History

Sunday, 29 September 2013

දෙමළ ජාතිකවාදය යනු දෙමළ ජාතිවාදයයි

සිංහල හා දෙමළ ජාතිකවාද අතර පැහැදිලි වෙනසක් වෙයි. ඒ වෙනස මෙවර පළාත් සභා මැතිවරණයේ දී ද දැකගත හැකි විය. සිංහල ජාතිකවාදය පහළ සිට උඩට ක්‍රියාත්මක වන අතර දෙමළ ජාතිකවාදය උඩ සිට පහළට ක්‍රියාත්මක වෙයි. සිංහල ජාතිකවාදය අවුරුදු දහස් ගණනක් තිස්සේ වැඩෙන අතර මෙරට දෙමළ ජාතිකවාදයට අවුරුදු තුන්සිය පනහකට අඩු වයසක් වෙයි. දෙමළ ජාතිකවාදය බටහිරයන්ගේ නිර්මාණයක් වෙයි. එය එදත් අදත් ක්‍රියාත්මක වන්නේ සිංහලයන්ට විරුද්ධව ය. බටහිරයන් එය ආරම්භ කළේ ම සිංහලයන්ට විරුද්ධ ව ය. ලන්දේසිහු දෙමළ ජනයා වත්මන් දකුණු ඉනදියාවෙන් ආනයනය කර ඔවුන් සිංහලයන්ට විරුද්ධව විවිධ මුදලිවරුන්ගේ නායකත්වයෙන් යොදාගත්හ. යාපන වයිපව මාලර් නම් ව්‍යාජ කවි ඉතිහාසය නිර්මාණය කළ මුදලි ඉන් එක් අයෙකි. දෙමළ ජනයා යටත්විජිතවාදීන්ට නිවට ව සේවය කිරීමේ ප්‍රතිඵලය වූයේ බටහිරයන් ඔවුන් විවිධ රටවල සේවය සඳහා රැගෙන යෑම ය. ලංකාවේ ද, දකුණු අප්‍රිකාවේ ද, මලයාසියාවේ ද, ෆීජි දූපත්වල ද ආදී වශයෙන් දෙමළ කුලීකරුවන් දක්නට ලැබෙන්නේ එබැවිනි. (වෙල්ලාලයෝ ද කෘෂිකාර්මික කුලීකරුවෝ වූහ) ඒ දෙමළ ජනයා අතරෙන් කිහිප දෙනෙක් බටහිරයන්ගේ හිත දිනාගෙන නායකයෝ වූහ. සාමාන්‍ය දෙමළ ජනයා සාධාරණ වශයෙන් ගත්කල මේ නායකයන් අනුගමනය කරති. එබැවින් දෙමළ ජාතිකවාදය, අප එය එනමින් හඳුන්වන්නේ නම් බටහිරයන් විසින් හැසිරවුණු හා තවමත් හැසිරවෙන ජාතිවාදයකි. එය බටහිරයන්ගේ අනුග්‍රහය මත පමණක් පවතින නිවට ජාත්‍යන්තරවාදයකි. බටහිරයෝ එකී දෙමළ ජාතිවාදය සිංහලයන්ට විරුද්ධව යොදා ගනිති. අප කලින් ද පෙන්වා දී ඇති පරිදි බටහිරයෝ විවිධ ජනවර්ග සිංහල බෞ්ධයන්ට එරෙහිව යොදාගත්හ. එහෙත් සිංහල කතෝලිකයෝ ද ක්‍රිස්තියානිහු ද මැලේ ආදී ඇතැම් ජනවර්ග ද බටහිර යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධ ව මේ වන විට සිංහල බෞද්ධයන් සමග අත්වැල් බැඳගෙන සිටිති. 

පෘතුගීසීන් පැමිණීමෙන් පසුව දොන් ජුවන් ධර්මපාල වැනි අය බිහිවුණ ද සාධාරණ වෙයෙන් ගත්කල සිංහලයෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ට විරුද්ධව සටන් කළහ. අද ද සටන් කරති. එහි දී මායාදුන්නේ රජුගේ සිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දක්වා නායකයන් අපට දැකගත හැකි ය. මේ නායකයෝ සිංහල ජාතිකවාදය විසින් බිහිකරනු ලැබුවෝ ය. බණ්ඩාරනායක මහතා ද එවැනි නායකයෙකි. බණ්ඩාරනායක මහතා සිංහල ජනමතය සකස්කළා නොව සිංහල ජනමතය විසින් ඒ මහතා සකස් කෙරිණි. ශ්‍රී ල නි පක්‍ෂය බිහිකෙරුණේ සිංහල ජාතිකවාදය මගිනි. ඇතැමුන් චන්ද්‍රිකා කුමාරතුංග එංගලන්තයේ සිට ආනයනය කර ශ්‍රී ල නි ප ප්‍රතිපත්ති උඩ සිට වෙනස්කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය. තමා සිංහලයකු වීම ගැන ලජ්ජාවන්නේ යැයි කියන විමුක්ති කුමාරතුංග ගෙනාව ද සිංහල විරෝධීන්ට සිංහල ජනමතය වෙනස් කිරීමට නො හැකි ය. සිංහලයෝ සහජයෙන් ම යටත්විජිත විරොධී වෙති. ඔවුහු යුද්ධයෙහි දක්‍ෂයෝ වෙති. බටහිරයන්ට සිංහලයන්ගෙන් යුද්ධ පරාජය පමණක් ම හිමි විය. බටහිරයන්ට සිංහලයන් පරාජය කිරීමට හැකිවූයේ ගිවිසුම් මගින් පමණ ය. බටහිරයෝ යුද්ධයෙහි දක්‍ෂ සිංහලයන්ට වෛර කරති. ඒ අතර සිංහල බෞද්ධ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට ආධ්‍යාත්මික අභියෝගයකි.                

පොන්නම්බලම් රාමනාදන්ගේ සිට කනගසබාපති විග්නේස්වරන් දක්වා දෙමළ නායකයෝ සිංහල විරෝධී වෙති. ඔවුහු ඉංගිරිසින්ගේ අධ්‍යාපනයේ ප්‍රතිඵල වෙති. අවාසනාවකට මෙන් ඇතැම් සිංහලයෝ ද මේ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස සිංහල විරෝධී් වෙති. දොන් ජුවන්ගේ අවතාර වූ ඔවුහු ඊනියා විවෘත මනසකින් සිංහලයන්ට විරුද්ධව ඉංගිරිසින්ට කඩේ යති. කොටි ත්‍රස්තවාදය පරාජය කළ ආණ්ඩුවේ කිසි හොඳක් නොදකින මොවුහු ඊනියා යහපාලනය ආදී විකාර සංකල්පවලට මුවා වී එ ජා ප බලයට පත්කිරීමට කටයුතු කරති. එහෙත් යටත්විජිතවාදී එ ජා පක්‍ෂයට සිංහල ජාතිකවාදී නොවී කිසිදු බලයක් ලබාගත නොහැකි ය. එ ජා පක්‍ෂයේ ඊනියා යහපාලනය ගැන මනා වැටහීමක් ඇති බහුතර සිංහලයෝ එ ජා පක්‍ෂයට ඡන්දය නො දෙති. ඉදිරියේ දී එ ජා ප ඡන්ද පදනම තවත් අඩුවනු ඇත. ජාතිකත්වයක් ඇති එහෙත් සංධාන විරෝධී සියයට පහක් පමණ ෆොන්සේකාගේ පක්‍ෂයට චන්දය දෙති. එහෙත් ෆොන්සේකාට මහින්ද රාජපක්‍ෂ මහතාට තරගයක් දිය නො හැකි ය.


අප සැමදාමත් කියා සිටියේ මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් අසාධාරණයක් සිදු වී නොමැති බව ය. ඒ බව මැතිවරණයේ දී තවත් තහවුරු විය. දෙමළ නායකයන්ගේ ඕනෑ එපාකම්  අනුව පමණක් ක්‍රියාකරන වහල් මානසිකත්වයක් ඇති දෙමළ ජනයා සිංහල විරෝධී වූයේ ඔවුන්ට ආර්ථික පහසුකම් තිබිය දී ය. ජී ජී පොන්නම්බලම් කර්මාන්ත ඇමතිව සිටිය දී පිහිටුවන ලද කර්මාන්තශාලා රාශියක් උතුරු හා නැගෙනහිර පළාත්වල තිබිය දීත් දෙමළ නායකයෝ තම බටහිර ගැති සිංහල විරෝධී දේශපාලනය ක්‍රියාත්මක කළහ. අද උතුරු වසන්තයක් තිබීම දෙමළ නායකයෝ නො සළකති. එහෙත් ඒ නිසා උතුරු වසන්තය අත්හැරිය යුතු නො වේ. මේ සංවර්ධනය බටහිර ආකෘතියේ එකක් වුත් යම් සංවර්ධනයක් උතුරට ද අවශ්‍ය ය. අප අමතක නොකළ යුත්තක් නම් විග්නේස්වරන් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවකු ලෙස පත්වූයේ දෙමළ ජනයාට අසාධාරණකම් ඇතැයි කියන රටක බව ය. අද කළ යුත්තේ උතුරේ බටහිර විරෝධී නව දෙමළ තරුණ නායකත්වයක් බිහිකර දෙමළ ජනයා ද යටත්විජිත විරෝධී මාවතකට ගැනීම ය. ඊනියා ජනවාරගික ප්‍රශ්නයක් නොමැතිවීම නිසා ඒ විසඳිය නො හැකි ය. විසඳිය හැක්කේ ඇති ප්‍රශ්නයක් මිස නැති ප්‍රශ්නයක් නො වේ. දහතුන්වැනි සංශෝධනය සිංහලත්වයට එරෙහිව බටහිර අනුග්‍රහයෙන් ඉන්දියාව කඩිමුඩියේ අපට බලයෙන් පැටවූ එකකි. එහි අඩුපාඩු හා වැරදි බෙහෝ ය. එය අසංගත ය. පසුගියදා ශ්‍රෙෂ්ඨාධිකරණය ඉඩම් පිළිබඳ අයිතිය පළාත් සභාවලට නැති බව තීරණය කරමින් එහි එක් අසංගත බවක් ලොවට හෙළි කළේ ය. පොලිස් බලතල ද පළාත් සභාවලට පැවරීමට අදාළ පනත්වල යාන්ත්‍රණයක් දක්වා නැත. එහෙත් අප එයින් සෑහීමකට පත්විය යුතු නො වේ. දහතුන ගෙනැවිත් ඇත්තේ සිංහලයන්ට විරුද්ධව බටහිර ගැති සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නායකයන්ගේ මනදොළ පිනවීමට ය. එය නැති ප්‍රශ්නයකට ගෙනෙන ලද ඊනියා විසඳුමකි. අප එය මුළුමනින් ම විසිකර දැමිය යුතු ය. එහි දී බටහිරයන්ගේ ආර්ථික තහංචි ආදියට මුහුණ පෑමට අප සූදානම් විය යුතු ය. සිංහලයන්ගේ බටහිර යටත්විජිත විරෝ්ධයට ප්‍රතිචාරයක් ලෙස බටහිරයන් ඊනියා ජාත්‍යන්තර යුද අපාරාධිකරණ මගින් දඬුවම් දීමට අර අඳින්නේ ජනාධිපතිතුමාට හා ආරක්‍ෂක ලේකම් තුමාට ය. යථා කාලයේ දී ඔවුන් සමස්ත ජාතියට ම දඬුවම් කිරීමට ඉදිරිපත්වනු ඇත. ජනාධිපතිතුමා එක්සත් ජාතීන් හමුවේ බටහිර පොලිස්කාරයන්ට අභියෝග කර ඇත. ඒ පොලිස්කරුවන්ගේ මෙරට නියෝජිතයෝ තානාපති කාර්යාලවල සිට දෙමළ ජාතිවාදය වෙනුවෙන් පාලනයට ඇඟිලි ගසති. වහාම ඒ නතරකිරීමට කටයුතු කළ යුතු ය.


නලින් ද සිල්වා

2013-09-29

Thursday, 26 September 2013

උතුරේ ඡන්ද ප්‍රතිඵලය රට බෙදීමට වරමක් නොවේ


විග්නේෂ්වරන් වෙනුවට තල් පිත්තක්තැබුවත් උතුරේ ඡන්ද ප්‍රතිඵලය වෙනස් නොවන බව කවුරුත් පිළිගනු ඇතැයි මමසිතමි. යාපනයේ මිනිසුන් ඡන්දය දී ඇත්තේ ඔවුන්ට හුරු පුරුදු වෙල්ලාල දේශපාලනබලවේගයටය. තුවක්කු බලය හැරුනුවිට ඔවුන් හඳුනන එකම දේශපාලන බලයද එයයි. අදයාපනයේ ජීවත්වන දෙමළ ජනයා පමණක් නොව ඔවුන්ගේ සීයලා මුත්තලා දැන සිටියේද ඒදේශපාලන බලය පමණි. මිනිසුන්ට වැදගත්වී ඇත්තේ ඔවුන්ට සුපුරුදු වෙල්ලාලනායකත්වය මිස ඔවුන් වැඩිය දැක නැති විග්නේෂ්වරන් නොවේ.


දෙමළ ජාතික සංධානය යාපනයේ කලේජාතිවාදී දේශපාලනයක් බව රහසක් නොවේ. නමුත් යුධයකින් පැරදී විඩාපත්ව සිටිනමිනිසුන් කොටසක් ඒ පැරදුන යුධයට ඔවුන් ගෙන ගිය ජාතිවාදී දේශපාලනයටම නැවතත්ඡන්ද දුන්නේ යැයි සිතිය හැකිද? ප්‍රභාකරන්ට කරන්ට බැරි වුනු යුද්ධයක්විග්නේෂ්වරන්ටවත් සුමන්දිරන්ටවත් කරන්ට පුළුවන් යැයි යාපනයේ දෙමළ මිනිසුන්සිතනවා විය නොහැකිය. විග්නේෂ්වරන්ට ඡන්දය දුන්නේ යුධයෙන් දිනාගත නොහැකිවූදේ ඔහුට සාකච්ඡා මර්ගයෙන් දිනා ගතහැකි යැයි දෙමළ ජනයා සිතු නිසාද? නමුත්එවැනි සාකච්ඡා මර්ගයක් ගැන ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය තුල කියැවුනේ නැත. දෙමළජාතික සංධානය ආණ්ඩුව සමඟ බලය බෙදීම ගැන සාකච්ඡා කරමින් සිටියේ නැතුවා මෙන්මආණ්ඩුවෙන් එවැන්නකට කැමති බවක ඉඟියක්වත් ලැබුනේ නැත. ඡන්දයට කලින්සිංහලයිනුත් ආණ්ඩුවත් කියා සිටියේ පලාත් සභා වලට ඉඩම් හා පොළිස් බලතල නොදෙනබවය. එසේ නම් විග්නේෂ්වරන් සාකච්ඡා මාර්ගයෙන් ඔවුන්ට යමක් ලබාදේ යැයි සිතාදෙමළ ජනයා ඔහුට ඡන්දය දුන්නා යැයි කිව නොහැකිය. එසේ නම් දෙමළ ජනයා නැවතත්ජාතිවාදී දේශපාලනයට ඡන්දය දුන්නේ ඇයිදැයි අපි තේරුම් ගන්නේ කෙසේද?

දෙමළ ජනයා ඡන්දය දී ඇත්තේ ජාතිවාදීදේශපාලනයට නොවේ. අපි තේරුම් ගත යුත්තේ එයයි. ඔවුන් ඡන්දය දී ඇත්තේ ඔවුන්ටසුපුරුදු වෙල්ලාල නායකත්වයටය. වෙල්ලාලයන්ද යාපනයේ ජාතිවාදී දේශපාලනයක් කලේඔවුන්ට ඡන්දය දුන් යාපනයේ දෙමළ ජනයා අරමුණු කරගෙන නොවේ. වෙල්ලාලයින්ටඅරමුණු දෙකක් තිබිනි. එකක් ඔවුන්ට මූල ධනය සපයන බටහිර විසුරුනු දෙමළ ජනයාගේලේ පිපාසය සංසිඳවීමය. අනික යාපනයේ දෙමළ ජනයා තුල තවමත් ජාතිවාදයට පදනමක්ඇතැයි බටහිර රටවලට පෙන්වා දීමටය නැත්නම් එසේ කීම සඳහා බටහිර රටවලටඅවස්ථාවක් දීමටය. ඡන්දය දිනීමෙන් ඔවුන්ට මේ අරමුණු දෙකම ඉෂ්ඨ වී ඇත.බලාපොරොත්තු වූ ආකාරයටම චන්ද ප්‍රතිඵල පදනම් කරගෙන බටහිරුන් හා ඉන්දියාවේආධාරයෙන් උතුරු පළාතේ අසමමිතික රාජ්‍ය බලයක් ගොඩනැඟීමට වෙල්ලාලයන් ක්‍රියාකරනු ඇත.

