History

Wednesday, 9 February 2011

බටහිර විද්‍යා කතා කීම

රජරට වකුගඩු රෝගය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය ඔස්සේ බටහිර රසායන විද්‍යාව පිළිබඳ ඇතැමි දේ ඉගෙනගැනීමට මට අවස්ථාව ලැබිණි. අවුරුදු පනහකට පෙර සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයට බටහිර රසායන විද්‍යාව ඉගෙනගැනීමෙන් පසුව මා එම විද්‍යාව හදාරා නැත. එබැවින් ම උසස් පෙළ පරීක්‍ෂණයේ දී ද විශ්වවිද්‍යාලයේ පළමු වසර පරීක්‍ෂණයේ දී ද මම බටහිර රසායන විද්‍යාවෙන් අසමත් වීමි. මට බටහිර රසායන විද්‍යාවෙි ඒ ඒ අංශවල කියැවෙන විස්තර මතක තබාගැනීමෙි අපහසුවක් වෙයි. මට කෙසේවත් එතරමි උසස් ස්මරණ ශක්තියක් නැත. කවියක් ගීීයක් ගාථාවක් මතක තබාගැනීමෙි දී ද මෙි දුර්වල ස්මරණ ශක්තිය මට හරස් වෙයි. මා මුළුමනින් ම දන්නා එකම ගීය ජාතික ගීය වෙයි.

එහෙත් බටහිර රසායන විද්‍යාවෙහි මූලධර්ම පිළිබඳ මට ශිෂ්‍යයකු ව සිටි අවධියෙහි දී ද ගැටළුවක් නො වී ය.. ප්‍රශ්නය වනුයේ ඒ මූලධර්මවලින් ඉහත කී විස්තර ලබාගැනීමෙි දී ය. බටහිර රසායන විද්‍යාවෙි මූලධර්ම අයත් වනුයේ බටහිර භෞතික විද්‍යාවට ය. ඉන්ද්‍රිය ගෝචර නොවන පරමාණුවකින් තවත් එවැනි පරමාණුවකට ඉන්ද්‍රිය ගෝචර නොවන ඉලෙක්ට්‍රෝන ලබා දීම හෝ එවැනි පරමාණු දෙකක් ඉලෙක්ට්‍රෝන බෙදාහදා ගැනීම බටහිර භෞතික විිද්‍යාවෙි කතාවකි. එහෙත් භෞතීය රසායන විද්‍යාවෙහි ඇතැමි කොටස්වල දී පවා ඉන්පසු කතාව ද කතාව කියන අන්දම ද වෙනස් වෙයි. බටහිර රසායනික විද්‍යාව බටහිර භෞතික විිද්‍යාවට ඌනනය කිරීමට නොහැකි වන්නේ ද එබැවිනි.

බටහිර භෞතික විිද්‍යාවෙි මූලධර්මවලින් පටන්ගත්ත ද බටහිර රසායන විද්‍යාව බටහිර භෞතික විද්‍යාවෙන් වෙනස් වන්නේ මෙි කතාව කීමෙි හා ගෙතීමෙි කලාවෙි වෙනස හේතුකොටගෙන ය. අවාසනාවකට ඒ සඳහා වෙනත් කලාවක් සකස්කර ගැනීමට ද මට නොහැකි විය. එබැවින් මම රසායන විද්‍යාව සාමාන්‍ය පෙළෙන් පසුව විභාගය සඳහාවත් නො හැදෑරුවෙමි. එකල බටහිර රසායන විිද්‍යාවෙන් සාමාර්ථ්‍යයක් නැතිව විශ්වවිිද්‍යාලයට ඇතුල්වීමට හැකිවීම එයට හේතුව විය. මට බටහිර රසායන විද්‍යාවෙි උනන්දුවක් ආශාවක් ඇතිකර ගැනීමට තරමි විශේෂිත වූ ක්‍ෂෙත්‍රයක් ද නො වී ය. භෞතීය රසායන විද්‍යාවට අයත් කොටස් බටහිර භෞතික විද්‍යාවෙන් දැනගැනීම වඩා පහසු විය.

ඉතිහාසය හා දේශපාලන විද්‍යාව වැනි විෂයයන්ගේ කතා ගෙතීමෙි හා කීමෙි කලා බටහිර භෞතික විද්‍යාවෙි කතා ගෙතීමෙි හා කීමෙි කලාවට වඩා බොහෝ වෙනස් වුවත් මට ඒ විෂය ගැන තිබූ උනන්දුව හා ආශාව හේතුකොටගෙන අඩුම තරමින් මට අවශ්‍ය කරුණුවලදී මගේ ම වූ කතා ගෙතීමෙි කලාවක් නිර්මාණය කරගත හැකි විය. එබැවින් පාසලේ දී කණිෂ්ට පංතිය වන තෙක් මම නිල වශයෙන් ද ඉන්පසුව නිල නොවන අයුරෙන් ද ඒ විෂය හැදෑරීමි. බටහිර විිද්‍යා හැදෑරූ ශිෂ්‍යයකු වූ බැවින් සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයට ප්‍රජාචාරය යනුවෙන් එකල ඉගැන්වූ විෂයට මට පෙනී සිටිය නොහැකි වුව ද මම පාසලේ සාමාන්‍ය පෙළ පංතියේ දී එම විෂය හැදෑරුවෙමි. සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳව ද බෞද්ධ දර්ශනය හා වෙනත් දර්ශන පිළිබඳ ව ද මට වූයේ ඉමහත් උනන්දුවක් හා ආශාවකි. ඒ විෂය ද මට ආවෙිණික ආකාරයට හැදෑරීමි.

එහෙත් භූගෝල විිද්‍යාව අටවැනි පංතිය තෙක් හැදෑරුවෙි එතරමි කැමැත්තකින් නො වෙි. එහි ද කතාව කීමෙි කලාව මගේ සිත් නොගත්තේ ය. සිතියමක් යනු සිතියමක් පමණක් බව ගුරුවරුන් නොදත්තාසේ ය. සිතියමි ඇඳීම චිත්‍රකර්ම විෂයට අයත් නොවන බව ඔවුහු නොදැන සිටියෝ ද? රත්නපුරය යනු කොළඹට ටිකක් දකුණෙන් හා තරමක් නැගෙනහිරෙන් පිහිටි නගරයක් බව දැනගෙන සිටීම ප්‍රමාණවත් යැයි මම සැලකීමි. රත්නපුරයේ මැණික් ඇති බව දැන ගැනීම, ඔිස්ටේ‍රිලියාවෙි හා දකුණු අප්‍රිකාවෙි ඇතැමි ප්‍රදේශවල රත්තරන් ඇති බව දැන ගැනීම ආදිය හුදු මතක තබාගැනීමි පමණක් විය. රත්නපුරයේ රත්තරන් නැත්තේ ඇයි දැයි හෝ කොළඹ මැණික් නැත්තේ ඇයි දැයි හෝ නූගැන්විණි. භූගෝල විිද්‍යාවෙි ද කතා කීමෙි හා ගෙතීමෙි කලාව හා එකල සාමාන්‍ය විද්‍යාව ලෙස හැඳින්වුණු බොහෝ ක්‍ෂෙත්‍රවල කතා කීමෙි හා ගෙතීමෙි කලා අතර සාම්‍යයක් දැකිය හැකි විය. මෙි විෂය සඳහා කතා කීමට මට ආවෙිණික ක්‍රමයක්, කලාවක් සකස්කර ගැනීමට ද මට නො හැකි විය.

බටහිර රසායන විද්‍යාව ද, භූගෝල විද්‍යාව මෙන් ම මගෙන් ඈත්විය. මා ද ඒ විෂයයන්ගෙන් ඈත් වූ බව අමුතුවෙන් කිවයුතු නො වෙි. අවස්ථාව ලත් වහාම ඒ විෂයන් හැදෑරීම අත්හැරියෙමි. මෙි විෂයයන් මගෙන් ඈත්වූයේ ඇයි දැයි මම අද දනිමි. මෙි විෂයන් පමණක් නොව අනෙක් විෂයන් ද පාසලේ ඉගැන්වෙන්නේ නැතහොත් ඒ පිළිබඳ කතාව කියැවෙන්නේ නිරපේක්‍ෂ අර්ථයකින් හා නීති රීති ලෙස ය. ගණිතය පවා ඉගැන්වෙන්නේ නීීති රීති පද්ධතියක් ලෙස ය. 1.2, 1.3 න් ගුණ කළ විට 1.56 ලැබෙන්නේ කෙසේ දැයි නූගැන්වෙයි. දශම තිත තැබීමෙි දී දශම ස්ථාන දෙකක් වෙන්කළ යුත්තේ ඇයි ද යන්න නූගැන්වෙයි. එය කියා දෙන්නේ නීතියක් ලෙස ය. දීර්ඝ වැඩිකිරීම දීර්ඝ බෙදීම ආදිය නීති දැනගෙන කළ යුතු දෑ විය. එහෙත් ඒ පසුපස ඇති න්‍යාය දළ වශයෙන් වුවත් හඳුනාගැනීමට කල්ගත වී වුව ද හැකි විය. 14 ශ 7 හා 7 ශ 14 යනු එකක් ම බව (න්‍යාදේශ්‍ය බව) තේරුමි ගත් පසු 14 වරක් චක්‍රය කටපාඩමි කිරීම අනවශ්‍ය විය. 1.2 ශ 1.3 = 12 ශ 13 / 10 ශ 10 බව තේරුමි ගත් පසු දශම තිත තබන්නේ කොතැනක ද යන්න පිළිබඳ නීතිය ට ද අර්ථයක් ලැබෙයි. ගණිතය ආදී මා කැමති විෂයන්හි කතා ගෙතීමට මගේ කලාවක් විය.

එහෙත් බොහෝ සිසුහු ගණිතය එසේ නූගනිති. ඔවුහු නීති කටපාඩමි කරති. අවාසනාවකට ගණිතයේ කටපාඩමි කිරීම භූගෝල විද්‍යාවෙි කටපාඩමි කිරීමට වඩා බොහෝ සිසුනට අසීරු වෙයි. එයට හේතුව ගණිතය වියුක්ත වීම ය. සංඛ්‍යා යනු වියුක්ත සංකල්ප වෙයි. රත්නපුරයේ මැණික් තිබෙන බව මතක තබාගැනීම බොහෝ අයට එතරමි අපහසු කටයුත්තක් නො වෙි. රත්නපුරය ලංකාවෙි පිහිටි නගරයක් වන අතර මැණික් අපට දැක බලා ගැනීමට, අතපත ගෑමට හැකි ය. එහෙත් සංඛ්‍යා අතපත ගාන්නේ කෙසේ ද? ඉන්ද්‍රිය ගෝචර නොවන සංඛ්‍යා පිළිබඳ නීති රීති මතක තබාගැනීම බොහෝ සිසුනට අසීරු වීම පුදුමයක් නො වෙි.

ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප බටහිර විද්‍යාවෙන් ඉවත්කළ යුතු නමි බටහිර ගණිතයෙන් සංඛ්‍යා ද ඉවත්කළ යුතු බව පඬි විද්‍යාඥයන්ට නො තේරෙන්නේ ඔවුන් සංඛ්‍යා ඉන්ද්‍රිය ගෝචර නොවන බව නොදන්නා බැවිනි. දෙල් ගෙඩි හතක් පොල් ගෙඩි හතක් ආදිය දැකගත හැකි වුව ද හෙණ හත වැදුණත් පඬියන්ට හත යන සංඛ්‍යාව දැකගත නො හැකි ය. පඬි විද්‍යාඥයෝ ද හත නො දනිති. දළ වශයෙන් ගත්කල හත යනු හතේ ගොඩවල්වල ඇති පොදු ගුණය වෙයි. පඬියන් කී දෙනකුට එය තේරෙන්නේ ද? ඔවුන්ට හත යනු 7 (ඉලක්කම) පමණක් වෙයි. ඒ 7 පෙනෙන බැවින් හත ඉන්ද්‍රිය ගෝචර යයි ඔවුහු සිතත් ද? ස්වර හත දන්නා සිසුන් හත නොදන්නා බව අධ්‍යාපන ඇමතිතුමා තේරුමිගෙන ඇත්තේ දැයි නො දන්නෙමි. එහෙත් සෞන්දර්ය්‍ය වැනි විෂය හැදෑරීම සඳහා සාමාන්‍ය පෙළ ගණිත සාමාර්ථ්‍යයක් අනිවාර්ය නොකිරීමට එතුමා ගෙන ඇති තීරණය අගය කළ යුතු ය. කෙටියෙන් කිවහොත් ස්වර හත දැනගැනීම සඳහා හත සංඛ්‍යාව දැනගැනීම අවශ්‍ය නො වෙි.

බටහිර භෞතික විද්‍යාවෙහි කෙතරමි නිරපේක්‍ෂ බවක් තිබුණත් ගැලීලියෝ ගැලීලි විද්වතා ඒ ආරමිභ කළේ ම සාපේක්‍ෂ දැනුමක් ලෙස ය. අපේ ප්‍රවාද ලිපි පෙළෙහි මුල් අවධියෙහි ම මෙි බව වෙනත් ආකාරයකින් කියා ඇත. ඒ සාපේක්‍ෂ ප්‍රවෙිග හා සමිබන්ධයෙනි. ගැලීලීය සාපේක්‍ෂතාව යනුවෙන් හැඳින්වෙන දැනුම එක්තරා ආකාරයකින් ගතහොත් බටහිර විද්‍යාවෙහි ආත්මයට පිටින් යයි. බටහිර විද්‍යාවට අවශ්‍ය වන්නේ සියල්ලන්ට ම පොදු වූ දැනුමක් නිර්මාණය කිරීමට ය. දැනුම වාස්තවික බව, වාස්තවික ලෝකයක් (යථාර්ථයක්) ඇති බව, ඒ වාස්තවික ලෝකය වාස්තවික නියම අනුව ක්‍රියාකරන බව ආදිය බටහිර විද්‍යාවෙහි ආත්මය වෙයි. එහෙත් ගැලීලියෝ විද්වතාට මෙි ආත්මය පළුදු කිරීමට සිදුවිය. චලිතය සාපේක්‍ෂ බව පිළිගැනීමට ඔහුට සිදුවිය. එසේ නොපිළිගෙන පොළොව ඉර වටා යන බවට තර්කයක් ගොඩනගා ගැනීමට ඔහුට නො හැකි විය. පොළොව චලනය වුව ද පොල් ගෙඩියක් පොළොවට වැටීමෙි දී ගහ මුල ම වැටෙන්නේ පොල් ගෙඩිය ද පොළොවත් සමග තිරස් චලිතයක යෙදෙන බැවින් පොළොවට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස් චලිතයක් නොමැති නිසා යැයි ගැලීලියෝ විද්වතා ප්‍රකාශ කෙළේ ය. අපට දෘශ්‍යමාන වන්නේ සාපේක්‍ෂ චලිත පමණක් යැයි ඔහු කීවෙි ය. සාපේක්‍ෂ නොවන අදෘශ්‍යමාන චලිත ඇති බව පඬියන් කෙසේ වෙතත් ඔහු පිළිගත්තේ ය.

ගැලීලියෝගේ ඒ ප්‍රකාශයත් සමග බටහිර විද්‍යාව ආරමිභයේ දීම එකිනෙකාට සාපේක්‍ෂ ලෝක ඇති බව පිළිගැනීමට බටහිර විද්‍යාඥයන්ට සිදුවිය. එහෙත් බටහිර විිද්‍යාඥයන් එසේ පළුදු වූ බටහිර විද්‍යාවෙි ආත්මය ප්‍රතිසංස්කරණය කරගත්තේ චලිතය සාපේක්‍ෂ වුවත් වස්තු දෙකක් හෝ අංශු දෙකක් හෝ අතර දුර නිරපේක්‍ෂ යැයි කියමිනි. එනමි අංශු අතර දුර නිරී’ක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නොවන බව කීමෙනි. අයින්ස්ටයින් විද්වතා පසු කලෙක ඉදිරිපත් කළ සාපේක්‍ෂතාවාදයට අනුව අංශු දෙකක් අතර දුර නිරී’ක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් වුව ද ඔහු බටහිර විද්‍යාවෙි ආත්මය රැකගත්තේ අංශු දෙකක් අතර වූ ඉන්ද්‍රිය ගෝචර නොවන ඊනියා අවකාශ –- කාල ප්‍රාන්තරය අවිචලකයක් (ඉනවඅරඉඅනට), එනමි නිරීක්‍ෂකයාගෙන් නිරී’ක්‍ෂකයාට වෙනස් නොවන රාශියක් බව පෙන්වීමෙනි. සංඛ්‍යා ඉන්ද්‍රිය ගෝචර නොවන බව නොදන්නා පඬියෝ් අවකාශ –- කාල ප්‍රාන්තරය ඉන්ද්‍රිය ගෝචර නොවන බව කෙසේ නමි දනිත් ද? හුදු නියැදි එකතු කරන්නන් හා පටිපාටිය අනුගමනය කරන්නන් පඬියන් බවට පත් වූ විට රටක ශිෂ්‍යයන්ට යන කල දශාව කුමක් ද?

