History
▼
Sunday, 28 October 2012
Abolish the thirteenth amendment
Divineguma bill should have opened the eyes of not only the government MPs but also of the others. The Supreme Court has decided that the Provincial Councils should approve the Bill before it is presented to the Parliament. There may be those who argue that power would be concentrated in the hands of one individual if the bill becomes law. However, if there was no thirteenth amendment it is very unlikely that the Supreme Court would have come to a conclusion to the effect that the bill does not agree with the constitution.
The Divineguma Bill even if it concentrated powers in the hands of a single individual it is not an arbitrary person who would use the powers but a cabinet minister within whose purview the particular Department or the Ministry would have been established. With a change of government, if not before that under a cabinet reshuffle a different individual could have been in charge of the Divineguma project and it is clear that as long as the thirteenth amendment is there it is another threat to the Parliamentary Democracy that has been there for more than sixty years in the country. It may be that we do not have the ideal parliamentary democracy in this country, but then which country has such an ideal system.
The thirteenth amendment as we all know was imposed on us by India in a very unparliamentarily way under the power of the guns. The government MPs were transported to the Parliament in buses from a hotel in Colombo and the SLFP and several other parties opposed the relevant bill. Rajiv Gandhi himself was involved with Dixit employing his “Viceroyal” powers over the elected President and the Parliament of the country. If not for India that trained the terrorists and supported them with the connivance of the western countries led by England that is wrongly referred to as Britain or United Kingdom there would not have been a thirteenth amendment. India and England together with other countries acted in unison to undermine the powers of the Parliament, in an official terrorist manner. It was nothing but terrorism of Dixit though he did not go round the country implanting bombs physically. His bomb was the thirteenth amendment, and it is time that not only our land but law as well is cleared of the bombs that the terrorists have implanted.
The thirteenth amendment has no rationality to be in our supreme law which is the constitution of the republic, as it was enacted in order to solve a so called ethnic problem that was created by the English. We were told that there was an ethnic problem that had to be solved peacefully through negotiations, and India guided by Tamil Nadu joined the west in opposing any operations by the Sri Lankan Armed Forces to eradicate the terrorist menace that was maintained by England led west and India. Various peace organizations were founded with western money and they echoed the views of their masters and mistresses. The peace bandwagon propagated the myth that the LTTE cannot be defeated and that Prabhakaran as a so called war leader was on par with some of the well known westerners. It never came to the enlightened minds of the so called western intellectuals that they should have compared Prabhakaran with at least some of the Cholas to be consistent. However the minds of the west and their henchmen and henchwomen in the NGOs were tuned to the wavelengths coming from the west and they had no time for fine tunings.
The west, India and their paid servants in the peace brigade wanted to base their solution to the so called ethnic problem on the thirteenth amendment and tried to sabotage operations by Armed Forces against the terrorists using even bankrupt ideas such as the Buddhists should not engage in war. If not for the wars the Sinhala Buddhists fought against the Cholas, Pandyas, Cheras and finally the Europeans there would not have been a Sinhala Buddhist culture in this land and anybody who talks of Buddhism Betrayed is planning to undermine the Sinhala Buddhist culture. One finds these so called individuals repeating their masters’ voice, among the anti Sinhala Buddhist Social Scientists and the present FUTA leadership is well known for his anti Sinhala Buddhist views.
With the defeat of the LTTE in the Nandikadal Lagoon, the thirteenth amendment that was considered as the alternative course of action to the operations has lost any reason empirical theoretical or otherwise to exist in the constitution of the country and the government should have taken steps to abolish the thirteenth amendment soon after the LTTE terrorists were defeated three years ago. The thirteenth amendment that was imposed on us in a terrorist manner has to go as it is the wish of the people that has been expressed at number of elections. All that has to be done even at this later stage is to bring a nineteenth amendment to abolish the thirteenth amendment.
It is heartening to note that the new Chief Minister of the Eastern Province has said that thirteenth amendment serves no purpose and the Provincial Councils are white elephants or words to that effect. Keeping the thirteenth amendment in our supreme law is not different from keeping the Katunayaka and Trincomalee bases after the “independence”. As long as those bases were kept under the English there was no independence of any sort, and the thirteenth amendment imposed on us by India with the connivance of the west using terrorist methods only restrict our independence as seen by the fate that awaited the Divineguma Bill.
It is clear that with the current constitution of the Provincial Councils it would be not difficult for the President to get the Provincial Councils and the Governor of the Northern Province to approve the Divineguma Bill. However, it should not be done as it would give teeth to the unwanted thirteenth amendment and undermine the powers of the Parliament, which should be the only legislature in the country. We have had an eksesath rajya for thousands of years with one central legislature and administrative powers especially in the day to day work with gamsabhas headed by the Bhikkus of the village temples. They were not village councils elected by the people of the village but comprised leaders of the village who were accepted by the village community as the leaders.
The Supreme Court has given a ruling interpreting the existing law and it is up to the legislature to change the constitution. There is no point in discussing thirteen plus or even thirteen minus as it is clear that even the people in the Northern and the Eastern Provinces are not benefitted by the thirteenth amendment. The Divineguma would have been for the entire country including those two provinces and because of the thirteenth amendment the people in the Eastern and the Northern Provinces are denied of what they should have obtained as developmental measures. It is time for the members of the UPFA to get rid of this obnoxious piece of legislation imposed on us by India with the connivance of the western countries that has become a hindrance to the development of the country, though the western type development envisaged is not to our entire satisfaction.
Copyright Prof. Nalin De Silva
සරසවි ඇදුරන් නිරුවතේ මහපාරේ
වත්මන් සරසවි ඇදුරු සටන ඇරඹුණේ පසුගිය වසරෙහි ය. එවකට මම කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කළෙමි. ජනාධිපතිතුමා සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා තිබියදීත් ආචාර්ය සමිති සම්මේලනය එය නොතකා තම වෘත්තීය සමිති අරගලය ඇරඹී ය. ඒ අනුව අධ්‍යයන අංශ ප්‍රධාන ධුරවලින් අදාළ ඇදුරෝ අස්වූහ. මා ඒ අරගලයට විරුද්ධ බව විශ්වවිද්‍යාලයෙහි මෙන් ම පිටත ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඇතැම් අංශාධිපතිවරුන් නැතිව වුව ද මා පීඨාධිපතිධුරය දැරූ විද්‍යා පීඨයෙහි දේශන පවත්වාගෙන යෑමට කල්තබා සැලසුම් කළෙමි. කිසිම බාධාවකින් තොරව කැලණිය විශ්වවවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි ඒ කාල සීමාවෙහි දේශන පැවැත්විණි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් ඉටුකිරීමට නොහැකි බවත් ඊනියා වෘත්තීය සමිති අරගලයෙහි අරමුණ ආණ්ඩුව අස්ථායී කිරීම බවත් මම එකල ද දැන සිටියෙමි. රාජ්‍ය සේවයේ ආදායම නුපදවන ආයතන අතරෙන් වැඩිම වැටුපක් ලැබෙන්නේ සරසවි ඇදුරන්ට ය. මූලික වැටුප් වැඩිකිරීම් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ අනුමැතිය පරිදි කෙරෙන්නකි. එය හිතුමනාපයට කළ හැක්කක් නො වේ. රාජ්‍ය සේවයේ එක් අංශයක වැටුප් වැඩි කළහොත් එය අනෙක් අංශවලට ද බලපායි. එබැවින් එහි දී යොදා ගැනෙන එක් උපක්‍රමයක් වනුයේ මූලික වැටුප වෙනුවට දීමනා ලබා දීම ය. පසුගිය වසර කිහිපයෙහි ඒ ආකාරයෙන් හා අයවැය යෝජනා මගින් සරසවි ඇදුරන්ගේ මුළු වැටුප විශාල ප්‍රමාණයකින් වැඩි වී ඇත. ලබන මස ද ඒ අනුව සරසවි ඇදුරන්ගේ මුළු වැටුප් වැඩිවීමට නියමිත ය. එහෙත් සරසවි ඇදුරෝ දිමනාවලින් සෑහීමකට පත් නො වූහ. ඔවුහු ෂයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලමින් මූලික වැටුප වැඩිකරන ලෙස බලකර සිටියහ. එසේ කළේ එමගින් රාජ්‍ය අංශයේ කැළඹීමක් ඇතිකර ආණ්ඩුව අස්ථායී කිරීමට බව පැහැදිලි ය. කෙසේ වුවත් මේ මස් රාත්තලම ඉල්ලීම දිගින් දිගට ම කළ නොහැකි බව ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන් යම් පිරිසකට ද තේරෙන්නට ඇත. එබැවින් ඔවුහු පසුගිය වසරේ වෘත්තීය සමිති අරගලයේ අවසන් භාගයෙහි ඊනියා 6% ඉල්ලීම ඉදිරිපත් කළහ.