විග්නේෂ්වරන් ඡන්දය ඉල්ලුවත්නොඉල්ලුවත් ජාතිවාදී දේශපාලනයක් කලත් නොකලත් උතුරේ දෙමළ ජනතාව ඔවුන්ගේසීයලා මුත්තලා කළාක් මෙන් වෙල්ලාල නායකත්වයට ගරු කරමින් ඔවුන්ට ඡන්දය දෙනුඇත. ප්‍රශ්ණය එය නොවේ. මේ නායකයින්ම ජාතිවාදය පිටු දකිමින් අපි සිංහලුන්සමඟ සමඟියෙන් එක රටක් හැටියට ජීවත්විය යුතුයි, අපිට සුවිශේෂ බල එපා කියමින්තම ඡන්ද ව්‍යාපාරය ගෙනගියා නම් ඒත් යාපනයේ දෙමළ ජනයා ඔවුන්ට ඡන්දය දෙනුඇත. ප්‍රශ්ණය ඔවුන් එසේ නොකල එකය. වෙල්ලාලයින්ට දෙමළ ජනයාගේ දේශපාලන මතයඔවුන්ට කැමති පරිදි හැසිරවීමට හැකියාවක් ඇත. නමුත් වෙල්ලාලයින් කෙදිනකවත්දෙමළ සිංහල සංහිඳියාවක් පදනම් කරගෙන දෙමළ ජනයා මෙහෙයවන්නේ නැත. මන්දඑපමණින්ම ඔවුන් සතු දේශපාලන හා සමාජීය බලයඔවුන්ටනැතිවනබැවිනි. ඉංදියාවද බටහිරුන්ද ඔවුන්ට එය කිරීමට ඉඩ නොදෙනු ඇත. මන්ද ඔවුන්ටදඑවිට සිංහලුන්ට බලපෑමක් කිරීමට හැකියාවක් නැතිවන බැවිනි. මේ ඡන්දයෙන්පෙනෙන්නේ යාපනයේ දෙමළ ජනයා විකල්පයක් නැතිව දේශපාලන නන්දිකඩාලයක සිරවීසිටින බවය. ප්‍රභාකරන් වෙනුවට අද එහි සිටින්නේ වෙල්ලාලයෝය. දෛවයේ සරදම නම්ප්‍රභාකරන් සිටියා නම් මේ සිටින වෙල්ලාලයෝ අද ජීවතුන් අතර නැති වෙන්නට ඉඩතිබීමය.

වෙල්ලාලයින් ජාතිවාදී දේශපාලනයක්කලේ ඡන්දය දිනීමෙන් පසු ජාතිවාදය යාපනයේ දෙමළුන්ගේ ගිනුමට බැර කිරීමට බලාගෙනය. ඔවුන් එය යථා කාලයේදීම කරනු ඇත. වෙල්ලාලයින්ගේ කතන්දර පිළිගැනීමට සැදී පැහැදී සිටින්නන් විගනේෂ්වරන්ගෙන් ඇසිය යුත්තේ ජාතීන් අතර සංහිඳියාවක්ඇතිවන ආකාරයෙන් දේශපාලන ව්‍යාපාරයක් නොකර ජාතිවාදය පදනම් කර ගත්තේ මන්දකියාය. බටහිරුන් විග්නේශ්වරන්ගෙන් එසේ නොඅසයි නම් එසේ නොඅසන්නේ ඇයිදැයි අපිබටහිරුන්ගෙන් ඇසිය යුතුය. යාපනයේ දෙමළුන්ට රට බෙදීමට අවශ්‍යයැයි කිවහැක්කේ වෙල්ලාලයින් විසින් ඒකීය රාජ්‍යයකට කැමතිව ජාතීන් අතර සංහිඳියාවක්ඇතිවන ආකාරයේ දේශපාලනයක් කර පරාජය ලැබුවා නම්ය. ඔවුන් සංහිඳියාත්මක ඡන්දව්‍යාපාරයක් කලේ නම් මිනිසුන් ඔවුන්ට ඡන්දය නොදේ යැයි මේ ප්‍රතිඵලවලින් කිවහැකිද?


ජානක වංශපුර

2013-09-26

ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට

ඉංග්‍රීසීන්ගෙන් ඊනියා නිදහස ලැබී අඩ සියවසක් පසුවුනද ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට තවම සිංහලුන් සමත්වීනැත.අද අපට ඇති රාජ්‍යයේ දුර්වලබව මතුපිටින් නොපෙනෙන්නේ රාජපක්‍ෂ ආණ්ඩුව බලවත් බැවිනි, එනම් එහි ප්‍රබලයින්ට සිංහල බෞද්ධයින් බහුතරයගේ කැමැත්ත ඇති නිසාය එසේත් නැත්නම් ආණ්ඩුවේ ප්‍රබලයින් තමන්ට රිසිසේ රාජ්‍ය බලය හසුරුවන නිසාය. එසේ තිබිය දීත් සිංහල බෞද්ධයින් අපේක්‍ෂා කල පරිදි දහතුන් වෙනි සංශෝධනය ඉවත් කරගැනීමට නොහැකිවූ බව අමතක කල නොහැකිය. රාජපක්‍ෂ ආණ්ඩුව දුබල රාජ්‍යයක ප්‍රබල ආණ්ඩුවක් ලෙස හැඳින්වීම වඩා නිවැරදි යැයි මම සිතමි.

සිංහල ජාතිය තවමත් පවතී. බෞද්ධයෝද සිටිති. නමුත් අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ පැවතුන සිංහල බෞද්ධ රාජ්‍යය අද නැත. ක්‍රමයෙන් දුර්වල වෙමින් ආ සිංහල බෞද්ධ රාජ්‍යය ඉංග්‍රීසීන් විසින් 1815 දී  විනාශකර දැමිනි. නමුත් ඉංග්‍රීසීන්ගෙන් ඊනියා නිදහස ලැබූ පසු අපි අපේ පැවැත්ම සඳහා නව රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට උත්සාහ නොගත්තෙමු. එසේ කල යුතුයැයිවත් නොසිතුවෙමු. අපි කලේ බටහිර ආකෘතියකට අනුව ආණ්ඩු පිහිටුවීමය. 48 සොල්බරි ව්‍යවස්ථාවවත්, 72 ජනරජ ව්‍යවස්ථාවවත් 78 ජේ ආර් ගේ ව්‍යවස්ථාවත් ගැටගසාගෙන ඇත්තේ නව රාජ්‍යයක් ගොඩනැඟීමේ අරමුණින් නොවේ.මේ ආණ්ඩු හරහා අද අපට හිමිවීඇත්තේ රාජ්‍යයක හොල්මණක් පමණි.

ඇමෙරිකාව ලොව ප්‍රබලම රාජ්‍යය නොවේ නම් ඉන් එකකි. එහි ප්‍රබලබවට හේතුව ඔවුන්ගේ යුධ ශක්තිය යැයි මතුපිටින් පෙනුනත්, ඒ යුධ ශක්තිය ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේත් එය ඔවුන්ට පවත්වාගෙන යාමට හැකිවී ඇත්තේත් ඊට වඩා මූල ධර්මවූ පදනමක් මත ඔවුන් තම රාජ්‍යය ගොඩනඟාගෙන ඇති බැවිනි. ඒ පදනම අන් කිසිවක් නොව දහ අට වෙනිසියවස අගභාගයේ ඔවුන් විසින් නිර්මාණයකරගත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවය. මුල් පියවරු නමින් හැඳින්වෙන එහි නිර්මාතෘවරු ඇමෙරිකානු ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී ඉතා පැහැදිලිවම ඔවුන්ට අනන්‍යවූද වැදගත්වූද සංස්කෘතික ලක්‍ෂණයක් හඳුනාගත්හ. එනම් ඔවුන්ට සාමූහිකත්වයට වඩා පුද්ගලිකත්වය එසේත් නැත්නම් පුද්ගලික නිදහස වැදගත්වන බවය. ඒ අනුව ඔවුන් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරගත්තේ පුද්ගලික නිදහස හා ඒ සබැඳි අයිතීන් ආරක්‍ෂා වෙන අන්දමටය. පුද්ගලික නිදහස ඔවුන්ගේ ජීවනක්‍රමයේ අරටුව යැයි කිව හැකිය. මූල ධර්ම වශයෙන් ඇමෙරිකානු රාජ්‍යය ප්‍රබල රාජ්‍යයක් වීමට ප්‍රධාන හේතුව ජීවන ක්‍රමයත් ආණ්ඩුක්‍රමයත් අතර ඇති මේ පෑහීමය. ඇමෙරිකානු රාජ්‍යය ප්‍රබල රාජ්‍යයක් වීමට අනිත් හේතුව ඔවුන්ගේ සමාජය සංස්කෘතික වශයෙන් සමජාතීය වීමය. බොහෝ දෙනා එසේ සිතුවත් යුධ ශක්තිය ඔවුන්ගේ රාජ්‍යය ක්‍රියාවට නඟන එක් අවයවයක් මිස එහි පදනම නොවේ.

සිංහලුන්ද සිය පැවැත්ම සඳහා ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා ගතයුතුය. රාජ්‍යයක් ප්‍රබල යැයි කීමෙන් අදහස් කෙරෙන්නේ ප්‍රබලවීම තුලින් ජාතියේ පැවැත්ම අදටත් හෙටටත් තහවුරු කරන්නේ නම්ය. මෙතෙක් කල් සිංහලුන්ගේ පැවැත්ම තහවුරු කෙරුනේ ඔවුන් තුල බුදුදහමට තිබුනු බැඳීමය. බුදුදහම හෙළබිම තුල රැඳුනේද සිංහළුන් හා බුදුදහම අතර තිබුනු බැඳීමය. අපේ සතුරන් පවා දැනසිටි මේ කරුණ බැහැර කරන්නේ නම් එය සියතින් ගෙලසිඳ ගැනීමකි. අද බොහෝ මධ්‍යම පංතික උගතුන් තමන් සිංහල හෝ බෞද්ධයැයි ලේබල් ගසා ගැනීමට ලැජ්ජා වෙති. නමුත් වයස විසිපහක් තිහක් වෙන තෙක් ලංකාවේ ජීවත්වුනු අසිංහල අබෞද්ධ අයෙකුට පවා කොපමණ උත්සාහ කලත් සිංහල බෞද්ධ සංස්කෘතියේ අභාෂය සම්පූර්ණයෙන් හැලිය හැකි නොවේ. ඔවුන් සිංහල බෞද්ධ ලේබල් ගසා නොගැනීම තුලින් තමන් සුද්දන් හා සමාන යැයි හෝ සුද්දන් මෙන් සිතන්නේ යැයි සිතන්නේ නම් එය විහිලුවක් පමණි. ප්‍රබල රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා එදා මෙන්ම අදද අප කල යුත්තේ සිංහළුන් තුල බුදුදහමට ඇති බැඳීම රැකගැනීමය. එහිදී අපි ඇසිය යුතු ප්‍රධාන ප්‍රශ්ණය සමාජයක් වශයෙන් බුදු දහම රැකෙන ජීවන ක්‍රමයක් පවත්වාගෙන යන්නට ආරක්‍ෂා වියයුතු පුද්ගලික මෙන්ම සාමාජයික අයිතීන් මොනවාද යන්නය. ව්‍යවස්ථාව යන ලියවිල්ලේ තිබිය යුත්තේ ඒ ප්‍රශ්ණයට පිළිතුරුය. රාජ්‍යය ප්‍රබල වන්නේ ඒ පිළිතුරු කෙතරම් නිවැරදිද යන්න මතය. 

ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට අත්‍යාවශ්‍ය අනිත් සාධකය විවිධ ජාතීන් හා ආගම් අදහන්නන් එකට බැඳී සිටීමය. එය ඇමෙරිකාවේ සිදුවන්නේ විවිධ ජාතීන් හා ආගම් අදහන්නන් එකම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක් තුලට ගැනීම තුලිනි. එහි පොදු සමාජය තුල වැදගත්කමක් හිමිවන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට පමණක් වුනත් අනුන්ට බාධාවක් නොවෙනතාක් කල් තමන්ට කැමති ජීවන රටාවක් ගෙනයාමට මිනිසුන්ට නිදහසක් ඇත. ඇමෙරිකාවේ එය එසේවී ඇත්තේ එහි පුද්ගලික නිදහසට ඉහල තැනක් ලැබෙන බැවිනි. 

බෞද්ධයින්ට සියලු සංස්කාර ධර්මයන්වල ඇත්තේ සාපේක්‍ෂ පැවැතුම්ය. ඔවුහු තමනුත් සමාජයත් අතර සාපේක්‍ෂ පැවැත්මක් දකිති. ඒ නිසා ඔවුන්ට සාමූහිකත්වය වැදගත්ය. නමුත් ඔවුන් නිවන් දැකිය හැක්කේ තනියෙන් බවද දනිති. ඒ නිසා ඔවුන්ට පුද්ගලිකත්වයද වැදගත්ය. බෞද්ධයින්ට සාමූහිකත්වය මෙන්ම පුද්ගලිකත්වයද එකසේ වැදගත්ය. ඒ නිසා සිංහල බෞද්ධ සමාජයක විවිධ ජාතීන් හා ආගම් අදහන්නන් එකම සංස්කෘතියකට අනුගත කල නොහැකිය. ඔවුන් එකට බැඳෙන්නේ, බැඳියයුත්තේ විවිධත්වය රැක ගෙනමය. එසේ නම් ඔවුන් අනුගත වෙන්නේ කුමකටද?


සිංහල බෞද්ධ සමාජයක විවිධ ජාතීන් හා ආගමිකයින් අනුගත විය යුත්තේ සාමූහිකත්වය මෙන්ම පුද්ගලිකත්වයද එකසේ වැදගත්ය යන සංකල්පයටය. එය සංස්කෘතියෙන් සිංහල බෞද්ධවීමක් නොව ඊට වඩා මුල ධර්මවූ සිංහල බෞද්ධ චින්තනයට අනුගතවීමය. මේ අනුගතවීම ඇමෙරිකානුවන් පුද්ගලිකත්වය වඩා වැදගත්ය යන යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අනුගතවීම හා සමානය. එකම වෙනස පුද්ගලික නිදහස ඉහලින් සලකන සමාජයකට ගැටුමක් නැතිව එකට ජීවත් විය හැක්කේ ඔවුන් සංස්කෘතියෙන්ද සමජාතීයවුවහොත් පමණි නමුත් සාමූහිකත්වය මෙන්ම පුද්ගලිකත්වයද එකසේ වැදගත් ලෙස සැලකීමට සියල්ලෝම සංස්කෘතියෙන් සිංහල බෞද්ධවීම අවශ්‍ය නොවේ.



ජානක වංශපුර

2013-09-26

Wednesday, 25 September 2013

Dayasiri and Wigneswaran

Dayasiri Jayasekera and Canagasabapthy Wigneswaran are both lawyers, and obtained the most number of preferentials (Manape) among the Sinhalas and Tamils respectively, and the comparison ends there. Dayasiri was educated at Narammala Mayurapada Madhya Maha Vidyalaya, Mayurapada reminding the Sinhala people the Dambadeniya period and Sinhala kings and literary Bhikkus and lay people, and Wigneswaran was educated at Royal College, Colombo with a history going back only up to 1835, and reminding us of the English. Dayasiri is still not a Sinhala nationalist but most probably will be in due course. Wignewaran is a Tamil internationalist, and like his predecessors Ramanathan, Arunachalam, Ponnambalam educated at the same school as he was, is more pro English than pro Sinhala not different from some of his Sinhala school mates. In fact some of them would be offended for calling them Sinhala! Dayasiri cannot influence the Sinhala nationalist opinion, but on the contrary is influenced by it while Wigneswaran influences the Tamil opinion.

There is a fundamental difference between Sinhala nationalism and Tamil internationalism. I call the latter internationalism since it is based on anti Sinhala ideology of first the Dutch, then the English and now the American led western world. The Tamil internationalism amounts to anti Sinhala Buddhist racism in the final analysis and is top down while Sinhala nationalism is bottom up. SWRD Bandaranaike did not influence Sinhala nationalism and certainly DS Senanayake did not create it.  They were all in some way products of Sinhala nationalism. The Sinhala Buddhists have a history of anti colonialism since the days of Portuguese and their leaders from Mayadunne up to Mahinda Rajapakse were products of Sinhala nationalism. Ranil W. would never be able to lead the Sinhalas as Dayasiri probably realized while he was in the UNP. According to the minister Pavithra Vanniarachchi who is the  daughter of an ardent Sinhala nationalist, Dayasiri made it a point to speak in English to Ranil W. as the former thought that those who spoke in Sinhala had no place in the UNP.  The UNP under these circumstances would lose its vote base further even from the present figure of about twenty eight percent. The vote that Sarath Fonseka gets is nothing but of those UNP supporters with a Sinhala nationalistic inclination and this could increase slightly in the future. However, Democratic Party is no match for the SLFP and Sarath Fonseka cannot compete with Mahinda Rajapakse for the Sinhala vote in general. The irony is that the Tamil people who are dictated by the ITAK would not vote for the UNP and Ranil W. would not be supported by the English high commissioner and the American ambassador in the Northern Province.

If not for the folly of Seethavaka Rajasinghe converting to Arittaku Venduism the history of Sri Lanka would have been different. There was a rupture between Sinhala and Buddhism, and between the leader and the people, and it made the maritime provinces being ruled by the Portuguese. Something similar happened towards the end of the Mahanuwara period making things easier for Cambridge educated Doyle to fool the Sinhala Adikarams. If not for the bondage between Sinhala and Theravada Buddhism of the third Sangayana (council) there would not have been a Sinhala Buddhist nationalism which makes it difficult for the western ambassadors led by the US ambassador on behalf of the English high commissioner to make Sri Lanka their playing field.  The Sinhala Buddhists continue to engage with their anti colonial struggle and Dayasiri, who is yet to become a Sinhala nationalist, is only a symbol of it. Sinhala nationalism is something that the west resents and they also know that culturally Sinhala Theravada Buddhism is an “eternal” challenge to them in this Anithya world. It is in this context that the English attempted to use the ethnic groups against the Sinhala Buddhists. It is to the credit of the Sinhala Catholics ad Christians of various denominations that in spite of some of their leaders, that they refused to be used against the Sinhala Buddhists (perhaps following the Sinhala cultural tradition of not being led by the leaders) and joined hands with the Sinhala Buddhists. Some other ethnic groups such as Malays too have joined the anti colonial struggle of the Sinhala Buddhists. However, the ethnic Tamils are being used by the English and the west against the Sinhala people and it is very unlikely that the situation would be changed in the next few years.

The Sinhala people individually would wish to climb the social ladder given to them by the English, but collectively would not be dictated by the “values” of the west. They would not be dictated by English speaking leaders who do not understand the Sinhala culture, and do not think much about English concepts such as “good governance” “corruption” etc., as probably they know by intuition that the west is hypocritical about these concepts. They know how they were treated by the English, and have no trust at all in the western values and when the English educated people talk of these concepts they just ignore them with ‘ivaseema” (tolerance). At least a few of us who have been exposed to western education with open eyes and not blindly, and who believe in the motto “learn and depart” know how the so called democracy works in the western countries, are in the business of enriching our culture with the knowledge of the hypocrisy of the western values. It is not a case of us teaching the people but learning from the people and then looking at the western culture with our eyes and not theirs. This should not be interpreted as a license for corruption, but Sinhala people know by experience (prathyaksha) and not through ‘learned discourses” that western “democracy” cannot survive without ‘bad governance” and corruption. 

The western diplomats led by the American ambassador and western media led by the biased BBC acted as if there were no elections in Wayamba and Madhyama. They “celebrated” the victory of the ITAK who want to establish a confederation first. The American ambassador soon after the elections was kind enough to remind us that holding elections alone would not make a country democratic or words to that effect. She should be reminded that in all three provinces the turnout was good and that in Sri Lanka we have a participatory western democracy that is not found in USA. In her country people do not believe in western democracy and do not take an interest to vote in general at elections. What they have is democracy of a few by a few for a few, in which most people are not interested. It is not very much different from democracy practiced in ancient Greece where democracy was only for the slave owners. The ambassador should learn something of “mahasammathaya” which we practiced in Sinhala Buddhist Sri Lanka. Long before the French revolution and the American revolution during the time of King Mahasen Sinhala people rose against the king but did not chop his head, and ultimately elevated him to the status of a god!


The UPFA is the only national party in Sri Lanka at present as it is the only party that is capable of winning at least a single seat in any of the districts in the country. It can poll a minimum of 15 percent of the vote in any district, and though some compare percentages to show that the UPFA has lost its vote base during the last four years in the Northern Province it is not so as in absolute terms there is not much of a decrease. What has happened is that this time many “new” voters have gone to the polling booth and most of them have voted for the ITAK. In any event those ambassadors who celebrate the ITAK victory should note that less than four percent of the people live in the Northern Province, and they could learn from Soulbury who told the then Tamil leaders that by artificial means one cannot make a minority a majority. Wigneswaran has started on a wrong foot and when he said soon after the results that they would talk to India if their demands are not met (negotiations with the government fail means just that) his inclinations are clear. Tamil racism against Sinhala people have been always incited by the west and recently by India, and Sinhala people cannot be scared by such utterances. Sinhala nationalism would not give into Tamil racism simply because it is an internationalism supported by the western countries. If Tamil leaders are genuine they could work with the government (UPFA the only national party in the country) breaking away from western internationalism which is nothing but colonialism and joining the Sinhala people in their anti colonialist struggle. Tamil internationalism is top down and it is unfortunately the Tamil leaders who are products of western education who have taken the cue from the English, and supported by some clergy, NGO personnel, Marxists who cannot interpret the world let alone change it, and some ‘educated” Sinhala who are pro English, who have ignited the anti Sinhala feelings among some Tamils. Even Prabhakaran was one of their creations, and Sinhala nationalism knows how to deal with Prabhakarans. 


Nalin De Silva

25-09-2013

සතුටු ලැයිස්තුවේ නිර්ණායක

අප මෙතරම් පැචැත්ම ගැන සඳහන් කරන්නේ ඊනියා යථාර්ථවාදය, ඊනියා විද්‍යාත්මක යථාර්ථවාදය, වාස්තවිකත්වය ආදිය බටහිර විද්‍යාවට ප්‍රධාන බටහිර දැනුමට ඉතා වැදගත් වන බැවිනි. ක්වොන්ටම් භෞතිකය මගින් මේ සංකල්ප අභියෝගයට ලක්කෙරුණ ද, අවුරුදු විසිපහකට වැඩි කාලයක් අප මේ පිලිබඳ ව පළමුව සිංහලෙන් හා පසුව ඉංගිරිසියෙන් කතාකර තිබුණ ද, ඊනියා යථාර්ථය යනු ව්‍යාජයක් බව කියා තිබුණ ද, මෙරට උගතුන් යැයි කියාගන්නා අය ඒ නොසළකා සිටියහ. එයට ප්‍රධාන ම මෙරට උගතුන්ට සිතන්නට, කල්පනා කිරීමට නොහැකි වීම ය. ඔවුහු එක්කෝ තුන්වැනි සංගායනාවේ මත ආධානග්‍රාහී ව පිළිගනිති. එසේත් නැතහොත් බටහිර මත කිසිම වගවිභාගයකින් තොරව පුනරුච්චාරණය කරති. පසුගිය අගෝස්තු 29 වැනි දින “ දි අයිලන්ඩ්” පුවත්පතෙහි පළ වූ ලිපියක කාලෝ ෆොන්සේකා මහතා තමා ඊනියා යථාර්ථය පිළිබඳ ව මෙතෙක් දැරූ මතයෙන් වෙනස් වීමට උත්සාහයක් ගෙන තිබිණි. කාලාම සූත්‍රය තරමකට වුවත් තේරුම් ගැනීමට අවුරුදු විසිපහකට අධික කාලයක් ගත් ඒ මහතාට මේ සියල්ල තේරුම් ගැනීමට තවත් බොහෝ කාලයක් යනු ඇත. එහෙත් අවාසනාවකට කාලෝගේ කාලය අවසන් වෙමින් පවතියි. ඔහුට ඉගෙනීමට දැන් කාලයක් නැත.

ගුණදාස අමරසේකර මහතා කාලෝ ෆොන්සේකා මහතා තරම්වත් මේ කිසිවක් ගැන නොසිතයි. ඔහුට අනුව යථාර්ථවාදී සාහිත්‍යයක් ඇත. ඔහු ඉතා මෑතකදීත් සඳහන් කර ඇත්තේ සාහිත්‍යය යනු දේශපාලන සංවාදයේ උත්තර ප්‍රකාශය බව ය. ඔහුට අනුව අද මෙරට යථාර්ථවාදී සාහිත්‍යයක් බිහි නොවන්නේ මෙරට හරිහමන් දේශපාලන සංවාදයක් නොමැති බැවිනි. ඔහුත් බොහෝ සාහිත්‍යධරයනුත් කියන ආකාරයට ගම්පෙරළිය ඉතා විශිෂ්ට නවකතාවකි. ඒ එසේ නම් මාර්ටින් වික්‍රමසිංහ මහතාට ඒ කෘතිය නිර්මාණය කිරීමට හේතු වූ දේශපාලන සංවාදයක් 1944 ට පෙර ඒ ආසන්නයේ පැවතියේ ද? මෙකල නොමැති, එකල පැවති ගැඹුරු දේශපාලන සංවාදය කුමක් ද? 

අනෙක් අතට අද ගුණදාස අමරසේකර මහතා ද දේශපාලන සංවාදයක නිරත වෙයි. බොහෝ දෙනා කියන පරිදි අද උසස් සාහිත්‍ය කෘති නිර්මාණය නොවන්නේ අමරසේකර මහතා ද දායක වන දේශපාලන සංවාදය නොගැඹුරු බැවින් ද? ඒ එසේ නම් දේශපාලන සංවාදය ගැඹුරු කිරීමට කළ හැක්කේ කුමක් ද? ගැඹුරු දේශපාලන සංවාදය අවිඥානික ව ඇති විය යුත්තක් ද? එය සවිඥානිකව ඇතිකර ගත නො හැකි ද? 

අමරසේකර මහතා හා ට්‍රොට්ස්කිවාදී සාහිත්‍ය විචාරිකාවක වූ පියසීලි විජේගුණසිංහ මහත්මිය අතර ඊනියා යථාර්ථය  සම්බන්ධයෙන් විශාල වෙනසක් නොතිබිණි. විජේගුණසිංහ මහත්මියට අනුව සාහිත්‍ය රසය උපදින්නේ යථාර්ථය ග්‍රහණය කර ගැනීමෙනි. මේ යථාර්ථය අප ඇතත් නැතත් පවතියි. අප ඇතත් නැතත් සූර්යයා, පෘථිවිය, ගස්වැල් ආදිය පවතියි. ඒ වස්තු වෙනස්වීම වැළැක්විය නොහැකි ය. එහෙත් එර් වස්තු වෙනස්  වන්නේ යම්කිසි රටාවකට, නීති රීතිවලට අනුව ය. ඒ වස්තු ද නීති රීති ද රටා ද අපෙන් ස්වායත්ත ව පවතියි. එහෙත් මේ වස්තුවල පැවැත්ම ද, නීති රීති ද අපේ නිර්මාණ බව බොහෝ දෙනා නො පිළිගනිති. ඔවුන් සිතන්නේ ඒ වාස්තවිකත්වය අපෙන් තොරව පවතින්නක් බව ය. 

අප ජීවත්වන්නේ දැනුම් සමාජයක යැයි අද කොලු කුරුට්ටෝ ද පවසති. නාලිකාවල නිවේදක නිවේදිකාවෝ තොරතෝංචියක් නැතිව ඒ බව අපට මතක්කර දෙති. ඔවුන් ඒ බවක් සෘජුව ම නොකීව ද, ඔවුන් කියන ආකාරයට ඒත්තු යන්නේ ඒ දැනුම නිරපේක්‍ෂ හා වාස්තවික බව ය. එහෙත් ඒ දැනුම පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක බටහිර නිර්මාණය කෙරුණු දැනුමක් බව ඔවුහු නො දනිති. ඔවුහු ඒ බවක් කල්පනා කිරීමට පවා අකමැති වෙති. බටහිර විද්‍යාව ද ඇතුළු මේ දැනුම සාපේක්‍ෂ බව වටහාගැනීමට ඔවුහු උත්සාහයක්වත් නො ගනිති. 

බටහිර පශ්චාත්නූතනවාදය යැයි කියන්නෙහි විසංයෝජනය (deconstruction) යනුවෙන් සංකල්පයක් ඇත. එහි දී බොහෝ විට කෙරෙන්නේ සංකල්පයක ඊනියා වාස්තවිකත්වයක් නැති බව පෙන්නුම් කිරීම ය. සංකල්ප සාපේක්‍ෂ වෙයි. අපට එහි ගැටළුවක් නැත. එහෙත් පශ්චාත්නූතනවාදී දැනුම ද සාපේක්‍ෂ වෙයි. පශ්චාත්නූතනවාදය ද විසංයෝජනය කළ හැකි ය. විසංයෝජනය ද විසංයෝජනය කළ හැකි ය. සෑම දැනුමක් ම බිහි කෙරෙන්නේ මිනිසුන් විසිනි. ඒ යම් සංදර්භයක් තුළ ය. විසංයෝජනය නම් සංකල්පය ද බිහි කෙරී ඇත්තේ නූතනත්වයෙහි යථාර්ථය නම් සංකල්පය ඇට්ටකුණා වීම යන සංදර්භයෙහි ය.

බටහිර දැනුම විසංයෝජනය කළ කල්හි අපට හමුවන්නේ සාපේක්‍ෂ වූ දැනුමකි. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම නූතනත්වයෙහි බිහි වී ඇත. බටහිර දැනුම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි බිහි විය. බටහිර දැනුම වාස්තවික නො වේ. අද සමාජයෙහි ආධිපත්‍යය දරන්නේ බටහිර දැනුම ය. වත්මන් සමාජය දැනුම් සමාජයක් යැයිි කී කල්හි එයින් කියැවෙන්නේ වත්මන් සමාජය බටහිර දැනුම් සමාජයක් ය යන්න ය. එහෙත් දැනුම් සමාජයක් යන්න යොදා ගැනෙන්නේ මේ දැනුම මුළු ලෝකයට ම පෙදු වාස්තවික දැනුමක් යන අරුතෙන් ය. 

විවිධ ගුවන්විදුලි හා රූපවාහිනි නාළිකාවල ද පුවත්පත්වල ද සේවය කරන ජනමධ්‍යවේදියෝ ද කසිකබල් මහාචාර්යවරු ද එවැනි ම වූ දේශපාලනඥයෝ ද මහත් උජාරුවෙන් දැනුම් සමාජය යන්න යොදා ගනිති. ඔවුහු ඒ ව්‍යවහාර කිරීමට මහත් රුචියක් දක්වති. ඔවුන් සිතන්නේ එමගින් තම දැනුම තම ශ්‍රාවකයන්ට, පාඨකයන්ට, ශිෂ්‍යයන්ට , ඡන්දදායකයන්ට දැනෙන්නට සැලැස්වීමට ය. එහෙත් ඔවුන් කියා පාන්නේ තමන්ගේ නොදැනුම ය. දැනුම් සමාජයෙහි දැනුම නිරපේක්‍ෂ වාස්තවික දැනුමක් නොව පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක බටහිර නිර්මාණය කෙරුණු දැනුම ය.

දැනුම් සමාජය යන සංකල්පය බටහිරයන් විසින් යොදා ගැනෙන්නේ තම අධිපතිවාදී දැනුම අනෙක් රටවලට බලයෙන් පැටවීමට ය. දැනුම් සමාජය යන්න ඇසුණු විගස අනුකාරක උගත්තු එය බටහිර යුැදෙවු ක්‍රිස්තියානි දැනුම බව අමතක කර එයට ඊනියා වාස්තවිකත්වයක් ලබා දෙමින් ඒ දැනුම තව තවත් සමාජයට ලබා දීමට උත්සාහ කරති. ඔවුහු එමගින් තව තවත් බටහිර යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිතවාදයට සේවය කරති. ඊනියා පශ්චාත්නූතනවාදීන් දැනුම් සමාජය සහ තවත් බටහිර සංකල්ප විසංයෝජනය නොකරන්නේ එක් අතකින් ඔවුන්ට නිර්මාණාත්මක ව කිසිවක් කළ නොහැකි බැවින් ය. අනෙක් අතට ඔවුන්ගේ දීනකම හේතුවෙන් ඔවුන්ට බටහිරට එරෙහිව යන කිසිවක් කළ නො හැකි ය.   

පසුගිය දා නිකුත් කෙරුණු වාර්තාවකට අනුව ලෝකයේ අසතුටින් ම ජීවත්වන ජනයා ඇති රටක් ලෙස ලංකාව ද නම් කෙරිණි. ලංකාවට සතුටෙන් ජීවත්වන වැසියන් සහිත රටවල ලැයිස්තුවෙහි හිමිවන ස්ථානය ද කියා තිබිණි. ජනමාධ්‍යවේදීන් ඇතුළු පඬියෝ එ ස්ථානය පිළිබඳ තමන් දන්නා බව ද කියා සිටියහ. එහෙත් මේ කිසිවෙක් සතුටින් ජීවත්වන්නා යන්න තීරණය කරන්නේ කිනම් නිර්ණායක අනුව යන්නවත් එයටත් වඩා වැදගත් වූ ඒ නිර්ණායක සකස් කළේ කවුද යන්නවත් නො ඇසූහ. ඉතා පැහැදිලි ව ඒ නිර්ණායක සකස් කරනු ලැබ ඇත්තේ බටහිර පඬියන් විසිනි. ඔවුන්ගේ සතුට අර්ථදැක්වෙන්නේ ඔවුන්ගේ සමාජයට සාපේක්‍ෂව ය. ලෝකයෙහි සෑම රටක ම ජනයා සතුටු වන්නේ එකම ආකාරයකට ද?

බටහිරයන් සකස් කළ සතුට පිළිබඳ නිර්ණායකවලට අනුව විය යුතු පරිද්දෙන් ම ලෝකයේ සතුටින් ම ජීවත්වන ජනයා සිටින්නේ බටහිර රටවල ය. පුදුමය ඒ එසේ නොවී නම් ය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තිබීම සතුටට කරුණක් ද? බටහිරයන් සමහරවිට ඒ එෙැස් යැයි සිතනු ඇත. එහෙත් බොහෝ බටහිර රටවල ඡන්දය පාවිච්චි කරන ජන ප්‍රතිශතය සුළු ප්‍රමාණයකි. ඇමරිකාවට වඩා ප්‍රතිශතයක් අපේ රටේ ඡන්දය පාවිච්චි කරති. ඡන්ද බලය තිබීම, ඡන්දය පාවිච්චි කිරීම ආදිය මත සතුටුවීම බටහිරයන්ගේ කාර්යයක් විය හැකි ය. බටහිරයන් ඡන්ද බලය තිබියදීත් බොහෝ විට ඡන්දය පාවිච්චි නොකරන්නේ සතුට ඉහවහා ගොස් ඇති බැවින් ද?

පියවරුන් නැති මව්වරුන් සිටීම මවගේ සතුටට කරුණක් ද? කාර්යාලයෙන් ගෙදර ගිය පසු දොර ජනෙල් වසාගෙන සමාජ ආශ්‍රයක් නොමැතිව පෞද්ගලිකත්වය වර්ධනය කරගනිමින් රූපවාහිනිය නැරඹීම සතුටට කරුණක් ද? බටහිර රටවල ඒ එසේ විය හැකි ය. එහෙත් අපත් එසේ ම කළ යුතු ද? කෙටියෙන් කිවහොත් අප සතුටු විය යුත්තේ බටහිරයන් සතුටු වන ආකාරයෙන් ද? පෞද්ගලික ව ගතහොත් බටහිර රටක දී මට සතුටු විය නො හැකි ය. ඒ මගේ සතුට ඔවුන්ගේ සතුට නොවන නිසා ය. 

මේ සතුටු ලැයිස්තු ආදිය සකස් කිරීමෙන් බටහිරයන් කරන්නේ කුමක් ද? ඔවුන්ගේ ජීවන ක්‍රමය අප ද අනුගමනය කළ යුතු බව කීම ය. අප මත ඔවුන්ගේ සතුට පැටවීම ය. ඒ සතුට අප මත පැටවීම ඔවුන්ගේ සතුටට කරුණකි. එහෙත් අප ඔවුන් අනුව සතුටු විය යුත්තේ ඔවුන්ගේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය තව තවත් තහවුරු කිරීමට මිස වෙනත් දෙයකට නො වේ. මා නම් සතුටු වන්නේ බටහිරයන්ගේ සතුටු ලැයිස්තුවලට පයින් ගැසීමෙනි. සතුටු ලැයිස්තුව අප මත පැටවීමට බටහිරයෝ ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යය යොදා ගනිති. අප ඔවුන්ගේ දැනුමට ද වහල් විය යුතු නො වේ.

අපේ ඇතැමුන් අද බටහිරයන් සතු දැනුම අවුරුදු දහස් ගණනකට පෙර අප සතුව පැවතී යැයි කියා සතුටුවීමට උත්සාහ දරණු පෙනෙයි. මා සමග ඇතැම් විට සංවාදයෙහි යෙදෙන මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා ද බටහිරයන් අද සතු දැනුම අපට එකල තිබිණි යැයි කියනු ඇසිය හැකි ය. එහෙත් මෙය වැරදි අදහසකි. බටහිරයන්ගේ දැනුම අපට කිසි දිනෙක තිබී නැත. බටහිරයන්ගේ දැනුම අපේ දැනුමෙන් වෙනස් වෙයි. එය ආකල්පමය වශයෙන් ද චින්තනය වශයෙන් ද වෙනස් වෙයි. 

අප සතුව ගණිතයක් තිබූ නමුත් එය බටහිරයන්ගේ වත්මන් ගණිතය නො වේ. බටහිරයන්ගේ වතජ ගණිතය, ත්‍රිකෝණමිතිය පමණක් නොව කලනය ද වැනි දැනුමක් භාරතීයයන්ට තිබී ඇත. එහෙත් ඒ ගණිත දැනුම බටහිරයන්ගේ වියුක්ත ගණිතයෙන් මුළුමනින් ම වෙනස් වෙයි. භාරතීයයන්ගේ ගණිතය පැරණි ග්‍රීකයන්ගේ ගණිතයෙන් ද වෙනස් විය. වත්මන් බටහිරයන් පමණට වියුක්තව සිතීමට පැරණි භාරතීය බමුණන්ට නොහැකි විය. පැරණි භාරතීය ගණිතය වත්මන් බටහිර ගණිතයට වඩා සංයුක්ත විය. පැරණි භාරතයේ ග්‍රීකයන්ගේ ජ්‍යාමිතිය ඇති නොවීමට ප්‍රධාන හේතුව බමුණන්ගේ වියුක්ත චින්තනය ග්‍රීකයන්ගේ වියුක්ත චින්තනයට වඩා අඩු මට්ටමක තිබීම ය. 


අපේ දැනුම සංයුක්ත ප්‍රත්‍යක්‍ෂ දැනුමක් විය. අපට ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගත් සෘෂිවරුන්ගෙන් ලැබිණි. අප රටවල, එනම් අද දකුණු ආසියාව යැයි හැඳින්වෙන රටවල, වත්මන් ගුවන්යානා දැනුමක් හෝ පරමාණු හා න්‍යෂ්ටික අවි පිලිබඳ දැනුමක් හෝ තිබිණි යැයි  නො සිතමි. එකල තිබූ දැනුම සෘෂිවරුන්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක් මිස වත්මන් බටහිර විද්‍යාඥයන්ගේ වියුක්ත සංකල්ප හා සම්බන්ධ දැනුමක් නො වේ. දඬුමොණරවලින් ගමන්කළ අය එදා සිටින්නට ඇත. ඒ දඬුමොණර එක්කෝ සෘෂිවරුන් ගමන් යෑමේ දී යොදාගත් ඔවුන්ගේ නිර්මාණ විය. එසේත් නැතහොත් සෙනෙවිවරුන් හා වෙනත් අය ගමන්ගත්, සෘෂිවරුන්ගෙන් ලබාගත් වාහන විය.


නලින් ද සිල්වා

2013-09-25

Tuesday, 24 September 2013

වෙල්ලාල - බ්‍රාහ්මණ - බටහිර සමාගම පරදවමු


මේ ලිපිය පළාත් සභා මැතිවරණය ගැන නො වේ. මැතිවරණයෙන් පසු කළ යුත්තේ කුමක් ද සම්බන්ධව ය. මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි යන මිථ්‍යාව නිර්මාණය කළෝ ඉංගිරිසිහු ය. සිංහලයන්ගෙන් හා ආණ්ඩුවෙන් දෙමළ ජනයාට අසාධාරණකම් සිදුවන බව ලෝ පුරා ප්‍රචාරය කරන ලද්දේ ඔවුන් විසිනි. එහෙත් කිසිම පඬියකුට කෙතරම් තෙපරබෑවත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් දැයි කිව නොහැකි වී ඇත. ඇතැම් පඬියන් බටහිරයන් හා එක්ව කියන්නේ සිංහල බෞද්ධයන් ජාතිවාදී බව ය. එහෙත් සිංහල බෞද්ධයන් අන්‍ය ආගම් සංස්කෘතීන් ඉවසා ඇත්තේ කිසිවකුට නොදෙවෙනි අයුරෙන් ය. වත්මන් ලෝකයේ දැනුම් ආධිපත්‍යය දරණ බටහිරයෝ තම මිථ්‍යා මත රාජ්‍ය නොවන සංවිධාන ජනමාධ්‍ය පාසල් හා විශ්වවිද්‍යාල මගින් පතුරුවා හරිති. අප ඊනියා දැනුම් සමාජයට විරුද්ධ විය යුත්තේ ඒ දැනුම බටහිරයන්ගේ අධිපතිවාදී යුදෙවු ක්‍රිස්තියානි දැනුම නිසා ය. පඬියන් ඊනියා දැනුම් සමාජයේ දැනුම කාගේ නිර්මාණයක් ද, කාගේ දැනුමක් ද යන ප්‍රශ්න නොඅසන්නේ ඇයි? ඔවුන්ගේ තකතීරු බසින් කියන්නේ නම් දැනුම් සමාජය යන්න විසංයෝජනය නොකරන්නේ ඇයි? අප වැනි රටවල් පූර්ණ නිදහස ලබාගනු ඇත්තේ බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම් ආධිපත්‍යය පැරදවූ දිනක ය. 

සිංහල බෞද්ධයන් ජාතිවාදී ය යන්න  බටහිරයන්ගේ තවත් නිර්මාණයක් පමණකි. 1650න් පසු ලන්දේසීන් විසින් මෙරටට ආනයනය කරනු ලැබූ දෙමළ වෙල්ලාලයන් පළමුව ලන්දේසීන් විසින් ද දෙවනුව වඩාත් සියුම්ව ඉංගිරිසින් විසින් ද සිංහලයන්ට විරුද්ධව යටත්විජිතවාදීන්ගේ ඒජන්තයන් ලෙස යොදාගනු ලැබිණි. එමෙන් ම සිංහලයන් වැටුපට වැඩකිරීමට අකමැති වීම, සිංහලයන්ට වූ බිය හා සිංහලයන් කෙරෙහි වූ අවිශ්වාසය ආදිය නිසා මෙරටට ගෙන්වනු ලැබූ කොච්චි මැලේ ආදී ජනවර්ග ද ඉංගිරිසින් විසින් සිංහල බෞද්ධයනට විරුද්ධව යොදාගනු ලැබිණි. එපමණක් නොව සිංහල ක්‍රිස්තියානිහු ද කතෝලිකයෝ ද සිංහල බෞද්ධයනට විරුද්ධව යොදාගනු ලැබූහ. ඔවුහු සියල්ලෝ ම එකල ඉංගිරිසි යටත්විජිතවාදීන්ගේ ඒජන්තයෝ වූහ. සිංහල බෞද්ධයෝ මේ ඒජන්තයන්ට ඔවුන්ගේ සංස්කෘතික හා ආර්ථික ආකූමණවලට විරුද්ධ වූහ. පියදාස සිරිසේන මහතාගේ නවකතාවල ද අනගාරික ධර්මපාලතුමාගේ කතාවල හා ලිපිලේඛනවල ද පාණදුරා වාදය ඇතුළු පංචමහා වාදවල ද මේ විරුද්ධත්වය දැකගත හැකි ය. ඒ විරුද්ධත්වය සිංහල බෞද්ධයන්ගේ යටත්විජිත විරෝධී සටනෙහි ප්‍රකාශයක් විය. එය යටත්විජිතවාදීන්ගේ ඒජන්තයට දැක් වූ විරෝධයකි. සිංහල බෞද්ධයන් ඉතිහාසය පුරා ම විරුද්ධ වී ඇත්තේ යටත්විජිතවාදීන්ට, ආක්‍රමණිකයන්ට හා ඔවුන්ගේ ඒජන්තයන්ට මිස ජනවර්ගවලට නො වේ. මේ සිංහල සංස්කෘතියෙහි හා පුරෝගාමි යක්‍ෂ ගෝත්‍රික සංස්කෘතියෙහි ලක්‍ෂණයකි. එය සිංහලයන් මුස්ලිමුන්ට සලකා ඇති ආකාරයෙන් පෙන්නුම් කෙරෙයි. මුස්ලිමුන් වත්මන් දකුණු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ පෘතුගීසී ආක්‍රමණයට සියවස් දෙකකට පමණ පෙර ය. මුස්ලිම් ජනයා දෙමළ කතාකළ අතර ඉස්ලාම් ආගම ඇදහූහ. පොන්නම්බලම් රාමනාදන්ට අනුව ඔවුහු ජනවාර්ගික ව දෙමළ වූහ. මෙරටට සංක්‍රමණය වූ මුස්ලිමුන්ට තම ආගම අදහමින් සංස්කෘතිය රැකගනිමින් දෙමළ කතාකරමින් ජීවත්වීමට කිසිදු බාධාවක් නො වී ය. සිංහල බෞද්ධයෝ මුස්ලිමුන්ට බෞද්ධවීමට හෝ සිංහල කතාකිරීමට හෝ බල නොකළහ. එපමණක් නොව වැදි ජනයාට ද තම සංස්කෘතිය රැකගෙන සියවස් ගණනාවක් ම සිංහල බෞද්ධයන් සමග ජීවත්වීමට  කිසිදු බාධාවක් නොවී ය.  එදා කිසිදු ජනවාර්ගික ප්‍රශ්නයක් නො වී ය. සිංහල රජවරු පෘතුගීසීන්ගෙන් මුස්ලිමුන් ද කතෝලිකයන් රෙපරමාදු ලන්දේසීන්ගෙන් ද ආරක්‍ෂා කළහ.  

ඒ සියල්ල වෙනස් වූයේ ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ ආක්‍රමණවලින් පසුව ය. ඔවුහු විවිධ ජනවර්ග සිංහල බෞද්ධයන්ට එරෙහිව යොදාගත්හ. 1915 සිංහල මුස්ලිම් කෝලාහලය ඒ ක්‍රියාදාමයෙහි ප්‍රතිඵලයක් විය. අද වන විට පොදුවේ ගත්කල සිංහල ක්‍රිස්තියානි/කතෝලික, මැලේ ආදී විවිධ ජනවර්ග ඇතැම් පූජකවරුන්ගේ සිංහල විරෝධී යටත්විජ්තවාදී ප්‍රයත්නවලට පටහැණිව  විවාහ හා  සංස්කෘතික ක්‍රියාකාරකම් ඔස්සේ යටත්විජිතවාදයට එරෙහිව සිංහල බෞද්ධයන් සමග අත්වැල් බැඳගෙන සිටිති.


ඉංගිරිසිහු දෙමළ ජනයා විශේෂයෙන් ම ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාලයන් සිංහලයන්ට එරෙහිව යොදාගත්හ. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ වෙල්ලාලයන් රටේ ම නායකයන් බවට පත්කිරීමට ය. එහෙත් චෙල්වනායගම් ඒ කළ නොහැකි දෙයක් බව වටහා ගත්තේ ය. ඔහු 1948 පමණ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය බිහිකළේ ය. මේ සියල්ල ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා, දෙමළ ජාතිවාදයට එරෙහිව, දැක්ම - 1 ආදී කෘතිවල විස්තර කෙරෙයි. දෙමළ ජාතිවාදයෙහි වෙල්ලාල ආධිපත්‍යය 1976 වඩුකොඩෙයි සම්මේලනයත් සමග කූටප්‍රාප්ත විය. ඒ සමග එහි අවරෝහණය ද ඇරඹිණි. වෙල්ලාලයන් හා දෙමළ ජාතිවාදය සිංහලයන්ට එරෙහිව යොදා ගනු ලබන්නේ ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයන් විසිනි. එහෙත් වෙල්ලාලයන්ටත්, ඉන්දීය බමුණන්ටත්, රාජ්‍ය නොවන ගැත්තන්ටත්, ඇතැම් කතෝලික හා ක්‍රිස්තියානි පූජකවරුන්ට හා ප්‍රභූන්ටත්, කසිකබල් මාක්ස්වාදීන්ටත්, ඔවුන් සියල්ල පිටුපස ඇති බටහිරයන්ටත් වෙල්ලාල නොවන ප්‍රභාකරන් අවශ්‍ය විය. වෙල්ලාල ආධිපත්‍යය බිඳීම ද ඒ සමග ආරම්භ විය. අද වෙල්ලාල ආධිපත්‍යය නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වල දෙමළ ජනයා අතර බිඳී ඇත. වර්තමානයෙහි වෙල්ලාල ආධිපත්‍යය ඇත්තේ උතුරු පළාතේ පමණ ය. එහි ද යාපන අර්ධද්වීපයෙන් පිටත වෙල්ලාල නායකත්වය දුර්වල වී ඇත. සම්බන්ධන් උතුරේ දී නාම යෝජනා දුන්නේ චෙල්වනායගම් පිහිටු වූ ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයෙන් බමුණන්ට ද බටහිරයන්ට ද ප්‍රිය වූ “ උභය කුල පාරිශුද්ධ” විග්නේෂ්වරන්ගේ නායකත්වයෙනි. යාපන අර්ධද්වීපයේ් සියයට පනහකට අධික ඊනියා අඩුකුල ජනයා සිටියත් ඒ කුලවලින් නාම යෝජනා ලැබී ඇත්තේ දෙදෙනකුට පමණ ය. ඉන්දීය බමුණෝ ද බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඒ රටවල ජීවත්වන විසුරුණු දෙමළ ජනයා ද, නැවතත් වෙල්ලාල නායකත්වයෙන් සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදය පණගැන්වීමට උත්සාහ කරති. එහෙත් නන්දිකඩාල් කලපුවේ ගිල්වනු ලැබූ දෙමළ ජාතිවාදයට ඇතැම් පූජකවරුන්ගේ පිහිටෙන් වුවත් නැවත උත්ථානයක් නැත. අද කළ යුත්තේ වෙල්ලාල, බ්‍රාහ්මණ, බටහිර, ඇතැම් කතෝලික හා ක්‍රිස්තියානි පූජක හා ප්‍රභූ, රාජ්‍ය නොවන ගැති, කසිකබල් මාක්ස්වාදී සිංහල විරෝධී යටත්විජිතවාදී සමාගම යාපන අර්ධද්වීපයෙන් ද පළවා හැරීම ය. ආර්ථික වැඩ පිළිවෙළකට අමතර ව සංස්කෘතික හා දේශපාලන වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කර යටත්විජිත විරෝධී නිදහස් සටනේ ඊළඟ පියවර ජයග්‍රහණය කරමු.


නලින් ද සිල්වා

2013-09-22

Wednesday, 18 September 2013

බටහිර විද්‍යාවේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර වස්තු


ප්ලේටෝ ද්‍රව්‍යවාදියකු වන්නේ කෙසේ ද යන්න ඇතැමුනට ප්‍රශ්නයක් වී ඇත. බටහිර දර්ශනයෙහි ප්ලේටෝ හැඳින්වෙන්නේ විඥානවාදියකු ලෙස ය. එහෙත් අපි පසුගිය ලිපියක ප්ලේටෝගේ ද්‍රව්‍යවාදයක් ගැන කතා කළෙමු. අප එසේ කළේ ඇයි? විඥානවාදීහු විඥානය ද්‍රව්‍යයෙන් ස්වායත්ත යැයි සලකති. ඔවුන්ට අනුව ද්‍රව්‍යය නැතත් විඥානය තිබිය හැකි වා පමණක් නොව ද්‍රව්‍යය කිසියම් අර්ථයකින් විඥානයේ නිර්මාණයකි. ප්ලේටෝට අනුව වුවත් ද්‍රව්‍යයක් යනු ගුණවල එකතුවකි. ඒ එකතුව සකස්කරනු ලබන්නේ විඥානය විසිනි.   

