Main Logo

Wednesday 1 April 2020

මුස්ලිමුන් කොස් හා කොවිඩ් 19

 සිංහල ලිත් ඉලක්කම්


මුස්ලිමුන් කොස් හා කොවිඩ් 19



හිටපු මන්ත්‍රී තෙවරප්පෙරුම කොස් ලොරියක් අරගෙන අටුළුගම ගිහිල්ලා. ඔහුට එහි මුස්ලිම් ජනතාව කිවුවල කොස් ගෙනත් දෙන්න කියා. මුස්ලිමුන් කොස් කන්න එච්චර කැමති කියා මා දැන හිටියේ නැහැ. තෙවරප්පෙරුමගෙ මුදු සිත උණු වෙලා කොස් ලොරියක් පුරව ගෙන ගිහිල්ල. ඔහු කොස් කැඩුවෙ කොහොමද කියල කවුරුවත් අහල නැහැ. ඔහු සෙනග රැස් කර ගෙන එහෙම කෙරුවද නැත්තන් තෙවරප්පෙරුම ම කොස් කැඩු ද කියල කියන්නෙ නැහැ. ඔහු කොස් කැඩීම සම්බන්ධයෙනුත් ඇඳිරි නීති කඩල ද? 


තෙවරප්පෙරුම එච්චර හානියක් කරල නැති බවයි පේන්න තියෙන්නෙ. පොලිස් නිලධාරීන් කොස් ලොරිය භාරගෙන තමන්ගේ ම වාහනයකින් කොස් බෙදා දුන් බවකුයි පේන්න තියෙන්නෙ. ඔවුන් තෙවරප්පෙරුම විෂබීජහරණයකට ලක් කරල ගෙදර ඇරලා. එහෙම කරපු එක ගෙදර අයට හොඳයි. 

එහෙත් හකීම් අසාද් සාලි වැන්නන් තම ජාතිවාදී දේශපාලනය සඳහා කොවිඩ් 19 යොදා ගන්නා බව පැහැදිලියි. මීගමුවේ මියගිය මුස්ලිම් බැතිමතකුගේ දේහය පිළිබඳ අවසාන ගෞරවය ඉස්ලාම් ආගම අනුව කෙරුණෙ නැති බවයි ඔවුන් කියන්නෙ. එහෙත් අඩු තරමෙන් පැය විසිහතරක් ඇතුළත සියල්ල කෙරී තිබෙනවා. එය ඉස්ලාම් ආගමට එකඟයි. 

හකීම්ලා අසාද් සාලිලා මොනවා කිවුවත් අප කලබල විය යුතු නැහැ. අප කලබල කිරීමත් ඔවුන්ගේ අරමුණක් විය හැකියි. අප එයට හසු නොවිය යුතුයි. අප තේරුම් ගත යුත්තේ මුස්ලිම් සංස්කෘතියයි. මුස්ලිම් බැතිමතුන් තම ආගමානුකූල ව අවසාන කටයුතු සිදු කිරීමට කැමති වෙනවා විය හැකියි. බෞද්ධයන් ද තම ආගමානුකූල ව අවසාන කටයුතු කිරීමට කැමතියි. අප හාමුදුරුවන් වඩම්මල පාංශුකූලය දීල අවසන් කටයුතු කරන්න ඉල්ලුවත් එයට ඉඩ දෙන්නෙ නැහැ. කොවිඩ් 19 සම්බන්ධයෙන් බෞද්ධයන් එහෙම ඉල්ලන්නෙත් නැහැ. කතෝලිකයන්ට ද තම ආගමික ව කළ යුතු ක්‍රියා තියෙනවා. හින්දූන්ට ද එසේමයි. එහෙත් මේ කිසිවකු එසේ ඉල්ලන බවක් පේන්නෙ නැහැ. 

මුස්ලිම් භක්තියන් පමණක් මේ අවස්ථාවේ කොවිඩ් 19 වැළඳී මිය ගිය ගැන තම ආගමානුකූල ව අවසන් කටයුතු කිරීමට ඉල්ලීමට හේතුවක් තියෙනවා. ඔවුන්ගේ හැසිරීමේ රටාවෙත් ආගමික හේතු තියෙනවා. අන් ආගමිකයන්ට වඩා මුස්ලිම් ජනයා ආගමික වතාවත් පිළිපදින බවක් පේන්න තියෙනවා. ඔවුන් විශ්වාස කරන අන්දමට ඔවුන් ඉපදෙන කොට ම දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතය නියම කර තියෙනවා. එබැවින් ඔවුන් කොවිඩ් 19 ඉදිරියේ අමුතුවෙන් පරෙස්සමෙන් හැසිරෙන්න ඕන නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ මරණය සිදු වෙනවා. මරණයෙන් පසු භූමදාන කිරීම ස්වර්ගයට යෑමට හේතු වෙනවා. ඔවුන් ආදාහනයට විරුද්ධ එබැවින්. 

