History

Saturday, 31 January 2015

ඩාවින්ගේ පට්ටපල් බොරුව හා ඊනියා ජීවීතයේ අරුත


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම පොතෙන් (ඔහු කියවන පොත මිස ඔහු ලියූ පොතක් නො වේ. ඔහු යම් හෙයකින් පොතක් ලියූව ද එහි තිබෙනු ඇත්තේ අනෙක් අයගේ අදහස් මිස ඔහුගේ අදහස් නො වේ. එයට හේතුව ඔහුට ඔහුගේ ම වූ අදහස් නොමැති වීම ය.) තව තවත් කරුණු ඉදිරිපත් කරනු දකින්නට ඇත. ඔහු ජනවාරි 21 වැනි දා ලිපියෙන් කියන්නේ යැයි සිතිය හැක්කේ ඊනියා ස්වාභාවික වරණය (ඩාවින්ගේ විකාශන ප්‍රවාදය) ඊනියා පොදු මතවාදයට ගත හැකි ද යන්න ද? එහෙත් එය එසේ ම දැයි හරියට ම කිව නොහැක්කේ ඔහු කිසි විටෙකත් නිරවුල් ව කරුණු ඉදිරිපත් නොකරණ බැවිනි.

ඔහුට අවශ්‍යඅමපෂ (ඔහු කියවන පොතේ කතුවරයාට අවශ්‍යඅමපෂ දේ ඔහු තේරුම් ගත් අයුරෙන්) ඊනියා ස්වාභාවික වරණය ඊනියා පොදු මතවාදයක් තුළට ගැනීම ද, එසේත් නැතහොත් ඊනියා ස්වාභාවික වරණය ඊනියා පොදු මතවාදය බවට පත්කර ගැනීම ද යන්න ඔහු ලියන දෙයින් පැහැදිලි නො වේ. කෙසේ වෙතත් ඔහුට ඊනියා පොදු මතවාදය හෙවත් සියල්ලෙහි ප්‍රවාදය ගැන මෙලෝ හසරක වැටහීමක් නොමැති බව පැහැදිලි ය. සියල්ලෙහි ප්‍රවාදයකින් කෙරෙන්නේ ලෝකය එම ප්‍රවාදය ඇසුරෙන් විස්තර කිරීම ය. ඊනියා ස්වාභාවික වරණය පොදු මතවාදය නම් එයින් අදහස් කෙරෙන්නේ මුළු ලෝකය ඩාවින්ගේ පරිණාමවාදයෙන් තේරුම් ගත හැකි බව ය.

අමරසිංහ මහතා කියවන පොතේ කතුවරයාට හා එවැනි අදහස් දරණ අනෙක් බටහිර විද්‍යඅමපෂාඥයන්ට මේ පිළිබඳ කිනම් මත ඇත්තේ දැයි අපි නො දනිමු. අමරසිංහ මහතා කතුවරයාගේ හා පොතේ නම සඳහන් කරන්නේ නම් ඒ දැනගැනීමට අපට ඒ තොරතුරු වැදගත් වනු ඇත. විවිධ පොත්වල නම් සඳහන් කර ඇති අමරතුංග මහතාට අදාළ පොතේ නම සඳහන් කිරීමට අපහසවක් වේ ද? ඒ එසේ ද යැයි දැනගනු කැමැත්තෙමි. අමරතුංග මහතා ලියන දෙයින් අපට නිගමනය කිරීමට සිදුවන්නේ ඒ කතුවරයාට (ඇතැම් විට කතුවරුන් විය හැකි ය. එහෙත් අපි ඒකවචනයෙන් ම ඒ ගැන සඳහන් කරමු.) ද සියල්ලෙහි ප්‍රවාදය ගැන එතරම් අවබෝධයක් නැති බව ය. අමරතුංග මහතා ලියන වල්පල්වලින් එවැනි නිගමනයකට පැමිණීම සාධාරණ නොවන නමුත් අපට වෙනත් විකල්පයක් නැත.

පොතේ කතුවරයා ඊනියා ජීවිතයේ අරුතක් ගැන සඳහන් කරන්නේ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට යැයි සිතිය හැකි ය. අමරතුංග මහතා ද තොරතෝංචියක් නොමැතිව ජීවිතයේ අරුතක් ගැන කියවයි. ඩාවින්ගේ ප්‍රවාදයෙන් ලෝකය තේරුම් ගැනීමට නොහැකි බව අමරතුංග මහතා කෙසේ වෙතත් පොතේ කතුවරයා දන්නේ යැයි සිතිය හැකි ය. ඔහු ඊනියා ජීවිතයේ අරුතක් ගැන කතාකරන්නේ එබැවින් යැයි සිතෙයි. ජීවිතයේ ඊනියා අරුත ඩාවින්ගේ ප්‍රවාදයෙන් කියැවෙන්නේ නම් ඒ ප්‍රවාදය සියල්ලෙහි ප්‍රවදයක් ලෙස සැලකිය හැකි යැයි පොතේ කතුවරයා සිතන්නේ ද?

කෙසේ වෙතත් ජීවිතයේ අරුත සියල්ලෙහි ප්‍රවාදයක් සමග සම්බන්ධ කිරීමට දරණ ප්‍රයත්නය ම බටහිර ක්‍රිස්තියානි සංකල්පවලින් ගලා එන්නකි. පළමුවෙන් ම අප කලින් ලිපියක සඳහන් කර ඇති ආකාරයට ජීවිතයේ අරුත යන්න ම බටහිර ක්‍රිස්තියානි සංකල්පයකි. දෙවනුව ඩාවින්ගේ පරිණාමවාදය ම ක්‍රිස්තියානි අදහසකි. ඩාවින් මැවුම්වාදය ප්‍රතික්‍ෂෙප කරනවා විය හැකි ය. එහෙත් යමකු මැවුම්වාදය ප්‍රතික්‍ෂෙප කළ පමණින් ඔහු බටහිර ක්‍රිස්තියානි අදහස්වලින්, ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් මිදුණේ යැයි කිව නො හැකි ය. 

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි මූලික වන්නේ මැවුම්කරුවා පිළිබඳ සංකල්පය නොව ආරම්භයක් පටන්ගැනීමක් පිළිබඳ සංකල්පය ය. මැවුම්කරුවා යන්න එහි එක් ප්‍රභේදයක අංගයක් පමණකි. මැවුම්කරුවකු ඇතිව හෝ නැතිව හෝ ආරම්භයක් තිබිය හැකි ය. අද බටහිර පිළිගත් විශ්වවේදයට අනුව මහාපිපිරුමක් තිබී ඇත. සියල්ල ආරම්භ වී ඇත්තේ මහා පිපිරුමෙනි. එහි ඇත්තේ මැවීමකි. මැවුම්කරුවකු නැතිව වුවත් මැවීමක්, ආරම්භයක් වෙයි. ඩාවින්ගේ පරිණාමවාදය එහි අතුරුඵලයක්, කොටසක් පමණකි. බටහිර විද්‍යඅමපෂාවට අනුව ජීවය අජීවයෙන් ඇති වී තිබේ. අජීවයෙන් ඇති වූ ජීවය විකාශය වී ඇත්තේ කෙසේ දැයි ඩාවින්ගේ පරිණාමවාදයෙන් විස්තර කෙරෙයි. ඩාවින්ගේ පරිණාමවාදය මහාපිපිරුමෙන් වෙන්කළ හැකි නො වෙයි.

අමරතුංග මහතා බටහිරයන්ගේ පොත්වලින් ගෙන ජීවය අජීවයෙන් ලැබුණේ කෙසේ දැයි විස්තර කිරීමට උත්සාහ කරයි. ඇමයිනෝ අම්ලය ගැන ඔහු කරන විස්තරය ඒ සඳහා ය. එය ඩාවින්ගේ පරිණාවවාදය හෙවත් ඊනියා ස්වාභාවික වරණය නො වේ. එහෙත් ඩාවින්ගේ පරිණාමවාදය මහාපිපිරුම සමහ සම්බන්ධ ය. බටහිර විද්‍යඅමපෂාවට අනුව ඇමයිනෝ අම්ලයට ද මුලක් ඇත. අදාළ අණු ඇතිවූයේ කෙසේ ද? එහි දී විවිධ පරමාණු නිර්මාණය වූයේ කෙසේ ද යන්න තේරුම්කර දිය යුතු වෙයි. එනම් ඒ විස්තර කළයුතු වෙයි. වෙනත් වචනවලින් කිවහොත් කතන්දරයක් ගෙතීමට සිදුවෙයි.

අද බටහිර තාරකා භෞතිකයට අනුව පරමාණු ඇති වත තිබෙන්නේ තාරකාවල ය. තාරකා ඇති වුයේ කෙසේ ද? පළමු පරම්පරාවේ තාරකා ආදී වශයෙන් මේ තාරකා ඇති වූයේ කෙසේ ද යන්න අමරතුංග මහතාගේ පොතේ ඇත්දැයි මම නො දනිමි. ඒ සියල්ල පට්ටපල් බොරු ය. මම මේ සියල්ල පශ්චාත් උපාධියට ද හදාරා ඇත්තෙමි. අමරතුංග මහතා කියනු ඇත්තේ මා ඒ කිසිවක් නොදන්නා බවත් ජනප්‍රිය පොත්වලින් ඔහුට තේරෙන ආකාරයට කරුණු එකතු කරගන්නා ඔහු වැනි දන්ත වෛද්‍යඅමපෂවරුන්ට ඒ තේරෙන බවත් ය. ඒ ඊනියා ප්‍රවාද බටහිර විද්‍යඅමපෂාඥ්‍රයන් විසින් ගොතන ලද කතන්දර ය. ඔවුන්ගේ හිතළු ය. ඊනියා සාර්ථක හිතළු බටහිර විද්‍යඅමපෂාවේ ප්‍රවාද වෙයි. ඩාවින්ගේ පර්ණාමවාදය ද සාර්ථක වත ඇති තවත් හිතළුවක් පමණකි.

ඊනියා ජීවිතයේ අරුතක් ගැන අමරතුංග මහතාටත් ඔහුගේ පොත ලියු කතුවරයාටත් සිදු වී ඇත්තේ බටහිර විද්‍යඅමපෂාවේ ඊනියා සියල්ලෙහි ප්‍රවාදය අසාර්ථක වී ඇති බැවිනි. අමරතුංග මහතාගේ කතුවරයා හා වෙනත් බටහිර බුද්ධිමතුන් සූදානම් වන්නේ ඩාවින්ගේ පරිණාමවාදයෙහි ජීවිතයෙහි අරුතක් ඇති බව කීමට ය. එහෙත් මේ සමග බටහිර විද්‍යඅමපෂාව පදනම් වී ඇති ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි තවත් ලක්‍ෂණයක් විද්‍යඅමපෂමාන වෙයි. එය අප ඊනියා ජීවිතයේ අරුත සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තුන්වැනි කරුණ ය. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මොන තරම් බේගල් දෙසා බෑවත් මානව කේන්ද්‍රී ය.

යුදෙවු චින්තනය ආරම්භයේ දී ම මානව කේන්ද්‍රිය වෙයි. පරණ තෙස්තමේන්තුවට අනුව දෙවියන් වහන්සේ ආරම්භයේ දී ලෝකය (විශ්වය) මැවූහ. ඉර හඳ තාරකා මැවූ උන්වහන්සේ මිනිසා (පිරිමියා) මවා ගැහැණිය ද සමග ලෝකය පිරිමියාට භාරදුන්නේ ය. මේ සියල්ලෙන් අදහස් වන්නේ දෙවියන් වහන්සේ මිනිසා වෙනුවෙන් ලෝකය මවා ඇති බව ය. ඉර, හඳ, තාරකා, සතා සීපාවා සර්පයා, ගස් කොළන් ආදී සියල්ල මවා ඇත්තේ මිනිසා (පිරිමියා) වෙනුවෙනි. බයිබලය මානව කේන්ද්‍රිය වෙයි. දෙවියන් වහන්සේ මිනිසා මවා ඇත්තේ උන්වහන්සේගේ ප්‍රතිබිම්බය ලෙස ය.

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි යුදෙවු චින්තනයෙන් ගත් මේ මානව කේන්ද්‍රීය කොටස ද ඇතුළත් වෙයි. බටහිර විද්‍යඅමපෂාව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී ඇති හෙයින් මානව කේන්ද්‍රිය වෙයි. බටහිරයන් කියන්නේ විශ්වයේ කේන්ද්‍රය පොළොව (මිනිසාගේ වාස භූමිය – නිජ භූමිය) ලෙස තිබුණ ද කොපර්නිකස්ගේ ඊනියා විප්ලවයෙන් පසු (භාරතයෙන් හොරට ලබාගත් සූර්ය කේන්ද්‍රවාදය හඳුන්වාදීම) එය පොළොවෙන් ද එබැවින් මිනිසාගෙන් ද ඉවතට ගිය බව ය.

එහෙත් එය කිසි දිනෙක සිදුවන්නක් නො වේ. දැනුම නිර්මාණය කෙරෙනුයේ මිනිසා විසිනි. දෙවිවරු ආදී අනෙක් සත්ත්වයෝ පහළොස්වැනි සියවසෙන් පසු එයට මැදිහත් නො වෙති. අද වන විට එය මානව කේන්ද්‍රි තත්ත්වයෙන් ද තවත් කෙටි වී ඇත. අද ලෝකය මත පටවන දැනුම මුළුමනින් ම බටහිර කේන්ද්‍රිය වෙයි. එවැනි දැනුමක සිවුපාවුන් ගස් කොළන් පිළිබඳ දැනුම පමණක් නොව ආසියාතිකයන් හා අප්‍රිකානුවන් පිළිබඳ දැනුම ද නිර්මාණය කෙරෙන්නේ බටහිරයන් අතිනි. ඒ දැනුම අපි හිස් මුදුණෙන් පිළගනිමු.

අපට කොටින් පරාජය කළ නොහැකි බවට දැනුමක් නිර්මාණය කළෝ බටහිරයෝ ය. අපට ඒ කසිකබල් දැනුම ෙසෙද්ධාන්තික තලයේ පැරදවීමට හැකි විය. අමරතුංග මහතා අද කොටි පැරදවීම ගැන සතුටු වන්නේ යැයි සිතමි. එහෙත් අප බටහිර දැනුම අභියෝගයට ලක් නොකළේ නම් අදත් ප්‍රභාකරන් ජීවත්වීමට තිබිණි. අමරතුංග මහතා හෝ ඔහුගේ ආදර්ශී බුද්ධිමතකු වූ ගුණදාස අමරසේකර මහතා හෝ බටහිර මතවාද පරාජය කිරීමට වෙනත් මතවාදයක් ඉදිරිපත් කළ බවක් දැනගැනීමට නැත.

ඊනියා ජීවිතයේ අරුත තීරණය කෙරෙන්නේ බටහිරට සාපේක්‍ෂව මිස සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව නො වේ. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඊනියා ජීවිත අරුත් නැත. සිංහල බෞද්ධයකු ලෙස පෙනී සිටින අමරතුංග මහතාට පමණක් නොව තමන් බටහිර විද්‍යඅමපෂාඥයන් යැයි සිතන, එහෙත් එසේ නොවන එවැනි බොහෝ අයට තමන් සංස්කෘතික වශයෙන් යුදෙවු ක්‍රිස්තියානීන් බව වටහා ගැනීමට නොහැක්කේ ඔවුන් ලබා ඇති අධ්‍යඅමපෂාපනය හේතුකොටගෙන ය. 

අමරතුංග මහතා ඩාවින්ගේ පරිණාමවාදය ගැන මැත දොඩවන්නේ එය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කෙරී ඇති එක් පට්ටපල් බොරුවක් බව නොදැන ද? ඔහු අග්ගඤ්ඤ සූත්‍රය ගැන කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි. ඔහුට මේ ප්‍රශ්නය මෙයට ඉහතදී ද යොමුකර ඇති නමුත් ඔහු එයින් සුපුරුදු පරිදි පැන ගියේ ය. අග්හඤ්ඤ සූත්‍රයෙහි ඇත්තේ ඊනියා ප්‍රවාදයක් හෙවත් යම්කිසිවකු විසින් ගොතන ලද කතන්දරයක් නො වේ. ඒ බුදුන් වහන්සේ ලෝකය පැණවූ ආකාරය ය. ඒ උන්වහන්සේගේ ප්‍රත්‍යඅමපෂක්‍ෂය වෙයි. අමරතුංග මහතාට වැදගත් වන්නේ බුදුන් වහන්සේගේ ප්‍රත්‍යඅමපෂක්‍ෂය ද, එසේත් නැත්නම් ඩාවින්ගේ පට්ටපල් බොරුව ද? ඔහුට වැදගත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඊනියා ජීවිතයේ අරුත ද, එසේත් නැත්නම් ජීවිතය බොරුවක් බව දකින නිවන් අවබෝධය ද? 


