Main Logo

Showing posts with label Select Committee. Show all posts
Showing posts with label Select Committee. Show all posts

Saturday, 29 June 2019

දයාසිරි හා ඊනියා තේරීම් කමිටුව

දයාසිරි හා ඊනියා තේරීම් කමිටුව

අපට ඉංගිරිසින්ගෙන් කිසිම දෙයක් හරියට ගන්න බැරි වෙලා. නිශ්චිත භාවය අපේ සංස්කෘතියේ නැති තරම්. අපට ඇත්තේ පොතේ තියෙන දේ අපට වුවමනා ආකාරයට තානාගත් දැනුමක්. ඒක එහෙම වෙන එක නොවෙයි මගේ ප්‍රශ්නය. අප නීතිය ව්‍යවස්ථාව ආදිය වුණත් කියවා ඇත්තේ උඩින් පල්ලෙන් කියන එකයි මගේ හැඟීම. මා කිහිප වතාවක් ම කියා තිබෙනවා රාජ්‍ය ඇමති කියා ධුරයක් ව්‍යවස්ථාවේ නැහැ කියා. එහෙත් මෙරට ඊනියා රාජ්‍ය ඇමතිලා ඉන්නවා. ඔවුනට පඩි නඩි ගෙවනවා. වරප්‍රසාද දෙනවා. ඒ ව්‍යවස්ථාවට එකඟ ද? ඊනියා රාජ්‍ය ඇමතිලා වරප්‍රසාද ලබා ගන්නවාට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන් ද? නඩු දමන්නා විහිළුකාරයකු කරයි ද?

Sunday, 23 June 2019

පාස්කු ප්‍රහාරය ෆැන්ටසියක්

 පාස්කු ප්‍රහාරය ෆැන්ටසියක්  



තූත්තුකුඩි විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ ආචාර්ය මහාචාර්ය විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කරන ලද පශ්චාත්නූතනවාදී පශ්චාත් යටත්විජිත භූ දේශපාලනික අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පාස්කු ඉරිදා ලංකාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වී නොමැති බවයි. මේ අධ්‍යයනයට විසිඑක්වැනි සියවසේ තවදුරටත් වර්ධනය කෙරී ඇති නූතන විද්‍යාත්මක ක්‍රමවේදයන් යොදා ගෙන ඇති බවත් සඳහන් වෙනවා.

Saturday, 24 November 2018

රන්ජන් හා කරුණාරත්න


රන්ජන් හා කරුණාරත්න



රන්ජන් රාමනායක කියන දේ ගැන සඳහන්  කිරීම වැඩකට ඇති දෙයක් නොවුණත් කරුණාරත්න ජයසූරියගේ ප්‍රකාශ ගැන සඳහන් කරන්නේ නම් රන්ජන්ට තැනක් නොදීම නුසුදුසු යැයි සිතනවා. මා සඳහන් කරන්නේ රන්ජන් වාද පිටියේ කරන ලදැයි කියන ප්‍රකාශයක් ගැනයි. ඔහු පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් දිය හැකි තීන්දුවක් ගැන කියන බවයි පෙනී යන්නේ. ඔහුට අනුව තුන්දෙනකු තමන්ට පක්‍ෂව දෙන බවයි හැඟෙන්නේ. මට හැඟී යන්නේ රන්ජන් රාමනායක දැනටමත් දී ඇති අතුරු තහනම් නියෝගය තමන්ට පක්‍ෂපාතීව දුන් එකක් බව විශ්වාස කරන බවයි. ඔහු ඒ අනුව ඉදිරි විනිශ්චයක් ගැන කියනවා වෙන්න පුළුවන්.

Friday, 23 November 2018

අනුරගේ විනෝද සමය


අනුරගේ විනෝද සමය



මේ ලිපිය කාලය වෙබ් (බ්ලොග්) අඩවිය සඳහා ලියන්නක්. එහෙත් එය තිස්දෙනකුට පමණ විද්‍යුත් තැපෑලෙන් ද යැවෙනවා. ඔවුන් අතර ජනමාධ්‍යවේදීන් ද කිහිප දෙනකු ඉන්නවා. ඒ ජනමාධ්‍යවේදීන්ට මේ ලිපිය වැදගත් නොවන බව පැහැදිලියි. එබැවින් මින් පසු මගෙන් කරුණු විමසන අයකු දෙදෙනකු හැරෙන්න වෙනත් කිසිම ජනමාධ්‍යවේදියකුට මේ ලිපිය යැවෙන්නේ නැහැ. මේ ඔවුන්ට යැවෙන අවසාන ලිපියයි. මෙරට ජනමාධ්‍යවේදීන් ගැන මගේ කිසිම ප්‍රසාදයක් නැහැ. ඔවුන්ටත් මා ගැන ප්‍රසාදයක් නැති බව මා දන්නවා. මගේ ලිපියක් අදහසක් මතයක් ප්‍රචාරය වීම වැළැක්වීමට කටයුතු කරන ජනමාධ්‍යවේදීන් පිරිසක් ද ඉන්නවා. ඔවුන් සමග ඇතැම් ජාතිකවාදීන් ද ඉන්න බව මා දන්නවා.

Thursday, 22 November 2018

කිරිඇල්ල හා ජයසූරිය


කිරිඇල්ල හා ජයසූරිය



ඕන ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී ලක්‍ෂමන් බණ්ඩාර කිරිඇල්ල ඊයෙ පෙරේදා හොඳ කතාවක් කියල තිබුණ. ඒක ඕන ගොනකුට කරන්න පුළුවන් ප්‍රකාශයක් ද කියල කිරිඇල්ල කියල නැහැ. ඔහු කියල තියෙන්නෙ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතෙ යම් දෙයක් නිශ්චිත ව කියැවෙන්නෙ නැත්නම් එවිට අප බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය (අලිඛිත ව්‍යවස්ථාව) අනුව ක්‍රියා කළ යුතු ය කියා  තියෙන බව. කිරිඇල්ලට කියන්න පුළුවන් ද එහෙම තියෙන්නෙ කොතැනක ද කියලා. එකී පනතෙ හත්වැනි වගන්තිය මෙසේයි.