැතුම් එක් කළහ. එංගලන්ත කම්කරු පක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් දෙමළ ජනයාගේ පුතන්ඩුවට (අවුරුද්දට) පමණක් සුබ පැතුවේ ය. අමතක වීමකින් දෝ ඔවුහු ඉන්දියාවේ වෙසෙන දෙමළ ජනයාට සුබපැතුම් නො යෑවූහ. පුතන්ඩුවක් ගැන මහා ඉහළින් කතා කළත් ඉන්දියාවේ ඉහළින් පැවැත්වෙන පුතන්ඩු උත්සවයක් නැත. අවුරුද්ද සිංහලයන්ගේ වර්තමානයෙහි එකම නැකැත් උත්සවය ය. මෙය නාග (යක්‍ෂ) ිජනතාවන්ගෙන් අපට උරුම වූවක් බව එහි දිර්ඝ ඉතිහාසයෙන් පමණක් නොව අදාළ නැකැත් උත්සවය දෙස බැලීමෙන් ද පෙනී යයි. අප අවුරුදු ගණනාවක් තිස්සේ පෙන්වා දී ඇති පරිදි යාපනයෙහි අවුරුදු උත්සවය යම් තරමකින් හෝ පැවැත්වෙන්නේ හමුදාව විසින් හා සිංහල බෞද්ධ ආභාසය ලබා ඇති දෙමළ ජනයා විසිනි. අද ඇතැමුනට අවශ්‍ය වී ඇත්තේ සිංහලයන්ගේ අවුරුද්ද සිංහලයන්ට අහිමි කිරීමට ය. දෙමළ ජනයා අවුරුදු උත්සවය පැවැත්වීම පිළිබඳ අපේ අකමැත්තක් නැත. එහෙත් එසේ කිරීමේ දී සිංහල උරුමය නැති නොකළ යුතු ය. කෙසේ වෙතත් ඉහත කී අයගේ සුබ පැතුම්වලින් පසුව මෛත්‍රිපාල ශ්‍රී ල නි ප මරාදමා රනිල් සමග එකතු විය. යමපාලන ආණ්ඩුව බිහිවිනි. මේ අවුරුද්දේ කවුරුන් සුබ පතාවි දැයි නො දනිමි. කවුරුන් සුබ පැතුවත් නැතත් මේ අවුරුද්දේ තිබිය යුත්තේ එකම එක පැතුමක් පමණකි. ඒ මේ ආණ්ඩුව හැකි ඉක්මණින් පළවා හැරීම ය.

Tuesday 12 April 2016

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 2


ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 2

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x දෙමළ නායකයන් ඒ ඒ දෑ දිනාගැනීමේ දී ප‍්‍රභාකරන් ගේ ආධාරය ලැබුණේ නැද් ද ?

ප‍්‍රභාකරන් ගේ ආධාරය නැති ව ඒ ඉල්ලීම් දිනා ගැනීම අමාරුයි. කලින් කීවා මේ යුගයේ දෙමළ ජාතිවාදයේ ක‍්‍රියාමාර්ග දෙකක් සමගාමී ව හා අනුපූරක ව ක‍්‍රියා කළ බව. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වැනි පක්ෂ සෑම විට ම කෙළේ ප‍්‍රභාකරන් හා අන් තරුණයන් ගේ ආයුධ ශක්තිය පෙන්වා තමන් මධ්‍යස්ථ මතධාරීන් ලෙස හඳුන්වා ගනිමින් ප‍්‍රභාකරන්ට බලය නොදීමට නම් තමන් ගේ ඉල්ලීම් දිය යුතු බව කීමයි. ප‍්‍රභාකරන් හා අනෙක් අය ගේ ආයුධ ශක්තිය නොමැති ව ඒ ඉල්ලීම් දිනාගැනීමට බැහැ. ඒ වගේ ම දෙමළ තරුණයන්ට පමණක් ඒ ඉල්ලීම් දිනාගැනීමටත් හැකියාවක් තිබුණේ නැහැ. ඉල්ලීම් ලබාගත්තේ ආයුධ සන්නද්ධ ක‍්‍රියාමාර්ග නොව ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාමාර්ගයකින්. එනම් ඡුන්ද වෙන්දේසියෙන් ආණ්ඩු පිහිටුවීමට උපකාර කෙරීමෙන්. 

