History

Thursday, 31 October 2013

දැනුමේ දැනුම








බටහිර ආධිපත්‍ය යොදාගෙන අප මත ලොකු මතයක් බලහත් කාරයෙන් පැටෙව්වාට බටහිර විද්‍යාවේ තියෙන්නේ ගුණ දෙකකි. එයත් අගුණ දෙකකි. සීමිත නිරික්ෂණ මගින් සංඛ්‍යාත්මක ක්‍රම යොදාගනිමින් මුළුමහත් ගහනයට පොදු වූ උද්ගමන වලට යාම එකකි. යම් යම් ප්‍රපංච සංසිද්ධි තේරුම් ගැනීමට වියුක්ත කතන්දර ගෙතීම දෙවැන්නයි. 

අපට තිබුණු දැනුම අවුරුදු දහස් ගනණක් තිස්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන අත්දැකපු දේවල්. සංකල්ප ගත්තත් ප්‍රපංච ගත්තත් මොන දැනුම ගත්තත් බොරු, එවා සංකෘතියට, ඉන්ද්‍රීය පද්ධතියට හා මනසට සාපෙක්ෂ මනසේ නිර්මාණ. යම් යම් අය දැනුම නිර්මාණය කරන්නේ යම් අරමුණක් වෙනුවෙන් ඒ අතරින් සිංහල බෞද්ධයෝ දැනුම නිර්මාණය කරන්නේ නිර්වාණය අරමුණු කරගෙනයි. අපේ වෙදකමත් ගොවිකමත් අනෙකුත් දෙවලුත් නිර්වාණය අරමුණු කර ගෙන නිර්මාණය වෙයි. මේ සමහර සංසිද්ධි ප්‍රපංච අධ්‍යාත්මිකව දියුනු අයගේ ප්‍රත්‍යක්ෂ එහෙත් බටහිර විද්‍යාවේ තියෙන්නේ මේ එකක්වත් නොවෙයි හුදෙක් ගොතන ලද පට්ටපල් බොරු ටිකක් පමණි. ඉතින් දෙකෙන් කොයි එකද තෝරා ගත යුත්තේ කියන එක අපගේ කාර්යයකි. එහෙත් එය තෝරා ගැනීමට අපට නිදහසක් වෙත් ද?


Wednesday, 30 October 2013

අමරතුංග මහතාගේ මුළාව


කූන්ගේ ව්‍යාපෘතිය වූයේ අප කලින් ද සඳහන් කළ ආකාරයට පොපර්ගේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය සම්බන්ධයෙන් වූ අදහස් වැරදි බව පෙන්වීම ය. පොපර් තම ඊනියා අසත්‍යකරණය මගින් බටහිර විද්‍යාවට එතෙක් තිබුණාට ද වඩා ආධිපත්‍යයක් ලබා දුන්නේ ය. කූන් කළේ විද්‍යාඥයන් ඉතා වැඩි වශයෙන් කරන්නේ පිලිගැනීමට ලක් වී ඇති ප්‍රවාද තව තවත් තහවුරු කිරීමට කටයුතු කරන බව පෙන්වා දීම ය. ඒ හැරෙන්නට බටහිර විද්‍යාවේ ප්‍රවාද සුසමාදර්ශ මත පදනම්වන බවත් ඒ ඒ සුසමාදරශ මත පදනම් වූ ප්‍රවාද හා සංකල්ප අසම්මේය බවත් කූන් පෙන්වා දුන්නේ ය.

ඒ අරුතෙන් ගත්කල කූන් තරමක ආධිපත්‍ය විරෝධියකු විය. ඔහුට එවැනි ආධිපත්‍ය විරෝධී ආකල්පයක් තිබිණි යැයි මෙයින් නො කියැවෙයි. ඔහු ද බටහිර විද්‍යාවට හිමි වූ යම් විධික්‍රමයක් ඇතැයි පිළිගත්තේ ය. ඔහු බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වන බව කීවේ ය. එහෙත් ඔහු බටහිර විද්‍යාඥයන්ගේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාජයක් බව දුටුවේ ය. බටහිර විද්‍යාඥයන් ආධිපත්‍යය පිළිගන්නා පිරිසක් බව ඔහු පෙන්වා දුන්නේ ය. එමගින් ඔහු බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරෝධයක් දැක්වී ය.

ෆෙයරාබන්ඩ් බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ ව විප්ලවවාදී අදහස් ප්‍රකාශ කළේ ය. ඔහු කියා සිටියේ බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නැතැයි නොපැකිළව කියා සිටියේ ය. ඔහු ලියා පළකල විධික්‍රමයට එරෙහිව  (Against Method) කෘතියෙන් තමන් එසේ කියන්නේ ඇයි දැයි පැහැදිලි කළේ ය. ගැලීලියෝ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක කළ පර්යේෂණයක් නැති බව ෆෙයරාබන්ඩ් පෙන්වා දුන්නේ ය. එහි සඳහන් සියළු කරුණු සඳහන් කිරීමට මේ අවස්ථාව නො වේ. අවශ්‍ය කෙනකුට ඉහත සඳහන් කෘතිය කියවා ඒ විස්තර දැනගත හැකි ය.

එමෙන් ම  ෆෙයරාබන්ඩ් සඳගන් කළ වැදගත් කරුණක් වූයේ තමා සාපේක්‍ෂතාවාදියකු බව ය. ඔහුට අනුව ඊනියා වාස්තවික වූ දැනුම් නැත. සියළු දැනුම් සාපේක්‍ෂ බව ඔහුගේ අදහස විය. එහෙත් ඒ කුමකට සාපේක්‍ෂව දැයි ඔහු කියා නො සිටියේ ය. මේ අතර දැනුම පිළිබඳ බටහිර සමාජවිද්‍යාඥයන් (sociologists of knowledge) තවත් අදහසක් ඉදිරිපත් කර තිබිණි. ඔවුහු දැනුම පිලිබඳ බටහිර සමාජවිද්‍යාඥයෝ වූහ.  ඔවුූන් කියා සිටියේ දැනුම යනු සමාජයීය නිර්මිතයක් (social construction) බව ය. ඔවුන් එමගින් කියා සිටියේ දැනුම යනු සොයාගනු ලබන දෙයක් නොවන බවත් එය ඒ ඒ සමාජය විසින් නිර්මාණය කෙරෙන්නක් බවත් ය.  

ඒ ඒ සමාජයේ දැනුම බිහිවන්නේ ඒ ඒ සමාජයට වැදගත් වූ කරුණු පදනම් කරගෙන ය. මෙය වැදගත් අදහසකි. එය ඊනියා පශ්චාත්නූතනවාදී අදහසක් නො වේ. පශ්චාත්නූතනවාදයේ ප්‍රධාන ම කතාවක් වන්නේ පාර ආඛ්‍යානයක් (meta narrative) නැති බව ය. මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇති ගුණදාස අමරසේකර මහතා මෙටා යන්න මෙගා හෙවත් මහා යන අරුතකින් තේරුම් ගෙන දෝ කලක් පශ්චාත්නූතනවාදයෙහි  මහා පතරංග ආඛ්‍යාන ගැන කතා කළේ ය. ඒ මහතා එවැනි වැරදි තේරුමක් ලබාගත්තේ පශ්චාත්නූතවාදය ගැන ලියැවී ඇති කිනම් ජනප්‍රිය පොතක් හෝ ලිපියක් හෝ කියවා දැයි නො දනිමි.

කෙසේ වෙතත් ෆෙයරාබන්ඩ්  පාර ආඛ්‍යාන ගැන හෝ පශ්චාත්නූතනවාදයෙහි දක්නට ලැබෙන තවත් ප්‍රධාන අදහසක් වූ ඊනියා විසංයෝජනය (deconstruction) ගැන හෝ කතා නො කළේ ය. ඔහු සාපේක්‍ෂතාවාදියකු පමණක් විය. ඇතැම් පශ්චාත්නූතනවාදීහු සාපේක්‍ෂතාවාදීහු වෙති. එහෙත් එයින් කියැවෙන්නේ සියළු සාපේක්‍ෂතාවාදීන් පභ්චාත්නූතනවාදීන් බව නො වේ. මහාචාර්ය අමරතුංග මහතා  අඩුම තරමෙන් සාපේක්‍ෂතාවාදියකුවත් නොවන කූන් හා සාපේක්‍ෂතාවාදියකු වූ ෆෙයරාබන්ඩ් පශ්චාත්නූතනවාදීන් ලෙස සලකන්නේ කිනම් නිර්ණායකවලට (මිනුම් දණ්ඩකට) අනුව දැයි ප්‍රකාශ කරන්නේ නම් මැනවි.

 අමරතුංග මහතාට අනුව “ පෝල් ෆෙයරාබන්ඩ් ගේ අදහස වූයේ විද්‍යාවට ලබා දී ඇති වැදගත් ස්ථානයට සමාන තැනක් නක්ෂත්‍රය වැනි මිථ්‍යාව මත පිහිටා වර්ධනය වූ ක්‍රමවේදයනට ද ලබා දිය යුතු බව ය.” අමරතුංග මහතාට නිරවුල් ව අදහසක් ප්‍රකාශ කළ නො හැකි ය. ඔහු කියන්නේ නක්‍ෂත්‍රය ක්‍රමවේදයක් බව ද? ඔහු බටහිර විද්‍යාව වැනි දැනුම් පද්ධතියක් සංසන්දනය කරන්නේ ක්‍රමවේදයක් සමග ද?

මහාචාර්යතුමා කියන්නට අදහස් කළේ බටහිර විද්‍යාවට සමාන තැනක් නක්‍ෂත්‍රයට ද ලබා දිය යුතු යැයි ෆෙයරාබන්ඩ් කියා ඇති බව විය හැකි ය. ඒ එසේ යැයි ගත්ත ද මෙහි දී අඩු තරමෙන් ප්‍රශ්න දෙකක් පැන නගී. මේ ඊනියා වැදගත් බව බටහිර විද්‍යාවට ලබා දී ඇත්තේ කවුරුන් විසින් ද? නක්‍ෂත්‍රය මිථ්‍යාවක් යැයි කියන්නේ කවුද? අමරතුංග මහතා එවැනි අදහස් ප්‍රකාශ කරන්නේ ඊනියා වාස්තවික අර්ථයකිනි. ඔහු අදහස් ප්‍රකාශ කරන අයුරෙන් බටහිර විද්‍යාවට නිරපේක්‍ෂව ම වැදගත් තැනක් ලැබී ඇත. එමෙන් ම නක්‍ෂත්‍රය නිරපේක්‍ෂව ම මිථ්‍යාවකි.

පොපර් කලකට පෙර නක්‍ෂත්‍රය මිථ්‍යාවක් යැයි කියා ඇත. ඔහුට අනුව නක්‍ෂත්‍රය පමණක් නොව මෙරට ජාතික චින්තනය විසින් ගුරුකර ගනු ලැබිය යුතු බවට ගුණදාස අමරසේකර මහතා විසින් ඇතැම් විට පැවසෙන මාක්ස්වාදය ද, මෙරට බටහිර වෛද්‍ය පීඨවල ඉගැන්වෙන ෆ්‍රොයිඩ් ආදීන්ගේ මනෝ විශ්ලේෂණය ද මිථ්‍යා වෙයි. ඒ ඔහුට අනුව ඒ කිසිම දැනුම් පද්ධතියක් අසත්‍යකරණයට ලක්කළ නොහැකි බැවිනි. පොපර්ට අනුව නම් බටහිර වෛද්‍ය පිඨවල මනෝවිශ්ලේෂණය ඉගැන්වීම මිථ්‍යාවක් ඉගැන්වීමකි.

ඇතැම් විට දන්ත වෛද්‍යවරුන් වූ අමරසේකර මහතාට ද අමරතුංග මහතාට ද ඒ ප්‍රශ්නයක් නොවනු ඇත. අනෙක් අතට මෙරට සමාජයේ බටහිර වෛද්‍ය විද්‍යාවට බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවට වඩා වැදගත් තැනක් හිමි වී ඇත. එබැවින් මනෝ විශ්ලේෂණය ගැන කතාකිරීමට ගොස් ලැබී ඇති තැන නැතිකර නොගෙන නක්‍ෂත්‍රය ගැන පමණක් කතාකිරීම වැදගත් යැයි  අමරතුග මහතා සිතනවා විය හැකි ය. අමරතුංග මහතා නිරපේක්‍ෂව නක්‍ෂත්‍රය මිථ්‍යාවක් යැයි ද මනෝ විශ්ලේෂණය විද්‍යාවක් යැයි ද ගන්නා බව පෙනී යයි. කෙසේ වෙතත් අමරතුංග මහතා මේ පිළිබඳ ව පැහැදිලි කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.

මනෝ විශ්ලේෂණය ගැන අමරතුංග මහතා දරණ අදහස වැදගත් වනුයේ පශ්චාත්නූතනවාදීන් ද මනෝ විශ්ලේෂණයට ගරුකරන බැවිනි. ඔවුහු විවිධ මනෝ විශ්ලේෂකයන්ගේ අදහස් වමාරති. මට මනෝ විශ්ලේෂණය වැදගත් නැත. මම එය බටහිර නූතනත්වයේ ම බිහි වූ දැනුම් පද්ධතියක් ලෙස සලකමි. ඒ අමරතුංග මහතා මා පශ්චාත්නූතනවාදියකු ලෙස හැඳින්වීමට උත්සාහ දරද්දී ම ය. 

මෙහි දී දැනුම පිලිබඳ බටහිර සමාජ විද්‍යාඥයන්ගේ කලින් සඳහන් කළ අදහස ගැන සඳහන් කළ යුතු ය. ඔවුන්ට අනුව දැනුම යනු සමාජයීය නිර්මිතයකි. බටහිර විද්‍යාව බිහි වත ඇත්තේ බටහිර රටවල සමාජවල මිස වෙනත් සමාජවල නො වේ. එය ද පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක සිදු වී ඇත. එහෙත් අමරතුංග මහතා කියන්නේ වෙනත් කතාවකි. අපි ඒ සම්බන්ධයෙන් ඔහු කියා ඇති දේ විස්තරාත්මක ව උපුටා දක්වමු. මෙරට බොහෝ උගතුන් යැයි හැඳින්වෙන්නන් හෙවත් අනුකාරකයන් (ඇංකරයන්) කියන්නේ, ඔවුන්ට කීමට පුරුදු කර ඇත්තේ එය බැවින් මේ ලිපි පෙළෙහි දී අපට එය ඉතා වැදගත් වෙයි.

