History

Monday, 3 August 2015

තණ්හා ආශා වහල් කතා (විදුසර ලිපියකි)

තණ්හා ආශා  වහල් කතා

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය ජූලි 22 වැනි දා ලිපියෙහි මෙසපොතේමියාව ගැන විශේෂයෙන් සඳහන් කරයි. එහෙත් එයට කලින් චීනයේ යිං යැන් දර්ශනය ගැන සුපුරුදු පරිදි තමන්ට නොතේරෙන දේ කියයි. අමරතුංග මහතාගේ ලිපියට ප්‍රතිචාර දැක්වීමට පෙර කැනඩාවේ වාසය කරන බෝධි ධනපාල මහතාගේ එදින ම ලිපිය මාතෘකා කරගෙන යමක් කිව යුතු ය.
 

බෝධි ධනපාල මහතා ටික කලකට පෙර මා සමග විදුසර සඟරාවෙහි ද විද්‍යුත් ලිපි මගින් සංවාදයක නිරත විය. ටික කලෙකට පසු විදුසරට ලිපි ලිවීමට ඒ මහතාට වෙලාවක් නැතැයි කියමින් විදුසර හැර ගියේ ය. ඉන් කලකට පසු විද්‍යුත් ලිපි මගින් කෙරෙන සංවාදය එතරම් ප්‍රතිඵල ගෙන නො එන බැවින් මා සමග ප්‍රසිද්ධ සංවාදයකට එළඹෙන ලෙස ආරාධනා කර ඒ මහතාට කැනඩාවේ සිට ලංකාවට පැමිණීමට ගුවන් බලපත්‍රයක්  ලබාදෙන බවට පොරොන්දු වූයෙමි. 

ඒ මහතාට ගුවන් බලපත්‍රයක් අවශ්‍ය නොවන බවත් අදාළ මුදල ධර්මවිජය පදනමට ලබාදෙන ලෙස ඒ මහතා මගෙන් ඉල්ලා සිටියේ ය. මම යඑට එකඟ වීමි. එහෙත් සති කිහිපයකින් ඒ මහතා කියා සිටියේ මා සමග ප්‍රසිද්ධ විවාදයකට සහභාගි වීම වෙනුවට මැතිවරණයෙන් පසුව පෞද්ගලික සංවාදයක නිරත විය හැකි බවත් ය.  මේ සංවාදවලින් යමක් ඉගෙන ගන්නේ නම් ඒ එයට සහභාගි වන අය නොව කියවන හා අසන අය ය. එබැවින් ධනපාල මහතා සමග පෞද්ගලික සංවාදයක නිරත වීම කාලය කා දැමීමක් පමණක් වන හෙයින් මම එය ප්‍රතික්‍ෂෙප කෙළෙමි. පසුව ඔහු විද්‍යුත් ලිපි කිහිපයක කරුණක් දෙකක් සටහන් කළත් මා ඔහූට පැවසුවේ ඔහු බුද්ධිමය වංචනිකයකු බවත් අවශ්‍ය නම් ඒ සියල්ල ලංකාවේ පැවැත්වෙන ප්‍රසිද්ධ විවාදයක දී සාකච්ඡා කළ හැකි බවත් ය. 

දැන් ඔහු නැවතත් විද්‍යාව සම්බන්ධ ලිපියක් විදුසරට ලියා ඇත. එහි මගේ නම සඳහන් වුවත් නැතත් මම ඔහුට ප්‍රතිචාර නො දක්වමි. ඔහු යමක් කියවා ඇති බව පෙනෙයි. එහෙත් ඔහුට ද අමරතුංග මහතාට මෙන් ම තමා කියවා ඇති දේ දිරවා ගත නො හැකි ය. මා අත්දැකීමෙන් හා නිරීක්‍ෂණයෙන් සිංහලයන් පිළිබඳ දන්නා කරුණු රාශියක් වෙයි. සිංහලයන්ට වියුක්ත ව සිතිය නො හැකි ය. ඔවුන්ට සැලසුම් කිරීමට එතරම් දක්‍ෂතාවක් නැත. නිරවුල් ව සිතීමට හැකියාවක් ඇත්තේ ඔවුන් කිහිප දෙනකුට පමණකි. ඔවුන් පිළිතුරු දෙන්නේ අසන ප්‍රශ්නයට නො වේ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වැනි පිරුළු බිහි වී ඇත්තේ ද ඒ නිසා ය. සැලසුම් කිරීමෙහි දී ඔවුන් දක්වන අදක්‍ෂතාව ගඟ හත්ගවුවක් තියෙද්දි අමුඩ ගහන්න එපා වැනි පිරුළුවලින් පිළිබිඹු වෙයි. සමහර විට සිංහලයන්ට ඔවුන්ගේ ම වූ සැලසුම් කිරීමේ ක්‍රම තිබෙන්නට ඇත. එහෙත් අද ඒ දක්නට නො ලැබෙයි. 

දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන, කබරගොයා තලගොයා කිරීම ආදියෙහි සිංහලයන්ගේ අසංගත බව මෙන් ම  දෙලොවක ජීවත්වීම ද මැනවින් කියැවෙයි. සිංහලයෝ වර්තමානයෙහි ජීවත් වෙති. ඔවුහු වියුක්ත සාධාරණිකරණයට ලක් වූ කතන්දරවලට අකමැති වෙති. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් කියැවෙන්නේ ඊනියා ප්‍රවාද හෙවත් කතන්දර ගැන විශ්වාසයක් නොතබන ලෙස ය. ඇතා දකින තුරු ඇතකු ඇති බවට අනුමානය කිරීම සිංහලයන්ට අකැප ය. සිංහලයන්ගේ ලෝකය මනස ආධාරයෙන් දකින පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයට හා මනසට පමණක් ගෝචර වන ලෝකයට සීමා වෙයි. 

අපේ ප්‍රවාද මගින් අප බලාපොරොත්තු වූයේ තාවකාලික ව නමුත් අපේ සංස්කෘතියෙහි හා චින්තනයෙහි ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීමට ශිෂ්‍යයන් යොමු කිරීමට ය. එහෙත් එය සාර්ථක නොවූවා පමණක් නොව බොහෝ දෙනකුට කරන්නේ කුමක් ද යන්නවත් තේරුම් ගැනීමට නො හැකි විය. එයට ප්‍රධාන හේතුවක් වනුයේ සිංහල බෞද්ධ යැයි කියාගන්නා උගතුන්ගේ කුහකකම ය. මේ උගත්තු තමන් නිශ්චිත ව තේරුම් නොගන්නා බටහිර විද්‍යාව එයට පටහැණි වූ බුදුදහම සමග සංසන්දනය කරති. 

අමරතුංග මහතා ද අයත්වන්නේ මේ ගුරු කුලයට ය. බටහිර විද්‍යාවෙහි ආනුභවිකය පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයට සීමාවෙයි. එහෙත් බුදුදහමෙහි මනසින් පමණක් කෙරෙන පසක් කිරීම් ද වෙයි. බුදුන් වහන්සේ බටහිර විද්‍යාඥයන් මෙන් පර්යේෂණ නො කළහ. උන්වහන්සේගේ පර්යේෂණය ආර්ය පර්යේෂණයට සීමා විය. එය චතුරාර්ය සත්‍යයෙහි දුක නැති කිරීම හා සම්බන්ධ විය. මේ දුක ත්‍රිලක්‍ෂණයෙහි කියැවෙන දුක නොවන බව පැහැදිලි විය යුතු නමුත් බොහෝ දෙනාට ඒ ගැන කිසිදු වැටහීමක් නැත. 

චතුරාර්ය සත්‍යයෙහි දුක පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. අමරතුංග මහතා වැන්නවුන්ට එපමණකින් බුදුදහම ආනුභවික වෙයි. දුකට හේතුව තණ්හාව ද පංචෙන්ද්‍රිය ගෝචර යැයි සිතමු. එහෙත් නිවන පංචෙන්ද්‍රිය ගෝචර ද?   ත්‍රිලක්‍ෂණය පංචෙන්ද්‍රිය ගෝචර ද? අනිත්‍ය යනු වෙනස්වීම යැයි ගෙන අපට අප මුළාකරගත හැකි ය. අනාත්ම පංචෙන්ද්‍රිය ගෝචර ද? අවසානයේ ත්‍රිලක්‍ෂණයේ කියැවෙන දුක පංචෙන්ද්‍රිය ගෝචර ද? බුදුදහමෙහි වැදගත් කොටස් පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් සිංහල බෞද්ධ විද්‍යාඥයන් යැයි කියාගන්නා අය බුදුදහම පංචෙන්ද්‍රිය ගෝචර ආනුභවික යැයි ලෝකයට ඇසෙන්නට කෑ ගසා කියති. ඒ අන් කිසිවකට නොව තම හීනමානය වසා ගැනීමට ය. බටහිර විද්‍යාව තරමක් ඉගෙන ගත් මොවුහු එය සුවිශේෂ දැනුමක් ලෙස සලකති. ඔවුන් බොහෝ දෙනාට බුදුදහම අත්හැරීමට ද නො හැකි ය. එබැවින් ඔවුහු බුදුදහම බටහිර විද්‍යාව සමග සංසන්දනය කර තම ආත්ම වින්දනය සඳහා පට්ටපල් බොරු කියති. 