යුනෙස්කෝ වාර්තාවක් ගැන සඳහන් කරමින් ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියේ රජය දළ ජාතික (මෙය ගෘහස්ථ විය යුතු ය. එහෙත් අපි ඒ වෙනස නොසළකා එය ජාතික ලෙස හඳුන්වමු) නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ යුතු බව ය. දළ ජාතික නිෂ්පාදිතයට රටේ සියළුම නිෂ්පාදනවල හා සේවාවාන්හි වෙළෙඳපොළ අගය එකතු වෙයි. එයට පෞද්ගලික අංශය පමණක් නොව දෙමව්පියන් ද පාරිභෝගිකයන් ද වෙනත් අය ද කරන වියදම් අයත් වෙයි. දළ ජාතික නිෂ්පාදිතයෙන් අහවල් ප්‍රතිශතයක් අධ්‍යාපනයට හෝ වෙනත් ක්‍ෂෙත්‍රයකට හෝ වැයකරන ලෙස රජයට බලකිරීම උගතුන්ගේ ක්‍රියාවක් විය හැකි නමුත් බුද්ධිමතුන්ගේ ක්‍රියාවක් විය නො හැකි ය. ආණ්ඩුවේ වියදමෙන් අහවල් ප්‍රතිශතයක් අධ්‍යාපනයට වැය කළ යුතු යැයි කීම යම් සීමාවන්හි බුද්ධිගෝචර විය හැකි ය. එහෙත් දළ ජාතික නිශ්පාදිතයෙන් අහවල් ප්‍රතිශතයක් අධ්‍යාපනයට වැය කළ යුතු යැයි ඉල්ලීමට බුද්ධිමතකුට නො හැකි ය. අනෙක් අතට අදාළ යුනෙස්කෝ වාර්තාවෙහි රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය වැය කළ යුතු යැයි කිසි තැනෙක නො කියැවෙයි. හැකි නම් එසේ කියා ඇත්තේ කොතනැක දැයි පෙන්වා දෙන ලෙස ඊනියා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු. මෙරට අවාසනාවකට සරසවි ඇදුරන්ගෙන් අති විශාල බහුතරයකට නිරවුල්ව කල්පනා කිරීමට නොහැකි බව අත්දැකීමෙන් ම දනිමි. ඇතැම්හු නිරවුල්ව තබා කොහොමටවත් කල්පනා කිරීමට නොහැකි නැනෝ බුද්ධිමත්තු (නැනෝ මීටර ඇසුරෙනි -– අවශ්‍ය නම් ක්‍ෂුද්‍ර බුද්ධිමත්තු) වෙති. අද වන විට මෙරට අධ්‍යාපනයට විවිධ අය මගින් (දෙමව්පියන් දානපතියන් ආදීන් ද ඇතුළුව) විවිධ ක්‍ෂෙත්‍රවල (ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික, කාර්මික, වෘත්තීයික ආදී වශයෙන් රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද) වැය කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ට වැඩි විය යුතු ය. එමෙන් ම අද රජයේ වියදමෙන් 8%ට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් වෙයි.
කිසිම යුනෙස්කෝ වාර්තාවක නැති අයුරෙන් රජය අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වැය කළ යුතු යැයි ආචාර්ය සමිති සම්මේලනය කරන ඉල්ලීම ඔවුන්ගේ වෘත්තීය සමිති අරගලයේ මුල සිට ම පැවති එකක් නො වේ. එය පසුගිය වසරේ වෘත්තීය සමිති අරගලයේ අවසාන භාගයේ දී ඉදිරිපත් කරන ලද්දකි. මෙය මුළුමනින් ම වෘත්තීය සමිති සදාචාරයට විරුද්ධ ය. වෘත්තීය සමිති අරගලයක දී විටින් විට ඉල්ලීම් එකතු කිරීම කිසිම සදාචාරයකට එකඟ නො වේ. වෘත්තීය සමිති අරගලයක් මගින් වෘත්තීයමය ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කරන වෘත්තීය සමිතියක් කළ යුත්තේ සාකච්ඡාවල දී යම් විසඳුමකට පැමිණීම සඳහා ඉල්ලීම් අඩුකිරීම ය. එහෙත් ආචාර්ය සමිති සම්මේලනය ක්‍රියා කරන්නේ එලෙස නො වේ. එහි නායකයෝ තව තවත් ඉල්ලීම් ඉදිරිපත් කරති. අද ද පවත්වාගෙන යන්නේ පසුගිය වසරේ දී ආරම්භ කරන ලද වෘත්තීය සමිති අරගලය ම ය. එහෙත් අද වන විට එදා නොතිබූ ඉල්ලීම් ගණනාවක් ම එකතු කෙරී ඇත. ඒ අතර ඇදුරන්ගේ දරුවන් දෙදෙනකුට පෞද්ගලික ආයතනවල මුදල් ගෙවා ඉගෙනීම සඳහා දීමනාවක් ගෙවීම ද වෙයි. කෙසේ වෙතත් අද ඇදුරන් මුල් තැනට ගෙන ඇත්තේ ඊනියා 6% ඉල්ලීම ය. අනෙක් ඉල්ලීම් එකක්වත් ජනතාවගේ ප්‍රසාදයට හේතු නොවන බව ඔවුහු දනිති. ඔවුන් විශේෂිත ලෙස සලකා සරසවි ඇදුරන්ට විශේෂිත සේවයක් සකස් කිරීම ද එක් ඉල්ලීමකි. මෙරට කිසිවෙක් විශේෂිතයෙක් නො වෙති. උසස් පෙළ පරීක්‍ෂණයේ දී ලකුණක් දෙකක් වැඩිපුර ගැනීම නිසා සරසවිවලට ඇතුළත් වී මහන්සි වී ක්‍රමානුකුල ව වැඩ කිරීමෙන් පන්ති සාමාර්ථයක් ගැනීම හේතුවෙන් කිසිවකු විශේෂිතයකු බව පත් නො වේ. එමෙන් ම පශ්චාත් උපාධියක් ලබාගැනීම ද ප්‍රාතිහාර්යයක් නො වේ. මේ කඩඉම් පැනීමට ඉතා සාමාන්‍ය බුද්ධියක් ප්‍රමාණවත් වෙයි. මෙරට සරසවි ඇදුරන්ගෙන් කි දෙනෙක් නව සංකල්පයක්, ප්‍රවාදයක් ඉදිරිපත් කර ඇත් ද? සරසවි ඇදුරන්ගෙන් බලාපොරොත්තුවන ප්‍රධාන ම කාර්යය එය වෙයි. එහෙත් ඔවුන් නොකරන්නේ ද එයම ය. මෙරට ඉපැරණි දවස සිට උගතුන්ට සැලකීමේ සම්ප්‍රදායක් වෙයි. එකල බුද්ධිමත්තු රටට වැඩදායක යමක් කළහ. සරසවි ඇදුරන් ඒ සම්ප්‍රදායෙන් ආලෝකයක් ලබාගැනීමට උත්සාහ කරන්නේ සම්ප්‍රදායට පිටුපා බටහිරයන්ගේ මතිමතාන්තර