“බටහිර සංස්කෘතියේ නැගීමට පෙර පුරාණ සංස්කෘති කිහිපයක් තුළ ම විද්‍යාව හා තාක්‍ෂණය වර්ධනය වූ බව අපි දනිමු. පුරාණ අරාබිය, චීනය, ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල් තුළ දියුණු යැයි පිළිගැනෙන සංස්කෘතියක් ගොඩනැඟී තිබූ බව අපි දනිමු. තාරකා විද්‍යාව, ගණිත ශාස්ත්‍රය, රසායනික විද්‍යාව වැනි විද්‍යාවන්වලට අදාළ සමහර මූලික සංකල්පීය දැනුම මේ සංස්කෘති තුළ බිහි වූ බවට සාක්‍ෂි ඇත. උදාහරණයක් වශයෙන් ගණිත ශාස්ත්‍රයේ මූලික නීති රීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවට සාක්‍ෂි ඇත. එසේ ම ඉතා අගනා තාක්‍ෂණික ඥානය චීනයේ බිහිවිය. වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය සහ මුද්‍රණ යන්ත්‍රය පළමුව නිෂ්පාදනය වූයේ චීනයේ ය. මේ ලෙස දැනුම ලබා ගැනීම පිණිස භාවිතා වූ ක්‍රමවේදය තුළ නවීන විද්‍යාවේ සමහරක් අංගෝපාංග තිබුණු බවට සාක්‍ෂි සොයාගෙන ඇත. පර්යේෂණ ක්‍රම, නිරීක්‍ෂණ මාර්ග, ලේඛනගත කිරීම අ    ාදීය ඒ අතර විය.

මේ විද්‍යාත්මක දැනුම සහ තාක්‍ෂණ ඥානය අරාබිය හරහා ග්‍රීසියට ද, ඊට පසු යුරෝපයට ද සංක්‍රමණය විය. මේ මධ්‍යකාලීන විද්‍යා වර්ධනය පුනරුදය නමැති කාල පරිච්ඡෙදය දක්වා අඛණ්ඩව පැවති බව සමහරුන්ගේ මතය වී ඇත. පුනරුදය නමැති කාල පරිච්ඡෙදයේ දී විද්‍යාව ශීඝ්‍රයෙන් යුරෝපයේ දියුණු විය. ඊට මූලික හේතුව වූයේ නොයෙකුත් කර්මාන්ත ඒ යුගයේ දී බිහි වීමයි. නව කර්මාන්තවලට අවශ්‍ය තාක්‍ෂණය ද, ඊට අවශ්‍ය විද්‍යාව ද, එකට බැඳීමකින් යුතු ව දියුණු විය. විද්‍යාත්මක ක්‍රමවේදය විධිමත් ලෙස දියුණු විය. මේ ලෙසින් බලන කල නවීන විද්‍යාව සම්පුර්ණයෙන් බටහිර සංස්කෘතිය තුළින් බිහි වූයේ යැයි පිළිගත නොහැකි ය. ඒ නිසා නවීන විද්‍යාව බටහිරට අයත් දෙයක් නො වේ. නවීන විද්‍යාවේ දැනුම සොයා ගැනීමේ ක්‍රමවේදය එමානුවෙල් කාන්ට් වැනි දාර්ශනිකයන් ප්‍රගුණ කොට ඇති බව සැබෑ ය. එනමුත් ඔවුන් ප්‍රගුණ කළේ වෙනත් සංස්කෘතිවල ද දායකත්වයෙන් වර්ධනය වෙමින් පැවති ක්‍රමවේදයක් මිස සම්පුර්ණයෙන් වෙනස් වූ නව ක්‍රමවේදයක් නොවන බව පිළිගත හැකිය.”

ඉතා කෙටියෙන් කියන්නේ නම් මේ පට්ටපල් බොරුවකි. මෙහි බටහිරයන් අපට උගන්වන බොරු මදිවාට අමරතුංග මහතා බටහිරයන් කියන දේ වුව ද තම ශක්ති ප්‍රමාණයෙන් වැරදියට තේරුම් ගත් දේ ද වෙයි. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරි ලිපිවලින් කිරීමට අදහස් කරමි. එහෙත් දැනට එක් කරුණක් පමණක් සඳහන් කළ යුතු ය. ඒ ඊනියා විද්‍යාවේ දර්ශනය සම්බන්ධයෙනි.

බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යැයි කියාගන්නා අය දැන් තරමක කාලයක් තිස්සේ කියන්නේ බටහිර විද්‍යාව මෙතෙක් තිබූ අනෙක් සියළු දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් බව ය. ඔවුන් ඊනියා විද්‍යාත්මක විධික්‍රම ගැන කියන්නේ අනෙක් දැනුම් පද්ධතීන්ට වඩා වෙනත් යමක් බටහිර විද්‍යාවේ ඇති බව පෙන්වීමට ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය වෙනත් සංස්කෘතීන්ගේ ද දායකත්වයෙන්  වර්ධනය වූවක් යැයි අමරතුංග මහතා කියන්නේ කිනම් දාර්ශනිකයකු ගුරුකොට ගෙන දැයි නො දනිමි. ඔහු සමහරවිට අළුත් මතයක් ඉදිරිපත් කරනවා විය හැකි ය. මතය කාගේ වුවත් එය පට්ටපල් බොරුවක් බව ඊළඟ සතියේ පෙන්වා දෙමි.


නලින් ද සිල්වා

2013-10-30

All knowledge is boru (lies) western science is pattapal boru (blatant lies)


The next article on the theme “Let them die to maintain the hegemony of western science” has to be postponed in order to respond to what Mr. Bodhi Dhanapala has written on 28th October 2013. I thank Mr. Dhanapala from Quebec, Canada for responding to part of my article published on 23rd October 2013. Though I shall be going into detail describing my views on Western Science and Knowledge in general later, after CHOGM, on which I intend to write mentioning Canadian boycott as well as Manmohan Singh, England and Australia withdrawing funds to the commonwealth after Mr. Mahinda Rajapakse becomes the Chairperson of CHOG, I thought a quick response to Mr. Dhanapala is in order as the readers may not wish to wait so long.

I am a Sinhala Buddhist trying to live with a Sinhala Buddhist Chinthanaya in a world dominated by Greek Judaic Christian (GJC) Chinthanaya, a feat that is not easy to say the least.  During the last twenty five years or so I was fortunate enough to develop an epistemology and an ontology (not mutually exclusive) based on Sinhala Buddhist Chinthanaya. Readers are referred to Mage Lokaya, Jathiya, Sanskrthiya saha Chinthanya and other articles in Kalaya website for explanations (not definitions as there are no definitions as such in my epistemology) of Chinthanaya in general and Sinhala Buddhist Chinthanaya in particular. The knowledge on epistemology is also constructed relative to Sinhala Buddhist Chinthanaya and there are neither absolute concepts nor paramaththa dhamma (somewhat different from the epistemology of the third council or Sangayana) existing even for a moment (kshanaya)  in my epistemology. In a Chinthanaya there can be different paradigms a la Kuhn, which is a concept I have absorbed from GJC Chinthanaya, and my paradigm within Sinhala Buddhist Chinthanaya is different from that of the third council. The readers do not have to be disturbed by these statements as Prof. Carlo Fonseka would tell that any original idea by me is not true.

All knowledge of human beings is constructed relative to the five sense organs, the culture and the mind, due to avidya (loosely translated as ignorance) and there are different systems of knowledge based on different Chinthanayas and paradigms. In that sense even pratyaksha (not the empirical knowledge mentioned in western science and philosophy) associated with vinnana and nama-rupa, using basic concepts like flower without any use of so called theories are also lies. The biggest lie that all saththva have created is that of self (ego, I , mamayanaya  etc.) as for Buddhists such as me there is no me, even though it appears to be a contradiction. There is no flower as such but various cultures have constructed an associated concept. However, without such concepts we cannot live, and though all the conceptual knowledge, including what I have constructed, are lies we can depend on them and make use of them. Though there is no “me”, “I” write this article and the concept of “I” is useful to respond to Mr. Dhanapala. Most of our ancient knowledge is based on pratyaksha not necessarily confined to five sense organs. Those with “spiritually advanced” minds had pratyaksha of so called extra sensory knowledge, which are also incorporated in our corpus of knowledge.  However, all these are relative knowledge and as human beings (in fact as saththva in general) we can construct only such knowledge.

Western science without access to pratyaksha of extra sensory knowledge, in order to “explain” “phenomena” perceptible to sense organs and mind construct abstract theories without any pratyaksha of them. These so called theories are nothing but stories (kathandara) constructed by those western scientists who are creative in the Greek Judaic Christian Chinthanaya, and they are blatant lies. The best example in this regard is the Newtonian theory of gravitation constructed to explain why objects fall to the ground. Nobody including Newton, except for a senior lecturer in Chemistry at the University of Kelaniya has experienced gravitation, and Einstein would tell that there is no gravitation as such. However, the latter’s curvature of space –time is also a story and is a blatant lie that will be displaced with another blatant lie by some other western scientist in time to come.

Regarding the proof of if A=B and B=C, then A=C, as I thought a smart brat in the person of Mr. Dhanapala tells us that it is an axiom, and further that it is the definition of equality. He thinks that if A=B and B=C then A=C defines equality. I wonder from where he got this definition and I am glad that this “humble teacher” is not teaching in one of our schools in Sri Lanka. In the opinion of Mr. Dhanapala if A is parallel to B, and B is parallel to C, then A is parallel to C could be a definition of parallelism. These are examples for what are known as transitive relations in set theory and not definitions. In set theory there could be a relation between two elements X and Y belonging to a set, which is usually denoted by the symbol X R Y. For example in the set of straight lines, the relation R may be “is parallel”. Thus in that case X R Y means the straight line X is parallel to the straight line Y. 

Equality is not defined using the above transitive relation and it is clear that Mr. Dhanapala is confused regarding definitions and transitive relations. If R is a transitive relation it means that X R Y, and Y R Z implies X R Z. It has to be mentioned that transitive relations between elements of a set (a subset of the set) have to be established first by other means to be called as such. R is called a transitive relation if X R Y and Y R Z implies X R Z.  In Euclidean Geometry if X is parallel to Y and Y is parallel to Z, then it can be shown that X is parallel to Z, and therefore parallelism is called a transitive relation. Mr. Dhanapala is also confused on the concepts equality and identity. In any event identity operations have nothing to with A is identically equal to B.

An object X is said to be equal to an object Y if they have the same property or value or anything else respect to an observer in a certain context. X is equal to Y only in a certain context and we could say that A and B are equal in heights if the heights of A and B as measured by some observer are equal. I use equality in that sense. However, one cannot compare the height of A with the weight of B, and as far as respectively the height and the weight are concerned A and B are neither equal nor not equal. If the weight of A is equal to the weight of B, and if the height of   B is equal to the height C then there is no transitive relation, and in such case as far as A, B and C are concerned, if A=B and B=C then A=C becomes meaningless. However my question is in a given context, and all that I ask is to deduce that if A=B and B=C, then A=C within a given context in the abstract where A B C stand for any elements for which equality is defined as in western knowledge. It is certainly not a definition of equality and it says that when equality is defined in a certain sense in a given context among members of a subset of the set the relation of equality is a transitive relation. The question is how to deduce it, say, as in the case of parallel lines.     

There is no deduction possible of the statement if A = B, and B=C then A=C, and is neither a definition, though it is used in many other deductions. It has been established by induction as I have explained in the book “ Batahira Vidyava, Arsenic saha Deviyo” (Western Science, Arsenic and Gods) and if Mr. Dhanapala is interested I can send him a copy. Incidentally I wish to inform Mr. Dhanapala that I am not qualified to be a Professor and hence I am not a member of the set of Professors.

Nalin De Silva

30-10-2013

Sunday, 27 October 2013

බෞද්ධ කෑලි එල්ලාගත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය


මෙරට සිංහල බෞද්ධ රටක් වන්නේ නාමිකව පමණ ය. මෙය කිසිසේත් ම ඊනියා ඓහික (අනාගමික) රාජ්‍යයක් ද නො වේ. එවැනි රාජ්‍ය ලොවේ කිසිතැනක නැත. එවැනි රාජ්‍ය ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ දේශපාලන විද්‍යාඥයන් ඇතුළු සමාජ විද්‍යාඥයන් විසින් ලියන ලද පොත්පත්වල, ඊනියා පර්යේෂණ පත්‍රිකාවල හා වෙනත් ලිපි ලේඛනවල පමණකි. අප රට ද ලොවෙහි බොහෝ රටවල් මෙන් ම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ රටකි. අප රට එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, ඕස්ටේ‍ර්ලියාව ආදී යුදෙවු ක්‍රිස්තියානි රටවලින් (රාජ්‍යවලින්) වෙනස් වන්නේ මෙරට සංස්කෘතියෙහි බෞද්ධ කෑලි ටිකක් එල්ලා තිබීම නිසා ය. මෙහි කෑලි යන වචනය යොදා ගැනෙන්නේ සාමාන්‍ය අප්‍රාණවාචී අර්ථයෙනි. එහෙත් අවශ්‍ය නම් පෞද්ගලික බස් කොන්දොස්තර භාෂාවේ කෑලි මෙන් එය මිනිසුන්ට ද යොදාගත හැකි ය. අපි දරුවන්ට යුදෙවු ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දෙමු. අපි ඊනියා මහා පිපිරුම, ඩාවින්ගේ පට්ටපල් බොරුව වූ පරිණාමවාදය සෘෂි භාෂිතයක් ලෙස පිළිගනිමු. ඒ අතර සංවට්ටකප්ප විවට්ටකප්ප ඇතුළු අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් මිනිස් පරිණාමය යන බෞද්ධ කෑල්ල ද ඉඳහිට මතක්කරමු. අපට අවශ්‍ය ඇමරිකාව අනුගමනය කරමින් යුදෙවු ක්‍රිස්තියානි ආකෘතියේ සංවර්ධනයක් ඇතිකර ගැනීමට ය. එහෙත් ඒ අතර කැසිනෝවට ද විරුද්ධ වී අපේ බෞද්ධකම ප්‍රදර්ශනය කරමු. අපට බටහිර යුදෙවු සංස්කෘතිය අවශ්‍ය පරිදි අවශෝෂණය කරගැනීමට නොහැකි වී ඇත. එයට හොඳම උදාහරණය නම් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය නමින් හැඳින්වෙන පාලන තන්ත්‍රය ය. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය කඩා වැටෙන නමුත් අපට එය නො වැටහෙයි. අපි පල්ලි නොගොස් ම ඉඳහිට පන්සල් ගොස් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කරමු. ඒ අතර කඨින පිංකම්, ශීල සමාදාන, ධර්ම දේශනා, දාන මාන පවත්වමු. අනුරාධපුර යුගයේ අවසන් භාගයෙහි යක්‍ෂ ගෝත්‍රික දේශපාලන නායකත්වය පරාජය වූ දින සිට අපේ උගතුන් දන්නේ අනුකරණය පමණකි. ඔවුන්ට නිර්මාණශීලීත්වයක් හෝ අවශෝෂණ හැකියාවක් හෝ නැත. ඔවුහු තිථියෙහි එල්ලී සිටිතිි.    

