ජී එල් හා මුස්තාෆා
මා ලියන කියන බොහෝ දේට බොහෝ දෙනා (අතිවිශාල බහුතරය -– හතරපස්දෙනකු
මගේ ලිපි මුහුණු පොතේ පළ කරනවා. ඒවාට කැමැත්ත පළ කරන්නේ ඉතා සුළු පිරිසක්. – බොහෝ
මහින්දවාදීන්ට අනුව මා සිරිජාතිකවාදියෙක්. සිරිසේනවාදීන් මා ගැන දන්නෙවත් නැහැ.)
අකමැති බව මා දන්නවා. මේ ලියන දේ කියවන්නන් ඉන්නේ ඉතා ම අඩු පිරිසක් බවත් දන්නවා.
මේ ලිපිවලින් සතපහක වැඩක් වන්නේ නැති බවත් දන්නවා. ඒත් මා මෙයට ඇබ්බැහි වෙලා. මේ
දවස්වල නීතිය ගැන වැඩිපුර කතා වෙනවා. පාර්ලිමේන්තුව කියන්නෙ නීති හදන තැන. අධිකරණය
කියන්නේ පාර්ලිමේන්තුව වෙනුවෙන් නීති විවරණය කරන තැන. අද ප්රධාන කතා දෙකක්
කියැවෙනවා. එකක් මහින්දට (හා චන්ද්රිකාට) නැවතත් ජනාධිපති අපේක්ෂකයකු ලෙස
ඉදිරිපත් වන්න පුළුවන් ද කියන එක. දෙවැන්න සීමා නීර්ණ වාර්තාවට ෆයිසර් මුස්තාෆාත්
විරුද්ධ ව ඡන්දය දීම. මුස්තාෆාත් ජනාධිපති නීතිඥයෙක්. මහින්දට පුළුවන් කියන ජී එල්
සම්ම ජාතියේ උසාවි ගිහින් නැහැ. ඔහු නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක්. සේවාර්ජිත
(සම්මානිත) මහාචාර්යවරයෙක්. නීතිය පිළිබඳ පොත්පත් ලියල තියෙන කෙනෙක්. නීතියට කිසිම
දෙයක් අලුතෙන් එකතු කරලා නැති කෙනෙක්. මෙරට කිසිම නීතිඥයෙක් නීතියට අලුත් දෙයක්
එකතු කර නැති නිසා ඒකෙ ගාණක් නැහැ.