Main Logo

Showing posts with label Western Knowledge. Show all posts
Showing posts with label Western Knowledge. Show all posts

Monday, 3 August 2020

පාසල ද විශ්වවිිද්‍යාලය ද

෦  ෧   ෨   ෩   ෪   ෫   ෬  ෭   ෮  ෯

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9




පාසල ද විශ්වවිිද්‍යාලය ද

ගැමුණු රජුගේ හා විජයබාහු රජුගේ මට්ටමේ නොවුණත් සීතාවක රාජසිංහ හා විමලධර්මසූරිය යන රජවරු මගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙනවා. සීගිරි කාශ්‍යප රජු මෙන් ම සීතාවක රාජසිංහ රජුත් පිතෘ ඝාතකයන් නො වෙයි. රාජසිංහ රජු කල මෙරට සිටි රිබෙයිරෝ තම කෘතියෙහි (මෙය කැලිස්ටස් නානායක්කාර විසින් සිංහලට පරිවර්තනය කෙරී තියෙනවා) රාජසිංහ රජුගේ රජවීම ගැන සඳහන් කරන්නේ මෙහෙමයි. "ස්වල්ප කාලයකට පසු මායාදුන්නේගේ ඇවෑමෙන් ඔහුගේ පුතා වූ රාජූ රජවිය.  ….. ..ඇත්ත වශයෙන්ම පුතා ඔහුගේ පියාට වඩා අන්ත දුෂ්ටයෙක් විය."  තම උග්‍රතම ප්‍රතිවාදියා වූ රාජසිංහ රජු පීතෘ ඝාතකයකු වී නම් රිබෙයිරෝ ඒ බව සඳහන් නොකර ඉන්නේ නැහැ. 

Sunday, 26 July 2020

එලිසබෙත් රැජින එංගලන්තයේ ද බිරිතානියේ ද රාජධානියේ ද?

෦  ෧   ෨   ෩   ෪   ෫   ෬  ෭   ෮  ෯

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9


එලිසබෙත් රැජින එංගලන්තයේ ද බිරිතානියේ ද රාජධානියේ ද?

පඬියන්ට එක්සත් රාජධානියේ (United Kingdom)  වාසය කරන රටවැසියන් හැඳින්විය හැකි නමක් (නාම පදයක්) ලබා ගැනීම එතරම් පහසු වෙන එකක් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ (United States of America) රටවැසියන් හඳුන්වන්න නම් ඔවුන් නමක් හදාගෙන තියෙනවා. ඒ ඇමරිකානුවා යන්නයි. දැන් ඇමරිකානුවා කියන්නේ රටක රටවැසියකු ද නැත්නම් මහාද්වීපයක ස්ථිර පදිංචි කරුවකු ද? මහාද්වීපයක් රටක් නොවන නිසා එහි රටවැසියන්වත් රාජ්‍යයක්වත් නැහැ. පඬියකු ඕස්ත්‍රේලියාව ගැන ලියාවි. නවසීලන්තය ඕස්ත්‍රේලියා මහාද්වීපයට අයත් ද? එය දුපත් කිහිපයක්. ලංකාව ආසියා මහාද්වීපයට අයත් ද? අප දුපතක්. එංගලන්තය ඇතුළු බිරිතානිය යුරෝපා මහාද්වීපයට අයත් ද? කරුණාකර මහාද්වීපයක් අර්ථදක්වනවා ද? නිර්චනය කරනවා ද? අර්ථදැක්වීම හා නිර්වචනය යනු දෙකක් ද? ඒ දෙක ම එකම ඉංගිරිසි වචයකට දී ඇති සිංහල වචන.

