Main Logo

Showing posts with label Commission of Elections. Show all posts
Showing posts with label Commission of Elections. Show all posts

Saturday, 16 November 2019

තුප්පහි උගත් නයි හා කැලණි නයි

  සිංහල ලිත් ඉලක්කම්


තුප්පහි උගත් නයි හා කැලණි නයි


  1. අද රටේ අනාගතය තීරණය කරන දවසක්. තීරණය කුමක් ද කියා අනාවැකි පළ කිරීමට නොනගත වෙලාවෙ දි මා උත්සාහ කරන්නේ නැහැ. මේ කාලය නිහඬ කාලය කියා තමයි මැතිවරණ කොමිසම කියන්නෙ. මෙය නිහඬ කාලයක් ම නො වෙයි. විවිධ පුද්ගලයන් විවිධ දේ කියනවා. මෙය නිහඬ කාලයක් නොව ප්‍රවර්ධන කටයුතු නොකරන කාලයක්. මා හිතන්නේ ඒ සඳහා සුදුසු ම වචනය නොනගත කාලය කියා. නොනගතය යන්න බටහිර සංකල්පයක් නො වෙයි. අප අපේ සංස්කෘතියෙන් වචන හොයනවා වෙනුවට කරන්නේ බටහිර සංකල්ප පරිවර්තනය කරන එක. 

Friday, 25 October 2019

මැකොස හා සම්ප්‍රදාය

    සිංහල ලිත් ඉලක්කම් 


මැකොස හා සම්ප්‍රදාය




මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් කියල කියනවා. ඒක එහෙමයි කියමුකො. ඒත් අපි ස්වාධීන නොයෙකුත් දේ දැකලා තියෙනවා. ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ තිබුණ සුවාදීන කණ්ඩායමක්. ඒක කාලයක් විජය කුමාරතුංග එක්ක. තවත් කාලයක් රාජිත සේනාරත්නත් එක්ක. සමහරු ප්‍රා සංවිධානයෙත් හිටියා. ඒ කණ්ඩායම දැනුත් ක්‍රියාත්මක ද කියල දන්නෙ නැහැ. 

Friday, 18 October 2019

මැකොස යුද්ධ, ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව

    සිංහල ලිත් ඉලක්කම්

මැකොස යුද්ධ, ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව



ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය හා භූමිකාව ඒ සම්මේලනයේ රැස්විමක දී සම්මත කර ගත් නමුත් එය පසුගිය දා පදනම් ආයතනයේ දී පැවති රැස්වීමේ දී ජනතාවට ඉදිරිපත් කෙරුණේ නැහැ. එහෙත් එදින ගුණදාස අමරසේකරගේ  අත්සන යැයි කිව නොහැකි අත්සනක් සහිත ව මුද්‍රණය වූ ප්‍රකාශ දෙකක් නම් වෙනත් සංවිධානයක නමින් බෙදා හරිනු ලැබුවා. ඒ පත්‍රිකා අමරසේකරට ලැබුණා ද නැද්ද කියන්න මා දන්නේ නැහැ. ජාතික සංවිධාන තම දේශපාලනය සඳහා යොදා ගැනීමට මාන බලන පිරිසක් ජාතික ව්‍යාපාරයේ ක්‍රියාත්මක වනවා. 

Thursday, 6 June 2019

ගෝඨාභය ආවත් නැතත්

ගෝඨාභය ආවත් නැතත්

ජාතික හා වාම කේන්ද්‍ර කඳවුර ජනාධිපතිවරණයට සූදානම් ද? මා මේ ප්‍රශ්නය අසන්නේ ශ්‍රී ල නි ප, පොහොට්ටුව, ම එ පෙ, ජා නි පෙ, පි හෙ උරුමය ආදී පක්‍ෂ කිසිවක් ඒ ගැන පැහැදිලි පිළිතුරක් නොදෙන නිසයි. ල ස ස ප, කො පක්‍ෂය කතා කළත් වැඩක් නැහැ. ඒ පක්‍ෂ අද ඇත්තේ මළවුන් අතර. 