එහෙත් ප්ලේටෝ ගුණ ඇතිවන්නේ කෙසේ ද යන්න පිළිබඳ නිසි පිළිතුරක් නො දෙයි. ඒ ගුණ මනසේ නිර්මාණයක් ද? අපට පෙනෙන්නේ, එසේත් නැත්නම් අපේ විඥානයට දැනෙන්නේ හුදෙක් ගුණ ද? ඒ ගුණ අප ඇතත් නැතත් පවතී ද? එසේත් නැත්නම් ඒ ගුණත් විඥානයේ නිර්මාණ ද? කෙටියෙන් කිවහොත් පුටුවේ ගුණ විඥානයෙන් ස්වායත්ත ව පැවතී විඥානය විසින් පුටුව පමණක් නිර්මාණය කෙරෙන්නේ ද? ආදී ප්‍රශ්නවලට ප්ලේටෝගෙන් නිසි පිළිතුරු ලබාගත නො හැකි ය. 

එපමණක් නොව ප්ලේටෝ විඥානය යනු කුමක් ද යන ප්‍රශ්නයට ද නිසි පිළිතුරක් නො දෙයි. විඥානය යනු පවතින දෙයක් ද? එය පවතින්නේ නම් එසේ පවතින්නේ කෙසේ ද? විඥානයට ඊනියා වාස්තවික පැවැත්මක් වේ ද? මා හා විඥානය අතර ඇති සම්බන්ධය කුමක් ද? මා නැතිව විඥානය පවතින්නේ ද? ප්ලේටෝට අනුව විඥානයක් පවතියි. එය ද්‍රව්‍යයෙහි නිර්මාණයක් නො වේ. ද්‍රව්‍යවාදීන්ට අනුව විඥානය ද්‍රව්‍යයෙන් නිර්මාණය වන්නකි. ද්‍රව්‍යවාදීන්ගේ ද්‍රව්‍යය අප ඇතත් නැතත් පවතියි. ද්‍රව්‍යයයේ විකාශයක් මගින් විඥානය හටගනියි. ද්‍රව්‍යවාදීන්ට ද්‍රව්‍යයෙන් තොර විඥානයක් නැත.

ඒ අතින් ගත්කල ද්‍රව්‍යවාදී දර්ශනය ඉතා සරල එකකි. ද්‍රව්‍යවාදීන් මහා පඬිවරුන් මෙන් ද්‍රව්‍යවාදය ඉතා විදග්ධ දර්ශනයක් ලෙස ඉදිරිපත් කළ ද දුරාවබෝධ දර්ශනයක් ලෙස කියා පෑමට තැත්කළ ද ද්‍රව්‍යවාදය තරම් සරල නොගැඹුරු දරුවකුට වුවත් තේරුම් ගත හැකි දර්ශනයක් තවත් නැත. මා ඉදිරියේ ඇති ඊනියා මේසය මා ඇතත් නැතත් පවතින්නේ ය යන්න සිතා ගැනීමට නොහැක්කේ කාහට ද? එතරම් දුරට කල්පනා නොකරන ඕනෑම අයකුට ඒ බව සිතාගත හැකි ය. මේසය නිර්මාණය කිරීමට මනසක් අවශ්‍ය නැතැයි ඕනෑම අයකුට පළමුවෙන් සිතෙයි.

මෙසේ සිතෙන්නට වීම අන් කිසිවක් නොව ප්‍රාථමික දැනීමකි. මා ඇතත් නැතත් මේසය පවතියි. මා මෙතැනට ඒමට පෙර මේසය පැවතිණි. මා මෙතැනින් ගිය පසු ද මේසය පවතිනු ඇත. අවශ්‍ය නම් ආපසු පැමිණ ඒ බව දැනගත හැකි ය. යම් කිසිවකු මේසය මෙතැනින් ගෙන ගිය ද, එය කඩා බිඳ නොදැමුවහොත් වෙනත් කොහේ වුවත් පවතිනු ඇත. එය කෙදිනක වුවත් දිරා යනු ඇත. එහෙත් ඒ දිරා යෑම විඥානය සමග සම්බන්ධ වූවක් නො වේ. විඥානය ඇතත් නැතත්  දිරා යෑම සිදු වෙයි.  දිරා යෑම විඥානයෙන් ස්වායත්ත වූවකි. 

මෙය ඉතාමත් ප්‍රාථමික දැනීමකි. මේ දැනුමක් වූ දැනීමකි. දැනීම යනු දැනෙන්නකි. ඒ දැනෙන්නේ මනසට ය. එහි දී අනෙක් ඉන්ද්‍රිය ද ඇතැම් විට යොදා ගැනෙයි. අපට තද බව දැනෙන්නේ ස්පර්ශයට ය. එය සිරුරට  දැනෙයි. එමෙන් ම මනසට ද දැනෙයි. සිරුරට පමණක් දැනෙන තද බවක් නැත. දිවට රස දැනෙයි. එහි දී දිවට දැනෙන්නේ ස්පර්ශය හේතුවෙනි. දිව සමග යම් ආහාරයක් හෝ වෙනත් යමක් හෝ ගැටීම නිසා ඒ ගැටෙන යමක රසය දිවට හා මනසට දැනෙයි. එහි දී ද මනස නොමැතිව දිවට පමණක් දැනෙන්නක් නැත.

මේ ගැටීම හෙවත් ස්පර්ශය යනු බෞද්ධයනට නම් ඵස්ස ය. එය ඇතිවන්නේ සළායතන හෙවත් ආයතන හය නිසා ය. එනම් ඉන්ද්‍රිය හය නිසා ය. ඵස්ස හෙවත් ස්පර්ශය හෙවත් ගැටීම නිසා වේදනාව ඇති වෙයි. එනම් අපට යම් යම් දේ දැනෙයි. ඒ දැනීම ඉතා ප්‍රාථමික වූවකි. එය අවබෝධයක් නො වේ. අපට දැනෙන්නේ තද බව රස බව, සුවඳ බව ආදිය ය. ඒ අනෙක් ඉන්ද්‍රිය පහ මනස සමග එකතුවෙන් ඇතිකර ගන්නා දැනීමකි. මේ දැනීමෙන් පසු අපි ඒ දැනීම සමග සම්බන්ධ වූ ඊනියා වස්තුවක් පිළිබඳ දැනීමක් ලබමු. 

වස්තුව පිළිබඳ දැනීමක් යන්න ද්විතීයික දැනීමකි. පුටුවෙහි තද බව අපේ අතට (සිරුරට) දැනෙයි. එහෙත් පුටුව අපට දැනෙන්නේ පංචෙන්ද්‍රිිය ඔස්සේ නො වේ. එය මනසට පමණක් දැනෙන්නකි. අප කලින් සඳහන් කර ඇති අන්දමට පුටුව පුටුවක් ලෙස පංචෙන්ද්‍රියයන්ගෙන් එකකටවත් නො දැනෙයි. පුටුව මනසින් තනාගන්නා වූ සංකල්පයක් පමණකි. එය සංජානනයක් නිසා ඇතිවන්නක් නො වේ. පුටුව යන්න ස්පර්ශ වන්නේ මනසට පමණකි. 

ඉහත සඳහන් කරුණුවලින් කියැවෙන්නේ අපට මුල දී පුටුවක තද බව දැනෙන්නේ ය යන්න නො වේ. අපට දැනෙන්නේ තද බවකි. එසේත් නැත්නම් යම් රසයකි. ගඳකි, සුවඳකි. මේ ගුණ එකතුවලට, එසේත් නැත්නම් ගුණ සමුච්චි අපි පුටු, ආහාර ආදී වශයෙන් හඳුනාගනිමු. එය තරමක් සංකීර්ණ වූවකි. ඊනියා ගුණ සමුච්චයක් වස්තුවක් ලෙස හඳුනාගන්නේ යැයි කීම තරමක් සංකීර්ණ වූවකි. එහි දී ඉතා පැහැදිලිව ම පුටුව යන්න මනසෙහි නිර්මාණයක් ලෙස හඳුනාගැනෙයි.  

මේ විඥානවාදී අදහස ය. පුටුව යන්න විඥානය විසින් ඇතිකෙරෙන්නකි. එය විඥානයෙන් තොරව පවතින්නක් නො වේ. වඩා අසීරු පුටුව යන්න එලෙස විඥානයෙහි නිර්මාණයක් ලෙස හඳුනාගැනීම ද නැත්නම් පුටුව මනසෙන් ස්වායත්ත ව පවතින්නක් යැයි ගැනීම ද? දරුවෝ ද, වැඩිහිටියෝ ද, ඊනියා යථාර්ථවාදී සාහිත්‍යකරුවෝ ද, බටහිර විද්‍යාඥයෝ ද පුටුව මනසෙන් ස්වායත්ත ව පවතින්නක් ලෙස ගනිති.  එහි දී දරුවා හා බටහිර විද්‍යාඥයා අතර ඇති  වෙනස කුමක් ද? දෙදෙනාට ම මනස ඇතත් නැතත් පුටව පවතියි.

එහෙත් පුටුව දැනෙන්නේ අහවල් ඉන්ද්‍රියට යැයි ඔවුන්ට කිව හැකි නො වේ. බටහිර විද්‍යාඥයෝ ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන කියති. එහෙත් පුටුව දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට දැයි ඔවුන්ට කිව හැකි නො වේ. ඊනියා පුටුවක තද බව අතට (සිරුරට) දැනුන ද, ඊනියා ආහාරයක රස බව දිවට දැනුන ද, පුටූව හෝ ආහාරය දැනෙන ඉන්ද්‍රියයක් නැත. එසේ තිබිය දී දරුවන් හා බටහිර විද්‍යාඥයන් (හා ඊනියා යථාර්ථවාදී සාහිත්‍යකරුවන්) පුටු ආහාර ආදිය ඉන්ද්‍රිය ගෝචර යැයි කියන්නේ කෙසේ ද? ගුණදාස අමරසේකර මහතා වරක් පුවත්පතක් සමග පැවැත් වූ සාකච්ඡාවක දී කියා ඇත්තේ තමා ඉදිරියේ ඇති වීදුරුව ඇති බවට තවත් සාධක අවශ්‍ය නොවන බව ය. පුවත්පත් සාකච්ඡාව පැවැත් වූ තැනැත්තා අමරසේකර මහතාගෙන් වීදුරුව දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට දැයි නො ඇසීම ගැන අමරසේකර මහතා සතුටු විය යුතු ය. 

පුවත්පතෙන්  පැමිණි තැනැත්තා ද ඒ ප්‍රශ්නය නොඇසුවේ ඔහුට එය ප්‍රශ්නයක් නොවූ නිසා ය. දරුවාට ද, පුවත්පත් කලාවේදියාට ද, ඊනියා යථාර්ථවාදී සාහිත්‍යධරයාට ද, බටහිර විද්‍යාඥයාට ද, පුටු පවතින්නේ ඒ තමන්ගේ පංචෙන්ද්‍රියයන්ගෙන් එකකට හෝ වැඩි ගණනකට හෝ දැනෙන නිසා නොව එය ඔවුන්ට සංස්කෘතියෙන් කියා දී ඇති නිසා ය. දරුවා පමණක් ඒ බව පිළිගනියි. දරුවා තමා පුටුවක් ඇති බව පිළිගන්නේ ඇයි දැයි ඇසුවහොත් ඔහු ඉතා අවංකව කියනු ඇත්තේ අම්මා හෝ වෙනත් වැඩිහිටියකු හෝ ඒ බව තමාට කියා ඇති බව ය. ඔහු තමා ඒ බව දැනගත්තේ සංස්කෘතියෙන් යැයි නොකියනු ඇත. එහෙත් අම්මාගෙන් හෝ වෙනත් වැඩිහිටියකුගෙන් හෝ ඒ බව දැනගැනීම  යනු සංස්කෘතියෙන් දැනගැනීම මිස අනෙකක් නො වේ.

පංචෙන්දියයන්ගෙන් එකකටවත් නොදැනෙන පුටුව දැනීමක් ද පසුකරමින් දැනුමක් බවට පත්කරනු ලැබ ඇත්තේ සංස්කෘතිය විසිනි. නැති පුටුව ඇති පුටුවක් බවට පත් කරනු ලැබ ඇත්තේ සංස්කෘතිය විසිනි. එය සංස්කෘතියට සාපේක්‍ෂව සිදුවන්නකි. පුටු දැක නැති සංස්කෘතියක අයකුට පුටුවක් පෙන්නුවත් එය පුටුවක් වන්නේ නො වේ. ඔහුගේ මනසට අදාළ නිර්මාණය කළ නො හැකි ය. එනම් පුටුවක් නැති සංස්කෘතියක පුටුවක් නිර්මාණය කළ නො හැකි ය. පුටව යන්න සංස්කෘතියට මනසට හා පංචෙන්ද්‍රියයන්ට සාපේක්‍ෂව නිර්මාණය කෙරුණු සංකල්පයකි.

දරුවාට තමා පුටුවට පුටුවක් යැයි කියන්නේ අම්මා හෝ වෙනත් අයකු හෝ කී නිසා යැයි පැවසීම අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් නොවුවත් බටහිර විද්‍යාඥයාට, ඊනියා යථාර්ථවාදී සාහිත්‍යකරුවාට පමණක් නොව පුවත්පත් කලාවේදියාට ද එය ප්‍රශ්නයකි. ඔවුන්ට අවභ්‍ය වනුයේ පුටුව පුටුවක් ලෙස පවතින බැවින් ඔවුන් එලෙස පිලිගන්නා බව පැවසීමට ය. එහෙත් පුටුව පංචෙන්ද්‍රියයන්ගෙන් එකකටවත් නොදැනෙන බැවින් ඔවුන්ට කීමට සිදුවන්නේ ඇයි පුටුව පෙනෙන්නේ නැද්ද, එය අල්ලා බැලිය නොහැකි ද ආදී විකාර පමණකි. 

එහෙත් ඔවුන් අල්ලන්නේ පුටුව නොව යම් තද ගුණයක් පමණක් බව ඔවුන්ට නොවැටහෙයි.  පෙනෙන්නේ ද යම් රූපයක් මිස පුටුවක් නො වේ. පුටුව තනිකර ම ඇත්තේ මනසෙහි ය. ප්ලේටෝගේ විඥානයෙහි ය. බටහිර විද්‍යාඥයන් නැති පුටු ඇතැයි යනුවෙන් ගන්නවා පමණක් නොව ඔවුහු ඒ පුටුවල පරමාණු ගැන ද කතාකරති. එහෙත් මූලික ප්‍රශ්නය වනුයේ පුටු ඉන්ද්‍රිය ගෝචර නො වීම ය. බටහිර විද්‍යාඥයන් ඉන්ද්‍රිය ගෝචර යනුවෙන් සලකන්නේ පංචෙන්ද්‍රියයන්ගෙන් එකකට හෝ වැඩි ගණනකට හෝ ගෝචරවන දැනෙන සංකල්ප ය. එහෙත් පුටු වායු ද්‍රව ආදී සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නො වේ.

බටහිර විද්‍යාඥයන් එලෙස ඉන්ද්‍රිය ගෝචර නොවන එහෙත් ප්ලේටෝගේ විඥානයෙහි නිර්මාණය වන පුටු ආදිය ඉන්ද්‍රිය ගෝචර ලෙස ගන්නා අතර අර්නස්ට් මාක් වැනි ඉන්ද්‍රියානුභූතවාදීහු ද එලෙස ම ක්‍රියා කරති. ඔවුන් පරමාණු වැනි සංකල්පවලට විරුද්ධවන්නේ ඒ ඉන්ද්‍රිය ගෝචර නොවන බව කියමිනි. එහෙත් ඔවුහු ද පුටු වැනි සංකල්ප ඉන්ද්‍රිය ගෝචර ලෙස සලකති. එයට හේතුව සංස්කෘතික බලපෑමෙන් නිදහස් වීමට ඔවුන්ට ද නොහැකිවීම ය. බටහිර දර්ශනයෙහි ඉන්ද්‍රිය ගෝචර සංකල්ප යනු කවරේ දැයි පැහැදිලි ව විස්තර නො කෙරෙයි. 


ඒ අතර ප්ලේටෝගේ විඥානවාදයෙහි ගුණ යනු විඥානයෙන් ස්වායත්ත සංකල්ප ලෙස සැලකෙයි. ගණ සමුච්චයක් විඥානය විසින් වස්තුවක් ලෙස සලකනු ලබන්නේ යැයි ප්ලේටෝ සඳහන් කරන විට ඔහු නිවැරදි ය. එහෙත් ගුණ යනු ද මනස විසින් නිර්මාණය කෙරෙන බවත් ඒවා ද සංස්කෘතියට මනසට හා පංචෙන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂව මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්ප පමණක් බවත් ප්ලේටෝගේ විඥානවාදයට හසු නො වේ. එමෙන් ම ප්ලේටෝගේ  විඥානය විඥානයෙන් ස්වායත්ත ව පවතින්නකි. විඥානය ඇතිවන්නේ කෙසේ දැයි එහි විස්තර නො කෙරෙයි. ඉහත කී අර්ථ දෙකෙන් ගත්විට බටහිර විද්‍යාඥයන්ගේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ සේ ම ප්ලේටෝගේ විඥානවාදය ද ද්‍රව්‍යවාදී වෙයි.


නලින් ද සිල්වා

2013-09-18

Let’s unite to defeat ITAK and its sponsors


It is not the elections on Saturday that I have in my mind. Neither would I expect the UNP to join the others in this struggle. I am thinking only of a future struggle based on what has happened in history relative to the Sinhala people who have a sense of history that is not found among many other nations. The fact that there are so many “vansakathas” in the literature provides ample testimony to the sense of history among the Sinhalas and in the Sinhala Buddhist culture. If man is a political animal Sinhala people are historical- political animals in general. It is the sense of history that tells the Sinhalas that the TNA manifesto is by the dispersed Tamils in the west sponsored by the western countries, and that it aims to obtain a mandate from the majority of Tamils in the Northern Province for an Eelam. The dispersed Tamils, TNA and the sponsors want to use the ordinary Tamils in the Northern Province as a block that has given a mandate for an Eelam in which the ordinary Tamils, especially the so called low cast people would have no say. The Tamil politics in Sri Lanka have been dominated by the Jaffna Vellala Tamils some of whom are Christians of different denomination or Catholics.

