History

Tuesday 22 January 2013

බමුණන්ට අන්ත පරාජයක්

තවත් වසන්තයක් හේමන්තයක් බවට පෙරළී ඇත. එහෙත් ඒ අවසාන වසන්තය නො වේ. විශ්වවිද්‍යාල වසන්තය, අලුත්කඩේ වසන්තය ආදියට අමතරව ඉදිරියේ දී ක්‍රිකට් වසන්ත, පූජක වසන්ත ආදිය ඇතිවීමට හැකි ය. බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදය ලබන බමුණු කුලය තම අනුග්‍රහකයන්ගේ ආධාර ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඒ මහතා ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන ගොස් දංගෙඩියට යැවීමට හැකි සියල්ල කරනු ඇත. ඒ අතර බටහිරයන් ආණ්ඩුවට බලපෑම් කර ආණ්ඩුව වැට්ටවීම සඳහා ආර්ථික සම්බාධක පැණවීමට ද අවශ්‍ය වුවහොත් නේටෝ සංවිධානය හෝ වෙනත් සංවිධානයක් හෝ ඔස්සේ ආක්‍රමණයක් ඇතිකිරීමට වුව ද පසුබට නොවනු ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරය හොබවනතාක් ඒ මහතා ඊනියා ජාත්‍යන්තර යුද්ධාධිකරණයක් ඉදිරියට ගෙන යෑමේ අපහසුතාවක් ඇත. එබැවින් බටහිරයන්ට ඒ මහතා පළමුවෙන් ජනාධිපති ධුරයෙන් ඉවත්කිරීමේ අවශ්‍යතාව වෙයි. සියළු වසන්ත, සම්බාධක, ආක්‍රමණ ඒ සඳහා වෙයි. මේ එකක්වත් කුමන්ත්‍රණ නො වේ. ඒ බටහිරයන් තමන් අකමැති ආණ්ඩු සම්බන්ධයෙන් ගන්නා පියවර වෙයි. ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වුව ද මේ ආණ්ඩුව ද අනෙක් ශ්‍රි ල නි ප ආණ්ඩු මෙන් ම මුළුමනින් ම ජාතිකත්ව ප්‍රතිපත්ති පිළිපදින ආණ්ඩුවක් නො වේ. එයට ප්‍රධාන හේතුව මෙරට උගතුන් යැයි කියාගන්නා අනුකාරක බමුණන්ට ජාතිකත්ව ප්‍රතිපත්ති සකස්කිරීමට ඇති නො හැකියාව ය. බමුණු කුලයට කළ හැක්කේ ලිබරල් හෝ මාක්ස්වාදී හෝ වෙනත් බටහිරවාදී හෝ මතවාද පුනරුච්චාරණය කිරීම පමණකි. කෙසේ වුවත්් එ ජා ප ආණ්ඩු මෙන් නොව ශ්‍රි ල නි ප ආණ්ඩු ඇතැම්විට බටහිර විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරයි. ඒ සමග බමුණු කුලයේ ඇතැම්හු ද පෞද්ගලික හෝ ජාතික හෝ හේතු නිසා ආණ්ඩුව සමග එකතු වෙති. ඒ ව්‍යතිරේක වෙයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බටහිරයන්ට හා ඉන්දියාවට එරෙහිව ජාතිකත්ව මතවාදයක පිහිටා දෙමළ ත්‍රස්තවාදය පරාජය කළේ ය. බටහිරයන් හා ඉන්දියාව (විශේෂයෙන් ම රෝ සංවිධානය) ආණ්ඩුව වැට්ටවීමට වලිකන්නේ එබැවිනි. එහෙත් ඔවුහු ඒ බවක් නො කියති. ඔවුන් හා බමුණු කුලය ඒ වෙනුවට කියන්නේ ඊනියා යහපාලනය, භාෂණයේ නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, බහුවිධත්වය ආදිය මේ ආණ්ඩුව යටතේ නැති බව ය. මේ කිසිවක් ලෝකයේ කොහේවත් නැත. මේ හුදු වචන පමණ ය. වත්මන් ලෝකයෙහි චක්‍රවර්තී රාජ්‍ය හෝ දශරාජ ධර්මය හෝ දකින්නට නැත. එසේ වීමට ඇති සම්භාවිතාව ශූන්‍යයට ආසන්න වුවත් යම් අයුරකින් ඊළඟ මැතිවරණයෙහි දී එ ජා ප බලයට පත්වුවහොත් ඇතිවන ආණ්ඩුවෙන් යහපාලනයක් බලාපෙරොත්තුවීම ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වීමකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන ද කිවහැක්කේ එවැන්නක් පමණ ය. එක් තුණ්ඩු කෑල්ලෙන් රටම අකර්මණ්‍ය කළ ජ වි පෙරමුණට සම්ම ජාතියේ බලය නොලැබෙන බැවින් ඔවුන් ගැන හෝ විවිධ ත්‍රිරෝද පක්‍ෂ ගැන හෝ සඳහන් කිරීම අනවශ්‍ය ය. අවුරුදු හයසියයකට පමණ පසු රට එක්සේසත් කළ මහින්ද රාජපක්‍ෂ මහතා හැකිතාක් කල් ජනාධිපති ධුරයෙ රඳවා ගත යුත්තේ ඒ මහතාට වඩා ජාතිකත්වයකින් බටහිරයන්ට මුහුණ දිය හැකි දේශපාලන නායකයකු පේන තෙක් මානයක නොමැති වීමත් බටහිරයන් ඒ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඊනියා ජාත්‍යන්තර අධකරණය ඉදිරියට ගෙන යෑමට අරඇඳීමත් නිසා ය. ඒ සන්දර්භයෙහි ඒ මහතාට තවත් වරක් ජනාධිපති ධුරයට තරග කළ හැකි අයුරින් 18 වැනි සංශෝධනයක් සම්මත කිරීම බොරු යහපාලනයක් ගැන විශ්වාසයක් නැති මට ප්‍රශ්නයක් නො වේ. ඒ මහතා තවත් වරක් ජනාධිපති ධුරයට පත්කිරීමෙන් බටහිරයන්ට හා බමුණන්ට අතුල් පහරක් දීමට මෙරට පොදු ජනයාට හෙවත් සාමාන්‍ය ජනයාාට හැකියාව තිබිය යුතු ය. බහුවිධත්වයක් ගැන කතාකරන බමුණෝ අධ්‍යාපනයෙහි කිසිදු බහුවිධත්වයකට ඉඩ නො දෙති. මෙරට පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන්නේ අධිපතිවාදී බටහිර දැනුම පමණකි. සිංහල වෙදකම සිංහල ගොවිකම ආදිය ඉගැන්වෙන ආයතන මෙරට නැත. අපේ දැනුම මිථ්‍යාවන් යැයි කියමින් ඊනියා යථාර්ථවාදී වාස්තවිකවාදී බටහිර විද්‍යාවක් පමණක් උගන්වන බමුණන් බහුවිධත්වයක් ගැන කතාකරන්නේ පුන නූල පමණක් ඇතිව ය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුවරිය ලෙස පත්කරනු ලැබුයේ ඇගේ අතීත වාර්තාව නොදැන යැයි කිව නො හැකි ය. කොළඹ විශ්වවිද්‍යාලයෙහි සාමාන්‍ය කථිකාචාර්යවරියක වූ ඇය ජී එල් පීරිස් මහතා උපකුලපති ව සිටි සමයේ නීති පීඨයේ පීඨාධිතිනිය බවට ද පත්වූවා ය. ඇය ශ්‍රෙෂ්ඨාධිකරණයට පත්කෙරුණේ ද ඒ මහතා ඇමතිවරයකුව සිටි සමයේ චන්ද්‍රිකා කුමාරතුංග විසිනි. ඇය එඩිතර සටන්කාමී අයකු ලෙස ප්‍රසිද්ධියක් නොදැරී ය. ඇය බලය විමධ්‍යගත කිරීමට පක්‍ෂව ලිපි ලියා තිබිණි. ඇය අගවිනිසුරුවරිය වන විට ඇගේ සැමියා පිළිබඳ ආණ්ඩුව නොදැන සිටියා ද නො වේ. ඒ කිසිවක් එදා ආණඩුවටවත් ඇයටවත් තීරණාත්මක හෝ වැදගත් හෝ නො වීය. ඇය ආණ්ඩුවත් සමග විරසක වූයේ කවදා දැයි නිශ්චිතව කිව නොහැකි වුවත් එය පසුගිය වසරේ දිවිනැගුම පණතටත් ඉසෙඩ් ලකුණු විනිශ්චයටත් පෙර සිදු වී යැයි විශ්වාස කළ හැකි ය. ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය ඇයගේ තීන්දුව විසින් අවුල් කෙරිණි. එය අවුල් කළඅනෙක් අය වූයේ තටිල්් මහතා ජෝසෆ් ස්ටැලින් මහතා ආදීන් ය. වෙනත් වසරවලට වඩා පන්දහසක් පමණ සිසුන් වැඩිපුර සරසවිවලට ඇතුළත් කරගැනීමට සිිදු වී ඇත්තේ 2011 උසස් පෙළ පරීක්‍ෂණයට පෙනී සිටි සිසුන් දක්‍ෂයන් වීම නිසා නොව අධිකරණ තීන්දුවේ අවුල් ස්වභාවය නිසා ය. එහෙත් ඇය ඉතා සටන්්කාමී ලෙස දෝෂාභියෝගයට මුහුණ දුන්නා ය. ඇයට එහි දී බමුණු කුලයේ හා බටහිරයන්ගේ නොමඳ සහාය ලැබී ඇති බව පැහැදිලි ය. ඉදිරියටත් ඒ සහාය ඇයට ලැබෙනු ඇත. ඇයට බටහිරයන් ආසියාතිකයන්ට දෙන උසස් රැකියාවක් ලබාදෙනු ඇත. ඇය දෝෂාභියෝගයකින් ඉවත්කරනු ලැබූවකු වීම ඇයට කැලළක් නොවනු ඇත්තේ කැළැල් තීරණය කෙරෙන්නේ ද බටහිරයන් අතින් වීම නිසා ය. කෙසේ වෙතත් පසුගිය වසරේ යම් දිනයක බටහිරයන් විසින් ඇය දිනාගනු ලැබ ඇති බව පැහැදිලි ය. ඒ ඇය අගවිනිසුරුවරිය ලෙස පත්කිරීමෙන් පසුව ය. බටහිරයන් සරත් ෆොන්සේකා දිනාාගත්තේ ඔහු විශ්‍රාම යෑමෙන් පසුව ය. ඔහුට විරුද්ධව ඇමරිකාවේ අධිකරණයක තිබූ යුද්ධාපරාධ නඩුවක් අස්කරගනු ලැබුයේ ඔහු ඊනියා ජාත්‍යන්තර අධිකරණයේ බටහිරයන්ගේ සාක්‍ෂිකරුවකු කිරීමට හා ජනාධිපති අපේක්‍ෂකයකු බවට පත්කිරීමට ය. මේ බව අපි ඒ දිනවල කියා ඔහු අත්අඩංගුවට ගතයුතු බව කීවෙමු. ශිරාණි බණ්ඩාරනායක බමුණන්ගේ සහාය ඇතිව බටහිරයන් විසින් දිනාගනු ලැබුයේ ඇය විශ්‍රාම යෑමට ද කලිනි. ඉන්පසු බමුණෝ බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඇගේ අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරය මගින් ආණ්ඩුවට අභියෝග කළහ. ඒ අලුත්කඩේ වසන්තය සඳහා ය. එතරම් එඩිතර කාන්තාවක ලෙස ප්‍රසිද්ධ නැති ඇය ජනාධිපති ආරාධනා ප්‍රතික්‍ෂෙප කිරීමට ඉදිරියට පැමිණියා ය. අධිකරණය හා ව්‍යවස්ථාදායකය (විධායකය) අතර කිසිදා තරගයක් නො වී ය. බමුණෝ තමන් හා පොදු ජනයා ලෙස බණ්ඩාරනායක මහතා විසින් හඳුන්වනු ලැබූ සාමාන්‍ය ජනයා අතර ආධිපත්‍යය සඳහා වූ අරගලය වසන්කිරීමට එවැනි තරගයක් මැවූහ. ජනාධිපතිතුමා පොදු ජනයා නියෝජනය කළේ ය.