අනුකරණය කරන ඔවුන්ගේ ගැත්තන් බවට පත්වීමෙනි. අප රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් යැයි අපේ සම්ප්‍රදායේ පිහිටා පැවසූ විට මුළු මහත් ඇදුරු සංහතිය ම පාහේ අපට අපහාස කළහ. ඒ අප අපේ සම්ප්‍රදායේ පිහිටි හෙයිනි. බටහිරයන්ගේ ඊනියා යථාර්ථයකට වශී වූ දන්ත වෛද්‍ය මහාචාර්යවරු සහ වෙනත් බටහිර ගැත්තෝ (ඔවුන් අතර ඊනියා යථාර්ථවාදී සාහිත්‍ය විචාරකයෝ ද වෙති) අප යථාර්ථයක් නැතැයි කියන විට අපට විරුද්ධ වෙති. මම යනුවෙන් කෙනකු නැති බව බුදුන්වහන්සේ පැහැදිලිව ම දේශනාකර තිබිය දී ඔවුන් පැවැත්මක් ගැන කතාකරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානියේ දාසයන් බවට පත්වෙමිනි. එහෙත් සරසවි ඇදුරෝ අපේ බුද්ධි සම්ප්‍රදායට පිටුපාන අතර් අපේ සම්ප්‍රදායේ ගුරු ගෞරවය අපේක්‍ෂා කරති. මොවුහු කිසිම අයුරකින් විශේෂිත පුද්ගලයෝ නො වෙති.
ඇදුරන් 6% ඉල්ලීමට මුල් තැනක් දෙන්නේ ඒ වටා ජනතාව ඒකරාශි කිරීමට බව පැහැදිලි ය. එහෙත් එසේ කරන්නේ වෙනත් බලවේගවල අවශ්‍යතාව මත ය. ඇදුරන්ගේ අනෙක් ඉල්ලීම් එකකටවත් ජනතා සහායක් නො ලැබෙයි. ඊනියා අරාබි වසන්තයක් අපේක්‍ෂා කරන බටහිරයෝ හා ඔවුන්ගේ ගැත්තෝ 6% වටා ආණ්ඩු විරෝධී කොටස් එකතු කිරීමට උත්සාහ කරති. 6% ඉල්ලීම ඉදිරිපත් කළවුන් කිනම් අරමුණකින් ඒ කළ ද අද ඇදුරන් පිටුපස සිටින ජාති විරෝධී සංවිධාන ඒ ඉල්ලීම ආණ්ඩුව වැට්ටවීමට යොදා ගනියි. එ ජා ප, ජ වි පෙ, නන්නත්තාර වී ඇති වෙනත් අය ඡන්දයකින් ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බව දැන 6% මුල්කරගෙන බලයට පැමිණීමට උත්සාහ දරති. අද මහපාරේ නිරුවත්ව සිටින ඇදුරන්ට සිතාම්බර පට ඇන්දවීමට රනිල්ලා සෝමවංශලා පොර කති. එහෙත් අවසානාවකට ඔවුන්ට ද ඇඳුම් නැත. තම ඡන්ද ප්‍රමාණය අඩු වූවාට වෙනත් අයුරෙන් ආණ්ඩුව පෙරළීමට මේ අයගෙන් ඇතැමකු කතාකරන්නේ නිකමට නො වේ. අද ඇදුරන්ට තම ඊනියා සටන යුක්තියුක්ත කිරීමට කිසිම තර්කයක් සාධාරණ හේතුවක් නැත. ඔවුහු විවිධ වෘත්තීය සමිතිවල දේශපාලන පක්‍ෂවල පමණක් නොව සිසුන් ද පසුපස යන නිවටයෝ පමණක් වෙති. අද දේශප්‍රේමී ගුරුවරු එක් කඳවුරකට පැමිණෙමින් සිටිති. ජ වි පෙට, එ ජා පට හා වෙනත් දේශපාලන පක්‍ෂවලට හිතවත් ජනමාධ්‍යවේදීන් යැයි කියාගන්නා අයට මේ දේශප්‍රේමීත්වය ප්‍රශ්නයක් වී ඇත. මම අද සරසවි ඇදුරෙක් නො වෙමි. ඇදුරකු වී නම් මා ද සිටින්නේ ඒ දේශප්‍රේමී ගුරුවරුන්ගේ කඳවුරෙහි ය. පසුගිය දශක කිහිපයක් තිස්සේ දෙමල ජාතිවාදයට කඩේ ගිය අය අද සිටින්නේ කොහේ ද? මේ ආණ්ඩුවට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හෝ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හෝ ඇතැයි මම නො කියමි. එහෙත් මේ ආණ්ඩුව අඩුම තරමෙන් බටහිරයන්ගේ සිංහල විරෝධී ව්‍යාපෘතියට එරෙහිව නොසැළී සිටියේ ය. අද සකලවිධ බටහිර ගැත්තන් පුස් කෑ මාක්ස්වාදීන් ලිබරල්වාදීන් හා ඔවුන්ගේ ගැත්තන් වූ පශ්චාත්නූතනවාදීන්, පශ්චාත් මාක්ස්වාදීන් ආදී එකි මෙකී නොකී වාදීන් ආණ්ඩුවට විරුද්ධ වන්නේ ආණ්ඩුව බටහිරයන්ගේ කීම තඹ දොයිතුවකටවත් ගණන් නොගෙන දෙමළ ත්‍රස්තචාදය පරාජය කළ බැවිනි. මේ සියල්ලෝම අද ඇදුරන්ගේ ඊනියා අධ්‍යයනික වසන්තය උපයෝගී කරගනිමින් 6% වටා පෙළ ගැසී ආණ්ඩුව වැට්ටවීමට වළි කති. එහෙත් මොවුන්ගේ සියළු උත්සාහ ජනතාව විසින් මැතිවරණවලදී පරාජය කෙරී ඇත. අද ඇතැම් ගුරුවරු විවිධ හේතු නිසා වර්ජනය අත්හැර සේවය කරති. කැලණිය විශ්වවිද්‍යාලයේ හරි අඩකට වඩා ගුරුවරු සේවය සඳහා වැටුප් ලබති. ඔවුන් අතර වැඩ වර්ජනයක් කළ යුතු යැයි යෝජනා කළ තැනැත්තා මෙන් ම ස්ථිර කළ තැනැත්තා ද වෙති. ආචාර්ය සමිති සම්මේලනයෙහි කැලණිය වෘත්තීය සමිතිය නියෝජනය කරන තැනැත්තකු ද අද වර්ජනය අත්හැර ගොස් ය. ඇදුරන්ගේ නායකයන්ට නිදහස් අධ්‍යාපනයක් අවශ්‍ය නැති බව ද පැහැදිලි ය. වෘත්තීය සමිතියකට කළ හැක්කේ තම ක්‍ෂෙත්‍රයෙහි ආයතනවල ශ්‍රමය ලබාදීම නැවැත්වීම ය. අද මේ නායකයෝ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම නවතා ඇත. පිළිතුරු පත් බලන්නන් සේවය කරන්නේ විභාග දෙපාර්තමේන්තුවට මිස විශ්වවිද්‍යාලවලට නො වේ. ඇදුරු නායකයන්ට නෛතිකව හෝ සදාචාරාත්මකව පිළිතුරු පත් බැලීම නැචැත්විය නො හැකි ය. එහෙත් එසේ කරන ඔවුහු ඇදුරන්ට පෞද්ගලික ආයතනවල ඉගැන්වීමට බාධා නො කරති. මොවුන් නිදහස් අධ්‍යාපනයට කරන සේවය එයින් ම පැහැදිලි වෙයි.
