ආණ්ඩුවේ ජනවරම
පසුගිය පෙබරවාරි දහයෙන් ආණ්ඩුවේ ජනවරම වෙනස් වූවා යැයි කියන්න
පුළුවන් එක් අර්ථයකින්. එහෙත් මා රනිල් ඉවත් කරන්නැයි ඉල්ලන්නේ ඔහු මෙරට සංස්කෘතිය
නියෝජනය නොකරන, ක්රිස්තියානි සංස්කෘතියේ ජීවත්වන ඒ සංස්කෘතියට හා අදාළ ග්රීක
යුදෙව් ක්රිස්තියානි චින්තනයට රට ඇද ගෙන යන නව ව්යවස්ථාවක් මගින් දෙමළ ජාතිවාදයට
රට පාවා දෙන රට බෙදීමට කටයුතු කරන රණවිරුවන්ට දඬුවම් දීමට ඊනියා මානව අයිතිවාසිකම්
අයිතිකරුවන් සමග අත්වැල් බැඳගත් අයකු නිසා. ඒ පඬියන්ට අනුව මගේ මුග්ධ ජාතිකත්වයෙන්
ගලා එන දේ. ඒ සඳහා පෙබරවාරි මැතිවරණය අවශ්ය නැහැ. ව්යවස්ථාවට එකඟ ව රනිල් ඉවත්
කළ යුතුයි . එය කළ හැක්කේ මෛත්රිපාලටයි.