Main Logo

Sunday 2 February 2020

වූහාන් පින්කම

                  සිංහල ලිත් ඉලක්කම්


වූහාන් පින්කම



වුහාන් හි සිටි ලංකාවෙන් ගිය සිසුන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඊයේ ආපසු ලංකාවට ගෙනැවිත්. ජනමාධ්‍යයෙන් කියන විධියට දියුණු යැයි කියන රටවල් තුනකට පසු වූහාන් ප්‍රදේශයෙන් තම රටවැසියන් ආපසු ගෙන්වා ගෙන ඇත්තේ ලංකාවයි. මේ පිළිබඳ ගෞරවය ජනාධිපතිතුමා, විදේශ ඇමතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමිය, විදේශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට, චීනයේ වැඩ බලන මෙරට තානාපතිතුමා ඇතුළු කාරයමණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවට, එයාර් ලන්කන් ගුවන් සේවයට, අදාළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, දෙරණට, චීන රජයට හා ඒ සම්බන්ධ කටයුතු කළ වෙනත් සියළු දෙනාට හිමි විය යුතුයි. මා හිතනවා මේ වන විට චීනයේ සිටි මෙරටින් ගිය අවශ්‍යතාව තිබූ සියල්ලන් ම පාහේ ආපසු ලංකාවට පැමිණ ඇත කියා.

එය ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. එය ඉතා වැදගත් පුන්‍ය කර්මයකට දායක වීමක්, සම්මාදම් වීමක්. මේ සද්ක්‍රියාවට විරුද්ධවූවන් ද සිටියා. එය මෙරට සාමාන්‍ය සිරිත. එ ජා ප සමහරුන් කිවුවේ අදාළ පිරිස ලංකාවට ගෙන්වීමට එපා කියා. ජ වි පෙරමුණ ද පුරුදු පරිිදි විප්ලවීය විරෝධතාව දැක්වූවා. අප මුල සිට කියා සිටියේ මේ දේශපාලන අනාථයන් නොසලකා හැරිය යුතු බවයි. 

මෙය කණ්ඩායම් වැඩක්. එහෙත් කණ්ඩායමක් ක්‍රියා කරන්නේ නායකත්වයක් ඇතිව. මේ අවස්ථාවේ වෙනත් අයකු ජනාධිපති ව සිටියේ නම් මේ කරගත හැකි ද යන්න ප්‍රශ්නයක් වෙනවා. මෙය එක්තරා විධියකට හමුදා මෙහෙයුමක්. එහෙම කිවුව ගමන් ආ අපි කිවුවෙ මේක හමුදා ආණ්ඩුවක් කියල කියන පිරිසක් ඉන්නවා. අප ඔවුන් සතපහකට ගණන් ගත යුතු නැහැ. මා එයට එක්තරා ආකාරයක හමුදා මෙහෙයුමක් කියන්නේ සැලැස්මක් විධානයක් අණ පිළිපැදීමක් සම්බන්ධීකරණයක් නැතිව එය ක්‍රියාත්මක කිරීමට නොහැකි නිසා.

මට තේරෙන විධියට සම්පුර්ණ සැලැස්ම අකුරට ම ක්‍රියාත්මක කරලා. වුහාන් බලා ගිය ගුවන් යානයේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුව දීම, පැමිණි අය දියතලාවට ගෙන යෑම, නිරෝධායන ක්‍රියාවලිය, දියතලාවේ අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම ආදී සියල්ල සාමාන්‍ය විධියට කියනවා නම් නූලට කෙරිලා. මේ වැඩ පිළිවෙළට විරුද්ධතා නොතිබුණා නො වේ. කවුදෝ දෙමළ ජාතිවාදී දේශපාලනඥයකු කියා තිබුණා අදාළ පිරිස දියතලාවට ගෙන ඒමෙන් වතු කම්කරුවන්ට නව කෙරෝනා වෛරසය දීමට කටයුතු කරලා කියා. තවත් සමහරු අසා තිබුණේ ලංකාවේ වෛද්‍ය පහසුකම් සැපයිය හැකි ද කියා. 

මෙහි දී චීන රජයට විශේෂ පින් දීමක් කරන්න ඕන. ලංකාවට මේ කාර්යය කිරීමට තිබූ හැකියාව පිළිබඳ චීනයට පූර්ණ විශ්වාසයක් තිබුණා. අර දියුණු යැයි කියන රටවලට අමතර ව ලංකාවට ද අවශ්‍ය පහසුකම් තිබෙන බව චීනය දැනගෙන ඉන්න ඇති. අපේ අයගේ හැකියාවන් ඔවුන් දැනගෙන ඉන්නවා. නැති පහසුකම් ඇති කිරීමට ද හැකි බව දැනගෙන ඉන්න ඇති. ලෝකයේ සිටි නිර්දය ම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළ සැලසුම් හා මෙහෙයුම් පිළිබඳ ව චීනය දැනගෙන හිටියා පමණක් නොව ඒ ගැන ගෞරවයක් ද තියෙන්න ඇති. ඔවුන් ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන බොරු ප්‍රචාර ගෙන ගියේ නැහැ. කොටි පරාජය සැලසුම් කළ ගෝඨාභය රාජපක්‍ෂට මේ කාර්යය සැලසුම් කිරීම අමාරු කාර්යයක් නොවන බව චීනය දැන සිටින්න ඇති. මේ කලබල අවසන් වූ වහාම ඔහු චීනයට යන බව අපට විශ්වාසයි.