Sunday, 2 February 2020

වූහාන් පින්කම

                  සිංහල ලිත් ඉලක්කම්


වූහාන් පින්කම



වුහාන් හි සිටි ලංකාවෙන් ගිය සිසුන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඊයේ ආපසු ලංකාවට ගෙනැවිත්. ජනමාධ්‍යයෙන් කියන විධියට දියුණු යැයි කියන රටවල් තුනකට පසු වූහාන් ප්‍රදේශයෙන් තම රටවැසියන් ආපසු ගෙන්වා ගෙන ඇත්තේ ලංකාවයි. මේ පිළිබඳ ගෞරවය ජනාධිපතිතුමා, විදේශ ඇමතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමිය, විදේශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට, චීනයේ වැඩ බලන මෙරට තානාපතිතුමා ඇතුළු කාරයමණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවට, එයාර් ලන්කන් ගුවන් සේවයට, අදාළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, දෙරණට, චීන රජයට හා ඒ සම්බන්ධ කටයුතු කළ වෙනත් සියළු දෙනාට හිමි විය යුතුයි. මා හිතනවා මේ වන විට චීනයේ සිටි මෙරටින් ගිය අවශ්‍යතාව තිබූ සියල්ලන් ම පාහේ ආපසු ලංකාවට පැමිණ ඇත කියා.

Thursday, 14 November 2019

බොරු සහ පට්ටපල් බොරු

      සිංහල ලිත් ඉලක්කම් 


බොරු සහ පට්ටපල් බොරු 




දැන් නොනගත කාලයයි. දේශපාලනය ගැන ලියන එක හරි නැහැ. මැතිවරණ නීතිය පැහැදිලි නැති වුවත් අවශ්‍ය නම් නීතියේ කණෙන් රිංගලා යන්න පුළුවන් වුනත් ජනාධිපතිවරණය ගැන ලියන්න අවශ්‍ය යැයි කියල හිතෙන්නෙ නැහැ. ඊනියා උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ට සමහර විට තවමත් හිත හදාගන්න බැරි වෙලා ඇති. අද ජනමාධ්‍ය වැඩ කරන්නෙත් මේ තරුණ තරුණියන්ට බයෙන්. ඔවුන්ගෙ ඡන්දෙ දිනා ගන්න ඕන ය කියලා සමහර ජනමාධ්‍ය යම් යම් දේ ප්‍රචාරය කරන්නෙ නැහැ. තරුණ තරුණියන් මා ගැන දන්නෙ නැහැ. දන්න අය දන්නෙ මිථ්‍යා මතධාරියකු ලෙස. ඒ නිසාත් ජනමාධ්‍ය මට තැනක් දෙන්නෙ නැහැ. 

Thursday, 19 September 2019

පක්‍ෂ දේශපාලනයෙන් මිදෙමු

      සිංහල ලිත් ඉලක්කම්


පක්‍ෂ දේශපාලනයෙන් මිදෙමු 



මැතිවරණ කොමිසම වෙඩිල්ල පත්තු කරලා. ජාතියේ ඉරණම තීන්දු කරන ජනාධිපතිවරණ තරගය ඇරඹිලා. දැන් කතාව අරයා එයි ද මෙයා එයි ද අර පක්‍ෂය එයි ද මේ පක්‍ෂය එයි ද අප්‍රසිද්ධ පක්‍ෂවලින් අපේක්‍ෂකයො ඉදිරිපත් වෙයි ද ආදිය ගැන. ඉංගිරිසින් අපට දුන් නරක ම දේ තමයි අධ්‍යාපනය හා පක්‍ෂ දේශපාලනය. බටහිර අධ්‍යාපනය එක ම අධ්‍යාපනය ලෙස සලකන්නත් ඒ හරහා එන බටහිර දැනුම එක ම දැනුම ලෙස සලකන්නත් අනෙක් සියලු දැනුම් පද්ධති මිථ්‍යා ලෙස සලකන්නත් ඔවුන් කියා දුන්නා. 

