History

Sunday, 31 August 2014

ඉතා සංවේගයෙන් ලියමි 2



පසුගිය සතියේ ලිපියෙහි තීන්ත වේලීමටත් පෙර එක්තරා පියකු තම සිඟිති බිළිඳා ගලේ ගසා මරාදැමීමේ පුවතක් වාර්තා විණි. සිංහල බෞද්ධ රටේ මෙවැනි ක්‍රියා සිදුවන්නේ ඇයි ද යන්න භික්‍ෂූන් වහන්සේලාගේ අවධානයට යොමු වී ඇත් දැයි නො දනිමි. අප රට තරම් බණ කියන රටක් ලෝකයේ තවත් ඇතැයි නො සිතමි. එහෙත් අප බණ අසන්නේ ඒ පිළිපැදීමට යැයි සිතිය නො හැකි ය. නීතිය මගින් රට හැඩ ගැස්සවිය නොහැකි බව මේ වන විට බොහෝ දෙනාට අවබෝධ වී ඇතැයි සිතමි. රට හැඩ ගැස්සවිය හැක්කේ රටේ සංස්කෘතියට ය. කෙටියෙන් කියන්නේ නම් රටේ ජනතාවගේ ක්‍රියාකාරීත්වයෙන් පිළිබිඹු වන්නේ රටේ සංස්කෘතිය ය. අප රටේ අද ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියක් ද යන ප්‍රශ්නය අසන්නට සිදු වී ඇත. ඇතැම් උගතකු එය ම අනෙක් පැත්තට කරකවා කියනු ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය ජනතාවගේ හැසිරීම් රටාවෙන් පිළිබිඹු වන බව ය. 

අපි බණ ඇසීමෙන් ම පටන් ගනිමු. බණ ඇසීම අද විලාසිතාවක් බවට පත් වී ඇත් ද? අප අහවල් හාමුදුරුවන්ගේ බණ ඇසුවා යැයි ඇතැම් උපාසිකාවන් කියන්නේ අප අහවල් සාප්පුවෙන් බඩු ගත්තා යැයි කියන අන්දමින් මහත් උජාරුවෙනි. ඒ සමග ම හරි හොඳ බණ ටික යනුවෙන් ද කීමට උපාසිකාව අමතක නොකරනු ඇත. මේ සියල්ල පිටුපස ඇත්තේ ලකුණු දමා ගැනීම හා සමාජ තත්ත්වයක් අත්කර ගැනීම ය. සිංහල බෞද්ධයන් මෙතරම් මමත්වය පිම්බීමට යොමු වී ඇත්තේ කවදා සිට ද යන්න තරමක ප්‍රශ්නයකි. මා ද ඇතුළු ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් ද ගෞරවයක් ලබාගැනීමේ ආශාව මිරිකා හළ අය යැයි කීමට නො හැකි ය. රාගයෙන් (ආශාවන්ගෙන්) මිදී ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නෝ කී දෙනෙක් වෙත් ද?  එමෙන් ම ජාතික ව්‍යාපාරය දේශපාලන අභිමතාර්ථ සඳහා බලයට පැමිණීම සඳහා යොදා ගන්නෝ ද වෙති. අද දේශපාලනකරණයට ලක් නොවූ ජාතික ව්‍යාපාරය දුර්වල වී ඇත්තේ ඇතැමුන් බලයට පැමිණීම සඳහා ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. ඒ ක්‍රියාවලිය අවසන් වී ඇත්තේ ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට නොව මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනීකරණය වූ ජාතික ව්‍යාපාරය තම අතට ගැනීමෙනි. අද මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තොර දේශපාලනීකරණය නොවූ ජාතික ව්‍යාපාරයක් ගැන සිතිය නො හැකි ය. 

සිංහල බෞද්ධයන් හා හෙළ බෞද්ධයන් අතර ප්‍රධාන වෙනස මමත්වය පිම්බීම විය හැකි ය. හෙළ බෞද්ධයන් කෙටූ සෙල්ලිපි අපට තවමත් වැඩි වශයෙන් හමු වී නැත් ද? එසේත් නොමැති නම් ඔවූහු සෙල්ලිපි ගැන එතරම් උනන්දුවක් නො දැක්වූවෝ ද? එසේත් නොමැති නම් සිංහල බෞද්ධයෝ හෙළ බෞද්ධයන්ගේ සෙල්ලිපි විනාශ කළෝ ද? කෙසේ වුවත් සිංහල බෞද්ධයන්ගේ සෙල්ලිපි ඉතා විශාල සංඛ්‍යාවක් දිවයින පුරා ම දැකගත හැකි ය. මේ බොහොමයක් අපේ ඉතිහාසය ලිවීමේ දී වැදගත් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නො වේ. සිංහල බෞද්ධයනට වෙනත් කිසිවකුට නැති තරමේ ලිඛිත ඉතිහාසයක් ඇත්තේ ද අප බොහෝ දේ වාර්තා කිරීමට දැක් වූ කැමැත්ත නිසා යැයි සිතිය හැකි ය. එහෙත් ඒ අතර ම කිවයුතු කරුණක් වනුයේ මේ වාර්තා බොහෝ විට පෞද්ගලික කීර්තියක් ගෞරවයක් අපේක්‍ෂවෙන් තබන ලද ඒවා බව ය. අද ද ජලකරාමයක් විවෘත කරන අවස්ථාවක දී පවා ඒ පිළිබඳ ඉදිකෙරෙන සමරු ඵලයකයෙහි සඳහන් නොවන්නේ කරාමය සවිකළ කාර්මික භවතාගේ නම පමණ ය. මෙය දේශපාලනඥයන්ට පමණක් සීමාවූවක් ද නො වේ. බොහෝ විට පාසල් ත්‍යාග ප්‍රදානොත්සවවල දී, ක්‍රීඩා උත්සවවල දී, විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානොත්සවවල දී අහවල් ත්‍යාගය අහවල් කුසලානය ප්‍රදානය කළේ කවු ද යන්න හඬගා කීව යුතු ව ඇත. අප තරම් පුද්ගලයන්ගේ නමින් පාරවල් ගොඩනැගිලි ආදිය නම් කරන, පුද්ගලයන් වෙනුවෙන් මුද්දර නිකුත්කරන රටක්  තවත් නොමැති විය හැකි ය. ඒ මදිවාට දැන් ඒ ඒ අයගේ නමින් පදනම් ද ඇත. කිසිම පදනමක් නැති මේ පදනම් මගින් කෙරෙන සේවය ජනතාව යැයි කියන්නන්ට ද එසේත් නැත්නම් පදනමෙහි නම සඳහන් පුද්ගලයාට ද? 

සෙල්ලිපිවල තම නම සඳහන් කරගැනීම අශෝක බෞද්ධ සංස්කෘතිය මෙරටට හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් විය හැකි ය. අපට එය දඹදිවෙන් ලැබුණක් විය හැකි ය. විජය හා අශෝක සංස්කෘතීන් උකහා ගැනීමෙන් පසු සිංහල බෞද්ධ උගතුන් ඒ සංස්කෘතීන්වල ඇතැම් ලක්‍ෂණ උපරිමයකට ගෙන ගිය බව පෙනෙයි. අශෝක රජුගේ ටැම්ලිපි උගතුන් හා ඔවුන්ගේ උපදෙස් ලබාගත් ප්‍රභූන් විසින් ආදර්ශයට ගෙන ඒ වර්ධනය කරගත් බවක් පෙනී යයි. දැනුදු බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය සම්බන්ධයෙන් ගත්කල උගත්තු එය කරති. අවාසනාවකට අද මෙරට උගත් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත්කල එදාට වැඩි ය. ඒ නිසා ම අපේ අනුකාරකත්වය ද වැඩි වී ඇත. නිදහස් අධ්‍යාපනයෙන් මෙතරම් උගතුන් සංඛ්‍යාවක් බිහි නොකරන්නට අපේ මමත්වය මෙතරම් නොපිම්බෙනු ඇත.  අද වන විට භික්‍ෂූන්වහන්සේ තමන්වහන්සේගේ තනතුරු පිළිබඳ ව ගිහියන්ට ද වඩා උනන්දුවක් දක්වන බව පෙනී යයි. සුද්දන් අප පාලනය කිරීමේ දී අපේ මේ දුර්වලකම යොදාගෙන ඇති බව පෙනී යයි. නමට පමණක් ඇති තනතුරු භික්‍ෂූන් වහන්සේට ලබා දී බලය තමන් අත රඳවා ගන්නේ කෙසේ දැයි සුද්දෝ දැන සිටියහ. අපේ ඉතිහාසයෙහි සෙල්ලිපිවල පුරාජේරුව වැඩියෙන් ම ඇති සෙල්ලිපිය ලෙස සැලකිය හැකි නිශ්සංඛමල්ල රජුගේ සෙල්ලිපිය අපේ අවධානයට මෙයට වඩා යොමු විය යුතු ය. එහි සඳහන් අන්දමට මෙරට රජකම ගොවි වංශයේ අයකුට හිමි නොවිය යුතු ය. මෙහි සඳහන් ගොවි වංශය වත්මන් ගොයිගම කුලය විය නො හැකි ය. එකී සෙල්ලිපියෙහි ගොවි වංශය ලෙස හැඳින්වෙන්නේ යක්‍ෂ ගෝත්‍රිකයන් ද? යක්‍ෂ ගෝත්‍රිකයෝ ගොවියෝ වූහ. මෙරට ඉතිහාසය යගු කෞරාණ හෙවත් යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ඇසෙන් බැලූ විට අපට වෙනත් අර්ථකථන ගෙතිය හැකි ය. 

අප සිංහල බෞද්ධයන් වීමෙන් පසු මමත්වය ඉහළ ගොස් ඇති නමුත් එයින් කියැවෙන්නේ අපේ සාමූහිකත්වය නැති වූ බව නො වේ. යගු කෞරාණයන්ගෙන් හා හෙළ බෞද්ධ සංස්කෘතියෙන් අපට උරුම වූ සාමූහිකත්වය සුළුවෙන් වුවත් අප අතර තවමත් දකින්නට ඇත. එය ඊනියා වැඩවසම් සංස්කෘතියක ලක්‍ෂණ යැයි කියමින් බටහිරයන් අනුකරණයෙන් පෞද්ගලිකත්වය ඉස්මතු කිරීමට උගතුන් යත්න දරණ නමුත් සාමූහිකත්වයෙහි නෂ්ටාවශේෂ අප අතර තවමත් දකින්නට ඇත. එසේ නොවන්නට මේ සටහනවත් නොලියැවෙන්නට ඉඩ තිබිණි. (මතු සම්බන්ධයි)       


නලින් ද සිල්වා

2014-08-31

Friday, 29 August 2014

The third term of Mahinda Rajapakse as the President


It is clear by this time the opposition has realised that they have no ability to field a candidate who can win at the next Presidential elections whenever it is held. They have failed to find a so called common candidate and Ven. Maduluwawe Sobhitha Thera can campaign for abolition of executive President until the Presidential election is announced and then find that no political party is prepared to nominate the Thera or anybody else as the common candidate. There will be a number of candidates from the opposition and their best hope at the elections would be no candidate securing the fifty percent of the valid votes plus at least one more vote forcing the commissioner of elections to count the second preferences of the voters.

However, it is a remote possibility and the deciding factor at the elections would be the defeat of the LTTE and western interference in local politics. Navi Pillai and her successor would help Mahinda Rajapakse with their reports, and England in the two hundredth year since the 1815 English Sinhala Pact would realise that it cannot conquer the Sinhala mind. The fact that the elections would be held close to 2nd March 2015, two hundred years after the Sinhala English pact of March 1815, would help Mahinda Rajapakse who defeated Prabhakaran and the other terrorists who were supported by England and her ally US, and not Ranil Wickremesinghe who signed the ceasefire agreement with Prabhakaran at the insistence of those two countries through the Scandinavian countries.

It would not be a bad idea to hold the Presidential elections on the 2nd of March 2015 with history supporting Mahinda Rajapakse and the people teaching a good lesson to the English and their cohorts of Fridays, WGOs that include peace vendors and others. The election results will carry a message to Geneva where in March the United Nations Human Rights Council will be discussing Sri Lanka and not US where Blacks are being killed indiscriminately 150 years after the “end of the civil war”. There will be no “reconciliation” among the whites and the blacks in USA for another 150 years but in Sri Lanka Bodu Bala Sena (BBS), the so called extremist organisation has joined hands with a Hindu organisation and going by newspaper reports some Muslims have already complained to BBS against some other Muslim organisations that have prevented certain Muslims going to Mecca!

Ven. Sobhitha Thera and the team would fail with their slogans such as good governance, abolition of executive Presidency, as the people of this country know how the UNP governed the country under several leaders. Ranil Wickremesinghe has already shown his character in association with Soththi Upali and others, and Sajith Premadasa is only an also ran politician. It is not necessary to discuss the JVP and other parties, which would poll less than one million votes among themselves. Thus the commissioner of elections will be spared the agony of  counting the second preferences.

Under these circumstances when the Presidential elections are between a person who saved the country from the LTTE that was supported by England led western countries and a person who betrayed the country by signing CFA with the LTTE there is only one way left for the opposition. That is to try their luck at the Supreme Court by objecting to the candidature of Mahinda Rajapakse at the next Presidential elections. The first salvo has been already fired by none other than Sarath Silva, a former Chief Justice of the country, in the form of an interview given to Irida Lankadeepa, which has a management related to Ranil Wickremesinghe.  

I am neither a lawyer nor an expert in English but I know that Sarath Silva is not the only lawyer nor the only CJ this country has produced. Law is mainly about legal principles, interpretations and precedents, and even in Mathematics that uses natural languages to a minimum as much as possible there are different interpretations. Law depends on language and interpretations play a significant role in legal matters. I have some personal experience as I have resorted to litigation against the University of Colombo for dismissing me and most of the other universities for not appointing me to an academic position. I filed a case against the University of Colombo in the labour tribunal which decided that the University of Colombo should pay me a sum of Rs. Seven lacks even though I had lost about 5 million rupees in wages and other benefits as a result of being on extended sabbatical leave for more than ten years. The university appealed to the High court that decided that not a single cent be paid and decided that I was guilty of all the charges. Then I appealed to the Supreme Court and a three member bench presided over by Sarath Silva CJ decided that the University should pay me Rs. Five lacks. To this day I do not understand the rationale behind these judgments, and five lacks is not even the arithmetical mean  of seven lacks and zero.  I do not think that Mr. S. L. Gunasekera who appeared for me free of charge  from the labour tribunal to the Supreme Court understands the judgments either. As there is no court of law above the Supreme Court the University had to abide by the latter decision and as a result I lost about 4.5 million rupees. 

When western Physics is not objective one would not expect Roman Dutch or any other law to be objective. Three different courts of law gave three different judgments but we are forced to go to courts of law seeking justice. It was Wittgenstein who said that Problems in Philosophy are problems of language. It appears that Law thrives on problems of language. However, politics has a way of dealing with language, where intuition plays a big role. The political intuition of  Mahinda Rajapakse who himself is a lawyer, knows how to deal with problems of language associated with law. It is the legislators who know the intention of passing of laws and not the interpreters who are confined to language and convictions.   

Sarath Silva in his interview seems to have given the impression that he depends on two interpretations, which needless to say are subjective. In law as it often happens lawyers first come to conclusions and then try to justify the conclusions interpreting the law accordingly. In general we do not come to conclusions by rational arguments but almost always rationalize our convictions, and I am no exception.


