Main Logo

Sunday 31 July 2016

තතු,මත හා දැනුම්

තතු,මත හා දැනුම්


බටහිර යුරෝපය හා පසුව උතුරු ඇමරිකාව, ඕස්ටේ‍ර්ලියාව හා නවසීලන්තය දියුණු වූයේ ඇයි ද යන්න පිළිබඳ ව විවිධ අය විවිධ මත පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තේ මත, එහෙමත් නැත්නම් කතන්දර විතරක් බව අමතක කරන්න එපා. බටහිරයන් මත හා දැනුම දෙකක් ලෙස සලකනවා. ඒ මදිවාට ඔවුන්ට තතු කියා දේත් තියෙනවා. මා තතු කියන්නේ ඔවුන් ඉංගිරිසියෙන් ෆැක්ට්ස් යනුවෙන් හඳුන්වන දේට. එය ඒක වචනයෙන් තතුව වෙනවා. මේ තතු කියන දේ වාස්තවික ලෙසයි ඔවුන් සලකන්නේ. වෙනත් විධියකින් කිවුවොත් එය නිරීක්‍ෂකයකු මත රඳා පවතින්නේ නැති බව කියැවෙනවා. උදාහරණයක් වශයෙන් දැන් වහිනවා කියන එක තතුවක්. එහෙත් මෙහි දැන් කියන්නෙ මොකක් ද වහිනවා කියන්නෙ මොකක් ද කියන දේ මිනිස් නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂයි. සමහර සංස්කෘතීන් තිබෙන්නෙ පුළුවන් දැන් කියන සංකල්පය නැති. මිනිසුන් නොවන සතුන් වැස්ස ගැන හිතන්නෙ මොකක් ද කියලා අප දන්නේ නැහැ. වතුරෙ ඉන්න මාළුන්ට වැස්සක් තියෙනව ද? ලෝකයේ දැනුම තියෙන්නෙ මිනිසුන්ට විතරක් නෙවෙයි. සියළු සත්වයන් අවිද්‍යාව නිසා දැනුම රැස් කරනවා, සසර සැරිසරනවා.

බටහිර රටවල් දියුණු වෙලා කියන එක තතුවක් ද? අප බොහෝ දෙනා හිතන්නේ ඒ එසේ බවයි. මෙතන දි ප්‍රශ්නය වන්නෙ දියුණුව කියන්නෙ මොකක් ද කියන එක. ඒකට එක එක අයගෙන් ස්වාධීන අර්ථකථනයක්, නිර්වචනයක්, හැඳින්වීමක් තියෙනව ද? මිනිසුන් දිනෙන් දින දියුණු වෙනව ද? අප ගල් යුගයේ සිට අද දක්වා දියුණු වෙලා ද? මේ යුග කතාව ලෝකෙ හැමතැනකට ම පොදු ද? මේ මහා භද්‍ර කල්පෙ කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙ කාලෙ තිබුණෙ ගල් යුගයක් ද? මහා භද්‍ර කල්පෙ ඉවඑ වෙන්න ඉස්සෙල්ල කල්ප විනාශයක් තියෙන්න බැහැ. ලෝකය රේඛාවක් දිගේ දියුණු වෙනව ද? එහෙම නැත්නම් ඒකෙත් චක්‍රිය බවක් තියෙනව ද? 

අප බටහිර රටවල් දියුණු වෙලා කියන්නෙ බටහිර සංකල්ප කිහිපයක් මත පදනම් වෙලා. පළමුවෙන් ම අප ළඟ තියෙනවා පරිණාමවාද කතාව. ඒක අපට ඩාවින් දුන්න දෙයක්. බටහිර නූතනත්වය අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය ද ඇතුළුව ලෝකය දැක්ක එහි දරුවකු වූ මාර්ටින් වික්‍රමසිංහ ජනප්‍රිය ඉංගිරිසි පොත් කියවලා ඒ කතාව සිංහල කියවන අය අතර ප්‍රචලිත කළා. පාසල් හා විශ්වවිද්‍යාල මගින් එය තහවුරු කෙරුණා. දැන් ප්‍රශ්නයක් එනවා. ඉස්සෙල්ලා ම මිනිසා ඇති වුනේ කොහේ ද? මිනිසුන් කිහිප දෙනකු ඇතිවුනා ද? ජාන සම්බන්ධයෙන් විකෘතිය (ම්‍යුටේෂන්) කියන සංකල්පය එතෙන දි ක්‍රියාත්මක වුනේ කොහොම ද? අපේ සංසාර ගමන පටන් ගත්තෙ කොහොම ද කියලා අපේ ලොකු මුණුබුරා අහනවා. සංසාරයට මුලක් තියෙනවා ද? ඒක ගැන අපට කිසිම දිනෙක කතන්දරයක් හදාගන්න බැරි බව බුදුන්වහන්සේ ඒ පිළිබඳ දේශනා කර ඇති දෙයින් පැහැදිලියි. 

මෙතන තියෙන්නෙ රේඛීය චින්තනය හා චක්‍රීය චින්තනය අතර ප්‍රශ්නයක්. බටහිරයන්ට මුලක් ඕනමයි. ස්වදේශික ඇමරිකානුවන් කියලා තියෙන දෙයක් තමයි සුද්දන් හැම එකට ම හේතු සෙවූ බව. ස්වදේශිකයන් එහෙම හේතු හොයලා නැහැ. චක්‍රීය චින්තනයට අනුව මුලක් අවසානයක් නැහැ. ඒත් සමහරවිට චක්‍රය කඩන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය චක්‍රීයයි. නිවන් අවබෝධයේ දී ඒ කැඩනෙවා. බටහිරයන් කියන විධියට මිනිසුන්  ඉස්සෙල්ලා ම ඇති වෙලා තියෙන්නෙ අප්‍රිකාවෙ. ඉන් පසු මිනිසුන් එක එක පැතිවලට සංක්‍රමණය වෙලා, ගිහිල්ලා.  ඒ ඒ රටවලත් බටහිරයන් කියන්නෙ එකම විධියට ශිලා යුගය, යකඩ යුගය ආදී වශයෙන් යුග පහු කරමින් මිනිසුන් දියුණු වුනා කියලා. ඒත් හැම රටකම එකම වේගයෙන් ඒ ක්‍රියාවලිය වෙලා නැහැ. බටහිර පුරා විද්‍යාව පදනම් වන එක නියමයක් තමයි මේ යුග මාරුව. ඒත් යුග මාරුවත් හැම තැනක ම එකම විධියට වෙලා නැහැ. ලංකාව හොඳම උදාහරණයක්. ලංකාවෙ යුග කතාව බටහිර අච්චුවට ගැලපෙන්නෙ නැහැ. 