ගැලීලියෝගේ වියුක්තකරණය
ජ්‍යාමිතියෙහි හා න්‍යායෙහි වියුක්තකරණයට හා සාධාරණීකරණයට එළඹුණු ග්‍රීකයන්ට භෞතික විද්‍යාවෙහි දී එසේ නොකළ හැකි වූයේ ඇයි? බටහිර භෞතික විද්‍යාව වර්ධනයවීමට ප්‍රවාද අවශ්‍ය විය. ගැලීලියෝ විද්වතා කළ ප්‍රධාන කාර්යය වූයේ ප්‍රවාද නිර්මාණ කිරීම ය. ආකිමිඩීස් මූලධර්මය නිරීක්‍ෂණයකට වඩා වැඩි දෙයක් නො වීය. ඉන් කියැවුනේ නිශ්චල ද්‍රවයක ගිලෙන හෝ ඉපිලෙන හෝ ඕනෑම ඝන වස්තුවක් මත ද්‍රවයේ යම් ප්‍රතික්‍රියාවක් ඇති බව ය. එහෙත් ඒ ප්‍රතික්‍රියාව ඇතිවන්නේ කෙසේ ද යන්න ඉන් නො කියැවෙයි. අනෙක් අතට ගැලීලීය සාපේක්‍ෂතාවාදය පසුපස නිරීක්‍ෂණයක් නොව ප්‍රවාදයක් විය. අපට නිරීක්‍ෂණය කළ හැක්කේ සාපේක්‍ෂ චලිත පමණක් යැයි කී විට ඉන් නිරීක්‍ෂණ තේරුම් කරදීමට උත්සාහයක් ගැනිණි. ඉන් කියැවුණේ අපට යම් චලිතයක් නිරීක්‍ෂණය කළහැකි නම් ඒ සාපේක්‍ෂ චලිතයක් ය යන්න ය. අපට නිරීක්‍ෂණය කළ නොහැකි චලිත ද වෙයි. ඒ අපට නිරීක්‍ෂණය කළ නොහැක්කේ ඒ චලිත අපට සාපේක්‍ෂ නොවන බැවින් ය. ගැලීලියෝ විද්වතා පොළොව චලනය වන බව පෙන්වාසිටියේ එවැනි තර්කනයක් මත පිහිටමින් ය. පොළොව චලනය වන නමුත් ඒ අපට සාපේක්‍ෂව චලනය නොවන බැවින් පොළොවෙහි චලිතය අපට නිරීක්‍ෂණය කළ නොහැකි යැයි ඔහු කියා සිටියේ ය.
අවුරුදු පන්සියයකට පමණ පෙර බටහිර යුරෝපීයයන් සමස්ත ඉන්ද්‍රිය ගෝචර භෞතික ලෝකය ම මෙන් වියුක්තකර ප්‍රවාද නිර්මාණයකිරීම ඇරඹීමට සමත්වුව ද ග්‍රීකයන්ට එසේ කිරීමට නො හැකිවිය. එයට හේතුව භෞතික ලෝකය වියුක්ත කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ඔවුන්ට නො තිබීම ය. ජ්‍යාමිතිය ලබාගන්නේ කෝටු කෑලි, කෝදු, වක්‍ර, ද්විමාන පෘෂ්ඨ, ඝන වස්තු ආදිය වියුක්තකිරීමෙන් ය. භෞතික ලෝකයේ ත්‍රිකෝණයක් යන්න අපට කඩදාසියකින් කපාගත හැකි රූපයකි. එය අපට පෙනෙන්නට තිබේ. අපට එය ස්පර්ශ කළ හැකි ය. මේ භෞතික ත්‍රිකෝණයෙන් ගණිතමය ත්‍රිකෝණය ලබා ගන්නේ භෞතික ත්‍රිකෝණයේ අපට පෙනෙන, ස්පර්ශ කළහැකි දෑ ඉවත්කිරීමෙන් ය. ගණිතමය ත්‍රිකෝණයට ඝනකමක් නැත. එහි සරල රේඛාවලට ඝනකමක් මෙන් ම පළලක් ද නැත. ගණිතමය ත්‍රිකෝණය අපට ස්පර්ශකළ හැක්කක් නො වෙයි. ඒ මනසෙහි මවා ගැනීමට ද නො හැකි ය. ජ්‍යාමිතියෙහි කියැවෙන කේතුවක්, ඝනකයක් වැනි ඝන වස්තු වුව ද අපට ස්පර්ශකළ නො හැකි ය. ඝනකයකට දිගක් පළලක් හා ඝනකමක් ඇති බව සැබෑ ය. එහෙත් ඝනකයෙහි දාරයකට පළලක් හෝ ඝනකමක් හෝ නැත. එමෙන් ම ඝනකයෙහි පෘෂ්ඨයකට දිගක් හා පළලක් තිබුණ ද ඝනකමක් නැත. එහි පෘෂ්ඨය නිර්මාණය වී ඇත්තේ දිගක් පමණක් ඇති සරල රේඛා රාශියක් එකතු වීමෙන් ය. දිගක් පමණක් ඇති සරල රේඛා පිළිවෙළකට සකස් කළවිට දිගක් හා පළලක් පමණක් ඇති තලයක් ලැබෙයි.