දෙවියන් වහන්සේ මියගොස් ඇතැයි නිට්ෂේ නම් දාර්ශනිකයා කියා ඇත. එය එසේ විය හැකි ය. එහෙත් දෙවියන් වහන්සේගේ භූමදාන කටයුතු තවම සිදු වී නැතැයි මම කියමි. දෙවියන් වහන්සේට ජීවිතයක් තිබුණේ කතෝලික සාමූහිකත්වය මත පදනම් ව ය. මාටින් ලූතර් දහසයවැනි සියවසේ දී දෙවියන් වහන්සේ එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික දෙවියන් වහනසේ බවට පත්කිරීමත් සමග දෙවියන් වහන්සේගේ පෞද්ගලිකත්වය නැති වී  මිය යෑම ඇරඹිණි. මිනිසුන්ට පල්ලි යෑමේ අවශ්‍යතාව ඒ සමග නැතිවන්නට පටන් ගත්තේ ය. පහළොස්වැනි සියවසේ සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතුවීම, ඉන්ද්‍රිය පිනවීම ඇගයීම, පංචෙන්ද්‍රියයන්ට මුල්තැන දීම, තර්ක බුද්ධිය යනුවෙන් කියැවෙන්නකට වැදගත්කමක් ඇටවීම, වියුක්ත චින්තනයෙන් ලබාගන්නා විද්‍යාත්මක යැයි හැඳින්වෙන පට්ටපල් බොරුවලට වියුක්ත දෙවියන් වහන්සේට ලබාදී තිබූ තැන හිමි කිරීම ආදිය සමග නව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයක්, නව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියක් බිහිවීම ඇරඹිණි. අද ලෝකය පාලනය කෙරෙනුයේ මේ චින්තනයෙන් හා සංස්කෘතියෙනි. ලෝකයට, එනම් බටහිරෙන් පාලනය වන ලෝකයට දෙවියන් වහන්සේ ජීවමාන ව අවශ්‍ය නැත. දෙවියන් වහන්සේ මියගියත් නැතත්, බටහිර රටවල පල්ලි්වල මිනිසුන් ගැවසුනත් නැතත්, යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එය ප්‍රශ්නයක් නො වේ. එහෙත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට දෙවියන් වහන්සේ භූමදාන කළහොත් පැවැත්මක් නැත. එබැවින් බටහිරයෝ දෙවියන් වහන්සේ මියගියත් භූමදාන නො කරති. 

මා දැන් විශ්වාස කරන පරිදි මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන් මුල් කරගත් හෙළ බොදු සංස්කෘතියක් බුදුන් වහන්සේගේ කාලයේ සිට ම පැවතී ඇත. එය පසු කාලීනව මහා විහාර අධීක්‍ෂණය යටතේ තුන්වැනි සංගායනාවේ බුදුදහම සුරකින, අටුවා ටීකාවලින් අර්ථදැක්වෙන සිංහල බෞද්ධ සංස්කෘතියක් බවට පත් වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියේ යම් ප්‍රමාණයකට හෙළ බොදු සංස්කෘතිය ගැබ් වී ඇත. මෙරට ඇති දහස් ගණන් ලෙන් වලගම්බා රජුගේ නිර්මාණ නොව (මව් පසින් යක්‍ෂ ගෝත්‍රික සම්භවයක් ඇතැයි සිතිය හැකි එතුමා විසින් කරවන ලද ලෙන් එකක්වත් නැතැයි මෙයින් නො කියැවෙය)ි යක්‍ෂ ගෝත්‍රිකයන් බෞද්ධයන් වීමට පෙර සෘෂිවරුන් වෙනුවෙනුත් බෞද්ධයන් වූ පසු භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙනුත් නිර්මාණය කරන ලද ආරාම යැයි කිව හැකි ය. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ සිරිත් විරිත් හෙළ බොදු සංස්කෘතියටත් පසුව සිංහල බෞද්ධ සංස්කෘතියටත් අවශෝෂණය වි ඇත. සිංහල බුද්ධාගමේ මහසෙන් වැනි දෙවියෝ බොහෝ විට යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ නෑ යක්කු (දෙවියෝ) වෙති. යුරෝපීයයන් පැමිණෙන තෙක් සිංහල බුද්ධාගම හා සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීම මහාවිහාරයේ නීති රීතිවලට යටත්ව අපට ප්‍රශ්නයක් නො වී ය. එහෙත් එය නො වෙනස් ව පැවති යැයි අනේ අනිච්චං යැයි කීමට පුරුදු වූ සංස්කෘතියක කිසිවකු නොකියන්නට ඇත. අපි භාරතයේ ඇතැම් දේ පොළොන්නරුව යුගයේත් ඉන්පසුවත් අනුකරණය කළෙමු. එහෙත් සිංහල බෞද්ධ අධ්‍යාත්මය නැතිකර නොගත්තෙමු. තුන්වැනි සංගායනාවේ හා අටුවාවේ පරමාර්ථ ධර්මවලට යටත්ව නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම හා නිවන අපේ අධ්‍යාත්මය සකස් කළේ ය.

අනාත්මය හා බැඳුණු අනිත්‍ය දහම තරම් ගැඹුරු දහමක් මුළු ලෝකයේ ම දක්නට නැත. උත්පාද භංග යන්නට එකතු වී ඇති තිථිය එදා අපට ප්‍රශ්නයක් නො වී ය. අනුකාරක උගතුන් තිථිය එල්ලාගන්නට ඇතත් සාමාන්‍ය සිංහල බෞද්ධයන්ට වෙනස්වීම ප්‍රශ්නයක් නො වී ය. අනේ අනිච්චං කී ගැමියෝ අනිච්චේ දුක්කේ සංසාරේ යැයි කීමට ද අමතක නො කළහ. ඔවුහු කසිකබල් උගතුන් මෙන් නොව මහාප්‍රාණ රහිත ව පුනරුත්පත්තිය පිළිගත්හ. සසරට බියවූහ. බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුවලට මුළා වී සසරක් නැතැයි, පුනරුත්පත්තියක් හෝ පුනබ්භවයක් හෝ නැතැයි  කී උගත්තු අනාත්මය පිළිබඳ බොරු කතා ගෙතුහ. මාර්ටින් වික්‍රමසිංහ මහතා ආත්මයක් ද නැත අනාත්මයක් ද නැත යනුවෙන් තමන්ට නොතේරෙන චතුස්කෝටිකයක් ගැන කීවේ ය. වාසනාවකට ගැමියෝ ඔහුගේ පොත් නො කියවූහ. එහෙත් අද එදා මෙන් නො වේ. නිදහස් අධ්‍යාපනය හේතුවෙන් බටහිර යුදෙවු ක්‍රිස්තියානි දැනුම ඈත ගම්වලට ද පැතිරී ඇත. රූපවාහිනිය ද ඒ දැනුම පිරිත් බණ වැනි බෞද්ධ කෑලි සමග ප්‍රචාරය කරයි. අද බටහිර දැනුම විසින් අප පාලනය කෙරෙයි. අද මිනිසුන් සසරට බය නැත. ඔවුන්ගේ ලජ්ජා බය තුරන් කෙරී ඇත. ඔවුගු අද අනිත්‍ය අනාත්ම පැත්තකට දමා නොමියන මිනිසුන් මෙන් ජීවත් වෙති. ඒ අතර ඉඳහිට පන්සල් ද යති. අද තිථිය ක්‍ෂණයකට සීමා වී නැත. ඒ මදිවාට අනුකාරක ඇංකර් උගතුන්ට ක්‍ෂණය අර්ථදැක්වීමට ද නො හැකි ය. (මතු සම්බන්ධයි)                 


නලින් ද සිල්වා

2013-10-27

Thursday, 24 October 2013

ආගම

සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කියන්නේනම් ලංකාවේ රූපවාහිනී නාලිකා හාමුදුරුවරුන් බයිට් කරන්නේ ගේමක් නැතිවය. මීට වසර පනස් හතරකට උඩදී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා ඝාතනය කිරීමට සැලසුම් කල බුද්ධරක්ඛිත හිමියන්ටවත් මෙතරම් නින්දිත ලෙස සලකන්ට එදා මිනිසුන් අසංවර වුනාදැයි මම නොදනිමි. නමුත් අද ජන මාධ්‍ය පමණක් නොවේ ගිහි බෞද්ධයෝ මෙන්ම සමහර හාමුදුරුවරු පවා ඔවුන් වැරදි යැයි සලකන සංඝයාවහන්සේලාට චීවරදාරියා හොරා බේබද්දා කියා ප්‍රසිද්ධියේ පරිභව කරන්නේ කිසිම පැකිලීමක් නැතිවය. මේ සිංහල බෞද්ධාගම මුහුණපා ඇති අර්බුදයේ එක් පැති කඩක් පමණි. තමන් හේතුවාදීන් යැයි සිතන සමහර බෞද්ධ උගත්තු සිංහල බෞද්ධාගමේ ඊනියා සංස්කෘතික ලක්‍ෂණ ලොප් කරන්ට තනති. තවත් සමහර උගත්තු බුදු දහම විද්‍යාත්මකයැයි පෙන්වීමට උත්සාහ ගනිති. සාමාන්‍ය බෞද්ධයෝද බටහිර සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව විවිධාකාර ප්‍රතික්‍රියා දක්වති. සමහර උගත් මධ්‍යම පංතික තරුණ බෞද්ධයෝ සාම්ප්‍රදායික පංසල් ඇසුරින් ඈත්වී තනි තනියෙන් විමුක්තිය සොයා නොයෙකුත් ගිහි පැවදි භවතුන් සරණ යති. මේ අතර සමහර පංසල් හුදෙක් ගිහියන්ට සංස්කෘතික සේවා සපයන ආයතන බවට පත්වී ඇත. ලක්‍ෂ ගණන් සැදැහවතුන් පුදබිම් වල පූජා පවත්වති බණ අසති සිල් ගනිති. රූපවාහිනීවල පැය විසි හතරේම බණ කියැවේ. සමහරු ශුද්ධවූ බුදු දහමක් වෙන්කර හඳුනාගෙන එය ආරක්‍ෂා කර ගන්ට උත්සාහ කරති. තවත් සමහරු සිංහල බෞද්ධයින්ගේ ආරක්‍ෂාව පතා බෞද්ධ සංවිධාන පිහිටුවා ගනිති. මේ සියලු සංසිද්ධි වලින් පෙන්නුම් කෙරන්නේ සිංහල බෞද්ධාගම බටහිර සංස්කෘතිය සමඟ ගැටෙමින් එහි ගිලෙමින් කරන අරගලයය. 

නමුත් මෙරට බුදු දහම සංස්කෘතික අරගලයක නියැලෙන පළමු වතාව මෙය නොවේ. දුටු ගැමුණු රජ සමයේදීද මෙරට වැසියෝ බුදු දහම රැකිය යුත්තේ කෙලෙසද යන්න ගැන අරගල කලහ. දුටු ගැමුණු රජතුමා එළාර යුධයට සේනාව රැස් කිරීම සඳහා බුදු දහම බේරා ගනිව් වැනි සටන් පාඨයක් යොදා ගත්තැයි සඳහන් වෙන්නේ නැත. නමුත් තමන් ගේ වෑයම බුදු දහමේ චිරස්ථිතිය සඳහා යැයි පහදා දෙන්නට එතුමා කල්පනා කලේය. බුදු දහම බේරා ගැනීම සඳහා අමුතු පණ ගැනවීමක් මෙරට වැසියන්ට අවශ්‍යය වුනු බව ඉන් පෙනෙන්නේ නැත. නමුත් බුදු දහම රැකීමට නම් එක් සේසත්වූ රාජ්‍යයක අනුග්‍රහය ඊට ලැබිය යුතුයැයි දුටු ගැමුණු රජතුමා කල්පනා කලා විය හැකිය. නමුත්් එදා දේශීය සංස්කෘතියක් තුල බුදු දහම පවත්වාගෙන ආ මෙරටුන්ට ඒ ගැන එතරම් විශ්වාසයක් නොතිබෙන්නට ඇති. විශේෂයෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයින් අනුරාධපුරයේ කේන්ද්‍රගතව සිටි බමුණු සංස්කෘතියට ගැතිවූ දේශපාලන බලවේගයට බුදු දහම ආරක්‍ෂා කර ගැනීමට උවමණාවක් හෝ හැකියාවක් තිබිනිදැයි සැක කරන්නට ඇතැයි සිතිය හැකිය. දුටු ගැමුණු රජ සමයේදීද ඊට පසුද යක්‍ෂ ගෝත්‍රිකයින් හා මෙරට දේශපාලණ බලය අතර තිබුනු අරගලය හුදෙක් සංස්කෘතික ගැටුමක් නොව බුදු දහම රැකීම කේන්ද්‍ර කරගෙන තිබුනු ආරවුලක් යැයි සිතිය හැකිය. අවසානයේ එය සමථයකට පත්වූයේ බුදු දහම රාජ්‍ය අනුග්‍රහය ලැබුනු ථෙරවාදී ආගමක් ලෙස මෙරට ස්ථාපිත වීමත් යක්‍ෂ ගෝත්‍රිකයෝ සිංහල ජාතියට එක් වීමත් මඟිනි. මෙසේ එක් වූ සිංහලයින් අත අවුරුදු දහස් ගණනක් මෙරට බුදු දහම රැකුනු බව අද අපි දනිමු.