බටහිරයන්ට මුළු ලෝකෙම ඔවුන්ට ඕන කරන විධියට වෙනස් වෙලා තියෙන්න ඕන. පුරා විද්‍යාවත් ඔවුන්ට ඕන කරන විධියට කෙරෙන්න ඕන. අභයගිරිය සුදු පිරියම් නොකර පුරා වස්තුවක් හැටියට තියන්න මෙරට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියා කරන්නෙ ඒ නිසා. රුවන්වැලි සෑය සුදු පිරියම් නොකර තිබුණ නම් අපට ශ්‍රද්ධාවක් ඇති වෙනව ද? බටහිරයන්ගෙ පුරා විද්‍යාව (ඉතිහාසය) කෞතුක පුරා විද්‍යාවක්. අපට ඇත්තෙ ජීවමානන ඉතිහාසයක්. අපට අපේ ජීවමාන ඉතිහාසය නොදී අභයගිරිය කෞතුක පුරා විද්‍යාවක්, ඉතිහාසයක් බවට පත් කරන්නෙ බටහිරයන්ගෙ සංකල්පවලට යටවෙලා. අභයගිරිය යනු නැති වූ සංස්කෘතියක පිරමිඩයක් වැනි පුරා වස්තුවක් නොව ජීවමාන සංස්කෘතියක අප අවුරුදු දහස් ගණනක් වැඳ පුදාගත් චෛත්‍යයක්. අභයගිරිය කියන කොට අපට වට්ටගාමිණී අභය මෙන් ම ගිරි නිඝන්ඨයාවත් මතක් වෙනවා. තමන්ට විරුද්ධ වූ අයකු ද මතක් වෙන විධියට ඒ නම් කිරීම ම සිංහල බෞද්ධ සංස්කෘතියේ ලක්‍ෂණයක්. ගැමුණු රජු රුවන්වැලි සෑය නම් කරලා තියෙන්නෙ කුවේණිගෙ මෑණියන් වූ රත්නවල්ලි රහත් මෙහෙණිය සිහිවෙන්න කියලා යක්‍ෂ ජනතාවගෙ වර්ගපූර්ණිකාවෙ කියැවෙනවා. අපේ දරු මුණුබුරන්ටත් ශ්‍රද්ධාවකින් අභයගිරිය වැඳ පුදා ගන්න තියෙන්න ඕන. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒකට ඉඩ දෙන්නෙ නැහැ. ඔවුන් අභයගිරිය පිරමිඩයක් කරලා.

ලෝකය දියුණුය යන්න රේඛීය චින්තනයේ ම එක කොටසක් පමණයි. බටහිරයන්ට අනුව අප්‍රිකාවෙන් ගිය මිනිසුන් බටහිර යුරෝපයෙ දි විකාශයෙන් මේ වත්මන් දියුණුව අත්පත් කරගෙන. ඒක තතුවක් ද, දැනුමක් ද, මතයක් ද? මට නම් මේ හැම එකක් ම සාපේක්‍ෂයි. වත්මන් දියුණුව පරිහාණියක් කියලා අයකුට කියන්න පුළුවන්. දියුණුව මනින නිර්ණායක මොනව ද? පරිසරය විනාශ කරගෙන සම්පත් සූරා කා අපේ දරුවන්ට ඒ අහිමි කිරීම දියුණුවක් ද? බටහිරයන්ට පරිසරය රකින්න පුළුවන් ද? පරිසරය රැකීම කියන එක ම හරි ද? ඒකෙ තේරුම කුමක් ද? පෞද්ගලික ආශාවන් වැඩි කිරීම දියුණුවක් ද?

මත එක් එක් අයට සාපේක්‍ෂ බවත් දැනුම එසේ නොවන බවත් බටහිර සාමාන්‍ය විශ්වාසයයි. දැනුමත් සාපේක්‍ෂයි. දැනුම කියලා දෙයක් මිනිසුන්ගෙන් ස්වාධීන ව ස්වායත්තව තියෙනව ද? දැනුම යනු කාගෙ හරි දැනුමක් මිස නිරපේක්‍ෂ දැනුමක් නෙවෙයි. අපට කිසිම දෙයක් සංස්කෘතියෙන් මනසෙන් හා පංචෙන්ද්‍රියනාගෙන් තොරව ස්වාධීනව කියන්න බැහැ. මා මේ කියන්නේ පෘථග්ජනයන් ගැන මිස නිවන් අවබෝධ කරගත් රහතන් වහන්සේ ගැන නෙවෙයි. රහතන් වහන්සේ අවබෝධ කරගන්නා නිවන වෙනමයි.

අප අපේ ඇහැකින් බලන්න පුරුදු විය යුතුයි.



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන්   කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 ජූලි 31



Saturday 30 July 2016

නිවුටන්ගෙ බලය

නිවුටන්ගෙ බලය

නිවුටන්ගෙ කාලෙ (ඔහු උපන්නෙ 1642 දී) බලය කියලා කිවුවෙ ස්පර්ශයෙන් ඇති කරන දෙයකට. යම් වස්තුවකට බලයක් යොදන්න නම් ඒක එක්කො කඹයකින් හරි මොකකින් හරි අදින්න ඕන, නැත්නම් රිටකින් හරි වෙනත් යමකින් හරි තල්ලු කරන්න ඕන. එය අතින් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් වස්තුව ස්පර්ශ වීම එහි දී වැදගත් වුනා. නිවුටන් ගුරුත්වාකර්ෂණ බලය ඉදිරිපත් කළාම ලොකු ප්‍රශ්නයක්  මතුවුනා. පොළොව සූර්යයාට ඇද ගන්නෙ මොකකින් ද? කෝ කඹය හරි ඇදගැනීමට යොදන යම් උපකරණයක් හරි කියලා සමකාලීනයො නිවුටන්ගෙන් ඇහුව. නිවුටන් ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියේ නැහැ. දෙන්න උත්තරයක් තිබුණෙත් නැහැ.

Friday 29 July 2016

කාදිනල් ප්‍රකාශය

කාදිනල් ප්‍රකාශය

බුද්ධාගමට නිසි තැන දිය යුතු බවටත් ලංකාව අනාගමික රාජ්‍යයක් නොවිය යුතු බවටත් මැල්කම් රන්ජිත් කාදිනල්තුමා කර ඇති ප්‍රකාශය වැදගත්. ලංකාවේ කතෝලික පල්ලිය ක්‍රියාකර ඇති ආකාරය දෙස බැලූ විට මේ ප්‍රකාශය එක්වර ම විශ්වාස කිරීම තරමක් අපහසුයි. එයින් කියන්නේ් ඒ ප්‍රකාශයෙන් කියැවෙන දේ කතෝලික පල්ලිය සැබවින් ම අදහස් කරන්නේ ද යන්න පිළිබඳ මට ප්‍රශ්නයක් ඇති බවයි. පෘතුගීසීන් පැමිණි දා සිට ඔවුන් කර කියා ඇති දේ බලන විට කතෝලික නායක පූජකයන් කෙරෙහි විශ්වාසයක් තැබීම අපහසුයි. පෘතුගීසි නිලධාරීන් ද මුල සිට ම අප රැවැට්ටුවා. ගෙරි හමේ කතාව මතක නේ.