මුස්ලිම් බැතිමතුන්ගේ ආගමානුකූල ව ඔවුන්ගේ අවසන් කටයුතු කරන්න පුළුවන් නම් එසේ කරන එක  හොඳයි. එහෙත් සීමාකම් තියෙනවා. අපට අපේ සංස්කෘතික වුවමනාකම් සියල්ල මේ අවස්ථාවේ ඉටු කර ගන්න බැහැ. අද ලංකාවේ දේශීය වෙදමහත්වරුන්ට කිසිම තැනක් නැහැ. ඊට වඩා තැනක් ආයුර්වේද වෙදමහතුන්ට තියෙනවා. එහෙත් සම්පූර්ණ කටයුතු මෙහෙයවෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට  අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍යතා අනුව. ඔවුන් නිරෝධායනයට ලක්වූවනට කොවිඩ් 19 රෝගීනට මිය ගිය පසු අනුගමනය කළ යුතු නීති රීති සකසා තිබෙනවා. අප කැමති වුවත් අකමැති වුවත් ඒ නීති රීති පිළිපදින්න වෙලා තියෙනවා. බෞද්ධයනට පංශු කූලය දෙන්න බැහැ. කතෝලිකයනට දේව මෙහෙයක් පවත්වන්න බැහැ. කරන්න දෙයක් නැහැ. 

අප ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධිපත්‍යයට විරුද්ධයි. එහෙත් මේ අවස්ථාවේ දී අපට ඒ නීති රීති වෙනස් කරන්න කටයුතු කරන්න බැහැ. මෙරට පාරම්පරික වෙදමහත්වරුන්ට හා ආයුර්වේද සිද්ධ යුනානි වෙදමහතුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු සිද්ධ වෙන්නේ නැහැ.  

ලෝක සෞඛ්‍ය සංවිධාන නීති රීති අනුව පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු සිද්ධ කරන්න ඕන. ඥාතීන් දෙදෙනකුට වඩා දේහය පෙන්නන්න බැහැ. දේහය වතුර සමග මිශ්‍ර නොවිය යුතුයි. භූමදාන කරන්නේ නම් එසේ වතුර සමග මිශ්‍ර නොවීමට අමතර ව අඩි හයකට (අටක් වෙන්න පුළුවන්) වඩා ගැඹුරක් ඇති වළක් හාරන්න ඕන. මීගමුවේ සිද්ධියේ දී ඒ පළාතේ තත්වය අනුව ගැඹුරුති වළක් හෑරුවොත් වතුර ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඒ සියල්ල කල්පනා කර බලධාරීන් තීරණය කර තිබෙනවා දේහය ආදාහනය කරන්න. 

මුස්ලිම් බැතිමතුන් ස්වර්ගයට යෑම ගැන කල්පනා කරනවා නම් ඒක හොඳයි. ඔවුන් එහි දී කළ යුත්තේ කොවිඩ් 19 හදා ගන්නෙ නැතිව ජීවත් වීමත් අනෙක් අයට නොදීමත්. එවිට අර නීිති රීතිවලට යටත් වන්න සිදු නොවේවි. ස්වර්ගයට යන්නත් පුළුවන් වේවි. කොවිඩ් 19 බෝ කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තක් කියා මා විශ්වාස කරන්නේ නැහැ. කොවිඩ් 19 සාදා ගැනීමෙන් හරි බෝ කිරීමෙන් හරි දෙවියන් වහන්සේ කැමති කරන්න පුළුවන් කියාත් මා විශ්වාස කරන්නේ නැහැ. මුස්ලිම් බැතිමතකු එසේ විශ්වාස කරනවා නම් ඒ ගැන දැන ගන්න කැමතියි. 
  
කෙසේ වෙතත් කිසිවකු මේ අවස්ථාවේ බියවිය යුතු නැහැ. පරෙස්සම් වෙනවා කියන්නේ බියවීම නිසා කරන්නක් නො වෙයි. බිය නොවී චිත්ත ශක්තියෙන් යුතුව ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕන.