History

Saturday, 16 April 2011

මගේ සිරුර හා මගේ සරම

අපට පළමුවෙන් ඇතිවන සංකල්පය කුමක් ද? මෙහි පළමුවෙන් ඇතිවන සංකල්පය යන්නෙන් ඇතැමි විට වැරදි අරුතක් ලැබීමට හැකි ය. පළමුවෙන් යනු වෙනත් කිසි දිනෙක කිසි අවස්ථාවක නොමැති වූ අර්ථයකින් යෙදෙන සංකල්පයක් නො වෙි. අපි සංසාරයේ ගමන් කරන සත්වයෝ වෙමු. එහි මුළක් ආරමිභයක් ගැන කතාකිරීම තේරුමක් නැති වූවකි. මෙහි දී අප පළමු සංකල්පය යනුවෙන් අදහස් කරන්නේ එලෙස මූලාරමිභයක ඇතිවන සංකල්පයක් නො වෙි. අපේ සංසාර ගමනට ඉවහල්වන පළමුවන සංකල්පය කුමක් ද යන්න ය.

සිංහල බෞද්ධයන්ගේ අවසන් අරමුණ නිවණ ය. ඉපදීම, මරණය ආදී සියල්ල ඇත්තේ නිවණ අවබෝධවීමට පෙර ය. නිවණ අවබෝධවීමෙන් පසු නැවත ඉපදීමක් නැත. තණ්හාව නැතිකිරීම ආදී වශයෙන් ද නිවණ හඳුන්වනු ලැබෙි. තණ්හාව යන සංකල්පය ඇතිවන්නේ සත්වයනට ය. වෙනත් වචනවලින් කිවහොත් තම තමන්ට ය. එනමි තම තමන් යනුවෙන් කියැවෙන මට ය. මම ය මාගේ යන හැඟීම නොවන්නට තණ්හාවක් නැත.

අප සසර ගමන් කරන්නේ තණ්හාව නිසා ය. රැස්කිරීිම, ඇලීම ආදිය සිදුවන්නේ මට ය. මම යන සංකල්පය නොමැති ව රැස්කිරීමක් ඇලීමක් තිබිය නො හැකි ය. රැස්කිරීමට, ඇලීමට, උපාදාන ඇතිකර ගැනීමට මා සිටිය යුතු ය. තණ්හාව නැතිකිරීමට මා යනුවෙන් තනාගෙන ඇති සංකල්පය නැතිකළ යුත ය. මමත්වය,මමායනය, අහංකාරය ආදී වශයෙන් මෙම මා නිසා ඇතිවන්නාවූ තත්වයන් විස්තර කෙරෙයි. අහං යනු මා බව අවබෝධ කරගත යුතු ය.

මම, නාමය, මනස ආදී වශයෙන් විවිධාකාරයෙන් හඳුන්වනු ලැබුවත් මෙි සියල්ල එකට බැඳී ඇත. මගේ මනස යනුවෙන් කී විට මා යනුවෙන් එක් ප්‍රපංචයකුත්, මනස යනුවෙන් තවත් ප්‍රපංචයකුත් වෙි ද? මගේ මනස හා මගේ සරම අතර ඇති වෙනස කුමක් ද? මගේ සරම යන්න අනෙකෙකුටත් අවශ්‍ය නමි ඇඳිය හැකි ය. මගේ සරමට මා නැතිවත් පැවතිය හැකි ය. මා මළ පසුත් එතෙක් දිරාපත් නොවී තිබිණි නමි සරම තවත් ටික කාලයක්වත් පවතිනු ඇත.

මගේ සරම පමණක් නොව මගේ සිරුර ද එසේ ම ය. මට අවබෝධවන අයුරින් නමි මගේ සිරුර යනු හුදු භෞතීය (ජෛවීය) වස්තුවකි. එය ඇතිවීම ආරමිභ වන්නේ මවු කුසයෙහි දී ය. එසේ කළලයක් ඇතිවීමෙන් පසු ජෛවීය වස්තුවක් ලෙස එයට අවෙිණික වූ වර්ධනයක් වෙයි. ෙසෙල බෙදි බෙදී කළලය ක්‍රමයෙන් මවු කුස තුළ වැඩෙයි. එහෙත් කළලයට දිගින් දිගට ම එලෙස වර්ධනයක් නැත. සත්ව කළලයක් හා ගසක් වැනි වෙනත් ජීවියකු අතර ප්‍රධාන වෙනස ද එය යැයි මම සිතමි.