Thursday 28 July 2016

පාද යාත්‍රාව

පාද යාත්‍රාව

මහින්දගේ දෙවැනි පාද යාත්‍රාව අද නුවරින් ඇරඹෙනවා. පළමු පාද යාත්‍රාව මගින් මාමාගේ එ ජා ප ආණ්ඩුව පෙරළුවා. දෙවැනි පාද යාත්‍රාව මගින් බැණාගේ ආණ්ඩුව පෙරළේවි. ඒ නිසාම පාද යාත්‍රාව නතර කිරීමට ආණ්ඩුව උත්සාහ කළා. ලංකාවේ පොලීසිය හරි අපක්‍ෂපාතයි. ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යන විට ඔවුන් අධිකරණයට යනවා. අයුතු ජනරාශියට කෙසේ වෙතත් මාර්ග අවහිරයට පොලීසිය කැමති නැහැ. පාද යාත්‍රාව මහනුවරින් ආරම්භ කිරීම තහනම් කරමින් පොලීසිය උසාවි නියෝගයක් අරගෙන. ඒත් දළදා වඳින්න එන එක තහනම් කරන්න කාටවත් බැහැ. දළදා වැඳපු අය ගැටඹෙට යන එක වළක්වන්නත් කාටවත් බැහැ. කොහොමත් පාද යාත්‍රාව ගැටඹෙ පන්සල අසළින් පිටත් වේවි. මාමා මේ පන්සල වටා කටුකම්බි ගැසූ එක බෑණාට මතක් වෙලා මාමා අනුගමනය කරාවිද? 

Wednesday 27 July 2016

අවකාශ - කාල ශක්තිය

අවකාශ - කාල ශක්තිය

මෙය  ජූලි හයවැනි දා පළකරන ලද අවකාශය යන ලිපිය සම්බන්ධවයි. ඒ ලිපිය අනුව ලියැවුණු පත්‍රිකාවක් ඉලෙක්ට්‍රොනික සඟරාවක පළ වී තිබෙනවා. සාමාන්‍ය බටහිර සඟරාවක මෙවැනි ලිපියක් පළකරන එකක් නැහැ. එබැවින් ඉලෙක්ට්‍රොනික සරාවක පළකෙරුවා. ඒ ලිපිය අවශ්‍ය නම්  

http://asrjetsjournal.org/index.php/American_Scientific_Journal/article/view/1841/834

සබැඳියෙන් කියවිය හැකියි.


දීන මනස්

දීන මනස්

2003 අවුරුද්දෙ මාර්තු මාසෙ මොරටුව විශ්වවිද්‍යාලෙදි ජාතියේ ඉරණම මැයෙන් මා කළ කතාවක් නන්දන වඩුතන්තිරි මුහුණු පොතට එක්කර තිබුණා. නන්දන ඒ දවස්වල විශ්වවිද්‍යලෙ හිටිය ද කියන එක මා දන්නේ නැහැ. හිටියා නම් ඒ උපාධි අපේක්‍ෂකයකු ලෙස වෙන්න බැහැ. නන්දන විශ්වවිද්‍යාලෙ උපාධි අපේක්‍ෂකයකු ලෙස ඉඳලා තියෙන්නෙ අපේ් ලොකු පුතා එක්ක. පුතා ඒ වන විට විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා. නන්දනට ඒ හඬපටය ලැබුණෙ කොහොම ද දන්නේ නැහැ. ඒ දවස්වලත් අගමැති රනිල් වික්‍රමසිංහ. එයා ලැහැස්ති වුනා 2005 දි පෘතුගීසින් ලංකාවට පැමිණීමේ පන්සියවැනි වසර සමරන්න. වාසනාවකට 2005 වෙන්න කලින් රනිල්ට අගමැතිකම අහිමි වුනා. අවාසනාවකට දැන් රනිල් අගමැති විතරක් නෙවෙයි ආණ්ඩුවේ නායකයා. 2003 මට පුද්ගලිකවත් අමතක වන්නේ නැහැ. අවුරුදු දහයක් රැකියා විරහිත පශ්චාත් උපාධිධාරියකු ලෙස ඉඳලා කැලණිය විශ්වවිද්‍යාලෙ රස්සාව ලැබුණෙ 2003 ජනවාරියෙ. මට රස්සාව 1978 දි පේරාදෙණියෙදි නොලැබුුනෙත්, කොළඹදි ලැබුණෙත් නැතිවුනෙත්, කැලණියෙදි ලැබුණෙත්් එ ජා ප ආණ්ඩු කාලවල. පරස්පරයක් වගේ පෙනුණට මේ කතාවෙ තියෙන දේශපාලනය වෙන ම කතාකරන්න ඕන. එහි දී මට විවිධ උසාවිවලට බොහෝ වාර සංඛ්‍යාවක් යෑමට සිදුවුනා.  ඒ පිටුපස තියෙන්නෙ ආධිපත්‍යයට හිස නොනැමීම. 

Tuesday 26 July 2016

මාක්ස්වාදී අවතාර

මාක්ස්වාදී අවතාර

ඡන්ද විසිදාහක් ගන්න බැරි ඩිව් ගුුණසේකර, තිස්ස විතාරණ, රාජා කොල්ලුරේ ජාතිවාදයට විරුද්ධව ලොකු කතා කියලා. ඒකාබද්ධ විපක්‍ෂෙ පාගමනට ඔවුන් එක්වෙන්නෙ ජාතිවාදී සටන්පාඨ සමග නෙවෙයි කියලයි මේ පුස් කෑ මාක්ස්වාදීන් කියන්නෙ. ඔවුන් මේ ජාතිවාදයක් ගැන කියන්නෙ දෙමළ ජාතිවාදය ගැන නෙවෙන බව හොඳට ම පැහැදිලියි. මොකද දෙමළ ජාතිවාදීන් ඔය පෙළපාලියෙ එන්නෙ නැති නිසා . ඔවුන් මේ කතාකරන්නෙ ඔවුන් හිතන විධියට සිංහල ජාතිවාදයට විරුද්ධව. වාසුදේව ඒ ගැන මොනවද කියන්නෙ කියන එක පැහැදිලි නැහැ.

Monday 25 July 2016

ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රමුඛතා හරි ද

ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රමුඛතා හරි ද

අද අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවන ආකාරයට ඒකාබද්ධ විපක්‍ෂය සමාව දිය නොහැකි වරදක් කරලා. ඊනියා අතුරුදන්වූවන් සඳහා කා ර්යාලය පිළිබඳ පනත ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමට ඔවුන්ට එක්කෝ අතපසු වෙලා, නැත්නම් නොසලකා හැරලා. මෙය ඉතාමත් භයානක පනතක්. දැන් තිබෙන තත්වය යටතේ මේ පනත සුළුතර වැඩි ඡන්දයකින් වුවත් සම්මත කරගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් මේ පිටුවේ ජූලි 21ද වැනි දා පළවූ ලිපිය මුළුමනින් ම මෙන් පහත උපුටා දක්වනවා. ඒ පනතේ භයානකකම නිසා. මෙයින් රණවිරුවන් පාවා දෙනවා. මේ පනත ගැන අනගි විග්‍රහයක් මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් කළා. එහෙත් පනතට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට නොගියේ ඇයි?   මට තේැරන නීතිය අනුවයි 21 දා ලිපිය ලිවුවේ. මෙය ව්‍යවස්ථා විරෝධී ජනතාවගේ පරමාධිපත්‍යය නොසලකා හරින පනතක්. මේ සම්බන්ධයෙන් දැන් කළ හැකි දෙයක් ඇත්දැයි නීතිඥයන් අපට පවසනවා ද?

