හලාල් කෑම කෑවයි කියා හෝ නොකෑවයි කියා කෙනෙකු මිය ඇදෙන්නේ නැත. නමුත් රජරට වකුගඩු රෝගයෙන් දිනපතා මිනිස්සු මිය යති. එහෙත් රටේ අභාග්‍යයට හලාල් සම්බන්ධයෙන් සිංහල බෞද්ධයින්ට තිබූ දේශපාලන ජවය වකුගඩු රෝගය සම්බන්ධයෙන් පෙනෙන්නට නැත. මට හිතෙන අයූරින් ඊට ප්‍රධාන හේතුව බටහිර කෘෂිකර්මය ජාතියේ ස්වාධිපත්‍යයට අභියෝග කරන බව බහුතරයක් සිංහල බෞද්ධයින් අවබෝධ කර නොගැනීමය. නමුත් හලාල්, ජාතියේ ස්වාධිපත්‍යයට අභියෝග කරන බව ඔවුහු තේරුම් ගනිති.
ගැඹුරේ මට්ටමින් සැලකූවිට සිංහලුන්ගේ නිදහස් සටන් දෙආකාරයකින් සිදුවේ. එක් ආකාරයක සටන් බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කරයි. අනිත් ආකාරයේ සටන් බටහිර ආධිපත්‍යය පිළිගෙන ඒ තුල තම අයිතිවාසිකම් රැක ගැනීම සඳහා සිදු කෙරෙයි. සිංහල බෞද්ධයින්ගේ ජනප්‍රිය දේශපාලන අරගල බොහොමයක් මේ දෙවෙනි ඝනයට වැටේ. හලාල් ප්‍රශ්ණය පටු මුස්ලිම් විරෝධයක් වන්නට ගියේ එය අයිතිවාසිකම් සටනක් බවට සුලු කරගත් නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවි පිල්ලේට විරෝධය පෑමද බටහිර ආධිපත්‍යය පිළිගෙන ඒ තුල තම අයිතිවාසිකම් රැක ගැනීමට කෙරෙන සටනකි. අපි අපේ අයිතිවාසිකම් සඳහා සටන් කල යුතුවෙමු. නමුත් අපට නිදහසේ උසස් ඵල නෙලා ගත හැකි වනුයේ බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කරන සටන් වලින් පමණි. රජරට වකුගඩු රෝගයෙන් සුවපත්වී ඉන් මතුද නිරෝගී ජාතියක්ව සිටින්නට නම් බටහිර කෘෂිකර්මය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවද ප්‍රතික්‍ෂේප කල යුතුව තිබේ (මින් කියැවෙන්නේ ඉස්පිරිතාල වසා වෛද්‍යවරුන් ගෙදර යැවීමක් ගැන නොවේ). නමුත් අවාසනාවකට අද ජනප්‍රිය දේශපාලනයේ නියුතුවන බෞද්ධ සංවිධාන, එහි නායකයින් සහ ඒ පසු පස සිටින මධ්‍යම පංතික සිංහල බෞද්ධයින්ට බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කිරීමට තරම් සංස්කෘතික හා ආධ්‍යාත්මික ශක්තියක් නැත.
නගර අවට වාසය කරන මධ්‍යම පංතියේ උගත් සිංහල බෞද්ධයින්ට සාමාන්‍ය නූගත් බෞද්ධයින්ට නැති සමාජයේ ඉහලට යාම සඳහා කෙරෙන තරඟයක් ඇත. තරඟය ඇතිවී තිබෙන්නේ ඔවුන් බටහිර ජීවන ක්‍රමයක් අනුගමනය කරන නිසාය. නමුත් ඔවුන්ට ප්‍රශ්ණයක් වී ඇත්තේ ඒ තරඟයෙන් ජය ගෙන සමාජයේ ඉහලට යන්නට සිංහල බෞද්ධකමින් ඈත් වන්නට සිදුවීමය. එසේ කිරීමට බහුතරයක් මධ්‍යම පංතික සිංහල බෞද්ධයින් තවම සූදානම් නැත. ඒ නිසා ඔවුහු දෙලොවක් අතර ජීවත් වෙමින් අසහනයට පත්ව සිටිති. ඔවුහු ජාතිකවාදීන්ද වෙති. නමුත් ඔවුන් ජාතියේ ස්වාධිපත්‍ය යනු කුමක්දැයි තේරුම් ගන්නේ තමන්ට කරන්නට සිදුවී තිබෙන පෞද්ගලික සටන හරහාය. එහි වරදක් කිව නොහැකිය. නමුත් ඔවුන්ගේ දේශපාලන චින්තනය බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප නොකරයි. මේ අඩුව මාතලේ කැරැල්ලෙන් පසු සිංහලුන් දියත් කල සියලු නිදහස් සටන් වල පෙනෙන්නට ඇත. එදා සිට අද දක්වා ඔවුන් කල සටන් තුල ඒ අඩුව නොතිබුනේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කල සටනෙහි පමණි.
