Main Logo

Wednesday, 7 February 2018

මැතිවරණ අනාවැකි ජ්‍යොතිෂය හා සංඛ්‍යානය



මැතිවරණ අනාවැකි ජ්‍යොතිෂය හා සංඛ්‍යානය


අද මැතිවරණය සම්බන්ධයෙන් යමක් කිව හැකි අන්තිම දිනය. එය වෙබ් අඩවිවලටත් බලපානවා ද යන්න පැහැදිලි නැහැ. ඒ කුමක් වුවත් විද්‍යුත් තැපෑලෙන් නම් අදහස් ප්‍රකාශ කිරීමට බාධාවක් නැති වෙන්න පුළුවන්. ප්‍රශ්නය වන්නේ විද්‍යුත් තැපෑලෙන් යවන ලිපියක් ඒ ලබන තැනැත්තකුට තමන් කැමති ආකාරයකින් පිටපත් කිරීමට, වෙනත් අයට ඉදිරිපත් කිරීමට හැකි වීම. නීතිය තාක්‍ෂණයට වඩා පසුපසින් ඉන්නෙ.

Tuesday, 6 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 3


අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 3


ඊනියා නිදහස් උත්සවය ඉවරයි. මුහුණු පොතේ පඬි පෝතකයන් දන්නේ නැහැ ඊනියා කියන වචනෙ තේරුම. එ වුණත් ඒ සමහර අය හැමදේකට ම ප්‍රතිචාර දක්වන්නවා. ඔවුන්ගේ හඩු බසින් කියනවා නම් කමෙන්ට් දානවා. එයින් ම තේරෙන කරුණ තමයි අපට නිදහස තව බොහෝ දුර බව.

Monday, 5 February 2018

උකුල්උඩ විගඩම, ගාමිණී හා සංහිඳියාව


උකුල්උඩ විගඩම, ගාමිණී හා සංහිඳියාව


ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වීමට නියමිත ව තිබූ සරත් වීරසේකරගේ ගාමිණී චිත්‍රපටිය උඩින් ආ අණක් නිසා විකාශය වී නැහැ කියනවා. මේ අණ උඩින් ආවා නම් කෙතරම් උඩකින් ආවා දැයි දැනට දැන ගැනීමට නැහැ. ඒ අතර මහින්දගේ 360 සඳහා පූර්ව ප්‍රචාරයකට ද අවසර දී නැති බව කියැවෙනවා. මේ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයක් කියා පඬියකු කියාවි. ඊනියා මාධ්‍ය නිදහසක් කිසිම රටක නැහැ. ඒ පඬි සංකල්පය පැත්තකට දැම්මත් මෙයින් කියැවෙන්නේ දෙරණට තමන් කැමති වැඩසටහනක් ප්‍රචාරය කිරීමට නොහැකි බවයි.

Sunday, 4 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 2



අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 2

අප වෙල්ලස්සෙ ගියෙ බෙංගමුවෙ නාලක හාමුදුරුවොත් එක්ක. උන්වහන්සේත් ඕමාරේ කස්සප හාමුදුරුවොත් පැකේජය පරද්දවන්න කළුතර සිට කතරගමට පයින් වැඩියා. දෙපාවල දිය පට්ටා මතු වුණා. කමලදාස චර්මරෝග වෛද්‍යතුමා උන්වහන්සේලාගේ සෞඛ්‍යය ගැන පමණක් නොව වෙනත් අවශ්‍යතා ගැන ද සොයා බැලුවා. උන්වහන්සේලා පසුව රිය පෙරහැරක වැඩියා කැලණියේ සිට කතරගමට ඒ සමග තුරුවිල හාමුදුරුවො මුහුදු මගින් කිරින්දට වැඩම කළා. ඒ හාමුදුරුවරුන්ගේ උත්සාහය නොතිබෙන්න පැකේජය පරාද කරන්න බැහැ. එහෙත් පැකේජය පරාද කිරීමේ ගෞරවය ලැබෙන්නේ වෙනත් හාමුදුරුවරු දෙනමකට. ඉන් එක් නමක් කළේ ඉඳහිට ප්‍රකාශ නිකුත් කිරීම පමණයි. එයත් තරමක ප්‍රමාදයකින්.

Saturday, 3 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද?


අපට නිදහස ලැබෙන්නෙ කවදා ද?


බොහෝ ජනමාධ්‍යවේදීන්ට ජාතිකවාදීන්ට අනුව ඩීල් කාරයකු ගේම් කාරයකු දේව පිස්සකු වූ මට නිදහස ගැන කතා කිරීමට අයිතියක් ඇත් දැයි ප්‍රශ්න කිරීමට පුළුවන්. තව දින කිහිපයකින් ජාති ද්‍රෝහියකු වීමට නියම වී ඇති මා ලියන ලිපි කියවන සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙනවා. ඒත් මේ කරුණු ලියා තැබීම ජාතියට නැති වුවත් කිසිවකුට උපකාරයක් වෙන්න පුළුවන්.