Tuesday, 29 January 2019

මැතිවරණ කොමිසමේ සභාපති හිටියත් එකයි නැතත් එකයි


මැතිවරණ කොමිසමේ සභාපති හිටියත් එකයි නැතත් එකයි



රනිල්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නිතර කියන කතාවක් නම් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව. ආණ්ඩුව හිතන්නේ ජනාධිපතිවරණයක් තමන්ට වාසි සහගත බවයි. සමහර විට ඔවුන් පදනම් වන්නේ උතුරු හා නැගෙනහිර ජනතාව ජනාධිපතිවරණයක දී තම අපේක්‍ෂකයාට ඡන්දය දෙනු ඇත යන්න මත වෙන්න පුළුවන්. එහෙත් 2015 ජනාධිපතිවරණයේ දී එකී ජනතාව හවස් වරුවේ ඡන්දය දී කළ වික්‍රමය මෙවරත් කරාවි  ද යන්න ප්‍රශ්නයක්. ඒ වික්‍රමවලට ඉඩක් නොදීම විපක්‍ෂයේ ක්‍රියා පිළිවෙත වෙන්න ඕන. 

Sunday, 11 February 2018

සිංහලයන් බහුතරයකට රනිල් ඉවත් කිරීමට අවශ්‍යයයි


සිංහලයන් බහුතරයකට රනිල් ඉවත් කිරීමට අවශ්‍යයයි


කලකට පසුව පැවැත්වීමට බල කෙරුණු පළාත් පාලන මැතිවරණය ඊයේ පැවැත්වුණා. අද වන විට ප්‍රතිඵල නිකුත් වෙමින් තියෙනවා. පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තියෙනවා. මෙය පොදුජන පෙරමුණේ ජයග්‍රහණයකට වඩා මහින්දගේ ජයග්‍රහණයක්. අද මහින්ද දේශපාලන පක්‍ෂ තත්වය ඉක්මවූවෙක්. ඔහු කස්ත්‍රෝ වර්ගයේ දේශපාලනඥයෙක්. මා එයින් අදහස් කරන්නේ ඒ දෙදෙනාගේ ප්‍රතිපත්ති සමීප බව නො වෙයි. ජනතාව ඔවුන්ට ආකර්ෂණය වුණේ පක්‍ෂ නිසා නො වෙයි. සමහර අයකු කියන්න පුළුවන් පුද්ගලිකත්වය ගැන කතා කිරීම නූතනත්ව (පශ්චාත්නූතනත්වය කොහේ ද?) දේශපාලනයට වලංගු නෑ කියලා. ඒත් මහින්ද නැතිව පොහොට්ටුවට මෙවැනි ජයග්‍රහණයක් ලබා ගන්න බැහැ. ජනවාරි අටවැනි දා පරාජය වූ මහින්ද තවත් බලවත් වූවා.

දැනට ඇති නිල නොවන ආරංචි අනුව පොදුජන පෙරමුණට ජාතික වශයෙන් 50%ක ඡන්දයක් ලැබෙන්නේ නැහැ. ඉතා සුළු වශයෙන් වුවත් ඒ 50%ට අඩුයි. මෙය නිල නොවන ආරංචියක් නිසා නිවැරදි කියලා මා සහතික වන්නේ නැහැ. පොදුජන පෙරමුණට 50%කට වඩා ලැබෙන්නේ කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුර, මොනරාගල දිස්ත්‍රික්කවල. හම්බන්තොට හා ගම්පහ 50%ට කිට්ටුවට එනවා.  උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට පොදුජන පෙරමුණට ඡන්ද අඩු වී ඇත්තේ කොළඹ, නුවර, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල. එයට හේතුව ඉතා පැහැදිලියි. ඒ දිස්ත්‍රික්කවල සිංහල ජනගහනය අඩුයි. කොළඹ දිස්ත්‍රික්කට මේ බලපෑම කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ම කොළඹ නාගරික සභා සීමාවේ. එ ජා පක්‍ෂයට කොළඹ නාගරිකයේ ඡන්ද තිබුණත් කොළඹ නාගරිකයෙන් පිට එතරම් ඡන්ද නැහැ. ඒ නිසා දිස්ත්‍රික්කය ලෙස ගත්කල කොළඹ එ ජා ප ඡන්ද සංඛ්‍යාව අඩුයි.

උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට පොදුජන පෙරමුණට ඡන්ද අඩු දිස්ත්‍රික්කවල එ ජා පක්‍ෂයට ඡන්ද වැඩියි යාපන දිස්ත්‍රික්කයේ එ ජා පක්‍ෂයටවත් පොදුජන පෙරමුණටවත් ඡන්ද නැහැ. එ ජා පක්‍ෂයට දිවයිනේ ම 35% ක පමණ ඡන්ද තියෙනවා. මෙවරත් ඔවුන් ඒ ඡන්ද ප්‍රමාණය සුළු අඩුවීමක යටත් ව  දිනා ගෙන. ඔවුන් මැතිවරණයක් ජයගන්නේ ඊනියා පාවෙන ඡන්ද ඔවුන් වෙතට පාවුණු විට. මෙවර එය සිදු වුණේ නැහැ. පසුගිය අවුරුදු තුනේ ඔවුන් කළ වැඩවලට පාවෙන ඡන්ද ඔවුන්ගෙන් ඉවතට පාවෙනවා.