උදාහරණයක් වශයෙන් මීට වසර එකසිය හතලිහකට පෙර පානදුරාවාදයත් සමඟ ඇරඹි බෞද්ධ පුනර්ජීවනය ගත හැකිය. එහි පෙරමුන ගත්තේත් අද මෙන්ම කොළඹ නගරය අවට වාසය කල උගත් සිංහල බෞද්ධයින් පිරිසකි. ව්‍යාපාරිකයින් හා දේපළ හිමියන්වූ ඔවුන්ගේ සාමාජයික පසුබිම අද ජීවත්වන මධ්‍යම පංතික සිංහල බෞද්ධයින්ගේ සාමාජයික පසුබිමට සමාන්තර වන්නට ඇත. එකල නගරබද සිංහල බෞද්ධ දෙමව්පියන්ට තිබි ප්‍රශ්ණයක් නම් තම දරුවන්ගේ උත්පත්ති ලියාපදිංචි කිරීම සඳහා ක්‍රිස්තියානි හෝ කතෝලික පල්ලියට යාමට හැර වෙන ක්‍රමයක් නොතිබීමය. නම් ලියා පදිංචි කිරීමේදී පූජකවරු සිංහල බෞද්ධ දරුවන්ට බයිබල් නාම බලෙන් ආදේශ කරන ලදහ. සිංහල බෞද්ධයෝ මේ නීතිය වෙනස් කරන ලෙස ඉංග්‍රීසීන්ට බල කර සිටියහ. ඊට අමතරව වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් කරන ලෙසද ඉල්ලා සිටියහ. මේ වනවිට මාතලේ කැරැල්ල නිමවී වසර දසක දෙක තුනකට වඩා නැති බැවින් මොවුන්ට ඉංග්‍රීසින්ගේ දැඩි මර්්ධනයක් එල්ල වෙන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් අද මෙන් එදාත් උගත් මධ්‍යම පංතික සිංහල බෞද්ධයින් බටහිර ආධිපත්‍යය හඳුනා ගත්තේ තමන් පෞද්ගලිකව විඳි ගැහැට තුලිනි. නගරයෙන් පිට ජීවත්වූ අති මහත් සිංහල බහුතරයකට බයිබල් නම් දීම ප්‍රශ්ණයක්වී යැයි සිතිය නොහැකිය. ඉංග්‍රීසි අධ්‍යාපනය නොලද ආණ්ඩුවේ රැකියා බලාපොරොත්තු නොවූ ඔවුන්හට තම දරුවන්ගේ උත්පත්ති ඉංග්‍රීසි රජයේ ලියා පදිංචි කිරීමට අවශ්‍යතාවක් තිබෙන්නට නැත. ධර්මපාලතුමා සාන්ත තෝමස් විදුහලේ සිසුවෙකුව සිටි අවධියේ වෙසක් පොහෝ දින සැමරීම සඳහා නේවාසිකාගාර පාලකයාගේ අණ නොතකා ගෙදර පැන ගිය බව කියවේ. නමුත් ගොවිතැනින් ජීවත්වූ පන්සලේ උගෙනගත් බහුතරයක් සිංහල බෞද්ධයින්ට වෙසක් පොහෝ දින සැමරීමට බාධාවක් තිබුනා යැයි සිතිය නොහැකිය. ඉංග්‍රීසීහු එදා ගම්මුන්ගේ ඉඩම් කොල්ල කමින් ඒ ඉඩම් වල විදේශිකයින් පදිංචි කරමින් ඔවුන්ට නුහුරු භෝග වගා කරමින් ඔවුන්ගේ ජන ජීවිතය උඩු යටිකුරු කරමින් සිටියහ. නූගත් ගැමි සිංහලුන්ට ප්‍රශ්ණයක් වන්නට ඇත්තේ ඉංග්‍රීසීන් මේ රටේ සිටීමමය. නමුත් එකල උගත් සිංහල බෞද්ධයිනුත් අද මෙන්ම ඉංග්‍රීසින්ගේ ආධිපත්‍යය පිළිගෙන ඒ තුල සිංහල බෞද්ධයින්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා පමණක් සටන් කලහ. එපමණකින්ම බටහිර ආධිපත්‍යය පරාජය නොවිනි.
