Main Logo

Thursday, 31 March 2016

මිනිසුන්ගේ සමානකම ඇත්තේ කොහේ ද?

මිනිසුන්ගේ සමානකම ඇත්තේ කොහේ ද?

මිනිස්කම යන්න අගය කළ යුත්තකි. ඒ පිළිබඳ වාදයක් තිබිය නො හැකි ය. නීතිය ඉදිරියේ මිනිසුන් සමාන වේ යැයි කියැවෙයි. එය ද වටිනා අදහසකි. එහෙත් අවාසනාවකට මිනිස්සු සමාන නො වෙති. එක් එක් අයගේ දක්‍ෂතා විවිධ ය. ඇතැමුනට දක්‍ෂතා ඇති බවක්වත් අපි නො දනිමු. ඒ එවැනි දක්‍ෂතා සමාජය විසින් පිළිගෙන නොතිබීම නිසා ය. සමාජය විසින් පිළිගැනෙන්නේ සමාජයට අවශ්‍ය දක්‍ෂතා පමණකි. ඒ දක්‍ෂතා තීරණය කෙරෙන්නේ කවුරුන් විසින් ද? අපට ලංකාවට වුවමනා අන්දමට දක්‍ෂතා තීරණය කිරීමට හැකි ද? ලංකාවට වුවමනා යන්නෙහි ම තේරුම කුමක් ද? එමෙන් ම වටිනා අදහසක් යන්නෙහි වටිනාකම යනු කුමක් ද?

Wednesday, 30 March 2016

ප්රභාකරන්ගේ බාප්පලා 4


ප්රභාකරන්ගේ බාප්පලා 4

මෙය 1995 දී පළ වූ ප්රයභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්ර හණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්රි,යා නොකෙරුණේ ප්රාභාකරන් ත්රනස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්රාභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්රීහණයෙන් පසුව නැවතත් ප්රකභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්රනශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්රවාද නැති වීම එහි දී බලපාන ප්ර්ධාන කරුණකි.

Tuesday, 29 March 2016

අද කළ යුත්ත

අද කළ යුත්ත

අප රටේ දෙමළ දේශපාලන බලය දෙමළ ජනතාවගේ ප්‍රතිශතයට හෝ දෙමළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිශතයට හෝ වඩා බෙහෙවින් වැඩි බව දැනගැනීමට දේශපාලනඥයකු වීමට අවශ්‍ය නො වේ. අෂ්රොෆ්ගෙන් පසුව මුස්ලිම් දේශපාලන බලය ද වර්ධනය වෙමින් පවතියි. පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මුස්ලිම් ජනයා ද මුළුමනින් ම මෙන් මුස්ලිම් පක්‍ෂවලට ඡන්දය දුන්හ. දෙමළ හා මුස්ලිම් ජනයා සුළු ප්‍රමාණයක් එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දුන් නමුත් සංධානයට ඡන්දය දුන් ප්‍රමාණය නොසළකා හැරිය යුතු ගණයේ එකක් විය. දෙමළ හා මුස්ලිම් දේශපාලනය ගැන සාකච්ඡා කිරීම අපි පසුවට කල් තබමු. මෙහි දී අපේ අවධානය යොමු වන්නේ සිංහල දේශපාලනයට ය. 