හමුදාව නොසිටින්න මේ කාර්යය මෙතරම් සාර්ථක ව කරන්න බැහැ. නැවතත් අපට රණවිරුවන් දෙසට හැරෙන්න සිදු වුණා. රණවිරුවන් තම කාර්යභාරය නැවතත් මැනවින් ඉටු කළා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය විශේෂ පුහුණුවක් ඇතිවයි වූහාන් ගියේ. ඔවුන් නිර්භය ව මෙන් ම කැප කිරීමකින් ද ඒ කාර්යය ඉටු කළා. ආපසු පැමිණීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලියට ද සහභාගි වුණා. එහෙත් ලැබෙන ආරංචි අනුව ඇතැමුන් ඔවුන්ට ලැබී ඇති නිරෝධායන සහතික පිළිගැනීමට සූදානම් නැහැ. රජය ඒ ගැන සොයා බලන්න ඕන. 

මේ සියල්ල මට හිතෙන විධියට බටහිර හා අපේ ක්‍රියාවලිවල එකතුවක්. එය හොඳයි. දේශීය වෙදකම ලබා දීමට අවස්ථාවක් ලැබෙන්න නැතිව ඇති. එහෙත් ජනාධිපතිතුමා දේශීය වෙදකම ද යොදා ගැනීමට උපදෙස් දී තියෙනවා. එය වැදගත්. අපට වඩාත් ම වැදගත් වන්නෙ රෝගය පැතිරීම වැළැක්වීම. දේශීය පාරම්පරික වෙදමහතුන් සමග රුපවාහිනී සාකච්ඡා පැවැත්වීමට කටයුතු යෙදිය යුතුයි. දෙරණට ඒ සඳහා මූලිකත්වය ගන්න පුළුවන්. දැනුම් පද්ධති දෙකක කතාව කිසි විටෙකත් අමතක නොකළ යුතුයි. 

බටහිරයන් නැවතත් චීනයට විරුද්ධ ව ක්‍රියාත්මක වෙනවා. මෙය ඊනියා සමාජවාදයක් පිළිබඳ කතාවක් නොවෙයි. ලෝකයේ කොහේවත් සමාජවාදයක් නැහැ. සමාජවාදය ඇත්තේ මෙරට පඬියන් අතර පමණක් ද දන්නෙ නැහැ. බෞද්ධ සමාජවාදයක් කියා එකක් නැහැ. රජවරුන්ට සිටුවරුන්ට නිවන් සම්මාබෝධයට විශේෂ බාධාවක් වුණේ නැහැ. චීනයේ ඇත්තේ බටහිර මෙන් ම චීන සාම්ප්‍රදායික දැනුම්. බටහිරයන් ඒ ගමන වූහාන් ප්‍රදේශයේ ජනතාවගේ මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න පටන් අරන්! වූහාන් ප්‍රදේශය එසේ වෙන් නොකළා නම් සිද්ධ වෙන්න තිබූ විනාශය ගැන ඔවුන් කියන්නේ නැහැ.

ඔවුන් නොකියන කාරණයක් තියෙනවා. නව කොරෝනා වයිරසය බෝවෙන කුරුළු බ්‍රොන්කයිටිස් රෝගයකට නිපදවූ එන්නතක් ද යන්න. මේ වඳුරු සුප් සර්ප ආහාර කතා සතපහකට විශ්වාස කරන්න බැහැ. චීන ජාතිකයන් මේ ආහාර ගන්නේ අවුරුදු දහස් ගණනක සිට. බටහිරයන්ගේ දැනුම සම්පූර්ණයෙන් ම පදනම් වන්නේ තැත්-වරද (trial and error) ක්‍රමය මත. ඊනියා උපන්‍යාස (hypotheses)  කියන්නෙ හිතළු. ඒ හිතළු හරියනවා ද නැද්ද  කියල බලන එකයි කරන්නෙ. කිසිම උපන්‍යාසයක් හිතළුවක් හරියට ම හරියන්නෙ නැහැ. වැරදි වැඩිවෙනවිට හිතළු ව වෙනස් කරනවා. හිතළුව කිසි දිනෙක සම්පූර්ණයෙන් පරීක්‍ෂාවට ලක්වන්නේ නැහැ.  

කුරුල්ලන්ට නිපද වූ එන්නත මිනිසුනට වෛරසයක් වෙලා ද? එන්නත නිපදවන විට බලන්නේ නැහැ ඒක මිනිසුන්ට ගියොත් මොකද වෙන්නෙ කියලා. ඔය කියන එන්නත කුකුළන්ගෙ මාර්ගයෙන් කුකුළන් අතපත ගෑ මිනිසුන්ට බෝවෙලා ද? හොයල බලන්න. එහෙම නම් එසේ බෝවී මියගිය අයගෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ කවුද? අර කැමරා උස්සගෙන පන්සල් යන මුවාවෙන් අලි බලන්න යන අම්මණ්ඩිලා ද? පඬියන් ද? 

ඒ කුමක් වුවත් අපි ජනාධිපතිතුමා ප්‍රධාන කණ්ඩායමට වූහාන් මෙහෙයුම වෙනුවෙන් පින් දෙන්න ඕන. අදාළ සියල්ලන්ට සති දෙකකින් ගෙදර යන්න පුළුවන් වේවි කියා ප්‍රාර්ථනා කරනවා. ඉක්මණින් ම නව කොරෝනා වෛරස රෝගීන් සුවපත් වේවා.