Main Logo

Showing posts with label Kashyapa. Show all posts
Showing posts with label Kashyapa. Show all posts

Thursday, 15 August 2019

සංස්කෘතික ගැටුම, බැරැන්ඩි කෝවිල හා මුස්ලිම් සංස්කෘතිය

              සිංහල ලිත් ඉලක්කම්



සංස්කෘතික ගැටුම, බැරැන්ඩි කෝවිල හා මුස්ලිම් සංස්කෘතිය




අද ලෝකය පුංචිවෙලා තියෙන්නෙ බටහිර තාක්‍ෂණය නිසා. බටහිර තාක්‍ෂණය බටහිර විද්‍යාවෙන් වෙනස් වුවත් ඒ සමග බැඳී තියෙනවා. බටහිර තාක්‍ෂණය විද්‍යාව දැනුම ආදී සියල්ල අදාළ සංස්කෘතියට සාපේක්‍ෂයි. එ සියල්ල චින්තනය මත පදනම් වෙනවා. එහෙත් මට කියන්න ඕන ඒ කාරණය නො වෙයි. මිනිසුන් දේශයෙන් දේශයට සංක්‍රමණය වීම හා එහි දී සංස්කෘතිය කෙසේ බලපානවා ද යන්න. මේ හැඳින්වීමක් පමණයි. 

Sunday, 21 July 2019

කුවේරලා හා රාවණලා

කුවේරලා හා රාවණලා



දෙරණේ විකාශය වන රාවණ ටෙලිනාට්‍යය නරඹන සමහර අයකුට හිතෙන්න පුළුවන් දැනුත් සිද්ධ වෙන්නෙ එදා සිද්ධ වුණු දේ ම තමයි කියල. ටෙලිනාට්‍යයෙ කියන විධියට එදා කුවේර හෙළයේ රජකම භාරතීයන්ගේ උපකාරයෙන් ලබා ගත්ත. ඒ රජකම රැක ගැනීම සඳහා කුවේර හෙළයේ සෑම දෙයක් ම, විශ්ව ශක්ති කේන්ද්‍රය පවා, භාරතීයයන්ට ලබා දෙනවා. ඔහු එසේ කරන්නේ අර භාරතයෙන් පූජකයන් ගෙන ආ දේවි රඳවා ගැනීමට පමණක් නො වෙයි. විශ්ව ශක්තිි කේන්ද්‍රය ලබා දීමට කටයුතු කළ ද, ඒ සාර්ථක විණි දැයි දැන ගැනීමට හැකි වන්නේ පසුවයි. 

Tuesday, 27 November 2018

කුමන්ත්‍රණ හා අශිෂ්ටකම්


කුමන්ත්‍රණ හා අශිෂ්ටකම්



බොහෝ දෙනකුට ඊයේ පළ වූ ලිපියේ කාශ්‍යප රජු සහ සකර්බර්ග් සසඳමින් ලියූ දේ එක්කෝ තේරී නැහැ. එහෙමත් නැත්නම් එහි ඇගයීමට තරම් දෙයක් නැහැ. කැටපත් පවුර ඉදි කළ කාශ්‍යාප රජුට කොහොමටත් සකර්බර්ග්ට ලැබෙන පිළිගැනීම ලැබෙන්නේ නැහැ. කැටපත් පවුර ගැන කතා කරන අයට wall කියන්නෙත් පවුරක් බව වැටහෙන්නේ නැහැ. ඔවුන් තම wall එක ගැන ආඩම්බරයෙන් කියනවා. එහෙත් ඒ wall  සියල්ල අවසානයේ දී එක් පවුරක් බවට පත් වනු ඔවුන් දකිනනේ නැහැ. ඔවුන් මූහුණු පොතේ පවුරේ කුණුහරුප ලියනවා. මා ලියුවේ කුමක් ද කියාවත් ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් ද තේරුම් ගෙන නැහැ.

Monday, 26 November 2018

රාවණ කුවේර දොන් ජුවන් කසුබ් හා සකර්බර්ග්

Kashyapaවෙනවා. මේ මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාටත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටත් විරුද්ධව කෙරෙන ප්‍රකාශ. මේ සියල්ලට ම මුල 2009 මැයි මාසෙ නන්දිකඩාල් කලපුවේ දී කොටි ත්‍රස්තවාදයත් ඒ සමග ඉංගිරිසින්ගෙ සහායෙන් අවුරුදු එකසිය හැත්තෑපහක් පමණ තිබූ දෙමළ ජාතිවාදයත් පරාජය කිරීම. ඊයේ මහින්ද රාජපක්‍ෂ කළ විශේෂ ප්‍රකාශයෙන් කියැවුණේ කොටි පැරදවීමට එ ජා පක්‍ෂයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් විරුද්ධ ව කටයුතු කළ ආකාරය. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන කියා තිබුණා කිනම් හේතුවක් මතවත් රනිල්ට අගමැතිකම නොදෙන බව. ඒක දොන් ජුවන් ධර්මපාලට නැවත රජකම නොදෙනව වගේ වැඩක්. සුද්දන් ඒකට විරුද්ධයි. කොහොමටත් රනිල්ට මහින්දට තරම් මන්ත්‍රීන් සංඛ්‍යාවක් නැහැ. අජිත් පෙරේරාට සංකල්ප තේරෙන්නෙ නැහැ.