Though called the TNA the amalgamation of Tamil parties contest the Northern Province provincial council elections under the name Illankai Thamil Arasu Kachchi (ITAK) or the Lanka Tamil State Party. The ITAK leaders would try to outdo EPRLF leaders such as Premachandran and leaders of other parties. It is not only a symbolical return to ITAK (so called Federal Party) politics of pseudo non violence but that instigates people to violence following the same violent politics of Chelvanayakam. It is reported that nominations have been given only to two candidates of the so called low castes though they comprise more than fifty percent of the population of the North. In Sinhala it is said “honda Honda netum elivena jameta” or better dances in the wee hours, and it is clear that ITAK by becoming more racist would like to create another Prabhakaran with arms supplied by the west while the leaders enjoy a luxurious life in Colombo. The ITAK leaders would claim at present and until the elections are over that they have no intention of establishing an Eelam. It is true that one cannot “prove” that the ITAK manifesto is an Eelam manifesto.

However, what has to be mentioned is that if one were to give a perfect proof then one has not proved anything. It is in Pure Mathematics or Mathematics if we follow the American jargon that one could give perfect proofs using Aristotelian Logic. When I sat the final examination in Science with Mathematics as the main (and only) subject nearly fifty years ago, there was a question set presumably by late Prof. Douglas Amarasekera who left the University in disgust when some ignoramus at the apex of higher education in the country  wanted to find out whether Professors had Ph.D’s, which asked the students to comment on “Pure Mathematics is the class of all propositions of the form p implies q. ”  I can remember answering that question with glee as I knew that in Pure Mathematics nothing is proved. The so called theorems in western Mathematics only say that if the proposition p is true then the proposition q is true. The verification of the truth of p is left in the hands of the God, and not definitely in the hands of Natha Deviyo for that matter.

TNA (ITAK) manifesto is not a Mathematical statement and there is no theorem of the form if implemented then it would lead to the establishment of an Eelam. However, we make our judgments in any area other than Pure Mathematics based on many other factors including our experience which is by definition historical as there are no future experiences. We predict the future based on past and the very fact that we cannot prove mathematically that the implementation of the ITAK manifesto would lead to an Eelam encourages us to believe so. It is definitely a belief and not all believes based on history are meant for the wastepaper basket of history.

I have an entirely different perspective of the so called ethnic problem or the ‘minority’ problem even from those in the Sinhala national movement. The Sinhala Buddhists whose core culture is that of the Yakshas who became Buddhists by listening to Budun Vahanse directly are very tolerant of other cultures. They would tolerate others without imposing their culture or absorbing them into the Sinhala Buddhist culture by force or other means. I would not go into details by comparing with the Hindu and other cultures but suffice is to mention that the Muslims who arrived one or two centuries before the Portuguese arrived in the country from present South India, and whom P Ramanathan considered as ethnic Tamil but of Islam religion were not discriminated by the Sinhala Buddhists and were allowed to live following their religion and adhering to their culture. There was no antagonism between the Sinhala Buddhists and the Muslims  unlike in what is now known as India, and when the Portuguese harassed the Muslims the Sinhala King settled them in what is now referred to as the eastern province. This tradition was extended to the Catholics who were harassed by the Reformist Dutch and in general Sinhala Buddhists had no ill feeling towards others as long as they were not invaders or used by the invaders. The Dutch and the English changed this tradition and used the Tamils who were imported by the Dutch and the Muslims against the Sinhalas in order to maintain their colonial rule. The 1915 Sinhala Muslim “riots” were a result of this and the Sinhalas thought of the Muslims as agents of English colonialists.

The history of Tamil racism has been described in “An analysis of Tamil racism in Sri Lanka” which is a translation of “Prabhakaran Ohuge Seeyala Bappala ha Massinala” available in the fourth reprint. The Sinhala Buddhists had some ill feeling not only towards the Tamils,  Malays, Kochins and others who were imported by the colonialists but towards the Sinhala Christians whom they considered as agents of colonials. Piyadasa Sirisena’s novels, Anagarika Dharmapala’s speeches and writings depict these resentments, and the attitudes of the Sinhala Buddhists were cultivated as a result of their anti colonial struggle which took more a cultural form. However, within a few decades, in spite of attempts by most of the leaders of the Christian/Catholic Churches to use the Sinhala Christians/Catholics against the Sinhala Buddhists, through marriages and other social interactions the Sinhala Christians/Catholics ceased to be agents of western Christian colonialism and Sinhala Buddhists now have no ill feeling towards them. The Malays and some other ethnic groups also went through this transformation but unfortunately the Tamils remained outside this fabric. The Tamils in the estates and in the eastern province are going through these transformations slowly mainly due to social (cultural) interactions. The interactions between the Jaffna Tamils who came to Colombo were with the English speaking culturally alienated Sinhalas who had a colonial mentality and naturally they remained together with most of the English speaking Sinhalas, “dasas” of the colonialists.


The stranglehold of the Jaffna Vellalas in the Eastern Province and in the Central and Uva provinces has been broken now and it remains to liberate the ordinary Tamils in the Northern Province, especially in the Jaffna peninsula from the yoke of mainly the English speaking Vellalas in Colombo, who are agents of western Christian colonialism. This situation will be illustrated by the results of the provincial council elections where the UPFA will do better outside the Jaffna peninsula in general. The so called ethnic problem is a result of the western Christian colonialists, especially the Anglo Saxons, using English speaking Tamil Vellalas, the Christian/Catholic clergy and elite against the Sinhala Buddhists and the aspirations of the Jaffna Vellala leaders to become the rulers of the entire country with the sponsorship of the English colonialists. The Vellala leaders beginning with Chelvanayakam having realized that they cannot be the rulers of the entire country now want a separate state in the Northern and eastern provinces again with the blessings of the westerners led by the English, who maintain the dispersed Tamils in their countries to agitate against the Sinhalas. This colonialism has to be defeated meaning that ITAK politics have to exposed in the Northern Province. In order to do that we should all unite against the ITAK that has been sponsored either as ITAK or its previous avatars by the English since eighteen thirties.  

Nalin De Silva

18-09-2013

Sunday, 15 September 2013

මැතිවරණ ප්‍රකාශය, ප්‍රතිපත්ති ප්‍රකාශය හා අභිලාෂය


දෙමළ ජාතික සංධානයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙතෝදිස්ත භක්තිකයකු වූ මතියපරානම් ඒබ්‍රහම් සුමන්තිරන්ට අනුව දෙමළ ජාතික සංධානය නිකුත්කර ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොව මැතිවරණ ප්‍රකාශයකි. එය දෙදහස් දහයේ ද ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය යැයි දෙමළ ජාතික සංධානය පවසයි. ඒ කෙසේ වුවත් පක්‍ෂයක මැතිවරණ ප්‍රකාශයක් යනු එහි ප්‍රතිපත්ති ප්‍රකාශයේ ම (එය ප්‍රසිද්ධ කර ඇත් ද නැත්ද යන්න වෙන ම ප්‍රශ්නයකි.) ඇතැම් කොටසක සවිස්තර ප්‍රකාශයක් වෙයි. මැතිවරණ ප්‍රකාශයක පක්‍ෂයේ සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු සියල්ල නැතත් ප්‍රතිපත්තිවලට පටහැණි දෙයක් සඳහන් නො වෙයි. ඡන්දදායකයන්ට ආකර්ෂණීය වන්නේ යැයි සිතන ප්‍රතිපත්ති ඡන්දායකයන්ට තේරෙන අයුරින් මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වෙයි. මැතිවරණ ප්‍රකාශයකින් ෙසෙද්ධාන්තික ව කෙරෙන්නේ මේ ආකර්ෂණීය වන්නේ යැයි සිතන කොටස් අදාළ ඡන්දදායකයන්ට ඉදිරිපත්කර ඔවුන්ගේ ඡන්දය දිනාගැනීම ය. පක්‍ෂ ප්‍රතිපත්තිවලට පටහැණි කිසිවක් මැතිවරණ ප්‍රකාශයක අඩංගු නො වෙයි. එසේ නම් ඒබ්‍රහම් සුමන්තිරන් යන මන්ත්‍රීවරයා තම පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශය ප්‍රතිපත්ති ප්‍රකාශය නො වේ යැයි කීමට මෙතරම් වලිකන්නේ ඇයි? සුමන්තිරන්ගේ සූදානම කොළේ වසා ගැහීමට ය. දෙමළ ජාතික සංධානය අද උතුරු පළාතේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නමින් ය. ඒ 1949 දී පමණ ඈත කාලයක තවත් ක්‍රිස්තියානි භක්තිමතකු වූ (ඔහු  අයත්වූයේ මෙතෝදිස්ත සභාවට නොව දකුණු ඉන්දිය සභාවට ය) චෙල්වනායකම් වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා ඇරඹූ පක්‍ෂය ය. (ඒ පක්‍ෂයේ භාණ්ඩාගාරික වූ නාගනාදන් ද ක්‍රිස්තියානි විය) අද දෙමළ ජාතික සංධානය තරග වදින්නේ දෙමළ රාජ්‍ය පක්‍ෂයේ ගෙය ලකුණෙන් ය. විග්නේස්වරන් මහා ඇමති ධුරය සඳහා සටන් කළ ද පක්‍ෂයේ අනාගත නායකයා සුමන්තිරන් බවට ලකුණු පහළ වී ඇත්තේ එ ජා පක්‍ෂයේ නායකත්වය විජේවර්ධන පවුලේ රැඳවීමට දරණ උත්සාහයට සමගාමීව ය. එ ජා පක්‍ෂය මෙන් ම දෙමළ රාජ්‍ය පක්‍ෂය ද හැසිරවෙන්නේ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ය. මේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අවශ්‍යතාව ය. වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් මෙතෝදිස්ත සභාව ප්‍රකාශයක් නිකුත් කළේ අඬන්න සිටි එකාට ඇඟිල්ලෙන් ඇනීම සිහිගන්වමිනි.

සුමන්තිරන්ට අවශ්‍ය තම අනාගත බලාපොරොත්තු වසන් කිරීමට ය. ව්‍යවස්ථා විරෝධී ඊළාම් මැතිවරණ ප්‍රකාශයක් නිකුත්කර ඇති දෙමළ ජාතික සංවිධානය ගැලවීම සඳහා එය ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොවේ යැයි දැනට කියයි. පසුව ඔවුන් සමහරවිට කියනු ඇත්තේ එය ඉලංකෙයි තමිල් අරසු කචිචියේ මැතිවරණ ප්‍රකාශයක් නොවන බව ය. ඒ කුමක් කීව ද මේ මැතිවරණ ප්‍රකාශය බටහිර රටවල සිටින විසිරුණු දෙමළ ජනයා හා බටහිර රටවල් සඳහා ය. උතුරේ ජනතාව එහි දී ඊනියා ජනවරමක් දී ඇති බව පෙන්වීමට සුමන්තිරන්ලා උත්සාහ කරති. ඒ ඊනියා ජනවරම යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ සුමන්තිරන්ලා පිටුපසින් සිටින්නේ සිටින බටහිර රටවල් හා ඒ රටවල සිටින විසිරුණු දෙමළ ජනයා ය. එහෙත් මැතිවරණවල දී මැතිවරණ ප්‍රකාශ ඔස්සේ ජනවරම් ලබාගත නො හැකි ය. ඒ කෙසේ වෙතත් සුමන්තිරන් ලා, සම්බන්ධන් ලා විග්නේෂ්වරන් ලා ට අවශ්‍ය නන්දිකඩාල් කලපුවේ දී වළ දැමුණු අඩුම තරමින් අවුරුදු එකසිය හැත්තෑවකට වඩා ක්‍රියාත්මක වූ දෙමළ ජාතිවාදී දේශපාලනයක් නැවත ගොඩ ගැනීම ය. ඔවුහු ෙසේවරීභාවය බෙදාහදා ගැනීමක් කියති. මේ ස්වෛරිභාවය බෙදාහදාගැනීමට හැකි යැයි සිතමු. බෙදාහදාගැනීමකට අඩුම තරමෙන් දෙපැත්තක් එකඟ විය යුතු ය. ස්වෛරීභාවය බෙදාහදාගැනීමට සිංහලයෝ අකමැති වෙති. සුමන්තිරන්ලාටත් බටහිරයන්ටත් අවශ්‍ය සිංහලයන්ට බලහත්කාරයෙන් ස්වෛරිභාවය බෙදාහදාගැනීමට කීමට ය. අනෙක් අතට ස්වෛරිභාවය යනු ජනතාව සමස්තයක් ලෙස සතු වූවක් මිස ජනවර්ගවලට පංගු වශයෙන් බෙදාගත හැකි දෙයක් නො වේ. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම වූ අසාධාරණයක් නැත. දෙමළ වීම නිසා ම ඇති වූ ප්‍රශ්නය කුමක් ද යන්නට පිළිතුර දෙමළ වීම යන්න නො වේ. ඔබේ මෝඩකම නිසා ඇති වී තිබෙන  ප්‍රශ්නය කුමක් ද යන්නට පිළිතුර ලෙස යමකු පඬියකු සේ ඒ මෝඩකම යැයි කී විට ඉන් කියැවෙන්නේ පඬියාගේ මෝඩකම පමණ ය. මෙරට ප්‍රශ්නයක් ඇත්තේ සිංහල බෞද්ධයනට ය. එය උතුර හා නැගෙනහිර නැතිවීම යැයි අපි කියා නැත්තෙමු. අප කියා ඇත්තේ සිංහල බෞද්ධයනට හා සිංහල බෞද්ධ සංස්කෘතියට රටේ කිසි තැනක හිමි විය යුතු තැන හිමි වී නැති බව ය. තවමත් මෙරට ආධිපත්‍යය දරන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ය. අධ්‍යාපනය හා ජනමාධ්‍ය එය වර්ධනය කරයි. ජූලම්පිටියේ අමරෙ බිහිවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක නොව ඉන්ද්‍රිය පිනවීමට, හැඟීම්වලට හා පෞද්ගලිකත්වයට තැන දෙන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය.


බටහිරයෝ අවුරුදු සිය ගණනක් තිස්සේ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා සිංහල බෞද්ධයනට විරුද්ධව විවිධ ජනවර්ග යොදාගත්හ. අද ද එසේ කරති. එහෙත් අද වන විට සිංහල ක්‍රිස්තියානීහු හා කතෝලිකයෝ අති විශාල පිරිසක් ද මැලේ ජනයා ද ඇතැම් මුස්ලිම් හා දෙමළ ජනයා ද බටහිරයන්ගෙන් කැඩී සිංහල බෞද්ධයන් සමග එකට සිටිති. එහෙත් ඇතැම් ක්‍රිස්තියානි හා කතෝලික පූජකවරු ද රාජ්‍ය නොවන ගැත්තෝ ද කසිකබල් මාක්ස්වාදීහු ද, මෙරට ජාතිකත්වයට එරෙහි ව යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිතවාදයට සේවය කරති.  අසරණ දෙමළ ජනයා වෙල්ලාලයන්ගේ හා ක්‍රිස්තියානීන්ගේ (යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ) ඉත්තන් බවට පත් වී සිටිති. ඔවුන් එයින් ගලවා ගන්නේ කෙසේ ද? අද සිංහලයන්ට හා ආණ්ඩුවට ඇත්තේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් සොයාගැනීම ය. වත්මන් සංවර්ධනය සිංහල බෞද්ධ සංවර්ධනයක් නොවූව ද එය දෙමළ ජනයාගෙන් යම් ප්‍රමාණයක් ආණ්ඩුවට දිනාගැනීමට උපකාරී වී ඇත. එය විසි එක්වැනි දා පැහැදිලි වනු ඇත. එහෙත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නො වේ. සිංහල ක්‍රිස්තියානීන් හා කතෝලිකයන් නායක පූජකවරුන්ගෙන් කඩා ගත්තාක් මෙන් දෙමළ ජනයා ද සංස්කෘතික ව වෙල්ලාලයන්ගෙන් හා නායක පූජකවරුන්ගෙන් ගලවා ගත යුතු ව ඇත. පැහැදිලි වැඩ පිළිවෙළක් සහිත ව වෙල්ලායන්ට, නායක පූජකවරුන්ට හා බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිව අසරණ දෙමළ ජනයා සංවිධානය කළ යුතුව ඇත. නැතහොත් සිදුවන්නේ වෙල්ලාලයන්, නායක පූජකවරුන් හා බටහිරයන් තම අභිලාෂ (දෙමළ ජනයාට ඇත්තේ අසාධාරණකම් නොව අභිලා’ෂ බව සුමන්තිරන්ලාගේ මැතිවරණ ප්‍රකාශයෙහි සඳහන් ය. එය කට බොරු කීවත් දිව බොරු නොකීමකි.)  මුදුන්පත්කර ගැනීම සඳහා නැවතත් අසරණ දෙමළ ජනයා බිලි දීම ය.