According to Sarath Silva, Article 31 (2) of the constitution that says “No person who has been twice elected to the office of President by the People shall be qualified thereafter to be elected to such office by the People” has already disqualified Mahinda Rajapakse. It appears that Sarath Silva’s argument is that Mahinda Rajapakse was disqualified to contest a third time the day he was elected to the office of the President, the second time. However, the above article does not say categorically that a person who has been elected twice to the post of President is disqualified to be elected to that post again. It could be said that the article 31 (2) becomes operative only at the point when the person who has been elected twice decides to contest Presidential elections, and not before. That was never to come as long as the Article was in the constitution, and now the article has been repealed by the eighteenth amendment. Mahinda Rajapakse is now not bound by a repealed article, and legal intricacies on retrospective validations are not the order of the day. The second interpretation that Sarath Silva banks is on Article  31 (3a) (i)  that states “Notwithstanding anything to the contrary in the preceding provisions of this Chapter, the President may, at any time after the expiration of four years from the commencement of his first term of office, by Proclamation, declare his intention of appealing to the People for a mandate to hold office, by election, for a further term.”   The eighteenth amendment replaced the words fist term by the words current term, and Sarath Silva is apparently of the opinion that current means first. However, the eighteenth amendment has no upper limit on the number of terms a person could be elected, provided of course the people elect him/her, and in the light of the eighteenth amendment current does not appear to mean only the first. Let us await the decision of the Supreme Court if a voter goes before it based on Sarath Silva’s interpretations, but more importantly on Mahinda Rajapakse’s political intuition that would tell him what action he should take in view of the interpretations.



Nalin De Silva

29-08-2014

Wednesday, 27 August 2014

The so called NGOs are not innocent


There are attempts by some people who are mainly interested in maintaining the western Christian hegemony to paint a rosy picture of the Western Governmental Organizations in the country as innocent organizations. These organizations are referred to as NGOs the name given by the westerners themselves, and our so called intellectuals who can imitate but not create any knowledge, continue to use the tag the Non Governmental Organizations. The moment one identifies the WGOs as NGOs their structures are covered and the people get the impression that these organizations are innocent civil society organizations such as Mahila samithis, Maranadhara Samithis (Funeral aid societies) that depend mainly on the members themselves. These latter societies may get a contribution in kind or money but the societies are maintained mainly by the membership fees and may be funds collected by the members. The funds are usually collected from the villagers but occasionally they may go outside the particular village but very often will be confined to the boundaries of the country.

These societies do not get involved in politics party or otherwise and the office bearers usually do not have an ambition to enter politics. There may be a few individuals among the office bearers who would wish to be elected as a member of Pradeshiya Sabha but it is very unlikely that they would get involved in national politics. The office bearers are hardly known outside the village in which they operate and not known in the country through national media. The media is not interested in the opinion of such office bearers and the journalists usually ignore them.

The WGOs on the other hand were established by the western governments either directly or indirectly, and have been financed by those countries. Initially the organisations were helped on the pretext of giving aid to social work but very soon those organisations also revealed their political ambitions, even if they may not have been interested in politics at the beginning. Sarvodaya is good example in this regard, where the leader could not hide his political inclinations with time. It is not known whether he had managed to hide his politics at the initial stages but the powers in the country at one time considered him as a threat in politics.

The later established WGOs have been openly engaged in politics though the leaders may not have shown any interest in contesting at national level either for the Presidency or even for a Parliamentary membership. However, they have been propagators of western ideology and have been financed by western countries. It is the Scandinavian countries and Canada that are mainly responsible for pumping money into these organisations, though the ideology that is propagated is from England and US. When the Congress was in power in India it is clear that both England and US used the former against Sri Lanka, though the role played had been different during UNP days and SLFP dominated alliances days. The US and England were behind the Indo Lanka Accord signed in 1987, and they were Godfathers to the accord literary and literarily. It is not my intention to go into details but without US and England there would not have been a thirteenth amendment. The Congress Party though pretended to be nationalistic was not so but was guided by the Cambridge education that Nehru received as a son of an elite in India. It served the masters and mistresses not only the Mountbattens but the English queens and kings as well. The Congress leaders were Fridays serving their masters Robinson Crusoes and the BJP had to be established as a nationalistic party that respects Hinduthva and not Kristhuthva.

The WGO s as we have said were established by the western countries mainly in non western countries in the sixties after the African countries were given limited independence by the Europeans. The WGOs were financed by the western countries and the organisations were expected to continue to maintain the African countries as colonies in economics, politics and culture. I had the opportunity of serving the University of Malawi when my wife spent a semester there on sabbatical leave. I was on extended sabbatical leave from the University of Colombo, and I saw at first hand the cultural and political colonialism practiced in the country. The history of Malawi began with the arrival of the Europeans as far as the propagators were concerned and various WGOs functioned in association with the Christian Churches of various denominations. Once I asked my students as to who discovered Lake Malawi and their immediate response was it was Livingstone. I had to tell the students that their grand grand parents had known Lake Malawi before the Europeans arrived in their country but they being students in Physics were not interested in what I had to say. Fortunately no lecturer or student complained to the Vice Chancellor that I was teaching Malawi Chinthanaya to the students and I was spared the opportunity of being granted extended sabbatical leave from that University.  

The WGOs in general in all countries except perhaps in the western countries are propagating western ideology for money. It is the money or other aid that the WGOs receive from the west that is of concern to the country. Any organisation that receives funds without being channeled through the Sri Lankan government has to be scrutinized thoroughly as they should not enjoy the so called freedom of expression in the abstract. The local Fridays could quote chapter and verse according to the Biblical tradition followed by the academia and the legal institutions but we should not be fooled by these quotations. The freedom of expression has its restrictions and in the west there is no absolute freedom of expression for individuals or organisations especially when national security is under threat. The Fridays who serve their Crusoes should be asked to clarify what is meant by freedom of expression for foreign funded organisations.

Foreign funding is a concern of those who deal with security of the country as I have some personal experience in this regard. In the late eighties and early nineties I was the President of Federation of University Teachers’ Associations (FUTA) and we were in a trade union struggle over the salaries of the university teachers. One night at about two am I was given a telephone call by an OIC of a police station claiming that he wanted to record a statement by me. He said it was so urgent that he had to record the statement before the Sun rises, as if the Sun would have upset all his plans. I agreed and he came with a battalion and recorded my statement. The next day at about midnight a police force of more than twenty five came to our home, scaled the gates and after surrounding the house asked me to open the door telling that they were from the police. When I opened the door the OIC (now a big shot in the police hierarchy) said he wanted to take me to the police station to record another statement. I told him that he could do it at my home but he insisted that I came to the police station with the police force that had come in several vehicles. I was not taken to the particular police station that they told my wife I was being taken but to the Gregory’s Road Intelligence Bureau office, and when my wife and eldest son went to the particular police station they had been told I was not there! Anyhow the bigwigs at the Intelligence Bureau were interested in finding out whether FUTA obtained funds from some other organisation here or abroad. I had to tell them that FUTA is a trade union federation that received membership fees from the member unions and other than that FUTA had no other source of income. Some of the Fridays were high ups in the academia and most probably members of some University Teachers’ Association (UTA) or other but they neither as individuals or members of associations came in support of me. This was during the days of Premadasa Regime, to use one of Ranil W’s favourite expressions, and I had to fight on my own. I stated this fact in order to show that the security forces are very much concerned with the funds received by organisations, and it should not be different in the case of WGO’s.  


It is well known that the west is interested in installing its puppet governments in the non western world and WGOs are used for that purpose as well. It has also to be reminded that most of the WGOs served the peace project of the west and were against the humanitarian operations against the LTTE. They were for CFA of Ranil W and have almost always followed the western policy. If the Fridays think that freedom of expression is unconditional then they are mistaken. The country or the government should not allow the west to use the WGOs on their pay role to go against the wish of the majority of the people. The Fridays after all is a tiny minority who serve the Crusoes, who are influenced by western ideology of bogus freedom of expression, which is not practiced in the west itself. 


Nalin De Silva

27-08-2014

දැනුම යනු අවිද්‍යාව නිසා ගොතන බොරුවකි


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම පසුගිය 20 වැනි දා ලිපියෙන් කූන් ගේ සුසමාදර්ශ ගැන ලිවීමට පටන්ගෙන ඇත. ඒ මහතා එසේ කරන්නේ මා අගෝස්‌තු 13 වැනි දා මගේ ලිපියෙන් ඔහුට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු නො දෙමිනි. ඇතැම් විට අමරතුංග මහතා කූන් ගේ සුසමාදර්ශය පිළිබඳ ව තමන් නො දන්නා, තේරුම් නො ගන්නා දේ ලියා දැක්‌වීමෙන් පසුව ඒ ප්‍රශ්නවලට පිළිතුරු දේ යෑයි සිතමි. ඒ ප්‍රශ්න එකින් එක ගෙන හෝ සියල්ල එකට ගෙන හෝ ඉක්‌මනින් ම පිළිතුරු ලිපියක්‌ හෝ ලිපි පෙළක්‌ හෝ බලාපොරොත්තු වෙමි. 

කූන් ගේ සුසමාදර්ශය පිළිබඳ කතාව මම යම්දුරකට පිළිගනිමි. එහෙත් ඒ පිළිබඳ විස්‌තරයක්‌ කිරීමට මේ අවස්‌ථාව නො වේ. අමරතුංග මහතා ගේ අභියෝග අටට ප්‍රතිචාර දැක්‌වීම අවශ්‍ය වෙයි. අනෙක්‌ අතට කූන් ගේ සුසමාදර්ශ කතාව මා පිළිගත්තත් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි මා කියන්නේ කූන් ගේ සුසමාදර්ශය මත පදනම් වී නො වේ. බටහිර විද්‍යාව පිළිබඳ පමණක්‌ නො ව සමස්‌තයක්‌ ලෙස ගත් කල බටහිර දැනුම හා සාධාරණ වශයෙන් ගත් කල දැනුම යනු කුමක්‌ ද යන්න පිළිබඳ ව මගේ ම වූ කතාවක්‌ මට වෙයි. ඒ කතාව මා ගෙතූ කතාවකි. ප්‍රවාද යෑයි කියන සියලු දැනුම් බටහිර වේ වා පෙරදිග වේ වා ඒ ඒ අය ගෙතූ කතා ය. 

අපි පසුගිය සතියේ අමරතුංග මහතා ගේ පළමුවැනි අභියෝගයට පිළිතුරු දීම ඇරඹුවෙමු. එය වඩාත් අර්ථවත් කිරීම සඳහා දැනුම යනු කුමක්‌ ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ දිය යුතු ය. අමරතුංග මහතා සත්‍යය යනු කුමක්‌ දැයි තේරුම් කර දීමෙන් පසු පිළිතුරෙහි ඉතිරි කොටසට පිවිසීමට බලාපොරොත්තු වෙමි. බටහිර විද්‍යාව ද දැනුමකි. එය ද මිනිසුන් විසින් ගොතන ලද, එනම් නිර්මාණය කරන ලද දැනුමක්‌ වෙයි. එය සොයාගත් දැනුමක්‌ නො වන්නේ සියලු දැනුම් නිර්මාණය කරනු ලැබූ දැනුම් බැවිනි. සොයාගත් දැනුම යන්න ද නිර්මාණය කරන ලද තවත් දැනුමක්‌ පමණකි. 

දැනුම පිළිබඳව මගේ කතාව මා ගොතා ඇත්තේ මා දන්නා බුදුදහම මත පදනම් වෙමිනි. මා දන්නා බුදුදහම ද මගේ කතාවකි. එය මගේ බුදුදහම ය. එය මට සාපේක්‍ෂ ය, එය මගේ නිර්මාණයකි, එය බුදුන් වහන්සේ දෙසූ බුදුදහම යෑයි මම කිසි විටෙක නො කියමි. බුදුන් වහන්සේ දෙසූ බුදුදහම ඒ අයුරෙන් ම දන්නා අයකු ලෝකයේ ඇතැයි මම නො සිතමි. බුදුන් වහන්සේ දෙසූ බුදුදහම ඒ අයුරෙන් ම දන්නේ තවත් බුදුන් වහන්සේ කෙනකුන් ම පමණක්‌ යෑයි මම සිතමි. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ ද, අනෙන් රහතන් වහන්සේ ලා ද නිවන් අවබෝධ කරගත් නමුත් බුදුන් වහන්සේ දෙසූ බුදුදහම ඒ අයුරෙන් ම අවබෝධ කර ගත්තේ යෑයි කිව නො හැකි ය. මුගලන් මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ දෙසූ බුදුදහම ඒ අයුරෙන් ම අවබෝධ කරගත්තේ නම් උන්වහන්සේ විශ්වයේ අන්තය සෙවීමට උත්සාහ නො දරනු ඇත. 

අප එකිනෙකාට ඇත්තේ අප එකිනෙකා ගේ බුදුදහම මිස ඊනියා නිරපේක්‍ෂ බුදුදහමක්‌ නො වේ. අමරතුංග මහතා ගේ ද, ගුණදාස අමරසේකර මහතා ගේ ද, මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ බුදුදහමෙහි ද, සරච්චන්ද්‍ර මහතා ගේ බුදුදහමෙහි ද කර්මය, පුනබ්භවය නැත. ඔවුන් ගේ සසර ගමනක්‌ නැත. ඔවුහු වාස්‌තවික ව පුද්ගල පැවැත්මක්‌ උරුම කරගනිති. එනම් ඔවුහු වාස්‌තවික පුද්ගලයන් ලෙස ජීවත් වෙති. මේ පවත්නා වස්‌තු මරණයත් සමග කෙළවර වෙයි. ඔවුන් ගේ පැවැත්ම මරණයෙන් ඡේදනය වෙයි. ඔවුහු උච්ඡේදවාදීහු වෙති. ඔවුහු වාස්‌තවික යථාර්ථයක්‌ ගැන විශ්වාස කරති. ඔවුන් ගේ සාහිත්‍ය නිර්මාණ පදනම් වන්නේ වාස්‌තවික ව පවත්නා යථාර්ථයක්‌ මත ය. ඔවුහු බටහිර වාස්‌තවික නිරපේක්‍ෂ මතවාද කරපින්නාගෙන සිටිති. 

මගේ බුදුදහමෙහි නිවන් අවබෝධය යනු දැනුම නොදැනුම බවට පත් කිරීම ය. පසුගිය දා පැරීසියේ වැඩවසන එක්‌ භික්‍ෂුන් වහන්සේ නමක්‌ වෙනත් අයකු උපුටා දක්‌වමින් දේශනා කර තිබුණේ "මම නො සිතමි, එබැවින් මම වෙමි" යනුවෙනි. ඒ දෙකාර්තේ නම් සුප්‍රසිද්ධ ප්‍රංශ දාර්ශනිකයා ගේ හා ගණිතඥයා ගේ "මම සිතමි, එබැවින් මම වෙමි" යන ප්‍රකාශයට ප්‍රතිචාරයක්‌ ලෙස ය. එකී භික්‍ෂූන් වහන්සේ බුදුදහම අවබෝධ කරගෙන ඇත්තේ එක්‌ අයුරකින් බව පැහැදිලි ය. නිවන් අවබෝධ කර නිරෝධ සමාපත්ති සුවයට එළඹි රහතන් වහන්සේ නමක්‌ සම්බන්ධයෙන් නම් කිවයුත්තේ සිතන්නකු නැත යනුවෙනි. එතරම් නිවැරැදි නො වූවත් "මම නො සිතමි, මම නො වෙමි" යනුවෙන් ප්‍රකාශ කළ හැකි ය. එහෙත් එය කිසි දිනෙක "මම නො සිතමි, එබැවින් මම වෙමි" යනුවෙන් ප්‍රකාශ නො විය යුතු ය, යන්න මාගේ අදහස ය. 

