Main Logo

Tuesday 31 January 2017

බටහිර සමාජයීය සහ ස්වාභාවික විද්‍යා  


බටහිර සමාජයීය සහ ස්වාභාවික විද්‍යා



බටහිර සමාජයීය විද්‍යාවන් බටහිර (ස්වාභාවික) විද්‍යා පසුපස නොන්ඩි ගසමින් යන බව කී විට මෙරට සිටින පඬි සමාජයීය විද්‍යාඥයන්ට කේන්ති යනවා. මෙරට සිටින පඬි සමාජයීය  විද්‍යාඥයන් යැයි කීවත් ඔවුන් තම විෂයයට කර ඇති ප්‍රදානයක, එකතු කිරීමක් නැහැ. ඊනියා සමාජ විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන්, දේශපාලන විද්‍යාඥයන් ආදීන් ලෙස තම තමන් හඳුන්වා ගත්තත්  ඔවුන් ඒ ඒ විෂය යම් යම් මට්ටම්වලට හදාරා ඇති පුද්ගලයන් පමණයි. ඔවුන් පමණක් නොව ඇතැම් විට මානව ශාස්ත්‍රඥයන් ලෙස සැලකෙන ඊනියා ඉතිහාසඥයන්, දාර්ශනිකයන් ද එවැනි ම වූ උගතුන් පමණයි. විශ්වවිද්‍යාලවල, ඊනියා පර්යේෂණ ආයතනවල මේ ජීවීන් දැක ගැනීමට පුළුවන්.

Monday 30 January 2017

සුමන්තිරන් වීරයකු කිරීම


සුමන්තිරන් වීරයකු කිරීම

සුමන්තිරන් ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව හින්දු පත්‍රයේ සඳහන් වෙලා. එය ඇත්තක් ද බොරුවක් ද කියන්න අප දන්නේ නැහැ. එය ඇත්තක් වුවත් බොරුවක් වුවත් සුමන්තිරන් වීරයකු කිරීමේ වුවමනාවක් නම් තියෙන බව පැහැදිලියි. ජාතික හෙළ උරුමයත් එයට හවුල් වෙලා. ඔවුන්ටත් සුමන්තිරන් වීරයකු කිරීමට අවශ්‍යයි. දෙමළ ජාතික සංධානයේ විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට පොදු මතයක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නොහැකි නම් දුර්වල කිරීම. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට උතුරු හා නැගෙනහිර පළාත් අහිමි කිරීම. නාගදීපය සිංහල බෞද්ධයන්ට අහිමි කිරීම. සොළොස්මස්ථානයෙන් නාගදීපය ඉවත් කිරීම.

Sunday 29 January 2017

361


361



විසිහත්වැනි දා නුගේගොඩ රැළිය නරඹා ඊට පසු දින උදයසිරිගේ 361 නැරඹීම ජීවිතය කියා හිතනවා.  මා කීවේ මට නොතේරෙන පණ්ඩිත කතාවක් වෙන්න පුළුවන්. දර්ශනය තියෙන්නෙ නළු නිළියන්ට, නිවේදකයන්ට, දේශපාලනඥයන්ට, පශ්චාත්නූතනවාදීන්ට, පඬියන්ට ආදීන්ට. මා කොහොමටත් නාට්‍ය විචාරකයෙක් නො වෙයි. මෙරට කලා කරුවන් එක් කලක දී මා ලියූ කලා විචාර කියෙව්වා. එකල කලා කරුවන් තම කෘති එළි දැක්වීමේ දී මට ආරාධනා කළා. එහෙත් ඒ සියල්ල පසුව නැති වී ගියා. පඬියන් මගේ තරම තේරුම් ගත්තා. ඒත් දිනේෂ් ගුණවර්ධන, උදයසිරි වික්‍රමරත්න වැනි අයට තවමත් මා තේරුම් ගැනීමට බැරි වෙලා. ඔවුන් රැස්වීම්වලට නාට්‍යවලට මට ආරාධනය කරනවා. මාත් යනවා. ඉන් පසු ලියනවා. 

