කාන්ට්ගේ පශ්චාත්තාපය
මා ඊයේ මංගලගේ රෙද්ද පල්ලෙන් (MRP) වැටුණු මිල සූත්‍රය ගැන කී දේ බොහෝ
දෙනකුට තේරිලා නැහැ. මා ඇහුවෙ ඇතැම් තෙල් වර්ගයක මිල වෙනස් නොවන්න නම් බොර තෙල්
මිල වැඩි වෙන විට අනෙක් විචල්‍ය තුනෙන් එකක්වත් අඩුවෙන්න ඕන කියලා. ඒ අඩු වුණෙ
පිරිවැය ද බදු ද නැත්නම් වෙන මොකක්වත් ද? ඒකට උත්තරයක් නැහැ. පෙට්‍රල්වලට හැම
විචල්‍යයක් ම වැඩි වෙලා මිලත් වැඩි වෙලා. ඒක හරි. මගේ ප්‍රශ්නය මිල වැඩි නොවූ තෙල්
වර්ගවලට මිල සූත්‍රය යොදන්නෙ කොහොම ද කියන එකයි. තෙල් සූත්‍රය ගැන කී දේ තේරුණෙ
නැති විට ඉලෙක්ට්‍රෝන රවුන් ගහන එක තේරෙයි ද මන්ද. අපි කෝකටත් ඒකත් කියමු.