දැනුම පිළිබඳ ව මා විසින් ගොතන ලද කතාවේ පහත සඳහන් කරුණු ද අඩංගු වෙයි. මේ කතාවට අපි නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය යෑයි කියමු. ඒ කතාව කෙටියෙන් මෙසේ ය. අපි නිවන් අවබෝධ කරන තෙක්‌ දැනුම නිර්මාණය කරමු. ඒ දැනුම අප විසින් නිර්මාණය කෙරෙන්නකි. තමන් නිර්මාණය කරන දැනුම තමන්ට සාපේක්‍ෂ ය. දැනුම නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. එහි දී මනස ඇතැම් විට පංචෙන්ද්‍රියවල ද සහාය ලබාගනියි. එහෙත් පංචෙන්ද්‍රියවලට පමණක්‌ දැනුම නිර්මාණය කරගත නො හැකි ය. ඇස තිබූ පමණින් අපට යමක්‌ දැකගත නො හැකි ය. ඒ සඳහා චක්‌ඛු විඤ්ඤාණය ද අවශ්‍ය වෙයි. චක්‌ඛු විඤ්ඤාණය මනසෙහි නිර්මාණය කෙරෙන්නකි. 

අප පංචෙන්ද්‍රියවලට යමක්‌ ග්‍රහණය කරගන්නේ යෑයි කියන්නේ අදාළ ඉන්ද්‍රිය ආධාර කරගනිමින් මනස විසින් යම් විඤ්ඤාණයක්‌ සහිත ව සංකල්පයක්‌ නිර්මාණය කිරීමට ය. මා මලක්‌ දකින්නේ මගේ ඇස හා මනස එකතු වී මල දැකීම යන සංකල්ප නිර්මාණය කිරීම හේතුවෙනි. මල ඇත්තේ බාහිර ව යන්න නිවැරැදි නො වේ. මනසින් තොර ව වාස්‌තවික ව නිරපේක්‍ෂ ව බාහිර ව පවත්නා මලක්‌ නැත. මම පසුගිය අගෝස්‌තු 13 වැනි දා අමරතුංග මහතාට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට අමතර ව තවත් ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කරමි. නිරීක්‍ෂකයා ගේ මනසින් තොර ව ස්‌වායත්ත ව පවත්නා මලක්‌ වේ ද? එසේ මලක්‌ වේ යෑයි අමරතුංග මහතා කියන්නේ නම් කරුණාකර මනසින් තොර ව ඒ බව පෙන්වන්න. ඒ මහතාට එහි දී මනස යොදාගැනීමට නො හැකි ය. අපට අවශ්‍ය මනසින් තොර ව යමක්‌ පවතින්නේ යෑයි පෙන්වීම ය. එහි දී මනස යොදාගත හැකි නො වේ. 

අභ්‍යන්තර හා බාහිර ලෝකය යනුවෙන් දෙකක්‌ පවතින්නේ ය යනුවෙන් ගැනීම ම වැරැදි ය. බුදුන් වහන්සේ ලෝකය බඹයක්‌ පමණ වූ ශරීරය තුළ ම පනවන්නේ යෑයි දේශනා කළහ. මනස පවතින්නේ කොහේ ද යන්න ප්‍රශ්නයකි. අටුවාචාරීන්වහන්සේට අනුව මනස හදවත ඇසුරෙහි පවතියි. බටහිර විද්‍යාවෙහි මනස මොළයට ඌනනය කිරීමේ වෑයමක්‌ වෙයි. අප අටුවාචාරීන්වහන්සේ ලියා ඇති පමණින් යමක්‌ පිළිගත යුතු නො වේ. මනස අවස්‌ථාව අනුව ඒ ඒ තැන්වල ස්‌ථානගත වන්නේ යෑයි සිතිය හැකි ය. 

මනස විසින් යමක්‌ ග්‍රහණය කෙරෙන්නේ සංකල්ප නිර්මාණය කරමිනි. පංචෙන්ද්‍රියයන් හා සමග සම්බන්ධ වන සංකල්ප සංයුක්‌ත සංකල්ප වෙයි. පංචෙන්ද්‍රියවලට මනසෙන් තොර ව යමක්‌ ග්‍රහණය කරගත නොහැකි වුවත් මනසට පංචෙන්ද්‍රියවලින් තොර ව ඇතැම් දේ ග්‍රහණය කරගත හැකි ය. පංචෙන්ද්‍රිය ඇසුරෙන් අපට ලැබෙන්නේ සංජානන ය. මනස සංකල්ප නිර්මාණය කරයි. මෙයින් කියෑවෙන්නේ සංකල්පවලින් තොර ව සංජානන පවතින බව නො වේ. සංජානනය අදාළ සංකල්පය හා බැඳී පවතියි. සංකල්පවලින් තොර සංජානනය නැත. එහෙත් සංජානනවලින් තොර සංකල්ප වෙයි. 

පංචෙන්ද්‍රියවලින් තොර ව මනස විසින් නිර්මාණය කෙරෙන්නේ වියුක්‌ත සංකල්ප ය. වියුක්‌ත සංකල්ප වර්ග දෙකකට අයත් වෙයි. එක්‌ වර්ගයක වියුක්‌ත සංකල්ප අපට සිතෙන් මවාගත හැකි ය. අනෙක්‌ සංකල්ප සිතෙන් මවාගැනීමට වත් නො හැකි ය. අප එවැනි සිතෙන් මවාගැනීමට වත් නොහැකි වියුක්‌ත සංකල්ප පඤ්ඤත්ති ලෙස හඳුන්වමු. සිතෙන් මවාගත හැකි ය යන්නෙහි තේරුම පංචෙන්ද්‍රිය ඇසුරෙන් අදාළ සංකල්පය පිළිබඳ චිත්‍රයක්‌ නිර්මාණය කර ගැනීම ය. අප පරසතු මල් දැක නැත. පරසතු මල යන්න වියුක්‌ත සංකල්පයකි. එහෙත් ඒ පිළිබඳ චිත්‍රයක්‌ සිතෙන් මවාගත හැකි ය. එනම් එවැනි චිත්‍රයක්‌ සිතෙහි ඇති කරගත හැකි ය. එහෙත් කාලය යන්න අපට සිතෙන් මවාගත හැකි නො වේ. ගුරුත්වාකර්ෂණ බලය ද එලෙස ම ය. 

බලය යන්න අප දන්නේ එක්‌කෝ අතින් හෝ දණ්‌ඩකින් හෝ වෙනත් යමකින් හෝ තල්ලු කිරීමක්‌ ලෙස ය. එසේත් නැත්නම් අතින්, කඹයකින් හෝ වෙනත් යමකින් හෝ තල්ලු කිරීමක්‌ ලෙස ය. එහෙත් ගුරුත්වාකර්ෂණ බලය එලෙස සංකල්පගත කරගත නො හැකි ය. එය අයින්ස්‌ටයින් ගේ බසින් කියන්නේ නම් දුරක දී සිදු වන භූත ක්‍රියාවකි. (Spooky action at a distance). ගුරුත්වාකර්ෂණයට අදාළ ව එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය නිවුටන් ගේ සමකාලීනයන් නිවුටන් ගෙන් ඇසූ නමුත් ඔහුට ඒ ප්‍රශ්නයට පිළිතුරක්‌ නො වී ය. සූර්යයා හා පොළොව අතර ඇති කඹය කොහේ දැයි ඔවුහු ඇසූ හ. එසේත් නැත්නම් පොළොව හා පොල් ගෙඩිය අතර කඹය කොහේ දැයි අපට ඇසිය හැකි ය. 

සියලු සංකල්ප මනසෙහි නිර්මාණ වෙයි. මනස ද මනසෙහි නිර්මාණයක්‌ වෙයි. එසේ කෙරෙන්නේ කෙසේ ද යන්න මා විසින් ලියන ලද සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි සඳහන් වෙයි. කලකට පෙර "දිවයින" පුවත්පතෙහි පළ වූ ඒ ලිපිය කාලය වෙබ් අඩවියෙන් (www.kalaya.org) ලබාගත හැකි ය. අමරතුංග මහතාට තවත් ප්‍රශ්නයක්‌ යොමු කරමි. මනස යනුවෙන් යමක්‌ වාස්‌තවික ව නිරපේක්‌ෂ ව පවතින්නේ ද? එසේ නම් ඒ බව මනසින් තොර ව පෙන්වන්න. 

අප ඇතැමුන් නිර්මාණය කරන ලද දැනුම සම්මුති බවට පත් වෙයි. ඒවාට සම්මුති සත්‍ය යෑයි මම නො කියමි. අප බහුතරය කරන්නේ යම් යම් සම්මුතිවලට එකතු වීම ය. අප මේ සම්මුතිවලට එකතු කරගන්නේ වැඩිහිටියන්, ගුරුවරුන්, මිතුරන්, පාසල් හා විශ්වවිද්‍යාල, ජනමාධ්‍ය ආදිය විසිනි. පාසල් ඇත්තේ ම ඇතැම් සම්මුතිවලට සිසුන් එකතු කරගැනීමට ය. ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙරෙන්නේ ද එය ම ය. විශ්වවිද්‍යාලයීය ඇදුරෝ අංක එකෙහි අනුකාරකයෝ වෙති. 

ඇතැම් සම්මුති විසින් ආධිපත්‍යයක්‌ ගොඩනඟා ගැනෙයි. එසේ කරන්නේ දේශපාලන ආධිපත්‍යය යොදාගනිමිනි. අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ බටහිර දැනුම ය. අප බටහිර විද්‍යාව ඉගෙන ගන්නේ ප්‍රධාන වශයෙන් මේ ආධිපත්‍යය හේතු කොටගෙන ය. එසේ නැති ව එහි ඇති ඊනියා සත්‍යතාවක්‌ නිසා නොවේ. නැවතත් කිව යුත්තේ අමරතුංග මහතා සත්‍යය යනු කුමක්‌ දැයි තේරුම් කර දීමෙන් පසු ඒ පිළිබඳ තවත් සාකච්ඡා කළ හැකි බව ය. 

දැනුම යනු නිර්මාණය කෙරෙන්නක්‌ බව ඉහත සඳහන් කළෙමු. එය සොයාගන්නා දෙයක්‌ නො වේ. සොයාගත හැක්‌කේ යමක්‌ පවතින්නේ නම් ය. ගුරුත්වාකර්ෂණ බලය සොයාගත යුත්තේ යෑයි කියන විට ඉන් කියෑවෙන්නේ නිරීක්‌ෂකයා ගෙන් තොර ව පැවතුණු ගුරුත්වාකර්ෂණ බලයක්‌ (නිවුටන් විසින්) සොයාගනු ලැබූ බව ය. එසේ සොයාගැනීමට ගුරුත්වාකර්ෂණ බලයක්‌ තිබිණි යෑයි පැවතිණි යෑයි කීම කච්චායනගොත්ත සූත්‍රයට අනුව අන්තවාදයකි. මා කච්චායනගොත්ත සූත්‍රය නො සලකා හරින්නේ යෑයි අමරතුංග මහතා චෝදනා කර තිබිණි. එහෙත් එකී සූත්‍රයෙහි තමන්ට වාසිදායක යෑයි පෙනෙන කොටස හැර අනෙක්‌ කොටස නො සලකා හරින්නේ අමරතුංග මහතා ය. මා ඇසූ ප්‍රශ්නවලට පිළිsතුරු දීමෙහි දී අමරතුංග මහතාට කච්චායනගොත්ත සූත්‍රය නො සලකා සිටීමට නොහැකි වනු ඇත. 

අප පෘථග්ජනයන් (මිනිසුන් දෙවියන් බඹුන් පමණක්‌ නො ව සතර අපායෙහි උපත ලද ප්‍රාණීන් ද) දැනුම නිර්මාණය කරන්නේ, සංස්‌කරණය කරන්නේ අවිද්‍යාව හේතු කොටගෙන ය. මා දැනුම පිළිබඳ කතාව ගොතන්නේ මගේ බුදුදහමට සාපේක්‌ෂව ය. ඒ ඒ අය තම තමන්ගේ දැනුම් නිර්මාණය කරන්නේ, සංස්‌කරණය කරන්නේ යම්කිසි සංස්‌කෘතියකට සාපේක්‌ෂ ව යම් චින්තනයක්‌ මත පදනම් වෙමිනි. මා පදනම් වන්නේ සිංහල බෞද්ධ චින්තනය යනුවෙන් මා විසින් සැලකෙන චින්තනයක ය. ඒ චින්තනයෙහි හා අදාළ සංස්‌කෘතියෙහි පටිච්ච සමුප්පාදය වෙයි. මගේ දැනුම පිළිබඳ කතාව ගෙතී ඇත්තේ අවිඡ්ජා පච්චයා සංඛාරා යන පටිච්ච සමුප්පාද පාඨය පදනම් කරගනිමිනි. ඒ කිසිවක්‌ ගැන නො දන්නා අමරතුංග මහතා මා පටිච්ච සමුප්පාදය ද නො සලකා හැර ඇතැයි කියයි. 

මෙහි අවිද්‍යාව යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ කුමක්‌ දැයි නිශ්චිත ව කිව හැකි නො වේ. කලක්‌ මා සිතාගෙන සිsටියේ අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය නො දැනීම බව ය. එහෙත් පටිච්ච සමුප්පාදය රහතන් වහන්සේලාට ද යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වන්නේ යෑයි අටුවාචාරීන්වහන්සේ සඳහන් කරති. උන්වහන්සේට අනුව ඵස්‌ස පච්චයා වේදනා දක්‌වා රහතන් වහන්සේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි. ඉන් කියෑවෙන්නේ අවිඡ්ජා පච්චයා සංඛාරා යන්න රහතන් වහන්සේට ද අදාළ බව ය. එවිට අවිද්‍යාව යන්නෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ නො වීම ගම්‍ය වේ යෑයි සිතිය නොහැකි ය.

රහතන් වහන්සේ පිරිනිවන්පානා තෙක්‌ වේදනාව අත්විඳිති. බුදුන් වහන්සේ ද පංචශිඛ ගේ වාදනය අත්විඳි සේක. එහෙත් රහතන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙහි වේදනාවෙන් එහාට නො යති. උන්වහන්සේට උපාදානය ඇති නො වේ. උන්වහන්සේ කිසිවක නො ඇළෙති. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණු විට අවිඡ්ජා ද නැත. සිතීම ද නැත. මෙරට මහාචාර්යවරු ද නො සිතති. අමරතුංග මහතා ගේ ලිපිවලින් ඒ බව මොනවට පැහැදිලි වෙයි. එහෙත් එයින් කියෑවෙන්නේ මහාචාර්යවරුන් නිරෝධ සමාපත්තියට සමවැදී ඇති බවක්‌ නො වේ. 

