රෝ රෝ රෝ යුවර් බෝට්
Row, row, row your boat,
Gently down the stream. Merrily, merrily, merrily, merrily, Life is but a
dream. මේ ඉතා ජනප්‍රිය ඉංගිරිසි ළමා ගීයක්.
මෙහි තවත් ස්වරූප තියෙනවා. එහෙත් මුල් පද වෙනස් වෙන්නෙ නැහැ. ඉන් එකක් මෙසේයි. Row,
row, row your boat, Gently down the stream. If you see a crocodile, Don't
forget to scream. මෙහි රෝ කියන්නේ අප දැන් කතා කරන
ඉන්දීය රෝ (RAW) සංවිධානය නොවෙයි. පැදීමක්, ඔරු පැදීමක් ගැනයි කියැවෙන්නෙ. නැහැ මේ කසිකබල්
පඬියන් කියන කියවීම නො වෙයි. ඔවුන් දන්නෙ ඉංගිරිසි පොත්වල කෑලි හොයා ගෙන සිංහලෙන්
කියවන්න. මේ ළමා ගීයේ දෙවැනි ස්වරූපයෙන් කියැවෙන්නේ ගඟ පහළට ඔබේ ඔරුව සන්සුන් ව
පදින්න. කිඹුලකු දුටුවොත් මොර දෙන්න අමතක නොකරන්න. මේ කියන්නේ තළියෙහි කිඹුලන්
දැකීමක් නොව ගඟේ කිඹුලන් දැකීමක්.