Main Logo

Wednesday 15 July 2020

මැතිවරණය හා කන්දකාඩු

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9




මැතිවරණය හා කන්දකාඩු

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියා තිබෙනවා අපි අභියෝග ජයගන්නවා කියා. පහුගිය අවුරුදු කිහිපයෙහි ඒ මහතා හා හමුදාව ක්‍රියා කර ඇති ආකාරයට අපට ඒ ගැන විශ්වාසයක් තියෙනවා. අනාගතයට අයත් දේ ගැන අපට ඇත්තේ විශ්වාසයක් පමණයි. ඒ ඒ විශ්වාසවලට ඒ ඒ සම්භාවිතා ඇති. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ. අනාගතය ගැන අපට අනාවැකි කියන්න පුළුවන්. ඒ සම්භාවිතාවලට යටත් ව. අනාගතයක් ගැනත් අපට ඇත්තේ විශ්වාසයක්  පමණයි. 


මෙහි දී මට මතක් වෙන්නෙ මැතිවරණ කොමිසමේ සභාපති දුන් පිළිතුරක්. එක් ජනමාධ්‍යවේදියකු ඔහුගෙන් ඇසුවා ඕනෑම තත්වයක් යටතේ මැතිවරණය පවත්වනවා ද කියා. එවිට ඔහු අසා සිටියේ හෙට පොළොව කැරකෙන එක නැවතුණොත් මොක ද කරන්නෙ කියා. පොළොව කැරකෙන එක නවතින්නෙ කොහොම ද කියල අහන්න පඬි නැට්ටකු එතන ඉඳලා නැහැ. අපි සමහර වෙලාවට කියනවා හෙට ඉර පායනවා වගේ විශ්වාසයි කියල. ඉර පෑවේවෙ නැත්තන් මැතිවරණත් නැහැ වෙනත් මුකුත් නැහැ. 

ඒ මොකක් වුණත් ඉර පැව්වත් මැතිවරණය තිබුණොත් සමහරුන්ට ඉර පායන්නෙ නැහැ . ඔවුන්ට වුවමනා කරනවා මැතිවරණය කල් දාගන්න. එහෙම නැත්නම් මැතිවරණය අවලංගු කරන්න. පරණ පාර්ලිමේන්තුව කැඳවා ගැනීම ගැන ම තමයි  ඔවුන් ළත වන්නෙ. ඉර පායන්නෙ කාගේ පිණට ද කියල ඔවුන්ගෙන් අහගන්න ඕන. දැන් ඔවුන්ට පොළොව කැරකෙන එක නවත්තන්න බැහැ. එහෙනම් මොක ද කරන්නෙ. කොවිඩ් බෝ කරන්න පුළුවන් ද? එහෙම කරල මැතිවරණය කල් දාගන්න හරි අවලංගු කරන්න හරි පුළුවන් ද? 

මා හිතන්නෙ නැහැ එ ජා පක්‍ෂයටවත් සජිත්ගෙ පක්‍ෂයටවත් ජනතා විමුක්ති පෙරමුණ නමින් පෙනී සිටින ජනතා විකාර පෙරමුණටවත් ඒක කරන්න පුළුවන් කියල. ඒත් ඔවුන් වෙනුවෙන් වෙන අයට, පිටරැටියන්ට ඒ කරන්න පුළුවන් ද? මට අවිශ්වාසයක් තියෙනවා. මා අවිශ්වාසය යන්න යොදා ගන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියෙ. සැකයක් තියෙනවා වගේ අරුතින්. 

සුදුවැල්ලෙ ආසාදිතයන් (නාවික හමුදා කඳවුරේ ද ඇතුළුව) දැන් සුව වෙලා ටිකක් කල්. කන්දකාඩුව ඔවුන්ගෙ ම දිගුවක් වෙන්න පුළුවන් ද? මට තියෙන්නෙ අවිශ්වාසයක්. අප තවමත් දන්නෙ නැහැ (ඒ කියන්නෙ මෙන්න මෙහෙමයි වුණෙ කියන්න කතාවක් දන්නෙ නැහැ. මේ ඔක්කොම කතා තමයි. අපි ඔය කතා බහේ දි කියන්නෙ එහෙම කතාවකුත් තියෙනවා කියල. පඬි නැට්ටන් එහෙම කියනවා ද කියල අහගන්න ඕන. අහගන්න වෙනත් දේ අතර කණ හා මනස ගැන විශ්වාසයක් තියෙන්න ඕන.) කන්දකාඩුවට කොවිඩ් බෝ වුණෙ කොහොම ද කියල. එය මැතිවරණය කල් දමා ගැනීම සමග සම්බන්ධයක් තියෙන්න පුළුවන් ද?