රහතන් වහන්සේ වේදනාවෙන් එහාට නො යන බැවින්, එනම් උන්වහන්සේට පටිච්ච සමුප්පාදයෙහි වේදනාවෙන් පසුව එන කොටස අදාළ නො වන බැවින් ජාති ජරා මරණ නැත. උන්වහන්සේට පුනබ්භවයක්‌ නැත. රහත්භාවය ලැබූ භවයෙන් පසු භවයක්‌ උන්වහන්සේට නොමැත. අමරතුංග මහතා ඇතුළු ඉහත සඳහන් සාහිත්‍යධරයන්ට ද පුනබ්භවයක්‌ නැත. ඒ ඔවුන් රහත්භාවයට පැමිණ ඇති බැවින් නො වේ. ඔවුහු මිසදිටුවෝ වෙති. එහෙත් බෞද්ධ වේශයෙන් සමාජයෙහි වැජඹෙති. මා පටිච්ච සමුප්පාදය නො සලකා හරින්නේ යෑයි කියන අමරතුංග මහතා පටිච්ච සමුප්පාදය විශ්වාස නො කරයි. එහෙත් ඔහු ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරයි. 

අප දැනුම ලබාගන්නේ, එනම් දැනුම නිර්මාණය කරන්නේ පංචෙන්ද්‍රිය යොදාගනිමින් පමණක්‌ නො වෙයි. ඒ සඳහා හොඳ ම හා පහසු ම උදාහරණය අභිඥ ය. අභිඥ යන්නෙහි තේරුම ම සාමාන්‍ය ඥනය ඉක්‌මවූවක්‌ ය යන්න ය. අභි යන උපසර්ගය එහි දී යෙදෙන්නේ එබැවිනි. සාමාන්‍ය ඥනය, එසේත් නැත හොත් ව්‍යවහාර ඥනය හෙවත් ව්‍යවහාර දැනුම අප ලබාගන්නේ පංචෙන්ද්‍රියන්ට සාපේක්‌ෂ ව ය. ඒ පංචෙන්ද්‍රිය යොදාගනිමින් ලබාගන්නා දැනුමකි. එහෙත් අභිඥ පංචෙන්ද්‍රිය ඉක්‌මවා යයි. ධ්‍යාන උපදවා ගැනීම යනු තවත් ආකාරයක දැනුමකි. නෙවසඤ්ඤා නා සඤ්ඤා යන අවස්‌ථාවට පැමිණි විට සංඥවක්‌ ඇත්තේ ද නැත නැත්තේ ද යන තත්ත්වයට පැමිණෙයි. එහෙත් තවමත් මනස ක්‍රියාත්මක වෙයි. මනස සම්බන්ධ කරගනිමින් නිර්මාණය කෙරෙන අවසාන දැනුම ලැබෙන්නේ ඒ අවස්‌ථාවේ දී යෑයි සිතමි.

ඉන්පසු රහත්භාවය ගැන කියෑවෙයි. එහි දී දැනුම නොදැනුම බවට පත් වෙයි. අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ තෙරුන් වහන්සේ අඤ්ඤා වූයේ අටුවාවේ සඳහන් වන ආකාරයට උන්වහන්සේට විශේෂිත වූ ඥානයක්‌ තිබූ නිසා යෑයි නො සිතමි. උන්වහන්සේ බුදුන් වහන්සේට පසු දැනුම නොදැනුම බවට පත් කළ ඤා අඤ්ඤා බවට පත් කළ පළමු තැනැත්තා විය. මගේ අර්ථකථනය අනුව උන්වහන්සේ අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ වූයේ ඤා බව අඤ්ඤා බවට පත් කළ නිසා ය. 

රහතන් වහන්සේ පෘථග්ජන අප අවිද්‍යාව නිසා ගන්නා දේ මුසා ලෙස දකිති. බටහිර විද්‍යාව ද ඇතුළු පෘථග්ජනයන් ගේ සියලු දැනුම් රහතන් වහන්සේට අනුව මුසා ය. අපට ඒ මුසා නො වන බැවින් එය ඊනියා ඇත්තක්‌ බවට පත් නො වෙයි. (ඇත්ත යනු කුමක්‌ දැයි අමරතුංග මහතා පහදා දෙන තෙක්‌ අපි ඉවසමු.) පෘථග්ජනයෝ අවිද්‍යාව හේතු කොටගෙන මේ මුසා දැනුම ලෙස සලකති. ඒ නිසා ම එහි ඇලෙති. මා යනුවෙන් කෙනකු නැති බව නො දන්නා නිසා පෘථග්ජනයෝ වේදනාවෙහි ඇළෙති. එය බටහිර විද්‍යාවට පමණක්‌ සීමා වූවක්‌ නො වේ. මේ ඇළීම නිසා පෘථග්ජනයන් ගේ සසර දික්‌ වෙයි. අමරතුංග මහතා ඇතුළු විදග්ධයන්ට සසරක්‌ නොමැති බැවින් මෙහි ගැටලුවක්‌ පැන නො න`ගියි. 

ඉහත සඳහන් වන්නේ දැනුම සම්බන්ධයෙන් මා විසින් නිර්මාණය කෙරී ඇති, සංස්‌කරණය කෙරී ඇති, ගෙතී ඇති කතාවෙන් බිඳකි. පෘථග්ජනයන් ගේ අනෙක්‌ දැනුම් මෙන් ම එය ද මුසාවකි. බොරුවකි. ඒ ඊනියා සම්මුති සත්‍යයක්‌ නො වේ. එය අඩු තරමෙන් සම්මුතියක්‌ වත් නො වේ. මෙරට කිසි ම උගතකු එය නො පිළිගන්නා බව මම දනිමි. එය අනාගතයේ දී සම්මුතියක්‌ වේ දැයි මම නො දනිමි. 

කෙසේ වෙතත් ඒ කතාවට කූන් ගේ සුසමාදර්ශය අබමල් රේණුවක ප්‍රමාණයට වත් යොදාගෙන නැත. කෙසේ වෙතත් කූන් දැනුම් නිර්මාණයක්‌ ගැන නො කියයි. ඔහු කියන්නේ බටහිර විද්‍යාව වර්ධනය වන්නේ සුසමාදර්ශයෙන් සුසමාදර්ශයට මාරු වීම ම`ගින් යන්න ය. එය පොපර් ගේ අසත්‍යකරණයෙන් බටහිර විද්‍යාව වර්ධනය වේය යන්න විවේචනය කරමින් ගොතන ලද්දකි. ඔහු බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි නො කියයි. කූන් කියන කතාව යම් සංශෝධනයකට ලක්‌ කරමින් මා කියන්නේ බටහිර විද්‍යාව නිර්මාණය වන්නේ යම් සුසමාදර්ශයක බව ය. කූන් හා මා අතර ඇති වෙනස අමරතුංග මහතා කෙසේ තේරුම් ගන්න ද? බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ එහි පංචෙන්ද්‍රිය ගෝචර කතා තේරුම් කර දීම සඳහා යෑයි කියමින් ගුරුත්වාකර්ෂණ බලය වැනි පංචෙන්ද්‍රිය ගෝචර වත් නො වන කතා ගෙතෙන බැවිනි.


නලින් ද සිල්වා

2014-08-27

Sunday, 24 August 2014

ඉතා සංවේගයෙන් ලියමි


පුවත්පත්වලින් හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් කියවන්නට අසන්නට ලැබෙන පුවත්වලින් අපි බොහෝ දෙනා බොහෝවිට කම්පා වෙමු. පසුගිය දා එකළොස් හැවිරිදි දැරියක තම නැගණිය කෘරලෙස මරාදමා ඇති බව ඇසීමෙන් මෙරට වැසි බොහෝ දෙනා ඉතා සංවේගයට පත්වන්නට ඇතැයි සිතමි. එය අප බොහෝ දෙනාගේ සිත් සතන් බෙහෙවින් කම්පා කරන්නට ඇත. අප රට භෞතික වශයෙන් යම් සංවර්ධනයක් අත්කරගෙන ඇත. එය අපට ඔරොත්තු දෙන්නක් ද යන ප්‍රශ්නය ද ඇත. අපේ මව බොහෝ විට අපට කී කරුණක් නම් ඇයට ලැබුණු රුපියල් හතළිහක මාසික වැටුපෙන් ඇය තම මව රැක බලාගෙන එකල මරදානේ තාක්‍ෂණික විද්‍යාලයේ (ටෙක්නිකල් කොලීජියේ) ඉගෙනුම ලත් තම බාල සොහොයුරාගේ අධ්‍යාපනය සඳහා ද වියදම් කළ බව ය. එයට කලින් ඇගේ මව (අපේ ආච්චි අම්මා) තම දරුවන් ඉතා කුඩා කල සැමියා නැතිවූ පසු තම දරු දෙදෙනා උස්මහත් කර ඔවුන්ට අධ්‍යාපනය ලබා දී ඇත්තේ ආප්ප පුච්චා උපයාගත් සුළු මුදලෙනි. සිංහල පාසල් ගුරුවරුන් වූ අපේ දෙමව්පියෝ තම වැටුපෙන් දරුවන් අටදෙනකු හදාවඩා ගත්තේ නිදහස් අධ්‍යාපනයේ ද පිහිට ලබමින් අපට එකල දිය හැකි උපරිම අධ්‍යාපනය ද ලබා දෙමිනි. අපේ ආචිචි අම්මාගේ කල හා අපේ දෙමවුපියන්ගේ කල රුපියලේ අගය අදට වඩා බෙහෙවින් වැඩි වූවාට සැකයක් නැත. එහෙත් අද අපට ඔවුන් කළ දේ කිරීමට නොහැකි වී ඇත්තේ හුදෙක් ඒ නිසා නො වේ. අද අපේ අවශ්‍යතා වැඩි වී ඇත. අපේ ආත්මාර්ථය වැඩි වී ඇත. ඊර්ෂ්‍යාව, කුහකකම, තරගය, පෞද්ගලිකත්වය වැඩී යන්නේ කිසිසේත් ම මිනිසුන්ට ඔරොත්තු දෙන ආකාරයකින් නො වේ. මිනිසුන් ලෙස අපි සර්පිලාකාර ව අගාධයට ඇදෙමින් සිටිමු. අපි එයට සංවර්ධනය යැයි කියමු. පුවත්පත්වල සඳහන් ආකාරයට ඉහත සඳහන් දැරිය ජීවත් වී ඇත්තේ දැරියක ලෙස නො වේ. ගෙදර ඉවුම් පිහුම් කිරීම තම කුඩා නැගණිය බලා ගැනීම ඇතුුළු කාර්ය බොහෝමයක් ඇය වෙත පැවරී ඇත. ඇයගේ මව මුදල් ඉපයීම සඳහා පිටරට ගොස් ඇත. ඇයට අවශ්‍ය පරිදි මව් සෙනෙහස ලැබී නැති බව පැහැදිලි ය. 

අපට මා ගැන කතා නොකර එකිනෙකා සමග කතාකළ හැකි ද? යම්තම් මං මැදිහත් වෙලා ඒ වැඩේ කෙරුවා. මං නැත්නන් ඒක කවදාවත් කෙරෙන්නෙ නැහැ. මං නේ එයාට රස්සාව අරන් දුන්නෙ, ආදී වැකි අපට බොහෝ විට කතාබහේ දී අසන්නට ලැබෙයි. යුද්දෙ දිනුවෙ අපි ඒ ගැන කරපු ප්‍රචාරය නිසා, අපේ මතවාදී අරගලය නිසා ආදි කතා ද අපට අසන්නට ලැබෙයි. ලකුණු දා ගැනීම, ගෞරවය ලබාගැනීම ආදිය අපට නැතිව ම බැරි දේ බවට පත් වී ඇත. පුහු රාජ්‍ය සම්මාන හා වෙනත් එවැනි ම පුහු සම්මාන ලබාගැනීමට ඊනියා උගතුන් අතර පොරයක් මේ දිනවල පැවැත්වෙන බව අපි දනිමු. පොරවල් වීමට ඇති පොරය සියළු පොර අබිබවා යන්නේ යැයි කිවහැකි ය. එහි දී ජනමාධ්‍යය ද ප්‍රයෝජනයට ගැනෙයි. වෘත්තීය ඊර්ෂ්‍යාව බොහෝ දෙනාට ඇත. අපට එය වඩාත් ම දැකගත හැක්කේ සෞඛ්‍යය ක්‍ෂෙත්‍රයෙහි වුවත්  අනෙක් ක්‍ෂෙත්‍රවල ද එය පැතිරී ඇත. අවාසනාවකට අද දෙමවුපියන් වැයම් කරන්නේ තම දරුවන් පොරවල් කිරීමට මිස යහපත් පුරවැසියන් කිරීමට නො වේ. එය අඩු වැඩි වශයෙන් බටහිර අධ්‍යාපනය මෙරටට හඳුන්වාදුන් සිට ම පැවතී ඇත. නිදහස් අධ්‍යාපනය ඉනිමගේ ඉහළට යෑමට දෙන තල්ලුවක් බවට පත් වී ඇත්තේ හතළිහේ දශකයේ සිටම ය. මේ ඇතැම් අයහපත් ලක්‍ෂණ අප සියළු දෙනාට ම අඩු වැඩි වශයෙන් බලපා ඇත. ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා දරුවන් දෙස අප බොහෝ දෙනා බලන්නේ නිදහස් අධ්‍යාපනයේ සතුරන් දෙස බලන ආකාරයකට ය. නිදහස් අධ්‍යාපනය ලැබූ අයට රැකියා ලබා දීමේ දී ප්‍රමුඛස්ථානය හිමිවිය යුතු ය වැනි ආකල්ප අපට ඇති වී තිබෙන්නේ ද අධ්‍යාපනයේ වරදින් ය. අපි තවමත් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා හැම් බේකන් කන බේබිලා ගැන කතා කරමු. 

මෙරට වැසියන්ගෙන් බහුතරය සිංහල බෞද්ධයෝ වෙති. එහෙත් අවාසනාවකට සිංහල බෞද්ධයනට ඇත්තේ නොසන්සිඳෙන මමත්වයකි. ආත්මයක් නැතැයි කියන සිංහල බෞද්ධයන්ගේ මමත්වය මෙතරම් වැඩි ඇත්තේ ඇයි? අර දැරිය තම නැගණිය මරා දමා ඇත්තේ (අදාළ වාර්තාවලට අනුව) ඉහවහා ගිය මමත්වය හේතුකොටගෙන ය. අප රටේ පවුල් ජීවිතය එන්න එන්න ම පිරිහෙයි. මව්පිය සෙනෙහස, දරු සෙනෙහස, අඹු සැමි සෙනෙහස, සහෝදර සෙනෙහස අද  පවුල්වලින් පළා යමින් ඇත. සෙනෙහස යන වචනය අද පාවිචිචි නෙකෙරෙන තරම් ය. ඒ වෙනුවට කසිකබල් ආදරය යන වචනය ආදේශ වී ඇත. සෙනෙහ කොළය වෙනුවට අද ඇත්තේ එස් එම් එස් ආදරය ය. ආදරය යන්න බටහිරට කෙසේ වෙතත් අපට ආගන්තුක ය. ආදරය ඇත්තේ හෝටල් කාමරවල ය. නිවෙස්වල තිබිය යුත්තේ සෙනෙහස ය, ගෞරවය ය. ඊනියා මානව අයිතිවාසිකම් පවුල  කෙරෙහි අනර්ථකාරීව බලපා ඇත. අද දෙමවුපියෝ වැඩිහිටි දරුවන්ට බියෙන් ජීවත්වෙති යන්න අතිශයෝක්තියක් නො වේ. එය පන්සලට ද බලපා ඇත. ගුරු හාමුදුරුවෝ තරුණ ශිෂ්‍ය හාමුදුරුවන්ට බිය වෙති. 