Monday 11 April 2016

බහුසංස්කෘතික බහුබූතය 7

බහුසංස්කෘතික බහුබූතය 7

අප රටේ සිංහල බෞද්ධ උගතුන් යැයි කියන අයගෙන් ඉතා විශාල පිරිසක් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවූවෝ වෙති. මට විශ්වවිද්‍යාලයේ දී මේ සිංහල බෞද්ධ උගතුන්ගෙන් කිසිවක් ඉගෙනීමට නොමැති විය. අද ඊනියා බහුසංස්කෘතික ලෝකයක් ගැන කතාකරන බොහෝ දෙනා දැනුමේ දී බහුසංස්කෘතියක් නැති බව නො දනිති. අද අධිපතිවාදී දැනුම බවට පත් වී ඇත්තේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී සකස් වී ඇති දැනුම ය. උදාහරණයක් වශයෙන් බටහිර රටවල හෝමියෝපති, ආයුර්වේද ආදී වෙදකම් ද ඇති නමුත්, ඇතැම් බටහිරයන් ද ඒ වෙදකම්වල පිහිට ලබන නමුත්, ඇලොපති වෙදකමට ඇති රාජ්‍ය පිළිගැනීම ඒ අනෙක් වෙදකම්වලට නැත.

Sunday 10 April 2016

විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 1 (2016 අප්‍රීල් 10 රිවිර ලිපිය)

විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 1

උගත් පාඩම් හා සංහිඳියා කමිටුව ඉදිරියේ සාක්‍ෂි දීම සඳහා මා කැඳවා තිබිණි. දෙමළ ජාතිවාදයේ ඉතිහාසය හා විකාශය පිළිබඳ සංක්‍ෂිප්ත ප්‍රකාශයක් කළ මම දෙමළ ජනයාට දෙමළ වීම නිසා අසාධාරණයක් වී නොමැති බව ද විසඳීමට ප්‍රශ්නයක් නැති බව ද සඳහන් කෙළෙමි. මගේ සාක්‍ෂිය අවසානයේ කමිටු සාමාජිකයකු පැවසුවේ මා කියන කරුණු සත්‍ය නමුත් දෙමළ ජනයාට යම්කිසිවක් දිය යුතු බව ය! 

Saturday 9 April 2016

බහුසංස්කෘතික බහුබූතය 6

බහුසංස්කෘතික බහුබූතය 6

බටහිර රටවල ඇති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ඒ රටවල වෙසෙන ඇස් කන් යොදා ගන්නා ඕනෑම අයකුට දැනගත හැකි ය. එහෙත් ඇතැම් සිංහලයන්ට ඒ බව නොදැනෙන්නේ ඔවුන්ගේ ඇස් කන් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය විසින් අර්ධ වශයෙන් ක්‍රියා විරහිත කර ඇති බැවිනි. ඔවුන් සිංහල බෞද්ධ දැයි මම නො දනිමි. එහෙත් ඔවුන් සිංහල බෞද්ධ නම් ඔවුන්ගේ සිංහල බෞද්ධකම හා මගේ සිංහල බෞද්ධකම අතර ඇත්තේ විශාල වෙනසකි. මම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ආධිපත්‍යයට යට නො වෙමි. මා බවහිර දැනුමෙන් අවශෝ’ෂණය කරගන්නේ ඉතා සීමිත කොටසක් පමණකි. මම පෑන පැන්සල මෙන් ම විද්‍යුත් තැපෑල, පරිගණකය පමණක් නොව බටහිර වෛද්‍ය විද්‍යාව ද අවශ්‍ය වූ විට යොදා ගනිමි. එහෙත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව දනිමි. බටහිර විද්‍යාව වැඩ කරයි යන්නෙන් එහි සත්‍යතාවක් ගැන නො කියැවෙයි. බටහිර දර්ශනයෙහි සත්‍යතාව යන්න අර්ථ නො දැක්වෙයි!