මෙරට ව්‍යවස්ථාවට අනුව අධිකරණ බලතල ද ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසිනි. උසාවි, විනිශ්චය සභා හා ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන ආයතන හා වෙනත් ආයතන පාර්ලිමේන්තුව විසින් එහිදී යොදාගැනෙන උපකරණ පමණකි. 4(ඇ) ව්‍යවස්ථාවෙහි ඒ බව පැහැදිලිව සඳහන් වෙයි. ඉහළ උසාවිවල විනිසුරුවන් පිළිබඳ අධිකරණ බලතල ඔවුන්ට ම දිය නො හැකි ය. ඔවුන්ට අනෙක් අයගේ නඩු ඇසිය හැකි වුවත් තමන්ගේ වෘත්තීය දෝෂ පිළිබඳ නඩු ඇසිය නො හැකි ය. විනිසුරුවන් පිළිබඳ නඩුවක දී ඔවුහු සාමාන්‍ය පුරවැසියෝ නො වෙති. එබැවින් ඔවුන් සම්බන්ධ නඩු (පෞද්ගලික නඩු නොවේ) ඇසීමට වෙනත් ආයතනයක් තිබිය යුතු ය.ඒ ආයතනයේ තීන්්දුවලට එරෙහිව ඔවුන්ට කිසිවක් කළහැකි නො වේ. ඒ ආයතනය 107(2) ව්‍යවස්්ථාවෙහි සඳහන් වන පරිදි ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව ය. එහි දී පාර්ලිමේන්තුව අදාළ විනිසුරු වැරදිකරුද නිවැරදිකරුද යන්න තීරණය කරන අතර ජනාධිපතිතුමා විනිශ්චය (තීන්දුව) ලබාදෙයි. 107 (3) ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ පාර්ලිමේන්තුව නීතිය (එනම් පණත්) මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ අදාළ අන්වේෂණය හා චෝදනා සාධනය සඳහා සැලසුම් කළ යුතු බව ය. 107 (2) මෙන් ම 107(3) ද මෙරට උපරිම නීතිය වෙයි. 80 වැනි ව්‍යවස්ථාව යටතේ කිසිම උසාවියකට සම්මත වී ඇති පණත් අභියෝගයට ලක්කළ නොහැකි ය. 107 (3) සම්මත වී ඇති නීතියකි. එය අභියෝගයට ලක්කිරීමට සංශෝධනය කිරීමට උසාවියට නො හැකි ය. 107 (3) ට අනුව ස්ථාවර නියෝග මගින් වුව ද පාර්ලිමේන්තුවට අන්වේෂණය හා සාධනය සඳහා සැලසුම් කළහැකි බව ය. ස්ථාවර නියෝග නීතිය නොවන නමුත් දෝෂාභියෝග සඳහා 107 (3) යටතේ ස්ථාවර නියෝග යොදාගැනීම නීතියට එකඟ ය. නීතියට එකඟව ක්‍රියාකිරීම නීත්‍යානුකුල නොවන්නේ කිනම් නීතියක් හෝ න්‍යායයක් හෝ අනුව දැයි අභියාචනාධිකරණයේ හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ අදාළ විනිසුරුවෝ ද, නීීීතිඥ බමුණෝ ද වෙනත් බමුණෝ ද බමුණු උපකුලකයක් වූ ජඩමාධ්‍යකරුවෝ ද පවසත් ද? අනෙක් අතට 1953 පාර්ලිමේන්තු වරප්‍රසාද පණතේ 3 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ බිත්ති හතර තුළ සිදුවන ක්‍රියා උසාවියක දී අභියෝගයට ලක්කළ හැකි නො වේ. මෙරට රිට් ආඥා නිකුත් කරන්නේ බිරිතානි සම්ප්‍රදාය අනුව ය. පසුගිය අවුරුදු සියගණනක් තුළ බිරිතානි අධිකරණයක් පාර්ලිමේන්තුවට රිට් ආඥාවක් නිකුත් කර නැත්නම් එයින් කියැවෙන්නේ පාර්ලිමේන්තුවට එවැනි ආඥා නිකුත් කිරීමට බලය නැති බව මිස එක් ජඩමාධ්‍යකරුවකු කී අන්දමට අපට අනුගමනය කිරීමට සම්ප්‍රදායක් නැති බව නො වේ. විනිසුරුවන් සම්බන්ධ වෘත්තීය නඩුවල දී ඒ සඳහා 107(2) න් වෙනම ආයතනයක් පිළිගැනී ඇත්තේ විනිසුරුවන්ට ඒ සඳහා කිසිදු බලයක් නොමැති බැවිනි. අභියාචනාධිකරණයට දෝෂාභියෝග නඩුවල විනිශ්චය දීමට නොහැකි ය. අදාළ විනිසූරුවන් කළ යුතුව තිබුණේ ඉදිරිපත් වූ පෙත්සම් ඉවතලීම ය. ඔවුන් එසේ කරනු වෙනුවට සැලැස්මකට අනුව ක්‍රියාකරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් 107 (3) පිළිබඳ අර්ථනිරූපණයක් ඉල්ලා සිටි බව පෙනී යයි. ශ්‍රෙෂ්ඨාධිකරණය ද එය ඉවතට දැමිය යුතුව තිබූ නමුත් පාර්ලිමේන්තු බලතල පවරා ගනිමින් 107(3) සංශෝධනය කර නීතිය මගින් පමණක් සැලසුම් කිරීමට හැකි යැයි තීන්දු කළේ ය. මේ වැරදි තීන්දුවලට එරෙහිව පාර්ලිමේන්තුව ශ්‍රෙෂ්ඨාධිකරණයට ගියේ නම් එය 107 (2) ප්‍රතික්‍ෂෙප කිරීමක් වනු ඇත. පාර්ලිමේන්තුවට කළ හැකිව තිබුණේ එ තීන්දු ප්‍රතික්‍ෂෙප කිරීමත් අදාළ විනිසුරුවන්ට එරෙහිව දෝෂාභියෝග ගෙන ඒමත් ය. දෙවැන්න කෙරේ දැයි අපි නො දනිමු. මේ සියල්ලෙන්් පැහැදිලි වන්නේ ව්‍යවස්ථාවට අනුව විනිසුරු දෝෂාභියෝග සම්බන්ධයෙන් පොදු ජනයාගේ් හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ය. අද පොදු රාජ්‍ය මණ්ඩල සභා, ඊනියා අන්තර්ජාතික ජුරි ආදිය හරහා අප රටට බලපෑම් කිරීමට බටහිරයෝ සූදානම් වෙති. එහෙත් මේ බලපෑම්වලට ආණ්ඩුව යටත් නොවනු ඇත්තේ සාමාන්‍ය ජනතාව තවමත් ආණ්ඩුව සමග බැවිනි. මාර්තු මාසයේ ජීනිවාහි පැවැත්වෙන රැස්වීම් ආණ්ඩුව තුට්ටුවකටවත් මායිම් කර නැත. එයට ආණ්ඩුවට අපේ ප්‍රශංසාව හිමිවෙයි. බමුණන් ඊනියා ජාත්‍යන්තරය හරහා කුමක් බලාපොරොත්තු වුවත් කළහැකි කෙන්ගෙඩියක් නැත.

ද්‍රව්‍යවාදී හෝ විඥානවාදී හෝ නොවීම

ඇතැමුන්ට අනුව මම බෞද්ධයෙක් නො වෙමි. ඔවුන් එසේ කියන්නේ මනසෙහි ඊනියා වාස්තවික පැවැත්මක් මා ප්‍රතික්‍ෂෙප කරන බැවිනි. මම සාපේ්ක්‍ෂතාව පිළිගනිමි. අවශ්‍ය නම් අයකුට මා සාපේ්ක්‍ෂතාවාදියකු යැයි කිව හැකි ය. තවත් දුරගොස් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු යැයි කිව හැකි ය. ඒ දාර්ශනිකව ය. එසේ වුවත් තමන් බෞද්ධයන් යැයි කියාගන්නා අය මෙන් ම මම ද මතු දිනයක නිවන් අවබෝධ කරගැනීමට උත්සාහ කරමි. මා නිවන් අවබෝධ කරගත් දිනයක මගේ මනසට කුමක් සිදුවේ ද? නිවන් අවබෝධයෙන් කලක් ගත වී පිරිනිවන් පානා අවස්ථාවේ දී මනසට කුමක් සිදු වේ ද? නිවන් අවබෝධයෙන් පසු මා යන්නෙන් කෙනකු ගැන කිව හැකි ද?

මනසක් පවතින්නේ යැයි කී විට එය නිරපේක්‍ෂව පවතින්නේ ද නැත් ද යන ප්‍රශ්නයට ද පිළිතුරු දිය යුතු ය. මනස නිරපේක්‍ෂව වාස්තවිකව පවතින්නේ යැයි කියන්නෝ ද්‍රව්‍යවාදී විඥානවාදියෝ වෙති. පසුගිය සතියේ් අපේ ප්‍රවාද ලිපියෙහි මාතෘකාව විඥානවාදී ද්‍රව්‍යවාදීහු ලෙස සඳහන් වී තිබුණේ මුද්‍රණ දෝෂයකිනි. එය ද්‍රව්‍යවාදී විඥානවාදියෝ යනුවෙන් නිවැරදි විය යුතු ය. මා දන්නා තරමට බෞද්ධයෝ ද්‍රව්‍යවාදී විඥානවාදීන් තබා විඥානවාදීහුවත් නො වෙති.

පෙර දවස විඥානවාදීන් ලෙස හඳුන්වනු ලැබූ ගුරුකුලයක් තිබූ බව සැබෑ ය. එලෙසින් ම පුද්ගලවාදීන් ආදී වශයෙන් ද ගුරුකුල බෞද්ධයන අතර විය. ශාස්වතවාදීන් උච්ඡෙදවාදීන් ආදී වශයෙන් විවිධ දාර්ශනික කුල පෙර දවස තිබී ඇත. විඥානවාදීන් යනුවෙන් හඳුන්වනු ලැබූ ගුරුකුලයක් පැවතුණු පමණින් සියළු බෞද්ධයන් විඥානවාදීන් නොවන්නේ ඔවුන් පුද්ගලවාදීන් නොවන අයුරින් ම ය.

ජාතිකවාදීන් අතර සිටින මගේ විරදේධවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ ජාතික ව්‍යාපාරයෙන් මා ඉවත්කිරීම ය. ඒ සඳහා ඔවුහු කළහැකි සියල්ල කරති. බලය ලබාගැනීම මගේ ජාතිකවාදී දේශපාලයට අයත් නොවූවත් බොහෝ ජාතිකවාදීන්ට බලය ලබාගැනීමේ ව්‍යාපෘති වක්‍රව හෝ සෘජුව ඇත. ඔවුන්ට මා හිසරදයකි. මා කියන කරන කිසිම දෙයක ගෞරවයක් මට ලබා නොදීමට ඔවුහු කටයුතු කරති. අසංඛ්‍යෙය කල්පවලින් මැනෙන සංසාර චක්‍රයක අවුරුදු හැත්තෑවක අසූවක කාලයක් යනු ගෞරවයක් ලබාගැනීමට තරම්වත් කාලයක් නො වේ.

අනෙක් අතට මිනිසුන් වැඩ කළයුත්තේ ගෞරව අපේක්‍ෂාවෙන් නො වේ. පෘථග්ජනයන් ලෙස ගෞරවයක් ලැබෙන්නේ නම් එයින් සතුටක් ලබීම එක් දෙයකි. කෙසේ වෙතත් අප යමක් කරන්නේ ම එයින් සතුටක් ලැබෙන බැවිනි. එයට ගෞරවයක් තබා පිළිගැනීමක්වත් නොලැබුනත් එය ප්‍රශ්නයක් නොවිය යුතු ය. ප්‍රශ්න ඇතිකර ගැනීම ම සංසාරය දික්කර ගැනීමකි. ගෞරව අපේක්‍ෂාවෙන් සංසාරය දික්කර ගැනීම නොමනා ක්‍රියාවකි. එසේම අනෙක් අයකුට ලැබිය යුතු ගෞරවය නොදී තමා ම ඒ ගෞරවයට හිමිකම් කීම ද සසර දික්කර ගැනීමකි.

මා බෞද්ධයකු නොවන්නේ ය යනුවෙන් ප්‍රචාරයක් ගෙන යෑමට හැකි නම් මා ජාතික ව්‍යාපාරයෙන් ඉවත්කිරීමට ඇති හැකියාව ද වැඩි ය. එයින් අවසාන වශයෙන් ගත්කල වාසියක් අත්වන්නේ ජාතික ව්‍යාපාරයට නොව ජාතිකත්වයට විරුද්ධ වන්නන්ට ය. එහෙත් තාවකාලිකව ජාතිකත්වය දඩමීමා කරගනිමින් දේශපාලන වශයෙන්් බලයට පත්වීමට උත්සාහ දරන්නන්ට ද වාසියක් වනු ඇත.

අප විසින් හඳුන්වා දෙනු ලැබ ඇති දර්ශනයක් වෙයි. ඒ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයයි. ඒ අනුව දැනුම යනු නිර්මාණය කෙරෙන්නක් මිස සොයාගනු ලබන දෙයක් නො වේ. දැනුම නිර්මාණය කෙරෙන්නේ නිරීක්‍ෂකයන් විිසිනි. නිරීක්‍ෂකයන් යනු මිනිසුන් පමණක් නො වේ. සියළු ප්‍රාණීහු නිරීක්‍ෂකයො වෙති. එසේ නිර්මාණය කෙරෙන දැනුම නිරීක්‍ෂකයාගේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂ ය.

නිරීක්‍ෂකයන් හෙවත් සත්ත්වයන් දැනුම නිර්මාණය කරන්නේ අනිත්‍ය, දුක්ඛ අනාත්ම අනවබෝධය හේතුකොටගෙන ය. නිවන් අවබෝධ කිරීමෙන් පසුවත් දැනුම නිර්මාණය නොකෙරුණත් දැනුම ඇත. දැනුම නැතිවන්නේ පරිනිර්වාණයත් සමග ය. දැනුම නිර්මාණය කරන්නේ නිරීක්‍ෂකයා යැයි කීව ද එසේ කෙරෙන්නේ නිරී’ක්‍ෂකයාගේ මනස විසිනි. මනස දැනුම නිර්මාණය කිරීමේ දී ඇතැම් විට පංචෙන්දියයන්ගේ ද සහාය ලබාගනියි.

මෙය දැනුම පිළිබඳ අපේ ප්‍රවාදය වෙයි. වෙනත් ආකාරයකින් කිවහොත් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව අප විසින් දැනුම පිළිබඳ නිර්මාණය කෙරී ඇති දැනුම ය. එසේත් නැත්නම් දැනුම පිළිබඳ ව අප විසින් ගොතනු ලැබ ඇති කතාව ය. මේ කතාවේ හෙවත් ප්‍රවාදයේ තවත් වැදගත් කොටසක් ඉතිරි වී ඇත. තමන් බුදුදහමේ ආරක්‍ෂකයන් ලෙස සිතා සිටින කිහිප දෙනාගේ විවේචනයට භාජනය වී ඇත්තේ ඒ ඉතිරි කොටස ය.

ඉතිරි කොටසෙන් කියැවෙන්නේ මනසේ පැවැත්ම පිළිබඳ ව අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම ය. සියල්ල පවතින්නේ සාපේක්‍ෂව ය. නිරපේක්‍ෂව වාස්තවිකව නිරීක්‍ෂකයාගෙන් ස්වායත්තව පවත්නා කිසිවක් නැත. එහි තේරුම සියල්ල නැත යන්න නො වේ. පැහැදිලිව ම සියල්ල ඇත යන්න ද ඉන් නො කියැවෙයි. යමක් පවතින්නේ යමකට සාපේක්‍ෂව ය යන්න පමණක් ඉන් කියැවෙයි.

අපේ දැනුම සංකල්ප හා ඒ ඇසුරෙන් ගොඩනගාගන්නා ප්‍රවාදවලින් සමන්විත වෙයි. මේ දැනුම ශූන්‍ය වෙයි. එනම් සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. අප විසින් නිර්මාණය කෙරෙන සංකල්ප මනසට සාපේක්‍ෂ ය. එහි නිරපේක්‍ෂ බවක් නැත. කිසිවක් නිරපේක්‍ෂව නොපවතියි. සෑම දෙයක් ම, එනම් පවතින්නේ යැයි අප සිතන සෑම දෙයක් ම මනසට සාපේක්‍ෂ වෙයි.මෙය පටිච්ච සමුප්පදායට පටහැණි නො වේ. එහි කියැවෙන්නේ යමක්් ඇත්නම් එවිට තවත් යමක් ඇත යන්නත් යමක් නැත්නම් එවිට තවත් යමක් නැති බවත් ය.

බෞද්ධයන්ට මනස ප්‍රධාන ය. එහෙත් අපට මනස තවත් ඉන්ද්‍රියයක් වෙයි. අනෙක් ඉන්ද්‍රිය පහෙන් එකකටවත් මනස නමැති ඉන්ද්‍රිය නොමැතිව ක්‍රියාත්මක විය නො හැකි ය. මනස හැරෙන්නට අනෙක් සියල්ල පවතින්නේ මනසට සාපේක්‍ෂව ය. ඒ සියල්ල මනසේ නිර්මාණ වෙයි. නැවතත් අවධාරණය කළ යුතු කරුණ නම් සියල්ල මනසෙහි නිර්මාණ වේය යන්නෙන් සියල්ල නැත යන්න ගම්‍ය නොවන බව ය.