Monday, 28 March 2016

ජාතික ගීය ගැන තවදුරටත් 2

ජාතික ගීය ගැන තවදුරටත් 2

කාලෝ ෆොන්සේකා වැනි සිංහල බෞද්ධ විරෝධී උගතුනට ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම ඒ දෙමළ ජනයාගේ උගුරෙන් පහළට තල්ලු කිරීමකි. කාලෝ සිංහල බුද්ධාගමට විරුද්ධ වෙයි. ඔහු ඊනියා විද්‍යාත්මක බුද්ධාගමක් ගැන කතාකරයි. ඔහු තමා අනුගමනය කරන්නේ යැයි කියන ඊනියා විද්‍යාත්මක විධික්‍රමයට ද පටහැණීව ගොස් ගිනිපෑගීම ගැන පර්යේෂණ කර තමාට අවශ්‍ය නිගමනවලට එළඹිණි. ඔහු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇතැයි කියන මිථ්‍යා මතවලට එරෙහිව කරන ලද ඊනියා විද්‍යාත්මක පර්යේෂණයක් ගැන අප අසා නැත. කෙසේ වෙතත් ඔහු ජාතිය යනු කුමක් දැයි නො දනියි. ඔහු කලකට පෙර  ජාතිය යන්න ලේ මගින් නිර්ණය වන්නේ දැයි ඊනියා විද්‍යාත්මක ප්‍රශ්නයක් නැගී ය. ජාතිය යන්න ජීව විද්‍යාවට අනුව හඳුනාගැනීමට නොහැකි බව මෙරට ඇතැම් පඬියෝ නො දනිති. ජාතිය ගැන ද පසුව විස්තර කරන බව කලින් පවසා ඇත. බටහිර කිසිම විද්‍යාවක ජාතිය යන්න අර්ථ නො දැක්වෙයි. ඔවුන්ගේ දේශපාලන විද්‍යාවේ ඇත්තේ ජාතික රාජ්‍යය යන බංකොළොත් සංකල්පය පමණකි. ව්‍යාජ මානවහිතවාදීන්වූ මෙරට වඳ වී යන මාක්ස්වාදීනට ජාතිය යන්න සිංහල ජාතිවාදයකට එරෙහිව යොදා ගැනෙන අර්ථ නොදක්වන ලද සංකල්පයක් පමණකි. සිංහල බෞද්ධයනට මිනිස්කම ද ඉක්මවූ සත්ත්වයා යන සංකල්පය ඇත. එහෙත් ඔවුහු මිනිස්කමවත්, සිංහලකමවත් අමතක නො කරති. ඒ සියල්ල මිනිසුන්ගේ නිර්මාණ බවත් ඔවුන් නොදන්නවා නො වේ.

Sunday, 27 March 2016

ජනතාව, නායකත්වය හා සිංහල සංස්කෘතිය (2016 මාර්තු 27 ඉරිදා රිවිර ලිපිය)

ජනතාව, නායකත්වය හා සිංහල සංස්කෘතිය


පසුගිය දහහත්වැනිදා කොළඹ පිලිප් ගුණවර්ධන පිටියට එක්වූ ජනතාවගෙන් සිංහල සංස්කෘතියේ එක් ලක්‍ෂණයක්  විදහා දැක්වෙයි. එහෙත් ඒ ගැන කතාකිරීමට පෙර සිංහල උගතුන්ගේ සංස්කෘතියේ ලක්‍ෂණයක් ගැන යමක් කිව යුතු ය. මේ පිටිය හයිඩ් පිටිය ලෙස නම්කරනු ලැබුයේ සුද්දන් විසිනි. ඒ ලන්ඩන් නුවර ඇති හයිඩ් පිටිය අනුගමනය කරමිනි. එහෙත් පසුව මෙරට කම්කරුවන් නමින් ඇතිකළ පක්‍ෂ (කම්කරු පංතිය නො වේ. එවැනි පංතියක් ලෝකයේ කිසිම තැනක කිසිදා තිබී නැත) විසින් තම රැස්වීම් සඳහා මේ පිටිය යොදා ගැණිනි. ලංකා සමසමාජ පක්‍ෂයේ කථිකයෝ එකල මේ පිටිය දෙවනත් කළහ. පක්‍ෂයේ නායකයා වූ ද න්‍යායාචාර්යවරයා වූ ද පිලිප් ගුණවර්ධන මහතාට පිටිය තවත් පක්‍ෂ මධ්‍යස්ථානයක් විය. පිලිප් ගුණවර්ධන මහතා පක්‍ෂයේ න්‍යායාචාර්යවරයා ද වූ බව මා දැනගත්තේ ඩොරික් සූසා මහතාගේ ලිපියක් කියවීමෙනි. පිලිප් න්‍යායාත්මක කරුණක් ප්‍රකාශ කළ විට එයට ඇන් ඇම්, කොල්වින්, ලෙස්ලි ආදීන් සාවධානව ඇහුම්කන් දුන් බව ද ඒ ලිපියෙහි සඳහන් විය.

ප්‍රභාකරන්ගේ බාප්පලා 3

ප්‍රභාකරන්ගේ බාප්පලා 3

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x              මහනුවර රජවරුන් වඩුග වීමෙන් පෙන්නුම් කරන්නේ ඒ රාජ්‍යය දෙමළ බව නොවේ ද?