අපි අමරතුංග මහතාගේ ජූලි 22 වැනි දා ලිපියෙන් ඡෙද කිහිපයක් උපුටා දක්වමු. ඒ මහතා මෙසේ කියයි. “අප ගේ මූලික අදහස වන්නේ අප ස්‌වභාවධර්මයට අවශ්ය් සේවයක්‌ ඉටු කරන බව ය. ස්‌වභාවධර්මය අපට සේවය කරන්නේ නැත. අප ස්‌වභාවධර්මයට අවශ්යව ඪණං, ූණං සහ ප්රො අටීන් නිෂ්පාදනය කරමින් සිටියි. කුමක්‌ නිසා දැයි නො දනිමු. විද්යාකවේ ද පැරැණි විද්යාස දර්ශනයේ ද මේ අදහසට එකඟ වන කරුණු ඇති බව අප පෙන්වා දී ඇත. උදාහරණයක්‌ ලෙස පැරැණි චීනයේ යින් සහ යෑන්ග් සංකල්පය ස්‌වභාවධර්මය වෙත පුමුඛස්‌ථානය ලබා දී ඇත. ස්‌වභාවධර්මය මිනිසාට සේවය කරන්නේ යෑයි සිතනවා නම් එවැනි සංකල්පයක්‌ චීනයේ වර්ධනය වන්නේ නැත.”

මෙය කිසිම තේරුමක් ඇති කතාවක් නො වේ. ස්වභාවධර්මයට සේවය කිරීම යනු කුමක් ද? ස්වභාවධර්මය අපට සේවය නොකරයි යන්නෙහි තේරුම කුමක් ද? කෙටියෙන් කිවහොත් සේවය කරයි යනුවෙන් අදහස් කරනනේ කුමක් ද? බටහිර විද්‍යාවේ බටහිර මහාචාර්යවරු නම් නව සංකල්පයක් ඉදිරිපත් කරන විට ඒ තේරුම් කර දෙති. එහෙත් මෙරට මහාචාර්යවරුන්ට එවැනි පුහුණුවක් නැත. අනෙක් අතට යින් යැන් සංකල්පය යනු ස්වභාවධර්මය තේරුම් කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයකි. විරුද්ධ ගුණ (ස්ත්‍රී පුරුෂ මෙන්) එකිනෙකට උපකාර කරමින් එකිනෙක සමග සමතුලිතයෙහි පිහිටීමක් යින් යැන් සංකල්පයෙහි අඩංගු වෙයි. මෙහි ඇති තවත් ල’ක්‍ෂණයක නම් යින් තුළ යැන් ද යැන් තුළ යින් ද තිබීම ය. 

ස්වභාවධර්මය මිනිසාට සේවය කරන්නේ නම් එවැනි සංකල්පයක් චීනයෙහි වර්ධනය වන්නේ නැත යන්න හුදෙක් කියමනක් පමණකි. අමරතුංග මහතාට ඒ බව පෙන්වා දිය හැකි ද? ස්වභාවධර්මය තේරුම් කිරීමට නිර්මාණය කරගත් සංකල්පයක් ස්වභාවධර්මයට ප්‍රමුඛස්ථානය ලබා දී ඇතැයි කීම ද කිසිම තේරුමක් ඇති කතාවක් නො වේ. චීන සංස්කෘතිය බටහිර සංස්කෘතිය මෙන් නොව ගැටුම් ඇති කතාවක් නො වේ. චීන සංස්කෘතිය බටහිර සංස්කෘතිය මෙන් නොව ස්වභාවධර්මය සමග සහජීවන ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේ ය. බටහිර සංස්කෘතිය ස්වභාවධර්මය සමග ගැටුමට යයි. බටහිර විද්‍යාව ද මේ ගැටුමේ ප්‍රතිඵලයකි. 