බෞද්ධ සාහිත්‍යයට අනුව නම් අඩු තරමේ කකුසඳ බුදුන් දවසේ සිටවත් මෙරට වැසියෝ බුදු දහමින් පෝශණය වෙමින් ආහ. කලින් කලට ඔවුහු විවිධ සංස්කෘති වල සිටින්නට ඇත. ඒ ඒ කාල වල පෘතග්ජන මිනිසුන් බුදුබණ වටහා ගන්නට ඇත්තේ ඒ ඒ කාලවල ඔවුන් සතුවූ දැනුම් පද්ධතියට සාපේක්‍ෂවය (ප්‍රත්‍යක්‍ෂවූ දෙයක් හැරෙන්නට). උදාහරණයක් වශයෙන් මම කියා කෙනෙක් ඇතැයි ගැනීීම මායාවක්ය යන දැනුමත් ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගැනීමත් එකම නොවේ. එසේ වුනානම් මම යන්න මායාවක් බව තර්කානුකූලව දන්නා අපි සැවොටම සසරින් එතෙරවීමට හැකිවිය යුතුය. භාෂාව හා තර්කය ඇසුරින් සංස්කෘතියකට සාපේක්‍ෂව ගොඩනැඟෙන දැනුමෙන් යමක් ප්‍රත්‍යක්‍ෂ කරගත නොහැකිය. භාෂාව හා තර්කය ඇසුරින් ගොඩනැඟෙන දැනුම පරම සත්‍යයක්වත් යථාර්තයක්වත් නොවේ. නමුත් භාෂාව හා තර්කය ඇසුරින් ගොඩනැඟෙන දැනුමක් පෘතග්ජන අපිට අවශ්‍යය. එසේ අවශ්‍ය වන්නේ අපිට සමාජයක් වශයෙන් නිවන් මඟට යොමුවී සිටින්නටය. එසේ සිටීමට ඇති බාධක ඉවත් කර ගැනීමටය. එසේ සිටිමින් අවසානයේ මෙරට බුදු දහම රැක ගන්නටය. මෙය ඉටු කර ගැනීමටනම් බුදු දහම පිළිබඳ ගෙඩනඟන දැනුම තත්කාලීන සංස්කෘතිය තුල බිහිවී ඇති පොදු දැනුම් පද්ධතිය සමඟ සංගත විය යුතුය. කකුසඳ කෝණාගම කස්සප වැනි බුදු වරුන් බණ දෙසන්නට ඇත්තේ ඒ ඒ කාලවල සිටි හෙළයන්ට තේරුම් යන පරිදි බව තේරුම් ගැනීමට අපහසු නොවේ. ගෝතම බුදුන්ගේ බණ ඊටත් වෙනස්වන්නට ඇති. මම යන්න මායාවක් ලෙස අද අපි තේරුම් ගත්තත් විවිධ කාල වල මෙරටුන් විවිධ කථා ඔස්සේ ඒ බව තේරුම් ගන්නට ඇති. මේ සියලු කථා එකම නොවේ. ඒ හැම කථාවක්ම අද අපිට තේරුම් ගතද නොහැකිය මන්ද ඒ ඒ කථා ගෙතෙන්නට ඇත්තේ එදා පැවති දැනුම් පද්ධතියට සංගත වෙන අයුරෙන් බැවිනි. මේ අයුරින් සැලකූවිට ථෙරවාදයද බුදු දහම පිළිබඳ භාෂාව හා තර්කය ඇසුරින් ගොඩනැඟෙන එක් දැනුම් පද්ධතියක් ලෙස සැලකිය හැකිය. ත්‍රිපිටකයේ හෝ අභිධර්මයේ හෝ බුදු වදන් එලෙසම අඩංගුවීම ථෙරවාදය හුදෙක් දැනුම් පද්ධතියක් නොවීමට සාධක නොවේ. වැදගත් වනුයේ ථෙරවාදී දැනුම අනුරාධපුර යුගයේ මෙරට සිටි වැසියන්ගේ සංස්කෘතියට සාපේක්‍ෂවූ බවය. එය ඔවුන්ගේ දැනුම් පද්ධතිය සමඟ සංගතවූ බවය. 

විවිධ කාලවල හෙළයින් ඔවුන් තමන් දැනගත් බුදු දහම තමන්ගේ සංස්කෘතියට මුසු කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන්නට ඇති. උදාහරණයක් වශයෙන් අද අපි බුදු රුවට වන්දනා කලත් පෙර සිටි හෙළයින්ට වැදගත් වුනේ සිරි පතුල බව සඳහන්වේ. බාහිර හෝ අභ්‍යන්තර බලපෑම් නිසා සංස්කෘතික දේශපාලනික හා දැනුම් පද්ධතියේ වෙනස්වීම් ඇතිවූ අවස්ථාවලදී අද මෙන්ම අර්බුද ඇතිවන්නට ඇති. නමුත් ඒ ගැටුම් ඇතිවුනු සෑම අවස්ථාවකදීම නිවන පිළිබඳ යම් දැනුමක් ඊට අනුකූලවූ ගති පැවැතුම් සමූහයක් සමඟ මුසු කරගෙන රැක ගන්නට මෙරට වැසියන් සමත් වුනහ. ගෝතම බුදුන් දෙසූ බණ හෙළයන්ට එතරම් නුහුරු නොවූයේ මේ ආකාරයට පවත්වාගෙන ආ ගති පැවතුමක් ඔවුන්ට තිබූ නිසා විය යුතුය. අද අපි කල යුත්තේ අපේ මුතුන් මිත්තන් බුදු දහම මෙරට රැක ගත් ආකාරය අවබෝධ කර ගැනීමය. එසේ අවබෝධ කරගෙන සමාජයක් වශයෙන් නිවන් මඟට යොමුවීමය.

යමෙකු නිවන් මඟේ යා යුත්තේ තමන්ගේ වෑයමෙන් වුනත් පොදු සමාජයේ ඒ සඳහා නැඹුරුවක් නැතිව තනි පුද්ගලයෙකුට එය කල නොහැකිය. එමෙන්ම පුද්ගලයින් තනි තනියෙන් නිවන් මඟට ගැනීමට ගන්නා උත්සාහයක් හරහා පමණක් සමාජයක් නිවන් මඟට යොමු කල නොහැකිය.  මේ කථාව බොහෝ බටහිර උගතුන් නොපිලිගනු ඇත. ඔවුන් දකින සමාජය වෙන් කර ගත් තනි පුද්ගලයින්ගේ එකතුවක් බැවින් ඔවුන්ට වැදගත් වන්නේ පුද්ගලයින් පමණි. නමුත් සිංහලුන්ට පුද්ගලයා හා සමාජය අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව නොගිනිය හැරිය නොහැක. ඒ නිසා සමස්ථයක් හැටියට මුලු සමාජයත් එහි සංඝටකවූ තනි පුද්ගලයිනුත් යන දෙවර්ගයේම ක්‍රියා කාරිත්වය සිංහලුන්ට වැදගත්ය. මෙරට බුදු දහම රුකුනේත් අපි සමාජයක් වශයෙන් නිවන් මඟේ ගමන් ගත්තේත් අපේ මුතුන් මිත්තන් මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සැලකීමට ගත් බැවිනි. සිංහලුන් මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව රැක ගත්තේ විශේෂයෙන්ම ඔවුන් බුදු දහම පිළිබඳව ගොතාගත් දැනුම පුද්ගලයාත් පවුලත් සමාජයත් පරිසරයත් අනිකුත් සතා සිව්පාවත් එකට බැඳ තැබූ බැවිනි. ඒ සමඟම රට එක් සේසත්වීම, බෞද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය තිබීම, බෞද්ධ අධ්‍යාපනය, කෘෂි ආර්ථිකය, සංවර පරිභෝජනය, මිනිසුන්ගේ ගති පැවැත්ම, ආදී සියලු කරුණුද ප්‍රායෝගිකව ඒ සම්බන්ධතාව පවත්වාගෙන යන්නට උදව් කෙරිනි.

නමුත් බටහිර සංස්කෘතික හා දැනුමේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙන්නේම පුද්ගලයා හා සමාජය අතර ඇති මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව බිඳ දැමීම අරමුණු කරගෙනය. අපි පරාජය කල යුත්තේද ඒ වෑයමය. අද සමහර සිංහල බෞද්ධයින් හාමුදුරු නමක් වෙන් කරගෙන ඒ නමගේ වැරදි මත උන්වහන්සේට පමණක් පහර ගැසිය හැකි යැයිද සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එසේ කල යුතු යැයිද සිතති. මෙහිදී කෙරෙන්නේ සමස්ථ සංඝ සමාජයෙන් ඊනියා ස්වාධීන පුද්ගලයෙකු වෙන් කිරීමය. එය යුක්ති යුක්ත කරන්නේ බටහිර දැනුමය. නමුත් සිංහල සංස්කෘතිය තුල හාමුදුරුනමකට ගසන පහරවල් මුලු සමාජයටම දැනෙනබව ඒ සංස්කෘතියේ ජීවත්වන මිනිසුන් දනිති.

ඇතැමුන් සිංහල බෞද්ධාගමේ ඊනියා සංස්කෘතික ලක්‍ෂණ ලොප් කරන්ට තනන්නේද බටහිර සංස්කෘතික අභාෂයෙන් හිස උදුම්මා ගෙනය. ඇරිස්ටෝටල්ගේ තර්කයට තබා චතුස්කෝටික තර්කයටවත් හසු නොවෙන බුදු දහම හේතුවාදයක් කිරීමට ගන්නා උත්සාහය මඟින් ඔවුන් ඇත්තටම කරන්නේ සිංහල බෞද්ධාගම අසංකෘතික කිරීම නොව එය බටහිර සංස්කෘතියේ ගිල්ලවීමය. බුදු දහම පිළිබඳ භාෂාව හා තර්කය පදනම් කරගෙන ගොඩනැඟෙන දැනුම කිසියම් සංස්කෘතියකට සාපේක්‍ෂව ගොඩනැඟිය යුතු බව අපි පිලිගනිමු. අවශ්‍යනම් සුද්දන්ටද එය කල හැකිය. එහි ගැටලුවක් නැත. නමුත් මෙරට තුල පිළිගැනීමක් තිබිය යුත්තේ සිංහල නැත්නම් හෙළ සංස්කෘතියක් තුල ගොඩනැඟුනු බුදු දහම පිළිබඳ දැනුමකට මිස බුදු දහම පිළිබඳ බටහිර සංස්කෘතියේ ගෙතුනු දැනුමකට නොවේ. සුද්දෙකුට බුදු දහම පිළිබඳ බටහිර සංස්කෘතියේ ගෙතුනු දැනුමක් අල්ලාගෙන ඔහු වෙසෙන බටහිර සමාජයෙන් වෙන්වී තනියෙන් නිවන් මඟට යොමුවිය හැකි වුනත් අපිට අවශ්‍යවන්නේ එය නොවේ. බටහිර බුදු දැනුමක් අපේ සංස්කෘතියේ දැනුම සමඟ සංගත වන්නේ නැත. අපිට පුද්ගලයා මෙන්ම මුලු සමාජයද නිවන් මඟට යොමු කල යුතුය. ඒ සමඟම බුදු දහම අපේ මතු පරම්පරා සඳහා රැක ගත යුතුය. එය කල හැක්කේ හෙළ සංස්කෘතියේ දැනුම් පද්ධතියට සංගතවුනු බුදු දහම පිළිබඳ දැනුමකට පමණි.

තවත් සමහර බෞද්ධයෝ ශුද්ධවූ බුදු දහමක් හඳුනාගෙන රැක ගැනීමට උත්සාහ කරති. එසේ කරමින් ශුද්ධවූ බුදු දහමක් වෙන් කිරීමට එලෙසම දඟලන අනිකුත් අය සමඟ වාද බේද ඇති කර ගනිති. බොහෝවිට මේ අය ශුද්ධවූ බුදු දහමක් සොයන්නේ බටහිර සංස්කෘතියේ ආධිපත්‍යයෙන් මිදීමටය. ඒ ගැන අප සංවේදී විය යුතුය. නමුත් ශුද්ධවූ බුදු දහමක් යනු කුමක්ද? බුදු වදනද? පාළි භාෂාවෙන් ලියැවුනු බුදු වදන ත්‍රිපිටකය වශයෙන් හෝ අවශ්‍යනම් ත්‍රිපිටකය හා අභිධර්මය වශයෙන් අද අප සතුව ඇත. එය නැතිවීමේ තර්ජනයක් අද නැත. පැහැදිලිවම පෘතගජනයින් වශයෙන් මේ බෞද්ධයින් රැක ගන්නට තනන්නේ ත්‍රිපිටකය හෝ අභිධර්මය නොව එය කියවා ඔවුන් තේරුම් ගන්නා දැනුමය. ඔවුන් ප්‍රත්‍යක්‍ෂ කරගන්නා දැනුම නොව භාෂාව හා තර්කය පදනම් කරගෙන බුදු දහම පිළිබඳ ඔවුන් තේරුම් ගන්නා දැනුමය. ප්‍රශ්ණය ඔවුන් එසේ තේරුම් ගැනීම නොව තර්කයෙන් ඔවුන් තේරුම් ගත් දැනුමක් ශුද්ධ යැයි සැලකීමය. එසේ සලකමින් අන් අය සමඟ බේද ඇති කර ගැනීමය. බුදුන් වහන්සේ පිරිණිවන් පා ටික කලකට පසුවම බුදු වදන පිළිබඳ වාද බේද ඇතිවුනු බව අපි දනිමු. ත්‍රිපිටකයට අටුවා ලියැවුනේ ඒ නිසාය. ඒ නිසා එකම සංස්කෘතිය තුල වුවද බුදු දහම පිළිබඳ විවිධ දැනුම් තිබිය හැකි බව අපි පිලිගත යුතුවෙමු. අපි කල යුත්තේ ඉන් වඩාත් සංගත වන දැනුම් පද්ධතිය සංවාද තුලින් විචාරාත්මකව හඳුනාගැනීමය. 

ශුද්ධවූ බුදු දහමක් වෙන් කර ගන්නට හදන බෞද්ධයින් නොදැනුවත්වම කරන්නේ ඒ දැනුමට වාස්ථවික බවක් ලබාදීමය. එසේ කර එය නොවෙනස්ව රැක ගැනිමින් ඉදිරියට ගෙනයාමට උත්සාහ කිරීමය. නමුත් බෞද්ධයින්ට වෙනස් නොවෙන යථාර්තයක් ලෙස තිබිය හැක්කේ නිවන පමණි. එය ප්‍රත්‍යක්‍ෂයක් මිස ගොඩනඟාගත් දැනුමක් නොවේ. ඒ නිසා ශුද්ධවූ බුදු දහමක් වෙන් කර ගෙන ඒ දැනුමට වාස්ථවික බවක් ලබාදීම බෞද්ධයින්ට සුදුසු නොවේ. බටහිර ආධිපත්‍යය හමුවේ එසේ කිරීමට දරන උත්සාහ කෙලවර විය හැක්කේ එක්කෝ ඒ දැනුම විනාශවීමෙනි එසේත් නැත්නම් එය පිලිගෙන ඒ අනුව ජීවත්වීම පුද්ගල නිදහසක් බවට ලඝුවීමෙනි. මේ දෙකම සිංහල බෞද්ධයින් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොවේ. 


අද අපි කල යුත්තේ අපේ මුතුන් මිත්තන් කලාක් මෙන් බුදු දහම පිළිබඳ දැනුම් පද්ධතියක් ඒ හා සංගතවූ ගති පැවැතුම් සමූහයක් සමඟ මුසු කරගෙන රැක ගැනීමට උත්සාහ කිරීමය. අපිට පුද්ගලයා මෙන්ම මුලු සමාජයද නිවන් මඟට යොමු කිරීම වැදගත්ය. බටහිර උගතුන්ට එය අවබෝධ නොවෙනු ඇත. ඔවුන්ට තේරෙන ආකාරයට අපිට මෙසේ කිව හැකිය. බටහිර සංස්කෘතිය තුල ඕනෑම අයෙකුට යෙහෝවා දෙවියන් වහන්සේ පෙන්වූ මඟේ ගමන් කිරීමට සංස්කෘතික දේශපාලනික හා සමාජීය බාධාවක් නැත. අඩු තරමින් බටහිර සංස්කෘතිය තුල ඕනෑම අයෙකුට තරබාරු නොවී සිටීමට ඇති නිදහසට වඩා යෙහෝවා දෙවියන් වහන්සේ පෙන්වූ මඟේ ගමන් කිරීමට නිදහසක් ඇත. ඒ ආකාරයටම මෙරට තුලද අවශ්‍යය ඕනෑම වැසියෙකුට නිවන් මඟේ යෑමට කිසිම සංස්කෘතික දේශපාලනික හෝ සමාජීය බාධාවක් තිබිය යුතු නොවේ.

