Main Logo

Showing posts with label Rajapashas. Show all posts
Showing posts with label Rajapashas. Show all posts

Friday, 1 February 2019

තුන්කොන් සටනකට ජී එල් ද?


තුන්කොන් සටනකට ජී එල් ද?



මහා සංධානයක් හදන බව වාසුදේව නානායක්කාර කියනවා. එයට මාස එකහමාරක් පමණ යයි කියා ඔහු හිතනවා. ඒකට කමක් නැහැ. ඒත් හුඟක් කල් ගන්න බැහැ. වාසුදේව ජාතිකවාදියෙක් නො වෙයි. අද පාර්ලිමේන්තුවේ හා පොදුවේ දේශපාලනයේ ජාතිකවාදීන් කී දෙනකු ඉන්නවා ද? ඒ නිසා ජාතිකවාදීන්ගෙන් පමණක් සමන්විත සංධානයක් හදන්න බැහැ. එහෙත් ජාතිකවාදී මත මහා සංධානයේ මත විය යුතුයි.

Friday, 30 November 2018

ඇතැම් රාජපක්‍ෂලා හා රාජසභාව


ඇතැම් රාජපක්‍ෂලා හා රාජසභාව



මා මේ සමාජයේ ජීවත්වන්නේ පිටස්තරයකු ලෙස. තමන් රට ජාතිය ආගම ගැන කල්පනා කරමින් කරන උදාර සේවයෙහි දී මගේ නමත් ඉඳහිට කීම නිසා මට ඊනියා කීර්තියක් ලැබී ඇතැයි අයකු කියනවා. මට කිසිම කීර්තියක් අවශ්‍ය නැහැ. මා මළ පසු දුක් ගීයක් ලිවීමට සොහොන් කොතක්වත් ඉදිකිරීමට අවශ්‍ය නැහැ. අවසන් හුස්මත් සමග මා නොවන මා පිට වී යනවා. එහෙත් මා හුස්ම ගන්නාතාක් මගේ අදහස් ප්‍රකාශ කරනවා. ජනමාධ්‍යවේදීන් ඒ ප්‍රතික්‍ෂෙප කිරීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. මා ඔවුන් ද ප්‍රතික්‍ෂෙප කරනවා.

Sunday, 25 February 2018

මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම



මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම


අද දිවුරුම් දෙන ඇමති මණ්ඩලයට ඒකාබද්ධ විපක්‍ෂයෙන් කිසිවකුවත් එකතු වේ දැයි මා දන්නේ නැහැ. රනිල් ඉවත් කර ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු ඇමති මණ්ඩලයට එක්වන්නේ නම් හොඳයි. එහෙත් එය වළක්වන්නේ ඇතැම් රාජපක්‍ෂලා හා ඔවුන් වටේ සිටින්නවුන්. නාමල් රාජපක්‍ෂ අද විශේෂිත බලයක් අත්කර ගෙන. මේ අය පිටුපස ඉන්නේ කවුද කියා මා කියන්නේ නැහැ. අද මේ රටේ මෛත්‍රිපාලගේ හිත කියවන්න දන්න පඬියන් ඉන්නවා. ඔවුන් කියන්නේ මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට වුවමනාවක් නැති බවයි. හැම දෙයක් ම කුමන්ත්‍රණ හා රඟ පෑම් ඇසුරෙන් තේරුම් කරන පඬියන්ගෙන් රටට වැඩක් නැහැ. ඔවුන් දාර්ශනිකයන් වුවත් වැඩක් නැහැ. මහින්ද කරන්නේ රඟ පෑමක් නොවේ යැයි ද මෛත්‍රිපාල හා රනිල් රඟ පෑම් කරන්නේ යැයි ද පැවසිය හැක්කේ ජී එල් පීරිස් ගණයේ ඊනියා විද්වතුන්ට පමණයි.