Tuesday, 3 September 2019

කාලෝ කාළාමයන් හා රයිනෝ

       සිංහල ලිත් ඉලක්කම්


කාලෝ කාළාමයන් හා රයිනෝ 



කාලෝ ගැන මොනවද කියන්නෙ කියල ඇතැමුන් අහනව. ඔහු ගැන බොහෝ දේ මා ඔහු ජීවත් ව ඉන්න කාලෙ ම මුහුණට ම කියලත් තියෙනවා කියව ගන්න ලියලත් තියෙනවා. මා කාලයට ලියන හැම ලිපියක් ම ඔහුට විද්‍යුත් තැපෑලෙන් යැවුව. මේ ලිපියේ සිට ඔහුට ලිපි යැවෙන්නේ නැහැ. ඒත් ඔහු ගැන ලියන්න බැරි වුණු එක කාරණයක් කියන්නයි මෙය ලියන්නෙ. ඔහු කී එක් දෙයකට මා දැන් එකඟ වෙනවා. ඒක මට කල්පනා වුණෙ ඔහු මිය ගියාට පස්සෙ. ඒත් ඒක කියන්න ඉස්සෙල්ල කාරණා ටිකක් මතක් කර ගත්ත නම් හොඳයි කියල හිතෙනවා.

Monday, 21 January 2019

පේරාදෙණි ගුරුකුලය – පූර්විකාව


පේරාදෙණි ගුරුකුලය – පූර්විකාව



පේරාදෙණි ගුරුකුලය ගැන ලිවීම කල් ගියේ දේශපාලන මාතෘකා නොකඩවා පැමිණි නිසා.  අප සියල්ලන් ම දේශපාලනික මෙන් ම සංස්කෘතික මිනිසුන්. අපේ සංස්කෘතිය මගින් දේශපාලනයත් දේශපාලනය මගින් සංස්කෘතියත් තීරණය වෙනවා. ආර්ථික කරුණු බල නොපානවා නො වෙයි. පේරාදෙණි ගුරුකුලය ගැන ලිවීමේ දී මේ සියල්ල ගැන සැලකිලිමත් වෙන්න ඕන. පේරාදෙණියට ශාස්ත්‍ර පීඨය ගෙන ගියේ 1952 දී වුවත් අද පේරාදෙණි ගුරුකුලය යනුවෙන් හැඳින්වෙන්න ඇරඹුණේ 1921 කොළඹ විශ්වවිද්‍යාලයීය ආයතනය පටන් ගැනීමටත් පෙර.

Saturday, 19 January 2019

සේන දළඹුවා ඇවිත්


සේන දළඹුවා ඇවිත්



සේන දළඹුවා යාපනය හැර අනෙක් දිස්ත්‍රික්කවල පැතිර යන බවයි වාර්තා වෙන්නෙ. සමහර විට යාපනයේත් පැතිරෙන්න පුළුවන්. නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. මේ පණුවාට දළඹුවා කියන්නෙ මොකද කියන එක ප්‍රශ්නයක්. සේන කියන්නෙ ඉංගිරිසියෙන් හරි වෙනත් භාෂාවකින්  හරි කියන නමක් මිසක් සිංහල නමක් වෙන්න බැහැ. සිංහල සේන කෙනෙක් මේකට සම්බන්ධයි කියා හිතන්න බැහැ. දළඹුවන්ගේ වැඩේ කන එකමයි කියල කතාවක් තියෙනවා. සේන දළඹුවන් නම් හරිම හරි බඩගිනිකාරයන් බව පේනවා.

Wednesday, 20 June 2018

සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස


සිවුර බේරගන්න බැරි කෙහෙල්මල් නිදහස



මෙරට දේශපාලනය අද අන්තිම තැනකට ඇද වැටිලා. ඒ ඒ දේශපාලනඥයන් පමණක් නොවෙයි ඔවුන් වටා සිටින්නන් ද කියන කරන දේ බොහෝ දෙනකුට විශ්වාස නැහැ. හැමතිස්සෙ ම වගේ බලන්නෙ යමකු මේ කරන්නෙ මොකක් ද කියන එක වෙනත් විධියකට තේරුම් ගන්න පුළුවන් ද කියන එක. එක්තරා විධියකින් ඒ සංයුක්ත හිතළු තැනීමක්. සමහර විට ඒ හිතළු හරියන්නත් පුළුවන්.