නිදහස සැමරීමට කියා එඩ්වඩ් වින්ඩ්සර් සහ ඔහුගේ ඇඹේණිය ලංකාවට ඇවිල්ලා. ඔවුන්ගේ සියළු වියදම් දරන්නේ මෙරට ජනතාවයි. ඔවුන් පැමිණ ඇත්තේ රජයේ ආරාධනයෙන්. මහින්ද ඒ ආරාධනයට විරුද්ධ ද? මෛත්‍රිපාල විරුද්ධ ද? මෛත්‍රිපාල නම් බලන් ඇති අත්වැසුම් නැතිව ඊනියා රාජකීයන්ට අතට අත දෙන්න. ඒ දෙදෙනා රනිල්ගේ හා චන්ද්‍රිකාගේ කට්ටිය. මෛත්‍රිපාලගේවත් මහින්දගේවත් කට්ටිය නම් නො වෙයි. මේ බෙදීම තවම මෙරට මිනිසුන්ට අවබෝධ කරගන්න බැරි වෙලා. අනුර කුමාර නන්නත්තාර වූ ඊනියා විද්වතුන්ගේ පිහිටට එන පුද්ගලයකු පමණයි. නදීක ගුරුගේට විප්ලවය අමතක කරලා ඡන්දය දීමට හිතිලා. ඔහු මෙතෙක් කල් ඡන්දය තමන් වැනි විප්ලවවාදීන්ගේ වැඩක් ලෙස හිතුවේ නැහැ. ඔහු සුනිල් පෙරේරා සමග එකතු වෙලා. සුනිල්ගේ පත කුරුසයට විප්ලවවාදීන් දොස් කියන්නේ නැහැ. සමහර විට සුනිල් ද අනාගමික රාජ්‍යයක් පිහිටුවීමට වැඩ කරනවා ඇති. සමහර විට පල්ලියත් විප්ලවවාදී වෙලා ඇති.

Friday, 2 February 2018

පුද්ගලයා හා පක්‍ෂය



පුද්ගලයා හා පක්‍ෂය


බොහෝ දේ ලිවීමට තියෙනවා. ඒත් ඒ කිසිවක් අනෙක් අයට වැදගත් නොවන බව පැහැදිලියි. මුහුණු පොතේ අයට මා ඩීල්කාරයකු. දෙරණේ දිලිත් ජයවීරට මා ගේම්කාරයකු. එහෙත් මේ කිසිවකුවත් මගේ ඩීල් ගැන ගේම් ගැන කියන්නේ නැහැ. අඩු ගණනේ මට දැන ගැනීමටවත් කියනවා නම් හොඳයි.  අද දිලිත් අධ්‍යක්‍ෂ ධුරය දරණ සමාගමකට එ ජා ප මැතිවරණ ප්‍රචාරක දැන්වීම් භාරදීලා. දෙරණ ඇලෝෂියස්ගේ ජනයුගය මිළ දී ගැනීමට යන බවට ආරංචියක් තියෙනවා. ඒ සියල්ල ව්‍යාපාරික කටයුතු වෙන්න ඇති. එහෙත් අපේ දේ රැකගන්නවා යැයි කියන දෙරණ අපේ දේ නොරකින බව නම් පැහැදිලියි. දෙරණ ගැන මට සැකයක් ඇති වෙලා ටිකක් කල්. ඒ ගැන අපි පසුව තවදුරටත් කතා කරමු.

Thursday, 1 February 2018

මැතිවරණයෙන් පසු



මැතිවරණයෙන් පසු


මේ පළාත් පාලන මැතිවරණය හොරකම පිළිගැන්වුණු මැතිවරණය ලෙස හඳුන්වන්න පුළුවන්. අද කවුරුත් පාහේ තමන් ඇරෙන්න අනෙක් අය හොරු කියලා කියනවා. අප සියලු දෙනා ම පාහේ අපේ වැරදි ගැන නොව අනෙක් අයගේ වැරදි ගැන කියනවා. අප අපේ දරුවන් පාසල්වලට ඇතුල් කිරීමට බොරු සහතික ඉදිරිපත් කරනවා. එවැනි සහතික පිළියෙළ කරන අයත් රටේ ඉන්නවා. ඔවුන් එමගින් ආදායමකුත් ලබනවා. එසේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම අද සමාජයේ පිළිගත් දෙයක් බවට පත්වෙලා.