Friday 8 April 2016

බහුසංස්කෘතික බහුබූතය 5

බහුසංස්කෘතික බහුබූතය 5

සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමාන වේ ය යන පට්ටපල් බොරුව බටහිරයන් ලොව පුරා ප්‍රචාරය කළ ද ඒ එසේ නොවන බව අපි දනිමු. බටහිරයන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත්වන ඇතැම් අනුකාරක නිවටයන්ට අවශ්‍ය නම් බටහිර කිසිවකු එසේ කියා නැතැයි කීමට හැකි ය. එහෙත් බටහිරයන් විසින් මෙහෙයවනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයෙහි බටහිරයන් ප්‍රචලිත කරන බොරුව පැහැදිලිව ම දැකගත හැකි ය. නීතිය ඉදිරියෙහි මිනිස්සු සමාන නො වෙති. කොළඹ විශ්වවිද්‍යාලය මට විරුද්ධව නඩු කීමේ දී ඉතා ඉහළ ජනාධිපති නීතිඥයන්ගේ පිහිට ලබාගත්තේ ය. නීති පීඨයේ ආචාර්යවරු ද මට විරුද්ධව චෝදනා ගොනු කිරීමට එක්වූහ. උපකුලපති ජී එල් පිරිස් නීතිය පිළිබඳ මහාචාර්යවරයා ද විය. ඔහු වරක් මගෙන් විමසා සිටියේ ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා ය.මා ඔහුට කියා සිටියේ අනෙක් ඇදුරන්ට විජාතික චින්තනය (ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය) ඉගැන්වීමට හැකිනම් මට ජාතික චින්තනය (සිංහල බෞද්ධ චින්තනය) ඉගැන්වීමට හැකි බව ය. ඔහු තර්ජනාත්මක ව මගෙන් විමසුවේ දිගට ම විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට බලාපොරොත්තු වන්නේ ද යන්න ය. බොහෝ සරසවි ඇදුරන්ට පමණක් නොව බටහිර දැනුම කටගාගත් ඇතැම් පාසල් ගුරුවර්න්ට ද (ඔවුහු ඊනියා වාස්තවික, විද්‍යාත්මක, ජාත්‍යන්තර බෞද්ධයෝ වෙති) සිංහල බෞද්ධ චින්තනය ගෝචර නොවන බවත් ඔවුන් ඒ මත පදනම් වූ දැනුමට ගරහන බවත් මම දනිමි.

Thursday 7 April 2016

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 1

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 1

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 


x              1977 න් පසුව දෙමළ ජනතාව දිනාගත් දේ සන්නද්ධ වීම නිසා ම ලබාගත් දේ නොවේ ද ?

                1977 මේ රටේ දෙමළ ජාතිවාදය තුන්වැනි යුගයක් ඇරඹීම සංකේතවත් කළා. එම යුගය පටන් ගත්තේ හැත්තෑවේ දශකයේ, දෙමළ ජාතිවාදයේ දෙවැනි යුගය හතලිස් ගණන්වල ඇරඹි 1949 දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවීමත් සමග කුලූගැන්වුණා. ඒ වගේ ම තුන්වැනි යුගය හැත්තෑ ගණන්වල ඇරඹී 1977 දී කුළුගැන්වී ප‍්‍රකාශයට පත් වුණා.

Wednesday 6 April 2016

බහුසංස්කෘතික බහුබූතය 4

බහුසංස්කෘතික බහුබූතය 4

මේ ලිපි පෙළ කියවන බුද්ධිමත් පාඨකයනට මා කියන්නේ කුමක් ද යන්න දැනටමත් පැහැදිලි වී ඇතැයි සිතමි. මේ ලිපි පෙළ ඇරඹුනේ මිනිසුන්ගේ සමානකම් ගැන ලියූ ලිපියකිනි. අද බටහිර ලෝකය අප මත පටවන පට්ටපල් බොරු අතරින් දෙකක් විමසමු. එකක් නම් සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමානය යන්න ය. දෙවැනි පට්ටපල් බොරුව බහුසංස්කෘතික බහුබූතය හෙවත් රටවල්වල විවිධ සංස්කෘති ඇති බව හා ඒ ඒ රටවල ඇති සංස්කෘති සමාන බව ය.