අනෙක් සියල්ල, එනම් සංකල්පීය ලෝකය නිර්මාණය කෙරී ඇත්තේ මනස විසින් නිසා මනස නොමැතිව ඒ එකක් වත් සංකල්ප ලෙස නොපවතියි. පුටුව යන්න අපේ සංස්කෘතිය තුළ මනස විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයකි. එය වාස්තවික නො වේ. එය නිරපේක්‍ෂ නො වේ. එය මනසට සාපේක්‍ෂව පමණක් පවතියි. පුටුව පමණක් නොව අනෙක් සියළු සංකල්ප ගැන ද කිව හැක්කේ එපමණකි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස පවතින්නේ කාහට සාක්‍ෂෙව ද යන්න ය. එය තවත් සුපිරි මනසකට සාපේක්‍ෂ වන්නේ යැයි සිතමු.එවිට සිදුවන්නේ ප්‍රශ්න වෑළක් ඇසීමකි. එයින් නිශ්චීිත පිළිතුරක් නො ලැබෙයි. ඒ අනෙක් ස්වභාවික යැයි සිතන සංකල්ප සත්තකින්ම පවතින්නේ ද? ඒවා පවතින්නේ සුපිරි මනසට සාපේක්‍ෂව ද? සුපිරි මනස යනු කුමක් ද? මේ ප්‍රශ්න වැලට අප දෙන පිළිතුරු වාස්තවික පවතින සුපිරි මනසක් ගැන කියන්නේ ද?

මේ ප්‍රශ්න වැළට පිළිතුරු දුන්නත් ඉන් ගැලවීමක් නැත. ප්‍රශ්න වැළෙන් හා පිළිතුරුවලින් ගොඩ ඒමක් මනස මනසට සාපේක්‍ෂ යැයි සැලකීමෙන් සිදු වෙයි. අනෙක් සංකල්ප මෙන් ම මනස ද පවතින්නේ මනසට සාපේ්ක්‍ෂව ය. මනසක් යනුවෙන් කිවහැකි දෙයක් නැත. කෙටියෙන් කිවහොත් මනසට සාපේක්‍ෂ නොවන මනසක් නැත. මනස ද ඇත්තෙහි මනසෙහිම ය. මනස ද මනසෙහි මවා ගැනීමක් පමණකි.

වෙනත් වචනවලින් කිවහොත් මනසක් යනුවෙන් කිවහැකි කිසිවක් නැත. ඇත්තේ මනසක් නොව නැති මනසකි. මනසක් නැති තැන අපි මනසක් ඇතැයි ගනිමු. එය පුටුවක් නැති තැන පුටුවක් ඇතැයි ගැනීමට සමාන වෙයි. පුටුව නැතැයි ගැනීම හා සියල්ල නැතැයි ගැනීම අතර වෙනසක් වෙයි. පුටුවක්, ආදී වශයෙන් කිසිවක් නැති වුවත් එසේ වන්නේ සංකල්පීය වශයෙනි. එබැවින් සියල්ල නැතැයි ගැනීම හා පුටුවක් නැතැයි ගැනීම අතර වෙනසක් ඇත.

සියල්ල නැතැයි ගැනීම මෙන් ම සියල්ල ඇතැයි ගැනීම ද වැරදි ය. එහෙත පුටුවක් ඇතැයි ගැනීම පමණක් වුවත් වැරදි ය. පුටුවක යනුවෙන් දෙයක නැත. පුටුව යන සංකල්පය ශූන්‍ය වෙයි. පුටුවක් යනුවෙන් පමණක් නොව මනසක් යනුවෙන් දෙයක් ඇතැයි ගැනීම වුවත වැරදි ය. අප ඇතැයි යනුවෙන් ගන්නේ නැති මනසකි. නැති පුටුවකි.

අද ඇතැමුනට ප්‍රශ්නයක් වී ඇත්තේ මනස යනුවෙන් දෙයක් නොමැති යැයි අප විසින් පවසනු ලැබීම ය. මනස ද මනසෙහි ම නිර්මාණයකි. මනස නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. මනස යනුවෙන් යමක් ඇතැයි ගන්නේ ම මනස ය. නැති මනසක් ඇති මනසක් ලෙස ගැනීම ම සියළු ප්‍රශ්නවලට මුල ය. නැති මනසක් ඇතැයි ගැනීම නිසා ම අපි දැනුම නිර්මාණය කරමු. සංසාරයේ සැරිසරමු.

නැති මනස නැති මනසක් බව අවබෝධ වූ විට දැනුම නිර්මාණය ද නවතියි. එහෙත් එතෙක පැවති දැනුම නැති වී නො යයි. ඒ දැනුම එසේ ම පවතින අතර අළුතෙන් දැනුම් නිර්මාණය නවතියි. දැනුම නිර්මාණය නැතිවීම යනු නිවන් අවබෝධය ය. දැන් ප්‍රශ්නය වනුයේ නැති මනස නැති මනසක් බව අවබෝධ කරගන්නේ කවු ද යන්න ය. එය කිසිසේත්ම මනස විය නො හැකි ය.

නැති මනස නැති මනසක් බව අවබෝධ කර ගත යුත්තේ නැති මනස විසින් බව පැහැදිලි ය. එසේ නොවුනහොත් මනසේ නිරපේක්‍ෂ පැවැත්මක් ඇතැයි පිළිගැනීමට සිදුවෙයි. යමකු මනසින් නිවන් අවබෝධ කරගැනීමට සිතන්නේ නම් එය තව තවත් ප්‍රශ්නවලට තුඩු දෙනු ඇත.

දැන් ප්‍රශ්නය වනුයේ ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කිරීම නිසා ම මා බෞද්ධයකු නොවන්නේ කෙසේ ද යන්න ය. ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කිරීම හේතුකොටගෙන මා බෞදධයකු නොවන්නේ කෙසේ ද? විඥානවාදීන් පුද්ගලවාදීන් ආදීන් බෞද්ධයන් වීමටත්් නිර්මාණාත්මක සාපේක්‍ෂවාදීන් යැයි හැඳින්වෙන්නන් අබෞද්ධයන් වීමටත් හේතුව කුමක් ද?

ඉතා පැහැදිලිව මෙහි ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකි. එසේ නොවන්නට කළ යුතුව තිබුණේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් ද වැඩිම වුවහොත් තවත් බෞද්ධ ගුරු කුලයක් ලෙස හඳුනාගැනීම ය. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීහු බෞද්ධයන් වනු පමණක් නොව ඔවුහු විඥානවාදීහු හෝ ද්‍රව්‍යවාදීහු ද නො වෙති.

SB is no substitute for SF

The Hulftsdorp spring is about to end as this article is written but the Brahmin class is not going to learn a lesson. The Brahmins backed by the westerners and the Indians having attempted various springs after they tried to use Sarath Fonseka to oust Mahinda Rajapakse at the Presidential elections. There was an attempt to “impeach” Mahinda Rajapakse and his sibling Gotabhaya Rajapakse at a so called international tribunal using Sarath Fonseka as a witness of the “state”, or of the west. The Rajapakse government is in effect following the western economic, political and legal models but the west has an axe to grind as the Rajapakse government was able to defeat Tamil terrorism defying western and of course Indian pressure. There were various springs such as Katunayake, Fisheries, Academic springs that attempted to bring the masses to the streets and topple the government if possible as it is a necessary condition that Mahinda Rajapakse should be ousted before he is tried at a so called international tribunal. I have no truck with this government that essentially follows western models but I would oppose any moves by the west or India to oust Mahinda Rajapakse and “impeach” him. In that background I have no objection to the eighteenth amendment that gives a person the opportunity to be elected as the President for more than two terms. If the voters prefer Mahinda Rajapakse let them elect him as the President for a third term and treat with contempt the western attempts to “impeach” the President. The Brahmins are with the westerners in the final analysis as this particular class whether they are liberals, Marxists or any other “westernists” (those who follow western isms) as they constitute a sect created by the west. I am not a conspiracy theorist and the westerners work with the idea to punish the two Rajapakses who have national tendencies.

As we have said many times the NGOs not only in this country but as well as in other countries have been created by the western governments in order to propagate the ideologies of the west. They will talk of good governance, democracy, independence of judiciary pluralism etc., as if they can be found anywhere in the world. I just cannot understand the pluralism these people talk of when they consider the western knowledge including of course western science, as the only valid, true or scientific system of knowledge. They consider our systems of knowledge as myths according to their “benchmarks” and contradict pluralism. If there is to be pluralism it should be first in the field of knowledge and schools and universities that propagate western myths in the name of science should be given the freedom to teach other systems of knowledge. We have said from the very beginning that the west will go all out to oust the Rajapakse government and we have to be prepared for economic sanctions and even a military attack. The next government even if it is formed by the UNP in the very unlikely event would be far worse than this government with respect to so called good governance etc., and I would prefer Mahinda Rajapakse who defeated Tamil terrorism in the absence of a truly nationalistic leader who would follow nationalistic economic political and cultural models to safeguard the sovereignty of the country. Thus Mahinda Rajapakse has to be protected from the Brahmins who are supported by the westerners and no doubt that Dr. Shirani Bandaranayake gets the strength to defy the government from the Brahmins including the Liberals, Marxists (though insignificant) , the NGOs, etc. Within the country they have not so much power but as they are backed by the west and India Dr. Bandaranayake has been blown out of proportion with the help of media. It is nothing but a media show and those so called valiant fighters for human rights, independence of judiciary who were not seen during the previous impeaches have a field day. In any event politics have been reduced to media shows without participation of the masses, and it is difficult to claim that the present media is a so called fourth state.

It is not possible to pinpoint the date on which Dr. Bandaranayake began to have differences with the government but it appears that a process similar to that had taken place with respect Sarath Fonseka (SF) has begun somewhere last year. It is apparent that Dr. Bandranayake who was appointed to the Supreme Court by Chandrika Bandaranaike crossed over to the UPFA led by Mahinda Rajapakse though not officially. However, she was back in her familiar grounds soon after she became the Chief Justice, due to some influence. She tried to make use of her position as the Chairperson of the Judicial Service Commission to challenge the government after reverting back to her grounds. It is unlikely that her past academic work related to devolution of power was in any way connected with the impeachment as the government in appointing her as the Chief Justice was not concerned with her personal views on devolution, in spite of some politicians in the government giving that as a reason for the impeachment. The judgment on the Divineguma Bill opened the eyes of those who opposed the thirteenth amendment and I remember soon after the judgment agitating for abolishing the thirteenth amendment. In fact I reminded the opinion given by late Mr. Raja Wanasundara to the effect that the JR Jayawardhene government had wrongly interpreted the judgment of one of the nine judges. The thirteenth amendment is illegal in the sense that it has not been properly become law. It cannot be considered as an Act of Parliament and one would have to await the judgment of the Supreme Court under a new Chief Justice. The judgment on the Z score only complicated matters as there was no effective judgment on this problem. Though judgments depend on the world view of the judges I do not consider the judgments had anything to do with the impeachment. The process is somewhat similar though not identical and the Brahmins with the tacit support of the west have played a role in the transition of Dr. Shirani Bandaranayke (SB). However, SB is no substitute for SF and even with media manipulation and the support from the Urban Sinhala nationalists SB cannot draw the crowds which is an important factor in the Springs. Dr. Nirmal Devasiri, another academic like SB could have drawn bigger crowds but even he failed miserably in the Academic Spring.

What is taking place is a struggle between the Brahmins and the common people led respectively by Dr. Shirani Bandaranayake and Mahinda Rajapakse. The Brahmins are bound to fail even with Supreme Court judgments that do not comply with the constitution. Though the Brahmins try to project the tussle as one between the Legislature and Judiciary it is not so and the Brahmins would fail as they do not have any mass support. The Supreme Court and Appeals Court judgments are not objective and it is clear that the two courts have combined with several others to give a judgment against the impeachment before the 8th of January 2013. The question refereed to the Supreme Court by the Appeals Court was simple. It asked “ Is it mandatory under Article 107(3) of the Constitution for the Parliament to provide for matter (sic) relating to the forum before which the allegations are to be proved, the mode of proof, burden of proof, standard of proof etc., of any alleged misbehavior (sic) or incapacity in addition to matters relating to the investigation of the alleged misbehavior (sic) or incapacity?” The Supreme Court does have the power to interpret the constitution but not in connection with matters connected with what takes place within the walls of the Parliament. Even the Supreme Court cannot give arbitrary judgments but only that come within the purview of its Judiciary powers.

Now consider the so called interpretation given by the Supreme Court as an answer to the question referred by the Appeals Court. The Supreme Court says: ” It is mandatory under Article 107(3) of the Constitution for the Parliament to provide by law the matters relating to the forum before which the allegations are to be proved, the mode of proof, burden of proof and the standard of proof of any alleged misbehavior or incapacity and the Judge’s right to appear and to be heard in person or by representative in addition to matters relating to the investigation of the alleged misbehavior or incapacity.”
This is not an answer to the question asked and it says it is mandatory for the Parliament by law to provide what has been stated in the question. However, the Article 107 (3) is very clear on this as it says the Parliament shall by law and or by standing orders provide what is necessary. The Supreme Court has deleted the words or by standing orders and thus it does amount to an interpretation. It does not interpret 107 (3) even if the Supreme Court is empowered to give interpretations to what is taking place within the walls of the Parliament. What the Supreme Court has done is to amend the Article 107 (3) and then give an interpretation of the amended Article. The Article 107 (3) as at present reads : “Parliament shall by law or by Standing Orders provide for all matters relating to the presentation of such an address, including the procedure for the passing of a such resolution, the investigation and proof of the alleged misbehaviour or incapacity and the right of such Judge to appear and to be heard in person or by representative”. The Supreme Court has amended it using the legislative powers which it does not have thus encroaching on the powers of the legislative and interpreted the amended Article read as follows. “Parliament shall by law provide for all matters relating to the presentation of such an address, including the procedure for the passing of a such resolution, the investigation and proof of the alleged misbehaviour or incapacity and the right of such Judge to appear and to be heard in person or by representative”. The words or by standing orders have been omitted by the Supreme Court. The question is whether the Parliament should abide by so called interpretations of the Supreme Court and whether the Parliament should do nothing when the Supreme Court wants to encroach on the powers of the Legislative. It is clear that some more impeachments against some other judges are also on line.