නලින් ද සිල්වා

2015 ජනවාරි 28 විදුසර





Friday, 30 January 2015

අගවිනිසුරු ගැන අගමැති ප්‍රකාශය


අගමැතිවරයා ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම සම්බන්ධයෙන් අද (2015 ජනවාරි 30) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කර ඇත. මේ එහි සඳහන් ප්‍රධාන කරුණු ගැන කෙරෙන ප්‍රතිචාරයකි.

ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම පිළිබඳ ව යෝජනාවක් 2012 නොවැම්බර් 06 වැනි දා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලදුව ඒ පිළිබඳ ව කමිටුවක් පත්කරන ලද බව 2012 නොවැම්බර් 14 වැනිදා නිවේදනය කෙරිණි. ඒ කමිටුව පත්කළ හැක්කේ ස්ථාවර නියෝග 78 (අ) යටතේ ය. ස්ථාවර නියෝග 78 පාර්ලිමේන්තු විවාද සම්බන්ධයෙනි.

ඉහත කී කමිටුව එසේ පත්කරන ලද්දේ විනිසුරුවන් ඉවත්කිරීම හා සම්බන්ධ ව්‍යවස්ථාවේ 107 (2) හා 107 (3) වගන්ති යටතේ ය. එබැවින් ඒ කමිටුව එසේ පත්කිරීම නීත්‍යානුකූල ය. ඒ නීත්‍යානුකූල නොවේ යැයි කීම කිසිසේත්ම පිළිගත නො හැකි ය. නොවැම්බර් 06 වැනි දා ගෙනෙන ලද යෝජනාවේ කමිටුවක් පත්කිරීම ගැන සඳහන් වීම නිසා යෝජනාවට වරදක් සිදු නො වේ. එවැනි කමිටුවක් පත්කළ යුතු බවට යෝජනාවේ සඳහන් වුවත් නැතත් කථානායකවරයා ස්ථාවර නියෝග 78 (අ) (2) යටතේ කමිටුව පත්කළ යුත්තේ ය. කමිටුවක් පත්කිරීම ගැන යෝජනාවේ සඳහන් වීම නිසා යෝජනාවේ නෛතිකභාවයට කිසිසේත් ම හානියක් නොවන අතර එසේ සඳහන් කිරීම කථානායකවරයාට කමිටුවක් පත්කිරීමට බාධාවක් නොවන්නේ ය. 

එසේ කථානායකවරයා විසින් පත්කරන ලද කමිටුව මසක් ඇතුළත ඒ පිලිබඳ ව විභාග කරන ලද සාක්‍ෂි ද සහිතව පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බව ස්ථාවර නියෝග 78 (අ) (6) යටතේ සඳහන් වෙයි. එහෙත් අගමැති කියන ආකාරයට කමිටුව වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව එහි සඳහන් නො වේ. එහි කියැවෙන්නේ වාර්තාවක් ඉදිරිපත් කළ හැකි බව ය. වාර්තාවක් ඉදිරිපත් කළ හැකි බව කළ යුතු බව අතර වෙනසක් ඇති බව පැහැදිලි ය. අනෙක් අතට වාර්තා කිරීම හා වාර්තාවක් ඉදිරිපත් කිරීම යනු දෙකක් මිස එකක් නො වේ. එබැවින් 78 (අ) (6) උල්ලංඝනය වී නොමැත.

කමිටුව පාර්ලිමේන්තුවට 78 (අ) (6) යටතේ වාර්තා කිරීමෙන් පසු ඒ පිලිබඳ පාර්ලිමේන්තු විවාදයක් 2012 ජනවාරි 10 හා 11 දිනවල පැවැත්වූ අතර අදාළ යෝජනාව තුනෙන් දෙකේ වැඩි ඡන්දයකින් 11 වැනි දා සම්මත විය. එහි කථානායකවරයා ඉතා පැහැදිලිව කියන්නේ ව්‍යවස්ථාවේ 107 (2) වගන්තිය ප්‍රකාර යෝජනාව ඉදිරිපත් කෙරී ඇති බව ය. රාජිත සේනාරත්න මේ කමිටුවේ සාමාජිකයකු වූ අතර මෛත්‍රිපාල සිරිසේන යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නා පමණක් නොව කතාවක් ද කළේ ය.

යෝජනාව සම්මත වීමෙන් පසුව කතානායවරයා ඒ බව ජනාධිපතිතුමාට ලිපියකින් දන්වා ඇත. එසේ කරන්නේ ස්ථාවර නියෝග 78 (අ) (7) යටතේ ය. ලිපියේ 78 (අ) (7) ගැන සඳහන් වුවත් නැතත් ලිපිය යවා ඇත්තේ ඒ් ස්ථාවර නියෝගය යටතේ බව පැහැදිලි ය. එය අහම්බෙන් යැවුණු ලිපියක් නොව ව්‍යවස්ථාවේ 107 (2) වගන්තිය හා ස්ථාවර නියෝග 78 (අ) යටතේ කෙරුණු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විය.

කෙසේ වුවත් මේ සියල්ල කෙරී ඇති ආකාරය නිවැරදි දැයි තීරණය කරන්නේ මා වත් අධිකරණ ඇමතිවත් නීතිඥ සංගමයවත් නො වේ. එය ව්‍යවස්ථාව පිළිබඳ අර්ථනිරූපණයක් නම් එය කෙරිය යුතුව ඇත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය විසිනි. එය පාර්ලිමේන්තුව කටයුතු කර ඇති ආකාරය පිළිබඳ ව නම් එය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව විසිනි. පාර්ලිමේන්තුවේ ක්‍රියා මාර්ග පිළිබඳ ව උසාවියකට වුවත් තීරණයක් දිය නො හැකි ය.


නලින් ද සිල්වා

2015 ජනවාරි 30





අයවැයේ පදනම


රවි කරුණානායක මහතා ධනපති විරෝධියෙක් නො වේ. ඔහු තම අයවැයෙන් ධනපතියන්ට බදු පටවා ඇතැයි කිව හැක්කේ කපටි කෛරාටික, ඊනියා ජාතික දේශපාලනයක සිල් රෙද්දෙන් තම පාපී දේශපාලනය වසා සිටින වෛරී කුහකුයකුට පමණකි. මේ ආණ්ඩුවේ ඊනියා අතුරු අයවැය පදනම් වී ඇත්තේ කරුණු තුනක් මත ය. පළමුව මීළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ජනතාව රැවටීමට සහන කිහිපයක් ලබා දීමට ය. ජනතාවට සහන ලබාදීම අයහපත් නො වේ. එහෙත් ජනතාව රැවටීමට ලබා දෙන සහන වැඩි කල් නොපවතිනු ඇත.

මේ ඊනියා සහන වංචනික බව පහත සඳහන් කරුණෙන් පැහැදිලි වෙයි. පසුගිය ආණ්ඩුවෙන් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට ලක්‍ෂ විසිපහක් රාජ්‍ය බැංකුවල 12% පොළියට තැන්පත් කිරීමට අවසර ලබා දී තිබිණි. අද එය ලක්‍ෂ දහයට බස්සා ඇත. මේ කරුණ බොහෝ දෙනා නොදනිතත් ආණ්ඩුවේ සහන දීම එයින් ම පැහැදිලි වෙයි.

අයවැය පදනම් වී ඇති දෙවැනි කරුණ පළිගැනීම ය. පසුගිය ආණ්ඩුව යටතේ අධික ලෙස ලාබ ඉපයූ කිහිප දෙනෙක් මෙරට වෙති. පසුගිය ආණ්ඩුව එසේ ඔවුන්ට ඉඩදීම අනුමත කළ නො හැකිය. මේ ආණ්ඩුව ඔවුන්ට අධික බදු මුදල් පණවා ඇත. එහි නරකක් නැත. එහෙත් එසේ කරන්නේ පැහැදිලිව ම පළිගැනීමේ චේතනාවෙනි.

එය පළිගැනීමක් බව පැහැදිලි කෙරෙන්නේ තුන්වැනි කරුණෙනි. ආණ්ඩුව ඉහත කී පිරිස මත අධික බදු පටවන අතර ඔවුන්ගේ හිතවතුන්ට ධනය ඉපයීමට අවස්ථාව සපයයි. ඒ බව ඇතැම් කරුණු සම්බන්ධයෙන් පණවා ඇති බදුවලින් පැහැදිලි වෙයි. මේ බදුවල අරමුණ තම හිතවතුන් සමග තරගයට එන සුළු හා මධ්‍යම ආයෝජකයන් ක්‍ෂෙත්‍රයෙන් පළවා හැරීම ය.


නලින් ද සිල්වා

2015 ජනවාරි 30  

Wednesday, 28 January 2015

මොහාන් පීරිස් පත්කිරීම නීති විරෝධී බව තීරණය කළේ කවු ද


කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි තීරණය කර ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ලෙස පත්වී ඇති බවත් වාර්තා වෙයි. මේ වාර්තා පිළිබඳ සත්‍යාසත්‍යතාව කුමක් වුවත් අද (2015ජනවාරි 28) ශිරාණි බණ්ඩාරනායක ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඇත.

මෙහි දී අපට ප්‍රශ්න ගණනාවක් යහපාලනය සම්බන්ධයෙන් ඇති වෙයි. මොහාන් පීරිස් මහතාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට අමාත්‍ය මණ්ඩලයට තීරණය කළ හැක්කේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තිය යටතේ ද? පත්වීම නීත්‍යානුකූල ද නැත්ද යන්න ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුවටවත්, එහි අංගයක් වූ කැබිනට් මණ්ඩලයටවත් තීරණය කළ නොහැකි ය. විධායකයටත් එය කළ නොහැකි ය. කැබිනට් රැස්වීම්වලට ජනාධිපති සහභාගි වුවත් නැතත් අගවිනිසුරු ඉවත්කිරීමේ හෝ අගවිනිසුරු පත්වීම නීත්‍යානුකූල ද නැද්ද යන්න තීරණය කිරීමේ හෝ බලයක් කැබිනට් මණ්ඩලයට නැත.

අගවිනිසුරු ඉවත්කිරීමේ ක්‍රමය ව්‍යවස්ථාවෙහි 107 (2) වගන්තියෙහි සඳහන් වෙයි. ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීමේ දී ඒ ක්‍රමය අනුගමනය නොකෙරිණි නම් ඒ තීරණය කළ හැක්කේ අධිකරණයට මිස කැබිනට් මණ්ඩලයට නො වේ. අඩු තරමෙන් පාර්ලිමේන්තුවටවත් ඒ තීරණය කළ නො හැකි ය.  ආණ්ඩුව කළ යුතුව තිබුණේ ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීම ය. යහපාලන ආණ්ඩුවට ඒ අනුගමනය කිරීමට තරම්වත් ඉස්පාසුවක් නැත. ඒ අධිවේගයෙන් යහපාලනයට යෑමට අවශ්‍ය නිසා විය හැකි ය.

ඇතැමුන් කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා  අගවිනිසුරු ලෙස සිටිය දී ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීමෙන් යුක්තිය ඉටු නොවන බව ය. එසේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ 107 (2) වගන්තිය යටතේ ක්‍රියාත්මක වී ඔහු ඉවත්කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කිරීම ය. එහෙත් ආණ්ඩුවට යහපාලනයට යෑමට කිසිම ඉවසිල්ලක් නැත. ඒ අතර නැවතත් ආණ්ඩුව කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා නීත්‍යානුකූල ලෙස අගවිනිසුරු ලෙස පත් වී නොමැති බැවින් 107 (2) යටතේ ක්‍රියාත්මක වීමට නොහැකි බව ය. 107 (2) ඇත්තේ නීත්‍යානුකූල ව පත් වී ඇති අගවිනිසුරුවරුන් ඉවත්කිරීම සම්බන්ධයෙන් යැයි ආණ්ඩුව කීමට ඉඩ ඇත.

ප්‍රශ්නය මෙසේ සාරාංශ කරගත හැකි ය. මොහාන් පීරිස් මහතා පත්කිරීම නීත්‍යානුකූල නොවන්නේ ශිරාණි බණ්ඩාරනායක අස්කිරීම නීත්‍යානුකූල නොවන නිසා  යැයි ආණ්ඩුව කියනු ඇත.  එහෙත් ඒ තීරණය කළ යුත්තේ අධිකරණය මිස කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නො වේ. ඒ කවුරුන් වුව ද එසේ කිරීම නීත්‍යානුකූල නො වේ. එසේ නම් ශිරාණි බණ්ඩාරනායක හුදු කැබිනට් තීරණයක් මත හෝ ජනාධිපතිගේ ඉල්ලීම මත හෝ දවසකටවත් අගවිනිසුරු පුටුවේ වාඩිවීම නීත්‍යානුකූල නො වේ. ඇය පැහැදිලිව ම අගවිනිසුරු පුටුවේ වාඩිවීමෙන් අධිකරණයට අගෞරව කර ඇත. ඒ පිලිබඳ ව නීතිඥමණ්ඩලය කියන්නේ කුමක් ද?

ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි උපකල්පනය කළ ද ඇය කැබිනට් තීරණ හෝ ජනාධිපති තීරණ හෝ මත නැවත අගවිනිසුරු ලෙස ක්‍රියාකිරීම ද නීත්‍යානුකූල නො වේ. ආණ්ඩුව අධිවේගයෙන් යහපාලනයට යෑමට ගොස් පඹගාලක පැටලී ඇත. නිමල් සිරිපාලගේ විරුද්ධ පක්‍ෂය මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ කුමක් ද? පොදුවේ මෛත්‍රිපාල සිරිසේන සභාපති වූ ශ්‍රී ල නි පක්‍ෂය කියන්නේ කුමක් ද? ඊනියා දින සීයේ වැඩසටහනට සහයෝගය දී ඒ අමතක කළ යුතු බව ද?   


(2015 ජනවාරි 28)

Sunday, 25 January 2015

අරාබි වසන්තය ඇවිදින් හේමන්තය ඉදිරියට


(මෙය රිවිර පත්‍රයේ පළ නොකළ ලිපියකි)


පසුගිය 8 වැනි දා මෙරටට අරාබි වසන්තය උදාවිය. එය වසන්තයක් වන්නේ රටට නොව බටහිරයන්ට, ඔවුන්ගේ අනුගාමිකය ඊනියා උගතුන්ට හා දෙමළ ජාතිවාදීන්ට ය. අප වැනි නූගතුන්ට, සාමාන්‍ය ජනයාට දැඩි ශීත කාලයකට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවනු ඇත. ජාතිය පාවාදුන්නෝ දෙමළ ජාතිවාදීන් සමග පෙම් කෙළියේ පසුවෙති. ඔවුන්ගේ මධුසමය ගෙවෙනු ඇත්තේ සිංහලයන්ගේ මළකඳන් පාවෙන ලේ විලක ය.  අද සිංහලයන්ට නායකත්වයක් නැත. කිසි දෙයක් කරගත නොහැකි පිරිසක් තැන තැන ඊනියා සාකච්ඡා පවත්වති. එහෙත් ඔවුන්ට අරමුණක් නැත. සාකච්ඡා තේ බීමට සීමාවෙයි. ආණ්ඩුව ඉතා ඉක්මණින් තම පරාජය වසා ගනු ඇත. පෞද්ගලිකව ගතහොත් මට කළ හැකි දෙයක් නැත. පිරිස් සංවිධානය කිරීමේ ලා ඉතා දුර්වලයකු වන මට උපක්‍රම කිසිවක් නො තේරෙයි. හැරත් මිනිස්සු මා කියන දෙයක් ගැන සැලකිල්ලක් නො දක්වති. මා තවමත් පුවත්පත්වලට (දැන් එය දෙකකට පමණක් සීමා වී ඇත) ලියන්නේ තවමත් මගේ මමත්වය නොනැසී ඇති බැවින් මිස ඉන් සත පහක වැඩක් රටට වන නිසා නො වේ. (මේ ලිපිය ඉරිදා රිවිර පත්‍රය පළ කළේ නැත. එමෙන් ම දිනපතා රිවිර පත්‍රයට පසුගිය සතියේ යවන ලද ලිපිය ද පළ වූයේ නැත. එබැවින් මින් මතු රිවිර පුවත්පතට ද නො ලියමි. අවුරුදු තිහක් පමණ ලිපි ලිවීමෙන් පසු කිසිදු වැඩක් වී නැති බැවින් ලිපි ලිවීම නතර කිරීමෙන් රටට එය නොදැනෙනු ඇත)     

එහෙත් ඒ ලිවීමෙන් හා ජනමාධ්‍යවල පෙනී සිටීමෙන් රටට වැඩක් නැති වුවත් පෞද්ගලික ව ගතහොත් මට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි සාමාජිකත්වයක් ලැබිණි. එය තනතුරක් නො වීය. එයට වැටුපක් නොලැබුණත් කොමිෂමේ රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් දිමනාවක් ලැබිණි. මාස හයක කාලයක් මම ඒ සාමාජිකත්වය දැරීමි.  ඉන් රටට හෝ කොමිෂමට හෝ උසස් අධ්‍යාපනයට හෝ තුට්ටුවක වැඩක් නොවුවත් මට නම් ගුවනින් ත්‍රිකුණාමලයට හා යාපනයට යෑමේ අවස්ථාව ලැබිණි. ඒ එහි සිද්ධ වෙදකම ඉගැන්වීම සොයා බැලීම සම්බන්ධයෙනි. කසිකබල් උගතුන් තමන්ට අනුව සිංහල ජාතිවාදියකු වූ මගෙන් සිද්ධ වෙදකමට විය හැකි සේවය කුමක් දැයි අසනු ඇත. සේවයක් ඇතත් නැතත් මට නොමිළේ ගුවන් ගමන් දෙකක් ලැබිණි. මගේ පත්වීම දේශපාලන පත්වීමක් විය. ඒ සඳහා මට සුදුසු කමක් නො විය. බටහිර අධ්‍යාපනයට විරුද්ධ මා වැන්නකුගෙන් ඊනියා උසස් අධ්‍යාපනයට විය හැකි සෙත කුමක් ද? කොමිෂන්සභා සාමාජිකත්වය හුදෙක් මහින්ද රාජපක්‍ෂ මහතා මට දුන් “ත්‍යාගයක්” විය. කෙසේ වෙතත් නවවැනි දා සවස ම සිරිසේන මහතා දිවුරුම් දුන් විගස ම මම ඒ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමි (අස්වීමේ ලිපිය ද කාලය වෙබ් අඩවියේ ඇත). එසේ අස් නොවී නම් තුට්ටුවක් නොවටිනා විශ්වවිද්‍යාල ගුරුවරුන් සමූහයක් මට අස්වන ලෙසට හෝ මා අස්කරන ලෙසට හෝ කරන උද්ඝෝෂණ හමුවේ මා දූෂිතයකු ලෙස නම්කිරීමට තිබිණි. කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා වැන්නකුගේ ජනාධිපතිත්වය යටතේ ඒ සාමාජිකත්වය දැරීමෙන් මගේ ගෞරවයට හානියක් කරගැනීමට මට අවශ්‍ය නොවන බව ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කළෙමි.  

ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් ලියන කියන අය තමන්ගේ සිහින ලෝකවලින් බිමට වැටී ඇති ආකරය දැකගත හැකි විය. ඔවුන් බොහෝ දෙනකු සිතා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්කළේ තමන් බවත් ඊනියා යුද්ධය ජයග්‍රහණය කළේ තමන්ගේ ලිය කියවිලි හා දේශන නිසා බවත් ය. එහෙත් ඔවුන්ට ඒ ලියකියවිලි, දේශන පමණක් නොව තොරතේ්ංචියක් නැතිව පවත්වන ලද පුවත්පත් සාකච්ඡා (ඔවුන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ බසින් ප්‍රෙස්) මගින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය වළක්වා ගැනීමට නො හැකි විය. ජනතාව තීරණවලට එළඹෙන්නේ ජනමාධ්‍යයට සවන්දීමෙන්, ඒ කියවීමෙන් නැරඹීමෙන් නො වේ. ඔවුන්ගේ සාමූහික මනස හැසිරවෙන ආකාරය ගැන මට නම් අවබෝධයක් නැත. එය සෘජු ව කෙරෙන්නක් නොවන බව පමණක් පැහැදිලි ය. ඒ කළ හැක්කේ කපටිකමනි. චාටුවෙනි. බොරුවෙනි. බොහෝ තරුණයන් තරුණියන්ගේ සිත් දිනගන්නේ ද ඒ අන්දමින් යැයි සිතෙයි. පසුගිය අවුරුදු පහ පුරාම ජනමනස රාජපක්‍ෂවරුන්ට එරෙහිව සියුම් ව සකස් කෙරිණි. එය පිටුපස බටහිරයෝ සිටියහ (මේ කතාව පසුව කිව යුතු ය). අද වන විට සිංහල ජනමනස යම් ප්‍රමාණයකට  පමණක් නොව මහින්ද රාජපක්‍ෂ මහතාට පින්සිදුවන්නට තම හිස කඳට උඩින් තබාගත් අය පවා ඒ මහතාට විරුද්ධ තැනකට ගෙනැවිත් ඇත. විශේෂයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ මැති ඇමති ධුර දැරූ අයට මෙය වලංගු වෙයි.       

පාර්ලිමේන්තුවේ තමන්ට බහුතරයක් මන්ත්‍රින් සිටියත් විපක්‍ෂයේ වාඩි වී සිටීමට තරම් නිවට බවක් කොන්ද පණ නැති කමක් ශ්‍රී ල නි පක්‍ෂයේ නායකයන් යැයි කියාගන්නා අයට ඇත. ඔවුන්ට අද ඇත්තේ තමන්ගේ කුණු කය ආරක්‍ෂා කරගැනීමේ නිවට අරමුණ පමණකි. ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගත්තේ පක්‍ෂ ව්‍යවස්ථාව අනුව එසේ කළ යුතු නිසා නො වේ. පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයට පත්වන්නකු පක්‍ෂ සභාපතිකමට පත්වන්නේ ඔහු ශ්‍රි ල නි පක්‍ෂයෙන් හෝ පක්‍ෂ නායකත්වයෙන් ඇති සංධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පමණකි. සිරිසේන මහතා ඉදිරිපත් වූයේ ඉඳහිට මකුළුදැල් කඩා එලියට ගන්නා පක්‍ෂයක නමින් ය. අනෙක් අතට ශී ල නි ප සභාපති නිලබලයෙන් සංධානයේ නායකයා ද වෙයි. ශ්‍රී ල නි ප කෙරුමන් සිරිසේන මහතා තම පක්‍ෂයේ සභාපති ධුරයට පත්කර ගැනීමේ දී සංධානයේ අනෙක් පක්‍ෂවලින් ඒ පිළිබඳ විමසූ බවක් දැන ගැනීමට නැත. මේ කෙරුමන් අනෙක් පක්‍ෂවලට ද සිරිසේන මහතාගේ නායකත්වය ලබා දීමට කටයුතු කර ඇති බව පැහැදිලි ය. දූෂිතයන්ට දඬුවම් කිරීම, කෘෂි රසායන ක්‍රමයෙන් ඉවත්කිරීම, ඖෂධ ප්‍රතිපත්තියක් සැකසීම ආදී කරුණු නිසා නොව තමන්ට අගමැතිකම නොදීම නිසා තම පක්‍ෂයට ද්‍රෝහි වී වෙනත් පක්‍ෂයකින් තරග කළ අයකු පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගැනීම තරම් ද්‍රෝහිකමක් පක්‍ෂයේ ඉතිහාසයේ කර ඇත්නම් ඒ චන්ද්‍රිකා කුමාරතුංග හා විජය කුමාරතුංග ය. තමන්ගේ කඳ බඩ ආරක්‍ෂා කරගැනීම හැර වෙනත් අරමුණක් මේ කෙරුමන්ට නැත. ඔවුන්ට ඇත්තේ උදාර පරමාර්ථ නොව උදර පරමාර්ථ ය. ඒ එසේ වුවත් මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් අය හා ජාතිකත්වයට නැඹුරු වූ පාක්‍ෂිකයන් මගින්  ශ්‍රී ල නි පක්‍ෂය ගොඩගැනීම හැරෙන්නට කළහැකි අන්දෙයක් නැත. 

මහින්ද රාජපක්‍ෂ මහතා දූෂිතයන්ට හොරුන්ට දාමරිකයන්ට එරෙහිව පියවර ගෙන නැත. සරත් ෆොන්සේකා මහතාට හා ශිරාණි බණ්ඩාරනායක මහත්මියට දඬුවම් විඳීමට සිදුවයේ ඔවුන් යම් අවස්ථාවක දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි නිසා යැයි සිතිය හැකි ය. මහින්ද රාජපක්‍ෂ මහතා දඬුවම් නොදුන්නේ තම පක්‍ෂයේ අයට පමණක් නො වේ. ඔහු බටලන්ද, සතොස විකිණීම, රාජ්‍ය සංස්ථා කුණු කොල්ලයට විකිණීම වෝටර්ස් එජ් මගඩිය ආදී කලින් ආණ්ඩුවල දහසක් වැරදි අමතක කළේ ය. ජ වි පෙරමුණේ මිනීමැරුම් ගැන කිසිවක් නො කළේ ය. ජ වි පෙරමුණේ බොරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන එදා මරු බියෙන් ඡන්ද පොළට ගිය ඡන්දදායකයන්ගෙන් අසා දැනගත හැකි ය. අද එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය බවට ජ වි පෙ පත් වී ඇත්තේ එහි නායකයන් තරුණ විය පසුකර කලක් ගත වී ඇති බව ද අමතක කරමිනි. මහින්ද රාජපක්‍ෂ මහතා මේ කිසිවකුට දඬුවම් නොකිරීම හේතුවෙන් අද ඔවුන්ට උපාසකයන් ලෙස සමාජය ඉදිරියට පැමිණ ඒ මහතාට ම විරුද්ධව කටයුතු කීිරීමට හැකි වී ඇත. 

මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව බටහිරයන් හා ඔවුන්ගේ වන්දිභට්ට දෙමළ ජාතිවාදීන් කටයුතු කළේ අද ඊයේ නො වේ. දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයකි. එය අඩුම තරමෙන් 1833 සිට ක්‍රියාත්මක වෙයි. අද මධ්‍යම පංතියේ ගෞරවයට පාත්‍ර  වී සිටින ඊනියා දේශපාලන  විචාරකයන් පනහට පනහ දෙමළ ඉල්ලීම්වල මුල ඇතැයි කීම පිළිබඳ අපි සතුටට පත්වෙමු. අප අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ ඒ බව කී නමුත් කසිකබල් මධ්‍යම පංතිකයෝ ඒ නොසළකා සිටියහ. දෙමළ ජාතිවාදය හතළිස්ගණන්වල දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තැගණන්වල දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය (එදා අප දේශපාලන නායකත්වය ගැන කියද්දී පඬියෝ අපට සිනහසුණහ.) හා ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මහපෙන්වීම යටතේ රණවිරුවෝ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළහ. ඒ රණවිරුවන්ට සරත් ෆොන්සේකා මහතා ද අයත්වන නමුත් සුදු කොඩි කතාවෙන් පසු ඔහු තමන්ට ද රටට ද හානියක් කළේ ය. අද ප්‍රශ්නය වී ඇත්තේ ඊනියා යහපාලනය නොව දෙමළ බෙදුම්වාදය හා දෙමළ ජාතිවාදය පරාජය කිරීම ය. එහෙත් බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි ක්‍රියාකරන මේ ආණ්ඩුවට ඒ කළ හැකි නො වේ. එපමණක් නොව දෙමළ ත්‍රස්තවාදය නැවත හිස එසවීමේ අවදානම ද වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා පුනරුච්චාරණය කරන බටහිරයන්ගේ වචනවලින් කිවහොත් රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීමට බටහිරයෝ 2010 සිට ම උත්සාහ ගත්හ. ඔවුහු අරාබි වසන්ත අනුගමනය කරමින් මෙරට ලේ හැලීම් මගින් රතුපස්වල, කටුනායක ආදී සිද්ධි ඔස්සේ මෙරට ඔවුන්ගේ ආවතේවකාරයන් සහභාගි කරගනිමින් මහින්ද රාජපක්‍ෂ මහතා ගෙදර යැවීමට උත්සාහ ගත්හ. ඒ සමග ඔවුහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය මගින් ද එසේ කිරීමට කටයුතු කළහ. රාජිත සේනාරත්න මහතා කළකට පෙර හෙළිදරවු කළේ එයම දැයි අපි නො දනිමු. කෙසේ වෙතත් මේ ක්‍රියාවලිය ගැන එතරම් අවධානයක් යොමු නොකර ලේ හලන අරාබි වසන්තයක් ගැන පමණක් විමසිල්ලෙන් සිටීම අපෙන් වූ බලවත් වරදකි. ලේ හලන අරාබි වසන්තය අසාර්ථක වුවත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී අරාබි වසන්තය සාර්ථක වී ඇත. එය කෙතරම් සාර්ථක වී ඇත් ද කිවහොත් අටවැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස පාර්ලිමේන්තු මැතිවරණයක් නොවුවත් නිවට ශ්‍රී ල නි පක්‍ෂ කෙරුමන්ගේ ද ආධාරය ඇතිව ඒ මහාමැතිවරණයක් බවට ද පත්කරගෙන එ ජා ප ආණ්ඩුවක් පිහිටුවීමට ද බටහිරයන්, විශේෂයෙන් ම එංගලන්තය සමත් වී ඇත. සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට එහි මහින්ද විරෝධී කෙරුමන් පරාජය කළ නොහැකි වුවහොත් අපට දරුණු හේමන්තයක් උදාවනු ඇත.                

නලින් ද සිල්වා

2015-01-24

ජනතාව ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය දී නැහැ

(මෙය රිවිර පත්‍රයේ පළ නොකළ ලිපියකි)

පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල.සිරිසේන මහතා නීත්‍යානුකූල ව ජනාධිපති  බවට පත් වී ඇත. ඒ මහතාට මහින්ද රාජපක්‍ෂ මහතාට වඩා ඡන්ද ලක්‍ෂ හතරහමාරක් පමණ ලැබී ඇත. මේ ඡන්දවල පදනම අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහලයන්ගේ ඡන්දවලින් 45% ක් වත් ලබා  නැත. අද ජනාධිපති සම්බන්ධයෙන් ගත්කල ඇත්තේ සුළුතරයේ ආධිපත්‍යයකි. (පසුගිය 18 වැනිදා ඉරිදා රිවිර බලන්න ) එය ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලැබූ දෙමළ ජාතිවාදීන් 1833 ව්‍යවස්ථාදායක සභාව ආරම්භයේ සිට ම බලාපොරොත්තු වූවකි. 1931න් පසුව ඩොනමොර් ව්‍යවස්ථාව යටතේ ජී ජි පොන්නම්බලම් පනහට පනහ ඉල්ලා සිටියේ ද ඒ අරමුණෙනි. මේ කරුණු අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ අපි ලිපි මගින් දේශන මගින් හා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙන් ද කියා ඇත්තෙමු.