Sunday 24 July 2016

යාපනයට සිංහල එපා- විග්නේස්වරන්

යාපනයට සිංහල එපා- විග්නේස්වරන්

උතුරු පළාත් සභාවේ මහා ඇමති විග්නේස්වරන් හා එහි විපක්‍ෂ නායක තවරාසා යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා. මෙය ඉතා වැදගත් කරුණක්. තවරාසා කියන්නේ ඩග්ලස් දේවානන්දගේ පක්‍ෂයේ සාමාජිකයෙක්. විග්නේස්වරන් සම්බන්ධන්ලාගේ පක්‍ෂයේ. සසිදරන්ට ඇපදෙන්න ගිය සුමන්තිරන් ද සම්බන්ධන්ලාගේ පක්‍ෂයේ. සියළු දෙමළ පක්‍ෂ නායකයන් යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් එක් මතයක ඉන්න බව පේනවා. සිංහලයන්ගේ දේශපාලන පක්‍ෂ එක මතයක නැත්තේ මොක ද? පක්‍ෂ අමතක කරමු. මේ සම්බන්ධයෙන් සිංහලයන්ට ඇත්තේ එක ම මතයක් පමණ ද? සිංහලයන්ට දෙමළ කොටි ත්‍රස්තවාදය පැරදවීම ගැන පවා එක මතයකට පැමිණීමට නොහැකි වූ විට මේ ගැන කතා කිරීම වැඩක් නැද්ද? 

Saturday 23 July 2016

A=A විය හැකි ද?

A=A විය හැකි ද?


එක් අයකු අහලා තිබුණා A=A ගැන ප්‍රශ්නයක්. මෙය සාමාන්‍යයෙන් ඇරිස්ටෝටලීය න්‍යාය එහෙමත් නැත්නම් රූපික ද්විකෝටික, එනම් අන්ත හෙවත් කෝටික දෙකක් පමණක් ඇති න්‍යායේ මුල. මෙතනින් තමයි ඒ න්‍යායේ හැම දෙයක් ම පටන් ගැනෙන්නෙ. බටහිර ගණිතය කෙරෙන්නෙ මෙය උපකල්පනය කරමින් කියලා බටහිරයන් හිතනවා. ඒත් පාසලේ කියන විධියට කලනයේ දී නැත්නම් විශ්වවිද්‍යාලයේදී කියන විධියට විශ්ලේෂණයෙහි දී සීමාව හොයන විට මෙය අනුගමනය කෙරෙන්නේ නැහැ. ඒ නිසා ම වක්‍රයකට ස්පර්ශක අඳින කොට, අංශුවක ප්‍රවේගය හොයන විට බොරුවක් කරනවා. ඇතැම් බටහිරයන්ටත් මේ බොරුව තේරෙනවා. ඔවුන්  සීමාව නැති කලනයක් ගැන කතා කරනවා. එහෙත් බොරුවෙන් ගොඩ එන්න බැහැ.

Friday 22 July 2016

ගෙදර සිටිය යුත්තේ සිසුන් ද ආණ්ඩුකාරයා ද?

ගෙදර සිටිය යුත්තේ සිසුන් ද ආණ්ඩුකාරයා ද?

යාපන විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සිංහල සිසුන්ගේ දෙමව්පියන් තම දරුවන් ආපසු විශ්වවිද්‍යාලයට යැවීමට බැහැයි කියනවා. ඒ ආරක්‍ෂාවක් නැති නිසා. මේ දෙමව්පියන් තම දරුවන් එකී විශ්වවිද්‍යාලයට යැවූ අය බව අමතක කරන්න බැහැ. ඔවුන් එසේ යවන විට මෙවැනි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අද ප්‍රශ්නයක් තිබෙනවා. 2009 මැයි මාසයේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ නැවතත් සිංහලයන්ට බය නැතිව ගමන් බිමන් යෑමට තිබූ අයිතිය හා නිදහස අද නැති වෙලා. රටවැසියකුට තම රටේ ඕනෑම තැනකට බයක් සැකක් නැතිව යෑමට මහින්ද ලබාදුන් අයිතිය හා නිදහස මේ දීන බටහිර ගැති ආණ්ඩුව නැතිකරලා. මහින්ද හොරා හොරා කියලා බලයට පත්වෙච්ච ආණ්ඩුව අඩු තරමින් හොරකම නැති කරලා තියෙනවා ද? රජිව් විජේසිංහත් මහා බැංකු නිලධාරීනුත් කියන විධියට අර්ජුන මහේන්ද්‍රන්ට බැංකු කොල්ලය සඳහා උපදෙස් දී තියෙන්නෙ රනිල්. අද හොරු වැඩි හරියක් ඉන්නෙ ආණ්ඩුවේ. මෛත්‍රී කණ්ඩායමේ ඇතැමුන් ආණ්ඩුවට එකතුවෙලා ඉන්නෙ හොරකම්වලින් නිදහස් වෙන්න.  ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න අය අඩු තරමෙන් ආණ්ඩුව තමන් හොරුන් කියද්දි හිර කරද්දි බය නැතිව ඒ තර්ජනවලට මුහුණ  දෙනවා. 

Thursday 21 July 2016

රණවිරුවන් පාවාදීම

රණවිරුවන් පාවාදීම

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීමට ආණ්ඩුව තීරණය කරලා. ඒ පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. මෙය කාර්යාලයක් නොව සුපිරි අධිකරණයක් බව පැහැදිලි ය. එය සාමාන්‍ය අධිකරණයක් ක්‍රියාකරන රාමුවෙන් පිටත ක්‍රියාත්මක වේවි. රජයේ අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට හෝ නැති බලයක් එයට හිමිවෙයි. ලංකාවේ පවතින  බලතල වැඩිම ආයතනය මෙම ඊනියා කාර්යාලය වනු ඇති. ලංකාවේ පොලීසිය ද හමුදාව ද ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තු ය. එහෙත් ඒ එක් ඇමතිවරයකු කී ලෙසට හුදු දෙපාර්තමේන්තු නො වේ. මේ ආණ්ඩුවේ වැඩ බැරි ටාසන්ලා වූ  ඇමතිවරුන්ට ද ආරක්‍ෂාව සැපයෙන්නේ ඒ දෙපාර්තමේන්තුවලිනි.

Wednesday 20 July 2016

යාපනයට සිංහල නැටුම් එපාවීම

යාපනයට සිංහල නැටුම් එපාවීම

මේ සටහන තරමක් ප්‍රමාදයි. සතියක් පමණ මට පරිගණකයෙන් ඈත්වීමට සිදුවුනා. යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පහර දුන්නේ ඇයි? එය හුදෙක් සිසුන් දෙපිරිසක් අතර වූ ගැටුමක් ලෙස පෙන්නන්න බොරු පඬියන් උත්සාහ ගන්නවා. ගැටුමට, නැහැ පහර දීමට හේතුව ඉතා පැහැදිලියි. ඒත් ඊනිය පරීක්‍ෂණයක් පැවැත්වුවහොත් හමුදාව හා සිංහල සිසුන් වැරදිකරුවන් වෙන්න පුළුවන්. හමුදාවත් සිංහල සිසුනුත් යාපනයෙන් ඉවත් කිරීමේ වෑයමක් තිබෙනවා. 

