Main Logo

Showing posts with label Sinhala New Year. Show all posts
Showing posts with label Sinhala New Year. Show all posts

Thursday, 18 April 2019

අවුරුද්ද ගැන තවදුරටත්

අවුරුද්ද ගැන තවදුරටත්

සිංහල අවුරුද්ද ගැන මට ඇත්තේ තරමක ආඩම්බරයක්. එය හෙළයන් ලෝකයට දුන් දෙයක් ලෙසයි මා සලකන්නෙ. අප අදත් එය පවත්වාගෙන යනවා. දේශපාලනඥයන්ට, රනිල්ට පවා තම ජීවිතයට සම්බන්ධකමක් නැති අවුරුදු සිරිත් විරිත් පැවැත්වීමට සිදු  වී ඇත්තේ අවුරුද්ද සිංහලයන්ගේ සංස්කෘතියේ ප්‍රධාන ම අංගයක් නිසයි. එය සිංහලයන්ගේ ඇඟේ තියෙනවා. එහෙත් අද ලෝකයේ ඇතැම් රටවල නායකයන් ඒ රටවල ඉන්න දෙමළ කතාකරන ජනයාගේ කතා විශ්වාස කර සිංහල අලුත් අවුරුද්ද දෙමළ අවුරුද්දක් කර තිබෙනවා. එයට වග කියන්න ඕන අවුරුද්ද සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් කරපු ඉංගිරිසිනුත් එය සිංහල හා දමිළ අවුරුද්දක් කරපු නිවට ඊනියා උගතුනුත්. සිංහල අවුරුද්ද පටන්ගෙන ඇත්තේ හෙළයන්. ඒ හෙළයන් ද දෙමළ කිරීමේ වැයමක් ඊනියා ජාතිකවාදී යැයි කියන පුරාවිද්‍යාඥයන් සතුයි.

Wednesday, 17 April 2019

සිංහල අවුරුද්ද හා ථෙරවාදය

සිංහල අවුරුද්ද හා ථෙරවාදය

සිද්ධාර්ථ කුමාරයා ලංකාවෙ උපන්නා කියන එකට හරි හමන් සාධකයක් නැහැ. ඒත් ථෙරවාද බුදුදහම යම් ආකාරයකින්  ආරක්‍ෂා කර ගත්තෙ නම් සිංහල බෞද්ධයො. ඒකට මහාවිහාරෙන් ලැබුණු අනුග්‍රහය හේතු වුණා. එහෙම වුණත් සිංහල බුද්ධාගමේ (සිංහල බෞද්ධ සංස්කෘතියේ) වෛදික බලපෑම් වගේ ම ඇතැමකු අකමැති වුණත් යක්‍ෂ නාග ආභාසත් තියෙනවා. සිංහල දවුරුද්ද යක්‍ෂ නාග බලපෑම මත ථෙරවාද බෞද්ධ සංස්කෘතිය අතුරපු එකක් ලෙසයි මට පෙනෙන්නෙ.

Sunday, 14 April 2019

අවුරුදු සිතුවිලි කිහිපයක්

අවුරුදු සිතුවිලි කිහිපයක්

ඉර පොළොව වටේ යන බවත් ඒ ගමනේ දී මීනයේ සිට මේෂයට යන බවත් විශ්වාස කරන සියල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරනවා. අනෙක් අයටත් එසේ කිරීමට කැමති නමුත් ඔවුන් අවුරුද්දක් උදා වෙන බවක් විශ්වාස නොකරන්නේ නම් ඉන් වැඩක් වෙන්නේ නැහැ. මේ අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද. එය නැකැත් අනුව නොනගතයක් ඇතිව සමරන්නේ සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් පමණයි. මෙය සිංහල හා දෙමළ අවුරුද්දක් කළෙ ඉංගිරිසින්. ඔවුන් පළමුව එය සිංහල හා හින්දු අවුරුද්දක් කරා. ඒ දහනවවැනි සිය වසේ සිංහලයන්ට හා දෙමළ කතා කරන්නන්ට සමාන නිවාඩු සංඛ්‍යාවක් දීමට. මේ ගැන මා කලින් ලිපි කිහිපයක් ම ලියා ඇති. පසුව මෙරට පඬියන් සිංහල නම් හින්දු වෙන්න බැහැ කියල ඔවුන්ගෙ (පඬියන්ගෙ) භාෂාවෙන් දමිළ කළා. ඒත් යාපනයට යන්න බැරි නම් වැල්ලවත්තට හරි කොටහේනට හරි ගිහින් බලන්න දෙමළ හින්දු ජනයාට අද අවුරුද්දක් ලබනවා ද කියලා. 