Copyright Prof. Nalin De Silva

Saturday 19 January 2013

සාවද්‍ය අධිකරණ තීන්දු

සිංහල වෙදකම තරම් දියුණු නැති බටහිර වෛද්‍ය විද්‍යාවට තවමත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පිහිටෙන් වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි ආධිපත්‍යයක් ඇති නමුත් සාමාන්‍ය ජනයා (ඊනියා උගතුන් නිතර කියන වියුක්ත ජනතාව නොව) සිංහල වෙදකම, ආයුර්වේදය, සිද්ධි, යුනානි ආදී විවිධ වෙදකම් සොයා යති. පට්ටපල් බොරුවක් වූ ද, හුදු කතන්දරවලින් පමණක් සමන්විත වූ ද, ප්‍රත්‍යක්‍ෂයක් නොවූ ද, බටහිර විද්‍යාව ද එලෙසින් ම මෙරට ආධිපත්‍යය දැරුව ද සාමාන්‍ය ජනයා දෙවියන්ගෙන්, ජ්‍යොතිෂයෙන්, යකැදුරන්ගෙන් ආදී විවිධ ප්‍රභවයන්ගෙන් දැනුම ලබාගනිති. ඒ අතර ආධ්‍යාත්මිකව දියුණුවට පත් වී දැනුම ලබාගන්නෝ ද වෙති. බටහිර දැනුම බමුණු කුලයෙහි දැනුම බවට පත් වී තිබුණ ද සාමාන්‍ය ජනයා ඒ දැනුමෙහි ආධිපත්‍යය සෘජුව නො පිළිගනිති. සාමාන්‍ය ජනයා හැඳින්වීමට බණ්ඩාරනායක මහතා යොදාගත් වචනය වූයේ පොදු ජනයා යන්න ය. තමා පොදු ජන යුගයක් උදාකළ බව ඒ මහතා විශ්වාස කළේ ය. එහෙත් ඒ එසේ නො වී ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය හේතුකොටගෙන බමුණු කුලය බිඳ නො වැටිණි. බමුණු කුලය යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ බටහිරයන්ගේ වරප්‍රසාද ලැබ ඔවුන් අනුකරණය කරන්නන්, බටහිර ආර්ථිකයෙහි යම් වැදගත්කමක් හිමිකරගත්තවුන්, අධ්‍යාපනයෙන් ඉහළ තනතුරුවලට පැනගත්තවුන්, අධ්‍යාපනය හේතුවෙන් සමාජයේ ඉහළට බඩගෑමට බලාපොරොත්තුවන්නවුන්, බටහිර දැනුම කරපින්නාගත්තවුන් ආදීන් ය.එය ඉංගිරිසින් විසින් ඇතිකරන ලද කුලයකි. පනස්හයේ ජයග්‍රහණයෙන් පසුව බමුණු කුලයේ බිඳ වැටීම ගැන ලියා දහසින් බැඳි පියලි ලබාගත් මාර්ටින් වික්‍රමසිංහ මහතා බමුණු කුලය යනුවෙන් කුමන පිරිසක් හැඳින් වී දැයි නො දනිමි. ඒ මහතා සංකල්පීය නිරවුල් බවකින් හෙබි අයකු නො වී ය. කෙසේ වෙතත් අපේ නිර්වචනයට අනුව මාර්ටින් වික්‍රමසිංහ මහතා ද බමුණු කුලයට අයත්විය. බමුණු කුලයට අයත්වන්නේ නීතිඥයන් පමණක් නො වේ. බටහිර වෛද්‍යවරුද, පරිපාලන නිලධාරීහු ද, පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරන්නෝ ද, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ද, ඊනියා සාහිත්‍යධරයෝ ද තවත් අය ද සමස්තයක් ලෙස බමුණු කුලයේ ඇත්තෝ වෙති.

වෛද්‍ය විද්‍යාව ඇතුළු බොහෝ ක්‍ෂෙත්‍රවල විකල්ප ආයතන තිබුණ ද, නීති ක්‍ෂෙත්‍රයෙහි ඒ එසේ නො වේ. බටහිර රෝම ලන්දේසි නීතියට විකල්ප නීති පද්ධතියක් මෙරට නැත. අසාධාරණයක් සිදු වී විට අපට යා හැකි වෙනත් තැනක් නැත. අධිකරණ නායක පදවි රාශියක් ඒ ඒ නිකායවල තිබුණ ද භික්‍ෂූන් වහන්සේ අතර ද කිවයුතු තරමේ විකල්ප නීති පද්ධතියක් නැත. අධිකරණ නායක ස්වාමීන් වහන්සේ ද උසාවිවලට වැඩම කිරීම සුලබ දර්ශනයකි. වෙනත් නීති පද්ධතියක් නොමැතිකම හේතුවෙන් බටහිර නීතිය මෙරට විශාල ආධිපත්‍යයක් දරයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය මෙරට රැකෙන්නේ බටහිර නීතිය, පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා ජනමාධ්‍යය හේතුකොටගෙන ය. මේ ආධිපත්‍යය රැකීම බොහෝ අවස්ථාවල නීතිය හා අණ පිළිපැදීම යන්නෙන් ප්‍රකාශ වෙයි. අධ්‍යාපනය විසින් අප පුරුදු කෙරී ඇත්තේ ඊනියා විශේෂඥයන්ට ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි අධිකාරී බලයක් ඇති බව පිළිගැනීමට ය. අහවල් ක්‍ෂෙත්‍රයෙහි අහවල් උගතා මෙසේ කියා ඇත. එබැවින් එය නිවැරදි විය යුතු ය යන අදහස අපේ සිත්වලට කාවද්දා ඇත. ඇතැම් සිංහල ජාතිකවාදීන් අතර ද මේ මතය තිබීම කණගාටුදායක ය. බොහෝ නාගරික සිංහල ජාතිකවාදීහු බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පිළිගනිති. ඔවුහු අධිකරණයේ ඊනියා ස්වාධීනත්වයක් ගැන කතාකරති. අධිකරණයට වැරදි තීන්දු දීමට ස්වාධීනත්වයක් ඇත් දැයි ඔවුහු නො කියති. ඔවුන් සිතන්නේ අධිකරණය සෑමවිට ම අපක්‍ෂපාත ව නිවැරදි තීන්දු දෙන බව ද? මේ ජාතිකවාදීන් දෝෂාභියෝගය පිළිබඳ ප්‍රශ්නයේ දී අධිකරණයේ ඊනියා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂය එහි දී මුනිවත රැකීම පුදුමයක් නො වේ. මේ සිංහල ජාතිකවාදීන්ට අවශ්‍ය දෙමළ , මුස්ලිම් ජනවර්ග අභිබවා යෑම මිස බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පරාජය කිරීම නො වේ. අද නීති විද්‍යාල ප්‍රවේශයෙහි දී සිංහල ශිෂ්‍යයන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇත. එය නිවැරදි කර වැරදිකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු ය. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. එහෙත් ඒ සමග රෝම ලන්දේසි නීතියේ ආධිපත්‍යය බිඳීමට ද සිංහල හා අනෙක් සිසුන් එක්වී කටයුතු කළ යුතු ය. සිංහල සිසුන් එහි දී නායකත්වය දීමට සූදානම් ද? ඔවුන් දෝෂාභියෝගය ගැන කියන්නේ කුමක් ද? ඔවුහු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අධිකරණයේ ඊනියා ස්වාධීනත්වය රැකීම තම පරම යුතුකම ලෙස සලකත් ද?

මම නීතිය පිළිබඳ තබා ගණිතය හෝ භෞතික විද්‍යාව හෝ පිළිබඳවවත් විශාරදයෙක් නො වෙමි. භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයකු වීමට නොහැකි බව මට වැටහුණේ මා පශ්චාත් උපාධියට ඉගෙනීමට ගිය විට ය. ඉන් පෙර මා සිතා සිටියේ ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයකු වීමට ය. කෙසේ වෙතත් බටහිර දැනුමට අදාළ කිසිම විෂයයක විශාරදයන් මෙරට නොමැති බව මම දනිමි. එහෙත් බමුණු කුලය එසේ නොසිතයි. ඔවුන්ට අනුව නීති විශාරදයෝ ද, වෛද්‍ය විශේෂඥයෝ ද, විද්‍යා චක්‍රවර්තීහු ද (පැරණි අරුතින් නොවේ) වෙති. පසුගිය දා රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ජලයෙහි ඇති ආසනික් බව අප කණ්ඩායම කී අවස්ථාවේ දී ඊනියා විද්‍යා චක්‍රවර්තීහු අපට දෝස්මුරයක් එල්ල කළහ. ඔවුන් කියා සිටියේ ඒ ප්‍රදේශවල ජලයෙහි ආසනික් නැති බව ය. ජලයෙහි ඇති ආසනික් හැඳිනගැනීම සඳහා විශේෂ පරීක්‍ෂණයක් කළ යුතු ය. එය ඊනියා චක්‍රවර්තීන්ගේ පොතේ නැත. ඔවුහු පොතේ නැති නිසා ආසනික් නැතැයි කියති. බමුණු කුලය අද එකහෙළා කියන්නේ ඒ ප්‍රදේශවල ජලයේ ආසනික් නැති බව ය. ඔවුහු ඊනියා විශාරදයෝ වෙති. ඔවුන්ට අනුව අපි මිථ්‍යා මතධාරීහු වෙමු. මේ ආධිපත්‍යයෙහි ප්‍රතිඵලය වී ඇත්තේ දින දෙකකට වරක් වකුගඩු රෝගියකු මිය යෑම ය. අප රැකිය යුත්තේ වකුගඩු රෝගියා හා ඔහුගේ වකුගඩුව ද නැත්නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ වකුගඩුව ද?

උසාවිය පාර්ලිමේන්තු තෝරාගත් කමිටුව බල රහිත කරමින් තීරණයක් දී ඇති නිසා අප එය පිළිගත යුතු ද? උසාවි දෙන තීන්දු වාස්තවික හෝ අපක්‍ෂපාති හෝ නොවන බව පැහැදිලි ය. එසේම ඇතැම් විට ඒවා නිවැරදි නො වේ. පහළ උසාවියක තීන්දුවකට විරුද්ධව ඉහළ උසාවියකට අභියාචනා ඉදිරිපත් කරන්නේ පහළ උසාවියේ තීන්දුව වැරදි බව යමකු විශ්වාස කරන බැවිනි. නීතිය පිළිබඳව හෝ කරුණු පිළිබඳ ව හෝ වැරදි සිදුවිය හැකි බව උසාවිය ද පිළිගනියි. එහෙත් ප්‍රශ්නය වනුයේ ඉහළම උසාවිය වැරදි තීන්දුවක් දුන්නොත් සාමාන්‍ය පුද්ගලයකුට කළහැකි දෙයක් නොමැති වීම ය. දෝෂාභියෝගය පිළිබඳ අභියාචනාධිකරණයට මුලින් ම ඉදිරිපත් වූ පෙත්සම් මගින් ඉල්ලා සිටිනු ලැබුයේ තෝරාගත් කමිටුවට රිට් ආඥාවක් පමුණුවන ලෙස ය. දෙවැන්නෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉල්ලා සිටියේ තෝරාගත් කමිටුවේ තීන්දුව බල රහිත කරන ලෙස ය. අභියාචනාධිකරණය පළමු පෙත්සම්කරුවන් වෙනුවෙන් තීන්දුවක් දීමට පෙර ව්‍යවස්ථාවේ 107 (3) වගන්තිය පිළිබඳ අර්ථනිරූපණයක් කරන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. පළමුවෙන් ම සඳහන් කළ යුත්තේ 1953 පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පණතේ 3 වැනි ඡෙදය යටතේ පාර්ලිමේන්තුවේ විවාද, කතා, කාර්යයන් ආදිය පිළිබඳව කිසිම උසාවියක ප්‍රශ්න කිරීමට ඒවා දෝෂාභියෝගයකට ලක්කිරීමට නොහැකි බව ය. තවද මෙරට රිට් ආඥා නිකුත්කිරීම පිළිබඳව තවමත් අනුගමනය කරන බිරිතානි සම්ප්‍රදාය අනුව කිසිම උසාවියකට පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් රිට් ආඥාවක් නිකුත්කළ නොහැකි ය. ඒ හේතු දෙක උඩ වුව ද සියළු පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණයට බල කරනු ලැබී ය. එහෙත් අභියාචනාධිකරණයටත් ශ්‍රෙෂ්ඨාධිකරණයටත් වෙනත් අයටත් වෙනත් න්‍යාය පත්‍ර තිබූ බව පැහැදිලි ය. ජනවාරි 8 වැනි දාට පෙර තෝරාගත් කමිටුව බලරහිත කිරීමේ අවශ්‍යතාවක් විය.

ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා අර්ථනිරූපණයකි. 107 (3) ව්‍යවස්ථාව අනුව දෝෂාභියෝගය සාධනය කෙරෙන සංසදයට අවශ්‍ය දෑ සැලසීම පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් කළ යුතු ද? ප්‍රශ්නයට පිළිතුර ඔව් හෝ නැහැ හෝ යන්න ය. අර්ථනිරූපණය ද එමණ ය. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය එයට වඩා දුර යයි. පළමුවෙන් ම එය සාවද්‍යව තෝරාගත් කමිටුව චෝදනා පිළිබඳ තීන්දුව දෙන සංසදය බව කියයි. දෙවනුව පාර්ලිමේන්තුව එකී කමිටුවට නීතියෙන් අවශ්‍ය දෑ සලසා නැති බව පවසයි. තුන්වැනුව ස්ථාවර නියෝග මගින් අධිකරණ බලතල තෝරාගත් කමිටුවට දිය නොහැකි බව පවසයි. මෙය අර්ථනිරුපණයක් නොව ව්‍යවස්ථාව සංගත නොමැති බවට දෙන ලද තීන්දුවකි. 80 (3) වැනි ව්‍යවස්ථාව යටතේ ශ්‍රෙෂ්ඨාධිකරණයට සම්මත වී ඇති පණත්වල අනුකුලතාව, සංගතබව පිළිබඳ තීන්දු දිය නො හැකි ය. හතරවැනුව ස්ථාවර නියෝග 78 (අ) සඳහන් වී ඇත්තේ විවාද රීති යටතේ බව කියයි. එයින් අදහස් කරන්නේ 78 (අ) විවාදවලට අදාළ දෙයක් පමණක් බව ය. එහෙත් 78 ස්ථාවර නියෝගය ඇත්තේ විශේෂ කරුණක් කීමට ය. ජනාධිපතිතුමා ඇමතිවරුන් විනිසුරුවන් ආදීන් සම්බන්ධ කරුණු ඒ සඳහා ම ගෙනෙන විශේෂ යෝජනාවක් මගින් විවාද කළ යුතු බවත් සංශෝධන ආදිය මගින් ඒ නෙකෙරිය යුතු බවත් කියැවෙයි. එයින් කර තිබෙන්නේ ද විනිසුරුවන් ආරක්‍ෂා කිරීම ය. 78 හි එසේ සඳහන් කිරීමෙන් පසු විනිසුරුවන්ට එරෙහිව ගෙනෙන දෝෂාභියෝග පවත්වන්නේ කෙසේ ද යනුවෙන් 78 (අ) යටතේ සඳහන් කිරීම ඉතාමත් සුදුසු ය. පස්වැනුව කියන්නේ ස්ථාවර නියෝග මගින් අවශ්‍ය සැලසුම් කර ඇති නමුත් නීති මගින් ද එසේ සැලසුම් කිරීමට බාධාවක් නැති බව ය. බාධාවක් නැති වුවත් 107 (3) හි නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ යැයි කියා තිබිය දී නීතියෙනුත් සැලසුම් කිරීම අවශ්‍ය නැති බව සාමාන්‍යයෙන් ඇරිස්ටෝටලීය න්‍යාය තේරෙන කාහට වුවත් අවබෝධ වෙයි. හයවැනුව ශ්‍රෙෂ්ඨාධිකරණය පුන පුනා කියන්නේ ස්ථාවර නියෝග මගින් අධිකරණ බලතල තෝරාගත් කමිටුවට පැවරීම 4 (ඇ) ව්‍යවස්ථාවට පටහැණි බව ය. එබැවින් එය නීතියට ද පටහැණි යැයි ශ්‍රෙෂ්ඨාධිකරණය පවසයි. එහෙත් මේ බොහෝමයක් අර්ථනිරුපණ නොව 80 (3) ව්‍යවස්ථාවට පටහැණීව අවුරුදු 34කට පෙර සම්මත ව ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව එම ව්‍යවස්ථාවට එකඟ නොවේ යැයි තීන්දු කිරීමකි. දෝෂාභියෝග පිළිබඳ අධිකරණ බලතල 4 (ඇ) අනුව 107 (2) මගින් ඇත්තේ ජනාධිපතිතුමාට හා පාර්ලිමේන්තුවට මිස තෝරාගත් කමිටුවට නො වේ. තෝරාගත් කමිටුව එහි දී යොදාගැනෙන යාන්ත්‍රණයක් පමණකි. එය පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය. එයට කළ හැක්කේ චෝදනා සාධනය වී ඇත්දැයි වාර්තා කිරීම ය. පාර්ලිමේන්තුව ඒ වාර්තාව පිළිගැනීමට බැඳී නැත. පාර්ලිමේන්තුවට වුව ද කළ හැක්කේ අදාළ විනිසුරුවරයාට එරෙහි චෝදනා සාධනය වී ඇත් ද නැත් ද යන්න ජනාධිපතිතුමාට දැන්වීම පමණකි. තීන්දුව දෙන්නේ ජනාධිපතිතුමා ය. අප කිහිප වතාවක් කියා ඇත්තේ 107 (2) මගින් තීරණය හා තීන්දුව වෙන් කෙරී ඇති බව ය. මේ ලිපිය ලියන මොහෙත වන තුරුත් තීන්දුව තබා තීරණයවත් ගෙන නැත. නැති තීන්දුවක් නිෂ්ප්‍රභා කිරීමේ ගෞරවය අභියාචනාධිකරණයට හිමි වෙයි. තමන්ට දී ඇති වරමෙන් පිටගොස් ශ්‍රෙෂ්ඨාධිකරණය වැරදි තීන්දු කිහිපයක් ම දී පාර්ලිමේන්තු බලතල පවරාගැනීමට උත්සාහ කරයි. පාර්ලිමේන්තුව මේ වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට බැඳී නැත.

ද්‍රව්‍යවාදී විඥානවාදීහු

ඊනියා භෞතිකවාදීන් විඥානවාදීන් වනුයේ ඔවුන් මනසේ පැවැත්ම පිළිගන්නා නිසා පමණක් නො වේ. ඔවුන්ට ද මනසින් තොරව කිසිවක් කීමට, කිරීමට නො හැකි ය. ඒ අරුතින් ගත්කල ඔවුන්ට ද මනස ප්‍රධාන ය. එහෙත් ඔවුහු ඒ බව නො පිළිගනිති. ඔවුන් පිළිගන්නේ ඇස් කන් නාසාදී පංචෙන්ද්‍රිය ප්‍රධාන බව ය. පංචෙන්ද්‍රිය නොමැතිව ඊනියා බාහිර ලෝකයක් නොමැති බව ඔවුන්ගේ දැනුමේ වෙයි. වෙනත් අයුරකින් කිවහොත් ඔවුහු ඒ බව උපකල්පනය කරති. පංචෙන්ද්‍රිය තිබුණ ද මනස නැත්නම් ඊනියා බාහිර ලෝකයක් ඔවුන්ට නොමැති බව ඔවුහු නො පිළිගනිති. එහෙත් කැමරා, විවිධ උපකරණ ආදිය කොතෙකුත් තිබුණ ද, ඒ උපකරණවලට ඊනියා බාහිර ලෝකයක් නැත්තේ ඒවාට මනස් නොමැති බැවිනි.

ඊනියා භෞතිකවාදීන්ට මනස නොමැතිව කිසිම සංකල්පයක් තනාගත නො හැකි බව අපි කීප වතාවක් ම කියා ඇත්තෙමු. සංජානනයන් පංචෙන්ද්‍රිය සමග පමණක් නොව මනස ඔස්සේ සංකල්ප සමග ද බැඳී ඇත. එහෙත් ඊනියා භෞතිකවාදීහු ඒ බව ද නො පිළිගනිති. මෙහි දී ඊනියා යන වචනය යොදා ගැනෙන්නේ එසේ හැඳින්වුව ද එසේ නොවන යන අරුතින් ය. භෞතිකවාදීන් තමන් භෞතිකවාදීන් යැයි කියා ගත්ත ද, ඔවුහු එසේ නො වෙති. එබැවින් ඊනියා භෞතිකවාදීන් ට ඊනියා භෞතිකවාදීන් යැයි කීමට සිදු වී ඇත.

ඊනියා භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට ඔවුන් කුමක් කීවත් මනස නොමැතිව සංකල්ප නිර්මාණය කළ නො හැකි ය. මනස නොමැතිව සංකල්ප නිර්මාණය කරන ආකාරයක් හෝ සංකල්ප නොමැතිව සංජානන ලැබෙන ආකාරයක් හෝ ගෙනහැර දැක්වීමට ද්‍රව්‍යවාදීන් යැයි කියාගන්නා අයට නො හැකි ය. ඊනියා ද්‍රව්‍යවාදීන්ගේ ද දැනුම රඳා පවතින්නේ මනස මත ය. මනසින් නිර්මාණය වන සංකල්ප හා ප්‍රවාද නොමැතිව කිසිම ප්‍රාණියකුට (සත්ත්වයකුට) දැනුමක් නැත.

එසේ නම් ඊනියා ද්‍රව්‍යවාදීන් හා විඥානවාදීන් අතර වෙනසක් නැද්ද? වෙනසක් ඇත. විඥානවාදීහු මනස ප්‍රධාන යැයි ගනිති. ද්‍රව්‍යවාදීහු මනස ද්‍රව්‍යයෙහි විකාශයක් ලෙස සලකති. ද්‍රව්‍යවාදීන්ට අනුව මනස යනුවෙන් කිසිවක් නැත. ඒ වෙනත් කරුණක් නිසා නොව ඔවුන්ට මනස හා සම්බන්ධ අවයවයක් දැකගත (නිරී’ක්‍ෂණය) නොහැකි නිසා ය. පෙනීම නමැති ඉන්ද්‍රිය ඇස නම් අවයවය හා සම්බන්ධ වුවත් මනස හා සම්බන්ධ අවයවයක් නැත. එනම් මනස හා සම්බන්ධ සිතීම, විඳීම ආදී දේ සමග සම්බන්ධ වූ අවයවයක් දැකගත නොහැකි බැවිනි. එබැවින් බටහිර ද්‍රව්‍යවාදීහු මනස මොළය නිසා සිදුවන්නක ප්‍රතිඵලයක් ලෙස ගනිති. එහෙත් ඒ තවත් දැනුමක් පමණකි. එ දැනුම ද මනසින් නිර්මාණය කරන ලද්දකි. අප පෙන්වා දී ඇත්තේ මනස හා මොළය අතර ඇත්තේ සහසම්බන්ධයක් පමණක් බව ය.

ද්‍රව්‍යවාදීන් කැමති වුවත් නැතත් ඔවුන් මනසක් ඇතැයි නොපිළිගත්තත්, මනස යනු මොළයේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගත්තත් ඔවුන්ට සිතීමට අවශ්‍ය ය. සංකල්ප නිර්මාණය කිරීම, ප්‍රවාද ගෙතීම ආදී දැනුම සම්බන්ධ ක්‍රියාවන්හි යෙදීමට අවශ්‍ය ය. මොළයක් තිබූ පමණින් මෘත දේහයකට හෝ ජීවත්වන බොහෝ දෙනාට ද එය කළ නො හැකි ය. එහෙත් ජීවත්වන්නෝ භේදයකින් තොරව සිතති. විඳිති. අප කලින් පෙන්වා දී ඇත්තේ මනස මොළයේ ක්‍රියාවලියකට ඌනනය කළ නොහැකි බව ය.

ඊනියා ද්‍රව්‍යවාදීන් මනස යන්නෙන් කිසිවක් නැතැයි කීව ද ඔවුහු මනස යොදා ගනිති. මනස යොදා ගන්නේ, එසේත් නැත්නම් මනස යොදා ගැනීමට හැකිවන්නේ, මනස යනුවෙන් යමක් දැනෙන බැවිනි. ද්‍රව්‍යවාදීන් එහි දී ප්‍රශ්නයෙන් ගැළවෙන්නේ මනස යනු මොළයේ ක්‍රියාවලියක් බව පැවසීමෙනි. මොළයේ එකම ක්‍රියාවලිය මනස නොවන බැවින් මනස යනුවෙන්් අඩුම තරමෙන් අනන්‍ය වූ ක්‍රියාවලියක් පවතින බව පිළිගැනීමට ඊනියා ද්‍රව්‍යවාදීන්ට සිදුවෙයි. එය මොළය සමග සම්බන්ධ වුවත් නැතත් එය අනන්‍ය ක්‍රියාවලියකි.

ඊනියා ද්‍රව්‍යවාදීන්ට ඒ අනන්‍ය ක්‍රියාවලිය නොපවතින්නේ යැයි කිව නො හැකි ය. එනම් ඔවුන් කෙතරම් වලිකෑවත්් මනස ලෙස ගතහැකි යම් අනන්‍ය ක්‍රියාවලියක පැවැත්ම පිළිගැනීමට ඔවුන්ට සිදු වෙයි. අපි ඊනියා ද්‍රව්‍යවාදීන් මනස මොළයේ ක්‍රියාවලියක් ය යන්න සමග එකඟ නො වෙමු. අප මෙහි දී කියා සිටින්නේ ඊනියා ද්‍රව්‍යවාදීන් කෙතරම් නැතැයි කීවත් ඔවුන් මනස පවතින්නේ යැයි පිළිගන්නා බව ය. ඔවුන්ට මනසක් (අඩුම තරමෙන් මොළයේ අනන්‍ය වූ ක්‍රියාවලියක් ලෙස) ඇති බව පිළිගැනීමට සිදුවෙයි.

ද්‍රව්‍යවාදීන් එසේ මනසක් ඇති බව පිළිගැනීම හේතුවෙන් ඔවුන් එක්තරා ආකාරයක විඥානවාදීන් පිරිසක් ලෙස අපි ගනිමු. සාම්ප්‍රදායික විඥානවාදීහු මනසක් ඇති බව පිළිගනිති. ඔවුන්ට එය මොළයේ අනන්‍ය ක්‍රියාවලියක් නො වේ. ඔවුන්ට සැකයකින් තොරව මනස පවතියි. එහෙත් මනසෙහි පැවැත්ම කාහට කුමකට සාපේක්‍ෂ ද යන ප්‍රශ්නයට විඥානවාදීහු පිළිතුරු නො දෙති. විඥානවාදීන්ට අනුව මනස පවතියි. එය පවතින්නේ කොහේ ද?

මනස පවතින්නේ කිසිවකට සාපේක්‍ෂ ව නොවේ නම් එයින් කියැවෙන්නේ එය නිරපේක්‍ෂව පවතින බව ය. මනස නිරපේක්‍ෂව ද සාපේ’ක්‍ෂව ද පවතින්නේ යැයි කියා ප්‍රශ්නයෙන් පැන යා හැකි නො වේ. ඇතැම් විඥානවාදීන්ට අනුව ද්‍රව්‍ය පවතින්නේ මනස නිසා ය. ඔවුන්ට අනුව ද්‍රව්‍ය යනු මනසෙහි නිර්මාණයකි. මෙහි දී කියැවෙන්නේ මනස විසින් අහසෙහි ද්‍රව්‍ය නිර්මාණය කෙරෙන්නේ ය යන්න නො වේ. එයින් කියැවෙන්නේ ද්‍රව්‍ය පිළිබඳ සංකල්ප මනසින් නිර්මාණය කෙරෙන බව ය.

සියළු සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. පුටුව යනු මනසෙහි නිර්මාණයකි යන්නෙහි තේරුම මනස විසින් පංචෙන්ද්‍රියයන්ගේ ද ආධාර ඇතිව පුටුව නම් සංකල්පය නිර්මාණය කෙරී ඇති බව ය. අප පුටුව යන්නෙන් නිර්මාණය කර ඇති සංකල්පය වෙනත් සංස්කෘතියක අයකු නිර්මාණය කරන සංකල්පයක් සමග සර්ව සාම්‍ය විය යුතු නො වේ. බසයේ ඇති ආසන අපට පුටු නො වේ. සිංහල බෞද්ධයන්ගේ ආසන යන සංකල්පය මිනිසුන් වාඩිවීම සඳහා යොදාගන්නා වූ උපකරණවලට පමණක් සීමා නො වේ. සිංහල බෞද්ධයනට මල් ආසන යනුවෙන් ද ආසන වර්ගයක් වෙයි.

සිංහල බෞද්ධයන් ආසන යනුවෙන් හඳුන්වන උපකරණ කුලකය හැඳින්වීම සඳහා තනි වචනයක් හෝ වචන කිහිපයක් හෝ වෙනත් සංස්කෘතියක තිබිය යුතු නො වේ. සංකල්ප ඇතුළු දැනුම සංස්කෘතියට සාපේක්‍ෂ වෙයි. එසේ ම සංකල්ප ඇතුළු දැනුම නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. එය විඥානවාදියාට මෙන් ම ද්‍රව්‍යවාදියාට ද පොදු ය. විඥානවාදියා මනසෙන් තොරව වාස්තවිකව පවත්නා ද්‍රව්‍ය නැතැයි කියයි. පුටුව යන්න පංචෙන්ද්‍රිය සමග එකතු වී මනස විසින් නිර්මාණය කෙරෙන්නකි.