Tuesday 5 April 2016

බහුසංස්කෘතික බහුබූතය 3

බහුසංස්කෘතික බහුබූතය 3

කිසිම රටක වාසය කරන ජනතාව සංස්කෘතික වශයෙන් සමජාතීය නො වෙයි. අද ලංකාවේ සිංහල ජාතිය සමග දෙමළ, මුස්ලිම්, මැලේ, වැදි ආදී ජනවර්ග වාසය කරති. ඒ ඒ අයගේ සංස්කෘති වෙනස් වෙයි. එහෙත් මේ සියළු දෙනාට ම සංස්කෘතික මහා පොදු සාධකයක් වෙයි. මැලේ හා වැදි ජනතාව ක්‍රමයෙන් සිංහල බවට පත්වෙමින් සිටිති. අනෙක් අතට සිංහලයන් අතර මෙන් ම ඒ ඒ ජනවර්ග අතර ද සංස්කෘතික වෙනස්කම් වෙයි. විශේෂයෙන් ම  ලංකාවේ දෙමළ ජනයා  සංස්කෘතික වශයෙන් සමජාතීය නො වෙති. යාපනයේ (වවුනියාවෙන් උතුරට) දෙමළ, මඩකලපු දෙමළ, කඳුරට දෙමළ මෙන් ම කොළඹ දෙමළ ජනතාවක් ද වෙති. මේ අය අතර ඇති වෙනස්කම්, කුල භේද, සිංහල ජනතාව අතර ඇති වෙනස්කම්වලට වඩා අධික ය.

Monday 4 April 2016

මහින්දට හා ඒකාබද්ධ විපක්‍ෂයට වචනයක් (2016 අප්‍රීල් 03 රිවිර ලිපිය)

මහින්දට හා ඒකාබද්ධ විපක්‍ෂයට වචනයක්

මේ ලිපිය ලිවිය යුතු දැයි කිහිප වරක් ම කල්පනා කෙළෙමි. මා කියන කිසිවක වටිනාකමක් නැතැයි දේශපාලනඥයන් ද ජනමාධ්‍යවේදීන් (රිවිර හැර) ද තීරණය කර ඇතැයි මට සිතෙයි. ඒ එතරම් දෙයක් නො වේ. තව ටික කලකින් මිය යන මට ඔවුන්ගේ පිළිගැනීම යන්න කිසිම වටිනාකමක් ඇති කරුණක් නො වේ. එවැනි පිළිගැනීමක්, කීර්තියක්, ධනය හෝ වස්තුව හෝ මෙන් ම මට පරලොව ගෙන ගිය නො හැකි ය. එහෙත් ජාතිය තව කලක් පැවතිය යුතු ය, පවතිනු ඇත.  ජාතියේ පැවැත්ම සඳහා උපකාර වේ යැයි මා සිතන කරුණු කිහිපයක් ලියා පළකළ යුතු යැයි මම සිතමි. මේ ලිපි කාලය වෙබ් අඩවියෙහි ද මා නමින් ඇති මුහුණු පොතෙහි ද පළකරමි. මහින්ද සවන් දෙන්නේ සිංහල බෞද්ධ විරෝධී දයාන් ජයතිලකට, තමාට විරුද්ධ වූ සරත් සිල්වාට, තම කැබිනෙට්ටුවේ සිටි පැකේජ්වාදී ඇමතිවරුන්ට බව දැන දැන ම මේ ලිපි ලියමි.  ඔවුන් නිසා මහින්ද වරද්දා ගත් තැන් ඇත. එහෙත් මම ද සර්වනිර්දෝෂි නො වෙමි. සියල්ල කල් තබා කී සර්වනිර්දෝෂි පුද්ගලයකු ගැන නො දනිමි. 