Tuesday, 19 June 2018

අහෝ තලතා නොදිටි මොක්පුර


අහෝ තලතා නොදිටි මොක්පුර



තලතා අතුකෝරාළ කියන්නෙ තවත් තලතා දේවියක් නොවන බව කවුරුත් දන්නවා. මේ ලිපියට පදනම් වන්නේ තලතා අතුකෝරාළ කීවා යැයි කියන කරුණක්. වාර්තාවලට අනුව ඇය කියා තියෙනවා බෞද්ධ ධර්මයේ ඇති දේ නීතියට එකතු කළ නොහැකි බවත් බන්ධනාගාර නීතියට (ආඥාපනතට)  අනුව සිරකරුවන් ජම්පරය ඇඳිය යුතු බවත්.

Saturday, 9 June 2018

බටහිර දැනුම කටගා කටමැත දෙඩීම

බටහිර දැනුම කටගා කටමැත දෙඩීම

සිංහල විරෝධී ඊනියා උගතුන් සිංහල දැනුම, සිංහල ඉතිහාසය, බුදුදහම ආදී දේ ගැන විවේචනය කරද්දී යොදා ගන්නා දැනුම කුමක් ද? ඔවුන්ගේ විධි ක්‍රමය කුමක් ද? මේ විධි ක්‍රමය දැන් ඊනියා පර්යේෂණවලත් භාවිතා කරනවා. ඒ පර්යේෂණ ප්‍රශ්නය හඳුනා ගැනීම, මුලාශ්‍ර, ක්‍රමවේදය, සාධක(සාක්‍ෂි), ප්‍රතිඵල, නිගමන ආදී මාතෘකා රැසක් ඔසසේ කෙරෙන්න ඕන. මෙයත් බටහිරයන් කියා දුන් දෙයක්. බටහිරයන්ගෙන් පිට මේ ඊනියා උගතුන්ට කිසිවක් නැහැ.

Monday, 4 June 2018

මොණර නැටුම නටන පුහු පොරවල්




මොණර නැටුම නටන පුහු පොරවල්



ධර්මසිරි බණ්ඩාරනායක කියලා තියෙනවා අපි යාපනය පුස්තකාලයෙ පොත් අනූදාහක් පිච්චුව ම්ලෙච්ඡ ජාතියක් කියලා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ධර්මසිරි බණ්ඩාරනායක මේ ම්ලෙච්ඡ ජාතියට චිත්‍රපටි හදන්නෙ මොකට ද කියලා. ඔහු හරි ඔහු වෙනුවෙන් කතා කරන අයකු හරි කියන්න බැරි නැහැ චිත්‍රපටි හදන්නෙ ම්ලෙච්ඡ ජාතිය ශීලාචාර කරන්න කියලා. හංසවිල වගේ චිත්‍රපටිවලින් නම් එහෙම එකක් පේන්නෙ නැහැ. ස්වර්ණා මල්ලවාරච්චිට හරි වෙනත් කලාකරුවකුට හරි පෙනූණ ද දන්නෙ නැහැ.

Saturday, 2 June 2018

බටහිර දැනුමේ පදනම හා විශ්වාසය දේශපාලන ආධිපත්‍යයයි


බටහිර දැනුමේ පදනම හා විශ්වාසය  දේශපාලන ආධිපත්‍යයයි



බටහිර විද්‍යාවේ ඕනෑම ප්‍රතිඵලයක් ඕනෑම අයකුට ලබා ගන්න පුළුවන් කියලා කියනවා. මේ කතාව බොරුවක් බව ෆෙයරාබන්ඩ් කරුණු සහිත ව පෙන්නල දීලා දැන් දශක ගණනාවක් වුණත් තවමත් බොහෝ දෙනා හිතන්නෙ ඕනෑම කෙනකුට බටහිර විද්‍යාවෙ තියෙන ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන් කියලා. බටහිර විද්‍යාව රැඳිලා තියෙන්නෙ මේ වගේ බොරු කතාත් මත.