ඒ කෙසේ වුවත් ජනාධිපතිවරණ නීති රීති රෙගුලාසි අණ පනත් අනුව මේ කිසිවක්  ප්‍රශ්න නො වේ. ජනාධිපති ලෙස තේරී පත්වීමට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණයේ දී දුන් වලංගු ඡන්දවලින් සියයට පනහක් හා එක් ඡන්දයක් පමණ ය. ජනාධිපති ධුරයට මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීම බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි සුළුතරයේ ආධිපත්‍යය පිහිටුවීම වුවත් එය ඔවුන්ගේ ම දේශපාලන විද්‍යාව අනුව නීත්‍යානුකූල වෙයි. එහෙත් ඒ සමග ප්‍රධාන වශයෙන් ම එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම කිනම් පනතකට එකඟ ද? මෙරට ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීමට ඡන්දය දී නැත. රවි කරුණානායක මහතා මුදල් ඇමති ලෙස පත්කිරීමට ඡන්දය දී නැත. මා කැමති වුවත් අකමැති වුවත් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් 11 දෙනකුට ඇමතිකම් දීමට ඡන්දය දී නැත. ඊනියා යහපාලනයක මුවාවෙන් රටේ ආරක්‍ෂාව බිල්ලට දීමට ඡන්දය දී නැත. මේ දින කිහිපයෙහි දේශපාලන පළිගැනීම් කීයක් කර ඇත් ද? මහජනයා ඒ කිසිවක් සඳහා ඡන්දය දී නැත.  දහතුන් වැනි සංශෝධනය ඒ අයුරින් ම ක්‍රියාත්මක කිරීමට ඡන්දය දී නැත. පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත්සභාවලට පැවරීමට ඡන්දය දී නැත. මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ නැගෙනහිර පළාතෙනි. පළාත්සභාවලට පුර්ණ බලතල පැවරීමෙන් පසු මහවැලි ජලය බෙදාගැනීම පිළිබඳ ප්‍රශ්න ඇති නොවන්නේ ද? නැගෙනහිර පළාත් සභාව උතුරට එක්කර ඒකාබද්ධ පළාත් සභාව මහවැලි යෝජනා ක්‍රම මගින් මහවැලි ජලය සම්පුර්ණයෙන් ම ත්‍රිකුණාමලයට නොඑවීම පිළිබඳ ප්‍රශ්න ඇති කරනු ඇත. ජනතාව ඒ සඳහා චන්දය දී නැත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වැනි වගන්තියට අනුව ජනාධිපතිතුමාට තමා සිතන ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගැනීමට හැකි අයකු අගමැති ධුරයට පත්කළ හැකි ය. එය සැබෑ ය. එහෙත් එය ඒ මහතාගේ (ජනාධිපතිතුමාගේ) සිතේ තිබෙන කාරණයකි. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් තෝරාගනු ලැබුයේ ජනවාරි 8 වැනි දා නො වේ. ඒ තෝරාගනු ලැබුයේ 2010 දී ය. එහි දී සංධානයට බහුතරයක් ලැබිණි. පසුව එය තුනෙන් දෙකේ වැඩි ඡන්දයක් බවට පත්විණි. අද වුවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ සංධානයට ය. එසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන්නේ කෙසේ ද? එය ව්‍යවස්ථාවට එකඟ වන්නේ ජනාධිපතිතුමාගේ සිතිවිල්ලක් අනුව පමණ ය. එය ඊනියා ශීලාචාරකම ද? එය යහපාලනය ද?

සංධානයේ මන්ත්‍රීවරුන් දේශපාලන වශයෙන් ශීලාචාර වීම නිසා මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග  යෝජනාවක් නොගෙනනවා විය හැකි ය. ඔවුන් දේශපාලන වශයෙන් ශීලාචාර මිනිසුන් ලෙස ඊනියා දින සියයේ වැඩ සටහනට සහයෝගය දෙනවා විය හැකි ය. එහෙත් එපමණකින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කිරීම යුක්ති යුක්ත කළ නො හැකි ය. අනෙක් අතට ඊනියා දින සියයේ වැඩ සටහන වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කරන මෙන් ඉල්ලා පිහිටු වූ ආණ්ඩුවක වැඩසටහනක් නො වේ. එය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් පමණකි. ඒ පොරොන්දුව සුදුසු පරිදි සංධාන ආණ්ඩුවකින් වුව ද ඉටුකර ගත හැකි ය. 

ජනවාරි 8 වැනි දා ඡන්දය සළකා බැලුව ද දිස්ත්‍රික් වශයෙන් සළකා බැලීමේ දී බහුතරය ඇත්තේ කිනම් පක්‍ෂයකට ද යන්න ගණනය කළ යුතු ය. එහෙත් එය ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධ නිර්ණායකය විය යුතු යැයි මම නො කියමි. එය පාර්ලිමේන්තු මැතිවරණයක් නො වී ය. ආණ්ඩුව පිහිටුවීමට මහජනයා ඡන්දය දුන්නේ 2010 දී ය. 2010 පාර්ලිමේන්තුව තවමත් විසුරුවා හැර නැත. ජනතාව ඒ ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය දී නැත. එසේ ඡන්දය දීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නැත. ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයකි. ඒ ඡන්දය අනුව ජනාධිපති තෝරාපත් කර ගැනීම නීත්‍යානුකූල මෙන් ම ශීලාචාර ද වෙයි. එහෙත් ඒ ඡන්දය අනුව ආණ්ඩුව පිහිටුවීම කිසිසේත් යුක්තියුක්ත කළ නො හැකි ය. 


නලින් ද සිල්වා

Friday, 23 January 2015


බුදු දහම සහ සිංහල බෞද්ධ ජාතිකත්වය මත ගොඩ නැගී ඇති සංස්කෘතිය, ඉතිහාසය, සාහිත්‍යය, ජන කලාවන්, ආදී දෑ ගැන සිංහල බෞද්ධයින්ගේ අන්තර්ජාල කතිකාවත

Wednesday, 21 January 2015

බටහිර විද්‍යාව හා ජීවිතයේ ඊනියා අරුත


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාඥයන් හා දාර්ශනිකයන් ලියා ඇති කසිකබල් කතා විදුසර පාඨකයන් අතට පත් කිරීමේ කොන්ත්‍රාත්තුවක්‌ භාරගෙන ඇති බව පැහැදිලි ය. අද මෙරට මූලික ප්‍රශ්නය වී ඇත්තේ අප බටහිර දැනුම පසුපස යැම ය. අමරතුංග මහතා ජීවිතයේ අරුත සෙවීමක්‌ ගැන කතා කරයි. මෙය ද තුට්‌ටු දෙකේ කතාවකි. එයින් කෙරෙන්නේ අප නොමග යෑවීම ය. අමරතුංග මහතා ජීවිතයේ අරුත හා සියල්ලෙහි ප්‍රවාදය අතර සම්බන්ධයක්‌ ගැන කතා කරයි. 

අමරතුංග මහතා ජනවාරි 14 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "අප ගේ ජීවිතයේ අරුත විද්‍යාව මගින් සොයාගත හැකි ද යන ප්‍රශ්නය මීට පෙර ලිපියක සඳහන් කළෙමි. එය විද්‍යාවට අදාළ දාර්ශනික ප්‍රශ්නයක්‌ වන්නේ ය. එක්‌ පොදු මතවාදයක්‌ (Theory of Everything) නිර්මාණය කිරීමට විද්‍යාඥයන් තැත් කරන අන්දම ද පෙර ලිපියේ විස්‌තර කළෙමි. මේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක්‌ ඇත් ද? එසේ නො වන්නේ නම් පළමු ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ දෙවැනි ප්‍රශ්නයේ පිළිතුර තුළ වන්නට බැරි ය. තව ද ස්‌වාභාවික වරණය (Natural Selection) මූලික මතවාදයක්‌ ලෙස පිළිගත හැකි බව සමහර දාර්ශනිකයන් ගේ මතය වී ඇත. එසේ නම් ජීවිතයේ අරුත සොයාගත හැක්‌කේ එවැනි මතවාදයක්‌ භාවිත කිරීමෙන් බව සමහර දාර්ශනිකයන් ගේ මතය වී ඇත. එසේ නම් ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නයට පිළිතුර පොදු මතවාදය තුළ තිබිය නොහැකි ය. පොදු මතවාදය නිර්මාණය වූවාට පසුව ගණිතමය මොඩලයකට එහා ගිය එකක්‌ නො වන බව විද්වත් ස්‌ටීවන් හෝකිනන්ග් පවසා ඇත. එසේ නම් එම ගණිතමය මොඩලය මාර්ගයෙන් අප ගේ ජීවිත අරුත කුමක්‌ දැයි සොයාගත හැකි ද?"

අප ගේ ජීවිතයේ අරුතක්‌ ගැන බුදුදහමෙහි සඳහන් නො වන බව අමරතුංග මහතා ද පිළිගනියි. ඉහත කී ලිපියෙහි ම ඒ මහතා මෙසේ සඳහන් කරයි. "බුදුරදුන් අප ගේ ජීවිතයේ අරුත කුමක්‌ දැයි නො පැවසුවාට හොඳින් ජීවත් වන අන්දම ද අවසානයේ දුක දුරු කරගන්නා මාර්ගය ද පෙන්වා දුන් සේක. අප ගේ ජීවිතයේ වැදගත් වන්නේ අපි බව උන්වහන්සේ පිළිගත් බව මින් පැහැදිලි වේ" ඉහත සඳහන් දෙවැනි වාක්‍යය ව්‍යාකරණ නිවැරැදි කිරීම සඳහා අභ්‍යාසයක්‌ ලෙස පාසල් සිසුන්ට දීමට නම් වැදගත් ය. ජීවිතයෙහි අරුත හා සියල්ලෙහි ප්‍රවාද ක්‍රිස්‌තියානි සංකල්ප මිස බුදුදහමෙහි අංග නො වේ.

අප ගේ ජීවිතයේ අරුත බටහිර විද්‍යාව මගින් සොයාගත හැකි ද යන්න බටහිර විද්‍යාවට අදාළ දාර්ශනික ප්‍රශ්නයක්‌ බව අමරතුංග මහතා පවසයි. එය එසේ විය හැකි ද? එයට හේතුව බටහිර විද්‍යාව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි නිර්මාණය වී තිබීම ය. මේ ප්‍රශ්න වැදගත් වන්නේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මිස සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නො වේ. අමරතුංග මහතා තමා බෞද්ධයකු යෑයි කීව ද ඔහු කටයුතු කරන්නේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ය. බටහිර විද්‍යාව කටගාගත් මහාචාර්යවරුන් (මොවුන් බටහිර විද්‍යාවට කිසිම නව සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ එකතු කර නැත) ඇතුළු මෙරට උගතුන් යෑයි පැවසෙන ඊනියා බෞද්ධයෝ සංස්‌කෘතියෙන් ක්‍රිස්‌තියානීහු වෙති. 

අමරතුංග මහතා ලිපි කිහිපයක ම ඊනියා සියල්ලෙහි ප්‍රවාදයක්‌ ගැන සඳහන් කළේ ය. ඔහුට ඒ පිළිබඳ ව ඇත්තේ පරස්‌පර විරෝධී අදහස්‌ ය. ඒ බව ඒ මහතා ගේ ලිපිවලින් දීර්ඝ උපුටා දැක්‌වීම් මගින් පෙන්නුම් කළෙමි. එහෙත් ඔහු පොදු මතවාදය යනුවෙන් ඔහුට ම ආවේණික ලෙස සුපුරුදු පරිදි වැරැදියට හඳුන්වන සියල්ලෙහි ප්‍රවාදය හා ඌනිතවාදය ගලා එන්නේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙනි. ක්‍රිස්‌තියානියෙහි සියල්ල අවසානයේ දී එක්‌තැනකට ගොනු වෙයි. එය ක්‍රිස්‌තියානියට පමණක්‌ නො ව සියලු මැවුම්වාදී (නිර්මාණවාදී) සංස්‌කෘතීන්ට හා ආගම්වලට පොදු වෙයි. 

සියල්ල ගොනු වන්නේ මැවුම්කරු වටා ය. සියල්ල නිර්මාණය කරන්නේ මැවුම්කරු ය. ඔහු යෙහෝවා, දෙවියන් වහන්සේ, අල්ලා ආදී නම්වලින් හැඳින්විය හැකි ය. කිනම් නමකින් හැඳින්වුව ද මැවුම්කරුට පසු මිස පෙර කිසිවක්‌ නැත. සියල්ල මැවුම්කරුට පසු ව වෙයි. ලෝකය තේරුම්ගත හැක්‌කේ නිර්මාණකරුවා මගිනි. මැවුම්කරු නොමැති නම් කිසිවක්‌ නැත. සියල්ල මැවුම්කරු මගින් තේරුම්ගත හැකි ය. ජීවිතයේ අරුත ද තේරුම්ගත හැක්‌කේ මැවුම්කරුවා මගිනි. ජීවිතයෙහි අරුත සාක්‍ෂාත් කරගත හැක්‌කේ මැවුම්කරු සමග එක්‌ වීමෙනි.

සියල්ලෙහි ප්‍රවාදය මගින් කෙරන්නේ ද සියල්ල තේරුම්ගැනීම ය. එහෙත් සියල්ලෙහි ප්‍රවාදය තේරුම්ගැනීමෙහි මගක්‌ නැත. සියල්ලෙහි ප්‍රවාදය වෙනත් ප්‍රවාදයකින් තේරුම්ගත නො හැකි ය. එසේ වෙනත් ප්‍රවාදයකින් තේරුම්ගත හැකි නම් ඒ ප්‍රවාදය සියල්ලෙහි ප්‍රවාදය වෙයි. මැවුම්කරුවාණන් ද එබඳු ය. මැවුම්කරුවාණන් මගින් සියල්ල තේරුම් කර දිය හැකි වුවත් මැවුම්කරුවාණන් තේරුම්ගන්නේ කෙසේ ද? මැවුම්කරුවාණන් තේරුම්ගැනීමට වෙනත් සංකල්පයක්‌ යොදාගත හොත් එය මැවුම්කරුවාණන්ට උඩින් වෙයි. එවිට මැවුම්කරුවාණන් ගේ වැදගත්කම බාල්දු වෙයි. 

මැවුම්කරුවාණන් ගැන තැබිය හැක්‌කේ විශ්වාසයක්‌ පමණකි. එය තේරුම්ගත නො හැකි ය. තේරුම්ගැනීමට වෙනත් සංකල්ප හා ප්‍රවාද අවශ්‍ය වෙයි. ඊනියා සියල්ලෙහි ප්‍රවාදය ද එබඳු ය. එය තේරුම්ගත නො හැකි ය. ඒ තේරුම්ගන්නේ නම් ඒ සඳහා වෙනත් සංකල්ප හා ප්‍රවාද අවශ්‍ය වෙයි. එවිට තවදුරටත් ඊනියා සියල්ලෙහි ප්‍රවාදය සියල්ලෙහි ප්‍රවාදයක්‌ බවට පත් නො වේ. අපට කළ හැක්‌කේ ඊනියා සියල්ලෙහි ප්‍රවාදය විශ්වාස කිරීම පමණ ය. 

මෙය ඌනිතවාදයට ද පොදු ය. ඌනිතවාදයෙහි කෙරෙන්නේ ද යම් ක්‍ෂේත්‍රයක දැනුම ස්‌වසිද්ධි කිහිපයකින් පටන්ගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් ඒ ක්‍ෂේත්‍රයෙහි ඊනියා සත්‍ය ලෙස සැලකෙන ප්‍රකාශ නිගමනය කිරීම ය. එහෙත් ස්‌වසිද්ධි වෙනත් ප්‍රකාශයක්‌ යොදාගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය ආධාරයෙන් නිගමනය කළ හැකි නො වේ. එසේ කළ හොත් ඒ වෙනත් ප්‍රකාශ අදාළ ක්‍ෂේත්‍රයෙහි හෝ පද්ධතියෙහි හෝ ස්‌වසිද්ධි බවට පත් වෙයි. එබැවින් ඌනිතවාදයෙහි දී යම් ක්‍ෂේත්‍රයක ස්‌වසිද්ධි තේරුම්ගත නොහැකි, එනම් නිගමනය කළ නොහැකි, ප්‍රකාශ බවට පත් වෙයි. 

ස්‌වසිද්ධි යන්නෙහි ඒ ප්‍රකාශ විසින් ම යන තේරුම අන්තර්ගත වෙයි. අදාළ ක්‍ෂේත්‍රයෙහි ස්‌වසිද්ධිවල ඊනියා සත්‍යාසත්‍ය බවක්‌ නැත. ඒ අදාළ ක්‍ෂේත්‍රයෙහි සත්‍ය ද නැත් ද යන්න නිගමනය කළ නො හැකි ය. අපි ස්‌වසිද්ධි විශ්වාස කරමු. එසේත් නැත හොත් උපකල්පනය කරමු. ඒ උපකල්පන යොදාගෙන ක්‍ෂේත්‍රයෙහි, පද්ධතියෙහි වෙනත් ප්‍රකාශ නිගමනය කරමු. එසේ නිගමනය කෙරෙන ප්‍රකාශ අදාළ ක්‍ෂේත්‍රයෙහි සත්‍ය වේ යෑයි කියෑවෙයි.