මේ සියල්ලට වැරදිකරුවා විවෘත ආර්ථිකය යැයි කීමට තරම් අප බොළඳ විය යුතු නො වේ. 1977 දී මෙරටට විවෘත ආර්ථිකයක් හඳුන්වා දෙනු ලැබුයේ එය මිනිසුන්ට අවශ්‍ය වී තිබූ නිසා ය. 1977 වන විට 1970 - 77 යුගයේ ආර්ථිකය මිනිසුන්ට එපා වී තිබිණි. එය ක්‍රියාත්මක වර ආකාරයේ වැරදි තිබෙන්නට ඇත. එහෙත් මිනිසුන්ට එය එපා වූයේ ඒ නිසා ම නො වේ. මිනිසුන්ට තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට තදබල කැමැත්තක් තිබිණි. එය ආහාර සම්බන්ධයෙන් පමණක් නො වී ය. පංචෙන්ද්‍රිය පිනවීමට මිනිසුන්ට තිබූ ඕනෑකම නොවන්නට විවෘත ආර්ථිකය හඳුන්වා දීමට ඉඩක් නො තිබිණි. එහෙත් විවෘත ආර්ථිකයට වඩා අපට බලපෑවේ ඒ සමග හඳුන්වාදෙනු ලැබූ විවෘත සංස්කෘතිය ය. ජනමාධ්‍ය, විශේෂයෙන් ම ඉලෙක්ටෝ‍රනික මාධ්‍ය විවෘත සංස්කෘතිය ප්‍රචලිත කිරීමෙහි ලා රටට අහිතකර ව මැදිහත් විය. අද දරුවෝ පාසලෙන් ලබාගන්නා කසිකබල් තරගකාරී අධ්‍යාපනයට අමතර ව කසිමකසිකබල් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ඉගෙන ගනිති. (මතු සම්බන්ධයි)       


නලින් ද සිල්වා

2014-08-24

Friday, 22 August 2014

On the Tamil problem


The days when it was claimed that there was an ethnic problem in Sri Lanka are over. It appears that India is of the opinion that the problem in Sri Lanka is linguistic and not ethnic. There were others who said that there was a conspiracy (kumanthranaya) by the west and it was the work of Uncle Sam. Though USA is in the forefront of the activities against Sri Lanka it is not that country that initiated the problem in Sri Lanka. The conspiracy theorists, they are not theorists in any sense of the word as used in western knowledge as these people are not capable of creating any new abstract theories on anything, have no explanation of a phenomenon, and just come out with the word conspiracy, without analyzing and offering some appropriate explanation. These people should be called conspiracy dreamers but often they are considered to be the cream of intellectuals in Sri Lanka by vociferous politicians who have no future in politics involving people (people politics) but continue to be in media politics thanks to proliferation of electronic TV channels and FM radio.

It is clear that India under the BJP is attempting to think fresh on the problem in Sri Lanka hitherto known as the ethnic problem. It is the duty of Sri Lankans who can think to help India to understand the problem. In this regard I have made my humble contribution in the form a booklet published  with the title “Prabhakaran Ohuge Seeyala, Baappala ha Massinala” (Prabhakaran, his granduncles, uncles and cousins) . It was translated into English as “An introduction to Tamil racism in Sri Lanka”, but is unfortunately out of print. The Sinhala original was first published in 1995, and it is in the fourth edition at present, though as usual was ignored by the so called intellectuals and the media of the country.

The general opinion among the “intellectuals”, opinion leaders, and most politicians especially of the TNA, and other Tamil racist parties and UNP is that the problem started with the Official Language Act or the Sinhala only Act. The Sri Lankan “intellectuals” and opinion leaders have been made to say so by the English intellectuals who are entrusted with maintaining the hegemony of the Judaic Christian culture and Greek Judaic Christian Chinthanaya, undermining the Sinhala Buddhist culture and the relevant Chinthanaya. The Sri Lankan “intellectuals” who cannot think, and who have been discouraged to think by the western education they receive at schools (the so called Buddhist schools are worse in this respect) and the universities, repeat what the western masters and mistresses have taught them. SWRD Bandaranaike and the SLFP are blamed for the Sinhala only policy together with of course the Bhikkus, and lay people (Upasaka Upasika) who are branded as extremists.

It is not difficult to argue why Sinhala should be the only official language of the country. In fact it is easily justified, especially in view of the facilities granted to the usage of Tamil in official activities, and it has to be emphasized that it is only in Sri Lanka that a postgraduate degree could be obtained in Tamil medium in many subjects. In fact research could be conducted in that language leading up to a Ph. D.  There may be pundits both Sinhala and Tamil who would say that research leading to a Ph. D. or any other postgraduate degree should be conducted only in an “international” language such as English, but we ignore the opinions of those who cannot think and who have been trained to repeat empty utterances including the sentence “Shakespeare never repeats”. No wonder that there is nothing new in the postgraduate theses produced by these “intellectuals”.

It is not my intention to say that if Hindi that is spoken by less than fifty percent of the Indians could be the official language of India (together with of course English until the government decides otherwise) then why not Sinhala, the language of about seventy five percent of the population, and the language understood by about ninety percent of the people of Sri Lanka, be the official language of Sri Lanka. The concept of official language may not had been there in the ancient days but Sinhala had been the language of “raja sabha” and from thousands of inscriptions that can be found all over the island it can be easily concluded that the official announcements by the kings had been made in Sinhala. The late Mr. Gamini Iriyagolla who has been unfortunately forgotten by modern day “patriotic” politicians had evidence to say that the pact between the Arya Chakravartins and the Portuguese in the seventeenth century  was made in Portuguese and Sinhala and not in Tamil, indicating that Arya Chakravartins who paid obedience to the Sinhala kings at Gampola and Kotte considered Sinhala to be the official language.

There was a poor attempt by some Tamil racists to show that Tamil was also an official language of Sri Lanka based on the “trilingual” inscription found in Galle. The reason for this inscription to be in Chinese, Persian and Tamil is obvious. The inscription was meant for foreign traders who came to Sri Lanka, especially on the silk route, and that is why it was written in the above three languages. If the trilingual inscription “proves” anything it is that the Tamil traders were foreign and occupied the same status as the Persian and Chinese traders. Nobody would claim that Persian and Chinese were also official languages of Sri Lanka at that time and Sinhala was not used for communication in the country based on the trilingual inscription.

Anybody who wants to understand the Tamil problem in Sri Lanka has to answer number of questions some of which are mentioned in “Prabhakaran, ohuge Seeyala Baappala ha Massinala”. If the Tamil problem commenced with the Official Language Act in 1956, why did Chelvanayakam establish the Thamil Illnakai Arasu Kachchi (Lanka Tamil State Party) way back in 1948 to campaign for a separate state? Why did Naganathan in the debate on the vote of thanks to the “Throne Speech” in the first sessions of the first Parliament state that the Sinhala people have got their independence, now it is time for the Tamils to win their independence from the Sinhalas or words to that effect? SWRD Bandaranaike was in the UNP then and an SLFP had not been in the dreams of anybody during that period. SLFP was established only in 1951, and adopted the Sinhala only policy only in 1952 prior to the Minneriya elections.

The so called students of the Tamil problem also have to answer why there were communal politics not only in the State Assembly as documented by many “researchers” but also in the Legislative Assembly established in the early nineteenth century. Why did Ponnambalam Ramanathan emphatically state that the Muslims were ethnically Tamil though he could not prove it convincingly? Why did the Muslims on the other hand state that they had come from Arab and settled down in Sri Lanka after getting married to Sinhala women? However, that hypothesis or story did not explain why the Muslims spoke Tamil. If the Muslims are descendants of Arab fathers and Sinhala mothers they should have spoken either Arabic or Sinhala and not Tamil? 


Apart from those questions one has to answer why the English appointed only one Sinhala to the Legislative Assembly with one Tamil and one Burgher member completely disregarding the percentage of Sinhala people in the country, and their history.   A good hypothesis or story should not only be consistent with “facts” which are also very often dependent on the story but answer as many as questions relevant to the problem. The Sinhala only Act story  does not answer any of the above questions but the story that the English did not want to give the proper recognition to the Sinhala Buddhists their culture and their history would answer them and is consistent with the “facts”. It is the English who created the problem, and it is they who maintain the problem using the dispersed Tamils, the western governmental organizations, the Tamil racist parties and of course the UNP their agent in Sri Lanka with assistance from USA.  


Nalin De Silva

22-08-2014

Wednesday, 20 August 2014

Unite against the west


What is the most important function of a government of any country? The governments whether elected according to western democracy or not have to look after the security of the state and maintain the sovereignty of the nation. The other functions of the governments including providing health, education, employment, food, childcare, and maintaining democracy, freedom of expression, individual rights are all secondary. What is the use of democracy if we can elect only stooges of the west as the Presidents, Prime Ministers etc. It is unfortunate that we are all victims of western education that teach us to maintain the security and sovereignty of the western states at any cost to the non western states. The knowledge that is disseminated at schools, universities and other such institutes are created in the west that maintains its hegemony through other means as well. The western education produces in general a set of people who cannot think outside the western box and even indigenous systems of knowledge have come under the hammer of western concepts. In Sri Lanka we are worse than most other Afro Asian countries as free education has closed the eyes of many people to indigenous systems. We would attempt to interpret Bududahama (Buddhism to use the western word) Vedakama (healing systems) and govikama (so called agriculture) to suit the western concepts and very often adopt western systems that do not suit our conditions. For example our western educated pundits have converted Bududahama to a rationalism and an empiricism that has done away with Samsara as taught in Bududahama as well as Hindu Dharma.

The western states were not built in a day and they have been evolving from the fifteenth century onwards. The individual freedom is emphasized in the western books on political science and other social sciences as against collectivism of Catholic Chinthanaya but is never practiced in the western countries. Individual freedom that includes freedom of expression, human rights etc., was brought to the forefront as against the state that dominated during the European Medieval  period based on Catholic Chinthanaya, but it was easily confined to the text books and  journals published by so called learned societies. The individual rights were used as a weapon to fight the Pope and his agents in Western Europe but the so called elected delegates of people did not care two hoots for those rights once they found themselves in the saddle of power. Today in USA it is clear that individual rights are not cared for as evidenced in the Michael Brown case in Ferguson. The black people given the honorary title of African Americans (the whites in USA are not called European Americans, they are always Americans, and the those inhabited USA before the Europeans came to that country are called aboriginals) never have had individual freedom or even collective freedom for that matter, at least to the extent the European Americans have. The American civil war is supposed to have ended in 1865 according to history books but it is clear that the civil war has not ended. Next year marks 150 years of officially ending the civil war but it looks like it will go on for at least another 150 years unofficially on the streets and in the homes of USA.

The Americans in spite of what they preach the others have had no reconciliation between the blacks and whites 150 years after the civil war and there will be no international commissions to look into the deaths of people such as Michael Brown. The blacks continue to maintain their poverty and any statistics would show that unemployment is high among the blacks. The so called multiculturalism is not practiced in USA but paid lip service at workshops and conferences of so called intellectuals, and the culture of the black people, especially if they are not Christians, is not recognized as the Judaic Christian culture. The Judaic Christian culture is the dominant culture of the USA as well as the other western countries. Obama would not have been elected the President if he did not belong to the western Judaic Christian culture. It is wrong to say that Obama was the first black to be elected as the President of USA as if he was a Muslim he would never have been elected to that post. He was elected because he is a Christian who belongs to the Judaic Christian culture. The blacks in USA are discriminated mainly because they have not absorbed the Judaic Christian culture to the extent that the white European Americans want.  The Judaic Christian culture not satisfied with what they have achieved in the western countries want the rest of the world to be dominated by that culture.

The west propagates the view that their states are separated from religion, and are secular. This is one of the most calculated myths, which is being spread by their intellectuals and their imitators in the Afro Asian countries. The western countries are not only Judaic Christian in culture but their states are associated with one or the other denominations of Christianity/Catholicism. However, their intellectuals and the imitators in Afro Asian countries, especially in Sri Lanka where due to free education we have more than our share of western educated pundits who cannot think, would protest (they can only write to the newspapers published in English, the Sinhala educated masses would simply ignore them) when we claim that Sri Lanka is a Buddhist country, India is a Hindu country or Pakistan is a Muslim country. What they want is to state that we are all secular countries, but we know that secular states are nothing but Christian states in practice. It is only in theory that they are secular. In effect these pundits want us to be Christian states.

The pundits who have had their education in Christian schools and Christian universities argue that there are no completely sovereign states in the world. They claim that sovereignty is limited as states have entered into various agreements with other countries. They also claim that the so called Non Governmental Organizations which are in effect western governmental organizations (WGOs) should have the freedom the individuals enjoy. These WGOs are not innocent associations such as Mahila Samithis (Societies of Ladies) that work on a voluntary basis with money collected from the individual members. The WGOs are very often foreign funded and the governments of the respective countries who have to maintain the sovereignty of the nation and look after the security of the country have the right to control activities of the foreign funded WGOs. The WGOs are weapons created in the sixties by the western countries to propagate western ideology and they are used to destabilize the non western countries. All so called volunteer organizations financed by the foreign countries have to be monitored and they are none other than Fridays serving their masters and mistresses in the west. They work essentially to undermine the sovereignty of the non western countries and would do whatever they can do topple governments not to the liking of the western countries, especially USA and England and its colonies Wales, Northern Ireland and Scotland. The Fridays who know only to serve the masters would make statements on the freedom of WGOs to topple the governments that they and the WGOs do not like with assistance from west and establish meekly governments that serve the west. The individual rights as against the state in non western countries are used to undermine the sovereignty of those nations.


Sovereignty cannot be graded and USA or England should not have more sovereignty than the Afro Asian countries. When Cameron comes to Sri Lanka he thinks that he is the governor of the country and we all know how he behaved during the CHOGM. The Fridays might approve what he did during his visit to Sri Lanka but the majority of the people wanted to teach him a good lesson. Could Mahinda Rajapakse go to Scotland and canvas against England? England, a country that could not provide security to Mahinda Rajapakse the present chairman of the CHOGM to go to Commonwealth games would not allow that even in their dreams. It is clear that in spite of various international agreements England has more sovereignty than Sri Lanka. The same is with USA. Can Sri Lanka ask for a truth and reconciliation commission in USA? In Sri Lanka Tamils are not killed by the security forces the way Michael Browns are killed in “peace” time, but USA and England have the power emanating from colonialism to appoint Navi Pillai and other committees to investigate what is supposed to have happened during the last week of the humanitarian operation. This is colonialism and graded sovereignty approved by Fridays who have had western education free or otherwise and it is time that the non western countries united to defeat western colonialism forever.