ඒ කෙසේ වෙතත් බටහිර ගණිතය හා බටහිර භෞතික විද්‍යාව කෙතරමි වලිකෑවත් එහි සාපේක්‍ෂ බව අත්හැරිය හැකි නො වෙි. ඒ විෂය අනෙක් විෂයන්ට වඩා වියුක්ත ය. එබැවින් ම වියුක්තව සිතීමට බැරි බොහෝ අයට ඒ විෂය තේරුමි ගැනීම ද අපහසු ය. එවැනි විෂය කටපාඩමි කළ යුතු මතක තබාගත යුතු කරුණු සහ නීති රීති අඩංගු විෂය බවට පත්කළ විට බොහෝ සිසුනට ඒ එපා වෙයි. තරමක් වියුක්තව සිතන්නට හැකි කමක් ඇති සිසුහු ඒ විෂයයන්ට ප්‍රිය කරති. එහෙත් ඔවුන්ගෙන් ඇතැමි අයට නීති රීති පද්ධතිය ප්‍රශ්නයක් වෙයි. ඔවුහු තමන්ට අවශ්‍ය ආකාරයට ඒ විෂය සකස් කරගෙන අධ්‍යයනය කරති.

බටහිර ගණිතයේ සාපේක්‍ෂ බව බොහෝ දෙනාට නො වැටහෙයි. බටහිර ගණිතය එහි ප්‍රත්‍යක්‍ෂවලට, ස්වසිද්ධිවලට (අභඉඔමස) සාපේක්‍ෂ වෙයි. බොහෝ කලක් යන තුරුම ගණිතයට තිබුණේ යුක්ලීඩීය ජ්‍යාමිතිය පමණකි. එහෙත් පසුව යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ස්වසිද්ධි වෙනස්කර වෙනත් ජ්‍යාමිති සකස්කර ගැනිණි. ගැලිලියෝ ගැලීලි විද්වතා බටහිර භෞතික විද්‍යාව ආරමිභ කරමින් සාපේක්‍ෂතාව හඳුන්වා දුන්න ද බටහිරයෝ එය නිරපේක්‍ෂ ආකාරයෙන් ම ගත්හ. අයින්ස්ටයින් විද්වතාගේ සාපේක්‍ෂතාවාදය ඔහුට ඉදිරිපත්කිරීමට අවශ්‍ය ව තිබුණේ අවිචලක පිලිබඳ විද්‍යාවක් ලෙස ය. එය සාපේක්‍ෂතාවාදය යන නමින් හැඳින්වුව ද එහි ඇත්තේ ඊනියා වාස්තවික ලෝකයක් පිළිබඳ කතාවකි. බටහිරයන්ට සාපේක්‍ෂතාව නයාට අඳුකොළ මෙනි. ඔවුන්ගේ ලෝකය නිරපේක්‍ෂ වෙයි. එහෙත් නිරපේක්‍ෂය පළුදු කරන සාපේක්‍ෂතාවක් බටහිර ගණිතයේ හා බටහිර භෞතික වි්‍යාවෙහි වෙයි. ඉතිහාසය සාපේක්‍ෂ බව අද බොහෝ දෙනාට වැටහෙයි. ඉතිහාසය යනුවෙන් කීව ද ඇත්තේ ඉතිහාස මිස ඉතිහාසයක් නො වෙි. එමෙන් ම ඇත්තේ බටහිර ගණිත හා බටහිර භෞතික විද්‍යා මිස බටහිර ගණිතයක් හෝ බටහිර භෞතික විද්‍යාවක් හෝ නො වෙි. ඔීනෑම කතාවක් සාපේක්‍ෂ වෙයි. එහෙත් මෙි සාපේක්‍ෂ බව බටහිර රසායන විද්‍යාවෙි හා ජෛවීය විද්‍යාවන්හි විද්‍යමාන නොවන්නේ ඇයි?