Sunday, 21 October 2018

ඔබට පින්




ඔබට පින්



ඊයේ මගේ උපන් දිනයක්. හැත්තෑහතරවැනි උපන් දිනය කියා තමයි සාමාන්‍යයෙන් කියැවෙන්නේ. ඒ එක්කම කියනවා මගේ වයස අවුරුදු හැත්තෑහතරයි කියා. මෙය තරමක ගැටළුවක්. අපේ වැඩිහිටියන් අද ජීවත් ව සිටියා නම් කියනු ඇත්තේ කොලුවට හැත්තැපහ ලබල කියා. ඉංගිරිසි විධියට අවුරුදු දහය වූ කල මට ගෙදර කිව්වෙ එකොළහට ලබල කියා. ඔය කතාව මට කුඩා කලක් ප්‍රශ්නයක් වුණා.  මේ ක්‍රම දෙකක් බව අවබෝධ වෙන්න මට සෑහෙන කලක් ගත වුණා.

Saturday, 14 April 2018

චන්ද්‍ර මාසයේ සූර්ය සංක්‍රාන්තිය


චන්ද්‍ර මාසයේ සූර්ය සංක්‍රාන්තිය





සිංහල අවුරුද්ද ගැන කොතරම් ලිව්වත් වැඩක් නැහැ. තවමත් සිංහලයන් නොනගතේ දි කිරිබත් උයලා කනවා. කවුරු හරි කියන්න පුළුවන් නැහැ එහෙම නො වෙයි කියලා. ඒත් නොනගතය පැය දොළහයි විනාඩි හතළිස් අටක් පවතිනවා. එහි පූර්ව අර්ධයෙහි දී අප පන්සල් යනවා. අපර අර්ධයෙහි දී නැකැත් ගන්නවා. බොහෝ දෙනා තවමත් හිතන්නෙ නොනගතය කියන්නෙ නැකැත් නැති කාලය කියලයි. නැකැත් නැත්නම් නොනගතයෙ අපරාර්ධයෙහි ගණුදෙනු කිරීම අපරාධයක් නොවන්නේ ද?

Thursday, 12 April 2018

සිංහල අවුරුද්ද හා දෙමළ අනන්‍යතාව


සිංහල අවුරුද්ද හා දෙමළ අනන්‍යතාව



දෙමළ ජනයාට වෙනත් රාජ්‍යයක් ඇති කර ගැනීමට වුවමනාවක් ඇත්නම් ඒ සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා කවරේ ද? ඇතැමුන් කියන විධියට ඒ සඳහා වූ සාමූහික දේශපාලන විඥානයක් තිබිය යුතු යැයි සිතමු. අප එය පිළිගන්නා බවක් මෙයින් නොකියැවෙයි. ඒ දේශපාලන විඥානය ඇති වූයේ තමන් පාරම්පරික ව ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි වී සිටි බැවින් යැයි සාමාන්‍ය ජනයා සිතන බැවින් ද දෙමළ නායකයන් විසින් ගෙන යන දෙමළ ජාතිවාදී උද්ඝෝෂණ හා වෙනත් ක්‍රියා මාර්ග නිසා යැයි ද සිංහල බෞද්ධ විරෝධීන් කියනවා.