Tuesday, 15 May 2018

පරිභෝජනය හා සූරා කෑම

පරිභෝජනය හා සූරා කෑම


බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි  ප්‍රධාන ම කරුණක් තමයි මානව කේන්ද්‍රවාදය. එයට මානව කේන්ද්‍රවාදය කිව්වට එය ක්‍රියාත්මක වෙන්නෙ බටහිර සුදු පිරිමි කේන්ද්‍රවාදය ලෙස. ඒ චින්තනයේ නියමුවන් බටහිර සුදු පිරිමින්. එහි සුදු ස්ත්‍රීන්ට ස්ත්‍රීන් හැටියටවත් හිතන්න බැහැ. ඒ නිසා ඔවුනුත් සුදු පිරිමි වගේ හිතන්න, වැඩ කරන්න සූදානම්. අද ඊනියා ස්ත්‍රී විමුක්තිය යන්න බටහිර ස්ත්‍රීන් තමන් ස්ත්‍රීන් ලෙස කටයුතු කිරීම පෙරදැරි කරන් ඇති වුණු ව්‍යාපාරයක් නො වෙයි. එය ස්ත්‍රීන් තමන්ට පිරිමින් මෙන් කටයුතු කරන්න, නිිදහස ඊනියා විමුක්තිය ලබා දෙන්න කියා ඉල්ලන ව්‍යාපාරයක්. මේ ඊනියා ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරය නිසා බටහිර රටවල සුදු පිරිමින් තවත් බලවත් වෙනවා. 

Sunday, 6 May 2018

මෛත්‍රිපාල හා අයින්ස්ටයින්


මෛත්‍රිපාල හා අයින්ස්ටයින්

විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයට බොහෝ අය හිනහවෙනවා. ඒකෙ තියෙන විද්‍යාත්මක බව මොකක් ද කියලා අහනවා. බොහෝ අය විද්‍යාත්මක ක්‍රමය හැටියට දන්නෙ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන යන්න. බොහෝ විට එය කියන්නෙ විද්‍යාව ඉගෙන නොගත් අය. විද්‍යාව ඉගෙන නොගන්නා අයට තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක විධි ක්‍රමය කියලා විෂයයක් තියෙනවා. ඒකෙ උගන්වන දේ ගැන මා කියන්න යන්නෙ නැහැ. එහෙත් විද්‍යාව ඉගෙන ගන්න අයට එහෙම දෙයක්

Thursday, 26 April 2018

දෙවියන් වහන්සේ හා මනස


දෙවියන් වහන්සේ හා මනස



දැනුම සංස්කරණය කිරීම ගැන අද ඊනියා දාර්ශනිකයන් ද එකඟ වන බව පෙනේ. ඔවුන් එයටත් එහා ගොස් දැනුම සංස්කෘතියට පංචෙන්ද්‍රියට හා මනසට සාපේක්‍ෂ යැයි ද කියන්නේ එහි එතරම් වැදගත් දෙයක් නැත යන්න ද එකතු කරමිනි. දර්ශන අධ්‍යන අංශ ප්‍රධානීන්ට එහි එතරම් දෙයක් නැති වුවත් ඉන් කියැවෙන්නේ කුමක් ද යන්න ඔවුන් ඉගෙන ගත් දර්ශනයට අනුව කිව හැකි දැයි අප දන්නේ නැහැ. මොනවා වුණත් ඔවුන් බටහිර දාර්ශනිකයන්. බටහිර දර්ශනය හා අපේ දැක්ම කියන්නේත් එකක් නොව දෙකක්.