එය එසේ පමණක්‌ වී නම් අපට ස්‌වසිද්ධි උපකල්පනය කරමින් සිටින්නට, ජීවත් වීමට තිබිණි. එවිට ජීවිතයේ අරුත වනුයේ ඒ ස්‌වසිද්ධි උපකල්පනය කිරීම ය. නැත හොත් ඒ විශ්වාස කිරීම ය. එහෙත් මේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි අංගයක්‌ මිස වෙනත් දෙයක්‌ නො වේ. ජීවිතයේ අරුත දෙවියන් වහන්සේ සමග එකතු වීම යන්න ඊනියා සත්‍ය ලෙස සැලකෙන ස්‌වසිද්ධි සමග ජීවත් වීම සංකල්පීය වශයෙන් වෙනස්‌ නො වේ. මේ සියල්ල සමග එකතු වීම යන්න හා ඊනියා සත්‍ය ලෙස සැලකෙන ස්‌වසිද්ධි සමග ජීවත් වීම සංකල්පීය වශයෙන් වෙනස්‌ නො වේ. මේ සියල්ල ම පිටුපස ඇත්තේ ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි සුවිශේෂ වූ අංගයකි. එහෙත් චින්තනය යන්න අමරතුංග මහතා නො දනියි. එසේ වීමට එක්‌ හේතුවක්‌ නම් ඔහු කියවන ඉංගිරිසි පොත්වල ඒ සංකල්පය නොමැති වීම ය. දෙවැන්න මේ සම්බන්ධයෙන් අප ලියා ඇති කරුණු ඔහුට නො වැටහීම ය. 

බටහිරයන් ගේ ඊනියා සියල්ලෙහි ප්‍රවාදය ගණිතමය ආකෘතියකින් එහා ගිය එකක්‌ නො වේ යෑයි හෝකින් පවසා ඇතැයි අමරතුංග මහතා සඳහන් කරයි. බටහිර භෞතික විද්‍යාවේ බොහෝ විට ඇත්තේ ගණිතමය ආකෘති ය. අමරතුංග මහතා ද මොකක්‌ දොa පොතකින් කියවා ප්‍රවාද හා ගණිත ආකෘති (ඔහු ගේ වචනවලින් නම් මොඩල) ගැන කලින් ද සඳහන් කර ඇත. ගණිත ආකෘතිවල ඇත්තේ ඌනිතවාදය ය. එයින් දැනගත හැකි ඊනියා සත්‍යයක්‌ තබා ඊනියා විද්‍යාත්මක සත්‍යයක්‌ වත් නැත. 

බටහිර විද්‍යාවේ සියල්ලෙහි ප්‍රවාදය අවසාන වශයෙන් ගත් කල ගණිතමය ආකෘතියක්‌ නම් එක්‌ පැත්තකන් ඉන් කියෑවෙන්නේ ඌනිතවාදය ය. අනෙක්‌ පැත්තෙන් අමරතුංග මහතා බලාපොරොත්තු වන ඊනියා විද්‍යාත්මක සත්‍යය වත් ඉන් නො ලැබෙන බව පැහැදිලි ය. අමරතුංග මහතාට නො තේරුණත් ආකෘතියක්‌ යන්නෙහි තේරුම ම ඊනියා ප්‍රකෘතිය නො වන බව ය. ආකෘතියක්‌ කිසි දිනෙක ප්‍රකෘතියක්‌ (එසේ තිබේ යෑයි උපකල්පනය කළ ද) විය නො හැකි ය. අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ආකෘති ගැන සඳහන් කරන විට ම ඔහු බටහිර විද්‍යාවෙන් ඊනියා ප්‍රකෘතියක්‌ නො කියෑවෙන බව පිළිගනියිෘ

බටහිර විද්‍යාවෙන් ඊනියා විද්‍යාත්මක සත්‍යයක්‌ නිරූපණය වේ ද? කිසි ම අවබෝධයක්‌ නොමැති ව අමරතුංග මහතා සඳහන් කරන ගර්ඩ්ල් ප්‍රමේයයෙන් කියෑවෙන්නේ කුමක්‌ ද? යම් දැනුම් පද්ධතියක අංක ගණිතයෙහි මෙන් කරුණු සකස්‌ කරගත හැකි නම් එම පද්ධතිය එහි ස්‌වසිද්ධිවලට ඌනනය කළ නොහැකි බව ය. වෙනත් වචනවලින් කිව හොත් එකී පද්ධතියෙහි ස්‌වසිද්ධිවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් නිගමනය කළ නොහැකි (එම පද්ධතියෙහි) සත්‍ය ප්‍රකාශ ඇති බව ය. එයින් තවත් අයුරකින් කියෑවෙන්නේ හිල්බට්‌ ගේ දෙවැනි ප්‍රශ්නයට ඇත්තේ නිෂේධනීය පිළිතුරක්‌ බව ය. 

එනම් ප්‍රමේයයන් හා සංගත වූ ස්‌වසිද්ධි පද්ධතියක්‌ බටහිර ගණිතයෙහි සොයාගත නොහැකි බව ය. හෝකින් විද්වතකු විය හැකි ය. ඔහුට මේ සම්බන්ධයෙන් මුල දී තිබුණේ විරුද්ධ අදහස්‌ ය. එහෙත් හිල්බට්‌ ගේ වැඩපිළිවෙළ හෙවත් බලාපොරොත්තු ග්ර්ඩ්ල් ප්‍රමේයයත් සමග කඩාවැටුණු බව අපි බොහෝ කලක සිට දැන සිටියෙමු. ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නය ම හිස්‌ ප්‍රශ්නයකි. එය ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පැනනගින්නකි. ඒ අරුත කුමක්‌ ද යන්නට බටහිර විද්‍යාවට ද දිය හැකි එක ම පිළිතුර පද්ධතියෙහි ඊනියා ස්‌වසිද්ධි උපකල්පනය කිරීම හා විශ්වාස කිරීම ය. එහෙත් ස්‌වසිද්ධිවලින් ගම්‍ය නො වන නිගමනය කළ නොහැකි ඊනියා සත්‍ය ප්‍රකාශ පද්ධතියෙහි වෙයි. මැවුම්කරුවාට ඌනනය කළ නොහැකි කරුණු අපේ ජීවිතවල වේ ද? 

නලින් ද සිල්වා

2015-01-24

Sunday, 18 January 2015

සුළුතරයේ ආධිපත්‍යය


ජනාධිපතිවරණයේ දී සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් පරාජයක් ලබා ඇත. මෙය 1815 දී ලැබූ පරාජය තරම් දරුණු එකක් නොවුවත් අප සිහියෙන් කටයුතු නොකළහොත් එවැනි මට්ටමකට ඇද වැටීමට ඉඩ ඇත. 1815 දී කේම්බ්‍රිජ් උපාධිධාරී ඩොයිලි ප්‍රධාන ඉංගිරිසි නිලධාරීන්ගේ සටකපටවූ ද බොරුවලින් පිරීගියාවූ ද දේශපාලනයට හසු වී සුද්දන්ට රට භාරදී අපි අමාරුවේ වැටුනෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස අපට සුදු ආණ්ඩුකාරයකු මුළු දිවයිනට ම ලැබිණි. 1817 දී කැප්පෙටිපොළ නිළමේ ඝාතනය කෙරුණු අතර වෙල්ලස්සේ සිංහලයෝ සමූලඝාතනය කරනු ලැබූහ. 2015 දී කළු සුද්දන්ගේ බටහිර දැනුමට, බොරුවලට හා ව්‍යාජ දේශපාලනයට හසු වූ පිරිසක් බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් හා බඩ ගැන මිස රට ජාතිය ආගම ගැන කල්පනා නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපට නැවතත් සුදු ආණ්ඩුකාරයකු ලැබී ඇත. ඒ එංගලන්ත මහා කොමසාරිස් ය. රනිල් වික්‍රමසිංහ ඔහු වෙනවෙන් අගමැතිකම කරයි. මෛත්‍රීපාල සිරිසේන අත්සන් කිරීමේ කටයුතුවල නිරත වෙයි. අපි 2017 වන විට ඉංගිරිසින්ගේ දෙමළ ජාතිවාදයට යට වී සිංහලයන් ඝාතනය කිරීමකට ඉඩ දෙමු ද? අද ප්‍රශ්නය බොරු ප්‍රජාතන්ත්‍රවාදය හා බඩ ද නැත්නම් රට ද යන්න මිස අනෙකක් නො වේ. රට ගැන නොසිතුවහොත් අවසානයේ දී බොරු ප්‍රජාතන්ත්‍රවාදයත් බඩත් නැතිවනු ඇත.

පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජයගනු ඇතැයි අපි පුරෝකථනය කළෙමු. එය ප්‍රාර්ථනයක් නො වී ය. සිංහල බෞද්ධයන්ගෙන් 60%කට වඩා ඒ මහතාට ඡන්දය දෙනු ඇතැයි අපේ ගණනය විය. එය එක් උපකල්පනයක් මත පදනම් විය. ඒ 2005 දී ජයගත් ජාතිකත්වය, 2009 දී නන්දිකඩාල් කලපුවේ දී තහවුරු වීමෙන් පසුව දුර්වල නො වේ ය යන්න ය. අපි සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් කෙරෙහි විශ්වාසය තැබුවෙමු. දෙමළ මුස්ලිම් එක් ඡන්දයක් නැතිව වුවත් ජනගහනයෙන් 75%ක් වූ සිංහලයන්ගෙන් 65%ක් ඡන්දය දෙන්නේ නම් සිංහලයන්ට ජයගත හැකි ය. සිංහලයන්ගෙන් 60%ක් ඡන්දය දෙන්නේ නම් එවිට මුළු ඡන්දයෙන් 45%ක් ලැබෙයි. 25%ක් වූ දෙමළ හා මුස්ලිම් ජනයාගෙන් 20%ක් ඡන්දය දුන්නේ නම් එවිට ද ජයගත හැකි ය. එහෙත් ඒ එසේ නො වී ය. මහින්ද රාජපක්‍ෂ මහතාට දෙමළ ජනයාගේ ඡන්දවලින් ලැබුණේ 20%කට අඩු ප්‍රමාණයකි. මුස්ලිම් ඡන්දවලින් 15%ක්වත් නොලැබිණි. කල්මුණේ ඡන්ද බල ප්‍රදේශයෙහි එය 9%ක් පමණ විය. නැගෙනහිර පළාතේ ඡන්දය දුන් ප්‍රතිශතය ඉතා විශාල විය. සමස්තයක් ලෙස ගතහොත් මුස්ලිම් ජනයා තොග වශයෙන් එකට සිටිමින් තම ජනවාර්ගික අනන්‍යතාව ප්‍රධාන කරුණ බවට පත්කරගනිමින් ඡන්දය දුන්හ. සේරුවිල, හා අම්පාර ඡන්ද බල ප්‍රදේශ අත්හැර උතුරු හා නැගෙනහිර පළාත්වල අනෙක් ඡන්ද බල ප්‍රදේශ සමග පුත්තලම හා නුවරඑළිය මස්කෙළිය ඡන්ද බල ප්‍රදේශ එකට ගතහොත් මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්ද අටලක්‍ෂයකට අධික ප්‍රමාණයකින් පරාජය විය. එහෙත් මුළු රටෙන් ම ඒ මහතා පරාජය වූයේ ඡන්ද හාරලක්‍ෂ හතලිස් පන්දහකින් පමණ ය. සිංහල ඡන්දවලින් 55%ක් පමණ ඒ මහතාට ලැබී ඇති මුත් එය 65%ට අඩු විය. ඒ මහතාට 65%ට වඩා ඡන්ද ලැබුණේ තංගල්ල බල ප්‍රදේශයෙන් පමණකි. එය 65.18%ක් විය. හම්බන්තොට දිස්ත්‍රික්යෙන් ම ඒ මහතාට 63.02% ක ඡන්ද ලැබිණි. ඉහත කී ඇතැම් ගණනයන් දළ වශයෙන් කරන ලද්දේ වුවත් සිදුවූයේ කුමක් ද යන්න පැහැදිලි ය. දෙමළ හා මුස්ලිම් ජනයා ජනවාර්ගික පදනමකින් ඡන්දය දෙන විට සිංහලයෝ සැලකිය යුතු පිරිසක් ජාතිය අමතක කර ඊනියා යහපාලනයකට, වෙනසකට හා රුපියල් දහදාහකට හා බඩට ඡන්දය දුන්හ.  

නැවතත් දළ ගණනයකට අනුව 2010 දී මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් අයගෙන් 85% ට වැඩි පිරිසක් 2015 දී ඡන්දය දුන්හ. ඇතැම් බල ප්‍රදේශවල එය 90%ට වැඩි විය.  අළුත් ඡන්ද යැයි සැලකිය හැකි ඡන්දවලින් නාගරික බල ප්‍රදේශවල ඒ මහතාට ලැබී ඇත්තේ 20%ක පමණ ඡන්ද ප්‍රමාණයකි. ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල එය 50% දක්වා වැඩි වී ඇත. සමස්තයක් ලෙස ගත්කල දෙමළ හා මුස්ලිම් ජනයා, නාගරික  ජනයා, අවුරුදු 30ට පමණ අඩු අය, බෞද්ධ නොවන සිංහලයන් මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ ව ඡන්දය දී ඇත. මේ සියල්ල පහත දැක්වෙන සිතියමෙන් (සන්ඩේ ටයිම්ස් පත්‍රයේ අනුග්‍රහයෙනි) පැහැදිලි වෙයි. මෙහි රතු පාටෙන් ලකුනු කර ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ලබා ඇති ඡන්ද බල ප්‍රදේශ ය. එය ඊනියා ඊළාම් සිතියමෙන් වෙනස් වන්නේ මාතර, ගාල්ල හා බේරුවල බල පුදේශ ද බස්නාහිර මුහුදුබඩ තීරයේ පාණදුර සිට මීගමුව දක්වා බල ප්‍රදේශ ද කඳුකරයේ ඇතැම් බල ප්‍රදේශ ද පොළොන්නරුව දිස්ත්‍රික්කය ද එකතු වී තිබීමෙන් හා අම්පාර සේරුවිල බල ප්‍රදේශය අත්හැර තිබීමෙනි. මහින්ද රාජපක්‍ෂ මහතා සුළු ඡන්ද ප්‍රමාණයකින් පැරදුණු පාණදුර ඡන්ද බල ප්‍රදේශයෙහි ද මුස්ලිම් ජනයා සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව අමතක නොකළ යුතු ය. මේ ජනවාර්ගික, නාගරික, යහපාලන හා තරුණ පදනමෙන් බාහිරව ඇතැම් බල ප්‍රදේශවල මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්ද අඩුවී නම් එයට හේතුව සංධානයේ ප්‍රාදේශීය නායකයන්ගේ අක්‍රියත්වය හා බලයෙන් මත්වීම ය. ඇතැම් මැති ඇමතිවරන්ගේ ද කළකිරීමට බැසිල් රාජපක්‍ෂ හා නාමල් රාජපක්‍ෂ සාධක බලපා ඇති බව ද පැහැදිලි ය. තැපැල් ඡන්්ද අඩුවීමට රුපියල් දහදහ බලපා ඇතැයි සිතිය හැකි ය. 