ජානක වංශපුර

2013-10-24

Wednesday, 23 October 2013

Arsenic and the so called WHO paper

This is in a sense continuation of the series I intended to write on “Let them die to maintain the hegemony of western science”. I will be writing a few more articles on the above theme though not by the same title. I want to write on western science is a “pattapal boruwa”, and in a sense I was glad when a great Sri Lankan scientist living in Canada said that I am a worse critique of western science than Feyerabend  was. As far as I am concerned western science is nothing but induction (not what is mentioned in connection of the old scientific method), second rate Applied Statistics and constructing (creating) stories that are referred to as theories but nothing other than “pattapal boru). Even so called deductions are based on induction and I challenge any great Mathematician or Scientist to prove that if A=B and B-C, then A=C, using only so called logic. I know a bright brat (spoiled by western knowledge) will say it is an axiom and cannot or need not be proved. However, my point is that these so called axioms cannot be proved or deduced or whatever you think of using logic. In fact logic is also nothing but results arrived at using induction. Western Philosophy considers induction as a problem, but it is not induction but deduction that is a problem, and deduction can be explained only using induction!

Recently I came across reports in newspapers claiming that the WHO in a paper published has claimed that Cadmium is the cause of the Chronic Kidney Disease Unidentified Etiology (CKDu). In fact at least one newspaper, not of the Upali group, said that according to an unnamed official in the Ministry of Health, Cadmium has been identified as the cause of the CKDu by the WHO in a paper published in a reputed international journal. I do not have any regard for these so called reputed international journals nor their contents whether peer reviewed or not as I consider that people who have ideas should be able to publish them without any restrictions so that as many people as possible would have access to them. In this context I publish all my new ideas (not  true according to Prof. Carlo Fonseka) in the newspapers, mainly of the Upali group, in fact I have been contributing regularly  from the inception of the group, but even in this case there are restrictions as editors would like to use their blue pencils often, and in order to overcome this problem I publish the unedited versions in the Kalaya website (www. Kalaya1.org). Thus WHO paper per se did not  arouse any interest in me but some of my friend wanted to find out whether Arsenic is not the cause of CKDu, as I was the leader of the Kelaniya group that claimed that Arsenic is the cause of the disease.

Though I was the leader of the Kelaniya group sometime ago after I ceased to be the Dean of the Faculty of Science, the group disowned me as probably my views on Science are too much for them who would like to end up as Fellows of the National Academy of Science that august body that is established following the Royal Society, London, though none of the Fellows have been able to win a Nobel Prize, let alone the Fellowship of the Royal Society to which they are eligible as Sri Lanka is a Commonwealth country. Kelaniya group knows that my knowledge of Chemistry is next to nothing as I have come down in Chemistry at both the University Entrance Examination and the General Science Qualifying Examination. My knowledge of Biological Sciences is abysmal though I do not believe in Darwin’s Theory of Evolution being a story related by good old Darwin. The group published a paper in the Journal of Natural Sciences Research   Vol 3, page 64 (2013) on “Possible link of chronic Arsenic toxicity with chronic kidney disease of unknown etiology in Sri Lanka” without mentioning me as an author but thanking me for the support extended. Of course I did not contribute anything in Chemistry or Biological Sciences and I did not deserve to be named as an author, but I have reasons to believe that there were other reasons for disowning me.  I was not a member of any of the committees appointed by various ministries and authorities to study the problem but the group had no objections to dropping me from these committees. It is interesting to find that there were some members of the committees whose knowledge of Chemistry and Biological Sciences was no better than that of mine.   

In any event I thought that I should go through this paper purported to be by the WHO, the  World Health Organization recognized in the medical and scientific circles, which appeared in a so called internationally reputed journal.  There is a paper published in the open access (on line) journal with date 27 August 2013 on “Chronic kidney disease of uncertain aetiology: prevalence and causative factors in a developing country” by Nihal Jayatilake, Shanthi Mendis, Palitha Maheepala, and Firdosi R Mehta, On behalf of the CKDu National Research Project Team. The first is the Secretary of the Ministry of Health, the second a Sri Lankan attached to the WHO, the third Director General of Health Services  and the last country representative of the WHO in Sri Lanka. It is interesting to find that the names of the other authours are not mentioned except that the four aforementioned authors are writing on behalf of the CKDu   National Research Project Team. The usual procedure is to mention all the authours by name even if the number is very high. Would the other members of the team be deprived of claiming the paper as one of theirs when it comes to writing CVs and applying for promotions? Are their human rights violated by the act of four individuals even if they are highly placed in the Academic and Professional circles?

However, what is most significant is that the paper is not one of the WHO though Shanthi Mendis and Firdosi Metha are attached to the WHO. The paper does not state that it is published on behalf of the WHO and it specifically says that the paper is published on behalf of what is called the CKDu National Research Project Team. I do not attach any authority to the WHO as far as the health of the people of this country is concerned, but it is clear that some people in the ministry of health who project themselves as spokespersons are interested in using the so called authority of the WHO to propagate their pet theories against Arsenic.

In this connection I wish to draw the attention of the readers to the final report published by the WHO (in the name of the WHO) on “lnvestigation and Evaluation of Chronic Kidney Disease of Uncertain Aetiology in Sri Lanka”. It is a report on the project “Investigation and Evaluation of Chronic Kidney Disease of Uncertain Aetiology in Sri Lanka”, the principal investigators being the Health Ministry, Sri Lanka and the WHO.


The names of all the individual investigators are also mentioned and the date of award and the completion of the project also being mentioned. The final report and the paper published by Mendis et al. in the reputed international journal differ in contents, data and it is not known what transpired between the publication of the final report by the WHO and the esteemed paper. In any event it has to be mentioned that neither the report nor the paper comes to any conclusion as far as the cause of the CKDu is concerned and it makes me wonder  who in the Ministry of Health is responsible for concluding that Cadmium is the cause of the disease. (to be continued) 


Nalin De Silva

23-10-2013

කෙස්ස සමග උස වැඩිවීම


මෙම ලිපිපෙළ තරමක් විස්තර සහිතව පළකිරීමට මා තීරණය කළේ මහාචාර්ය අමරතුංග මහතා කිසිම ගැඹුරු හැදෑරීමකින් තොරව ලියා ඇති ලිපිය හේතුවෙන් විදුසර පාඨකයා මුළාවීමට ඉඩ තිබෙන බැවිනි. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්නට පිළිතුරු දීමට උත්සාහ කරන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පඹගාලක පැටළී ඇත. අද ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්නය නම් ආචාර්ය නිර්මාල්ට නිර්මාල්වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්න ය. එමෙන් ම මහාචාර්ය අමරතුංග මහතාගෙන් ද ඇසිය යුත්තේ ඒ මහතාට අශෝක අමරතුංග වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්න ය. ඔහුට ඇත්තේ ගුණදාස අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන්න අවුල් සහගත අදහසක් පමණක් බව තේරුම් ගැනීමට අමරසේකර මහතා ඉතා ඉහළින් අගයන ඔහුට නොහැකිවීම පිළිබඳ ප්‍රශ්නයකි. ඒ අතර තුන්වැනි සංගායනාවේ බුදුදහම හා බටහිර විද්‍යාව අනුව ඊනියා යථාර්ථයක් ඇතැයි අමරතුංග මහතා විශ්වාස කරයි. 

අමරසේකර මහතා මෙන් ම අමරතුංග මහතා ද පශ්චාත්නූතනවාදය ගැන හැදෑරීමක් කර නැත. එසේ කර ඇත්නම් පශ්චාත්නූතනවාදය යනු කුමක් දැයි කෙටියෙන් සඳහන් කර කූන්ට හා ෆෙයරාබන්ඩ්ට පශ්චාත්නූතනවාදී ලක්‍ෂණ ඇති බව හේතු සහිතව පෙන්වා දීමට ඒ මහතාට හැකි විය යුතු ය. ඔහුට හැකි නම් මේ ලිපි පෙළ අවසන් වනතුරු බලා නොසිට කූන් හා ෆෙයරාබන්ඩ් පශ්චාත්නූතනවාදීන් බව පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. එහෙත් ඔහු කිසි දිනෙක එවැනි ව්‍යාපෘතියකට අත නොගසනු ඇත. එමෙන් ම කිසියම් පොල්මඃකාරයකුගේ ප්‍රකාශයකින් උද්ධෘතයක් ගෙන හැර දැක්වීම එහි දී ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ යුතු ය. අමරතුංග මහතා කළ යුත්තේ පශ්චාත්නූතනවාදියකු හඳුනාගැනීමේ නිර්ණායක සංගත ආකාරයකින් ඉදිරිපත් කර කූන් හා ෆෙයරාබන්ඩ් ඒ නිර්ණායක සපුරාලන බව හේතු සහිත ව පෙන්වා දීම ය.       

කූන් පශ්චාත්නූතනවාදියකු තබා සාෙප්ක්‍ෂතාවාදියකුවත් නොවන බව අපි සඳහන් කළෙමු. කූන්ට අනුව බටහිර විද්‍යාවේ සුසමාදර්ශ විප්ලවීය කාලවල දී වෙනස් වෙයි. එසේ වෙනස්වීමෙන් පසු නිර්මාණය වන ප්‍රවාද කලින් තිබූ ප්‍රවාද සමග අසම්මේය (incommensurable) වෙයි. සරල ව කිවහොත් ඒ ප්‍රවාද සංසන්දනය කිරීමට නො හැකි ය. නිව්ටෝනීය හෙවත් ගැලීලීය සාපේක්‍ෂතාවාදය සහ අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය අතර ඇත්තේ නොපෑහෙන වෙනසකි. නිව්ටන්ට අනුව අවකාශය හා කාලය වෙන වෙන ම නිරපේක්‍ෂව පවතියි. අයින්ස්ටයින්ගේ අවකාශය හා කාලය එකිනෙකට බැඳුණු සාපේක්‍ෂ සංකල්ප වෙයි. අයින්ස්ටයින්ගේ අවකාශය කාලයෙන් තොරව නො පවතියි. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය යොදා ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල සන්නිකර්ෂණය කිරීමෙන් නිව්ටෝනීය යාන්ත්‍රිකයේ ප්‍රතිඵල ලබාගත හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ අයින්ස්ටයිනීය සංකල්ප නිව්ටෝනීය සංකල්ප මගින් විස්තර කළ හැකි බව නො වේ. ගණිත සන්නිකර්ෂණ මගින් වෙනත් ප්‍රවාදයක ප්‍රතිඵල ලබාගත හැකි ය යන්නෙන් අදාළ සංකල්ප සැසඳිය හැකි බව ගම්‍ය නො වේ. 

බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවෙහි ප්‍රතිඵල මැණීය හැකි ආකාරයකින් බොහෝ විට ඉදිරිපත් කෙරෙයි. මැණීම යන්න ක්වොන්ටම් භෞතිකයෙහි දාර්ශනික ගැටළුවක් ලෙස සාකච්ඡා කෙරෙයි. එහෙත් කිසිවකු ඒ ගැන කතා නොකළ ද බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි ද මැණීම යන්න නිසි ලෙස අවබෝධ කර නොගත් සංකල්පයකි. මැණීය හැක්කේ බටහිර ගණිතයේ ඊනියා තාත්ත්වික සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි වූවකි. වෙනත් අයුරකින් කිවහොත් බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවෙහි කියැවෙන සංකල්පයක් හා බටහිර ගණිතයේ තාත්ත්වික සංඛ්‍යා (රේඛාව) අතර අනුරූපතාවක් තිබිය යුතු ය. ඒ අනුරූැපතාව නොමැතිව කිසිවකුට කිසිවක් මැණගත නො හැකි ය. වෙනත් ක්‍ෂෙත්‍රයක වුව ද එය එසේ ම ය. දත යන සංකල්පයෙහි දත් එකිනෙකින් වෙන්කර ගැනීමට නොහැකි නම් අපට දත් ගණන්කර ගැනීමට ද නො හැකි ය. 

අපට උස මැනගැනීමට හැකි වී ඇත්තේ උස යන සංකල්පය හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාවක් ඇතිකර ගැනීමට හැකි වී තිබෙන බැවිනි. එමෙන් ම බර කිරීමට හැකි වී තිබෙන්නේ ද බර යන සංකල්පය හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාවක් ඇති බැවිනි. එසේ වුවත් උස හා බර අතර අනුරුපතාවක් ඇතැයි අපි නො කියමු. සාමාන්‍යයෙන් උස වැඩිවන විට බර ද වැඩිවන නමුත් එසේ නොවන අවස්ථා ද වෙයි. තාත්ත්වික සංඛ්‍යා සමග සංකල්පවල අනුරූපතා තිබූ පමණින් ඒ ඒ සංකල්ප අතර අනුරූපතා ඇති නො වෙයි. 

අනෙක් අතට බොහෝ සංකල්ප හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතා නැත. ඇතැම් සංකල්ප හා තාත්ත්වික සංඛ්‍යා අතර ඇත්තේ අමාරුවෙන් තනාගත් අනුරූපතා ය. උදාහරණයක් ලෙස මිනිසකුගේ හොඳ යන්න (එම සංකල්පය) හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාවක් නැත. අපට යමකු තවත් අයකුට වඩා හොඳ බව කිවහැක්කේ හොඳ යන්නට ලකුණු දීමෙන් (තාත්ත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක් ඇති කර ගැනීමෙන්) නො වේ. අපට හොඳ බව පිළිබඳ ඇත්තේ හැඟීමකි. එය එක් එක් අයගෙන් වෙනස් වෙයි. මා හොඳ යැයි සලකන අයකු වෙනත් අයකුට හොඳ නොවිය හැකි ය. හොඳ යන්න සාපේක්‍ෂ සංකල්පයකි.

මෙයින් කියැවෙන්නේ තාත්ත්වික සංඛ්‍යා සමග අනුරුපතාවක් ඇති සංකල්ප නිරපේක්‍ෂ බව නො වේ. මේ සංකල්ප සියල්ල මිනිසුන්ගේ නිර්මාණ ය. මෙරට විශ්වවිද්‍යාලවල මහාචාර්ය තනතුරුවලට උසස් කිරීමේ දී යම් ලකුණු පටිපාටියක් අනුගමනය කෙරෙයි. එනම් විශ්වවිද්‍යාල ඇදුරන්ගේ වැඩ කිඩ සම්බන්ධයෙන් ලකුණු දීමේ ක්‍රමයක් ඇත. මේ ලකුණු දීම මගින් විශ්වවිද්‍යාල ඇදුරන්ගේ ඊනියා සුදුසුකම් හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාවක් ඇති කෙරෙයි. ඕනෑම ලකුණු ක්‍රමයක් යනු මිනිසුන් විසින් යම් සංකල්පයක් හා තාත්ත්වික සංඛ්‍යා අතර තනාගනු ලැබ ඇති අනුරූපතාවකි. 