මේ අමරතුංග මහතාගේ ලිපියෙහි තවත් කොටසකි. “තෘෂ්ණාව නිසා මිනිසා තම නිර්මාණ හැකියාව සහ ඤාඤාණය භාවිත කරමින් නොයෙකුත් නව නිර්මාණ සිදු කරන බව අප පෙන්වා දී ඇත. එහි ප්රාතිඑලයක්‌ ලෙස මිනිස්‌ ඤාණය වර්ධනය වන්නේ ය. මිනිසා මරණයට පත් වන්නේ ය. එහෙත් එසේ වර්ධනය වූ ඤාණය විනාශ වන්නේ නැත. එය ජාන මාර්ගයෙන් පරම්පරාවෙන් පරම්පරාවට සංක්රයමණය වන්නේ ය. මෙසේ වර්ධනය වන ඪණං,ූණං, ප්රොමඅටීන් නිෂ්පාදනය සඳහා මිනිස්‌ තෘෂ්ණාව අත්යරවශ්යව වන්නේ මෙලෙස ය. ස්‌වභාවධර්මය වෙනුවෙන් මිනිසා කරන සේවය සඳහා ඔහු වහලකු ලෙස බැඳ තබන්නේ මේ තෘෂ්ණාව ය. ස්‌වභාවධර්මය විසින් මිනිසා ස්‌වභාවධර්මයේ සේවය සඳහා වහලකු බවට පත් කොට ඇත්තේ තෘෂ්ණාව මාගිනි. මිනිසා තෘෂ්ණාවේ වහලකු වී ඇත්තේ ඒ ලෙසිනි." 

මේ මොන තරම් විකෘති කිරීමක් ද? දුකට හේතුව තණ්හාව වෙයි. අමරතුංග මහතාට බුදුදහම විකෘති කිරීමට සදු වී ඇත්තේ බටහිර විද්‍යාව සමග බුදුදහම සැසඳීමට ය. මිනිසා ස්වභාවධර්මයේ සේවය සඳහා වහලකු බවට පත්කර ඇත්තේ තණ්හාව මගිනියි කියන අමරතුංග මහතා ඒ බව බුදුන් වහන්සේ පිට ද පටවයි. “බුදුරදුන් මේ බව වටහා ගත් සේක. මේ වහල් බවෙන් මුදවා ගන්නා ක්රඑමයක්‌ බුදුන් සොයා ගත් සේක. තෘෂ්ණාව සහ දුක එක ම කාසියේ දෙපැත්ත ය. තෘෂ්ණාව සහ දුක එකිනෙක පෝෂණය කිරීමේ හැකියාව ඇති සේ නිර්මාණය වී ඇත. යම් දෙයක්‌ ලබාගන්නට ඇති තෘෂ්ණාව නිසා ඒ දෙය පසුපස යයි. එය නො ලැබුණු විට දුක ඇති වේ. එවිට ඒ දෙය පසුපස තවත් ලුහුබඳින්නට පෙලඹේ. මේ ලෙස ආශා කරන දේවල් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ මිනිසා නිරන්තර ව යොමු වී ඇත. ඒ මාගින් ඪණං, ූණං, සහ ප්රොීඅටීන් වර්ධනය වන්නේ ය. ස්‌වභාවධර්මයට අවශ්යව එය වන්නේ ය. මිනිසා තෘෂ්ණාව නිසා දුකින් සිටීම පිළිබඳව ස්‌වභාවධර්මය කම්පා වන්නේ නැත. අවශ්යණ සේවය සිදු වීම පමණි එහි වුවමනාව. බුදුරදුන් තෘෂ්ණාව නමැති වහල් භාවයෙන් මිදෙන මාර්ගය පෙන්වා දුන් සේක.” අමරතුංග මහතාට නිර්මාණශීලීත්වයක් නැත. එහෙත් එපමණින් ඒ මහතා බුදුදහම විකෘති කළ යුතු නො වේ. 

අමරතුංග මහතාට කෙතෙක් කීව ද ඔහු වත්මන් බටහිර ගණිතය හා පැරණි ගණිත අතර වෙනස අවබෝධ කර නො ගනියි. ඔහුට ඒ සඳහා හැකියාවක් ද නැත. එයට හේතුව ඔහු වියුක්තය යනු කුමක් දැයි නො දැනීම ය. අමරතුංග මහතා මෙසේ කියයි. “බැබිලෝනියානු විද්යාරඥයන් නව සොයාගැනීම් අති විශාල සංඛ්යාදවක්‌ සිදු කොට ඇත. ඔවුනට සූර්ය සහ චන්ද්රනග්ර හණය පිළිබඳ අනාවැකි පළ කිරීමේ හැකියාව තිබිණි. මේ සඳහා හොඳ ගණිතාවබෝධයක්‌ තිබිය යුතු ය. ඔවුහු පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බව විශ්වාස කළෝ ය. ලෝකයේ බොහෝ පැරැණි රටවල තාරකා විද්යානව පදනම් වී ඇත්තේ බැබිලෝනියානු තාරකා විද්යාර දර්ශනය මත ය.”