සංධානයේ ඇමතිවරුන් ද ඇතුළු ඇතැමුන් දැන් කියනු ඇත්තේ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් දිනිය නොහැකි බව ය. මෙය චන්ද්‍රිකාගේ කාලයේ සිට ම (අනුවේ දශකයේ මුල සිට) වයන පදයකි. එහෙත් දෙමළ ඡන්ද යම් ප්‍රමාණයක් ලැබෙන විට සිංහල ඡන්දවලින් 60%ක් ලබාගත හැකි නම් දිනිය හැකි ය. මෙවර ජනාධිපතිවරණයේ දී සිංහල ඡන්ද විශේෂයෙන් ම බෞද්ධ ඡන්ද වැඩිකර ගැනීමට සංධානය ක්‍රියා කළේ නැත. මාධ්‍ය මෙහෙය වූ ඇමතිවරුන්ට සිංහල ඡන්ද මතක් වූයේ ජනාධිපතිවරණයේ අවසන් සතියෙහි ය. ඒ වන විට ඡන්දදායකයෝ තීරණයකට පැමිණ සිටියහ. තරුණ ඡන්දදායකයන්ට හා නාගරිකයන්ට මුහුණක් නැති එහෙත් මුහුණු පොත ලෙස හැඳින්වෙන ෆේස්බුක් මගින් ගෙන ගිය බොරු ප්‍රචාර තදින් බල පෑවේ ය. ඊනියා තොරතුරු තාක්‍ෂණය හා පරිගණක සාක්‍ෂරතාව වර්ධනය වූයේ පසුගිය ආණ්ඩුව යටතේ වුව ද එය අපේ වහලකු කරගන්නේ කෙසේ ද යන්න තරුණයන්ට කියා දීමට කිසිවෙක් නො සිටියේ ය. නැණසලට ඊනියා ජාත්‍යන්තර තෑගි ලැබුණේ එයින් බටහිර තාක්‍ෂණයට හා දැනුමට යට වූ පිරිසක් බිහිකළ බැවින් ද? නැණසල අවසානයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහි විය. තරුණ ඡන්ද මෙයට වඩා ලැබිණි නම් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීමට තිබිණි. තංගල්ල බල ප්‍රදේශයෙහි ද තරුණයන් (අළුත් ඡන්ද ලෙස උපකල්පනය කරමින්) 50%කට වඩා මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දී නැත. කොළඹ විශ්වවිද්‍යාලයේ දී ජාතිකත්වය වටා ගොනු වූ ශිෂ්‍යයන් වැන්නන් අවුරුදු දහයක දීර්ඝ සප්තවාර්ෂික නිවාඩුවකින් පසු කැලණියට ගිය මට එහි දී දැකගත නොහැකි විය. එය කැලණියේ සුවිශේත්වයක් නො වී ය. 

සිංහලයන් සමස්තයක් ලෙස ජාතිය ගැන නොසිතූ බැවින් අද ශ්‍රී ල නි ප දුර්වල වී ඇත. සිංහලයන්ට කිසි දා උඩින් සැපයූ නායකත්වයක් නො වී ය. ශ්‍රී ල නි පක්‍ෂය ද එහි නායකයෝ ජාතිය ද පසුපස පැමිණියහ. ජනතාව නායකයන්ට නායකත්වය සැපයී ය. චන්ද්‍රිකාගේ කාලයේ ශ්‍රී ල නි ප ප්‍රතිපත්ති වෙනස්කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය. එහෙත් අද සිංහල තරුණ පරම්පරාව බටහිර තාක්‍ෂණයේ හා දැනුමේ දාසයන් බවට පත් වී ඇත. වැඩිහිටියන්ගෙන් කොටසක් බොරු යහපාලනයට හා බඩට යට වී ඇත. ඔවුන්ට නායකයන්ට නායකත්වය සැපයිය නො හැකි ය. මහින්ද රාජපක්‍ෂ 2005න් පසු ක්‍රමයෙන් ජාතිකත්වය කරා පැමිණි ගමන අද සන්ධිස්ථානයකට පැමිණ ඇත. ජාතිය ඉබාගාතේ යන විට නායකයෝ මංමුළා වෙති. අද කාටත් පාහේ ඇති ප්‍රශ්නය දිවි ගලවා ගැනීම හා ආරක්‍ෂා වීම ය. 

ජනවාරි 8 වැනි දා ජාතිය පාවා දෙනු ලැබිණි. 1833 ව්‍යවස්ථාදායක සභාව ඇරඹි දින සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහය යටතේ සුළුතරයට අවශ්‍ය වූයේ සුළුතරයේ ආධිපත්‍යය පිහිටුවීමට ය. රාමනාදන්ලා අරුණාශලම්ලා පොන්නම්බලම්ලා ඉංගිරිසින්ගේ ආධාරයෙන් ඒ සඳහා වෙහෙස දැරූහ. (විස්තර ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවීමෙන් දැනගත හැකි ය. මේ පොත කියවා ඇත්තේ තරුණයන් ස්වල්පයක් පමණ ය) අද නැවත වරක් සුළුතරයේ ආධිපත්‍යය අප මත පටවා ඇත. සිංහල බෞද්ධ විරෝධීහු ඉහළ තනතුරුවලට පත් කෙරෙති. ජාතිය පාවා දෙනු ලැබුයේ බටහිර බොරුවලට මුළා වූ ද බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සිහින මැව්වා වූ බඩ ගැන සිතුවා වූ ද ජාතියේ ඇතැම් කොටස් විසිනි. ජාතිය පාවා දීමෙන් පසු ශ්‍රී ල නි පක්‍ෂයක් ගැන කියනුම කවරේ ද? මෛත්‍රිපාල සිරිසේන මහතා එහි සභාපති වීමෙන් සංකේතවත් වන්නේ කුමක් ද? බටහිරයන්ගේ දැනුමට අපි යට වීමු. අප සිහියෙන් වැඩ නොකළහොත් රටට 1817 උරුම වනු ඇත. අප අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි කාලයක් පැවතුණේ අපේ දැනුමට පින්සිදු වීමට ය. ඒ දැනුම මත පදනම් ව ජනවාරි 8 වැනි දා පරාජය තාවකාලික පරාජයක් බවට පත්කරමු.    


නලින් ද සිල්වා

2015-01-18

Wednesday, 14 January 2015

අමරතුංග මහතා ගේ අනවබෝධය


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ඊනියා දර්ශනයක්‌ ගැන කියවන්නේ තමන්ට ඒ කිසිවක්‌ තේරී ඇති නිසා නො වන බව පැහැදිලි ය. ඔහු සියල්ලෙහි ප්‍රවාදයක්‌ (Theory of everthing) ගැන කතා කරයි. එහි දී ඔහු කරන්නේ ඔහු කියවා ඇති එහෙත් තේරුම් නො ගත් පොතක ඇති දේ ඉතා අවුල් සහගත ව ලියා විදුසර විද්‍යා සංග්‍රහයෙහි පිටු නාස්‌ති කිරීම පමණ ය. ඔහුට ඊනියා සියල්ලෙහි ප්‍රවාදයක්‌ ගැන මහත් බලාපොරොත්තුවක්‌ ඇත. ඒ අතර ඔහු හෝකින් වැනි තම වීරයන් වූ ඇතැම් බටහිර විද්‍යාඥයන් පවා දැන් ගර්ඩ්ල් ප්‍රමේයයට අනුව ඒ නො පිළිගන්නා බව කියයි. එහෙත් ගර්ඩ්ල් ප්‍රමේයය ගැන අප කරුණු ඉදිරිපත් කර ඒ අනුව සියල්ලෙහි ප්‍රවාදයක්‌ තිබිය නොහැකි බව පැවසුවේ දශක කිහිපයකට පෙර ය. ඒ දිනවල හෝකින් සියල්ලෙහි ප්‍රවාදයක්‌ ගැන සිහින දුටුවේ ය. ඒ සියල්ල සාකච්ඡා කිරීමට පෙර අප පසුගිය සතියේ ලිපියෙන් මතු කළ අදහස්‌ කිහිපයක්‌ තවදුරටත් වර්ධනය කළ යුතු ය. 

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ සීමිත නීරීක්‍ෂණ (ඊනියා පර්යේෂණ හා සම්පරීක්‌ෂණ ද ඇතුළත් ව) කිහිපයක්‌ උද්ගමනය යොදාගනිමින් සාධාරණය කර වියුක්‌ත ප්‍රකාශයක්‌ කර එය බටහිර සංඛ්‍යානය මගින් ව්‍යාජ යුක්‌තියුක්‌තකරණයට ලක්‌ කර පළමු කී වියුක්‌ත ප්‍රකාශය තේරුම්ගැනීමට යෑයි කියමින් වියුක්‌ත හිතළු නිර්මාණය කිරීම ය. එසේ නිර්මාණය කරන ලද වියුක්‌ත හිතළුවලින් ලබාගන්නා නිගමන (Deduction) ඉන්පසු සංයුක්‌ත උදාහරණ මගින් සත්‍යාපනය කර ඒ හිතළුව ඊනියා ප්‍රවාදයක්‌ බවට පත් කෙරෙයි. මේ ක්‍රියා පිළිවෙත මුළුමනින් ම ක්‍රම විරෝධී ය. 

මේ ඊනියා නිගමන ද උද්ගමන බව අප කියා ඇත්තේ කලකට පෙර ය. අද ඇතැමුන් ඒ තමන් ගේ නව අදහස්‌ ලෙස ප්‍රකාශ කරන්නේ තමන් මේ මතවල හිමිකරුවන් පොල්මඃකරුවන් බව ලෝකයට කියා පෑමට ය. සංවාක්‍යවලින් (syllogism) ලබාගන්නා නිගමන ප්‍රස්‌තුතයෙහි ම ඇතුළත් වෙයි. සියලු මිනිස්‌සු මැරෙති. සොක්‍රටීස්‌ මිනිසෙකි. එබැවින් සොක්‍රටීස්‌ ද මිය යයි යනුවෙන් කෙරෙන ඊනියා නිගමනය ව්‍යාජයක්‌ පමණකි. සියලු මිනිස්‌සු මැරෙති යෑයි කී විට සොක්‍රටීස්‌ ද මැරෙන බව එහි අන්තර්ගත ය. එවිට සොක්‍රටීස්‌ ද මිය යයි යනුවෙන් ඊනියා නිගමනයකට ඒමට අවශ්‍ය නො වේ. 

අනෙක්‌ අතට සියලු මිනිස්‌සු මැරෙති යන්න බටහිරයන්ට වියුක්‌ත උද්ගමනයකි. එය බුදුන්වහන්සේට නම් "පෙනෙන" කරුණකි. බටහිරයන් ද බුදුන් වහන්සේ ගෙන් නො ව බටහිරයන් ගෙන් "දැනුම" ලබාගන්නා සිංහල බෞද්ධයන් ද සියලු මිනිස්‌සු මැරෙති යන දැනුම ලබාගන්නේ මිනිසුන් කිහිප දෙනකු මිය ගොස්‌ ඇති බව සාධාරණීකරණයට ලක්‌ කර උද්ගමනයෙනි. එමෙන් ම ඇරිස්‌ටෝටලීය න්‍යායෙහි වියුක්‌ත නියම ලබාගන්නේ ද උද්ගමනයෙනි. 

A=A යන්න ආත්මීය ප්‍රකාශයකි. මෙය ඒ පුටුව, ඒ පුටුවට සමාන වේ ආදී ප්‍රකාශ කිහිපයක වියුක්‌ත සාධාරණීකරණයකි. එහි වෙනස්‌ නො වන ධර්මාත්මයක්‌ හා පුද්ගලාත්මයක්‌ ආදී අදහස්‌ අන්තර්ගත ය. එය අනිත්‍යයට හා අනාත්මයට විරුද්ධ වෙයි. A=B හා B=C නම් A=C වේ ය යන්න ද එවැනි ම වූ උද්ගමනයකි. එක්‌ කෝටුවක්‌ වෙනත් කෝටු දෙකකට දිගින් සමාන වේ නම් ඒ කෝටු දෙක ද දිගින් එකිනෙකට සමාන වේ ය වැනි නිරීක්‍ෂණ කිහිපයක්‌ සාධාරණීකරණයට ලක්‌ කර වියුක්‌ත A=B හා B=C නම් A=C වේ ය යන ඊනියා නිගමනය ලබාගෙන ඇත. මෙය දි අයිලන්ඩ් පුවත්පතෙහි පළ කරන ලද අවස්‌ථාවෙහි දී කැනඩාවේ ජීවත් වන ජෛවීය විද්‍යාවන් හැදෑරුවේ යෑයි සිතිය හැකි බෝධි ධනපාල නම් අයකු පමණක්‌ අමරතුංග මහතා මෙන් ම තමන්ට නො තේරෙන දේ ලිවීමට උත්සාහ කළ නමුත් පුවත්පත් කතුවරයා ඔහුට එක්‌ වරකට වඩා ඉඩ නො දුන්නේ ය යනු මා ගේ විශ්වාසය වෙයි. 

ඒ කුමක්‌ වුවත් බටහිර විද්‍යාවේ කෙරෙන්නේ හිතළු ඉදිරිපත් කිරීම ය. අපි ගුරුත්වාකර්ෂණය යන්න ම සලකමු. අතහරිනු ලැබ වස්‌තු පොළොවෙහි වැටෙන බව (පොළොව දෙසට චලනය වන බව) අපි නිරීක්‍ෂණය කර ඇත්තෙමු. මේ නිරීක්‍ෂණය කෙතරම් උත්සාහ කළත් වස්‌තු කිහිපයකට පමණක්‌ සීමා වෙයි. ඉන්පසු බටහිර විද්‍යාඥයෝ මේ නිරීක්‍ෂණ සාධාරණීකරණයට ලක්‌ කර අත්හරිනු (මුදාහරිනු) ලැබු සියලු වස්‌තු පොළොවට වැටෙයි යන උද්ගමනයට එළඹෙති. දැන් බටහිර විද්‍යාඥයන්ට එසේ වීමට හේතුව කුමක්‌ දැයි දැනගැනීමට අවශ්‍ය වෙයි. ඔවුහු ඒ සඳහා විවිධ හිතළු නිර්මාණය කරති. 

නිවුටන් ගේ හිතළුව ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ලෙස නම් කෙරී ඇත. එය වියුක්‌ත ප්‍රකාශයකි. දැන් මේ වියුක්‌ත ප්‍රකාශයෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් ලබාගන්නා ඊනියා නිගමන (මේ ඊනියා නිගමන ද උද්ගමනවල ප්‍රතිඵල ය) සංයුක්‌ත ව ඇතැම් නිරීක්‍ෂණ සමග සංසන්දනය කෙරෙයි. ඒ සංසන්දන සමහරක්‌ ගැලපෙන බැවින් (නො ගැලපෙන සංසන්දන ද වෙයි) නිවුටන් ගේ හිතළුව ඊනියා ප්‍රවාදයක්‌ බවට පත් කෙරී ඇත. එහි ඇත්තේ හිතළුව කෙතරම් දුරට සාර්ථක වී ඇත් ද යන්න පමණකි. හිතළුව පට්‌ටපල් බොරුවකි. ප්‍රවාදයක්‌ යනු යම් ප්‍රමාණයකට සාර්ථක වූ පට්‌ටපල් බොරුවක්‌ පමණකි. බටහිර විද්‍යාවෙහි මෙයට වඩා දෙයක්‌ නැත. නිවුටන් ගේ පට්‌ටපල් බොරුවට සංකල්පීය වශයෙන් සම්පූර්ණයෙන් ම වෙනස්‌ වූ පට්‌ටපල් බොරුවක්‌ අයින්ස්‌ටයින් විසින් නිර්මාණය කෙරී ඇත. 

දැන් අපි අමරතුංග මහතා ඊනියා සියල්ලෙහි ප්‍රවාදය ගැන කියන කරුණු සමහරක්‌ විභාග කරමු. "පසුගිය දෙසැම්බර් 31 වැනි දා ලිපියෙහි ඔහු මෙසේ කියයි. මෙය දීර්ඝ වශයෙන් උපුටා දක්‌වන්නේ එක ම ලිපියක අවුල් සහගත අදහස්‌ පරස්‌පර සහිත ව දැක්‌වීමට අමරතුංග මහතා කෙතරම් සමත් ද යන්න පාඨකයාට වටහා දීමට ය. පසුගිය ලිපියේ සඳහන් කළ පරිදි සැමට පොදු මතවාදයක්‌ (Theory of everything) නිර්මාණය කරගැනීමට විද්‍යාඥයන් ගත් ප්‍රයත්නය සාර්ථක වී නැති බව පෙන්වා දුන්නෙමි (විදුසර 03.12.14 සහ 17.12.14). එවැනි මතවාදයක්‌ විසින් කළ යුත්තේ ස්‌වභාවධර්මයේ පවතින නොයෙකුත් අන්තර් ක්‍රියාවන් සම්බන්ධ කිරීම ය. මෙතැන දී ගුරුත්වාකර්ෂණය ප්‍රබල අන්තර්ක්‍රියා (Strong Interaction) දුබල අන්තර්ක්‍රියා (Weak Interaction) සහ විද්යුත් චුම්බකත්වය යන ක්‍රියාදාමයන් එක්‌ මතවාදයක්‌ යටතට ගැනීම සිදු විය යුතු ය. දුබල අන්තර්ක්‍රියා විසින් මූලික අංශු (Elementary particles) එක්‌ වර්ගයකින් වෙනත් වර්ගයකට හැරවීමේ හැකියාව පෙන්නුම් කරන නිසා පොදු මතවාදය විසින් මූලික අංශු පිළිබඳව ද ගැඹුරු පැහැදිලි කිරීමක්‌ කළ යුතු ය. ස්‌වභාවධර්මයේ අන්තර්ක්‍රියා පිළිබඳ දැනට ඇති මතවාද එකතු කොට අවසානයේ ලබාගත හැකි පොදු මතවාදය නිර්මාණය විය යුතු ආකාරය පහත සඳහන් වේ.