ජ්‍යාමිතියෙහි වියුක්තකරණයේ දී කළ යුත්තේ කුමක් ද යන්න එතරම් ගැටළුවක් නො වෙයි. මේ වියුක්තකරණයෙහි දී කිසිවක් මුළුමනින් ම නැතිවන්නේ ද නො වෙයි. ජ්‍යාමිතියෙහි සරල රේඛාවකට පළලක් නොමැති බව සැබෑ ය. එහෙත් සරල රේඛා රාශියක් යම් ක්‍රමයකට සකස් වීමෙන් දිගක් මෙන් ම පළලක් ද සහිත තලයක්, දිගක් හා තවත් මානයක් රැගත් කේතුවක් (cone), වක්‍ර පෘෂ්ඨයක් ආදිය ලැබෙයි. එක්තරා ආකාරයකට ගතහොත් ජ්‍යාමිතික සරල රේඛාවෙහි පළල සැඟවී තිබුණාක් වැනි ය. ජ්‍යාමිතියෙහි දක්නට ලැබෙන මේ සැඟවී තිබුණාක් වැනි ගුණය කලනයෙහි (calculus) දී වැදගත් වෙයි. ඝන වස්තුවක ඝනඵලය සෙවීමේ දී එය ඉතා සිහින් තැටිවලට බෙදෙයි. මේ තැටියකට වර්ගඵලයක් ඇත; ඝනකමක් නැත. එහෙත් ඝනකමක් ඇතැයි ද ගැනෙයි. උදාහරණයක් ලෙස ගෝලයක් ගනිමු. මේ ගෝලයෙහි ඝනඵලය සෙවීම සඳහා ඒක කේන්ද්‍රීය වූ වෘත්ත විශාල සංඛ්‍යාවකට බෙදිය හැකි ය. මේ එක් එක් වෘත්තයට ඇත්තේ වර්ගඵලයක් පමණකි. එහෙත් එවැනි වූ වෘත්ත එකතුකිරීමෙන් ඝනඵලයක් සහිත ගෝලය ලැබෙයි. එබැවින් ගෝලයේ ඝනඵලය සඳහා කළයුත්තේ වෘත්තාකාර කුඩා කවචයක, එනම් ඝනකමක් නැති වෘත්තයක, එහෙත් ඉතා කුඩා ඝනකමක් ඇති තැටියක ඝනඵලය සොයා ඒ කුඩා ඝනඵල සියල්ල එකතුකිරීම ය. මෙයින් පෙනී යන්නේ වෘත්තයකට ඝනකමක් නැතිවුව ද එය යම් ආකාරයකින් එහි සැඟවී ඇති බව ය. පෛතගරස් විද්වතා මේ ක්‍රමය යොදාගෙන වර්ගඵල ඝනඵල ආදිය ගණනය කර ඇත. ඒ ක්‍රමයෙහි කලනය පිළිබඳ අදහස් ගැබ් වී ඇත. පැරණි ග්‍රීකයන්ගේ කලනය ජ්‍යාමිතියෙහි ම කොටසක් ලෙස සැලකිය හැකි ය. කලනය පිළිබඳ අදහස් ග්‍රීකයන්ට පමණක් නොව පැරණි භාරතීයයන්ට ද තිබුණු බවට සාධක ඇත. මේ පුදුමයට කරුණක් නො වෙයි. කලනය සඳහා ත්‍රිකෝටික න්‍යාය යොදාගත හැකි ය. පැරණි භාරතීයයනට ත්‍රිකෝටික න්‍යාය විය. පැරණි ග්‍රීකයන්ට මෙන්ම පැරණි භාරතීයයන්ට ද කලනය පිළිබඳ යම් අවබෝධයක් තිබූ නමුත් ඔවුන් ඒ අවබෝධය ලබාගෙන ඇත්තේ වෙනස් පදනම්වල පිහිටමින් යැයි සිතිය හැකි ය.
පැරණි භාරතීයයනට ත්‍රිකෝටික න්‍යාය තිබුණ ද පැරණි ග්‍රීකයනට ඒ න්‍යාය ගැන අවබෝධයක් වී ද යන ප්‍රශ්නය මෙහි දී මතුවෙයි. විශේෂයෙන් ම ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය වර්ධනය කළ ග්‍රීකයන්ට ත්‍රිකෝටික න්‍යාය තිබිණි ද යන්න ප්‍රශ්නයක් වෙයි. ඇතැම් පැරණි ග්‍රීකයන්ට ත්‍රිකෝටික න්‍යාය පිළිබඳ යම් හැඟීමක් තිබුණු බව හෙරෙක්ලිටස් පඬිවරයාගේ සුප්‍රසිද්ධ කියමනෙන් පැහැදිලි වෙයි. ඔහු කියා සිටියේ යමකුට, එකම පුද්ගලයකුට, දෙවරක් ගඟකට බැසිය නොහැකි බව ය. එහි තේරුම ගඟ වෙනස් වන්නේ ය යන්න ය. දැන් තිබෙන ගඟ පසුව නොතිබෙයි. එහෙත් ගඟ යනුවෙන් කියැවෙන්නක් ද වෙයි. ගඟ, ගඟට සමාන මෙන් ම අසමාන ද වන්නේ ය යන්න මෙහි තේරුම වෙයි. මේ ත්‍රිකෝටික න්‍යාය මිස අන් කිසිවක් නො වෙයි. වෙනස්වීමක් ගැන කතාකළ හැක්කේ ත්‍රිකෝටික න්‍යාය ඔස්සේ පමණකි. කලනය යනු ද වෙනස්වීම හා සම්බන්ධ ය. කලනයේ න්‍යාය ත්‍රිකෝටිකය වෙයි. වර්තමාන බටහිර ගණිතඥයන් ඇරිස්ටෝටලීය න්‍යායයෙහි කලනය සිරකිරීමට උත්සාහකළ ද එය පදනම් වී ඇත්තේ වෙනත් න්‍යායක ය. ජ්‍යාමිතිය, කලනය, පමණක් නොව ද්විකෝටික න්‍යාය ද වියුක්තකිරීමට පැරණි ග්‍රීකයන්ට හැකිවූයේ ත්‍රිකෝටික න්‍යාය පදනම් කරගනිමිනි. A=B, B=C මගින් A=C යැයි ගම්‍යවන අවස්ථාවෙහි දී ඒ සමානත්වය ඇත්තේ කුමන ගුණයක් සඳහා ද යන්න නො කියැවෙයි. එහි වස්තු A, B, C මගින් දැක්වෙන ඕනෑම වස්තු වෙයි. එහි ඇත්තේ වියුක්තකරණයකි. ඒ අතර ඒ වස්තු දිගින් බරින් (ස්කන්ධයෙන්) ආදී වශයෙන් විවිධ ගුණවලින් ඕනෑම ගුණයකින් සමානවිය හැකිය යනුවෙන් දෙවැනි වියුක්තකරණයක් ද මෙහි වෙයි. මේ දෙවැනි වියුක්තකරණයෙහි දී අදාළ ගුණය නැති මෙන් ම ඇති ලෙස ද ගැනීමට සිදුවෙයි. A = B, B = C ආදී වශයෙන් කියැවෙන විට ඒ ඕනෑම ගුණයකින් වන බව සැබෑ ය. එහෙත් ඒ එකම ගුණයකින් විය යුතු ය. A, B ට දිගින් හා B, C ට බරින් සමාන වුවහොත් A = C යනුවෙන් කීම අර්ථ ශූන්‍ය වෙයි. එබැවින් මෙහි දී යම් ගුණයක් වස්තු තුනට ම ඇති බව ගම්‍ය වෙයි. වස්තු එකිනෙකට සමාන වන්නේ පොදු ගුණයකින් මිස ඒ ඒ අවස්ථාවේ දී එක් එක් ගුණයකින් නො වෙයි. මෙයින් පෙනී යන්නේ පැරණි ග්‍රීකයන්ගේ ඇරිස්ටෝටලීය න්‍යාය පිළිබඳව වූ වියුක්තකරණය පූර්ණ වියුක්තකරණයක් නොවූ බව ය. ඔවුන් ද්විකෝටික න්‍යාය යොදාගත්ත ද, එහි ත්‍රිකෝටික න්‍යායක සේයාවක් ද විය. මේ සේයාව ජ්‍යාමිතියෙන් කලනයට ගිය ග්‍රීකයන්ට ආධාරයක් වී යැයි සිතිය හැකි ය.