Tuesday 12 July 2016

රට විනාශවීම 3

රට විනාශවීම 3

රනිල් වැඩ කරන්නෙ බටහිරට හා ඉන්දියාවට ඕන විධියට. ඔහු පාර්ලිමේන්තුව ගණන් ගන්නෙ නැහැ. අධිකරණ තීන්දුත්  වෙනස් කරන්න හදනවා. එතකොට කියනවා පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා. ඒ වුනත් ඔහු වැට් බැද්ද වැඩි කෙරුවෙ අදාළ පනතට විරුද්ධව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව. අධිකරණය වැට් බද්ද වැඩි කිරීම අතුරු නියෝගයකින් දැනට තහනම් කරලා. ඒ වුනත් රනිල් පාර්ලිමේන්තුවෙදි පනතක් ගෙනල්ල ඒකට අනුමැතිය අරගනීවි මැයි මාසෙ ඉඳන් ම වැඩි කරන විධියට. ඒකට මෛත්‍රිපාල කණ්ඩායමට ඡන්දය දෙන්න වේවි. නැත්නම් මෛත්‍රිපාලව තියලා ආණ්ඩුවෙන් යන්න වේවි. මෛත්‍රිපාල කොහෙ යන්න ද?

රට විනාශවීම 2

රට විනාශවීම 2

රනිල් දැන් සුදානම් වෙනවා අධිකරණ තීන්දුවක් යටකරන්න. ඒක ගැන කතාකරන්න ඉස්සෙල්ල මෛත්‍රිපාල ගැන යමක් කියන්න ඕන. නැත්නම් එයා හිතයි එයාව නොසලකා හරිනවා කියලා. මෛත්‍රිපාල සිංහලකම ගැන බෞද්ධකම ගැන කතාකරනවා. ඒක හොඳයි. රටේ ස්වෛරීභාවය ගැන කියනවා. ඒකත් හොඳයි. විදේශීය විනිසුරුවන් ගෙන්වන්නෙ නැහැයි කියලත් කියනවා. ඒක කොහොමටත් හොඳයි. අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමට විරුද්ධ වුනා. ඒත් අර මහ බැංකුවෙ නිලධාරියා මහා බැංකු අධිපති ලෙස පත්කර ගන්න බැරි වුනා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට ඉඩ දුන්න. ඉන්ද්‍රජිත් ගැන මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. මා ඔහු අඳුරන්නේවත් දැකලවත් නැහැ. ඔහු දක්‍ෂ ආර්ථික විද්‍යාඥයකු කියලා කියනවා. ඒත් මා නම් දන්නේ නැහැ ඔහු ආර්ථික විද්‍යාවට එකතු කරපු සංකල්පයක් හරි ප්‍රවාදයක් හරි ගැන. එහෙම අය ලංකාවෙ නැති නිසා ඒකත් ප්‍රශ්නයක් නොවෙයි. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඔහු රාජ් රාජරත්නම්ට ක්‍ෂුද්‍ර ආර්ථික විද්‍යාව ගැන උපදෙස් දීම ම නොවෙයි. ඒක සසෙක්ස් විශ්වවිද්‍යාලයෙදි ඇති වෙච්ච මිත්‍ර කමකට කරපු දෙයක් කියලා නෙ කියන්නෙ. ඒ නිසා ම ඔහු දෙමළ ජාතිවාදියකු වන්නෙත් නැහැ. ඔහු විවාහ වෙලා තියෙන්නෙ තාරා ෆොන්සේකා නම් සිංහල කාන්තාවක් සමග. ඒ නිසා ඔහු සිංහල ජාතිකවාදියකු වන්නේත් නැහැ. 

රට විනාශවීම 1

රට විනාශවීම 1 

මේ ලිපියෙන් පසු නැවතත් ලිපියක් පළවන්නේ විසිවැනි දා. මේ ලිපිය තරමක් දිග බැවින් කොටස් කිහිපයක් ලෙස පළවනවා.  

හැකි ඉක්මණින් මේ ආණ්ඩුව පළවා නොහැරියොත් රටට මහා විනාශයක් අත් වෙනවා. අප තව තවත් යටත්විජිතවාදයට ලක්වෙනවා. පසුගිය මැතිවරණ සමයේ දී අප මේ රනිල් මෛත්‍රී හවුල බටහිරයන් හා ඉන්දියානුවන් විසින් මෙහෙයවනු ලබන බව කීවත් ඇතැමුනට ඒ බවක් ඇහුණේ නැහැ. ඇහුණත් සමහරු ගාණකට ගත්තේ නැහැ. බොහෝ දෙනාට වුවමනා වුනේ මහින්ද හොරා පන්නා දැමීම පමණයි. ඔහු කළ හොරකම් මා දන්නේ නැහැ. ඒත් අප බොහෝ දෙනා මහජන මුදල් වංචා කරනවා. රජයේ කාර්යාලයක නොමිළේ දුරකතන ඇණවුමක් ලබාගැනීම, කඩදාසි පැකට්ටුවක් ගෙදර ගෙන යෑම, නියමිත පැය ගණන වැඩ නොකිරීම, අනවශ්‍ය ආකාරයෙන් නිවාඩු ගැනීම ආදියත් මහජන මුදල් වංචා කිරීමක්. ඒ් මිලියන ගණනින් නොවන බව සැබැයි. ඒත් ඒ වංචාවල්. 

Monday 11 July 2016

ආණ්ඩුව දිනුවේ බැඳුම්කර මුදලින් ද

ආණ්ඩුව දිනුවේ බැඳුම්කර මුදලින් ද

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ට මේ රටේ සංස්කෘතිය මිනිසුන්ගේ හද ගැස්ම නොතේරෙන අය උපදෙස් දෙන බව ඊනියා ඡායා කැබිනට් සිද්ධියෙන් ද පැහැදිලි වෙනවා. මෙරට කලින් ද ඡායා කැබීනට් පත් කර ඇති නමුත් ඒවාට ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. එංගලන්තයේ ෂැඩෝ කැබිනට් කිව්වම එයට එහි ඉතිහාසයක් හා සම්ප්‍රදායක් තියෙනවා. ඒ වුනත් ඡායා කැබිනට් කිව්වම ඒකෙන් මොකක් ද කියැවෙන්නෙ. එංගලන්තෙ ඉංගිරිසියෙන් කියන දේ මෙහෙ සිංහලෙන් කිව්වම සමහර වෙලාවට විකෘති අදහසක් ගෙන දෙනවා. මහින්දට ඕන වෙලා තියෙන්නෙ ඇමතිවරුන්ගෙ වැඩ ගැන සොයා බැලීමට ඒ ඒ මන්ත්‍රීවරුන්ට පැවරීමට. ඒ වුනත් කාගෙ දෝ නමක් හින්ද රටට ගිය අදහස වෙනත් එකක්. එ ජා පක්‍ෂය එයින් ප්‍රයෝජන ගත්ත. ඉංගිරිසියෙන් දේශපාලන විද්‍යාව ඉගෙනගත් පමණින් මෙහේ දේශපාලනය කරන්න බැහැ.