Saturday 28 January 2017

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරමු

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරමු


ඊයේ නුගේගොඩ දී පෙරළියක ඇරඹුම අතිවිශාල ජනකායක් මැද පැවැත්වුනා. ඒ ජනකාය 2015 පෙබරවාරියේ දී නුගේගොඩ පැවති රැස්වීමට එකතු වූ ජනකායට වැඩියි. මේ අතිවිශාල ජනකායට ලැබුණු පණිවුඩය කුමක් ද යන්න ගැන විවිධ කතා තියෙන්න පුළුවන්. බොහෝ මාතෘකා යටතේ කතා පැවැත්වුනා. නව ව්‍යවස්ථාව ගැනත් ව්‍යවස්ථා සංශෝධන ගැනත් කතා කළා. එහෙත් පැහැදිලි මතයක් ප්‍රකාශ වුනේ නැහැ.

Friday 27 January 2017

අනේ දියවඩන නිළමේ  


   අනේ දියවඩන නිළමේ


පසුගිය විසිපස්වැනි දා දළදා මාළිගාවේ මළුවේ ජාතික හිමිකම් සංවිධානය අධිෂ්ඨාන පූජාවක් කිරීමට බලාපොරෙත්තු වූ නමුත් එයට අවසර ලැබුණේ නැහැ. 1998 ජනවාරි විසිපස්වැනි දා තමයි කොටි දළදා මාළිගාවට පහර දුන්නේ. අපට අවශ්‍ය වූයේ ඒ පහර දීම සැමරීම නො වෙයි. කොටින්ට දළදා සමිඳුන්ට කිසිම පීඩාවක් කිරීමට බැරි වුනා. කොටි පහර දීමෙන් ලැබූ ජයග්‍රහණයක් නැහැ. අපට අවශ්‍ය වූයේ සිද්ධිය මතක් කර කොටින්ගේ පමණක් නොව මුළු දෙමළ ජාතිවාදයේ ම සිංහල විරෝධී අවශ්‍යතා සපුරාලීම සඳහා පිහිටුවන ලද ආණ්ඩුවට රට දෙකඩ කරන නව ව්‍යවස්ථාව බිහිකිරීමට ඉඩක් නොතබන බවට අධිෂ්ඨාන පූජාවක් කිරීමටයි.

Thursday 26 January 2017

කොහේ තියෙන සිංහල බෞද්ධ රටක් ද?

කොහේ තියෙන සිංහල බෞද්ධ රටක් ?

මා නිතර මතක් කරන කරුණක් නම් අප රටේ අධිපතිවාදී සංස්කෘතිය යුදෙවු ක්රිස්තියානි සංස්කෘතියේ ඇංග්ලිකන් ක්රිස්තියානි ප්රභේදය බවයි. අප රටේ බහුතරය සිංහල බෞද්ධ වුවත් මෙරට විශේෂිත සංස්කෘතිය නොව අධිපතිවාදී සංස්කෘතිය ඇංග්ලිකන් ක්රිස්තියානි සංස්කෘතියයි. අපේ පාර්ලිමේන්තුව ඇංග්ලිකන් ක්රිස්තියානි සංස්කෘතියේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ තුන්වැනි පංතියේ ආකෘතියක් පමණයි. අර සෙංකෝලය රැගෙන එන විට අපට කොතරම් ආඩම්බර ? යොවුන් පාර්ලිමේන්තුවටත් සෙංකෝලයක් තියෙනවා! කවුරු හරි කියන්න පුළුවන් ලෝකයේ හැම තැන ඇත්තේ ආකෘතියේ පාර්ලිමේන්තු කියා. එයින් කියැවෙන්නේ යුදෙවු ක්රිස්තියානි සංස්කෘතිය ලෝකයේ අධිපතිවාදී සංස්කෘතිය බව.