Nalin De Silva

20-08-2014

අමරතුංග මහතාට අනුව වුව ද බටහිර විද්‍යාව සත්‍ය නො වේ


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගෙන් විදුසර පුවත්පත මගින් මා ඉල්ලා සිටියේ මගේ ලිපිවලින් උපුටා දක්‌වමින් ඒ 

වැරැදි පෙන්වීමට ය. එහෙත් ඒ මහතා සුපුරුදු පරිදි තම අගෝස්‌තු 13 වැනි දින ලිපියෙන් කරන්නේ මා වැරැදි බව කීම පමණ ය. මා 

වැරැදි වන්නේ කිනම් හේතු නිසා දැයි ඒ මහතා නො පවසයි. කෙසේ වෙතත් මා අගෝස්‌තු 13 වැනි දින මගේ ලිපියෙන් ඇසූ ප්‍රශ්නවලට අමරතුංග මහතා මේ සතියේ පිළිතුරු දී ඇතැයි බලාපොරොත්තු වෙමි. ඒ පිළිතුරු ලැබුණු පසු ඇත්ත බොරුව පිළිබඳ සාකච්ඡා කිරීමට අපට හැකි වනු ඇත. අප සාකච්ඡා කරමින් සිටියේ ගුරුත්වාකර්ෂණය හා සාපේක්‍ෂතාවාදය පිළිබඳව ය. එය ඒ මහතා ගේ හතරවැනි ඊනියා අභියෝගය සම්බන්ධයෙනි. එයට අදාළ ව අමරතුංග මහතා තම අගෝස්‌තු 13 වැනි දා ලිපියෙහි විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ය යන්නට තමන් කරන ඊනියා පළමුවැනි අභියෝගය පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති කරුණුවලින් කිහිපයක්‌ හා ඒ මහතා ගේ පෙබරවාරි 26 වැනි දා ලිපියෙහි සඳහන් කොටසක්‌ උපුටා දක්‌වමින් ඒ මහතාට අනුව ද බටහිර විද්‍යාව සත්‍යයක්‌ නො වන බව පෙන්වා දිය හැකි ය. මේ උපුටා දැක්‌වීම් දීර්ඝ වශයෙන් කරන්නේ අමරතුංග මහතාට පැහැදිලි ව නිරවුල් ව සිතීමට (ඔහු සිතන්නේ නම්) ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ඔහු යමක්‌ අවබෝධ කරගැනීම දුෂ්කර බවත් පෙන්වීම සඳහා ය. අප රටේ සිටින මහාචාර්යවරුන් ගේ තත්ත්වය මෙබඳු බව අවුරුදු පනහකට වැඩි කලක්‌ ඔවුන් ආශ්‍රය කර ඇති මම දනිමි. 

අමරතුංග මහතා තම පෙබරවාරි 26 දින ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "මුල් බුදුදහමේ දෘෂ්ටිකෝණයෙන් බලන කල හඳට යැම පිළිබඳව කිව හැක්‌කේ බුදුන් දේශනා කොට ඇති පරිදි සම්මුති සත්‍යයක්‌ වන ආම්ස්‌ට්‌රෝන්ග් නමැත්තා ගේ අනිත්‍ය වූ පංචස්‌කන්ධය නිමක්‌ නැති ආකාශය තරමක්‌ දුරට තරණය කොට සම්මුති සත්‍යයක්‌ වන හඳ නමැති අනිත්‍ය වූ වස්‌තුව මත පා තබා ආපසු පැමිණියේ ය යන්න ය." මෙහි අමරතුංග මහතා යොදාගන්නා වැදගත් වචන දෙකක්‌ ඇත. ඒ සම්මුති සත්‍යය යන්න ය. මා දන්නා තරමින් බුදුන් වහන්සේ සම්මුති සත්‍යය යන්න යොදා ගෙන නැත. එය සංවෘති සත්‍යය ලෙස මහායානිකයන් යොදාගෙන පසුව ථෙරවාදීන් සම්මුති සත්‍යය ලෙස යොදා ගන්නකි. ඒ කෙසේ වෙතත් සම්මුති සත්‍යය යනු සත්‍යය (නිරපේක්‍ෂ වාස්‌තවික) නො වන බව අමරතුංග මහතා පිළිගන්නේ යෑයි සිතමි. එහෙත් එයට පළමුව ඒ මහතා මගේ ප්‍රශ්නවලට දෙන පිළිතුරු විමසා බැලිය යුතු ය. අමරතුංග මහතා මහායානිකයන් ගෙන් ලබාගත් සම්මුති සත්‍යය වැනි සංකල්ප යොදාගැනීම බුදුදහම විකෘති කිරීමක්‌ දැයි අමරතුංග මහතා ම සඳහන් කරන්නේ නම් මැනවි. 

අමරතුංග මහතා අගෝස්‌තු 13 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "උදාහරණයක්‌ ලෙස විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔහු පුන පුනා පවසා ඇත. එය ඔප්පු කර පෙන්වන්නට පුළුවන් බවට ද පුරසාරම් දොඩවා ඇත. එහෙත් කිසි දාක ඔහු එය සිදු කොට නැත. එසේ නම් විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පැවසීම බහුභූතයක්‌ නො වන්නේ ද? අවසානයේ ඔහු විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන්නේ බුදුදහමේ එන ද්වියතානුපස්‌සනා සූත්‍රය විකෘති කොට දක්‌වමිනි. තව ද කච්චායනගොත්ත සූත්‍රය සහ පටිච්චසමුප්පාදය නො සලකා හරිමිනි. 

නලින් මහතා ඊට පෙර පැවසුවේ බටහිර විද්‍යාවේ සංකල්ප වියුක්‌ත නිසා එනම් ඒවා ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා බටහිර විද්‍යාව බොරු බව ය. උදාහරණ ලෙස ඔහු ඉදිරිපත් කළේ මූලික ව ගුරුත්වාකර්ෂණය විය. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වුණාට එවැනි බලයක්‌ පවතින බවට සාක්‌ෂි ඕනෑ තරම් ඇති බව මා පෙන්වා දුන් විට නලින් මහතා ගේ පිළිතුර වූයේ බුදුදහමේ ද්වියතානුපස්‌සනා සූත්‍රයට අනුව සැම නාමරූපයක්‌ ම මුසාවකි. එම නිසා විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි ද මුසාවකි. එම නිසා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවකි. නලින් මහතාට අප අනුකම්පා කළ යුතු ය. එහෙත් ඔහු ගෙන් සිදු විය හැකි විනාශය නිසා ඔහු කරන බොරුව ලොවට පෙන්වා දිය යුතු ය. නලින් මහතා මේ කරුණු පිළිබඳව විදුසර සඟරාවේ කළ ප්‍රකාශ පහත සඳහන් ලෙස අදාළ වාක්‍ය පමණක්‌ උපුටා දක්‌වමි. නලින් මහතා කරනවා මෙන් ඔහු ගේ ලිපියෙන් 3/4ක්‌ උපුටා දැක්‌වීමට මට අවශ්‍යතාවක්‌ නැත. 

අභියෝගය 1- විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කර පෙන්වන්න.

නලින් මහතා ද්වියතානුපස්‌සනා සූත්‍රයේ සැම නාමරූපයක්‌ ම රහතුන් වහන්සේ දකින්නේ මුසාවක්‌ ලෙස ය යන්න පවසන ගාථාව සඳහන් කොට ඊට පසු මෙසේ කියයි. බුදුන්වහන්සේට අනුව පෘථග්ජනයන් ගේ සියලු නාම රූප මුසා ය. සියලු යන්නට ඉන්ද්‍රිය ගෝචර මෙන්ම ඉන්ද්‍රිය ගෝචර නො වන්න ද ඇතුළත් ය. මා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර සංකල්ප බොරු බවත් ඉන්ද්‍රිය ගෝචර නො වන බටහිර විද්‍යා සංකල්ප හා ප්‍රවාද පට්‌ටපල් බොරු බවත් ය. 
(විදුසර 14.05.2014)

ද්වියතානුපස්‌සනා සූත්‍රයට අනුව සැම නාමරූප මුසාවක්‌ වන්නේ රහතුන් වහන්සේ දකින අන්දමට ය. අප ද රහත් වූවා නම් සැම නාම රූප මුසාවක්‌ කියා ඉවත දැමිය හැකි ය. පෘථග්ජන අප ගේ ජීවිත සුවදායක සැපදායක කළ හැක්‌කේ කරන්නේ සත්‍ය ගවේෂණයක්‌ විය යුතු විද්‍යාව විසිනි. අපට නාමරූප මුසාවක්‌ කියා ඉවත දැමිය හැක්‌කේ රහත් වූවාට පසුව ය. රහත් වූවාට පසු කාම සම්පත්වල ඇති මුසාව දැකිය හැකි ය. ඇත්තෙන් ම කාම සම්පත්වල ඇති මුසාව නො දැක රහත් බවට පත් විය නො හැකි ය. රහත් වූවාට පසු විද්‍යාව අවශ්‍ය වන්නේ නැත. රහත් බවට පත් තැනැත්තා සත්‍ය ගවේෂණයෙන් පරතෙරට ගොස්‌ ඇති නිසා ය. එතෙක්‌ පාථග්ජන අප විද්‍යාව භාවිත කළ යුතු ය. රහතුන් දකින මුසාව අපට දැකිය නොහැකි ය. අප ජීවත් වන තෙක්‌ විද්‍යාව අවශ්‍ය ය. නිරෝගී ව සිටීමට අපට විද්‍යාව අවශ්‍ය ය. නලින් මහතාට පවා විද්‍යාව අවශ්‍ය ය. බටහිර විද්‍යාව කියා දෙයක්‌ නැත. කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව ය. අප සත්‍ය ගවේෂණයේ යෙදී ඉන්නේ මිනිසා බිහි වූ දා පටන් ය. විද්‍යාව සත්‍ය ගවේෂණය නම් එය මුසාවක්‌ විය නො හැකිය. නිවන් මඟට දෙවැනි වූ විද්‍යාව අපට අත්හැරිය නොහැකි වන්නේ මේ නිසා ය. විද්‍යාව මුසාවක්‌ හෝ පට්‌ටපල් බොරුවක්‌ හෝ නො වන්නේ මේ නිසා ය. නිවන් මඟ නොයන්නේ නම් අපට ඇත්තේ විද්‍යා මඟ පමණි. බිහි වූ දා පටන් අප පැමිණියේ ඒ මඟ ය. 

අපට ඉන්ද්‍රිය පද්ධතියක්‌ ඇත. එය නැති ව අපට ජීවත් විය නොහැකි ය. ඉන් ලබාගන්නා දැනුම ගැන යම්කිසි විශ්වාසයක්‌ තබාගත යුතු ය. අපට දැනුම ලබාගැනීමට වෙන ක්‍රමයක්‌ නැත. වෙන ක්‍රම ගැන නලින් මහතා බහුභූත දොඩවා ඇතත් එවැනි ක්‍රම ඇති බවට සාක්‌ෂි නැත. ඇතොත් පෙන්වා දෙන මෙන් කළ අභියෝගයට පිළිතුරු නැත. ඉන්ද්‍රිය පද්ධතිය ගැන විශ්වාසයක්‌ නැති ව අපට ජීවත් විය නොහැකි ය. ඉන්ද්‍රිය ගෝචර නාමරූප මුසාවක්‌ නම් අපට ජීවත් විය නොහැකි ය. අපි බිහි වූ දා පටන් මුහුණ දෙන්නට වූ නොයෙකුත් ස්‌වාභාවික මෙන්ම වෙනත් ප්‍රශ්න නිරාකරණය කර ගත්තේ ඉන්ද්‍රිය පද්ධතියේ පිහිටෙනි. ඉන්ද්‍රිය පද්ධතිය ගැන විශ්වාසයක්‌ නැතිනම් අප ජීවිතයෙන් සමු ගත යුතු ය. නැතිනම් නිවන් මඟට අවතීර්ණ විය යුතු ය. බුදුන් නිවන් මඟ තෝරාගත්තේ දුකට හේතුව වන ලෝභ, මෝහ, ද්වේෂ යන කෙළෙස්‌ නැති කරගැනීමට ය. උන්වහන්සේ දැනුම ලබාගත්තේ අනුභූතිය (ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම්) මඟින් බව පවසා ඇත. (සංග්‍රාව සූත්‍රය). අනුභූතිය සහ ඉන්ද්‍රිය පද්ධතිය අපට ඉවත දැමිය නොහැකි ය. නිවන් ම`ග සොයාගැනීමට බුදුන් නොයෙකුත් පර්යේෂණ කළේ අනුභූතිය සහ ඉන්ද්‍රිය පද්ධතිය භාවිත කරමිනි."

දීර්ඝ වශයෙන් උපුටා දැක්‌වීම අවශ්‍ය වන්නේ මා කලින් සඳහන් කර ඇති පරිදි අමරතුංග මහතාගේ අනවබෝධය හා අසත්‍ය ප්‍රකාශන පැහැදිලි කිරීම සඳහා ය. මා ද්වියතානුපස්‌සනා සූත්‍රය විකෘති කර ඇත්තේ කෙසේ ද? අමරතුංග මහතා හුදු ප්‍රකාශන නිකුත් නො කර කළ යුත්තේ එම සූත්‍රය උපුටා දක්‌වා මගේ ලිපිවලින් ද කරුණු උපුටා දක්‌වමින් එසේ විකෘති කර ඇති තැන් පෙන්වා දීම ය. එසේ නොමැති ව හුදු ප්‍රකාශන නිකුත් කිරීමෙන් මා අදාළ සූත්‍රය විකෘති කර ඇති බව පෙන්වා දිය නො හැකි ය. අනෙක්‌ අතට කච්චායනගොත්ත සූත්‍රය හා පටිච්චසමුප්පාදය මා නො සලකා ඇත්තේ යෑයි කියන්නේ කෙසේ ද? කච්චායනගොත්ත සූත්‍රය අනුව සියල්ල පවතී යනුවෙන් ගැනීම ද එක්‌ අන්තයකි. අමරතුංග මහතා හඳ, පොළොව, මනස ආදිය පවතී යනුවෙන් ගැනීම එක්‌ අන්තයක්‌ නො වන්නේ ද? අමරතුංග මහතා ගෙන් පසුගිය සතියේ මා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඒ මහතා කියන්නේ කුමක්‌ දැයි දැනගැනීමට බලා සිටිමි. 

බටහිර විද්‍යාවේ සංකල්ප වියුක්‌ත නිසා, එනම් ඒවා ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා බටහිර විද්‍යාව බොරු යෑයි මා කියා ඇත්තේ කොතැනක ද? මා කිසිවක්‌ සන්දර්භයකින් තොර ව නිරපේක්‌ෂව සඳහන් කර නැත. කරුණාකර එසේ කියා ඇති තැනක්‌ නිවැරැදි ව දිනය සඳහන් කරමින් උපුටා දක්‌වන්න. අමරතුංග මහතාට කෙසේ වෙතත් බොහෝ දෙනාට මා කියන දෙය ඉතා පැහැදිලි විය යුතු ය. මා කියන්නේ සියලු සංකල්ප මුසා බව ය. ඉන්ද්‍රිය ගෝචර (පංචෙන්ද්‍රිය ගෝචර හා මනසට පමණක්‌ ගෝචර) සංකල්ප ද මුසා ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් සම්මුති සත්‍යය යන්න යොදාගත හැකි ය. එහෙත් යමක්‌ සමුම්ති සත්‍යය යන්නෙන් එය සත්‍ය වන බවක්‌ ගම්‍ය නො වේ. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර, (එනම් පංචෙන්ද්‍රිය ගෝචර- බටහිර විද්‍යාවෙහි මනසට පමණක්‌ ගෝචර දේ නො සැලකෙයි. එහි ඒ සංසිද්ධි නො වේ.) සංසිද්ධි තේරුම් කර දීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නො වන කතන්දර (ඒවාට ඊනියා ප්‍රවාද යෑයි කියෑවෙන්නේ වැදගත්කමක්‌ ලබා දීමට ය) ගෙතීම ය. මේ කතන්දර පට්‌ටපල් බොරු වෙයි. අප මතක තබාගත යුත්තක්‌ නම් ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප ද අපේ කතන්දර පමණක්‌ බව ය. ඒවා ද මුසා ය. ඒ සියල්ල මනසෙහි නිර්මාණ පමණ ය. ඒවා මුසා වන්නේ, ඊනියා සම්මුති සත්‍ය වන්නේ, ඒ අර්ථයෙනි. 