විශ්වවිද්‍යාල ඇදුරන්ගේ ඊනියා සුදුසුකම් හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාව සකස් කර ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගිනි. එය ඊනියා වාස්තවික හෝ නිරපේක්‍ෂ අනුරුපතාවක් නොවන බව පැහැදිලි ය. ලකුණු දීමේ පටිපාටි වෙනස්කිරීමෙන් ඇතැම් මහාචාර්යවරුන් නුසුදුස්සන් බවට පත්කළ හැකි ය. එය එතරම් ම සාපේක්‍ෂ ය. ඒ ඒ මහාචාර්යවරයා ඒ ඒ ලකුනු ක්‍රමයට සාපේක්‍ෂව මහාචාර්ය පදවි ලබාගෙන ඇත. අහවලා මහාචාර්යවරයකු යැයි කියන විට ඔහු මහාචාර්ය වී ඇත්තේ කිනම් ලකුණු පටිපාටියකට සාපෙක්‍ෂ ව දැයි කියන්නේ නම් මැනවි. මෙරට සියළු මහාචාර්යවරු යම් ලකුණු ක්‍රමයකට සාපේක්‍ෂ මහාචාර්යවරු වෙති. 

උස යන්න එවැනි සාපේක්‍ෂ ලකුණක් නො වේ යැයි කිසිවකු කීමට ඉඩ ඇත. එහෙත් උස යන්න ද මිනිසුන්ගේ නිර්මාණයකි. එය කේශාන්තයේ සිට පාදාන්තය තෙක් යැයි තීරණය කළේ කවු ද? අද ඇතැම් තරුණයෝ කෙස් බූගාති. ඔවුන්ගේ උස කේශාන්තයේ සිට පාදාන්තය තෙක් මැණිය හැකි නො වේ. කෙස්ස බූ ගැ විට උස ද සුළු ප්‍රමාණයකින් වුවත් අඩුවන බව පැහැදිලි ය. කෙස්ස බූ ගෑ පමණින් නිල වශයෙන් උස අඩුවන්නේ කෙසේ ද? 

අනෙක් අතට අපට ඇතැයි කියන රැස් වළල්ල උස මැනීමේ දී සැලකිල්ලට නො ගැනෙයි. එසේ සැලකිල්ලට ගතහොත් උස පිළිබඳ අපේ අදහස් ද වෙනස් වනු ඇත. කේශාන්තයේ සිට පාදාන්තය තෙක් උස මැනීමේ දී සඳුන් සමන්ට වඩා උස යැයි සැලකුණ ද රැස් වළල්ල ද සලකා උස මැන්නොත් සමන් සඳුන්ට වඩා උස යැයි ඇතැම් විට තීරණය වනු අුත. උස යන සංකල්පය මිනිසුන්ගේ නිර්මාණයකි. රැස් වළල්ල ගෝචර වන ඉන්ද්‍රියයක් අපට නැති බැවින් අද අප උස මනින්නේ, එනම් උස යන සංකල්පය හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාවක් නිර්මාණය කර ඇත්තේ අපේ මනසට හා පංචෙන්ද්‍රියයන්ට සාපේක්‍ෂව ය. මේ සාපේක්‍ෂතාව අපට මගහැරිය නො හැකි ය.

අප එක් ලකුණු පටිපාටියකට අනුව මහාචාර්යවරයකු බවට පත් වූ අයකු වෙනත් ලකුණු පටිපාටියකට අනුව මහාචාර්යවරයකු වූ අයකු සමග සංසන්දනය කරන්නේ කෙසේ ද? එය කළ නො හැකි ය. අනෙක් අතට ඕනෑම ලකුණු පටිපාටියක් මිනිසුන්ගේ නිර්මාණයක් වන අතර ඒ සාපේක්‍ෂ වෙයි. එහෙත් මහාචාර්යවරුන් සිතන්නේ එසේ නො වේ. ඔවුන්ට අනුව නිරපේක්‍ෂ මහාචාර්යවරු වෙති. නිරපේක්‍ෂව උසින් වැඩි අය වෙති.

ඇතැම් සංකල්ප හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරූපිත ගොඩ නැගීමට හැකි වූ පමණින් ඒ ඒ සංකල්ප සංසන්දනය කළ නො හැකි ය. එක් චක්‍ර ලේඛයකට (ලකුණු දීමේ පටිපාටියකට)  අනුව මහාචාර්යවරුන් වූ අය හා වෙනත් චක්‍ර ලේඛයකට අනුව මහාචාර්යවරුන් වූ අය සමග සංසන්දනය කළ හැකි නො වේ. එහෙත් මහාචාර්යවරු ඒ බව නො දනිති. එසේත් නැතහොත් ඒ බව නො කියති.

නිව්ටෝනීය දිග (අවකාශය) තාත්ත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක් සාදන ලෙස සකස් කළ හැකි ය. එමෙන් ම අයින්ස්ටයිනීය දිග ද එලෙස තාත්ත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක් සාදන අයුරෙන් සකස් කළ හැකි ය. එහෙත් ඒ දිග පිළිබඳ ව වූ සංකල්ප එකිනෙක සමග සංසන්දනය කළ හැකි නො වේ. වස්තුවක නිව්ටෝනීය දිග වස්තුවේ ප්‍රවේගය මත පරායත්ත නො වේ. යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ව වස්තුවේ වේගය කුමක් වුවත් එහි නිව්ටෝනීය දිග වෙනස් නො වේ.

එහෙත් වස්තුවක අයින්ස්ටයිනීය දිග එසේ නො වේ. එහි දිග නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ප්‍රවේගය අනුව වෙනස් වෙයි. මේ දිග පිළිබඳ සංකල්ප හා තාත්ත්වික සංඛ්‍යා අතර වෙන වෙන ම අනුූරූපතා ඇති නමුත් එයින් ඒ ඒ දිග අතර අනුරූපතාවක් ඇති බව ගම්‍ය නො වේ. යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්තුවක අයින්ස්ටයිනීය දිග වස්තුවෙහි සාපේක්‍ෂ ප්‍රවේගය අනුව වෙනස් වෙයි. නිව්ටෝනීය දිග හා අයින්ස්ටයිනීය දිග යනු එකිනෙකට වෙනස් සංකල්ප දෙකක් වෙයි. 

බොහෝ අයට බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරීමට බටහිර වියුක්ත ගණිතය අත්‍යවශ්‍ය වෙයි. බටහිර වියුක්ත ගණිතය ගැන එතරම් අවබෝධයක් නොමැතිව බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාච පිළිබඳ අවබෝධයක් ලබාැනීමට අයින්ස්ටයින්ගේ ගණයේ අන්තර්ඥානයක් තිබිය යුතු ය. එහෙත් උසස් පෙළ පරීක්‍ෂණයෙහි දී එකල තිබූ ලකුණු ලබාදීමේ පටිපාටිය අනුව භෞතික විද්‍යාව අසමත් වූ ඇතැම් වර්තමාන මහාචාර්යවරු බටහිර ගණිතය පිළිබඳ මනා අවබෝධයක් හෝ  අයින්ස්ටයින්ගේ අන්තර්ඥානය හෝ නොමැතිව බටහිර භෞතික විද්‍යාව පිළිබඳ ජනප්‍රිය පොතපත කියවා බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවේ දර්ශනය පිළිබඳ විහිළු සපයති. 

මේ මහාචාර්යවරුන්ට අනුව (බටහිර රටවල විද්‍යාවේ දර්ශනය ගැන කතාකරන්නන් බොහෝ විට බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයන් වුව ද ලකොවේ ජෛවීය විද්‍යා අංශවල මහාචාර්යවරු බටහිර විද්‍යාවේ දර්ශනය ගැන කතාකිරීමට බොහෝ විට පෙළඹෙති.) නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්තුවේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයෙන් අංශු මාත්‍රයක් වන විට අයින්ස්ටයිනීය ප්‍රතිඵල සන්නිකර්ෂණව නිව්ටෝනීය සංකල්පවලට සමාන වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ අයින්ස්ටයිනීය සංකල්ප නිව්ටෝනීය සංකල්පවල ම වර්ධනයක් බව ය. එය ද පට්ටපල් බොරුවකි. 


නලින් ද සිල්වා

2013-10-23

Sunday, 20 October 2013

දිවුරුම් දීම විධිමත් කරමු


උතුරු පළාතේ ආණ්ඩුකාරතුමා පසෙකින් සිටිය දී විග්නේෂ්වරන් එම පළාතේ මහ ඇමති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ   දිවුරුම් දුන්නේ ය. අප එය සුළුවෙන් තැකිය යුතු නො වේ. දෙමළ ජාතික සංධානය මුල දී ආණ්ඩුකාරතුමා ඉදිරියේ දිවුරුම් දීම ප්‍රතික්‍ෂෙප කළා පමණක් නොව ආණ්ඩුකාරතුමා ඉවත්කළ යුතු යැයි කියා සිටියේ ය. එහෙත් හිටපු හමුදා නිලධාරියකු වූ පමණින් එතුමා ඉවත්කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. ව්‍යවස්ථාවට අනුව විග්නේෂ්වරන්ට මහඇමති ලෙස පත්වීම ලබාගත යුතුව තිබුණේ ආණ්ඩුකාරතුමා ගෙනි. අපි ඒ බව මුලදී ම පෙන්වා දුන්නෙමු. විග්නේෂ්වරන් එක්කෝ ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතු ය. එසේත් නැත්නම් ව්‍යවස්ථාව උල්ලංඝනය කර එයට පිටින් වැඩ කළ යුතු ය. එහෙත් ඔහුට දෙවැන්න කළ නො හැකි ය. ඔහු බලය බෙදීමටත් සහසන්ධීය රාජ්‍යයක් ඇතිකිරීමටත් කටයුතු කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ය. විග්නේෂ්වරන්, සුමන්තිරන් සහ සම්බන්ධන් ත්‍රිත්වයට ව්‍යවස්ථාවට පිටින් යා නො හැකි ය. හිටපු හමුදා නිලධාරියකු වූ ආණ්ඩුකාරතුමා ඉදිරියේ දිවුරුම් දීමට නොහැකි යැයි කී විග්නේෂ්වරන් සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ බටහිරයන් ඒ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද්ධාපරාධකරුවන් ලෙස තීරණය කර දංගෙඩියට යැවීමට උත්සාහ කරද්දී ය. අවශ්‍ය නම් විග්නේෂ්වරන්ට සාම විනිසුරුවකු ඉදිරියේ දිවුරුම් දීමට හැකියාව තිබිණි. වෙනත් අයකු ත්‍රස්තවාදියකු ඉදිරියේ  දිවුරුම් දීමට තිබිණි. දෙ ජා ස මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධාපරාධකරුවකු ලෙස නො සලකන්නේ ද? ඒ එසේ නම් එය රටට වැඩදායක ය. ලංකාවේ හමුදා මගින් යුද්ධාපරාධ සිදුවුණේ යැයි සිතමු. එසේ නම් ඊනියා ඉන්දීය සාම සාධක හමුදා මගින් ද යුද්ධාපරාධ සිදුවී යැයි සැලකිය යුතු වෙයි. එවිට රජිව් ගාන්ධිට ද යුද්ධාපරාධ චෝදනා ඉදිරිපත් කළ යුතු ය. බටහිරයන්ගේ සේවිකාවක් වූ නවනීදන්පිල්ලේගේ අරමුණ පැහැදිලි වන්නේ මෙතැන දී ය. බටහිරයන් දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් ගැන දක්වන්නේ ව්‍යාජ උන්දුවකි. ඔවුන්ට අවශ්‍ය රාජපක්‍ෂවරුන් දංගෙඩියට යැවීමට ය. ඔවුන්ට දෙමළ ජනයා ගැන අව්‍යාජ කැක්කුමක් වේ නම් ඔවුන් ඉන්දීය සාම සාධක හමුදාවෙන් දෙමළ ජනයා ඝාතනයවීම් ගැන සෙවීමට කමිටු පත්කරන ලෙස ආණ්ඩුවට බල කළ යුතු ය. ආණ්ඩුව කළ යුත්තේ එක් සතියකට සීමා නොකර ඊනියා තිස්අවුරුදු යුද්ධයේ දී සිදු වූ සියළු කටයුතු සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කිරීම ය. අනෙක් අතට ඇන්ටන් හා ඇඩෙල් බාලසිංහම් හා ඔවුන්ට රැකවරණ දුන් ඉංගිරිසි අගමැතිවරු යුද්ධාපරාධකරුවෝ නො වෙත් ද? සිංහලයන්ට මානව අයිතිවාසිකම් නැද්ද? 

අපි නනදිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පැරදුවෙමු. එහෙත් ඒ බව නීති පොතට (ව්‍යවස්ථාවට) ඇතුළත් කිරීමට අපට නො හැකිවිය. එයට විවිධ හේතු වෙයි. කෙසේ වෙතත් අද දෙ ජා ස උත්සාහ කරන්නේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට ය. එහෙත් දෙ ජා ස එහි දී ඒකමතික ව ක්‍රියා නො කරයි. සම්බන්ධන් ත්‍රිත්වය ක්‍රියා කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ය. ප්‍රේමචන්ද්‍රන් ආදීහු බටහිර රටවල් විසින් මෙහෙයවෙන විසිරුණු දෙමළ ජනයාට අවශ්‍ය අන්දමට කටයුතු කරති. සම්බන්ධන්ලා ව්‍යවස්ථාව යොදාගෙන නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හරවා ඉන්දියාවේ අවශ්‍යතාව ඉටුකිරීමට කටයුතු කරන අතර ප්‍රේමචන්ද්‍රන්ලා විසිරුණු දෙමළ ජනයාගේ අවශ්‍යතාව පරිදි ව්‍යවස්ථාවට පිටින් ගොස් ඊළම පිහිටුවීමට ක්‍රියා කරති.  උතුරු පළාතේ දෙවැනි ක්‍රියා මාර්ගයට කැමැත්ත දක්වන්නෝ ද වෙති. විග්නේෂ්වරන්ලා යම් අයුරකින් ව්‍යවස්ථාවට පිටින් යෑමට උත්සාහ කළහොත් එය ප්‍රේමචන්ද්‍රන්ලාට වාසිසහගත තත්වයක් උදාකරනු ඇත. විග්නේෂ්වරන්ලාගේ බලය අහෝසි වී ප්‍රේමචන්ද්‍රන්ලා අතරෙන් තවත් ප්‍රභාකරන් කෙනකු බිහිකිරීමට බටහිරයන් කටයුතු කරනු ඇත. එහෙත් ඉන්දියාව එයට විරුද්ධවනු ඇත. ඉන්දියාවට අවශ්‍ය ඉන්දීය ගැති වෙල්ලාල නායකයන් මිස ප්‍රභාකරන්ලා නො වේ. දෙ ජා ස ඉදිරි කාලයේ දී ක්‍රියාකරනු ඇත්තේ මේ ප්‍රතිවිරුද්ධතා මැද ය. උතුරු පළාත් සභාවේ ඇමතිකම් පිළිබඳ ගැටුමක් වූයේ ද මේ පසුබිමෙහි ය. 