මවු කුස තුළ වැඩෙන සත්ව කළලයක් යමිකිසි කාල පරිචිඡෙදයකින් පසුව තවදුරටත් වර්ධනය වීමට නමි ඒ කළලයට ගන්ධබිබයකු ඇතුල්විය යුතු යැයි සිතමි. එසේ යමි කාල සීමාවක ගන්ධබිබයකු හෝ ගන්ධබිබ යන නමට අකමැති නමි ප්‍රාණියකු හෝ නාමයක් හෝ කුසලාකුසල ශක්තියක් හෝ වෙනත් එවැනි නාම පදයකින් හැඳින්වෙන යමි ක්‍රියාවලියක් හෝ යමි කාලයක දී කළලයට ඇතුල් නොවී නමි කළලයේ වර්ධනය ඇන හිට එය සේදී යන්නේ යැයි සිතිය හැකි ය. ගබිසාවක් ඇතිවීමෙි එක් මාතයක් (විධියක්) ලෙස එය හැඳින්විය හැකි යැයි සිතමි.

එහෙත් ඒ කාල පරිචිඡෙදයෙහි යමිකිසි ශක්තියක් කළලයට ඇතුල් වී නමි කළලය ද ශක්තිය ද එකිනෙක සමග බැඳී වර්ධනය වීම අරඹන්නේ යැයි සිතිය හැකි ය. එහි දී එතෙක් කළලය මවුපියන්ගේ ජාන මගින් බීජ නියාමයට අනුව නිර්මිත වුවත් නිර්ණයනය වුවත් ඉන්පසු කළලය වර්ධනය වන්නේ ප්‍රාණියාගේ හෝ ශක්තියේ හෝ අවශ්‍යතාව ද පරිදි ය. එහි දී බීජ නියාමය මෙන් ම කමිම නියාමය ද බලපාන බව පෙනත යයි. වෙනත් වචනවලින් කිවහොත් ප්‍රාණියා තමන්ට අවශ්‍ය පරිදි, එනමි කුසලාකුසල ශක්තියට සරිලන ආකාරයට කළලය වෙනස් කරයි. කළලයේ අවශ්‍යතා පරිදි සුළු වශයෙන් වුවත් නාමය ද වෙනස්වන්නේ යැයි අපට සිතිය හැකි ය.

එහෙත් ඉන්පසුව කළලය ප්‍රාණියා සමග එකතු වී දිගින් දිගට ම වර්ධනය වන්නේ යැයි නොසිතිය යුතු ය. දෙමවිපියන්ගේ ද, කළලයට ඇතුල් වූ ප්‍රාණියාගේ ද, කුසලාකුල ශක්තීන් මත ඒ වර්ධනය නැවතිය හැකි ය. එවැනි අවස්ථාවල දී ද ගබිසාවන් සිදු වෙයි. ගබිසාවන් සිදුවීමෙි විවිධ මාත ඇති බව පැහැදිලි ය. අවසානයේ දී කළලය වැඩී මනසක් සමග සත්වයකු මවුකුසින් බිහිවීමෙන් පසුව ඒ සත්වයා කොපමණ කලක් ජීවත්වෙි ද, උත්පත්තියේ දී ම මිය යාවි ද ආදිය නැවතත් සත්වයාගේ කුසලාකුසල ශක්තීන් මත තීරණය වෙයි.

ඒ ක්‍රියාවලීන් මට අවබෝධවන ආකාරයට තරමක් දුරට විස්තර කෙළේ උත්පත්තිය සමග අපට හිමි වී ඇති සිරුර හෙවත් රූපය ගැන සඳහන් කිරීමට ය. සිරුර (රූපය) මනසේ (නාමයේ) නිර්මාණයක් නොවුණ ද කළලයට ප්‍රාණියා පැමිණි අවස්ථාවෙි සිට ම මෙන් ප්‍රාණියා කළලය සුළුවෙන් වුවත් වෙනස් කරන්නට පටන්ගන්නේ යැයි සිතිය හැකි ය. ඒ වෙනස්කිරීමි යමි දුරකට මනසට සිරුර සමිබන්ධයෙන් පසුකාලවල ද කළ හැකි ය. අපට අපේ සිරුරේ ඇති ඇතැමි වෙිදනා ගෙන දෙන ස්ථාන භාවනාවෙන් සිතට අරමුණු කරගෙන ඒ වෙිදනාවලින් නිදහස් විය හැකි ය. සිරුරේ අදාළ කොටස අනිත්‍ය බව මෙනෙහි කරන විට ඒ රෝගය ද ඇතැමි විට සුව විය හැකි ය. සෑම විට ම ඒ එසේ වන්නේ යැයි මෙයින් නොකියැවෙන බව අවධාරණය කළ යුතු ය.