අමරතුංග මහතා කිසි විටෙකත් "ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වුණාට එවැනි බලයක්‌ පවතින බවට සාක්‌ෂි ඕනෑ තරම් ඇති බව" පෙන්වා දී නැත. ඔහු කර ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලයක්‌ ඇතැයි විශ්වාස කරමින්, (උපකල්පනය කරමින්) ඉන් ලැබෙන නිගමන කිහිපයක්‌ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග එක`ග වන බව කීම ය. එහෙත් ඔහු ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරමින් ගිළුහුණු පොල්ගෙඩි පොළොවට වැටීම තේරුම්ගත හැකි යෑයි කීවත් බුධ ග්‍රහවස්‌තුව ද ඇතුළත් ව කිසි ම ග්‍රහ වස්‌තුවක්‌ හිරු වටා අචල ඉලිප්සවල චලනය නො වන්නේ ඇයි ද යන්න සාකච්ඡා නො කරයි. ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කළ හොත් ඉන් ලබාගත හැකි නිගමනය නම් සියලු ග්‍රහවස්‌තු හිරු වටා අචල ඉලිප්සවල චලනය විය යුතු බව ය. එහෙත් කිසි ම ග්‍රහ වස්‌තුවක්‌ හිරු වටා එසේ අචල ඉලිප්සයක චලනය නො වෙයි. අමරතුංග මහතා ඒ ගැන කියන්නේ කුමක්‌ ද?

ඒ සම්බන්ධයෙන් අප්‍රියෙල් 17 වැනි දා ලිපියෙන් මා කියා ඇත්තේ මෙයයි. " බටහිර විද්‍යාවට තම ප්‍රවාද සත්‍ය බව පෙන්වා දිය නොහැක්‌කේ ඒවා වියුක්‌ත බැවිනි. බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ ප්‍රවාද සත්‍ය බව පෙන්වා දීම නො වේ. ඒ වෙනුවට එහි කෙරෙන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය (Logic) යොදාගනිමින් යම් නිගමනවලට (අපෝහනවලට - Deductions) පැමිණ ඒ අපෝහන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කිරීම ය. එලෙස සංසන්දනය කිරිමෙන් පසු යම් එක`ගතාවක්‌ වේ නම් එවිට අදාළ ප්‍රවාදය සත්‍ය ලෙස පිළිගැනෙයි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන කරුණු දෙකක්‌ වෙයි. පළමුව බටහිර විද්‍යාවේ ප්‍රවාද කිසි දිනෙක සෘජු ව සත්‍ය බව පෙන්වා නො දෙන බව ය. එසේ පෙන්වා දෙන්නේ කෙසේ ද? බටහිර විද්‍යා ප්‍රවාද සම්මුති ආකාරයකින් වුවත් බටහිර අර්ථයකින් සත්‍ය බව පෙන්වීමට නම් ඒවා පංචෙන්ද්‍රියන්ට ගෝචර විය යුතු ය. එහෙත් වියුක්‌ත වූ බටහිර විද්‍යා ප්‍රවාද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. දෙවනුව බටහිර විද්‍යාවේ වක්‍රව පෙන්වා දෙන්නේ වියුක්‌ත ප්‍රවාදයකින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගැනීමෙන් ලබාගන්නා නිගමන යම් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග යම් එක`ගතාවකට පැමිණෙන බව ය. එහෙත් කිසිදු අවස්‌ථාවක එහි සියයට සියයක්‌ එක`ග වීමක්‌ නැත. නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය යොදාගනිමින් ග්‍රහ වස්‌තු සූර්යයා වටා අචල ඉලිප්සවල ගමන් කරන බව පෙන්විය හැකි ය. එහෙත් ග්‍රහ වස්‌තු එසේ අචල ඉලිප්සවල ගමන් කරන්නේ ඉතා සන්නිකර්ෂණව ය. එය සන්නිකර්ෂණයක්‌ පමණකි. 

අනෙක්‌ අතට එය සියයට සියයක්‌ ම එකඟ වී යෑයි සිතමු. එවිට වුව ද බටහිර විද්‍යා ප්‍රවාදය සත්‍ය යෑයි කිව නො හැකි ය. මම මෙය වියුක්‌ත ව පවසමි. ඒ අමරතුංග මහතා තේරුම් නො ගන්නා බව හොඳින් ම දැනගෙන ය. p යනු වියුක්‌ත ප්‍රවාදයක්‌ යෑයි සිතමු. ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් p->q යෑයි පෙන්විය හැකි බව ද q සත්‍ය යෑයි ද සිතමු. එහෙත් එයින් p සත්‍ය යෑයි ගම්‍ය නො වේ. p->q යන්නෙන් p සත්‍යයක්‌ නම් q සත්‍ය යෑයි කිව හැකි ය. එහෙත් q සත්‍ය නම් ච සත්‍ය යෑයි නිගමනය කළ නො හැකි ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් විද්‍යා පීඨයේ භෞතික විද්‍යා සිසුවකු ගෙන් මෙය පැහැදිලි කරගත හැකි ය. අමරතුංග මහතා ගේ ඊනියා අභියෝගවලට මා පිළිතුරු දී ඇත. එහෙත් ඔහුට ඒ ගැන කිසි ම වැටහීමක්‌ නැත. එබැවින් ඔහු ඒ නො සලකා මා පිළිතුරු දී නොමැති බව කියමින් තමාට ඇතැයි සිතෙන කරුණු පුනරුච්චාරණය කරයි. 

ද්වයතානුපස්‌සනා සූත්‍රයට අනුව සැම නාමරූපයක්‌ ම මුසා වන්නේ රහතන් වහන්සේට බව අමරතුංග මහතා කියයි. අප රහත් වූ පසු අපට ද ඒ මුසාවක්‌ වනු ඇතැයි ද ඒ මහතා කියයි. එයින් කියෑවෙන්නේ රහත් නො වූ පෘථග්ජනයන් මුසාවක පැටළී ඇති බව නො වේ ද? රහතන් වහන්සේ සත්‍ය ගවේෂණය බටහිර විද්‍යාඥයන් ගේ ඊනියා සත්‍ය ගවේෂණය නො වේ. බුදුන් වහන්සේ ගේ පර්යේෂණ ආර්ය පර්යේෂණ විය. ඒ බටහිර විද්‍යාඥයන් ගේ ඊනියා පර්යේෂණ නො වේ. බටහිර විද්‍යාඥයන් ගේ ම`ග එකකි. බුදුන් වහන්සේ ගේ ම`ග ඉන් මුළුමනින් ම වෙනස්‌ විය. බටහිර විද්‍යාඥයන් ගේ ම`ග ගොස්‌ නිවන් අවබෝධ කරගත නො හැකි ය. අමරතුංග මහතා ඊනියා සත්‍ය ගවේෂණය යන වචනය රිංගවා බුදුන් වහන්සේ ගේ ගවේෂණය බටහිර විද්‍යාඥයන් ගේ ගවේෂණය සමග සංසන්දනය කිරීමට සූදානම් වෙයි. බුදුන් වහන්සේ පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත සංකල්ප, කතන්දර නො ගෙතූ හ. අප ජීවත් වන්නේ මේ සසර සැරිසරන්නේ අප මුසාවෙහි පැටළී ඇති බැවිනි. ඒ මෝහය හේතුවෙනි. අපේ සියලු සංකල්ප මෝහය නිසා ඇති වෙයි. බටහිර විද්‍යාව ද මෝහයෙහි ප්‍රතිඵලයකි. අපට ජීවත් වීමට බටහිර විද්‍යාව අවශ්‍ය වනවා නො ව බටහිර විද්‍යාව ද ඇතුළු මුසා නිසා අපි සංසාරයේ සැරිසරමු. 

විද්‍යාව, එනම් බටහිර විද්‍යාව සත්‍ය ගවේෂණයෙහි යෙදී ඇතැයි අමරතුංග මහතා කියන්නේ කෙසේ ද? එය ඔහු ගේ උපකල්පනයක්‌ පමණකි. විද්‍යාව සත්‍ය ගවේෂණය නම් එය මුසාවක්‌ විය නොහැකි යෑයි අමරතුංග මහතා කියයි. මෙහි නම් යන පදය යොදා ඇත්තේ බටහිර විද්‍යාව සත්‍ය ගවේෂණයක්‌ ය යන්න පිළිබඳ ව අමරතුංග මහතාටත් සැකයක්‌ ඇති බැවින් ද? නැත හොත් සුපුරුදු පරිදි වචන භාවිතයෙහි ඔහු ගේ නොසැලකිලිමත් බව එයින් පිළිබිඹු වන්නේ ද? ඔහු ගේ අවුල් ව්‍යවහාරය නිරවුල් කරගත් විට ඔහු කියන්නේ බටහිර විද්‍යාව සත්‍ය ගවේෂණයකි. එබැවින් එය මුසාවක්‌ විය නො හැකි ය. ඔහුට තර්කයක්‌ නැත. ඔහු යමක්‌ උපකල්පනය කර එය ම නිගමනය කරයි. බටහිර විද්‍යාව සත්‍ය ය එබැවින් එය මුසාවක්‌ නො වේ. මහාචාර්යවරුන් ගේ තර්ක මෙබඳු ය. ඔහු කළ යුතු ව තිබුණේ බටහිර විද්‍යාව සත්‍ය බව, සත්‍ය ගවේෂණයක්‌ බව පෙන්වීම ය. බටහිර විද්‍යාව නිවන් ම`ගට දෙවැනි යෑයි කියන විද්‍යාව එනම් බටහිර විද්‍යාව අපට අත්හැරිය නොහැක්‌කේ එහි ඇති සත්‍ය ගවේෂණයක්‌ නිසා නො ව එහි ආධිපත්‍යය නිසා ය. බටහිර විද්‍යාවෙන් නිවන් අවබෝධයට ලැබෙන රුකුළක්‌ නැත. එහි දෙවියන් වහන්සේ නැති වුවත් එහි ඇත්තේ යුදෙවු ක්‍රිස්‌තියානි සංකල්ප ය. එය එක්‌ තැනකින් පටන්ගෙන ක්‍රමයෙන් විකාශ වීමක්‌ ගැන කියයි. දෙවියන් වහන්සේ නැතත් එය ඒක රේ‚ය චින්තනය මත පදනම් වෙමින් ඊනියා මහා පිපිරුමකින් පටන්ගැනීමක්‌ ගැන කියයි. මෙය ද තවත් පට්‌ටපල් බොරුවක්‌ පමණකි. එය අග්ගඤ්ඤ සූත්‍රය සමග කෙසේ වත් එකඟ නො වෙයි. අමරතුංග මහතා පිළිගන්නේ අග්ගඤ්ඤ සූත්‍රය ද නැත්නම් මහා පිපිරුම හා ඩාවින් ගේ පරිණාමවාදය ද?

අපට ඉන්ද්‍රිය පද්ධතියක්‌ ඇත. එය ද සම්මුතියක්‌ පමණකි. අප ඒ ගැන විශ්වාසය තැබිය යුතු නො වේ. අපට නිත්‍ය යෑයි පෙනෙන කිසිවක්‌ නිත්‍ය නො වේ. අපට වස්‌තු ලෙස පෙනෙන කිසිවක්‌ වස්‌තු ලෙස නො පවතියි. එනම් ආත්මීය ලෙස පෙනෙන්න (අපේ පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර වන) ආත්මීය නො වේ. බටහිර විද්‍යාවේ පදනම වන්නේ ආත්මීය වස්‌තු ලෝකයේ පවතින බව ය. එය යුදෙවු ක්‍රිස්‌තියානි සංකල්පයකි. බටහිර විද්‍යාවේ අහවල් අහවල් දේ සොයාගත්තේ ය යන්නෙන් කියෑවෙන්නේ ඒ අහවල් දේ නිරීක්‍ෂකයා නැති වත් ඊනියා වාස්‌තවික වශයෙන් පවතින බවත් බටහිර විද්‍යාඥයන් කරන්නේ ඒ පවතින දේ සොයාගැනීම බවත් ය. දැනුම ලබාගැනීමට බටහිර විද්‍යාවේ ම`ගහැරෙන්නට වෙනත් මං තිබේ දැයි අමරතුංග මහතා අසයි. දැනුම ලබාගැනීමට කියන විට ම ආත්මීය ව පවතින වස්‌තුවල දැනුම ලබාගැනීමක්‌ ගැන කියෑවෙයි. ඒ කෙසේ වෙතත් දැනුම නිර්මාණය කිරීමට වෙනත් මං ඇත. ඒ මං නිවන් අවබෝධයට, එනම් දැනුම නොදැනුම බවට පත් කිරීමට රුකුළකි. පැරැණි සිංහල විද්‍යාව එවැන්නකි. අග්ගඤ්ඤ සූත්‍රයෙහි දැනුම වෙනත් ආකාරයකින් නිර්මාණය කරගත් දැනුමකි. බුදුන් වහන්සේ ආනුභාවිකවාදියෙක්‌ (empiricist) නො වූ හ. උන්වහන්සේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුමට කොටු නො වූ හ. උන්වහන්සේ ආනුභාවික වූ බවට උදාහරණ සූත්‍ර පිටකයෙන් උපුටා දක්‌වන්න. සංග්‍රරාව සූත්‍රයක්‌ ඇත්තේ සූත්‍ර නිකායේ කිනම් පිටකයේ ද? සූත්‍රයකට නමක්‌ පමණක්‌ නොකියා ඉන් උපුටා දක්‌වන්න.

නලින් ද සිල්වා

2014-08-20

Sunday, 17 August 2014

මෙරට ආදීවාසීහු සිංහලයෝ ය


දශක දෙකකට අධික කාලයක් තිස්සේ අප කියා ඇති කරුණක් නම් මෙරට ප්‍රධාන ම ප්‍රශ්නය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නොදීම බව ය. එය ආර්ථිකයෙහි ද දේශපාලනයෙහි ද දැකගත හැකි ය. අද සිංහල බෞද්ධ නොවන, බොහෝ විට සිංහල බෞද්ධ විරෝධී සංවිධානවලට රටේ නීතිය කැඩීමේ දී ප්‍රශ්න මතු නො වේ. ඒ සංවිධාන ඊනියා මානව අයිතිවාසිකම් මුවාවෙන් බටහිරයන්ගේ ආධාරයෙන් රැකෙයි. එහි දී බටහිර රාජ්‍ය සංවිධානවල ද සහාය ඔවුන්ට ලැබෙයි. එහෙත් ඒ සියල්ල පිටුපස ඇත්තේ එංගලන්තය හා ඇමරිකාව ප්‍රධාන බටහිර ක්‍රිස්තියානි රටවල් ය, යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ය. මෙරට දී සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ආධාරය මුස්ලිම් සංස්කෘතියට ද ලැබෙයි. එපමණක් නොව කාලයක් තිස්සේ වැදි ජනතාව ද සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව යොදා ගැනෙති. වැදි ජනතාව මෙරට ආදිවාසීන් ය යනුවෙන් මතයක් රටෙහි ඇතිකර තිබෙනවා පමණක් නොව වැදි ජනතාව ලෝකයේ පැවැත්වෙන විවිධ ආදිවාසී සම්මන්ත්‍රණවලට රැගෙන යන්නෝ ද වෙති. ඒ මදිවාට අද වැදි ජනතාවගේ ජාතික හැඳුනුම් පතෙහි ආදිවාසි යනුවෙන් සඳහන් කිරීමට ද ඉල්ලීමක් වෙයි.         

