Main Logo

Friday 27 December 2019

කිඹුල් භාෂණයේ නිදහස පිටුපස එන විශ්වාසභංගය

සිංහල ලිත් ඉලක්කම් 


කිඹුල් භාෂණයේ නිදහස පිටුපස එන විශ්වාසභංගය




රාජිත වටා එ ජා පෙරමුණ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජ වි පෙ එකතු වෙන බව පේනවා. ඔවුන් එකතු වෙනවාට වඩා බටහිරයන් ඔවුන් එකතු කරන්නේ ය යන්න වඩා සංගතයි. කලකට පසු  අනුර රනිල්දාස කතා කළා. ඔහු රාජිත වගේ හැංගිලා ඉඳලා නැහැ. එහෙත් ලජ්ජාවට හැංගිලා ඉඳලා. සියයට තුනෙන් පසු ඔහුට සියයට හයේ මිතුරන් සමග ඉන්න එක ප්‍රශ්නයක් වෙන්න ඇති. ඔහුට දැන් නව මිතුරන් ඉන්න බවකුත් පෙනී ගියා. 


අද නන්නන්තාර වූ ඊනියා මාක්ස්වාදීන්ට හා සිංහල විරෝධීන්ට එකතු වීමට හැකි එ ජා පක්‍ෂය වටා පමණයි. ඊනියා මාක්ස්වාදීන් ද කලක සිට මෙහෙයවනු ලබන්නේ බටහිරයන් විසින්. යටත්විජිත විරෝධය ඊනියා අධිරාජ්‍ය විරෝධය ආදිය සිංහල විරෝධය හමුවේ සුළඟේ පාවී යනවා. අද මේ සියල්ලන්ට ම වඩා වැදගත් සිංහල විරෝධය. බටහිර අධ්‍යාපනයේ හා දැනුමේ ප්‍රතිඵලය තමයි ඊනියා ප්‍රබුද්ධයන් අධිරාජ්‍ය විරෝධීන් වීම වෙනුවට සිංහල විරෝධීන් වීම.

සුමන්තිරන් ද එරාන් වික්‍රමරත්න ද තවත් අය ද රාජිත වෙනුවෙන් කතා කරල තිබුණා.  සජිත් එ ජා ප නායකයා වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. සුමන්තිරන්ලාට අනුව භාෂණයේ නිදහස තියෙන්න ඕන. ඒක ඇත්ත. ඔවුන් පිළිගන්නවා දේශපාලනඥයන් බොරු කියන බව. භාෂණයේ නිදහසට බොරු කීමේ නිදහස ද ඇතුළත් වෙනවා ද? භාෂණයේ නිදහසට සීමාකම් නැත් ද? 

බොරු කීම, වෛරී කතා, අනුන්ට කරන අපහාස, ආදී සියල්ල භාෂණයේ නිදහසට අයිති වෙන විධියට භාෂණයේ නිදහස නිර්වචනය කරන්න පුළුවන්. ඒත් එය අධිකරණය කෙසේ නිර්වචනය කරන්නේ ද යන්නයි ප්‍රශ්නය. එම්සීසී ගිවිසුම පිළිබඳ දරණ මතයක් බොරුවක් වන්නේ නැහැ. මා සාවද්‍ය ව යම් මතයක් දරණවා වෙන්න පුළුවන්. එහෙත් එපමණින් ඒ මතය බොරුවක් කියා කියන්න බැහැ.

බුදුදහමේ හැරෙන්න වෙනත් දහම්වල හා ආගම්වල විවිධ මතවාද දැනුම් තියෙනවා. ඒ ඒ මතවාද වෙනත් මතවාදවලට සාපේක්‍ෂ ව බොරු වෙනවාNo Confidence . එහෙත් ඒවා බොරු ලෙස අධිකරණයේ නිර්වචනය වෙන්නේ නැහැ. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියා කියනවා. ඒ සියල්ල බොරු හා බටහිර විද්‍යාව ඒ බොරුවලින් එක්තරා ආකාරයක බොරු කුලකයකින් සමන්විත වන්නේ ය යන අරුතින්. 

දේශපාලනඥයන් ජනතාව රවටනවා. නොමග යවනවා. ඒ අර එම්සීසී ගිවිසුම ගැන තමන් දරණ මතය මගින් නො වෙයි. එම්සීසී ගිවිසුම විතරක් නොවෙයි ගණිත ප්‍රමේයයක් වුණත් මට වරදවා තේරුම් යන්න පුළුවන්. ක්වොන්ටම් භෞතිකයෙන් කියැවෙන්නේ කුමක් ද යන්න ගැන විවිධ අර්ථනිරූපණ තියෙනවා. ඒ එකිනෙකා දෙන අර්ථනිරූපණ. 