කොවිඩ් 19 අද වන විට දේශපාලන අවියක් ද වෙලා. තම තමන් විශ්වාස කරන මතිමතාන්තර, රට රටවල දේශපාලන උගුල් කොවිඩ් 19 පැතිරීමේ දී බලපානවා. අද කියනවා කොවිඩ් 19 හෙම්බිරිස්සාව වගේ කියල. ඒ කොවිඩ් පොඩි ලෙඩක් කියන්න නො වෙයි. හෙම්බිරිස්සාව වගේ වරක් හැදුණ ම තවත් කීප වරක් හැදෙන්න පුළුවන්. දැන් අර පීසීආර් පරීක්‍ෂණ කරන්න කියල බටහිර වෙදමහත්තුරුන්ගෙ සංගමයයි රනිලුයි කෑ ගහනවා. රනිල්ට මැතිවරණයක් තිබුණොත් අරලියගහ මන්දිරය නොවෙයි සිරිකොතවත් හම්බ වෙන්නෙ නැහැ. ඔහු කේම්බ්‍රිජ් පෙදෙසට සීමා වේවි. රනිල් එක නොදන්නවා නො වෙයි. ඔහු ජීවිතයේ අන්තිම පහත් දේශපාලනයකට වැටිල ඉන්නෙ ඒකයි. 

පීසිආර් පරීක්‍ෂණ කෙරුව කියල එච්චර වැඩක් වෙන්නෙ නැහැ. හෙට අනිද්ද ඊළඟ සතියෙ මොක ද වෙන්නෙ කියල පීසීආර්ට කියන්න බැහැ. හැදිල තිබුණත් නැවත හැදෙයි ද කියල දන්නෙ නැහැ. පීසීආර් පරීක්‍ෂණ කරන්න එපා කියන එක නොවෙයි මා කියන්නෙ. පීසීආර්ට අමතර ව බටහිර වෛද්‍ය විද්‍යාව දන්නෙ මීටරේ දුර තියන්න සබන් ගා අත් හෝදන්න ආදී කරුණු පහ කියන්න විතරයි. ඔවුන් ඒවා කියන්නෙ ශරීරයට වෛරසය ඇතුල් වෙන එක හැකිතාක් වළක්වන්න. එය හොඳයි. ඒත් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ ගැන කියන්න පුළුවන් අය පාරම්පරික වෙදමහතුන් හා ආයුර්වේද වෙදමහතුන් අතර ඉන්නවා. ජනාධිපතිතුමාට ඕන කම තිබුණත් ආණ්ඩුව තවමත් ඒ උපදෙස් ගන්න පාටක් නැහැ. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙ ප්‍රතිශක්තිකරණය දුර්වලයි කියනවා. යම් අයුරකින් කවුරුන් හරි ඔවුන්ට කොවිඩ් ආසාදනය කළා නම් ඒ කරුණත් සැලකිල්ලට ගන්න ඇති. කොහොමටත් මෙවැනි කඳවුරු ගැන රජය විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. ප්‍රතිශක්තිය වැඩි කරන ක්‍රම ක්‍රියාත්මක කරන්න ඕන. එමෙන් ම උපදේශකවරුන්ගෙ ගමන් බිමන් ආදිය සීමා කරන්නත් ඔවුන් මහජන ප්‍රවාහන පහසුකම් යොදා ගැනීම වැළැක්වීමට ගමනාගමන පහසුකම් සැලසීමටත් කටයුතු කරන්න ඕන. විශාල පිරිසක් සේවය කරන ආයතන සඳහාත් සුදුසු වැඩ පිළිවෙළක් අනුගමනය කරන්න ඕන. 


කොවිඩ් පිහිටෙන් හරි මැතිවරණය කල් දමා ගැනීමට හරි අවලංගු කර ගැනීමට හරි අවශ්‍ය පිරිසක් ඉන්නව නම් දැනගන්න ඕන කරුණක් තියෙනවා. මැතිවරණය කල් දාන්න පුළුවන් මැතිවරණ කොමිසමට පමණයි. ඒ 1981 මැතිවරණ පනතේ 24(3) වගන්තිය යටතේ. යම් විධියකින් අගෝස්තු පස්වැනි දා මැතිවරණය නොපැවතී  මැතිවරණය වෙනත් දිනයකට කල් දමා නැත්නම් පමණක් එම පනතේ ම 113 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න පුළුවන්. 


ඒ මොනවා වුණත් පරණ පාර්ලිමේන්තුව කැඳවීම නම් දැන් සිහිනයක් බවට පත් වෙලා. සැප්තැම්බර් මුල පරණ පාර්ලිමේන්තුවට අවුරුදු පහ පිරෙනවා. ඉන් පසු එයට දියවන්නාවේ නම් රැස්වීමට ලැබෙන්නේ නැහැ. එහෙත් අවාසනාවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කිහිප දෙනකුට තව ටික කාලයක් සාමාජිකයන් හැටියට කටයුතු කරන්න පුළුවන්. ඒ දහනවවැනි සංශෝධනයේ ප්‍රතිඵල.