Sunday 10 July 2016

සංස්කෘතීන්ට නිසි තැන

මෙය දැනට මාස හතරකට පමණ පෙර දෘශ්‍ය මාධ්‍යයට යොමු කරන ලද්දක් බව සලකන්න








හඳ අයිති කාට ද?

හඳ අයිති කාට ද?

මාස හතරක් පමණ මුහුණු පොත නැත්නම් තරුණයන් කියන විධියට බුකිය පරිහරණය කිරීමෙන් පසු එසේ පරිහරණය කිරීමෙන් වැඩක් ඇත් ද යන ප්‍රශ්නය හිතට නැගෙනවා. මේ පොත වැඩි ප්‍රමාණයක් පරිහරණය කරන්නේ තරුණයන්. මගේ වයසේ අය එය පරිහරණය නොකරන තරම්. මේ මාධ්‍යය හැම දෙනාට ම පරිහරණය කරන්න බැහැ. පුවත්පතක් තරම්වත් ජනතාව අතරට යන්නේ නැහැ. රූපවාහිනිය හා ගුවන්විදුලිය සමග සංසන්දනය කළ විට නොගිණිය හැකි ප්‍රමාණයක් එය පරිහරණය කරන්නේ. තරුණයන් කිහිප දෙනකු පමණක් කල්පනා කරන බවයි පෙනෙන්නේ. ඔවුන් සමහරකු ඉතා වැදගත් ප්‍රශ්න අහනවා. අනෙක් බොහෝ දෙනාට ඔවුන්ගේ වචනවලින් ම නම් බුකිය පොඩි ආතලයක් ගන්න තැනක්. මෙහි දේශපාලනයක් තියෙනවා. ජාතික ව්‍යාපාරයෙ තියෙන බෙදීම් කුලල් කා ගැනීම් මෙතනත් තියෙනවා. මගේ ලිපි කියවා ඒවාට කැමති (ලයික් දැමූ) වූ හා බෙදාහදා (ෂෙයා කළ) ගත් කිහිප දෙනකු එයින් දැන් ඈත් වෙලා. ඒ මා කවුද කියා ඔවුන් දැනගත් පසු. ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනකු මට කැමති නැහැ. ඒ අතර මිථ්‍යා මත ප්‍රචාරය කරන අප්‍රබුද්ධයකු ලෙස සලකා ජනමාධ්‍යයෙන් මා පිටමං කෙරී තිබෙනවා. 

Saturday 9 July 2016

ගොඩනැගුණු සිංහල ජාතිය

ගොඩනැගුණු සිංහල ජාතිය

සිංහල ජාතිය හා සිංහල බෞද්ධ සංස්කෘතිය එක රැයකින් ගොඩනැගුණක් නො වේ. ඉංගිරිසි කියමනක් තියෙනවා රෝමය එක දිනකින් ගොඩනැගුණේ නැති බවට. මේ කියැවෙන්නේ රෝමය කියන නගරය ගැන පමණක් නො වේ. පැරණි කාලයේ දැන සිටියේ ඉතාලිය කියන රට ගැන නොව රෝමය ගැනයි. ලංකාවේ අපත් දකුණු අප්‍රිකාවේ අයත් රෝම ලන්දේසි නීතිය ගැන මිසක් ඉතාලි ලන්දේසි නීතියක් ගැන දන්නේ නැහැ. අප දන්නේ රෝමානු කතෝලිකයන් ගැනයි. එදා කෙසේ වෙතත් අද වතිකානුව රෝමයේ එක් ප්‍රදේශයක පිහිටි ස්වාධීන රාජ්‍යයක්. එය ඉතාලියට යටත් නැහැ. එය අනාගමික රාජ්‍යයක් කියලා ලංකාවෙ පඬියකුවත් කියන එකක් නැහැ. 

Friday 8 July 2016

ඊනියා යුද්ධය ගැන තවත් කොමිසම් එපා

ඊනියා යුද්ධය ගැන තවත් කොමිසම් එපා


මංගල සමරවීර කියන්නෙ මහානාම සමරවීරගෙ පුතා. මහානාම සමරවීර 1964 දි බණ්ඩාරනායක මැතිණියගෙ  ආණ්ඩුව කඩා දාලා විරුද්ධ පක්‍ෂයට ගිය කෙනෙක්. මොකක්දෝ හේතුවකට මංගල ශ්‍රී ල නි ප දේශපාලනයට ආවා. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයට එවුවා වෙන්නත් පුළුවන්. 1992 අග   ශ්‍රී ල නි පක්‍ෂයට වැලේ වැල් නැතිව ඉන්න කාලෙ මංගල, එස් බී හා බර්ටි දිසානායක එක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති උපවාසය බලන්න ආවා. ඔවුන්ට එතැන දී වැදගත් කමක් ලැබුණෙ නැහැ. මංගල ඊට පස්සෙ චම්පක, රතන හාමුදුරුවො එක්ක එකතුවෙලා රට බෙදන පෙරමුණක් හැදුවා. මටත් ඒකට කතා කළා. ඒකෙ ෆෙඩරල් යෝජනා තිබුණ නිසා මා විරුද්ධ වුණා. චන්ද්‍රිකා ගෙන්න ගත්තට පස්සෙ මංගල ශ්‍රී ල නි පක්‍ෂයෙ ඉහළට ගියා. 1994 මැතිවරණයෙදි චම්පක හා රතන හිමි මාතර පැල් බැඳගෙන මංගලට වැඩ කළා. 1994 චන්ද්‍රිකාගෙ ආණ්ඩුවෙ පැකේජ් ව්‍යාපාරයට අවලම් තවලම් ගියෙ සුදු නෙළුම් මල් ගත්තෙ මංගල. 