පැරණි භාරතීයයනට ද යම් වියුක්තකරණයක් තිබී ඇත. ආයුර්වේදයේ හෝ කර්මවාදයේ හෝ මේ වියුක්තකරණය දැකිය හැකි ය. පැරණි භාරතයේ බමුණෝ යම් ආකාරයක වියුක්ත ප්‍රවාද ගොඩනැගීමෙහිලා දස්කම් දැක්වූහ. එහෙත් ඒ වියුක්තය ග්‍රීකයන්ගේ වියුක්තය තරමටවත් වියුක්ත නොවූ බව ද පැහැදිලි ය. ආයුර්වේදයේ වෙදකම් කෙරෙන්නේ ඒ ඒ රෝගියාට මිස වියුක්ත රෝගියකුට නො වෙයි. එමෙන් ම කර්මවාදය ද යොදාගැනෙන්නේ ඒ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ය. එහි ද වියුක්ත පුද්ගලයකු නැත.
පැරණි භාරතීයයන්ගේ හෝ පැරණි ග්‍රීකයන්ගේ හෝ වියුක්තකරණය වියුක්ත භෞතික විද්‍යාවක් ගොඩනැගීමට තරම් ප්‍රමාණවත් නො වී ය. මෙය තේරුම් ගැනීම සඳහා ගැලීලියෝ වි්ද්වතා විසින් කරන ලදැයි පැවසෙන සුප්‍රසිද්ධ පීසා නුවර ඇලවෙන කුළුණේ පරීක්‍ෂණය සලකමු. මේ පරීක්‍ෂණයේ දී සිදුකෙරී ඇත්තේ බරින් (ස්කන්ධයෙන්) අසමාන වූ වස්තු දෙකක් නිශ්චලතාවයේ තිබී එක්වර එකම උසකින් පොළොවට අත්හැරීම ය. පරීක්‍ෂණයෙන් පෙන්නුම් කෙරී ඇත්තේ ඒ වස්තු දෙක එකම වෙලාවට පොළොවට ළඟාවන බව ය. වස්තු යම් ප්‍රමාණයක් එකම ත්වරණයක් සහිතව පොළොවට වැටෙන බැවින් සියළු වස්තු අඩුම තරමින් පොළොව සමීපයේ දී එකම ත්වරණයකින් පොළොව දිශාවට ඇදෙන බව ද පසුව උද්ගමනය කෙරී ඇත.
මෙයින් කියැවෙන්නේ කුමක් දැයි විභාගකරමු. පීසා නුවර කරන ලද පරීක්‍ෂණයෙන් උද්ගමනය කෙරී ඇති දැනුම පොළොව ආසන්නයේ චලනය වන ඕනෑම වස්තුවක් සඳහා ය. ඕනෑම වස්තුවක් පොළොව දිශාවට වූ එකම ත්වරණයකින් චලනය වන බව ඉන් කියැවෙයි. දැන් මෙහි කියැවෙන ඕනෑම වස්තුව කුමක් ද? ඒ වියුක්ත වස්තුවක් වෙයි. මේ වස්තුවට පරිමාවක්, බරක් (ස්කන්ධයක්), ගඳක් සුවඳක්, පැහැයක් හෝ පැහැය කිහිපයක්, රසක්, හැඩයක්, සුමුදු බවක් නැත්නම් ගොරෝසු බවක් ආදී වශයෙන් විවිධ ගුණ තිබිය හැකි ය. ගැලීලියෝ විද්වතා මේ සියළු ගුණ නොසලකා හැර ඇත. එනම් ඔහු ඒ ගුණ වස්තුවෙන් ඉවත්කර ඇත. ඔහුට තිබී ඇත්තේ ඉතාමත් ම වියුක්ත වස්තුවකි. එහි ඒ ගුණ කිසිවක් නැත. මේ වියුක්ත වස්තුවට පොළොව ආසන්නයේ දී පොළොව දිශාවට වූ නියත ත්වරණයක් ඇති බව ගැලීලියෝ විද්වතා විසින් පෙන්නුම් කෙරී ඇත.
පැරණි ග්‍රීකයන්ට නොකළ හැකි වූවක් ගැලීලියෝ විද්වතා කෙළේ ය. ඔහු වස්තුවලින් සියළු ගුණ ඉවත් කෙළේ ය. ආකිමිඩීස් විද්වතාට මේ කළහැකි වූයේ නිශ්චල ද්‍රවයක ගිලී හෝ ඉපිලී හෝ නිශ්චල ව පවතින වස්තු සම්බන්ධයෙන් ය. ගැලීලියෝ විද්වතා චලනය වන වස්තු සම්බන්ධයෙන් ද ඒ දේ කෙළේ ය. පැරණි ග්‍රීකයන්ට චලනය වන වස්තුවල ගුණ ඒවාහි බරින් (ස්කන්ධයෙන්) නිදහස් කර ගැනීම ප්‍රශ්නයක් වී තිබුණි. ඈරිස්ටෝටලීය ගතිකයෙහි එකවිට අත්හැරි වස්තු දෙකකින් වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටුණේ ය. ගැලිලියෝ විද්වතා මේ කඩඉම ජයගත්තේ ය. වස්තුවේ හැඩය, පැහැය ආදිය ඉවත්කිරීමෙන් පසු ඔහුට ඉතිරිවූයේ එහි බර (ස්කන්ධය) ය. ඔහු පෙන්වා දුන්නේ ඕනෑම වස්තුවක් පොළොව ආසන්නයේ දී පොළොව දිශාවට වූ යම් ත්වරණයකින් චලනයවන බවත් ඒ ත්වරණය වස්තුවෙහි පැහැය ආදියෙන් පමණක් නොව ස්කන්ධයෙන් ද ස්වායත්ත බව ය. පැහැය, ස්කන්ධය ආදිය ඉවත්කළ ද වස්තුව ගැන හැදෑරිය යුතු යමක් විය. එමෙන් ම වස්තු චලනය වූයේ එකම දිශාවට වූ නියත ත්වරණයකින් ය. මෙය ප්‍රවාදයක් නොව නිරීක්‍ෂණයක් හා එමගින් කරන ලද උද්ගමනයක් විය. ඕනෑම වස්තුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු බැවින් ඒ වියුක්ත ප්‍රකාශයක් විය. එහෙත් මෙහි දී එක් කරුණක් අවධාරණය කළ යුතු ය. ගැලීලියෝ විද්වතා ඕනෑම වස්තුවක් ලෙස වියුක්තව ගත්තේ පංචේන්ද්‍රියන්ට හසුවන වස්තු ය. ආලෝක කිරණ කිසිම ස්වරුපයකින් ඔහුගේ අධ්‍යයනයට හසු නො වීය. එකල ආලෝකය සම්බන්ධයෙන් නිව්ටෝනීය ලවක අංශු (corpuscles), තරංග ප්‍රවාදය හෝ ෆෝටෝන හෝ නො වී ය. ගැලීලීය චලිතයෙහි මේ සීමාව තේරුම් ගත යුත්තේ ඉන් බටහිර භෞතික විද්‍යාව ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව ද යම් හැඟීමක් ලබාදෙන බැවින් ය.