එහෙත් කිඹුලන්ට කෑමට අහවල් වැව්වලට මිනිසුන් දානවා කියන එක අර්ථනිරූපණයක් නො වෙයි. එය යමකුගේ හෝ කිහිප දෙනකුගේ හෝ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් වෙන්න ඕන. ඒක හිතළුවක් පමණක් නො වෙයි. යමකු එසේ කිඹුලන්ට කෑමට මිනිසුන් අහවල් වැවට දැම්මා ය කියන විට   එය කාගේ හරි ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් වෙන්න ඕන. යමකු ඒ බව දැක්කා යැයි වෙනත් යමකු කියන්නෙ නම් ඒ දෙවැන්නා පළමුවැන්නා ගැන තොරතුරු කියන්න ඕන. එසේ නොමැතිව ඇසූ දෙයක් පමණක් සාක්‍ෂියක් වන්නේ නැහැ.  මා මේ කියන්නේ බටහිර ක්‍රමය ගැනයි. ඊනියා භාෂණයේ නිදහස ගැන කතා කරන්නේ බටහිර රාමුවක.

රාජිත සේනාරත්න මාධ්‍ය සාකච්ඡාවකට දෙදෙනකු ගෙනාවා. ඔහු ඒ දෙදෙනා ගෙනාවේ ඔවුන් ගැන විශ්වාසයක් ඇතිවයි. මාධ්‍ය සාකච්ඡා මාධ්‍ය සංදර්ශන බවට පත් වී ඇති නමුත්  ඒ විහිළුවක් ලෙස සලකන්න බැහැ. රාජිත සේනාරත්න අර්ථනිරුපණයක් කෙළේ නැහැ. ඔහු තමා විශ්වාස කළ ඇසින් දුටු සාක්‍ෂිකාරයකු මාධ්‍යයට ගෙන ඒමක් කෙළේ. එහි වගකීම ඔහු භාරගන්න ඕන. 

ඒ දෙදෙනා අද මොනවා කියනවා ද කියා අප දන්නේ නැහැ. ඒ සියල්ල ගැන පරික්‍ෂණ කිරීම පොලීසියේ අදාළ අංශවලට භාර කටයුත්තක්. අර දෙදෙනා කියනවා නම් තමන් ඒ ගැන එකල පොලීසියට පැමිණිළි කළ නමුත් පොලීසිය එ ගැන විභාග කෙළේ නැහැ කියා එහි වරද පොලීසිය සතුයි. ඒ කියන්නේ 2015-2019 අතර වූ පොලීසියත් සමග. මා එකල සිටි පොලීසිය භාර ඇමතිවරුන්ගේ නම් ගම් කියන්න යන්නේ නැහැ. 

පොලීසිය ඒ ඒ කාලවල ක්‍රියා කරන්නේ ඒ ඒ ආකාරයට. එය දේශපාලන බල තුලනය මත වෙනස් වෙනවා. එහෙත් කිඹුලන් කෑමේ කතාව 2015-2019 අතර පොලීසිය විභාග කර නැත්නම් හෝ විභාග කර කිඹුලන් නොසිටි බව තීරණය කර ඇත්නම් හෝ ඉන් කියැවෙන්නේ ඉතා ඉහළ සම්භාවිතාවකින් 2015ට පෙර කිඹුලන් නොසිටි බවයි.

කොහොමටත් කිඹුලන් සහ අත්අඩංගුවට ගැනීම් හරහා සියළු සිංහල විරෝධීන් බටහිර අනුග්‍රයෙන් තම විවිධ වෙනස්කම් අමතක කර එකතු වන බව පේනවා. අනුර රනිල්දාස ජනාධිපති කතාවෙන් පසු පාර්ලිමේන්තු වාදයක් ඉල්ලන්නේ සියළු සිංහල විරෝධීන් වෙනුවෙන්. ඔහු බොරුවට එ ජා පක්‍ෂය ද විවේචනය කරනවා. එහෙත් ඔහු අරඅඳින්නේ එක්කෝ ජනවාරි තුන්වැනිදාට විශ්වාසභංග යෝජනාවක් ගේන්න. නැත්නම් ජනාධිපති කතා විවාදයකින් ආණ්ඩුව පරාජය කරන්න. සිංහල විරෝධීන් සියල්ල එකතු වෙලා.

එහෙත් ජාතිකත්ව කඳවුර බෙදෙනවා. ශ්‍රී ල නි පක්‍ෂය නැති කිරීමේ වුවමනාව සමහර පොහොට්ටු උද්ධච්ඡයන්ට තියෙනවා. අද ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්. ඒ සුළුතර ආණ්ඩුවත් භේද කිරීමට පොහොට්ටුවේ ඇතැමුන් කටයුතු කරනවා. අද කළ යුත්තේ ගෝඨාභය ශක්තිමත් කිරීම මිස ඔහු දුර්වල කිරීම නො වෙයි.