Thursday 7 July 2016

සිංහල හා දෙමළ ප්‍රභූන්

සිංහල හා දෙමළ ප්‍රභූන්

මගේ පරම්පරාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත් අයකුගෙන් ඔබ විශ්වවිද්‍යාලයේ සිටිය දී නවක වධය තිබුණා ද කියා ඇහුවොත් ඔහු බොහෝ විට දෙන පිළිතුර වනුයේ ඒ කාලෙ මේ වගේ අමානුෂික වධයක් තිබුණේ නැහැ , ඒ දවස්වල බොහොම සුන්දර දේවල් තිබුණෙ, සින්දුවක් කියන්න නැත්නම් ගැහැණු ළමයකුට මලක් දෙන්න වගේ දේ. මට නම් කියන්න තියෙන්නෙ වෙනත් ම කතාවක්. මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජයතිලක ශාලාවේ නවකයකු ලෙස සිටියේ 1963-64 අවුරුද්දෙ. එහි දී මටත් මගේ මිතුරන්ටත් නාන කාමරවල නිරුවතින් බඩගාන්න සිද්ද වුනා. ඒ නාන කාමරවල වැසිකිළි ද තිබුණා. එය අමානුෂික ද නැද්ද යන්න මා කියන්න යන්නෙ නැහැ. නවක වධය කියන්නෙ මොන විධියට කිවුවත් තම ආධිපත්‍යය බලයක් නැති පිරිසක් මත පැටවීමක්. ඒ පිරිසෙන් සමහරකු පසුව වධකයන් බවට පත්වෙනවා. මෙය ලංකාවට පැමිණ ඇත්තෙ එංගලන්තයේ පබ්ලික් ස්කූල් කියන පෞද්ගලික පාසල්වලින්. එංගලන්තයේ පාසල්වල බුලි කරන්නන් (තම ශක්තිය මත අනෙක් ශිෂ්‍යයන් පෙළන්නන්) ඉන්නවා. එංගලන්තයෙ ප්‍රභූ වරන්ගෙ දරුවන් ඉගෙන ගන්න පෞද්ගලික පාසල්වල නවක වධත් තිබෙනවා. ඒත් මට ඕන නවක වධය ගැන කතාකරන්න නො වෙයි.

පොලිස් නිල රථ යේත් දෙවියෝ වැඩ සිටී


පොලිස් නිල රථ යේත් දෙවියෝ වැඩ සිටී 


ධර්මසිරි සෙනෙවිරත්න 


ඇමරිකාවේ පොලිස් නිල රථ වලද POLICE යන වචනයට පහලින් IN GOD WE TRUST යනුවෙන් ලියා තිබෙනු ඔබ දැක තිබේද . ඇමරිකාවේ සාමය රකින නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය වැඩ කරන්නේ රටේ ව්‍යවස්ථාපිත නීතිවලට අනුකුලවද එහෙම නැත්නම් කිසියම් නොපෙනෙන දෙවියකුගේ නීතිරීතිවලට අනුවදය් පැනයක් මතුවේ . රට ව්සියා විශ්වාසය තැබිය යුත්තේ කා වෙතද . මැවුම්කාර දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්ය . 

Wednesday 6 July 2016

අවකාශය

අවකාශය

සංකල්ප එක විධියකට එකම අරුතක් දෙන ලෙස පවතින්නේ නැහැ. සංකල්පත් අනෙක් දේ වගේ ම වෙනස් වෙනවා. මා මේ කතාකරන්නේ වෙනස්වීම මිස අනිත්‍ය නොවෙයි. සංකල්ප කියන්නෙ මිනිසුන් හා අනෙක් සත්වයන් විසින් නිර්මාණය කෙරෙන චිත්ත රූප. මා හිතන ආකාරයට අප සසරේ සැරිසරන්නේ මේ සංකල්ප නිර්මාණය කර ඒවාට ඇලීම නිසා. සසර සැරිසරන සෑම සත්වයකුම සංකල්ප නිර්මාණය කරනවා, එනම් සංස්කරණය කරනවා. එසේ කරන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳ අවිද්‍යාව නිසයි. සංකල්ප නිර්මාණයට භාෂාවක වචන අවශ්‍ය නැහැ. තිරිසන් සතුන්ටත් කුඩා ළදරුවන්ටත් වචන නැහැ. එහෙත් ඔවුන්ට චිත්ත රූප තියෙනවා. සංකල්ප නිර්මාණය කෙරෙන්නෙ සිතෙන්. සිතෙන් සංකල්ප නිර්මාණය කරන්නෙ පෙර සසර පුරුදු වී ඇති පරිදි, මනස ඇතුළු ඉන්ද්‍රියන්ට සාපේක්‍ෂව, මිනිසුන්ගෙ නම් සංස්කෘතියටත් සාපේක්‍ෂව.

Tuesday 5 July 2016

සිංහලයාගේ ඉඩම් ප්‍රශ්ණය




සිංහලයාගේ ඉඩම් ප්‍රශ්ණය

     වංශපුර දේවගේ ජානක 


විදේශිකයින්ට මේ රටේ ඉඩම් හිමිකර ගැනීමට ඇති බාධා මේ රජය විසින් ඉවත් කර ඇත. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට විදේශ වලින් එන ඩොලර් සමඟ හැප්පීමට ශක්තියක් නැත. ඔවුන් තමන්ගේ වටිනා ඉඩම් විකුණා දමා නොවටිනා ඉඩම් වලට පසු බසිනු ඇත. එමෙන්ම සමහර මුස්ලිම්වරුන් තමන්ගේ ජාතිය සඳහා පමණක් වෙන් කර ගැනීමට සංවිධානාත්මකව ඉඩම් මිළදී ගන්නා බව රහසක් නොවේ. එතනදීද මුස්ලිම් සංවිධාන හා තරඟ කිරීමට සාමාන්‍ය මිනිසුන්ට හැකියාවක් නැත. නමුත් මේ සැමටත් වඩා බරපතල වන්නේ සීඝ්‍රයෙන් නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශ සිංහලුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබීමය.

ඉතිහාසය හැදෑරීම

ඉතිහාසය හැදෑරීම

මා පාසලේ ඉතිහාසය ඉගෙන ගත්තේ නවවැනි පංතිය දක්වා පමණයි. පාසලේ දී හය, හත, අට, නවය පංතිවල පෘතුගීසීන් පැමිණීමෙන් පස්සෙ ලංකා ඉතිහාසය, ඉංගිරිසි (එංගලන්ත) ඉතිහාසය හා සෙසු ආසියාවේ හා යුරෝපයේත්, ඇමරිකාවේත් ඉතිහාසය ඉගෙන ගත්තා. එකල ඉතිහාසය මගේ ප්‍රියතම විෂයයක්. ගණිතයට හා වියුක්ත  භෞතික විද්‍යාව හැරුණු විට මා පාසලේ දී වඩාත් ම ප්‍රිය කෙළේ ඉතිහාසයට හා සිංහල භාෂාවට හා සාහිත්‍යටයි. බටහිර භෞතික විද්‍යාව හා ගණිතය හැදෑරීමට පසුව යොමු වුවත් ඉතිහාසයට තිබූ ඇල්ම නැතිවුනේ නැහැ. ඉතිහාසයත් එක්තරා ආකාරයකින් ගත්කල වියුක්තයි. දර්ශනයත් එසේමයි. ඒ විෂයවල යම් අර්ථ නිරූපණයකුත් තිබෙනවා. බොහෝ දෙනා නොසිතුවත් බටහිර ගණිතයේත්, භෞතික විද්‍යාවේත් අර්ථ නිරූපණ තිබෙනවා. ක්වොන්ටම් භෞතිකයේ ඒ බව ප්‍රසිද්ධියේ ම පිළිගැනෙනවා. කෝපන්හේගන් විවරණය නැත්නම් අර්ථ නිරූපණය ගැන බොහෝ දෙනා අසා ඇති නමුත් එසේ නිරූපණයක් ඇති වීමට හේතුව මොකක් ද කියලා කල්පනා කරන්නේ නැහැ. ඉතිහාසය කියන්නෙ කටපාඩම් කිරීමට තියෙන දත්ත ටිකක් පමණක් නොවෙයි කියන එක සිසුන්ට කියා දෙන්න ඕන. ඊට ඉස්සෙල්ලා ඉතිහාසය විෂයයක් හැටියට උගන්වන්න පටන්ගන්න ඕන.