මනස හා සිරුර අතර කිනමි සමිබන්ධයක් තිබිණි ද, ප්‍රාණියකුගේ සිරුර යන්න ප්‍රාණියාගෙන් වෙනස් වෙයි. මගේ සිරුර යනු මගේ සරමට වැඩි දෙයක් නො වෙි. මා හා සිරුර යනු එකක් නොව දෙකකි. උත්පත්තියේ සිට ම සිරුර මෙන් ම මනස ද වෙනස් වෙයි. ඒ දෙක ම අනිත්‍යයට යටත් ය. සිරුර හා මනස (රූපය හා නාමය) අතර සමිබන්ධයක් තිබිණි ද, ඒ දෙක දෙකකි. මගේ සිරුර අවශ්‍ය නමි යමි යමි අවශ්‍යතා යටතේ වෙනත් අයට ද යොදාගත හැකි ය. එය මගේ සරම වෙනත් අයකු ඇඳීම වැනි දෙයකි. එහෙත් ඒ අතර වෙනස්කමි නැතිවා නො වෙි.

වෙනත් අයකුට මගේ සරම ඇඳීම එතරමි අපහසු දෙයක් නො වෙි. එහෙත් වෙනත් අයකු මගේ සිරුර යොදාගන්නේ නමි ඒ සඳහා විශේෂිත වූ අවශ්‍යතා සමිපුර්ණ කළ යුතු වෙයි. එක් මාතයක දී මා මියගිය පසු, එනමි මා මෙි වත්මන් සිරුර අත්හැර ගොස් වෙනත් භවයක උත්පත්තිය ලැබීමෙන් පසු වෙනත් නාමයකට ඒ සිරුර තුළට රිංගිය හැකි ය. එහෙත් ඒ සඳහා සිරුරේ උෂ්ණත්වය යමි මටිටමකට වැඩිවිය යුතු අතර අවම වශයෙන් අත්‍යවශ්‍ය අවයව කිහිපයක් ක්‍රියාත්මක තත්වයක තිබිය යුතු ය. ඒ අතර ඒ සිරුරට ඔබින කර්ම ශක්තියක් ඇති ප්‍රාණියකු සිරුරේ උෂ්ණත්වය යමි මටිටමකට පහත වැටීමට පෙර එයට රිංගා ගත යුතු ය. මෙවැනි අවස්ථා ඉතා විරල වුව ද එ සඳහා සාක්‍ෂි ඇත.

මගේ සිරුර වෙනත් ආකාරවලින් ද ඇතැමි විට වෙනත් අය විසින් යොදාගනු ලැබිය හැකි ය. අප ඇතැමි විට ආවෙිශ වෙනවා, වැහෙනවා ආදී වචන යොදා ගනිමු. එහි දී ද සිදුවන්නේ සිරුර අයත් යැයි කියන ප්‍ර්‍රාණියා සිරුරේ සිටිද්දීම වෙනත් සත්වයකු (බොහෝ විට භූතයකු) ඒ සිරුරට ම හෝ ප්‍රාණියාගේ මනසට ම හෝ සමිබන්ධ වී ක්‍රියා කිරීම ය. එහි දී ශාන්ති කර්ම ආදියෙන් සිරුරට හෝ මනසට හෝ ආවෙිශ වී ඇති සත්වයා පිටත්කර යැවිය හැකි ය. කලින් ඡෙදයෙහි සඳහන් කළ අවස්ථාවෙි දී මෙන් නොව මෙවැනි අවස්ථාවල දී එක්වර සත්වයන් දෙදෙනකු ම සිරුරට අරක් ගෙන සිටිනු නිරීක්‍ෂණය කළ හැකි ය. කලින් අවස්ථාවෙහි ප්‍රාණියකු රිංගන්නේ මළගිය අයකුගේ සිරුරකට මිස ජීවත්ව සිටින සත්වයකුගේ සිරුරට නො වෙි.

බටහිර ඊනියා පශ්චාත්නූතනවාදීන් කියන ආකාරයට අනෙකා නිසා මා ඇති නොවන බව ඉහත සඳහන් කරුණුවලින් ද පෙනී යා යුතු ය. සත්වයන් ලෙස අප එකිනෙකා සසර ගමන් කරන්නේ තණ්හාව හේතුකොටගෙන මිස ඊනියා අනෙකකු නිසා නො වෙි. මගේ සරමට මෙන් ම මගේ සිරුරට ද ඉතා සුළු කලකට වුවත් මා නැතිව පැවතිය හැකි ය. මා සිටියත් නැතත් සරම දිරාපත්වන අතර මා මියගොස් ටික වෙලාවකින් වෙනත් සත්වයකු එයට ඇතුල් නොවුණහොත් සිරුර කුණු වී යෑම ආරමිභ වනු ඇත. එහෙත් මා නැතිවන්නේ කෙසේ ද? මා ඇතිවන්නේ ඊනියා අනෙකකු නිසා නමි අනෙකා නැති වූ පසු මා නැතිවන්නේ ද?