Wednesday 25 January 2017

නව ව්‍යවස්ථාව පැරදවීමට

නව ව්‍යවස්ථාව පැරදවීමට

තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ගැන නොතකා නව ව්‍යවස්ථාව පරාජය කිරීමට සුදානම් වීම  ජාතික ව්‍යාපාරයේ ඇත්තන්ගේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ අයගේ වගකීම විය යුතු නමුත් බොහෝ දෙනා එසේ නොකරන බව පෙනෙනවා. අද බොහෝ දෙනා සූදානම් වන්නේ එක්කෝ පළාත් පාලන මැතිවරණයට නැත්නම් 2020 හෝ ඒ ආසන්නයේ හෝ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට. රට ජාතිය ආගම ගැන පමණක් සිතන අය අද ජාතික ව්‍යාපාරයේත් දැක ගැනීමට අපහසුයි. මැතිවරණ පැත්තකට දමා රට ජාතිය ආගම ගැන කල්පනා කරන ලෙස දේශපාලනඥයන්ගෙන් වැඩි පිරිසකගෙන් හා දේශපාලනඥයන් පසුපස සිටින ජාතික ව්‍යාපාරයේ අයගෙන් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහිටු ඉල්ලීමක් වෙන්න පුළුවන්.

Tuesday 24 January 2017

දෙමළ ජනයාට යමක් දීම

දෙමළ ජනයාට යමක් දීම

ඒකාබද්ධ විපක්‍ෂයේත් ඉන්නවා දෙමළ ජනයාට යමක් දිය යුතු යැයි පවසන අය. මේ අය යමක් දිය යුතු ය යන්නෙන් අදහස් කරන්නේ දෙමළ ජනයාට විසඳීමට ඇති ප්‍රශ්නයක් ඇති බවයි. එහෙත් අප අවුරුදු විසිපහකට වැඩි කලක් අසන දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්නට ඔවුන්ට පිළිතුරක් නැහැ. මට කණගාටු ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ට අප අසන ප්‍රශ්නය ගැන අවබෝධයක් නැති වීම නො වෙයි. ජාතික ව්‍යාපාරයේ බොහෝ අයට ද අප අසන ප්‍රශ්නය ගැන අවබෝධයක් නැති වීමයි.

Monday 23 January 2017

දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කරමු

දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කරමු

සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවට නීති පනවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් යටතේ යුරෝපා සංගමයෙ ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවට වාර්තා වුනා. ජී එස් පී + සහනය ලබා දීම සඳහා එයත් එක් කොන්දේසියක් ලෙස ඉදිරිපත් වූ බව කියනවා. එය කුප්‍රසිද්ධ කොන්දේසි විසිහතෙන් එකක් ද කියා දන්නේ නැහැ. මේ කොන්දේසි හෝ එවැනි කොන්දේසි හෝ රාජපක්‍ෂ ආණ්ඩුවටත් ඉදිරිපත් කෙරුණු නමුත් ඒ ආණ්ඩුව ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කර තිබෙනවා. රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීමට යුරෝපා සංගමයත් කටයුතු කළා.

Sunday 22 January 2017

ඒකාබද්ධ විපක්‍ෂයට නිර්සහයෝගිතා ක්‍රියා මාර්ගයක්


ඒකාබද්ධ විපක්‍ෂයට නිර්සහයෝගිතා ක්‍රියා මාර්ගයක්





නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් ජනවාරි අටවැනිදාට පසු යහපාලන ගිවිසුම අවලංගු බවත් අප කිහිප වතාවක් ම පවසා තිබෙනවා. එය හුදු උපකල්පනයක් හෝ හිතළුවක් හෝ නොව යම් කරුණු මත පදනම් වූ නිගමනයක්. සංධානයේ කිසිවකු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට 2015 අගෝස්තු මස පැවති මැතිවරණයේ දී පොරොන්දුවක් දුන්නේ නැහැ. සංධානයේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ ය යන්න පමණයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ යැයි කී එ ජා පෙරමුණට බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලැබුණේ නැහැ.

