Main Logo

Showing posts with label Envoys. Show all posts
Showing posts with label Envoys. Show all posts

Thursday, 1 November 2018

අරාබි වසන්තයක්


අරාබි වසන්තයක්



එංගලන්ත (අවශ්‍ය ම නම් එක්සත් රාජ්‍යය) පාර්ලිමේන්තුවෙ කියල තියෙනවා ලංකාවෙ අගමැති හැටියට පිළිගන්නෙ රනිල් වික්‍රමසිංහ කියලා. ඒක භයානක කතාවක්. එංගලන්තෙට අපේ අගමැති කවුද කියා තීරණය කරන්න බැරි බව දන්නවා. ඒත් මේ කියන්නෙ එන පොට හොඳ නැති බවයි. මේ වැඩේ පටන් ගත්තෙ රනිල් තමන්ට කැමති තානාපතිලා හා මහා කොමසාර්ස්ලා ගෙන්නලා තමන්ගෙ දුක් ගැනවිල්ල කිවුවට පස්සෙ. ඔහු සෘජුව හෝ වක්‍රව හෝ ඒ රටවලට කියා ඇත්තේ තමා ප්‍රජාතන්ත්‍රවාදී ව පත් කළ අගමැති බැවින්  අගමැති තනතුරේ කටයුතු කිරීමට අවස්ථාව සලසන්න කියා. අද ඔහුට පාර්ලිමෙන්තුවේ බහුතරයක් නැහැ. එ  ගැන අපි පස්සෙ කතා කරමු. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති නිසා රනිල් බටහිරයන් එක්ක අර බැරිවෙච්ච අරාබි වසන්තය ඇති කරන්න හදනවා.

Wednesday, 31 October 2018

අනාගත්තා ඇති


අනාගත්තා ඇති



මෛත්‍රිපාල විදේශීය තානාපතිවරුන් හා මහා කොමසාරිස්වරුන් ගෙන්වලා අලුත් ආණ්ඩුච ගැන කරුණු කියලා වගෙයි. එහෙම කරන්න සිද්ධ වුණේ රනිල් ඇතැම් තානාපතීන් හා මහා කොමසාරිස්වරුන් ගෙන්වලා තමන් තවමත් අගමැති බව කිවුව නිසා. රනිල්ගේ  හමුවෙන් පස්සේ අපට විරුද්ධව සම්බාධක පමුණුවන කතාවක් එක් මන්ත්‍රීවරයකු, මට මතක හැටියට රාජිතගෙ පුතා චතුර, කිවුවා කියලා ජනමාධ්‍යයෙහි පළ වුණා. මේවා විලි ලජ්ජ නැති වැඩ. පොඩි ළමයි රණ්ඩු වුණාම අම්මට ගිහින් කියනව වගේ වැඩක් මේක. රනිලුත් මෛත්‍රිපාලත් වෙනත් අයත් විදේශීය රටවල් සමග ගණුදෙනු කරන විධිය මේකයි. රනිල් හදනවා විදේශ මගින් අප බය කරන්න. මෛත්‍රිපාල තානාපතින්ට රනිල්ට විරුද්ධව කරුණු කියනවා. විදේශ රටවල් අම්මා කෙනකු නොවන බව තවමත් අපට වැටහෙන්නෙ නැහැ. ඔවුන් අපේ ස්වාමිවරුන්වත් නො වෙයි.