දණ්ඩ නීති සංග්රහය අහෝසි කරමු
සමලිංගික ක්රියා අපරාධ නොවන බවට නීති පනවන ලෙස ජාත්යන්තර මානව හිමිකම් යටතේ යුරෝපා සංගමයෙ ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවට වාර්තා වුනා. ජී එස් පී + සහනය ලබා දීම සඳහා එයත් එක් කොන්දේසියක් ලෙස ඉදිරිපත් වූ බව කියනවා. එය කුප්රසිද්ධ කොන්දේසි විසිහතෙන් එකක් ද කියා දන්නේ නැහැ. මේ කොන්දේසි හෝ එවැනි කොන්දේසි හෝ රාජපක්ෂ ආණ්ඩුවටත් ඉදිරිපත් කෙරුණු නමුත් ඒ ආණ්ඩුව ඒ සියල්ල ප්රතික්ෂෙප කර තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට යුරෝපා සංගමයත් කටයුතු කළා.