අප කිසිසේත් ඉන්දියාවට හෝ බටහිරට හෝ යටවිය යුතු නො වේ. තවත් ප්‍රභාකරන් කෙනකු බිහිවීමට යන්නේ නම් එය ලත් තැන ම ලොප්කිරීමට හමුදාවට හැකි විය යුතු ය. කිසිම අයුරකින් උතුරු පළාතෙන් හමුදාව ඉවත් නොකළ යුතු ය. හමුදාව උතුරු පළාතේ රැඳවීම අවසානයේ දී විග්නේෂ්වරන්ලාගේ ද යහපතට හේතුවනු ඇත. අමිර්තලිංගම්, නීලන් තිරුචෙල්වම් ආදීන් ඝාතනය කරනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න කාහටත් වඩා හොඳින් සම්බන්ධන් දනියි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නයක් නැත. දෙමළ නායකයන්ට ඇත්තේ බටහිරයන් විසින් ඇතිකරන ලද අභිලාෂ පමණ ය. මුළු රටේ ම නායකයන් වීමට බලාපොරොත්තු වූ  වෙල්ලාලයන්ට අද උතුරු පළාතට පමණක් සීමා වී එහි වෙන ම රාජ්‍යයක පාලකයන් වීමේ සිහිනය පමණක් ඉතිරි වී ඇත. එහෙත් ඒ සිහිනය සැබෑකර ගැනීමට අපි කිසිවකුට ඉඩ නො දෙමු.  


නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට විග්නේෂ්වරන්ට හෝ ප්‍රේමචන්ද්‍රන්ට හෝ ඉන්දියාවට හෝ බටහිරයන්ට හෝ ඉඩ නො දෙමු. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණයේ අර්ථවිවරණවලට අනුකූලව ව්‍යවස්ථාවට එකඟ ව උතුරු පළාත සංවර්ධනය කිරීමට අවශ්‍ය පරිදි දෙමළ ජාතික සංධානයට ආධාර කරමු. මේ සංවර්ධනයට අප එකඟ ද නැද්ද යන්න මෙහි දී අදාළ නො වේ. මෙරට දෙමළ භාෂාව හා සංස්කෘතිය රැකගැනීම හා වර්ධනය කිරීම උතුරු පළාත් සභාවේ පමණක් කාර්යභාරය නොවන බව ද අපි මතක් කරමු. මෙරට දෙමළ ජනයා අද උතුරු පළාතේ මෙන් ම නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම, ඌව පළාත්වල ද  විසිරී සිටිති. ඉන්දියාවට ද මතක් කළ යුතු කරුණ නම් ඉන්දියාවේ දෙමළ ජනයාගෙන් අතිමහත් බහුතරය තමිල්නාඩුවේ ජීවත්වුවත්, ලංකාවේ දෙමළ ජනයාගෙන් සියයට හැත්තෑපහකට වැඩි පිිරිසක් උතුරු පළාතෙන් පිට ජීවත්වන බව ය. විග්නේෂ්වරන් උතුරු පළාතේ මහඇමති මිස මෙරට දෙමළ ජනයාගේ මහඇමති නො වේ. මේ අතර පළාත් සභා මන්ත්‍රීවරුන් මහනගර සභා මන්ත්‍රීුවරුන් නගර සභා මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දිවුරුම් දීම විධිමත් කළ යුතු ය. අද ව්‍යවස්ථාවේ රට බෙදීමට විරුද්ධව ඇති හත්වැනි පරිශිෂ්ටයේ සඳහන් දිවුරුම දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණකි. අනෙක් සියළු මහජන නියෝජිතයන් දෙන්නේ හතරවැනි පරිශිෂ්ටයේ සඳහන් සාමාන්‍ය දිවුරුම ය. සියළු මහජන නියෝජිතයන් සඳහා හත්වැනි පරිශිෂ්ටයේ දිවුරුම අනිවාර්ය කළ යුතු අතර දිවුරුම දෙන්නේ කා ඉදිරිපිට ද යන්න පණතක් මගින් නියම කළ යුතු ය. මහජන නියෝජිතයකුට ත්‍රස්තවාදියකු ඉදිරියේ වුව ද දිවුරුම් දීමට ඇති අවස්ථාව නැතිකළ යුතු ය.


නලින් ද සිල්වා

2013-10-20

Wednesday, 16 October 2013

Formalize taking of oaths


It is reported that a member of the Northern Provincial Council (NPC) has taken oaths before a medical doctor in Mullavaikkal. It is not known whether this particular member went to the Mullativ District to take his oaths in order to pay his respects to the terrorists and their leader Prabhakran who were recognized by the west as an invincible outfit and a world class expert in guerilla warfare respectively. The west was and is involved in a psychological war game against the Sinhalas, especially the Sinhala Buddhists through their “war experts” “political scientists” “human rights specialists” etc., in the NGOs, universities both here and abroad, but the Sinhala villagers could not be fooled by these experts, though the western educated pundits believed their masters in the west. Some members of the NPC belonging to EPRLF, TELO and TULF earlier threatened to go to Mullavaikkal to take oaths but it appears that they have now settled to take oaths before the Chief Minister of the Northern Province.

However, it is clear that there are two factions in the TNA, one broadly following the Indian line and the other following the dispersed Tamils living in the western countries. These dispersed Tamils are working on the instructions of the western countries, and Canada deciding to boycott the CHOGM, and both England and Canada withdrawing funds to the Commonwealth are only parts of this “war game” against Sinhala people without a formal war. If the commonwealth dies out of lack of funds it would be for the good of the non white countries in the commonwealth, and we would welcome more and more cuts on funds by the white countries. If one were to take stocks it would be found that it is the white countries that have benefitted from the commonwealth and not the non white countries. I know that most of the pundits would not agree with me, but the Sinhala Villagers know by intuition, though not through so called analysis, what is happening and the latter are only interested in seeing Mahinda Mahattaya presiding over the “suddas” in the next two years. The white countries would most probably fund the commonwealth again after two years as they get more benefits out of it than what they lose by way of funding. They do not want to see the commonwealth die a natural death due to lack of funds though the Sinhala villagers would not want the commonwealth after Mahinda Mahattaya hands over the Chairmanship. The pundits of course would want the commonwealth to continue as they could pick up a scholarship, fellowship or  a foreign trip through the auspicious of this “august” body.     

The faction of the TNA sponsored by the west through the dispersed Tamils in their countries is pro LTTE and Prabhakaran and would have been happy to see Wigneswaran taking oaths before Sampanthan or some other Tamil leader in the presence of western diplomats either in Jaffna or Vaikkal,  but saner counsel has prevailed probably at the insistence of India that does not want to see another Prabhakaran emerging. The TNA faction led by the Troika (Thrimurthi) of Sampanthan, Wigneswaran and Sumanthiran that takes the political line from India seems to be more popular than the Premachandran faction at present, but they should realize that the latter is finally a threat not only to their political lives but personal lives as well. Though it may sound ironical the presence of the Armed forces in the Northern Province could one day be prove to be for the security of the TNA faction led by the Thrimurthi. Sampanthan more than anybody else knows who killed people such as Duraiappa, Thiruchelvam and Amirthalingam.

The Premachandran faction wanted to take the advantage provided by the constitution that in the Provincial Councils nothing is stated about the procedure that has to be adopted in taking oaths by the members of the Provincial Council. Besides it is the ordinary oath prescribed in the fourth schedule that has to be taken by members of a provincial council whereas the Members of Parliament have to take the oath prescribed in the seventh schedule before the Speaker. The respective oaths are given below.

The oath prescribed in the fourth schedule: “I ............................................................. do solemnly declare and affirm / swear that I will faithfully perform the duties and discharge the functions of the office of ........................................ in accordance with the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and the law, and that I will be faithful to the Republic of Sri Lanka and that I will to the best of my ability uphold and defend the Constitution of the Democratic Socialist Republic of Sri Lanka."      

The oath prescribed in the seventh schedule: “I ..................................................... do solemnly declare and affirm / swear that I will uphold and defend the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and that I will not, directly or indirectly, in or outside Sri Lanka, support, espouse, promote, finance, encourage or advocate the establishment of a separate State within the territory of Sri Lanka.”    

There are glaring differences between the two oaths and the government should bring legislation so that at least in the future all members representing the people not only in the Parliament but also in the Provincial Councils, Municipal Councils, Urban Councils, Pradeshiya Sabhas, should take the oath prescribed in the seventh schedule before authorities specified in each case. For example the Chief Ministers of Provincial Councils, as has been the tradition, should take the oath before the President of the country in the presence of the relevant governor, and the other members should be required to take the oath before the Governor/Chief Minister of the Provincial council. The ministers of the Provinces should be appointed from among the members who have taken the oath and no minister should be appointed before taking the oath.

The chairpersons of the Municipal Councils, Urban councils should take the oath before the Governor/Chief Minister of the Province and the members of the respective bodies should be required to take the oath before the relevant chairperson, with the members allowed to meet without taking the oath only for the purpose of electing the Chairperson. 

As it is, as the member of the NPC has shown any elected member could take the oath prescribed in the fourth schedule that does not prevent the member from engaging in activities to “support, espouse, promote, finance, encourage or advocate the establishment of a separate State within the territory of Sri Lanka” before anybody, and in fact even before a terrorist.   They could in fact take the oath before any Justice of Peace not necessary for the whole island who himself may be involved terrorist activities. Sampanthan and Sumanthiran who as Members of the Parliament have taken the oath prescribed in the seventh schedule should not object any legislation to extend the oath to the members of the bodies elected by the people by universal franchise. India should and could not object to such legislation as it is purely an internal matter of the country and no other country should interfere with legislation by the Parliament.


Nalin De Silva

16-10-2013

අමරතුංග නියෝජනය කරන බලාධිකාරය


සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ඩී එස් සී උපාධිධාරී එන් ඒ ද එස්. අමරතුංග හෙවත් අශෝක අමරතුංග මහතා  විසින් පසුගිය සතියේ විදුසර පුවත්පතට නවීන විද්‍යාව බොරුවක් ද යන මැයෙන් ලියන ලද ලිපියට පිළිතුරු දීමට ඉදිරි ලිපි කිහිපය වෙන් කෙරෙනු ඇත. ඒ මහතාගේ ලිපිය මගේ අදහස් අරභයා කරන ලද විවේචනයකි. අමරතුංග මහතා එම ලිපියෙහි මගේ නම සඳහන් නොවන බවත් තොප්පිය හරියන්නේ නම් ඒ දාගත්තාට වරදක් නැති බවත් කීමට ඉඩ ඇත. තොප්පි මෙන් ම අනෙක් අයගේ තොප්පි දමන්නවුන් ද හඳුනාගැනීමට මට හැකි ය. ඒ කුමක් වුවත් මේ වන විට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව ප්‍රසිද්ධියේ කියන්නේ මා පමණ ය. එසේ ම මම දැනුම් නිර්මාණය සංස්කෘතියට සාපෙක්‍ෂ බව ද කියමි. (අමරතුංග මහතා මේ අදහස නිවැරදිව තේරුම් ගෙන නැත. ඒ බව පසුව පැහැදිලි කරමි.) අමරතුංග මහතා විසින් විවේචනය කෙරෙන්නේ මගේ අදහස් වුව ද ඒ බව සෘජුව කීමට තරම් එඩිතර බවක් ඒ මහතාට නොවීම ගැන කණගාටු වෙමි.  කෙසේ වෙතත් අමරතුංග මහතා කර ඇත්තේ සේවයකි. දැනුම පිළිබඳ මා දරණ අදහස් විදුසර පාඨකයන්ට පැවසීමට ඒ මහතා මට අවස්ථාවක් සපයා ඇත. 

අද අප පාලනය කෙරෙන්නේ බටහිර දැනුම යොදා ගනිමිනි. බටහිර දැනුම මෙරට පමණක් නොව ලෝකයේ සෑම රටක ම ආධිපත්‍යය දරයි. දැනුම පිළිබඳ ප්‍රශ්නය එක් අතකින් ගත්කල දේශපාලන ප්‍රශ්නයකි. අමරතුංග මහතා තමා මාහාචාර්යවරයකු බව ද ඩී එස් සී උපාධිධාරියකු බව ද තම ලිපියෙහි සඳහන් කර ඇත. ඩී එස් සී යනු ඇතැම් විට විද්‍යා චක්‍රවර්ති නමින් හැඳින්වෙන උසස් ආචාර්ය උපාධියකි. අමරතුංග මහතා දන්ත වෛද්‍යවිද්‍යාවට එක්කරන ලදැයි කියන දැනුම සැලකිල්ලට ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ඒ මහතාට ඩී එස් සී උපාධිය පිරිනැමී ඇත. මට ඒ බව කීවේ අමරතුංග මහතාගේ ගෞරවයට පාත්‍ර වී සිටින ගුණදාස අමරසේකර මහතා ය. එහෙත් අමරතුංග මහතාට මා දන්නා තරමින් බටහිර විද්‍යාවේ ඉහළම ආයතනය ලෙස සැලකෙන ලන්ඩන් රාජකීය සංගමයෙහි අධිසාමාජිකත්වයක් ලැබී නැත. ඔහු බටහිර දන්ත වෛද්‍යවිද්‍යාවට එකතු කර ඇති ප්‍රවාදයක් හෝ සංකල්පයක් හෝ වේ ද? 

මා අමරතුංග මහතා ගැන දන්නේ ප්‍රායෝගික බටහිර දන්ත වෛද්‍යවිද්‍යාවට සම්බන්ධ ය. ප්‍රායෝගික විද්‍යාවක් සම්බන්ධයෙන් වුව ද ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් ලබා ඇත්තේ එකම එක ලාංකිකයකු පමණ ය. ඔහු දැනට මා දන්නා තරමින් හොංකොං විශ්වවිද්‍යාලයෙහි සේවය කරයි. ෙසෙද්ධාන්තික ක්‍ෂෙත්‍රයකින් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් ලැබු එකදු ලාංකිකයකු නැත. මම අඩුම තරමින් මහාචාර්යවරයකුවත් නො වෙමි. සේවාර්ජිත මහාචාර්ය ධුරයක් ලැබීමට මට සුදුසුකම් නැත. මට ඇත්තේ බටහිර විශ්වවිද්‍යාලයකින් ලැබුණු ආචාර්ය උපාධියක් පමණකි. එය ද මා ඉල්ලා සිටි එකක් නො වේ. මගේ ගුරුවරයා මට ආචාර්ය උපාධියක් ලබා දීමට කටයුතු කළ බව පමණක් දැනට සඳහන් කරමි. මේ සියල්ල මා සඳහන් කරන්නේ දැනුම පිළිබඳ ආධිපත්‍යයට ඒ වැදගත් බැවිනි. 