සසර අමතක කර මෙි භවය පමණක් සැලකුව ද ඊනියා අනෙකා මියගිය පසු ද මට පැවතිය හැකි ය. එහි දී ඊනියා පශ්චාත්නූතනවාදියකු පවසනු ඇත්තේ අනෙකා මිය යෑමට පෙර මා නිර්මාණය වී ඇත යන්න ය. එනමි මගේ චරිත ලක්‍ෂණ ආදිය ඒ අනෙකා විසින් නිර්මාණය කෙරී ඇති බැවින් අනෙකා මිය යෑමෙන් පසුව ද එසේ නිර්මාණය වූ ආකාරයෙන් ම මා පවතින බව ඊනියා පශ්චාත්නූතනවාදියා පවසනු ඇත. එහෙත් ප්‍රශ්නය වනුයේ අනෙකා මිය යෑමෙන් පසුව ද මගේ චරිත ලක්‍ෂණ වෙනස් වීම ය.

පශ්චාත්නූතනවාදීන් ලෙස නමි කෙරෙන, බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන කාලයේ බටහිර දාර්ශනිකයන් සමාජ විද්‍යාඥයන් ආදී වශයෙන් පෙනී සිටින කවටයන් මෙි ඊනියා අනෙකකු ඔස්සේ යමිකිසි පුද්ගලයකු දැනගැනීමට උත්සාහ කරන්නේ ඇයි? මෙහි දී කිවයුතු කරුණක් නමි ලංකාවෙි සිටින පශ්චාත්නූතනවාදීන් යැයි කියාගන්නවුන්ට මෙි කිසිවක් ගැන මෙලෝ අවබෝධයක් නැති බව ය. හීනමානය හැරෙන්නට වෙනත් කිසිවක් නොමැති මෙි නූගත් අවිචාරවත් පිරිස තමන් වැනිම වූ අය ඉදිරියේ කැපී පෙනීම සඳහා අනෙකා ආදී බහුබූත සංකල්ප වමාරති. එහෙත් ඔවුන් ඇතැමි විට නොදන්නා කරුණ නමි වැමෑරීම වෘෂභයන්ගේ ලක්‍ෂණයක් බව ය.

ඒ කෙසේ වෙතත් ඊනියා අනෙකා යන සංකල්පය කඩා වැටෙන බටහිර ඇතැමි ගුරුකුලයක නිර්මාණය වී ඇත්තේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. එහෙත් එයට පළමුව අප කලින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් දිය යුතු ය. එනමි මා නැතිවන්නේ කෙසේ ද යන්න ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ දිරායන ආකාරයෙන් මා ද එනමි නාමය ද යමි දවසක ක්‍රමයෙන් දිරාගොස් නැතිවන්නේ ද? සිරුර හා මා අතර එසේත් නැත්නමි රූපය හා නාමය අතර ඇති වෙනස කුමක් ද? අද බටහිර විද්‍යාඥයෝ පරීක්‍ෂණාගාරයක දී ජීවියකු නිර්මාණය කිරීමට වෙහෙසෙති. විශ්වයේ පරිණාමයේ දී අකාබනික වස්තුන්ගෙන් කාබනික වස්තුන් නිර්මාණය වූ ආකාරයට කාබනික ද්‍රව්‍යයන්ගෙන්් ජීවය නිර්මාණය කළහැකි ද යන්න සොයා බැලීමට බටහිර විද්‍යාඥයෝ වෙහෙසෙති. බටහිර විද්‍යාඥයන්ට ප්‍රාණියා යන්නට ඉංගිරිසි වචනයක් නැත. ඔවුහු ඒ සඳහා ද ලයිෆ් යන වචනය ම යොදා ගනිති. බටහිර විද්‍යාඥයන්ට ගස්වැල් ද ජීවීන් වෙයි. බටහිර විද්‍යාඥයන්ට ප්‍රාණියා යන්න කෙදිනකවත් තේරුමිගත හැකි සංකල්පයක් ද? කාබනික වස්තුන්ගෙන් ජීවය නිර්මාණය කිරීම එතරමි ප්‍රශ්නයක් විය නො හැකි ය. එහෙත් මෙි ජීවයට ප්‍රාණය දෙන්නේ කෙසේ ද? එය ද පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස අවබෝධ කරගත හැකි ද?