බටහිර භෞතික විද්‍යාව යම් නිරීක්‍ෂණයක් කරන්නේ, උද්ගමනයක් කරන්නේ හෝ ප්‍රවාදයක් නිර්මාණය කරන්නේ දෙන ලද යම් කුලකයක් සම්බන්ධයෙන් ය. ඒ කුලකයෙහි අවයව පරිමිත හෝ අපරිමිත හෝ සංඛ්‍යාවක් තිබෙනවා විය හැකි ය. එහෙත් බටහිර භෞතික විද්‍යාඥයෝ පළමුව තමන් සලකන්නේ කිනම් වස්තු හෝ අංශු හෝ වෙනත් යමකින් හෝ සමන්විත කුලකයක් ද යන්න ගැන අවබෝධයක් ලබා ගනිති. ඔවුහු ඉන්පසු ඒ කුලකයෙහි වස්තු සියල්ල නිරූපණය කරන ඕනෑම වස්තුවක් ගනිති. ඒ වස්තුව හැකිතාක් වියුක්ත කෙරෙයි. එනම් තම අධ්‍යයනයට සරිලන ආකාරයෙන් වස්තුවේ යම් යම් ගුණ ඉවත් කෙරෙයි. නිරීක්‍ෂණ උද්ගමනය කෙරෙන්නේ, ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ එසේ තම අධ්‍යයනයට අනවශ්‍ය ගුණ ඉවත් කෙරුනු වස්තු සඳහා ය. සිත් පිත් පමණක් නොව ජීවයක් ද නොමැති බටහිර භෞතික විද්‍යාවේ එලෙස අනවශ්‍ය ගුණ ඉවත් කෙරුණු වියුක්ත වස්තු නිර්මාණය කළ හැකි ය.
එහෙත් බටහිර ජීව විද්‍යාවට හා පසුව බටහිර සමාජයීය විද්‍යාවට ඒ මට්ටමේ හාස්කමක් කිරීමට නො හැකි වී ඇත. බටහිර භෞතික විද්‍යාවේ ප්‍රමාණයට වියුක්ත සාධාරිත (generalized) සංකල්ප නිර්මාණය කිරීමේ හැකියාවක් බටහිර ජීව විද්‍යාවට නැත. බටහිර භෞතික විද්‍යාවේ වස්තුවක චලිතය අධ්‍යයනය කිරීමේ දී එහි ගඳ සුවඳ, පැහැය ආදිය අවශ්‍ය නො වෙයි. නිව්ටෝනීය චලිත සමීකරණ ලියැවෙන්නේ වියුක්ත අංශු හා දෘඪ වස්තු සඳහා ය. එසේත් නොමැති නම් වියුක්ත දෘඪ නොවන තරල (Fluids) සඳහා ය. එසේත් නැත්නම් වෙනත් ආකාරයක වියුක්ත වස්තු සඳහා ය. ඒ කිනම් අවස්ථාවක වුව ද දෘඪ වස්තුව දෘඪ නොවන වස්තුවකින් අඩුම තරමින් ෙසෙද්ධාන්තිකව වෙන්කර ගන්නේ කෙසේ දැයි බටහිර භෞතික විද්‍යාඥයෝ දනිති. දෘඪ වස්තුවක ඕනෑම ලක්‍ෂ්‍ය දෙකක් අතර දුර නියතයක් වෙයි. ඒ ඒ දුර කාලයත් සමග වෙනස් නො වෙයි. යමක් තවත් යමකින් වෙන්කරගැනීමක දී එවැනි නිශ්චිත අවශ්‍යතා ඉදිරිපත් කිරීමට බටහිර භෞතික විද්‍යාවට හැකි වී ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් බටහිර භෞතික විද්‍යාවට වියුක්ත සංකල්ප අර්ථදැක්වීමේ දී මහත් අසීරුතාවන්ට මුහුණපෑමට නො සිදුවෙයි. එහෙත් ඉන් කියැවෙන්නේ ගණිතයේ පමණට ම වියුක්ත සංකල්ප අර්ථදැක්වීමේ හැකියාවක් බටහිර භෞතික විද්‍යාවට ඇති බව නො වෙයි. බටහිර භෞතික විද්‍යාවට, බටහිර ගණිතයට පමණට නැතිවුවත් යම් මට්ටමකින් වියුක්ත සංකල්ප අර්ථදැක්වීමේ හැකියාවක් ඇත. ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි වියුක්තය බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවට වඩා ඉතා ඉහළ මට්ටමක ඇති බව පමණක් මෙහිදී සඳහන් කළ යුතු ය.
Reason, Experience and Prathyaksha - nonpublished
Prof. Carlo Fonseka in his parting article claims that I do not understand multiple meanings of the word reason. “In his response to my claim, Prof. Nalin says:’What Prof. Fonseka tries to say is that evidence of senses of human beings is the deciding factor and not the soundness of human reasoning. However, he himself ends that paragraph with "therefore there is reason to accept the truth of the theory of relativity". (The Island, Sept 8) Thus Prof. Nalin is asserting that by using the word ‘reason’ in the preceding sentence, I am being inconsistent about my claim concerning the primacy of sensory experience as the test of truth. Anyone who knows the multiple meanings of the word ‘reason’ will grant that the word ‘reason’ in the phrase "therefore there is reason to accept the truth of the theory of relativity" refers to the evidence of the senses, and not to the exercise of pure reason.” However, this is what I had said in my article of 8th September. “What Prof. Fonseka tries to say is that evidence of senses of human beings is the deciding factor and not the soundness of human reasoning. However, he himself ends that particular paragraph with ‘therefore there is reason to accept the truth of the theory of relativity’. In any event the Theory of General Relativity has failed to explain what is called dark energy and some other phenomena I have mentioned in my previous articles. Further Prof. Fonseka could not resist the temptation to quote Russell: ‘Before tackling Einstein’s law, it is as well to convince ourselves, on logical grounds, that Newton’s law of gravitation cannot be quite right.’ Russell mentions two things here. Firstly that Newton’s Law of Gravitation cannot be quite right. Thus if somebody says that Einstein incorporated Newton’s gravitation theory then the latter has incorporated a theory that is not quite right. Secondly Russell talks of convincing of oneself that Newton’s theory cannot be quite right on logical grounds. Thus Prof. Fonseka is not consistent in his statements and supporting statements.” Prof. Fonseka conveniently ignores Russell’s remark on convincing oneself on logical grounds that Newton’s gravitation cannot be quite right, which he himself had quoted. Prof. Fonseka while ignoring Russell on convincing oneself that Newton’s gravitation cannot be quite right on logical grounds and not on so called empirical grounds had said that there was reason to accept the truth of theory of relativity.
