Main Logo

Saturday 7 December 2019

සුද්දන් සුද්ද කිරීම

       සිංහල ලිත් ඉලක්කම්


සුද්දන් සුද්ද කිරීම 




මෙරට ඊනියා ලාංකික ජාතියක් ගොඩ නැගීමට පඬියන් කතා කරනවා. එහෙත් දෙමළ, මුස්ලිම් නමින් දේශපාලන පක්‍ෂ ක්‍රියාත්මක වෙනවා. පඬියන් ඒ පක්‍ෂවලට ඊනියා ලාංකික නාමයකින් ඒ පක්‍ෂවල නම් වෙනස් කර ගන්න කියන්නේ නැහැ. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා කතාව මතක් වෙනවා. පඬියන් කියන්න බැරි නැහැ සිංහලයන්ගේ අසාධාරණකම් නිසා එලෙස පක්‍ෂ නම් කිරීමට සිදු වී තිබෙනවා කියා. එහෙත් පඬියන් මේ අසාධාරණකම් නම් කරන්නේ නැහැ. 


එහෙත් බටහිර රටවල් හා ඉන්දියාව සිංහලයන්ට කරන තරමක් කරන්නේ අසාධාරණකම්. සිංහලයන්ගේ ප්‍රධාන සතුරන් එංගලන්තය හා ඉන්දියාව. එහෙත් සිංහලයන් වැඩියෙන් ම අනුකරණය කරන්නේ ගැති වෙන්නේ ඒ රටවල් දෙකට. පහුගිය දා එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශයේ තිබූ ඡෙදයකින් කියැවුනේ ලංකාවේ රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තය තමන් පවත්වාගෙන යන බවයි.  අප අදාළ වාක්‍යය ගෙන හැර පාමින් පෙන්නුවා එහි කොමාව යෙදී තිබෙන ආකාරයෙන් කොන්සර්වෙටිව් පක්‍ෂය ලංකාව සම්බන්ධයෙන් ද රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තිිය පවත්වාගෙන යන බව පැහැදිලි ය කියා. දැන් කවුරු හරි කියන්න පුළුවන් පවත්වාගෙන යන්න එහෙම ප්‍රතිපත්තියක් තිබුණෙ නැහැ කියල. මා ඒ අය කියන මෝඩ කතා සතපහකට ගණන් ගන්නේ නැහැ. එහෙම නම් රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තියක් ගැන කියන්නේ අහවල් දේකට ද? එ රාජ්‍ය දෙකේ කතාව අවධාරණය කර ඇත්තේ ඇයි. නිකම් ම කියන්න තිබුණා නොවැ අපි අපේ සංහිඳියා ප්‍රතිපත්තිය පවත්වාගෙන යනවා කියා.  

මෙරට ඉන්නවා සුද්දන් සුද්ද කරන්න යන අය. සුද්ද කරනවා කියන එක මෙහි අර්ථ දෙකකින් යොදා ගැනෙනවා එක් අර්ථයක් නම් මුදල් ඇතුළු වස්තුව ලබා ගන්නවා කියන එක. අනෙක වැරදි, වැරදි නොවේ යැයි පෙන්වීම. පඬියන් සුද්දන් සම්බන්ධයෙන් කරන්නේ දෙවැනි සුද්ද කිරීම. පළමුවැන්තත් කරනවා ඇති ඉතා අඩු ලංසුවකින්. ඒ ඩොලර් පවුම් ටිකක් ලබා ගැනීමෙන්.  

එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂයටත් වඩා ලේබර් නැත්නම් කම්කරු පක්‍ෂය සිංහල විරෝධියි. අප කියා ඇත්තේ බටහිර යුරෝපයේ ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ කොන්සර්වෙටිව්/ලිබරල් පක්‍ෂවලට වඩා සිංහල විරෝධී බව. සුද්දන් සිංහල විරෝධී වන්නේ සිංහල ථෙරවාදී බුදුසසුනට විරුද්ධ නිසා. එදත් අදත් එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් ථෙරවාදය තමන්ට ඇති ප්‍රධාන අභියෝගය ලෙස සලකනවා.

ලංකාව දෙකඩ කිරීම තමයි එංගලන්තයේ ප්‍රතිපත්තිය. ඔවුන් එය වචනයෙන් කියා නැතිව ඇති. එහෙත් මුල සිට ම ඔවුන් ක්‍රියා කර ඇත්තේ ඒ සඳහායි. ඔවුන්ගේ උපාය සංධීය, සහසංධීය, වෙන ම රාජ්‍යය. එය එක් ක්‍රියා දාමයක්. කොන්සර්වෙටිව් පක්‍ෂයට මෙවර සිදු වී ඇත්තේ බළලා මල්ලෙන් එලියට පැනීමක්. ඔවුන් අර ක්‍රියා දාමයේ අවසානයට ඇති අංගය මුලින් ම කියලා. මා මෙහි සඳහන් කරනවා කම්කරු පක්‍ෂයේ මුදල් ඇමති වීමට සූදානමින් ඉන්න ජෝන් මැක්ඩොනල් නිකුත් කර ඇති පණිවුඩයක්. මා එය සිංහලට පරිවර්තනය කරන්න යන්නේ නැහැ.      