රාජ්‍ය බලය අන්තිමටම පිරිහී තිබුන අවදියේ පවා බටහිර සංස්කෘතිකමය බලපෑම් වලට නිහඬව නමුත් ආත්ම විශ්වාසයකින් යුක්තව ප්‍රතිරෝධයක් දැක්වීමට සිංහලුන්ට ශක්තියක් තිබුනු නමුත් අද ජාතියක් වශයෙන් අපේ සංස්කෘතික ශක්තිය හොඳටම පිරිහී ගොස්ය. අද අපි ඉංග්‍රීසින්ගෙන් තාන්න මාන්න ගැනීම සඳහා එරටටම ගොස් ඔවුන්ගේ බස එලෙසම උච්චාරනය කර ඔවුන්ගේ ප්‍රභූවරුන් අමතමින් රට හෑල්ලු කර කථා කිරීමට පවා කිසිම පැකිලීමක් නොදක්වමු. එහි ප්‍රතිපලයක් වශයෙන් විශේෂයෙන් උගත් මධ්‍යම පංතික සිංහල බෞද්ධයෝ බටහිර ආධිපත්‍යය පිළිගෙන ඒ තුල තම අයිතිවාසිකම් රැක ගැනීම සඳහා පමණක් සටන් කිරීමට සැදී පැහැදී සිටිති. නමුත් අද අප සමාජයේ දැවෙන සමාජයික හා ආර්ථික ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබෙනුයේ බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කිරීමෙන් පමණි. ඊට හොඳම උදාහරණය කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමය. මෙහිදී සිංහලයිනුත් රජයත් මතවාදීව බටහිර ආධිපත්‍යයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තැනකට ගෙන ඒමට ජාතික ව්‍යාපාරයට හැකිවිය. විශේෂයෙන් උගත් මධ්‍යම පංතික සිංහල බෞද්ධයින්ගේ පරාජිත මානසිකත්වය වෙනස් කරලීමට එයට හැකිවිනි. එසේ නොවුනේනම් සමහර විට අපි තවමත් කොටින් සමඟ සාකාච්ඡා කරමින් සිටින්නට බොහෝ ඉඩ තිබිනි. ඉදිරියේද අපිට නිදහසේ උසස් ඵල නෙලා ගන්නට ලැබෙන්නේ බටහිර ආධිපත්‍යය මුලු මනින්ම ප්‍රතික්‍ෂේප කර අපේ නිදහස ආරක්‍ෂා කර ගතහොත් පමණි. ඒ සඳහා ජාතියේ නිදහස සහ එහි ආරක්‍ෂාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ජනතාව හා රජය තුල තිබිය යුතුය.
රට ජාතියේ නිදහස ආරක්‍ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේ රජයටය. අද ඇමරිකානු රජය එරට වැසියන් විසින් අරථ දක්වන නිදහස ආරක්‍ෂා කිරීම සඳහා කැපවී සිටී. ඇමරිකානු රජය ඉරාකය හා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කලේත් අද සිරියානු කැරලි කරුවන්ට ආධාර කරන්නේත් සෘජුව හෝ වක්‍රව ඇමරිකානු වැසියන්ගේ නිදහස ආරක්‍ෂා කිරීමටය. එරට කුමන පක්‍ෂයක් බලයේ සිටියද ජාතියේ නිදහස සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය එතරම් වෙනස් නොවේ. ඒ පිළිබඳ විවාදයක් එරට දේශපාලන ක්‍ෂේත්‍රයේ ඇති නොවන තරම්ය. ඇමරිකාවේ රජයත් එහි වැසියනුත් අතර ජාතියේ නිදහස සහ එහි ආරක්‍ෂාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහ විශ්වාසයක් ඇත. අද රාජපක්‍ෂ ආණ්ඩුව ජාතියේ නිදහස සම්බන්ධයෙන් කැපවෙනු ඇතැයි විශ්වාසයක් සිංහලුන්ට තිබුනද ඉදිරියේ පත්විය හැකි ඕනෑම ආණ්ඩුවක් ගැන එවැනි විශ්වාසයක් ඇති කර ගත නොහැකිය. ජනතාව තම නිදහස පිළිබඳ අවබෝධය සහ විශ්වාසය ගොඩනඟා ගත යුත්තේ එක් එක් ආණ්ඩු හෝ දේශපාලන පක්‍ෂ හෝ පුද්ගලයින් සමඟ නොව රාජ්‍ය බලය සමඟය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධයින්ගේ නිදහස පිලිඹිබුවෙන ආකාරයට වෙනස් කර ගැනීම රජයත් ජනතාවත් අතර ඒ අවබෝධය සහ විශ්වාසය ගොඩනඟා ගතහැකි එක් මඟකි.