Monday 4 July 2016

ජාතික බලවේගය

ජාතික බලවේගය

ජාතික බලවේගය වැඩ පටන් අරන්.  ඒක බලවේගයක් කියන එක නම් පැහැදිලියි. ජාතික ද කියන එක නම් එතරම් පැහැදිළි නැහැ. ඒත් කමක් නැහැ. ශ්‍රී ල නි පක්‍ෂයක් නැති බවත් වෙනත් පක්‍ෂයක් හෝ සංවිධානයක් හෝ පිහිටුවිය යුතු බවත් අප කියන්නෙ බොහෝ කාලෙක ඉඳලා. මේ වෙලාවෙ දේශපාලන පක්‍ෂයක් පිහිටුවන එකේ අමාරුකම අපට වැටහෙනවා. ඒකට ප්‍රධාන හේතුව ශ්‍රී ල නි පක්‍ෂය මැරිලා වුනත් නීතිය අනුව ඒක තාම පැවතීමයි. ඒ වගේ ම සංධානයත් නීතියෙන් පවතිනවා. ඒවට ලේකම්වරුත් ඉන්නවා. මැතිවරණ කොමිසම පිළිගන්නේ ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරුන් සංධානෙ මන්ත්‍රීවරුන් හැටියට. ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරුන් ව කතානායක පිළිගන්නෙත් නැහැ. අර ජෙනීවා ඉන්න ජාත්‍යන්තර පාර්ලිමේන්තු කාරයන් පිළිගන්නෙත් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරුන් වෙනත් පක්‍ෂයක සාමාජිකයන් වුනොත් ඔවුන්ගෙ මන්ත්‍රීකම අනතුරේ. අර ලේකම්ලා ඉන්නෙ කඩුව මුවහත් කරගෙන. පහුගිය මැතිවරණෙ වෙන ම කණ්ඩායමක් හැටියට තරග කළා නම් ඔය නීති ප්‍රශ්නවලින් ගැළවෙන්න තිබුණා. 

Sunday 3 July 2016

රනිල් නැවතත් දිනුම්

රනිල් නැවතත් දිනුම්

අප කියා සිටියේ මහා බැංකු අර්බුදය අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවත් එය අගමැති හා ජනාධිපති ධුර අතර ප්‍රශ්නයක් බවත් ය. වඩාත් බලය ඇත්තේ ජනාධිපතිට ද? අගමැතිට ද? ව්‍යවස්ථාව අනුව නම් තවමත් වැඩි නිල බලය ඇත්තේ ජනාධිපතිට ය. එහෙත් බලය ජනාධිපති ධුරය දරන තැනැත්තාගේ ශක්තිය මත ද රඳා පවතියි. ඔහුට කෙතරම් ජනබලයක් හිමි ද? ඔහුට අද රට පාලනය වන ආකාරය අනුව කෙතරම් විදේශීය රටවල ශක්තිය හිමි ද ආදිය එහි දී වැදගත් වෙනවා. මෛත්‍රිපාලට ඇත්තේ කිසිම ජනබලයක්, ජනපදනමක් නොමැති ඇමතිවරුන් කිහිප දෙනකුගේ ආධාරය පමණයි. රනිල්ට එසේ නොව මහින්දට තරම් නැති වුවත්  එ ජා පක්‍ෂය වටා ඇති යම් ජන බලයක් තිබෙනවා. එමෙන් ම බටහිරයන්ගේ හා ඉන්දියාවේ ද ශක්තිය තිබෙනවා. සටනින් ජයගැනීමට නම් මෛත්‍රිපාල ජනාධිපති බලතල යොදා ගනිමින් මහින්ද අගමැති කළ යුතුව තිබුණා. එහෙත් ඒ සඳහාවත් ඔහුට ශක්තියක් තිබුණේ නැහැ. ක්‍රිකට් භාෂාවෙන් කියන්නේ නම් සඳුදාට නිම වීමට තිබූ ටෙස්ට් තරඟය රනිල්ගේ කණ්ඩායම සෙනසුරාදා ම ඉනිමකින් ජයගත්තා. 

Saturday 2 July 2016

දේශපාලන සිරකරුවා

දේශපාලන සිරකරුවා

මහා බැංකුවේ මහා අර්බුදයක්. ආණ්ඩුව පුපුරා යෑමේ ඉඩක් තිබෙන අර්බුදයක්? බලය ඇත්තේ කාට ද? ජනාධිපතිට ද? නැත්නම් අගමැතිට ද? විසඳන්න ඇත්තේ ඒ ප්‍රශ්නයයි. අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රශ්නයේ උත්තේජකයක් පමණයි. චන්ද්‍රිකාට මේ ආණ්ඩුවේ කවදාවත් කිසි බලයක් තිබුණේ නැහැ. ඇයට තිබුණේ ඇය විසින් ජනමාධ්‍යයේ ආධාරයෙන් මවන ලද ව්‍යාජ බලයක් පමණයි. පඬියන් එයට ෆැන්ටසියක්, අතථ්‍ය යථාර්ථයක් (ඉංගිරිසියෙන් වර්චුඅල් රියැලිටි) යැයි කීමට ඉඩ තියෙනවා. ඒ කොහොම වුනත් ඇය දැන් පේන්න නැහැ. 

Friday 1 July 2016

ක්වොන්ටම් තේරෙන්නේ කාට ද?

ක්වොන්ටම් තේරෙන්නේ කාට ද?

සුප්‍රසිද්ධ බටහිර භෞතික විද්‍යාඥයකු වූ ද එකී විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියකු වූ ද රිචඩ් ෆයින්මාන්ගේ සුප්‍රසිද්ධ කියමනකට අනුව කිසිවකුටවත් ක්වොන්ටම් යාන්ත්‍රිකය තේරෙන්නේ නැහැ. මා නොබෙල් ත්‍යාගය ගැන සඳහන් කෙළේ බටහිර උගතුන්ගේ ලෝකයේ මෙන් ම මෙරට උගතුන්ගේ ලෝකයෙහි ද එයට වැදගත් තැනක් ලැබෙන බැවින්. ෆයින්මාන් එකී ප්‍රකාශයෙන් කියන්නේ බටහිරයන්ට ක්වොන්ටම් යාන්ත්‍රිකය නොතේරෙන බවයි. එහි තේරෙන කියන එකෙන් අදහස් වන්නේ ඇඟට දැනෙනවා වැනි දෙයක් කියලා හිතන්න පුළුවන්. ක්වොන්ටම් යාන්ත්‍රිකයේ සමීකරණ, ඒවා විසඳන ආකාරය සාමාන්‍ය අයකුට දැනගන්න, තේරුම් ගන්න බැරිකමක් නැහැ. ඒ පිළිබඳ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලියලා උසස් ශ්‍රේණියේ උපාධි ගන්නත් අවශ්‍ය නම් පර්යේෂණ කරලා පශ්චාත් උපාධි ගන්නත් පුළුවන්.