Main Logo

Showing posts with label Venivelgeta. Show all posts
Showing posts with label Venivelgeta. Show all posts

Wednesday, 15 April 2020

වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද?

        සිිංහල ලිත් ඉලක්කම්


වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද?



අද රැල්ලක් ඇති වෙලා. මේ රැල්ලට ජාතික රැල්ල කියන්න පුළුවන්. රූපවාහිනී නාළිකා දිහා බලන් ඉන්න කොට හිතෙනවා දැන් මධ්‍යම පංතිකයන්ගෙ ජාතිකත්වය ඉහ වහා ගිහින් කියලා. බටහිර වෙදමහත්තුරු ටික දෙනෙක් තාමත් ආයුර්වේදයෙ හරි පාරම්පරික වෙදකමේ හරි ඊනියා අවිද්‍යාත්මක බව ගැන කතා කළත් සමස්තයක් වශයෙන් ගත්තම දුම් (හුමාල) හට්ටියට, වෙනිවැල්ගැට කෑල්ලට, කොත්තමල්ලිවලට, ඉඟුරු සුදුළුෑනුවලට තැනක් ලැබිලා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන කතා නොකරන්නකු නැති තරම්. ගෙවතු වගාවෙහි යෙදෙන ජාතික චින්තකයන්ගෙ ඡායාරූප වෙබ් අඩවිවල පළවෙනවා. 

Thursday, 26 March 2020

පිරිතේ වැදගත්කම

    සිංහල ලිත් ඉලක්කම් 


පිරිතේ වැදගත්කම



මේ වෛර කිරීමට නොව මෛත්‍රී කිරීමට කාලයයි. අද ලෝකයේ කොවිඩ් 19 වැඩි පුර ම පැතිරෙන්නෙ ආයුධ බලයෙන් ඇතැම් විට ජනයා සමූලඝාතනය කර තම ආධිපත්‍යය පැතිර වූ රටවලයි. අප ඔවුන්ට වෛර කළ යුතු නැහැ. අපි ඒ පාලකයන්ටත් මෛත්‍රී කරමු. දැන් පැරණි වාමාංශිකයන්වත් භංගවේවා කියනු මා අසා නැහැ. ජ වි පෙ හා පෙරටුගාමීන් නම් තාමත් වෛරී ප්‍රකාශ තම රැස්වීම්වල උද්ඝෝෂණවල කරනවා. මේ ඔවුන්ටත් මෛත්‍රී කිරීමට කාලයයි.