"My name is John McDonnel. I am Labour’s Shadow Chancellor. Many of you will know that I, and Jeremy Corbyn, the leader of the Labour Party, have stood firmly on the side of the Tamil community as it experienced the brutal oppression in Sri Lanka and we believe it should be recognised as an attempt at genocide of the Tamils. The brutal oppression has continued with the military occupation of the Tamil homeland. We urge that the military are withdrawn. We believe that the Tamils have the right to a peaceful political solution, based upon the recognition of their human rights but also their right to self-determination as well. We believe that the British government has a specific role to play, both in terms of ensuring that our relationships with Sri Lanka, trading relationship in particular, are based on human rights but also on progress with the implementation of the UN’s resolution. We believe also that we have a role to ensure that our High Commission monitors human rights as particularly the election of the new president whose record, we have to say, presents us with real concerns and fears for the future. One of the aspects we are particularly concerned is the use of the Prevention of Terrorism Act against Tamils, to ensure that while basic rights of assembly and freedom of speech, particularly journalists, are no longer applicable. We believe that there should be a long-term political solution and let me make this absolutely clear. The Labour Party will always stand with the Tamil community, both in terms of supporting them here in this country and their families in their homeland. We stand with the Tamils.”


මෙය කියවූ එංගලන්තයේ ඉන්න  සිංහලයන් බහුතරයක් කම්කරු පක්‍ෂයට ඡන්දය දෙන එකක් නැහැ. එහෙත් අවාසනාවකට ඔවුන් සමහර විට කොන්සර්වෙටිව් පක්‍ෂයට ඡන්දය දේවි. එංගලන්තයේ සිංහලයන්ට ඡන්දය දීමට තරම් සුදුසු පක්‍ෂයක් තියෙනවා ද කියන්න මා දන්නේ නැහැ. 

කෙසේ වෙතත් අප බටහිර රටවල සිංහල විරෝධය තේරුම් ගත යුතුයි. එංගලන්තය පසුගිය දා ලන්ඩන් පාලමේ මුස්ලිම් ත්‍රස්තවාදියාට වෙඩි තබා ඝාතනය කෙළේ ඔහු ඇද වැටුනාට පසුව. එවැන්නක් ලංකාවේ සිදු වූවා නම් බටහිර හා මෙරට මානව අයිතිවාසිකම් අයිතිකාරයන් හා අයිතිකාරියන් නගන හඬ අහන්න තිබුණා.  

සිංහලයන් තවමත් සිද්ධි වෙන වෙන ම ගන්නවා. සිද්ධි මාලාව හඳුනා ගන්නේ නැහැ. ස්විට්සර්ලන්ත තානාපති මෙරට කතක් තම තානාපති කාර්යාලයේ හෝ වෙනත් තැනක හෝ රඳවා ගෙන ඉන්නවා. එය සියළු නීතිවලට පටහැණියි. ඒ තැනැත්තියට අසනීප ද කියා අප දන්නේ නැහැ. අසනීප නම් තත්වය තවත් බරපතළයි. තානාපති මේ සියල්ල කරන්නේ ගෝඨාභය ආණ්ඩුව අපකීර්තියට ලක් කරන්න. ඔහු එංගලන්තය කරන දේට පක්‍ෂව මේ කටයුත්ත කරනවා. බටහිර රටවල් ක්‍රියා කරන්නේ එකට අත්වැල් බැඳගෙන. වැඩිකල් නොගොස් නෝර්වේ හා ස්වීඩනය නැවත කරළියට ඒවි. 

එංගලන්තය සුද්ද කර ස්විට්සර්ලන්තයට පමණක් පහර දෙන්නේ තම ගැති බව පෙන්නුම් කරන්නන්. අද ස්විට්සර්ලන්තයට විරුද්ධ ව ජනමතයක් ඇති බැවින් ඔවුන් එහි තානාපතිගේ ක්‍රියාවට විරුද්ධ වෙනවා. එහෙත් තම ගැති බව නිසා එංගලන්ත සුද්දන් සුද්ද කරනවා. එංගලන්තය තමයි ප්‍රශ්නයේ මුල. මේ පඬියන් කරන්නේ මුල එහෙම ම තිබිය දී අත්තකට පොරෝ පහරක් එල්ල කිරීම පමණයි. 

එංගලන්තයට දෙමළ ඡන්දවලින් වැඩක් නැහැ. ඔවුන් දෙමළ ඡන්ද දිනා ගැනීමට නො වෙයි කටයුතු කරන්නේ. දෙමළ ඡන්ද දිනාගන්නා විට එවැනි ම මෙන් ප්‍රමාණයක සිංහල ඡන්ද නැති වෙන බව ඔවුන් දන්නේ නැද්ද. ඔවුන් ඒ බව දන්නවා. මෙහි ඇත්තේ දෙමළ ඡන්ද දිනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධය තමයි එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ප්‍රතිපත්තිය. ඒ ථෙරවාදය ඔවුන්ට අභියෝගයක් නිසා. අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් විසින්. ගෝඨාභය අනෙක් රටවල් සමග සම්බන්ධතා දැඩි කර ගන්න ඕන.