එහෙත් ද්‍රව්‍යවාදියාට මනසෙන් තොරව පවත්නා පුටුවක් වෙයි. ද්‍රව්‍යවාදියාට වාස්තවිකව පවත්නා පුටුවක් වෙයි. විඥානවාදියාට වාස්තවික ව පවත්නා පුටුවක් නැත. විඥානවාදියාට අනුව පුටුව යනු පංචෙන්ද්‍රියයන් සමග එකතු වී මනසෙන් නිර්මාණය කෙරෙන්නකි. ඒ නිර්මාණයෙහි දී සංස්කෘතිය ද බලපාන බව පැහැදිලි ය. එසේම ඒ ඒ නිර්මාණය පංචෙන්ද්‍රියයන්ට ද මනසට ද සංස්කෘතියට ද සාපේක්‍ෂ ය.

ඇතැම් විඥානවාදීන්ට අනුව තවත් ආකාරයක නිර්මාණ මනසින් හෝ ආධ්‍යත්මික ව හෝ කළ හැකි ය. ඇතැම්හු අහසෙහි රත්රන් මවති. මා මෙවැනි ක්‍රියාවක් දැක නොමැති වුව ද මෙය තේරුම්ගත හැකි ක්‍රම ක’ිහිපයක් වෙයි. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කළ අයකුට ඇතැම් විට එක් තැනක ඇති වස්තුවක් වෙන තැනකට ගෙන යෑමේ හැකියාව තිබෙන්නට පුළුවන. ඒ ගෙන යෑම යන්නෙන් අදහස් වන්නේ අවකාශය හා කාලය ඔස්සේ ගෙන යෑමක් ම නොවිය හැකි ය. අවකාශය හා කාලය යන සංකල්ප ද අප විසින් නිර්මාණය කෙරී ඇති සංකල්ප ය. නිව්ටෝනීය මෙන් ම සාමාන්‍ය පෘථග්ජනයන් නිරීක්‍ෂණය කරන චලිතයෙහි දී අවකාශය හා කාලය යොදා ගැනෙන නමුත් වෙනත් චලිත ද තිබිය හැකි ය.

අනෙක් අතට අවකාශ කාලයට ද ශක්තියක් ඇති බවත් ඒ ශක්තිය වෙනත් ශක්තීන්ට හැරවිය හැකි බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. වසන්ත කටුගම්පොළ මහතාගේ අධ්‍යයනයකට අනුව විශ්වයේ ත්වරණයක් සහිතව සිදුවන ප්‍රසාරණය අවකාශ කාලයේ ශක්තිය හේතුකොටගෙන සිදුවෙයි. මෙයින් කියැවෙන්නේ අවකාශ කාලය යනුවෙන් වාස්තවික ව පවත්නා දෙයක් ඇති බව නො වේ. බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ අප නිරීක්‍ෂණය කරන ඇතැම් සංසිද්ධීන් තේරුම් ගැනීම සඳහා කතන්දර ගෙතීම පමණ ය.

ඒ කෙසේ වෙතත් මනස වර්ධනය කරගත් අයට සාමාන්‍ය අයට කළ නොහැකි දේ කිරීමට හැකි බව බුදුදහමට වුව ද එකඟ ය. බුදුන් වහන්සේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා ප්‍රාතිහාර්ය පෑම තම ශ්‍රාවකයන් වහන්සේට තහනම් කළ නමුදු අවශ්‍ය අවස්ථාවන්හි දී උන්වහන්සේ ප්‍රාතිහාර්ය පෑ සේක. වෙනත් ආගම්වල ද ඇතැම් ප්‍රාතිහාර්යයන් ගැන කියැවෙයි. විඥානවාදීන් ආධ්‍යාත්මික වර්ධනය ඇති අය ගැන කියන කතා ඉවත දැමීමට අප ඉක්මන්විය යුතු නො වේ. මනස පිළිබඳ හරිහමන් ප්‍රවාදයක් ගොඩනගා ගැනීමට නොහැකි බටහිර විද්‍යාඥයන් හා ද්‍රව්‍යවාදීන් කියන කතා අපේ අවධානයට යොමු කළ යුතු ද නො වේ.

එහෙත් අපට ප්‍රශ්නය වනුයේ විඥානවාදීන් මනසේ පැවැත්ම ගැන කියන කතාව ය. ඔවුන්ට අනුව මනස පවතියි. එපමණක් නොව මනස නිරපේක්‍ෂව පවතියි. ඒ වාස්තවික පැවැත්මකි. මනසේ පැවැත්ම ප්‍රශ්නයක් නොවන නමුත් නිරපේක්‍ෂ වාස්තවික පැවැත්මක් පිළිගත නො හැකි ය. මනසේ වාස්තවික පැවැත්මක් පිළිගන්නා විඥානවාදීහු එක්තරා අයුරකින් ගත්කල ද්‍රව්‍යවාදීහු වෙති. අපි ඔවුන්ට ද්‍රව්‍යවාදී විඥානවාදීන් යැයි කියමු.

මනසේ පැවැත්ම ක්‍ෂණයකට වුවද උපකල්පනය කරන විඥානවාදීහු ද ද්‍රව්‍යවාදී විඥානවාදීහු වෙති. පළමුවෙන් ම ක්‍ෂණයක් යනු කුමක් ද යන ප්‍රශ්නය වෙයි. කාලය පඤ්ඤත්තියක් වන කල ක්‍ෂණයක් යන්න කිසිසේත්ම වාස්තවික වූවක් විය නො හැකිි ය. ‘ක්‍ෂණය යන්න අර්ථදක්වා ගැනීමට නොහැකිව ක්‍ෂණයක දී පවත්නා මනසක් හෝ චිත්තයක් හෝ චිත්ත පරම්පරාවක් හෝ ගැන කතාකරන්නේ කෙසේ ද? බෝධි හිමියන් අනුව යමින් චිත්තක්‍ෂණයක් යනු අපේ මනසට ගෝචර වන අවම කාලය යැයි අර්ථදැක්විය හැකි ය. එවිට චිත්තක්‍ෂණය ද සාපේක්‍ෂ සංකල්පයක් බවට පත්වෙයි.

ද්‍රව්‍යවාදීන් මෙන් විඥානවාදීන් ද තම තම දර්ශනවල ගැටළුවලට මුහුණ පා ඇති අන්දම පැහැදිලි ය. අපට මෙයින් ගැලවීමට ක්‍රමයක් නැද්ද? එයට ඇති එක් මගක් නම් මනස පවතින්නේ සාපේක්‍ෂව යැයි ගැනීම ය. දැන් ප්‍රශ්නය වනුයේ මනස පවතින්නේ කාහට සාපේක්‍ෂව ද යන්න ය. එයට ඇති පිළිතුරක් නම් මනස පවතින්නේ මනසට සාපේක්‍ෂවය යන්න ය. මනස මනසට සාපේක්‍ෂව පවතින්නේ ය යන්න ද යම් ප්‍රමාණයක ගැටළු සහගත ය.

එයින් කියැවෙන්නේ මනසක් කලින් තිබී තවත් මනසක් කලින් කී මනසට සාපේක්‍ෂව පවතින බව ද? මේ සියල්ලෙන් කියැවෙන්නේ මනස මනසට සාපේක්‍ෂව ඇතිවන බව ය. මනස නිර්මාණය වන්නේ ම මනසට සාපේක්‍ෂව ය. ඒ කලින් තිබූ මනසට සාපේක්‍ෂව ඇතිවන්නක් නො වේ. මනස එලෙස මනසට සාපේක්‍ෂව නිර්මාණය වන්නේ කෙසේ ද යන්න කලකට පෙර ලියන ලද සිංහල බෞද්ධ මනස යන ලිපියෙහි සඳහන් වෙයි.


Saturday 12 January 2013

විඥානවාදී ද්‍රව්‍යවාදියෝ

ක්වොන්ටම් භෞතිකයෙහි නිරන්තරයෙන් සිදුවන වෙනස්වීම් මෙන් ම කඩින් කඩ සිදුවන වෙනස්වීම් ද වෙයි. ක්වොන්ටම් අංශුවක පිහිටීම දන්නේ යැයි සිතමු. එයින් කියැවෙන්නේ යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව කාවොන්ටම් අංශුව යම් පිහිටුමක ඇති බව ය. නිරීක්‍ෂකයා ක්වොන්ටම් අංශුවේ පිහිටුම යම් අගයකින් දක්වයි. නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්වොන්ටම් අංශුව යම් ලක්‍ෂ්‍යයක සිට නිශ්චිත දුරකින් පිහිටා ඇත. එහෙත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්වොන්ටම් අංශුවට නිශ්චිත ගම්‍යතාවක් හෝ ශක්තියක් හෝ නැත. නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට ගම්‍යතා රාශියක් ඇත. එබැවින් ම නිරීක්‍ෂකයාට අංශුවේ ගම්‍යතාව දැනගත හෝ මැනගත හෝ නො හැකි ය.

එසේ වුවත් අංශුවට ගම්‍යතා රාශියක් ඇති බව නිරීක්‍ෂකයා දනියි. (දැනුම යනු නිර්මාණයක් වන බැවින් මෙහි දනියි යන්නෙන් අදහස් කරන්නේ නිරීක්‍ෂකයා අදාළ දැනුම නිර්මාණය කර ඇති බව ය.) ඔහු නොදන්නේ, ඔහු මැනගෙන නැත්තේ, ගම්‍යතාවේ නිශ්චිත අගයකි. අංශුවට නිරීක්‍ෂකයාට සාපේක්‍ෂක ව ගම්‍යතා ර්ශියක් ඇත. එබැවින් අංශුව ඒ ඒ ගම්‍යතා අගයට අනුරූප අවස්ථා රාශියක ඇත. එකම මොහොතෙහි නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට ගම්‍යතා අවස්ථා හා අනුරූප ගම්‍යතා අගය රාශියක් ඇති බැවින් නිරීක්‍ෂකයාට අංශුවේ ගම්‍යතාව කුමක් දැයි දැනගත හෝ මැනගත හෝ නො හැකි ය.

නිරීක්‍ෂකයා අංශුවේ නිශ්චිත ගම්‍යතාවක් නොදැන අංශුවට ගම්‍යතා රාශියක් ඇති බව දන්නේ කෙසේ දැයි යමකුට ප්‍රශ්න කළ හැකි ය. මොන්රෝ නම් බටහිර භෞතික විද්‍යාඥයා දශක දෙකකට පමණ තම පරීක්‍ෂණ මගින් ඒ බව පෙන්නුම් කෙළේ ය. (ඒ දැනුම නිර්මාණය කළේ ය) බෙරිලියම් කැටයන සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවල ඔහු බටහිර විද්‍යාවේ පළමුවරට අදාළ කැටයන අවස්ථා කිහිපයක ම ඇති බව ප්‍රදර්ශනය කළේ ය. එහෙත් ඔහු එසේ කළේ ඒ එක් අවස්ථාවක්වත් නිරීක්‍ෂණය නොකරමිනි. යම් අයුරකින් ඔහු ඒ එක් අවස්ථාවක් යම් උපකරණයක් යොදාගෙන නිරීක්‍ෂණය කළේ නම් ඔහුට ඒ අවස්ථාවන්හි ප්‍රතිබද්ධ ගුණය දැනගැනීමට නොහැකිවීමට තිබිණි.

යම් අංශුවක් හෝ පද්ධතියක් හෝ යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව යම්කිසි ගුණයක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක පිහිටීම ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට අනුව නම් සිදුවිය හැකි නො වේ. එම න්‍යායෙහි A සත්‍යයක් නම් ~A හෙවත් A හි නිෂේධය අසත්‍ය වෙයි. එනම් අංශුවකට යම් ගුණයක් සම්බන්ධයෙන් යම් අගයක් ඇත්නම් එයට එම අගය නැතැයි කිව නො හැකි ය. නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවේ යම් ගුණයක් සම්බන්ධයෙන් අගය X වන්නේ ය යන්න සත්‍යයක් නම් X නොවන්නේ ය යන්න අසත්‍යයක් යැයි ඇරිස්ටෝටලීය න්‍යායෙහි කියැවෙයි.

බටහිර දැනුම අනුව නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුවකට යම් ගුණයක් සම්බන්ධයෙන් අගයන් එකකට වඩා තිබිය නො හැකි ය. උදාහරණයක් ලෙස පුටුවක් යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව විශ්වයේ එක් පිහිටුමක පමණක් වෙයි. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පුටුව y පිහිටුමේත්, z පිහිටුමේත් දෙකෙහිම තිබිය නො හැකි ය. පුටුව y පිහිටුමේ ඇත්නම් එයින් කියැවෙන්නේ එය z (y ට අසමාන වූ) පිහිටුමේ නැති බව ය. එලෙස ම පුටුව y පිහිටුමේ ඇති බව සත්‍යයක් නම් එය y පිහිටුමේ නැතැයි යන්න සත්‍ය නො වේ. පුටුව z පිහිටුමේ ඇත්නම් එයින් කියැවෙන්නේ එය y පිහිටුමේ නැති බව ය. එමෙන් ම පුටුව පවතී නම් හා එය y පිහිටුමේ නැත්නම් එය වෙනත් යම්කිසි නිශ්චිත පිහිටුමක තිබිය යුතු ය.

ඇරිස්ටෝටලීය න්‍යාය ගොඩනගා ඇත්තේ සාමාන්‍ය ජීවිතයේ දී අත්දකින මෙවැනි කරුණු උපයෝගී කරගෙන ය. එහෙත් ක්වොන්ටම් අංශු සඳහා මේ න්‍යාය වලංගු නො වේ. ක්වොන්ටම් අංශුවකට y පිහිටුමේ මෙන් ම z පිහිටුමේ ද තිබිය හැකි ය. එහෙත් එවිට පෘථග්ජන නිරීක්‍ෂකයකුට අංශුව නිරීක්‍ෂණය කළ නොහැකි ය. දෙතැනක ඇති අංශුවක් අපට සාමාන්‍ය ජීවිතයේ දී මුණ නො ගැසෙයි. පෘථග්ජනයන්ගේ සාමාන්‍ය ජීවිතවල දී අත්දකින්නේ සාමාන්‍ය හෙවත් නිව්ටෝනීය වස්තු මිස ක්වොන්ටම් අංශු නො වේ.