බටහිරයන්ගේ ආදිවාසි ව්‍යාපෘතියට එක් අතකින් සිංහලයන් ද වගකිව යුතු ය. සිංහලයන්ගේ ඉතිහාසය විජය කුමරුට සීමා කිරීම නිසා අදත් බොහෝ සිංහලයන්ට තමන්ට ඉන් ඔබ්බට යන ඉතිහාසයක් ඇති බව නො වැටහෙයි. විජය පැමිණීමට පෙර මෙරට තිබූ සංස්කෘතිය මහාවංශය විසින් වුවමනාවෙන් ම අමතක කෙරී ඇත. පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් විසින් උපුටා පළකෙරී ඇති වරිග පූර්ණිකාවේ කොටස් අනුවත් මෑතක දී කුරගල හා වෙනත් ප්‍රදේශවල කරන ලද කැණීම් අනුවත් පැහැදිලිවන කරුණ නම් විජය යනු මුහුදු කොල්ලකරුවකු බවත් ඔහු පැමිණෙන විටත් මෙරට බුදුදහම හා බෞද්ධ සංස්කෘතියක් තිබූ බවත් ය. වරිග පූර්ණිකාවට අනුව කුවේණි නමින් හැඳින්වෙන පාලිකාවගේ මව රත්නවලී නමින් ද ප්‍රසිද්ධියට පත් වී ඇති රහත් මෙහෙණින් වහන්සේ නමකි. ඒ මෙහෙණින් වහන්සේගේ ආවාසය තිබූ තැන අද රුවන්වැලි සෑය දක්නට ඇත. වරිග පූර්ණිකාවට අනුව මහාවංශයෙහි කුවේණි නමින් හැඳින්වෙන පාලිකාව විජය හා පිරිසට සමාව දී ඇත. එහෙත් ඇය ඔහු හා විවාහ වූ බවක් සඳහන් නො වේ. (යාපනයට පැමිණි ආර්ය චක්‍රවර්තීන් ද මුහුදු කොල්ලකරුවන් බව අමතක නොකළ යුතු ය.)  මහාවංශය අනුව පමණක් නිගමනයකට පැමිණියත් වැදි ජනතාව බිහි වී ඇත්තේ විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙනි. මහාවංශය අනුව විජයට පෙර මෙරට මිනිස් වාසස්ථාන තිබී නැත. වැදි ජනතාව හා සිංහලයන් බිහි වී ඇත්තේ එක ම කාල පරිච්ඡෙදයක ය. එසේ නම් මහාවංශය අනුව වුව ද  වැදි ජනතාව මෙරට ආදිවාසීන් යැයි කිසිසේත් කිවහැකි නො වේ. 

කෙසේ වුවත් මෙරට ඉතිහාසයෙන් යගු කෞරාණ (යක්‍ෂ ගෝත්‍රිකයන් - ඉංගිරිසි ට්‍රයිබ් නොවන බව අනුකාරක නිවට පුස්සන්ගේ දැනගැනීම සඳහා අවධාරණය කළ යුතු ය) හා නාග ආදී වෙනත් ජනයා (හෙළයන්) අකාමකා දැමීමටත් සිංහල ඉතිහාසය විජයගෙන් ඇරඹි බවටත් සිංහලයන් බෞද්ධ වූයේ මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කිරීමෙන් පසුව බවටත් කතාවක් ගොතා ඇති බව පැහැදිලි ය. ඒ කතාව ගෙතීම තුන්වැනි සියවසේ පමණ අරඹන ලද බවත් හතරවැනි සියවසේ දීපවංශය ලියන විට යම් ප්‍රමාණයකට තහවුරු වී ඇති බවත් පස්වැනි සියවසේ මහාවංශය ලියන විට මුළුමනින් ම තහවුරු වී ඇති බවත් සිතාගත හැකි ය. මහාවංශය අවසන් වන්නේ බු ව 847 දී හෙවත් ක්‍රි ව 304 දී මහසෙන් රජු මිය යැමත් සමග ය. මහසෙන් රජුට යගු කෞරාණ සම්භවයක් තිබී ඇති අතර එතුමා මහාවිහාරයට එරෙහි ව යම් අරගලයක ද යෙදී ඇත. එහෙත් දඹදිවෙන් පැමිණි පිරිස් අවසානයේ දී ඔහු පරදවා ජයගෙන ඇත. ඒ සමග මෙරට ඉතිහාසය වෙනස් කෙරී ඇත. මහාවංශය පසු කලෙක ලියැවුණ ද එය මහසෙන් රජු “දමනය” කිරීමෙන් හා ඔහුගේ ඇවෑමෙන් අවසන් කිරීමෙන් පැහැදිලි වනුයේ ඉන්පසු තාවකාලික ව සීගිරි කාශ්‍යප වැනි යගු කෞරාණ සම්භවයක් ඇති රජවරුන් රජවුව ද දඹදිවෙන් පැමිණි අයට මෙරට යගු කෞරාණ ඉතිහාසය ඉතිහාසයෙන් අතුගා දැමීමට හැකි වී තිබෙන බව ය. එහි දී මහින්දාගමනයට පෙර තිබූ බෞද්ධ සංස්කෘතිය ගැන සඳහන් කිරීම ද යටපත් කෙරී ඇත. 

එහෙත් යගු කෞරාණ සංස්කෘතිය සිංහලයන් අතර නොනැසී පවතින බව අපට දැකගත හැකි ය. යගු කෞරාණයන් ඉතා සහනශීලී මනුෂ්‍යයන් බව ද බුදුන් වහන්සේ අනුව යමින් අන්‍ය මතවලට ගරුකළ බව ද පැහැදිලි ය. පණ්ඩුකාභය රජු විවිධ විශ්වාස දැරූ අයට අනුරාධපුර නගර සැලැස්මට අනුව ඒ ඒ ප්‍රදේශ වෙන්කර දීමෙන් ද ඒ බව පැහැදිලි වෙයි. එහෙත් වෙනත් මත දරණ ලෝකයක එලෙස රාජ්‍යයක් පවත්වාගෙන යෑම අසීරු ය. දඹදිවෙන් මෙරටට පැමිණි සංස්කෘතියෙන් සිදු වී ඇත්තේ හෙළයන්ට යම් ස්ථාවරත්වයක් ලබා දීම ය. අශෝක බුදුදහම (විභජ්ජවාදය, ධර්මවාදය, ක්‍ෂණවාදය ආදිය ඇතුළත් ථෙරවාදය) හා අදාළ බෞද්ධ සංස්කෘතිය හෙළයන් සිංහලයන් බවට පත්කිරීමෙහි ලා කාර්යභාරයක් ඉටුකර ඇත. සිංහල සංස්කෘතිය යනු හෙළ සංස්කෘතියට දඹදිවෙන් පැමිණි සංස්කෘතිය (විජයගේ වෛදික සංස්කෘතිය හා ථෙරවාද සංස්කෘතිය) අවශෝෂණය කිරීමෙන් ලැබුණකි. හෙළයන් සිංහලයන් බවට පත්කිරීමෙහි ලා මහාවංශය මෙන් ම බුද්ධඝෝෂ හිමියන් ඇතුළු ආන්ද්‍ර ප්‍රදේශ ථෙරවාද භික්‍ෂූන් වහන්සේ ද විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. හෙළයන් සිංහලයන් නොවන්නට මෙරට මුස්ලිම් හෝ කතෝලික හෝ රටක් බවට පත් වී ඉතිහාසය විජයගෙන් නොව වත්හිමි කුමරුගෙන් හෝ දොන් ජුවන් ධර්මපාලගෙන් හෝ ඇරඹීමට ඉඩ තිබිණි. සිංහලයන්ගේ හෙළ ගතිය මතුකරමින් ඔවුන් මුස්ලිමුන්ට තම ආගම ඇදහීමට කිසිම බාධාවකින් තොරව ඉඩ දී ඇති අතර පසුව මුස්ලිමුන් කතෝලිකයන්ගෙන් ආරක්‍ෂා කිරීමට ද කටයුතු කර ඇත. එහෙත් මහාවංශය අනුව යමින් ථෙරවාදය (බුදුදහම) ආරක්‍ෂා කිරීම සඳහා වත්හිමි කුමරු සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට ද සිංහල බෞද්ධයන් පසුබට වී නැත. සිංහල රජවරුන් කතෝලික ආගම ව්‍යාප්ත කිරීමෙහි ලා ද සහාය වී ඇත්තේ හෙළ බෞද්ධ සංස්කෘතියට අනුව ය. එහෙත් මහාවංශය අනුව යමින් පෘතුගීසින්ට ද පසුව ලන්දේසීන්ට ද අවසානයේ දී ඉංගිරිසින්ට ද විරුද්ධ ව සිංහලයෝ ථෙරවාදය රැකගැනීම සඳහා සටන් වැදුණහ. මෙරට ආදිවාසීහු හෙළයෝ ය. ඔවුහු බුදුන් වහන්සේ ජීවමානව වැඩවිසූ සමයෙහි ම හෙළ බෞද්ධ වූහ. වෛදිකයන්ගේ ආගමනයෙන් හා අශෝක (තුන්වැනි සංගායනාවේ) බෞද්ධ සංස්කෘතියෙහි බුදුදහම හඳුන්වාදීමෙන් පසුව ඔවුහු සිංහල බෞද්ධයෝ වුහ. සිංහල බෞද්ධ වීම නිසා ම සිංහලයෝ පොදුවේ ගත්කල මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ නොවුහ. හෙළයන්ගේ සිට සිංහල බෞද්ධ වීම දක්වා ඇත්තේ අඛණ්ඩ ඉතිහාසයකි. 


නලින් ද සිල්වා

2014-08-17

Friday, 15 August 2014

Investigate the JVP during the 1987 – 1992 period


The UNP, TNA, JVP and some other political parties are propagating various stories on Paranagama Commission that has been appointed to investigate into what happened during the humanitarian operations, especially with regard to those who disappeared and losses of property. The official terms of reference of the Commission may not be the same as above but essentially it has to look into the disappearances of individuals and property losses. What is interesting is that there are not many complaints from Mannar area where Bishop Rayappu Joseph claims that there was a massacre of civilians. In fact there are some people including members of Western Governmental Organisations and dispersed Tamils in the west who make charges against the government and the armed forces of genocide of Tamils.

The Chief Minister of the Northern Province, C Wigneswaran and some others have said that they are prepared to give evidence before the Navi Pillai Committee. However, whether they would give evidence before the Paranagama Commission is not clear. Wigneswaran is a retired Judge of the Supreme Court but who apparently does not know the 13th amendment to the constitution. It has been revealed recently that he has instructed or given orders to the Secretary of the Northern Provincial Councils that do not come under his purview.  It could be even abuse of power though nothing has been mentioned on this aspect.

In any event what could be asked is whether Wigneswaran saw any of the “war crimes” supposed to have been committed by the armed forces. It is not clear what he is going to tell Navi Pillai Committee, and we cannot make any observations on Wigneswaran’s evidence in advance. It is not clear how the Pillai Committee is going to deal with hearsay evidence but Wigneswaran and other stalwarts of the TNA could go before the Paranagama Commission in “open court” so that we in Sri Lanka could find out from them their opinion on so called charges. The Bishop Rayappu Joseph, of course has already gone on record stating that he has no faith in the Paranagama Commission. He should have tried to convince the commission of his view rather than expressing his reservations of the commission.

The most recent volunteer to have expressed his willingness to appear before the Paranagama Commission is Mangala Samaraweera. He claims that the Commission has been appointed to protect the Rajapakses meaning of course the President and the Defense Secretary and to betray some officers in the armed forces. He is of the opinion that Mr. Desmond de Silva and two others have been appointed as consultants to the Commission for this purpose and he would give evidence before the commission though it is not clear what he is going to reveal.

However, unlike the Bishop of Mannar, Mangala Samaraweera does not say that he has no faith in the commission. He is expressing his views on the appointment of the consultants and it may be that he thinks that the Commission would have come out with an unbiased report if not for the consultants. In the meantime the President has said that he wants to appoint more experts as consultants to the Commission, and we will to have to wait to find the opinion of Mangala Samaraweera on those appointments. Would they be appointed to protect some others is something that people of the ilk of Mangala Samaraweera could tell us?

However, Mangala Samaraweera has to be congratulated on not confusing the consultants to the Commission with the members of the Commission. There are some UNPers and others who would say that the President has appointed Mr. Desmond de Silva and others to the Commission. Either these people are ignorant of the difference between members of a Commission and its consultants or are trying to mislead the people.

The government should either extend the terms of reference of the Paranagama Commission to include an investigation into the acts of the JVP as well as the armed forces during the period from 1987 to 1992 or appoint another commission to look into these acts. The JVP like the LTTE took up arms against the state and many innocent lives were lost during this period. It is true that the JVP did not fight to establish a separate state and undermine our limited sovereignty, but fought to change the system and establish what they believed to be a socialist state.

The JVP is essentially a Marxist Party, though many self acclaimed Marxists would deny the Marxist status to the JVP on theoretical and practical grounds but the cadre and the majority of sympathizers of the JVP think that theirs is a Marxist Party. Though the Party cannot poll more than three hundred votes in the entire country it can do better than all the other “super” Marxist parties that are almost unheard among the people.

The JVP is occasionally dragged into  nationalistic policies but it is not a nationalist party. In fact they would oppose anybody who would claim that the JVP is a nationalist party claiming that Wijeweera has given a Marxist solution based on class analysis to the so called ethnic problem. The JVP also thinks that there is an ethnic problem in the country they like parrots go on repeating that the Sinhalas, Tamils and the Muslims should be treated equally in the country. What the JVP does not understand is that as individuals all are equal before the law in the country, the way law understands it, and in Sri Lanka the basic problem is denying the Sinhala Buddhist culture its due place.

The JVP based on its class analysis does not see the problem that way and like all the other parties that refuse to take a nationalist line would lose votes as they go by. However, the JVP unlike the other Marxist Parties has the uncanny ability to be drawn into nationalistic politics and they could make an impact, though very limited, on Sri Lankan politics unlike the “Super” Marxist Parties that are only walking dead bodies at present, sixty years after the hartal. In another sixty one years only the historians would be interested in these parties.

The JVP is supposed to have killed many civilians during the 1987- 1992 period and it is hilarious to see Anura Dissanayake, the leader of the JVP complaining against both the UNP and the UPFA for organizing demonstrations after nominations to the Uva Provincial Council elections. It is very likely that the JVP was not adhering to the instructions of the Commissioner of Elections but they were unable to organize demonstrations in Badulla and Moneragala far away from Colombo Fort Railway Station and Lipton Circus. I am not condoning the actions of the UNP and the UPFA but the JVP is not the innocent party that Anura Dissanayake projects on the stage.


It was the JVP that threatened to kill the first person who went to the polling booth at the elections to the first provincial councils and we know that it was not only a threat. They are supposed to have killed many innocent people though they did not use the public as a human shield the way the LTTE did. On the other hand many LTTE cadres and innocent people are supposed to have been killed by the armed forces and the government should institute an investigation into these events. The human rights people are only interested in what is called the “thirty year war” that was supposed to have begun in the late seventies. What these Samaritans forget is that the 1987-1992 period is not outside the “thirty year war” period and the government is bound to investigate the actions of JVP and those against it, especially regarding disappearances and property losses.


Nalin De Silva

15-08-2014