Main Logo

Showing posts with label Militant Group. Show all posts
Showing posts with label Militant Group. Show all posts

Thursday, 7 March 2019

ජ වි පෙරමුණට හුළං


ජ වි පෙරමුණට හුළං



රනිල්ලාගේ අනුර දාසනායක කියලා ජනතා විරෝධී පෙරමුණ විපක්‍ෂ නායක සමග කළ සාකච්ඡා සාර්ථකයි කියලා. එතෙක් මෙතෙක් ලංකාවේ පහළ වූ අසාර්ථක ම දේශපාලනඥයා වූ දාසනායක වෙන මොනවා කියන්න ද? ඔහු අද ජනතා විරෝධි පෙරමුණේ නායකයා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකෙළොත් ජනතා විරෝධී පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කරනවා කියලත් ඔවුන් පොඩි තර්ජනයක් දමලයි තිබුණෙ. මට පේන විධියට ඒ තර්ජන කිසිවක් වැඩක් වෙලා නැහැ. ඒ අතර ටිල්වින් හෙවත් දිනන තුරු සහෝදරයා සමාජවාදයෙන් රට දියුණු කරන යල් පැනපු නොව කිසි දා වලංගු නොවූ කතා කියනවා.