මේ කොයි යන්නේ
විශ්වාසභංගය පැරදුණේ කා නිසා ද යන්න වැදගත් ප්රශ්නයක්. ඉතා
පැහැදිලිව බටහිර රටවල හා ඉන්දියාවේ තානාපති හා ඔත්තු සේවා ඇතැමුනට, විශේෂයෙන් ම දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්ෂවල
මන්ත්රීවරුනට බලපෑම් කර තිබෙනවා. ඒ අතර මෛත්රිපාල තම කණ්ඩායමේ මන්ත්රීවරුන්ට
දිය යුතු නායකත්වය දී නැහැ. චන්ද්රිකා තවමත් දුමින්ද, අමරවීර හා තවත් අය මගින් එම කණ්ඩායමේ බහුතරයක් මෙහෙයවනවා. දුමින්ද හා
අමරවීර ඒ ඒ ලේකම් පදවිවලින් ඉවත් කරනවා නම් හොඳයි. එහෙත් මෛත්රිපාලට ඒ සඳහා
ශක්තිය නැහැ. අද කළ යුතු ප්රධාන ම කාර්යයක් නම් පක්ෂ ව්යවස්ථාව අනුව ක්රියා
කරමින් ඒ දෙදෙනා එකී තනතුරුවලින් ඉවත් කිරීමයි. එහෙත් එය කරන්නේ කොහොමද යන්න නම්
ප්රශ්නයක්.