Main Logo

Tuesday, 4 December 2018

A tale of two stay orders

A tale of two stay orders

The appeals court issued  a stay order on the 3rd of November preventing the Prime Minister Mahinda Rajapakse, the ministers, deputy ministers and state ministers  acting in their respective positions. The stay order will stay until the Appeals court delivers its judgment on the issue of a Quo Warranto writ. This does not mean that the Portfolios have been abolished as claimed by some former ministers of the UNF government. The appointment of the Prime Minister and the minsters is legal and has not been challenged and Mahinda Rajapakse remains the Prime Minister of the country.

පාර්ලිමේන්තුව විසුරවීම හා ඇමතිවරුන් විසිරීම

පාර්ලිමේන්තුව විසුරවීම හා ඇමතිවරුන් විසිරීම
                               
තවත් රැඳවීම් නියෝගයක් (stay order) දීල. ඒ ගමන අභියාචනාධිකරණයෙන්. මහින්දට හා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ට අගමැති ධුරයේ හා ඇමති ධුරවල කටයුතු කිරීම තාවකාලික ව ඇණහිටුවලා. ඔවුන්ට දැන් අමාත්‍ය මණ්ඩලය ලෙස රැස්වන්න බැහැ. ඇමතිවරුන් ලෙස වැඩ කරන්නත් බැහැ. එහෙත් ජනාධිපතිට ලේකම්වරුන් මගින් ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. රාජ්‍යයටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අමාත්‍ය මණ්ඩලය, ආණ්ඩුව, රාජ්‍යය කියන්නේ එකක් නොව තුනක්. 

Monday, 3 December 2018

පාර්ලිමේන්තුව ගොනාට ඇන්දවීම

පාර්ලිමේන්තුව ගොනාට ඇන්දවීම


සබැඳිය මෙතැනින් 

 https://youtu.be/lGRBMc2oPw8

විද්වත් කතා

විද්වත් කතා


අද සවස මරදානේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වන ලෙස අද උදේ ගෙවිඳු කුමාරතුංගගෙන් ආරාධනයක් ලැබුණා. ඒ ඊනියා විද්වත් කතාවක් කිරීමට  නො වෙයි. සමහරවිට වේදිකාවේ අසුන් ගන්නලා ඊනියා විද්වත් කතාවලට සවන් දීමට සලස්වන්න වෙන්න පුළුවන්.

මුල අමතක නොකරමු


මුල අමතක නොකරමු



අද කෙරී ඇත්තේ මොකක් ද කියන එක දැන් බොහෝ දෙනාට අමතක වෙලා. හැමෝ ම වගේ කටින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීන් වෙලා. අපට සිහිවන්නේ කපුරුහාමිලා. අප කිසි විටෙකත් මුල අමතක කරන්න හොඳ නැහැ. මේ මුල කියන්නේ රේඛීය චින්තනයේ දැක්වෙන ඊනියා ආරම්භය නො වෙයි. අද ප්‍රශ්නයේ මුල ව්‍යවස්ථාවවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් නොවෙයි රනිල්ගෙන් රට ආරක්‍ෂා කිරීම. තව අවුරුදු එකහමාරක් හිටිය නම් මහින්දට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණත් වැඩක් නැහැ. ඒ වන විට රටෙන් කොටසක් විකුණලා, ඉතිරි කොටස දෙමළ ජාතිවාදීන්ට දීල. ඇතැම් වෙබ් අඩවි ව්‍යාජ ශීර්ෂ පාඨ යොදා පාඨකයන් මුළා කර මුදල් උපයනවා.

Sunday, 2 December 2018

මඩකලපු පොලිස් ඝාතන


මඩකලපු පොලිස් ඝාතන



මඩකලපුවේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මරලා. කවුද මැරුවෙ කියන එක තවම හරියට දන්නෙ නැහැ. ඒක පෞද්ගලික කෝන්තරයක් කියලා හිතන්න අමාරුයි. එක් කොස්තාපල්වරයකු සිංහල අනෙක් අය දෙමළ. සිංහල දෙමළ කතාවක් නැතිව දෙදෙනා ම පොලීසියත් රටත් වෙනුවෙන් සේවය කළ අය. පොලීසිය කියන්නෙ ධනපති රාජ්‍ය තන්ත්‍රයෙ උපකරණයක් කියල සමහරු කියයි. එහෙත් කිසිවකු තමන් කම්කරු පංතියෙ කියල බුද්ධියෙන් නොව හැඟීමෙන් හිතන්නෙ නැති කාලයක ඔය පංති කතා නිකම් හිතළු පමණයි. ඒවා පට්ටපල් බොරු.

Saturday, 1 December 2018

පාර්ලිමේන්තු කෝලම

පාර්ලිමේන්තු කෝලම

මේ දිනවල පාර්ලිමේන්තු කෝලම දියවන්නාවේ නටනවා. මේ මොන කෝලමක් ද, කෝලන් නටන්න එන්න එපා ආදී ව්‍යවහාර සිංහල භාෂාවේ තියෙනවා. ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනුයේ පාර්ලිමේන්තුව මගින්. අද ඊනියා කතානායක  එ ජා පෙරමුණේ, දෙමළ ජාතික සංධානයේ  හා ජ වි පෙරමුණේ ආධාරයෙන් ජනතා පරමාධිපත්‍යය පැහැර ගෙන. ඒ මදිවට විධායක බලතලත් පැහැර ගන්න හදනවා. ඒ ජනාධිපති තීරණ නොපිළිගනිමින් රාජ්‍ය සේවකයන්ට අණ දෙමින් ආදී වශයෙන්. ඒ අතර ඊනියා කතානායක හා ගෝල බාලයන් ඇමතිවරුන්ගේ වියදම් ද කපා හරිනවා. හීතල දුරුත්තට තව මසක් පමණ තිබෙනවා. ඔවුන්ට හීන පේනවා.