මහින්දට ජාතිකත්වයේ නායකයා වෙන්න පුළුවන්. එහෙත් ඔහු ඊනියා ස්මාට් ජාතිකවාදීන්ගෙන් වෙන් වන්න ඕන. සිංහලයන්ගෙන් 60%ක් පමණ මහින්දට ඡන්දය දී තිබෙනවා. ජාතික වශයෙන් 50%කට කිට්ටු වෙන්න සිංහලයන්ගේ ඡන්ද 60%ක් පමණ ගන්න ඕන. සිංහල ඡන්දවලින් 60%කට වඩා ගන්න පුළුවන් නම් ජනවාර්ගික ඡන්ද ගැන කරදර වන්න අවශ්‍ය නැහැ. ඒ ලබා ගැනීමට  පුළුවන්. මහින්ද බටහිර රටවලට එඩිතර ව මුහුණ දුන් නායකයා. ඔහු එංගලන්තයේ එඩ් මිලිබෑන්ඩ් හා ප්‍රංශයේ කුෂ්නර් ඇඹිලිපිටියට ගෙන්වා ඔවුන්ට අවනත නොවන බව කිව්වා. මා හිතන විධියට මිලිබෑන්ඩ්ට එංගලන්තයේ අගමැති ධුරය අහිමි වීමට ඒ කාරණයත් බලපෑවා. කොටි පැරදවීමේ දී ඉන්දියාව මහින්දට විරුද්ධ වුණේ නැහැ. එහෙත් ඉන්දියාව ආධාර කෙළේත් නැහැ. බටහිරට යට නොවුණු මහින්ද ඉන්දියාවට යටවෙන්න ඕන නැහැ. 13+ කතා අවශ්‍ය නැහැ. ඒවා ඊනියා ස්මාට් ජාතිකවාදීන්ගේ සිංහල විරෝධී කතා.

ඉතා පැහැදිලිව මෙරට සිංහල ජනතාව දහතුනට ම විරුද්ධයි. හැරත් මා කිහිප වතාවක් ම කියා ඇති පරිදි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදය පරාජය කෙරුණා. 1833 සිට පැවත එන දෙමළ ජාතිවාදය එදා මුළුමනින් ම පරාජය කෙරුණා. නැවත ඒ ගැන කතා අවශ්‍ය නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුනත් අවලංගුයි. අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නේ බටහිර රටවල් හා ඉන්දියාව විසින්. සිංහලයන් මහින්දට දිගින් දිගට ම කියන්නේ දහතුන ඉවත් කරන ලෙස. මහින්ද ව්‍යවස්ථාවට විරුද්ධ බව, රණවිරු දඩයමට විරුද්ධ බව, ජාතික සම්පත් විකිණීමට විරුද්ධ බව සිංහලයන් බහුතරය විශ්වාස කරනවා. මහින්ද ඒ විශ්වාසය කඩ කළොත් සිංහලයන් ඔහුට ආකරෂණය වන්නේ නැහැ.

මැතිවරණයෙන් පරාජය වී ඇත්තේ රනිල් හා ජ වි පෙ. නන්නත්තාර වු ඊනියා විද්වතුන්ට සුනිල් පෙරේරා සමග එක් වී ඊළඟ මැතිවරණයට සංවිධානය වී විහිළු සපයන්න පුළුවන්. පෙරටුගාමීන්ට හැමදාම මැතිවරණවලට තරග නොකිරීමෙන් තම විප්ලවවාදී කන්‍යාභාවය රැක ගන්න පුළුවන්. තරග නොකිරීම නිසා පෙරටුගාමීන් කිසි දිනෙක පරාජය වන්නේ නැහැ. ඒකෙන් වැඩකුත් නැහැ.

මෛත්‍රිපාලට වැඩියෙන් ම ඡන්ද ලැබෙන්නේ පොළොන්නරුවෙන් හා නුවරඑළියෙන්. ඒ දෙක ම පෞද්ගලික ඡන්ද. ඒත් මහින්දගේ පෞද්ගලික ඡන්දවලට වෙනස්. මෛත්‍රිපාලගේ පක්‍ෂයට දිවයිනේ ම 8%ක පමණ ඡන්දයක් තියෙනවා. ඉන් සමහර ඡන්ද යම් ජාතිකත්වයක් ඇති අයගෙ ඡන්ද. එ ජා පක්‍ෂයේත් ජාතිකත්ව ඡන්ද තියෙනවා. මෛත්‍රිපාලට 3%-4%ක ප්‍රමාණයක ඡන්දයක් එ ජා පක්‍ෂයෙන් ලැබී තියෙනවා. ඒ රනිල් විරුද්ධ ඡන්දත් වෙනවා.