Sunday 3 April 2016

බහුසංස්කෘතික බහුබූතය 2

බහුසංස්කෘතික බහුබූතය 2

සිංහලයන් ජාතියක් වීම ඇරඹුණේ පණ්ඩුකාභය රජු දවස ය. එතුමා මුළු ලංකාවේ ම රජකළ බවට සාක්‍ෂි නැත. කෙසේ වෙතත් අනුරාධපුරය අගනුවර කරගෙන එතුමා රාජධානියක් ගොඩනැගුවේ ය. එය එක් වංශයක හෝ ජනකොටසක හෝ රාජධානියක් නො වී ය. එහි නොයෙකුත් ආගමිකයන් විසූ බවට ද රජතුමා ඔවුන්ට තම ආගමික කටයුතු සිදුකිරීම සඳහා ආගමික මධ්‍යස්ථාන (සිද්ධස්ථාන) පිහිටුවූ බවට ද මහාවංශය සාක්‍ෂි දරයි. මෙහි දී නොකියාම බැරි දෙයක් ඇත. ඒ මහාවංශයෙහි එකල බෞද්ධ සිද්ධස්ථාන ද තිබූ බව නො කීම ය. අඩුම තරමෙන් තපස්සු භල්ලුක ගොඩ නැගූ චෛත්‍යයක් එකල ද ලංකාවේ තිබූ බවට මහාවංශය ම සාක්‍ෂි දරයි. කෙසේ වෙතත් එය අනුරාධපුර රාජ්‍යයෙන් බාහිර ව තිබූ බව ද පැහැදිලි ය. එකල අනුරාධපුර රාජධානියේ තිබූ රුවන්වැලිසෑය (ගැමුණු රජුගේ චෛත්‍යකර්මයට පෙර) ද ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන ගැන දැනගැනීමට යක්‍ෂ ජනතාවගේ කෘතියක් වන වර්ගපූර්ණිකාව කියවිය යුතු ය. මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර මෙහි බෞද්ධයන් සිටි බවක් හා බෞද්ධ සිද්ධස්ථාන තිබූ බවක් සඳහන් නොකිරීමට මහාවංශ කතෘන් ප්‍රවේසම් වී ඇත්තේ මන්දැයි සිතා ගැනීම අපහසු නො වේ.

Friday 1 April 2016

බහු සංස්කෘතික බහුබූතය 1

බහු සංස්කෘතික බහුබූතය 1

අද ලෝකයේ හැම රටක ම පාහේ විවිධ සංස්කෘතිවල ජනතාව වෙසෙති. ඒ අර්ථයෙන් ගතහොත් බොහෝ විට ඕනෑම රටක  බහුසංස්කෘතික රටක් ලෙස හැඳින්විය හැකි ය. එහෙත් මේ ඕනෑම රටක මෙන් විශේෂිත හෝ අධිපති හෝ සංස්කෘතියක් ඇත. සංස්කෘති සමාන නැත. පිටරටවල වාසය කරන සිංහලයෝ ඒ බව හොඳින් දනිති. එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වැනි බටහිර රටක සිංහල බෞද්ධයන් වාසය කරන නමුත් එවැනි රටක සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන කුමක් ද? එංගලන්තයේ ලංඩන් නුවර පංසල් රාශියක් වෙයි. බර්මින්හම් වැනි නගරවල ද පන්සල් වෙයි. මේ ඇතැම් පංසල් සිංහල බෞද්ධයන්ගේ පංසල් ය. එයින් මා අදහස් කරන්නේ බොහෝවිට සිංහල භික්‍ෂූන් වහන්සේ වැඩවසන, ගිහි සිංහල බෞද්ධයන් ආගමික වතාවත් සඳහා යන පංසල් ය. ලංඩන් බෞද්ධ විහාරය මෙයින් ප්‍රසිද්ධ ම පංසල යැයි සිතමි.