Saturday 21 January 2017

ට්‍රම්ප් හා සුපිරිව්‍යුහය

ට්‍රම්ප් හා සුපිරිව්‍යුහය

ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජ්‍යවල හතළිස්පස්වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. ඔහු දිවුරුම් දීමෙන් පසු කළ කතාවේ දී කියා සිටියා මින් මතු එක්සත් රාජ්‍යයේ හමුදාවට පහසුකම් සැපයීමට මිස විදේශීය රාජ්‍යවල හමුදාවල ශක්තිය වැඩි කිරීමට ආධාර නොකරන බව. එමෙන් ම ඔහු කියා සිටියා විදේශවල කටයුතුවලට මැදිහත් නොවන බවත් අනෙක් රටවල් තම තමන්ගේ කටයුතු බලාකියා ගත යුතු බවත්. සී අයි ඒ සංවිධානය හා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ට ඉඩ හරීවි ද යන්න ප්‍රශ්නයක්. ඔහුගේ කතාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට ප්‍රශ්න ඇති කළ බවට සැකයක් නැහැ.

Friday 20 January 2017

Trump as President US


තිරසාර සංවර්ධනය ව්‍යාජ සංකල්පයක්

තිරසාර සංවර්ධනය ව්යාජ සංකල්පයක්

ආණ්ඩුවේ අළුත් බොරුව වෙලා තියෙන්නෙ තිරසාර සංවර්ධනය. මේක අලුත් සංකල්පයක් නො වෙයි. මේ රනිල් කියන විධියට නම්  සස්ටේනබල් ඩෙවලප්මන්ට් කියල කියන කාර්මික පදයේ (ටෙක්නිකල් ටර්ම්)  සිංහල පරිවර්තනය.  මේකත් අර ජාත්යන්තරවාදී සුපිරිව්යුහයේ  බුද්ධිමතුන්ගේ නිර්මාණයක්. ව්යාජ සංකල්පයක්. ජනතාව රවටන්නක්. මේක ලංකාවට හඳුන්වල දීලත් (මෙරට සිටින කෘත්රීම බුද්ධිමතුන් දන්නේ ඉංගිරිසි කාර්මික පද සිංහලට හැරවීම පමණයි. කෘත්රිම බුද්ධිය කියලා කියන්නෙ ඉංගිරිිසියෙන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකට. ජාත්යන්තරවාදී බුද්ධිමතුන් ලියන මෘදුකාංගවලට අනුව වැඩ කිරීම පමණයි කෘත්රිම බුද්ධිමතුන් අතින් සිද්ධ වෙන්නෙ.) දැන් අවුරුදු තිහක් පමණ වෙනවා. එකල මෙයට ප්රවර්තිත සංවර්ධනය කියලත් කිවුවා.  පහුගිය ආණ්ඩුව මේ සංකල්පය යොදා ගත්තෙ නැත්තෙ මොකද කියලා මා කල්පනා කරනවා. කාලෙ කෘත්රිම බුද්ධිමතකුට අදාළ මෘදුකාංගය නොලැබෙන්න ඇති.

සුපිරිව්යුහයේ බුද්ධිමතුන් නිර්මාණය කරපු මේ සංකල්පය ඊනියා පාරිසරික එකක් කියලා කියනවා. පරිසරය රකිමින් සංවර්ධනය කිරීම වැන්නක් මෙයින් ගම් වෙනවා. පාරිසරික විද්යාව කියන එකත් තවත් බොරුවක් පමණයි. ඒත් ඒවා විශ්වවිද්යාලවල ඉගැන්වෙනවා. අද සුපිරිව්යුහයට තිබෙන ප්රශ්නයක් නම් පරිසරය රැකගැනීමයි. පරිසරය වෙනස් වෙනවා. එය රැකගන්න බැහැ. පරිසරය වෙනස් කිරීම මිනිසුන් අතින් පමණක් නොව සතුන්ගෙනුත් සිද්ධ වෙනවා. සතුන් ගහකොළ ආහාරයට ගන්නා විට වෙනත් සතුන් මරාගෙන කන විට පරිසරය වෙනස් වෙනවා. මිනිසුන් සිමෙන්තියෙන් ගෙවල් හදන විට සිමෙන්තිවලට අදාළ සංඝටක පරිසරයෙන් ලබාගන්නා විට පරිසරය වෙනස් වෙනවා.