මෙහි අවසාන පියවර වන විද්යුත්-න්‍යෂ්ටික බලය සහ ගුරුත්වාකර්ෂණය එකතු කිරීම මෙතෙක්‌ සිදු වී නැත. එම නිසා පොදු මතවාදය තවමත් නිර්මාණය වී නොමැත. එහෙත් මේ පිළිබඳව කිව යුතු තවත් දෙයක්‌ ඇත. 1990 වර්ෂයට පසුව තන්තුවාදය (String Theory) නමින් හැඳින්වෙන මතවාදය සැමට පොදු මතවාදය ලෙස සමහර විද්‍යාඥයෝ පිළිගනිති. එනමුත් මේ පිළිබඳව එකගතාවක්‌ නොමැත. මතවාදාත්මක භෞතික විද්‍යාවේ ගැලී සිටින විද්‍යාඥයන් ගේ අවධානය බොහෝ සෙයින් ලබාගෙන ඇත්තේ තන්තුවාදය බව ද කිව හැකි ය. පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීම සඳහා දැනට ඇති වැදගත් ම සංකල්පය තන්තුවාදය බව පිළිගැනේ. ද්‍රව්‍ය මූල අංශුවල ක්‍රියාදාමයන් ද විශ්වයේ සිදු වන ක්‍රියාදාමයන් ද (උදා - black hole) පහදා දීමේ යම්කිසි හැකියාවක්‌ තන්තුවාදය තුළ ඇති බව දැනගැනීමෙන් මේ විද්‍යාඥයන් ධෛර්යයට පත් වී ඇත. අප ගේ පෘථිවියේ පවතින ද්‍රව්‍යවලින් ඔබ්බට ගිය අඟුරු ද්‍රව්‍ය (Dark Matter) සහ මෙතෙක්‌ සොයාගෙන නැති මූලික අංශු පිළිබඳව කෙරීගෙන යන පර්යේෂණවල ප්‍රතිඵල තුළිsන් පොදු මතවාදය ගැන යම් දුරක පැහැදිලි කිරීමක්‌ සිදු වෙතැයි ඔවුහු බලාපොරොත්තු තබාගෙන සිටිති.

මේ කරුණුවලින් ලැබෙන ඉඟියක්‌ වන්නේ මේවායේ රහස අභ්‍යවකාශයේ කිසියම් තැනක හෝ වස්‌තුවක තිබිය හැකි බව ය. විද්යුත් චුම්බක බලය සහ ගුරුත්වාකර්ෂණය එකතු කරන මතවාදයක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම ලබාගත හැක්‌කේ අභ්‍යවකාශයෙන් විය හැකි ය. මෙය කිරීමට තවමත් කිසි ම දෙයක්‌ නො දන්නා අභ්‍යවකාශයේ තිබෙන ස්‌ථානයකට මිනිසාට යැමට හෝ උපකරණයක්‌ යෑවීමට හෝ සිදු වනු ඇතැයි සමහර විද්‍යාඥයන් ගේ මතය වී ඇත."

අමරතුංග මහතා දන්නා තන්තුවාදයක්‌ නැත. හැකිනම් තන්තුවාදය යනු කුමක්‌ දැයි පැහැදිලි කරන ලෙස මම ඔහුට අභියෝග කරමි. අගුරු ද්‍රව්‍ය යන්න අමරතුංග මහතා පටබැන්දේ කෙසේ ද? ඉංගිරිසි ඩාක්‌ (Dark) යන්නෙන් කියෑවෙන්නේ අගුරු ද? ප්‍රබල අන්තර්ක්‍රියා හා දුර්වල අන්තර්ක්‍රියා යනු කවරේ ද? අමරතුංග මහතා තමන්ට නො තේරෙන දේ ගැන කතා කරන්නේ කිසි ම ලඡ්ජාවක්‌ හෝ බියක්‌ හෝ නොමැති ව ය. කෙසේ වෙතත් උපුටා දැක්‌වීම මුල දී අමරතුංග මහතා කියන්නේ ඊනියා පොදු මතවාදයක්‌ (සියල්ලෙහි ප්‍රවාදයක්‌) නිර්මාණය කිරීමට බටහිර විද්‍යාඥයන් දැරූ ප්‍රයත්නය සාර්ථක වී නැති බව ය. 

ඉන්පසු ඔහු කියන්නේ මතවාදාත්මක භෞතික විද්‍යාවේ ගැලී සිටින (මේ සෛද්ධාන්තික හෙවත් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයන් -Throretical Physicists- යෑයි සිතමි. ඔවුන් ගැලී සිටිනවා යන්නෙහි තේරුම කුමක්‌ ද?) අය ඊනියා අගුරු ද්‍රව්‍ය හා මෙතෙක්‌ සොයාගෙන නොමැති මූලික අංශූ පිළිබඳ කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල මගින් පොදු මතවාදය ගැන පැහැදිලි කිරීමක්‌ බලාපොරොත්තු වන බව ය. තවමත් සොයාගෙන නැතැයි කියන අංශු ගැන කරන පර්යේෂණ කවරේ ද? ඊනියා විද්‍යාත්මක විධික්‍රමය සොයා නො ගත්තේ ය කියන කරුණු මත පදනම් වී පුරෝකථන සැපයීම ද?

මෙයටත් වඩා විද්‍යාත්මක විධික්‍රමය වන්නේ අභ්‍යවකාශයේ සැඟවී ඇතැයි කියන රහස්‌වලින් ඊනියා මතවාද ගොඩනැගීම ය. අමරතුංග මහතා කියවා ඇති ජනප්‍රිය පොත ලියූ ලේඛකයා මෙවැනි බහුබූත ලියා ඇතැයි මම නො සිතමි. මේ වැරැදි අමරතුංග මහතාට ඒ පොතෙහි සඳහන් දේ නො තේරීම හේතුවෙන් සිදු වෙයි. තමා කරුණු උපුටා ගන්නා පොත කුමක්‌ දැයි කියන්නේ නම් අපට අඩු තරමින් පොතේ කතුවරයා දරන අදහස්‌ ගැන අවබෝධයක්‌ ලැබීමට හැකි වනු ඇත. බටහිර විද්‍යාඥයන්ටත් වඩා සියල්ලෙහි ප්‍රවාදයක්‌ අවශ්‍ය වී ඇත්තේ බටහිර විද්‍යාවෙහි දාසයන්ට ය.

නලින් ද සිල්වා

2015-01-14


The minority supremacy


It was in 1833 the Legislative Assembly was established by the English colonialists, which comprised 10 official members and six unofficial members. All the unofficial members and four of the official members were appointed by the English governor while six of the official members were members of the executive committee. Thus in essence all the members were appointed by the governor. Of the six unofficial members three were Europeans, one was Sinhala, one Tamil and the other Burgher. There were no Muslims. This was the beginning of minority communal politics with the blessings of the English who nourished Tamil racism that had been established by the Dutch, and 2015 Presidential elections saw the continuation of it. The Sinhala people especially the Buddhists were denied of their due place in the country ignoring their history of more than two thousand years compared with the history of Vellala Tamils who were brought here by the Dutch, the demography of Sri Lanka with more than seventy percent of the Sinhala people and above all the culture the Sinhalas have built in this country. Tamil racism has since 1833 grown into Tamil separatism in the forties of the last century and into Tamil terrorism in the seventies. Muslim racism which first began as a phenomenon against Tamil racism in the final decades of the nineteenth century has since the seventies turned against Sinhala people. The history of Tamil racism is described in :Prabhakaran, ohugeseeyala, baappala ha massinala (Prabhakaran, his grand uncles, uncles and cousins – of course political), which is now in its fourth edition.

There was a reason for the English to encourage Tamil racism against the Sinhala people in addition to its divide and rule policy. The Sinhala people could not be conquered  by any nation, ethnic community, dynasty in their history of more than two thousand years, and finally exactly two hundred years ago in 1815 the cunning diplomacy of Doyle and others made some of the Sinhala leaders to sign a pact with the English, erroneously called the Kandyan Convention by the English and their imitating “educated” Sri Lankans, establishing English Christian colonialism over the whole country against the wish of the Sinhala leaders. There were two important clauses in the Pact, I am not tired of repeating, namely that the country will be ruled according to Sinhala customs and that Buddhagama and Devagama, meaning the Buddhism as practiced in Sri Lanka (not pure Theravada if there is any such religion), would be protected. However, the English being gentlemen breached the two clauses in no time.

There are parallels between 1815 and 2015. Having experienced 2015, it is not difficult to imagine now how the English would have propagated myths against Sri Wickrema Rajasighe the last king of the Sinhala kingdom. The false propaganda by the present government party against the previous government has not stopped even after the formation of the Maithripala- Ranil-Chandrika (MRC) government with the assistance of Champika, Rajitha, Rishard, and Sumanthiran though the latter has not taken up a portfolio. Mangala Samaraweera goes to town claiming and proclaiming that there was an attempt by Mahinda Rajapaksa to cling to power with the assistance of the armed forces in the morning of the ninth of January, and this is a serious allegation. Ranil Wickremesinghe should either confirm or deny this allegation as he was involved in the transition of power and not Mangala Samarweera. By his silence Ranil is only adding fuel to this propaganda by Mangala and it is not a good augury for the so called good governance that the present government promised. Promises and Pacts in the tradition of English colonialism that is with us even today are meant to be broken.
  


The English in 1815 had turned most of the Sinhala leaders against the King and we tend to forget that even Keppetipola Nilame had decided to serve the English after the Pact. When the Sinhala people who were virtually leaderless turned against the English when the latter breached the Sinhala English Pact of 1815, it was Keppetipola who is supposed to have led the English army that was sent to overcome the first independence struggle of the Sinhalas against the English. However, Keppetipola listened to the Sinhala people sent back the English army with the weapons, without following the westerners and their traditions, and led the independence struggle against the English. This was in 1817, and Keppetipola was defeated, murdered and finally the Sinhala people in Wellassa were massacred by the English. Even after that some Sinhala leaders continued to serve the English and today the situation is not much different. Are we heading towards a 2017 massacre of the Sinhala people this time with the assistance of the JVP and the JHU? We have to work with the SLFP (Mahinda) to avoid such scenario.

The Rajpaksas are blamed for the establishment of the Bodu Bala Sena. However, my understanding is that it was established by a person(s) now in the MRC government but the BBS having understood what was happening somewhat lately had turned against its mentor referred to as the “usa man” (tall man) by the leading Bhikkus in the BBS. The irony is that Rajitha who was vehemently opposed to the BBS and Rishard who had had verbal fights with the mentor in the cabinet are again with the latter in the new cabinet after defeating Mahinda.

There were at least five factors that contributed to the defeat of Mahinda, the major being the minority supremacy the Tamil leaders had been expecting from 1833.  I will describe them in detail in the forthcoming articles but the above map,  with courtesy from Sunday Times, would give a picture of what happened on the 8th January of 2015, a date which the future generations of Sinhalas will remember with 2nd March 1815. It is a case of establishing minority supremacy through the ballet in one case and through the pen in the other case. The wish of the majority has been defeated through western knowledge, maneuvering, false propaganda etc in both cases. In 2015 western technology that was not available in 1815 was also used. The areas marked in red in the map are those where Maithripala had won while those marked in blue are Mahinda territory. The map is nothing but the so called Eelam map with up country, urban areas and the Catholic belt also marked in red.  


Mahinda would not have been a nationalist in the beginning of this century. I have known him for more than thirty years and I have some knowledge of his evolution as a politician. Unlike some others in the Jathika Vyaparaya (nationalist movement) I did not expect him to be a confirmed nationalist. He was a pink socialist in the beginning and I had opposed his non nationalist policies in the nineties. However, I never forgot that Keppetipola had served the English, and that Mahinda had never served the English colonialists. He has been for the Palestine liberation from his youth, a fact that the Muslims in Sri Lanka conveniently forgot to support MRC trio following some of their leaders who identified themselves with western colonialism against the Sinhala people whose kings settled them in the present day eastern province to safeguard them from initial western (Portuguese) colonialism. Mahinda had gradually turned to be a nationalist and his evolution is far from complete. Unlike the “usa man” Mahinda has not followed a sig - sag policy shifting from nationalism to whatever ism the former could think of for the purpose of getting power. If Keppetipola turned a nationalist after 1817, Mahinda became a nationalist before 2015, but not before 2005. However, we worked for him in 2005 as we had realised his potential even then. It was in 1889, he and SB Dissanayake invited me to deliver the first Bandaranaike Memorial lecture when the SLFP was in dire straights, probably due to the fact that the speakers could not be found those days. I chose “panas haye daruwo” as my title, a term that  has entered into the political vocabulary of the country. It was a turning point and the SLFP has not looked back after that. I have no doubt the SLFP, not the Chandrika clique that has no legal validity at all, will come back in a short space with Mahinda as the President and a dynamic strong person as the secretary.   (To be continued) 



Nalin De Silva

14-01-2015

Sunday, 11 January 2015

ඒකීය භාවය ආරක්‍ෂා කරමු


මෙම ලිපිය කියවන විට ඡන්ද ප්‍රතිඵල නිකුත් වී ඇතත් ලිපිය ලියැවෙන්නේ ජනාධිපතිවරණ දිනයෙහි මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරාවිය යන උපකල්පනයෙන් යුක්තව ය. ඒකීය භාවය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ද සඳහන් වෙයි. එය 1983ට පෙර ම ව්‍යවස්ථාවෙහි විය. හයවැනි ව්‍යවස්ථා සංශෝධනය නම් පසුව ඇති වූවකි. එහෙත් මෙරට නීතිය ක්‍රියාත්මක කිරිමේ දී ප්‍රශ්න පැන නගියි. සුද්දා අපට උරුම කර දී ඇති නීති පද්ධතියට අනුව හයවැනි ව්‍යවස්ථා සංශෝධනය කඩන අය ද කිසිම ප්‍රශ්නයකින් තොරව නිදෑල්ෙැල් පසුවෙති. මේ නීති ක්‍රමය වෙනස් කිරීම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා වැදගත් වෙයි. 

කෙසේ වෙතත් අද සිට ම ක්‍රියාත්මක විය යුත්තේ රටේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීම සඳහා ය. ඇතැම් ඇමතිවරුන්ට හා ඔවුන් විසින් පෝෂණය කෙරී් රජයේ ජනමාධ්‍යයේ මගින් පඬියන්, දේශපාලන විශාරදයන්, විශ්ලේෂකයන් ආදීන් ලෙස ජනතාව ඉදිරියට ගෙනෙනු ලැබුවන්ට අවශ්‍ය දහතුන්වැනි සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කර එය ද ඉක්මවා යන ඊනියා විසඳුමක් නැති ප්‍රශ්නයකට ලබා දීම ය. ඔවුන්ට හරහට සිටින්නේ ජනාධිපතිතුමා ය. අප ජනාධිපතිතුමාට සහාය දිය යුත්තේ මේ ෆෙඩරල්වාදීන් පරාජය කිරීමට ය. දහතුන හරහා ඔවුන් කරන්නේ සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයකට මග පෑදීම ය. 