නලින් ද සිල්වා

2013-09-15

Wednesday, 11 September 2013

Pillay, TNA and India


In Geneva on Monday Pillay had made a comment to the effect that they (UN?) would look after those who came to meet her and gave “evidence” on so called human rights violation in Sri Lanka. Except for the Jesuit priest who met her in Trincomalee “in camera” outside the schedule the meetings with all the others were known to the government and there were no objections by anybody in Sri Lanka including the nationalist forces for these meetings though they were clearly one sided. The retired South African Judge listened to the “evidence” but did not want to listen to the other side of the story. The nationalist forces are not disturbed by the procedure adopted by the retired judge as they did not expect anything more than that from her. She behaved neither as a retired judge nor a diplomat and even then neither the government nor the nationalist forces found it to be surprising knowing the character of the lady. It is perhaps an irony of history that South Africa and Sri Lanka are the only two countries in the world that have adopted, definitely not on their own in the case of Sri Lanka, the Roman Dutch Law. Though the Sri Lankans are used to listen to the other side of the story long before the Dutch conquered the maritime provinces of the country, they did not expect the retired judge to practice a procedure even as laid down in the Roman Dutch Law. It is also an irony of history that South Africa and Sri Lanka are the only two countries in the world saddled with the Vellalas brought down by the Dutch from present South India, and in the former country the Vellalas do not ask to share sovereignty with the native Africans.  In any event the government and the nationalist forces not only knew who were scheduled to meet Pillay on her “visit” to Sri Lanka but also what they were going to say on behalf of the Vellalas pretending of course that they were representing the “Tamil speaking people” in Sri Lanka that includes the Muslims. The government did not prevent these people, meeting Pillay and she can rest assured that having known what they were going to tell the ex judge the government would not violate the human rights of them after they met her. 

There are two types of Tamil racism in Sri Lanka nurtured by the Dutch and the English. One is naive Tamil racism, the other being knave Tamil racism. Pillay practices both while the west in general practices the latter. The TNA and at present the dispersed Tamils in the west are only the pieces in the paws of the west, Pillay being a paid servant or labourer who serves the west for a fee. All paid “executives” are merely glorified labourers who work for a salary. When Pillay raised the question of the Buddhist flag and the statue of D S Senanayke at the independence square she exhibited naïve Tamil racism like a child who does things to satisfy the elders. After all she should have known that Sri Lanka is a Sinhala Buddhist country, as much as US and South Africa are Christian countries in spite of what their constitutions may say, though perhaps she may not know that the Brownrigg who rigged the Sinhala English accord aka the Kandyan convention of 1815 had promised to protect Buddhism in the said accord. She would definitely not ask Obama why he took the oath with his hand on the Bible and not on the Dhammapada or Bhagavad Gita not to mention Quran.  The naïve Tamil racist in Pillay probably wants to remove the Senanayaka statue from the independence square as DS Senanayaka was a Sinhala politician. I do not agree that DS Senanyaka and the Congress fought for independence of the country and when compared to Keppitipola, Puran Appu, Gongalegoda Banda, Anagarika Dharmapala and numerous Bhikkus and lay people who fought for independence after 1815, the congress leaders were nowhere near. However to question the President on the statue of Senanayaka merely because the latter was a Sinhala, Pillay had behaved like an arrogant girl in spite of her age.  I am not at all surprised by the lukewarm response of the UNP on this matter as the party has always been an agent of the non nationalist forces. Would Pillay suggest the removal of the statue of Washington or Lincoln or some other President of USA merely because they were Anglo Saxon Americans? In any event the questions she asked the President Mahinda Rajapaksa revealed her anti Sinhala Buddhist stand, and I am grateful to her for asking those questions.  

The TNA soon after Pillay left the country issued what it calls the election manifesto and claims that it is the manifesto they presented at the elections held in 2010. It may be so but the election manifestos are mere manifestos and are not presented for ratification by the people.  Even if the TNA receives 90% of the Tamil vote at the Provincial Council elections on the twenty first they cannot claim it as a mandate from the “Tamil speaking people” to “share sovereignty”. The manifesto does not specify with whom they intend to “share sovereignty” and it could be the English. Sharing sovereignty is not in accordance with the constitution of Sri Lanka and in any event they cannot share sovereignty or anything for that matter unless the party that they wants to share with them agree. Can A share B’s house without the latter agreeing? Like all analogies it is not congruent with “sharing sovereignty” but I think the message is clear. If they mean to “share sovereignty” with the Sinhalas then the TNA should forget the whole idea. The Sinhalas would not agree to “share sovereignty” for many reasons. Foremost the concept is wrong as sovereignty is with the people as a whole and cannot be shared by groups of people. The chief ministerial candidate of the TNA Wigneshwaran who wore the Wig should have known this but it is very likely the “manifesto” was drafted by the dispersed Tamils in the west.  It spells confederation first and Eelam later according to the “little now more later” policy of Chelvanayakam of the ITAK (Ceylon Tamil State Party). Incidentally TNA is contesting under the name ITAK and their symbol. 

Even if the TNA (ITAK) polls more than 70% of the Tamil vote in the Northern Province they cannot claim that they have a mandate from the Tamil speaking people of the country to ‘share sovereignty” as more than 70% the Tamils and more than 90% the Tamil speaking Muslims live outside the Northern Province. The TNA knows that there are no grievances of the Tamils and that is the reason for them to switch to aspirations of Tamils in the “manifesto” following Kumar Ponnambalam. The so called manifesto is not for the poor people in the Northern Province but for and by the  dispersed Tamils in the west and for England and other countries in the west. The TNA does not find any fault with Prabhakaran or the LTTE and with Premachandran talking of arms and Wigneshwaran projecting Prabhakaran as a hero it is clear what the TNA wants. The TNA that glorifies Prabhakaran who killed Rajiv Gandhi has keft India in the dark. Though India supported and trained the LTTE and its terrorists initially, after the killing of Rajiv Gandhi India changed its stance towards the LTTE. The TNA those days gave the impression that they had no choice but to support the LTTE and be proxy in the Parliament due to terror, but it is now abundantly clear that it was not the case even then as we had repeatedly pointed out. The TNA is only a tool of the west and it works hand in hand with England, US and other western countries and the dispersed Tamils in the west. The aspiration of all these is to weaken if not destroy the Sinhala Buddhist culture and Chinthanaya and they would be happy to use the Muslims also in this regard. It is mainly a case of the west using Vellalas against the Sinhalas by the western forces. The west if everything else fails would supply arms mainly to the non Vellala Tamils again and send them to the battle field to fulfill their aspirations.

The west is making use of Darusman report, Pillay reports, channel four video footage and everything that is produced by them against the Sinhala people. Darusman talked of 40,000 people killed in the last stages of the humanitarian operations without an iota of evidence based on myths created by the dispersed Tamils. Now the TNA in their “manifesto” has raised it to 70,000 people and very soon it will reach the figure 100,000. The government should ignore all these reports and footage produced without giving any evidence and concentrate on uniting the people to fight the Vellalas and their masters in the west who have brought nothing but misery to the poor Tamils as well as others in the country.  In the meantime we await the response of India to the “manifesto” of the TNA.


Nalin De Silva

11-09-2013

පුද්ගලාත්මවාදය හා ධර්මාත්මවාදය


පසුගිය සතියේ ලිපියෙහි මුගලන් මහරහතන් වහන්සේ විශ්වයේ දිග පළල සෙවීමට සූදානම් වූ බව අපද සඳහන් කළෙමු. උන්වහන්සේ විශ්වයෙහි කෙළවර පිළිබඳ ව උනන්දුවක් දැක්වූ සේක. උන්වහන්සේ එයින් වළකනු ලැබුයේ බුදුන් වහන්සේ විසිනි. මා එයින් පැහැදිලි කිරීමට උත්සාහ කළේ මහරහතන් වහන්සේලාට ද පැවැත්ම පිළිබඳ ව ප්‍රශ්න තිබූ බව ය. විශ්වයේ පැවැත්ම පිළිගන්නා අයකු පුද්ගලාත්මවාදියකු වීම අනිවාර්ය නො වේ. පුද්ගලාත්මවාදියකු වී හෝ නොවී හෝ ධර්මාත්මවාදියකු විය හැකි ය. අපි බොහෝ දෙනා, අති විශාල බහුතරය, පුද්ගල ආත්මයක් මෙන් ම ධර්මාත්මයක් ද ඇතැයි පිළිගන්නෙමු.

මෙය වැදගත්වන්නේ නාගර්ජුන පාදයන් පුද්ගලාත්මය ගැන මෙන් ම ධර්මාත්මය ගැන ද දේශනා කර ඇති බැවිනි. එසේ දේශනා කිරීමට අවශ්‍ය වූයේ ධර්මවාදය ප්‍රතික්‍ෂෙප කිරීම සඳහා විය හැකි ය. ධර්ම පවතින්නේ යැයි ථෙරවාදීන් ද ඇතුළු ඇතැම් හීනයානිකයෝ පිළිගත්හ. ධර්මයක් ක්‍ෂණයක් වුව ද පවතින්නේ යැයි ගැනීම ධර්මාත්මවාදී වෙයි. නාගර්ජුන පාදයන්ට අවශ්‍ය වූයේ එ ධර්මාත්මවාදය ද ප්‍රතික්‍ෂෙප කිරීම බව පැහැදිලි ය. 

ධර්ම ඇතිවන්නේ මනේන්ද්‍රියෙහි ය. පුටුව යන සංකල්පය ද ධර්මයකි. පුටුවක තද බව මොළොක් බව ගඳ සුවඳ ආදිය මනසට ද පංචෙන්ද්‍රියයන්ට ද දැනෙයි. එහෙත් පුටුව යන සංකල්පය පංචෙන්ද්‍රියයන්ගෙන් එකකටවත් නො දැනෙයි. එය දැනෙන්නේ මනසට පමණ ය. පුටුව පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුර එය මනසට සාපේක්‍ෂව පවතියි යන්න ය. මනසින් තොරව වූ පැවැත්මක් පුටුවට නැත. පුටු වුව ද පවතින්නේ සංස්කෘතික සංකල්පයක් ලෙස ය. පුටු ගැන නොදන්නා සංස්කෘතියක පුටු නැත. එවැනි සංස්කෘතියක අයකුට පුටුවක් පෙන්වුවහොත් ඒ අයට ඒ කුමක් දැයි නො වැටහෙයි. මේ පිළිබඳ තවත් විස්තර මගේ ලෝකය කෘතියෙහි සඳහන් වෙයි.   

අපි පුටුවක සාපේක්‍ෂක පැවැත්ම නොසළකා එයට වාස්තවික පැවැත්මක් ආරෝපණය කරමු. අප ඇතත් නැතත්, මිනිසුන්ගේ මනස් ඇතත් නැතත් පුටු පවතින්නේ යැයි අපි ගනිමු. එහි දී  පුටුව ගැන නොදන්නා සංස්කෘතියක අයකුට පුටුව නැතැයි යන්න අපි නොසළකමු. අපට පුටුවට වාස්තවික පැවැත්මක් ආරෝපණය කිරීමට හැකද වී ඇත්තේ අපේ මනස් හා අනෙක් ඉන්ද්‍රිය එකිනෙකාගෙන් ඉතා සුළුවෙන් පමණක් වෙනස්වීම හේතුකොටගෙන ය. අප එකිනෙකාගේ ඉන්ද්‍රිය වෙනස් වී නම් පුටුව නමැති සම්මුතියට එළඹීමට අපට නොහැකි වීමට තිබිණි.

පුටුව සුළු ක්‍ෂණයකට වුවත් වාස්තවික ව පවතින්නේ යැයි ගැනීමට නො හැකි ය. නාගර්ජුන පාදයන් විරුද්ධ වූයේ එසේ මනේන්ද්‍රියට පමණක් දැනෙන ධර්මයක් වුවත් ක්‍ෂණයකට වුවත් පවතින්නේ යැයි ගැනීමට ය. නාගර්ජුන පාදයෝ සාපේක්‍ෂතාවක් දේශනා කළහ. යමක් පවතින්නේ තවත් දෙයකට සාපේක්‍ෂව ය. ඒ තවත් දෙය පවතින්නේ නම් එහි ප්‍රත්‍යයක් ලෙස අප සාකච්ඡාවට බඳුන් වන යම් දෙය පවතියි. ඒ තවත් දෙය නොපවතින්නේ නම් යම් දෙය ද නො පවතියි.

මෙහි දී ඒ තවත් දෙය පවතින්නේ යැයි නො කියැවෙයි. එහි දී කියැවෙන්නේ ඒ තවත් දෙය ඇතැයි, පවතී යැයි ගන්නේ නම් යම් දෙය ද එහි ප්‍රත්‍යයක් ලෙස පවනින බව ය. කිසිවකට වාස්තවික පැවැත්මක් ක්‍ෂණයකට වුවත් නැත. ඇත්තේ සාපේක්‍ෂ පැවැත්මක් පමණකි. එහෙත් එසේ සඳහන් කළ පමණින් මා එසේ ගන්නේ බුද්ධිවාදී නොවී යැයි නො සිතිය යුතු ය.  මට ඇත්තේ හුදෙක් ඒ පිළිබඳ බුද්ධිගෝචර දැනුමක් පමණකි. එය තර්කයට හසුවෙයි. තර්කයට පදනම් වන න්‍යාය කුමක් වුවත් මගේ දැනුම අතක්කාවචර නො වෙයි. 

නාගර්ජුන පාදයන්ට වුව ද අතක්කාවචර දැනුමක් (එය කුමක් වුවත්, දැනුමක් යන්න යෙදීම ගැටළු සහගත ය) තිබිණි යැයි විශ්වාස කළ හැකි නො වේ. උන්වහන්සේ ද තර්කයට හා බුද්ධියට වහල් වූහ. එහි වරදක් ඇතැයි නො කියමි. පෘථග්ජනයන්  වූ අපි ලෞකික වූ ධර්ම, සංකල්ප තර්කයෙන් හා බුද්ධියෙන් ග්‍රහණය කර ගනිමු. අපට පුද්ගලනෛර්යාත්මය මෙන් ම ධර්ම නෛර්යාත්මය ද මනසින් ගන්නා දේ වෙයි. එපමණක් නොව ඒවා සාපේක්‍ෂ වශයෙන් ගන්නා පෘථග්ජනයකු එසේ කරන්නේ ද තර්කයෙන් හා බුද්ධියෙනි.    

නාගර්ජුනපාදයන්ගේ සාපේක්‍ෂතාවාදය වුව ද අතක්කාවචර නො වේ. එය ද බුද්ධියෙන් ගන්නා ලද්දකි. පෘථග්ජනයකුගේ සාපේක්‍ෂතාවාදය ද තර්කයෙන් හා බුද්ධියෙන් ගනු ලැබෙයි. නාගර්ජුන පාදයන් නිවන් අවබෝධ කරගත් බවට සඳහනක් නැත. නිවන් අවබෝධය ගැන ද අප කතාකරන්නේ තර්කයෙන් හා බුද්ධියෙනි. නිවන් අවබෝධය තර්කයෙන් හෝ බුද්ධියෙන් හෝ කළ හැක්කක් නොවන බව ද අප පවසන්නේ තර්කයෙන් හා බුද්ධියෙනි! 

අපේ ප්‍රශ්නය වූයේ නාගර්ජුන පාදයන්ගේ ධර්මනෛර්යාත්මවාදය නිවන් අවබෝධ කරගැනීමට අවශ්‍ය ද යන්න ය. ධර්ම වාස්තවික වශයෙන් නැතැයි ගැනීම නිවන් අවබෝධයට අවශ්‍ය ම ද? පුටු ආදී ද්‍රව්‍ය වාස්තවික ව පවතින්නේ යැයි ගත් අයකුට නිවන් අවබෝධය නොමැති ද? වෙනත් වචනවලින් කිවහොත් නිවන් අවබෝධ කරගත් අයකු විශ්වය සාපේක්‍ෂ වශයෙන් පමණක් දකින්නේ ද? ඇතැම් රහතන් වහන්සේ නමක් පුටුවක් ඇතැයි ගන්නා සේක් ද?  

මුගලන් මහරහතන් වහන්සේ විශ්වයේ අන්තය සෙවීමට කල්පනා කළේ පෘථග්ජනයකු ලෙස නො වේ. උන්වහන්සේ සෘද්ධි බල සහිත මහරහතන් වහන්සේ අතර අග්‍ර වූහ. උන්වහන්සේ තමන් වහන්සේ සතු වූ සෘද්ධි බල යොදා ගනිමින් විශ්වයේ කෙළවර සෙවීමට සිතූහ. එහෙත් බුදුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඉන් වැළකූහ. මුගලන් මහරහතන් වහන්සේට විශ්වය යම් ආකාරයකින් පවතින දෙයක් විය. එය උන්වහන්සේ තමන් වහන්සේගේ මනසට සාපේක්‍ෂ ලෙස ගත්තේ යැයි සැලකිය හැකි නො වේ. කෙසේ වෙතත් උන්වහන්සේට විශ්වය හේතුවෙන් උපාදානයක් නො වී ය.
නිවන ගැන සාකච්ඡා කරන විට  පෘථග්ජනයන් වූ අපට පටිච්ච සමුප්පදාය හා චතුරාර්ය සත්‍යය වැදගත් වෙයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම අපහසු වුවත් තර්කයෙන් හා බුද්ධියෙන් පැවසීම අපහසු නො වේ. දුක, දුකට හේතුව, නිවන , නිවනට මග බුද්ධියෙන් දැන ගැනීම  අපහසු නැත. දුකට හේතුව තණ්හාව ය. නිවන් අවබෝධයට තණ්හාව නැතිකළ යුතු ය. තණ්හාව ඇතිවන්නේ කොහේ ද? අපට පුටුව ගැන තණ්හාවක් ඇතිවන්නේ කොහේ ද? 