Tuesday, 24 April 2018

කොළඹින් පන්නා විසිපස් වසරයි 2


                                කොළඹින් පන්නා විසිපස් වසරයි 2



විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් තමන්ට ලබා දී ඇති පුහුණුව අනුව කටයුතු කරනවා. එය එක් පුහුණුවක් පමණක් බවත් තවත් පුහුණු තිබිය හැකි බවත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. දැනුම් පද්ධති ඇත්තේ එකක් පමණක් බව ඔවුන් සිතනවා. ඒ දැනුම් පද්ධතියෙහි විවිධ කුල තිබෙනවා. එහෙත් කුල ඇත්තේ එකම ක්‍රමයක. ඔවුන් හිතනවා කුල තිබෙන නිසා විවිධ මත තිබෙනවා කියා. විවිධ මත කියන්නේ එකක්. ඒ මත පදනම් වෙලා ඇත්තේ කුමන චින්තනයක යන්න තවත් එකක්.

Monday, 23 April 2018

කොළඹින් පන්නා විසිපස් වසරයි


කොළඹින් පන්නා විසිපස් වසරයි 



අදට විසිපස් වසරකට පෙර මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් පහකෙරුණා. එදින ලලිත් ඇතුළත්මුදලි ඝාතනය කළ දවස. එදිනත් මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති. එහෙත් නීත්‍යානුකුල ව  නම් අස්කිරීමේ ලිපිය ලැබීමෙන් පසු මට සභාපතිකම අහිමි වෙනවා. ඒ මා තවදුරටත් විශ්වවිිද්‍යාලයක ආචාර්යවරයකු නොවීම නිසා. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජික කථිකාචාර්යවරුන් නැහැ. සම්මේලනය සමන්විත වන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලවල, පීඨවල, ආයතනවල ආචාර්යවරුන්ගේ සංගම් එකතුවකින්. සම්මේලනයේ සාමාජිකයන් වන්නේ ඒ සංගම් මිස පුද්ගලයන් නො වෙයි. ඒ ඒ සංගම්වල සාමාජිකයන් වන්නේ ආචාර්යවරුන්. සම්මේලනයට ඒ සංගම් නියෝජනය කරන ආචාර්යවරුන් සහභාගි වෙනවා. ඒ අයගෙන් නිලධාරි මණ්ඩලයක් තෝරා ගැනෙනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ආචාර්ය සංගමයේ සභාපති ලෙස ඒ සංගමය සම්මේලනයේ නියෝජනය කළා.

Saturday, 7 April 2018

ආසනික් කතාව


ආසනික් කතාව




රජරට වකුගඩු රෝගය ගැන මට දැනගන්නට ලැබුණෙ බටහිර වෛද්‍යවරයකු වූ චන්න ජයසුමනගෙනි. ඔහු එවකට චින්තන පර්ෂදය හා සම්බන්ධ වු සිටියා. මා දෙවියන් සමග සංනිවේදනය කළ ප්‍රියන්තා සේනානායක මැතිණියට චන්න යොමු කළා. චන්නට ප්‍රියන්තාගෙන් යමක් දැන ගැනීමට හැකි වේ යැයි මා සිතුවා. ප්‍රියන්තා සේනානායක තමන් නාථ දෙවියන් සමග සංනිවේදනය කරන බව කියා තිබීමත් මගේ ඇතැම් අසනීප දෙවියන් මගින් සුව කර තිබීමත් එයට හේතු වුණා.

Tuesday, 3 April 2018

වකුගඩු සටන 3


වකුගඩු සටන 3



මා මේ ලිපි පෙළ ලියන්නේ කිසිවකු සමග ඇති වෛරයක් නිසාවත් මට තැනක් ගැනීමට අවශ්‍ය නිසාවත් නොවෙයි. මට තැනක් නැති බව මා දන්නවා. තැනක් ලැබීමට නම් එක්කෝ පිට කසා ගන්නා ව්‍යාපාරයකට එකතු වෙන්න ඕන. නැත්නම් ජනමාධ්‍යයෙ පිහිට ලබා ගන්න ඕන. මට කලක් දිවයින, දි අයිලන්ඩ් හා විදුසර   පුවත්පත්වල ලිපි පළ කරගන්න පුළුවන් වුණා. විවිධ හේතු නිසා දැන් බැහැ. මේ ලිපි කිසිවකුටවත් තර්ජනයක් නොවන්නේ ඒ ලිපි කියවන්නන් අඩු නිසා.