අමරතුංග මහතා තමාට ඩී එස් සී උපාධියක් ඇති බවත් තමන් මහාචාර්යවරයකු බවත් සඳහන් කරන්නේ තමන් කියන දෙයට ඒ මගින් පිළිගැනීමක් ලබා ගැනීමට ය. අද මෙරට සමාජයෙහි දැනුම පිළිබඳ ආධිපත්‍යය දරන්නෝ මහාචාර්යවරු ය, ආචාර්ය උපාධිධාරීහු ය. උසස් ආචාර්ය උපාධිධාරීහු ය. මේ තනතුරු හා උපාධිවලින් කියැවෙන්නේ තමන් බටහිර දැනුමෙහි කිනම් තරාතිරමක උරුමක්කාරයන් ද පොල්මඃකාරයන් ද යන්න ය. සහතික පත්‍ර මගින් ලබාගන්නා ආධිපත්‍යය සාමාන්‍ය ජනයා මත පැටවීමට මේ ආචාර්ය මහාචාර්යවරු කටයුතු කරති. අමරතුංග මහතාට ඩී එස් සී උපාධියක් ඇති බව මා දැනගත්තේ පසුගිය සතියේ පළ වූ ලිපිය මගිනි. එහෙත් නිරවුල් ව අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි අයට ද විවිධ ආචාර්ය උපාධි ලැබෙන බව නම් මම අවුරුදු පනහක පමණ කාලයක සිට, එනම් මා විශ්වවිද්‍යාලයට ඇතුල් වූ සමයේ සිට දනිමි. 

අමරතුංග මහතා ෆෙයරාබන්ඩ් හා කුන් නිරවුල් ව තේරුම්ගෙන නොමැති බව පැහැදිලි ය. මේ දෙදෙනාම පශ්චාත්නූතනවාදීන් (අමරතුංග මහතා යොදාගන්නා නව්‍යවාදය යන්න වෙනුවට නූතනවාදය යන්න යොදා ගනිමි) වන්නේ කිනම් අර්ථයකින් ද යන්න අමරතුංග මහතා පැහැදිලි නො කරයි. අමරතුංග මහතාට අවශ්‍ය පශ්චාත්නූතනවාදය ගර්හිත දැනුමක් සේ සලකා ඉවත දැමීමට ය. තම මිත්‍ර තවත් දන්ත වෛද්‍යවරයකු වූ  ගුණදාස අමරසේකර මහතා පශ්චාත්නූතනවාදය ගැන කරන හැදෑරීමකින් තොරව එය කුණුහරුපයක් ලෙස ප්‍රතික්‍ෂෙප කරන අයුරෙන් අමරතුංග මහතා ද පශ්චාත්නූතනවාදය බැහැර කරයි. ඔහු තම ලිපිවලින් අනියමාර්ථයෙන් කියන්නේ මා ද පශ්චාත්නූතනවාදියකු බව ය. එහෙත් මම පශ්චාත්නූතනවාදය යනු නූතනත්වය විසින් ම බිහිකෙරී ඇති දැනුම් පද්ධතියක් ලෙස සලකමි. මා කූන්ගෙන් හා ෆෙයරාබන්ඩ්ගෙන් ආභාසය ලබා ඇත. ඒ පිළිබඳ මට කිසිදු ගැටළුවක් නැත.

එහෙත් මා වඩාත්ම ආභාසය ලැබුයේ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමියන්ගේ සංකල්පය හා යථාර්ථය (concept and reality) යන කෘතියෙන් හා ෂෙබාර්ට්ස්කිගේ බෞද්ධ න්‍යාය (Buddhist Logic) නම් කෘතියෙනි. ඒ හැරෙන්නට නාගර්ජුනපාදයන්ගේ සාපේක්‍ෂතාවාදය වෙන කිසිවකටත් වඩා මට බලපා ඇත. මම මාධ්‍යමිකතාවාදියෙක් නො වෙමි. මම ශූන්‍යතාවාදය නො පිළිගනිමි. ශූන්‍යත්වය යන්න වැරදි සංකල්පයක් යන්න මගේ වැටහීම ය. එමෙන් ම නාගර්ජනපාදයන්ගේ සාපේක්‍ෂතාවාදය වුව ද මා පිළිගන්නේ යම් සීමාවන් තුළ ය. නිවන සසරට සාපේක්‍ෂ වන්නේ සීමාවක් තුළ ය. නිවන යනු සසරෙන් එතරවීම ලෙස සලකතොත් නිවන සසරට සාපේක්‍ෂ ය. ඒ අප වැනි පෘථග්ජනයන්ගේ දැනුමෙන් ය. 

එහෙත් වඩාත් මූලික අර්ථයකින ගතහොත් නිවන සසරට සාපේක්‍ෂ නො වේ. අප වැනි පෘථගජ්නයන් නිවන සසරෙන් එතර වීම ලෙස ගන්නා විට නිවන සසරට සාපේක්‍ෂ වෙයි. අපි එහි දී නිවන සංකල්පයක් ලෙස සලකමු. සංසාරය නිෂේධ වීම නිවන ලෙස අපි ගනිමු.  එහෙත් නිවන් අවබෝධයත් සමග නිවන සසරට සාපේක්‍ෂ වීම නැති වේය යනු මගේ විශ්වාසය ය. නිවන් අවබෝධ කර නොමැති මට එය විශ්වාසයක් පමණකි. නිවන සංකල්පයක් නො වේ. එය සංකල්පයක් ලෙස ගන්නා තැනැත්තා නිවන් අවබෝධ කරගෙන නැත. මගේ සාපේක්‍ෂතාවාදය නාගර්ජුනපාදයන්ගේ සාපේක්‍ෂතාවාදයෙන් මෙන් ම පශ්චාත්නූතනවාදීන්ගේ සාපේක්‍ෂතාවාදයෙන් ද වෙනස් වෙයි. මා විසින් අළුතෙන් තේරුමක් ඇති දෙයක් (ඊනියා සත්‍යයක්) කියා නැතැයි ප්‍රකාශ කරන කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු මෙරට උගත්තු මේ කිසිවක් නො පිළිගනිති. අමරතුංග මහතාට ද අනුව මා කරන්නේ කූන් හා ෆෙයරාබන්ඩ් යන පශ්චාත්නූතනවාදීන්ගේ අදහස් පුනරුච්චාරණය කිරීම ය.

කුන් කිසි ලෙසකින්වත් පශ්චාත්නූතනවාදියකු යැයි සම්මත බටහිර පශ්චාත්නූතනවාදීහු නො පිළිගනිති. ඔහු තම අදහස් ඉදිරිපත් කළේ මූලික වශයෙන් ම බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ කාල් පොපර්ගේ අදහස්වලට විරුද්ධව ය. කාල් පොපර් බටහිර විද්‍යාවේ දර්ශනයෙහි අන්තිම වාක්‍යය කියා ඇතැයි දර්ශනය ගැන උනන්දුවක් දක්වන බටහිර විද්‍යාඥයන්ගෙන් ඇතැමෙක් සිතති. පීටර් මෙඩෝවර් නම් බටහිර ජීව විද්‍යාඥයා ඔවුන් අතර ප්‍රධාන හා ප්‍රසිද්ධ තැනැත්තෙක් වෙයි. ඔහු බටහිර විද්‍යාවේ පොල්මඃකාරයකු ද වන්නේ නොබෙල් ත්‍යාග ලාභියකු ද වන බැවිනි. එබැවින් ඔහුට බටහිර විද්‍යාවේ ආධිපත්‍යයක් ද ඇත. එබැවින් කාල් පොපර් මෙඩෝවර්ගෙන් ලබන සහතිකය කාලෝ ෆොන්සේකා මහතා වැන්නන්ට ද වැදගත් ය.

කාල් පොපර් එතෙක් පැවති බටහිර විද්‍යාවේ දර්ශනය වෙනුවට වෙනත් ප්‍රවාදයක් ඉදිරිපත් කළේ ය. (කතන්දරයක් ගෙතුවේ ය). කාල් පොපර් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය තහවුරු කිරීමට කතන්දරයක් කීවේ ය. ඒ කතන්දරය අසා සිටින බටහිර විද්‍යාඥයෝ සුව නින්දකට වැටෙති. ඔහුගේ කතාවට අනුව බටහිර විද්‍යා දැනුම අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන් කළ හැකි ය. ඔහුට අනුව අනෙක් දැනුම් පද්ධතීන් මිථ්‍යා වෙයි. ආධානග්‍රාහී වෙයි. බටහිර විද්‍යාව ඒ ආධානග්‍රාහී දැනුම් පද්ධතීන් මෙන් නොව ඔහුගේ නව සංකල්පයට අනුව අසසත්‍යකරණයට (ෆඅලසඉෆඉචඅටඉඔන) ලක්කළ හැකි වෙයි.  පොපර්ට අනුව බටහිර විද්‍යාව වර්ධනය වන්නේ තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක් කිරීමෙනි. ඔහුට අනුව බටහිර විද්‍යාඥයෝ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කරති. ඔවුන්ගේ පර්යේෂණ ආදිය කෙරෙන්නේ තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමට යැයි පොපර් කීවේ ය.    

ඒ අනුව බටහිර විද්‍යාවට අනෙක් දැනුම් පද්ධතීන්ට නැති තත්ත්වයක් පොපර් විසින් ලබාදෙන ලදී. ඔහුට අනුව අනෙක් දැනුම් පද්ධතීන් ආධානග්‍රාහීව පවත්නා දැනුමෙහි එල්බගෙන සිිටිද්දී බටහිර විද්‍යාව අසත්‍යකරණයට ලක්කීරීමෙන් වර්ධනය වෙයි. පොපර්ගේ නිර්ණායකයට අනුව යම් දැනුමක් අසත්‍යකරණයට ලක්කළ හැකි නම් පමණක් එය බටහිර විද්‍යාවට අයත් වෙයි. අසත්‍යකරණයට ලක්කළ නොහැකි දැනුම් ඊනියා විද්‍යාව නොවේ යැයි පොපර් කියා සිටියේ ය. පොපර් එතෙක් පැවති විද්‍යාත්මක විධික්‍රමය වෙනුවට වෙනත් නිර්ණායක ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ලෙස ඉදිරිපත් කළේ ය. 

බටහිර විද්‍යාව ක්‍රමයෙන් ඊනියා සත්‍යයට ලඟාවන්නේ ය යන මතය පොපර්ගේ අසත්‍යකරණය මගින් ප්‍රතික්‍ෂෙප නො විණි. සිදුවූයේ බටහිර විද්‍යාවට එතෙක් නොතිබූ තත්ත්වයක් අත්වීම ය. එමගින් බටහිර විද්‍යාව ලොවේ අධිපති දැනුම බවට පිළිගැනීමට බල කෙරිණි. ඕස්ට්‍රියාවේ උපන් පොපර් බටහිර යටත්විජිතවාදය දැනුම ඔස්සේ තහවුරු කිරීමට පියවර ගත්තේ ය. කූන් විසින් අභියෝගයට ලක්කෙරුණේ පොපර් ගේ අදහස් ය. කූන් යටත්විජිතවාදයට එරෙහි වී යැයි මෙයින් නො කියැවෙයි. ඔහුට අවශ්‍ය වූයේ බටහිර විද්‍යාව වර්ධනය වන ආකාරය තේරුම් ගැනීමට ය. එමගින් එක්තරා අයුරකින් ගත්කල කූන් ද බටහිර විද්‍යාවට ආවේණික වූ විධික්‍රමයක් ඇතැයි පිලිගත්තේ ය. 

කූන් කියා සිටියේ බටහිර විද්‍යාව වර්ධනය වන්නේ එහි ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමෙන් නොවන බව ය. ඔහුට අනුව බටහිර විද්‍යාඥයන් විද්‍යාවේ සාමාන්‍ය කාල යැයි ඔහු විසින් හඳුන්වනු ලැබූ යුගවල දී  කළේ පවත්නා ප්‍රවාද ඊනියා අසත්‍යකරණයකට ලක්කිරීම නොව ඒ ප්‍රවාද තහවුරු කිරීම ය. බටහිර විද්‍යාඥයෝ පවත්නා ප්‍රවාදයක් යොදා ගනිමින් ගැටළුවක් විසඳීමට උත්සාහ කළහ. ඔවුහු පවත්නා ප්‍රවාදය ප්‍රශ්න නො කළහ. ඔවුන් කළේ ඒ ප්‍රවාදය තහවුරු කරමින් යම් ගැටළුවක් විසඳීම ය.

එහෙත් කූන්ට අනුව බටහිර විද්‍යාවේ අසාමාන්‍ය කාල, එනම් විප්ලවීය කාල ද වෙයි. විප්ලවීය කාලයක දී බටහිර විද්‍යාවෙහි එතෙක්  තිබූ සුසමාදර්ශයක් (පඅරඅඩඉගම) වෙනුවට වෙනත් සුසමාදර්ශයක් ආදේශ වෙයි. ඔහුට අනුව උදාහරණයක් ලෙස අයින්ස්ටයින් විසින් නිව්ටෝනීය සුසමාදර්ශය වෙනුවට සාපේක්‍ෂතාවාදී සුසමාදර්ශය ඉදිරිපත් කෙරිණි. නිව්ටෝනීය සුසමාදර්ශයෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ විය. එහෙත් සාපේක්‍ෂතාවාදී සුසමාදර්ශයෙහි අවකාශය හා කාලය සාපේක්‍ෂ වනවා පමණක් නොව ඒ එකිනෙකට බැඳී පවතියි.

කූන්ට අනුව එක් ප්‍රවාදයක් මගින් කියැවෙන දැනුම තවත් ප්‍රවාදයකට පරිවර්තනය කළ නො හැකි ය. එයට හේතුව ඒ අදාළ සංකල්පවලින් එකම අදහසක් ප්‍රකාශ නො වීම ය. උදාහරණයක් ලෙස අපට කිව හැක්කේ නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙහි අදහස් සාධාරණ සාපේක්‍ෂතාවාදයේ සංකල්ප මගින් ප්‍රකාශ කළ නොහැකි බව ය. එසේ වුවත් කූන් කිසිම දවසක සාපේක්‍ෂතාවාදියෙක් නො වී ය. 

නලින් ද සිල්වා

2013-10-16