පරිසරය වෙනස්වීම නැතිකරන්න බැහැ. කළ හැක්කේ පරිසරය සමග සහජීවනයක් ඇති කර ගැනීමයි. පරිසරයේ සමතුලිතතාව රැකීමයි. මේ සමතුලිතතාව කියන්නේ ස්ථිතික සමතුලිතතාවක් නො වෙයි. ප්රතිවිරුද්ධ දිශාවලට යොදන සමාන විශාලත්වයකින් යුත් බල දෙකකින් නිශ්චල වස්තුවක් මත ඇති කරන සමතුලිතතාවක් නො වෙයි. එය ගතික සමතුලිතතාවක්. මේ ගතික සමතුලිතතාව අප මැටියෙන් ගෙවල් හදනකොට තිබුණා. මැටියෙන් ගෙවල් හදන්නේ සදාකාලික පවත්වාගෙන යෑමට නො වෙයි. කලක දී ගෙය කැඩෙනවා. එවිට මැටි පොළොවට එකතු වෙනවා. පස පසුව අනා මැටි බවට පත්කරනවා. එය චක්රයක්. රතන හිමිගේ මැටි ගුලියේ තත්වය ගැන මා කියන්න දන්නේ නැහැ. ගුලිය අඹරන්නේ කුමකට කියා නම් දන්නවා.

කොහොම වුනත් ගෙය පිළිබඳ කතාව ගතික සමතුලිතතාවට උදාහරණයක් පමණයි. අත්හදා බලන්නත් එක්ක අවුරුදු තිහකට පමණ ඉහත මා මැටියෙන් කාමරයක් හදවා ගත්තා. වෙනස නම් සැපයි. අපේ පැරණි ගෙවල් හදලා තිබුණෙ මැටියෙන් මිස ගඩොලෙන් නො වෙයි. ගඩොල් ගෙවල් කැඩුණු පසු නැවත ගඩොල් කරන්න බැහැ. අනුරාධපුර යුගයේ අප ගඩොල් ගැන දැන සිටියා. ඒත් පොළොන්නරු ගිය විජයබා රජු හැරෙන්න වෙනත් රජ කෙනකු ගඩොලින් මාළිගා හැදූ බවක් දැනගන්න නැහැ. ගඩොල් ගැන දැන සිටියත් අප ගඩොලින් බැන්දේ චෛත් වැනි කල්පැවතිය යුතු සිද්ධස්ථාන පමණයි. ඇතැමුන් ගඩොල් චෛත් බැන්ද අය ගඩොල් මෝඩයන් ලෙස හැඳින්වුවත් ඔවුන් ගෙවල් වැනි සුළු කාලයක් පවතින ගොඩනැගිලි ගඩොලින් හැදුවේ නැහැ. ගඩොලින් හදන ගෙවල් ටික කලක දී කොහොමත් කඩනවා. ඊනියා විලාසිතා වෙනස් වෙනවා. කැඩුණු ගෙවල්වල ගඩොල් නැවත පාවිච්චියට ගන්න බැහැ. ගඩොල් මෝඩයන් කවුද යන්න ප්රශ්නයක්.