ඔවුන්ගේ එක් තර්කයක් වූයේ අද විදේශ ප්‍රතිපත්තිය අවුලක් වී ඇති බවත් ඔවුන් සමහරකු පැරීසියේ හා ජෙනීවාහි ලංකා නියෝජිතයන්  ලෙස පෙනී සිටින අවධියෙහි විදේශ ප්‍රතිපත්තියෙහි අවුලක් නොවූ බවත් ය. මෙරට විදේශ ප්‍රතිපත්තියෙහි කිසි අවුලක් නැත. ඊනියා අවුලට හේතුව එංගලන්තයේ හා ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය ය. බටහිරයෝ තවමත් පහළොස්වැනි සියවසේ මෙන් ම ලෝක ආධිපත්‍යය සඳහා කටයුතු කරති.එදා එය ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ කාර්යභාරය විය. අද එය එංගලන්තය හා ඇමරිකාව කරගෙන යයි. ඔවුහු අද ලෝකය ම අවුල් කරති. ඒ ඔවුන් සිතන පතන අයුරින් මුළු ලෝකය ම සිතවීමට ගොස් ය. පසුගිය දා පැරිස් නුවර බෝම්බ පිපිරුණේ මුස්ලිම් චින්තනය මැඩපැවැත්වීමට බටහිරයන්ගේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ගන්නා උත්සාහය නිසා ය. කිසිමදාක අළුත් යමක් කියා නැති එක් පඬියකු හංටින්ග්ටන් වමාරමින් එය ඊනියා සභ්‍යත්ව ගැටුමක ප්‍රතිඵලයක් ලෙස අර ඇමතිවරුන් විසින් පාලනය කෙරෙන ජනමාධ්‍යයක කියනු මම අසා සිටියෙමි.

බටහිරයෝ සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට හෝ දුර්වල කිරීමට හෝ දෙමළ ජාතිවාදය යොදා ගනිති. දෙමළ ජාතිවාදය ඉංගිරිසින් විසින් ඇතිකරනු ලැබුයේ දහනවවැනි සියවසේ තුන්වැනි දශකයෙහි ය. එහෙත් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් මෙන් ම ඔවුන්ගේ අනුග්‍රහය ලබන පඬියන් ද සිතනුයේ දෙමළ බෙදුම්වාදය 1948න් හෝ 1956න් හෝ පසුව ඇති වූ බවත් එයට වගකිවයුත්තේ සිංහලයන් බවත් ඒ සියල්ල පිටුපස ඇත්තේ සිංහලයන්ගේ බහුතරවාදී ආධිපත්‍යය බවත් ය. ඔවුන් ජෙනීවාහි දී බටහිරයන්ට අවශ්‍ය අන්දමට දහතුන ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දී ලංකාවට පක්‍ෂව ඡන්දය ලබාගනිති. රට පාවාදෙන එවැනි පොරොන්දු දී ලබන ඊනියා ජයග්‍රහණවලට වඩා රට පාවා නොදී ලබන පරාජය වටියි.

අප විසින් නන්දිකඩාල් කලපුවේ දී පරාජය කෙරුණේ දෙමළ ත්‍රස්තවාදය පමණ ය. දෙමළ ත්‍රස්තවාදය දෙමළ බෙදුම්වාදයේ ප්‍රතිඵලයකි. දහනවවැනි සියවසේ ඉංගිරිසින් විසින් ඇතිකෙරුණු දෙමළ ජාතිවාදය විකාශය වී විසිවැනි සියවසේ හතළිහේ දශකයේ දෙමළ බෙදුම්වාදය බිහිවිණි. ඉලංකෙයි තමිල් අරඩසු කච්චි (ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය –ඊනියා ෆෙඩරල් පක්‍ෂය) දෙමළ බෙදුම්වාදයේ දේශපාලන ප්‍රකාශකයා විය. 1976 වඩුකෙඩෙයි සම්මේලනයේ දී ඒ පක්‍ෂය ව්‍යාජ ෆෙඩරල් නමින් තවදුරටත් පෙනී නොසිට තම සැබෑ අරමුූණ වු වෙන ම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටියේ ය.

ඒ වන විටත් දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අංශය බිහි වී තිබිණි. අනෙක් සියළු ත්‍රස්තවාදීන් පරදවා අවසානයේ දී ප්‍රභාකරන් දෙමළ ත්‍රස්තවාදයේ නායකයා විය. දෙමළ බෙදුම්වාදය ද දෙමළ ජාතිවාදය ද ඔහුට අවනත විය. ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ දී ඝාතනය කෙරුණ ද දෙමළ ජාතිවාදය ද දෙමළ බෙදුම්වාදය ද තවමත් ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලැබෙයි. බටහිරයන් කුමක් ප්‍රසිද්ධියේ කීව ද ඔවුන්ට අවශ්‍ය දෙමළ ඊළමක් පිහිටුවා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට ය. ඔවුන්ගේ මූලික ඉල්ලීූම දහතුන ය. දහතුන්වැනි සංශෝධනය ඉන්දියාවේ බලපෑම මත ගෙනෙන ලද්දක් වුව ද එය පිටුපස එංගලන්තය හා ඇමරිකාව සිටියේ ය. 

දහතුන දෙන බවට පොරොන්දු වී ජෙනීවාහි ඡන්දය ලබාගැනීම ඊනියා ජයග්‍රහණයක් නොවන්නේ එබැවිනි. දහතුන වෙනුවෙන් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ පෙනී සිටින ඇමතිවරුන් ඔවුන්ගේ අනුග්‍රහය ලබන පඬියන්, ජනමාධ්‍යවේදීන් පරාජය කිරීම ජාතිකවාදීන්ගේ පළමු පියවර විය යුතු ය. ජනතාව ඡන්දය දී ඇත්තේ නිදහස රැකගැනීමට, ඒකියභාවය රැකගැනීමට හා දෙමළ ජාතිවාදය පරාජය කිරීමට බව මොහොතක් මොහොතක් පාසා අවධාරණය කරමු. 

මෙහි දී ප්‍රධාන කරුණක් වනුයේ රාජ්‍ය විද්‍යුත් ජනමාධ්‍ය (විශේෂයෙන් ම රූපවාහිනී) දහතුනට පක්‍ෂ ඇමතිවරුන්ගෙන් හා ඔවුන්ගේ සහචර පඬියන්ගෙන් හා ජනමාධ්‍යවේදින්ගෙන් මුදා ගැනීම ය. බටහිරයන්ගේ කසිකබල් දැනුමට යට නොවන සංස්කෘතික යටත්විජිතවාදය හෙවත් බටහිර යටත්විජිතවාදයේ සංස්කෘතික සංරචකය ගැන මනා අවබෝධයක් ඇති ජනමාධ්‍යවේදීන් රාජ්‍ය විද්‍යුත් ජනමාධ්‍යවලට පත්කළ යුතු ය. අද බටහිරයන් ලෝකය පාලනය කරනුයේ මූලික වශයෙන් ම සංස්කෘතික යටත්විජිතවාදය මගිනි. දැනුම යනු සංස්කෘතියේ ම කොටසකි. අද පාසල්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය ඔස්සේ සිසුන්ට හා ජනතාවට ලැබෙන්නේ බටහිර පට්ටපල් බොරු දැනුම ය. බටහිර විද්‍යාව මූලික කරගත් මේ දැනුම සමාජයීය විද්‍යා මෙන් ම සාහිත්‍යය ඇතුුළු කලාශිල්ප සිසාරා විහිදී යයි. 

බටහිර විද්‍යාව යනු සාර්ථක වූ හිතළු වූ පට්ටපල් බොරු ගොඩක් පමණ ය. එක් රාජ්‍ය විද්‍යුත් ජනමාධ්‍යයක බටහිර සංස්කෘතික යටත්විජිතවාදයට සේවය කරන ගැත්තෙක් ඒ බව පෙන්වීමට මට අවකාශ නො දෙයි. රාජ්‍ය නොවන එහෙත් දෙරණ මත පිහිටි ජනමාධ්‍ය ද ඒ සඳහා අවස්ථාවක් ලබා නො දෙයි. අපට තවමත් යමක් කළ හැක්කේ මුද්‍රිත මාධ්‍යය මගින් පමණකි. අද දැනුම චිසින් අප මෙහෙයවෙන ආකාරය ඊනියා සමාජ මාාධ්‍ය මගින් සිදුවනු අපි පසුගිය දා දුටුවෙමු. මේ සයිබර් අවකාශයේ මාධ්‍යයට ඊනියා සමාජ මාධ්‍ය යන නම තැබුවේ මෙරට පඬියකු නොව බටහිරයකු බව පැහැදිලි ය. ඒ නමෙන් ඊනියා සමාජ මාධ්‍යයට බොරු ප්‍රජාතන්ත්‍රවාදී වැදගත්කමක් හිමි වෙයි. 

මේ බොරු ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනාධිපතිවරණයේ දී ප්‍රචාරය කෙරුණේ බොරු ය. ආණ්ඩුව තොරතුරු තාක්‍ෂණය දියුණු කිරීමට කටයුතු කළේ එය තමන්ට විරුද්ධව යොදා ගැනෙන බව නො දැන ය. කිසිම බටහිර දැනුමක් අවසාන විග්‍රහයේ දී බටහිර යටත්විජිතවාදයේ කිනම් සංරචකයට වුවත් විරුද්ධවන ආණ්ඩුවකට යොදාගත නො හැකි ය. ආණ්ඩුව තොරතුරු තාක්‍ෂණයට අත හිත දිය යුත්තේ මේ කරුණ ගැන ද සැලකිලිමත් වෙමිනි. ඉංගිරිසි හා තොරතුරු තාක්‍ෂණය අපට අවශ්‍ය ආකාරයට ඉගැන්වීම පිලිබඳ සිතා බැලිය යුතු ය. එසේ නොකළහොත් ඒකීයභාවය හා අපේ නිදහස ද නැතිවනු ඇත. එහෙත් ඇතැම් ඇමතිවරුන්ට හා පඬියන්ට මෙවැනි ප්‍රකාශ නොදිරවන බව ද මම දනිමි. 



නලින් ද සිල්වා

2015-01-11

Friday, 9 January 2015

The way forward


The Presidential elections are over but the final results are still coming in as you read this column. This is written on the day of the elections, but I am confident that the people would have voted to safeguard national security and the unitary state. Having said that, I must add that, unless we are very vigilant and committed, there is a possibility that the unitary state could be replaced by a federal state. Though Tamil terrorism has been defeated, Tamil separatism and Tamil racism are kicking hard from London with the intervention of the government of Cameron, or if you insist the government of Elizabeth Windsor.

The English (British for the political analysts, political scientists and the other pundits) high commissioner in Sri Lanka was visibly involved in the election campaign, though not directly, travelling around the country. He was ably assisted by the American ambassador and later towards the end of the campaign they were joined by the European Union, which had earlier imposed sanctions on fish trade. The High Commissioner and the US ambassador had met Minister Basil Rajapaksa on Wednesday, and the former has apparently told that his country would work for lifting of sanctions at the EU. It is not known what England did at the meeting of the EU, which decided to impose economic sanctions.

It appears that the envoys are trying to establish good relationships with Sri Lanka. However, having known England for more than two hundred years and US for more than one hundred years, the majority of Sinhala people are suspicious of the meetings. It may be that the Government of Sri Lanka wanted to counter the rumours that are spread in fashionably called social media by meeting the envoys. Whatever the reasons may be the Government of Sri Lanka should be careful when meeting present day Doyles.

Terrorist attack in Paris

It is ironical that on Wednesday there was a terrorist attack on a satirical newspaper in Paris, where Chandrika Kumaratunga who mentioned of Mr. Prabhakaran in Jaffna had apparently studied. We do not attach any importance to her claim that she studied at Sorbonne, without being awarded a degree, as the university is not groomed in the tradition of Mahavihara or Abhayagiriya or even Nalanda in Dambadiva. In any event the terrorist attack in Paris is not a satire, and we in Sri Lanka have had more than our share of "satire" for more than twenty five years.

I am sure that the terrorist who masterminded the Paris attack is a mister or may be even a monsieur and we should thank Chandrika Kumaratunga if she could distinguish between a mister, a monsieur and a monster. A monsieur in London or Paris is very often a monster in Kotte and monsieur Prabhakaran who was nurtured and nourished by London finally had to end his life in Nandikadal Lagoon surrendering to the present day Parakramabahu VI of Kotte.

We had identified the present day Don Juan and Dona Katherina long time ago, when some of the pundits speaking on behalf of the unitary state were for a federal state, and the fate of the monsieur would have been different if they were in power.

The attack in Paris is nothing but one of a series of violence by Muslim Chinthanaya on Greek Judaic Christian (GJC) Chinthanaya, or if one wants to imitate Huntington a clash of civilizations though the concept is not clear. However, it does not mean that the GJC Chinthanaya is innocent, and it can be said that most of the problems in the world during the last five hundred years are due to that Chinthanaya.

It is the Western foreign policy led by the Americans that is responsible for the mess that the whole world is in, and the Muslim Chinthanaya unlike most of the other Chinthanayas is capable of challenging the GJC Chinthanaya militarily.

As far as Sri Lanka is concerned, London would not give up easily and is behind Tamil racism and Tamil separatism. Tamil racism was created in the early decades of the nineteenth century with the establishment of the Legislative Assembly, which evolved to Tamil separatism in the forties with the elections to the first Parliament.

However, C. Suntheralingam had come with the concept of Eelam (Eylom as he spelled it) much earlier.

The Tamil separatism was baptized politically in the forties and with the establishment of Ilankai Thamil Arasu Kadchchi (the so called Federal Party) in 1949 it began its campaign for a separate state.

The Vadukoddai resolution of 1976 saw the culmination of this movement. By that time Tamil terrorism that is nothing but the armed extension of Tamil separatism had come into existence and Monsieur Prabhakaran finally became the sole representative of the Tamils as recognized by the TULF as well as the TNA later on. It is only Tamil terrorism that has been defeated, and Tamil separatism and Tamil racism continue to exist. If we are to go forward we must defeat Tamil separatism and finally Tamil racism and it cannot be done by kneeling down to London, Washington or Paris that define the cultural triangle of the "educated" Sri Lankans.

The West applies pressure on the Sri Lankan government through various means and their agents could be found both inside and outside the government.

It is said in certain quarters that the foreign policy of the government became a mess after certain people were called back from places such as Geneva and Paris. Some of them helped Mr. Mahinda Rajapaksa at the Presidential elections and more than a vigilant eye has to be kept on them. The Sri Lankan foreign policy is not in a mess. As said previously it is the American policy following that of their cousins in England, which is responsible for the problems in Sri Lanka as well.

The political scientists and political analysts who have been trained in the Western universities, Peradeniya being one of them, would proclaim that we are in a mess simply because the Western countries bring so called human right violation charges against Sri Lanka in Geneva on a half yearly basis, following the half yearly examinations some schools used to have about sixty years ago.

The Western countries would stop their nonsense in Geneva if the government of Sri Lanka is prepared to implement the thirteenth amendment and go beyond that. This policy is called thirteen plus and it is said at one time Mr. Mahinda Rajapaksa had promised to go beyond the thirteenth amendment.

It is clear that whether he promised this or not, some delegates had promised the thirteenth amendment to the Western countries that in turn acted favourably to Sri Lanka.

Social media

The advocates of the thirteenth amendment are in the Cabinet and among the so called political scientists who were promoted mainly by government media and some Cabinet ministers who themselves were federalists few years ago, but now follow the President reluctantly, but it is high time to drop them, as the people do not want the thirteenth amendment implemented.

We have to be concerned also of so called social media, another term created by the Western intellectuals to give it a pseudo democratic appearance, which propagated nothing but lies. It is believed that the facebook information was uploaded in London and this again proves that unless we have our own systems of knowledge we are vulnerable to attacks by the Western system of knowledge.

It is unfortunate that the young generation in general has become slaves of what is known as IT, but in the name of information they receive pattapal boru (blatant lies) though not of the same order as Western science. The pattapal boru of Western science are mere guesses that have been successful to a certain extent, but the pattapal boru in cyberspace are nothing but naked lies.

The nationalistic minded people who have some knowledge of information technology should address this problem, while those who are interested in politics should concentrate on ditching the politicians in the government and the pundits who are promoted by these politicians, who still advocate implementation of the thirteenth amendment that paves the way to federalism.



Nalin De Silva

09-01-2015