පෘථග්ජනයන් නිර්මාණය කර ඇති දැනුම, සංකල්ප, ප්‍රවාද පමණක් නොව න්‍යාය ද පදනම් වන්නේ සාමාන්‍ය පෘථග්ජන අත්දැකීම් මත ය. එහි දී පුටුව වැනි වස්තු ද නිර්මාණය කෙරෙන්නේ පෘථග්ජන නිරීක්‍ෂකයන් විසිනි. මුළු මහත් විශ්වය ද අත්දැකීම් ද නිර්මාණය කෙරෙන්නේ නිරීක්‍ෂකයාගේ මනස විසිනි. ඊනියා ද්‍රව්‍යවාදීන්ගේ හෙවත් භෞතිකවාදීන්ගේ වාස්තවික යැයි කියැවෙන ලෝකය ද නිර්මාණය කෙරෙන්නේ ඔවුන්ගේ මනස්වලිනි.

බොහෝ කලක සිට අප ද්‍රව්‍යවාදීන්ට අභියෝග කරන්නේ මනසෙන් තොරව ලෝකයක් ඇති බව මනසෙන් තොරව පෙන්වන ලෙස ය. මෙරට තමන් ද්‍රව්‍යවාදීන් ය, භෞතිකවාදීන් ය කියාගන්නා පඬිවරුන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් ආදීන් කොතෙකුත් සිටියත් ඒ අභියෝගය පිළිගත් අයකු නැත. බාහිර ලෝකයක් ඇතැයි කිසිවකු කියන්නේ බාහිර ලෝකයක් පිළිබඳ සංකල්ප රැසක් යොදාගනිමිනි. ඒ සියළු සංකල්ප මනසින් නිර්මාණය කරගත් දේ ය. මනසින් නිර්මාණය නොකළ එකදු සංකල්පයක්වත් නැත. මනසින් තොරව පවත්නේ යැයි කියන බාහිර ලෝකය ද මනසේ ම නිර්මාණයකි. බාහිර ලෝකයක් පවතින්නේ යැයි කියන්නේ අදාළ සංකල්ප නිර්මාණයේ දී මනස හැරෙන්නට පංචෙන්ද්‍රියයන් ද යොදාගන්නා බැවිනි.

ශරීරයේ අභ්‍යන්තර යැයි කියැවෙන අවයව මෙන් ම වසා ඇති පෙටිටි වැනි සංවෘත භාණ්ඩවල ඇති ද්‍රව්‍ය ද ඇතැයි පැවසෙන්නේ ඒ අවයව හා ද්‍රව්‍ය අපට සිරුර කැපීමෙන් හෝ සංවෘත භාණ්ඩය විවෘත කිරීමෙන් හෝ පංචෙන්ද්‍රිය ඇසුරෙන් ගෝචර කරගත හැකි බැවිනි. අභ්‍යන්තර අවයව හා සංවෘත භාණ්ඩවල ඇති වස්තු ද අවසාන විග්‍රහයේ දී බාහිර අවයව හා වස්තු බවට පත්වෙයි. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ඊනියා අභ්‍යන්තර බල ද බාහිර බල බව පැහැදිලි ය.

ඊනියා භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට මනස නොමැතිව බාහිර ලෝකයක්, බාහිර වස්තු ආදිය පිළිබඳ සංකල්ප නිර්මාණය කරගත හැකි නො වේ. සංකල්ප නිර්මාණය කරන්නේ මනසින් නොවේ නම් කිනම් ඉන්ද්‍රියකින් ද? ඊනියා භෞතිකවාදීන්ට ද මනස නොමැතිව කිසිම නිර්මාණයක් කළ හැකි නො වේ. ඔවුහු ද එක්තරා ආකාරයකින් ගත්කල විඥානවාදීහු වෙති. අවශ්‍ය නම් ඔවුන්ට පළමු ගණයේ විඥානවාදීන් යැයි කිව හැකි ය. එහෙත් ඔවුහු මනසින් තොර ලෝකයක් පවතින්නේ යැයි කියති.

ඔවුන් එසේ කියන්නේ ද උද්ගමනයෙනි. මට පෙනෙන ගසක් ඇත. වෙනත් අයකුට ද ඒ ගසක් බව පෙනෙයි. අප දෙදෙනාට ඒ ගසේ ගුණ පිළිබඳ යම් එකඟත්වයකට පැමිණිය හැකි ය. ගසේ කඳ, අතු, ගෙඩි ආදිය පිලිබඳ අපට එකම සංකල්ප ගොඩනගාගත හැකි ය. එමෙන් ම වෙනත් මිනිස් නිරීක්‍ෂකයන්ට ද ඒ සියල්ල පිළිබඳ ඒ සංකල්ප ම ගොඩනගා ගත හැකි ය. එබැවින් ඊනියා භෞතිකවාදියා නිගමනය කරන්නේ, මෙහි දී උද්ගමනය කරන්නේ සියළු මිනිස් නිරීක්‍ෂකයන්ට ඒ සංකල්ප පොදු බව ය. එය මනසින් කෙරෙන උද්ගමනයකි. සියළු නිරීක්‍ෂකයන්ට එක ම වූ සංකල්ප හා ඒ මත පදනම් වූ අත්දැකීම් ඇත්නම් ඒ අත්දැකීම් මනසින් ස්වායත්ත විය යුතු යැයි ද්‍රව්‍යවාදියා නිගමනය කරයි. ඒ නිගමනය කරන්නේ ද මනසිනි.

ඊනියා ද්‍රව්‍යවාදියා මේ සියළු නිරීක්‍ෂණ මනස හා පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා අත්දැකීම්වලට පමණක් සීමා කරයි. ඔහු පංචෙන්ද්‍රියයන්ගෙන් තොරව මනසින් පමණක් ලබාගන්නා අත්දැකීම් බැහැර කරයි. පංචෙන්ද්‍රියයන් නොමැතිව ලැබෙන අත්දැකීම් හුදු හිතළු පමණක් බවට පත්කරන්නේ කිනම් කරුණක් මත පදනම් වී ද? අනෙක් අතට ඊනියා ද්‍රව්‍යවාදියා මනස හා පංචෙන්ද්‍රිය (මනස ද සිංහල බෞද්ධයනට නම් ඉන්ද්‍රියයක් බව අමතක නොකළ යුතු ය) ඇසුරෙන් කරන නිරීක්‍ෂණ මනසින් ස්වායත්ත යැයි ගත්ත ද ඒ පංචෙන්ද්‍රියයන්ගෙන් ස්වායත්ත යැයි නොසලකයි. ඒ නිරීක්‍ෂණ පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් ලබාගන්නා සංජානන ලෙස ඔහු විසින් සැලකෙයි. එයට හේතුව සංජානන නොමැතිව ඔහුට ලෝකයක් නොමැති බැවිනි. දැනුමේ පදනම ඉන්ද්‍රිය (එනම් පංචෙන්ද්‍රිය) ගෝචර අත්දැකීම් (සංජානන) ය යන්න ඊනියා ද්‍රව්‍යවාදියාගේ උපකල්පනය වෙයි. (එහෙත් කිසිදු සංජානනයක් සංකල්පයකින් තොරව ඇති නොවන බව ඊනියා ද්‍රව්‍යවාදියා අමතක කරයි.)

එය උපකල්පනයක් හෝ උද්ගමනයක් හෝ මිස අන් කිසිවක් නො වේ. හැකිනම් එය උපකල්පනයක් හෝ උද්ගමනයක් හෝ නොවන බව පෙන්වන මෙන් ඊනියා භෞතිකවාදීන්ට තවත් අභියෝගයක් කිරීමට කැමැත්තෙමු. එය මනසින් තොරව නම් කෙසේවත් පෙන්විය නො හැකි ය. අඩුම තරමෙන් මනස යොදාගෙනවත් ඒ අභියෝගය පිළිගන්නේ නම් මැනවි. ඊනියා භෞතිකවාදීන්ගෙන් යම් පිරිසක් අපේ ප්‍රවාද ලිපි පෙළ කියවන බව අපි දනිමු. එසේ නොකියවන ඊනියා භෞතිකවාදීන්ට ද මෙහි සඳහන් අභියෝග සන්නිවේදනය කිරීමට ලිපි පෙළ කියවන ඊනියා භෞතිකවාදීන්ට හැකි යැයි සිතමි. උපකල්පන හා උද්ගමන මනසින් කෙරෙන කාර්යයන් මිස පංචෙන්ද්‍රියයන් යොදාගනිමින් කරන දේ නො වේ.

පෘථග්ජන මිනිස් නිරීක්‍ෂකයන්ට එකම ආකාරයේ පංචෙන්ද්‍රිය ඇති බැවින් ඔවුහු ඇතැම්විට තම අත්දැකීම් පිළිබඳව එකම නිගමනවලට එළඹෙති. එහෙත් අප දන්නා කරුණක් නම් ඒ ඒ සංස්කෘතීන්හි වාසය කරන පෘථග්ජන නිරීක්‍ෂකයන් ඒ ඒ නිරීක්‍ෂණවලට හා නිගමනවලට එළඹෙන බව ය. ඇතැම්හු සංසාරයක් ගැන විශ්වාස කරති. තවත් සමහරු ලෝකය නිර්මාණය කළ දෙවියන් වහන්සේ කෙනකු ගැන විශ්වාස කරති. එවැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් සියළු නිරීක්‍ෂකයන් එකම නිගමනයකට නොඑළඹෙන්නේ ඇයි?

ඒ තබා විඥානවාදය හා භෞතිකවාදය පිළිබඳවවත් සියළු මිනිස් නිරීක්‍ෂකයන්ට එකඟවීමට නොහැකි ඇයි? එයට පිළිතුර දෘෂ්ටිවාද නම් එයින් කියැවෙන්නේ දැනුම, එනම් ලෝකය පිලිබඳ දැනුම ගැන සියළු පෘථග්ජන නිරීක්‍ෂකයන්ට, (පෘථග්ජන යන වචනයට අකමැති නම් සියළු මිනිස් නිරීක්‍ෂකයන්ට යන්න යොදාගැනීම පිළිබඳ විරුද්ධ නොවෙමු) එකම මතයක්, මතවාදයක් නොමැති බව ය. දෘෂ්ටිවාද ඇතිවන්නේ භෞතික වූ ආර්ථික හේතු මත යැයි ඇට්ටකුණා වූ භෞතිකවාදියකු කීමට ඉඩ ඇත. එහෙත් ඒ ආර්ථික හේතු මත දෘෂ්ටිවාද ඇතිවන්නේ ය යන්න ද නිරපේක්‍ෂ වාස්තවික වූවක් නො වේ. එය ද තවත් මතවාදයක් වනු පමණක් නොව මනස විසින් නිර්මාණය කෙරුණු මතවාදයක් වෙයි.

ඊනියා භෞතිකවාදීහු හෙවත් ද්‍රව්‍යවාදීහු ද එක්තරා ආකාරයකට ගත්කල විඥානවාදීහු වෙති. ඔවුන්ට ද මනස නොමැතිව නො හැකි ය. මනසක් යනුවෙන් යම්කිසිවක් තිබෙන බව පිළිගැනීමට ඔවුන්ට සිදුවෙයි. එහෙත් ඔවුහු මනස මත තම පදනම්වීම වසාගැනීම සඳහා උපක්‍රමයක් යොදාගනිති. ඒ උපක්‍රමය නම් මනස ද්‍රව්‍යයෙහි ම පදනම් වූවක් ලෙස සුලකීම ය. ඔවුහු මනස ද්‍රව්‍යයට ඌනනය කිරීමට උත්සාහ කරති. ඔවුන් කියන්නේ මනස මොළය ඇසුරෙන් පවතින බව ය. එහෙත් භෞතිකචාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට මනස මොළයට ඌනනය කිරීමට හැකි යැයි පෙන්වීමට නො හැකි ය. ඔවුන් මොළයේ විවිධ ප්‍රදේශවල ඉලෙක්ට්‍රෝඩ සවිකර පෙන්වන්නේ මනස හා මොළය අතර සහසම්බන්ධයක් ඇතිබව පමණ ය. අනෙක් අතට විඥානවාදීහු මනස ඇති බව පිළිගනිති. එය එක්තරා ආකාරයකින් වාස්තවික පිලිගැනීමකි. මනස පවතින්නේ මනසින් ස්වායත්තව දැයි ඔවුන්ගෙන් ඇසිය හැකි ය. එහෙත් බෞද්ධයනට ඊනියා වාස්තවික වූ මනසක් ඇති බව පිළිගැනීමට අවශ්‍ය නො වේ.

ව්‍යවස්ථාව නීතිය නො වේ ද?

සියළු විනිසුරුවෝ ද, නීතිඥයෝ ද සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති. මෙය බෞද්ධ සම්ප්‍රදායට අයත් වාක්‍යයක් නොවූවත් මේ දිනවල ඒ බව නැවත නැවතත් තහවුරු වෙමින් ඇත. අලුත්කඩේ වසන්තය හේමන්තයක් වන දවස එතරම් ඈත නො වේ. අගවිනිසුරුවරියට අමතරව තවත් විනිසුරුවන් කිහිප දෙනකුට විරුද්ධව දෝෂාභියෝග ගෙන ඒමට ආණ්ඩුවට බල කෙරී ඇත්තේ ඒ විනිසුරුවන් විසින්ම ය. විනිසුරුවන් වැරදි කරන විට ඔවුන් ගෙදර යැවිය යුතු ය. නීතියේ ඊනියා කන්‍යාවියගේ ඇස් බැඳ ඇය දූෂණය කෙරෙන්නේ අධිකරණයේ දී ම නම් කළ යුත්තේ කුමක් ද? අපි නම් කිසි දිනෙක නීතියේ කන්‍යාවියක ගැන විශ්වාසයක් නො තැබුවෙමු. නීතියේ ඇත්තේ කන්‍යාවක් නොව ගණිකාවක් බව කීම වෙන කිසිවක් කරගැනීමට නොහැකිව තම දරුවන් හදාවඩා ගැනීමට ඒ වෘත්තියෙහි යෙදෙන අසරණ කතුන්ට කරන නිගරුවකි. නීතියේ ඊනියා කන්‍යාවිය බමුණු කුලයේ බමුණන්ට ඇඟ විකුණන ගණිකාවක් පමණකි.

ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් අභියාචනාධිකරණය ඉදිරියට පළමුවර ගියේ පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවට ඇයට එරෙහිව ඇති දෝෂාභියෝගය අන්වේෂණය කිරීමට අධිකරණ බලතල නොමැති බව කියමිනි. දෙවැනි වර ඇය ම අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ තෝරාගත් කමිටුව එළඹි ඇති නිගමන නිෂේධ කරන ලෙස ය. දෙවැනි වර අභියාචනාධිකරණය තෝරාගත් කමිටුව ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තිය යටතේ ව්‍යවස්ථාව විසින් පිළිගැණුනු තවත් ආයතනයක් බව තීරණය කළේ ය. අභියාචනාධිකරණය එම කමිටුවේ සාමාජිකයන්ට අධිකරණය ඉදිරියෙ පෙනී සිටීමට නොතීසි නිකුත් කළේ ඒ පදනමින් ය. එහෙත් පළමුවර අභියාචනාධිකරණය ව්‍යවස්ථාවේ අර්ථනිරූපනයක් ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ ස්ථාවර නියෝග 78 (අ) සම්බන්ධයෙනි. ප්‍රශ්නය වනුයේ තෝරාගත් කමිටුවට දෝෂාභියෝගය සම්බන්ධයෙන් අන්වේෂණය කිරීමට බලය ඇත් ද යන්න ය. අද ශ්‍රෙෂ්ඨාධිකරණය අනුව යමින් අභියාචනාධිකරණය තෝරාගත් කමිටුවට අන්වේෂණය සඳහා බලයක් නොමැති බව කියයි. මේ කිසිම අධිකරණයක් නිරපේක්‍ෂ ඊනියා වාස්තවික තීරණයක් නොදෙන බව පැහැදිලි ය. අපට ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දු පිළිගැනීමට සිදුවන්නේ එහි තීරණ සෑවිට ම නිවැරදි නිසා නොව එහී තීනදු හා තීරණවලට එරෙහිව යෑමට එයට වඩා ඉහළ උසාවියක් නැති බැවිනි. සිරකරුවන් මෙන් ම නීතිඥයෝ ද විනිසුරුවෝ ද මනුෂ්‍යයෝ වෙති.

මෙහි දී අප නෛතික තත්වයන් ගැන කතාකළ ද අද උද්ගත වී ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක් මිස ඊනියා නෛතික ප්‍රශ්නයක් නොවන බව ය. අගවිනිසුරුවරියට ස්වාභාවික යුක්තිය යටතේ ඇගේ නිර්දෝෂිභාවය පෙන්වීමට අවස්ථාවක් තිබිණි ද නැද්ද යන්නවත් මෙහි දී වැදගත් නො වේ. ඇයට තම නිර්දෝෂිභාවය පෙන්වීමට අවස්ථාව ලබා දී තිබූ නමුත් ඇය හා ඇගේ නීතිඥයෝ තෝරාගත් කමිටුවේ අන්වේෂණයෙහි දී කාලය කා දමා අභියාචනාධිකරණය බ්‍රහස්පතින්දා දුන් තීන්දුව ලැබෙන තෙක් අන්වේෂණය දිගගැස්සීමට උත්සාහ කළහ. ඔවුන් සිතන්නට ඇත්තේ බ්‍රහස්පතින්දා වන තෙක් අන්වේෂණය කල්දමා ගත්තේ නම් ඒ තීන්දුව ඔස්සේ තෝරාගත් කමිටුව අහෝසි කිරීමට ය. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් තෝරාගත් කමිටුව පසුගිය මාසයේ 8 වැනි දා සිය වාරතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අද අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඊනියා අර්ථනිරූපණයක් මත පදනම් ව තෝරාගත් කමිටුවට අන්වේෂණය සඳහා බලතල නැතිබව තීරණය කර ඇත. එහෙත් පාර්ලිමේන්තුව ඒ තීරණය ඉවත දමන බව පැහැදිලි ය. යම් අයුරකින් අගවිනිසුරුවරියගේ නීතිඥයන්ගේ ප්‍රයත්නය සාරථක වී අන්වේෂණය පසුගිය බ්‍රහස්පතින්දා වන තුරු කල්දමාගත්ත ද පාර්ලිමේන්තුව අභියාචනාධිකරණ තීරණය ඉවත දමන බව පැහැදිලි ය. ඒ අභියාචනාධිකරණ තීරණය වැරදි නිසා පමණක් නො වේ. අද ඇත්තේ තම වෘත්තිය පිළිබඳව නැති වැදගත් කමකින් සිතන නීතිඥයන් හා බමුණු කුලය හා ඒ කුලයට පැන ගැනීමට උත්සාහ කරන්නන්, දෙමළ ජාතිවාදීන් ඇතුළු විජාතික බලවේග සහ පොදු ජනයා අතර සටනක් වන බැවිනි. ජාතිකවාදීන් ව සිටි ඇතැම් නීතිඥයන් මේ ප්‍රශ්නයේ දී දෝෂාභියෝගයට විරුද්ධ වන්නේ ඔවුන් බමුණු කුලයට ආවඩන බැවිනි. බටහිර අධ්‍යාපනයේ ගැත්තන් වූ මොවුන්ට ප්‍රශ්නයේ දේශපාලනය නො පෙනෙයි. බමුණු කුලයට අවශ්‍ය අගවිනිසුරුවරිය එම තනතුරෙහි ම තබාගෙන ආණ්ඩුව අස්ථාවර කර මහින්ද රාජපක්‍ෂ මහතා තනතුරෙන් ඉවත්කර අවසානයේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ වරදට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමගින් දංගෙඩියට යැවීම ය.

දෝෂාභියෝගය සම්බන්ධයෙන් තවමත් අවසන් තීන්දුව දී නැත. එය දෙන්නේ ජනාධිපතිතුමා ය. පාරලිමේන්තු විවාදයෙන් පසුව ඇතැම් විට එතුමා අගවිනිසුරුවරිය ඉවත් නොකර සමාව දීමට ද ඉඩ ඇත. කෙසේ වෙතත් දෝෂාභියෝගය සම්බන්ධයෙන් තීන්දුවක් දී නොමැති විටක එය නිෂේධ කරන ලෙස අගවිනිසුරුවරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ ඇයටවත් ඇගේ නීතිඥයන්ටවත් සාමාන්‍ය තර්කනය පිළිබඳ අවබෝධයක් නොමැති බව ය.ඔවුන් නිෂේධ කරන ලෙස ඉල්ලන්නේ තවමත් නොදුන් තීන්දුවකි. නැති තීන්දුවක් නිෂේධ කරන්නේ රෝම ලන්දේසි නීතිය පදනම් වී ඇති ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ ව නම් නො වේ. නෛතික තත්වය කෙසේ වෙතත් දැන් දේශපාලනය පැහැදිලි ය. විජාතික බලවේගවලට අවශ්‍ය අධිකරණය හා ව්‍යවස්ථාදායකය (විධායකය) අතර ප්‍රශ්නයක් ඇතැයි පෙන්වීම ය. 1978 ව්‍යවස්ථාව යටතේ ම 78 (අ) ස්ථාවර නියෝග යටතේ ම ගෙනා වෙනත් දෝෂාභියෝග අවස්ථාවල නැතිවූ තත්වයක් අද ඇතිවන්නේ කෙසේ ද? 1984 සිට අද දක්වා නීතියේ වෙනසක් සිදු වී නැත. එහෙත් එදා අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ඊනියා ගැටුමක් නො විණි. අද ද එවැනි ගැටුමක් නැත. එහෙත් බමුණු කුලය ඇතුළත් විජාතික බලවේග එවැනි ගැටුමක් ඇති බව පෙන්වයි. ඒ අද ඇති දේශපාලනය වසා ගැනීමට ය. සාමාන්‍ය ජනතාවට තනි තනිව ගත්කල ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දු සමග එකඟ නොවුණත් එය පිළිගැනීමට සිදුවෙයි. ඒ එයට වඩා ඉහළ උසාවි නැති බැවින් හා තීන්දු නොපිළිගතහොත් හිරේ විලංගුවේ වැටීමට සිදුවන බැවිනි. එහෙත් පාර්ලිමේන්තුව එවැනි තීන්දුවක් නොපිළිගන්නේ නම් වියුක්ත ජනතාව පාර්ලිමේන්තුව සමග නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව හිරේ දැමිය නොහැකි ය. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතුවලට බාධා පැමිණවිය නො හැකි ය. පාර්ලිමේන්තුව අවලංගු කළ නො හැකි ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නො හැකි ය. එහෙත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට තම බලය පැහැරගැනීමට උත්සාහ කරන විනිසුරුවන් දෝෂාභියෝග මගින් ගෙදර යැවිය හැකි ය. අද බමුණු කුලයට ජනතාව පාර්ලිමේන්තුවට එරෙහිව පාරට බැස්සවිය නොහැකි ය. එය සරත් ෆොන්සේකාටවත්, ශිරානි බණ්ඩාරනායකටවත්, මාදුළුවාවේ සෝභිත හිමියන්ටවත් කුමාර් සංගක්කාරටවත් බමුණු කුලය වෙනුවෙන් කළ නො හැකි ය. විජිත හේරත්ට හා සුදන්දිරම්ට ද ඒ කළ නොහැකි ය. ඔවුන් පාර්ලිමේන්තු වරප්‍රසාද බිඳ දමා ඇත්තේ දැයි සොයා බැලිය යුතු ය.

ඒ දෝෂාභියෝගයෙහි දේශපාලනය ය. නීතිය පැත්තෙන් බැලූ කල අධිකරණය පඹගාලක පැටලී ඇත. පළමුවන් ම ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව ඒකකයක් ලෙස ගත්කල විනිසුරුවන්ගේ දෝෂාභියෝග සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන අධිකරණ බලතල සහිත ආයතනයකි. 4 (ඇ) වගන්තියෙන් කියැවෙන්නේ අධිකරණ බලතල පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙන බවත් එහි දී වෙනත් දේ අතර උසාවි, විනිශ්චය සභා හා ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන ආයතන මගින් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන බවත් ය. 107 (2) වගන්තියෙන් ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව එකට ගත්කල විනිසුරුවන්ගේ දෝෂාභියෝග සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන ආයතනයක් වෙයි. විවාදයට භාජනය වී ඇති 107 (3) වගන්තිය ද නීතිය වෙයි. ඒ වගන්තිය අනුව දෝෂාභියෝග සම්බන්ධයෙන් සියළු කටයුතු සඳහා අවශ්‍ය සැලසීම් පාර්ලිමේන්තුවට නීතිය හෝ ස්ථාවර නියෝග හෝ මගින් සම්පාදනය කළ හැකි ය. මෙහි දී වැදගත් වන්නේ ඒ සම්පාදන නීතිය මගින් පමණක් කළ යුතු යැයි ව්‍යවස්ථාවෙහි 107 (3) යටතේ හෝ වෙනත් වගන්තියක් යටතේ හෝ සඳහන් නොවීම ය. ඒ සම්පාදන ස්ථාවර නියෝග මගින් පමණක් වුව ද කළ හැකි බව 107 (3) වගන්තියේ හෝ යන්නෙන් පැහැදිලි වෙයි. ස්ථාවර නියෝග 78 (අ) හුදු ස්ථාවර නියෝග නො වේ. ඒ නියෝග දෝෂාභියෝග සම්බන්ධයෙනි. ඒ නියෝග සම්පාදනය කර ඇත්තේ 107 (3) වගන්තිය අනුව කටයුතු කිරීමට ය. 107 (3) මෙරට නීතියකි. එහි දෝෂාභියෝග කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවට බලතල ඇත. 107 (3) යටතෙහි ස්ථාවර නියෝග මගින් අවශ්‍ය සැලසුම්සම්පාදනය කළ හැකි බව කියැවෙයි. එය නීතියකි. නීති යනු ව්‍යස්ථාදායකය විසින් අණ පනත් මගින් පැනවෙන්නේ වෙයි. 78 (අ) ස්ථාවර නියෝග පනවා ඇත්තේ නීතියකට අනුව ය. කෙසේ වෙතත් 107 (3) අනුව නීතියක් වුවත් නැතත්, දෝෂාභියෝගයට අවශ්‍ය සැලසුම් ස්ථාවර නියෝග මගින් පමණක් සම්පාදනය කළ හැකි ය. ශ්‍රෙෂ්ඨාධිකරණය එසේ නො වේ යැයි කියන්නේ කෙසේ ද? ව්‍යවස්ථාවේ 107 (3) හා ස්ථාවර නියෝග 78 (අ) අනුව පත්කෙරී ඇති තෝරාගත් කමිටුව කතානායකවරයා විසින් දෝෂාභියෝගයෙහි අන්වේෂණය සඳහා පත්කර ඇති කමිටුවකි.එයට කළ හැක්කේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම ය. කමිටුවේ නිගමන අවසාන තීරණයක් ද නො වේ. ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ බව අමතක කරයී. අවසාන තීන්දුව දෙනු ලබන්නේ ජනාධිපතිතුමා විසිනි. භ්‍රෙෂ්ඨාධිකරණයට හැකි නම් කළ යුත්තේ ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කිරීම ය. ව්‍යවස්ථාවෙහි 170 වගන්තිය අනුව නීතිය වනුයේ පාර්ලිමේන්තුවේ සම්මත වන අණ පනත් ය. 107 (3)වගන්තිය ව්‍යවස්ථාවෙහි ම කොටසකි. තවද 1953 පාර්ලිමේන්තු වරප්‍රසාද පණතේ 3 වැනි ඡෙදය යටතේ පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිදු ක්‍රියාවක් ගැන ප්‍රශ්න කිරීමට කිසිම උසාවියකට බලයක් නැත. ශ්‍රෙෂ්ඨාධිකරණයට බලය ඇත්තේ පණත් කෙටුම්පත් ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද යන්න ගැන තීරණයක් දීම ය. එහෙත් සම්මත වූ පණත් ගැන තීන්දු දුමට ශ්‍රෙෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාවේ 80 (3) වගන්තිය යටතේ කිසිදු බලයක් නැත. මෙරට උපරිම නීතිය වූ ව්‍යවස්ථාවෙහි 107 (3) වගන්තිය නීතියක් වී බොහෝ කල් ය. ඒ පිළිබඳ තීන්දු දීිමට ශ්‍රෙෂ්ඨාධිකරණයට බලයක් නැත. 107 (3) යටතෙහි 1984දී පැනවූ 78 (අ) ස්ථාවර නියෝග ගැන අද තීන්දුවක් දීමට ද ශ්‍රෙෂ්ඨාධිකරණයට නො හැකි ය. ශ්‍රෙෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාව හා නීතිය පිළිබඳ අර්ථනිරූපණ දිය හැකි බව සැබෑ ය. එහෙත් පණත් ව්‍යවස්්ථාවට එකඟ ද නැද්ද යැයි කල්ගත වී තීරණය කිරීමට එයට බලයක් නැත. 78 (අ) ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය කර ඇත්තේ අර්ථනිරූපණයක් නො වේ. 78 (අ) නීතියට එකඟ ද නැද්ද යන්න හෝ එය නීතිය ද නැද්ද යන්න හෝ විනිශ්චය කිරීම අර්්්ථනිරුපණයක් නො වේ. කෙසේ වුවත් 78 (අ) නීතියට එකඟ බව පැහැදිලි ය. අනෙක් අතට විනිසුරුවකු සම්බන්ධ සිද්ධියක දී විනිසුරුවන් ව මැදිහත් වී තීන්දු දීම තමාගේ නඩුව තමාම අසාගැනීමකි.