පුටුව ගැන තණ්හාවක් ඇතිවන්නේ මනසෙහි මිස පුටුවෙහි නො වේ. පුටුව දර්ශනීය විය හැකි ය. ඒ ආකර්ෂණීය විය හැකි ය. එහෙත් පුටුව දර්ශනීය වන්නේත් ආකර්ෂණීය වන්නේත් මනසට ය. ප්‍රශ්නය වන්නේ පුටුව ගැන තණ්හාව නැතිකිරීමට අනිවාර්ය වන්නේ කුමක් ද? ප්‍රමාණවත් වන්නේ කුමක් ද? යන්න ය. පුටුව වාස්තවික නොවන බව අවබෝධ කරගත් පමණින් තණ්හාව නැතිකර ගත හැකි ද? පුටුව අනිත්‍ය බව හෝ පුටුවට ආත්මයක් (පුටුව යනුවෙන් දෙයක්) නැති බව තේරුම්  ගත් පමණින් තණ්හාව නැති වේවි ද?  

සමහර විට එය එසේ වනවා විය හැකි ය. පුටුව අනිත්‍ය බව තේරුම් ගැනීම තණ්හාව නැති කිරීමට ප්‍රමාණවත් වන්නේ යැයි සිතිය හැකි ය. චුල්ලඵන්තක තිස්ස රහතන් වහන්සේගේ කතාව එයට අනුබල දෙයි. උන්වහන්සේ රෙදි කැබැල්ලක පැහැය වෙනස්වනු දැකීමෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කරගත් බවත් රහත් ඵලයට පත් වූ බවත් පෙනී යයි. එහෙත් ඒ සමග ම උන්වහන්සේ පුද්ගලාත්මවාදයෙහි දෝෂය ද අවබෝධ කරගන්නට ඇත. රෙදි කැබැල්ල යනුවෙන් වෙනස් නොවන වාස්තවික දෙයක් නැති බව තේරුම් ගැනීමත් සමග මනස යනුවෙන් දෙයක් නැති බවත් අවබෝධ කරගන්නට ඇත.

මෙයින් මා කීමට අදහස් කරන්නේ ධර්ම නෛර්‍යාත්මභාවය අවබෝධ කරගැනීමත් සමග පුද්ගල නෛර්‍යාත්මභාවය ද අවබෝධ  කරගන්නා බව ය. එහෙත් එහි අනෙක් පැත්ත ද එලෙස ම යැයි අපට කිව නො හැකි ය. එනම් පුද්ගල නෛර්‍යාත්මභාවය අවබෝධ කරගත් සැණින් ධර්ම නෛර්‍යාත්මභාවයද අවබෝධ වන්නේ යැයි කිව නො හැකි ය. නිවන් අවබෝධය යනු පුද්ගල නෛර්‍යාත්මභාවය අවබෝධ කර ගැනීම ය. එය නිවන් අවබෝධය සඳහා අනිවාර්ය මෙන් ම ප්‍රමාණවත් ද වෙයි. එහෙත් ධර්ම නෛර්‍යාත්මභාවය අවබෝධ කිරීම නිවන් අවබෝධය සඳහා ප්‍රමාණවත් වුවත් අනිවාර්ය නො වේ යැයි සිතමු. නිවන් අවබෝධ කරගත් රහතන් වහන්සේ ද ඇතැම් විට ධර්ම නෛර්‍යාත්මභාවය අවබෝධ නොකර සිටීමට හැකි ය.  

රහතන් වහන්සේ ද නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් ප්‍රවාද නිර්මාණය කළහ. ඒ ප්‍රවාද සංයුක්ත ප්‍රවාද වත යැයි සිතිය හැකි ය. ඇතැම් විට වියුක්ත ප්‍රවාද ද නිර්මාණය කරන්නට ඇත. එහෙත් උන්වහන්සේ කිසි විටෙකත් මා යනුවෙන් යමකු පැවතීම පිලිබඳ ප්‍රවාද නිර්මාණය කිරීමට ඉඩක් නැත. එසේ මා යනුවෙන් ඇති කෙනකු ගැන ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීම නිවන් අවබෝධ කරගත් රහතන් වහන්සේ කෙනකුගෙන් බලාපොරෙත්තු විය නො හැකි ය.  

නිවන තමන්ගේ අවබෝධයක් මිස වෙනත් අයකුගේ හෝ දෙයක හෝ කාර්යයක් නො වේ. ඊනියා අනෙකා නිසා අනෙකාගේ මැදිහත් වීමකින් සිදුවන නිවන් අවබෝයක් නැත. රෙදි කැබැල්ලේ පැහැය වෙනස් වීමත් සමග රෙදි කැබැල්ලේ අනිත්‍යභාවය ගැන මෙන් ම තමන්ගේ අනිත්‍යභාවය ගැන ද අවබෝධයක් ලැබෙන්නේ යැයි සිතිය හැකි ය. රෙදි කැබැල්ල යනුවෙන් දෙයක් ගැනීම වැරදි බව අවබෝධ කරන්නා තම මනස යනුවෙන් ද දෙයක් ඇතැයි ගැනීම වැරදි බව ද තේරුම් ගනියි. මනස යනුවෙන් දෙයක් ඇතැයි ගැනීම වැරදි බව අවබෝධ කර ගැනීමට රෙදි කැබැල්ල යනුවෙන් දෙයක් ඇතැයි ගැනීම වැරදි බව අවබෝධ කර ගැනීම උපකාරී වන්නේ යැයි සිතිය හැකි ය. එසේ වුවත් නිවන් අවබෝධයට අවශ්‍ය වනුයේ මනස යනුවෙන් දෙයක් ඇතැයි ගැනීම වැරදි බව තේරුම් ගැනීම ය. වෙනත් අයුරකින් කිවහොත් නැති මනස නැති මනසක් බව අවබෝධ කර ගැනීම ය.        

බටහිර විද්‍යාඥයෝ වාස්තවික යථාර්ථයක් ඇතැයි පිළිගනිති. විශ්වය (එහි අඩංගු දේ ද ඇතුළත් ව) මනසෙන් තොරව, මනසෙන් ස්වායත්ත ව පවතින්නේ යැයි ඔවුහු විශ්වාස කරති. එය විශ්වාසයක් පමණකි. මනසෙන් ස්වායත්ත ව ලෝකයක් ඇතැයි මනසෙන් ස්වායත්ත ව පෙන්වනතාක් වාස්තවිකත්වය යන්න හුදු විශ්වාසයක් පමණක් ව පවතියි. එහෙත් බටහිර විද්‍යාඥයන්  වාස්තවික ලෝකයක් යන්න හුදු විශ්වාසයක් පමණක් ලෙස නොසලකන බව පැහැදිලි ය. 


බටහිර විද්‍යාඥයන්ට අනුව විශ්වයට හා එහි අඩංගු දේට වාස්තවික පැවැත්මක් ද වාස්තවික ගුණ ද ඇත. බටහිර විද්‍යාඥයන්ගේ කාර්යය මේ වස්තු හා එහි ගුණ දැනගැනීම ය. එහෙත් මේ ගුණ හා ඒ හේතුවෙන් ප්‍රවාද ද ප්‍රවාදයෙන් ප්‍රවාදයට වෙනස්වීමෙන් ම පෙන්නුම් කෙරෙන්නේ එහි ඊනියා වාස්තවිකත්වයක් නැති බව ය. 


නලින් ද සිල්වා

2013-09-11

Monday, 9 September 2013

සිරියාවට කඳුළු නොසලන ඇමරිකානුවෝ

මේ ලිපිය ලියන මොහොතේ ඇමෙරිකාවේ බහුතරයක් ජනතාව සිරියාවට පහරදීමට කැමැත්තක් දක්වන්නේ නැතැයි පලවී ඇත. ඇමෙරිකානු කොන්ග්‍රසය තුල දැන් ඒ පිළිබඳ විවාදයක් පවතී. ඒ කෙසේ නමුත් රටේ බහුතරයගේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක මංඩලයේද අනුමැතිය නොසලකා සිරියාවට එරෙහිව යුධ වැදීමට ඇමරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් ක්‍රියා කිරීමට ඉඩ ඇත. එය එසේ සිදුවුවහොත් ඇමෙරිකානු සාමාන්‍ය ජනතාව පසුව එය අනුමත කිරීමටද ඉඩ ඇත. නමුත් තාවකාලිකව හෝ බලාපොරොත්තු නොවූඅයුරින් ඇමරිකානුවන් සිරියාවට පහරදීමට අකමැත්තක් දැක්වීම වැදගත්ය. මේ මතුවී තිබෙන්නේ වෙනස් වෙමින් පවතිනනමුත් මතුපිටින් නොපෙනෙන ඇමරිකානු ජනවිඥාණයේ සියුම් පැතිකඩක් යැයි මම සිතමි. 

සිරියානු ගැටුම ඇමරිකානු ජනමාධ්‍ය තුල සාකච්ඡාවට බඳුන්වී වසර දෙකකට අධික කාලයක් පසුවී ඇත. මේ මුලු කාලය පුරාම කෙරුනේ අසාඩ් ඩීමනයිස් කිරීමය. ඊට විරුද්ධ මතවාදයක් නොතිබිනි. අදද නැත. මින් පෙර ඩීමනයිස් වූ සදාම් හුසේන්, ගඩාපි වැන්නන්ගේ ඉරණම දෙසබැලූවිට අසාඩ්ගේ ඉරණම දැනටමත් ලියවී ඇතැයි සිතිය හැකි වුනත් ඇමරිකානු බහුතරයක් ජනතාව මේ මොහොත වන විට තවම ඒ පිළිබඳව සහතිකකරනැත. මින් කියැවෙන්නේ ඇමරිකානුවන් සිරියාවට අත නොතබනු යැයි කියමින් පාරට බසින බව නොවේ. ඔවුහු අසාඩ්ට කැමතිද නැත. අසාඩ් තම වැසියන් වෙත විශවායු ප්‍රහාරයක් එල්ලකලැයිද ඇමරිකානුවෝ විශ්වාස කරති. ඔවුන්ට අසාඩ් සමඟමි තුරුවී ඊශ්‍රායලය අමනාප කර ගැනීමට උවමණාවක්ද නැත. ඔවුන් අසාඩ්ට පහර නොදෙන්ට යැයි කියන්නේ අසාඩ්ගේ ප්‍රතිවාදීන් අල් කායිඩාවන් යැයිසිතාද නොවේ. කොටින්ම ඇමරිකානුවන් සිරියාවට පහරදීමට මේ මොහොතේ අකමැති වීම ඔවුන් විසින් යම් මතවාදයක පිහිටා ගන්නා ගැඹුරු දේශපාලණ තීරණයක් නොවේ. ඉතා සරලව ඔවුන්ට මේ ප්‍රශ්ණය වැදගත් නැත. අදාලනැත. ඔවුන් යුධයට නොයන්නේ ඒ නිසාය.

දැන් ලංකාවේ ජනතාව සිරියාවේ ගැටුම තමන්ට අදාල නැතැයි කිවහොත් එය එසේ විය හැකියැයි පිළිගත හැකිය. නමුත් ඇමෙරිකාවේ තත්වය එසේ නොවේ. අරාබි වසන්තය ඇරඹුණු සමයේ සිටම එහි සිදුවුනු දෑ පෞද්ගලිකවමතමන්ට අදාල යැයි සිතවීමට ඇමරිකානු මාධ්‍ය මඟින් ක්‍රියා කෙරෙනි. ඇමරිකානුවෝද එසේ සිතූහ. ලිබියාවේ ඊජිප්තුවේ සිදුවීම් පිළිබඳව ඔවුන් සතුටු වූයේ ඒ පෞද්ගලිකත්වය මතය. එනම් ඒ දෑ තමන්ට පෞද්ගලිකව බලපාන්නේ යැයි ගනිමිනි. පොදුවේ බටහිරුන්ට, විශේෂයෙන් ඇමරිකානුවන්ට තමන්ගේ පෞද්ගලිකත්වය සාමූහිකත්වයට වඩා වැදගත්ය. දෙදහස් එකේ ත්‍රස්තවාදීන් නිව්යෝක් නගරයට පහර දෙද්දී ඔවුන්ට හැඟුනේ ත්‍රස්තයන් තම පෞද්ගලික නිදහසඋදුරාගත් ලෙසය. ඉන් මතුව ජාතියක් වශයෙන් ත්‍රස්තවාදීන්ට පහරදීමට එක් වුනත් බින් ලාඩන් ඝාතනයෙන් ඔවුන් ලැබුවේ පෞද්ගලික සතුටකි. ත්‍රස්තවාදය පරාජය කල සිංහලුන් ලැබුවේ එවැනිසතුටක් නොවේ. නමුත් අසාඩ්ගේ කථාව පෞද්ගලික කෙරවීමට ඇමරිකානු ජන මාධ්‍ය මේ වෙනවිට අසමත් වී ඇත. සිරියාවේ ගැටුම තමන්ට අදාල යැයි ඇමරිකානුවන් නොසිතන්නේ ඒ නිසාය.

අසාඩ්ගේ කථාව පුද්ගලීකරණය කිරීමට ඇමරිකානු ජන මාධ්‍ය අපොහොසත් වුනේ ඇයිද යන්න අපට වැදගත්ය. මා සිතන ආකාරයට එය එසේ සිදුවී ඇත්තේ මේ වෙනවිට ඇමෙරිකානු සාමාන්‍ය ජනතාව ක්‍රමයෙන් සාමූහිකත්වයට නැඹුරුවෙමින් සිටිනබැවිනි. ඔවුන්ට තවමත් වැඩියෙන් වැදගත් පෞද්ගලිකත්වයය. ඒ ගැන සැකයක් නැත. නමුත් ඔවුන් පෙරටවඩා සාමූහිකත්වයට නැඹුරු වී ඇත. මීටදශකයකට පෙරදී මෙන් නොව අද ඔවුන් තමන්ගේ පවුල තම සමීපතමයන් තමන් වෙසෙන සමාජය පිළිබඳව සැලකීමක් දක්වති. ංද ඔවුන්ට තමන්ගේ පෞද්ගලිකත්වය ඉස්මතු කරගන්නට එදා තරම් අවකාශයක් නැත. එදාටවඩා අදවැඩිවියට පත් ඇමරිකානුදරුවෝ තම දෙමව්පියන් සමඟ ජීවත්වීමට ප්‍රවණතාවක් දක්වති. දරුවෝ තම වියපත් දෙමව්පියන් ගෙදර තබාගෙන සැලකීමට ප්‍රවණතාවක් දක්වති. මීට ආර්ථික අමාරුකම්ද බලපා ඇතැයි සිතිය හැකිය. ඒ කෙසේ වෙතත් ඔවුන්ට තම සාමූහිකත්වය වැදගත් වනවිට සිරියාව සහ අසාඩ් සිටින්නේ නොවැදගත් වූ ඈතකිනි. ඇමෙරිකාවේ බහුතරයක් ජනතාව සිරියාවට පහරදීමට කැමැත්තක් දක්වන්නේ නැත්තේ ඒ නිසාය.

සාමූහිකත්වය පරයා පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම බටහිරශිෂ්ඨාචාරයේ මූලිකආචාර ධර්මයකි. ධනපති ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය හා කේන්ද්‍රගත පාලණයට පැවැත්මක් ඇත්තේ පෞද්ගලිකත්වය ඉස්ම තුකිරීමමතය. ඇමරිකාව ප්‍රමුඛ බටහිරරටවලට ලොවපුරා බලපෑම් කිරීමට හැකිවී ඇත්තේ ද පෞද්ගලිකත්වය ඉස්මතුකිරීමතුලින් ඔවුන් ලබා ඇති සංස්කෘතික හා දැනුමේ ආධිපත්‍යය නිසාය. යම් හෙයකින් බටහිර පෞද්ගලිකත්වය අභිබවා සාමූහිකත්වය ජයගත හොත් අද දකින බටහිර සංස්කෘතිය, දේශපාලණය හා ආර්ථිකයට හාත්පසින් වෙනස්වූ සංස්කෘතියක්, දේශපාලණයක් හා ආර්ථිකයකින් හෙබිසමාජයක් බටහිර බිහිවනු ඇත. අදජීවත්වන අය ඒ වනවිටජීවතුන් අතර නොවීමට බොහෝ ඉඩ ඇත. නමුත් අද මේ ජනමතය තුලින් අපිදකින්නේ ඒ වෙනස් වූසමාජයකරා සෙමින් ඇදෙන ඇමෙරිකානු සමාජයේම තුපිටින් නොපෙනෙන විඥාණයය.

ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති වෙනස් කිරීමට තරම් මේ සැඟවුනු ජන විඥාණය ශක්තිමත් නැත. ඒ නිසා එය සිරියාවටත් අසාඩ්ටත් වෙනකිසි වෙකුටත් ඵලක් නොවේ. අපට කල හැක්කේ සිරියාවේ ගිනි නිවී ඔවුන්ගේ දුක් දුරුවේවායැයි පැතීම පමණි. නමුත් මා ඇමරිකානු සමාජය තුලසිදුවෙමින් පවතින වෙනස මෙහි ගෙනහැර දක්වන්නේ මෙවැනි ප්‍රශ්ණයක් මට ඇති නිසයි” ධනපති ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප බටහිරුන් ඔවුන්ගේ පැවැත්ම සඳහා යථා කාලයේදී ඔවුන් විසින්ම වෙනස් කරගනුඇත. එවිට අපි කුමක් කරමුද? දැන් මේ සංකල්ප ඔස්සේ බඩ ගාගෙන ගොස් ඔවුන් ඒ වෙනස් කරනවිට අපිද අපේ ගමන වෙනස් කරගන්නවාද? එවිට අපිසැමදා මසිටින්නේ ඔවුන්ට පිටුපසින් නොවේද? අපේ මුතුන්මිත්තෝ ඉරහඳ පවතින තුරු පවතින්නට සිතූ හ අපිට අවුරුදු පණහක් හැටක් ඉදිරියට සිතන්නට නොහැකිද? 


ජානක වංශපුර

2013-09-09