මහගෙදර කියන සංකල්පය අපට පැමිණියේ මේ ඊනියා කල් පවතින ගෙවල් හදන්න පටන් ගත්තට පස්සෙ. ඒක ඕලන්ද යුගයෙන් පසු එකතු වුනු සංකල්පයක්. එයට පෙර අපට මහගෙවල් තිබුණේ නැහැ. අප පරමපරා දෙක තුනක් පවතින ගෙවල් හැදුවේ නැහැ. එහෙත් කබොක් ගල්වලින් ගෙවල් හදන්න පුරුදු කෙරුවට පස්සෙ ගෙවල් පරම්පරාවක් දෙකක් පැවතුණා. එවිට දෙවැනි පරම්පරාවෙ අය පළමු පරම්පරාවෙ ගෙදර මහගෙදර ලෙස හැඳින්නුවා. කබොක් ගල් නැවත යොදා ගන්න බැහැ. චක්රය කැඩුණා. අපට බටහිරයන් පැමිණීමට පෙර  තිබුණෙ චක්රීය ආකල්පය. එය  අපේ සිංහල බෞද්ධ චින්තනයේ ආකල්පයක්. සිංහල බෞද්ධ චින්තනය චක්රීය චින්තනයක්. අපට පරිසරය සමග තිබුණෙ සහජීවනයක්. අප පරිසරය කොල්ල කෑවේ නැහැ.

එහෙත් බටහිර ග්රීක යුදෙවු ක්රිස්තියානි චින්තනය රේඛීය චින්තනයක්. එය එක් තැනකින් පටන් ගෙන රේඛාවක මෙන් යනවා. එය ලැබී ඇත්තේ ඒබ්රහමික ආගම්වල දෙවියන්වහන්සේ යන සංකල්පයෙන්. එක් තැනකින් (දෙවියන්වහන්සේගෙන්) ඇරඹී රේඛාවක යෑමක් චින්තනයේ තියෙනවා. බටහිර විද්යාව ඇතුළු බටහිර දැනුමේ දෙවියන්වහනසේ නැතත් ආරම්භය තියෙනවා. ඔවුන් විශ්වයේ මහා පිපිරුමක් ගැන කියන්නේ එබැවිනුයි. අපේ විශ්වය චක්රීයයි. එය කලක් ප්රසාරණය වෙනවා. කලක් හැකිලෙනවා. මහා පිපිරුමේ විශ්වය දිගට ප්රසාරණය වෙනවා. අප බව මහා ඉහළින් ඉගෙන ගන්නවා.උගන්නනවා.

බටහිර ආකල්පවලට පරිසරය රකින්න තබා ගතික සමතුලිතතාවක් තියාගන්නවත් බැහැ. ඔවුන්ගේ චින්තනයට අනුව ස්වභාව ධර්මය මවා හෝ මැවී හෝ ඇත්තේ මිනිසාගේ (සුදු පිරිමියාගේ) ප්රයෝජනය (පරිභෝජනය) සඳහායි. නිසා අප පරිසරය කොල්ලකනවා. අප දැන් ඊනියා සංවර්ධනය සඳහා පරිසරය (ස්වභාව ධර්මය) ගසාකනවා. බටහිර සංවර්ධනයට ස්වභාව ධර්මය සමග සහජීවනයක් නැහැ. මේ සියල්ල මා කලින් කල ලියූ ලිපි එකතුවක් ලෙස අවුරුදු දහයකට පෙර පළ කල පරිසරය හා බටහිර ආකල්ප නමැති පොතේ කියා තිබෙනවා. ඒත් මෙරට  කෘත්රීම බුද්ධිමතුන්වත් දේශපාලනඥයන්වත් මා ලියන කිසිවකට තම අවධානය යොමු කරන්නේ නැහැ.

තිරසාර සංවර්ධනය යන්න ව්යාජ සංකල්පයක් පමණයි. බටහිර සංවර්ධනයෙහි තිරසාර බවක් නැහැ. ජාත්යන්තරවාදී සුපිරිව්යුහයේ බුද්ධිමතුන් ඔවුනුත් රැවටී අපත් රැවටීමට මෙවැනි සංකල්ප නිර්මාණය කරනවා. කෘත්රීම බුද්ධිමතුන් අනුව කියවනවා. වැඩකට නැති සංඛ්යා ලේඛන, ප්රස්තාර ඉදිරිපත් කරනවා. දේශපාලනඥයන් ජනතාව රැවටීමට සංකල්ප යොදා ගන්නවා. 

මේ ලිපිය තවත් ලිපි කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි .

https://www1.kalaya.org

නලින් සිල්වා

2017 ජනවාරි 20