රනිල් මේ පැරදුණේ කීවැනි වතාවට ද කියලා මා ගණන් කර නැහැ. ඒ කොහොම වුණත් ඔහු පරාජය වූ පමණින් අස්වෙන කෙනකු නො වෙයි. ඔහු අගමැති ධුරයෙන් අදවත් ඉවත් කළ යුතුයි. අගමැති තනතුරට මහින්ද පත් කළ යුතුයි. ඒ බව අප කියන්නේ අවුරුදු තුනකට ආසන්න කාලයක. එය කළ හැක්කේ මෛත්‍රිපාලට. අප ඒ බව තේරුම් ගත යුතුයි. ඒ සඳහා කටයුතු කළ යුතුයි. ඇතැම් පළාත් පාලන ආයතනවල පොහොට්ටුවට බලය ගැනීමට වෙනත් පක්‍ෂයක ආධාරය අවශ්‍යයයි. ඒ පක්‍ෂය මෛත්‍රිපාලගේ පක්‍ෂය ද නැත්නම් එ ජා පක්‍ෂය ද ජ වි පෙරමුණ ද? මෛත්‍රිපාලට හා මහින්දට සමගි වීමට මෙයට වඩා අවස්ථාවක් නැහැ. සමගි වී මෛත්‍රිපාලට රනිල් වෙනුවට මහින්ද අගමැති කළ හැකියි. මැතිවරණයේ ප්‍රතිඵලවලින් කියැවෙන්නේත් එයයි. මෛත්‍රිපාලට ඒකාබද්ධ විපක්‍ෂය හා රනිල්ට විරුද්ධ යම් ජාතිකත්වයක් ඇති එ ජා පාක්‍ෂීිකයන් සමග භාරකාර ආණඩුවක් හදන්න පුළුවන්. මේ භාරකාර ආණ්ඩුව ගැන මා කලින් ලිපිවල කියා ඇති. මෛත්‍රිපාල අස්කිරීමට කතා කරන්නේ හෝ මෛත්‍රිපාල සමග ගණුදෙනු නැහැ කියන්නේ හෝ රනිල් තවදුරටත් අගමැති ලෙස පවත්වාගෙන යෑමටයි.

අවසාන වශයෙන් මැතිවරණ කොමිසම ගැනත් වචනයක් කියන්න ඕන. කොමිසම අසාර්ථකයි. මට මතක හැටියට කිරින්ද ඡන්ද දසදහසකට මොකද වුණේ කියා කොමිසම දන්නේ නැහැ. මට පේන විධියට ඒ ඒ දිස්ත්‍රික්කවල පක්‍ෂවලට හා කණ්ඩායම්වලට මන්ත්‍රී ධුර වෙන් කිරීමේ දී පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කර නැහැ. මේ ක්‍රමය කොට්ඨාවල දිනන  අයට බොහෝ විට අවාසියි. මේ ගණනය  කිරීමේ දී වෙනත් ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. අද දිනේෂ් ගුණවර්ධන යෝජනා කළ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙහි 60-40 අනුපාතයක් කේවල හා සමානුපාතික ක්‍රමය අතර නැහැ. මේ මන්ත්‍රි ධුර ගණනය කරන ක්‍රමය වෙනස් කළ යුතුයි. එය මැතිවරණ කොමිසමේ වැඩක් නොවන බව මා දන්නවා. මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවෙන් දෙන ක්‍රමය අවුලකින් තොරව ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතුයි.



__මේ ලිපි උපුටා ගෙන මුහුණු පොතේ පළ කරන්න එපා. එහි ඉන්නා පඬියන් ඒ ලිපිවලට ප්‍රතිචාර දක්වනවා. ඒ සියල්ලට පිළිතුරු දීමට මට වෙලාවක් නැහැ. මා මෙහි යෝජනා කර ඇත්තේ මහින්දට පිං අගමැති කමක් දීමට නොවෙයි. රනිලුත් අගමැති වුණේ පිනට නො වෙයි. ඒ සියල්ල පඬි පෝතකයන් නොදන්නවාට ව්‍යවස්ථාවට එකඟයි. මහින්ද අගමැති කරන්නේ රනිල්ගෙන් රට බේරා ගැනීමට බව පඬිපෝතකයන්ට තේරෙන්නේ නැහැ.  ______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-11