The so called empirical evidence is nothing but a reason for Prof. Fonseka to accept the so called truth of relativity. It is not pure reason for the simple reason that there is nothing called pure reason in a Kantian sense or otherwise. Similarly there are no pure empirical grounds on which one comes to conclusions. All deductions starting from “if A=B and B=C, then A=C” are inductions and in that sense all so called reasoning is based on induction that cannot be called rational. Western Philosopher Hume did not believe causality purely on empirical evidence and in western philosophy problems of this sort cannot be solved. There are no sense perceptions without conceptions and Prof. Fonseka, how much he tries, cannot show that he believes in the theory of relativity because of evidence of pure sense experience. Firstly there is no pure sense experience as all perceptions are conception laden just as much so called facts are theory laden, and secondly causality in western thinking is based on induction. People believe in sense experience due to repeats and induction. Induction which has no rational basis as such ironically plays a big role in reasoning. It is hilarious to see so called empiricists rejecting sense experience on the grounds that appearance cannot be true and then testing deductions of theories that people have constructed, using their senses based on nothing but appearances. I have explained some of these in my latest book “Batahira Vidyava, Arsenic saha Deviyo” and Prof. Fonseka could gain something at least in his old age by reading the book.
Prof. Fonseka says “Prof. Nalin has unequivocally declared that by virtue of the culture into which he was born, his approach to life and the world is that of a Sinhala, Theravada Buddhist. In other words his credo is the religion of his birth”. I have never said anything equivalent of what Prof. Fonseka ascribes to me. This could have been the case if I had had my religion of my parents as my Philosophy from childhood, though religion is different from philosophy and culture. However, I had been a Marxist, Scientist though people may claim that I failed to grasp the relevant disciplines, before I became a Theravada Buddhist for the second time having gone through an education in western science and Marxism. There are many ways to create knowledge other than through rationalism and empiricism and I subscribe to “Prathyaksha”, which is not sense perception as such. However I know that I am spiritually not advanced, and as said in the second part of Kalama Sutta which Prof. Fonseka ignored for many decades I believe in the “Prathyaksha” of my Vinnus. However, though not approved by Theravada Buddhism I also construct knowledge (theories, concepts etc.,), until I am advanced spiritually through “Bhavana”, based on the Sinhala Buddhist Chinthanaya relative to Sinhala Buddhist culture. It was theorizing that way we were able to convince many people in this country that the LTTE could be defeated with a non wavering political leadership. Incidentally we constructed our basic theory that knowledge (not merely western science) is created relative a culture based on a Chinthanaya though some who have been trained in western science try their best to ascribe it to some westerners. All theories whether they are constructed based in the Sinhala Buddhist Chinthanaya or Greek Judaic Christian Chinthanaya are mere stories which appear to be consistent with other theories “facts” etc.
Copyright Prof. Nalin De Silva
On Muslim protests - nonpublished
Mr. Shyamon Jayasinghe in his letter to the editor on Muslim protests states: “Nalin Silva’s account of the nature of the recent Muslim riots over the video trailer, "Innocence of Muslims," has missed focus on the real situation. Attempting as he does to relate it to what he calls the Western-Christian hegemony does not help our comprehension of the event.”. Unfortunately it is not clear what it is meant by the words “relate it”. Relate what? There were three events that we have to consider. Firstly the production of the relevant video, secondly the protests by most of the Muslims all over the world against the video, and finally condemning of the protests by the western media and the claim by them that the producer had the freedom of expression to produce the film. What I had said in my article published on 19th September was the following on western Christian supremacy. “When the western media tells us that the person who made the film had the right to do so they talk from their vantage position as everything in this world is today decided by the western Christian supremacy. It is true that in the west they have made films such as Da Vinci Code, though the film was banned in Sri Lanka if my memory is correct, but these films are made in a world dominated by western Christian hegemony. The book and the film Da Vinci Code were produced by western Christian culture who are looking for a new interpretation of Jesus Christ against the Jesus of the Catholic Church. This should be the last step in the fight of Christianity against Catholicism, and I was not surprised when the Catholic Church here decided to ask the Sri Lankan government to ban the film.”
I was neither concerned whether the producer of the video belonged to a minority Christian sect nor whether he was not born in the west. There may be thousands of Christian sects but generally they can be grouped under Catholic and Christian (non Catholic) though there are exceptions. Whether a person is born in Sri Lanka or Australia, generally he would belong to a culture and the latter is important as the way we look at the world (as they say grasp the world, though there is no one given world as such) is determined (created) by the culture and is based on what I call the chinthanaya. The person who produced the video did not try to defame Jesus Christ but Prophet Mohamed and his act has been governed by his general cultural view of the “world”, whatever the sect he belongs to. The Muslims were offended, and they protested against the video. Then the western media came to defend the producer appealing to freedom of speech. This defense was originated by a group in the western world with the help of the western Christian supremacy. Nothing would happen to the producer and as I had mentioned the protests have now been subdued with the help of some Muslim leaders as well, and the western Christian supremacy reins without any problem. The Muslims regardless of Iraq invasion etc., have fought and are fighting against Catholic as well as Christian cultural supremacies for more than a thousand of years and whether the video was produced by a Christian of a minority sect or a mainstream Christian the video appears to be an attack against the Muslim culture.
Mr. Jayasinghe has completely missed the point regarding Da Vinci Code. I am of the view that there has been another cultural “war” or a struggle between the Catholic Chinthanaya and the Christian Chinthanaya spreading over more than five hundred years. The Christian Chinthanaya has defeated the Catholic Chinthanaya on many counts, and today the dominant culture of the world including Australia is the Anglo Saxon variety of the (non Catholic) Christian culture. There may be local differences among the Anglo Saxon countries but in general their culture dominates the world. Whether one is an Atheist or not, or even if one does not practice a religion, it is immaterial in these cultural “conflicts”. Though the Christian culture is the dominant culture in the world ironically those who belong to that culture do not have their own Jesus. Books such as Da Vinci Code are attempts to “create” a Jesus who was married in contrast to the Catholic Jesus who did not marry, and there have been such efforts in the last five hundred years. Thus Da Vinci Code is produced in a Christian culture and not against it, though the Catholic culture would have been offended by the book as well as the film. The Christian culture is not happy with the Jesus of the Catholic culture, and is evolving towards a culture without a God in the Catholic sense. The Christian culture would in general not protest against Da Vinci Code and it was left to the Catholic Church in Sri Lanka to get the film banned in the country. It has to be reminded that though many Buddhists protested against “Bavatharanaya” written imitating the tradition of so called realistic novel of the western Christian modernity, the book was never banned in the country.
Copyright Prof. Nalin De Silva