Main Logo

Showing posts with label Twentieth Amendment. Show all posts
Showing posts with label Twentieth Amendment. Show all posts

Wednesday, 20 September 2017

වැදගත් ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක්  


වැදගත් ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක්



නීතිය දේශපාලනයෙන් වෙන් කරන්න පුළුවන් කියලා හිතුවට එහෙම කරන්න බැහැ. නීතිය විතරක් නොවෙයි අනෙක් හැම දේමත් දේශපාලනය එක්ක බැඳිලා. අපට දේශපාලනයෙන් වෙන් වෙන්න බැහැ. අප සෘජුව දේශපාලනයේ නොයෙදෙනවා වෙන්න පුළුවන්. අප දේශපාලනඥයන්ට අකමැති වෙන්න පුළුවන්. ඒත් අපට ජීවත් වන්න වෙලා තියෙන්නෙ දේශපාලනයත් එක්ක. අප ඒක අමතක කරන්න හොඳ නැහැ. නීතිඥයන් නීතිය ගැන වගේ ම දේශපාලනය ගැනත් සැලකිලිමත් විය යුතුයි.

Friday, 1 September 2017

විසි පැන හෙවත් විස්සේ ප්‍රශ්නය


විසි පැන හෙවත් විස්සේ ප්‍රශ්නය



විසිවැනි සංශෝධනය පළාත් සභා දෙකක දී සම්මත වුණේ නැහැ. අදාළ සංශෝධනය ඒ පළාත් සභා දෙකට ආපසු යැවීමට ආණ්ඩුව තීරණය කරලා. විසිවැනි සංශෝධනයෙන් පළාත් සභා මැතිවරණ කල් දැමීමට කටයුතු කෙරෙනවා. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි.  එහෙත් මෙහි එයට වඩා ප්‍රශ්නයක් තියෙනවා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවලට ව්‍යවස්ථා සම්පාදනයේ දී මැදිහත් වෙන්න පුළුවන්. වත්මන් ව්‍යවස්ථාව ඒකීය නොවේ යැයි අප කියන්නේ එබැවිනුයි. අද විස්ස ගැන මතු වී ඇත්තේ මේ ඒකීය නොවන බව. පළාත් සභා එකක් හරි විස්සට විරුද්ධ වුවොත් පාර්ලිමේන්තුවට තුනෙන් දෙකකින් මිස එය සම්මත කරගන්න බැහැ. විස්ස ආපසු පළාත් සභා දෙකකට යවන්නේ එබැවිනුයි.