අමරතුංග මහතා නොදන්නා කරුණක් නම් බැබිලෝනියානු තාරකා විද්‍යාව යන්න ඔවුන්ගේ ගණිතය සමග බැඳීච තිබුණු සංයුක්ත දැනුමක් වූ බවත් එකල ගණිත සංයුක්ත ගණිත වූ බවත් ය. වෛදීක ගණිතය සූත්‍රවලට සීමාවිය. එහි සාධාරණීකරණයක් නො වී ය. වෛදිකයෝ පෛතගරස් ප්‍රමේයය දැන සිටියේ සාධාරණ ප්‍රමේයයක් ලෙස නොව ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණවලට අදාළ සූත්‍ර ලෙස ය. ඔවුන්ට පෛතගරස් ප්‍රමේයයේ සාධාරණ සාධනයක් නො වී ය. ඕනෑම සෘජු කෝණී ත්‍රිකෝණයකට අදාළ පෛතගරස් ප්‍රමේයයක් ගැන වෛදිකයෝ දැන නො සිටියහ. බැබිලෝනියාවට නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණය නොතිබුණු බවත් ඔවුන්ට පෘථිවියේ චලනය නිර්ප්‍රවාද දැනුමක් වූ පමණක් බවත් අමරතුංග මහතාට මේ භවයේ දී නම් දැනගැනීමට නොහැකි වනු ඇත. 

අමරතුංග මහතා කියන දේ පහත සඳහන් ඡෙදයෙහි සාරංශකර ඇත. මා පවසා ඇත්තේ මේ ශිෂ්ටාචාරවල තිබූ විද්යාගව විශේෂයෙන් එහි ක්රඡමවේදය එකක්‌ ම වූ බව ය. ඉන්ද්රිලය පද්ධතියෙන් සහ මොළයෙන් සිදු කළ හැකි නිරීක්‌ෂණය පරීක්‌ෂණය සහ නිගමනය එම ක්රැමවේදය විය. මීට වෙනස්‌ වූ ක්රහමවේදයක්‌ ඇති විද්යාිවක්‌ ඇති බව කිසිවකු පෙන්වා දී නැත. මේ ක්රිමවේදය වර්ධනය කිරීමේ හැකියාව පමණි ස්‌වභාවධර්මය මිනිසාට ලබා දී ඇත්තේ. ඇස්‌, කණ, නාසය, දිව සහ ස්‌පර්ශය මේ ඉන්ද්රිසය වන්නේ ය. මොළය මේවායින් ලබා ගන්නා දැනුම විශ්ලේෂණය කොට ඒවා ඔප්පු කරගන්නට අවශ්ය  පර්යේෂණ නිර්මානය කොට ඒවා ක්රිායාවට යොදවා ලැබෙන නිරීක්‌ෂණ භාවිත කොට නිගමනයකට පැමිණේ. විද්යානත්මක ක්රමමවේදය කොතැනත් කවදත් මෙය විය. වෙන ක්රගමවේදයක්‌ තිබිය නොහැකි ය. එවැනි වෙනස්‌ වූ ක්රේමවේදයක්‌ තිබෙන බවට සාක්‌ෂි කිසිවකු ඉදිරිපත් කොට නැත.”

මෙය ඊනියා බටහිර විද්‍යාව නො වේ. ඇතැම් පැරුන්නන් දැනුම ලබාගෙන ඇත්තේ එලෙස ය. එහෙත් එය බුදුන්වහන්සේගේ ආර්යපර්යේෂණය නො වී ය. ඒ අනුව අමරතුංග මහතා කියන පරිදි බුදුදහම විද්‍යාව සමග සැසඳීයනො හැකි ය. අනෙක් අතට වත්මන් බටහිර විිද්‍යාවේ මේ සියල්ලට වඩා වියුක්ත ප්‍රවාද ඇත. එහි ඇත්තේ වෙනස් ම කතාවකි. අද බටහිර භෞතික විද්‍යාව ඊනියා පරයේෂණ ඉක්මවා යන තැනකට පත් වී ඇත. පසුගිය දා කැනඩාවේ පැවති සම්මන්ත්‍රණයක දී මේ කරුණ වඩාත් අවධානයට ලක් විණි. අද බටහිර භෞතික විද්‍යාවට පංචෙන්ද්‍රිය අවශ්‍ය නො වේ. සිත දියුණු කර නැති මේ විද්‍යාඥයෝ අද ෙසෙද්ධාන්තික (ප්‍රවාදාත්මක) ලෝකයක අතරමං වී සිටිති.

නලින් ද සිල්වා

2015 ජූලි 29