Main Logo

Showing posts with label National Candidate. Show all posts
Showing posts with label National Candidate. Show all posts

Monday, 18 November 2019

ජාතික ජනාධිපති

  සිංහල ලිත් ඉලක්කම්


ජාතික ජනාධිපති



පළමුවෙන් ම හත්වැනි ජනාධිපති ලෙස තේරී පත්වී ජාතික ජනාධිපති ලෙස අද ජාතිකත්වයේ සංකේතය වූ රුවන්වැලි සෑ බිමේ තම රාජකාරි කටයුතු අරඹන නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂට මගේ සුබ පැතුම්. මෙවර ජනාධිපතිවරණය බොහෝ කරුණු අතින් වැදගත්. කලක් තිස්සේ අප කී බොහෝ දේ ජනාධිපතිවරණයේ දී යම් පමණකට නමුත් බල පා තියෙනවා.

Sunday, 17 November 2019

ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද ජාතිවාද පරාජය කරමු



ජාතික දේශපාලනයකට යොමු වෙමු. ඡන්දයෙන් ද  ජාතිවාද පරාජය කරමු



ඡන්ද ප්‍රතිඵල තවමත් ලැබෙමින් පවතිනවා. මේ මොහොතේ දී (උදේ අටට පමණ) නම් ඉදිරියෙන් ඉන්නේ සජිත්. ඒත් අවසානයේ දී ගෝඨාභය දිනාවි. ඡන්ද ප්‍රතිඵල සියල්ල නිල වශයෙන් පිට වූ පසු විශේලේෂණයක් ඉදිරිපත් කරනවා.

Sunday, 3 November 2019

හූ කීම, පොහොට්ටුව හා දෙ ජා සංධානය

      සිංහල ලිත් ඉලක්කම්

හූ කීම, පොහොට්ටුව හා දෙ ජා සංධානය



ගෝඨාභයගේ ජනාධිපතිවරණ වේදිකාවට එන ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කීම දිගින් දිගට ම කෙරෙනවා. ගෝඨාභයත් මහින්දත් එසේ නොකරන ලෙස කියා තිබුණත් එය නවතින පාටක් නැහැ. හූ කියන්නන්ට යම් පිරිසක් අනුබල දෙන බව පේන්න තියෙනවා. හූ කීමෙන් පොහොට්ටුවට වෙන වාසියක් නැහැ. හූ කීම පොහොට්ටුවේ අවසානය කරා යන ගමන විය හැකියි. 

Tuesday, 27 August 2019

ශ්‍රී ල නි ප පොහොට්ටුව හා ගෝඨාභය

          සිංහල ලිත් ඉලක්කම්


ශ්‍රී ල නි ප පොහොට්ටුව හා ගෝඨාභය 




අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර සාකච්ඡා දෙවැනි වටයකට යනවා කියලා කියනවා. ඇතැමුන් කියන්නේ සාකච්ඡා ජනාධිපතිවරණය හා සම්බන්ධ බවයි. මෙය පැහැදිලි නැහැ. තව චුට්ට දුරයි කියල කිලෝමීටර දහයක් විතර යන අයට නම් ඒ පැහැදිලි ඇති. ඒත් චුට්ට කියන්නේ කොච්චර ද කියල කලින් කියනව නම් හොඳයි. 

Sunday, 25 August 2019

ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්

    සිංහල ලිත් ඉලක්කම් 


ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්


ගෝඨාභය පක්‍ෂයක අපේක්‍ෂකයා නොව ජාතික අපේක්‍ෂකයා බව බොහෝ දෙනා පිළිගන්නවා. ඒත් මෙතැන දි ප්‍රශ්නයක් පැන නගිනවා. මේ ජාතිය කියන්නෙ මොකක් ද කියන එක. සිංහලෙන් ජාතිය කියන නාමය විවිධ දේට යොදා ගන්නා. කුලයටත් ජාතිය කියල කියනවා. කාරෙකේ ජාතිය මොකක් ද කියල අහනවා. රට ජාතිය ආගම කියලත් කියනවා. 

Friday, 16 August 2019

ජාතික අපේක්‍ෂකයා හා මෛත්‍රිපාල

                  සිංහල ලිත් ඉලක්කම්   



ජාතික අපේක්‍ෂකයා හා මෛත්‍රිපාල 

දේශපාලනඥයන් කියන කතා පළමුවත්, දෙවනුවත්, තුන්වැනුවත් විශ්වාස නොකළ යුතුයි. ඉන් පසුවත් විශ්වාස කළ යුත්තේ කල්පනා කිරීමෙන් හා තාර බර ඇරීමෙන් පසුවයි. මෛත්‍රීපාලත් දේශපාලනඥයෙක්. ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට කළ ප්‍රකාශ විශ්වාස කළ අයට දෙවියන්ගේ ම පිහිටයි. මෛත්‍රීපාලට උපදෙස් දෙන අය අතර දක්‍ෂයන් නැහැ. සුවාදීන බත් බැළයන්, ඉන්දීය ඒජන්තයන්, පශ්චාත් පශ්චාත් නූතනවාදීන් (පශ්චාත් නූතනවාදය තම හිත සුව පිණිස පසු කළ යන අර්ථයෙන්- ඔවුන් ජනමාධ්‍යයෙහි, දේශපාලනයෙහි, සිනමාවෙහි, සාහිත්‍යයෙහි, සංගීතයෙහි, විශ්වවිද්‍යාලවල, ඊනියා පර්යේෂණ ආයතනවල සහ තවත් ගුබ්බෑයම්වල දැක ගන්න පුළුවන්. මුහුණු පොතෙහි නම් තවමත් පශ්චාත් නූතනවාදීන් කිහිප දෙනකු ඉන්නවා) ආදීන් ඉන්නවා. පළාත් සභා මැතිවරණ කල් දැමීමට ක්‍රියා කළ මෛත්‍රිපාල අද සුවාදීනයන්ගේ උපදෙස් මත ඒ පැවැත්මීමට හැකි ද කියා බලනවා. ඒ අතර දයාසිරි වැන්නවුන් ශ්‍රී ල නි පක්‍ෂය තව තවත් දිය කරන්න වෙහෙස ගැනීමේ දී පළාත් සභා මැතිවරණ පැවැත්වීමටත් අනුබල දෙනවා. 

Saturday, 10 August 2019

පොහොට්ටුව, ගෝඨාභය හා ජාතිකත්වය


    සිංහල ලිත් ඉලක්කම්

පොහොට්ටුව, ගෝඨාභය හා ජාතිකත්වය



හෙට පොහොට්ටුවේ ජාතික සම්මේලනය පැවැත්වෙනවා. එහි දී මහින්ද නායකත්වයට පත් කර ගන්නා බව කියනවා. ඔහු පොහොට්ටුවේ සාමාජිකයකු වෙනවා ද යන්න පැහැදිලි නැහැ. පක්‍ෂයකට (දැනට) දේශපාලන කටයුතුවල නොයෙදෙන නායකයකු ඉන්න පුළුවන්. ක්‍රීඩා  කණ්ඩාය ක්‍රීඩා නොකරන නායකයකු (non playing captain) ඉන්න පුළුවන්.